ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මාර්ගෝපදේශන උපදේශක කමිටුවේ සාමාජිකයන් සහ ඖෂධ සමාගම් අතර මූල්‍ය ප්‍රතිලාභ සහිත සම්බන්ධකම්

අජිත් සී හේරත්

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව හරහා ගෝලීය වශයෙන් දැවැන්ත බලයක් ගොඩ නගා ගැනීමට සමත්ව තිබේ.  එහෙත් ඔවුහු එතැනින් නතරවීමට සුදානම් නැත. ලෝකය පුරා ජනතාවන්ගේ  ශාරිරික අනුල්ලංඝණීයතාව සඳහා ඇති අයිතිය ඇතුළු මානව හිමිකම්ද  සිවිල් සහ දේශපාලන නිදහසද, ජාතික ස්වාධිපත්‍යයද අහෝසි කරමින් ගෝලීය සෞඛ්‍ය ඒකාධිකාරයක් ස්ථපනය කිරීම සඳහා ඔවුහු ඖෂධ සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාරි මාෆියාව, ජාත්‍යන්තර සහ ජාතික රාජ්‍ය නොවන සංවිධාන සහ දූෂිත ජාතික රාජ්‍යවල නායකයන් සමග එක්ව කටයුතු කරති.  මේ වසරේ එනම්  2024 මැයි මස සම්මත කිරීම සඳහා කෙටුම්පත් කර ඇති “ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා සංශෝධන”වල  මෙන්ම නව වසංගත පනතේද අරමුණ එයයි. පසුගිය කොවිඩ්-19 සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරින්  ක්‍රියාත්මක  වූ අත්තනෝමතික සහ දූෂිත ආකාරය සළකා බලන විට ඉහත යෝජිත කෙටුම්පත්වලින් ඔවුන් ලබාගැනීමට අපේක්ෂිත ඒකාධිකාරි බලතල ලබාගැනීමට ඔවුන් සමත්වුවහොත් ලොවපුරා ජනතාවන්ගේ සෞඛ්‍යමය යහපැවැත්මට, මානව අයිතීන්වලට සහ ජාතික ස්වාධිපත්‍යයට එරෙහිව මතුවිය හැකි තර්ජනය  සිතාගැනීමටත් නොහැකි පරිමාණයේ එකක් වනු ඇත.

පසුගිය කොවිඩ්-19 තත්ත්වයට අදාළව  “ජාත්‍යන්තර හදිසි සෞඛ්‍ය අවදානම් තත්ත්වයක්” නැතහොත් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීම යුක්ති සහගත කළ හැකි කිසිදු විද්‍යාත්මක සාධකයක් නොපැවතුණ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය එම ක්‍රියා මාර්ගය අනුගමනය කරන ලද්දේ,

  • “ගෝලීය වසංගත තත්ත්වයක්” හරහා බිලියන සිය ගණන් ලාභ ඉපැයීමට සැලසුම් කර තිබූ ඖෂධ සමාගම්වලත්,
  • වසංගතය මර්දනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගයක් ලෙස හුවාදක්වමින් රටවල් වසා දමමින් ඒවායේ ආර්ථිකයන් විනාශ කරමින් ඒවා සිය ණය උගුලට හසු කර ගැනීමට සැලසුම් කළ ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් සහ බ්ලැක්රොක්, වෑන්ගාර්ඩ්  ජේපී මොර්ගන් ‌චේස් වැනි කොල්ලකාරි මූල්‍ය සමාගම්වලත්,
  • ස්වකීය ජීව විද්‍යාත්මක සහ සංජානන යුද මෙහෙයුම් සමස්ත ලෝක ජනතාව මතම දියත් කරන්නට සැලසුම් කළ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුවට අයත් ආරක්ෂණ උසස් පර්යේෂණ ව්‍යාපෘති ආයතනය වැනි ආයතනවලත්,
  • විවිධ මානව විරෝධී න්‍යාය පත්‍රයන් ක්‍රියාවට නංවමින් සිටින පැසිස්ට්, යුජෙනික්ස් සහ මැල්තුසියන්වාදි සංවිධාන සහ පුද්ගලයන්ගේත් අරමුණු සපුරා ලනු පිණිසය.
    මේ සඳහා මෙම බලවේග විසින් සිය නියෝජිතයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලගතු තනතුරු සහ ව්‍යුහයන් තුළ ස්ථානගත කරවා තිබේ. නැතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින නිලධාරින් වෙත විවිධ බලපෑම් කරමින් හෝ ඔවුන්ට විවිධ වරදාන දෙමින් ඔවුන්ව බිලිබාගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක වන්නේ විවිධ කාර්ය සාධක කමිටු සහ උපදේශක කමිටු වැනි ව්‍යුහයන් හරහාය. ජාත්‍යන්තර හදිසි සෞඛ්‍ය අවදානමක් පැන නැගුණහොත් ඒ සඳහා කටයුතු කිරීමට අදාළ උපදේශන කමිටු වෙයි. මෙහි දැක්වෙන්නේ ගෝලීය වසංගත තත්ත්වයන් ප්‍රකාශ කිරීමට කටයුතු කළ එවැනි උපදේශක කමිටු සාමාජිකයන් සහ ඖෂධ සමාගම් අතර පවත්නා මූල්‍යමය සහ වෙනත් ප්‍රතිලාභ ගනුදෙනු සම්බන්ධකම්වල ආකාරයයි.

