ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඖෂධ සමාගම් එක්ව දියත් කළ 2009 ඌරු උණ වසංගත ප්‍රෝඩාව

අජිත් සී. හේරත්

ඖෂධ සමාගම් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙයවමින් 2009 වසරේදී ලෝකය පුරා බිහිසුණු ඌරු උණ වසංගතයක් පිළිබඳව වංචනික ආඛ්‍යානයක් ගොඩ නංවන්නට දරන ලද උත්සාහය අපේක්ෂා කළ මට්ටමටම සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත. එයට හේතූ වූයේ ඒ වනවිට යුරෝපයේ අදට වඩා  ස්වාධීන ජනමාධ්‍ය, සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළ විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන්, දේශපාලනඥයන් සහ මහජන නියෝජිතයන් සිටි බැවිනි . ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් පිළිබඳව ආඛ්‍යානය ගොඩ නැංවීම ආරම්භ කළ අවස්ථාවේදී බොහෝ දෙනා ව්‍යාකූල තත්ත්වයකට පත් වූවද කෙටි කලක් ඇතුළත ඔවුහු මෙම වසංගත භීෂණය තුළ කිසියම් ප්‍රෝඩාවක් පවතින බව තේරුම් ගැනීමට සමත් වූහ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඌරු උණ වසංගතය පිළිබඳ මවාපෑමට උත්සාහ කරන ලද බිහිසුණු තත්ත්වයත් සැබෑ ලෝකයේ පැවැති තත්ත්වයත් බෙහෙවින් වෙනස් බව ඉක්මණින්ම බොහෝ දෙනා විසින් වටහා ගන්නා ලදි. අව්‍යාජ ජනමාධ්‍ය වේදීහු මෙම ආඛ්‍යානයේ පරස්පරතා දිගින් දිගටම අභියෝගයට ලක්කරන ලද අතර මහජන නියෝජිතයන් විසින් පාර්ලිමේන්තු විමර්ශන කමිටු පත්කර මෙම ඊනියා ඌරු උණ පිළිබඳව සැබෑ තත්ත්වය සෙවීමට කටයුතු කළහ. එමෙන්ම ඔවුහු එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් සහ ඖෂධ සමාගම් අතර පවතින අයථා ගනුදෙනු පිළිබඳවද අවධානය යොමු කළහ.
කෙසේ වුව ද වසරක් වැනි කෙටි කාලයක් තුළ වුව මෙම බොරුව ඇදගෙන යාමට  ඔවුන්  සමත් වූයේ ජනගහණයෙන් බහුතරයක් ඒ පිළිබඳව දක්වන ලද නොසැළකිල්ලත්, ඉතා බලගතු පුද්ගලයන්ගේ සහ දේශපාලන ආයතනවල සහයෝගය මෙම වසංගත ආඛ්‍යානය සඳහා ලබාගැනීමට ඖෂධ සමාගම් විසින් සමත්ව සිටීමත් නිසාය. එමෙන්ම බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය දෛනිකව වසංගතයේ බිහිසුණුකම පිළිබඳව භීතිය පවත්වාගෙන යාමට දරන ලද උත්සාහයද ඊට හේතු විය.
2009 ඌරු උණ වසංගතය පිළිබඳ සිදුවීම්වලදී වූයේ කුමක්දැයි අපට වැටහීමක් තිබුණේ නම් ඉන් වසර 10කට පසුව ලෝක ජනතාව මත පටවන ලද කොරෝනා වසංගත භීෂණය හෙවත් කොවිඩ්-19 පිළිබඳව සැබෑ තත්ත්වය ඉක්මණින්ම වටහාගැනීමට අපට හැකිවන්නට ඉඩ තිබිණි. නමුත් අවාසනාවකට මෙන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මේ තරම් විශාල මිනීමරු ප්‍රෝඩාවකට හවුල් වෙතැයි විශ්වාස නොකෙළෙමු. අප අතර තවමත් බොහෝ දෙනෙකුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලු ප්‍රලාපයන් දේවභාෂිතයක් ලෙස අදහන තත්ත්වයක පසු වෙති.
මෙම ලිපිය සකස් කරන ලද්දේ වර්තමාන කොවිඩ්-19 අත්දැකීම් රැගෙන අතීතයට ගොස් අතීතයේ මෙවැනි සමාන සිදුවීම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහාය. එවැනි වාස්තවික අධ්‍යයනයක ආලෝකය තුළ අප වර්තමානයේදී මුහුණ දෙමින් සිටින වසංගත ප්‍රෝඩාව තේරුම් ගැනීම පහසුවනු ඇත.

සිංහල පරිවර්තන වල PDF පිටපත්

1. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අදාළ සෙසු පාර්ශ්වයන් විසින් H1N1 වසංගතය(ඌරු උණ) සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශන වාර්තාව ,බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පෝල් ෆ්ලින්

2. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් සඟරාවේ ඩෙබෝරා කොහෙන් සහ බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් සංවිධානයේ ෆිලිප් කාටර් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඌරු උණ වසංගතය සම්බන්ධව කටයුතු කළ ආකාරය තුළ පැවැති අක්‍රමිකතා පිළිබඳ සකස් කරන ලද වාර්තාව

2009 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් විවිධ රාජ්‍යයනුත් ඒවායේ සෞඛ්‍ය බලධාරිනුත් ජනමාධ්‍යයත් විසින් කරළියට ගෙන එන ලද “ඌරු උණ ” නැතහොත් H1N1 වසංගතය ගැන ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන. මෙහිදී එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන් විසින් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර එය ප්‍රෝඩාවක් බව බව පසුව සනාථ වූ අතර එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ ඇති දූෂිත භාවයේ පරිමාණය හෙළිදරවු විය.

ඌරු උණ වසංගතය හෙවත් H1N1 වෛරසයෙන් ආසාදිතයෙකු හමු වී ඇතැයි පළමුවරට ජන මාධ්‍ය විසින් වාර්තාකරන ලද්දේ මෙක්සිකෝවේ වේරාකෘස් හි ලා ග්ලොරියා ගම්මානයෙනි. එඩ්ගාර් හර්නැන්ඩස් නම් 5 හැවිරිදි ළමයෙකු දින කීයක සිට උණ රෝගයෙන් පීඩා විඳි අතර ඔහුගේ උගුරේ තදබල දැවිල්ලක් පවතී යැයි ඔහු විසින් පවසා තිබිණි. ඔහු තුළ තවදුරටත් ආහාර රුචියක් නොවූ අතර සිරුර පුරා පැතුරුණ වේදනාවන්ගෙන් පීඩා වින්දේය.
දින 4 කට පසුව හර්නැන්ඩෙස් සම්පූර්ණයෙන් සුව වී නැගිට්ටේය. ඔහු තුළ එම උණ රෝගය හදිසියේ මතු වූ ආකාරයෙන්ම එය ඔහු වෙතින් ඉවත්ව යාමද සිදුවී තිබිණි. එය සාමාන්‍ය උණක් හැරෙන්නට වෙන කිසිවක් නොවිණි. හර්නැන්ඩස්ට පෙර එම ගම්මානයේ තව බොහෝ දෙනෙකුන්ටද එම උණ රෝගය වැළැඳී සුව වී තිබිණි. ලා ග්ලෝරියා ගම්මානයේ ඇතැම් පුද්ගලයන් මෙම උණ රැල්ලට හේතුවන්නට ඇත්තේ ඩෙලාකෘෘස් හි ඌරු පට්ටිවලින් හමා එන දුර්ගන්ධය යැයි අනුමාන කරන ලදි. එම උණ රැල්ල ඉවත්ව ගිය පසු ගම්මුන්ට එය අමතකව ගිය අතර කිසිවෙක් ඒ පිළිබඳව ඉන් පසුව සඳහන් කළේ නැත.

හර්නැන්ඩස් දරුවා සහ ඔහුගේ මව CNN වාර්තාකරුවෙකු  ලෙස කටයුතු කරන ලද වෛද්‍යවෘත්තියට සහ ඖෂධ සමාගම්වලට සම්බන්ධව කටයුතු කරන සංජේ ගුප්තා නැමැත්තා සමග

මෙම සිදුවීම ඉන් පසුව නැවත මතු වූයේ ජනමාධ්‍ය විශාල ජන මාධ්‍ය ප්‍රචාරයක් සමගිනි. හර්නැන්ඩස් විශේෂ රෝගියෙකු ලෙස ජනමාධ්‍ය විසින් මතු කෙරෙන තෙක් ලා ග්ලෝරියා ගම්මුන්ට එය එතරම් වැදගත් පුවතක් වී නොතිබිණි. හර්නැන්ඩස්ගේ අසනීප වීම ගම්මුන් විශේෂ දෙයක් ලෙස සැලකුවේ නැත්තේ ඒ වනවිටත් 400 දෙනෙකුට පමණ එම උණ රෝගය වැළැඳී සුව වී තිබූ බැවිනි. මෙම ගමේ බිළිඳ දරුවන් උණ රෝගය වැළැඳී මිය ගිය බව වාර්තා වී තිබිණි. එයට හේතුව වශයෙන් දක්වා තිබුණේ බැක්ටීරියා හේතුවෙන් හටගත් නිව්මෝනියා තත්ත්වයක් ලෙසය.

හර්නන්ඩස් ගෙන් ලබාගත් ශ්ලේෂමල සාම්පලයක් මෙක්සිකොවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇමෙරිකාවේ සහ කැනඩාවේ විද්‍යාගාරවලට යවන ලද අතර එය ඌරු උණ වෛරස් ආසාදනයක් යැයි එම විද්‍යාගාරවලින් තහවුරු කර ඇති බව බොහෝ ජනමාධ්‍ය විසින් වාර්තා කෙරිණි.
මෙක්සිකොවේ එවකට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන ලද හුසේ අංගෙල් කොර්දෝවා(José Ángel Córdova) විසින් පවසන ලද්දේ ඇමෙරිකායට සහ කැනඩාවට යවන ලද සාම්පල් අතරින් හර්නැන්ඩස්ගේ සාම්පලය පොසිටිව් යැයි දන්වා එවන ලද බවය.
එම ප්‍රතිඵල වාර්තාවට අනුව ඔහුට වැළැඳී තිබුණේ “සාමාන්‍ය උණ රෝගයක් ” නොවේ. ඔහු ආසාදනය වී තිබුණේ නව වර්ගයක විෂ බීජයකිනි. එනම් “ඌරු උණ වෛරසයෙනි.” එඩ්ගාර් හර්නැන්ඩස් ඉතිහාසයට එක් වූයේ නව ඌරු උණ වෛරස් රෝගයෙන් ආසාදනය වූ පළමු පුද්ගලයා හෙවත් “පළමු රෝගීයා ” ලෙසය (niño cero/patient zero).

මෙක්සිකෝ ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් මෙම පුවත වහාම ලෝකය පුරාම ව්‍යාප්ත කරන ලදි. එම පුවත්වලට අනුව මහා බිහිසුණු වසංගතයක් මෙක්සිකොවේ ඌරු පට්ටිවලින් ඇරඹී ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවතින අතර එය විසින් පුද්ගලයන් මිලියන දුසිම් ගණන් මරාදමනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, වසංගත මර්දන ආයතන, ඒ ඒ රටවල් සෞඛ්‍ය බලධාරින්, වෛරස් විශේෂඥයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් ආදින් උපුටා දක්වමින් ජනමාධ්‍ය හරහා සමාජය මත භීෂණ ව්‍යාපාරයක් ගොඩ නැගීමද ඊට සමාන්තර සිදු විය.

අතිශයෝක්තියෙන් මවා පෙන්වන ලද 2009 ඊනියා ඌරු වසංගතයේදී නෙදර්ලන්තයේ මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව 2013 වසරේදී නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ පීටර් එල්එම් වාස්ටර්මාන්(Peter LM Vasterman) සහ නිව්ස් මොනිටර් හි නෙල් රුයිග්‍රොක්(Nel Ruigrok) විසින් කරන ලද අධ්‍යයනයක් SAGE journals හි පළ වී තිබේ.
ඔවුහු එහි මෙසේ සඳහන් කර තිබේ.

“මෙම H1N1 හෙවත් ඌරු උණ වසංගතය එහි මාරාන්තික බව සහ එයින් එල්ලවන අවදානම අතිශයෝක්තියෙන් හුවා දක්වන ලද අවස්ථාවක් ලෙස සැළකිය හැකිද? වැදගත්ම කරුණ මෙම වසංගතයේ අවදානම් සහගත බව පිළිබඳව පළමු සති කීපය තුළ දැඩි අවිනිශ්චිත බවක් පැවතීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි නිල මුලාශ්‍ර විසින්ද, විද්‍යාඥයන් සහ විශේෂඥයන් විසින් ද විවිධ ප්‍රකාශන මාධ්‍ය හරහා නිකුත් කරමින් ඉතාම දරුණු තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇතැයි භීතියක් පතුරුවනු ලැබිණි. මේ හේතුව නිසා මෙම නව වසංගතය පිළිබඳව ලෝකය පුරා අවධානය යොමු වීම සිදු විය. විනාශකාරි වසංගතයක් පිළිබඳ පණිවිඩය දැඩි තීව්රතාවකින් යුතු පුවත් රළ මාලාවන් විසින් බහු ගුණනය කෙරිණි. 2009 ජූනි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් H1N1 හෙවත් ඌරු උණ ආසාදනය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. නමුත් ඒ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගතය පිළිබඳ නිර්චචනයෙන් රෝගයක ” මාරාන්තික බව” යන සාධකය ඉවත් කර තිබිණි. කෙසේ වුව ද ඒ ඒ රටවල ආණ්ඩු විසින් මෙය අතිශය මාරාන්තික වසංගතයක් ලෙස සළකමින් වසංගත පාලන සැලසුම් සක්‍රිය කරන ලදි. මේ මගින් ජනමාධ්‍ය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංඥා කරන ලද්දේ වසංගතයේ ආරම්භක අවධියේ පැතිරුණ පුවත් සත්‍ය බවත් ඒ නිසා දැඩි තීව්රතාවයකින් යුතුව “වසංගත වාර්තාකරණය” සිදුවිය යුතු ඇති බවත්ය. මේ අනුව ජනමාධ්‍ය විසින් වසංගතය පිළිබඳ තියුණු කරන ලද වසංගත බිය විසින් පෙරළා ආණ්ඩු බලධාරින්ට දැඩි ක්‍රියාමාර්ග සහ එන්නත් ඇණවුම් කිරීමට බලකෙරෙන තත්ත්වයක් නිර්මාණය කරන ලදි. මෙම කරුණ අනාගතයේදී නැවත පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු කරුණක් ලෙස සැළකිය හැකිය.

බ්‍රිතාන්‍යයේදී මෙම මෙක්සිකන් උණ හෙවත් ඌරු උණ ගිම්හාන මාසවලදීම ආරම්භ වූ අතර එය අපේක්ෂා කළ තරම් අවදානමක් නැති තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරින්ට සහ මාධ්‍යවලට ඉක්මණින්ම පිළිගැනීමට සිදුවිය. මාධ්‍ය අවධානය වේගයෙන් ගිලිහුණ අතර සරත් සෘතුවේදී නැවත එහි වසංගත තත්ත්වයක් පිළිබඳ අවදානමක් ප්‍රචාරය නොකෙරිණි.

නමුත් එයට ප්‍රතිපක්ෂ ලෙස නෙදර්ලන්තය තුල දී මෙම H1N1 හෙවත් ඌරු උණ ආසාදන රැල්ල වසංගත තත්ත්වයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට මාස 6ක් ගත විය. නෙදර්ලන්තයේදී සරත් සෘතුවේදී නැවතත් උණ රෝගීන් බහුල වීමත් සමගම මෙම මෙක්සිකන් ඌරු උණ විසින් සාමාන්‍ය වාර්ෂික උණ ආසාදනයන්ට වැඩි අවදානමක් නොපෙන්වුව ද නැවතත් දැවැන්ත ප්‍රවෘත්තී රැල්ලක් නිර්මාණය කෙරිණි.

මේ අනුව ජන මාධ්‍ය විසින් අවදානම පිළිබඳ අතිශයෝක්තියට නගන විවිධ විශේෂඥයන්ගේ අදහස් උපුටා දක්වමින් දැඩි සත්කාර ඒකකයේ සිටින දරුවන් පිළිබඳ හැඟීම්බර පුවත් පළ කරන ලදි.”

(Peter LM Vasterman and Nel Ruigrok – Pandemic alarm in the Dutch media: Media coverage of the 2009 influenza A (H1N1) pandemic and the role of the expert sources)

මෙම ඌරු උණ නමින් හඳුන්වන ලද ඉන්ෆ්ලුවන්සා රැල්ල මාරාන්තික එකක් නොවීය. වසංගතයක් තත්ත්වයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එතෙක් පැවැති නිර්වචනය අනුව මෙය වසංගතයක් ලෙස නම් කිරීමට නොහැකි වූයේ එහෙයිනි. කෙසේ හෝ වසංගත තත්ත්වයක් ප්‍රකාශ කරගැනීමේ උවමනාවකින් පෙළුණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීන් විසින්  ඒ් සඳහා සිදුරන ලද්දේ  වසංගතයක් පිළිබඳ එතෙක් පැවැති නිල නිර්වචනයේ ඒ් දක්වා පැවැති  ” අදාළ රෝගයේ මාරාන්තික බව සැළකිල්ලට ගතයුතුය” යැයි කියැවෙන නිර්ණායකය කිසිදු පැහැදිලි කිරීමකින් තොරව රහසේම ඉවත් කිරීමය. එය සිදු වූයේ 2009 මැයි මසදීය.

එම අධ්‍යයනයේදී ඔවුන් විසින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අවදානම අතිශයෝක්තියකින් දැක්වීමට ආරම්භයේ සිටම කටයුතු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ ප්‍රකාශන සහ නිවේදන විසින් බවයි.

මෙම වසංගතය ආරම්භ වූවා යැයි කියන මෙක්සිකෝවේ වෙරාකෘස් හි ලා ග්ලෝරියා ගම්මානයේ රෝගීන් ද දින කීපයකින් සුව වූ නමුත් රෝගයේ මාරාන්තික බව හුවා දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හිතමතාම එම තොරතුරු වසන් කරන ලදි.

මෙක්සිකන් දරුවාගේ රෝග ලක්ෂණ ඉතා මෘදු ඒවා විය. ඉන් පෙර සහ ඊට පසුව එළැඹී මාසවලදී ලොව පුරා මිලියන ගණන් පුද්ගලයන් මෙම රෝගයෙන් ආසාදනය වන්නට ඇති නමුත් එය කිසිවෙකුගේ සැළකිල්ලට යොමු වූ කරුණක් නොවූයේ එහෙයිනි. නූතන වෛද්‍ය විද්‍යාවේ මොලිකියුල තාක්ෂණය අනුව එම වෛරසයේ ජාන විශ්ලේෂණ, රෝගියාගේ ප්‍රතිදේහ පරීක්ෂණ, සහ විද්‍යාගාර විමර්ශන ආදිය සිදු නොවූයේ නම් මෙවැනි ” නව වෛරසයක්” හෝ “ඌරු උණක් ” ගැන කිසිදු වෛද්‍යවරයෙකු හට දැනගන්නට ඉඩක් නොතිබිණි. මක් නිසාද යත් දින කීපයකින් හොඳවන මෘදු රෝග ලක්ෂණ සහිත උණ හෙම්බිරිස්සාවක් නොවැළඳුන අයෙකු මිහිමත සොයාගැනීම දුෂ්කර බැවිනි.

නමුත් තත්ත්වය පරිවර්තනය වූයේ මුළුමණින්ම වෙනස් දිශාවකටය. නැතහොත් කිසියම් බලගතු කණ්ඩායමක් හෝ කණ්ඩායම් කීපයක් සිය අවශ්‍යතාවන් සඳහා ඉතා දැනුවත්ව ” බිහිසුණු ඌරු උණ වසංගතයක් ” පිළිබඳ ආඛ්‍යානයක් නිර්මාණය කරන ලදි. අධි තාක්ෂණික වෛද්‍ය විද්‍යා කර්මාන්තය, සහ එන්නත් කර්මාන්තයට මෙම අවස්ථාව පහසුවෙන් අත්හැර දැමිය හැකි එකක් නොවීය. එබෝලා, සාර්ස් වෛරස්, කුරුළු උණ ආදිය හරහා ගොඩ නැගුණ වසංගත නිරීක්ෂණ ව්‍යාපාරික මොඩලය, ජනමාධ්‍ය, වෛද්‍යවරු සහ ඖෂධ කර්මාන්තයේ ලොබිකරුවන් මතුවෙමින් පවතින “බිහිසුණු නව වසංගතයකට ” එරෙහිව ලෝකය සුදානම් කිරීමේ වගකීම සියතට පවරාගනිමින් මහා ව්‍යසනයක් පිළිබඳ අනතුරු ඇඟවූහ.
එහෙත් මේ කිසිවක් ඉන්ෆලුවන්සා උණට වඩා අවධානයක් ගෙන ඒමට සමත් වූයේ නැත. ලෝකය පුරා රටවල් 102 වැඩි සංඛ්‍යාවකට අයත් විද්‍යාගාර 130ක පර්යේෂකයෝ “නව උණ වෛරසය ” අපේක්ෂාවෙන් බලා සිටියහ. බොහෝවුන්ගේ වෘත්තීය ගරුත්වය සහ අභිවෘද්ධියද තවත් සමහරුන්ගේ දැවැන්ත ආයෝජනයන්ද ඒ මත රඳා පැවතිනි.
“සමහර වෙලාවට මට හිතෙන්නේ සමහර මිනිස්සු වසංගතයක් එනකල් ඉවසුමක් නැතිව බලා ඉන්නවා වාගේ. ” එසේ පවසන ලද්දේ ජාත්‍යන්තර කොක්‍රන් සහයෝගිතාව සංවිධානයේ සාමාජිකයෙකු මෙන්ම ඉන්ෆ්ලුවන්සා විශේෂඥයෙකු වන ටොම් ජෙෆර්සන්ය. ” මේ දැවැන්ත යන්ත්‍රය ගොඩ නගා ඇත්තේ ඉතා සුළු උණ රෝගයක් ඇති කරන වෛරසයක් හඹායාම සඳහා” යි ඔහු වැඩි දුරටත් පැවසීය.

අවසානයේදී ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරමින් එය ” මතුවිය. දැවැන්ත ” වසංගත මර්දන යන්ත්‍රයේ ” දැති රෝද සෙමෙන් කැරකෙන්නට පටන් ගත්තේය. පර්යේෂකයෝ විසින් මෙම වෛරසයේ මොලිකියුලමය රූපාකාරය ගැන විසිතුරු විස්තර ඉදිරිපත් කළහ. ඖෂධ නිෂ්පාදන සමාගම් එන්නත් නිපදවීමේ කටයුතු ආරම්භ කළහ. බලධාරිහු වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ සැළසුම් සකස් කළහ. එහෙත් ඔවුහු සියලු දෙනාම එක් වැදගත් කරුණක් අමතක කර තිබිණි. එනම් මෙම වෛරසය හානිදායක බවින් ඉතා අඩු එකක් බවය. මෙම විකාර සහගත “සූකර ජ්වර නාටකය” රඟ දැක්වීමට පෙර ඔවුන් විසින් මෙම කරුණ අමතක කරන ලද්දේ මන්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය හදිසි මෙහෙයුම් සක්‍රිය කිරීම.

කෙයිජි ෆුකුඩා

2009 අප්‍රේල් මස 9 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆ්ලුවන්සා විශේෂඥයෙකු වූ කෙයිජි ෆුකුඩා (Keiji Fukuda) වෙත දුරකතනය මගින් අමතන ලද්දේ එක්සත් ජනපද වසංගත රෝග මර්දන පාලන දෙපාර්තුමේන්තුවේ (CDC) ප්‍රධාන ඉන්ෆ්ලුවන්සා විශේෂඥ නැන්සි කොක්ස්ය. (Nancy Cox) විසින් මෙක්සිකෝවේ සූකර වසංගත තත්ත්වය පිළිබඳ ව දන්වන ලදි. නැන්සි කොක්ස් විසින් වහාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මර්දන යාන්ත්‍රණය සක්‍රිය කරන ලෙස ෆුකුඩා වෙත දැනුම් දෙන ලදි.

ෆුකුඩා සහ කොක්ස් එකිනෙකා ගැන සිටියහ. ඔවුහු වරෙක ” ආසියානු කුරුළු උණට එරෙහිව ” එක්ව සටන් වැද තිබේ. ෆුකුඩා පවසන්නේ එම හොංකොංහි මතු වූ එම මාරාන්තික රෝගය කොතරම් භයානක විණිදැයි ඔහුගේ මතකයේ තාමත් තැන්පත් වී ඇති බවය. ඔහුට අනුව එම රෝගයෙන් ආසාදිත වූ සෑම තිදෙනෙකුගෙන් ම එක් අයෙකු මරණයට පත් විය. එවැනි විෂබීජයක් නැවතත් මිනිසුන් අතර පැතිරෙනු ඇතැයි යන බිය තාමත් තමන්ගේ ඇටකටු පවා විනිවිද පවතින බව ෆුකුඩා පැවසීය.

නැන්සි කොක්ස්

ඒ නිසා තමන් මෙම නව වෛරසය පිළිබඳ පණිවිඩය ඉතා බැරෑරුම් ලෙස ගත් බව ෆුකුඩා පැවසීය. ඔහුට අනුව එය ඉතා විනාශකාරි වසංගතයක ආරම්භ විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව මෙම වෛරසය හානිදායක බවින් අඩු එකක් යැයි උපකල්පනය කළහොත් එමගින් මිලියන 2 සිට මිලියන 7.4ක් මිනිසුන් මිය යාමට ඉඩ තිබිණි. එය වඩාත් මාරාන්තික බවකින් යුතු එකක් ලෙස ව්‍යාප්ත වන්නේ නම් එමෙන් 10 ගුණයකටත් අධික මිනිසුන් සංඛ්‍යාවක් මිය යාමට ඉඩ තිබිණි. ( මෙම ඇස්තමේන්තු පදනම් වූයේ බ්‍රිතාන්‍යයේ නීල් ෆර්ගසන්ගේ වංචනික සංඛ්‍යා විද්‍යාත්මක ආකෘතින් මතය.)

