කොවිඩ්-19 එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ජනතාවගෙන් වසං කිරීම

අජිත් සී. හේරත්

හැඳින්වීම

මේ වන විට ලෝකයේ රටවල්  රැසක් ප්‍රෝඩාකාරි  කොරෝනා භීෂණය පවත්වාගෙන යාම පිණිස ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉවත් කර ගනිමින් සිටිති. එහෙත් කොරෝනා හෙවත් කොවිඩ්-19 භීතිකාව පෙරට දමමින් ජනතාවන්ගේ මානව, සිවිල් සහ දේශපාලන අයිතීන් උදුරාගැනීම පිණිස සම්මත කරන ලද “වසංගත මර්දන අණ පනත් ” ඉවත් කර නොමැත. මෙම වසංගත කුමන්ත්‍රණයේ ප්‍රධාන හවුල්කරුවෙකු වූ ලෝක සෞඛ්‍ය සංවිධානය ද තවමත් තමන් විසින් 2020 දී ප්‍රකාශයට පත්කළ “ගෝලීය වසංගතයක් පිළිබඳ හදිසි අවස්ථා තත්ත්වය” තවමත් ඉවත් කර නොමැත.
එහෙත් ලෝකයේ ආණ්ඩු  රැසක් මේ  අයුරින් සිය වසංගත මර්දන ක්‍රියාමාර්ග ඉවත් කර ගැනීමට හේතු වී ඇත්තේ වසංගත ප්‍රෝඩාව මගින් ඔවුන් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ ඉලක්ක විශාල ප්‍රමාණයක් ඉටු කරගැනීමට ඔවුන් සමත් වීම හේතුවෙනි.
එම ඉලක්ක මොනවාද?
1. ලෝක ආර්ථික සංසදය විසින් සැලසුම් කරන ලද මහා ප්‍රත්‍යාරම්භය සහ 4 වන කාර්මික විප්ලවයට අවශ්‍ය පසු බිම සැකසීම
2. කොවිඩ්-19 මර්දනයට යැයි කියමින් ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් රටවල් බලහත්කාරයෙන් පටවන ලද ලොක්ඩවුන්, නිරෝධායන ඇඳිරි නීති ආදිය මගින් එම රටවල ආර්ථිකය කඩා කප්පල් කරමින් එම රටවල් ණය උගුලට සිර කරගනිමින් ඒවායේ සම්පත් කොල්ලකෑම, එම රටවල් ආර්ථිකමය, දේශපාලනිකව සහ මිලිටරිමය වශයෙන් ග්‍රහණයට ගැනීම
3. කඩා වැටෙමින් පවතින ඇමෙරිකන් පෙට්‍රො ඩොලරය මත පදනම් වූ වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය වෙනුවට ඇමෙරිකානු මධ්‍යම බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් පාලනය කරන මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීම
4. ශ්‍රි ලංකාවේ දී දැනට සිදු කෙරෙමින්  පවතින්නාක්  මෙන් විශ්‍රාම  වැටුප් අරමුදල, අර්ථ සාධක අරමුදල වැනි සමාජ සුබසාධන අරමුදල් වල සහ  ඒ ඒ රටවල ජාතික මහ බැංකුවල පාලනය බ්ලැක්රොක්, ජේපී මොර්ගන් චේස් වැනි අන්තර්ජාතික මුල්‍ය ජාවාරම්කරුවන් අතට පත් කර ගැනීම
5. ජාතික රාජ්‍යයන් ගේ ස්වාධිපත්‍යය අහෝසි කරමින් ඒවා බහුජාතික සමාගම්වල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන පරාධීන දේශපාලන ඒකක බවට පත් කිරීම
6. සමස්ත මානව ප්‍රජාව ජාන විකෘතිකාරක එන්නත්කරණයකට ලක් කරමින් විවිධ ඉලක්ක සහිත ගුප්ත සහ කෘර අරමුණු සහිත ජෛව විද්‍යාත්මක පර්යේෂණයකට ගොදුරු කිරීම
7. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව මගින් ඒ ඒ රටවලට බලපෑම් කරමින් කොවිඩ්-19 එන්නත් මිලට ගැනීමට බලකරමින් එම රටවලින් ඩොලර් බිලියන සියගණනක් කොල්ලකෑම
8. ජනතාව සිය කැමැත්තෙන් සිය අයිතිවාසිකම් අත්හැර දමමින් රාජ්‍යයේ වහලුන් බවට පත් කිරීමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක පරිසරයක් නිර්මාණය
9 .සමාජය පූර්ණ වශයෙන් පාලනයට නතුකරගැනීම සඳහා අවශ්‍යවන ඩිජිටල් හැඳුනුම් පත, කාබන් පරිභෝජන ගිණුම, ඩිජිටල් එන්නත් හැඳුනුම්පත, ඩිජිටල් මුදල්, කෘත්‍රීම බුද්ධිය මගින් සිදු කෙරෙන මාධ්‍ය වාරණය වැනි තාක්ෂණික මෙවලම් භාවිතයට යෙදවීම,

