ලෙඩා මලත් “බඩ” (භාණ්ඩාගාරය) සුද්ද කළ ෆයිසර් එන්නත

අජිත් සී. හේරත්

PDF පිටපත

හැඳින්වීම

ශ්‍රී ලාංකීය ජනතාව ඊනියා කොවිඩ්-19 වසංගත ආඛ්‍යානයේ භීෂණය තුළ දිගටම සිර කර තබාගැනීමට ලංකාවේ කිසියම් පිරිසකට අවශ්‍යව ඇති බව දැන් ඉතා පැහැදිලිය. ඔවුන් ඒ සඳහා මෙහෙයවනු ලබන බලවේග පිළිබඳව අප විසින් අප විසින් කොරෝනා ප්‍රෝඩාව, ලෝක ආර්ථිකය බිඳ දැමීමේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය සහ ලංකාවේ ඉරණම”යන ලිපිය මගින් මීට පෙර හෙළිදරවු කර ඇත. මෙම වසංගත ආඛ්‍යානය දිගටම පවත්වාගෙන යාම තුළ ඖෂධ සමාගම් විසින් කොවිඩ්-19 එන්නත් අලෙවිය මගින් අති විශාල ධනස්කන්ධයක් ලංකාව වැනි රටවල් සූරාකමින් අත්පත් කරගෙන තිබේ. ඒ ඒ රටවල් තුළ වෛද්‍යවරුන්, සෞඛ්‍ය බලධාරින්, සෞඛ්‍ය වෘත්තිකයන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් ආදින් යොදාගනිමින් මෙම ආඛ්‍යානය දිගටම සමාජය මත පවත්වාගෙන යාමට ඖෂධ සමාගම් ඇතුළු ඒ කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව පිටුපස සිටින සියළු බලවේග දිගින් දිගටම උත්සාහ දරනු ලබයි.
පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ විසින් ඩේලිමිරර් පුවත්පතට කර ඇති ප්‍රකාශය තවත් එන්නත්කරණ වටයක ඇරඹීමට ඔවුන් ගේ ඇති සුදානමට ඉඟියක් ලෙස සැලකිය හැකිය.
ෆයිසර් කොවිඩ්-19 එන්නත් වල කාලය ඔක්තෝම්බර් 31 දිනෙන් අවසන් වීමත් සමඟ කොවිඩ්-19 තාක්ෂණික විශේෂඥ කමිටුව විසින් මීළඟ පියවර පිළිබඳව නිර්දේශ රජයට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද, ෆයිසර් එන්නත මෙන් සිනොෆාම් එන්නතේ ප්‍රතිශක්තියක් නොමැති නිසා සිනොෆාම් සඳහා ඉල්ලුමක් නොමැති බවත්, සිනොෆාම් බූස්ටර් එන්නත් ලෙස යොදාගත නොහැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ෆයිසර් එන්නත් කාණ්ඩයේ කල් ඉකුත් වීමේ දිනය දීර්ඝ කරන ලද බවත්, තවත් එන්නත් තොගයක් රටතුළට ගෙන ඒම සඳහා තාක්ෂණික කමිටුව විසින් රටේ වත්මන් තත්ත්වය විශ්ලේෂණය කර එහි නිගමන මත සිදු කළ යුතුව ඇති බවත්බවත් හරිත අලුත්ගේ විසින් ඩේලිමිරර් පුවත්පත වෙත පවසා තිබේ.

2022 අගොස්තු 2 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනමිණ පුවත්පත වෙත මෙසේ ප්‍රකාශ කර සිටියේය
“කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේ දී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩි වී තිබෙනවා.මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28 ක් සිදු වුණේ ජූලි 18 වෙනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීම කළ යුතු බවයි.
පළමු වටයේ දී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවන වටයේ දී එය මිලියන 14කට අඩු වුණා. තුන්වෙනි වටයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4වන වටයේ දී එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වෙනි වතාවෙත්, 4වන වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි.
ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.”

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ විසින් පවසන ලද මේ ෆයිසර් එන්නත් මිලියන 8 ක ඉතිරියෙන් ඔක්තොබර් මස 31 වැනි දින වන එන්නත්කරණය සඳහා යෙදවීමට රජය සමත් වූයේ එන්නත් මිලියන 2ක් පමණි. එය ද යොදන ලද්දේ ඊනියා කොවිඩ්-19 ආඛ්‍යානයටම අනුව වුවද එය මගින් අඩුම අවදානමක් ඇති බාල වයසේ පාසල් සිසුන්ටය. මෙම කල් ඉකුත් වූ එන්නත් වලින් පාසල් සිසු දරුවන් එන්නත් කිරීම පිළිබඳ ව කිසිදු විරෝධයක් දැක්වීමට, සහ නීති මගින් එය වැළැක්වීමට කටයුතු කිරීමට ලංකාවේ කිසිදු ගුරු වෘත්තීය සමිතියක් හෝ ශිෂ්‍ය සංවිධානයක් කටයුතු කළේ නැත. ඖෂධ සමාගම්වල අලෙවි ඒජන්තයෙකු බවට පත්ව සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම කල් ඉකුත් වූ ඖෂධවල කාලය දිගු කරගැනීමට නිර්දේශ කිරීම පුදුමයක් නොවේ. එහෙත් ෆයිසර් වැනි mRNA තාක්ෂණයට ක්‍රියාත්මක වන එන්නත් විසින් පුද්ගලයන් තුළ මයොකාඩයිටිස් සහ පෙරිකාඩයිටිස් හෘදය රෝග සැදීමට හේතුවන බව ලොව පුරා හෙළිදරවු වෙමින් පවතින තත්ත්වයක් තුළ කල් ඉකුත්වූ එන්නත් වලින් මේ කිසිවක් නොදන්නා පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් රවටා එන්නත් කිරීම බරපතල අපරාධයක් බව කිව යුතුය. සාමාන්‍යයෙන්  ලංකාවේ දෙමව්පියන් පාසල් තුළ සිදුවන එන්නත්කරණය ජාතික එන්නත් වැඩ පිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන ත්‍රිත්ව එන්නත වැනි සම්ප්‍රදායික එන්නත් මට්ටමේ ලා සලකන අතර ඔවුන්ට මෙම කොවිඩ්-19 එන්නත mRNA නම් නවතම තාක්ෂණයක් යටතේ නිෂ්පාදනය කරන ලද්දා වූත්, එහි අතුරු ආබාධ මොනවාදැයි කීමට ඒවා නිෂ්පාදනය කරන සමාගම්වත් නොදන්නාවූත් එන්නත් වර්ගයක් බව මෙම සිසු දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට වටහා දීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම ඉමහත් අවාසානාවන්ත තත්ත්වයකි.

මෙම ලිපියේ අරමුණ ශ්‍රි ලංකාවේ බහුල වශයෙන් භාවිතයේ යෙදී ඇති කොවිඩ්-19 එන්නතක් වන ෆයිසර් එන්නත සම්බන්ධව රාජ්‍ය ජනමාධ්‍ය, කොම්පැනි ජනමාධ්‍ය හෝ එන්ජීඕ ජනමාධ්‍ය විසින් ජනතාවගෙන් වසං කරනු ලබන තොරතුරු සමූහයක් ඉදිරිපත් කිරීමය.

ලිපියේ අන්තර්ගතය

1. කල් ඉකුත් වූ ෆයිසර් එන්නත් වලින් පාසල් දරුවන් එන්නත් කරවීම
2. සායනික පරීක්ෂණවලින් තොරව අනුමත කර ඇති ෆයිසර් එන්නත්
3. මෙම එන්නත්කරණ ව්‍යාපාරයේ අවශ්‍යතාව කුමක්ද?
4. ෆයිසර් එන්නතේ කාර්යක්ෂමතාව ගණනය කිරීම
5. ලෝකය පුරාම සිදුවන මරණ සංඛ්‍යාවන් ඉහළ යාම
6. 2021 වසරේ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 31,505කින් ඉහළ යාම
7. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2004 මාර්ගෝපදේශනය සැකසීම කෙරෙහි ඖෂධ සමාගම්වල බලපෑම සහ තාක්ෂණික විශේෂඥයන්ගේ කමිටුව
8. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 තාක්ෂණික උපදේශක කමිටුව‍
9. කමිටු සමාජිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැටුම්
10. තාක්ෂණික උපදේශක කමිටුවේ මතභේද; මිලිටරීකරණයට ලක් වූ එන්නත්කරණ ව්‍යාපාරය
11. ෆයිසර් සමාගම සහ ආණ්ඩු අතර ඇති කරගන්නා ලද ගිවිසුම්වල අන්තර්ගතය කුමක්ද?
12. අල්බේනියානු රජය සහ ෆයිසර් සමාගම අතර කොවිඩ්-19 එන්නත් සඳහා අත්සන්කරන ලද ගිවිසුම හෙළිදරවුවීම
13. ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ ඉලෙක්ට්‍රොනික දත්ත විනාශ කිරීම
14. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දූෂණ, වංචා, සහ අක්‍රමිකතාවන් හෙළිදරවු කරන ලද විගණන වාර්තාව
15. යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් ෆයිසර් එන්නත සඳහා හදිසි අවස්ථා අලෙවි අනුමැතිය ලබාදීම
16. ෆයිසර් එන්නතේ සායනික පර්යේෂණවලට සහභාගි වූ පර්යේෂණ නිලධාරිනියකගේ හෙළිදරවු කිරීම්
17. ෆයිසර් බයොන්ටෙක් සමාගම්වල කොමිර්නාටි එන්නත අනුමත කිරීමට අදාළ ලේඛන නිදහස් කරන ලෙස ඉල්ලා FDA ආයතනයට එරෙහිව නඩු පැවරීම
18. ලෝක බැංකුව, ෆයිසර් සමාගම සහ එන්නත් මිලදී ගැනීමට ණය මුදා හැරීම

1. කල් ඉකුත් වූ ෆයිසර් එන්නත් වලින් පාසල් දරුවන් එන්නත් කරවීම

කෙසේ වුවද ඔක්තෝබර් 31 වැනි දින දෙවනවරටද කල් ඉකුත්ව තිබුණේ මෙයට මාස කීපයකට පෙර කල් ඉකුත්වූ එන්නත්වල වංචනික ලෙස දීර්ඝ කරගත් කාලයයි. ජනතාවගෙන් බහුතරයක් ක්‍රමානුකූලව මෙම කොවිඩ්-19 ප්‍රෝඩාව සහ පිළිබඳව අවබොධ කර ගැනීමද කොවිඩ්-19 එන්නත් හේතුවෙන් සිදු වූ මරණ සහ ශාරිරික හානි පිළිබඳ ලද අත්දැකීම් ද හේතුවෙන් එම එන්නත් ගැනීමට යොමු වීම අඩුවන තත්ත්වයක් උද්ගත වී තිබුණ අතර එහෙයින් එන්නත් තොග විශාල වශයෙන් ඉතුරු වී කල් ඉකුත් වීම සිදු විය. ඖෂධ සමාගම්වලින් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ හේතුවෙන් යළිත් එන්නත් ඇණවුම් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් ඇතුළු කොරෝනා ප්‍රෝඩාව තුළ කෝටි ගණන් උපයන ලද බොහෝ දෙනෙකුට අවශ්‍ය වී තිබිණි. නමුත් එම ක්‍රියාව යුක්ති සහගත කිරීමට නම් පවත්නා එන්නත් තොගවලින් විශාල ප්‍රමාණයක් භාවිතයට ගත යුතුවිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දූෂිතයන් හරහා ඔවුහු එම එන්නත් තොගවල කල් ඉකුත්වන දිනය වංචනික දීර්ඝ කරගන්නා ලද්දේ ඒ නිසාය. අනතුරුව එම එන්නත් තොග යොමු කරන ලද්දේ අහිංසක පාසල් දරු දැරියන් එන්නත් කරවීම සඳහාය. පසුගිය කාලය පුරාම කිසිදු ඝෝෂාවකින් තොරවම මෙම කල් ඉකුත් වූ එන්නත් මගින් පාසල් වලදීම දරුවන් එන්නත් කිරීම සිදු විය.

කොරෝනා එන්නත් ගැන “ඇත්ත” කියන දිනමිණ

අග සිට මුල දක්වාම ප්‍රලාපයක් වන සමස්ත කොවිඩ්-19 වසංගත ආඛ්‍යානයටම අනුව වුවද ගත් කළ පාසල් යන වයසේ හෝ තරුණ වයසේ සිටින්නවුන්ට අන් සියලුම ඉන්ෆ්ලුවන්සා ආසාදන මෙන්ම මෙම ඊනියා කොවිඩ් -19 ආසාදනය ද බරපතල රෝග ලක්ෂණ මතු කරන්නේ ඉතා විරල වශයෙනි. එවැනි තත්ත්වයක් තුළ හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතයට අවසර දී ඇති මෙම එන්නත් මගින් දරුවන් එන්නත් කරවීමට කිසිදු හදිසි අවශ්‍යතාවක් නොතිබිණි. එම අපරාධය වඩාත් කෘෘර සහ සාහසික එකක් වන්නේ ඔවුන්ව එන්නත් කිරීමට යොදාගෙන ඇත්තේ කල් ඉකුත්වූ එන්නත් වීම හේතුවෙනි. මෙම දරුවන්ට එන්නත් කරන විට ඒ සඳහා භාවිතා කරන්නේ වරක් කල් ඉකුත්වූ එන්නත්වලින් බව ඔවුන්ගේ දෙමාපියන්ට නිසි පරිදි දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කටයුතු කර තිබුණේ ද?

කෙසේ වුවද දැන් කල් ඉකුත් වූ එන්නත්වලින් ජනතාව එන්නත් කරමින් ඉතුරුව තිබූ තොගවලින් සෑහෙන පමණ අඩු කර ඇති බැවින් නැවැත එන්නත් ඇණවුම් කිරීමට කාලය පැමිණ ඇති බව ඖෂධ සමාගම්වල සෙල්ස්රෙප්ලා බවට පත්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

හරිත අලුත්ගේ

මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් ෆයිසර්, මොඩෙර්නා,ඇතුළු කොවිඩ්-19 එන්නත් වයස 40ට අඩු පුද්ගලයන් වෙත එන්නත් කිරීම අත්හිටුවා තිබේ. ඇතැම් රටවල මෙය නිල නොවන වශයෙන්ද ඇතැම් රටවල නිල වශයෙන්ද මෙම අත්හිටුවීම සිදු කර ඇත. මෙයට හේතු වී ඇත්තේ මෙම එන්නත් ලබාගත් බොහෝ තරුණ පිරිස් මයෝකාඩටිස් සහ පෙරිකාඩයිටිස් යන හෘදය රෝගවලටවලට ගොදුරුවීමත් එයින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වීමත් නිසාය. මෙහිදී එක් දෙයක් පැහැදිලිව කිව යුතුය. මෙම කොවිඩ් එන්නත් හේතුවෙන් පුද්ගලයන් හෘදයාබාධවලට ගොදුරු වී මරණයට පත්වන විට ඒවා ලා බාල සහ තරුණ කොටස්වලට දීම පමණක් වරින්වර අත්හිටුවන්නේ වයස 40ට 50ට හෝ 60ට වැඩි පුද්ගලයන් වෙත එයින් ඇති අවදානම අඩු නිසා නොවේ. විශේෂයෙන් වයස අවුරුදු 45-සිට ඉහළ වයස්වල පුද්ගලයන්ට එන්නත් නිසාඇතිවන බරපතල අතුරු ආබාධ නිසා මරණයට පත්වුවහොත් එම වයස්වල පුද්ගලයන් සාමාන්‍යයෙන් වෙනත් රෝග වලින් ද පෙලීමට බොහෝ විට ඉඩ ඇති නිසා මරණයට හේතුව එම රෝග බව හුවා දක්වමින් එන්නත්වලින් සිදුවන හානිය වසං කිරීමට හැකි බැවිනි. නමුත් තරුණ වයසේ නීරෝගී ක්‍රියාශීලී පුද්ගලයෙකු එන්නත ගැනීමෙන් පසුව හදිසියේ අනපේක්ෂිත ලෙස මරණය පත්වුවහොත් එයට හේතුව ලෙස කොවිඩ්-19 එන්නත බව එලෙස වසං කිරීමට අපහසු වනු ඇත.

රනිල් වික්‍රමසිංහ

2021 වසරේ ආරම්භයේදී ඇස්ට්‍රා සෙනෙකා එන්නත මගින් පුද්ගලයන් ගේ මොළයේ ලේ කැටිති ඇති වීම හේතුවෙන් පුද්ගලයන් මරණයට පත්වීම ආරම්භ වූ විට බටහිර බොහෝ රටවල් සිදු කළේ එම එන්නත වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් වෙත ලබා දීම තාවකාලිකව අත්හිටුවීමය. මෙම තීරණය ගනු ලැබුවේ වයස 60ට වැඩි පුද්ගලයන් වෙනත් රෝගවලින්ද එනම් දියවැඩියාව සහ හෘදයාබාධ වැනි රෝගවලින්ද බොහෝ විට පෙළෙමින් සිටින බැවින් එන්නතින් යම් පුද්ගලයෙකු මරණයට පත්වුවහොත් එය ඔවුන්ගේ එම නිදන්ගත රෝගවලට පවරා සිය වගකීමෙන් නිදහස් වීමට අවස්ථාව ලැබෙන බැවිනි. එසේ නොමැතිව කොවිඩ්-19 එන්නත් මගින් මැදි වියේ හෝ වයසගත පුද්ගලයන් මොළයේ ලේ කැටිති ඇති වීමේ රෝගී තත්ත්වයට හෝ මයොකාඩයිටිස් හෝ පෙරිකාඩයිටිස් වැනි හෘදයරෝගවලට හෝ ගොදුරු නොවන බවට කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් මගින් තහවුරු වී ඇති නිසා නොවේ.

2. සායනික පරීක්ෂණවලින් තොරව අනුමත කර ඇති ෆයිසර් එන්නත්

ඊනියා කොවිඩ්-19 ඔමික්‍රොන්හි නව ප්‍ර‍භේද සඳහා ෆයිසර් සමාගම නිෂ්පාදනය කර ඇති බූස්ටර් එන්නත් මාත්‍රාව නිකුත් කර ඇත්තේ කිසිදු සායනික පරීක්ෂණයකින් තොරවය. හරිත අලුත්ගේ වැන්නවුන් ඉහළින් ඔසවා තබමින් වහාම මිලදී ගත යුතු යැයි අවධාරණය කරන ෆයිසර් කොවිඩ්-19 නවතම මාත්‍රාව කිසිදු සායනික පරීක්ෂණයකට ලක් කර නොමැත. එය අත්හදා බලා ඇත්තේ විද්‍යාගාර පරීක්ෂණ තුළ මීයන් 8 -12 අතර සංඛ්‍යාවක් යොදාගැනීමෙන් පමණී. එන්නතක සුරක්ෂිතතාව, කාර්යක්ෂමතාව පිළිබඳ කිසිදු සායනික පරීක්ෂණ වාර්තාවක් නොමැති ෆයිසර් එන්නත නැවතත් ඩොලර් බිලියන ගණන් ගෙවමින් මිලදී ගෙන ජනතාව මත මුදා හැරීමට හරිත අලුත්ගේ වැන්නන්  කටයුතු කරමින් සිටින්නේ ඇයිදැයි යන්න බරපතල ලෙස අවධානයට යොමු විය යුතු කාරුණකි.

3. මෙම එන්නත්කරණ ව්‍යාපාරයේ අවශ්‍යතාව කුමක්ද?

කොවිඩ්-19 වසංගතය තුළ වෛද්‍ය ආචාර ධර්ම සඳහා වෛද්‍යවරු නම් ජාත්‍යන්තර සංවිධානය විසින් නිකුත්කරන ලද ලිපියක් මගින් කොවිඩ්-19 `වසංගතය´ මර්දනය සඳහා එන්නත්කරණයක් අනවශ්‍ය බවත්, පවත්නා එන්නත්කරණ ව්‍යාපාරය නිෂ්පල සහ හානිදායක එකක් බවත් ප්‍රකාශ කර ඇත. එම ලිපියේ ආරම්භක සාරාංශයේ මෙසේ දැක්වේ

නිරෝගී ප්‍රතිශක්ති පද්ධතියක් ඇති පුද්ගලයන්හට කොවිඩ්-19 හෙවත් SARS-CoV-2 වෛරසයෙන් ආරක්ෂාව ලබාදීමට ඔවුන්ගේ සෛලමය ප්‍රතිශක්තිය (cellular immunity) සහ ස්මරණ ආකාර ප්‍රතිදේහ ප්‍රතිචාරය (memory-type antibody response) සමත්ය. එහෙයින් කොවිඩ්-19 හමුවේ අඩු අවදානමක් ඇති පුද්ගලයන් එන්නත් කිරීම අනවශ්‍ය වේ. ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල පුද්ගලයන්හට කොවිඩ්-19 රෝගය වැළැඳුණ හොත් ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ආරක්ෂිත බව සහ කාර්යක්ෂමතාව මනාව ඔප්පු වී ඇති ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම ගණනාවක් පවතී. එහෙයින් අවදානම් තත්ත්වයේ පසුවන්නන් යැයි සැළකෙන පුද්ගලයන්ද එන්නත් කිරීම ද අනවශ්‍ය දෙයකි. ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතින පුද්ගලයන් මෙන්ම ප්‍රතිශක්තිය දුර්වල එනිසාම රෝගය වැළැඳීමට වැඩි අවදානමක් ඇති අයද යන දෙකොටසම කොවිඩ්-19 (SARS-CoV-2 )වෛරසයේ සියලුම ප්‍රභේද වලට එරෙහිව ආරක්ෂා කරගැනීමට මෙම කොවිඩ්-19 එන්නත්වලට වඩා ස්වාභාවික ප්‍රතිශක්තිය සහ අනෙකුත් ඖෂධ සමත්ය.

(කොරෝනා වෛරස් එන්නත් වල අවශ්‍යතාව, කාර්යක්ෂමතාව, සහ සුරක්ෂිතබව ගැන වෛද්‍යවරු ප්‍රශ්න කරති.)

විවිධ සායනික උපයෝගීතා මට්ටම්වල පවතින කොවිඩ් එන්නත් වර්ග 96 ක් දළ වශයෙන් තිබේ.
ෆයිසර්-බයොන්ටෙක් සමාගම්වල BNT162b2 mRNA එන්නත, එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය සහ මොඩර්නා සමාගම එක්ව නිෂ්පාදිත mRNA-1273 එන්නත, ඇස්ට්‍රා සෙනෙකා-ඔක්ස්ෆෝර්ඩ් ආයතනවල ChAdOx1 nCov-19 එන්නත සහ රුසියාවේ ගමාලෙයා සමාගමේ GamCovidVac නැතහොත් ස්පුට්නික්- වී එන්නත යන එන්නත් හතර පිළිබඳව විද්‍යා සඟරාවල පළ වූ අධ්‍යයන 4ක අන්තර්වාර ප්‍රතිඵල වර්තමානයේදී අප හමුවේ පවතී.

ෆයිසර් බයොන්ටෙක් සමාගම්වල කොවිඩ්-19 එන්නත පිළිබඳව එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ (FDA) සාරාංශමය වාර්තා ඇසුරෙන් සිදු කරන ලද අධ්‍යයනයන් 3ක් ද මෙම විශ්ලේෂණයේදී සළකා බලා ඇත.

ඉහත ප්‍රතිඵලවලින් උපුටාගත් කොටස් පුවත් නිවේදන සහ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සන්නිවේදනය වෙමින් විවාදයට ලක් වී තිබේ. සමහර අවස්ථාවලදී එය සිදුව ඇත්තේ බෙහෙවින් නොමග යවන සුළු ආකාරයකටය.
අවධානය යොමුව පැවතියේ එන්නත්වල කාර්යක්ෂ්මතාව සහ රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව වුවද එන්නත්වල කාර්යක්ෂ්මතාව සහ ඵලදායකත්වය පිළිබඳව සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගැනීම පෙනෙන තරම් සරල නැත. ප්‍රතිඵලය ප්‍රකාශ කරන ආකාරය අනුව අතිශයින් වෙනස්වන සුළු චිත්‍රයක් දැකිය හැකිය.

එන්නත්වල කාර්යක්ෂමතාව සාමාන්‍යයෙන් වාර්තා කරනු ලබන්නේ සාපේක්ෂ අවදානම අඩු කිරීම ( relative risk reduction- RRR) ලෙසය.

අවදානම යනු කුමක්ද?

අවදානම යනු යම් රෝගී තත්ත්වයක හේතුවෙන් රෝගියා හට මුහුණු පෑමට සිදුවන අයහපත් නැතහොත් හානිකර ප්‍රතිඵලයි. කෙටි යෙදුම්වලදී සහ ගණනය කිරීම්වලදී අවදානම(Risk) ඉංග්‍රිසි R අකුරෙන් සංකේතවත් කෙරේ.
කිසියම් ප්‍රතිකාර ක්‍රමයක් මගින් රෝගියාට මුහුණ පෑමට සිදුවිය හැකි අවදානම අඩු කළ හැකිය. එය ඖෂධයක්, එන්නතක් හෝ ව්‍යායාම හෝ වෙනත් ක්‍රමයක් විය හැකිය. එහිදී එම ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියාට මුහුණ දීමට සිදුවන අවදානම අඩුකිරීමේ ගුණය එම ප්‍රතිකාරයේ කාර්යක්ෂ්මතාව ලෙස හැඳින්වේ.
අවදානම අඩුකිරීම ( risk reduction) සිදුවන අගය ඖෂධ සහ එන්නත්වල කාර්යක්ෂ්මතාව මැනීමෙහිලා නිර්ණායකයක් ලෙස භාවිතා කෙරේ.

උදාහරණය

හෘදය වස්තුව හා සම්බන්ධිත රෝගයකින් පෙළෙන රෝගින් එම රෝගයෙන් මරණය පත්වීම වැළැක්වීම සඳහා කිසියම් සමාගමක් විසින් A නම් ඖෂධයක් නිෂ්පාදනය කර තිබේ. එම ඖෂධයේ කාර්යක්ෂමතාව මැනීම සඳහා සායනික පරීක්ෂණයක් කිරීමට සිදුව තිබේ. මෙහිදී සමාන අවදානම් මට්ටමේ සිටින හෘදය රෝගීන් අතරින් කණ්ඩායම් දෙකක් අහඹු ලෙස තොරා ගැනේ.

මෙහිදී එක් කණ්ඩයමක් ප්‍රතිකාර ක්‍රමයට නිරාවරණය කරන (Exposed Team) කණ්ඩායම නැතහොත් A  ඖෂධය ලබා දෙන කණ්ඩායම ලෙස සැළකේ. එම කණ්ඩායම පරීක්ෂකයාගේ බලපෑමට ලක්වන කණ්ඩායම ලෙස ද සැළකේ
අනෙක් කණ්ඩායම පාලිත කණ්ඩායමයි.(Controlled Team/Placebo Team) මෙම කණ්ඩායම වෙත ඖෂධය ලබාදීමක් නොකරන අතර පළමු කණ්ඩායම මුහුණ දෙන සෙසු සියලු තත්ත්වයන් මෙම කණ්ඩායම උදෙසාද සමානව පවත්වාගැනීම කරනු ලැබේ.

4. ෆයිසර් එන්නතේ කාර්යක්ෂමතාව ගණනය කිරීම; 95% ඇස් බැන්දුම

මෙම උදාහරණය තුළ අපි ෆයිසර්-බයොන්ටෙක් සමාගම්වල BNT162b2 mRNA එන්නත හි කාර්යක්ෂමතාව පිළිබඳ දත්ත යොදාගනිමු.
මෙම පරීක්ෂණයේදී එන්නතට නිරාවරණය කරන ලද කණ්ඩායම හෙවත් එන්නත ලබාදීම සඳහා යොදාගත් කණ්ඩායම පුද්ගලයන් 18,198ක් විය. එම පුද්ගලයන් වෙත එන්නත පූර්ණ වශයෙන් ලබා දුන් පසුව ඔවුන් අතරින් කොවිඩ්-19 මගින් ආසාදනය වී ඇති බවට වාර්තා කෙරී ඇත්තේ 8 දෙනෙකි.

පාලිත කණ්ඩායම හෙවත් එන්නත ලබා නොදුන් කණ්ඩායමට අයත් පුද්ගලයන් සංඛ්‍යාව 18,325ක් විය. පසුව ඉහත එන්නත ලබා දුන් කණ්ඩායම සමග සමාන කාල අන්තරයක් තුළ මෙම පාලිත කණ්ඩායම අතරින් ආසාදනයට ලක් වූවන් පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණවලදී වාර්තා වී ඇත්තේ ඉන් 162ක් ආසාදනය වී ඇති බවයි.

දැන් අපි එන්නත ලබාදුන් කණ්ඩායම මුහුණ දෙන අවදානමේ සංඛ්‍යාත්මක අගය එනම් R කොතෙක් වන්නේ දැයි විමසා බලමු. මෙම අගය සළකා බලනු ලබන්නේ පුද්ගලයන් 1000කට රෝගී වන අනුපාතය අනුවය.


මේ අනුව එන්නත ලබාදුන් පුද්ගලයන් 1000ක් අතරෙන් රෝගය වැළඳීමේ අවදානම 0,4396 කි.

එන්නත ලබා නොදුන් පාලිත කණ්ඩායම මුහුණ දෙන අවදානම ගණනය කරමු


= 8.84038

මේ අනුව එන්නත ලබා නොදුන් පුද්ගලයන් 1000කට රෝගය වැළැඳීමේ අවදානම පුද්ගලයන් 1000ක් සඳහා 8.8404කි.

සාපේක්ෂ අවදානම (Relative Risk-RR) ගණනය කිරීම‍

මෙය එන්නත ලබා දුන් කණ්ඩායම මුහුණ දෙන අවදානමේ අගය සහ එන්නත ලබා නොදුන් පාලිත කණ්ඩායම මුහුණ දෙන අගය අතර අනුපාතයක් ලෙස දැක්වේ.

ඒ අනුව,

මේ අනුව එන්නත විසින් සාපේක්ෂව අවදානම ප්‍රතිශතයක් ලෙස මෙසේ දැක් විය හැකිය.