“මගේ කල්පනාවට ආ පළමු දෙය අප වහාම ක්‍රියාත්මක විය යුතුව ඇති බවයි. ” යි ෆුකුඩා පැවසීය. ඔහු වහාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාගරට් චෑන්ට දුරකතනයෙන් ඇමතීය. මාගරට් චෑන් ද “බිහිසුණු ආසියානු කුරුළු උණ වසංගතයට ” එරෙහිව සටන් වැදුණ අයෙකි. ඇය එවකට හොංකොංහි සෞඛ්‍ය අධිකාරයේ ප්‍රධානියාව සිටියේය. ඇයගේ නියෝගය මත හොංකොන්හි සිටි සියළුම කුකුළන් මරා දමන ලදි. ඇය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන තනතුරට පත්වීමක් ලැබීමට කුරුළු උණ වසංගතයට එරෙහිව ඇගේ ” වීර ක්‍රියාවන් ” හේතු වී තිබිණි. එකක් පසු පස එක් පැමිණෙන වසංගත ආඛ්‍යානයන් හරහා තම ලාභ ඉපැයීමේ සහ ගෝලීය ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ සැලසුම් ක්‍රියාවට නංවන බලවේගවලට මාගරට් චෑන් හෝ ෆුකුඩා විශ්වාසවන්ත පාබල සෙබළුන් විය. කුරුළු උණ වසංගත ආඛ්‍යානය තුළ ඔවුහු ඒ බව ඔප්පු කරන ලද අතර ඌරු උණ වසංගතය තුළ ඔවුහු සිය හාම්පුතුන්ගේ විශ්වාසය වැඩි දුරටත් දිනාගැනීමට කටයුතු කරමින් සිටියහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජීනිවා මූලස්ථානයේ හදිසි අවස්ථා මෙහෙයුම් කුටිය

එදින උදේ 3.15 ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායික සෞඛ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය හෙවත් ” ෂොක් රූම්”(Strategic Health Operations Center-SHOC room) භාරව සිටින තොරතුරු තාක්ෂණ විශේෂඥ ජෙරෙඩ් මාකොෆ් වෙත තත්ත්වය දන්වන ලදි. මාකොෆ් සිය නිවසේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්බුද මෙහෙයුම් මධ්‍යස්ථානයේ පරිගණක තිර 15ක් විවෘත කරමින් බිත්තියේ සවිකර තිබූ දැවැන්ත තිරය මතට දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය කළේය.
මාස ගණනාවක් තිස්සේ මෙම හදිසි අවස්ථා කාමරය හෙවත් ෂොක්රූම් ඌරු උණට එරෙහිව ගෝලීය සංග්‍රාමය මෙහෙයවන මධ්‍යස්ථානය බවට පත් වී තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලය සේවා මුර 3කට සිය රාජකාරි සිදු කරන ලදි. ඔවුහු ලෝකය පුරා වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදක සමාගම් සමග නිරන්තරව සම්බන්ධව සිටියහ. බිත්තියට සවි කර තිබූ දැවැන්ත තිරය මත පැය 24 පුරාම සංඛ්‍යා ලේඛන, වගු,සිතියම් ප්‍රස්තාර ආදිය ප්‍රදර්ශනය විය.

වෛරසය පැතිරෙන වේගය තීරණය කිරීම

තත්ත්වය තවමත් අපැහැදිලිය. ව්‍යාකූලය. ආරම්භයේදී මෙක්සිකොවේ මරණ දුසිම් ගණනක් සිදු වූ බව වාර්තා විය. අවසානයේදී කාලය ගතවීමත් සමගම බලධාරිහු මෙම සංඛ්‍යාවන් 7 දෙනෙක් දක්වා අඩු කරන ලදි. එයට හේතු වූයේ ආරම්භයේදී වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් මරණයට පත් වූ පුද්ගලයන්ද ඌරු උණ රෝගීන් ලෙස මරණ පරීක්ෂණ වාර්තාවන්ට ඇතුළත් කර ඇති බව පසුව පවත්වන ලද පරීක්ෂණවලදී ඔප්පුවීමයි. වසංගත ආරක්ෂකයන් අපැහැදිලි කලාපයකට ඇතුළු වෙමින් සිටියහ. ලැබුණ තොරතුරු එකිනෙකට පරස්පර විය. තීරණාත්මක ප්‍රශ්නවලට තවමත් පිළිතුරු ලැබී නැත. වෛරසයේ කොතරම් වේගයකින් පැතිරෙන්නේද? නිශ්චිතවම අවදානමකට පත්වනු ඇත්තේ කවර සමාජ කණ්ඩායමක්ද? සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා එන්නත මගින් ආරක්ෂාවක් සැලසේද? මෙම වෛරසය සැබැවින්ම කොතෙක් අවදානම් සහගතද?

ජෝන් මැකෙන්සි

පවත්නා තත්ත්වය පිළිබඳව “වඩාත් යථාර්ථවාදි ඇගයීමක් ” සිදුකිරීම සඳහා යැයි ප්‍රකාශ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාගරට් චෑන් විසින් 15 දෙනෙකුගෙන් යුතු වූ විශේෂඥ කමිටුවක් කැඳවන ලදි. ඔවුහු සම්මන්ත්‍රණ දුරකථන ඇමතුමක් මගින් අන්තර්ජාලය හරහා සම්බන්ධ වූහ. ” මේ පළමු අදියරේ අවස්ථාව වනවිටත් අප සතුව පැහැදිලි තොරතුරු තිබුනේ නැහැ.” යි එම කමිටුවේ සභාපති ඕස්ට්‍රේලියානු ජාතික ජෝන් මැකෙන්සි (John Mackenzie) පැවසීය. ” නමුත් අප දැන සිටි දේවල් වලින් අපට වැටහී ගියේ තත්ත්වය අතිශයින් භයානක බවයි.”

ජෝන් මැකෙන්සිගේ මේ ප්‍රකාශයේත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරින්ගේත් මේ හැසිරීම විසින් පෙන්නුම් කරන්නේ මෙම රෝගය සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා රෝගයක් මෙන් මෘදු රෝග ලක්ෂණ සහිත අවදානම ඉතාම අඩු එකක්ය යන කරුණ ආරම්භයේ සිටම නොතකා හරින ලද බව නොවේද? කවර තත්ත්වයක් යටතේ වුව ද එවැනි නොතකා හැරීමකින් යහපතක් නොවනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව දරන ලද නිල ස්ථාවරය වූයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදුවීමට ඉඩ ඇති නරකම තත්ත්වයට මුහුණ දීම සඳහා තීරණ ගන්නා බවයි. ” තත්ත්වය අවතක්සේරු කිරීමට වඩා එය අධිතක්සේරු කිරීමට අපගේ කැමැත්ත විය” යැයි ෆුකුඩා විසින් පවසන ලදි.

අත්දැකීම් සහිත  විශේෂඥයෙකු වූ මැකෙන්සි ද ඕනෑම අවස්ථාවක දී ඕනෑම තැනකදී අවදානම දැකීමට හුරුව සිටි අයෙකි. බෝවෙන රෝගවලින් ඕස්ට්‍රේලියාව ආරක්ෂා කරගැනීමේ කටයුතු භාරව සිටි ඔහු වසර ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීව ආරක්ෂණ සහයෝගිතා පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කර තිබේ.2008 දී ඔහු එයින් ඉවත්වන විට ඔහු තවත් උණ වසංගතයක් ඇතිවීමේ අවදානම ගැන අනතුරු අඟවා තිබේ.

කෙසේ වුවද “කුරුළු උණ වසංගතය පිළිබඳ බියකරු චිත්‍රය ” විසින් මෙම නව ” ඌරු උණ වසංගතය” පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීමට අවශ්‍ය තාර්කික චින්තනය අවහිර කළේද යන්න ගැන අවධානයට යොමු කළ යුතු කරුණකි. ඔවුන් තුළ පවතින ඉතා ආක්‍රමණශීලි වෛරසයක් පිළිබඳ අදහස අනුව එය පැතිරීගියහොත් එය විසින් ඉමහත් ව්‍යසනයක් සිදු කරනු ඇත.

නීල් ෆර්ගසන්ගේ වංචනික සංඛ්‍යා විද්‍යාත්මක ආකෘතින්

ඌරු උණ වෛරසය පැතිරෙන වේගය ගැන ද එයින් ආසාදනය වන සහ මරණයට පත්වන පුද්ගලයන් ගැනද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන පදනම් වූයේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට සම්බන්ධ වී කටයුතු කළ මහාචාර්ය නීල් ෆර්ගසන් ගේ සංඛ්‍යා විද්‍යාත්මක ආකෘතින් මත පදනම් වෙමිනි.

නීල් ෆර්ගසන්

” 2021 අගෝස්තුවේදී ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඔහු සිය අනුමානයන් වැරදි බව පිළිගත්තේය. නමුත් ඒ වනවිට ඔහුගේ භීෂණ ආකෘතිය හේතුවෙන් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවලට එළැඹී ලෝකයේ බොහෝ රටවල මිලියන සියගණන් ජනතාවගේ සමාජ සහ ආර්ථික ජීවිතයට කළහැකිව තිබූ දරුණුතම හානිය සිදුකර හමාරය.
ෆර්ගසන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන මුළුමණින්ම වැරැදි බවට ඔප්පු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2001 වසරේදී පිස්සු ගව රෝගය (Mad Cow Disease-BSE) හේතුවෙන් පුද්ගලයන් 50,000ක් මරණයට පත්වනු ඇතැයි ඔහු විසින් ප්‍රක්ෂේපනයක් ඉදිරිපත් කරන ලදි. මෙයින් කැළැඹීමට පත් බ්‍රිතාන්‍ය රජය ගවයන් මිලියන 6.5ක් ඝාතනය කරන ලදි. නමුත් මෙම රෝගයෙන් මිය යතැයි ෆර්ගසන් විසින් අපේක්ෂා කළ සංඛ්‍යාවන් සිදු නොවිණි. (මෙම රෝගයෙන් දශක තුනක් තිස්සේ මරණයට පත්ව තිබුණේ පුද්ගලයන් 2,800 දෙනෙකු පමණි.)
2005 වසරේදී කුරුලු උණ රෝගයෙන් ලෝකය පුරා පුද්ගලයන් මිලියන 200ක් මිය යනු ඇතැයි ඔහු මෙවැනිම සංඛ්‍යාත්මක ප්‍රක්ෂේපන සහ අනුමාන ඉදිරිපත් කළේය.
අවසානයේදී මිය ගියේ පුද්ගලයන් සිය ගණනක් පමණි.
පසුව 2009 දී ඌරු උණ (swine flu- H1N1) රෝගයෙන් පුද්ගලයන් 65,00ක් බ්‍රිතාන්‍ය තුළදී පමණක් මිය යනු ඇතැයි ෆර්ගසන් විසින් අනතුරු අඟවන ලදි. ජනමාධ්‍ය විසින් නිර්මාණය කරන ලද ඌරු උණ භීතිකාව පහ වූ පසුව පැහැදිලි වූයේ එයින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 457ක් බවයි.
තත්ත්වය මෙසේ තිබියදීත් බටහිර රටවල් විසින් වසංගතවේදය හෝ පරිගණක ආකෘතීන් නිර්මාණය පිළිබඳ කිසිදු විධිමත් අධ්‍යාපනයක් නැති මෙවැනි උපන්ගෙයි බොරුකාරයෙකු දිගින් දිගටම විශ්වාස කරන්නේ මන්ද? ඔහු සිය ආකෘතින් නිර්මාණය සඳහා භාවිතා කරන්නේ දෝෂ සහිත යල් පිනූ පරිගණක වැඩ සටහන් බව දැන් ප්‍රසිද්ධ කරුණකි.
ෆර්ගසන් සිය වාර්තාවන් ඉදිරිපත් කිරීමටත් පෙර සිටම වොෂින්ටනයේ සහ ලන්ඩනයේ නායකයෝ නව කොරෝනා වසංගතය පිළිබඳව කලබල වී සිටියහ.2020 වසර ආරම්භයේදී මෙම නව කොරෝනා වසංගතයේ මාරාන්තික සවභාවය ගැන අතිශයෝක්තියට නංවන ලද වාර්තා ප්‍රවාහයක් ජනමාධ්‍ය විසින් වමාරන ලදි. සමහර වාර්තා අනුව රෝගයෙන් ආසාදනය වන්නන්ගෙන් 7%ක් මරණයට පත්වේ.”

(කොරෝනා මර්දනයද? ලෝකයේ දුප්පතුන් මර්දනයද? කොරෝනා ඇඳිරි නීති සහ තහංචි විසින් දුප්පතුන් සහ ඔවුන්ගේ මානව හිමිකම් වනසන අයුරු – ස්ටාව්රොවුලා පාබ්ස්ට් සහ මැක්ස් බ්ලුමන්තාල් විසිනි 2021 දෙසැම්බර් 3, විමර්ශන)

ජන මාධ්‍ය විසින්ද භීතිය වපුරන ලදි. ජර්මනියේ  ඩෙයර් ස්පීගල් (කැඩපත-DER SPIEGEL) නිදසුනක් ලෙස දැක්විය හැකිය.  එය විසින් නිරතුරුවම කුරුළු උණ පිළිබඳ පුවත් පළ කරන ලදි. දැන් එය සිය කවරයේ කතාව වෙන් කර ඇත්තේ ලෝකයේ නවතම වසංගත වෛරසය වන ඌරු උණ වෛරසය සඳහාය. එය මෙම නව වෛරසය වර්ගීකරණය කර ඇත්තේ එය ඉතා බිහිසුණු වෛරසයක් බවට පරිනාමය වීමට ඉඩ ඇති එකක් ලෙසය. (SPIEGEL 19/2009).

ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායම (European Scientific Working Group on Influenza – ESWI) විසින් සමස්ත ජනතාව එන්නත් කිරීම සඳහා සිදු කරන ලද සැක කටයුතු බලපෑම්

මෙම ESWI කණ්ඩායමේ පර්යේෂණ කටයුතු සඳහා සම්පූර්ණ අරමුදල් සපයන්නේ ඉන්ෆ්ලුවන්සා එන්නත් සහ ඖෂධ නිපදවන රෝෂ් (Roche) සහ අනෙකුත් ඖෂධ සමාගම් විසිනි. මෙම කණ්ඩායම ඉන්ෆ්ලුවන්සා රෝග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් ලබා දෙයි. එයට අමතරව ලෝකයේ විවිධ රටවල විශේෂයෙන්ම යුරෝපයේ ආණ්ඩුවල මැති ඇමැතිවරුන්, දේශපාලනඥයන් සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී උපදෙස් ලබා දීම හෙවත් ලොබි කිරීම් කටයුතු වල නිරත වේ. මොවුන් මෙම උපදේශන සැපයීම මුවාවෙන් සැබැවින් ම සිදු කරන්නේ තමන් හා සම්බන්ධිත ඖෂධ සමාගම්වල නිෂ්පාදන මිලිදිගැනීම ඒ ඒ රටවල ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ මූලික අවශ්‍යතාවක් බවට පත් කිරීම සඳහා දේශපාලනඥයන්ට බලකිරීමය.මෙයට අමතරව ඔවුහු ඖෂධ සමාගම්වල අනුග්‍රහයෙන් මෙම සංවිධාන යටතේ පවත්වන සම්භාෂණ මගින් ඖෂධ සමාගම්වල නිෂ්පාදන හඳුන්වා දීම සහ අලෙවි ප්‍රවර්ධන කටයුතුවල නිරතව සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි උපදේශකයන් විසින් විසින් පුම්බා පෙන්වන ලද්දේ රෝෂ් සමාගමේ ඖෂධයක් වන ඔසෙල්ටමිවිර් පමණක් නොවේ. ඔවුහු රෝෂ් සමාගමද සිය ඉහළ පෙළේ හවුල්කාර ආයතනයක් බවට වර්ණනා කර තිබේ.
2005 දී මෝල්ටාවේදී පවත්වන ලද ESWI ප්‍රධාන සම්මන්ත්‍රණයේදී රෝෂ් සමාගම විසින් ප්‍රචාරය කරන ලද දැන්වීමක මෙසේ සඳහන් විය: “ වසංගත තත්ත්වයකදී යොදාගනු ලබන ප්‍රධාන ප්‍රතිකාරය බවට ප්‍රතිවෛරස් ඖෂධ ඉක්මණින්ම පත්වනු ඇත. රෝෂ් සමාගම වගකිව යුතු හවුල්කරුවෙකු ලෙස ආණ්ඩු සමග එක්ව කටයුතු කරමින් ඔවුන්ගේ වසංගත පාලන කටයුතු සැලසුම් කිරීමට සහාය වේ ”
මෙම ප්‍රකාශය උපුටාගත් ලේඛනය ලෙස එම අලෙවි ප්‍රචාරක පත්‍රිකාවේ දැක්වෙන්නේ: “ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆ්ලුවන්සා සුදානම්වීමේ සැළසුම“ නම් මාර්ගෝපදේශන ලේඛනයයි..
රෝෂ් සමාගම ආණ්ඩු සමග එක්ව වගකිව යුතු හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව “ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆ්ලුවන්සා සුදානම්වීමේ සැලසුම යටතේ ලෝක එය විසින් සාමාජික රටවල්වලට බලකරන ලද පරිදි රෝෂ් සහ වෙනත් ඖෂධ සමාගම් වෙත ඩොලර් මිලියන සිය ගණන් ගෙවමින් නිෂ්ඵල සහ අනවශ්‍ය ඉන්ෆ්ලුවන්සා ඖෂධ සහ එන්නත් මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමය.

2009 H1N1 ඉන්ෆ්ලුවන්සාව වාරය 1918 ස්පාඤ්ඤ උණ මෙන් මිලියන ගණන් මිනිසුන් මරණයට පත්වන එකක් වන බවට ESWI කණ්ඩායම විසින් සමස්ත ලෝකයම බියගන්වා තමන් සම්බන්ධව සිටි ඖෂධ සමාගම්වලට සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට පහසු වාතාවරණයක් සකස් දුන් අතර අනෙක් පැත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මර්දනය පිළිබඳ ජාත්‍යන්තර මාර්ගෝපදේශනය සකස් කළේ මෙම එන්නත් කල්තබා විශාල වශයෙන් මිලදීගෙන ලෝකයේ සියලු රටවලට අනිවාරය කෙරෙන කොන්දේසියක් බවට පත් කරමිනි. මොවුන්ගේ මෙම නින්දිත ක්‍රියාවන් නිසා ලෝකයේ සියලු රටවල් සිය වෙනත් සෞඛ්‍ය වියදම් කපා හැර ඒ මුදල් මෙම නිෂ්ඵල එන්නත් මිලදී ගැනීම සඳහා වෙන් කරන ලදි.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොල් ෆ්ලින්(Paul Flynn) විසින් යුරෝපා පාර්ලිමේන්තු කවුන්සලය වෙනුවෙන් සිදු කරන ලද විමර්ශන වාර්තාව තුළ, මෙම ඌරු උණ වැනි හානිදායක බවින් අඩු ඉන්ෆ්ලුවන්සා ආසාදන රැල්ලක් 1918 ස්පාඤ්ඤ වසංගතයට සමාන කිරීමට ලෝක ලෝක සෞඛ්‍ය  සංවිධානය සහ එයට උපදෙස් දෙන පුද්ගලයන් දරන උත්සාහය ගැන අංක 26 යටතේ මෙසේ සඳහන් කර ඇත.

“26. ජනවාරියේ සංවිධානය කරන ලද විභාගයෙහි අරමුණ වූයේ සාමාන්‍යයෙන් එක්තරා ආකාරයක හැඟීම්බර විවාදයක් ලෙස වර්ගීකරණයට ලක්කරන ලද සංදර්භයක් තුළ සංවේදී තේමාවක් පිළිබඳ විවාද කිරීමට වාස්තවික වේදිකාවක් ප්‍රදානය කිරීමය.
කලින් ශත වර්ෂවල හටගත් මාරාන්තික වසංගත හා මෙම H1N1 ඉන්ෆ්ලුවන්සා වසංගතය සම්බන්ධ කිරීමත් එයට සමාන කිරීමට තැත් කිරීමත් පිළිබඳව ජර්මනියේ මුන්ස්ටර් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ සහයෝගිතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වූ වසංගතවේදය පිළිබඳ මහාචාර්ය කයිල් විසින් විවේචනය කර තිබේ. ඔහුගේ දැක්ම අනුව 1918 වසරේ යුරෝපයේ ව්‍යාප්ත වූ “ස්පාඤ්ඤ උණ ” (Spanish flu) සහ H1N1 ඉන්ෆ්ලුවන්සා සන්සන්දනය කිරීම නුසුදුසු දෙයකි. මක් නිසාද යත් මෙම අවස්ථා දෙකේ සැබෑ මරණ සහ ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යාවන් කොහෙත්ම සන්සන්දනය කළ නොහැකි බැවිනි. ස්පාඤ්ඤ උණ පැතිරුණේ සොල්දාදුවන් මගින් පහසුවෙන් රෝග ව්‍යාප්ත විය හැකි පළමු ලෝක යුද්ධ සංදර්භය තුළය. ඔවුහු භයානක ලෙසින් මන්දපෝෂණයට ගොදුරු වී සිටි අතර පෙනිසිලින් වැනි අද සාමාන්‍ය ප්‍රාථමික ප්‍රතිකාර සහ ඖෂධ ලෙස සැළකෙන වෛද්‍ය පහසුකම් පවා ඔවුනට නොතිබිණි. මෙවැනි සංසන්දනයක් මගින් සිදු වූ එකම දෙය අනවශ්‍ය භීතිකාවක් යුරෝපීය ජනතාව තුළ ඇති කිරීම පමණි.”

(Rapporteur: Paul FLYNN,Memorandum:The handling of the H1N1 pandemic: more transparency needed, Social, Health and Family Affairs Committee, AS/Soc (2010) 12 ,23 March 2010)

1997 හොංකොංහි කුකුළු උණ වසංගතයට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයක් සඳහා සුදානම්වීමේ කටයුතු ආරම්භ කරමින් ප්‍රධාන ලියැවිල්ලක් සකස් කරන ලදි. මෙම ලියැවිල්ල නම් කර තිබුණේ “ ඉන්ෆ්ලුවන්සා වසංගත සැලසුම : ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව සහ ජාතික සහ කලාපීය සැලසුම් සඳහා මාර්ගෝපදේශනය”( Influenza Pandemic Plan: The Role of WHO and Guidelines for National and Regional Planning) යන්නයි.
1999 වන විට ලෝකය මුහුණ දෙමින් තිබූ අවදානම් තත්ත්වය අනුව බලන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු ඉන්ෆ්ලුවන්සා වසංගත සුදානම් සැලසුම පමණ ඉක්මවා ගිය බරපතල බවකින් යුක්ත එකක් විය. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය තම ස්ථාවරය සාධාරණී කරන්නට වෑයම් දරා තිබුණේ මෙසේය:

“වසංගතයක් කවදා ඇතිවේදැයි අනුමාන කිරීමට අපහසුය. 1918 ඇති වූ වසංගත තත්ත්වය විසින් එකල පැවැති වෛද්‍ය විද්‍යාත්මක දියුණුව තුළ දී පවා අති විශාල හානියක් සහ මරණ සංඛ්‍යාවක් සිදු කිරීමට හේතු විය. එබැවින් සැබෑ ඉන්ෆ්ලුවන්සා වසංගත තත්ත්වයක් නැවත ඇතිවුවහොත් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ යුතුව තිබේ ”

එම ලියවිල්ලේ අවසානයේ ස්තූති කිරීම් යටතේ පහත නම් සඳහන් අයට ස්තූති කර තිබිණි.

“R Snacken, J Wood, L R Haaheim, A P Kendal, G J Ligthart, and D Lavanchy prepared this document for the World Health Organization (WHO), in collaboration with the European Scientific Working Group on Influenza (ESWI).”

මෙම ලියවිල්ල විසින් හෙළිදරව් නොකරන ලද දෙය නම් ESWI හෙවත් ඉන්ෆලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායම( European Scientific Working Group on Influenza – ESWI) වෙත එහි පැවැත්ම සඳහා සම්පූර්ණ අරමුදල් සපයන්නේ ඉන්ෆ්ලුවන්සා එන්නත් සහ ඖෂධ නිපදවන රෝෂ් (Roche) සහ අනෙකුත් ඖෂධ සමාගම් විසින් බවයි. එමෙන්ම මෙහි නම් සඳහන් රෙනේ ස්නාකන් (R. Snacken) සහ ඩානියෙල් ලවාන්චි ( D. Lavanchy ) 1998 වසරේ දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද කටයුතුවලට සහභාගි වී ඇතිබවයි. ඒ බව ඔවුන්ගේ අලෙවි ප්‍රවර්ධන ප්‍රචාරක පත්‍රිකාවල සඳහන්ය.

භීතිය ජීවමානව පවත්වාගෙන යාම මගින් තමන්ට උපයාගත හැකි ලාභය කොතෙක්ද යන්න පිළිබඳවත් එය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් ඖෂධ නිෂ්පාදක සමාගම්වලට හොඳ අවබෝධයක් තිබිණි. ඉන්ෆ්ලුවන්සා රෝගය සඳහා බෙහෙත් සහ එන්නත් නිෂ්පාදනය කරන ලද සමාගම් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා ඔවුන්ගේම විද්‍යාත්මක සම්මේලනයක් ගොඩ නගාගෙන තිබිණි. එහි නම ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායම (European Scientific Working Group on Influenza-ESWGI ). එය විසින් නිතරම ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳ රැස්වීම් සහ විශේෂඥ හමුවීම් සංවිධානය කරයි. මෙම ලොබි කණ්ඩායමේ ප්‍රධානියා අල්බර්ට් ඔස්ටර්හවුස් ( Albert Osterhaus) ය. ඔහු රොටර්ඩාම්හි ඉරාස්මුස් වෛද්‍ය මධ්‍යස්ථානයේ (Erasmus Medical Center in Rotterdam)සේවය කරයි. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉන්ෆලුවන්සා රෝගය පිළිබඳ උපදෙස් සපයන වඩාත් බලපෑම් සහගත උපදේශකයන්ගෙන් එක් අයෙකි.

ඇල්බර්ට් ඔස්ටර්හවුස්

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඌරු උණ සඳහා ලෝකය පුරා ජනතාව එන්නත් කළ යුතු යැයි අල්බර්ට් ඔස්ටර්හවුස් සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත බලපෑම් කළ අනෙකු පුද්ගලයා යොහාන්නස් ලූවර්ය (Johannes Löwer). ඔහු එවකට ජර්මනියේ එන්නත් සම්බන්ධව වගකිව යුතු පෝල් එර්ලිෂ් ආයතනයේ ( Paul Ehrlich Institute – PEI) ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය. ඌරු උණ සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් ප්‍රතිචාර දක්වමින් ලෝකය පුරාම භීතිකාවක් ඇති කිරීමේ වරද සම්බන්ධයෙන් අනෙකුත් සෑම වසංගත විශේෂඥයෙකු මෙන්ම යොහාන්නස් ලූවර්ද සිය නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කළේ “කුරුළු උණ පිළිබඳව බියකරු අත්දැකීම් සිය මනස වෙළාගෙන තිබූ හෙයින් සෙසු විශේෂඥ සගයන් මෙන්ම තමාද විසින් නව වසංගතයේ බිහිසුණු කම ගැන පමණට වඩා බිය වූ” බවය.
“අපි සැබෑ වසංගතයක් අපේක්ෂා කෙළෙමු. එය දැන් සිදුවිය යුතු යැයි අප සිතුවෙමු. දෙවරක් සිතන ලෙස අපට කිසිවෙකු විසින් පැවසුවේ නැත.” යි ඔහු වැඩි දුරටත් පැවසීය.
මෙය අවංක උත්තරයක් නොවන බව පැවසිය යුතුය. විශේෂඥයන් සහ වගකිව යුතු ජාත්‍යන්තර සම්බන්ධතා

යොහාන්නස් ලූවර්

සහිත සංවිධානවල ප්‍රධානින් වූ ඔවුනට මෙම ඌරු උණ වසංගතය පිළිබඳ සියලු තොරතුරු ලබාගැනීමට කිසිදු බාධාවක් නොවිණි. එය කොහෙත්ම අවදානම් සහගත නොවන සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් බඳු මුදු වෛරස් ආසාදනයක් බවට අවශ්‍ය දත්ත පමණටත් වඩා තිබිණි. එහෙත් ඔවුහු ඒ සියලු සැබෑ දත්ත නොතකා හරිමින් තෝරාගත්තේ භීෂණය පැතිරවීමේ ක්‍රියාමාර්ගයයි. ඔවුන් විසින් ඖෂධ සමාගම්වල උවමනාව අනුව වංචනික ලෙස මවා පෙන්වන ලද තරම් බිය ජනක වසංගතයකයක් නොවන බව සියලු දෙනාට වැටහී ගිය පසුව මෙම වෘත්තීමය වංචාව හුදෙක් කුරුළු උණ වසංගතය පිළිබඳ සිය බිහිසුණු අත්දැකීම්වලින් මනස සසළ වීම නිසා සිදු වූ දෙයක් යැයි කරන ලද ප්‍රකාශ ඇඟබේරා ගැනීමට දරන නිවට උත්සාහයක් ලෙස සැළකිය හැකිය. ඔවුන් එය පවසන්නේ අවංකවම නම් ඔවුන් වහාම කළ යුතුව තිබුණේ තමන් ” කුරුළු උණ නිසා ලද කම්පනය” සඳහා මනෝ චිකිත්සකයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම මිසෙක සමස්ත ලෝක ජනතාවගේ ජීවිත සම්බන්ධව වගකීමට බැඳී සිටින ජාත්‍යන්තර සංවිධානවල තනතුරු දැරීම නොවේ.
නමුත් ඔවුන් පිළිබඳව ඇත්ත නම් ඔවුන් සියලු දෙනාටම එක් හෝ තවත් ආකාරයක සම්බන්ධකම් එන්නත් නිෂ්පාදනය කරන ඖෂධ සමාගම් සමග තිබූ බවය.