මෙම ඉලක්ක සම්පූර්ණ කරගත් ඉහත අරමුණු පිටුපස සිටින බලවේගයන් සිය “වසංගත ආඛ්‍යානය” තාවකාලිකව මතුපිට තලයෙන් ඉවත් කර ගෙන ඇති නමුත් ඔවුහු “මීළඟ වසංගතය” සඳහා අවශ්‍ය කටයුතු අඛණ්ඩව සුදානම් කරමින් සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානය සිය “වසංගත මර්දනය සඳහා වන ජාත්‍යන්තර රෙගුලාසි ” සංශෝධනය කරමින් රටවල ජාතික ස්වාධීපත්‍යය පාවාදෙන නව ගිවිසුම්වලට අත්සන් තබන ලෙස රාජ්‍යයන්ට බල කරමින් සිටියි.
කොවිඩ්-19 ආඛ්‍යානය තාවකාලිකව හකුලා ගෙන ඇත්තේ මිනිස් වර්ගයාට පසු ගිය වසර දෙක තුන සිදු වූයේ කුමක්දැයි මඳක් අමතක වී යාමට පසු බිම සකස් කිරීමටය. එමගින් මෙම වසංගත ප්‍රෝඩාවට එරෙහිව මතු වූ අසංවිධිත ජනතා විරෝධයන් කිසියම් නිශ්චිත දේශපාලන හැඩයක් ගනිමින් වර්ධනය වීම වැළැක්වීම සඳහාය. යුක්‍රේන යුද්ධය, දේශගුණික විපර්යාස සහ පොසිල ඉන්ධන, තායිවාන්-චීන ගැටුම, සයිබර් ත්‍රස්තවාදි ප්‍රහාරය,සංක්‍රාන්තික ලිංගික විප්ලවය, පිටසක්වල ජීවින්ගේ ආක්‍රමණය වැනි වෙනත් ආඛ්‍යානයන් පෙරට ගැනීම ඔවුන් විසින් දැනටමත් අරඹා තිබේ.
මෙම කොවිඩ්-19 වසංගත කුමන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පසුබිම් සහාය ලබාගනු වස්  ඔවුහු ලෝකයේ සියලුම රටවල අවස්ථාවාදි වාමාංශය පූර්ණ සංජානන යුදමෙහෙයුමක් (cognitive warfare)මගින් යටත් කර ගනු ලැබිණි. සංජානන යුද මෙහෙයුම් සැලසුම් කරුවන් සිය මූලික අරමුණක් ලෙස විස්තර කරන්නේ “සෑම අයෙකුම ආයුධයක් බවට පත් කිරීම”ය.
ලෝකයේ සියලුම රටවල මෙන්ම ලංකාවේද ඊනියා වාමාංශිකයන් මෙම ප්‍රෝඩාකාරි කොවිඩ්-19 ආඛ්‍යානයේ ගොදුරු බවට පත්වූයේ ඒ අනුවය. නිදහස් තාර්කික චින්තනයක් නොමැති වීම සහ ප්‍රමාණවත් විද්‍යාත්මක දැනුමක් නොවීම, මතවාදිමය පක්ෂග්‍රාහිත්වය, ශාස්ත්‍රිය වංචනිකත්වය, බටහිර රාජ්‍ය නොවන සංවිධානවල මුල්‍යාධාර මත සිය පැවැත්ම රඳාපැවතීම, දේශපාලන අවස්ථාවාදිත්වය, රාජ්‍ය වරප්‍රසාද සහ රැකියා අහිමිවීමේ භීතිය,පාර්ලිමේන්තුවාදයේ වරප්‍රසාද,වරදාන සහ දීමනා ආදිය විසින් මෙහිලා එක් එක් “වාමාංශික ධාරාවන්” මත විශාල බලපෑමක් එල්ල කර තිබේ. ඔවුහු සියලු දෙන මෙම ප්‍රෝඩාකාරි ආඛ්‍යනයේ පාබල සෙබලුන් බවට පත්වී ලාංකීය සමාජය වත්මන් ආර්ථිකමය, සමාජමය සහ දේශපාලනමය ආගාධයට ඇද දමා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයේ කොවිඩ්-19 පිළිබඳ ජනතාව අතර බෙදා හරින ලද පත්‍රිකාවේ සඳහන් වූයේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපදින ” ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බළල් අණ්ඩක් බවත්, ඖෂධ සමාගම්වල අලෙවි නියෝජිතයෙකු බවත්, තුන්වන ලෝකයේ ජනගහණ පාලනය සඳහා කෘර වෛද්‍ය විද්‍යාත්මක අත්හදාබැලීම් අප්‍රිකාවේත් ආසියාවේත් ලතින් ඇමෙරිකාවේත් දිළිඳු ජනයා මත දියත් කරන යුජෙනික්ස්වාදින්ගේ සහ මැල්තුසියන්වාදින්ගේ තිප්පොලක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් මුග්ධ නායකත්වය විසින් අමතක කර දමා තිබේ.
නිදහස් වෙළඳකලාපය තුළ ක්‍රියාත්මක වන එන්ජීඕ වෘත්තිය සමිති කලාපය වසා දමා කම්කරු පිරිස් නිවෙස් වෙත යවන ලෙස උද්ඝෝෂණය කළේ බ්‍රැන්ඩික්ස් කම්හලේ පාලකයන් එක්සත් ජනපද තානාපති කාර්යාලය සමග එක්වී දියත් කළ කොවිඩ් භීෂණ ප්‍රචාරක ව්‍යාපාරයට නිවට ලෙස යටත් වෙමිනි. ලංකාව තුළ කොවිඩ්-19 දෙවන රැල්ලක් ව්‍යාජ ලෙස නිර්මාණය කිරීමට බ්‍රැන්ඩික්ස් පාලකයන් දායක වූයේ ඔවුන්ට එක්සත් ජනපදයෙන් ඩොලර්  මිලියන ගණනක් වටිනා කොවිඩ් මුහුණු ආවරණ අපනයන ඇණවුමක් ලබාදීමට කළ ගුණ සැලකීමක් ලෙසය.
වෘත්තිය සමිති නායකයන් සමස්ත රට වසා දමන ලෙස රජයට බල කළ අතර රජය එසේ නොකරන්නේ නම් තමන් ස්වයං ලොක්ඩවුන් වීමකට යන බව නිවේදනය කළහ. මෙම ලොක්ඩවුන් සහ ඇඳිරි නීති මගින් වෛරසයක් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොවූ බවටත් සිදු වූ එකම දෙය රටවල් ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස කඩාවැටීමකට ලක්වීම පමණක් බවත් මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ විශේෂඥයන් විසින් පෙන්වා දී ඇති අතර ලෝකයේ සමහර රටවල ආණ්ඩු තරමක් පසුබට වෙමින් වුව ද දැන් මෙම යථාර්ථය පිළිගනිමින් සිටිති. අනෙක් අතට ලොක් ඩවුන් ඇඳිරි නීති මගින් තමන් අපේක්ෂා කරන ලද අරමුණු ඉටුකරගත් පසුව දැන් ඒ්වා වැරැදි බව පිළිගැනීමෙන් තමන්ට පාඩුවක් සිදු නොවිය හැකි ඔවුන් සිතනවා විය හැකිය. කෙසේ වුව ද ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය උගුලේ සිරවීමට බලපාන ලද ලොක් ඩවුන් මගින් රටවසා දැමීමේ ක්‍රියාමාර්ග අනුමත කළ, ඒ්වා පනවන ලෙස බල කළ, ඒ්වා වෙනුවෙන් පෙනී සිටි මෙම ඊනියා වාමාංශිකයන්, වෘත්තිය සමිති හෝ මාධ්‍යවේදින් හෝ මානව හිමිකම් ආරක්ෂකයන් ඒ මගින් තමන් ලංකාවේ ජනතාවට හානියක් සිදු කර ඇති බව පිළිගැනීමට තවමත් කටයුතු කර නැත.
ඇතැම්   ගුරු සංගම් සිය මැයි දින සටන්පාඨය බවට පත් කරගෙන තිබුණේ සියලුම පාසල් සිසුන් සහ ගුරුවරුන් එන්නත් කරන තෙක් පාසල් විවෘත නොකළ යුතුය යන්නය. එම මුග්ධ සටන්පාඨය මගින් ඔවුහු රජය සිය හමුදාව යොදවා දියත් කරන ලද බලහත්කාරි එන්නත්කරණ වැඩ පිළිවෙළට සිය සහාය පුදකළහ. මෙම එන්නත් හානිකර, නිෂ්පල ඒ්වා බවට ලෝකය පුරා ස්වාධීන වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද අනතුරු ඇඟවීම් ඉහත ගුරු සංගම් නායකයන් විසින් මුග්ධ ලෙස නොතකා හරින ලදි. එපමණක් නොව එම එන්නත් ගැනීමෙන් ලංකාවේ ජනතාව සිය ගණනින් ආබාධයන්ට සහ මරණයට ගොදුරුවනවිට තම මුග්ධ සටන්පාඨ හිමින් සීරුවේ අත්හැර දමමින් නිවට සහ අවස්ථාවාදි ලෙස නිහඬ වූවා මිසෙක කොවිඩ්-19 එන්නත් පිළිබඳව මතුව ඇති නව තත්ත්වයන් සහ දත්ත සැලකිල්ලට ගනිමින් එම එන්නත්කරණ ව්‍යාපාරය වහාම අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට තරම් වගකීම් සහගත බවක් පෙන්නුම් කලේ නැත. ඔවුන්ගේ මෙම අවස්ථාවාදි මුග්ධ සටන්පාඨ හේතුවෙන් එන්නත් ගැනීමට සිදු වූ ගුරුවරුන් සහ සිසුන් කී දෙනෙකු ශාරිරික හානිවලට ගොදුරු වී ඇත්දැයි විමසා බැලීමට හෝ ඔවුන්ට වන්දි ලබාදීමට කටයුතු කිරීමට හෝ මෙම ගුරු සංගම් ඉදිරිපත් වී නැත. කොවිඩ්-19 භීෂණ ප්‍රචාරක ව්‍යාපාරයට අවිචාරවත් ලෙසින් යටත් වූ මේ ගුරු සංගම් පාසල් වසා දමමින් සමස්ත සිසු පරපුරක්ම අධ්‍යාපනය දෙවසරක් පුරා කඩාකප්පල් කිරීමට රජයට සහාය දී තිබේ.
කොවිඩ්-19 එන්නත්වලින් පුද්ගලයන් ශාරිරික ආබාධවලට ලක්වීම හෝ මරණයට පත්වීම හේතුවෙන් ජනතාව බූස්ටර් මාත්‍රා ලබාගැනීමට ඉදිරිපත් නොවන විට ඔවුන් ඒ් සඳහා යලි පෙළගැස්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින්, සෞඛ්‍ය බලධාරින් සහ වෛද්‍ය මාධ්‍ය සංදර්ශකයන් අතොරක් නැතිව ඉදිරිපත් වූහ. ඔවුහු මෙම එන්නත්වල කිසිදු බරපතල හානිදායක අතුරු ආබාධයක් නොමැති බවට පුන පුනා සහතික වූයේ ඒ්  මගින් සිදුවන හානි   පිළිබඳ වාර්තා ලෝකය පුරා පැතිර යමින් පවතින අවස්ථාවේදීය.
ඉඳහිට ස්වාධීන මාධ්‍යවේදින් එකෙකු දෙන්නෙකු හැරෙන්නට අන් සියල්ලන්ද සමහර බුද්ධිමතුන් යැයි කියාගන්නා සරසවි ඇදුරන්ද එන්නත්වල ගුණ වර්ණනා කරමින් ජනයා ඒ් සඳහා පොළඹවන ලදි. නමුත් විනාශයන් හරහා ලබන තමන්ගේම අත්දැකීම් මගින් සංවර්ධනය කෙරෙන සාමාන්‍ය ජනතාවගේ සාමූහික විඥානය මෙම තක්කඩි දේශපාලනඥයන්ගේ, නිවට අවස්ථාවාදි වෘත්තිය සමිති නායකයන්ගේ,මාධ්‍ය හෝ මානව හිමිකම් පකීර්ලාගේ, ඊනියා වෛද්‍ය විශේෂඥයන්ගේ බොරු බේගල්වලින් සඳහටම නොමග යැවීමට නොහැකිය. ජනතාවගෙන් අති බහුතරය මෙම කොවිඩ්-19 එන්නත් බූස්ටර් ව්‍යාපාරයට ගොදුරු නොවූයේ එහෙයිනි.