=0.0497x 100
=4.97%
මේ අනුව එන්නත ලබා නොගත් පුද්ගලයන් අතරින් රෝගය වැළඳුණ සංඛ්‍යාව 100 ක් ලෙස සළකන්නේ නම් එන්නත ලබා ගත් පුද්ගලයන්ට රෝගය වැළඳීමේ හැකියාව 4.97% ක් ලෙස දැක්විය හැකිය.

ඒ අනුව එන්නත විසින් සිදු කරන සාපේක්ෂ අවදානම අඩු කිරීම RRR (Reletive Risk Reduction)
=100- 4.97
= 95.03%

ෆයිසර් සමාගම සිය BNT162b2 mRNA කොවිඩ්-19 එන්නතේ කාර්යක්ෂමතාව දක්වන්නේ සාපේක්ෂ අවදානම අඩු කිරීමේ අගයක් ලෙසය. ෆයිසර් එන්නතේ කාර්යක්ෂමතාව 95.03% ලෙස දක්වන්නේ මෙබඳු ගණනය කිරීමකට අනුවය.
එන්නතක කාර්යක්ෂමතාව බොහෝ විට ඖෂධ සමාගම් සහ ඒවායේ විවෘත සහ ආවෘත අලෙවි නියෝජිතයන් සහ ප්‍රචාරකයන් විසින් දැක්වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ සාපේක්ෂ අවදානම අඩුකිරීමේ අගයක් ලෙසින් හෙවත් RRR මගිනි. එයට හේතුව 90%කට ඉහළ අගයන් සෑම විටෙකම සාර්ථකත්වය පිළිබඳ මනෝ විද්‍යාත්මක බලපෑමක්ද සංකේතවත් කරන අගයන් වන බැවිනි. එහෙයින්ම ඒවා ආකර්ශණීයය.

නමුත් බොහෝ ස්වාධීන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂකයන්ගේ මතය වන්නේ ඖෂධයක කාර්යක්ෂමතාව දැක්වීමේ අගය විය යුත්තේ සාපේක්ෂ අවදානම අඩුකිරීම RRR (Reletive Risk Reduction)නොව නිරපේක්ෂ අවදානම අඩුකිරීම ARR (Absolute Risk Reduction) බවයි.

නිරපේක්ෂ  අවදානම අඩු කිරීම ගණනය

නිරපේක්ෂ ලෙස අවදානම අඩු කිරීම ගණනය කරන්නේ මෙලෙසය

මේ අනුව ෆයිසර් සමාගමේ කොවිඩ්-19 එන්නතවන BNT162b2 mRNA හි නිරපේක්ෂ අවදානම අඩුකිරීම හෙවත් කාර්යක්ෂමතාව 0.84 ක් බව ඔබට පෙනී යනු ඇත. මෙම අගය ඉතා අවම සංඛ්‍යාත්මක අගයක් වන අතර එය සිය එන්නත් භාවිතය සඳහා ජනතාව ආකර්ෂණීය කර ගැනීමට සමත් නොවන සංඛ්‍යාත්මක අගයක් බව ඖෂධ සමාගම් දනිති. ඔවුහු සිය එන්නත්වල කාර්යක්ෂමතාව මැනීමේ ප්‍රකාශ කෙරෙන දර්ශකය ලෙස නිරපේක්ෂ අවදානම අඩු කිරීමේ අගය වෙනුවට සංඛ්‍යාත්මකව 90%ට වැඩි අගයක් ගන්නා සාපේක්ෂ අවදානම අඩුකිරීමේ අගය යොදා ගනු ලබන්නේ එහෙයිනි.

ඖෂධ සමාගම් විසින් සාපේක්ෂ අවදානම අඩු කිරීම පමණක් සිය එන්නත් වල කාර්යක්ෂමතාව පෙන්වන නිර්ණායකය ලෙස යොදාගැනීම පිළිබඳව පියෙරේ ඔලියාරෝ, එලස් ටොරීල, මයිකල් වයිලාන්ට් විසින් කරන ලද අධ්‍යයනයක් ද ලාන්සට් නම් වෙබ් අඩවියේද පළ වී තිබිණි. එහි මෙසේ සඳහන් වේ.

එන්නත්වල කාර්යක්ෂමතාව සාමාන්‍යයෙන් වාර්තා කරනු ලබන්නේ සාපේක්ෂ අවදානම අඩු කිරීම ( relative risk reduction- RRR) ලෙසය. එනම් එන්නත් ලබා ගත් සහ එන්නත් ලබා නොගත් ආසාදිතයන් අතර අනුපාතයක් ලෙසය. මෙය 1-RR ලෙස ප්‍රකාශ කරයි. ඒ ඒ ඖෂධ සමාගම් විසින් තම එන්නත්වල කාර්යක්ෂ්මතාව වාර්තා කර ඇත්තේ සාපේක්ෂ අවදානම අඩු කිරීමේ අගය නිර්ණායකයක් ලෙස යොදාගනිමිනි. ඒ අනුව එක් එක් එන්නත්වර්ගවල කාර්යක්ෂ්මතාව අනුපිළිවෙළට මෙසේය.ෆයිසර්-බයොන්ටෙක් එන්නත 95%, මොඩෙර්නා එන්නත 94%, ස්පුට්නික් හෙවත් ගමාලෙයා 91%, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් 67%, ඇස්ට්‍රා සෙනෙකා-ඔක්ස්ෆෝර්ඩ් 67% කි.කෙසේ වුව ද සාපේක්ෂ අවදානම අඩු කිරීමේ අගය විමසා බැලිය යුත්තේ කොවිඩ්-19 මගින් කලින් ආසාදනය වී සිටීම හා අදාළ වන පසුබිම් අවදානමට එදිරිව නොවේ. මෙම පසුබිම් අවදානම විවිධ ජනගහණයන් සහ විවිධ කාලවකවානු අතර වෙනස් වන අගයන් සහිතය.

සාපේක්ෂ අවදානම අඩු කිරීමේ අගය ගණනයේදී සළකා බැලෙන්නේ පරීක්ෂණයට සහභාගිවන්නන් අතරෙන් එන්නත්වලින් ප්‍රතිලාභයක් ලැබෙන පුද්ගලයන් පමණක් වුවද එන්නත් ලබා ගත් සහ ලබා නොගත් කණ්ඩායම් තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාවන්වල වෙනස ප්‍රකාශ වන නිරපේක්ෂ අවදානම අඩුකිරීමේ අගය ARR (Absolute Risk Reduction) ගණනයෙදී පරීක්ෂණයට සහභාගිවන මුළු ජනගහණය සළකා බලනු ලැබේ.

ARR නොසළකා හරිනු ලබන්නේ එය RRR මෙන් නොව වඩාත් ආකර්ශණීය නොවන කාර්යක්ෂමතා අගයක් ලබා දෙන බැවිනි.
ඒ ඒ එන්නත්වල නිරපේක්ෂ අවදානම අඩුකිරීමේ අගයන් ඇස්ට්‍රා සෙනෙකා-ඔක්ස්ෆොර්ඩ් 1.3%, මොඩෙර්නා 1.2%, ජොන්සන් සහ ජොන්සන් 1.2%, ගමාලෙයා 0.93% සහ ෆයිසර් බයොන්ටෙක් 0.84% යනාදි වශයෙන් වේ.

“…. පරීක්ෂණ පවත්වා ඇති ආකාරය සහ ප්‍රතිඵල ඉදිරිපත් කර ඇති ආකාරය ගැන බොහෝ පාඩම් ඉගෙනීමට තිබේ. සාපේක්ෂ අවදානම අඩු කිරීමේ අගය පමණක් භාවිතා කිරීම මගින්ද, නිරපේක්ෂ අවදානම අඩුකිරීමේ අගය නොතකා හැර ඉවත දැමීම මගින්ද වාර්තා කිරීමේදී දක්වන පක්ෂපාතිත්වයන් මගින්ද, එන්නත්වල කාර්යක්ෂමතාව අර්ථකතනය කිරීම කෙරෙහි බලපෑම් එල්ල කර තිබේ. එන්නත්වල කාර්යක්ෂ්මතාව පිළිබඳව සන්නිවේදනය කිරීමේදී, විශේෂයෙන්ම එන්නත් වර්ගය තෝරාගැනීම, මිලදී ගැනීම සහ එන්නත්කරණය සඳහා යොදාගැනීම වැනි මහජන සෞඛ්‍ය පිළිබඳ වැදගත් තීරණ ගැනීම සඳහා ඒවා යොදාගනු ලබන විට එන්නත් පිළිබඳ සියලු දත්ත විසින් ඉදිරිපත් කරන සම්පූර්ණ චිත්‍රයක් පැවතීම ඉතා වැදගත් වේ. එමෙන්ම හුදෙක් සාරාංශයක් ලෙස නොව ඒකාබද්ධ සාක්ෂි මත පදනම් වූ සන්සන්දනයන් මගින් එන්නත්වල සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ඒ්වා අදාළ සංදර්භය තුළ ඉදිරිපත්කිරීමද අතිශයින්ම වැදගත් වේ. එවැනි තීරණ ගැනීමේදී එන්නත පිළිබඳ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල පිළිබඳව සවිස්තරාත්මක අවබෝධයක් මගින් නිවැරදි ලෙස දැනුවත්ව සිටිය යුතුය. ඒ සඳහා සම්පූර්ණ දත්ත සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාවද, ස්වාධීන විමර්ශනයන් සහ විශ්ලේෂණයන්ද අවශ්‍ය වේ.”

COVID-19 vaccine efficacy and effectiveness—the elephant (not) in the room

මෙම අධ්‍යයනයේ අවසානයේදී එක් වැදගත් නිගමනයක් වෙත ඉහත කණ්ඩායම අපගේ අවධානය යොමු කරවයි.

“එන්නත්වල කාර්යක්ෂ්මතාව සහ ඵලදායකත්වය පිළිබඳ මේ සැළකිලිමත්වීම් පදනම්ව ඇත්තේ එතරම් බරපතල නොවන මෘදු සහ මධ්‍යස්ථ මට්ටමේ කොවිඩ්-19 ආසාදන සම්බන්ධ අධ්‍යයනයන් මතය. එම අධ්‍යයන සැලසුම් කර ඇත්තේ රෝහල්ගත කිරීම්, බරපතල රෝගී තත්ත්වයන් හෝ මරණයට පත්වීම්, හෝ ආසාදනය වීම හෝ ව්‍යාප්තවීම වැළැක්වීම ආදිය පිළිබඳව එන්නත සතු හැකියාවන් අධ්‍යයනය සඳහා නොවේ. එන්නත්වල යෝග්‍යතාව ඇගයීමට ලක් කිරීමේදී ඒවා සම්බන්ධ සියලු දර්ශකයන් ද, ඒවා භාවිතයේ යෙදීමේ හැකියාව, සුරක්ෂිතබව, ලබාගැනීමේ හැකියාව, සහ වියදම යනාදියද සැළකිල්ලට ගත යුතුය.”

COVID-19 vaccine efficacy and effectiveness—the elephant (not) in the room

ඉහත ජේදය තුළ මෙම අධ්‍යයනයේ කතුවරුන් විසින් අවධාරණය කර ඇත්තේ ෆයිසර් සහ අනෙකුත් එන්නත්වල වල කාර්යක්ෂ්මතාව ගණනය කර ඇත්තේ ඉතා මෘදු සාමාන්‍ය ආසාදන මට්ටම සම්බන්ධයෙන් පමණක් බවයි. එමෙන්ම බරපතල රෝගී තත්ත්වයන් සමනය කිරීමට, මරණ වැලැක්වීමට, ආසාදනයවීම හෝ ව්‍යාප්තිය වැලැක්වීමට අදාළව එන්නත සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදු කර නැති බවද ඔවුන් පවසයි. මෙම අධ්‍යයනය පළමුවරට පළකර ඇත්තේ 2021 අප්‍රේල් මාසයේදීය. 2022 ඔක්තොබර් මාසයේදී බ්‍රසල්ස්හි  යුරෝපා පාර්ලිමේන්තුවේ කොවිඩ්-19 එන්නත් විමර්ශන කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළ ෆයිසර් සමාගමේ නියෝජිතවරිය පවසා සිටියේ කොවිඩ්-19 මගින් ආසාදනය වීම හෝ එය ව්‍යාප්තවීම වැලැක්වීමට ෆයිසර් එන්නතට හැකියාවක් ඇත්දැයි අධ්‍යයනයන් ෆයිසර් සමාගම විසින් සිදු කර නැති බවය. ඉහත කතුවරුන්ගේ අධ්‍යයනයේ සඳහන් නිගමනය සත්‍යයක් බව ෆයිසර් නියෝජිතවරියගේ ප්‍රකාශයෙන්ද තහවුරු වේ.

එසේ නම් අප තේරුම්ගත යුත්තේ කුමක්ද? ෆයිසර් එන්නතේ කාර්යක්ෂ්මතාව දැක්වීම සඳහා ඔවුන් හුදෙක් සාපේක්ෂ අවදානම් අඩුකිරීමේ අගය තෝරාගෙන ඇත්තේ ඇයි? ඒ එම අගය 95%ක් පමණ විශාල ලෙස ආකර්ශණීය අගයක් වන නිසාද? ඔවුන් නිරපේක්ෂ අවදානම් අඩුකිරීමේ අගය වන 0.0084 නොසළකා හැර ඇත්තේ ඇයි. එම අගය එන්නත ලබාගැනීම සඳහා ආකර්ශණීය එකක් නොවන නිසාද?

5. ලෝකය පුරාම සිදුවන මරණ සංඛ්‍යාවන් ඉහළ යාම

යුරෝපයේ සිදුවන අතිරේක මරණ සංඛ්‍යාවේ දැවැන්ත ඉහළ යාම යුරෝස්ටැට් විසින් වාර්තාකර ඇති ආකාරය

මේ වනවිට යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක වාර්ෂික මරණ සංඛ්‍යාව 17% සිට 25% අතර ප්‍රතිශතයකින් ඉහළ නැග තිබේ.
ප්‍රධාන පෙළේ මාධ්‍ය ධාරාවට අයත් රාජ්‍ය මාධ්‍ය හෝ සමාගම් මාධ්‍ය විසින් ද, එන්ජීඕ ජනමාධ්‍ය විසින් ද , රාජ්‍ය බලධාරින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද වසං කරනු ලැබූවද මේ වනවිට ලෝකය පුරා අනාවරණයවෙමින් පවතින යථාර්ථය නම් සෑම රටෙකම පාහේ වාර්ෂික මරණ සංඛ්‍යාව 17% සිට 25% අතර ප්‍රතිශතයකින් දැනටමත් ඉහළ නැග ඇති බවයි.

eurostat වෙබ් අඩවියට අනුව 2022 මැයි සහ ජූනි මාසවලදී යුරෝපා සංගමය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ඉහළ යාම එක් එක් මාසය සඳහා 7% බැගින් වේ. ජූනි මාසයට වඩා 16% ක වැඩි වීමක් 2022 ජූලි මාසයේදී වාර්තා වී ඇත. මේ අනුව 2016-2019 වසරවල ජූලි මාසවල සිදුව ඇති මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය අගයට වඩා වැඩිපුර මරණ 53000ක් 2022 ජූලි මාසයේදී යුරෝපා සංගමය තුළ වාර්තා වී තිබේ.
බොහෝ විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙය ඉතා අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යාමක් ලෙසය.

2022 වසරේදී යුරෝපා සංගමය තුළ ඉහළම අමතර මරණ සංඛ්‍යාව සිදුව ඇත්තේ ස්පාඤ්ඤයේ වන අතර එහි අගය 37%කි. සයිප්‍රසයේ 33%කි. ග්‍රීසියේ 31කි.
2022 අගෝස්තු මාසයේදී ස්ලෝවැකියාවේ සිදුව ඇති අමතර මරණ සංඛ්‍යාව කලින් මාසය හා සසඳන කල 5,5%කි. ග්‍රිසියේ 24,3%කි. අයර්ලන්තයේ 16,8%කි. ජර්මනියේ 16.5%කි. පින්ලන්තයේ 16.3%කි.

මෙම සාමාන්‍යයට වඩා ඉහළ ගොස් ඇති මරණ ප්‍රතිශතය තුළ කොවිඩ්-19 එන්නත්වල බරපතල අතුරු ආබාධ හේතුවෙන් සිදුව ඇති මරණ ද විශාල සංඛ්‍යාවක් නිසැකවම අඩංගු වන බව සිතිය හැකි වුවද ඒ සඳහා බලපාන ලද තවත් බොහෝ වෙනස් හේතුන් ගණනාවක් ද තිබේ.

ඊනියා කොවිඩ්-19 ආඛ්‍යානය පවත්වාගෙන යාම සඳහා රෝහල් කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ඇති බවට පෙන්වීම සඳහා වෙනත් බරපතල රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර නොකිරීම, හදිසි සැත්කම් කල් දැමීම, නිෂ්ඵල කොවිඩ්-19 එන්නත් සඳහා කළ මහා පරිමාණ අනවශ්‍ය වියදම් සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කරන ලද මුදල් සම්පූර්ණයෙන්ම වියදම් කිරීම හේතුවෙන් ජාතික සෞඛ්‍ය පද්ධතීන් තුළ සිදු වූ බිඳ වැටීම් ආදිය දැක්විය හැකිය.
එමෙන්ම කොවිඩ්-19 හා ආශ්‍රිත ලොක්ඩවුන් සහ ඇඳිරි නීති හේතුවෙන් ස්වකීය ආදායම් මාර්ග අහිමිවීම සහ එමගින් මතුවන ආර්ථික පීඩනය හේතුවෙන් පුද්ගලයන්ට මුහුණ පෑමට සිදුවන මානසික ආතතිය, සමාජීය හුදෙකලාභාවය සහ අපේක්ෂා භංගත්වය විසින් සිය දිවි නසාගැනීම් කරා තරුණ පරපුර යොමු වීම ආදියද මෙම මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමට බලපාන ලද හේතුන් ලෙස දැක්විය හැකිය.

එක් දෙයක් පැහැදිලිය. එනම් මේ සියලු මරණ ගෝලීයකරණවාදින්ගේ උවමනාවන් වෙනුන් නිර්මාණය කරන ලද ව්‍යාජ කොවිඩ්-19 ආඛ්‍යානය පවත්වාගෙන යාමට ඒ ඒ රටවල නිවට ආණ්ඩු, සහ දේශපාලනඥයන් සහ සෞඛ්‍ය අංශවල වෘත්තිකයන් බහුතරයක් මෙන්ම සිවිල් සමාජයද කටයුතු කිරීමේ ප්‍රතිඵලයකි. නොපවත්නා වසංගත තත්ත්වයක් පවතින්නේ යැයි ව්‍යාජ ලෙස මවාපාමින් එයින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ මුවාවෙන් පර්යේෂණාත්මක මට්ටමක පවතින එන්නත්වලට ජනතාව ගොදුරු කරමින් ඔවුන්ගේ සෞඛ්‍යය විනාශ කිරීම මගින්ද, ලොක්ඩවුන්, නිරෝධායන ඇඳිරිනීති, මගින් ජනතාවගේ සමාජ ආර්ථික ජීවිතය විනාශ කිරීම මගින්ද, ඩොලර් බිලියන ගණනාවක් ලෝක බැංකුව, ආසියාතික සංවර්ධන බැංකුව, සහ බ්ලැක්රොක්, ජේපී මෝර්ගන් චේස් වැනි ජාත්‍යන්තර මුල්‍ය ජාවාරම්කාර සමාගම්වලින්ද ණයට ගැනීම මගින් ජාතික ස්වාධිපත්‍යය විනාශ කිරීම මගින්ද ලංකාවේ ජනතාව පරම්පරා ගණනාවකට ගොඩ ඒමට නොහැකි ප්‍රපාතයකට ඇද දමා තිබේ.

දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ කොවිඩ් භීෂණයේ අලුත්ම වටයට සහාය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හරිත අලුත්ගේ වැන්නන් ද රවි කුමුදේශ් වැන්නන්ද යළිත් වරක් මෙම විනාශකාරි ප්‍රෝඩාව පෙරට ගැනීමට උත්සාහ දරන්නේ මෙම ඛේදජනක ප්‍රතිඵල ඇස්පනාපිටම දක්නට තිබියදීය.

6. ශ්‍රී ලංකාව වාර්ෂික මරණ සංඛ්‍යාව 2021 දී 31,505කින් කින් ඉහළ යයි.

ශ්‍රී ලංකාවේ 2019 සහ 2020 වසරවල උපත්, මරණ සහ විවාහ පිළිබඳ සංඛ්‍යාවන් -ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව (සම්පූර්ණ වගුව නැරඹීමට මේ මත ක්ලික් කරන්න)
ශ්‍රී ලංකාවේ 2020 සහ 2021 වසරවල උපත්, මරණ සහ විවාහ පිළිබඳ සංඛ්‍යාවන් -ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව (සම්පූර්ණ වගුව නැරඹීමට මේ මත ක්ලික් කරන්න)

NumberofBirthsDeaths ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව 2020 වසර සඳහා නිකුත් කර ඇති දත්ත පෙන්නුම් කරන්නේ ඊට කලින් වසරේ එනම් 2019 වසරේ මරණ අනුපාතිකය හා සැසඳීමේ දී රට තුළ මරණ අනුපාතිකය පහත වැටීමකි. ඒ අනුව පෙනී යන්නේ 2020 දී අතිරේක මරණ සංඛ්‍යාවක් සිදුව නොමැති බවත් සෞඛ්‍යමය වශයෙන් හදිසි තත්ත්වයක් (එනම් විශාල පරිමාණයෙන් මිනිසුන් මරණයට පත්කරවන වසංගත, යුද්ධ හෝ ස්වාභාවික ව්‍යසන)නොපැවති බවත්ය. ඒ වෙනුවට මරණ අනුපාතිකයේ පහත වැටීමක් සිදුව ඇත! 2019 වසරේ ලංකාව තුළ මුළු මරණ සංඛ්‍යාව 146,053ක් වූ අතර 2020 දී එය 132,431 ක් විය. වෙනත් වචනවලින් කිව හොත් කලින් වසර සමග සැසඳීමේ දී ඊනියා කොවිඩ්-19 වසංගතය පැවැති 2020 වසරේ දී මරණ සංඛ්‍යාව 13,622කින් අඩු වී තිබේ. ඒ හා සමානවම දළ මරණ අනුපාතිකය 2019 වසරේ දී 6.7% සිට 6.0% දක්වා පහත වැටී තිබේ.
නමුත් 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,431ක් වනවිට 2021 වසරේ මරණ සංඛ්‍යාව 163,936ක් ලෙස වාර්තා වී තිබේ. එනම් 2021 වසරේදී මරණ සංඛ්‍යාව 31,505කින් ඉහළ ගොස් තිබේ.

රජයේ වසංගත රෝග මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛන අනුව 2021 ජනවාරි 02 සිට 2021 දෙසැම්බර් 25 දක්වා කොවිඩ්-19 හේතුවෙන් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 14,786කි. ජනතාව බිය ගන්වා කොවිඩ්-19 mRNA එන්නත්කරණයට යොමු කරවීම පිණිස මෙම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවන්ට වෙනත් රෝගවලින් මිය ගිය (comorbidities) පුද්ගලයන්ද වංචනික ලෙස ඇතුළත් කර තිබේය යන කරුණ මොහොතකට නොසළකා හරිමු.

මේ අනුව බලන කල රජයේ වසංගත රෝග මර්දන ඒකකය විසින් 2021 වර්ෂය තුළ වාර්තා කර ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වන 14,786 එම වර්ෂයේ මුළු අතිරේක මරණ සංඛ්‍යාව වන 31,505 න් අඩු කළ විට දී තවත් පුද්ගල මරණ 16,719ක් වෙනත් හේතූන් නිසා අතිරේකව සිදුවී ඇති බව පෙනී යයි. මෙම අතිරේක මරණ සංඛ්‍යාව කොවිඩ්-19ට බැර කිරීමට නොහැකි වන්නේ අප විසින් 2021 වසරේදී සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව එම වසරේ අතිරේක මරණ සංඛ්‍යාවෙන් අඩුකර දක්වා ඇති බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේම වාර්තාවලට අනුව ඊනියා කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිටම මේ දක්වා ඒ හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මරණයට පත්ව ඇත්තේ 16, 805කි. 2021 වසරේ කොවිඩ් මරණ සංඛ්‍යාව 14,786 කි. එසේ නම් 2021 වසරේ දී පමණක් වාර්තා වී ඇති 31,505 අතිරේක මරණ සංඛ්‍යාව කවර හේතූන් මත සිදු වී ඇත්ද?

මෙම අතිරේක මරණ 31,505ක සඳහා බලපාන ලද හේතු මොනවාද? මෙය බරපතල සමාජ  ප්‍රශ්නයක් සහ මානුෂික ඛෙදවාචකයක් ලෙස කිසිවෙකු විසින් නොසලකනු ලබන්නේ මක් නිසාද? මෙයට පෙර මනුෂ්‍ය වර්ගයා මත මහාපරිමාණ වශයෙන් අත්හදා බලා නොමැති එන්නත් ලාංකීය ජනතාව මතද භාවිතයේ යෙදවීම මෙම අතිරේක මරණවලට හේතු වී තිබේද? ශ්‍රි ලංකාව තුළ එන්නත්වල අතුරු ආබාධ වලින් හානියට සහ මරණයට පත් වූවන් පිළිබඳ වාර්තා කෙරෙන කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන්නේ මන්ද? ශ්‍රි ලංකාව තුළ ෆයිසර්, මොඩෙර්නා, ඇස්ට්‍රාසෙනෙකා, සිනොෆාම්,ස්පුට්නික් වැනි කොවිඩ්-19 එන්නත් මගින් මයොකාඩයිටිස් හෝ පෙරිකාඩයිටිස් හෘදයාබාධ වැළඳී හෝ මොලයේ ලේ කැටිති ඇති වී හෝ මිය ගිය තරුණ වයසේ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද? මොහොතකට සිතා බලන්න, හදිසි හෘදයාබාධ හෝ වෙනත් අසාමාන්‍ය රෝගී තත්ත්වයන් යටතේ ඔබ දන්නා ඔබට සමීප පුද්ගලයන් කී දෙනෙකු හදිසියේ මරණයට පත්ව තිබේද?

වෙනත් රෝගවලින් පෙලෙන්නන්ට රෝහල් කරා ඒම තහනම් කිරීම සහ ඔවුන් බියගැන්වීම, රෝහල්වල විසින් අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කල් දැමීම, පිළිකා ප්‍රතිකාර සහ පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ සීමා කිරීම,අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, සෞඛ්‍ය අංශයට වෙන් කරන ලද මුදල් සම්පූර්ණයෙන්ම මෙන් කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීමට යෙදවීම ආදිය හේතුවෙන් නිසි ප්‍රතිකාර නොලබා මිය ගිය කී දෙනෙකු මෙම 31,505 අතර සිටින්නේද?

කෘෘර සහ නිෂ්ඵල කොවිඩ් ලොක්ඩවුන් හේතුවෙන් රැකියා අහිමිවීම, ස්වයං රැකියා ව්‍යාපාර බිඳවැටීම, විදේශ රැකියා අවස්ථා සීමාවීම ආදිය නිසා ආර්ථික ජීවිතය බිඳවැටීම හේතුවෙන් මතු වූ මානසික ආතතිය නිසා ගිලන් බවට පත්ව මරණයට වූවන් සංඛ්‍යාව කොපමණද?ඒ නිසා සිය දිවි නසාගත්තවුන් කොපමණද?
පාසල් වසා දැමීම නිසා අධ්‍යාපනය කඩාකප්පල්වීමත්, අනාගතය පිළිබඳ අපේක්ෂාවන් බිඳවැටීමත්, සමාජීය හුදෙකලා බවත් නිසා සිය දිවි නසාගත් යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව කොපමණද?

මෙම දත්ත විමසා බැලීමේ දී පැහැදිලිවන තවත් දෙයක් නම් 2020 වසරට වඩා 2021 වසරේ දී සිදු වූ උපත් සංඛ්‍යාව 16,858කින් අඩු වී ඇති බවය.

ලංකාවේ මේ මොහොතේ සිදුවෙමින් පවතින මෙම සිදුවීම් මනුෂ්‍යත්වයට එරෙහි ගෝලීයකරණවාදින්ගේ සැලසුම්සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරාම විවිධ රටවල විවිධ ආකාරයෙන් අඩු වැඩි වශයෙන් සිදුවන විනාශයේම එක් කොටසක් පමණි. මනුෂ්‍ය වර්ගයාට එරෙහි මෙම කෘෘර සාපරාධී ක්‍රියාවලිය පරාජය කර මනුෂ්‍යත්වය ජයග්‍රහණය වූ මොහොතකදී මෙම මරණ නිසැකවම හැඳින්වෙනු ඇත්තේ ආහාර, ඖෂධ, සහ බලශක්තිය ආයුධ ලෙස යොදාගනිමින් දියත් කරන ලද ජනසංහාරයක් ලෙසිනි.

7. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2004 මාර්ගෝපදේශනය සැකසීම කෙරෙහි ඖෂධ සමාගම්වල බලපෑම සහ තාක්ෂණික විශේෂඥයන්ගේ කමිටුව

හරිත අලුත්ගේ විසින් සඳහන් කර ඇති මෙම ශ්‍රි ලාංකික තාක්ෂණික විශේෂඥයන්ගේ කමිටුව පත් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1999 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ”ඉන්ෆ්ලුවන්සා වසංගත සැලසුම. ජාතික සහ කලාපීය සැලසුම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව” (Influenza Pandemic Plan. The Role of WHO and Guidelines for National and Regional Planning) නම් මාර්ගෝපදේශනය අනුවය.

1999 දී ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් මෙම මාර්ගෝපදේශනය සකස් කරන විට එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ නෝර්වේජියානු ජාතික ග්‍රෝ හාර්ලම් බෘන්ට්ඩ්ලාන්ඩ් (Gro Harlem Brundtland) විසිනි. ඇයගේ මෙහෙයුම යටතේ පත් කරගන්නා ලද උපදේශක කමිටුවක් මගින් මෙම මාර්ගෝප දේශනය සකස් කර තිබේ. මෙම උපදේශක කමිටුව තුළ ඉතා බලපෑම් සහගත කණ්ඩායම වූයේ ESWI හෙවත් ඉන්ෆලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායම( European Scientific Working Group on Influenza – ESWI) නම් සංවිධානයයි. උපදේශක කමිටුවේ සාමාජිකයන් බහුතරයක් මෙම සංවිධානය නියෝජනය කළවුන් විය.
2004 දී මෙම මාර්ගෝපදේශනය හා සම්බන්ධ වූ “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රති වෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය-2004 “ නම් තවත් ලේඛනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලදි. එම ලේඛනය සකස් කිරීමේ කටයුතුවලට මෙන්ම ඉන්පසුව වරින්වර සිදු වූ සංස්කරණයන්ටද මෙම කණ්ඩායම ESWI සම්බන්ධ වී තිබේ.