2009 අප්‍රේල් 27: මෙම ඌරු උණ වසංගතය එහි අදියර 4 මට්ටම වෙත ළඟා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ලදි. ඒ අනුව දැනට එක් රටක් තුළ පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම වෛරසය ව්‍යාප්ත වෙමින් පවතී.

2009 අප්‍රේල් 28: ඌරු ආසාදිතයන් යැයි සැක කෙරෙන කිහිපදෙනෙකු ජර්මනිය තුළ හඳුනාගෙන ඇත.

2009 අප්‍රේල් 29:ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයේ 5 වැනි අවධිය ප්‍රකාශයට පත් කරන ලදි. මෙය ඖෂධ සමාගම් සහ එන්නත් පර්යේෂකයන් අමන්දානන්දයට යට පත් කළ පුවතක් විය.

ඊජිප්තුවේ දුප්පත් ජනයාගේ ඌරු පට්ටි විනාශකර දමන පොලිස් සහ සෞඛ්‍ය නිලධාරීන්

2009 අප්‍රේල් 30: ඊජිප්තුව විසින් ඌරු ගොවිපළවල සිටි ඌරන් මිලියන ගණනින් මරා දැමීම ආරම්භ කරන ලදි. මෙම සත්ව සංහාරය නවතා දමන ලෙස බ්‍රිජට් බාඩෝ විසින් ජනාධිපති හොස්නි මුබාරක්ගෙන් ඉල්ලා සිටි නමුත් සංහාරය දිගටම සිදු විය. 2009 මැයි මාසයේදී ඊජිප්තු රජය ඌරන් සංහාරය අරඹන විට ඌරු උණ ඊජිප්තුවට පැමිණ නොතිබිණි. එකදු පුද්ගලයෙකු හෝ සතෙකු එයින් ආසාදනය වී නොතිබිණි. කෙසේ වුවද 3,00,000ක් ඌරන් පොලිසිය සහ මහජන සෞඛ්‍ය නිලධාරින් එක්ව ඝාතනය කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඌරු උණ භීතිකාව පුස්සක් බවට පැහැදිලි වූ පසු ඊජිප්තු රජය සිය තනුව හෙමින් සීරුවේ වෙනස් කරමින් ඌරන් මරාදැමුවේ පරිසරයේ අපිරිසිදු බව නිසා බව ප්‍රචාරය කරන ලදි. හොස්නි මුබාරක් රජය මේ අවස්ථාව යොදාගත්තේ ඉතා දිළිඳු සහ දැඩි වෙනස් ලෙස සැළකීම්වලට ලක්වෙන සබ්බාලීන් හෙවත් කසල අහුළන්නන් ලෙස හැඳින්වෙන ක්‍රිස්තියානි ප්‍රජාවේ ජීවිකාව අහිමි කරමින් ඔවුන් කයිරෝවෙන් පලවා හැරීම සඳහාය. දහස් ගණන් ගොවීන්ට සිය ආදායම් මාර්ග පමණක් නොව පරම්පරා ගණනක් තිස්සේ අභිජනනය මගින් ගුණාත්මක ලෙස වර්ධනය කර තිබූ සත්ව ගහණයද සදහටම අහිමි විය. මෙමගින් ඊජිප්තුවේ ආහාර නිෂ්පාදනයට බරපතල හානියක් සිදු කරන ලදි.ඌරන් විනාශ කිරීමට පැමිණි පොලිස් නිලධාරින් හා මෙම දිළිඳු කොටස් අතර දරුණු විදී සටන් ඇති විය.

2009 මැයි 04: ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් යනු කුමක්ද යන නිර්චචනය යටතේ ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැළකුණ රෝගයේ මාරාන්තික සහ හානිකර ස්වභාවය පිළිබඳ සාධකය කිසිදු පැහැදිලි කිරීමක් නොකරම ඉවත් කරන ලදි. මෙමගින් වාර්ෂික උණ සෙම්ප්‍රතිශ්‍යා රැල්ලද වසංගත තත්ත්වයක් ලෙස අර්ථකතනය කිරීමට අවස්ථාව උදා කරගනු ලැබිණි.

මෙක්සිකෝවේ ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩා තරඟ පවා පැවැත්වන ලද්දේ ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රීඩාගාර හිස්ව තබාගනිමිනි. ජර්මනියේ සාර්ලන්ඩ්හි පාර්ලිමේන්තුව විසින් සුබපැතීමේ හාදු තහනම් කරන ලදි.

2009 ජූනි 10:ඌරු උණ මගින් පුද්ගලයන් 141ක් මරණය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කරන ලදි. මේ මියගිය සියලු දෙනාම පාහේ වෙනත් රෝගවලින් පෙළෙමින් සිටි පුද්ගලයන්ය. ආසාදිතයන් අති බහුතරයක රොග ලක්ෂණ ඉතා මෘදු ඒවා විය. “සූඩ්ඩොයිෂ ට්සයිටුන්ග් “(Süddeutsche Zeitung) විසින් ඌරු උණ ආසාදනය වී සුව වූ අයෙකු සම්මුඛ පරීක්ෂණයට ලක් කළ විට ඔහු පවසා තිබුණේ “මට තිබුණ ප්‍රධාන ප්‍රශ්ණය බඩු ගේන්න කඩේ යන්නේ කවුද යන්න ගැනයි ” යනුවෙනි.

ඌරු උණ වසංගතයේ 6 වැනි අවධිය හෙවත් ගෝලීය වසංගත තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කිරීම

2009 ජූනි මසවැනි දින නැවතත් හදිසි අවස්ථා කමිටුව අන්තර්ජාලය හරහා සම්බන්ධ වූහ. මෙවර ඉතා වැදගත් විශාල ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි. එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධි 6 වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ යුතුද යන්න ගැනය.

මාගරට් චෑන්

සාකච්ඡාව අවසානයේදී මාගරට් චෑන් විසින් පුවත් සාකච්ඡාවක් පවත්වන ලදි. ඇය එහිදී සිය උපදේශක කමිටුවේ නිගමනය හෙළි කළාය. ඌරු උණ වෛරසය වෙනස්වන සුළු ලක්ෂණ පෙන්වයි. එය නතර කළ නොහැකිය. එහි අදහස වසර 41කට පසු පළමු වරට උණ වසංගතයක් පවතින බව නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබෙන බවය.

” මම ප්‍රධාන පෙළේ ඉන්ෆලුවන්සා විශේෂඥයන්, වෛරස් විද්‍යාඥයන්, සහ මහජන සෞඛ්‍ය නිලධාරින් සමග සාකච්ඡා කළෙමි…. මෙම අවශ්‍යතාව සඳහා පිහිටුවන ලද හදිසි කමිටුව වෙතින් මම මග පෙන්වීම සහ උපදෙස් ලබාගතිමි.” පවත්නා සාක්ෂි මෙන්ම එම සාක්ෂි පිළිබඳව මෙම විශේෂඥයන්ගේ ඇගයීම අනුව ඉන්ෆලුවන්සා වසංගතයක් පවතින බවට ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍යවන විද්‍යාත්මක සාධක සම්පූර්ණ වී තිබේ…. ලෝකය දැන් ඉන්ෆ්ලුවන්සා වසංගතයකට මුහුණ පා සිටියි. ”

“මම හිතනවා අප විසින් සියල්ල නිවැරදි ලෙස කළා කියලා. ” උපදේශක කමිටුවේ සභාපති මැකින්සි පැවසීය.

ජෝන් මැකින්සි විසින් එලෙස පවසනු ලැබුවද ඔවුන් විසින් මෙහිදී බරපතල වංචාවක් සිදු කර ඇති බව පැහැදිලිය. ඒ මෙම ගෝලීය වසංගතයේ අවධි 6 අධියර ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම වසංගතය පිළිබඳ එතෙක් පැවැති නිල නිර්වචනය රහසිගතවම වෙනස් කිරීම මගින් ඌරු උණ වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඉඩ සලසා ගැනීමය. එක් අතෙකින් මැකින්සි නිවැරදිය.වසංගතයක් පිළිබඳව අර්ථකතනය විකෘති කිරීම මගින් ඔවුන් කර ඇත්තේ තමන් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් වරදක් කළ බවට චෝදනා එල්ලවීමට ඇති ඉඩ කඩ අහුරා දැමීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී ක්‍රියාත්මකව ඇත්තේ මාෆියා කල්ලික් ලෙස මිසෙක වගකිව යුතු ජාත්‍යන්තර සංවිධානයක් ලෙස නොවේ.

පෝල් ෆ්ලින්

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අදාළ සෙසු පාර්ශ්වයන් විසින් H1N1 වසංගතය(ඌරු උණ) සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පෝල් ෆ්ලින් ගේ නායකත්වයෙන් පැවැත්විණි. එම විමර්ශන වාර්තාව යුරෝපා පාර්ලිමේනුතුවට 2010 මාර්තු මාසයේදී භාර දෙන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය H1N1 ඉන්ෆ්ලුවන්සාව විසින් එල්ල කරන ලද තර්ජනය අධිතක්සේරු කරමින් සමස්ත ලෝකය පුරාම භීෂණයක් දියත් කිරීම සම්බන්ධව මෙම වාර්තාවේ අංක 10 යටතේ මෙසේ සඳහන් කර තිබේ

“10. සෞඛ්‍ය ගැටළුවලදී “පූර්වාරක්ෂක ප්‍රවේශය” අනුගමනය කිරීමට සිදුවන අවස්ථා පිළිබඳ තේරුම් ගැනීමට අපහසු නොවූවද, ජනවාරි 26 වැනි දින පවත්වන ලද මහජන සාක්ෂි විමසුම් විභාගයේදී , සමාජ, සෞඛ්‍ය, සහ පවුල් කටයුතු පිළිබඳ කමිටුවේ සෙසු සමාජිකයන්ගේද සහාය සහිතව මෙම වාර්තාකරු විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් ප්‍රශ්න කරන ලද්දේ මෙම වසංගතය ආරම්භයේදී අපේක්ෂා කරන ලද තරම් බරපතල නොවන මෘදු ඉන්ෆ්ලුවන්සා ආසාදනයක් බවට පැහැදිලි ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු වූ පසුව පවා මෙම “පූර්වාරක්ෂක ආකල්පය” මතම පදනම් වූ දැඩි ක්‍රියාමාර්ග දිගින් දිගටම අනුගමනය කළේත් සාමාජික රටවලට නිර්දේශ කරන ලද්දේත් කුමක් නිසාද යන්නය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තා (පහත දැක්වේ) මගින් පෙන්නුම් කරන්නේ සමස්ත ලෝකයම තුළ පවත්නා තත්ත්වය පිළිබඳව වන නිවැරදි අවබෝධය කුමක් වුව දඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැරදි ඇගයීම්වල කිසිදු වෙනසක් සිදු ව නැති බවය.එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිගින් දිගටම පවත්නා සියලු සාක්ෂිවලට එරෙහිව වසංගත අවධි 6 තත්ත්වය පවත්වාගෙන යනු ලැබීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිත්වය ගැන විශාල සැකයක් එල්ලවී ඇති අතර එය පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබේ.”

(Rapporteur: Paul FLYNN,Memorandum:The handling of the H1N1 pandemic: more transparency needed, Social, Health and Family Affairs Committee, AS/Soc (2010) 12 ,23 March 2010)

වසංගතයක් පිළිබඳ නිල නිර්වචනයට අනුව ඌරු උණ වසංගතයක් ලෙස සැලකිය නොහැකි බැවින් නිර්වචනය කප්පාදු කරමින් විකෘති කිරීම

ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව අවධි 6 ප්‍රකාශ කෙරෙන්නේ නව වෛරසයක් පාලනය කළ නොහැකි අන්දමින් ලෝකයේ කලාප කීපයක් පැතිර ඇති අවස්ථාවක බැවිනි. මෙම ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සකස්කිරීමේදී ඔවුහු වැදගත්ම සාධකයක් නොසළකා හැර තිබේ. එනම් වෛරසය කොතරම් දුරට මාරාන්තික වන්නේ ද යන්නය. එම කරුණ සැළකිල්ලට ගත්තේ නම් කිසි සේත්ම මාරාන්තික නොවන සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් බඳු මෙම ඊනියා ඌරු උණ වෛරස් ආසාදනය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළ නොහැකිය. ඔවුහු ඌරු උණ වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කළේ එහි මාරාන්තික ස්වභාවය ගැන කිසිදු සඳහනක් පවා නොමැතිවය.

සත්තකින්ම බොහෝ වසංගත විශේෂඥයන් “වසංගත තත්ත්වයක් ” යන්න යොදාගන්නේ ඉතා ආක්‍රමණශීලි මාරාන්තික වෛරසයක් සඳහාය. නිදසුනක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ අඩු තරමින් 2009 මැයි 4 වැනි දින දක්වා තිබූ අර්ථකතනය අනුව එය එසේ විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර දශක ගණනාවක් තිස්සේ වසංගතයක් පිළිබඳව පිළිගත් නිල නිර්වචනයට අනුව “ අති විශාල මරණ සංඛ්‍යාවක් සිදු කිරීමටත් පුද්ගලයන් අතිවිශාල සංඛ්‍යාවක් ආසාදනයට පත් කිරීමටත් හේතුවන බෝ වෙන රෝගයක ක්ෂණික ව්‍යාප්තිය ” යනුවෙනි. 2009 මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නිර්වචනය තුළ වූ “ මරණ සංඛ්‍යාව ” නම් සාධකය රහසේම ඉවත් කරනු ලැබිණි. එමගින් වසංගතයක් අර්ථකතනය කිරීමට එමගින් අති විශාල මරණ සංඛ්‍යාවක් මගින් ප්‍රකාශනය වන රෝගයේ බරපතල කම පිලිබඳව සාධකය තවදුරටත් ගනන් ගැනෙන්නේ නැත. මේ අනුව වාර්ෂික සෙම්ප්‍රතිෂ්‍යා උණ වාරයද වසංගතයක් ලෙස සැළකෙනු ඇත.

” එහි වසංගතයක් යනු කුමක්ද?” යන ප්‍රශ්නය යටතේ වසංගතයක් කුමක්දැයි නිර්වචනය කර තිබිණි. එම නිර්වචනය අනුව “වසංගතයක් යනු මරණ අතිවිශාල සංඛ්‍යාවක් සිදු කිරීමටත් සහ පුද්ගලයන් අති විශාල සංඛ්‍යාවක් රෝගීන් බවට පත් කිරීමටත් බලපාන තත්ත්වයකි. ” පසුව CNN වාර්තාකරුවෙකු විසින් මෙම නිර්වචනය සහ මාරාන්තික නොවන මෘදු රෝග ලක්ෂණ සහිත ඌරු උණ රෝගය වසංගතයක් ලෙස නම් කිරීම අතර පවතින පරස්පරතාව පිළිබඳව වසංගත විද්‍යාඥයන්ගේ අවධානයට යොමු කරන ලදි. එවිට ලෝක සෞඛ්‍ය සංවිධානය කළේ තම වරද පිළිගෙන තමන් විසින් ප්‍රකාශයට පත්කළ ව්‍යාජ වසංගත තත්ත්වය ඉවත් කර ලෝක ජනතාවගෙන් සමාව ඉල්ලීම නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ පැවැති ඉහත නිර්වචනය වහාම මකා දැමීමය. එය සිදු වූයේ 2009 මැයි මස 04 වැනි දාය.

රිචර්ඩ් ෂාබාස්

2009 ජූනි 11 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම බොහෝ දෙනාගේ උපහාසයට ලක් විය. වසර අවසානයේ පැමිණෙන උණ සෙම්ප්‍රතිශ්‍යාවද වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස් කරන්නේදැයි ඇතැමුන් විමසූහ . “සමහර වෙලාවට අපේ සමහරුන් කල්පනා කරනවා WHO යන අකුරු තුන විසින් නියෝජනය කරන්නේ World Hysteria Organization යන්න ද කියලා.” යනුවෙන් කැනඩාවේ ඔන්ටාරියෝහි හිටපු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රිචර්ඩ් ෂාබාස් (Richard Schabas) ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යය, චීනය, ජපානය යන රටවල් විසින් අවධි 6 වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන ලෙස දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාගරට් චෑන් අවධි 6 වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට තීරණය කරන විට දැන සිටියාය. හොංකොංහි සෞඛ්‍ය ඇමැතිවරයා ” වසංගත අවධි 6 නම් කිරීමේ ක්‍රමය පිළිබඳව වහාම ප්‍රතිවිමර්ශනයක් සිදු කළ යුතුය ” යනුවෙන් ඉල්ලා සිටියේය.

පසු කලෙක ජෝන් මැකෙන්සි විසින්ද ප්‍රකාශ කරන ලද්දේ ” අප විසින් අවධි 6 පිළිබඳව තත්ත්වය සංවේදී ලෙස නැවත සකස් කළ යුතුව ඇති බවත් එයට රෝගයේ බරපතල කම සහ මාරාන්තික ස්වභාවයද ඇතුළත් කළ යුතු බවත්” ය. ලෝක සෞඛ්‍ය සංවිධානයද එම නිර්වචනය වෙනස් කළ යුතුබව තමන්ගේද ස්ථාවරය වන බව 2009 මැයිවලදී අඟවන ලද නමුත් ඔවුහු දිගින් දිගටම එය සිදු කිරීම මගහරින ලදි. 2020 දී කොවිඩ්-19 වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යොදාගත්තේ මෙම වංචනික ලෙස විකෘති කරන ලද නිර්වචනයයි.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පෝල් ෆ්ලින් ගේ  විමර්ශන වාර්තාවේ අංක 14 යටතේ වසංගතයක් පිළිබඳ නිර්වචනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෙනස් කරනු ලැබීම පිළිබඳව මෙසේ සඳහන් වේ.

“14. ඉන්ෆ්ලුවෙන්සාව විසින් සාපේක්ෂ වශයෙන් මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තිබියදී ලෝක සෞඛ්‍ය සංවිධානය 6 වන වසංගත මට්ටම ප්‍රකාශ කිරීම සඳහා කරා වේගයෙන් ගමන් කිරීමද විශේෂයෙන් වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට දින කීපයකට පෙර වසංගත මට්ටම් පිළිබඳ නිර්වචනය වෙනස් කිරීම ද හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් H1N1 වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, විද්‍යාත්මක ප්‍රජාවේ සැළකිල්ලට සහ සැකයට ලක් විය.
වසංගතයක් පිළිබඳ මූලික නිර්වචනය කිසිදා වෙනස් කර නැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ, එසේ වුවද වසංගතයක බලපෑම සහ බරපතලකම පිළිබඳ කලින් පැවැති නිර්ණායකය අනුව ආසාදන සහ මරණ සංඛ්‍යාව සැළකිල්ලට ගත යුතුව තිබු නමුත් 2009 මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ඉන්ෆ්ලුවෙන්සා මාර්ගෝපදේශයනය අනුව වසංගත මට්ටම 6 ට ඇතුල් වීම සඳහා මරණ හෝ ආසාදන සංඛ්‍යාව නිර්ණායක ලෙස තවදුරටත් නොසැලකේ.
ජර්මන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූත් වෛරස් විද්‍යාඥයෙකු වූත් මෙම වාර්තාව සැකසීමේ කටයුතුවලට ආරම්භයේ සිටම මැදිහත් වූත් වෛද්‍ය වුල්ෆ්ගාන් වොඩාර්ග් 2010 ජනවාරි සාකච්ඡාවේදී සිහිපත් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයට වර්තමාන වසංගත තත්ත්වය ප්‍රකාශකළ හැකිව තිබූ එකම ආකාරය වසංගතයක් පිළිබඳ අර්ථකතනය වෙනස් කර එහි නිර්ණායක පහත හෙළිම මගින් පමණක් බවයි.”

(Rapporteur: Paul FLYNN,Memorandum:The handling of the H1N1 pandemic: more transparency needed, Social, Health and Family Affairs Committee, AS/Soc (2010) 12 ,23 March 2010)

 

ඖෂධ සමාගම්වල බලපෑම සහ වසංගත සඳහා සුදානම්වීමේ සැලසුම යටතේ ඖෂධ සහ එන්නත් කලින් ඇණවුම් කිරීම

අනතුරු ඇඟවීම් ක්‍රමයෙන් මැකී ගියේය. වසංගත අවධි 6 ප්‍රකාශ කිරීම පිළිබඳ නීති රීති කිසිවක් වෙනස් වූයේ නැත. ඒ මන්ද _ එම නීතිරිති කිසි විටෙකත් වෙනස් කළ නොහැකි දේවල් ලෙස සැළකුණ නිසාද? නැතහොත් ඒවා වෙනස් කිරීමට යාමෙන් ඉතා බලගතු පාර්ශ්වයක් උරණ කරගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරින් බිය වූ නිසාද?
කෙසේ වුවද එක් දෙයක් පැහැදිලිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජීනිවා මූලස්ථානය සමග ඉතා තදින් සම්බන්ධකම් පවත්වාගෙන ගිය එක් පාර්ශ්වයක් හැකි ඉක්මණින් ඌරු උණ සම්බන්ධයෙන් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරවා ගැනීමේ දැඩි අවශතාවකින් පෙළුණ බවයි. ඒ අන් කිසිවෙකුත් නොව ඖෂධ නිෂ්පාදන සමාගම්ය.

“අප විසින් ගනු ලබන තීරණ කෙරෙහි ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් කිසිදු බලපෑමක් එල්ල නොකරන බව ” ෆුකුඩා විසින් පවසා තිබිණි. එසේ වුවද 2009 මැයි මස 19 වැනි දින එනම් ඌරු උණ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සති තුනකට කලින් ඖෂධ සමාගම්වල ඉහළ නිලධාරින් 30කගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාගරට් චෑන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් බෑංකී මූන් අතර හමුවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේදී සිදුවිය. එම හමුවේ අරමුණ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඌරු උණ එන්නත් සැපයීම තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳව එම හමුවේදී සාකච්ඡාවට ලක් වූ බවය. නමුත් එන්නත් නිෂ්පාදකයන් වෙත මේඅවස්ථාවේ විසඳාගත යුතු තීරණාත්මක ගැටළුවක් තිබිණි. ඒ ඌරු උණ සම්බන්ධව වසංගත අවධි 6 ප්‍රකාශයට පත් කිරීමේ තීරණය මෙතරම් ප්‍රමාද මන්ද යන්නය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගනු ලබන තීරණ කෙරෙහි ඖෂධ සමාගම් වලින් කිසිදු බලපෑමක් එල්ලනොවන බව කෙයිජි ෆුකුඩා විසින් දිගින් දිගටම පැවසුව ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පෝල් ෆ්ලින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ මගින් පෙන්නුම් කරන්නේ ඊට සහමුලින්ම වෙනස් චිත්‍රයකි. ෆ්ලින් විසින් ඉදිරිපත් කරන ලද විමර්ශනයේ අංක 17 සහ 18 යටතේ මෙසේ සඳහන් වේ.

“ 17. H1N1 ඉන්ෆ්ලුවන්සා සම්බන්ධව මහජනතාවට අදාළ තීරණ ගැනීමේ දී ඖෂධ සමාගම්වල නියෝජිතයන් විසින් සෘජුවම බලපෑම් කිරීමට ඇති හැකියාව දැනට පවත්නා මතභේදාත්මක කරුණු අතර වඩාත් කේන්ද්‍රීය ප්‍රශ්නවලින් එකක් ලෙස මෙම වාර්තාකරුගේ අවධානයට යොමුව ඇත. මෙහිදී මතුව ඇති තවත් ප්‍රශ්නයක් නම් ඔවුන්ගේ සමහර ප්‍රකාශන මහජන සෞඛ්‍යට අදාළ නිර්දේශ ලෙස කිසිදු විද්‍යාත්මක සාක්ෂියකින් තොරව ක්‍රියාත්මක කරමින් පවතින්නේද යන්නය. උදාහරණයක් ලෙස (ද්විත්ව එන්නත් කරණය සැළකිය හැකිය.) නීති විරෝධී බලපෑම් ඖෂධ සමාගම් විසින් සිදුකරමින් සිටින බවට විවිධ සාධක ගණනාවක් හේතුවෙන් සැකයක් නිර්මාණයවී තිබේ. එනම් විශේෂයෙන්ම මෙම ඉන්ෆ්ලුවන්සාව වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් සහ ඖෂධ සමාගම් අතර එන්නත් ඇණවුම් කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබන ලද ආරම්භක කාලයේදීත්, දැනට ඖෂධ සමාගම් විසින් ලාභ ලබමින් සිටින ක්‍රියාදාමය තුළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක කණ්ඩායම් නියෝජනය කරන වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් විසින් අයථා ප්‍රතිලාභ ලැබීමේ ඉඩ ප්‍රස්ථාවන් පිළිබඳ ගැටළු මතු වී තිබේ.”

“18. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යා විශේෂඥයන් ඇතුළු උපදේශක කමිටු නිශ්චිතවම අයථා ප්‍රතිලාභ ලැබීමේ ඉඩ ප්‍රස්ථාවන් පිළිබඳ අවදානමට නිරාවරණය වී තිබේ. මෙම ව්‍යුහයන් අතර එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා උපාය මාර්ගික මට්ටමින් උපදෙස් ලබා දෙන මූලික ව්‍යුහය වන උපාය මාර්ගික විශේෂඥ උපදේශක කණ්ඩායමද (Strategic Advisory Group of Experts -SAGE) , 2007 සිට බලාත්මක කෙරී ඇති ප්‍රතිසංශෝධිත ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (International Health Regulations -IHR) විසින් සැපයෙන නීතිමය ප්‍රතිපාදන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ට උපදෙස් ලබා දෙන හදිසි අවස්ථා කමිටුව( Emergency Committee) ද වේ. ජාත්‍යන්තර වශයෙන් බලපාන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කිරීම, H1N1 වැනි ඉන්ෆ්ලුවන්සා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධව වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ එහි ඒ ඒ අවධි තීරණය කිරීම ආදිය මෙම හදිසි අවස්ථා කමිටුවේ කාර්ය භාරය වේ.”