මේ සියල්ලන් දැන් වර්තමාන විනාශය කෙරෙහි තමන් විසින් සිදු කරන ලද මුග්ධ සහ විනාශකාරි දායකත්වය අමතක කොට කිසිදු හැරී බැලීමක් පවා නොමැතිව “සුදනන්” ලෙස වාචාල දොඩවමින් සිටිති.
එහෙත් ඔවුන් විසින් අනුගමනය කරන ලද පිළිවෙත් වර්තමාන විනාශයට මං පාදන ලද්දේ කෙසේදැයි  අප විසින්  විමසා බැලිය යුතුව ඇත. මෙම ලිපියේ අරමුණ කොවිඩ්-19 එන්නත්වල අතුරු ආබාධ පිළිබඳව ජනතාවගෙන් වසං කිරීමේ ක්‍රියාත්මක වුණු ලෝක පරිමාණ සංවිධිත ව්‍යාපාරයේ යාන්ත්‍රණය පිළිබඳවත් එය ලංකාව තුළ පරාවර්තනය වූ ආකාරය පිළිබඳවත්  විමසා බැලීමය.

අන්තර්ගතය

A. ෆයිසර් එන්නත ගැනීමෙන් පසු මොලයේ ලේ නහර අවහිරවීමේ සිදුවීම් පිළිබඳ වාර්තා

B. සිදුවීම් පිළිබඳ වාර්තා එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නොසළකා හරියි.

C. කොවිඩ්-19 එන්නත් වල අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් නිසි ලෙස වාර්තා නොවීමට බලපාන හේතූන්

D. එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සහ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නඩත්තු වන්නේ ඖෂධ සමාගම්වලින් ලැබෙන මුදල් වලිනි.

E. රොටාෂීල්ඩ් එන්නත අනුමත කිරීමේදී FDA හි අවශ්‍යතා පිළිබඳ ගැටුම්

F. එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය( CDC) එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමග මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යයි.