1999 සිට මේ දක්වා මෙම කණ්ඩායම විසින් විවිධ ඖෂධ සමාගම්වලින් මූල්‍යාධාර ගෙවීම් ලබාගෙන තිබේ. එමෙන්ම එම කණ්ඩායමේ සාමාජිකයන් විසින් ද පුද්ගලිකව ද විවිධ ඖෂධ සමාගම්වලින් මූල්‍යාධාර සහ ගෙවීම් ලබාගෙන තිබේ. ඖෂධ සමාගම් සමග මූල්‍ය සම්බන්ධකම් පවත්වන මෙවැනි සංවිධානයක් සහ එහි සාමාජිකයන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනයක උපදේශක තනතුරුවලට බඳවාගැනීමේදී අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් මතුවීම අනිවාර්ය බව බොහෝ පර්යේෂකයන් සහ ජනමාධ්‍යවේදීන් විසින් පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම මෙම වසංගත සුදානම් වීමේ මාර්ගෝපදේශනය තුළ මෙම අන්තර්ගතව ඇති නිර්දේශ මගින් ඖෂධ සමාගම්වලට ඩොලර් බිලියන සිය ගණනින් උපයාගැනීමටත් හැකිවන පරිදි සහ ඖෂධවල අතුරු ආබාධ නිසා සිදුවන හානිවලට එරෙහිව එම ඖෂධ සමාගම්වලට නඩු පැවැරිය වන නොහැකි ලෙස ඒ ඒ රටවලට ඖෂධ සමාගම් සමග ගිවිසුම් ඇති කරගන්නා ලෙස සඳහන් වන නිර්දේශ මෙම අයථා බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ”ඉන්ෆ්ලුවන්සා වසංගත සැලසුම. ජාතික සහ කලාපීය සැලසුම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව” නම් මාර්ගෝපදේශනය සකස් කළ උපදේශක කමිටුවේ සාමාජිකයන් බහුතරයක් අයත් වූ ESWI කණ්ඩායම විසින් 1999 සිට මේ දක්වා මුල්‍ය සබඳකම් පවත්වන ලද ඖෂධ සමාගම් අතරින් කීපයක් පහත දැක්වේ. ඒවා ඉන්ෆ්ලුවන්සා රෝග සඳහා එන්නත්, ඖෂධ සහ ටෙස්ට් කට්ටල් නිෂ්පාදනය කරන නිෂ්පාදනය කරන සමාගම් වේ.

හොෆ්මාන් ලා රෝෂ්,(Hofmann-La Roche)
ග්ලැක්සෝස්මිත්ක්ලයින් (Glaxosmithklein)
ෂිරෝන් වැක්සින්ස් ( Chiron Vaccines)
මෙඩෙවා ෆාර්මා(Medeva Pharma(
ග්ලැක්සෝ වෙල්කම්(Glaxo Wellcome)
පාස්චර් මෙරියූ (Pasteur Mérieux MSD)
ස්මිත්ක්ලයින් බීෂම් බයොලොජිකල්ස් (SmithKline Beecham Biologicals)
සොල්වේ ෆාමසූටිකල්ස් (Solvay Pharmaceuticals)
බක්ස්ටර් වැක්සීන්ස් (Baxter Vaccines)
කෘසෙල් (Crucell)
නොවාර්ටිස් (Novartis)
මෙඩ්ඉමියුන්(Medimmune)
නොබිලෝන්(Nobilon)
සනෝෆි පාස්චර් (Sanofi Pasteur MSD)

කණ්ඩායම විසින් ඉහත ඖෂධ සමාගම්වලින් මූල්‍යාධාර ලබාගෙන ඇත්තේ විවිධ පර්යේෂණ පැවැත්වීම, සම්මේලන සහ සම්භාෂණ, වැඩමුළු සහ ප්‍රකාශන ආදි කටයුතු සඳහාය.
වසර 2010 දී බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් නම් වෛද්‍ය විද්‍යාත්මක සඟරාවේ ඩෙබාරා කොහෙන් සහ බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් සංවිධානයේ මාධ්‍යවේදී ෆිලිප් කාටර් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී ඇත්තේ මෙම ESWI සංවිධානය නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මාර්ගෝපදේශන උපදේශක කමිටුවට සහභාගි වූ විශේෂඥයන් බොහෝ දෙනෙකුද ඉහත සඳහන් කරන ලද ඇතැම් ඖෂධ සංවිධාන වලින් ගෙවීම් සහ දීමනා සහ පර්යේෂණ අරමුදල් ලබාගත් අය වෙති. මොවුන් අතර රෙනේ ස්නාකන්, ඩැනියෙල් ල වාන්චි, අනිකා ලින්ඩා, නීල් ෆර්ගසන්, කාල් නිකොල්සන්, සහ අබේ ඔස්ටර්හවුස් යන විශේෂඥයන් වෙති.

මෙයට අමතරව නැන්සි කොක්ස්, ආර්නොල්ඩ් මොන්ටෝ,ජෝන් වුඩ්, මාරියා සැම්බොන්, ෆ්‍රෙඩ් හයිඩන් ආදින්ද මෙම උපදේශක කමිටුවේ සාමාජිකත්වය දරා ඇති අතර ඔවුන්ද විවිධ ඖෂධ සමාගම් සමග මූල්‍ය සහ සේවා ගනුදෙනු පවත්වා ඇත.

මෙම විශේෂඥයන් සහ ඔවුන් සබඳතා පවත්වන ලද ඖෂධ සමාගම් පිළිබඳ විස්තරාත්මක වගුවක් මෙහි දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මාර්ගෝපදේශන උපදේශක කමිටුවේ සාමාජිකයන් සහ ඖෂධ සමාගම් අතර මූල්‍ය සම්බන්ධකම්

විශේෂඥයාගේ නම, නියෝජනය කරන ලද ආයතනය සහ රට සබඳතා පැවැත් වූ ඖෂධ සමාගම සහ සබඳතාවේ ස්වරූපය
රෙනේ ස්නැකන් (Rene Snacken)
බෙල්ජියන් සෞඛ්‍ය අමාත්‍යාංශය
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.
1998 වසරේ දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද විවිධ කටයුතුවලට සහභාගි වී ඇත.නොයිරාමිනිඩේස් නිෂේධක( neuraminidase inhibitors) සම්බන්ධ අධ්‍යයනයක් රෝෂ් සමාගම වෙනුවෙන් ලියන ලදි. රෝෂ් සමාගමේ ගෙවීම් ලබන උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතරම එම සමාගමේ නිෂ්පාදනයක් වූ ඔසෙල්ටමිවිර් අනුමත කිරීම සඳහා යුරෝපා ඖෂධ එජන්සියේ පැවැති නිල කමිටු රැස්වීම්වලට සහභාගි වී තිබේ
ඩානියෙල් ලවාන්චි (D Lavanchy)
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි
1998 වසරේ දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද කටයුතුවලට සහභාගි වී ඇත. ලවාන්චි 1998 දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද සම්භාෂණයකට සහභාගි වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් ආසාදන රෝග සම්බන්ධ අංශයේ සේවය කරමින් සිටියේය.
මහාචාර්ය කාල් නිකොල්සන්(Karl Nicholson)
බ්‍රිතාන්‍යයේ ලයිසෙස්ටර් විශ්ව විද්‍යාලය
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනයේ “ ඉන්ෆ්ලුවන්සා වසංගතය ” නම් තුන්වන ඇමිණුම් ලේඛනය ලියා ඇත්තේ මොහු විසිනි.
රෝෂ් සමාගම විසින් 1998-2000 අතර කාලයේ පළ කරන ලද අලෙවි ප්‍රවර්ධක ප්‍රචාරක පත්‍රිකාවල නිකොල්සන්ගේ නම් ගම්ද සඳහන්ය. උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතරම රෝෂ් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද ඔසෙල්ටාමිවිර් ඖෂධය පිළිබඳ අහඹු පාලිත පර්යේෂණවලට සහභාගි වී ඇත. මෙම උපදේශක කමිටුව විසින් සකස් කරන ලද මාර්ගෝපදේශනය පිළිපදිමින් ලෝකයේ බොහෝ රටවල් ඩොලර් බිලියන ගණන් රෝෂ් සමාගමට ගෙවමින් මෙම ඔසෙල්ටමිවිර් ඖෂධ මිලදී ගෙන ඇත. රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද පෙණහලු ආශ්‍රිත රෝග සම්බන්ධ සම්භාෂණයන්ට සහභාගිවීම සඳහාද උපදේශන කටයුතු සඳහාද එම සමාගමෙන් මුදල් ලබා ඇත. මෙයට අමතරව ඔහු ග්ලැක්සෝස් ස්මිත් කලයින් සමාගම ව්යෙත් (Wyeth), ෂිරොන්( Chiron) සහ බර්නා බයෝටෙක් (Berna Biotech) යන ඖෂධ සමාගම්වලින් උපදේශන කටයුතු සඳහා දීමනා ලබා තිබේ.
මහාචාර්ය අබේ ඔස්ටර්හවුස් (Abe Osterhaus)
නෙදර්ලන්තයේ ඉරාස්මුස් විශ්ව විද්‍යාලය
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.
මොහුගේ නමද රෝෂ් සමාගම විසින් 1998-2000 අතර කාලයේ පළ කරන ලද අලෙවි ප්‍රවර්ධක ප්‍රචාරක පත්‍රිකාවල සඳහන්ය.මොහු ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සුදානම් සැලසුම ලේඛනයට දායක වන විට රෝෂ් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද ඔසෙල්ටාමිවිර් ඖෂධය පිළිබඳ අහඹු පාලිත පර්යේෂණවලට සහභාගි වී ඇත ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2009 ඌරු උණ වසංගත උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ඔස්ටර්හවුස් 1999 දී මෙම ඔසෙල්ටමිවිර්හි අඩංගු සංයෝගයක් වන නොයිරාමිනිඩේස් නිෂේධක( neuraminidase inhibitors) වල ඖෂධීය ගුණය වර්ණනා කරමින් වසංගතයට එරෙහිව ඒවා යොදාගැනීමට යෝජනා කරමින් ලිපියක් ලියන ලදි. මෙය වක්‍රව එම ඖෂධයේ අලෙවිය සඳහා ප්‍රචාරයක් ලබාදීමක් විය.
අනික ලින්ඩා (Annike Linde)
ESWI කණ්ඩායමේ සාමාජිකාවකි
වෛද්‍ය අනික ලින්ඩා ස්වීඩන් රජයේ වසංගතවේදිනියක් ලෙස සේවය කර තිබේ.
රෝෂ් ඖෂධ සමාගම සඳහා දේශනා සහ උපදේශන සේවා ලබා දෙමින් ඒ වෙතින් ගෙවීම් ලබා ඇත.
ඇය වසර 2002 දක්වා රෝෂ් සමාගම වෙනුවෙන් සිදු කරන ලද විවිධ කාර්යභාරයන් වෙනුවෙන් ඒ සමාගම වෙතින් ගෙවීම් ලද බව පිළිගෙන තිබේ.‍
බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය නීල් ෆර්ගසන් (Neil Ferguson)
ESWI කණ්ඩායමේ සාමාජිකයෙකි.
ඔහු මෙම උපදේශක කමිටුවේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද අතර රෝෂ්, ග්ලැක්සෝස්මිත් ක්ලයින් බයොලොජිකල්ස් යන සමාගම්වල උපදේශකයෙකු ලෙස ද 2007 දක්වා කටයුතු කර ඇත. මෙම ඌරු උණ පිළිබඳව මෙන්ම කොවිඩ්-19 ව්‍යාප්තවන ශීඝ්‍රතාව පිළිබඳව සංඛ්‍යා විද්‍යාත්මක ආකෘතින් නිර්මාණය කළේ ඔහු විසිනි. ඌරු උණ මගින් මිලියන ගණන් ජනතාව මිය යනු ඇතැයි භීෂණය පදනම් වූයේ ඔහුගේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන මතය.
මහාචාර්ය ෆ්‍රෙඩ් හයිඩන් (Fred Hyden) රෝෂ් සමාගම සහ ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගම සඳහා දේශන පැවැත්වීම සහ උපදේශන කටයුතු සිදුකර ඇති අතර ඒ වෙනුවෙන් ගෙවීම් ලබා තිබේ. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රති වෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය-2004 “ නම් ලේඛනය සකස් කිරීම සඳහා දායක වෙමින් සිටි කාලය තුළ දී ද රෝෂ් සමාගම සඳහා දේශන පැවැත්වීම සහ උපදේශන කටයුතු සිදු කර ඇති අතර ඒ වෙනුවෙන් ගෙවීම් ලබා තිබේ.
2003 වසරේදී මහාචාර්ය හයිඩන් විසින් රෝෂ් සමාගමේ අනුග්‍රහයෙන් සිදුකරන ලද අධ්‍යයන වාර්තාවක් පළ කර තිබේ. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ රෝෂ් සමාගමේ නිෂ්පාදනයක් වන ඔසෙල්ටමිවිර් ඖෂධය සම්බන්ධයෙනි. එම ඖෂධය භාවිතා කිරීම මගින් රෝහල් ගත වීම් 60% කින් අඩු වූ බව එම අධ්‍යයන පත්‍රිකාවේ දැක්වේ. පසුව එම ඖෂධය අලෙවි කිරීමේ ප්‍රචාරක කටයුතුවලදී මෙම කරුණ උපරිම වශයෙන් භාවිතා කරන ලදි.
මහාචාර්ය මාරියා සැම්බොන් (Maria Zambon)
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ පවත්වාගෙන ගිය ඇගේ විද්‍යාගාරයේ කටයුතු සඳහා ඇය එන්නත් නිපදවන සමාගම් වන සනෝෆි, නොවාටිස්, බක්ස්ටර්,ග්ලැක්සෝස්මිත් ක්ලයින් සහ CSL යන සමාගම්වලින් මූල්‍යාධාර ලබාගෙන ඇත.
ජෝන් වුඩ් (John Wood)        ජීව විද්‍යාත්මක ප්‍රමිතීන් සහ පාලනය පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික ආයතනය ජීව විද්‍යාත්මක ප්‍රමිතීන් සහ පාලනය පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික ආයතනය යටතේ ක්‍රියාත්මක වූ යටතේ ජෝන්වුඩ්ගේ පර්යේෂණ කණ්ඩායම විසින් සනොෆි පාස්ටොයර්, නොවාටිස්,පවුඩර්මෙඩ්, CSL සහ IFPMA,යන ඖෂධ සමාගම්වල ඉන්ෆලුවන්සා එන්නත් සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදු කර තිබේ.
මහාචාර්ය ආර්නොල්ඩ් මොන්ටෝ ( Arnold Monto)
එක්සත් ජනපදය
ඔහු ඉන්ෆලුවන්සා වසංගත හෝ වාර්ෂික සෙම්ප්‍රතිෂ්‍යා උණ සම්බන්ධව පර්යේෂණ සඳහා ග්ලැක්සෝස් ස්මිත් ක්ලයින්, නොවාතිස්, රෝෂ්, බක්ස්ටර් (Baxter) , සහ සනොෆි පාස්ටොයර් (Sanofi Pasteur) යන ඖෂධ සමගම් වල උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ. 2007-2008 අතර කාලය තුළ ඉන්ෆ්ලුවන්සා වෛරස් එන්නත සඳහා සායනික පර්යේෂණ කටයුතුවලට සහභාගිවීම වෙනුවෙන් සනොෆි ඖෂධ සමාගමෙන් මුදල් ලබාගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනය සඳහා ආර්නොල්ඩ් මොන්ටෝ විසින් සකස් කරන ලද ඇමිණුම් ලේඛනය මගින් වසංගත කාලය තුළ එන්නත් භාවිතා කළ යුතු ආකාරය ගැන විස්තර කරයි. මෙම කාලය තුළ ඔහු උපදේශක දීමනා, ගරු දීමනා, පර්යේෂණ කටයුතු සඳහාමූල්‍යාධාර ආදිය රෝෂ් සමාගමෙන් ලබාගෙන තිබේ. එමෙන්ම ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගමෙන් උපදේශක දීමනා සහ පර්යේෂණ කටයුතු සඳහාමූල්‍යාධාර ලබාගෙන තිබේ. එමෙන්ම විරෝෆාර්මා ( ViroPharma) පර්යේෂණ අරමුදල් ලබාගෙන ඇත.
2009 වසරේ දී එක්සත් ජනපදයේ ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද තොරතුරු අනුව 2009 වසරේ දෙවන සහ අවසාන කාර්තුව අතර දේශක ගාස්තු වශයෙන් මහාචාර්ය මොන්ටෝ ඩොලර් 3000ක් එම සමාගම වෙතින් ලබාගෙන තිබේ.
නැන්සි කොක්ස් (Nancy Cox)
එක්සත් ජනපදයේ බෝවෙන රෝග පාලන මධ්‍යස්ථානය ( Center for Disease Control)
ඇය ඉන්ෆ්ලුවන්සා උණ සම්බන්ධව එන්නත් පිළිබඳ ඖෂධ නිෂ්පාදනය කරන සහ පරීක්ෂණ කරන ඖෂධ නිෂ්පාදකයන්ගේ සහ සම්මේලනයන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණයට (International Federation of Pharmaceutical Manufacturers and Associations – IFPMA))සම්බන්ධව කටයුතු කරමින් ඒවායෙන් මුදල් ලබාගෙන ඇත.

ඉන්ෆ්ලුවන්සා වසංගත තත්ත්වයකදී එන්නත් සහ ප්‍රතිවෛරස් භාවිතා භාවිතා කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද 2004 මාර්ගෝපදේශනයේ මෙසේ සඳහන් වේ.

“තම රටවල වසංගත ප්‍රතිචාර ඉලක්ක සහ සම්පත් මත පදනම්ව ඒ ඒ රටවල් විසින් තමන් සතුව ප්‍රමාණවත් තරම් ප්‍රතිවෛරස් ඖෂධ තොග පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සංවර්ධනය කළ යුතුය. තමන්ගේ වසංගත ප්‍රතිචාර සැලසුම්වල කොටසක් ලෙස ප්‍රති වෛරස් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති රටවල් ඒ සඳහා කල්තබා අවශ්‍ය තොග ගබඩාකිරීම් සිදු කළ යුතුය. ඒ දැනට පවත්නා ප්‍රතිවෛරස් ඖෂධ තොග සීමිත බැවිනි.”

ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004

මෙම නිර්දේශය මගින් ඒ ඒ රටවල ආණ්ඩුවලට කෙළින්ම උපදෙස් දෙන්නේ වහාම ඖෂධ සමාගම් සමග ගිවිසුම් වලට එළැඹෙමින් එන්නත් ඇණවුම් කරන ලෙසය. යම් වසංගත තත්ත්වයක් හෝ වෙනත් රෝගයන් හෝ සම්බන්ධව යම් රටක් සිය රටේ ජනතාවගේ සෞඛ්‍යයට අදාළව තීරණ ගතයුත්තේ එම වසංගතය තම රටට බලපාන ආකාරය, සිය රටට අදාළ සුවිශේෂි තත්ත්වයන්, ආදිය ගැන විශ්ලේෂණයකින් පසුවය. නමුත් මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ ඒ රටවලට ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව මෙම නිර්දේශ මගින් අහෝසි කරයි. ඖෂධ සමාගම් සමග ඩොලර් මිලියන සියගණන් වටිනා එන්නත් තොග ඇණවුම් ගිවිසුම් අත්සන් තැබීමට ලෝක සෞඛය සංවිධානය විසින් සිය ආධිපත්‍යය සහ එයට ඇති පිළිගැනීම අපයෝජනය කරමින් මේ සිදු කර ඇති නිර්දේශ මගින් සැබැවින්ම සේවය කරන්නේ ඖෂධ සමාගම්වල ලාභ ඉහළ දමාගැනීමේ අවශ්‍යතාවය ඉටුකරගැනීම සඳහා පමණි.

අවධානයට ගත යුතු කරුණ වන්නේ මෙම මාර්ගෝපදේශනය සකස් කරන ලද උපදේශක කමිටුවේ බහුතරයක් සාමාජිකයන් ඉන්ෆ්ලුවන්සා එන්නත් සහ ප්‍රති වෛරස් ඖෂධ නිපදවන සමාගම් වලින් මූල්‍යමය දීමනා, අරමුදල් සහ ගෙවීම් ලබා ඇති පුද්ගලයන් පිරිසක් බවයි.

ඉහත දක්වන ලද පරිදි ඖෂධ සමාගම් සමග සම්බන්ධකම් පැවැත්වූ විශේෂඥයන් විසින් සකස් කරන ලද “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004 ” නමින් නිකුත් කරන ලදි. එම ලියැවිල්ලේ 4.2 යටතේ නිකුත් කර ඇති නිර්දේශ මෙසේය.

4.2 එන්නත්

4.2.1. ඒ ඒ රටවල බලධාරින්ට සහ එන්නත් නිෂ්පාදකයන් සඳහා නිර්දේශ

එන්නත්වල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා අන්තර් වසංගත කාලය පරිච්ඡේද සඳහාද එන්නත් භාවිතය ව්‍යාප්ත කිරීම (එනම් එක් වසංගතයක් නිම වූ පසුව මීළඟ වසංගතය පැමිණෙන කාලය අතර ද ජනතාව එන්නත්කරණ වැඩ පිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කිරීම)

දැනට එන්නත් නිෂ්පාදනය නොකරන රටවල් තුළ එන්නත් නිෂ්පාදන හැකියාවන් ස්ථාපනය කිරීම

එන්නත් ප්‍රවාහන සහ නිරීක්ෂණ ක්‍රම වැඩි දියුණු කිරීම

වසංගත එන්නත් සැපයුම සඳහා සෞඛ්‍ය බලධාරින් සහ එන්නත් නිෂ්පාදකයන් අතර ජාතික හෝ අන්තර්ජාතික ගිවිසුම් ඇතිකරගැනීම සහ ඒවා ආරක්ෂා කිරීම

නව වසංගත එන්නත්වර්ගයක් මගින් සිදු කරන මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාරයක් තුළ ඇති විය හැකි නොදන්නා වර්ගයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැන නැගිය හැකි වගකීම පිළිබඳව ගැටළු සම්බන්ධව සුදුසු විසඳුම් ලබාදීම

ජාන ප්‍රත්‍යවර්ථ්‍ය තාක්ෂණය (mRNA) වැනි නව තාක්ෂණයන් එන්නත් නිෂ්පාදනය තුළට හඳුන්වා දීමේදී මතුවන බුද්ධිමය දේපළ පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබාදීම.

ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004

මෙහි පළමු නිර්දේශයේ සඳහන් වන අන්තර් වසංගත කාල පරිච්ඡේදය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ම අර්ථකථනය කර ඇත්තේ “ කිසිදු නව ඉන්ෆ්ලුවන්සා වෛරස් උප ප්‍රභේදයක් මානව වර්ගයා තුළ නිරීක්ෂණය කළ නොහැකිවන කාල පරිච්ඡේදයයි. මානව වර්ගයාට හානි කළ හැකි වෛරස් උප ප්‍රභේදයක් සතුන් තුළ පැවැතිය හැකි නමුත් මානව වර්ගයා වෙත ආසාදනය වීමේ හෝ රෝගී බවට පත්කරවීමේ හැකියාව ඉතා පහළ මට්ටමක පවතී.”

මෙම පළමු නිර්දේශය අනුව වසංගතයක් නොපවතින කාල පරිච්ඡේදවලද එන්නත්කරණය සිදුකළ යුතුය. එම එන්නත් කරණය සිදු කරන්නේ කුමන වෛරසයක් ඉලක්ක කරනිමින්ද? තාමත් සතුන් තුළ පවතින නමුත් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය නොවූ වෛරසයක් වෙනුවෙන්ද? එසේ නම් සතුන් තුළ පවතින ඕනෑම වෛරසයක් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමට ඉඩක් ඇතැයි යමෙකු විසින් විශේෂයෙන්ම ඖෂධ සමාගම්වලින් යැපෙමින් ස්වාධීන පර්යේෂකයන් ලෙස පෙනී සිටිනා කණ්ඩායමක් විසින් නිගමනය කළ හොත් ඒ සඳහා වන එන්නත් මිලදී ගෙන ඒවායින් සමස්ත ජනතාවම එන්නත් කළ යුතුද?
අනෙක් අතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය අනුව මෙම අන්තර් වසංගත එන්නත්කරණ ව්‍යාපාරය පුළුල් කළයුතුව ඇත්තේ එන්නත් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහාය. මෙහි අර්ථය කුමක්ද? හුදෙක් එන්නත් නිෂ්පාදන සමාගම්වලට සිය නිෂ්පාදන හැකියාවන් ඉහළ නංවාලීමට සහාය වනු පිණිස ඔවුන්ගේ ආදායම් සහ ලාභ අනුපාතයන් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍යමය දෘෂ්ඨි කෝණයකින් කිසිසේත්ම අවශ්‍යතාවක් නැති එන්නත් මිලදී ගෙන ජනතාව ඒවායින් එන්නත් කළ යුතු බවද? අනෙක් අතට විශේෂයෙන් අවධාරණය කරගත යුතු කරුණ වන්නේ මෙම කිසිදු “ වසංගත එන්නතක්” සායනික පරීක්ෂණවල සියලු අවධි සම්පූර්ණ කර නැති සහ හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතයට අවසර දී ඇති ඒවා බවයි. දැනට නොපවත්නා වසංගතයක් වෙනුවෙන් හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතයට අවසර ලැබී ඇති එන්නත් භාවිතා කිරීම නීති විරෝධී නොවන්නේද?

මෙම මාර්ගෝපදේශනයේ එන්නත් යටතේ වන තෙවන නිර්දේශය වන්නේ ඒ ඒ රටවල ආණ්ඩු විසින් මතුවිය හැකි අනාගත වසංගතයක් වෙනුවෙන් එන්නත් ලබාගැනීම පිණිස ඖෂධ සමාගම් සමග ගිවිසුම් අත්සන් තැබීම කළ යුතු බවයි. මෙම ගිවිසුම්වලට අනුව ඒ ඒ රට තමන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය කල් තබා ඇණවුම් කරයි. නමුත් මෙම ගිවිසුම සක්‍රිය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්ත්වයක ප්‍රකාශයට පත් කළ විටය. එය බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතය එහි අවධි 5 හෝ 6 අවධි වෙත අවතීර්ණ වී ඇතැයි ප්‍රකාශ කළ විට සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින ඖෂධ සමාගම්වල ඒජන්තයන් විසින් සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සා ආසාදන රැල්ලක් මහා බිහිසුණු වසංගත ලෙස නම් කරමින් ඒවාට විවිධ නම් තබමින් ඒවායේ ව්‍යාප්තිය සහ හානිකර ස්වභාවය අතිශයෝක්තියෙන් දක්වමින්ද සංඛ්‍යා ලේඛන විකෘති කරමින් ද වසංගත තත්ත්වයන් ප්‍රකාශ කිරීමට දැනට දශක දෙක තුනක සිට උත්සුක වී ඇත්තේ ඒ නිසාය. ඔවුන් විසින් කරන ලද පෙලැඹවීම සහ බලහත්කාරය මත ඒ ඒ රටවල ආණ්ඩු ඖෂධ සමාගම් සමග කලින් අත්සන් කරන ලද ඩොලර් මිලියන දහස්ගණන් වැයවන එන්නත් ඇණවුම් සක්‍රිය වන්නේ ඒ අනුවය. එය සක්‍රිය වූ වහාම එම එන්නත් සඳහා එම රටවල් මුදල් ගෙවිය යුතුවේ. තුන්වන ලොකයේ දුප්පත් රටවල් විසින් මෙහිදී සිදු කරන්නේ සිය ජනතාව සඳහා වෙන්කර ඇති සෙසු සියලු සමාජ සුබසාධන වියදම් කපාහැර ඒවා එන්නත් සමාගම්වලට බැර කිරීමය. නැතහොත් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මගින් හෝ බ්ලැක්රොක් වැනි පුද්ගලික මුල්‍ය සමාගම් මගින් හෝ ඩොලර් මිලියන දහස් ගණන් නැතිහොත් බිලියන ගණන් ණයට ලබාගනිමින් ඒවා ඖෂධ සමාගම් වෙත ලබා දීමය. ශ්‍රි ලංකාව විසින් පසුගිය සමයේ ලබාගෙන ඇති ඩොලර් බිලියන 10කට ආසන්න ණය මුදලකින් කර ඇත්තේ කාර්යක්ෂමතාව හෝ සුරක්ෂිතතාව පිළිබඳ කිසිදු සහතිකයන් නැති එන්නත් සඳහා ඖෂධ සමාගම් වෙත ගෙවීමය. මේ සඳහා අතරමැදි සම්බන්ධීකරණය සිදු කරන්නේ කෙළවරක් නොමැති වසංගත සහ එන්නත්කරණ ව්‍යාපාරය මත පදනම් වූ “ බිස්නස් මොඩලයක් ” වන බිල් ගේට්ස්ගේ GAVI පදනම විසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යෝජනා කරන පරිදි ඖෂධ සමාගම් සහ ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරින් විසින් අත්සන් කරන ලද ගිවිසුම අදාළ වන්නේ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ ඇණවුම් කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ පසුව එම එම ගිවිසුම් සක්‍රිය වීම සහ ඉන්පසුව මුදල් ගෙවීම යන ක්ෂේත්‍රයන්ට අදාළව පමණක් නොවේ. එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් සිදුවන හානි සඳහා නඩු පැවැරීමට නොහැකි වන ලෙස දණ්ඩ මුක්තියක් ලබා දීම, යම් හෙයකින් එම හානි සඳහා වන්දි ගෙවීමට සිදුවන්නේ නම් ඒ සඳහා ඖෂධ සමාගම් විසින් නොව රජය මගින් වන්දි ගෙවීම, එන්නත්වල සංයුතිය, කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ හෙළිදරවු නොකිරීමට එන්නත් නිපදවන සමාගමට අයිතියක් ඇතැයි පිළිගැනීම, සහ එම සමාගම් සමග රජය විසින් අත්සන් තබන ලද ගිවිසුම රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වාගෙන යාම ආදිය සඳහාද කොන්දේසිවලට එම ගිවිසුම යටතේ අත්සන් තැබිය යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ ඇතුළත් කර ඇති ඉහත දැක්වෙන 3,4,5 වගන්ති විසින් ඖෂධ සමාගම්වලට අති විශාල බලයක් බලයක් ලැබෙන ලෙස ගිවිසුම සකස් කරන ලෙස යෝජනා කර තිබේ.
එහි 4 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි

“නව වසංගත එන්නත්වර්ගයක් මගින් සිදු කරන මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාරයක් තුළ ඇති විය හැකි නොදන්නා වර්ගයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැන නැගිය හැකි වගකීම පිළිබඳව ගැටළු සම්බන්ධව සුදුසු විසඳුම් ලබාදීම”

ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004

මෙම වගන්තියෙන් කියනු ලබන්නේ අප විසින් ඉහතදීද අවධාරණය කළ පරිදි එන්නත්වල අතුරු ආබාධ සඳහා වන වගකීමෙන් ඖෂධ සමාගම් නිදහස් කිරීමයි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය නග්න සහ නිර්ලජ්ජිත ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ අනාරක්ෂිත එන්නත් ඉදිරිපත් කරනු ලබන ඖෂධ සමාගම් ආරක්ෂා කිරීමට මිසෙක ඒවා ගැනීම මගින් පීඩාවට පත්වන ඇතැම් විට මරණයට පත්වන පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම හො නොවන බව ඉතා පැහැදිලිය.