(Rapporteur: Paul FLYNN,Memorandum:The handling of the H1N1 pandemic: more transparency needed, Social, Health and Family Affairs Committee, AS/Soc (2010) 12 ,23 March 2010)

ඖෂධ සමාගම්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතින්ගේ සංවිධාන අතර පැවැති හමුව

බැංකි මූන් සහ මාගරට් චෑන්

2009 මැයි 19 වැනි දින පැවැති ඉහත සඳහන් හමුවේ ප්‍රධානතම ඉලක්කය වූයේ ඖෂධ සමාගම් විසින් නිෂ්පාදනය කරමින් සිටින එන්නත් සහ ප්‍රති වෛරස් ඖෂධ තොග ඒ ඒ රටවලට අලෙවි කළ හැකි යාන්ත්‍රණයක් සැලසුම් කිරීමය. මෙහිදී එක්සත් ජාතින්ගේ සංවිධානය මෙයට හවුල්කරවාගැනීම මගින් එහි අධිකාරය භාවිතා කරමින් එන්නත් මිලදී ගැනීම එක්සත් ජාතින්ගේ සංවිධානයේ සියළු සාමාජික රටවල නීත්‍යානුකූල වගකීමක් බවට ඇඟවීම මෙම හමුවේ එක් අරමුණක් විය. ” ඌරු උණ” නම් විශේෂ නමකින් හඳුන්වන ලද නමුත් එම ආසාදනය ද සාමාන්‍ය වාර්ෂික ඉන්ෆ්ලුවන්සා රෝගයට සමාන එකක්ය යන කරුණ ද එයින් ආසාදනය වන්නන්ගෙන් අති විශාල බහුතරය කිසිදු ප්‍රතිකාරයකින් තොරවම දින කීපයකින් සුව වේය යන කරුණද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ද නොතකා හැර තිබේ ඔවුන් විසින් සියලු රටවලට එන්නත් අලෙවි කිරීමට සැලසුම් කරන ලද්දේ සැබෑ ලෙසම ඒවායේ අවශ්‍යතාවක් පවතීද යන ගැටළුව මුළුමණින්ම නොතකා හරිමිනි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බැන් කි මූන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාගරට් චෑන් ද ඖෂධ සමාගම්වල එන්නත් නිෂ්පාදනයෙහිලා දක්වන කැපකිරීමද ඒවා තුන්වන ලෝකයේ දුප්පත් රටවලට බෙදා හැරීම සඳහා එම සමාගම් විසින් දක්වා ඇති සානුකම්පිත උනන්දුවද ඇගයීමට ලක් කර තිබේ. නමුත් ඔවුන් සියලු දෙනා එක්ව සැලසුම් කරන ලද්දේ මේ දුප්පත් රටවල සෞඛ්‍ය සහ සමාජ සුබසාදනය සඳහා වෙන් කිරීමට ඉතුරුව තිබූ ඉතා සීමිත මූල්‍ය සම්පත් පවා සූරා කෑම සඳහා අනවශ්‍ය, අකාර්යක්ෂ්ම සහ අනතුරු දායක එන්නත් ඔවුන්ගේ ඇඟේ ගැසීමය. හමුව අවසානයේදී මාගරට් චෑන් සහ බැං කි මූන් ඒකාබද්ධ පුවත් සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී බැංකි මූන් මෙසේ පවසා ඇත.

” …ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගිතාව පවත්වාගෙන යමින් නව ඉන්ෆ්ලුවන්සා එන්නත් සඳහා සංවර්ධිත රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් නිෂ්පාදකයන් දරන ලද ප්‍රයත්නයන් සාදරයෙන් පිළිගනිමු. පර්යේෂණ, සංවර්ධන කටයුතු සහ තාක්ෂණික හුවමාරුව දැනටමත් සිදුවෙමින් පැවතීම මම අගය කරමි. දුප්පත් ප්‍රජාවන්ට සහ රටවලට එන්නත් ලබාගැනීමට ඇති අවස්ථාවන් වර්ධනය කරන ලෙස මම සමාගම්, ආණ්ඩු සහ අනෙකුත් හවුල්කරුවන් වෙතින් ඉල්ලා සිටිමි.”
(19 May 2009- Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan)

මෙහිදී බෑන් කි මූන් විසින් ” වර්ධනය කිරීමට ඉල්ලා සිටින අවස්ථාවන් ” යනු ඖෂධ සමාගම් හා ආණ්ඩු අතර වහාම එන්නත් තොග ඇණවුම් කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කිරීමය.
එම මාධ්‍ය සාකච්ඡාවේදී දී මාගරට් චෑන් විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් සහ ඖෂධ සමාගම්වල ප්‍රධානින් අතර පැවැත්වුණ හමුව ගැන මෙසේ ප්‍රකාශ කළාය.

“… එමෙන්ම මහලේකම්තුමනි, ඔබගේ සදාචාරමය අධිකාරය, ඔබගේ දේශපාලන බලපෑම, මානව, මූල්‍ය සහ කාර්මික ආදි සම්පත් යොදාගැනීම සඳහා ඔබ තුළ ඇති කුසලතාව නව H1N1 ඉන්ෆ්ලුවන්සා වෛරසයේ නොවැළැක්විය හැකි තර්ජනයකට අප මුහුණ දෙමින් සිටින මේ මොහොත තුළ ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අතිශයින්ම වැදගත් කමක් දරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ දුප්පත් ජාතින් ඔවුන් ජීවත්වන කලාපය නිසා හෝ වැදගත්කමක් නොමැතියැයි සැළකෙන නිසා හෝ අත්නොහැර ඔවුන්ට උදවුකිරීම සඳහා ගෝලීය ප්‍රජාව සමග එක්ව කටයුතු කිරීම ධෛර්යමත් කිරීම සඳහා එන්නත් නිෂ්පාදනය කරන ඖෂධ සමාගම්වල ප්‍රධානින් සහ ප්‍රධාන විධායක නිලධාරින් සමග ඔබ විසින් පවත්වන ලද හමුව අපි මහත් සේ අගය කරමු. අපි ඔබ සමග , ජාත්‍යන්තර ප්‍රජාව සමග එමෙන්ම එන්නත් නිපදවන සමාගම් සමග කටයුතු කිරීමට ඉතා සතුටින් අපේක්ෂා කරමු.”
(19 May 2009- Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාගරට් චෑන් මෙහිදී ක්‍රියාත්මකවී ඇත්තේ ඖෂධ සමාගම්වල අලෙවි නියෝජිත වරියක ලෙසය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ ඖෂධ සමාගම්වල ප්‍රධානින් අතර හමුව මාගරට් චෑන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජීනිවා මූලස්ථානය තුළ සංවිධානය කරන ලද්දේ එමගින් මෙම ඌරු උණ වසංගත ආඛ්‍යානයට පුළුල් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීම සඳහාත් එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝකයේ ආණ්ඩු පෙළැඹවීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ අධිකාරය යොදාගැනීමත් අරමුණු කරගෙනය.

“නව H1N1 ඉන්ෆ්ලුවන්සා වෛරසයේ නොවැළැක්විය හැකි තර්ජනයකට අප මුහුණ දෙමින් සිටින මේ මොහොත ”
යනුවෙන් ඇය විසින් කතාව පවත්වන ලද අවස්ථාව වන විටත් ලෝකයේ බොහෝ රටවල මෙම ඊනියා ඌරු උණේ සැබෑ තත්ත්වය ලෝකයට නිරාවරණය වෙමින් පැවතිණි. එනම් එය ඉතාම අඩු අවදානමකින් යුතු සහ බරපතල රෝග ලක්ෂණ රහිත ඉන්ෆ්ලුවන්සා වෛරස් උණක් බව බොහෝ රටවල් පිළිගනිමින් තිබිණි. මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ද එය විසින් ඌරු උණෙන් මරණයට පත් වූ යැයි ආරම්භයේදී දක්වන ලද සංඛ්‍යාව 140 සිට 7 දක්වා පසුව අඩු කරන ලද්දේ පරීක්ෂණාත්මක වැරදි සිදුව ඇතැයි කියමිනි. ජපානය සහ චීනය සහ තවත් රටවල් කිීපයක් ගෝලීය වසංගත අවධි 6 තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස මාගරට් චෑන් වෙතින් ඉල්ලා සිටියේ ඒ නිසාය. නමුත් ඒ වනවිටත් මාගරට් චෑන් සහ ඖෂධ සමාගම් විසින් සිය ඌරු උණ වසංගත ආඛ්‍යානය තවදුරටත් පෙරට ගෙන යාම සඳහා අවශ්‍ය තත්ත්වය පියවරෙන් පියවර ගොඩ නගමින් සිටියහ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙයට සම්බන්ධ කරගත්තේ ඉහත දක්වන ලද පරිදි යම් යම් රටවලින් මතු වූ විරෝධතාවන් සමනය කරගනු සඳහාය.

“…සත්තකින්ම ලෝකයේ ඉන්ෆ්ලුවන්සා එන්නත් නිපද වීමේ හැකියාව පසුගිය වසර කීපය තුළ විශාල වශයෙන් වර්ධනය වී තිබේ. එය සිදුව ඇත්තේ ඖෂධ සමාගම්වල උත්සාහයන්ටත් ආණ්ඩු විසින් සිදු කරන ලද ආයෝජනයන්ටත් ස්තූති වන්නටය. එය සිදු වූයේ H5N1 (කුරුළු උණ) වසංගතයට සුදානම්වීමේ සැලසුමේ කොටසක් ලෙසය. පැහැදිලිවම අපි එම ක්‍රියාමාර්ගවල අස්වැන්නෙන් කොටසක් නෙළා ගනිමින් සිටිමු. මේ මොහොත තුළ වාර්ෂික ත්‍රිවිධ ඉන්ෆ්ලුවන්සා සඳහා වන එන්නත් වල උපරිම නිෂ්පාදන ධාරිතාව එන්නත් මාත්‍රා මිලියන 900ක් පමණ වේ.”(19 May 2009- Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan)

“…ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයේ 6 වැනි අවධිය ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන්නේ කුමන මොහොතකදීදැයි දැන ගැනීමට ඔබ සැමදෙන ඉතා උනන්දුවෙන් බලා සිටින බව මම දනිමි. පසුගිය ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතැම් සාමාජික රටවල් විසින් මෙම ප්‍රශ්නය පිළිබඳ මතුකරන ලද අදහස් ඔබ හා බෙදාගැනීමට මම අදහස් කරමි. “ඉන්ෆ්ලුවන්සා වසංගතය සඳහා සුදානම්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම ” (Influenza Pandemic Preparedness and Response Plan) නම් ලියැවිල්ලේ සඳහන් වන වසංගතයේ අවධි වෙනස් වීම් පිළිබඳ නිර්වචනය මතක තබාගැනීම අපට ඉතා වැදගත් වනු ඇතැයි මම සිතමි. මෙම සැලසුම සකස් කළේ H5N1 (කුරුළු උණ) වසංගතය සඳහාය.”
(19 May 2009- Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan)

සැබැවින්ම ලෝකයේ බොහෝ රටවල් වලට දැනගැනීමට අවශ්‍යව තිබුණේ මාගරට් චෑන් විසින් මෙහි ලා පවසන පරිදි වසංගත අවධි 6 තත්ත්වය ප්‍රකාශයට පත් කරන මොහොත කුමක්ද යන්න ගැන නොව එම තත්ත්වය ප්‍රකාශ කරන්නේ කුමන සාක්ෂි මත පදනම්වද යන්න ගැනය. එම වසරේ ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී ද ඇතැම් රටවල් මෙම ප්‍රශ්නය මතු කළ බව ඇයි විසින් පිළිගෙන තිබේ. එහෙත් මෙවැනි බරපතල නොවන උණ රෝගයක් ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම ආක්‍රමණකාරි ලෙසත් අධිපතිවාදි ලෙසත් කටයුතු කිරීම ලෝකයේ බොහෝ රටවල් විසින් මතුකරන ලද විරෝධතාවන්ට පිළිතුරු ලෙස ඇය උත්සාහ දරන ලද්දේ තමන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පිළිබඳ මාර්ගෝපදේශන ලේඛනය පිළිපැදීම පමණක් බවයි. ඇය මෙහිලා සඳහන් කරන්නේ “ඉන්ෆ්ලුවන්සා වසංගතය සඳහා සුදානම්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම ” නම් ලේඛනයයි. මෙම ලේඛනය සකස් කළ උපදේශක කමිටුවේ සාමාජිකයන්ගේ අනන්‍යතාව හෝ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කොට නැති අතර එම කමිටුවේ බොහෝ දෙනෙකු ඖෂධ සමාගම්වලින් දීමනා සහ මූල්‍යාධාර ලබන්නන් බව පසුව හෙළි වී තිබිණි. එම මාර්ගෝපදේශන ලේඛනය සකස් කොට තිබුණේද මාගරට් චෑන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය දරන කාලය තුලදීමය.
මෙම සැලසුම සකස් කරන ලද්දේ H5N1 (කුරුළු උණ) වෙනුවෙන් බව ඇය පවසයි. ඇගේ මෙම පුවත් සාකච්ඡාවේදී ඇය විසින් කුරුළු උණ ගැන පවසන ලද කරුණක් වූයේ එම රෝගය වැළඳුණ 100 දෙනෙකුගෙන් 40- 60 අතර ප්‍රමාණයක් මරණයට පත් වූ බවයි. එමෙන් එය ඉතා භයානක රෝගයක් බවද ඇය පවසා තිබේ.
එසේ නම් එවැනි භයානක වසංගතයක් පාලනය කිරීම සඳහා සකස් කරන ලද සැලසුමක් ආසන්න වශයෙන්වත් එයට සමාන නොවන සහ බරපතල නොවන රෝගයක් වසංගතයක් ලෙස නම් කිරීමටත් එම වසංගත පාලන කිරීමේ උපක්‍රම ලෙස එන්නත් භාවිතය ලෝකයට නිර්දේශ කිරීමටත් යොදාගැනීම සාධාරණීකරණය කළ හැක්කේ කෙසේද?

“…නමුත් අප දැන් මුහුණ දෙමින් සිටින H1N1 ඉන්ෆ්ලුවන්සා (ඌරු උණ ) වෛරසය විසින් පෙන්නුම් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් සායනික චිත්‍රයකි. මෙක්සිකෝවෙන් පිටතදි අප දකින්නේ අවදානමෙන් ඉතාම අඩු ඉතා සීමාකාරි රෝගයකි. අපට බරපතල රෝග දැකීමට අවශ්‍ය නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් විසින් අප වෙත ඉදිරිපත් කරන ලද අනෙක් ඉල්ලීම වසංගත අවධි 6 ප්‍රකාශයට පත් කිරීමට පෙර පවත්නා තත්ත්වය නැවත සැළකීමට ගන්නා ලෙසත් ප්‍රතිඇගයීමකට ලක් කරන ලෙසත්ය. මම ඔබ වෙත අවංක විය යුතුය( I need to be honest with you). නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා පසුගිය සති කීපය තුළ ඔබ ඉතාම යහපත් හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ බව මම දනිමි.”
(19 May 2009- Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan)

පහත සඳහන් ඡේදයේදී ඇයටම ඒ තත්ත්වය පිළිගැනීමට සිදු වී ඇති බව ඔබට පෙනී යනු ඇත. මෙහි දී ඇය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයාද තමන් අසලින් වාඩි කරවාගෙන ප්‍රශ්න මතු කළ රටවල් ” සුරතල්” කිරීමට වෑයම් දරයි. යමෙකු තමන්ගේම අවංක බව ගැන අවධාරණය කරන්නේ නම් ඔබ වටහාගත යුත්තේ ඔහු හෝ ඇය ඔබ වෙත තඩි බොරුවක් කරමින් සිටින බව හෝ කිරීමට සැරසෙන බවය. I need to be honest with you යනුවෙන් මාගරට් චෑන් පවසන විට ඔබ තේරුම් ගත යුත්තේ එයයි.

…ඉන්ෆ්ලුවන්සා වසංගතය සඳහා සුදානම්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම නම් ලේඛනයට අනුව අපගේ සැළකීමට ලක්වන්නේ භූගොලීයව වෛරසය පැතිරෙන ආකාරය ගැන පමණි. ලෝකයේ බොහෝ දෙනාගේ විසින් සිය අවධානය සහ සැළකිල්ල යොමු කර ඇති මානයන් වන රෝගයේ බරපතල කම හෝ මාරාන්තික ස්වභාවය හෝ රෝගය විසින් වෙනත් ජනකණ්ඩායම් තුළ මරණ ඇති කරනවාද නැද්ද යන අනෙකුත් මානයන් සැළකිල්ලට ගත්තේ නැත.”
(19 May 2009- Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් ඖෂධ සමාගම්වල අනුග්‍රහය සහිතව මුළු ලෝකය පුරාම පවත්වාගෙන යන ඌරු උණ වසංගත භීෂණය පදනම්ව ඇත්තේ රෝගය හේතුවෙන් මරණයට පත්වන පුද්ගල සංඛ්‍යාව අනුව හෝ එහි බරපතල කම අනුව නොව ලෝකයේ විවිධ රටවල එය පැතිරෙන ආකාරය අනුව බව මාගරට් චෑන් මෙහිදි පිළි ගනියි. ඔවුහු 2009 මැයි 04 වැනි දින වසංගත රෝගයක් නිර්වචනය කිරීමේදී එහි බරපතලකම සහ එහි මාරාන්තික බව යන සාධකය කුමන්ත්‍රණකාරි ලෙස ඉවත් කලේ මෙම අවශ්‍යතාව ඉටු කරගැනීම සඳහාය. එනම් සාමාන්‍ය වෛරස් උණ පවා වසංගත ලෙස නම් කරමින් ඖෂධ සමාගම්වල එන්නත් මාත්‍රා බිලියන ගණන් ලෝකය පුරා අලෙවි කිරීමට අවස්ථාව සලසා දීම සඳහාය.
නව වසංගතයක් පැතිරෙන්නේ යැයි පවසන විට බොහෝ දෙනා අවධානය යොමු කරන පළමු සාධකය එය කොතරම් බරපතල රෝගයක්ද එය කොතෙක් දුරට මාරාන්තික වේද යන්නයි. එහෙත් මාගරට් චෑන් ප්‍රමුඛ කල්ලිය එම සාධකය ඉවත දමා ඉන්ෆ්ලුවන්සා වෛරස් ආසාදනයක් ඌරු උණ ලෙස අලුතෙන් නම් කරමින් වසංගත භීතිකාවක් පතුරුවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයේ 6 වැනි අවධිය ප්‍රකාශයට පත් කිරීම මගින් ඖෂධ සමාගම් සහ ලෝකයේ සියලුම ආණ්ඩු අතර ඇති කරගන්නා ලද ගිවිසුම් සක්‍රිය කරවීම

රෝෂ් සමාගමේ ටැමිෆ්ලු ප්‍රති වෛරස් බෙහෙත් කරලක්

මේ සියල්ලේ අවසන් අරමුණ මනුෂ්‍ය වර්ගයාගෙන් විශාල කොටසකට ඉන්ෆ්ලුවන්සා එන්නත විකිණීමක් හැරෙන්නට වෙන යමක් නොවීය. සියල්ල තීරණය වූයේ අවධි 6 ප්‍රකාශයට පත්කිරීමේ තීරණය මතය. එම තීරණය යනු එන්නත් නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීම තුළ ඖෂධ සමාගම්වලට කිසිදු අවදානමක් හෝ අලාභයක් දැරීමට සිදු නොවන බවට දෙන ලද සඥාවක් බඳු විය. මක් නිසාද යත් බොහෝ වසංගත එන්නත් සඳහා කොන්ත්‍රාත් ගිවිසුම් අදාල ආණ්ඩු සහ ඖෂධ සමාගම් අතර අත්සන් තබා ඒ වනවිටත් බොහෝ කල් ගතවී තිබූ බැවිනි.
මෙම ගිවිසුම අනුව සිදු වන්නේ මෙයයි.
අදාළ සමාගම් සහ රාජ්‍යයක් අතර අනාගතයේදී උද්ගත වියහැකි වසංගත තත්ත්වයකදී අදාළ එන්නත් සැපයීම සම්බන්ධව එකඟතාවක් ඇති කර ගනී. එම එකඟතාවට අනුව සැපයිය යුතු එන්නත් මාත්‍රා ප්‍රමාණය අදාළ රජය විසින් දැනුම් දෙනු ලබයි.
නමුත් සමාගම පැත්තෙන් ක්‍රියාත්මක විය යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්ත්වයක් එනම් අවධි 6 ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධි 6 ප්‍රකාශ කිරීමත් සමගම ආණ්ඩු සහ ඖෂධ සමාගම් අතර අත්සන් තබන ලද ගිවිසුම බලාත්මක වේ.
එවිට ඒ ඒ ආණ්ඩු විසින් තමන් විසින් කලින් ඇණවුම් කරන ලද එන්නත් මාත්‍රා සංඛ්‍යාවට අදාළ මුදල් අදාළ ඖෂධ සමාගම්වලට ගෙවිය යුතුය.
නිදසුනක් ලෙස ජර්මනිය විසින් බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් වන ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GlaxoSmithKline – GSK)සමාගම සමග ගිවිසුමක් 2007 දී අත්සන් තබන ලදි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත අවධි 6 ප්‍රකාශ කළ විගස ජර්මනිය තමන් ඇණවුම් කළ ප්‍රමාණයට ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් වෙත මුදල් ගෙවිය යුතුය.
යම් රටකට විශේෂයෙන්ම ලෝකයේ දුප්පත් රටකට ඖෂධ සමාගම් සඳහා ක්ෂණිකව ගෙවීමට මුදල් නොමැති නම් ඒ සඳහා ණය පහසුකම් සලසා දීමට බිල් ගේට්ස් විසින් මෙහෙයවන GAVI පදනම සහ ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආදි ආයතන මැදිහත් වී ණය පහසුකම් සලසනු ලබයි. කිසිදු රටකට එකදු එන්නතක් නොමිලේ සැපයෙන්නේ නැත.

රෝයි ඇන්ඩර්සන්

බ්‍රිතාන්‍ය රජයේ ඉහළම විද්‍යා උපදේශකයෙකු වන මහාචාර්ය රෝයි ඇන්ඩර්සන් (Roy Anderson) විසින් 2009 මැයි 01 තරම් කලින් දිනෙක ඌරු උණ වසංගත තත්ත්වයක් ප්‍රකාශ කරන ලද්දේ මක් නිසාද යන්න මේ අනුව පැහැදිලි කරගත හැකිය. ඔහු විසින් සඟවන ලද එක් දෙයක් නම් ඔහු වසරකට යුරෝ 130,000ක් ග්ලැක්සෝස්මිත් ක්ලයින් වෙතින් ඒ වනවිටත් ලබමින් සිටි බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමගම ඖෂධ සමාගම් සහ ලෝකයේ විවිධ රටවල ආණ්ඩු අතර අත්සන් තබා ඇති එන්නත් ඇණවුම් සඳහා වූ ගිවිසුම් සක්‍රිිය වන ආකාරය ගැන පෝල් ෆ්ලින් විමර්ශන වාර්තාවේ අංක 20 යටතේ මෙසේ සඳහන් වේ

“20. අයථා බලපෑම් පිළිබඳ සැකය පෝෂණය කිරීමට හේතු වූ අනෙක් සාධකය නම් වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීම හා සම්බන්ධව දියත් වුණ එන්නත්කරණ ව්‍යාපාරය මගින් මගින් ලාභ ලැබීමට ඖෂධ සමාගම් තුළ පැවැති අවශ්‍යතාවයයි. මෙම අවශ්‍යතාවය මතුව ඇත්තේ නව ඉන්ෆ්ලුවන්සා වසංගතයක් පැන නැගුනහොත් ඒ ඒ රටවලට අවශ්‍ය එන්නත් සැපයීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙළැඹවීම මත එහි සාමාජික රටවල් සහ ඖෂධ සමාගම්අතර මෑත කාලයේ අත්සන් කරන ලද එන්නත් ඇණවුම් කිරිමේ ගිවිසුම් හේතුවෙනි. (සමහර රටවල් විසින් මේ ගිවිසුම් අත්සන් කර ඇත්තේ 2006-2007 කාලයේ පැවැති කුරුළු උණ භීෂණයට පසුවය) යුරෝපා සංගමයේ විවිධ රටවල් විශාල ඖෂධ සමාගම් සමග මේ යටතේ “ සුප්ත හෙවත් අක්‍රිය ගිවිසුම් ” අත්සන් තබන ලදි. මෙම ගිවිසුම් සක්‍රිය වීම සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ පසුවය. එවිටඅදාළ සමාජික රටවල් විසින් වහාම තමන් කලින් ගිවිසුම අත්සන් කරන ලද අවස්ථාවේ භාර දුන් ඇණවුම් සඳහා මුදල් ගෙවිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීම සහ ඖෂධ සමාගම් විසින් අති විශාල ධනස්කන්ධයක් අයුක්ති සහගත ලෙස ඉපැයීම අතර සම්බන්ධතාව එයයි.”

(Rapporteur: Paul FLYNN,Memorandum:The handling of the H1N1 pandemic: more transparency needed, Social, Health and Family Affairs Committee, AS/Soc (2010) 12 ,23 March 2010)

2009 ජූනි මස මැද: ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගමේ ජර්මනියේ ප්‍රධානියා විසින් ජර්මන් මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමැති ඌලා ෂ්මිඩ්ට් වෙත ලිපියක් යවමින් “ගිවිසුම මගින් ලබාගැනීමට එකඟ වූ එන්නත් තොග ප්‍රමාණය පිළිබඳ වහාම නැවත සහතික කිරීමක් ” කරන ලෙස අනතුරු ඇඟවීය.එමෙන්ම ජර්මනියේ තූරින්ගන් පලාතේ සෞඛ්‍ය ඇමැති අමතමින් “පළාත් ආණ්ඩුව විසින් ගිවිසුම් ප්‍රකාරව එකඟ වී ඇති ඇණවුම් වහාම සහ එකඟවී ඇති පරිදි සහතික කරන ලෙස ” දන්වා සිටියේය. මෙයට සමාන ලිපි වෙනත් රටවලටද යවා තිබේ.

ජූලි 04 2009: හැරී පොටර් චිත්‍රපට මාලාවේ රොන් වීස්ලිගේ චරිතය රඟපාන රූපර්ට් ග්‍රින්ට් හට ඌරු උණ වැළඳි ඇතැයි වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ලද බව කියැවේ. ඔහු සිය අත්දැකීම ගැන මෙසේ පැවසීය. “මම මුලින්ම හිතුවේ මම මැරෙන්න තමා යන්නේ කියලා. ඒත් අන්තිමේදී මට තිබුනේ සුළු උගුරේ අමාරුවක් පමණයි. “

ජූලි 14 2009: මේ වනවිට නිල වශයෙන් ජර්මනිය තුළ ඌරු උණ ආසාදිතයන් 727ක් බව වාර්තා විය. නමුත් කිසිවෙකු මෙම රෝගයෙන් මරණයට පත් වූ බවට වාර්තා වී නැත.

2009 අගෝස්තු:ඕස්ට්‍රේලියාවේ වාර්ෂික සෙම්ප්‍රතිෂ්‍යා උණ සෘතුව නිමා වූ බව එරට විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි. මෙහි කිසිදු එන්නතක් භාවිත නොකරන ලද නමුත් මෙම වසංගතයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 190ක් විය. එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ සෘතුවේදී වාර්ෂිකව මිය යන ප්‍රමාණයටද වඩා අඩු සංඛ්‍යාවකි.

2009 අගොස්තු 29: ස්පීගල් සඟරාව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ජර්මන් ජනතාව අතරින් ඌරු උණ එන්නත් ලබාගැනීම සඳහා කැමැත්ත පළ වී ඇත්තේ 13% ක් පමණි.

ජර්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ සමාගම් අතර ආතතිය

ඌලා ෂ්මිඩ්ට්

බර්ලිනයේ මෝහ්රන් විදීයේ විශේෂ රැස්වීමක් පැවැත් විණි. පළාත් ආණ්ඩුවල සෞඛ්‍ය ඇමැතිවරුන් මෙම ස්ථානයට රැස්වෙමින් සිටියහ. මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණේ ඌරු උණ එන්නත් තව දුරටත් ඇණවුම් කළ යුතුද යන්නය. බර්ලිනයේ මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්මෙනි තිබුන බව එහි සිටි සියළු දෙනාම දැන සිටියහ.