1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මාර්ගෝපදේශන උපදේශක කමිටුවේ සාමාජිකයන් සහ ඖෂධ සමාගම් අතර මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධකම්

විශේෂඥයාගේ නම, නියෝජනය කරන ලද ආයතනය සහ රට සබඳතා පැවැත් වූ ඖෂධ සමාගම සහ සබඳතාවේ ස්වරූපය
රෙනේ ස්නැකන් (Rene Snacken)
බෙල්ජියන් සෞඛ්‍ය අමාත්‍යාංශය
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.
1998 වසරේ දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද විවිධ කටයුතුවලට සහභාගි වී ඇත.නොයිරාමිනිඩේස් නිෂේධක( neuraminidase inhibitors) සම්බන්ධ අධ්‍යයනයක් රෝෂ් සමාගම වෙනුවෙන් ලියන ලදි. රෝෂ් සමාගමේ ගෙවීම් ලබන උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතරම එම සමාගමේ නිෂ්පාදනයක් වූ ඔසෙල්ටමිවිර් අනුමත කිරීම සඳහා යුරෝපා ඖෂධ එජන්සියේ පැවැති නිල කමිටු රැස්වීම්වලට සහභාගි වී තිබේ
ඩානියෙල් ලවාන්චි (D Lavanchy)
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි
1998 වසරේ දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද කටයුතුවලට සහභාගි වී ඇත. ලවාන්චි 1998 දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද සම්භාෂණයකට සහභාගි වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් ආසාදන රෝග සම්බන්ධ අංශයේ සේවය කරමින් සිටියේය.
මහාචාර්ය කාල් නිකොල්සන්(Karl Nicholson)
බ්‍රිතාන්‍යයේ ලයිසෙස්ටර් විශ්ව විද්‍යාලය
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනයේ “ ඉන්ෆ්ලුවන්සා වසංගතය ” නම් තුන්වන ඇමිණුම් ලේඛනය ලියා ඇත්තේ මොහු විසිනි.
රෝෂ් සමාගම විසින් 1998-2000 අතර කාලයේ පළ කරන ලද අලෙවි ප්‍රවර්ධක ප්‍රචාරක පත්‍රිකාවල නිකොල්සන්ගේ නම් ගම්ද සඳහන්ය. උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතරම රෝෂ් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද ඔසෙල්ටාමිවිර් ඖෂධය පිළිබඳ අහඹු පාලිත පර්යේෂණවලට සහභාගි වී ඇත. මෙම උපදේශක කමිටුව විසින් සකස් කරන ලද මාර්ගෝපදේශනය පිළිපදිමින් ලෝකයේ බොහෝ රටවල් ඩොලර් බිලියන ගණන් රෝෂ් සමාගමට ගෙවමින් මෙම ඔසෙල්ටමිවිර් ඖෂධ මිලදී ගෙන ඇත. රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද පෙණහලු ආශ්‍රිත රෝග සම්බන්ධ සම්භාෂණයන්ට සහභාගිවීම සඳහාද උපදේශන කටයුතු සඳහාද එම සමාගමෙන් මුදල් ලබා ඇත. මෙයට අමතරව ඔහු ග්ලැක්සෝස් ස්මිත් කලයින් සමාගම ව්යෙත් (Wyeth), ෂිරොන්( Chiron) සහ බර්නා බයෝටෙක් (Berna Biotech) යන ඖෂධ සමාගම්වලින් උපදේශන කටයුතු සඳහා දීමනා ලබා තිබේ.
මහාචාර්ය අබේ ඔස්ටර්හවුස් (Abe Osterhaus)
නෙදර්ලන්තයේ ඉරාස්මුස් විශ්ව විද්‍යාලය
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.
මොහුගේ නමද රෝෂ් සමාගම විසින් 1998-2000 අතර කාලයේ පළ කරන ලද අලෙවි ප්‍රවර්ධක ප්‍රචාරක පත්‍රිකාවල සඳහන්ය.මොහු ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සුදානම් සැලසුම ලේඛනයට දායක වන විට රෝෂ් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද ඔසෙල්ටාමිවිර් ඖෂධය පිළිබඳ අහඹු පාලිත පර්යේෂණවලට සහභාගි වී ඇත ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2009 ඌරු උණ වසංගත උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ඔස්ටර්හවුස් 1999 දී මෙම ඔසෙල්ටමිවිර්හි අඩංගු සංයෝගයක් වන නොයිරාමිනිඩේස් නිෂේධක( neuraminidase inhibitors) වල ඖෂධීය ගුණය වර්ණනා කරමින් වසංගතයට එරෙහිව ඒවා යොදාගැනීමට යෝජනා කරමින් ලිපියක් ලියන ලදි. මෙය වක්‍රව එම ඖෂධයේ අලෙවිය සඳහා ප්‍රචාරයක් ලබාදීමක් විය.
අනික ලින්ඩා (Annike Linde)
ESWI කණ්ඩායමේ සාමාජිකාවකි
වෛද්‍ය අනික ලින්ඩා ස්වීඩන් රජයේ වසංගතවේදිනියක් ලෙස සේවය කර තිබේ.
රෝෂ් ඖෂධ සමාගම සඳහා දේශනා සහ උපදේශන සේවා ලබා දෙමින් ඒ වෙතින් ගෙවීම් ලබා ඇත.
ඇය වසර 2002 දක්වා රෝෂ් සමාගම වෙනුවෙන් සිදු කරන ලද විවිධ කාර්යභාරයන් වෙනුවෙන් ඒ සමාගම වෙතින් ගෙවීම් ලද බව පිළිගෙන තිබේ.‍
බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය නීල් ෆර්ගසන් (Neil Ferguson)
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.