G. CDC ආයතනය විසින් රොටාෂීල්ඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම පිටුපස ඇති අයථා ගනුදෙනු

H. CDC සහ FDA ආයතනවල ප්‍රධානින් විසින් ඖෂධ සමාගම්වල තනතුරු දැරීම

J. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ දූෂිත ඖෂධ පාලක අධිකාරින්ගේ නිර්දේශ අන්ධභක්තියකින් යුතුව අදහන ලංකාවේ සෞඛ්‍ය බලධාරින් සහ වෛද්‍යවරුන් විසින් ලාංකික ජනතාව බරපතල සෞඛ්‍යමය අවදානමකට පත්කර තිබේ.

K. වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් එන්නත්වලින් සිදුවන හානි යටපත් කිරීමට උත්සාහ දරයි.

L. ජනමාධ්‍ය ආයතනවලට ඖෂධ සමාගම්වලින් මුදල් ලැබේ.

M. ශ්‍රී ලංකාවේ ඊනියා විකල්ප ජනමාධ්‍ය එන්නත් වල අතුරු හානි පිළිබඳව ලංකාවේ ජනතාවගෙන් වසංකළ ආකාරය

N. අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යාම

O. සුචරිත් බාක්දි ඇතුළු වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් විසින් යුරෝපා ඖෂධ ඒජන්සිය වෙත යොමු කරන ලද ප්‍රශ්න මාලාව

P. දේශපාලනඥයන් විසින් ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීම

Q. ෆයිසර් සමාගම විසින් වසංකළ දත්ත මහජනයා වෙත මුදාහරින ලෙස අධිකරණය විසින් නියෝග කිරීම සහ ඒ මගින් හෙළිදරවු වී ඇති තොරතුරු

R. එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක අධිකාරියේ  උපදේශක කමිටුව විසින් 2020 ‌දෙසැම්බරයේදී නිකුත් කළ වාර්තාව විසින්  බරපතල අතුරු ආබාධ ඇති බවට පිළිගෙන තිබේ.

S. 2021 ඔක්තෝබර් 19 වන විට බයොන්ටෙක්-ෆයිසර්  mRNA එන්නත (Tozinameran [code BNT162b2, Comirnaty] from Biontech / Pfizer) සම්බන්ධ හානිකර අතුරු ආබාධ සහ මරණ පිළිබඳ සංඛ්‍යා ලේඛන

T.සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්තිගේ ෆයිසර් මොඩර්නා එන්නත් වන්නම‍

A. ෆයිසර් එන්නත ගැනීමෙන් පසු මොලයේ ලේ නහර අවහිරවීමේ සිදුවීම් පිළිබඳ වාර්තා

එක්සත් ජනපදයේ වසංගත රෝග මර්දන ආයතනය (CDC) විසින් දැන් ෆයිසර් mRNA කොවිඩ්-19 එන්නත වයස අවුරු දු 65 වැඩි අයට මොළයේ ලේ නහර අවහිර වීම (ischemic stroke)ඇති කිරීමට හේතුවී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වමින් සිටින බව 2023 ජනවාරි 14 වැනි දින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කර තිබිණි.

2023 ජනවාරි මස 13 වැනි එක්සත් ජනපදයේ වසංගත රෝග මර්දන ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ ද්වි-සංයෝජිත ෆයිසර් බයොන්ටෙක් mRNA එන්නත (Bivalent Pfizer-BioNTech vaccine) විසින් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ගැටළු හෙවත් “ප්‍රාථමික සංඥාවන් ” හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධව පර්යේෂණයන් ආරම්භ කර ඇති බවය.

“යාවත්කාලීන කරන ලද කොවිඩ්-19 ද්වි-සංයෝජිත එන්නත් භාවිතයට ගැනීමෙන් අනතුරුව වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ දත්ත සබැඳියාව (Vaccine Safety Datalink -VSD) වෙත ලැබී ඇති දත්ත විසින් ෆයිසර්-බයොන්ටෙක් ද්වි සංයෝජිත කොවිඩ්-19 ලබාගත් වයස අවුරු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් මොළයේ ලේ නහර අවහිර වීමේ අවදානම ඉහළ නංවා ඇත්දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය තත්ත්වයක් මතු විය. එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ දත්ත සබැඳියාව(VSD) වෙත ලැබී ඇති දත්ත පිළිබඳ පවත්වන ලද ක්ෂණික ප්‍රතිචාර විමර්ශනය විසින් ෆයිසර්-බයොන්ටෙක් ද්වි සංයෝජිත කොවිඩ්-19 ලබාගත් වයස අවුරු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් වෙත එන්නත ලබාගැනීමෙන් දින 22-44 කාලය තුළ මොළයේ ලේ නහර අවහිර වීමේ අවදානම ඉහළ නංවා ඇත්දැයි යනුවෙන් ප්‍රශ්නයක් මතුකර තිබේ.”

යනුවෙන් වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ නිවේදනයේ සඳහන් විය.

එක්සත් ජනපදයේ වසංගත රෝග ආයතනය විසින් මෙම නිවේදනය නිකුත් කළේ එන්නත් ලබාගත්තවුන් ලේ නහර අවහිර වීමෙන් මරණයට පත් සිදුවීම් අති විශාල සංඛ්‍යාවකට පසුවය. ඔවුහු ආරම්භයේදී මෙම සිදුවීම් පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් සිදු කරන ලද දැනුම්දීම් නොතකා හරිමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට උත්සාහ දරන ලද අතර සිදුවීම් සංඛ්‍යාව විශාල වත්ම තවදුරටත් ඔවුන්ට එය නොතකා හැරිය නොහැකි මට්ටමකට වර්ධනය විය. ඒ පිළිබඳව තමන් පරීක්ෂණ අරඹන බව ඔවුන් විසින් සිය නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ මහජන විරෝධය යටපත් කිරීමට මිසෙක සැබෑ තත්ත්වය සොයා බැලීමට නොවේ. ෆයිසර් එන්නත මගින් මොළයේ ලේ නහර අවහිර කරන බව ඔවුන් වෙත දැනුම් දෙන ලද ආරම්භක මොහොතේදීම ඔවුන් ද්වි-සංයෝජිත ෆයිසර් බයොන්ටෙක් mRNA එන්නත (Bivalent Pfizer-BioNTech vaccine) භාවිතය අත්හිටවීමට කටයුතු කළේ නම් ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමට ඉඩ තිබිණි.
තමන් මෙම ලේ නහර අවහිරවීමේ අතුරු ආබාධ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව වසංගත රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශ කර තිබුණ ද එම ෆයිසර් එන්නත භාවිතය අත්හිටුවීමට මේ දක්වා කටයුතු කර නැත.

එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට අනුව මොළයේ ලේ නහර අවහිර වීම ( ischemic stroke) සිදුවන්නේ ලේ කැටිති හෝ වෙනත් අංශු විසින් මොළය වෙත ලේ ගෙන යන නහර අවහිර කිරීම හේතුවෙනි.

B. සිදුවීම් පිළිබඳ වාර්තා එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නොසළකා හරියි.

කෙසේ වුව ද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය විසින් අවසානයේදී නිගමනය කර ඇත්තේ ද්වි-සංයෝජිත ෆයිසර් බයොන්ටෙක් mRNA එන්නත විසින් පුද්ගලයන්ගේ මොළයේ ලේ නහර අවහිර කිරීමට හේතු නොවන බවයි. ඔවුන්ගේ නිවේදනයේ ඒ බව මෙසේ දක්වා ඇත.

“යාවත් කාලීන කරන ලද ද්වි- සංයෝජිත ෆයිසර් බයොන්ටෙක් එන්නත පිළිබඳව මෙඩිකෙයා(Medicare) සහ මෙඩික්ඒඩ් සේවාවන්ගේ(Medicaid Services) අති විශාල දත්ත ඇසුරෙන් සිදු කරන ලද විශාල අධ්‍යයනයන් මගින් එම එන්නත විසින් මොලයේ ලේ නහර අවහිර වීමක් සිදුවීමේ අවදානම ඉහළ නොදමන බව පෙනී ගොස් තිබේ”

වසංගත රෝග (CDC) මධ්‍යස්ථානය විසින් වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ තම මධ්‍යස්ථානය සහ එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය ( Food and Drug Administration) විසින් පවත්වාගෙන යන එන්නත් මගින් සිදුවන හානි පිළිබඳ වාර්තා කිරීමේ පද්ධතිය (Vaccine Adverse Event Reporting System-VAERS) වෙත ලැබී ඇති දත්ත මගින් ද තහවුරු වන්නේ ෆයිසර්-බයොන්ටෙක් ද්වි සංයෝජිත කොවිඩ්-19 එන්නත ලබාගත් වයස අවුරු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් වෙත එන්නත ලබාගැනීමෙන් පසුව මොළයේ ලේ නහර අවහිර වීමේ අවදානම ඉහළ යාම පිළිබඳ වාර්තා දක්නට නොමැති බවය.

තම එන්නත මගින් එය ලබාගන්නා වයස 65ට වැඩි පුද්ගලයන්ගේ මොළයේ ලේ නහර අවහිරවීමෙන් මරණයට පත්වීමේ සිදුවීම් පිළිබඳව ෆයිසර් සමාගම දැනුවත් බව ෆයිසර් සමාගමේ ප්‍රකාශකයෙකු විසින් ෆොක්ස් ඩිජිටල් නිව්ස් වෙත දෙන ලද ප්‍රකාශයකට අනුව පැහැදිලි වේ.
කෙසේ වුවද FDA ආයතනය ද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය (CDC) මෙන්ම මොලයේ ලේ නහර අවහිරවීමෙන් සිදු වූ මරණ සහ හානි පිළිබඳව වසංකිරීමේ උත්සාහයක නිරතවන අතර එයට හේතු ලෙස දක්වන්නේ එන්නත්වලින් සිදුවන හානි නිරීක්ෂණය කිරීමේ පද්ධති වන එක්සත් ජනපදයේ එන්නත් මගින් සිදුවන හානි පිළිබඳ වාර්තා කිරීමේ පද්ධතිය (Vaccine Adverse Event Reporting System-VAERS) හෝ බ්‍රිතාන්‍යයේ “යෙලෝ කාඩ් ” ක්‍රමය වෙත හෝ යුරෝපා සංගමයේ EudraVigilance වෙත හෝ ලෝකයේ වෙනත් එවැනි නිරීක්ෂණ පද්ධති වෙත ෆයිසර් එන්නත මගින් මොළයේ ලේ නහර අවහිර වීමක් ගැන වාර්තා වී නොමැති බවය. මේ වනවිට බ්‍රිතාන්‍ය විසින් “යෙලෝ කාඩ් ” ක්‍රමය මගින් කොවිඩ්-19 එන්නත් මගින් සිදුවන හානි පිළිබඳව දත්ත ලබාගැනීම නවතා දමා තිබෙන බවට වාර්තා වී ඇත. බ්‍රිතාන්‍ය තුළ මේ වනවිට සිදුවන මරණ සංඛ්‍යාව පෙර වසරවල සාමාන්‍යයන්ට වඩා බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර එම මරණ සහ එන්නත්කරණය අතර සම්බන්ධය හෙළිදරවු වීම වැළක්වීමේ අරමුණෙන් එම ක්‍රමය නවතා දමන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

එමගින් ද තහවුරු වන්නේ ලෝකය පුරා ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරින් විසින් බොහෝ විට මෙවැනි සිදුවීම් යටපත් කර දමන බවය. ලෝකයේ බොහෝ රටවල වෛද්‍යවරු සිය රෝගින්ට රෝගි තත්ත්වයට හේතුව කොවිඩ්-19 එන්නත් බවට තමන් විසින් නිගමනය කළ ද ඒ බව පැහැදිලිව පෙනෙන්ට තිබුණද ඒ බව රෝගියාට හෝ රෝගියාගේ ඥාතින්ට දැනුම් දීමෙන් වැළැකි සිටිමේ සම්ප්‍රදායක් පසුගිය කොරෝනා කාලය තුළ මතුව තිබේ. එයට හේතු වී ඇත්තේ රෝහල් ප්‍රධානින්, රෝහල් අයත් සමාගම්, සහ රජයේ බලධාරින් විසින් එවැනි එන්නත්වලින් සිදුවන හානි පිළිබඳව වාර්තා නොකරන ලෙස රෝහල් කාර්ය මණ්ඩලවලට නොනිල තර්ජනාත්මක බලපෑම්ද, සිය නියෝග පිළිපදින්නවුන්ට වරදාන ලබා දීමද නිසාය.

එන්නත් ගැනීමෙන් සිදුවන අතුරු ආබාධ සහ මරණවලට ලක්වන්නවුන් පිළිබඳ ඉහත දක්වන ලද ඇමෙරිකා එක්සත් ජනපදයේ VAERS පද්ධතියට හෝ බ්‍රිතාන්‍ය යෙලොකාඩ් පද්ධතියට හෝ, යුරෝපයේ EudraVigilance වෙත වාර්තා වන්නේ ඉතා අඩු ප්‍රතිශතයකි. මෙයට හේතු ගණනාවක් තිබේ.