එහි පස්වැනි වගන්තිය මෙසේ වෙයි.

“ ජාන ප්‍රත්‍යවර්ථ්‍ය තාක්ෂණය (mRNA) වැනි නව තාක්ෂණයන් එන්නත් නිෂ්පාදනය තුළට හඳුන්වා දීමේදී මතුවන බුද්ධිමය දේපළ පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබාදීම. ”

ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004

තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින පර්යේෂණාත්මක එන්නත් හදිසි අවස්ථා අනුමැතිය යටතේ මුදා හරිනු ලබන විට ඒවායේ අඩංගු රසායනික සහ මොලිකියුලමය සංයුතිය රහසක්ලෙස තබාගැනීමට ඖෂධ සමාගම් වලට අවස්ථාව ලබාදීමට කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මගින් ඒ ඒ රටවල ආණ්ඩුවලට බලපෑම් කරයි. මෙහිදී ඖෂධ සමාගම්වලට mRNA වර්ගයේ ඉන්ෆ්ලුවන්සා එන්නත් හරහා CRISPR-Cas9 වැනි ජාන විකෘතිකිරීමේ තාක්ෂණ ක්‍රම යොදාගනිමින් විවිධ හානිකර පර්යේෂණ වලට රෝගීන් ලක් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම එන්නත් සඳහා වන මාර්ගෝපදේශනය 2004 දී සකස්කරනු ලැබූ අතර ඒවා 2009 ඌරු උණ වසංගතයෙදී ඖෂධ සමාගම් වලට අයථා වාසි සැලසීම යොදාගන්නා ලදි. එමෙන්ම ඒවා 2020-21 ඊනියා කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව යටතේ ද ඒ අයුරින්ම භාවිතා කර තිබේ.

8. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 තාක්ෂණික උපදේශක කමිටුව‍

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් ව්‍යෛ හරිත අලුත්ගේ විසින් සඳහන් කර ඇති ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය මර්දනය සඳහා වන තාක්ෂණික උපදේශක කමිටුව යනු කුමක්ද? එය නිර්මාණය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2004 මාර්ගෝපදේශනය අනුව බව අප විසින් මෙයට පෙර සඳහන් කර ඇත. . එහි ව්‍යුහය, කාර්යභාරය සහ තෝරාපත්කර ගැනීම් සියල්ල සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඖෂධ සමාගම්වලින් ගෙවීම් ලබා ඇති උපදේශන කමිටුවටත් අවශ්‍යවන පරිදි සකස් කරගන්නා ලද මාර්ගෝප දේශනය මගිනි.
මෙම කමිටු සාමාජිකයන් මෙසේය.
විශේෂ උපදේශක සහ කැඳවුම්කරු වෛද්‍ය පාලිත අබේකෝන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් ගේ ශ්‍රි ලංකාව සඳහා නියෝජිත
සභාපති ආචාර්ය අලාකා සිං ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත

සෙසු සාමාජිකයන්

වෛද්‍ය වින්යා ආරියරත්න,
මහාචාර්ය අසිත ද සිල්වා
විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,
මහාචාර්ය සරෝජ් ගුණරත්න
මහාචාර්ය ඉන්දික කරුණාතිලක
වෛද්‍ය රාජිව ද සිල්වා
මහාචාර්ය නීලිකා මලවිගේ
මහාචාර්ය කාමිනි මෙන්ඩිස්
මහාචාර්ය මලික් පීරිස්
මහාචාර්ය මනුජ් වීරසිංහ
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
වෛද්‍ය අසේල ගුණවර්ධන-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් කණ්ඩායමක්( මොවුන්ගේ අනන්‍යතාව හෙළි කර නැත)

9. කමිටු සමාජිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැටුම්

රටක ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධව වැදගත් තීරණ ගනු ලබන මෙවැනි උපදේශක කමිටුවක සාමාජිකයන්ගෙන් අවශ්‍යතා පිළිබඳ සම්බන්ධ ප්‍රකාශනයක් ලබා ගැනීම ද එය මහජනතාවට හෙළිදරවු කිරීමද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි. එහෙත් මේ දක්වා මෙම කිසිදු සාමාජිකයෙකුගේ අවශ්‍යතා පිළිබඳ ගැටුම් ප්‍රකාශනයක් (Declaration of Conflicts of Interest) මහජනතාවට ඉදිරිපත් කර නැත.

මෙම තාක්ෂණික උපදේශක කමිටුව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය අධිකාරය භාවිතා කරමින් ඇතුළත් කරන ලද විදේශීය විශේෂඥයන් මෙන්ම දේශීය වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධාන වන ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් ඇතුළත් කර ගන්නා ලද වෛද්‍යවරුන් ද වේ. මෙම සංවිධාන සහ ඒවායේ සාමාජිකයන් ද ස්වකීය ඉතිහාසය පුරාම ග්ලැක්සෝස්මිත් ක්ලයින් වැනි ඖෂධ සමාගම්වලින් විවිධ දීමනා, අරමුදල්, පර්යේෂණ වියදම්, වාර්ෂික සාද සහ සම්භාෂණ වැනි මුල්‍ය ප්‍රතිලාභ ලබා ඇත.
2017 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද “එන්නත් පිළිබඳ තොරතුරු සහ මාර්ගෝපදේශනය” (Guidelines and Information on Vaccines) සඳහා අරමුදල් ලබාගෙන ඇත්තේ ග්ලැක්සෝස් ස්මිත් ක්ලයින් වෙතිනි.

පාලිත අබේකෝන්  තුන්වන ලෝකයේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති බටහිර ඖෂධ සමාගම්වල ආධිපත්‍යයට යටත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති යෝජිත වසංගත ගිවිසුමේ (Pandemic Treaty) උද්‍යෝගිමත් ආධාරකරුවෙකි.

වෛද්‍ය පාලිත අබේකෝන් ලෝක ‍සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිල නියෝජිතයා වශයෙන් මෙම උපදේශක කමිටුවට විශාල අධිකාරයක් සහිතව සහභාගි වෙයි. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසරේ ලෝක සෞඛ්‍ය සම්මේලනයට කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන ලද වසංගත ගිවිසුමේ (The International Treaty on Pandemic Prevention, Preparedness, and Response -WHO Pandemic Treaty) )උද්‍යෝගීමත් ආධාරකරුවෙකි. මෙම වසංගත ගිවිසුම මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලද විට රටක ස්වාධිපත්‍යය නොතකා එම රටතුළ වසංගත මර්දනයේ නාමයෙන් ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ ඕනෑම තීරණයක් ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට බලය ලැබේ. බලහත්කාරි අනිවාර්ය එන්නත් කිරීම්, නිරෝධායන කඳවුරු පිහිටුවීම, ලොක් ඩවුන් සහ ඇඳිරි නීති පැනවීම් ආදිය ඒ අතර වේ. එමෙන්ම විදේශ සංචාරවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ඩිජිටල් එන්නත් හැඳුනුම් පත අනිවාර්ය කිරීමද මෙම යෝජිත වසංගත ගිවිසුමේ අරමුණකි. මෙය ලෝකය පුරාම ජනතාවගේ සෞඛ්‍යටද ජාතික ස්වාධිපත්‍යයටද බරපතල තර්ජනයක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ගෝලීයකරණවාදින්ගේද, ඖෂධ සමාගම්වලද, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේද මෙවලමක් බවට පත්ව ඇති හෙයිනි. මෙම තත්ත්වය තේරුම්ගත් අප්‍රිකානු රටවල් 47ක් විසින් මෙම වසංගත ගිවිසුම් කෙටුම්පත පසුගිය ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය තාවකාලිකව හකුළා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවිය. එහෙත් ඔවුහු එය සම්මත කරවාගැනීමට දැඩි වෑයමක අඛණ්ඩව නිරත වේ.

ග්ලැක්සෝවෙල්කම් සහ වෙනත් ඖෂධ සමාගම්වලින් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයට වෙළඳ දැන්වීම් ලබාගැනීම

වෛද්‍ය පාලිත අබේකොන් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයේ (Council of the Sri Lanka medical association) සභාපතිවරයාව කටයුතු කළ 2013 වසරේදී ඔහු විසින් එම සම්මේලනයේ ප්‍රකාශනය සඳහා ග්ලැක්සෝස්මිත් ක්ලයින් ඖෂධ සමාගමෙන් වෙළඳ දැන්වීම් ලබාගෙන තිබේ. වෛද්‍යවරුන් විසින් පළකරන ප්‍රකාශනයක් සඳහා ඖෂධ පිළිබඳ වෙළඳ දැන්වීම් පළ කිරීම ආචාර ධාර්මික ගැටළු ද මතුකිරීමට හේතුවක් වෙන නමුත් එම සම්මේලනය විසින් දිගටම ග්ලැක්සෝස් ස්මිත් ක්ලයින් සහ වෙනත් ඖෂධ සමාගම්වල වෙළඳ දැන්වීම් පළ කර තිබේ.

එම සම්මේලනයේ ප්‍රකාශනය සඳහා වෙළඳ දැන්වීම් ලබාගෙන ඇති තවත් සමාගමක් නම් ග්ලැක්සෝ වෙල්කම් සමාගමයි. ග්ලැක්සො සහ වෙල්කම් සමාගම් දෙක ඒකාබද්ධ කරමින් ග්ලැක්සෝ වෙල්කම් සමාගම බිහිකරන ලද්දේ 1995දීය. 1880 දී හෙන්රි වෙල්කම් සහ සයිලස් බරෝස් විසින් බරෝස් වෙල්කම් නමින් ආරම්භ කරන ලදි. හෙන්රි වෙල්කම් යුජෙනික්ස් ව්‍යාපාරයට සම්බන්ධ වූවෙකු වූ අතර වෙල්කම් පදනම නම් ආයතනය නිර්මාණය කරන ලද්දේ වෙල්කම් ඖෂධ සමාගම විසිනි. දෙවන ලෝක යුද්ධයේ දී නාසිවාදයේ පරාජයෙන් පසුව යුජෙනික්ස් ව්‍යාපාරය නැවැත ගොඩ නැගීමට වෙල්කම් පදනම විශාල කාර්ය භාරයක් ඉටු කර තිබේ. මේ වනවිට වෙල්කම් පදනම විසින් ජෙනටික්ස් නමින් හඳුන්වන ජාන විකෘතිකරණ පර්යේෂණවලට ආධාර සපයයි.

බ්‍රැන්ඩික්ස් විසින් ශ්‍රි ලංකා වෛද්‍ය සම්මේලනය දක්වන ලද අනුග්‍රහය

ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයේ ප්‍රකාශනයන් වෙත වෙළෙඳ දැන්වීම් ලබාගෙන ඇති තවත් සමාගමක් නම් බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමයි. 2020 වසරේදී කොරෝනා 2 පොකුර ගැන රාජ්‍ය සහ කොම්පැනි ජනමාධ්‍යයද එන්ජීඕ ජනමාධ්‍ය සහ එන්ජීඕ වෘත්තීය සමිති ද සහ සෞඛ්‍ය බලධාරින්ද මහා භීෂණයක් දියත් කරන ලද්දේ මෙම බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවක සේවිකාවන්ට එරෙහිව බව ඔබට මතක ඇතැයි සිතමු. බ්‍රැන්ඩික්ස් කම්හලේ ප්‍රධානින් තවත් යම් යම් බලවේග සමග එක්ව මෙම කොවිඩ්-19 භීෂණය ඇරඹීමට මාස කීපයකට පෙර ඔවුන් වෙත එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන දුසිම් ගණනාවක් වටිනා ඇණවුමක් කොවිඩ්-19 මුඛ සහ නාසා ආවරණ සැපයීම සඳහා ලැබී තිබිණි. එයට කළ ගුණ සැළකිම සඳහා ඔවුන් කළ යුතු වූයේ ලංකාව තුළ මහා පරිමාණ කොවිඩ්-19 ව්‍යාප්තියක් පිළිබඳව භීෂණයක් ඇරඹීම පමණි. මේ අනුව බ්‍රැන්ඩික්ස් සමාගම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය මගින් මුදල් උපයන ලද සමාගමක් ලෙස සැළකිය හැකිය. එවැනි සමාගමකින් මූල්‍යාධාර ලබාගන්නා ශ්‍රි ලංකා වෛද්‍ය සම්මේලනයේ නිලධාරින් හෝ සාමාජිකයන් කොවිඩ්-19 සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක සාමාජිකයන් වීම අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් මතු කරන්නක් නොවේද?

බැසිල් රාජපක්ෂ විසින් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිපදවන ලද මුව සහ නාසා ආවරණ නිල වශයෙන් එක්සත් ජනපද තානාපතිනියට භාරදීම

අලාකා සිං වෘත්තියෙන් වෛද්‍යවරියක නොවේ. ඇය වාණිජවේදී උපාධිධාරිනියකි. ඉන්දියාව තුළ ඇය ලෝක බැංකුව විසින් මෙහෙයවන වැඩ සටහන්වලට සහභාගි වී තිබේ.

වෛද්‍ය වින්යා ආරියරත්න සර්වෝදය හිටපු සභාපති ඒ.ටී ආරියරත්නගේ පුත්‍රයෙකි. ඔහු දැන් සර්වෝදයේ ප්‍රධානියාය. ඔහු ලෝක ආර්ථික සංසදයේ අනුගාමිකයෙකි. එමෙන්ම ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) නායක ක්ලාවුස් ෂ්වාබ්ගේ නමින් පිහිටුවා ඇති ෂ්වාබ් පදනම (Schwab Foundation ) මගින් 2014 වසරේදී සම්මාන පිරිනමා තිබේ. මෙම සම්මාන පිරිනැමෙන්නේ ෂ්වාබ් පදනමේ ගෝලීය සංවිධාන ජාලයට අනුබද්ධව කටයුතු කරන සංවිධානවලට සහ එවායේ සාමාජිකයන්ටය. ෂ්වාබ් පදනම ලෝක ආර්ථික සංසදය සමග ඒකාබද්ධ සංවිධානයකි.
ලෝක ආර්ථික සංසදය මෙම වර්තමාන කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව පිටුපස ඉතා ප්‍රබල භූමිකාවක් ඉටුකරන සංවිධානයක් බවට චෝදනා නැගී තිබේ. එවැනි සංවිධානයක් සමග සම්බන්ධකම් සහිත වින්යා ආරියරත්න කොවිඩ්-19 පිළිබඳ උපදේශක කමිටු සාමාජිකයෙකු ලෙස පත් කිරීම අවශ්‍යතා පිළිබඳ ගැටුම් මතු කිරීමට හේතු නොවේද?

ෆයිසර් සමාගම ලෝක ආර්ථික සංසදයේ හවුල්කාර සමාගමක් වන අතර වින්යා ආරියරත්න ලෝක ආර්ථික සංසදයේද එහි නායක ක්ලාවුස් ෂ්වාබ් විසින් පවත්වාගෙන යනු ලබන ෂ්වාබ් පදනමේද අනුගාමිකයෙකි. වින්යා ආරියරත්න කොවිඩ්-19 තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස තමන් දරන තත්ත්වය උපයෝගී කරගනිමින් ෆයිසර් එන්නත ශ්‍රි ලංකාව තුළ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරමින් සිටින්නේද?
ෆයිසර් සමාගම විසින් සිය ඖෂධ සහ එන්නත් නිෂ්පාදන සඳහා ලෝකය පුරා වෙළඳ පොළ පුළුල් කිරීම සඳහා ලෝක ආර්ථික සංසදය සහ ඒ වටා ගොනු වී ඇති ඉහත සංවිධාන සහ පුද්ගලයන්ගෙන් සේවය ලබාගන්නා බවට සැකයක් තිබිය නොහැකිය.

වින්යා ආරියරත්න ලෝක ආර්ථික සංසදය සමග ද එහි නායක ක්ලාව්ස් ෂ්වාබ්ගේ ෂ්වාබ් පදනම සමගද දැඩි සම්බන්ධකම් පවත්වන්නෙකු බව පැහැදිලිය. ෆයිසර් සමාගම යනු ලෝක ආර්ථික සංසදයේ හවුල්කාර සමාගමකි. එහි තේරුම ෆයිසර් විසින් ලෝක ආර්ථික සංසදයේ අරමුදල් සඳහා මූල්‍යාධාර සහ ගෙවීම් සිදු කරන බවත් ෆයිසර් ඒ වෙනුවෙන් ලෝක ආර්ථික සංසදය වෙතින් සිය ව්‍යාපාරික අරමුණු ඉටුකරගැන‍ීම සඳහා විවිධ සේවාවන් ලබාගන්නා බවත්ය.
ෆයිසර් විසින් ලෝක ආර්ථික සංසදය සහ ඒ වටා ගොනු වී සිටින විවිධ සමාගම්, රාජ්‍ය නායකයන්, රාජ්‍ය නොවන සංවිධාන, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ජනමාධ්‍යවේදීන්  සහ කලාකරුවන් වෙතින් ලබාගන්නා සේවාවන් කවර ආකාරයක ඒවා ද?

ලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවිය තුළ සිය හවුල්කරුවන් යනු කවුරුන්ද යන්න පිළිබඳව එම සංසදය විසින් අර්ථකතනය කර ඇත්තේ මෙසේය.

“ලෝක ආර්ථික සංසදයේ හවුල්කරුවන් යනු ලෝකයේ දැවැන්ත අභියෝගයන් සඳහා විසඳුම් සංවර්ධනය කරන පුරෝගාමී ගෝලීය සමාගම් වේ. ලෝක ආර්ථික සංසදයේ වැඩ සටහන් පිටුපස සිටින ගාමක බලවේගයෝ ඔවුහු වෙති.

අනාගතය හැඩගැස්වීම අරමුණු කර ගනිමින්, ලෝකයේ ඉතා බරපතල ගැටළු සම්බන්ධව සිය උපායමාර්ගික තීරණ සාක්ෂාත් කරගැනීමට අවශ්‍යවන විශේෂඥ සේවය ලබාගැනීමටද සම්බන්ධතා ජාලා ගොඩනංවාගැනීමටද අපගේ හවුල්කාරුවන් මෙම සංසදය වේදිකාවක් ලෙස උපයෝගී කරගනිති.”

Our Partners

ඖෂධ නිපදවන සමාගමක් වන ෆයිසර්හට ඉහත ආයතන සහ පුද්ගලයන්ගෙන් ලබාගැනීමට අවශ්‍යවන සේවය ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවලදී ලාභය ඉහළ දමා ගැනීම සමග සම්බන්ධවන දෙයක් බවට විවාදයක් නැත.
ඒ අනුව ෆයිසර් සමාගම විසින් සිය ඖෂධ සහ එන්නත් නිෂ්පාදන සඳහා ලෝකය පුරා වෙළඳ පොළ පුළුල් කිරීම සඳහා ලෝක ආර්ථික සංසදය සහ ඒ වටා ගොනු වී ඇති ඉහත සංවිධාන සහ පුද්ගලයන්ගෙන් සේවය ලබාගන්නා බවට සැකයක් තිබිය නොහැකිය. දැනටමත් දිනපතා හෙළිදරවු වෙමින් පවතින කරුණු වලින් සනාථ වෙමින් පවතින්නේ මෙම සත්‍යයයි.

ලංකාවේ කොවිඩ්-19 තාක්ෂණික කමිටුවට ඇතුළු වී සිටින වින්යා ආරියරත්න ලෝක ආර්ථික සංසදය හරහා ඉටුකරන්නේ කොවිඩ්-19 සඳහා යැයි කියමින් අලෙවි කරන mRNA ජාන විකෘතිකාරක එන්නත් අලෙවි කරන ෆයිසර් සමාගමේ ලාභ ලැබීමේ ව්‍යාපාරික අරමුණු සඳහා මෙන්ම සහ ෆයිසර් සමාගමේ  සැඟවුණු ජාන විද්‍යාත්මක පර්යේෂණ සඳහා ද යන්න පිළිබඳව ලාංකීය ජනතාව බරපතල ලෙස අවධානය යොමු කළ යුතුව තිබේ.
වින්යා ආරියරත්න කොවිඩ්-19 තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස තමන් දරන තත්ත්වය උපයෝගී කරගනිමින් ෆයිසර් එන්නත ශ්‍රි ලංකාව තුළ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරමින් සිටින්නේද?

10. තාක්ෂණික උපදේශක කමිටුවේ මතභේද; මිලිටරීකරණයට ලක් වූ එන්නත්කරණ ව්‍යාපාරය

මෙම තාක්ෂණික උපදේශක කමිටු සාමාජිකයන් කීප දෙනෙකුම විවිධ මතභේද හේතුවෙන් පසුව එම කමිටුවෙන් ඉවත් වී තිබේ. බෝවෙන රෝග සඳහා වන ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 2021 සැප්තැම්බර් මාසයේදී එම තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉවත් විය.
වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ඉල්ලා අස්වීම පිළිබඳ හේතූ වී ඇත්තේ මෙම කමිටුව සහ ශ්‍රි ලංකා රජය විසින් කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අදාළව ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් පැන නැගුණු මතභේද හේතුවෙන්දැයි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත්  ද මෝර්නිං වෙබ් අඩවිය වෙත මෙසේ පවසා තිබේ.
“එන්නත්කරණය පිළිබඳ කිසිදු තීරණයක් මෙම කමිටුව මගින් ගෙන නැත. එන්නත්කරණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව තීරණ ගනු ලබන්නේ වෙනත් කමිටු විසිනි.”
කෙසේ වුවද වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ඉල්ලා අස්වීමෙන් පසුව එම තාක්ෂණික උපදේශක කමිටුවේම තවත් සාමාජිකයෙකු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනද ඉල්ලා අස්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රි ලංකා මිලිටරිය උරෙනුර ගැටී දියත් කළ මිලිටරීකරණයට ලක් කරන ලද සමූල එන්නත්කරණය- ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘති නිලධාරිනියක වූ ඉන්දියාවේ අලාකා සිං සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එන්නත් මධ්‍යස්ථානයක් අධීක්ෂණය කරමින්

වෘත්තීයෙන් වෛද්‍යවරියක නොවන අලාකා සිං වැනි ලෝක බැංකුවේ හිටපු ව්‍යාපෘති නිලධාරිනියක් ශ්‍රි ලංකාවේ වසංගත රෝග මර්දනය සම්බන්ධ ජාතික මට්ටමේ වැදගත් තීරණ ගන්නා කමිටුවක ප්‍රධානියා වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලපෑමට යටත්ව පත් කිරීම මෙම තාක්ෂණික උපදේශක කමිටුවේ බොහෝ සාමාජිකයන්ගේ මෙන්ම පොදුවේ සෞඛ්‍ය සේවයේ ස්වාධීන මතධාරි විශේෂඥයන්ගේ දැඩි විරෝධයට ලක් වී තිබිණි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරය මුළු මණින්ම සිය පාලනයට ගැනීම සම්බන්ධවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංගණය සහ යුද අපරාධ සම්බන්ධව චෝදනා ලබා ඇති ශ්‍රි ලංකා හමුදාව මෙම එන්නත්කරණයට යොදාගනිමින් එය මිලිටරීකරණයට ලක්කිරීමද ඇතැම් අංශවල විවේචනයට ලක් විය. කෙසේ වුවද මෙහිදී අවධානයට ලක්වන එක් වැදගත් කරුණක් වෙයි. ඒ රටේ සියලු කටයුතු මිලිටරීකරණය ලක් කිරීම ගැන විරෝධතා පලකරමින් සිටි රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවා විසින් මෙහෙයවන මානව හිමිකම් සහ ජනමාධ්‍ය සංවිධානද ඒ සම්බන්ධව වචනයකින් හෝ විරෝධතාවක් පළ නොකිරීමය.

11. ෆයිසර් සමාගම සහ ආණ්ඩු අතර ඇති කරගන්නා ලද ගිවිසුම්වල අන්තර්ගතය කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය අනුව ඖෂධ සමාගම්වල අයිතීන් ආරක්ෂා කරදීම සඳහා ඒ ඒ ආණ්ඩු සහ ඖෂධ සමාගම් අතර ඇති කරගන්නා ලද ගිවිසුමේ කොන්දේසි රහසක් ලෙස තබාගැනීමට එම ආණ්ඩුවලට බලකෙරී තිබේ. කෙසේ වුව ද යුරෝපා පාර්ලිමේන්තුව තුළ මෙම කොවිඩ්-19 ප්‍රෝඩාව පිළිබඳව ආරම්භයේ සිටම හඬක් නගන මහජන නියෝජිතයන්ගේ කණ්ඩායමේ නායකයෙකු වන ක්‍රිස්ටියන් ටෙරෙස් විසින් ෆයිසර් සමාගම සහ යුරෝපා සංගමය අතර ඇති කරගන්නා ලද ගිවිසුම පිළිබඳව හෙළි දරවු කර තිබේ.

ක්‍රිස්ටියන් ටෙරස් විසින් ෆයිසර් සහ යුරෝපා කොමිසම අතර අත්සන් තබන ලද ගිවිසුමේ සම්පූර්ණයෙන්ම කළු කරන ලද පිටපත ජනමාධ්‍යවලට ප්‍රදර්ශනය කරමින්

“ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙම කමිටුව හමුවේ කරුණු දැක්වීම පැමිණීම මගහැර තිබේ. මෙම කමිටුව වෙත පැමිණ කරුණු ඉදිරිපත් කිරීම නීතියට අනුව ඔහු බැඳී නැති බවත් මෙම කමිටුව හමුවේ ඔහු අසත්‍ය ප්‍රකාශයන් සිදු කළ ද ඔහුට කිසිදු දඬුවමකට මුහුණපෑමට සිදු නොවන බවත් අපි දනිමු. එසේ වුව ද ඔහු මෙම කමිටුවට හමුවට පැමිණ අප බොහෝ දෙනෙකුන් විසින් ඉදිරිපත් කරන ලද යම් නිශ්චිත සංයුක්ත ප්‍රශ්න කීපයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ. පළමු ප්‍රශ්නය නම් මෙම ගිවිසුමේ අන්තර්ගතය කුමක්ද යන්නයි. එමෙන්ම ඔවුන් සැඟවීමට උත්සාහ කරන්නේ කුමක් ද යන්නයි. මා විසින් මීට පෙර මාධ්‍ය සාකච්ඡාවලදීත් ඔබ වෙත ප්‍රදර්ශණය කර ඇති පරිදි ඔවුන් එම ගිවිසුම පිළිබඳව අප වෙතත් මහජනතාව වෙතත් ඉදිරිපත් කර ඇත්තේ මෙලෙසය. අප කමිටුවෙන් සමහරෙකුද සමහර නිර්භීත ජනමාධ්‍ය වේදීන් ද යුරෝපා කොමිසම සහ ඖෂධ සමාගම් අතර ඇති කරගන්නා ලද ගිවිසුම්වල අන්තර්ගතය කුමක්දැයි අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇති ලියැවිල්ල මෙයයි. ෆයිසර් සමාගම සහ මොඩෙර්නා සමාගම සමග යුරෝපා කොමිසම අත්සන් තබන ලද ගිවිසුම්වල පිටු සියයක පමණ වන ලියැවිලි ඉදිරිපත් කර ඇති අතර ඒවාවල පිටු සියල්ලම මේ අයුරින් කළු කර එහි අන්තර්ගතය සඟවා තිබේ.