ඔහු මෙම උපදේශක කමිටුවේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද අතර රෝෂ්, ග්ලැක්සෝස්මිත් ක්ලයින් බයොලොජිකල්ස් යන සමාගම්වල උපදේශකයෙකු ලෙස ද 2007 දක්වා කටයුතු කර ඇත. මෙම ඌරු උණ පිළිබඳව මෙන්ම කොවිඩ්-19 ව්‍යාප්තවන ශීඝ්‍රතාව පිළිබඳව සංඛ්‍යා විද්‍යාත්මක ආකෘතින් නිර්මාණය කළේ ඔහු විසිනි. ඌරු උණ මගින් මිලියන ගණන් ජනතාව මිය යනු ඇතැයි භීෂණය පදනම් වූයේ ඔහුගේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන මතය.
මහාචාර්ය ෆ්‍රෙඩ් හයිඩන් (Fred Hyden) රෝෂ් සමාගම සහ ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගම සඳහා දේශන පැවැත්වීම සහ උපදේශන කටයුතු සිදුකර ඇති අතර ඒ වෙනුවෙන් ගෙවීම් ලබා තිබේ. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රති වෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය-2004 “ නම් ලේඛනය සකස් කිරීම සඳහා දායක වෙමින් සිටි කාලය තුළ දී ද රෝෂ් සමාගම සඳහා දේශන පැවැත්වීම සහ උපදේශන කටයුතු සිදු කර ඇති අතර ඒ වෙනුවෙන් ගෙවීම් ලබා තිබේ.
2003 වසරේදී මහාචාර්ය හයිඩන් විසින් රෝෂ් සමාගමේ අනුග්‍රහයෙන් සිදුකරන ලද අධ්‍යයන වාර්තාවක් පළ කර තිබේ. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ රෝෂ් සමාගමේ නිෂ්පාදනයක් වන ඔසෙල්ටමිවිර් ඖෂධය සම්බන්ධයෙනි. එම ඖෂධය භාවිතා කිරීම මගින් රෝහල් ගත වීම් 60% කින් අඩු වූ බව එම අධ්‍යයන පත්‍රිකාවේ දැක්වේ. පසුව එම ඖෂධය අලෙවි කිරීමේ ප්‍රචාරක කටයුතුවලදී මෙම කරුණ උපරිම වශයෙන් භාවිතා කරන ලදි.
මහාචාර්ය මාරියා සැම්බොන් (Maria Zambon)
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ පවත්වාගෙන ගිය ඇගේ විද්‍යාගාරයේ කටයුතු සඳහා ඇය එන්නත් නිපදවන සමාගම් වන සනෝෆි, නොවාටිස්, බක්ස්ටර්,ග්ලැක්සෝස්මිත් ක්ලයින් සහ CSL යන සමාගම්වලින් මූල්‍යාධාර ලබාගෙන ඇත.
ජෝන් වුඩ් (John Wood)        ජීව විද්‍යාත්මක ප්‍රමිතීන් සහ පාලනය පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික ආයතනය ජීව විද්‍යාත්මක ප්‍රමිතීන් සහ පාලනය පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික ආයතනය යටතේ ක්‍රියාත්මක වූ යටතේ ජෝන්වුඩ්ගේ පර්යේෂණ කණ්ඩායම විසින් සනොෆි පාස්ටොයර්, නොවාටිස්,පවුඩර්මෙඩ්, CSL සහ IFPMA,යන ඖෂධ සමාගම්වල ඉන්ෆලුවන්සා එන්නත් සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදු කර තිබේ.
මහාචාර්ය ආර්නොල්ඩ් මොන්ටෝ ( Arnold Monto)
එක්සත් ජනපදය
ඔහු ඉන්ෆලුවන්සා වසංගත හෝ වාර්ෂික සෙම්ප්‍රතිෂ්‍යා උණ සම්බන්ධව පර්යේෂණ සඳහා ග්ලැක්සෝස් ස්මිත් ක්ලයින්, නොවාතිස්, රෝෂ්, බක්ස්ටර් (Baxter) , සහ සනොෆි පාස්ටොයර් (Sanofi Pasteur) යන ඖෂධ සමගම් වල උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ. 2007-2008 අතර කාලය තුළ ඉන්ෆ්ලුවන්සා වෛරස් එන්නත සඳහා සායනික පර්යේෂණ කටයුතුවලට සහභාගිවීම වෙනුවෙන් සනොෆි ඖෂධ සමාගමෙන් මුදල් ලබාගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනය සඳහා ආර්නොල්ඩ් මොන්ටෝ විසින් සකස් කරන ලද ඇමිණුම් ලේඛනය මගින් වසංගත කාලය තුළ එන්නත් භාවිතා කළ යුතු ආකාරය ගැන විස්තර කරයි. මෙම කාලය තුළ ඔහු උපදේශක දීමනා, ගරු දීමනා, පර්යේෂණ කටයුතු සඳහාමූල්‍යාධාර ආදිය රෝෂ් සමාගමෙන් ලබාගෙන තිබේ. එමෙන්ම ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගමෙන් උපදේශක දීමනා සහ පර්යේෂණ කටයුතු සඳහාමූල්‍යාධාර ලබාගෙන තිබේ. එමෙන්ම විරෝෆාර්මා ( ViroPharma) පර්යේෂණ අරමුදල් ලබාගෙන ඇත.
2009 වසරේ දී එක්සත් ජනපදයේ ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද තොරතුරු අනුව 2009 වසරේ දෙවන සහ අවසාන කාර්තුව අතර දේශක ගාස්තු වශයෙන් මහාචාර්ය මොන්ටෝ ඩොලර් 3000ක් එම සමාගම වෙතින් ලබාගෙන තිබේ.
නැන්සි කොක්ස් (Nancy Cox)
එක්සත් ජනපදයේ බෝවෙන රෝග පාලන මධ්‍යස්ථානය ( Center for Disease Control)
ඇය ඉන්ෆ්ලුවන්සා උණ සම්බන්ධව එන්නත් පිළිබඳ ඖෂධ නිෂ්පාදනය කරන සහ පරීක්ෂණ කරන ඖෂධ නිෂ්පාදකයන්ගේ සහ සම්මේලනයන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණයට (International Federation of Pharmaceutical Manufacturers and Associations – IFPMA))සම්බන්ධව කටයුතු කරමින් ඒවායෙන් මුදල් ලබාගෙන ඇත.