C. කොවිඩ්-19 එන්නත් වල අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් නිසි ලෙස වාර්තා නොවීමට බලපාන හේතූන්

1. කොවිඩ්-19 එන්නත්වලින් සිදුවන හානිකර ප්‍රතිඵල පිළිබඳව ඖෂධ සමාගම්වලට නීතිමය මුක්තිය ලබාදීමට ලෝකයේ සියලුම රටවල ආණ්ඩු ඖෂධ සමාගම් සමග ගිවිසුම් වලට එළැඹී සිටීම හේතුවෙන් එවැනි හානියට පත් පුද්ගලයන් පිළිබඳ වාර්තා යටපත් කිරීමට සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දී තිබීම

2. ලෝක සෞඛ්‍ය සංවිධානයේ “ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004 ” නම් ලේඛනය පිලිපැදීමට ලෝකයේ සියලුම රටවල් එකඟ වී ඇති අතර එහි 4.2.1 පරිච්ඡේදතුළ “එන්නත් නිෂ්පාදකයන් සහ ඒ ඒ රටවල ආණ්ඩු විසින් පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග ” නම් තේමාව යටතේ සපයා ඇති උපදෙස්වල එක වගන්තියක් වන්නේ “නව වසංගත එන්නත්වර්ගයක් මගින් සිදු කරන මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාරයක් තුළ ඇති විය හැකි නොදන්නා වර්ගයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැන නැගිය හැකි වගකීම පිළිබඳව ගැටළු සම්බන්ධව සුදුසු විසඳුම් ලබාදීම” යන්නයි. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශය වන්නේ අතුරු ආබාධ සම්බන්ධයෙන් ඖෂධ සමාගම්වල වගකීමට සිදුවීමේ ගැටළුවට විසඳුම් සපයන ලෙස ආණ්ඩුවට එම මාර්ගෝපදේශනය උපදෙස් දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී අවධාරණය කර ඇත්තේ ඖෂධ සමාගම් තමන් විසින් නිපදවනු ලබන එන්නත් පිළිබඳව අතුරු ආබාධ සම්බන්ධව පැනැ නැගිය හැකි නඩු පැවරීම්වලින් දණ්ඩ මුක්තිය ලබා දෙන ලෙස මිසෙක එම අතුරු ආබාධවලින් විපතට පත්වන ජනයාට අවශ්‍ය ප්‍රතිකාර හෝ සහන සැලසීම පිළිබඳව නොවන බව අවධානයට ගැනීම වැදගත්ය.

3. එන්නත් ගැනීමෙන් පසු සිදුවන මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා නිසි පරිදි නොපැවැත්වීම හෝ කොහෙත්ම නොපැවැත්වීම
4. ශ්‍රී ලංකාවේදී එන්නත්කරණය සිදු වූයේ මර්දනකාරි ඉතිහාසයක් සහිත ශ්‍රි ලංකා යුද හමුදාවේ මෙහෙයවීම යටතේ බැවින් එන්නතෙන් හානිදායක ආබාධ හෝ මරණ සිදු වූ විට ඒවා සම්බන්ධයෙන් හෙළිදරවු කිරීමට ජනතාව තුළ පවතින බිය.
5. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා ඉල්ලා සිටියහොත් අවසන් කටයුතු සඳහා මළ සිරුර ඥාතින්ට භාර නොදෙනු ඇතැයි යනුවෙන් කෙරෙන බිය ගැන්වීම්
6. මරණ පරීක්ෂණයේ නිරතවන අධිකරණ වෛද්‍ය නිලධාරින්ට එම මරණ එන්නත්වලින් සිදු වූ මරණ ලෙස වාර්තා කිරීමෙන් වළකින ලෙස කෙරෙන බලපෑම්
7. එන්නත් ගැනීමෙන් සිදුවන මරණ කොවිඩ්-19 ආසාදනයෙන් සිදු වූ මරණ ලෙස පීසීආර් පරීක්ෂණ මගින් ව්‍යාජ ලෙස නම් කරමින් මළ සිරුරු ඥාතින්ට භාර නොදී ආදාහනය කිරීම
8. සිදුවන මරණ සහ අදාළ එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධතාවයක් පිළිබඳව සාක්ෂි නැතැයි යනුවෙන් රෝගියාගේ ඥාතින්ට දන්වන ලෙස රෝහල් බලධාරින්ට සහ වෛද්‍ය නිලධාරින්ට එල්ලවී ඇති බලපෑම්
9. එන්නත් ලබාදීම බොහෝ විට සිදුවන්නේ ද වෛද්‍යවරුන් හරහා වීම නිසා ඒ හේතුවෙන් රෝගියෙකු මරණයට පත් වූ බවට සනාථ වුවහොත් ස්වකීය වෘත්තීය සගයන්ට එල්ලවන අයහපත් වෘත්තිමය බලපෑම් වලින් ඔවුන්ව මුදාගැනීමේ අරමුණෙන් බොහෝ වෛද්‍යවරුන් කටයුතු කිරීම
10. අදාළ VAERS හෝ EudraVigilance වැනි එන්නත්වලින් සිදුවන හානි පිළිබඳ දත්ත රැස් කිරීමේ පද්ධති වෙත ඒවා වාර්තා කිරීමට වෛද්‍යවරුන් විසින් කටයුතු නොකිරීම
11. එවැනි නිරීක්ෂණ ක්‍රම පද්ධති ලෝකයේ බොහෝ රටවල නොතිබීම සහ බහුතරයක් ජනතාව වෙත ඒවා පිළිබඳ දැනුවත් භාවයක් නොමැති වීම