විසින් සිය කතාව මගින් එය හොඳටම ඇඟවූවාය. ” මට අවශ්‍ය එන්නත ගැනීමට අදහස් කරන සියලු දෙනාටම ඒ සඳහා අවස්ථාව සැලසීමටයි.. මම අපේක්ෂා කරනවා රටවල් විසින් තමන්ගේ වගකීම් වලට මුහුණ දිය යුතුයි කියා.” තමන් විසින් ජනතාවගෙන් යමක් සඟවමින් සිටින බව ඇඟවීමට ජර්මන් සෞඛ්‍ය ඇමැතිවරියට කොහෙත්ම අවශ්‍ය නොවූ බව පැහැදිලිය.

ඩීට්රිච් වෙර්සිෂ්

” මධ්‍යම රජය විසින් අපිට උපරිම පීඩනයක් එල්ල කරා තව තවත් එන්නත් මිලදී ගන්නා ලෙස බලකරමින්” එසේ පවසන ලද්දේ හම්බර්ග් හි සෞඛ්‍ය කටයුතු පිළිබඳ සෙනේට්වරයා වූ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ (CDU) ඩීට්රිච් වෙර්සිෂ් (Dietrich Wersich) විසිනි. “අප සියළු දෙනාට පැහැදිලිව තිබූ දෙයක් තමයි ජර්මන් ජනතාව අතර එන්නත ලබාගැනීමට උනන්දුව දැක් වූ පිරිස ඉතා අඩු බව ” යි ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම සෞඛ්‍ය ඇමැති හමුවේදී විවාදයට ලක් වූ තවත් කරුණක් නම් ජර්මනිය පැන්ඩර්මික්ස් නම් වැරදි එන්නත මත රඳා පවතින්නේද යන්නයි. මෙම එන්නතේ නව වර්ගයේ සක්‍රිය ප්‍රවර්ධකයක් (active enhancer)නැතහොත් ආධාරක සංයෝගයක් (adjuvant) අන්තර්ගත වූ අතර මෙම සංයෝගය කිසිදු අවස්ථාවක මීට පෙර මෙතරම් විශාල පරිමාණයෙන් ඌරු උණ වෛරස් ප්‍රතිදේහ සමග මනුෂ්‍ය වර්ගයා මත අත්හදා බැලීම්වලට ලක් කර නැත.
ප්‍රමාණවත් ලෙස මෙම එන්නතේ සුරක්ෂිතතාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ පරීක්ෂණ සිදු නොකර ඇති තත්ත්වයක් තුළ එය යොදාගනිමින් මහා පරිමාණ සමූල එන්නත්කරණයක් සිදු වූයේ කෙලෙසකද?

වුල්ෆ්ගාන්ග් බෙකර්- බෘෘසර්

“මෙය ජර්මන් ජනතාව මත සිදු කළ මහා පරිමාණ පරීක්ෂණයක්. ” එසේ පවසන ලද්දේ වෛද්‍ය සඟරාවක් වන “ආර්ස්නෙයි-ටෙලිග්‍රාම්” (arznei-telegramm) හි සංස්කාරක වුල්ෆ්ගාන්ග් බෙකර්- බෘෘසර්(Wolfgang Becker-Brüser) විසිනි.

“සෛද්ධාන්තිකව ගත් කළ ආධාරක සංයෝග(adjuvant) නොමැති ඌරු උණ එන්නත් ජර්මනිය තුළ කෙටිකාලයකදී අනුමත කිරීමට හැකියාව තිබුණා.” යි පෝල් ඒර්ලිෂ් (PEI) ආයතනයේ ප්‍රධානියා වූ ලූවර් පැවසීය. නමුත් පැන්ඩර්මික්ස් සඳහා ජර්මන් රජය විසින් ගිවිසුම් අත්සන් කර තිබුනේ 2007 වසරේදීය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත අවධි 6 ප්‍රකාශ කළ වහාම ඒ ඇණවුම ස්වයංක්‍රීයවම බලාත්මක වේ. මෙහිදී ජර්මනියට අදාළ ඇණවුම සඳහා ග්ලැක්සෝස් ස්මිත් ක්ලයින් ඖෂධ සමාගමට මුදල් ගෙවීම හැර වෙනත් දෙයක් කිරීමට හැකියාවක් නැත. ඔවුහු මේ උගුලට හසුව තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිවරු නිෂේධනාත්මක ලෙස වාද කළහ. දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 50ක් ඇණවුම් කර තිබේ යැයි ඔවුහු පැවසූහ. ඒ සඳහා යුරෝ මිලියන 500ක් ගෙවීමට සිදුව තිබේ. තවදුරටත් මේ එන්නත් ඇණවුම් කිරීම අවශ්‍යද යන්න ඔවුන් හමුවේ මතු වූ පැනය විය.
සෞඛ්‍ය ඇමැතිවරුන් වෙත සෑම පැත්තකින්ම පීඩනය එල්ලවෙමින් පැවතිණි. එක් පැත්තකින් ජනමාධ්‍ය විසින් වෛරසය පිළිබඳ භීෂණය වපුරමින් තිබිණි. ජර්මනියේ ” බිල්ඩ්” (“රූපය” Bild) පුවත්පත විසින් දෛනිකව අලුත්වන බිහිසුණු පුවත් දෛනිකව පළ කරන ලදි. අනෙක් පැත්තෙන් ඖෂධ සමාගම් විසින් අවසන් දින නියම කරමින් නැවත නැවතත් පීඩනයක් එල්ල කරන ලදි.

එක් රැස් වූ පලාත් සෞඛ්‍ය ඇමැතිවරුන් විසින් සිහිපත් කළ වැදගත් කරුණක් නම් ” රෝෂ්”(Roche) නම් ඖෂධ සමාගම විසින් සිය ටැමිෆ්ලූ (Tamiflu)නම් උණ එන්නත මිලදී ගන්නා ලෙස සිදු කරන ලද බලපෑම් පිළිබඳවයි. (රෝෂ් යනු ස්විට්සර්ලන්තයේ බාස්ල්හි පිහිටි ලෝකයේ විශාලතම ඖෂධ සමාගම්වලින් එකකි. 2020 වසරේදී එය ලද ආදායම ස්විස් ෆ්‍රාන්ක් බිලියන 60ක් වූ අතර ලාබය ස්විස් ෆ්‍රාන්ක් බිලියන 15කි. )
තුරින්ගන් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අප්‍රේල් 30 වැනි දින සවස 3.28ට සෙසු ඇමැතිවරුන් වෙත ඊමේලයක් යවන ලදි.
එහි සිරස්තලය වූයේ ” ඉක්මන් කරන්න, රෝෂ් දීමනාව”- රෝෂ් සමාගම විසින් ඔවුන්ගේ ගබඩා තුළ තවමත් ටැමිෆ්ලූ පැකට් 180,000ක් පවතින බව අප වෙත දැනුම් දී ඇත. මේවා ප්‍රාන්ත ආණ්ඩු සඳහා අද හවස 4.30 දක්වා විවෘතව තබනු ඇත. ”
කෙසේ වුවද එම එන්නත් සඳහා කිසිදු හදිසි අවශ්‍යතාවක් නොතිබිණි.

” ඌරු උණ මගින් මරණ 80000ක් සිදු වෙතැයි අපේක්ෂා කෙරේ ”

හර්මාන් ෂුල්ට-සාසේ

රොබර්ට් කොක් ආයතනයේ (Robert Koch Institute – RKI) සහ පෝල් ඒර්ලිෂ් ආයතනයේ වසංගත නිරීක්ෂකයන් වෙතින්ද පලාත් සෞඛ්‍ය ඇමැතිවරුන්ට දැඩි පීඩනයක් එල්ල විය. “අපට ඔවුන්ගෙන් ඉතා කාලකණ්ණි සහගත ලෙස උපදෙස් ලැබුණා” යි බ්‍රේමන් ප්‍රාන්තයේ රාජ්‍ය උපදේශකයෙකු වූත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ(SPD) හර්මාන් ෂුල්ට-සාසේ (Hermann Schulte-Sasse) විසින් පවසන ලදි. “භීෂණය පැතිරීම වැළැක්වීම සඳහා මෙම ආයතන අපට කිසිදු සහායක් ලබා දුන්නේ නැහැ.” යි ඔහු වැඩි දුරටත් පැවසීය.

රොබර්ට් කොක් සහ පෝල් ඒර්ලිෂ් යන ආයතන දෙක දිගටම ඌරු උණ රෝගයේ බිහිසුණු බව හුවා දක්වන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඉලක්කම් ක්‍රීඩාවක නිරත වූහ. ඔවුන්ට අනුව ඌරු උණ මගින් මරණ 80000ක් සිදු වීමට නියමිතව තිබිණි. ඒ බව ප්‍රකාශ කරන ලද්දේ 2009 ජූනි මාසයේදීය. ” එමගින් අහිමි වන නිෂ්පාදන වටිනාකම යුරෝ බිලියන 15-45 දක්වා වනු ඇත” යනුවෙන්ද අනතුරු ඇඟවිණි.

ඌරු උණ සඳහා ලබා දෙන එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන බවට හෙළිදරවු කරමින් මෑතකදී සිදුවූ නව පර්යේෂණ පිළිබඳව තමන් දැනුවත් කිරීමට කිසිවක් සිදු නොකළේ යැයි මෙම රැස්වීමට සහභාගි වූ එක් අයෙකු විසින් සිය කෝපාවිෂ්ට විරෝධය පළ කරන ලදි. එය ඇත්ත නම් බොහෝ රටවලට විශාල මුදලක් ඉතිරි කරගත හැකිව තිබිණි. මක් නිසාද යත් එවිට දැනට ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා මිලියන 50න් එවිට මිලියන 50ක ජනතාවක් සඳහා ලබාදිය හැකි වනු අතර දැන් එය මාත්‍රා දෙකක් ලබාදීම නිසා ප්‍රමාණවත් වන්නේ මිලියන 25කට පමණක් බැවිනි. ඒ හේතුවෙන් අතිරේක ඇණවුම් සිදු කෙරෙන තත්ත්වයක් දැන් මතුව තිබේයැයි එහි දී තර්ක කෙරිණි.

යූග් හාකර්

මෙම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් රොබර්ට් කොක් ආයතනයේ ප්‍රධානියා වූ යූග් හාකර් (Jörg Hacker) මෙසේ පැවසීය.
“මෙම සාම්පල ඉතා කුඩා ඒවායි. ඉතාම කුඩා ඒවා ”
හාකර් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට එතරම් කැමැත්තක් පෙන්වූයේ නැත. ඔහු විද්‍යාඥයෙකු මිස දේශපාලනඥයෙකු නොවේ.

කෙසේ වුවද නැවතත් අවධානය යොමු කළ යුතුව ඇත්තේ මෙතරම් හානිදායක බවකින් අඩු වෛරස් උණක් සඳහා මෙම පරීක්ෂණාත්මක මට්ටමේ පවතින එන්නත් වලින් එක් මාත්‍රාවක් හෝ ගැනීමේ  අවශ්‍යතාවක් තිබිණි ද යන්නය. ” පේෂන්ට් සීරෝ”  හෙවත් මෙම රෝගය වැළඳුණ පළමු රෝගියාද දින 4 ක් තුළ පූර්ණ සුවය ලද බව ඉහතදී සඳහන් කළෙමු.
අනෙක් අතට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් නම් එයින් අදහස් වන්නේ එන්නත් විශාල ප්‍රමාණයක් ඉතිරිකරගත හැකිව තිබූ බව පමණක් නොවේ. එය මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමට ජනතාව සතුව ශක්තිමත් ස්වාභාවික ප්‍රතිශක්තියක් ද පැවැති බවත් මෙම වෛරසයෙන් එල්ලවන තර්ජනය පිළිබඳ අතිශයෝක්ති සහගත ප්‍රචාර මගින් පෙන්වන ලද මට්ටමට වඩා බෙහෙවින් අවම මට්ටමක පැවැති බවත්ය.

නමුත් මෙම සත්‍යය කිසිවෙකු විසින් ග්‍රහණය කර ගත් බව නොපෙනිණි. අවසානයේදී පළාත් සෞඛ්‍ය ඇමැතිවරුන් පසුබට වෙමින් වුව ද තවත් එන්නත් මාත්‍රා මිලියන 18ක් ” නොවාටිස්” (Novartis) සමාගමෙන් මිලදී ගැනීමට තීරණය කරන ලදි.

2009 ඔක්තෝබර් 9: ජර්මන් වෛද්‍ය වෘත්තිකයන්ගේ ඖෂධ කොමිසමේ සභාපති වුල්ෆ්-ඩීටර් ලුද්විග් විසින් ” මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ඖෂධ සමාගම් විසින් බොරු තර්ජනයක් මවාපාමින් ගෙන යන ලද ව්‍යාපාරයකට සෞඛ්‍ය බලධාරින් මුළුමණින්ම යටත් වුනා ” යි පවසන ලදි.

2009 ඔක්තොබර් 21: “බිල්ඩ්”(BILD) පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ “ඌරු උණ පිළිබඳ මහාචාර්ය විසින් ජර්මනිය තුළ මරණ 35000ක් සිදුවනු ඇතැයි බිය පළකරයි ” යනුවෙනි. මෙම මහාචාර්යවරයාගේ නම ඇඩොල්ෆ් වින්ඩෝෆර් (Adolf Windorfer) විය. මේ පිළිබඳව ඔහුගෙන් විමසන ලද විට ඔහු මේ සඳහා තමන් ග්ලැක්සෝ ස්මිත් ක්ලයින්, නොවාර්ටිස් සහ අනෙකුත් ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගත් බව පිළිගත්තේය. මෙම “සිරස්තලය “ට යාබදව පළ කර තිබුණේ පර්යේෂණ මත පදනම් වූ ඖෂධ නිෂ්පාදක සම්මේලනයේ (Association of Research-Based Drug Manufacturers) වෙළඳ දැන්වීමකි.

2009 නොවැම්බර් 28: ජර්මනිය විසින් ඌරු උණ වසංගතය අවසන් වී ඇතැයි ප්‍රකාශ කරන ලදි.

2010 ජනවාරි 07: රොබර්ට් කොක් ආයතනයේ සභාපති හාකර් විසින් ඉන්ෆ්ලුවන්සා රෝගයේ නව රැල්ලක් පිළිබඳව අනතුරු අඟවන ලදි. ” එන්නත්වල අවශ්‍යතාව තවමත් පවතිනවා. වෛරසය තවමත් අප අතරයි.” යි ඔහු පැවසීය.

2010 ජනවාරි 26: ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වුල්ෆ්ගාන්ග් වොඩාර්ග් (Wolfgang Wodarg)ස්ට්‍රාස්බර්ග්හි යුරෝපීය කවුන්සිලය වෙත චෝදනා කරන ලද්දේ “කිසිදු හේතුවක් හෝ අවශ්‍යතාවයක් නොමැතිව මිලියන ගණන් ජනතාව එන්නත් කිරීම පිළිබඳවය. ” ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඌරු උණ වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම තුළ ඖෂධ සමාගම්වලට ඩොලර් බිලියන 18ක් උපයා ගැනීමට අවස්ථාව ලැබිණි. ටැමිෆ්ලු නම් ඉන්ෆලුවන්සා එන්නතේ වාර්ෂික අලෙවිය 435%කින් ඉහළ ගොස් ඇති අතර එය විසින් ඩොලර් බිලියන 2.2ක් උපයාගැනීමට සමත් වී තිබේ.

2010 මාර්තු 05: ජර්මනියේ ප්‍රාන්ත රාජ්‍ය විසින් සිය ඉතිරි පැන්ඩමික්ස් ඌරු උණ එන්නත ප්‍රමාණය පකිස්ථානයට අලෙවි කිරීමට කටයුතු කරන ලදි. ජර්මනියේ ජනතාව තවදුරටත් මෙම එන්නත ලබාගැනීම සඳහා කිසිදු උනන්දුවක් නොදක්වන ලදි.

ඌරු උණ භීෂණය ජනතාව දිගින් දිගටම බියපත් කිරීමට සමත් නොවීමත් එනිසාම එන්නත් ලබා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීමත් හේතුවෙන් ඖෂධ සමාගම්වලට තවදුරටත් මෙම වසංගත තත්ත්වය පවත්වාගෙන යාමට හැකියාවක් හෝ අවශ්‍යතාවක් නොවීය. ඔවුහු ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ද ඒ ඒ ආණ්ඩු වෙතද එල්ල කරන ලද පීඩනය ක්‍රමයෙන් ලිහිලි කරන ලදි. එයට හේතුවක් වූයේ මෙම වසංගත ආඛ්‍යානය පිළිබඳ විවිධ පාර්ශ්ව විසින් බරපතල හෙළිදරවුකිරීම් සිදු කරමින් ප්‍රති පීඩනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, ඒ ඒ රටවල ආණ්ඩුවලටත් කරනු ලැබීමය.

වුල්ෆ්ගාන්ග්වොඩාර්ග්

සැබැවින්ම මෙම “ඌරු උණ වසංගතය ” යනු කුමක්ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙකු වූත් ඖෂධ සමාගම් සඳහා ලොබි කරන්නෙකු වූත් ඔස්ටර්හවුස් විසින් වරෙක සඳහන් කර ඇති පරිදි එය හුදෙක් ” හදිසි අවස්ථාවන්ට සුදානම්වීම සඳහා හොඳ පුහුණුවීමක්” පමණක් වූයේද? ඕස්ට්‍රේලියාවේ බෝවෙන රෝග පිළිබඳ නිරීක්ෂකයෙකු වූ ජෝන් මැකෙන්සි විසින් සඳහන් කර ඇති පරිදි බලධාරින් විසින් සියලු දෙය නිවැරදිව සිදු කර තිබේද?

එයට පිළිතුර නිශ්චිතවම නැත යන්නයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ, රොබර්ට් කොක් ආයතනයේ හෝ පෝල් ඒර්ලිෂ් ආයතනයේ කිසිවෙකුට තමන් සිදු කරන ලද දේවල් සම්බන්ධව ආඩම්බර විය නොහැකිය. සැබැවින්ම එයට ප්‍රතිපක්ෂව ඔවුන් ලජ්ජා විය යුතුය. මෙම බලධාරින් විසින් මිල කළ නොහැකි ජනතා විශ්වාසය සමග සූදුවක් කෙළ තිබේ. ඔවුන් සිය කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව මෙයටත් වඩා පුළුල් සහ කෘෘර ලෙස ජනතාවන් මත පටවමින් වසර දෙකකට අධික කාලයක් තිස්සේ කරගෙන යාමට සමත්ව සිටිමට එක් හේතුවක් නම් ජනතාවගෙන් අති විශාල ප්‍රතිශතයක් ” ඌරු උණ වසංගත” ප්‍රෝඩාවේදී ඉහත ආයතන විසින් සිදු කරන ලද වංචාවන් නොදැන සිටි නිසාය. එහෙත් ඒ ගැන සවිඥානකව සිටි පිරිස් ඒ ගැන දැනුවත් කිරීම් අති විශාල කැපකිරීම් කරමින් ක්ෂණිකව ආරම්භ කිරීම නිසා එන්නත් නිපදවන ඖෂධ සමාගම් විසින් මෙවර දැඩි බලාත්කාරී ක්‍රම අනුගමනය කිරීම වෙත යොමු වූහ. දූෂිත දේශපාලන ආයතන සහ දේශපාලනඥයන් යොදාගනිමින් එන්නත් ගැනීම අනිවාර්ය කෙරෙන නීති සෘජුව සහ වක්‍රව පැනවීමට හේතුව ජනතාවගෙන් බොහෝ දෙනෙකු මෙම ඖෂධ සමාගම්වල කූට උපක්‍රම හඳුනාගෙන සිටි බැවිනි.

ඖෂධ ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණවලට එරෙහිව පෝලන්ත සෞඛ්‍ය ඇමැතිනියගේ හුදෙකලා සංග්‍රාමය

එවකට පෝලන්තයේ සෞඛ්‍ය ඇමැතිනියව සිටි ඊවා කොපැක්ස් (Ewa Kopacz) මෙම ඌරු උණ වසංගත ප්‍රෝඩාවට එරෙහිව කරන ලද අරගලය ඉතිහාසගත වී තිබේ. වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වූ ඇය ” ලිබරල් පුරවැසි වේදිකාව ” නම් පක්ෂයෙන් පෝලන්ත පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටියාය. ඖෂධ සමාගම්වලින් එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඇය පෝලන්තයේ සෞඛ්‍ය ඇමැතිනිය ලෙස සිය රටේ පුරවැසියන් වෙනුවෙන්ද, වෛද්‍යවරියක ලෙස සිය රෝගීන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටියාය.

” වෛද්‍යවරියක ලෙස මගේ ප්‍රධාන ප්‍රමුඛතාව හිමිව ඇත්තේ කිසිවෙකුටත් හානි නොකිරීම සඳහාය. පෝලන්තය යුරෝපයේ සෙසු ජනතාවන් වෙනුවෙන්ද නැගී සිටින්නේ ඒ නිසාය. අපි ඌරු උණට එරෙහි එන්නත් මිලදී නොගන්නෙමු.”
ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු නියෝජිතයන් ඖෂධ සමාගම්වල තර්ජන හෝ වරදාන හමුවේ සිය ස්ථාවරයන් පාවා දෙනවිට පෝලන්ත සෞඛ්‍ය ඇමැතිනිය සිය ස්ථාවරය නොසැලී ආරක්ෂා කළාය.
“මගේ වගකීම වන්නේ ඖෂධ සමාගම්වල අවශ්‍යතාවන් ඉටුකෙරෙන ගිවිසුමක් අත්සන් කිරීමද, නැතහොත් පෝලන්ත ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කෙරෙන ගිවිසුමක් අත්සන් කිරීමද? ” යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.

නමුත් එවකට පැවැති පෝලන්ත ආණ්ඩුව මුල සිටම මෙම ඌරු උණ වසංගතය පිළිබඳ ආඛ්‍යානය ගැන සැක කළ අතර ඔවුහු ඒ සඳහා එන්නත් මිලදී ගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළහ. ඔවුහු මෙම “ඌරු උණ වසංගතය” නැවැත්වීමට කිසිදු විශේෂිත උත්සාහයක් ගත්තේත් නැත. පෝලන්තයේ සිදු වූ මරණ සංඛ්‍යාව 150 කට ආසන්නය. එය ඊට පෙර වසරවල සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා සංකීර්ණතා හේතුවෙන් මියගිය රෝගී සංඛ්‍යාවට අඩුවැඩි වශයෙන් සමාන වේ. පෝලන්ත රජයේ මෙම තීරණයට බහුබහුතරයක් පෝලන්ත ජනතාවගේ අනුමැතිය සහ ආශීර්වාදය ලැබුණ බව ඒපී පුවත් සේවය විසින් වාර්තා කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත උපදේශක කමිටු සාමාජිකයන් සහ ඖෂධ සමාගම් අතර සම්බන්ධකම්

2009 ඌරු උණ වසංගතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දීමට පත් කරන ලද උපදේශක කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 5 දෙනෙකුම ඖෂධ සමාගම් සමග සම්බන්ධකම් පවත්වන ලද අය බව හෙලිදරවු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදු ව තිබේ. මෙම කමිටු සාමාජිකයන්ගේ ලැදියාවන් පිළිබඳ ගැටුම් (Conflicts of interest) පවතීදැයි මෙයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාගරට් චෑන්ගෙන් අසන ලද ප්‍රශ්න වලට ඇය විසින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබිනි. මෙම ඌරු උණ උපදේශක කමිටුව පත් කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයට සාමාජික මුදල් ගෙවන රටවල් විසින් නොව මාගරට් චෑන් විසිනි.

කෙසේ වුවද 2009 මාර්තුවේදී ආරම්භ වූවා යැයි කියන මෙම ඌරු උණ වසංගතය සම්බන්ධව කටයුතු කළ යුත්තේ කෙසේදැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දීම සඳහා පත් කරන ලද මේ කමිටුවේ සාමාජිකයන් 14 දෙනෙකු ගේ නම් හෙළිදරවු කිරීමට කටයුතු කර ලද්දේ 2010 අගෝස්තු වලදීය. වසංගතය පැවැති අවදියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම කමිටුවේ සාමාජිකයන්ගේ නම් අතරින් ප්‍රසිද්ධ කළ එකම නම ඕස්ට්‍රේලියාවේ බෝ වෙන රෝග පිළිබඳ නිරීක්ෂක ජෝන් මැකෙන්සිගෙ නම පමණකි.

මෙම උපදේශක කමිටුවට පුද්ගලයන් තෝරාගෙන තිබුණේ අෆ්‍රිකාව, ආසියාව, යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ උතුරු ඇමෙරිකාව ආදි කලාපයන් නියෝජනය වන පරිදිය. මොවුන්ගෙන් බොහොමයක් විද්‍යා පර්යේෂකයන් සහ වසංගතවේදීන් වෙති. මෙයට අමතරව සෙනෙගාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක්ද, චිලියේ සහ තායිලන්තයේ සෞඛ්‍ය නිලධාරින්ද, ජාත්‍යන්තර ගුවන් සංචාරක සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් දෙදෙනෙකුද මෙම කමිටුවට ඇතුළත් වූහ.
ලෝක සෞඛ්‍ය සංවිධානය H1N1 ඉන්ෆ්ලුවන්සාව හෙවත් ඌරු උණ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ඖෂධ සමාගම්වලට මුදල් ඉපැයීමේ අවස්ථාව ලබා දීම සඳහා ඒවායේ අවශ්‍ය පරිදි දියත් කරන ලද ක්‍රියාමාර්ගදැයි බොහෝ දෙනා විසින් ප්‍රශ්න කරන ලද අතර එම ක්‍රියාමාර්ග තීරණය කළ මෙම උපදේශක කමිටු සාමාජිකයන් විසින් ඖෂධ සමාගම් සමග පවත්වනු ලබන සම්බන්ධකම්ද එයට බලපාන්නට ඇතැයි චෝදනා එල්ලවී තිබිණි. කෙසේ වුව ද මෙම චෝදනා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනලදි.
මෙම සාමාජිකයන්ගේ අනන්‍යතාව හෙලිදරවු නොකිරීම යුක්ති සහගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කල තර්කය වූයේ ඔවුන් වෙත අනවශ්‍ය බලපෑම් එල්ලවීම වැළැක්වීම සඳහා එසේ කිරීමට සිදු වූ බවයි. එසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තොරතුරු සැඟවීමේ සැබෑ අරමුණ මෙම කමිටුවේ සමහර බලපෑම් සහගත සාමාජිකයන් සහ ඖෂධ සමාගම් අතර සම්බන්ධය හෙළිදරවු වීම වැළැක්වීමය. එමගින් සිය ඌරු උණ ප්‍රෝඩාව බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව සලසාගැනීමය.

මෙම කමිටු සාමාජිකයන් අතරින් 6 දෙනෙකු එක්සත් ජාතින්ගේ සංවිධානයේ සෞඛ්‍ය ආයතනයට සම්බන්ධ අය වූ අතර 5 දෙනෙකු ඖෂධ සමාගම් සමග සෘජු සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ගෙන් විවිධ වරදාන සහ දීමනා ලබාගත් අය වෙති.

නැන්සි කොක්ස්

ඇය එක්සත් ජනපදයේ බෝවෙන රෝග පාලන මධ්‍යස්ථානයට ( Center for Disease Control) සම්බන්ධව කටයුතු කරමින් සිටි අතර ඇය ඉන්ෆ්ලුවන්සා උණ සම්බන්ධව එන්නත් පිළිබඳ ඖෂධ නිෂ්පාදනය කරන සහ පරීක්ෂණ කරන ඖෂධ නිෂ්පාදකයන්ගේ සහ සම්මේලනයන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණයට (International Federation of Pharmaceutical Manufacturers and Associations – IFPMA))සම්බන්ධව කටයුතු කරමින් ඒවායෙන් මුදල් ලබාගෙන ඇත.