ලෝක ‌සෞඛ්‍ය සංවිධානයේ 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සකස් කරන ලද්දේ ද ඖෂධ සමාගම් සමග සම්බන්ධකම් පවත්වන  මෙවැනි මාර්ගෝපදේකයන්ගෙන් සමන්විත කමිටු මගිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සඳහා සුදානම්වීමේ සැලසුම අයත්වන්නේ ද මෙම ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි යටතටය.

2. මෙම ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි මගින් ඖෂධ සමාගම්වල කොල්ලකාරි ව්‍යාපාරික අරමුණු ඉටුකිරීමේ යාන්ත්‍රණය කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සඳහා සුදානම්වීමේ සැලසුම පිළිගෙන අදාළ ගිවිසුම්වලට අත්සන් තබන ලද  රටවල්
” වසංගත තත්ත්වයකදී”  එම සංවිධානයේ මගපෙන්වීම සහ නිර්දේශ පිළිපැදීමට ‌බැඳී සිටියි. එම මාර්ගෝපදේශනයේ එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ වසංගතයක් ඇතිවීම පිළිබඳ කිසිදු සළකුණක් පවා නැති තත්ත්වයකදී වුව  “හදිසි වසංගත අවස්ථාවක් ” සඳහා  අදාළ රටට අවශ්‍ය වෙතැයි  මෙම මාර්ගෝපදේශන කමිටුව විසින් නිර්දේශ කරනු ලබන  එන්නත් ඇතුළු වෙනත් ඖෂධ සහ උපකරණ කට්ටල” කල්තබා ඇණවුම් කරමින් ඖෂධ සමාගම් සමග ගිවිසුම් ඇති කරගත යුතුය යන්නයි.මෙම ගිවිසුම ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගත තත්ත්වයක් එනම් (වසංගතඅවධි 6) ප්‍රකාශ කළ විට වහාම ස්වයංක්‍රීයවම බලාත්මක වේ- එවිට එම ගිවිසුමට අත්සන් කළ ආණ්ඩු විසින් තමන් ඇණවුම් කළ සියලු දේ එනම් එන්නත් ඇතුළු වෙනත් ඖෂධ, ටෙස්ට් කට්ටල
ඇතුළු වෙනත් උපකරණ සඳහා පවත්නා වෙළඳපොළ මිල ගණන්වලට අනුව ඖෂධ සමාගම්වලට මුදල් ගෙවිය යුතු අතර ඖෂධ සමාගම් වහාම එම ඇණවුම් අදාළ රටට භාර දෙනු ඇත- බැලූ බැල්මට ඉතා පැහැදිලි කාර්යක්ෂම වසංගත මර්දන වැඩපිළිවෙළක් ලෙස පෙනී ගියද මෙම වැඩ පිළිවෙළ යටතේ ඇත්තෙන්ම සිදුව ඇත්තේ ලෝක ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් ඖෂධ සමාගම් වලට
දැවැන්ත ලාභයක් උපයාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවස්ථාව සලසා දීමය.

මෙහි දී සිදුවන ඉතා පැහැදිලි දූෂණය සහ වංචාව වන්නේ ඉහත වසංගත මාර්ගෝප දේශනයන් සකස් කරනු ලබන්නේත්, පසුව හදිසි වසංගත තත්ත්වයන් ප්‍රකාශ කරනු ලබන්නේත් ‌ඖෂධ සමාගම්වලින් පැහැදිලි මූල්‍ය ප්‍රතිලාභයන් ලබන ‌ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊනියා වසංගත මර්දන විශේෂඥයන්ම විසින්ම වීමය.

3. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශන කමිටු විසින් ඖෂධ සමාගම්වලට වාසි සැලසීමට වසංගත පිළිබඳ  එතෙක් පැවැති නිර්වචනය කූඨ ලෙස විකෘතිකිරීම