ෆයිසර් විධායක නිලධාරියා වෙනුවට මෙම කොමිසම හමුවට පැමිණ ඇති නිලධාරිනියගෙන් මෙම ගිවිසුම්වල ඇති අන්තර්ගතය හෙළිදරවු කරන ලෙස ඉල්ලා සිටින ලද විට ඇය පවසා සිටියේ ඔවුනට මෙම ගිවිසුම් පිළිබඳව හෙළි දරවු කිරීමටට නොහැකි බවය. එයට හේතු වශයෙන් ඇය දක්වා සිටියේ ඔවුන් සතුව ප්‍රසිද්ධියේ හෙළිකළ නොහැකි වෙළඳ රහස් ඇති බවත් තම අවශ්‍යතාවන් ආරක්ෂා කරගත යුතුව ඇති බවත්ය. එසේ නම් අපගේ ප්‍රශ්නය මෙයයි. අපගේ ජනතාවගේ අයිතිවාසිකම් වලට එවිට කුමක්වන්නේ ද? මෙම ඖෂධ නිෂ්පාදනවලින් සිදුවන කාර්යය කුමක්දැයි ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් තුළ තම මුදල් එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වියදම් කර ඇති යුරෝපීය ජනතාවගේ අයිතිවාසිකම්වලට කුමක් වන්නේ ද? මෙම ෆයිසර් කොවිඩ්-19 එන්නත් විසින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හෝ ව්‍යාප්ත වීම වළක්වනු ලබන්නේ ද යන්න ගැන ඒවා මහජන භාවිතයට නිකුත් කිරීමට පෙර නිකුත් කර ඇත්දැයි පරීක්ෂණයට ලක්කර ඇත්දැයි යනුවෙන් අපගේ සහෝදර මහජන නියෝජිතයෙකු ඊයේ ෆයිසර් නියෝජිතවරියගෙන් විමසන ලද විට එම නියෝජිතවරිය දුන් පිළිතුරෙන් අපි අතිමහත් කම්පනයකට පත්වූයෙමු. (ඇයගේ පිළිතුර වූයේ කොවිඩ්-19 මගින් පුද්ගලයෙකු ආසාදනය වීම වැළැක්වීමට සහ ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම වැළැක්වීමට එන්නත සමත්වන්නේ දැයි යන්න ගැන ෆයිසර් සමාගම විසින් ස්වකීය  එන්නත පරීක්ෂාවට ලක් කර නැති බවයි)

යුරෝපීය ජනතාව මත දැන් වසරකට වැඩි කාලයක් තිස්සේ හරිත එන්නත් හැඳුනුම්පත, සහ ඩිජිටල් ජාල සහතිකය (Green Certificate the Digital Grid Certificate) බලාත්මක කරමින් ඔවුන්ට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර ඇත්තේ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු දෙනාම එය ලබාගත යුතුව ඇති බවට බල කරමිනි. ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා ද, ඔවුන්ගේ වයස්ගත ඤාතීන්ගේ ආරක්ෂාව සඳහාද මෙම එන්නත ලබාගත යුතුව ඇතැයි ජනතාවට පවසන ලදි. ඖෂධ සමාගම් විසින් පවසන ලද්දේ ඔබලා මෙම එන්නත් ලබා නොගතහොත් ඔබලා විසින් වෛරසය ව්‍යාප්ත කරනු ඇති බවයි. ඒ අනුව එන්නත් හැඳුනුම්පත සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේදී අපගේ බොහෝ සහෝදර නියෝජිතයන් විසින් අනුමැතිය පළ කරමින් සිය ඡන්දය ලබා දෙන ලදි. මක් නිසාද යත් එම එන්නත් විසින් වෛරසයේ ව්‍යාප්තිය වළක්වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන ලද බැවිනි. නමුත් එයට විරුද්ධවූයේ අප කීප දෙනෙකු පමණි.

මෙම එන්නත්වලට යුරෝපා ඖෂධ ඒජන්සිය මගින් විශේෂ වෙළෙඳ අනුමැතියක් ලැබී ඇත්තේ ඒ සඳහා  අයදුම් කර එක් දිනකට පසුවය. එහෙත් එම එන්නත මගින් පුද්ගලයෙකු ආසාදනය වීම හෝ එය ව්‍යාප්තවීම හෝ වළක්වන්නේ නැති බව දැන් වසරකට වැඩි කාලයකට පමණ පසුව අපි දනිමු. ඔවුන් මේ ගිවිසුමේ පිටු කළු කර ඉදිරිපත් කිරීම මගින් සඟවන්නට හදන්නේ කුමක් දැයි අපි නැවත නැවතත් ප්‍රශ්න කරමු. අප මහජනයා විසින් තෝරා පත්කර ගන්නා ලද නියෝජිතයන් වන අතර එම ප්‍රශ්නය ඇසීමට අපට අයිතියක් තිබේ.
දැන් මේ වනවිට තවත් ගැටළුවක් මතුව තිබේ. ඒ යුරෝපය පුරාම සාමාන්‍ය මරණ සංඛ්‍යාවට වඩා ඉතා ඉහළ මරණ සංඛ්‍යාවක් සිදුවෙමින් පැවතීමයි. යුරෝස්ටැට් (Eurostat) ආයතනයට අනුව 2016-2019 අතර වසරවල සාමාන්‍ය මරණ ප්‍රතිශතය සමග සන්සන්දනය කර බලනකල යුරෝපය පුරා මරණ වැඩිවීමේ ප්‍රතිශතය 17%කි. මෙම සිතියම අප වෙතින් නොව යුරෝස්ටැට් (Eurostat) වෙතිනි. ඉහළම එන්නත් අනුපාතය ඇති රටවල ඉහළම මරණ අනුපාතය සිදුවෙමින් පවතී. මේ අතර ඇති සම්බන්ධය කුමක්දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් දීම සියලු දෙනා විසින් ම මගහරිමින් සිටිති.

යුරෝපීය ඖෂධ පාලක ඒජන්සිය(EMA) වෙතින් මා විසින් කරන ලද ඉල්ලීමක් වූයේ මෙම එන්නත් නිෂ්පාදක සමාගම් විසින් මෙම එන්නත් පිළිබඳව සතුන් හෝ මිනිසුන් සම්බන්ධව සිදු කර ඇති සියලුම විද්‍යාගාර සහ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල මා වෙත ලබා දෙන ලෙසය. එම ඉල්ලීම සිදු කරන ලද්දේ ඔවුන් වෙළඳ අනුමැතිය සඳහා අයදුම් කිරීමට පෙරය. ඒ අවස්ථාවේදී ෆයිසර් සමාගම විසින් ලබා දෙන ලද සියලුම ලියැවිලි මෙහි තිබේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුවල එක් අපූර්ව දෙයක් දක්නට ලැබිණි. ඔවුන් විසින් සායනික පරීක්ෂණ පිළිබඳ දත්ත ඉදිරිපත් කර ඇත්තේ ජනවාරි 14 වැනිදා ලෙස එහි සඳහන් වේ. මම ඊයේ ෆයිසර් නියෝජිතවරියගෙන් මේ පිළිබඳව විමසූ විට ඇය එයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙය සිදුවිය හැක්කේ කෙසේද? ලෝකය විසින් චීනයේ කොවිඩ්-19 පිළිබඳව දැනගත්තේ 2019 වසරේ දෙසැම්බර් මාසයේදීය. චීන රජය විසින් වෛරසයේ හෝ එහි කොටසක දත්ත නිකුත් කර ඇත්තේ 2020 ජනවාරි 11 වැනිදාය. දින තුනකට පසුව එනම් ජනවාරි 14 වැනි දින ෆයිසර් සමාගම මෙම වෛරසයට එරෙහිව සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙය සිදුවි හැක්කක්ද? මෙයට පිළිතුරු දීම ෆයිසර් නියෝජිතවරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මම මොඩර්නා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙහි සිටි අවස්ථාවේදී ඔවුන්ගේ සායනික පරීක්ෂණ පිළිබඳව විමසුවෙමි. ඔවුන්ගේ සායනික පරීක්ෂණ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ 2017 සිටය. 2019 දෙසැම්බරයේදී හමු වූ වෛරසයක් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද එන්නතක් සඳහා සායනික පරීක්ෂණ 2017 දී සිදු කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නය කිසිවෙකු විසින් හෝ ඇසිය යුතුව තිබේ. ජනතාව විසින් මෙම ප්‍රශ්න ඇසීම ආරම්භ කර තිබේ. එහෙත් ඔවුන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු නොදී මගහැර යාම අවාසනාවන්තය. එහෙත් යුරෝපා කොමිසම විසින් මෙම ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය ඉදිරිපත් කළ යුතුව තිබේ.”
(යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු විසින් 2022 ඔක්තෝබර් 11 වැනි දින පවත්වන ලද පුවත් සාකච්ඡාව දී රුමේනියාවේ මන්ත්‍රි ක්‍රිස්ටියන් ටෙරෙස් විසින් සිදුකළ කරුණු ඉදිරිපත් කිරීම)

12. අල්බේනියානු රජය සහ ෆයිසර් සමාගම අතර කොවිඩ්-19 එන්නත් සඳහා අත්සන් කරන ලද ගිවිසුම හෙළිදරවුවීම

ෆයිසර්, මොඩෙර්නා වැනි එන්නත් නිපදවන සමාගම් සහ ඒ ඒ රටවල ආණ්ඩු අතර ඇතිකරගන්නා ලද ගිවිසුම්වල අන්තර්ගතය ජනතාවගෙන් වසංකිරීමට දෙපාර්ශ්වයම කටයුතු කර තිබුණද ඇතැම් රටවල මාධ්‍යවේදීන් විසින් එහි අන්තර්ගතය හෙළිදරවු කර ගැනීමට සමත්ව තිබේ.
අල්බේනියානු රජය සහ ෆයිසර් සමාගම අතර කොවිඩ්-19 එන්නත් සඳහා අත්සන්කරන ලද ගිවිසුමේ මෙම “ලීක් වූ ” පිටපතක් මුල්වරට පළ කරන ලද්දේ අල්බේනියාවේ ස්වාධීන ජන මාධ්‍ය ආයතනයක් වන Gogo.al විසිනි. ඒ 2021 වසරේ ජනවාරි මාසයේදීයි. ට්විටර් සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයෙකු වූ ඒඩන් බිබර් (EHDEN BIBER)විසින් මෙම ලේඛනය සිය ට්විටර් ගිණුම මගින් බෙදාහැරිය පසු ට්විටර් ආයතනය විසින් ඔහුගේ ගිණුම සීමා කර තිබේ. නමුත් ඔහුගේ බ්ලොග් අඩවිය තවමත් ක්‍රියාත්මකය.

මෙම නොනිල වශයෙන් හෙළිදරවු කරන ලද ලේඛනයේ අව්‍යාජත්වය තවමත් තහවුරු කර නැත. එහෙත් එමෙන්ම අවධානයට ලක් කළ යුතු කරුණ වන්නේ මෙම හෙළිදරවු වීම සිදු වී වසර දෙකකට ආසන්න වුව ද අල්බේනියානු රජය හෝ ෆයිසර් සමාගම විසින් මෙම ලියැවිල්ල හෝ එහි අන්තර්ගතය අසත්‍යයක් යැයි ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවීමය.
එමෙන්ම මෙම “ලීක්වීම” සැලසුම් සහගතව ෆයිසර් සමාගම විසින්ම හෝ අදාළ රජය විසින්ම සිදු කළ එකක් වන්නටද ඉඩ තිබේ. ඔවුන් විසින්ම එය සිදු කරන ලද්දේ නම් එහි අරමුණ විය හැක්කේ දැනට මෙම ගිවිසුම් නිළ වශයෙන් රහසිගතව පවතින බැවින් එලෙස රහසිගතව පවත්වාගෙන යාම නිසා එම ගිවිසුම් තුළ වඩාත් බරපතල අන්තර්ගතයක් පවතින්නේ යැයි යන සැකය ජනතාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම විය හැකිය. ඒ අනුව ගිවිසුමේ සීමිත තොරතුරු ප්‍රමාණයක් හෙළිදරවු කෙරෙන ලියැවිල්ලක් නිකුත්කිරීමට ෆයිසර් හෝ අල්බේනියානු රජය විසින්ම කටයුතු කිරීමට ඇති ඉඩද බැහැර කළ නොහැකිය.
මේ අතර ඊශ්‍රායෙල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තුළ ෆයිසර් සමාගම සමග අත්සන් කරන ගිවිසුමක පිටපතක් පළ කර තිබේ. එම ගිවිසුම “තාත්වික ලෝකය තුළ වසංගත විද්‍යාත්මක සාක්ෂි පිළිබද සහයෝගිතා ගිවිසුම” ( REAL-WORLD EPIDEMIOLOGICAL EVIDENCE COLLABORATION AGREEMENT) නම් වේ.

මෙම ගිවිසුම් ලේඛන අතර විශාල සමානතාවන් දැකිය හැකිය.
කෙසේ වුවද ෆයිසර්-අල්බේනියානු ගිවිසුමේ වැදගත් වගන්ති කීපයක් වෙත අවධානය යොමු කරමු,

Gogo.al විසින් පළ කරන ලද ෆයිසර් සහ අල්බේනියානු රජය අතරවූ ගිවිසුමේ ලීක් වූවා යැයි කියන පිටපත 5,5 වගන්තිය

එහි 5,5 වගන්තිය යටතේ මෙසේ සඳහන් වේ.

මිලදී ගනු ලබන්නාගේ එකඟතාවන්

කොවිඩ්-19 වසංගතය විසින් මතු කරන ලද හදිසි තත්ත්වයන් හේතුවෙන් මෙම එන්නත් සහ එන්නත්, එන්නත් හා සම්බන්ධ ද්‍රව්‍ය සහ ඒවායේ සංරචක, සංඝටක ඉතා කඩිනමින් වැඩි දියුණු කරමින් සිටින බවට ද මිලදී ගනු ලබන පාර්ශ්වය වෙත මෙම එන්නත් සම්පාදනයෙන් පසුවද එම එන්නත් පිළිබඳ අධ්‍යයනයන් දිගටම මෙම ගිවිසුම යටතේ සිදුවන බවටද මිලදී ගනු ලබන පාර්ශ්වය එකඟතාව පළකරයි. එමෙන්ම මෙම එන්නතේ දිගුකාලීන බලපෑම් සහ කාර්යක්ෂ්මතාව පිළිබඳවද, එන්නත් මගින් සිදුවිය හැකි හානිකර අතුරු ආබාධ පිළිබඳවද වර්තමානයේදී නොදන්නා බවටද මිලදී ගනු ලබන පාර්ශ්වය විසින් පිළිගනු ලබයි. එසේම අදාළ වන තාක් දුරට නිෂ්පාදනය(එන්නත) අනුක්‍රමික කරණයක් සිදු නොවන බවද මිලදී ගනු ලබන පාර්ශ්වය විසින් පිළිගනු ලබයි.

මෙම වගන්තිය ගිවිසුමට ඇතුළත් කර ඇත්තේ අප විසින් මෙයට පෙර සාකච්ඡා කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004 ” නම් ලේඛනය අනුවය.
එහි “ 4.2.1. ඒ ඒ රටවල බලධාරින්ට සහ එන්නත් නිෂ්පාදකයන් සඳහා නිර්දේශ ” නම් කොටසේ
4 වැනි සහ 5 වැනි වගන්තිය වෙත නැවතත් අවධානය යොමු කරමු

“4. නව වසංගත එන්නත් වර්ගයක් මගින් සිදු කරන මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාරයක් තුළ ඇති විය හැකි නොදන්නා වර්ගයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැන නැගිය හැකි වගකීම පිළිබඳව ගැටළු සම්බන්ධව සුදුසු විසඳුම් ලබාදීම”
5.“ජාන ප්‍රත්‍යවර්ථ්‍ය තාක්ෂණය (mRNA) වැනි නව තාක්ෂණයන් එන්නත් නිෂ්පාදනය තුළට හඳුන්වා දීමේදී මතුවන බුද්ධිමය දේපළ පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබාදීම. ”

ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහත නිර්දේශය ක්‍රියාවට නැගී ඇති ආකාරය අල්බේනියානු රජය සහ ෆයිසර් සමාගම අතර අත්සන් තබන ලද ගිවිසුමේ ඉහත 5.5 වගන්තිය අනුව පැහැදිලි වේ. මෙමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරක්ෂා කිරීමට උත්සාහ දරා ඇත්තේ නිසිලෙස පරීක්ෂණ අධියරයන්වත් නිම නොකළ එන්නතක් ලෝක පුරා ආණ්ඩුවලට විකුණමින් ඩොලර් බිලියන ගණන් මුදල් උපයන ඖෂධ සමාගම් මිසෙක ඒවායේ නොදන්නා අතුරු විපාක ගොදුරුවන මේ කිසිවක් සැක නොකරන ජනතාව ආරක්ෂා කිරීමට නොවේ.
වඩාත් කණගාටුදායක දෙය නම් අල්බේනියානු රජය මෙම ගිවිසුමට අත්සන් කර ඇත්තේ ෆයිසර් එන්නත්වල අතුරු ආබාධ මොනවාදැයි නොදන්නා බව පැහැදිලිව පිළිනිමින් වීමය. මෙම ගිවිසුම ලෝකයේ සෑම රටෙකම ආණ්ඩු ෆයිසර් සමාගම සමග අත්සන් කරන ලද ගිවිසුම් වල ආදර්ශ මොඩලයක් ලෙස සැළකිය හැකි බව දැනට හෙළිදරවු වී ඇති මෙම ගිවිසුමද ඇතුළු වෙනත් ගිවිසුම් ද අනුව නිගමනය කළ හැකිය. මෙවැනි ගිවිසුම්වලට අත්සන් තබන ලද ආණ්ඩු විසින් සිය ජනතාවන්ට පැවසුවේ කුමක්ද? මෙම එන්නත්වලින් කිසිදු අතුරු ආබාධයක් නොමැති බවත් ඇත්තේ සාමාන්‍ය ඕනෑම එන්නතක් ගැනීමෙන් පසු ඇතිවන අතුරු ආබාධ පමණක් බවත්ය. තමන් අතුරු ආබාධ නොදන්නා බව පිළිගනිමින් එන්නත මිලදී ගැනීමේදී ගිවිසුම්වලට අත්සන් කරන ලද ආණ්ඩු ඊට පසුව එම එන්නත්වල ඇත්තේ සාමාන්‍ය අතුරු ආබාධ පමණක් බවට සහතික විය හැකි දැනුමක් පහළ වූයේ කොහෙන්ද? එය සදාචාරාත්මක නොවනවා පමණක් නොව සාපරාධී වංචාවක් ද වෙයි.
ලංකාවේ රජයද ෆයිසර් සමාගම මෙන්ම මොඩර්නා වැනි වෙනත් සමාගම් සමගද මෙවැනිම ගිවිසුම් සමග අත්සන් තබන ලද බව පැහැදිලිය. ලංකාවේ රජයද සෞඛ්‍ය බලධාරින්ද, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති නායකයන්ද, ජනමාධ්‍යවේදීන්ද මෙම එන්නත්වල අතුරු ආබාධ නොමැති බව පවසමින් ඒවායේ ගුණ වර්ණනා කරන ලද්දේ ලංකාවේ රජයද ඒවායේ අතුරු ආබාධ නොදන්නා බවට ෆයිසර් සමාගම සමග ගිවිසුම් අත්සන් කර තිබියදීය. එමෙන්ම එන්නත්වල බරපතල අතුරු ආබාධවල ගොදුරුවන්නන්හට ඖෂධ සමාගම්වලට එරෙහිව නඩු පැවැරිය නොහැකිවන ලෙස දණ්ඩ මුක්තියක් ඒවාට මෙම ගිවිසුම් මගින් ලබා දී ඇති තත්ත්වයක් තුළය.

අල්බේනියානු රජය සහ ෆයිසර් සමාගම විසින් අත්සන් තබා ඇති ගිවිසුමේ “මිලදී ගනු ලබන පාර්ශ්වය විසින් වන්දි ගෙවීම(Indemnification by the Purchaser)” නම් තේමාව යටතේ වන 8.1 වගන්තිය මෙසේය.

Gogo.al විසින් පළ කරන ලද ෆයිසර් සහ අල්බේනියානු රජය අතරවූ ගිවිසුමේ ලීක් වූවා යැයි කියන පිටපත 8,1වගන්තිය
දණ්ඩමුක්ති ප්‍රදානය

“ෆයිසර් බයොන්ටෙක් සමාගම්, එයට සම්බන්ධ සියලු දෙනා,කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, බලපත්‍රදායකයන්, බලපත්‍ර හිමියන්, නියෝජිත බලපත්‍ර හිමියන්, බෙදාහරින්නන්, ගිවිසුම් නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, සායනික පර්යේෂණ පවත්වන්නන් වෙත ද,
ෆයිසර් හෝ බයොන්ටෙක් හා සම්බන්ධිත තුන්වන පාර්ශ්වයන් හෝ එය හා සෘජුවම හෝ වක්‍රව සම්බන්ධිත සියලු දෙනාටමද,
එන්නත පිළිබඳව පර්යේෂණ සිදු කිරීම, වැඩි දියුණු කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම, අලෙවිකරණය සහ එන්නත භාවිතා කිරීම ආදි කටයුතුවල ( එන්නත්කරණයේ නිරතවන පුද්ගලයන් ) නිරත වන්නන්ටද,

එන්නත හා සම්බන්ධව කටයුතු කරන සෑම ආයතනයකම නිලධාරින්ට, අධ්‍යක්ෂවරුන්ට, සේවයේ නිරතවන්නන්ට, ඒජන්තවරුන් අනෙකුත් නියෝජිතයන් යනාදින්ටද,

ඉහත සඳහන් දණ්ඩ මුක්තිය හිමිවන සඳහන් කවර හෝ පුද්ගලයන්ගේ හෝ ආයතනවල පූර්ව ප්‍රාප්තිකයන්ට හෝ අනුප්‍රාප්තිකයන්ටද

එරෙහිව පවරන සියලුම නඩුවලින්ද, වන්දි ඉල්ලා සිටීම්වලින්ද, ක්‍රියාමාර්ගවලින්ද, නියෝගවලින්ද, අහිමිවීම්වලින්ද, හානිවලින්ද වගකීම්වලින්ද, ගිවිසුම්වලින්ද, දඬුවම්වලින්ද, දඩ මුදල් අයකිරීම්වලින්ද, ගාස්තු සහ වියදම්වලින්ද ( කිසිදු සීමාවකින් තොරව නීතිඥගාස්තු ගෙවීම පරීක්ෂණ සඳහා නඩු සඳහා වන අනෙකුත් වියදම් මිලදී ගනු ලබන පාර්ශ්වය විසින් ගෙවීම දමෙයට ඇතුළත් වේ.)

ගිවිසුමේ සඳහන්වන පරිදි, අලාභ, බුද්ධිමය දේපළ, හෝ නීතිමය, ව්‍යවස්ථාමය, වෙනත් නියමයන්,සාධාරණ හේතූන් සම්බන්ධයෙන් හෝ

එන්නත් නිෂ්පාදනය සැලසුම් කිරීම, වැඩි දියුණු කිරීම, පරීක්ෂා කිරීම හෝ සංයෝජනය කිරීම, විද්‍යාගාර සහ සායනික පර්යේෂණ සිදු කිරීම, නිෂ්පාදනය, ලේබල් කිරීම, ඇසුරුම් කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, බෙදාහැරීම, වෙළඳාම සහ වෙළඳාම ප්‍රවර්ධනය, විකිණීම, මිලදී ගැනීම, බලපත්‍ර ලබා ගැනීම, පරිත්‍යාග, රෝගීන් වෙත ලබා දීම, රෝගීන් වෙත නිර්දේශ කිරීම,රෝගීන් සඳහා යෙදවීම, සම්පාදනය, හෝ එන්නත් භාවිතය ආදි කටයුතු සිදුවන අවධිවලදී එන්නත් සම්බන්ධව හෝ එන්නත්වල ප්‍රතිඵලයක් ලෙස පැන නගින වෙනත් ආකාරයක (සාමූහික “පාඩු”),වලදී ද

වන්දිය සහ අලාභයන් සහ වියදම් තමන් විසින් ගෙවීමටද ඉහත සඳහන් පාර්ශ්වයන් වෙත නීති මුක්තිය ලබාදීමටද ආරක්ෂා කිරීමටද, හානි සිදුවීම වැළැක්වීමටද, එන්නත් මිලදී ගනු ලබන පාර්ශ්වය මේ මගින් සිය එකඟතාව පළ කර සිටී. ”

ශ්‍රි ලංකා රජයද ෆයිසර් සමාගම සමග අත්සන් තබා ඇති ගිවිසුම මීට සමාන එකක් නම් එම ගිවිසුම මගින් එන්නත්කරණයට ලක් වෙන පුද්ගලයා හැරෙන්නට එම එන්නත් නිෂ්පාදනය, අලෙවිය, අනුමැතිය ලබාදීම, බෙදාහැරීම සහ එන්නත් කිරීම දක්වා වන ක්‍රියාදාමයන්ට සම්බන්ධ සියලු පුද්ගලයන් ආරක්ෂා කෙරෙන ලෙස සකසා ඇති බව පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ෆයිසර් සමාගම සමග තමන් අත්සන් තබා ඇති ගිවිසුම පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර නැත. මුල්‍ය විනය, පාරදෘෂ්‍යභාවය, වගවීම පිළිබඳව මේ දිනවල අතොරක් නැති බෙරිහන් දෙන රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවා විසින් මෙහෙයවන වෘත්තීය සමිති ව්‍යාපාර හෝ ජනමාධ්‍ය විසින්මේ  පිළිබඳව එකදු වචනයක් හෝ කතා නොකිරීම අවධානයට යොමු විය යුතු කරුණකි.

මේ ෆයිසර් සමාගම් සමග අත්සන් තබා ඇති මේ ගිවිසුම්වල අන්තර්ගතයෙන් පෙනී යන්නේ ඒවා මේ රටවල් ෆයිසර් සමාගමේ වරප්‍රසාද නීතියටත් ඉහළින් යමින් ආරක්ෂා කර දීම සඳහා අත්සන් කරන ලද ගිවිසුම් මිසක සිය රටවල පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය ව්‍යවස්ථාපිත මූලික අයිතීන් යටතේ හෝ සාමාන්‍ය නීතිය යටතේ හෝ ආරක්ෂාදීම පිණිස නොවේ.
මෙම එන්නත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින සහ නව තාක්ෂණික ක්‍රමයක් වන mRNA තාක්ෂණය යටතේ නිෂ්පාදනය කරන ලද ඒවා බව පිළිගන්නා නමුත් ඒවා අත්හදා බැලීමේ දී බරපතල අතුරු ආබාධ වලට ලක්වන සිය රටේ පුරවැසියන්ට වන්දි ඉල්ලා නඩු පැවරීමේ අයිතිය ද මෙම ගිවිසුම් මගින් අහෝසි කර තිබේ.

එපමණක් නොව එන්නතක් හෝ ඖෂධයක් යම් පුද්ගලයෙකුගේ ශරීර ගත කරවන විට එම පුද්ගලයාට ඊට පෙර එම ඖෂධයේ හෝ එන්නතේ අතුරු ආබාධ, අන්තර්ගතය, ආදිය ගැන නිවැරදි තොරතුරු එම පුද්ගලයා වෙත ලබා දී ඔහුගේ හෝ ඇයගේ දැනුවත් එකඟතාව ඒ සඳහා ලබාගත යුතුය. මෙම කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයේදී ලෝකයේ සියලුම රටවල් පාහේ එන්නත් කිරීමට ලක්වන පුද්ගලයාගෙන් කිසියම් ලියැවිල්ලකට අත්සන් ගනු ලබන අතර එහි සඳහන් වන්නේ තමන් මෙම එන්නත ගැනීමට තීරණය කරන්නේ එහි අන්තර්ගතය සහ අතුරු ආබාධ ඇතුළු සියලු තොරතුරු ගැන දැනුවත්ව එයට අත්සන් තබන බවයි. මෙහි ඇති අතිශය කෘෘර වංචාව වන්නේ ඒ ඒ රටවල ආණ්ඩු ෆයිසර් එන්නතේ අන්තර් ගතය හෝ එහි අතුරු විපාක නොදන්නා බවට ෆයිසර් සමාගම සමග අත්සන් තබන අතරම ඒ තොරතුරු ගැන දැනුවත් බවට සිය රටවල පුරවැසියන්ගෙන් වංචනිකව ලියැවිල්ලකට අත්සන් කරවා ගැනීමයි.

ශ්‍රි ලංකාවද මෙවැනිම ගිවිසුමකට ෆයිසර් සමාගම සමග අත්සන් තබා ඇති බවට සැකයක් නැත. එහෙත් එම ගිවිසුම හෙළිදරවු කරන ලෙස ඉල්ලා සිටිමට ශ්‍රි ලංකාවේ අතිශය සටන්කාමි අරගල කරුවන්ටද, සමාජ මාධ්‍යජාලා විප්ලවවාදින්ටද රාජ්‍යයේ වගවීම ගැන කතාකරන මානව හිමිකම් ක්‍රියාකාරින්ටද ළමුන් සහ ගුරුවරුන් එන්නත් කරන තාක් කළ පාසල් විවෘත නොකරනුයි පෙළපාලි ගිය ගුරු වෘත්තීය සමිතිවලටද, එන්නත් ලබාගැනීම පාසලට ඇතුළත්වීමේ කොන්දේසියක් බවට පත්කළ යුතු යැයි ඉල්ලා සිටි වෛද්‍ය වෘත්තිකයන්ටද අමතකව ගොස් තිබේ. එහෙත් එය දැන් එතරම් පුදුමයට පත් විය යුතු කරුණක් නොවේ. මක් නිසාද යත් ඉහත සඳහන් කරන ලද ධාරාවන්ගේ බොහෝ දෙනෙකු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ අරමුදල්වලින් නඩත්තු වන සහ එය විසින් හසුරුවන ගෝලීයකරණවාදි චින්තන පර්ෂද වල මතවාදි ටියුෂන් පන්තිවලට සහභාගි වී මොළ සෝදාගත් අයවළුන් වන බැවිනි.

