ෆයිසර් එන්නත හෘදයාබාධ ඇති කිරීමට හේතු වූ නිසා තායිවානය අවුරුදු 12-17 අතර ළමුන්ට එය ලබා දීම අත්හිටුවයි.

ෆයිසර්- බයොන්ටෙක් එන්නත ලබා ගත් පසු වයස 12-17 අතර ළමුන් අති විශාල සංඛ්‍යාවක් හෘදය ඉදිමීමේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමෙන් අනතුරුව තායිවානයේ සෞඛ්‍ය බලධාරින් විසින් අවුරුදු 12- 17 වයසේ ළමුන්ට ෆයිසර්-බයොන්ටෙක් එන්නතේ දෙවැනි මාත්‍රව ලබා දීම අත් හිටුවා තිබේ.

පසුගිය බදාදා විශේෂඥයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් විසින් මෙම අත්හිටුවීමේ තීරණය ගනු ලැබිණි. තායිවානයේ සෞඛ්‍ය ඇමැති සහ  වසංගත පාලන අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන ෂෙන් ෂී ෂුංග් විසින් ප්‍රකාශ කර ඇති පරිදි මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු වෙමින් පවතී. එන්නත ලබා දෙන ලද ළමුන්ගේ හෘදය වස්තුවේ පේෂි ඉදිමීම ( myocarditis)සහ හෘදය වස්තුවේ බාහිර පටල ඉදිමීම (pericarditis) පිළිබඳ සිදුවීම් වාර්තා වීමෙන් අනතුරුව තායිලන්තයේ සෞඛ්‍ය බලධාරින් විසින් මෙම අත් හිටුවීමේ ක්‍රියාමාර්ගය ගනු ලැබිණි.

තායිවානයේ සෞඛ්‍ය ඇමැති සහ වසංගත පාලන අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන ෂෙන් ෂී ෂුංග්

තායිවානයේ වසංගත පාලන අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රකාශක ෂුවාන්ග් යෙන් සියාන්ග් විසින් නොවැම්බර් 16 වැනි දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිදරවු කර සිටියේ නොවැම්බර් 15 වැනි දින එන්නත් ලබාගැනීමෙන් අනතුරුව පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි. මෙම මියගිය පුද්ගලයන් අතර 18 හැවිරිදි තරුණියක ද වූ බව ඔහු විසින් පවසනු ලැබිණි.
සැප්තැම්බර් මස 29 වැනිදා මෙම තරුණිය වෙත එන්නත ලබා දීමෙන් අනතුරුව ඇයගේ උදරයේ ඉහළ කොටසේ වේදනාකාරී තත්ත්වයක් හට ගැනී ඇති අතර පසුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් අයහපත් වන්නට පටන් ගැනීම සිදු වූ බව තායිලන්තයේ වසංගත පාලන අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු වන ෂුවාන්ග් යෙන් සියාන්ග් විසින් පවසයි. පසුව ඇය නොවැම්බර් 9 වැනි හදිසි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර නොවැම්බර් මස 13 වැනි දින ඇයට ශල්‍ය කර්මයක් සිදු කරන ලද බව ද එහෙත් ඇය 15 වැනි දා මරණයට පත් වූ බව ද ඇගේ පවුලේ සාමාජිකයන්ට වන්දි ලබා දීම සඳහා ඉල්ලුම් කිරීමට සිය මධ්‍යස්ථානය සහායවන බවද ඔහු විසින් වැඩි දුරටත් පවසන ලදි .

නොවැම්බර් 15 වැනි සඳුදා එන්නත් මගින් සිදු වූ හානිකර අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් 117ක් වාර්තා වී ඇති අතර එයින් 59ක් “ බරපතල සිදුවීම්“ නොවන බවත් 52ක් “ බරපතල “ ඒවා වන බවත් මාධ්‍ය ප්‍රකාශකයා විසින් පවසන ලද්දේ මාධ්‍ය වේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලෙසය.

කෙසේ වුව ද ඉහත එන්නත ගැනීම හේතුවෙන් මතු වූ මෙම හෘදයාබාධ වැළඳීමේ තත්ත්වයන් හේතු වූ මතු වූ ජන විරෝධය සන්සුන් කිරීමේ අරමුණින් තාවකාලිකව මෙවැනි අත්හිටුවීම් සිදු කළද, ෆයිසර් සමාගමේ සහ වෙනත් බලගතු ජාත්‍යන්තර බලවේගයන්ගේ බලපෑම අනුව යළිත් මෙම එන්නත අනුමත කිරීමට තායිවාන බලධාරින් ක්‍රියා කරනු ඇතැයි ස්වාධීන නිරීක්ෂකයෝ පවසති. දැනට මෙම කොවිඩ්-19 එන්නත් වලින් සිදුවන අතුරු ආබාධ සහ මරණ පිළිබඳ සිදුවීම් යටපත් කිරීම සඳහා එම එන්නත් ලබා දෙන සියළු රාජ්‍යයන් විසින් අනුගමනය කරන පිළිවෙත එය බව ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් වලින් සිදු වූ මරණ

මෙයට පෙර 2021 ජූනි මාසයේදී තායිවානය විසින් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීම ආරම්භ කර දෙදිනකට පසුව පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත් වීම වාර්තා වූ බව වාර්තා විය. ජූනි 11 වැනි සිකුරාදා වන විට එන්නත් ලබාගැනීමෙන් පසුව මරණයට පුද්ගලයන් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබිණි.