2009  ඊනියා ඌරු උණ වසංගතය  ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තම මාර්ගෝපදේශන කමිටු සාමාජිකයන් හරහා ඖෂධ සමාගම්වලට මුදල් ගරාගැනීම සඳහා දියත් කළ මහා ප්‍රෝඩාවක් විය.  එම ප්‍රෝඩාව සාර්ථක කරගනු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගත තත්ත්වයක් පිළිබඳ එතෙක් තමන් නිල වශයෙන් පිළිගෙන තිබූ නිර්වචනය පවා හෙමින් සීරුවේම 2009 මැය මාසයේදී වෙනස් කර ඇත්තේ කිසිදු පැහැදිලි කිරීමකින් පවා තොරවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර දශක ගණනාවක් තිස්සේ වසංගතයක් පිළිබඳව පිළිගත් නිල නිර්වචනයට අනුව “ අති විශාල මරණ සංඛ්‍යාවක් සිදු කිරීමටත් පුද්ගලයන් අතිවිශාල සංඛ්‍යාවක් ආසාදනයට පත් කිරීමටත් හේතුවන බෝ වෙන රෝගයක ක්ෂණික ව්‍යාප්තිය ” යනුවෙනි. 2009 මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නිර්වචනය තුළ වූ “ මරණ සංඛ්‍යාව ” නම් සාධකය රහසේම ඉවත් කරනු ලැබිණි. එමගින් වසංගතයක් අර්ථකතනය කිරීමට එමගින් අති විශාල මරණ සංඛ්‍යාවක් මගින් ප්‍රකාශනය වන රෝගයේ බරපතල කම පිලිබඳව සාධකය තවදුරටත් ගණන් ගැනෙන්නේ නැත. මේ අනුව වාර්ෂික සෙම්ප්‍රතිෂ්‍යා උණ වාරයද වසංගතයක් ලෙස සැළකෙනු ඇත. සත්තකින්ම බොහෝ වසංගත විශේෂඥයන් “වසංගත තත්ත්වයක් ” යන්න යොදාගන්නේ ඉතා ආක්‍රමණශීලි මාරාන්තික වෛරසයක් සඳහාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ අඩු තරමින් 2009 මැයි 4 වැනි දින දක්වා තිබූ අර්ථකතනය අනුව එය එසේ විය.” එහි වසංගතයක් යනු කුමක්ද?” යන ප්‍රශ්නය යටතේ වසංගතයක් කුමක්දැයි නිර්වචනය කර තිබිණි. එම නිර්වචනය අනුව “වසංගතයක් යනු මරණ අතිවිශාල සංඛ්‍යාවක් සිදු කිරීමටත් සහ පුද්ගලයන් අති විශාල සංඛ්‍යාවක් රෝගීන් බවට පත් කිරීමටත් බලපාන තත්ත්වයකි. ” පසුව CNN වාර්තාකරුවෙකු විසින් මෙම නිර්වචනය සහ මාරාන්තික නොවන මෘදු රෝග ලක්ෂණ සහිත ඌරු උණ රෝගය වසංගතයක් ලෙස නම් කිරීම අතර පවතින පරස්පරතාව පිළිබඳව වසංගත විද්‍යාඥයන්ගේ අවධානයට යොමු කරන ලදි. එවිට ලෝක සෞඛ්‍ය සංවිධානය කළේ තම වරද පිළිගෙන තමන් විසින් ප්‍රකාශයට පත්කළ ව්‍යාජ වසංගත තත්ත්වය ඉවත් කර ලෝක ජනතාවගෙන් සමාව ඉල්ලීම නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ පැවැති ඉහත නිර්වචනය වහාම මකා දැමීමය. එය සිදු වූයේ 2009 මැයි මස 04 වැනි දාය. 2020 දී කොවිඩ්-19 වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යොදාගත්තේ මෙම වංචනික ලෙස විකෘති කරන ලද නිර්වචනයයි.

2022 ඔක්තෝබර්  මස 26 වැනි දින“ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඖෂධ සමාගම් එක්ව දියත් කළ 2009 ඌරු උණ වසංගත ප්‍රෝඩාව”  මැයෙන් විමර්ශන වෙබ් අඩවියේ පළවූ ලිපිය කියවන්න

4. සාමූහික ප්‍රතිශක්තිය ලබාගත හැකි ක්‍රම පිළිබඳ නිර්වචනයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය ඉවත් කිරීම

යම් ප්‍රජාවක් ආසාදක රෝගයකට එරෙහිව  සාමූහික  ප්‍රතිශක්තිය ලබාගැනීමේදී ස්වාභාවික ප්‍රතිශක්තිය විසින් සිදුකරන අතිශයින් වැදගත් කාර්යභාරය පිළිබඳ තොරතුරු සැලසුම් සහගතව වසං කිරීමට මෙම මාර්ගෝපදේශන කමිටු ඊනියා කොවිඩ්-19 වසංගත කාලයේදී ක්‍රියා කොට ඇත.

සාමූහික ප්‍රතිශක්තිය පිළිබඳව එතෙක් ජාත්‍යන්තර පිළිගත් අර්ථකතනයේ එය ලබාගත හැකි ක්‍රම 2ක් දක්වා තිබිණි. එකක් ස්වාභාවික ප්‍රතිශක්තියයි. අනෙක එන්නත්කරණය මගින් ලබාගනු ලබන ප්‍රතිශක්තියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අර්ථකතනයේ ස්වාභාවික ප්‍රතිශක්තිය යන සාධකය ඉවත් කර දැමිණි. එමගින් කොවිඩ්-19 සඳහා සාමූහික ප්‍රතිශක්තිය යම් සමාජයකට ලබාගත හැකි එකම මග එන්නත් ලබාගැනීම බව අඟවන ලදි. මෙය පැහැදිලිවම ඖෂධ සමාගම්වල අවශ්‍යතාව අනුව සිදු කරන ලද්දක් විය.