ෆයිසර් සමාගම මෙන් ම සෙසු බටහිර ඖෂධ සමාගම් ද සිය කොරෝනා එන්නත් ලෝකය පුරා අලෙවි කළේ එම එන්නත් මගින් යම් හානියක් එය ලබාගන්නා පුද්ගලයාට සිදුවුව හොත් එයට එරෙහිව දණ්ඩ මුක්තිය හෙවත් අපරාධ නඩු පැනවීමෙන් වැළැක්වීම,සිදුවන හානි පිළිබඳ වන්දි රජය විසින් මහජන මුදලින් ගෙවීම ආදි කොන්දේසි ගණනාවකට යම් රටක රජයක් එකඟ වුවහොත් පමණි.
එමෙන්ම ෆයිසර් විසින් බ්‍රසීලයට පනවන ලද කොන්සියක් වූයේ එහි විදේශ වත්කම් ෆයිසර් සමාගමට පැවැරිය යුතු බවයි.එමෙන්ම බ්‍රසීලයේ නීතිය ෆයිසර් සමාගමට වලංගු නොවන බවට සහතිකයක් දිය යුතු විය.
එමෙන්ම ඔවුන් විසින් පනවා ඇති තවත් කොන්දේසියක් වන්නේ ෆයිසර් සමාගම සහ අදාළ රටේ ආණ්ඩුව අතර ඇති කර ගන්නා ලද ගිවිසුම් රහසක් ලෙස තබාගත යුතුය. ෆයිසර් එන්නතේ කාර්යක්ෂ්මතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ රටතුළ මතුවන ප්‍රශ්න කිරීම් යටපත් කිරීමේ වගකීම අදාළ රජය සතුවේ.
කිසියම් රටකට තවත් රටක් හෝ ආයතනයක් විසින් කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ලබාදෙන ආධාර අදාළ රටට ලබා නොදී මුදල් කෙළින්ම ෆයිසර් සමාගමට ලබා දිය යුතුය.
ෆයිසර් සමාගම ආජන්ටිනාවට පනවන ලද කොන්දේසියක් වූයේ එහි විදේශ තානාපති කාර්යාල, හමුදා කඳවුරු, සහ බැංකු තැන්පතු සියල්ල ඇපයට තබා ගිවිසුමකට එළැඹිය යුතු බවයි.
ෆයිසර් එන්නතේ අන්තර්ගත රසායනික ද්‍රව්‍යය, කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ දත්ත වසර 75ක කාලයක් සඳහා මහජනයාගෙන් වසන් කර තැබීමට එක්සත් ජනපද රජය සහ එහි වසංගත රෝග මර්දන මධ්‍යස්ථානය ෆයිසර් සමාගම වෙත පොරොන්දුවක් දී තිබේ. මෙම ෆයිසර් එන්නත් මෙන්ම සෙසු සියලු කොවිඩ්-19 එන්නත් ලබාගැනීමේදී එන්නත ලබාගන්නා පුද්ගලයා විසින් තමන්ට එමගින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිලිබඳව හොඳින් දැනුවත්ව සිටින බවට කිසියම් ලේඛනයකට අත්සන් තැබිය යුතුය. නමුත් අතුරු ආබාධ සහ අන්තර්ගත රසායනික ද්‍රව්‍ය පිළිබඳ සැබෑ තොරතුරු වසර 75කට වසංකර ඇති තත්ත්වයක් තුළ තේරුම්ගත යුතුව ඇත්තේ එන්නත ලබාගන්නා පුද්ගලයා වෙත තොරතුරු සැපයීම හිතාමතාම පැහැර හරිමින් ඇති බවකි. ඔවුන් සැඟවීමට යත්න දරන්නේ කුමක්ද?
කොලොම්බියාවේ 2022 ජූනි මාසයේදී පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වී වාමාංශික අපේක්ෂක ගුස්ටාවෝ පෙට්රෝ අතින් පරාජයට පත් රොඩොල්ෆෝ හර්නැන්ඩස්ව එක්සත් ජනපද ජනමාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ “දූෂණයට එරෙහි රණකාමියෙකු” ලෙසය. කලින් සිටි ජනාධිපති ඉවාන් ඩූක් යටතේ ෆයිසර් සමාගම වෙතින් ලබාගත් එන්නත් සඳහා ඩොලර් මිලියන 375ක් වැඩි පුර ගෙවා තිබේ.ජනාධිපතිවරණයේ දෙවන වටයට පෙර කොලොම්බියනු Cambio නම් මාධ්‍යය විසින් අනාවරණය කරන ලද්දේ දූෂණ විරෝධී ආණ්ඩුකාරවරුන්ගේ ලීගයේ ජනාධිපති අපේක්ෂක රොඩොල්ෆෝ හෙර්නැන්ඩස් තවත් ව්‍යාපාරිකයන් රැසක් සහ තරුණ ස්ත්‍රින් රැසක් සමග සුඛෝපභෝගී යොට් යාත්‍රාවක් තුළ පවත්වන ලද “බිකිනි පාටියකට” සහභාගි වී ඇතිබවත් එය සංවිධානය කරන ලද්දේත් එහි සියලු වියදම් දරන ලද්දේත් කොලොම්බියාව තුළ සිය ව්‍යාපාරික කටයුතු උත්සන්න කිරීමට අපේක්ෂා කරන එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන ෆයිසර් සමාගම විසින් බවත්ය. Cambio විසින් අනාවරණය කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ ෆයිසර් සමාගමේ විධායක නිලධාරින් කීපදෙනෙකු ද මෙම සාදයට සහභාගි වී ඇති බවයි.
2022 ජූලි මස 7 වැනි දින උරුගුවේ අධිකරණය විසින් වයස අවුරුදු 13ට අඩු ළමුන්ට කොවිඩ්-19 එන්නත් ලබා දීම වහා නවත්වන ලෙස එහි සෞඛ්‍ය ඇමැතිවරයාට සහ රජයට නියෝග කරන ලදි . මෙයට හේතුව වූයේ එම එන්නත්වල කාර්යක්ෂම බව සුරක්ෂිතාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත අදාළ සමාගම් විසින් සපයා නොතිබීමය.එමෙන්ම අදාළ ඖෂධ සමාගම් සහ උරුගුවේ රජය අතර ඇතිකරගත් ගිවිසුම් මොනවාදැයි වහාම හෙළිදරවු කරන ලෙසද අධිකරණය විසින් නියෝග කර ඇත.

13. ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ ඉලෙක්ට්‍රොනික දත්ත විනාශ කිරීම

ශ්‍රී ලංකා ඖෂධ අධිකාරිය විසින් ෆයිසර් එන්නත හදිසි අවස්ථා අවසරය යටතේ අනුමත කරන ලද්දේ 2021 මැයි මස 21 වැනි දාය. මෙම අනුමැතිය සඳහා ෆයිසර්-බයොන්ටෙක් සමාගම් විසින් ඉල්ලුම් කරන ලද අවස්ථාවේදී එම සමාගම් විසින් සිය එන්නත සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය වන සායනික පරීක්ෂණ දත්ත ප්‍රමාණවත් පරිදි ශ්‍රී ලංකා ඖෂධ පාලන අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබුනේදැයි යන්න ගැටළුවක්ව පවතී.

යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් ෆයිසර් එන්නත සඳහා හදිසි අවස්ථා සීමිත අලෙවි අවසරය යටතේ අනුමැතිය ලබා දුන් පසුව ෆයිසර් බයොන්ටෙක් සමාගම් විසින් සිය එන්නත සඳහා ඉන්දියාව තුළ අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන ලද ඉල්ලීම ඖෂධ පිළිබඳ ඉන්දීය විශේෂඥ මණ්ඩලය විසින් 2021 පෙබරවාරි මස 06 වැනි දින ප්‍රතික්ෂේප කරන ලදි. එයට හේතූ වශයෙන් එම විශේෂඥ මණ්ඩලය දක්වන ලද්දේ ඖෂධයේ සුරක්ෂිත බව සහ කාර්යක්ෂ්මතාව පිළිබඳ සායනික අත්හදාබැලීම්වල දත්ත ප්‍රමාණවත් පරිදි ඉදිරිපත් කර නොමැති බවය.

එසේ නම් ඉන්දියාව වෙත ඉදිරිපත් නොකරන ලද සායනික පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ දත්ත ශ්‍රි ලංකා ජාතික ඖෂධ පාලන අධිකාරිය වෙත ෆයිසර් බයොන්ටෙක් සමාගම් විසින් ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකිද? කොහෙත්ම නොහැකිය. ශ්‍රී ලංකා ජාතික ඖෂධ පාලන අධිකාරිය විසින් ෆයිසර් එන්නත සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ප්‍රමාණවත් තරම් සායනික පර්යේෂණ සඳහා දත්ත ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් තුළ බව ලෝකයේ බොහෝ රටවල් ෆයිසර් එන්නත අනුමත කරන ලද ආකාරය පිළිබඳව දැන් හෙළිදරවු වෙමින් පවතින කරුණු වලින් පැහැදිලි වේ.

2021 අගෝස්තු 22 වැනි දින ශ්‍රි ලංකා ජාතික ඖෂධ පාලක අධිකාරියේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලියා පදිංචි කිරීමේ ක්‍රිියාවලිය එහි දත්ත ගබඩාවන් හි දත්ත මැකීයාම හේතුවෙන් අඩාල වී ඇති බව වාර්තා කෙරිණි. ජාතික ඖෂධ පාලක අධිකාරියේ ඉහළ නිලධාරින් විසින් පවසන ලද්දේ එහි ස්වයංක්‍රිය දත්ත පද්ධතිය 2021 ජූලි මස 07 වැනි දා සිට ක්‍රියා විරහිත කර තිබූ බවය. මෙම දත්ත ගබඩාවේ පාලනය පැවැරී තිබුනේ එපික් ලංකා නම් පුද්ගලික සමාගමක් වෙතය.
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලද රහස් පොලිසිය වෙනුවෙන් උසාවිය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දීලිප පිරීස් අධිකරණය හමුවේ පවසා තිබුණේ මෙම දත්ත ගබඩාව තුළ ඖෂධවල වෙළඳනාමය, ඖෂධීය නාමය, මිල, ඇතුළත් රසායනික සංඝටක, අතුරු ආබාධ හා සියලු සායනික දත්ත ඇතුළත්ව පැවැති අතර එම දත්ත විනාශ වී යාම හේතුවෙන් ඖෂධ සමාගම්වලට සිය මිල ගණන් ඉහළ දැමීමේ සිට සිය අභිමතය පරිදි ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙන බවය.
මෙහිදි මතුවන ගැටළුව මෙයයි. ශ්‍රි ලංකා ජාතික ඖෂධ අධිකාරිය ෆයිසර් වෙත අනුමැති ලබා දුන්නේ එතෙක් එය විසින් පවත්වාගෙන ගිය ඖෂධ අනුමත කිරීමේ දැඩි විමසුම් සහගත ක්‍රියා පිළිවෙතින් බැහැරව ද? අවශ්‍ය දත්ත නොමැතිව ෆයිසර් එන්නතට අනුමැතිය ලබා දීම පිළිබඳව පසුව මතුවිය හැකි නීතිමය ගැටළු වළකා ලීම සඳහා ඔවුහු කුමන්ත්‍රණකාරි ලෙස සිය සමස්ත දත්ත ගබඩාව විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වී ඇත්ද?

14. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දූෂණ, වංචා, සහ අක්‍රමිකතාවන් හෙළිදරවු කරන ලද විගණන වාර්තාව

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාලය විසින් 2022 සැප්තැම්බර් මස 09 වැනි දින විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. මෙම විගණන වාර්තාව කියවන විට යමෙකුට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කොතරම් අරාජික, දූෂිත සහ වගකීම් විරහිත ආයතනයක් යන්න පිළිබඳව මනා වැටහීමක් ඇති කරගත හැකි වනු ඇත. මෙම 2021 වසර සඳහා ඉදිරිපත් කරන ලද්දක් වන අතර අවධානයට ගත යුතු විශේෂ කරුණ වන්නේ කොවිඩ්-19 සඳහා විවිධ ඖෂධ සමාගම් විසින් නිපදවන ලද එන්නත් රැසක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අවසර දී ඇත්තේ 2021 වසර තුළ දී වීමය. රජයේ විගණක කාර්යාලය විසින් නිකුත් කර ඇති එම විගණක වාර්තාවේ මෙසේ සඳහන් වේ.

(iv) 142 වගන්තිය ප්‍රකාරව නිකුත් කර තිබුණු 2019 ඔක්තෝබර් 14 දිනැති අංක 2145/1 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කර තිබුණු ඖෂධ ලියා පදිංචි කිරීමේ හා බලපත්‍ර ලබා දීමේ නියෝග

* නියෝග අංක 4, 133(5) හා නියෝග අංක 134 හි XXIII වන උප ලේඛනයේ 08 ඡේදය

ඖෂධ ලියා පදිංචිය සඳහා ඉදිරිපත් කරන සෑම ඉල්ලීමක්ම ලේඛනගත කිරීමට එක් පොදු ලේඛනයක් පවත්වා නොතිබුණි. ඒ හේතුවෙන් ඖෂධ ලියා පදිංචිය සඳහා ඉල්ලුම් පත ලද දිනය, ඉල්ලුම් පත්‍ර යේ අංකය, නිෂ්පාදකයාගේ නම, නිෂ්පාදිත රට, බලය ලත් ආනයනකරු, ඖෂධීය නාමය, එම ඖෂධය ඖෂධීය සංයෝජකයක් නම් එහි සක්‍රිීය සංඝටකවල ඖෂධීය නාමයන්, ඖෂධයේ වෙළෙඳ නාමය, ඖෂධයේ මාත්‍රා ආකාරය, ඖෂධයේ ප්‍රබලතාවය, අයදුම්පත නව හෝ අලුත් කිරීමක් සඳහා වන අයදුම්පතක්ද යන බව, ඖෂධයේ වර්ගය ආදී වූ විස්තර මෙන් ම ඒ ඒ අයැදුම්පත වෙනුවෙන් ලද මුදල් පිළිබඳ විස්තර, ඒ ඒ අයදුම්පත ඖෂධ නියාමන අංශය වෙත ඇගයීම සඳහා ඉදිරිපත් කළ දිනය, ඒ ඒ අංශ විසින් ප්‍රතික්ෂේපිත අයදුම්පත් ප්‍රමාණය හා අනුමත කළ අයදුම්පත් ප්‍රමාණය, ඒ ඒ අංශවල තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අයදුම්පත් ප්‍රමාණය, ඒ ඒ අංශය විසින් ලියාපදිංචියට ගතකල කාලය ආදි වූ තොරතුරු විගණනය සඳහා ලබාගත නොහැකි විය. ඒ හේතුවෙන් ඉලක්කගත සැකසුම් කාලසීමාව තුළ ලියා පදිංචි සහතික නිකුත් කරන බව තහවුරු කර ලැනීමට නොහැකි විය. ඒ අනුව ඖෂධ ලියා පදිංචිය සහ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සිදු කර නොතිබුණු බව නිරීක්ෂණය විය. 2021 නොවැම්බර් මස සිට සියලු තොරතුරු ආවරණය වන පරිදි google sheet පවත්වාගෙන යන බවට සභාපති විසින් අදහස් ඉදිරිපත් කර තිබුණ නමුත් 2022 අගෝස්තු 31 දක්වාම එම google sheet වෙත පිවිසීම සඳහා අවශ්‍ය මුර පද විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි.

ජාතික විගණන කාර්යාලය විසින් 2022 සැප්තැම්බර් මස 09 වැනි දින විගණන වාර්තාව

එම විගණන වාර්තාවේ 2.2.3  (අ),(ඇ),(ඈ) යටතේ මෙසේ ද සඳහන් වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාව අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර අධිකාරියේ බලතල, කර්තව්‍ය, සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව,

(අ) 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 14 (ඒ ) උප වගන්තිය ප්‍රකාරව, අධිකාරිය විසින් බලපත්‍ර යටතේ ආනයනය කරන ලද ඖෂධ, වෛද්‍ය උපකරණ,සීමාස්ථ නිෂ්පාදන හෝ විමර්ශනාත්මක ඖෂධීය නිෂ්පාදනවල ප්‍රමාණය පිළිබඳ දත්ත රැස් කර නොතිබුණි.

(ඇ) 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතෙහි 41(2), 66(2) හා 87(2) උප වගන්ති ප්‍රකාරව, වෛද්‍ය විද්‍යාව, ඖෂධ වෛද්‍ය විද්‍යාව හා ඖෂධවේදය හෝ වෙනත් අදාළ විෂයයන් පිළිබඳ උපාධියක් සහිත නිලධාරියෙකු, ඖෂධ නියාමන (Medicine Regulatory) අංශයේ, වෛද්‍ය උපකරණ නියාමන (Medicine Devices Regulatory) අංශයේ හා සීමාස්ථ නිෂ්පාදන නියාමන (Border Line Production Regulatory) අංශයේ ප්‍රධානීන් ලෙස පත් කර නොතිබුණි.

(ඈ) 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන පනතේ 43(2)(අ) හා (ආ) සහ 68(2) (අ) හා (ආ) උප වගන්ති ප්‍රකාරව, ඖෂධ ඇගයීම් කමිටුව හා වෛද්‍ය උපකරණ කමිටුව වෙත ලියා පදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන ඖෂධ හා වෛද්‍ය උපකරණවල ප්‍රතිලාභ, අවදානම්, ප්‍රත්‍යක්ෂභාවය, තත්ත්වය, ආරක්ෂාකාරී බව, අවශ්‍යතාව, මිල සහ අවශ්‍ය අවස්ථාවලදී එම ඖෂධවල ඖෂධ ආර්ථික විශ්ලේෂණය නිශ්චිතව දක්වා තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුව ද, ඖෂධ ඇගයීම් කමිටුව හා වෙවද්‍ය උපකරණ ඇගයීම් කමිටුව විසින් එවැනි තාක්ෂණික ඇගයීම් වාර්තාවක් අධිකාරිය වෙත ඉදිරිපත් කර නොතිබිණි.

ජාතික විගණන කාර්යාලය විසින් 2022 සැප්තැම්බර් මස 09 වැනි දින විගණන වාර්තාව

එම විගණන වාර්තාවේ 2.3 – වෙනත් කරුණු- යටතේ මෙසේ සඳහන් වෙයි.

(ඉ) 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 39 වගන්තිය ප්‍රකාරව, තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය වෙත ඉදිරිපත් කර තිබූ ඖෂධ සාම්පල් අතරින් 2021 ජනවාරි 01 දින වන විට පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබුණු ඖෂධ සාම්පල් ප්‍රමාණය පිළිබඳව තොරතුරු විගණනය සඳහා ඉදිරිපත් කර නොකෙරුණි. කෙසේ වෙතත් 2019 හා 2020 වර්ෂවලදී ලැබී තිබුණු ඖෂධ සාම්පල් 216ක් අතරින් 157ක් සඳහා ද, සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබුණු ඖෂධ සාම්පල් 477කින් 299ක් සඳහා ද පමණක් සමාලෝචිත වර්ෂය තුළ දී පරීක්ෂණ සහතික නිකුත් කර තිබුණි. ඒ අනුව 2019 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වූ වර්ෂ 03ක් තුළ දී ඖෂධ සාම්පල් අතරින් 2022 ජූලි 31 දින වනවිටත් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබුණ අතර ඉන් 42ක්ම අධිකරණය විසින් ඉදිරිපත් කර තිබුණ සාම්පල් විය. අදාළ අධිකරණ කටයුතු සැලකිය යුතු කාලයක සිට ප්‍රමාද වීමට එය හේතුවන බවට වූ මතය විගණනයේදී බැහැර කළ නොහැකි විය.

ජාතික විගණන කාර්යාලය විසින් 2022 සැප්තැම්බර් මස 09 වැනි දින විගණන වාර්තාව

මෙම විගණන වාර්තාවේ 2.3 වෙනත් කරුණු යටතේ වන (ඒ) පරිච්ඡේදය මගින් ඖෂධ පාලන අධිකාරිය වෙත තවත් බරපතල චෝදනාවක් එල්ල කරයි. ඒ ඖෂධ හෝ උපකරණ ලියා පදිංචිය සඳහා ඉදිරිපත් කරන ගොනු (Dossier)  පවත්වාගෙන යාමේදී හා අදාළ ලේඛන පිළියෙළ කිරීමේදී නොසැලකිිලිමත් ලෙස පමණක් නොව හිතමතා ද වැරදි තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධවය. ඇතැම් කාර්යයන් ඉටුකළ දිනයන්, ඉටුකළ නිලධාරින් පිළිබඳ තොරතුරු හා ඇතැම් අත්‍යවශ්‍ය ලේඛන ඩොසියර තුළ ඇතුළත් කර නොතිබුණි. ඇතැම් ඩොසියර තුළ කාර්යසාධන ඇගයීම සඳහා ඩොසියරය හා සාම්පලය අදාළ විදුහල වෙත ඉදිරිපත් කළ සහ නැවත ලද දිනයන්ද, ඖෂධවේදීන් තාක්ෂණික ඇගයිම ආරම්භ කළ සහ අවසන් කළ දිනයන් මෙන් ම ඖෂධවේදීන්ගේ නිර්දේශය,කේතය හා අත්සන් ආදිය ද සඳහන් කර නොතිබුණ බවටද විගණන වාර්තාව විසින් චෝදනා එල්ල කර ඇත.එපමණක් නොව තාක්ෂණික ඇගයීම් පිරික්සුම් ලැයිස්තුව තුළ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර තිබුණ බවට ද, ඇතැම් ඩොසියර තුළ අයදුම්පත පිළිබඳ සාරාංශ වාර්තාව සහ ඖෂධවේදීන් විසින් තාක්ෂණික ඇගයීම සිදු කර නිර්දේශ ලබා දෙන තාක්ෂණික ඇගයීම් පිරික්සුම් ලැයිස්තුව ඇතුළත් කර නොතිබුණු බව ද එහි සඳහන්ය.

මේ ශ්‍රි ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ සැබෑ චිත්‍රයයි. මෙවැනි දූෂිත, අකාර්යක්ෂ්ම වගකීම් විරහිත ආයතනයක් හරහා ෆයිසර් වැනි වංචාවේත්, නොමග යැවීමේත්, දූෂණයේත් කෙළ පැමිණි ඖෂධ සමාගම්වලට තම එන්නත් සඳහා වංචනික ලෙස අනුමැතිය ලබාගැනීම කොහෙත්ම අසීරු කරුණක් නොවේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය තුළ කොවිඩ්-19 එන්නත් සඳහා ඒ ඒ සමාගම් විසින් ඉදිරිපත් කරන්නට ඇති ඉල්ලුම් පත් පිළිබඳව හෝ ඇස්ට්‍රා සෙනෙකා එන්නත පිළිබඳ ඇගයීම් වාර්තාව හැරෙන්නට ෆයිසර් හෝ වෙනත් කිසිදු එන්නතක් පිළිබඳ කවර හෝ ඇගයීම් වාර්තාවක් ඇතුළත් කර නැත. එම වෙබ් අඩවියේ දක්නට ඇති එකම ඇගයීම් වාර්තාව හදිසි අවස්ථා අනුමැතිය ලබාදීම සඳහා ඇස්ට්‍රා-සෙනෙකා(කොවිෂීල්ඩ්) එන්නත සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඇගයීම් වාර්තාව පමණි.

15. යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් ෆයිසර් එන්නත සඳහා හදිසි අවස්ථා අලෙවි අනුමැතිය ලබාදීම

2020 දෙසැම්බර් 21 වැනි ෆයිසර්-බයොන්ටෙක් සමාගම්වල කොවිඩ්-19 එන්නත (කොමිර්නාටි) සඳහා යුරෝපා සංගමය තුළ හදිසි අවස්ථා සීමිත අලෙවි අවසරය යටතේ යුරෝපීය ඖෂධ ඒජන්සියේ අනුමැතිය ලබා දෙමින් එහි විධායක අධ්‍යක්ෂිකා එමර් කුක් මෙසේ ප්‍රකාශ කරන ලදි.

“අති විශාල පිරිසක් යොදාගනිමින් සිදු කරන ලද සායනික අත්හදා බැලීම් විසින් පෙන්වා දෙන ලද්දේ වයස 16න් ඉහළ පුද්ගලයන් හට කොවිඩ්-19 ආසාදනය සිදුවීම වැළැක්වීම සඳහා කොමිර්නාටි එන්නත ඵලදායක බවයි.

සායනික අත්හදා බැලීම් පරීක්ෂණවලට පුද්ගලයන් 44,000ක් සහභාගි විය. ඉන් අඩකට සැබෑ කොමිනාර්ටි මාත්‍රාව සහිත එන්නත ලබාදුන් අතර ඉතිරි අඩට ලබාදුන්නේ ව්‍යාජ එන්නතකි (dummy injection). තමන්ව එන්නත් කරණයට ලක් කරන ලද්දේ සැබෑ කොමිනාර්ටි එන්නත මගින්ද නැතහොත් ව්‍යාජ එන්නත මගින්දැයි මෙම පරීක්ෂණයට සහභාගි වූවන් වෙත දැනුම් නොදෙන ලදි.

කාර්යක්ෂමතාව ගණනය කරන ලද්දේ වයස අවුරුදු 16ට ඉහළ පුද්ගලයන් 36,000කට අදාළ දත්ත යොදා ගනිමිනි. (මෙයට වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයන්ද අයත් විය.) ව්‍යාජ එන්නත ලබා දුන් පුද්ගලයන් හා සන්සන්දනය කිරීමේදී (මෙම කණ්ඩායමේ පුද්ගලයන් 18,325කින් 162කට රෝග ලක්ෂණ සහිත කොවිඩ්- 19 වැළඳිණි.) , සැබෑ එන්නත ලබාගත් පුද්ගලයන් අතර රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 වලින් ආසාදනය වීම 95%කින් අඩු වී ඇති බව ( මෙම කණ්ඩායමේ පුද්ගලයන් 18,198කින් 8 කට රෝග ලක්ෂණ සහිත කොවිඩ්- 19 වැළඳිණි.) මෙම අධ්‍යයනය විසින් පෙන්නුම් කර තිබේ. මෙහි තේරුම සායනික පරීක්ෂණවලදී එන්නත විසින් කාර්යක්ෂමතාව 95%ක් පෙන්වා ඇති බවයි. ”

EMA recommends first COVID-19 vaccine for authorisation in the EU

මෙම සායනික පර්යේෂණය පිළිබඳව මතුව ඇති විවේචන පුළුල් ලෙස පසු පර්ච්ඡේදවලදි දැක්වෙන අතර මෙහිදී එක් කරුණක් වෙත අවධානය යොමු කරමු. එමර් කුක් ගේ ප්‍රකාශයේ වයස 75ට වැඩි පුද්ගලයන් සඳහාද මෙම ෆයිසර් එන්නත සායනික පර්යේෂණවලට ලක්කර ඇති බවද එමගින් ද 95%ක සාර්ථක ප්‍රතිඵල ලබාඇති බවද සඳහන්වේ. නමුත් එම වයස් කාණ්ඩයේ පුද්ගලයන් කී දෙනෙකු ෆයිසර් එන්නතේ සායනික අත්හදාබැලීමේ පර්යේෂණවලට සහභාගි කරවාගෙන ඇත්දැයි ප්‍රකාශ කිරීමෙන් ඇය ඉතා දැනුවත්ව වැළැකී තිබේ.
එක්සත් ජනපදයේ සෞඛ්‍ය පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ( National Center for Health Research)ඩියානා සුකර්මාන් (Diana Zuckerman) විසින් 2020 දෙසැම්බරයේදී බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය වෙත මෙසේ පවසා තිබේ.

“මා මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත්වන කරුණ නම් ෆයිසර් එන්නත් වල සායනික පර්යේෂණවලට වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයන් සහභාගි කරවාගෙන ඇති සංඛ්‍යාව 5 දෙනෙකු පමණක් වීම පිළිබඳවයි. මෙම පුද්ගලයන් 5 දෙනා අතරින් නිශ්චිතව සඳහන් කර නැති සංඛ්‍යාවක් කොවිඩ්-19 මගින් ආසාදනය වී ඇති බව ප්‍රකාශකරන ෆයිසර් සමාගම එම ආසාදනයන් බරපතල ඒවා බවට නිර්වචනය කර තිබේ. මෙම සීමා සහිත දත්ත මගින් ෆයිසර් එන්නත දුර්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා කොතෙක් දුරට කාර්යක්ෂම ගුණයක් පෙන්වන්නේ දැයි නිගමනය කිරීම අසීරුය.”

Covid-19: Should vaccine trials be unblinded?

මේ අනුව පෙනී යන්නේ අවදානම් කලාපයේ සිටින කණ්ඩායමක් ලෙස නම් කරන ලද දුර්වල වැඩිහිටියන් කොවිඩ්-19 න් ආරක්ෂා කිරීම සඳහා යැයි කියමින් ඔවුන්ට ෆයිසර් එන්නත ලබාදීම අනිවාර්ය කරනු ලැබ ඇත්තේ වයස 75ට වැඩි පුද්ගලයන් 5 දෙනෙකු පමණක් සහභාගිකරවාගත් සායනික පර්යේෂණවල දත්ත මත පදනම්ව බවයි.
එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය සහ යුරෝපා ඖෂධ ඒජන්සිය පමණක් නොව ඉන් පසුව ලෝකය පුරා සියලු රටවල ඖෂධ පාලනය පිළිබඳ ආයතනද, දේශපාලනඥයන්ද, වෛද්‍යවරුන්ද, ජනමාධ්‍යවේදීන්ද අවදානම් කලාපයේ සිටින වයස්ගතවූවන් ගේ ජීවිත කොවිඩ්-19 වසංගතයෙන් ගලවාගැනීම සඳහා ෆයිසර් එන්නත සතු දිව්‍යමය ගුණය ගැන ගිරාපොතකයන් මෙන් වාචාල දොඩවන්නට පටන්ගත්තේ සැබෑ තත්ත්වය මෙසේ පවතිද්දීය. මොවුහු කිසිවෙක් ෆයිසර්, මොඩෙර්නා වැනි mRNA එන්නත්වල බරපතල ශාරිරික හානි ගැන කිසිවක් සඳහන් කිරීමෙන් වැළැකී සිටිති.

යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්‍යක්ෂිකා එමර් කුක් සහ ඖෂධ සමාගම් අතර සම්බන්ධය

මෙයට අමතරව යුරෝපා ඖෂධ ඒජන්සිය විසින් ෆයිසර් එන්නත සඳහා ලබාදුන් හදිසි අනුමැතිය පිටුපසත් AstraZeneca වැක්සීනය සම්බන්ධව මතුව ඇති ගැටළුකාරි තත්ත්වය යටපත් කරමින් එය භාවිතය අත්හිට වූ රටවලට එය නැවත භාවිතයට උපදෙස් දීම පිටුපසත් එම ඒජන්සියේ විධායක අධ්‍යක්ෂිකා එමර් කුක් සම්බන්ධයෙන් “ අවශ්‍යතා පිළිබඳ ගැටුමක් “ ඇතැමුන් විසින් මතු කර තිබේ. ඒ ඇය සිය වෘත්තීය ජීවිතයේ සැළකිය යුතු කාලයක් විවිධ ඖෂධ සමාගම් වල අලෙවි ප්‍රවර්ධන සහ ව්‍යාපාර කළමණාකරණ කටයුතුවලට සම්බන්ධව සිටි අයෙකු වීම හේතුවෙනි. ඇය 1991 සිට 1998 දක්වා ඇය යුරෝපයේ විශාලතම බහුජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ (EFPIA) විද්‍යාත්මක සහ ඖෂධ පාලක සම්බන්ධතා පිළිබඳ කළමණාකාර තනතුරක් දරමින් එම සංගමය වෙනුවෙන් ලොබි කිරීම්වලට සහභාගි වී ඇත.