මහාචාර්ය ආර්නොල්ඩ් මොන්ටෝ ( Arnold Monto)
ආර්නොල්ඩ් මොන්ටෝ

ඔහු එක්සත් ජනපදයේ මහාචාර්යවරයෙකු වන අතර ඔහු ඉන්ෆලුවන්සා වසංගත හෝ වාර්ෂික සෙම්ප්‍රතිෂ්‍යා උණ සම්බන්ධව පර්යේෂණ සඳහා ග්ලැක්සෝස් ස්මිත් ක්ලයින්, නොවාතිස්, රෝෂ්, බක්ස්ටර් (Baxter) , සහ සනොෆි පාස්ටොයර් (Sanofi Pasteur) යන ඖෂධ සමගම් වල උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටින බව පිළිගෙන තිබේ. එමෙන්ම 2007-2008 අතර කාලය තුළ ඉන්ෆ්ලුවන්සා වෛරස් එන්නත සඳහා සායනික පර්යේෂණ කටයුතුවලට සහභාගිවීම වෙනුවෙන් සනොෆි ඖෂධ සමාගමෙන් මුදල් ලබාගත් බවද ඔහු විසින් පිළිගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනය සඳහා ආර්නොල්ඩ් මොන්ටෝ විසින් සකස් කරන ලද ඇමිණුම් ලේඛනය මගින් වසංගත කාලය තුළ එන්නත් භාවිතා කළ යුතු ආකාරය ගැන විස්තර කරයි. මෙම කාලය තුළ ඔහු උපදේශක දීමනා, ගරු දීමනා, පර්යේෂණ කටයුතු සඳහාමූල්‍යාධාර ආදිය රෝෂ් සමාගමෙන් ලබාගෙන තිබේ. එමෙන්ම ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගමෙන් උපදේශක දීමනා සහ පර්යේෂණ කටයුතු සඳහාමූල්‍යාධාර ලබාගෙන තිබේ. එමෙන්ම විරෝෆාර්මා ( ViroPharma) පර්යේෂණ අරමුදල් ලබාගෙන ඇත.

2009 වසරේ දී එක්සත් ජනපදයේ ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද තොරතුරු අනුව 2009 වසරේ දෙවන සහ අවසාන කාර්තුව අතර දේශක ගාස්තු වශයෙන් මහාචාර්ය මොන්ටෝ ඩොලර් 3000ක් එම සමාගම වෙතින් ලබාගෙන තිබේ.

ජෝන් වුඩ් (John Wood)
ජෝන් වුඩ්

ජීව විද්‍යාත්මක ප්‍රමිතීන් සහ පාලනය පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික ආයතනය යටතේ ජෝන්වුඩ්ගේ පර්යේෂණ කණ්ඩායම විසින් සනොෆි පාස්ටොයර්, නොවාටිස්,පවුඩර්මෙඩ්, CSL සහ IFPMA,යන ඖෂධ සමාගම්වල ඉන්ෆලුවන්සා එන්නත් සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදු කළ බව ජෝන් වුඩ් විසින් පිළිගෙන තිබේ.

මහාචාර්ය මාරියා සැම්බොන් (Maria Zambon)
මාරියා සැම්බොන්

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ පවත්වාගෙන ගිය ඇගේ විද්‍යාගාරයේ කටයුතු සඳහා ඇය එන්නත් නිපදවන සමාගම් වන සනෝෆි, නොවාටිස්, බක්ස්ටර්,ග්ලැක්සෝස්මිත් ක්ලයින් සහ CSL යන සමාගම්වලින් මූල්‍යාධාර ලබාගෙන ඇත.

බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය නීල් ෆර්ගසන්

ඔහු මෙම උපදේශක කමිටුවේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද අතර රෝෂ්, ග්ලැක්සෝස්මිත් ක්ලයින් බයොලොජිකල්ස් යන සමාගම්වල උපදේශකයෙකු ලෙස ද 2007 දක්වා කටයුතු කර ඇත. මෙම ඌරු උණ පිළිබදව මෙන්ම කොවිඩ්-19 ව්‍යාප්තවන ශීඝ්‍රතාව පිළිබඳව සංඛ්‍යා විද්‍යාත්මක ආකෘතින් නිර්මාණය කළේ ඔහු විසිනි. ඌරු උණ මගින් මිලියන ගණන් ජනතාව මිය යනු ඇතැයි භීෂණය පදනම් වූයේ ඔහුගේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන මතය.

රෙනේ ස්නැකන් (Rene Snacken)
රෙනේ ස්නැකන්

ESWI හෙවත් ඉන්ෆලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායමේ සාමාජිකයෙකි.
1998 වසරේ දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද කටයුතුවලට සහභාගි වී ඇති බව එම සමාගමේ අලෙවි ප්‍රවර්ධන ප්‍රචාරක පත්‍රිකා අනුව පෙන්නුම් කරයි. නොයිරාමිනිඩේස් නිෂේධක( neuraminidase inhibitors) සම්බන්ධ අධ්‍යයනයක් රෝෂ් සමාගම වෙනුවෙන් ලියන විට ඔහු බෙල්ජියන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරමින් සිටියේය. ඔහු රෝෂ් සමාගමේ ගෙවීම් ලබන උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතරම එම සමාගමේ නිෂ්පාදනයක් වූ ඔසෙල්ටමිවිර් අනුමත කිරීම සඳහා යුරෝපා ඖෂධ එජන්සියේ පැවැති නිල කමිටු රැස්වීම්වලට සහභාගි වී තිබේ.

ඩානියෙල් ලවාන්චි ( D Lavanchy)
ලවාන්චි

1998 වසරේ දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද කටයුතුවලට සහභාගි වී ඇතිබව ඔවුන්ගේ අලෙවි ප්‍රවර්ධන ප්‍රචාරක පත්‍රිකාවල සඳහන්ය. ලවාන්චි 1998 දී රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද සම්භාෂණයකට සහභාගි වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් ආසාදන රෝග සම්බන්ධ අංශයේ සේවය කරමින් සිටියේය

බ්‍රිතාන්‍යයේ ලයිසෙස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාල් නිකොල්සන්(Karl Nicholson)

ESWI හෙවත් ඉන්ෆලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායමේ සාමාජිකයෙකි.
රෝෂ් සමාගම විසින් 1998-2000 අතර කාලයේ පළ කරන ලද අලෙවි ප්‍රවර්ධක ප්‍රචාරක පත්‍රිකාවල නිකොල්සන්ගේ නම් ගම්ද සඳහන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සුදානම් සැලසුම ලේඛනයට දායක වන විට රෝෂ් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද ඔසෙල්ටාමිවිර් ඖෂධය පිළිබඳ අහඹු පාලිත පර්යේෂණවලට සහභාගි වී ඇත. ඔසෙල්ටමිවිර් යනු ඌරු උණ හෙවත් H1N1  ඉන්ෆ්ලුවන්සා සඳහා භාවිතා කෙරෙන ඖෂධයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයට අනුව ලෝකයේ බොහෝ රටවලට ඩොලර් මිලියන සිය ගණනින් ගෙවා මෙම එන්නත මිල දී ගැනීමට සිදු විය.

ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනයේ “ ඉන්ෆ්ලුවන්සා වසංගතය ” නම් තුන්වන ඇමිණුම් ලේඛනය ලියා ඇත්තේ මහාචාර්ය කාර්ල් නිකොල්සන් විසිනි.  ඔහු ග්ලැක්සෝස් ස්මිත් කලයින් සමාගම වෙතින් සංචාර දීමනා, ගරු දීමනා ලබාගෙන ඇත. එමෙන්ම රෝෂ් සමාගම විසින් සංවිධානය කරන ලද පෙණහලු ආශ්‍රිත රෝග සම්බන්ධ සම්භාෂණයන්ට සහභාගිවීම සඳහාද උපදේශන කටයුතු සඳහාද එම සමාගමෙන් මුදල් ලබා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය සැකසීමට පෙර ඔහු විසින් ව්යෙත් (Wyeth), ෂිරොන්( Chiron) සහ බර්නා බයෝටෙක් (Berna Biotech) යන ඖෂධ සමාගම්වලින් උපදේශන කටයුතු සඳහා දීමනා ලබා තිබේ.

නෙදර්ලන්තයේ ඉරාස්මුස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අබේ ඔස්ටර්හවුස්(Abe Osterhaus)

ESWI හෙවත් ඉන්ෆලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායමේ සාමාජිකයෙකි.
ඔස්ටර්හවුස්ගේ නම ද රෝෂ් සමාගම විසින් 1998-2000 අතර කාලයේ පළ කරන ලද අලෙවි ප්‍රවර්ධක ප්‍රචාරක පත්‍රිකාවල සඳහන්ය. මොහු ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සුදානම් සැලසුම ලේඛනයට දායක වන විට රෝෂ් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද ඔසෙල්ටාමිවිර් ඖෂධය පිළිබඳ අහඹු පාලිත පර්යේෂණවලට සහභාගි වී ඇත ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2009 ඌරු උණ වසංගත උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ඔස්ටර්හවුස් 1999 දී මෙම ඔසෙල්ටමිවිර්හි අඩංගු සංයෝගයක් වන නොයිරාමිනිඩේස් නිෂේධක( neuraminidase inhibitors) වල ඖෂධීය ගුණය වර්ණනා කරමින් වසංගතයට එරෙහිව ඒවා යොදාගැනීමට යෝජනා කරමින් ලිපියක් ලියන ලදි. මෙය වක්‍රව එම ඖෂධයේ අලෙවිය සඳහා ප්‍රචාරයක් ලබාදීමක් විය.

මහාචාර්ය ෆ්‍රෙඩ් හයිඩන්
හයිඩන්

රෝෂ් සමාගම සඳහා දේශන පැවැත්වූ බවත් උපදේශන කටයුතු සිදු කළ බවත් තමන් ඒ වෙනුවෙන් ගෙවීමක් ලද බවත් පිළිගෙන තිබේ. උපදේශකයෙකු ලෙසත් දේශකයෙකු ලෙසත් ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගමට සිය සේවය ලබාදී ඇති ඔහු ඒ සඳහා එම සමාගම්වලින් වසර 2002 දක්වා ගෙවීම් ලබා තිබේ.
මහාචාර්ය හයිඩන් විසින් තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රති වෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය-2004 “ නම් ලේඛනය සකස් කිරීම සඳහා දායක වෙමින් සිටි කාලය තුළ දී ද රෝෂ් සමාගම සඳහා දේශන පැවැත්වූ බවත් උපදේශන කටයුතු සිදු කළ බවත් තමන් ඒ වෙනුවෙන් ගෙවීමක් ලද බවත් පිළිගෙන තිබේ.

ඔහුගේ දායකත්වය සහිතව සකස් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ මෙසේ සඳහන්ව ඇත : “තම රටවල වසංගත ප්‍රතිචාර ඉලක්ක සහ සම්පත් මත පදනම්ව ඒ ඒ රටවල් විසින් තමන් සතුව ප්‍රමාණවත් තරම් ප්‍රතිවෛරස් ඖෂධ තොග පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සංවර්ධනය කළ යුතුය. තමන්ගේ වසංගත ප්‍රතිචාර සැලසුම්වල කොටසක් ලෙස ප්‍රති වෛරස් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති රටවල් ඒ සඳහා කල්තබා අවශ්‍ය තොග ගබඩාකිරීම් සිදු කළ යුතුය. ඒ දැනට පවත්නා ප්‍රතිවෛරස් ඖෂධ තොග සීමිත බැවිනි.”

2003 වසරේදී මහාචාර්ය හයිඩන් විසින් රෝෂ් සමාගමේ අනුග්‍රහයෙන් සිදුකරන ලද අධ්‍යයන වාර්තාවක් පළ කර තිබේ. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ රෝෂ් සමාගමේ නිෂ්පාදනයක් වන ඔසෙල්ටමිවිර් ඖෂධය සම්බන්ධයෙනි. එම ඖෂධය භාවිතා කිරීම මගින් රෝහල් ගත වීම් 60% කින් අඩු වූ බව එම අධ්‍යයන පත්‍රිකාවේ දැක්වේ. පසුව එම ඖෂධය අලෙවි කිරීමේ ප්‍රචාරක කටයුතුවලදී මෙම කරුණ උපරිම වශයෙන් භාවිතා කරන ලදි.

අනික ලින්ඩා (Annike Linde)
අනික ලින්ඩා

රෝෂ් ඖෂධ සමාගම සඳහා දේශනා සහ උපදේශන සේවා ලබා දෙමින් ඒ වෙතින් ගෙවීම් ලබා ඇත.
වෛද්‍ය අනික ලින්ඩා පසුව ස්වීඩන් රජයේ වසංගතවේදිනියක් ලෙස සේවය කළාය. ඇය වසර 2002 දක්වා රෝෂ් සමාගම වෙනුවෙන් සිදු කරන ලද විවිධ කාර්යභාරයන් වෙනුවෙන් ඒ සමාගම වෙතින් ගෙවීම් ලද බව පිළිගෙන තිබේ.‍

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අක්‍රමිකතා, දූෂණ සහ අයථා ප්‍රතිලාභ සම්බන්ධ ගැටළු

ඩෙබොරා කොහෙන්

බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ විශේෂාංග කතුවරිය ලෙස කටයුතු කළඩෙබොරා කොහෙන් (Deborah Cohen) සහ ලන්ඩනයේ ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා වන බියුරෝවට සම්බන්ධ මාධ්‍යවේදීයෙකු වූ අතර ෆිලිප් කාටර් (Philip Carter) යන දෙදෙනා විසින් ඒකාබද්ධව කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත පාලනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවල අක්‍රමිකතාවන් සහ දූෂණ සම්බන්ධයෙන් විශාල සාක්ෂි ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත මර්දන සැලසුම් සඳහා උපදෙස් ලබාගැනීමට බඳවාගත් විශේෂඥයන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් (onflicts of interest) කළමණාකරණය කළ ආකාරය පිළිබඳවත් එකී උපදේශකයන්ගේ නිර්දේශ මත ලෝක සෞඛ්‍ය සංවිධානය ආණ්ඩුවලට දුන් උපදෙස්වල විද්‍යාත්මක නිරවද්‍යතාවත් පිළිබඳ බරපතල ගැටළු මතු කර තිබේ. .

බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් නම් වෛද්‍ය පර්යේෂණ සඟරාව සහ බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් නම් සංවිධාන වල ඒකාබද්ධ පර්යේෂණ මගින්ද තහවුරු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන සැලසුම් වලට සම්බන්ධව සිටි ප්‍රධාන විද්‍යාඥයන් යම් ඖෂධ සමාගම්වලින් ගෙවීම් ලබමින් සිටි අය බවත් ඔවුන් වසංගත මර්දනය සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශනය මගින් ඉහත ඖෂධ සමාගම්වලට විශාල වාසි සහගත තත්ත්වයන් උදා කර දී ඇති බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ අන් කවර මහජන ආයතනයක් හෝ වේවා කිසියම් වැදගත් කාර්යයන් සඳහා යම් පුද්ගලයෙකුගේ සේවය ලබාගන්නා විට ඔවුන්ට අපක්ෂපාතීව, කිසිදු බලපෑමකට යටත්වීමකින් හෝ වාසි ලබාගැනීමකින් තොරව එම කාර්යය ඉටු කිරීමට බාධාවන පුද්ගලික හෝ වෙනත් වෘත්තීමය සම්බන්ධකම් පවතී නම් ඒවා සිය වගකීම් භාරගැනීමට පෙර නිලවශයෙන් අනාවරණය කළ යුතු යැයි රීතියක් පවතී. මෙය හැඳින්වෙන්නේ අවශ්‍යතාවන් ගේ ගැටුම් පිළිබඳ ප්‍රකාශනය (Declaration of Conflict of Interest) ලෙස නැතහොත් නැතහොත් සිය රාජකාරිමය වගකීම නිසි පරිදි   ඉටු කිරීමට නොහැකි වන පරිදි  අයථා බලපෑම් එල්ල විය හැකි සබඳතා පිළිබඳ ඉදිරිපත් කෙරෙන ප්‍රකාශනය ලෙසය.

වසංගත පාලනය සඳහා මාර්ගෝපදේශන සැකසීමේ කමිටුව

2002 ඔක්තෝබර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්ෆ්ලුවන්සා විශේෂඥයන්ගේ විශේෂ හමුවක් එහි ජීනිවා මූලස්ථානය තුළ පවත්වන ලදි. මෙම රැස්වීමේ අරමුණ වූයේ ඉන්ෆ්ලුවන්සා වසංගතයක් තුළ එන්නත් සහ ප්‍රති වෛරස භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශන සකස් කිරීමය. මෙයට සහභාගි වූවන් අතර මහාචාර්යවරුන් වන කාර්ල් නිකොල්සන්, ඇල්බර්ට් ඔස්ටර්හවුස්, ෆ්‍රෙඩ් හයිඩන් ,ආර්නොල්ඩ් මුන්ඩෝ යන අය වූහ. ඔවුන් ඖෂධ සමාගම් සමග පවත්වාගෙන යන ලද සම්බන්ධතා මෙම ලිපියේ ඉහත පර්ච්ඡේදයක දක්වා ඇත.

ඖෂධ සමාගම්වලට සම්බන්ධිත මෙම පුද්ගලයන් විසින් සකස් කරන ලද ලේඛනය 2004 දීලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය ” ( (WHO Guidelines on the Use of Vaccines and Antivirals during Influenza Pandemics 2004) නමින් නිකුත් කරන ලදි.

මෙම ඖෂධ සමාගම්වලට සම්බන්ධිත මෙම පුද්ගලයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මර්දනය සඳහා සකස් කරන ලද ජාත්‍යන්තර මාර්ගෝපදේශනය තුළ මෙසේ සඳහන් කර තිබේ.
: “තම රටවල වසංගත ප්‍රතිචාර ඉලක්ක සහ සම්පත් මත පදනම්ව ඒ ඒ රටවල් විසින් තමන් සතුව ප්‍රමාණවත් තරම් ප්‍රතිවෛරස් ඖෂධ තොග පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සංවර්ධනය කළ යුතුය. තමන්ගේ වසංගත ප්‍රතිචාර සැලසුම්වල කොටසක් ලෙස ප්‍රති වෛරස් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති රටවල් ඒ සඳහා කල්තබා අවශ්‍ය තොග ගබඩාකිරීම් සිදු කළ යුතුය. ඒ දැනට පවත්නා ප්‍රතිවෛරස් ඖෂධ තොග සීමිත බැවිනි.”

ප්‍රති වෛරස් ඖෂධ නිෂ්පාදනය කරන ග්ලැක්සෝස් ස්මිත් සහ රෝෂ් වැනි සමාගම්වලින් ගෙවීම් ලබමින් ඒවායේ සේවය කරන පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊනියා වසංගත ප්‍රතිචාර මාර්ගෝපදේශන කමිටුවලට සම්බන්ධ වී තමන්ට මුදල් ලබා දෙන සමාගම්වල නිෂ්පාදන ලෝක ජනතාව මත පැටවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව දැවැන්ත දූෂණයක නිරතව ඇත්තේ එලෙසය.

මෙම මාර්ගෝප දේශනයේ වසංගත සඳහා වන එන්නත් වලට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එහි 4.2 වගන්තිය යටතේ පහත නිර්දේශ ඉදිරිපත් කර ඇත.

4.2 එන්නත්

4.2.1. ඒ ඒ රටවල බලධාරින්ට සහ එන්නත් නිෂ්පාදකයන් සඳහා නිර්දේශ‍

  1. එන්නත්වල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා අන්තර් වසංගත කාලය පරිච්ඡේද සඳහාද එන්නත් භාවිතය ව්‍යාප්ත කිරීම (එනම් එක් වසංගතයක් නිම වූ පසුව මීළඟ වසංගතය පැමිණෙන කාලය අතර ද ජනතාව එන්නත්කරණ වැඩ පිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කිරීම)
  2. දැනට එන්නත් නිෂ්පාදනය නොකරන රටවල් තුළ එන්නත් නිෂ්පාදන හැකියාවන් ස්ථාපනය කිරීම
  3. එන්නත් ප්‍රවාහන සහ නිරීක්ෂණ ක්‍රම වැඩි දියුණු කිරීම
  4. වසංගත එන්නත් සැපයුම සඳහා සෞඛ්‍ය බලධාරින් සහ එන්නත් නිෂ්පාදකයන් අතර ජාතික හෝ අන්තර්ජාතික ගිවිසුම් ඇතිකරගැනීම සහ ඒවා ආරක්ෂා කිරීම
  5. නව වසංගත එන්නත්වර්ගයක් මගින් සිදු කරන මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාරයක් තුළ ඇති විය හැකි නොදන්නා වර්ගයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැන නැගිය හැකි වගකීම පිළිබඳව ගැටළු සම්බන්ධව සුදුසු විසඳුම් ලබාදීම
  6. ජාන ප්‍රත්‍යවර්ථ්‍ය තාක්ෂණය (mRNA) වැනි නව තාක්ෂණයන් එන්නත් නිෂ්පාදනය තුළට හඳුන්වා දීමේදී මතුවන බුද්ධිමය දේපළ පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබාදීම.

මෙහි පළමු නිර්දේශයේ සඳහන් වන අන්තර් වසංගත කාල පරිච්ඡේදය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ම අර්ථකථනය තුළ “අන්තර් වසංගත කාල පරිච්ඡේදය යනු  කිසිදු නව ඉන්ෆ්ලුවන්සා වෛරස් උප ප්‍ර භේදයක් මානව වර්ගයා තුළ නිරීක්ෂණය කළ නොහැකිවන කාල පරිච්ඡේදයයි. මානව වර්ගයාට හානි කළ හැකි වෛරස් උප ප්‍රභේදයක් සතුන් තුළ පැවැතිය හැකි නමුත් මානව වර්ගයා වෙත ආසාදනය වීමේ හෝ රෝගී බවට පත්කරවීමේ හැකියාව ඉතා පහළ මට්ටමක පවතී.”යනුවෙන් සඳහන් කර තිබේ.

මෙම පළමු නිර්දේශය අනුව වසංගතයක් නොපවතින කාල පරිච්ඡේදවලද එන්නත්කරණය දිගටම සිදුකළ යුතුය. මෙහිදී ගැටළු ගණනාවක් මතුවෙයි. එම එන්නත් කරණය සිදු කරන්නේ කුමන වෛරසයක් ඉලක්ක කරනිමින්ද? තාමත් සතුන් තුළ පවතින නමුත් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය නොවූ වෛරසයක් වෙනුවෙන්ද? එසේ නම් සතුන් තුළ පවතින ඕනෑම වෛරසයක් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමට ඉඩක් ඇතැයි යමෙකු විසින් විශේෂයෙන්ම ඖෂධ සමාගම්වලින් යැපෙමින් ස්වාධීන පර්යේෂකයන් ලෙස පෙනී සිටිනා කණ්ඩායමක් විසින් නිගමනය කළ හොත් ඒ සඳහා වන එන්නත් මිලදී ගෙන ඒවායින් සමස්ත ජනතාවම එන්නත් කළ යුතුද?
අනෙක් අතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය අනුව මෙම අන්තර් වසංගත එන්නත්කරණ ව්‍යාපාරය පුළුල් කළයුතුව ඇත්තේ එන්නත් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහාය. මෙහි අර්ථය කුමක්ද? හුදෙක් එන්නත් නිෂ්පාදන සමාගම්වලට සිය නිෂ්පාදන හැකියාවන් ඉහළ නංවාලීමට සහාය වීමේ අරමුණෙන්  ඔවුන්ගේ ආදායම් සහ ලාභ අනුපාතයන් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍යමය වශයෙන් කිසිසේත්ම අවශ්‍යතාවක් නැති එන්නත් වර්ග  මිලදී ගෙන ජනතාව ඒවායින් එන්නත් කළ යුතු බවද? අනෙක් අතට විශේෂයෙන් අවධාරණය කරගත යුතු කරුණ වන්නේ මෙම කිසිදු “ වසංගත එන්නතක්” සායනික පරීක්ෂණවල සියලු අවධි සම්පූර්ණ කර නැති සහ හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතයට අවසර දී ඇති ඒවා බවයි. දැනට නොපවත්නා වසංගතයක් වෙනුවෙන් හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතයට අවසර ලැබී ඇති එන්නත් භාවිතා කිරීම නීති විරෝධී නොවන්නේද?

මෙම මාර්ගෝපදේශනයේ එන්නත් යටතේ වන 4 නිර්දේශය වන්නේ ඒ ඒ රටවල ආණ්ඩු විසින් මතුවිය හැකි අනාගත වසංගතයක් වෙනුවෙන් එන්නත් ලබාගැනීම පිණිස ඖෂධ සමාගම් සමග ගිවිසුම් අත්සන් තැබීම කළ යුතු බවයි. මෙම ගිවිසුම්වලට අනුව ඒ ඒ රට තමන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය කල් තබා ඇණවුම් කරයි. නමුත් මෙම ගිවිසුම සක්‍රිය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්ත්වයක ප්‍රකාශයට පත් කළ විටය. එය බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතය එහි අවධි 5 හෝ 6 අවධි වෙත අවතීර්ණ වී ඇතැයි ප්‍රකාශ කළ විට සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින ඖෂධ සමාගම්වල ඒජන්තයන් විසින් සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සා ආසාදන රැල්ලක් මහා බිහිසුණු වසංගත ලෙස නම් කරමින් ඒවාට විවිධ නම් තබමින් ඒවායේ ව්‍යාප්තිය සහ හානිකර ස්වභාවය අතිශයෝක්තියෙන් දක්වමින්ද සංඛ්‍යා ලේඛන විකෘති කරමින් ද වසංගත තත්ත්වයන් ප්‍රකාශ කිරීමට දැනට දශක දෙක තුනක සිට උත්සුක වී ඇත්තේ ඒ නිසාය. ඔවුන් විසින් කරන ලද පෙලැඹවීම සහ බලහත්කාරය මත ඒ ඒ රටවල ආණ්ඩු ඖෂධ සමාගම් සමග කලින් අත්සන් කරන ලද ඩොලර් මිලියන දහස්ගණන් වැයවන එන්නත් ඇණවුම් සක්‍රිය වන්නේ ඒ අනුවය. එය සක්‍රිය වූ වහාම එම එන්නත් සඳහා එම රටවල් මුදල් ගෙවිය යුතුවේ.