5. රෝග ලක්ෂණ ‌රහිත ආසාදිත පුද්ගලයන් විසින් කොවිඩ්-19 ව්‍යාප්ත කරන බවට මතයක් සමාජගත කිරීම

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඖෂධ සමාගම් එක්ව දියත් කළ 2009  ඌරු උණ වසංගත කුමන්ත්‍රණය  කෙටි කලක් තුළ අසාර්ථක වූයේ  ඔවුන් විසින් අනතුරු අඟවන ලද මට්ටමේ මිලියන ගණන් ආසාදිතයන් හෝ මරණ සංඛ්‍යාවක් ලොව පුරා සිදු නොවූ බවට ජනතාව වටහාගත් හෙයිනි. එහෙයින් කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාවේදී මෙම “අසාර්ථක වීම් වළක්වාලීමට අවශ්‍ය ප්‍රතිකර්ම” ද කල් තබාම ඔවුන් විසින් කල්තබාම සැලසුම්  කර තිබිණි.  ඉන් එකක් නම්  යමෙකු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ වුව ද ඔහු හෝ ඇය කොවිඩ්-19 රෝගියෙකු විය හැකි බවත් ඒ නිසා එවැන්නන් නිශ්චිතව කොවිඩ්-19 ‌රෝගින්ද යන්න හඳුනා ගැනීමට RT-PCR පරීක්ෂණය යොදාගත යුතු බවත් නිර්දේශ කිරීමය. කොවිඩ්-19 ඔවුන් පවසන තරම් බිහිසුණු රෝගයක් නම් එයින් ආසාදනය වූවන් හඳුනා ගැනීමට තරම්වත් රෝග ලක්ෂණ මතුකිරීමට  එය සමත් නොවන්නේ මන්ද සහ යන්න යන ප්‍රශ්නය ඇසීමට තරම් විචාර බුද්ධියක්  භීතියට පත් කරන ලද සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනා සතුව නොපැවැතිණි.

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් විසින් පවා කොවිඩ්-19  ආසාදනය පතුරුවන බවට  කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයකින් නිශ්චිතව තහවුරු කිරීමට මේ දක්වා අසමත්ව ඇති බොරුවක් පතුරුවා හැරීමට ” ප්‍රෝඩාකාරි වසංගත භීෂණය පිටුපස සිටි කණ්ඩායම් කටයුතු කරන ලද අතර  එමගින් සාමාන්‍ය ජනතාව බියගන්වමින් ඔවුහු තම අසල්වැසියන්, නැදෑ හිතමිතුරන්, වෘත්තීය සගයන් කොවිඩ්-19 ආසාදිතයන්යැයි සැක කරමින් ඔවුන්ට විරුද්ධව රාජ්‍ය කොවිඩ්-19 මර්දන යන්ත්‍රයට ඔත්තු සපයන තත්ත්වයට පිරිහෙළීමට කටයුතු කරන ලදි.

‌ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගන්නා ලද වංචනික ක්‍රියාමාර්ගය සාධාරණී කිරීමට අවශ්‍ය  රෝගීන් සංඛ්‍යාව ඔවුන් ලබාගත්තේ  නිරෝගී පුද්ගලයන් සහ ඉන්ෆ්ලුවන්සා රෝගීන් කොවිඩ්-19 රෝගීන් ලෙස නම් කිරීමට RT-PCR පරීක්ෂණය යොදාගැනීම මගිිිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එහි වසංගත උපදේශකයන් මෙම භීෂණය ව්‍යාප්ත කිරීම සඳහා සක්‍රිය දායකත්වයක් දක්වන ලද්දේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ද ආසාදිතයන් ලෙස නම් කිරීම සඳහා වංචනික  RT-PCR පරීක්ෂණය යොදාගැනීමට ඔවුන් ඒ් වනවිටත් සැලසුම් කර තිබූ බැවිනි.

කොවිඩ්-19 ආසාදිතයන් රෝග ලක්ෂණ මගින් “හඳුනාගත නොහැකි නම්” ඒ සඳහා කිසියම් පරීක්ෂණයක් කළ යුතුව ඇති බවත් එය RT-PCR පරීක්ෂණය බවත් ජනතාවන්ට ඒත්තුගැන්වීමට ඔවුහු සමත්වූහ.

2020 මාර්තු මාසයේදී ජීනිවාහිදී පැවැත්වුණු පුවත් සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසුස් මෙසේ පැවසීය
“ලෝකයේ සියලු රටවලට දීමට පණිවිඩයක් අපට තිබේ. එනම් ටෙස්ට්, ටෙස්ට්, ටෙස්ට් යන්නයි. සියලු රටවල් සැක සහිත පුද්ගලයන් පරීක්ෂාවට ලක් කළ යුතුය. ඇස් දෙක වසාගෙන මෙම වසංගතය හා සටන් කළ නොහැකිය.“
මෙම පුවත් සාකච්ඡාවේදී ඔහු ඖෂධ සමාගම්වලට විශාලවශයෙන් PCR ටෙස්ට් කට්ටල නිපදවන ලෙස ආයාචනා කළේය.
ඔහුගේ මෙම “ටෙස්ට්, ටෙස්ට්, ටෙස්ට් සහ ටෙස්ට්“ මන්ත්‍රය ඉන් පසුව යුරෝපයේත් ඇමෙරිකාවේත් රාජ්‍ය නායකයන් සහ වසංගත රෝග මර්දන ආයතන වල ප්‍රධානීන් උදේ හවා ජප කරන්නට පටනු ගනු ලැබිණි. මෙම RT-PCR පරීක්ෂණ කට්ටල නිපදවන ඖෂධ සමාගම් වල ලාභ අනුපාතයන් යුරෝ හෝ ඩොලර් බිලියන ගණනින් ඉහළ යද්දී එම ටෙස්ට් කට්ටල වලින් පරීක්ෂාවට ලක් කරනු ලැබ කොරෝනා ආසාදිතයන් ලෙස නම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව මාස කීපයක් තුළ මිලියන ගණනින් ඉහල ගියේය. 2020 ජනවාරි මාසයේ 22 වැනි දින ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් 987ක් හඳුනා ගන්නා ලදි. එම මාසයේම 30 වැනි දින RT-PCR මගින් දෛනිකව අසාදිතයන් ලෙස හඳුනාගන්නා ලද සංඛ්‍යාව 1286ක් විය.
ලෝකය පුරා පවත්වන ලද RT-PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යාමට සාපේක්ෂව කොරෝනා ආසාදිතයන් යැයි නම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව ද ඉහළ ගියේය. උදාහරණ කීපයක් පහත දැක්වේ.
2020 ජූනි 19 – 185,107
2020 ඔක් 7 – 352,183
2020 නොවැ 6 – 631,935
2020 දෙසැ 16 – 727,966
2020 දෙසැ 31 – 761,077
2021 අප්‍රේල් 23-901,979