ෆයිසර් එන්නත සඳහා පවත්වන මෙම සායනික පර්යේෂණ තුළ විශාල අක්‍රමිකතාවන් පැවැති බවට ෆයිසර් සමාගම වෙනුවෙන් මෙම සායනික පර්යේෂණ පැවැත්වීමේ කොන්ත්‍රාත්තුව භාර ගත්  Ventavia ආයතනයේ පර්යේෂිකාවක් විසින් හෙළිදරවු කර තිබේ. මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ පෝල් තැකර් විසින් Covid-19: Researcher blows the whistle on data integrity issues in Pfizer’s vaccine trial යනුවෙන් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය වෙත ලිපියක් ලියා තිබේ. මෙහි සිරස්තල අංක 16 යටතේ ෆයිසර් එන්නතේ සායනික පර්යේෂණවලට සහභාගි වූ පර්යේෂණ නිලධාරිනියකගේ හෙළිදරවු කිරීම් යන මැයෙන් පළවන්නේ එම ලිපියේ පරිවර්තනයයි.

16. ෆයිසර් එන්නතේ සායනික පර්යේෂණවලට සහභාගි වූ පර්යේෂණ නිලධාරිනියකගේ හෙළිදරවු කිරීම්

2020 වසරේ සරත් සෘතුවේදී ෆයිසර් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වන ඇල්බර්ට් බෝර්ලා ලෝකය පුරා ජනතාව වෙත විවෘත සංදේශයක් මගින් දන්වා සිටියේ කොවිඩ්-19 වසංගතය අවසන් කිරීම සඳහා ආරක්ෂිත සහ කාර්යක්ෂ්ම එන්නතක් සොයාගෙන ඇති බවයි. “මෙයට පෙර මා විසින් පැවසූ පරිදි අපි විද්‍යාවේ වේගයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින්නෙමු” යනුවෙනි.
නමුත් ෆයිසර් සමාගම වෙනුවෙන් මෙම එන්නත පිළිබඳ සායනික පර්යේෂණ පැවැත්වූ වෘත්තීය විශේෂඥයන්ට අනුව බෝර්ලාගේ “විද්‍යාත්මක වේගය ” විසින් අදාළ සායනික පර්යේෂණ පිළිබඳ දත්තවල අව්‍යාජත්වයට සහ රෝගීන්ගේ සුරක්ෂිතතාවයට බරපතල හානි සිදු කර තිබේ. මෙම සායනික පර්යේෂණ ෆයිසර්-බයොන්ටෙක් සමාගම් සඳහා සිදුකීරීම භාරගෙන තිබුණේ ටෙක්සාස්හි පුද්ගලික පර්යේෂණ සමාගමක් වන වෙන්ටාවියා රිසර්ච් ගෘෘප් Ventavia Research Group විසිනි. මෙම පර්යේෂණ ආයතනයේ කලාපීය අධ්‍යක්ෂකවරියක් වූ බෘෘක් ජැක්සන් විසින් බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යාත්මක ජර්නලයක් වන බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ විකෘති කරන ලද දත්ත, ඒ ඒ සහභාගිවන්නන්ට ලබා දෙන්නේ සැබෑ එන්නතද නැතහොත් ව්‍යාජ එන්නතද යන්න සහභාගිවන්නන්ට සහ පර්යේෂකයන්ට දැනුම් දීම (unblinded patients), නිසි පුහුණුවක් නොමැති පුද්ගලයන් ලවා එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම, ෆයිසර් නියාමක අවධි 3 පර්යේෂණවලදී අහිතකර අතුරු ප්‍රතිඵල පිළිබඳව වන වාර්තා සම්බන්ධ පසු විපරම් කටයුතු මන්දගාමී වීම ආදිය මෙම සායනික පර්යේෂණ වල නිතර දක්නට ලැබුණ දෙයක් බවයි. එමෙන්ම තත්ත්වපාලක සුපරීක්ෂක කාර්ය මණ්ඩලය විසින් සොයාගන්නා ලද දෝෂ සහ ගැටළු අති විශාල සංඛ්‍යාවක් සඳහා විසඳුම් ලබා දීම ඔවුන් මත පටවා තිබිණි.

ෆයිසර් එන්නත පිළිබඳ සායනික පර්යේෂණ අක්‍රමිකතා සහ දෝෂ හෙළිදරවු කළ වෙන්ටාවියා රිසර්ච් ගෘෘප් ආයතනයේ කලාපීය අධ්‍යක්ෂකවරියක් වූ බෘෘක් ජැක්සන්

වෙන්ටාවියා ප්‍රධානීන් වෙත මෙම තත්ත්වයන් පිළිබඳව දිගින් දිගටම දැනුම් දුන්නද කිසිදු විසඳුමක් නොලැබිණි. අවසානයේදී මෙම කලාප අධ්‍යක්ෂකවරිය විසින් ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියට ( Food and Drug Administration – FDA)මේ පිළිබඳව පැමිණිලි කරන ලදි. එහි ප්‍රතිඵලය වූයේ ඉහත පර්යේෂණාත්මක අක්‍රමිකතා නොසැලකිලිමත්කම් ගැන පරීක්ෂණයක් පවත්වනු වෙනුවට එදිනම එම පැමිණිල්ල සිදු කළ කලාප අධ්‍යක්ෂකවරිය වූ බෘෘක් ජැක්සන්ව වෙන්ටාවියා සමාගම විසින් සේවයෙන් පහකිරීමයි.
වෙන්ටාවියා රිසර්ච් ගෘප් යනු ටෙක්සාස්හි පිහිටා ඇති විශාලතම සායනික පර්යේෂණ පිළිබඳ ආයතනයයි. එය ඒ සඳහා සම්මාන කීපයක්ම දිනා තිබිණි. කෙසේවුව ද 2020 සැප්තම්බර් මාසයේදී මෙම ආයතනය තුළ තමා සේවය කළ සති දෙක තුළ බෘෘක් ජැක්සන්ට එහි පැවැති අයහපත් විද්‍යාගාර කළමණාකරණය පිළිබඳවත්, රෝගීන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධ ගැටළු පිළිබඳවත් වංචනික දත්ත සැකසීම පිළිබඳවත් දිගින් දිගටම සිය ප්‍රධානින් වෙත දැනුම් දීමට සිදු වී තිබේ.
බෘෘක් ජැක්සන් වෙන්ටාවියා ආයතනයේ සේවයට පැමිණීමට පෙර ඇය සතුව පර්යේෂණ විගණකවරියක ලෙස සායනික පර්යේෂණ සම්බන්ධීකරණය සහ කළමණාකරණය පිළිබඳව වසර 15ක අත්දැකීම් සතුව තිබිණි. වෙන්ටාවියාහි පැවැති පර්යේෂණ කළමණාකරණ දෝෂ සහ අක්‍රමිකතා ක්ෂණිකව හඳුනාගැනීමට ඇය සමත් වූයේ එහෙයිනි. වෙන්ටාවියා ආයතනය විසින් මෙම දෝෂ අක්‍රමිකතා නිවැරදි කිරීමට කටයුතු නොකර බව වටහා ගත් ඇය ඒ පිළිබඳව සාක්ෂි රැස් කිරීමට පටන්ගත්තාය. ඇය විසින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය (BMJ) වෙත වෙත ඉදිරිපත් කර ඇති ඡායාරූපමය සාක්ෂිවලට අනුව භාවිතා කරන ලද එන්නත් කටු ආරක්ෂා සහිතව සීල් කළ හැකි ඇසුරුම් වල නොව ප්ලාස්ටික් බෑග්වල බහා තිබිණි. තවත් ඡායාරූපයක එන්නත්කරණයට ලක් වූ පුද්ගලයාගේ අනන්‍යතා අංකය සඳහන් කරන ලද එන්නත් ඇසුරුම් පර්යේෂණයට සහභාගිවන්නන්ට දැකිය වන පරිදි විවෘතව ගොඩගසා තිබිණ. මෙමගින් පර්යේෂණයේ අත්‍යවශ්‍ය අංගයක් වූ සහභාගිවන්නන් (එනම් රෝගීන් සහ කාර්ය මණ්ඩලය) විසින් තමන්ට ලබා දෙන්නේ සැබෑ ෆයිසර් එන්නතද නැතහොත් ව්‍යාජ එන්නතද යන කරුණ (blinded) නොදැන සිටිය යුතුය යන මූල ධර්මය උල්ලංඝණය කෙරිණි.
පර්යේෂණයේ මුල් අවධියේ සිටම මෙම වරද මහා පරිමාණයෙන් සිදු වන්නට ඇතැයි BMJ විසින් සිය සැකය පළ කර තිබේ.
පර්යේෂණ සැලසුමට අනුව ෆයිසර් එන්නත සහ ව්‍යාජ එන්නත ලබාදීමේ වගකීම සහ අධ්‍යයනය පැවැරී තිබුනේ සැබෑ ෆයිසර් එන්නත් සාම්පල සහ ව්‍යාජ එන්නත් සාම්පල මොනවාදැයි දැන සිටි කාර්ය මණ්ඩලය වෙතය. මෙය සිදු කරන ලද්දේ එන්නත්කරණයට ලක්වන සහභාගිවන්නන් සහ සෙසු ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයද ප්‍රධාන පරීක්ෂකයාද ඒ පිළිබඳව දැනගැනීමෙන් වැළැක්වීම අරමුණු කොටගෙන හෙවත් ඔවුන්ව අඥත (blinded) තත්ත්වයේ තබාගැනීම සඳහාය. කෙසේ වුවද වෙන්ටාවියාහි සිදුවූයේ එන්නත් ලබාදුන් ආකාරය සහතික කරන මුද්‍රිත ලේඛන වෙත පර්යේෂණයට අඥත ලෙස සහභාගිවූවන්හට පහසුවෙන් ප්‍රවේශවිය හැකි පරිදි පවත්වාගෙන යාමය. මෙම ලේඛන පර්යේෂණයට සහභාගිවන්නන්හට ප්‍රවේශ විය නොහැකි පරිදි ඉවත් කරමින් එම සාවද්‍ය ක්‍රියාමාර්ගය නිවැරදි කරන ලද්දේ සැප්තැම්බර් මාසයේදීය. ඒ වනවිට පර්යේෂණයට සහභාගිවන්නන් 1000ක් බඳවාගෙන තිබූ අතර එන්නත ලබා දී මාස දෙකක් ගත වී තිබුණි.

සැප්තැම්බර් මස අවසන් භාගයේදී තමා සහ වෙන්ටාවියා ආයතනයේ විධායක නිලධාරින් දෙදෙනෙකු සමග පැවැති හමුවක් බෘක් ජැක්සන් විසින් පටිගත කර තිබිණි. එම හඬපටයට අනුව එම විධායක නිලධාරින් විසින් මෙම පර්යේෂණය ලේඛනගත කිරීම සඳහා තත්ත්ව පාලනය කිරීමේදී හමු වී ඇති විශාල වැරැදි සංඛ්‍යාව ප්‍රමාණීකරණය කළ නොහැකි බව පවසනු ලබයි. එක වෙන්ටාවියා විධායක නිලධාරියෙකු මෙසේ පවසනු එම හඬපටයේ සටහන්ව තිබේ “ මට හිතෙන විදියට හැමදාම අලුත් ප්‍රශ්නයක්. අපි දන්නවා ඒක වැදගත් දෙයක් කියලා”
වෙන්ටාවියා විසින් දත්ත ඇතුළත් කිරීමේ විමසුම්(data entry queries) පවත්වාගෙන ගියේ නැති බව මෙම පර්යේෂණයට සහභාගිවූ ICON නම් පර්යේෂණ සඳහා කොන්ත්‍රාත් භාරගන්නා සංවිධානයක් විසින් එවන ලද ඊමේලයක් මගින් පෙන්නුම් කරයි. ICON යනු ෆයිසර් සමාගමේ හවුල්කාර සමාගමක් වන අතර එය ද මෙම පර්යේෂණයට දායක වී තිබේ. 2020 සැප්තැම්බර් මස වෙන්ටාවියා ආයතනය වෙත ඊමේලයක් යවමින් ICON විසින් “මෙම අධ්‍යයනයේදී සියලු දත්ත ඇතුළත් කිරීම් පැය 24ක් තුළ කළ යුතු බවට අපේක්ෂා කෙරේ.” යනුවෙන් සිහි කැඳවීමක් සිදු කර තිබේ. ඉන් පසුව ICON ආයතනය විසින් ඒ දක්වා සැලකිල්ලට ගෙන නැති දත්ත ඇතුලත් කිරීම් 100ක් පමණ කහපාටින් සළකුණු කරමින් පහත පරිදි අවධානය යොමු කරවා තිබේ.

“පර්යේෂණයට විෂය වූ පුද්ගලයා විසින් බරපතල රෝග ලක්ෂණ/ප්‍රතිචාර වාර්තා කර තිබේ.ප්‍රොටෝකෝලයට අනුව 3 වන ශ්‍රේණියේ ස්ථානීය ප්‍රතිචාර දක්වන පර්යේෂණයට විෂයවූ පුද්ගලයන් වහාම ඇමතිය යුතුය. කරුණාකර එවැනි සැලසුම් නොකළ ඇමතුම් ගෙන තිබේ නම් වහාම ඒ බව සහතික කරන්න. එමෙන්ම ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය යාවත්කාලීන කරන්න. ”

මෙම සායනික අත්හදාබැලීමේ පර්යේෂණයේ ප්‍රොටෝකෝලයට අනුව පර්යේෂණයට ලක්වන පුද්ගලයෙකු රෝග ලක්ෂණ හෝ වෙනත් ප්‍රතිචාර දක්වන බවට වාර්තා කළ හොත් වහාම ඔවුන්ව දුරකතනය මගින් සම්බන්ධ කර ගනිමින් ඒ පුද්ගලයන් පිළිබඳ හමු වී සොයා බැලීම සායනිකව අවශ්‍යවන්නේද යන්න තීරණය කිරීම සඳහා වැඩි දුර විස්තර ලබාගත යුතුය.

16.1 ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (FDA ) විමර්ශනයකට පැමිණෙතැයි බිය වීම

ලේඛනමය සාක්ෂි අනුව පෙනී යන්නේ මෙම ගැටළු සති ගණනාවක් තිස්සේ ඇදෙමින් පැවැති බවය. 2020 අගෝස්තු මස මුල්භාගයේදී පමණ, එනම් මෙම සායනික අත්හදා බැලීමේ පර්යේෂණය පටන් ගැනීමෙන් ටික කලකට පසුව සහ බෘෘක් ජැක්සන් වෙන්ටාවියා ආයතනය වෙත බඳවා ගැනීමට පෙර, වෙන්ටාවියා ප්‍රධානීන් අතර හුවමාරු වෙමින් පැවැති “ ක්‍රියාත්මක කරුණු” නම් ලැයිස්තුව තුළ එක් වෙන්ටාවියා විධායක නිලධාරියෙකු විසින් විවිධ පර්යේෂණාත්මක දෝෂ සහ අක්‍රමිකතා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරින් තිදෙනෙකු පිළිබඳව සඳහන් කර තිබිණි.
එනම් “ එක් නිලධාරියෙකු විසින් දත්ත වාර්තාකරණය සඳහා ඉලෙක්ට්‍රොනික දිනපොතක් භාවිතා කිරීම සහ දත්ත විකෘති කිරීම ” ආදිය පිළිබඳවයි. මෙම ලැයිස්තුව තුළ සඳහන් වන තවත් කරුණක් වන්නේ “ දත්ත වෙනස් කිරීමේ යෙදීම සහ අවසානයට ඇතුළත් කරන ලද දත්ත පිළිබඳව සටහන් නොතැබීම ගැන තවත් නිලධාරියෙකුට වාචිකව උපදෙස් දීම ” ය.
සැප්තැම්බර් මාසයේ අවස්ථා කීපයකදීම වෙන්ටාවියා විධායක නිලධාරින් හා බෘෘක් ජැක්සන් අතර සිදුවූ හමුවීම් වලදී සාකච්ඡාවට ලක් වූ එක් කරුණක් වූයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (FDA ) වෙන්ටාවියාවේ කටයුතු පිළිබඳ විමර්ශනයකට පැමිණීමකට ඇති ඉඩකඩ පිළිබඳවය.
“FDA එක මෙහෙ ආවාම අපට මොකක් හරි විදිහක තොරතුරු තොරතුරු ලිපියක් ලබා දෙයි අඩුම තරමින් ” යි එක් විධායක නිලධාරියෙකු පවසා තිබේ.

16.2 අධීක්ෂණයේ දුර්වලතාවන් පිළිබඳ ඉතිහාසය

ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (FDA ) සහ සායනික පර්යේෂණ පිළිබඳව අවධානය යොමු කරමින්, වගකීම් සහගත ප්‍රතිකාර සහ පර්යේෂණ පිළිබඳ පුරවැසියෝ (Citizens for Responsible Care and Research Incorporated – CIRCARE)සංවිධානයේ සභාපති එලිසබෙත් වූක්නර් ( Elizabeth Woeckner) බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය වෙත පවසා සිටියේ FDAහි පවත්නා බරපතල සම්පත් හිඟය හේතුවෙන් එහි අධීක්ෂණ කටයුතුවල ධාරිතාව සීමා වී ඇති බවයි. සායනික පර්යේෂණ පවත්වන ආයතන වෙත ගොස් අධීක්ෂණ කටයුතු සිදු කිරීමට තරම් කාර්ය මණ්ඩලයක් FDA සතුව නොමැති බවටද ඇය වැඩි දුරටත් පැවසුවාය. සමහර අවස්ථාවලදී අධීක්ෂණ කටයුතු සිදුවන්නේ ඉතා ප්‍රමාද වීය.

CIRCARE සංවිධානය සහ එක්සත් ජනපදයේ පාරිභෝගික උපදේශක සංවිධානයක් වන පොදු පුරවැසියා (Public Citizen) සංවිධානයද තවත් මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් රැසක් ද 2018 ජූලි මාසයේදී FDA වෙත සවිස්තරාමක පැමැණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූවේ පර්යේෂණයට සහභාගි වන මනුෂ්‍යයන්ගේ ආරක්ෂාව සැලසීම සඳහාවන රෙගුලාසි කඩ කරන ලද අසාර්ථක සායනික පර්යේෂණයක් පිළිබඳවය. එම සායනික පර්යේෂණය පවත්වන ලද ආයතනය අධීක්ෂණය කිරීමට විසින් නිලධාරියෙකු යවන ලද්දේ මාස 9 කට පසු 2019 අප්‍රේල් මසදීය. වසර තුනකට පසුව 2021 අප්‍රේල් මාසයේදී විසින් අදාළ සායනික පර්යේෂණය පවත්වන ලද ආයතනයට අනතුරු ඇඟවීමේ ලිපියක් යවන ලදි. එහි මෙසේ සඳහන් විය.

“භාවිතයේ යෙදිය යුතු නීත්‍යානුකූල අවශ්‍යතාවන් සහ සායනික පර්යේෂණ පැවැත්වීම පිළිබඳව FDAහි රෙගුලාසි ද එම පර්යේෂණවලට සහභාගි කරවාගන්නා මනුෂ්‍යයන් ගේ ආරක්ෂාව පිළිබඳව ද නීති ඔබ විසින් පිළි පැද නැති බව පෙනී යයි. ”

“කොන්ත්‍රාත් ක්‍රමයට සායනික පර්යේෂණ පවත්වන ආයතන සහ ස්වාධීන සායනික පර්යේෂණ පහසුකම් සපයන ආයතන සම්බන්ධයෙන් කිසිදු අධීක්ෂණයක් සිදු නොවන තරම් ” යැයි නොර්ත් කැරොලිනා ස්කූල් ඔෆ් මෙඩිසින් හි සමාජ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරියක වන ජිල් ෆිෂර් ( Jill Fisher) පැවසුවාය. Medical Research for Hire: The Political Economy of Pharmaceutical Clinical Trials. නම් කෘතියේ කතුවරිය ඇයයි.

16.3 වෙන්ටාවියා සහ FDA

වෙන්ටාවියාහි කලින් සේවය කරන ලද අයෙකු BMJ වෙත පවසන ලද්දේ ෆයිසර් වැක්සීනය සම්බන්ධ සායනික පර්යේෂණ පිළිබඳ විගණනය කිරීමට ෆෙඩරල් විගණන නිලධාරින් පැමිණෙනු ඇතැයි වෙන්ටාවියා සමාගම කැලැඹී සිටි බවය.

“ෆයිසර් එන්නත පිළිබඳව සායනික පර්යේෂණ වලට සම්බන්ධව සිටි නිලධාරින් FDA විගණනය පිළිබඳ දැඩි භීතිකාවකින් පෙළුණා.”යි ජිල් ෆිෂර් BMJ වෙත පැවසුවාය. නමුත් ඇය වැඩි දුරටත් සඳහන් කළේ ඒජන්සිය අදාළ ලියැවිලි පරීක්ෂා කිරීම හැරෙන්නට වෙන කිසිදු අධීක්ෂණයක නිරත නොවූ බවය. ඇයට අනුව එය පවා සිදුවන්නේ පර්යේෂණය නිම වී මාස ගණනාවකට පසුවය.

“වෙන්ටාවියා සමාගම FDA වෙත මෙච්චර බයවන්නේ කුමක් නිසාදැයි මම දන්නේ නැහැ.”යි ජිල් ෆිසර් පැවසුවාය.
නමුත් වෙන්ටාවියාවේ සේවය කරන අයෙකු සායනික පර්යේෂණවල අක්‍රමිකතා පිළිබඳව වෙත පැමිණිලි කළ විට ඒ පිළිබඳව විභාග කිරීමට අසමත් වීම පිළිබඳව ඇය සිය මවිතය පළ කළාය.

“ විශ්වාස කටයුතු සහ විශේෂ පැමිණිල්ලක් ලද විට එය විභාග කිරීම ඔවුන්ගේ රාජකාරිය සහ වගකීමක් වෙනවා”යි ෆිෂර් පැවසුවාය.
2007 දී මානව සේවා සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පරීක්ෂක ජෙනරාල්ගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව 2000 සහ 2005 අතර කාලය තුළ සායනික පර්යේෂණ පවත්වන ලද ආයතන අතරින් FDA විසින් අධීක්ෂණය කර ඇත්තේ 1%ක් පමණි. FDA හි එන්නත් සහ ජීව විද්‍යා අංශය විසින් සායනික පර්යේෂණ පිළිබඳ සිදු කරන අධීක්ෂණ කටයුතු විශාල වශයෙන් අඩු වී තිබේ. 2020 මුදල් වර්ෂයේදී මෙම අංශය විසින් අධීක්ෂණය කර ඇත්තේ සායනික පර්යේෂණ 50ක් වැනි ප්‍රමාණයකි.

සැප්තැම්බර් මස 25 වැනි දින උදයේ බෘෘක් ජැක්සන් විසින් FDA වෙත දුරකතන ඇමතුමක් දෙන ලද්දේ වෙන්ටාවියා ආයතනය විසින් ෆයිසර් එන්නත සම්බන්ධ සායනික පර්යේෂණ පවත්වාගෙන යන දෝෂ සහගත ආකාරය පිළිබඳව අනතුරු ඇඟවීම සඳහාය. ඇය පසුව ඊමේල් මගින්ද වෙත සවිස්තරාත්මකව මේ පිළිබඳව දන්වා තිබේ. එදින හවසම වෙන්ටාවියා ආයතනය විසින් බෘෘක් ජැක්සන්ව සේවයෙන් පහ කරන ලදි. එයට හේතු වශයෙන් ඔවුන් දක්වා තිබුණේ “ ඇය සිය ආයතනයේ සේවය සඳහා නුසුදුසුය” යන්නය. බෘෘක් ජැක්සන් BMJ වෙත පවසා සිටියේ සිය 20 වසරක වෘත්තීය ජීවිතය තුළ ඇයව සේවයෙන් ඉවත් කරන ලද පළමු අවස්ථාව මෙය බවයි.

16.4 සායනික පර්යේෂණවල දෝෂ ගැන FDA වෙත දැන්වීම

වෙන්ටාවියා ආයතනය ෆයිසර් එන්නත පිළිබඳව සායනික පර්යේෂණ පවත්වාගෙන යනු ලබන සාවද්‍ය ආකාරය ගැන බෘෘක් ජැක්සන් විසින් සැප්තැම්බර් මස 25 වැනි දින FDA වෙත යවන ලද ඊමේලය තුළ සඳහන්වන්නේ එකී සායනික පර්යේෂණය වෙන්ටාවියා ආයතනය විසින් ස්ථාන තුනකදී පුද්ගලයන් 1000ක් ඒ සඳහා බඳවාගෙන පවත්වමින් සිටින බවයි. ෆයිසර් එන්නත සඳහා පවත්වන ලද සම්පූර්ණ සායනික පර්යේෂණය විවිධ වාණිජ ආයතන සහ ශාස්ත්‍රීය මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන 153ක දී පුද්ගලයන් 44000ක් සම්බන්ධ කරගෙන පවත්වන ලද අතර එය ලියා පදිංචි කර ඇත්තේ NCT04368728 යන අංකය යටතේය. බෘෘක් ජැක්සන් විසින් තමා මෙම සායනික පර්යේෂණය තුළ දකින ලද බරපතල වැරැදි සහ අක්‍රමිකතා මෙසේ ලැයිස්තු ගත කර ඇත.

  • සායනික පර්යේෂණයට සහභාගි වූවන්ට එන්නත ලබාදීමෙන් පසු ඔවුන් විවෘත කොරිඩෝරයක රඳවා තැබීම
  • අහිතකර අතුරු ආබාධ පිළිබඳව නිසි කලට පසු විපරම් කටයුතු සිදු නොකිරීම
  • පර්යේෂණ ප්‍රොටෝකොලය උල්ලංඝණය වීමේ සිදුවීම් පිළිබඳ වාර්තා නොකිරීම
  • සායනික පර්යේෂණයට යොදාගන්නා ලද එන්නත් යෝග්‍ය උෂ්ණත්වයක් තුළ ගබඩා නොකිරීම
  • විද්‍යාගාර සාම්පල වැරැදි ලෙස ලේබල් කිරීම
  • මෙම වැරැදි වාර්තාකළ වෙන්ටාවියා කාර්යමණ්ඩලයේ පර්යේෂකයන් ඉලක්ක කරමින් ඔවුන්ගෙන් පලිගැනීමේ ක්‍රියාදාමයක් දියත් කිරීම

පැය කීපයක් තුළ ඇය විසින් FDA වෙත යවන ලද ලිපියට ස්තූති කරමින් FDA විසින් පිළිතුරු ඊමේලයක් එවා තිබිණි. කෙසේ වුවද ඇයගේ අනතුරු ඇඟවීම්වල ප්‍රතිඵලයක් ලෙස පරීක්ෂණයක් ආරම්භ වේදැයි කීමට නොහැකි බව ද එහි සඳහන් කර තිිබිණි. දින කීපයකට පසුව ඇය වෙත FDA පරීක්ෂකයෙකු විසින් දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඇගේ පැමිණිල්ල ගැන සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධ වැඩිදුර විස්තර සැපයීමට නොහැකි බව ද දන්වන ලදි. ඇගේ පැමිණිල්ලට සිදු වූ දෙය පිළිබඳව කිසිදු විස්තරයක් ඇයට ඉඩ් පසුව දැනගන්නට නොලැබිණි.
කොවිඩ්-19 රෝගය සඳහා වන ෆයිසර් එන්නතට හදිසි අවස්ථාව යටතේ භාවිතා කිරීමේ අනුමැතිය ( emergency use authorisation ) ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රය සාකච්ඡා කිරීමට 2020 දෙසැම්බර් 10 වැනි දින FDA උපදේශක කමිටු රැස්වීමක් වෙත ඉදිරිපත් කරන ලද ෆයිසර් සමාගමේ සාරාංශමය වාර්තාවේ වෙන්ටාවියා පර්යේෂණ ආයතනය තුළ සිදු වූ කිසිවක් සඳහන් කර නොතිබිණි. FDA විසින් පසු දිනම ෆයිසර් එන්නත සඳහා සිය අනුමැතිය ලබා දෙන ලදි.

2021 වර්ෂයේ අගෝස්තු මාසයේදී ෆයිසර් එන්නත සඳහා FDA ආයතනයේ සම්පූර්ණ අනුමැතිය ලබා දීමෙන් පසුව එම ආයතනය විසින් ෆයිසර් සමාගමේ සායනික පර්යේෂණ පිළිබඳ තමන් විසින් අධීක්ෂණය කරන ලද සායනික පර්යේෂණ මධ්‍යස්ථාන 9ක් පිළිබඳව සාරාංශ ගත වාර්තාවක් ප්‍රසිද්ධ කරන ලදි. එහි කිසිදු තැනක වෙන්ටාවියා ආයතනය සම්බන්ධව වචනයක් හෝ සඳහන් නොවේ. එමෙන්ම 2020 දෙසැම්බර් මාසයේදී ෆයිසර් එන්නත වෙත හදිසි අවස්ථා භාවිත අනුමැතිය ලබා දීමෙන් මාස 8කට පසුව වැඩිහිටියන් යොදාගෙන සායනික පර්යේෂණ සිදුකරන ලද ස්ථාන පිළිබඳව කිසිදු සඳහනක් ඉහත වාර්තාව තුළ නොමැති වීමෙන් පෙනී යන්නේ FDA විසින් එම ස්ථාන අධීක්ෂණය කර නැති බවයි.
FDA හි අධීක්ෂණ නිලධාරියා විසින් මෙසේ සඳහන් කර තිබේ.
“ BIMO [bioresearch monitoring] හි අධීක්ෂණයන්හි දත්ත අව්‍යාජත්වය සහ ඒ පිළිබඳ සහතිකකරණය සීමා වී තිබේ. මක් නිසාද යත් විමර්ශනය තවමත් නිමා වී නැති හෙයිනි. සහතිකකරණය සහ සන්සන්දනය සඳහා අවශ්‍ය දත්ත IND (investigational new drug) වෙත තවමත් ලැබී නැත.”