11. ඥාතින්ගේ හෝ හිතවතුන්ගේ වරදකාරි හැඟීම්

මෙය ඉතා දරුණු ප්‍රශ්නයක් බව කිව යුතුය. බොහෝ පුද්ගලයන් සිය මිය ගිය ඥාතියා එන්නත්කරණයට යොමු කිරීමට කටයුතු කරන ලද්දේ තමන් විසින් නිසා එම මරණ හෝ හානි වලට තමන්ද වගකිව යුතු යැයි සිතන බැවින් තමන් වෙත කිසියම් හෝ දෝෂාරෝපණයක් එල්ලවනු වැලැක්වීම සඳහා එම මරණය වෙනත් හේතුවකින් සිදුවූවක් යැයි සිතන්නට සිදු කෙරෙන මනෝ විද්‍යාත්මක පෙළඹීම සාමාන්‍ය දෙයකි. මෙවැනි පෙළැඹීමක් සඳහා වෛද්‍යවරුන්ද ජනමාධ්‍ය ද සෞඛ්‍ය බලධාරින්ද විසින් වින්දිතයාගේ ඥාතින්ව යොමු කරන බැවින් එන්නත්වලින් සිදුවන හානි සහ මරණ පිළිබඳව නිසි පරිදි වාර්තා නොවීමට එය ප්‍රබල ලෙස බලපාන හේතුවකි. මෙම පුද්ගලයන්ද ඔවුන්ගේ මරණයට පත් ඥාතින් මෙන්ම මෙම සංවිධිත සාපරාධී ජන සංහාරක ක්‍රියාදාමයේ ගොදුරු මිසෙක අපරාධකරුවන් හෝ අපරාධ සහායකයන් නොවන බැවින් ඔවුන් මෙම වරදකාරි හැඟීම්වලින් මුදවාගෙන යුක්තිය ඉටු කර ගැනීම සඳහා සටන්වැදීමට යොමු කිරීම සමාජ දේශපාලන ව්‍යාපාරයක කර්තව්‍යයකි. පවත්නා දේශපාලන පක්ෂ, සංවිධාන ජනමාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලින් එම වගකීම ඉටුවනු ඇතැයි සිතීමට නොහැකිය. මක් නිසාද යත් ඔවුන්ද අර්ධ වශයෙන් ඉහත කී තත්ත්වයේම ගොදුරු සහ අර්ධ වශයෙන් අපරාධ සහායකයන් බවට පත් කෙරී ඇති බැවිනි. යුරෝපයේ සහ ඇමෙරිකාවේ මෙවැනි ව්‍යාපාර වර්ධනය වෙමින් පැවැතිය ද දරුණු සංජානන සහ මනෝවිද්‍යාත්මක යුද මෙහෙයුම්වල (cognative and psychological warfare)අනවරත පුහුණු බිමක් බවට පත්ව ඇති ලංකාව තුළ එවැනි අව්‍යාජ ව්‍යාපාරයක බිහිවීමක් ඇස් මානයක නැත. එහෙත් කවර හෝ හේතුවක් නිසා මෙම තත්ත්වය පිළිගැනීම තවදුරටත් ප්‍රතික්ෂේප කර මේ සිදුවීම් නොපවතින දේ ලෙස නොසලකා හරිමින් තම එදිනෙදා දේශපාලනමය, මාධ්‍යමය, හෝ වෘත්තිමය කටයුතුවල නිරත වීම මගින් තමන් වරෙක රැවටීමට ලක් වූ වින්දිතයාගේ තත්ත්වයේ සිට රවටන්නාගේ කඳවුරට එක් වූ අපරාධ සහායකයෙකු බවට පත් වීම නොවැළැක්විය හැකිය.

12. එන්නත්වලින් සිදුවන හෘදයාබාධ සහ මොළයේ ලේ කැටිති ඇතිවීම, වකුගඩු අක්‍රියවීම වැනි බරපතල හානිකර තත්ත්වයන් පිළිබඳව රෝග නිශ්චය පරීක්ෂණවලදී සනාථ වුව ද වෛද්‍යවරුන් ඒබව වාර්තා නොකිරීම හෝ රෝගින්ට දැනුම් නොදීම

13. පර්යේෂණාත්මක මට්ටමක පවතින කොවිඩ්-19 mRNA එන්නත්වලින් සමස්ත ලාංකීය ජනතාවම එන්නත්කරවීමට අවිචාරවත් ලෙස සහාය දුන් සහ ඒ සඳහා රජය අනුගමනය කළ නීති විරෝධී බලහත්කාරයට සහයෝගය ලබා දුන් දේශපාලන පක්ෂවල නායකයන්, වෘත්තිය සමිතිවල නායකයන්,මානව හිමිකම් සහ මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදින්, සිවිල් බුද්ධිමතුන්, සරසවි ඇදුරන් ආදි සියලු දෙනා සිය දේශපාලන පැවැත්මට සහ පුද්ගල අභිමානයට එන්නත්වල අතුරු ආබාධ පිළිබඳ තොරතුරු හෙළිදරවුව හොත් තර්ජනයක් එල්ලවෙතැයි සිතන බැවින් එම තොරතුරු යටපත් කිරීමට උත්සාහ දැරීම.

14. එන්නත් ගැනීමෙන් පසු ක්‍රමානුකූලව වර්ධනය වන වෙහෙස, නින්ද නොයාම, තියුණු ශබ්ද ශ්‍රවණය වීම, අතපය වේදනාව හිරිවැටීම සහ අසාමාන්‍ය චලනයන් සිදුවීම, ඇස් පෙනීම දුර්වල වීම වැනි සුළු පරිමාණ රෝග ලක්ෂණ බොහෝ දෙනා විසින් නොසළකා හැරීම සහ එය වෙනත් හේතුවකින් සිදුවන දෙයක් බව සිතීම.

15. මෙම නිරීක්ෂණ ක්‍රම පද්ධති මගින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් සිදු වෙතැයි ජනතාව තුළ විශ්වාසයක් නොමැති වීම

එක්සත් ජනපදයේ සන්දියාගෝහි රේඩි ළමා රෝහලේ (Rady Children’s Hospital) සිදු වූ සිදුවීම මගින් ෆයිසර්, මොඩර්නා එන්නත් නිසා සිදුවන හානි VAERS නිරීක්ෂණ පද්ධතියට වාර්තා නොවන්නේ මක් නිසාදැයි පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

රෝහල් සුපරීක්ෂකයන්ගේ මණ්ඩලයේ හමුවේ සාක්ෂි දුන් රේඩි ළමා රෝහලේ හෙදියක ගේ ප්‍රකාශයක් දුක්වෙන වීඩියෝවක් ට්විටර් මාධ්‍ය ජාලය පුරා ප්‍රචාරය විය. මේ එහිදි ඇය විසින් කරන ලද ප්‍රකාශයයි.