කෙසේ වුවද ලොව පුරා ස්වාධීන වෛද්‍ය විද්‍යාඥයන් රැසක් විසින්  කොවිඩ්-19  ආසාදනය පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයන් ගණනාවක් මගින් සනාථ කර තිබුණේ රෝග ලක්ෂණ රහිත පුද්ගලයන්ගෙන් කොවිඩ්-19 ආසාදනය වීම් පිළිබඳව කිසිදු නිශ්චිත සාක්ෂියක් නොමැති බවය. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගලක්ෂණ රහිත පුද්ගලයන්ගෙන් කොවිඩ්-19 ආසාදනය සිදුවන්නේ යැයි යන මතය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව දැඩි විරෝධයක් මතුවෙමින් පැවැතිණි.

මේ හේතුවෙන් 2020 ජූනි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක වන මාරියා වෑන් කාර්කොව්ට ” ‌රෝග ලක්ෂණ රහිත පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්තවීම සිදුවන්නේ ඉතා විරල වශයෙනි” යි ප්‍රකාශ කිරීමට සිදුවිය.

6. රෝග ලක්ෂණ නොපෙන්වන නිරෝගී පුද්ගලයන් කොවිඩ් 19 ආසාදිතයන් යැයි ලේබල් කිරීමට දෝෂ සහගත ප්‍රෝඩාකාරි පීසීආර් පරීක්ෂණය කුමන්ත්‍රණකාරි ලෙස රහසිගතව අනුමත කිරීම

යමෙකු SARS-CoV-2 වෛරසය නැතහොත් කොරෝනා වෛරසය මගින් ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ලොව පුරා යොදා ගනු ලබන පරීක්ෂණය PCR පරීක්ෂණය නමින් හැඳින්වේ. 

කොර්මන්-ඩ්‍රෝස්ටන් කණ්ඩායම  SARS-CoV-2 වෛරසය හඳුනාගැනීම සඳහා සැලසුම් කරන ලද සිය  පරීක්ෂණයේ ප්‍රොටොකෝලය  යුරෝසර්වේලන්ස් ජර්නලය වෙත ප්‍රතිවිමර්ශනය (peer-review) සඳහා බාර දී ඇත්තේ 2020 ජනවාරි    21 වැනි දාය. යුරෝසර්වේලන්ස් ජර්නලය විසින් එය ප්‍රසිද්ධ කිරීමසඳහා අනුමැතිය දී ඇත්තේ 2020 ජනවාරි 22 වැනිදාය. එනම් පැය 24ක් වැනි කෙටිකාලයක් තුළ එයට අනුමැතිය හිමිව තිබේ. එය තරමක් අමුතු දෙයක් වන අතර ඊටත් වඩා පුදුම සහගත දෙය වන්නේ කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව ප්‍රතිවිමර්ශනයක් සඳහා යුරෝසර්වේලන්ස් වෙත භාරදීමට දින 08කට ‌ පෙර  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය අනුමත කර සිය වෙබ් අඩවිය තුළ  2020 ජනවාරි 13 වැනිදා පළ කර තිබීමය.  ලොව පුරා බිලියන ගණන් ජනයාගේ ජීවිතවලට බලපාන වසංගතයක් හඳුනාගැනීම සඳහා එම වසංගතයට හේතුවන වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණය මෙතරම් කඩිමුඩියේ කිසිදු ප්‍රතිවිමර්ශණයක් පවා සිදු නොකර අනුමත කිරීමට යුරෝසර්වෙලන්ස් ජර්නලය පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයත් කටයුතු කර ඇත්තේ මන්ද?

2021 ජූනි මස 19 වැනි දින “RT-PCR පරීක්ෂණයේ දෝෂ 10ක් – බාහිර විමර්ශන කණ්ඩායමක් පෙන්වා දෙති ” යන මැයෙන් විමර්ශන වෙබ් අඩවියේ පළවූ ලිපිය කියවන්න

7. කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අතිශයෝක්තියෙන් ඉහළ නංවමින් ජනතාව අතර භීෂණය වැපිරීම සඳහා එතෙක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබූ මරණ සහතික නිකුත් කිරීමේ විද්‍යාත්මක විධික්‍රමයට පටහැනි වංචනික මාර්ගෝපදේශනයක් කොවිඩ්-19 මරණ වාර්තා කිරීම සඳහා ලෝකයේ සියලු රටවල් වෙත නිකුත් කිරීම.