16.5 වෙන්ටාවියා ආයතනයේ සෙසු සේවකයන් ලබාදුන් සාක්ෂි

මෑත මාස කීපය තුළ බෘෘක් ජැක්සන් විසින් වෙන්ටාවියා ආයතනයේ කලින් තමන් සමග සේවය කළ යම් යම් අය සමග නැවත සම්බන්ධතා ගොඩනගා ගන්නා ලදි. ඔවුහු එක්කෝ වෙන්ටාවියා ආයතනය මගින් සේවයෙන් ඉවත්කරන ලද්දවුන් හෝ එයින් ඉල්ලා අස්වූවන් වූහ. එයින් එක් අයෙකු වූයේ 2020 සැප්තැම්බරයේ පැවැති හමුවට සහභාගි වූ නිලධාරියෙකි. 2021 ජූනි මාසයේදී බෘෘක් ජැක්සන් වෙත කෙටි දුරකතන පණිවිඩයක් එවමින් මෙම නිලධාරියා “ ඔබ විසින් පැමිණිල්ලට අදාළ සියලු චෝදනා ඇත්තය. ඔබ හරියටම ඒවා සලකුණු කොට තිබේ.”
වෙන්ටාවියා ආයතනයේ තවත් හිටපු සේවකයන් දෙදෙනෙකු බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය (BMJ) වෙත තොරතුරු ලබා දී තිබේ. ඔවුහු නිර්නාමිකව අදහස් දක්වන ලද්දේ නව සේවා ස්ථාන වලින්ද ඔවුන්ගේ රැකියා අහිමි කරනු ඇතැයි යන බිය හේතුවෙනි. වෙන්ටාවියා වැනි සායනික පර්යේෂණ පවත්වන ආයතන එවැනි වෙනත් ආයතන සමග ඉහළ මට්ටමේදී සමීප සම්බන්ධතා පවත්වාගෙන යනු ලබයි. එක් ආයතනයෙකින් සේවයෙන් නෙරපන ලද අයෙකුට වෙනත් ආයතනය රැකියාවක් ලබාගැනීම ඉතා අපහසු වීමට තවත් හේතුවක් වන්නේ සායනික පර්යේෂණ ආයතන සංඛ්‍යාව අඩුවීම මෙන්ම සහ එහි රැකියා අවස්ථා ඉතා සීමිත වන බැවිනි. මෙම සේවකයන් දෙදෙනාද බෘක් ජැක්සන් විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සත්‍යය බව තහවුරු කරන ලදි. එක් අයෙකු පැවසුවේ සිය වෘත්තීය ජීවිතය තුළ සායනික පර්යේෂණ 40-50 අතර සංඛ්‍යාවක තමා සේවය කර ඇති නමුත් වෙන්ටාවියා ආයතනය විසින් පවත්වන ලද ෆයිසර් එන්නත පිළිබඳ සායනික පර්යේෂණය තරම් “ අක්‍රමවත් සහ අරාජික” වෘත්තීමය පරිසරයක් තමන්ට කිසි කලෙක අත් විඳීමට නොලැබුණ බවය.
“ඔවුන් විසින් යම් යම් කාර්යයන් ඉටුකරන ලෙස මට නියෝග කළා, ඒවා මට කිසි දිනෙක මෙවැනි පර්යේෂණයක් තුළ කිරීමට සිදු වූ දේවල් නොවේ. මගේ අවබෝධය අනුව එතැනදි සිදු කිරීමට ඉඩ හරින ලද දේවල් සහ අපේක්ෂා කරන ලද දේවල් සාමාන්‍යයෙන් සිදු වන දේවල් හෝ සිදුවිය යුතු දේවල් නොවේ.” යි ඇය BMJ වෙත පැවසුවාය.
ඇය වෙන්ටාවියා හි සේවය කළ කාලය තුළ එම ආයතනය විසින් ෆෙඩරල් විගණන නිලධාරින් එහි පැමිණෙනු ඇතැයි බියෙන් සිටි නමුත් ඔවුන් කිසිවිටෙක එහි නොපැමිණි බවද ඇය විසින් වැඩිදුරටත් පවසන ලදි.
බෘෘක් ජැක්සන්ව වෙන්ටාවියා ආයතනයෙන් ඉවත් කරන ලද පසුව සියළු ගැටළු තවදුරටත් පැවැති බවද මෙම හිටපු වෙන්ටාවියා පර්යේෂිකාව පැවසුවාය. සායනික පර්යේෂණයට සහභාගිවූවන් සමහරුන් රෝග ලක්ෂණ පෙන්වන විට ඔවුන් ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගැනීමට ඔවුන්ගේ නාසයෙන් සහ මුඛයෙන් ශ්ලේෂ්මල සාම්පල ලබාගැනීමට ප්‍රමාණවත් තරම් කාර්ය මණ්ඩලයක් වෙන්ටාවියා හි නොවූ බවද ඇය විසින් පවසන ලදි.ෆයිසර් එන්නතේ කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ සොයාබැලීමට සිදු කරන ලද මෙම සායනික පර්යේෂණයේ අපේක්ෂිත අවසාන ප්‍රතිඵලය වන්නේ එයට සහභාගිවන්නන් කොවිඩ්-19 මගින් ආසාදනය වීම වැළැක්වීමට මෙම එන්නත සමත්වී ඇත්දැයි යන්න තීරණය කිරීමය. එහෙයින් රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන්ගේ සාම්පල ලබාගෙන ඒවා විද්‍යාගාර තුළ තහවුරු කිරීම අතිශයින් වැදගත් අවශ්‍යතාවයකි.
FDA විසින් 2021 අගොස්තු මස ප්‍රසිද්ධ කරන ලද කෙටි සමාලෝචන වාර්තාවක සඳහන් වන්නේ සම්පූර්ණ සායනික පර්යේෂණය තුළම කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්වන ලද පුද්ගලයන් 477ක් ගෙන් සාම්පල ලබානොගත් බවයි.
කෙසේ වුවද මෙම අත්දැකීම් විසින් අප වෙත වැදගත් ගැටළුවක් ඉදිරිපත් කරයි. එය නම් එන්නත ලබා නොගත් කණ්ඩායමේ ආසාදනය වූ 162 සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් එන්නත ලබාගෙන ආසාදනය වූවන් සඳහා පවත්වාගෙන යාම සඳහා එම රෝග ලක්ෂණ පෙන්වන ලද පුද්ගලයන් විද්‍යාගාර පරීක්ෂණවලට යොමු නොකිරීමේ වංචනික පිළිවෙතක් වෙන්ටාවියා සහ මෙම සායනික පර්යේෂණය සිදු කරන ලද ආයතන විසින් අනුගමනය කරන ලද බවයි. එන්නත ලබාගත් කණ්ඩායමේ ආසාදනය වූ සංඛ්‍යාව 8 ක් වැනි සුළු සංඛ්‍යාවක් බවට පත්වූ යේ මෙම උපක්‍රමය මගින්ද යන්න එනිසාම බරපතල සැකයට ලක් වේ.

ෆයිසර් සමාගමේ එන්නත වෙනුවෙන් වෙන්ටාවියා ආයතනය විසින් ඉදිරිපත් කරන ලද සායනික පර්යේෂණ දත්ත ගැන සඳහන් කරමින් වෙන්ටාවියාහි කලින් සේවය කරන ලද මෙම පර්යේෂිකාව විසින් පවසන ලද්දේ “ ඒවා පිරිසිදු නිවැරදි දත්ත යැයි මම හිතන්නේ නැහැ” යනුවෙනි.“ එය උමතු අවුල්ජාලයක්”

වෙන්ටාවියාහි සේවය කරන ලද අනෙක් පර්යේෂිකාව විසින්ද BMJ වෙත පවසන ලද්දේ තමන්ගේ 20 වසරක පර්යේෂණ ජීවිතය තුළ වෙන්ටාවියාහි අත්දැකීම් තරම් නරක දේවල් තමන් කිසිදිනෙක අත්විඳ නැති බවය. බෘෘක් ජැක්සන්ව සේවයෙන් පහකළ පසුව වෙන්ටාවියා හි පැවැති ගැටළු පිළිබඳව ෆයිසර් සමාගම වෙත දැනුම් දී ඇති අතර විගණනයක් ද පවත්වන ලදි.

2020 සැප්තැම්බරයේදී වෙන්ටාවියා සම්බන්ධ ගැටළු පිළිබඳව බෘෘක් ජැක්සන් විසින් වාර්තා කළ පසුවද ෆයිසර් සමාගම විසින් වෙන්ටාවියා ආයතනය සිය එන්නත් පර්යේෂණ කටයුතු සඳහා උපකොන්ත්‍රාත් පදනමින් වෙන්ටාවියා ආයතනයේ සේවය ලබාගෙන ඇත. එනම් කොවිඩ්-19 එන්නත ළමුන් සහ යෞවනයන් ද, ගර්භණී ස්ත්‍රින්ද, සම්බන්ධයෙන් අත්හදා බැලීමේ සායනික පර්යේෂණ ද ෆයිසර් බූස්ටර් එන්නත් සහ RSV එන්නත පිළිබඳ පර්යේෂණ ද වෙන්ටාවියා සමාගම විසින් ෆයිසර් සමාගම වෙනුවෙන් සිදු කර තිබේ.(පර්යේෂණ අංක NCT04816643, NCT04754594, NCT04955626, NCT05035212) . එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය විසින් බිළිඳු දරුවන්ට ලබා දෙන කොවිඩ්-19 එන්නත පිළිබඳව 2021 නොවැම්බර් මස 2 වැනි දින සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.

17. ෆයිසර් බයොන්ටෙක් සමාගම්වල කොමිර්නාටි එන්නත අනුමත කිරීමට අදාළ ලේඛන නිදහස් කරන ලෙස ඉල්ලා FDA ආයතනයට එරෙහිව නඩු පැවරීම

ෆයිසර් එන්නත්වලට අදාළ සායනික පර්යේෂණවල දත්ත සහ ඉන් පසු එන්නත් කරණය ආරම්භවීමෙන් පසු ලබාගත් සියලුම දත්ත වසර 75ක් ජනතාවගෙන් රහසිගතව තබාගැනීමට ෆයිසර් සමාගමේ රූකඩයක් බවට පත්ව ඇති ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට (Food and Drug Administration-FDA) අවශ්‍යව තිබේ.
2020 වසරේදී ෆයිසර් එන්නත සඳහා හදිසි අවස්ථා අනුමැතිය ලබාදීමේදීත්, 2021 අගෝස්තුවේදී එම එන්නත සඳහා පූර්ණ අලෙවි අනුමැතිය ලබාදීමේදීත් FDA ආයතනය ඇමෙරිකානු ජනතාවට පොරොන්දු වූයේ පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බවයි.
කෙසේ වුව ද ෆයිසර් එන්නතට පූර්ණ අලෙවි අනුමැතිය අගොස්තුවේදී ලබාදීමෙන් පසුව මහජන සෞඛ්‍ය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ද, ඉහළ පිළිගැනීමක් සහිත විද්‍යාඥයන්ද FDA වෙතින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ඉල්ලා සිටියේ ෆයිසර් එන්නත අනුමත කිරීමට අදාළ සියලු ලේඛන තමන්ට ලබා දෙන ලෙසය. සියලු ලේඛන ලබා දෙනතෙක් එම එන්නත පිළිබඳව පූර්ණ ඇගයීමක් කිරීමට තමන්ට නොහැකි බවද ඔවුහු පවසා සිටියහ.
ආයතනය විසින් මෙම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් දක්වනු නොලැබිණි.
මේ අනුව 2021 සැප්තැම්බර් මාසයේ දී මෙම විද්‍යාඥයන් නියෝජනය කරමින් සිරි ඇන්ඩ් ග්ලිම්ස්ටඩ් නම් නීතිඥ සමාගම විසින් FDA එරෙහිව ෆයිසර් බයොන්ටෙක් සමාගම්වල කොමිර්නාටි එන්නත අනුමත කිරීමට අදාළ ලේඛන නිදහස් කරන ලෙස ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ උතුරු ටෙක්සාස් අධිකරණය හමුවේ නඩු පවරන ලදි.

මෙම නඩුවට ප්‍රතිචාර දක්වමින් FDA විසින් අධිකරණය වෙත දන්වා සිටියේ එම ලේඛන පිළිබඳ සියලු කටයුතු අවසන් කර ජනතාවට ඉදිරිපත් කිරීමට වසර 75ක් තමන්ට අවශ්‍ය බවයි. FDA විසින් අධිකරණය වෙතින් ඉල්ලා සිටියේ සමස්ත පිටු සංඛ්‍යාව 329,000ක් වන බවත් එම ලේඛන අධ්‍යයනය කරමින් මාසයකට නිදහස් කළ හැක්කේ පිටු 500ක් පමණක් වන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත්ය. මේ අනුව ගත්කල ඒ සඳහා වැය වන සම්පූර්ණ වසර 55 ක් වනු ඇත. නමුත් පසුව FDA විසින් උසාවිය හමුවේ පිළිගත්තේ ෆයිසර්-බයොන්ටෙක් එන්නතට අදාළ ලේඛනවල සම්පූර්ණ පිටු ගණන 329000ක් නොව 451000ක් බවය. ඒ අනුව වැයවන සම්පූර්ණ කාලය වසර 75ක් පමණ වනු ඇත.

කෙසේ වුවද FDA ඉල්ලීම ප්‍රතික්ෂේප කළ උතුරු ටෙක්සාස් අධිකරණය ෆයිසර්-බයොන්ටෙක් සමාගම්වල කොවිඩ්-19 එන්නතට අදාළ සියලු ලේඛන මහජනයාට දැනගත හැකිවන පරිදි මුදාහරින ලෙස FDA වෙත 2022 ජනවාරි 12 වැනි දින නියෝග කර තිබේ.

අදාළ ලේඛන මුදාහැරීම සඳහා FDA ආයතනය වසර 75ක් ඉල්ලා සිටියේ ඔවුන් විසින් දක්වන ලද ඉහත හේතූන් මත අව්‍යාජ ලෙස පදනම් වී නොවේ. මෙයට සැබෑ හේතුව එක්සත් ජනපද රජය සහ ෆයිසර් සමාගම අතර මෙම එන්නත්වල අන්තර්ගත සංඝටක, ඒවායේ බලපෑම සහ අතුරු ආබාධ පිළිබඳ තොරතුරු වසර 75ක් දක්වා හෙළි නොකරන බවට එළැඹ ඇති ගිවිසුම හේතුවෙනි. මෙවැනි “ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමේ” ගිවිසුම්වලට ෆයිසර් එන්නත ලබාගත් ලෝකයේ සියලුම රටවල ආණ්ඩුවලට ෆයිසර් සමාගම සමග එළැඹීමට සිදුව තිබේ.
එක්සත් ජනපද රජය කොවිඩ්-19 එන්නත්කරණය සඳහා නිල සහ නිල නොවන බලහත්කාරි ක්‍රම අනුගමනය කරමින් සිටින අතර ඇතැම් වෘත්තීන් සඳහා ද සංචරණයේ නිදහස සඳහාද කොවිඩ්-19 එන්නත් අනිවාර්ය කිරීමේ නීති සම්පාදනය කිරීමට උත්සාහ දරමින් සිටියි. එැවැනි තත්ත්වයක් යටතේ එන්නත්වල සියලු තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවට ඉහත විද්‍යාඥයන් සහ නීතිඥවරුන් විසින් තර්ක කරන ලදි. එන්නත්වල අතුරු ආබාධ, බලපෑම, කාර්යක්ෂ්මතාව, සුරක්ෂිතතාව සහ ඒවායේ අන්තර්ගත සංයෝග පිලිබඳ සියලු තොරතුරු ජනතාව වෙත නොදන්වා එම එන්නත් අනිවාර්යය කිරීම දැඩි අයුක්ති සහගත ක්‍රිියාවක් බවටද ඔවුහු තර්ක කරන ලදි.

18. ලෝක බැංකුව, ෆයිසර් සමාගම සහ එන්නත් මිලදී ගැනීමට ණය මුදා හැරීම

2021 ජූලි මාසයේදී මාල දිවයින, ශ්‍රී ලංකාව, සහ නේපාලය යන රටවල් සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ්-ට්සර්වෝස් විසින් ශ්‍රි ලංකාවට ලෝක බැංකුව විසින් සපයන මූල්‍ය පහසුකම් යටතේ ෆයිසර් එන්නත් මිලියන 5ක් ලබා දෙනු ඇති බවට ප්‍රකාශ කරන ලදි. මේ යටතේ සැපයෙන පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 8ක තොගය අගෝස්තු මාසයේ මුලදී පැමිණීමට නියමිතව තිබූ අතර ද මෙම එන්නත් මිලියන 5 මුළු තොගය 2021 දෙසැම්බර් වන විට සපයා අවසන් වීමට නියමිතව තිබිණි.

ලෝක බැංකුව විසින් එන්නත් මිලදී ගැනීමට අනුමත කළ ණය මුදල

මෙම කොවිඩ්-19 ෆයිසර් එන්නත් මිලියන 5 ශ්‍රි ලංකාවට සපයන ලද්දේ ලෝක බැංකුවේ ශ්‍රි ලංකා කොවිඩ්-19 හදිසි අවස්ථා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සුදානම් කිරීමේ ව්‍යාපෘතිය (Sri Lanka COVID-19 Emergency Response and Health System Preparedness Project) යටතේය.
මෙම එන්නත් සැපයෙන්නේ ශ්‍රි ලංකා රජය සහ ලෝක බැංකුව අතර 2021 මැයි මාසයේදී අත්සන් තබන ලද ණය ගිවිසුමක් අනුව සහ ලෝක බැංකුව විසින් පිළිගනු ලබන මිණුම් දඬු දෙකක් අනුවය. ඒ අනුව ලෝක බැංකුව විසින් මේ ණය මුදල් ලබාදෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිලිගනු ලබන ඖෂධ පාලක අධිකාරියක් මගින් හදිසි අවස්ථා අවසරය යටතේ අනුමත කරන ලද එන්නත් වර්ග මිලදී ගැනීම සඳහා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අවස්ථා අවසරය යටතේ අනුමැතිය ලබාදී ඇති එන්නත් සඳහාය. මෙම කොන්දේසිය අනුව ශ්‍රි ලංකාවට ඉහත ලෝක බැංකු ණය ලබා දේනනේ එම ණයමුදල්වලින් ෆයිසර්, මොඩර්නා, ජොන්සන් සහ ජොන්සන් , ඇස්ට්‍රාසෙනෙකා වැනි බටහිර ඖෂධ සමාගම්වල කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීම සඳහා පමණි. චීන සිනොෆාම් හෝ රුසියානු ස්පුට්නික් මිලදී ගැනීම මේ ණය මුදල්වලින් කළ නොහැකිය.
අනෙක් අතට අවධානයට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ලෝක බැංකුව විසින් මෙම ණය මුදල කෙළින්ම අදාළ එන්නත් අලෙවිකරන සමාගම වෙත බැර කරනවා විනා ශ්‍රි ලංකා භාණ්ඩාගාරය වෙත මෙම මුදල් ලබා නොදෙන බවයි. ශ්‍රි ලංකාව මෙහිදී අත්සන් තබන්නේ ලෝක බැංකුව විසින් ෆයිසර් වෙත යවන ඩොලර් මිලියන සිය ගණනක මුදලක් සඳහා ණය ගැතියා බවට තමන් පත්වීමේ වගකීම භාරගන්නා බවටය. ඒ ප්‍රෝඩාකාරි වසංගතයක් වෙනුවෙන් නිෂ්පල, අකාර්යක්ෂම සහ හානිදායක එන්නතක් ලබාගැනීම වෙනුවෙනි.
ෆයිසර් සමාගමේ කොවිඩ්-19 එන්නත එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් හදිසි අවස්ථා අවසරය යටතේ අනුමත කරන ලද්දේ 2020 දෙසැම්බර් මාසයේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රි ලංකාව වෙත ඩොලර් මිලියන 298,98ක මෙම ණය මුදල අනුමත කර ඇත්තේ 2020 අප්‍රේල් මස දෙවැනිදාය. ඒ වනවිටත් ශ්‍රි ලංකාවේ ඊනියා කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූවන් සිටියේ අතලොස්සකට නොවැඩි සංඛ්‍යාවකි. එහෙත් ලෝක බැංකුව විසින් ඒ වනවිටත් ශ්‍රි ලංකාවට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලිවන ගණන් අවශ්‍ය වන බවට තීරණය කර ඒ සඳහා ණය මුදල්ද අනුමත කර හමාරය. ශ්‍රි ලංකාව සිය මිලියන 20 ලක්ෂයක් වන ජනතාව සඳහා අඩුම තරමින් එන්නත් මාත්‍රා මිලියන 45ක්වත් මිලදී ගෙන තිබේ. මේ සඳහා ශ්‍රි ලංකාව මුදල් ලබාගත්තේ කොහෙන්ද? ලංකා රජය ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් වෙන් කරන ලද සියලු මුදල් වියදම් කලේ මේ ප්‍රෝඩාකාරි වසංගතය වෙනුවෙනි. මෙහි ප්‍රතිඵලය වූයේ පිළිකා, හෘදය රෝග, හදිසි අවස්ථා සැත්කම් ඇතුළු සියලු සැත්කම්, වෙනත් රෝග ආදිය සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මුදල් නොමැතිවීමය. වෙනත් බරපතල රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රොහල් කරා පැමිණි අසරණ දුප්පත් රෝගීන් අනුකම්පා විරහිතව ආපසු හරවා යැවීමට සෞඛ්‍ය බලධාරිහු කටයුතු කරන ලද්දේ කොඩි-19 රෝගීන්ගෙන් රෝහල් පිරී ඇතැයි යන බොරුව ඇදබාමිනි. මෙම කොවිඩ් ප්‍රෝඩාව නඩත්තු කරන වස් ඔවුහු කපා හරින ලද්දේ සෞඛ්‍ය සේවා සඳහා වෙන් කළ මුදල් පමණක් නොවේ. අධ්‍යාපනය සහ වෙනත් සෙසු සියලු සුබසාධන සේවා සඳහා වෙන් කරන ලද මුදල් කප්පාදු කරමින් එන්නත් මිලදී ගැනීම සඳහා යොදවනු ලැබිණි.

සැබැවින්ම වසංගත තත්ත්වයක් පැවතියේ නම් කිසිවෙකුත් මෙම වියදම්වල යුක්ති සහගත බව ප්‍රශ්න නොකරනු ඇත. නමුත් සිදු වූයේ ප්‍රෝඩාකාරි පීසීආර් පරීක්ෂණ මගින් නීරෝගී පුද්ගලයන් සහ සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් කොවිඩ්-19 රෝගීන් ලෙස හංවඩු ගසමින් වසංගතයක් මවාපෑමට අවශ්‍ය සංඛ්‍යාලේඛන නිර්මාණය කරගැනීමත්, වෙනත් රෝගවලින් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණවලට ලක්කර ඔවුන් කොවිඩ්-19 මගින් මරණයට පත් වූවා යැයි ප්‍රකාශයට පත්කර මෙම ඊනියා වසංගතයේ මාරාන්තික බව නිරූපණය සඳහා අවශ්‍ය මළකඳන් ප්‍රමාණය එම අසරණයන්ගේ අවසනාවත් ඉරණම හරහා සම්පාදනය කරගැනීමත්ය. මෙලෙස කොවිඩ්-19 මගින් මියගියා යැයි ව්‍යාජ ලෙස නම් කරන ලද පුද්ගලයන්ගේ මළ සිරුරු පවා අවසන් ගෞරවයටවත් ඥාතින්ට ලබා නොදී විනාශ කර දැමිණි. මේ සියල්ල කරන ලද්දේ එම ප්‍රෝඩාවන් සඳහා මගපෙන්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පීසීආර් පරීක්ෂණය සහ කොවිඩ්-19 මරණ ලියාපදිංචි කිරීමේ නව මාර්ගෝපදේශනය උපයෝගී කර ගනිමිනි.

මෙයට අමතරව කොවිඩ්-19 වසංගත ප්‍රතිචාර යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින්ද ඩොලර් බිලියන 1.36 කට ආසන්න මුදලක් ශ්‍රි ලංකාවට ණයට ලබාදී තිබේ.
එපමණක් නොව ඒ සියල්ලට අතිරේක වශයෙන් ශ්‍රි ලංකා රජය බ්ලැක්රොක්, ජේ.පී. මොර්ගන් චේස් වැනි ජාත්‍යන්තර මුල්‍ය ජාවාරකාර සමාගම්වලින් ඉතා ඉහළ පොළියට ණය ලබාගෙන තිබේ.
දැන් ශ්‍රි ලංකාවේ ජනතාව ගොදුරු වී ඇති ඉමහත් වධ වේදනාවන්ට හේතු වී ඇත්තේ කුසගිනි තුරන් කරගැනීමට මිලදී ගනු ලබන හාල් ඇටයෙන්, හිසරදයට මිලදී ගනු ලබන පෙනඩෝල් පෙත්තෙන් පවා ඉහත ණය ගෙවීමට සිදුවීම හේතුවෙනි.

මෙම එක් එන්නත් මාත්‍රාවක මිල කුමක්ද? මෙය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ ෆයිසර්-බයොන්ටෙක් සමාගම් අතර ඇති කරගන්නා ලද රහස්‍ය ගිවිසුමක් මගිනි. දැනට සමහර රටවල් ෆයිසර් සමාගම සමග අත්සන් තබන ලද ගිවිසුම්වල අන්තර්ගතයන් නිල නොවන අන්දමින් හෙළිදරවු වී තිබේ. එම ගිවිසුම් සහ ශ්‍රි ලංකාව විසින් අත්සන් තබන ලද ගිවිසුම් අඩු වැඩි වශයෙන් සමාන යැයි උපකල්පනය කළ හැකිය. මෙම ගිවිසුම්වල වගන්ති අනුව ෆයිසර් සමාගම අදාළ රටේ පාර්ලිමේන්තුව, සහ අධිකරණයටද ඉහළින් ස්ථානගත කරවා තිබේ. මෙම ගිවිසුමේ කිසිදු වගන්තියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නැත. ලංකාවේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුහෝ ජනමාධ්‍යවේදියෙකු මෙම ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර නැත.
කෙසේ වුවද බ්‍රසිලියානු රජය සහ ෆයිසර් සමාගම අත්සන් කරන ලද සහ දැනට හෙළිදරවු වී ඇති ගිවිසුම්වලට අනුව ෆයිසර් සමාගම බ්‍රසීලයට එක් මාත්‍රාවක් විකුණා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 10කටය. තවත් සමහර රටවලට මෙය විකුණා ඇත්තේ ඩොලර් 15.50 කටය. තවත් සමහර රටවල් සඳහා එම මිල ඩොලර් 19.90කි. 2022 වසරේදී ෆයිසර් සමාගම සිය එන්නත් මාත්‍රාවක මිල 2021 පැවැති මිල මෙන් 3-4 ගුණයකින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බව එහි ප්‍රධාන මුල්‍ය නිලධාරි ෆ්‍රාන්ක් ඩි අමෙලියෝ විසින් ප්‍රකාශ කර තිබේ. එනම් ඩොලර් 130-150ක් දක්වා ප්‍රමාණයකින් ඔවුන් එහි මිල ඉහළ දැමීමට යන බවට තවත් වාර්තා පළවී තිබිණි.
ජර්මනියේ සූඩ්ඩොයිෂර්ට්සයිටුංග් පුවත්පත විසින් 2021 පෙබරවාරි 18 වැනි දින වාර්තා කර ඇති අන්දමට ෆයිසර් සහ බයොන්ටෙක් සමාගම්වල නියෝජිතයන් පිරිසක් යුරෝපිය කොමිසමේ ඉහළ නිලධාරින් හමුවී ෆයිසර් එන්නත් එක් මාත්‍රාවක් යුරෝ 54ක් බැගින් එන්නත් මාත්‍රා මිලියන 500ක් සැපයීම සඳහා යුරෝ බිලියන 27ක් අවශ්‍ය බව දන්වා ඇත.
ෆයිසර් සමාගම 2021 වසරේදී එහි ආදායම 92%කින් ඉහළ දමාගැනීමට සමත්ව ඇත්තේ එහි කොවිඩ්-19 එන්නත හේතුවෙනි. එය 2020 වසරට වඩා ඩොලර් බිලියන 44,4ක වැඩි වීමකි. 2021 වසරේ එහි ආදායම බිලියන 81,3කි.
2022 වසරේදී එය විසින් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 98-102 අතර වේ.

මූලාශ්‍ර

  1. Majority of WHO member states want legally binding pandemic instrument
  2. COPTIGATE – THE WORST DESIGN FLAW IN HUMAN HISTORY THAT IS IMPACTING YOUR HEALTH
  3. PFIZERLEAK – WHAT IF THE PFIZER CONTRACTS WERE DECLARED ILLEGAL?
  4. BMJ, European group criticize WHO pandemic actions
  5. COVID Vaccines: Necessity, Efficacy and Safety 
  6. European Scientific Working Group on Influenza
  7. Sri Lanka Medical Association, 126th Anniversary Scientific Medical Congress 2013 July
  8. From FDA to MHRA: are drug regulators for hire?
  9. Serious adverse events of special interest following mRNA COVID-19 vaccination in randomized trials in adults
  10. NMRA data loss: Unprecedented and unsettling
  11. Shortage of medicine in Sri Lanka will ‘cause deaths’
  12. THE WHO PANDEMIC PHASES
  13. Excess mortality hits +16%, highest 2022 value so far
  14. EVALUATION REPORT FOR EMERGENCY USE PERMISSION, COVID-19 Vaccine AstraZeneca (Covishield)
  15. What can eDiary bring to your study?
  16. Covid-19: Researcher blows the whistle on data integrity issues in Pfizer’s vaccine trial
  17. Study to Describe the Safety, Tolerability, Immunogenicity, and Efficacy of RNA Vaccine Candidates Against COVID-19 in Healthy Individuals
  18. Serious adverse events of special interest following mRNA COVID-19 vaccination in randomized trials in adults
  19. Why a Judge Ordered FDA to Release Covid-19 Vaccine Data Pronto
  20. Pfizer eyes higher prices for COVID-19 vaccine after the pandemic wanes: exec, analyst
  21. Biontech wollte 54,08 Euro für eine Dosis
  22. Pfizer reports 92% operational growth in full-year 2021 revenues
  23. Pfizer accused of pandemic profiteering as profits double
  24. COVID-19 CONFIRMED DEATH – WEEKLY ANALYSIS (DECEMBER 25, 2021 – DECEMBER 31, 2021)
  25. Covid-19: Researchers face wait for patient level data from Pfizer and Moderna vaccine trials
  26. ජාතික ඖෂධ පාලන අධිකාරිය පිළිබඳ විගණන කාර්යාලයේ 2021 වර්ෂයේ වාර්තාව
  27. Major U.K. genetics lab accused of misusing African DNA,Sanger Institute’s aborted effort to develop gene chip could set back research in Africa