ග්ලෝබල් ටයිම්ස් වාර්තා කරන අන්දමට තායිවානය වෙත මෙම ඇස්ට්‍රා සෙනකා එන්නත් තොගය පරිත්‍යාග කර ඇත්තේ ජපානය විසිනි.

පසුගිය මාර්තු 12 වැනි දින තායිවානයේ සෞඛ්‍ය ඇමැති සහ වසංගත පාලන අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන ෂෙන් ෂී ෂුංග් විසින් ප්‍රකාශ කර සිටියේ යුරෝපා සංගමය විසින් එන්නත් සහ ලේ කැටිගැසීම් අතර සම්බන්ධයක් ඇති බවට සහතික කර නැති බැවින් තමන් දිගටම ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීම සිදු කරන බවයි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැනීම මගින් සිදුවන වාසි හානිවලට වැඩි බැවින් එම තීරණය ගත් බව ඔහු එම අවස්ථාවේදී පැවසීය.
තායිවානය විසින් මේ දක්වා බටහිර විසින් නිෂ්පාදනය කරන ලද සියලුම එන්නත් තම රටවැසියන්ට ලබා දී ඇති අතර චීනයේ නිෂ්පාදිත එන්නත් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ ගැන තායිවාන් සෞඛ්‍ය ඇමැතිවරයා පවසා සිටියේ චීන එන්නත්වලට තමන්ගේ විරුද්ධත්වයක් නැති නමුත් එම එන්නත්වල කාර්යක්ෂ්මතාව සහ සුරක්ෂිත බව ගැන ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැති බැවින් මේ දක්වා එම එන්නත්වලට අවසර දීමට කටයුතු කර නැති බවය. කෙසේ වුව ද දැනට ලෝකයේ භාවිතාවන සියලුම කොවිඩ්-19 එන්නත් වර්ග නිෂ්පාදනය කර ඇත්තේ වසරකටත් වඩා අඩු කාලයක් තුළ වන අතර ඒවායේ තුන්වන අදියරේ අත්හදා බැලීමේ පරීක්ෂණ මේ කිසිදු එන්නතක් විසින් සම්පූර්ණ කර නැත. තායිවාන සෞඛ්‍ය ඇමැතිවරයා විසින් චීන එන්නත් වලට අනුමැතිය දීම සඳහා විද්‍යාත්මක දත්තවල අවශ්‍යතාව අවධාරණය කළද තායිවානය විසින් අනුමැතිය දී දැනට එම රට තුළ භාවිතා කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා, මොඩර්නා හෝ ෆයිසර් බයොන්ටෙක් යන කිසිදු එන්නතක් සඳහා එවැනි සම්පූර්ණ දත්ත නොපවතී.
තායිවානය විසින් චීනය විසින් පිරිනැමුණු එන්නත් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒවාට අදාළ විද්‍යාත්මක දත්ත වල අසම්පූර්ණ බව නිසා ප්‍රකාශ කළ ද ඒ සඳහා බල පෑ සැබෑ හේතුව වී ඇත්තේ ඒ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල් විසින් සිදු කරන ලද බලපෑමයි.
පසුගියදා ස්කැන්ඩිනේවියානු රටවල් කීපයක් විසින් මොඩර්නා එන්නත ලබා දීම නතර කරනු ලැබුවේද හෘදය වස්තුවේ ඉදිමීම් සඳහා එය හේතුවන බවට වූ නිගමනයන් හේතුවෙනි. ප්‍රංශයද එම ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් මොඩර්නා එන්නත භාවිතය අත්හිටුවන ලද අතර ඔවුහු ඒ වෙනුවට ෆයිසර් එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දී ඇත. එහෙත් ෆයිසර් එන්නත විසින් ද එම අතුරු ආබාධම ඇති කරන බවට පැහැදිලි සාක්ෂි තිබේ.

එක්සත් ජනපදයේ වසංගත රෝග මර්දන මධ්‍යස්ථානය  විසින් ෆයිසර් එන්නත් ගැනීමෙන් අනතුරුව ළමා සහ තරුණ පිරිස් අතර මයොකාඩයිටිස් හෘදයපේෂි ඉදිමීමේ තත්ත්වයන් හටගැනීම ගැන වන වාර්තා සම්බන්ධයෙන් විමසා බලමින් සිටින බව සඳහන් කර තිබේ. ප්‍රංශය මයොකාඩයිටිස් සහ පෙරිකාඩයිටිස් අතුරු ආබාධ ඇති කිරීමට හේතුවන මොඩර්නා එන්නත වෙනුවට එම  අතුරු ආබාධම  ඇති කරන ෆයිසර් එන්නත ලබාගන්නා ලෙස උපදෙස් දී ඇත්තේ තත්ත්වය එසේ පවතිද්දීම වීම සැළකිල්ලට ගත යුතුව තිබේ.

මෙයින් පෙනී යන්නේ අදාළ බලධාරින් විසින් මෙම අතුරු ආබාධ පිළිබඳ ඉතා හොඳින් දැනුවත්ව සිටින බවත් සිදුවීම් ඉහළ යනවිට ඇතිවන මහජන කැලැඹීම යටපත් කිරීම සඳහා යම් යම් තාවකාලික අත්හිටුවීම් සිදු කරන බවත් එන්නත්වල අතුරු ආබාධ පිළිබඳ මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම පිළිබඳ අවශ්‍යතාව ඉලක්ක කරගත් කිසිදු විද්‍යාත්මක සැලසුමක් ලොව කිසිදු රජයක් විසින් අනුගමනය නොකරන බවත්ය.