තුන්වන ලොකයේ දුප්පත් රටවල් විසින් මෙහිදී සිදු කරන්නේ සිය ජනතාව සඳහා වෙන්කර ඇති සෙසු සියලු සමාජ සුබසාධන වියදම් කපාහැර ඒවා එන්නත් සමාගම්වලට බැර කිරීමය. නැතහොත් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මගින් හෝ බ්ලැක්රොක් වැනි පුද්ගලික මුල්‍ය සමාගම් මගින් හෝ ඩොලර් මිලියන දහස් ගණන් නැතිහොත් බිලියන ගණන් ණයට ලබාගනිමින් ඒවා ඖෂධ සමාගම් වෙත ලබා දීමය. ශ්‍රි ලංකාව විසින් පසුගිය සමයේ ලබාගෙන ඇති ඩොලර් බිලියන 10කට ආසන්න ණය මුදලකින් කර ඇත්තේ කාර්යක්ෂමතාව හෝ සුරක්ෂිතතාව පිළිබඳ කිසිදු සහතිකයන් නැති එන්නත් සඳහා ඖෂධ සමාගම් වෙත ගෙවීමය. මේ සඳහා අතරමැදි සම්බන්ධීකරණය සිදු කරන්නේ කෙළවරක් නොමැති වසංගත සහ එන්නත්කරණ ව්‍යාපාරය මත පදනම් වූ “ බිස්නස් මොඩලයක් ” වන බිල් ගේට්ස්ගේ GAVI පදනම විසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යෝජනා කරන පරිදි ඖෂධ සමාගම් සහ ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරින් විසින් අත්සන් කරන ලද ගිවිසුම අදාළ වන්නේ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ ඇණවුම් කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ පසුව එම එම ගිවිසුම් සක්‍රිය වීම සහ ඉන්පසුව මුදල් ගෙවීම යන ක්ෂේත්‍රයන්ට අදාළව පමණක් නොවේ. එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් සිදුවන හානි සඳහා නඩු පැවැරීමට නොහැකි වන ලෙස දණ්ඩ මුක්තියක් ලබා දීම, යම් හෙයකින් එම හානි සඳහා වන්දි ගෙවීමට සිදුවන්නේ නම් ඒ සඳහා ඖෂධ සමාගම් විසින් නොව රජය මගින් වන්දි ගෙවීම, එන්නත්වල සංයුතිය, කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ හෙළිදරවු නොකිරීමට එන්නත් නිපදවන සමාගමට අයිතියක් ඇතැයි පිළිගැනීම, සහ එම සමාගම් සමග රජය විසින් අත්සන් තබන ලද ගිවිසුම රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වාගෙන යාම ආදිය සඳහාද කොන්දේසිවලට එම ගිවිසුම යටතේ අත්සන් තැබිය යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ ඇතුළත් කර ඇති ඉහත දැක්වෙන4,5,6 වගන්ති විසින් ඖෂධ සමාගම්වලට අති විශාල බලයක් බලයක් ලැබෙන ලෙස ගිවිසුම සකස් කරන ලෙස යෝජනා කර තිබේ.

එහි 5 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි
“ නව වසංගත එන්නත්වර්ගයක් මගින් සිදු කරන මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාරයක් තුළ ඇති විය හැකි නොදන්නා වර්ගයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැන නැගිය හැකි වගකීම පිළිබඳව ගැටළු සම්බන්ධව සුදුසු විසඳුම් ලබාදීම”
මෙම වගන්තියෙන් කියනු ලබන්නේ අප විසින් ඉහතදීද අවධාරණය කළ පරිදි එන්නත්වල අතුරු ආබාධ සඳහා වන වගකීමෙන් ඖෂධ සමාගම් නිදහස් කිරීමයි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය නග්න සහ නිර්ලජ්ජිත ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ අනාරක්ෂිත එන්නත් ඉදිරිපත් කරනු ලබන ඖෂධ සමාගම් ආරක්ෂා කිරීමට මිසෙක ඒවා ගැනීම මගින් පීඩාවට පත්වන ඇතැම් විට මරණයට පත්වන පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම හො නොවන බව ඉතා පැහැදිලිය.

එහි 6 වැනි වගන්තිය මෙසේ වෙයි.
“ජාන ප්‍රත්‍යවර්ථ්‍ය තාක්ෂණය (mRNA) වැනි නව තාක්ෂණයන් එන්නත් නිෂ්පාදනය තුළට හඳුන්වා දීමේදී මතුවන බුද්ධිමය දේපළ පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබාදීම. ”

තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින පර්යේෂණාත්මක එන්නත් හදිසි අවස්ථා අනුමැතිය යටතේ මුදා හරිනු ලබන විට ඒවායේ අඩංගු රසායනික සහ මොලිකියුලමය සංයුතිය රහසක්ලෙස තබාගැනීමට ඖෂධ සමාගම් වලට අවස්ථාව ලබාදීමට කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මගින් ඒ ඒ රටවල ආණ්ඩුවලට බලපෑම් කරයි. මෙහිදී ඖෂධ සමාගම්වලට mRNA වර්ගයේ ඉන්ෆ්ලුවන්සා එන්නත් හරහා CRISPR-Cas9 වැනි ජාන විකෘතිකිරීමේ තාක්ෂණ ක්‍රම යොදාගනිමින් විවිධ හානිකර පර්යේෂණ වලට රෝගීන් ලක් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම එන්නත් සඳහා වන මාර්ගෝපදේශනය 2004 දී සකස්කරනු ලැබූ අතර ඒවා 2009 ඌරු උණ වසංගතයෙදී ඖෂධ සමාගම් වලට අයථා වාසි සැලසීම යොදාගන්නා ලදි. එමෙන්ම ඒවා 2020-21 ඊනියා කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව යටතේ ද ඒ අයුරින්ම භාවිතා කර තිබේ.

ලෝකයේ බොහෝ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම “ මාර්ගෝපදේශනය” පිළිපදිමින් ඖෂධ සමාගම් සමග ඩොලර් බිලියන ගණන් වටිනා ගිවිසුම් අත්සන් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ ගෝලීය වසංගත තත්ත්වයක්” ප්‍රකාශයට පත් කළ විට මෙම ගිවිසුම ස්වයංක්‍රීයවම බලාත්මක වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට(International Health Regulations-IHR) අත්සන් තබා ඇති රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය යම් වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ විට සැබෑ ලෙසම එවැනි වසංගතයක අවදානමක් නොපැවතියද අදාළ මාර්ගෝපදේශනය පිළිගැනීමට බැඳී සිටිති.
ප්‍රමාණවත් රටවල් සංඛ්‍යාවක් සමග එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ සඳහා ගිවිසුම් අත්සන් කළ පසුව මෙම සමාගම්වලට ඩොලර් බිලියන දුසිම් ගණන් ලාභ ඉපැයීම සඳහා ඊළඟට කළ යුතුව ඇති එකම දෙය වසංගත අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙයවීම පමණකි

හදිසි අවස්ථා කමිටුව

තමන් විසින් සේවයට යොදවාගනු ලබන බාහිර විශේෂඥයන්ට ඖෂධ සමාගම් සමග ඇති සබඳතා හෙවත් ඔවුන් සම්බන්ධව මතුව ඇති “ අවශ්‍යතා පිළිබඳ ගැටුම්” සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය දරන ස්ථාවරයේ ව්‍යාකූලත්වයත් පාරදෘෂ්‍යභාවයකින් තොරව කටයුතු කිරීමත් සීමා වී ඇත්තේ ඉහත ඉන්ෆ්ලුවන්සා මාර්ගෝපදේශන උපදේශක කමිටුව සඳහා පමණක් නොවේ. වසංගතය පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල් මාගරට් චෑන්ට උපදෙස් සැපයීමට 2009 දී පිහිටුවන ලද හදිසි අවස්ථා කමිටුව සම්බන්ධයෙන්ද මීටත් වඩා බරපතල ගැටළු මතු වී තිබේ. මෙම කමිටුවේ සිටි සාමාජිකයන් 16 දෙනා කවුරුන්දැයි යන්න පවා දැන සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඉහළ නිලධාරින් කීප දෙනෙකු පමණි. මෙම රහසිගත හදිසි කමිටුව වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ සිට එය අවසාන විය යුතු දිනය කවදාදැයි යන්න පවා තීරණය කිරීමේ අධිකාරි බලයක් තිබූ කණ්ඩායමකි.

ග්‍රෙගරි හාර්ට්ල්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම හදිසි කමිටු සාමාජිකයන්ගේ අනන්‍යතාව රහසක් ලෙස තබාගැනීමේ තම පිළිවෙත සාධාරණීකරණය කිරීමට පවසන්නේ එය කමිටු සාමාජිකයන්ගේ ආරක්ෂාව සඳහා කරන ලද දෙයක් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ග්‍රෙගරි හාර්ට්ල් විසින් BMJ සහ BIJ සමග කරන ලද දුරකතන ඇමතුමකදී ප්‍රකාශ කරන ලද්දේ : “ අපට අවශ්‍ය එම කමිටුවේ සිටින විද්‍යාඥයන් බාහිර බලපෑම් වලින් ආරක්ෂා කර ගැනීමයි. එය අපගේ සාමාන්‍ය ප්‍රතිපත්තියයි.”
කෙසේ වුවද ඇත්ත වූයේ එහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙය බව පසුව සිදුවූ දේවලින් පැහැදිලි වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍යව තිබුණේ මෙම කමිටුවේ සිටි විශේෂඥයන් 16 දෙනා අතරින් ඖෂධ සමාගම්වලට සම්බන්ධකම් තිබූ පුද්ගලයන් හරහා එම ඖෂධ සමාගම් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කරමින් තමන්ට අවශ්‍ය පරිදි වසංගත ආඛ්‍යානය ඔස්සේ මෙහෙයවන ආකාරය හෙළිදරවු වීම වැළැක්වීමයි.

මෙම හදිසි අවස්ථා කමිටුවේ සියළුම සාමාජිකයන් රහස් ආරක්ෂා කිරීමේ ගිවිසුමකට අත්සන් තබන ලද අතර අවශ්‍යතාවන් පිළිබද ගැටුම් ප්‍රකාශනයක් ලබා දෙන ලදි. එමෙන්ම ඔවුන් සිය උපදේශනය කිසිදු අයකිරීමකින් තොරව ලබාදීමට එකඟ වී තිබේ. කෙසේ වුව ද මෙම කමිටුවේ සිටි සාමාජිකයන් අතරින් ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ එක් නමක් පමණි. ඒ එහි සභාපති ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය ජෝන් මැකෙන්සිගේ නමය.

මෙය ගැටළු සහගත ස්ථාවරයකි. මෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නට හදන්නේ කුමක්ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ දක්වා පිළිගත් සම්ප්‍රදාය අනුව සෙසු උපදේශක කමිටුවල සාමාජිකයන් විවෘතව සිය නම්ගම් සහ “අවශ්‍යතා පිළිබඳ ගැටුම් ප්‍රකාශන ” ද ප්‍රසිද්ධ කරමින් කටයුතු කිරීම නිසා ඔවුන්ට ද “බාහිර බලපෑම් ” හෝ “ආරක්ෂාවට තර්ජන ” එල්ල විය හැකි බවද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේ උත්සාහ කරමින් සිටින්නේ ඖෂධ සමාගම් වලින් ගෙවීම් ලබන පුද්ගලයන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය රහසිගතවම ආක්‍රමණය කරමින් එය මෙහෙයවමින් සිටින බව සැඟවීම සඳහාද?
මෙවැනි “ බාහිර බලපෑම් පිළිබඳ භීතිකාවක් හෝ තර්ජනයක් ” මවාපෑම මගින් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් පුද්ගලයන් පිළිබඳව ලෝක ජනතාවට දැනගැනීමට අයිතියක් නැති බවද?
BMJ සහ BIJ විසින් “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන“(DOI) ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම් ද 2004 වසංගත එන්නත් සහ ඖෂධ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදදේශන සැකසු පුද්ගලයන්ට අවශ්‍යතා පිළිබඳ ගැටුම් පැවතියේද යනුවෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමද මාගරට් චෑන් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සම්බන්ධව පාරදෘෂ්‍යභාවයකින් තොරව කටයුතු සිදුවීම ද , වසංගතයක් යනු කුමක්දැයි යන්න පිළිබඳ අර්ථකතනය රහසේම වෙනස් කිරීමද, සාක්ෂි මත පදනම්වූ චිකිත්සක මැදිහත්වීමක් පිළිබඳව මතු වී ඇති පිළිතුරු නොමැති ප්‍රශ්නද හේතුවෙන් ලෝක සෞඛය සංවිධානයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි විශාල සැකයක් නිර්මාණය වී තිබේ.

සැකය වර්ධනය වීමට බලපාන ලද අනෙක් සාධකය වූයේ අවදානම පිළිබඳ සන්නිවේදනය සිදු කළ ආකාරයයි. අවිනිශ්චිත තත්ත්වයක් පිළිබඳව සන්නිවේදනය කිරීමේ දුෂ්කරතාව හෝ වසංගත තත්ත්වයකට අදාළ අවදානම පිළිබඳව සංකල්පය ගැන කිසිවෙකු විසින් ප්‍රශ්න කරන්නේ නැත. නමුත් අවදානම් සන්නිවේදනය පිළිබඳ ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයට අයත් අනුවර්තී චර්යාවන් සහ සංජානනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ගර්ඩ් ගයිගරෙන්ට්සර් (Gerd Gigerenzer) විසින් BMJ සහ BIJ වත මෙසේ පැවසීය :

ගර්ඩ් ගයිගරෙන්ට්සර්

“ ප්‍රශ්නය වන්නේ අවිනිශ්චිතතාව පිළිබඳව සන්නිවේදනය කිරීමේ දුෂ්කරතාව නොව අවිනිශ්චිතතාව සන්නිවේදනය නොකර සිටීමයි. ඌරු උණ (H1N1 )මගින් බිලියන 2ක් මිනිසුන් ආසාදනය වේ යැයි යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවට කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. එමෙන්ම එන්නත් වල වාසි හෝ හානිදායක බව ගැන අපි දන්නේ ඉතා සුළු කරුණු ප්‍රමාණයක්. ඔවුන්ගේ මෙම බිලියන 2ක් ආසාදන වීමට ඇති ඉඩ පිළිබඳ ඇස්තමේන්තුව ඕස්ට්‍රේලියාවේ සහ නිව්සිලන්තයේ ශීත සෘතුවලින් පසුව එමගින් 1000කගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් ආසාදනය වූ බව හොඳින්ම පැහැදිලි වූ පසුව පවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිගටම පවත්වාගෙන ගියා . එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් පිළිබඳව අර්ථකතනය වෙනස් කර ඇති බවත් අවසාන වශයෙන් පැවසීමට කැමැතියි.”

මාගරට් චෑන් සිය උපදේශක සහ හදිසි අවස්ථා කමිටු සාමාජිකයන්ගේ අනන්‍යතාව වසංකිරීම

අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන(DOI) තමන් විසින් ප්‍රසිද්ධියට පත් නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දරන ස්ථාවරය කිසිදු අවංක බවක් හෝ පදනමක් නැති එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශ්ක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශනය සඳහා වූ විශේෂඥ කණ්ඩායමේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන(DOI) එය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය විසින් සැඟවීමට වෑයම් කරන්නේ ඉන්ෆ්ලුවන්සා වසංගත සැලසුම් සඳහා වූ උපදේශක කමිටුවේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන(DOI) යි.

මෙම කමිටුවේ රහසිගතභාවය විසින්ම එය සැකයට ලක්කර තිබේ. වඩාත්ම සැකයට ලක්වීමට හේතුව ගුප්ත ලෙස පවත්වාගෙන යන ඉන්ෆ්ලුවන්සා වසංගත එන්නත් කොන්ත්‍රාත්තු පිළිබඳවයි. ප්‍රධාන ප්‍රශ්නය නම් ඩොලර් බිලියන 4, බිලියන 2.8 බිලියන 3.3 ආදි වශයෙන් මුදල් ආයෝජනය කරමින් ඉන්ෆ්ලුවන්සා සඳහා එන්නතක් සංවර්ධනය කරමින් සිටින ඖෂධ සමාගම් කීපයක් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා කමිටුව තුළ සිටින සිය ඒජන්තයන් ලවා වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පීඩනයක් එල්ල කර තිබේද යන්නය. වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීම මගින් එයට කලින් ලෝකයේ ඒ ඒ රටවල ආණ්ඩු විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “ මග පෙන්වීම යටතේ” ඖෂධ සමාගම් සමග අත්සන් කරන ලද ඩොලර් මිලියන සිය ගණන් වටින් කොන්ත්‍රාත්තු ස්වයංක්‍රීයවම බලාත්මක වේ.

ටාර්බරා මින්ට්සෙස්

තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාහිර බලපෑම් එල්ලවීම වැළැක්වීම සඳහා එම ක්‍රියාවලියට සහභාගිවන්නන්ගේ අනන්‍යතාව රහසක් ලෙස තබාගත යුතුව ඇතැයි යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දරන ස්ථාවරය සමග මහාචාර්ය ටාර්බරා මින්ට්සෙස් එකඟ නොවේ. ඇය ඕස්ට්‍රේලියාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය සහ චිකිත්සාව පිළිබඳ දෙපාර්තුමේන්තුවේ සහාය මහාචාර්යක ලෙස කටයුතු කළාය. මහාචාර්ය මින්ට්සේස් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය (BMJ) සහ බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් (BIJ )වෙත මෙසේ පවසා තිබේ. “ එය රහසක් ලෙස පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍යව ඇත්තේ මක් නිසාදැයි මට වටහා ගත නොහැක. වගවීම නම් ප්‍රතිපත්තිය යටතේ එම පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුය. අන් සියලු විශේෂඥ උපදේශක කමිටු සිදු කරන අයුරින් එසේ කළ යුතුව තිබේ. අයථා බලපෑම් සිදුවන්නේ නම් ඒවා “ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්” සම්බන්ධ නීති වඩාත් දැඩි කිරීම මගින් පාලනය කළ හැකි යැයිද ඇය වැඩි දුරටත් පවසා තිබේ.

ඌරු උණ හෙවත් මගින් ආසාදනය වූවන් සංඛ්‍යාව ලෝක සෞඛ්‍ය සංවිධානය, විශේෂඥයන්, ජනමාධ්‍ය, සෞඛ්‍ය බලධාරින්, ආණ්ඩු ආදි සියල්ලන් විසින් අනුමාන කරන ලද සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් සුළු සංඛ්‍යාවක් විය. මිලියන දුසිම් ගණන් මරණයට පත්වෙතැයි පැවසුවද මරණයට පත් වූවා යැයි වාර්තා කෙරී ඇත්තේ 18000කි. ලෝකයේ බොහෝ රටවලදී සිදු වූ මරණ සංඛ්‍යාව පිළිබඳ පළවු අති විශාල සංඛ්‍යාවන් අසත්‍ය ඒවා බව පවසමින් ලෝකයේ බොහෝ රටවල් විසින් පසුව ඒවා නිවැරදි කරන ලදි. ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළහැකි දෙයක් නම් මෙම මරණ සහ ආසාදන සංඛ්‍යාවන් පිළිබඳ ක්‍රීඩාව කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කරන ලද දෙයක් බවයි. ඔවුන් ට ඇතැම් විට ඒ ඒ රාජ්‍යයන්ගේ යම් දූෂිත බලධාරින්ගේ සහාය ඒ සඳහා ලැබෙන්නට ඇත.
මෙලෙස සංඛ්‍යා ලේඛන විශාල වශයෙන් වැඩි කොට හුවා දැක්වීමේ අරමුණ එමගින් දැඩි වසංගත භීතියක් ලොව පුරා පතුරවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් එමගින් එන්නත් සඳහා ලෝකයේ ආණ්ඩු සිය ගණනක් සමග අත්සන් තබා තිබූ කොන්ත්‍රාත් ගිවිසුම් බලාත්මක කිරීමත්ය. ඌරු උණ එන්නත් සහ ප්‍රති වෛරස් ඖෂධ මගින් ඖෂධ සමාගම් ලද ලාබය ඩොලර් බිලියන 18 ද ඉක්මවා ගොස් තිබේ.

ඌරු උණ වසංගතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දීමට එහි අධ්‍යක්ෂිකා මාගරට් චෑන් විසින් පත් කරන ලද හදිසි කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරින්ට හැරෙන්නට සෙසු ලෝකයෙන් රහසක්ව තබාගැනීමට මාගරට් චෑන් විසින් කටයුතු කර ඇත්තේ මන්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය ඌරු උණ වසංගතය සම්බන්ධව කටයුතු කළ අන්දමත් ඖෂධ සමාගම්වල බලපෑම පිළිබඳවත් විවිධ ආයතන විසින් විමර්ශන සහ පර්යේෂණ ගණනාවක් සිදු කෙරී තිබේ. ඒ අතර යුරෝපා කවුන්සිලය, යුරෝපා පාර්ලිමේන්තුව, නෙදර්ලන්ත සහ ජර්මන් පාර්ලිමේන්තුව ආදිය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ පිළිබඳව තමන්ගේම විමර්ශනයක් පවා කිරීමට සිදු වී තිබිණි. ලෝක සෞඛය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාගරට් චෑන් විසින් ඒ සියල්ල “කුමන්ත්‍රණ න්‍යායන් ” ලෙස ලේබල් කරමින් බැහැර කර තිබේ.
2010 වසරේ මුල්භාගයේදී එක්සත් ජනපදයේ බෝවෙන රෝග පාලන මධ්‍යස්ථානයේදී පවත්වන ලද සිය දේශනයේදී මාගරට් චෑන් මෙසේ පවසා තිබේ.
“ලෝක සෞඛ්‍ය සංවිධානය තමන් ගන්නා තීරණ දැඩි විමර්ශනයකට ලක් කිරීම අපේක්ෂා කරයි. නමුත් ඖෂධ සමාගම්වලට සම්බන්ධ උපදේශකයන් බඳවාගෙන ඔවුන්ගේ නිර්දේශ මත ව්‍යාජ වසංගතයක් ප්‍රකාශයට පත් කළා යැයි යනුවෙන් හෝ ඖෂධ සමාගම්වල ලාභය වැඩි කරගැනීමට සහාය වෙමින් පුද්ගලික වාසි ලබාගෙන ඇතැයි යනුවෙන් හෝ සමහර යුරෝපීය දේශපාලනඥයන් නගන චෝදනාවලට ගොදුරුවීමට එය අපේක්ෂා නොකරයි. ”

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොල් ෆ්ලින් (Paul Flynn) විසින් යුරෝපා පාර්ලිමේන්තු කවුන්සලය වෙනුවෙන් සිදු කරන ලද විමර්ශන වාර්තාව තීරණාත්මක එකක් විය. A/H1N1 අර්බුදය( ඌරු උණ වසංගතය) සම්බන්ධව තීරණ ගැනීමේ ක්‍රියාදාමය විනිවිද පෙනෙන සුළු බවකින් තොර බව එම විමර්ශන වාර්තාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත චෝදනා කර තිබේ. මහජන සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛතා කඩාකප්පල් කිරීම, මහජන මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කිරීම, අහේතුක භීතියක් ලෝකය පුරා ව්‍යාප්ත කරවීම, හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතා කිරීමට අවසර දීමට පෙර ප්‍රමාණවත් තරම් අත්හදාබැලීමේ පරීක්ෂණවලට ලක් නොකරන ලද එන්නත් නිර්දේශ කිරීම මගින් සෞඛ්‍ය අවදානමක් නිර්මාණය කිරීම ආදිය ඒ අතර වන අනෙකුත් ප්‍රධාන චෝදනාවන්ය.

“ සියලු මට්ටමේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් ඔවුන්ගේ තීරණ සම්බන්ධව මහජන විශ්වාසය නැවැත ඇති කිරීමේ දැක්මකින් යුතුව මෙම ප්‍රතිඵල දැඩි ලෙස විමර්ශනය කළ යුතුව තිබේ.” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

පෝල් ෆ්ලින් විමර්ශන වාර්තාවේ අංක 19 යටතේ මෙසේ සඳහන් වෙයි.

“19. මෙම උපදේශක ව්‍යුහයන්ගේ සමහර සාමාජිකයන්ට යම් නිශ්චිත ඖෂධ සමාගම්වලට වෘත්තීමය සම්බන්ධකම් ඇති බවට පැහැදිලි සාක්ෂි තිබේ. විශේෂයෙන්ම මෙම උපදේශක කමිටුවල සිටින විශේෂඥයන් ස්වකීය පර්යේෂණ සඳහා විශාල අරමුදල් ප්‍රමාණයක් මෙම ඖෂධ සමාගම්වලින් ලබාගෙන තිබේ. එහෙයින් ඔවුන් විසින් මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙනු ලබන උපදෙස්වල අපක්ෂපාතිත්වය මතභේදයට ලක් වූ කරුණක් බවට පත්ව තිබේ. මෙම චෝදනාවලට එරෙහිව පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අද දක්වාම අසමත්ව ඇති අතර මෙම තනතුරු දරන්නන් විසින් එම තනතුරු භාරගැනීමේදී ඉදිරිපත් කළ යුතු අයථා ප්‍රතිලාභ ලැබීමේ ඉඩ ප්‍රස්ථාවන් පිළිබඳ ප්‍රකාශන (Declaration of Conflict of Interest) ද ප්‍රසිද්ධියට පත් කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපීය ඖෂධ ඇගයීම් ඒජන්සිය (European Medicines Agency -EMEA) සමග ඒකාබද්ධව කටයුතු කරන අතර එම ආයතන ද එවැනි ලේඛන ප්‍රසිද්ධ කර නැත. මහජන සෞඛ්‍යයට ඉතා දැඩි බලපෑමක් එල්ලවන නිර්දේශ ඉදිරිපත් කරනු ලබන විශේෂඥයන්ගේ සේවා විස්තර පිළිබඳව පාරදෘශ්‍යභාවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව යුක්තිසහගත බව මෙම වාර්තාකරු තරයේ විශ්වාස කරයි. කෙසේ වුව ද 2010 දී ස්ට්‍රාස්බොර්ග් හිදි පැවැති මහජන සාක්ෂි විභාගයේදී පවා ඉහත විශේෂඥයන් ගේ අයථා ප්‍රතිලාභ ලැබීමේ ඉඩ ප්‍රස්ථාවන් පිළිබඳ ප්‍රකාශනවල තොරතුරු ඉදිරිපත් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔවුන්ගේ ‘පුද්ගලිකත්වය’ ආරක්ෂා කිරීමට යැයි කියමින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.”

(Rapporteur: Paul FLYNN,Memorandum:The handling of the H1N1 pandemic: more transparency needed, Social, Health and Family Affairs Committee, AS/Soc (2010) 12 ,23 March 2010)

 

ඌරු උණ වසංගත ප්‍රෝඩාව හෙළි වූ පසු ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ එන්නත් බටහිර රටවල් දුප්පත් රටවල්වලට යළි විකුණයි

ඌරු උණ වසංගත රෝග තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ “විශේෂඥ උපදේශකයන්” විසින් එහි අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන්හට උපදෙස් සපයනු ලැබිණි. ඒ සඳහා උපයෝගී කරගනු ලද්දේ ඊට සතිකීපයකට පෙර ඉතා කුමන්ත්‍රණකාරි හඳුන්වා දෙන ලද වසංගත තත්ත්වයන් පිළිබඳ නව නිර්වචනයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාගරට් චෑන් විසින් ඉහත විශේෂඥ උපදේශකයන්ගේ උපදෙස් අනුව අවධි 6 හදිසි ගෝලීය වසංගත තත්ත්වයක් (Phase 6 global pandemic emergency) ප්‍රකාශ කිරීමත් සමගම ලෝකය පුරා රටවල ආණ්ඩු විසින් ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩ සටහන් ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව ඩොලර් බිලියන ගණන් වියදම් කරමින් H1N1 සඳහා යැයි කියමින් ඖෂධ සමාගම් විසින් හඳුන්වා දෙන ලද එන්නත් මිල දී ගනු ලැබිණි.
2009 වසරේ අවසානයේදී හෙළිවූයේ මෙම ඌරු උණ වසංගතයෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 457ක් බවයි. එය සාමාන්‍ය වාර්ෂික උණ සෙම්ප්‍රතිශ්‍යාවේ සංකීර්ණතා මගින් මිය යන සංඛ්‍යාවටත් වඩා අඩු විය. පසුව වෛද්‍ය වෘත්තිකයන් විසින් කරන ලද අධ්‍යයනවලින් පෙනී ගියේ මෙම ඌරු උණ H1N1 “වසංගතය ” වූ කලී මේ දක්වා පැතිර ගිය සාමාන්‍ය වාර්ෂික උණ සෙම්ප්‍රතිශ්‍යා ආසාදනයන් අතරින් හානිකර බවින් අඩුම ආසාදනය බවයි.