ඊනියා කොවිඩ් 19 වසංගතයේ බිහිසුණු බව මවා පෑමට වෙනත් රෝගවලින් මිය යන පුද්ගලයන් පවා කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් ලෙස නම් කිරීමට මරණ සහ ඒවාට බලපාන ලද හේතුන් වාර්තා කිරීම පිළිබඳ එතෙක් පැවැති ජාත්‍යන්තර රීතින් වලට පටහැනිව අනිවාර්යෙන්ම අනුගමන කළ යුතු බව පවසමින් නව මාර්ගෝපදේශන රෙගුාසි 2020 අප්‍රේල් මස 16 වැනි දින නිකුත් කරන ලදි. (INTERNATIONAL GUIDELINES FOR CERTIFICATION AND CLASSIFICATION (CODING) OF COVID-19 AS CAUSE OF DEATH) ඒ මගින් වෙනත් රෝගවලින් මරණයට පත් වූ පුද්ගලයන් අති විශාල සංඛ්‍යාවක් කොවිඩ් මරණ ලෙස නම් කරමින් ඔවුන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසාන කටයුතු කිරීමේ අවස්ථාව පවා අහිමි කර දැමිණි.

2021 ජූනි මස 30 වැනි දින ” කොවිඩ්-19 මරණ වාර්තා කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාවද්‍ය මාර්ගෝපදේශනය”යන මැයෙන් විමර්ශන වෙබ් අඩවියේ පළවූ ලිපිය කියවන්න

2021 ඔක්තෝබර්  මස 12 වැනි දින “ඉන්ෆ්ලුවන්සා සහ ඩෙංගු මරණ කොවිඩ්- 19 මරණ බවට පත් වීම සහ දේශපාලන වමේ ස්වයං ලොක් ඩවුන් වීම” මැයෙන් විමර්ශන වෙබ් අඩවියේ පළවූ ලිපිය කියවන්න

8. කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ සායනික පරීක්ෂණ පවා නිම නොවුණ කොවිඩ්-19 එන්න මගින් සමස්ත  මිනිස් සමාජයම එන්නත්කිරීමට නිර්දේශ කිරීම

බහුජාතික ඖෂධ සමාගම් විසින් ඊනියා කොවිඩ් 19 වසංගතයට ප්‍රතිකාර ලෙස ඉදිරිපත් කරන ලද එන්නත් වර්ගවල කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමාණවත් පර්යේෂණාත්මක දත්ත නොපවතින තත්ත්වයක් තුළ ඒ්වා සමස්ත මානව වර්ගයා මතම මුදාහැරීම අනුමත කිරීම සහ නිර්දේශ කිරීම, එම එන්නත් මගින් ලක්ෂ ගණනින් ජනයා අතුරු ආබාධවලට සහ මරණයට පත්වන විට පවා ඒ්වා අත්හිටුවීමට කටයුතු නොකිරීම

විමර්ශන වෙබ් අඩවියේ පළ වූ පහත ලිපි කියවන්න

  1. යුරෝපා ඖෂධ බලධාරීන්ට විවෘත ලිපියක්: කොවිඩ් 19 එන්නත් ගැන ඇත්ත කුමක්ද?
  2. කොරෝනා වෛරස් එන්නත් වල අවශ්‍යතාව, කාර්යක්ෂමතාව, සහ සුරක්ෂිතබව ගැන වෛද්‍යවරු ප්‍රශ්න කරති.
  3. කොවිඩ්-19 එන්නත්වල භූ දේශපාලනය සහ ෆයිසර් සමාගමේ පරීක්ෂණාගාර මීයන් බවට පත් කෙරුණු ලංකාවේ ළමා පරපුර
  4. දෙවියෝ පය ගැසීමට බය තැන මෝඩයෝ බඩ පිනුම් ගසති. ලංකාවේ දූෂණය තුළ මුල් අදින එන්නත් සංස්කෘතිය
  5. කොවිඩ්-19 එන්නත් වලින් යුරෝපා සංගමය තුළ මරණ 28,103 ක්- EudraVigilance වාර්තා කරයි.
  6. ෆයිසර් එන්නත හෘදයාබාධ ඇති කිරීමට හේතු වූ නිසා තායිවානය අවුරුදු 12-17 අතර ළමුන්ට එය ලබා දීම අත්හිටුවයි.
  7. ලෙඩා මලත් “බඩ” (භාණ්ඩාගාරය) සුද්ද කළ ෆයිසර් එන්නත
  8. ෆයිසර්- මොඩෙර්නා mRNA එන්නත් හෘදයරෝගවලින් සිදුවන මරණවලට හේතුවක්- බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ හෘද රෝග විශේෂඥ අසීම් මල්හෝත්‍රා
  9. කොවිඩ්-19 එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ජනතාවගෙන් වසං කිරීම
  10. 2021-22 එන්නත්කරණයෙන් පසු දෙවසර තුළ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 65,074කින් ඉහළ යයි: (පළමු කොටස)
  11. 2021-22 එන්නත්කරණයෙන් පසු දෙවසර තුළ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 65,074කින් ඉහළ යයි -(දෙවන කොටස) : අතුරු ආබාධ පිළිබඳව වෛද්‍යවරුන්ගේ අත්දැකීම්
  12. කොවිඩ්-19 එන්නත්කරණයෙන් පසු දෙවසර තුළ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 65,074කින් ඉහළ යයි: (තෙවන කොටස) කොවිඩ්-19 එන්නත් වල තොග අංක සහ ඒවායේ හානිදායක බව අතර සම්බන්ධය