වුල්ෆ්ගාන්ග් වෝර්ඩාග්

ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූත් යුරෝපීය කවුන්සිලයේ පාර්ලිමේන්තු සංගමයේ සභාපති වූත් පෙනහළු සහ පෙනහළු ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥයෙකු වූත් වෛද්‍ය වුල්ෆ්ගාන්ග් වෝර්ඩාග්( Wolfgang Wodarg) මෙම ඌරු උණ වසංගත නාටකය පිටුපස ඇති දූෂණ ජාවාරම් සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින ලද අතර ඒ අනුව පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලදි. එමෙන්ම නෙදර්ලන්ත පාර්ලිමේන්තුවද එවැනිම පරීක්ෂණයක් ආරම්භකරන ලදි.
එම විමර්ශන මගින් හෙළිදරවු වූයේ ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාගරට් චෑන් හට උපදෙස් දෙන ලද විශේෂඥයන් බොහෝ දෙනෙකු ග්ලැක්සෝස්මිත්කලයින්, නොවාර්ටිස්, සහ අනෙකුත් ඖෂධ සමාගම් වලින් සෘජුව හෝ වක්‍රව ගෙවීම් ලබන්නන් බවයි.

මෙම උපදේශක කමිටුවේ එක් විශේෂඥයෙකු වූ නීල් ෆර්ගසන් Roche,Baxter සහ GlaxoSmithKline යන එන්නත් නිපදවන සමාගම්වලින් ගාස්තු ලබාගෙන තිබිණි.ඔහු විසින් ඌරු උණ (swine flu- H1N1) රෝගයෙන් පුද්ගලයන් 65,00ක් බ්‍රිතාන්‍ය තුළදී පමණක් මිය යනු ඇතැයි අනතුරු අඟවන ලදි. JPMorgan ඇස්තමේන්තු අනුව ඖෂධ සමාගම් විසින් මේ “ඌරු උණ වසංගතය ”මගින් උපයන ලද ලාභය පමණක් ඩොලර් බිලියන 10කට ආසන්නය.

අවසානයේදී මේ “වසංගතය ” කියන තරම් දරුණු එකක් නොවන බවට සංවර්ධිත රටවල ජනතාව වටහාගැනීමත් සමගම ඔවුන් තුළ එන්නත් සඳහා තිබූ ඉල්ලුම ක්‍රමයෙන් නැතිවන්නට විය. මාධ්‍ය සහ සෞඛ්‍ය අංශ බලධාරින් යොදාගෙන කොතෙක් ප්‍රචාරක කටයුතු සිදු කළද එන්නත් ගැනීමට ජනයා පොළඹවාගත නොහැකි විය.අවසානයේදී 2009 නොවැම්බර් වනවිට යුරෝපීය රටවල් සහ කැනඩාව, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් තමන් විසින් මිලදී ගෙන තිබූ එන්නත් තොග ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් දුප්පත් රටවලට විකුණමින් තවත් ජාවාරමක් ආරම්භ කරන ලදි. ඔවුන් මේ ජාවාරම අඩුමිලට එන්නත් සැපයීමට තමන් කරන පරිත්‍යාගයක් ලෙස හුවා දැක්වීමට වෑයම් කරන ලදි. ඉතා පිළිකුල් සහගත කටයුත්ත වන්නේ 2010 පෙබරවාරි වනවිට මෙම ඌරු උණ වසංගතය ප්‍රෝඩාවක් බවට හොඳින්ම තහවුරු වූ පසුව පවා ඌරු උණ එන්නත් තුන්වන ලොකයේ රටවලට පැටවීමට දියුණු රටවල් සහ ඖෂධ සමාගම් ගත් ජාවාරම්කාරි උත්සාහයට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාකාරි ලෙස සහයෝගය දැක්වීමය.

2010 පෙබරවාරි 1 වැනි දින නිව්යොක් ටයිම්ස් වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබිණි.

මේ වනවිට එක්සත් ජනපදය ද ඇතුළු ධනවත් රටවල් සතුව භාවිතා නොකරන ලද ඌරු උණ එන්නත් තොග විශාල ප්‍රමාණයක් පවතින අතර ඔවුහු තමන්ගේ අතිරික්ත තොග වලින් මිදීමට උත්සාහ දරමින් සිටිති. එසේ වුව ද තවමත් වසංගතයට ගොදුරු වෙමින් පවතින ලෝකයේ දුප්පත්ම රටවල් වෙත ඒවා ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි.
ලෝකයේ රටවල් 95ක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පවසා සිටියේ තමන්ට මෙම ඌරු උණ එන්නත ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලැබී නැති බවය. ඒවා ලැබී ඇත්තේ අසර්බයිජානයට සහ මොංගෝලියාවට පමණි. මීළඟට ඒවා ලැබෙනු ඇත්තේ ඇෆ්ඝනිස්ථානයටය.
පසුගිය මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් ප්‍රකාශ කර සිටියේ රටවල් 14ක් සඳහා ඌරු උණ එන්නත් නැව්ගත කිරීමට ඔවුන් අපේක්ෂා කරන බවයි. එසේ වුව ද එම ප්‍රමාණය මගින් වුවද ආරක්ෂාව සැලසීමට හැකිවනු ඇත්තේ එමරටවල ජනගහණයෙන් 2%කට පමණකි.
උතුරු ඇමෙරිකාවේ දී මේ වනවිට වසංගතය අඩුවෙමින් පැවතුණද උතුරු අප්‍රිකාවේත්, මධ්‍යම ආසියාවේත්, නැගෙනහිර යුරෝපයේත් බොහෝ රටවල් තවමත් එයින් පීඩා විඳිමින් සිටිති.
ධනවත් සහ දුප්පත් රටවල් අතර පවතින මේ අසමතුලිතබවත්, ගෝලීය එන්නත් ප්‍රවාහනයේ අකාර්යක්මෂතාවත් බොහෝ විශේෂඥයන්ගේ අපේක්ෂා භංගත්වයට හේතු වී තිබේ.
“අපට H5N1 උණට මුහුණ දීමට සිදුවූවානම් අප ඊට ගොදුරු වනු ඇත්තේ රෙදිත් නැතිවයි.” වසංගත පිළිබඳ විශේෂඥයෙකු සහ වන Aventis-Pasteur එන්නත් සඳහා වෛද්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලක් කටයුතු කර ඇති වෛද්‍ය ඩේවිඩ් එස්. ෆෙඩ්සන් (David S. Fedson) පැවසීය. ඔහු සඳහන් කළේ H5N1 නැතහොත් කුරුලු උණ ගැනය.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලෝකයේ යථාර්ථය පිළිගැනීමට සිදුව තිබේ. එන්නත් මිලදී ගැනීමට සමත් වූ රටවල් තමන්ගේ ගැලවීම සලසාගත් පසුව ඉතිරි තොග දුප්පත් රටවලට පැටවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අතිරේක ගබඩාවක් බවට පත් කර තිබේ.
මෙම එන්නත් තොග ප්‍රවාහනය අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆ්ලුවන්සා වසංගත මර්දන ප්‍රධානි වෛද්‍ය කෙයිජි ෆුකුඩා (Keiji Fukuda)පැවසීය.
(Progress Is Slow on Moving Surplus Swine Flu Vaccine to Countries That Need It-The Newyork Times, 1 Feb 2010) 

ඉහත වාර්තාවට අනුව මෙම එන්නත ලබාගැනීමට අපේකෂිත රටවල් තමන් සතුව එන්නත් ගබඩා කිරීමේ ශීතකරණ පහසුකම් පවතින බව ඔප්පු කළ යුතුව තිබේ. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් එම රටවලට ලබා දිය යුතුය. මේ වනවිටත් කල් ඉකුත්වෙමින් පැවැති බොහෝ එන්නත් තොග ඒවා ප්‍රවාහනය සහ බෙදාහැරීමට යන කාලයත් සළකා බැලූකල අදාළ ජනතාව වෙත එය ළඟවන විට ඒවා මුළු මණින්ම කල් ඉකුත්ව විනාශකල යුතු තත්ත්වයක පැවතීමට බොහෝ සෙයින් ඉඩ තිබූ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඖෂධ සමාගම් සහ ධනවත් රාජ්‍යයන්ගේ බලපෑම පිට ඒවා තුන්වන ලෝකය වෙත “පහසු ගෙවීමේ ක්‍රමයට“ ලබා දීමේ අනවරත උත්සාහයක කඩිමුඩියේ නිරත විය.
ධනවත් රටවල් විසින් සිය ඉතිරි එන්නත් මාත්‍රා මිලියන 190ක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පටවා තිබිණි. ඒ අතරම එම රටවල් තමන් විසින් ඖෂධ සමාගම් වෙත සිදු කරන ලද අමතර ඇණවුම් අවලංගු කිරීමටත් ඒවා  ආසියාවේ, අප්‍රිකාවේ හෝ ලතින් ඇමෙරිකාවේ දුප්පත් රටවල් වෙත හැරවීමටත් වියරු උත්සාහයක නිරත විය.
එන්නත් අතිරික්තයක් ඇති වීමට හේතුවූයේ ඌරු උණෙන් ගැලවීමට එන්නත් මාත්‍රා දෙකක් ලබාගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයද, ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරින් ද ඖෂධ සමාගම්වල බලපෑම්වලට යටත්ව තීරණය කර ඒ අනුව ජනගහණයටත් වැඩි මාත්‍රා ප්‍රමාණයක් ඇණවුම් කිරීම නිසාය. නමුත් අවසානයේදී ඌරු උණ මාරාන්තික බවින් ඉතා අඩු සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් බවට ජනතාව තේරුම් ගැනීම හේතුවෙන් ඔවුන් තුළ එන්නත ලබාගැනීමට උනන්දුවක් නොවූ හෙයිනි. පළමු වර එන්නත ලබාගත් සුළු ප්‍රතිශතයද දෙවන මාත්‍රාව ගැනීමට ඉදිරිපත් නොවූහ.
ප්‍රංශය සිය මිලියන 65ක් වූ ජනතාව සඳහා එන්නත් මාත්‍රා මිලියන 94ක් ඇණවුම් කරන ලදි. නමුත් ආරම්භයේ සිටම බහුතරයක් ප්‍රංශ ජාතිකයන් විසින් මෙම ඌරු උණ වසංගතයේ මාරාන්තික බව කියැවෙන වාර්තා පිළිබඳව සැක කළහ. එක් ජනමත විචාරණයකට අනුව 80%ක් ප්‍රංශ ජාතිකයන් කියා සිටියේ තමන් මෙම එන්නත ලබා නොගන්නා බවයි. නමුත් මෙම ඉන්ෆ්ලුවන්සාව හා සම්බන්ධිත වෙනත් සංකීර්ණතා උත්සන්න වීම හේතුවෙන් සිදු වූ මරණ කීපයක් යොදාගනිමින් ඖෂධ සමාගම්වල අනුග්‍රහයෙන් ජනමාධ්‍ය සහ ප්‍රංශ රජයේ සෞඛ්‍ය අංශ විසින් ගෙන ගිය දැවැන්ත ඌරු උණ භීෂණ ප්‍රචාරක ව්‍යාපාරය හේතුවෙන් බියට පත් ජනතාව එන්නත් ලබාගැනීමට පෝලිම් ගැසුණහ. නමුත් නැවතත් මෙම උනන්දුව පහවූයේ එකී මරණ පිළිබඳ යථාර්ථය හෙළි වූ හෙයිනි. අවසානයේ ප්‍රංශය සිය ඉතුරු වූ එන්නත් තොගවලින් කල් ඉකුත් වූ ඒවා විනාශ කර අනෙක් කොටස නැවතත් දුප්පත් රටවලට “වට්ටම් සහිතව ” අලෙවි කිරීමේ නින්දිත උත්සාහයක නිරත විය.
අනෙකුත් රටවලද තත්ත්වයද මෙබඳුම විය. නීල් ෆර්ගසන්ගේ අනුමාන කිරීම් මොඩලය අනුව බ්‍රිතාන්‍ය තුළ ඌරු උණෙන් 65000ක් දෙනා මිය යායුතුව තිබුණ නමුත් අවසනාවත් ලෙස මරණයට පත් වූයේ 400කට ආසන්න ප්‍රමාණයකි. ජනතාව එන්නත ලබාගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සිය ඇණවුම් අවලංගු කිරීමට දැඩි උත්සාහයක් ගත්තේය.
මෙහි දී මෙලෙස ඇණවුම් අවලංගු කිරීමට උත්සාහ ගත් ආණ්ඩුවලට තර්ජනය කිරීමට තරම් ඖෂධ සමාගම් ඉදිරියට පැමිණිනි. ස්විස් ඖෂධ සමාගමක්වන නොවාර්ටිස් සමාගමේ සභාපති ඩැනියෙල් වසෙලා ප්‍රකාශ කර සිටියේ “ඇණවුම් අවලංගු කරන රටවලට මීලඟ වසංගතයේදී එන්නත් සැපයීමේදී ප්‍රමුඛත්වයක් ලබා නොදෙනු ඇති අතර විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට හොඳින් සළකනු ඇත” යනුවෙනි.
කැනඩාව සිය අතිරික්ත එන්නත් තොගයෙන් මිලියන 5ක් මෙක්සිකෝවට අලෙවි කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද සහාය සහිතවය.
එමෙන්ම මේ ආකාරයේ ද්විපාර්ශ්වික ගනුදෙනු මගින් බලවත් සහ ධනවත් බටහිර යුරෝපීය රටවල් විසින් කලින් සමාජවාදි රටවල් ලෙස පැවැති නැගෙනහිර යුරෝපයේ රටවල් වෙත සිය ඉතුරු එන්නත් තොග මිලට ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේද සහාය ඇතිව බලකරන ලදි.

ඌරු උණ එන්නත්වල හානිකර අතුරු ආබාධ

2013 ජනවාරි මස 22 වැනි දින රොයිටර් පුවත් සේවයේ විද්‍යා සහ සෞඛ්‍ය වාර්තාකරු කේට් කෙලාන් විසින් Insight – Evidence grows for narcolepsy link to GSK swine flu shot නම් සිරස්තලය යටතේ ලියන ලද ලිපිය මගින් ඌරු උණ එන්නත් හේතුවෙන් යුරෝපයේ වර්ධනය වෙමින් පවතින අතුරු ආබාධ පිළිබඳව අවධානය යොමු කර තිබිණි. මෙහිදී ඇය විසින් වාර්තා කර ඇත්තේ ඉහත එන්නත් හේතුවෙන් එය ලබාගත් ඇතැම් පුද්ගලයන් තුළ මතුවන නාකොලෙප්සි (narcolepsy ) නම් රෝගී තත්ත්වය හෙවත් අධික නිදිමත ගතිය පිළිබඳවය.

මෙම අතුරු ආබාධවල ලක්ෂණ නම් අධික නිදිමත ගතිය, දෘෂ්ටි මායාවන් දර්ශනය වීම, බියකරු සිහින පෙනීම, අවදි වන විට නිතර අත් පා අකර්මණ්‍යව පැවතීම, හුස්මගැනීමේ අපහසුතා සහ කතා කිරීමේ අපහසුතා ආදියයි.

රොයිටර් වාර්තාවට අනුව ෆින්ලන්තය, නෝර්වේ, අයර්ලන්තය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යේ නාකොලෙප්සි රෝගීන් හමු වී තිබේ. මෙම රෝගීන් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයට යළි එළැඹීය නොහැකි තත්ත්වයක පසුවන බවත් එය “වෛද්‍ය විද්‍යාත්මක ඛේදවාචකයක්”බවත් ඌරු උණ එන්නත්කරණ ව්‍යාපාරයට සහභාගි වූ ස්වීඩන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු රොයිටර් වෙත පවසා තිබේ.
මේ වනවිට යුරෝපයේ ඖෂධ පාලක බලධාරින් විසින් වයස අවුරුදු 20ට අඩු පුද්ගලයන් සඳහා ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගමේ ඌරු උණ එන්නත වන පැන්ඩම්රික්ස් භාවිතා නොකරන ලෙස නියෝග කර තිබේ.
ග්ලැක්සෝස් ස්මිත් ක්ලයින් සමාගමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වූ නෝමන් බෙග් මෙවැනි තත්ත්වයකදී ඖෂධ සමාගම්වල ප්‍රකාශකයන් යොදාගනු ලබන සාමාන්‍ය වංමාලාව භාවිතයට නගමින් පැහැදිලි පිළිතුරක් ලබා දීම මගහැර තිබේ. ඔහු රොයිටර් පුවත් සේවය හා පවසා ඇත්තේ මෙහි සැබෑ තත්ත්වය සොයා ගැනීම සඳහා කැපවී සිටින බවත් නමුත් මෙම අතුරු ආබාධ සහ තම සමාගමේ නිෂ්පාදනයක් වන පැන්ඩම්රික්ස් සමග සම්බන්ධයක් ඇතැයි තහවුරු කිරීමට සාක්ෂිමය දත්ත නොමැති බවත්ය.
කෙසේ වුවද ග්ලැක්සෝස් ස්මිත් ආයතනය විසින් මෙම තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීමට පත්කරන ලද නාකොලේප්සි පිළිබඳ ලෝකයේ ප්‍රමුඛතම විශේෂඥයෙකු වන එමානුවල් මිග්නට් විසින් නෝමන් බෙග් ගේ මතය ප්‍රතික්ෂේප කරයි. ඔහු විසින් පවසන්නේ සියලු සාක්ෂි යොමුව ඇත්තේ එක් දිශාවකට බවයි. එනම් පැන්ඩම්රික්ස් එන්නත නාකොලෙප්සි රෝගීන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමට හේතුවී ඇති බවට සාක්ෂි ලැබෙමින් පවතින බවයි.
“බොහෝ රටවල නාකොලෙප්සි රෝගීන් සංඛ්‍යාව වැඩිවීමට විශේෂයෙන් ළමුන් අතර එම රෝගය වැඩි වීමට පැන්ඩම්රික්ස් හේතු වී ඇති මා තුළ කිසිදු සැකයක් නැහැ ” යි මිග්නොට් වැඩි දුරටත් පැවසීය.
2009-2010 අතර කාලය තුළ රටවල් 47 ක මිලියන 30 ක් ජනතාව පැන්ඩම්රික්ස් වලින් ඌරු උණ සඳහා එන්නත් කර තිබේ. එක්සත් ජනපදය තුළ පැන්ඩම්රික්ස් අනුමත කර නැත. එයට හේතුව එහි අඩංගු උපවර්ධක සංයෝග හෙවත් adjuvant (බූස්ටර්) හේතුවෙනි. මෙම adjuvant භාවිතය හේතුවෙන් බොහෝ රටවල් පැන්ඩම්රික්ස් භාවිතයට අනුමත කර නැත.
2009 දී පැන්ඩම්රික්ස් එන්නත මුදාහළ පසුව 2013 වනවිට යුරෝපයේ නාකොලෙප්සි රෝගීන් 795ක් හමු වී තිබේ.
ස්වීඩනයේ, ෆින්ලන්තයේ, සහ අයර්ලන්තයේ ස්වාධීන පර්යේෂකයන් විසින් සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව 2009 සහ 2010 අතර ඌරු උණ එන්නත් කරණ ව්‍යාපාරය තුළ පැන්ඩම්රික්ස් ලබාගත් පුද්ගලයන් අතර නාකෝලෙප්සි රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ඇති සම්භාවිතාව එය ලබා නොගත් පුද්ගලයන්ට වඩා 13 වාරයකින් ඉහළ ගොස් තිබේ.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ පුද්ගලයන් මිලියනයක් ගතහොත් එයින් 200 -500 අත ප්‍රමාණයක් විවිධ හේතුන් නිසා නාකොලෙප්සිවලට ගොදුරු වීමට ඉඩ තිබේ. මෙම රොගයට ගොදුරුවන්නේ මොලයේ ස්නායු ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ රසායනිකයක් වන ඔරෙක්සින් නැතහොත් හයිපොක්‍රෙටින් අඩු වීම නිසාය. මෙම රසායනිකය විසින් අවදීවී සිටීම සහ නින්ද පිළිබඳ ක්‍රියාවලිය පාලනය කරයි. HLA නම් ජානය සහිත පුද්ගලයන් තුළ ඉහත සඳහන් හයිපොක්‍රෙටින් සංයෝගය අඩුවෙන් පවතින බව පර්යේෂණ විසින් සොයාගෙන ඇත. යුරෝපයේ ජනහණයෙන් 25%ක් තුළ මෙම HLA ජානය පවතින බවද පැවසේ.
පැන්ඩම්රික්ස් වල ඇති සංයෝගයක් විසින් හයිපොක්‍රෙටින් ප්‍රමාණය අඩුකිරීමට හේතු වන්නට ඇතැයි පිළිබඳව විද්‍යාඥයෝ වැඩි දුරටත් පරීක්ෂණ පවත්වමිනි සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ඌරු උණ මගින් මරණයට පත් වූ සංඛ්‍යාව ලෝකය පුරාම ආසන්න වශයෙන් 18,500ක් පමණ වේ. නමුත් ඔවුන් 2009 ජූනි මාසයේදී ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමේදී පවසන ලද්දේ ලෝකය පුරා මිලියන දුසිම් ගණන් මිනිසුන් ඌරු උණ රෝගයෙන් මරණයට පත්වනු ඇති බවයි. නිසි පරිදි පරීක්ෂණයන්ට පවා ලක් නොකරන ලද එන්නත් වර්ග ලෝක සෞක්‍ය සංවිධානයේ නිර්දේශය මත බොහෝ රටවල ඖෂධ පාලක අධිකාරින් විසින් අනුමත කළේ මේ “මිලියන දුසිම් ගණනින් සිදුවි හැකි මරණ ” වැළැක්වීම සඳහාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයක් ප්‍රකාශයට පත් කිරීමත් සමගම ඖෂධ සමාගම් සහ ඒ ඒ රටවල ආණ්ඩු අතර කලින් අත්සන් තබා තිබූ එන්නත් ඇණවුම් ගිවිසුම් සක්‍රිය විය. ඒ අනුව ඌරු උණ එතරම් බරපතල රෝගයක් නොවන බව පෙනී ගියද තමන් විශාල වශයෙන් මුදල් ගෙවා මිලදීගත් එන්නත්වලින් ජනතාව එන්නත් කිරීමට ඒ ඒ රටවල ආණ්ඩු විසින් ක්‍රියාත්මක වූයේ එසේ නොකළහොත් එන්නත් මිලදී ගැනීම මගින් නිකරුණේ මහජන මුදල් නාස්තිකර දමා ඇතැයි යන චෝදනාව එල්ලවනු ඇතැයි යන බිය නිසාය. මෙම එන්නත්කරණ ව්‍යාපාරය සුරක්ෂිත හෝ ඵලදායි එකක් නොවූවාක් මෙන්ම එවැන්නක සැබෑ අවශ්‍යතාවක් ද නොවිණි.

ස්වීඩනයේ ප්‍රාන්ත 21ක එන්නත්කරණ ව්‍යාපාරය සම්බන්ධීකරණය කළ ස්වීඩනයේ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ කලාපීය සම්මේලනයේ අධ්‍යක්ෂ අනුව ස්වීඩනයේ මිලියන 5ක් ජනතාව පැන්ඩම්රික්ස් වෙතින් එන්නත් කොට තිබේ.

ස්ටියර්න්ස්ටෙඩ්ගේ ගණනය කිරීම්වලට අනුව ස්වීඩනයේ ඌරු උණ මගින් මියගොස් ඇත්තේ 30-60 අතර ප්‍රමාණයකි. නමුත් එන්නත් කරණය නිසා 200ක් පමණ ලාබාල තරුණ තරුණියන්ට තම මුළු ජීවිතයම ආබාධිත තත්ත්වයකට ලක්ව ජීවත්වීමට සිදුව තිබේ.
“ එන්නත මගින් සිදුවන අතුරු ආබාධවල අයහපත සහ එයින් සිදුවන යහපත පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයකදී මේ තත්ත්වය කොහෙත්ම පිළිගත හැකි නොවේ. එය වෛද්‍ය විද්‍යාත්මක ශෝකාන්තයක් ”යැයි ස්ටියර්න්ස්ටෙඩ් විසින් රොයිටර් වෙත පවසා ඇත.

 

 

මූලාශ්‍ර

  1. The handling of the H1N1 pandemic: more transparency needed
  2. Chronicle of Hysteria, Philip Bethge , Katrin Elger , Jens Glüsing , Markus Grill , Veronika Hackenbroch , Jan Puhl , Mathieu von Rohr and Gerald Traufetter
  3. Deborah Cohen and Philip Carter , WHO and the pandemic flu “conspiracies”
  4. Peter LM Vasterman and Nel Ruigrok – Pandemic alarm in the Dutch media: Media coverage of the 2009 influenza A (H1N1) pandemic and the role of the expert sources
  5. 19 May 2009- Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan
  6. Insight – Evidence grows for narcolepsy link to GSK swine flu shot
  7. Looking back at swine flu vaccine
  8. PROVISIONAL VERSION , The handling of the H1N1 pandemic: more transparency needed
  9. Four-year-old could hold key in search for source of swine flu outbreak
  10. Implementation of the International Health Regulations (2005)
  11. Pandemic alarm in the Dutch media: Media coverage of the 2009 influenza A (H1N1) pandemic and the role of the expert sources First published online June 10, 20 Peter LM Vasterman and Nel Ruigrok
  12. A New Patient Zero
  13. The 2009 H1N1 Pandemic: Summary Highlights, April 2009-April 2010
  14. Swine flu and hype: a systematic review of media dramatization of the H1N1 influenza pandemic
  15. World Health Organizationල Department of Communicable Disease Surveillance and Response
  16. African swine fever destroying small pig farms, as factory farming booms – report
  17. WHO: Premature to Call Swine Flu Pandemic Over
  18. WHO Denies Conflict in Manufacture of Swine-Flu Vaccine
  19. Transcript of press briefing at the Palais des Nations, Geneva, Dr Keiji Fukuda, Special Adviser to the Director-General on Pandemic Influenza,29 March 2010
  20. Swine flu backlash
  21. Swine flu
  22. WHO list reveals pandemic flu advisors with industry ties
  23. Progress Is Slow on Moving Surplus Swine Flu Vaccine to Countries That Need It-The Newyork Times, 1 Feb 2010 
  24. Influenza Pandemic Plan: The Role of WHO and Guidelines for National and Regional Planning
  25. 2 experts resign from WHO swine flu review panel
  26. Drug companies face European inquiry over swine flu vaccine stockpiles
  27. Joint Press Conference held by UN Secretary-General and World Health Organization Director-General, Margaret Chan
  28. In Hongkong gefehlt – von der WHO gewählt
  29. Transcript of virtual press conference with Dr Keiji Fukuda, Special Adviser to the Director-Generalon Pandemic Influenza, World Health Organization
  30. Transcript of press briefing at the Palais des Nations, Geneva Dr Keiji Fukuda, Special Adviser to the Director-General on Pandemic Influenza
  31. Transcript of virtual press conference with Gregory Hartl, WHO Spokesperson for Epidemic and Pandemic Diseases, and Dr Keiji Fukuda, Assistant Director-General ad. Interim for Health Security and Environment, World Health Organization
  32. WHO list reveals pandemic flu advisors with industry ties
  33. Statement by Dr Keiji Fukuda on behalf of WHO at the Council of Europe hearing on pandemic (H1N1) 2009 ,WHO 25 January 2010 
  34. Pandemic Preparedness Plan-Sri Lanka-2012 Epidemiology unit, Ministry of Health