“ මම හෙදියක වෙමි. අඩු තරමින් නේතන් සහ ඔහුගේ  “ සාවද්‍ය තොරතුරු වසංගතය” විසින් මා සේවයෙන් නෙරපා හරින තෙක් මම රාඩි ළමා රෝහළේ හෘදයරෝග අධිසත්කාර ඒකකයේ හෙදියක් ලෙස සේවය කර ඇත්තෙමි. එන්නත් ගැනීමෙන් පසුව මයෝකාඩයිටිස් හෘදය රෝගී තත්ත්වයට ගොදුරු වූ ළමුන්ට මම සාත්තු කර ඇත්තෙමි. මේ එන්නත් ගැනීමෙන් පසුව මෙම ලමයින් මයෝකාඩයිටිස් රෝගයට ගොදුරු වීම පිළිබඳව VAERS නිරීක්ෂණ පද්ධතිය වෙත වාර්තා නොකරන්නේ ඇයි? එය කළ යුත්තේ කවුරුන් විසින් ද යනුවෙන් මම වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කළෙමි.
ප්‍රධාන හෙදිය ලෙස එය මගේ වගකීමක් විය. එය සාකච්ඡා නොකළ යුතු දෙයක් බවට පත්ව තිබූ අතර අපගේ ඒකකය තුළ මේ පිළිබඳව කතා කිරීම තහනම් කෙරී තිබිණි. මම මේ පලාතේ ජනතාවට වසර 13ක් තිස්සේ සේවය කර ඇත්තෙමි. ඉතාම දරුණු ලෙස රෝගාතුර වූවන් රැක බලාගෙන ඇත්තෙමි. මම ළමයෙකුගේ දිවි ගලවාගැනීම සඳහා කෘතිම ස්පන්දන දෙමින් සහ ප්‍රතිකාර ලබාදෙමින් සිටියෙමි. පසුව ඔහුට සුවපත් වී ගෙදර යාමට හැකි විය. කෙසේ වුවද මගේ මිතුරු මිතුරියන් සහ වෘත්තිය සගයන් ලෙස මා විසින් සළකන ලද්දවුන් විසින් මා නින්දාවට පත් කෙරිණි. නේතන්, සාවද්‍ය තොරතුරුවලට එරෙහි ඔබගේ ව්‍යාපාරයේ ඉලක්කය වී ඇත්තේ මාය. ළමා හෘද රෝග අධිසත්කාර ඒකකයේ මා කරමින් සිටි වෘත්තිය අහිමි වූයේ මටය. කොවිඩ් වැළඳුන දරුවන්ට මම සාත්තු කර ඇත්තෙමි. මට කිසිදිනෙක රෝහල වෙතින් කොවිඩ් ආසාදනයක් සිදු නොවිණි. මම සතියකට දෙවතාවක් කොවිඩ් පරීක්ෂණයකට ඉදිරිපත්ව ඇත්තෙමි. මම මගේ මුහුණු ආවරණ පැළඳුවෙමි. මක් නිසාද යත් මම මගේ රැකියාවට සහ මෙම ප්‍රජාවට ආදරය කළ බැවිනි.”

එන්නත ගැනීමෙන් පසුව හෘදයාබාධවලට ලක් වූ අහිංසක දරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ව රැක බලාගත් මෙම හෙදියට සිය වෘත්තිය වගකීම ඉටු කිරීමට යාම හේතුවෙන් එනම් එන්නතින් සිදුවන මෙම හානිය පිළිබඳව VAERS නිරීක්ෂණ පද්ධතිය වෙත වාර්තා කරන ලෙස රෝහල් ප්‍රධානින්ට දැනුම් දීම හේතුවෙන් ඇයට වැඩ තහනමකට ලක්වීමට සිදු විය.
ඖෂධ සමාගම්, ආණ්ඩු, රෝහල් බලධාරින්, වෛද්‍යවරුන් විසින් එන්නත්වලින් සිදුවන හානි වාර්තා වීම යටපත් කිරීමට කටයුතු කර ඇත්තේ එලෙසය. මේ එක් නිදසුනක් පමණි.

එහෙයින් VAERS නිරීක්ෂණ පද්ධතිය වෙත එන්නත්වලින් සිදුවන හානි වාර්තා වී නැතැයි කියමින් එය බැහැර කිරීමට දරන උත්සාහය ද මෙම තොරතුරු වසන් කිරීමේ ව්‍යාපාරයේම ඊළඟ පියවර ලෙස සැළකිය හැකිය. පළමුව ඔවුහු එන්නත්වලින් සිදුවන හානි වාර්තා වීම වළක්වන ලද අතර දෙවනුව ඒවා වාර්තා නොවීම හේතුවක් ලෙස දක්වමින් එම තොරතුරු යටපත් කරති.

D. එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සහ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නඩත්තු වන්නේ ඖෂධ සමාගම්වලින් ලැබෙන මුදල් වලිනි.

එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයත් ආහාර සහ ඖෂධ පාලනාධිකාරියත් විසින් ගනු ලබන තීරණවල බලපෑම ඇත්තේ එක්සත් ජනපදය වෙත පමණක් නොවේ. ඒවා සමස්ත ලෝකයේම ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධව බලපෑමක් එල්ල කරනු ලැබේ. මක් නිසාද යත් එක්සත් ජනපදය වැනි බලගතු රටක ආයතන විසින් ඖෂධ සම්බන්ධව ගනු ලබන තීරණ බොහෝ රටවල් විසින් කිසිදු සොයා බැලීමකින් තොරවම පිළිගනු ලබන තත්ත්වයක් පවතින බැවිනි. ලංකාව වැනි රටවල සෞඛ්‍ය බලධාරින් සහ වෛද්‍ය විශේෂඥයන් එක්සත් ජනපදයේ ඉහත සඳහන් ආයතනවල යම් ඖෂධයක් සඳහා ලබා දෙන අනුමැතිය ලංකාව සඳහා එම ඖෂධය අනුමත කිරීම සඳහා නිර්ණායකයක් ලෙස යොදාගනී.

එහෙත් එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ( Center for Decease Control-CDC) සහ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (Food and Drug Administration-FDA) ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගන්නා ආයතන බවත් ඒවායේ ප්‍රධාන තනතුරු දරන බොහෝ අය විශ්‍රාම යෑමෙන් අනතුරුව ඉතා ඉහළ වැටුප් සහ වරප්‍රසාද සහිත රැකියාවන් සඳහා ඖෂධ සමාගම්වලට බැඳෙන බවත් එක්සත් ජනපදය තුළ කිසිවෙකුටත් රහසක් නොවේ. මෙම ආයතන දෙක මෙන්ම මානව සේවා සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ( Department of Health and Human Services – HHS) ද ඖෂධ සමාගම් මත යැපෙන දූෂිත ආයතන බවට සනාථ වී තිබේ.

කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳව තහවුරු කළ හැකි ප්‍රමාණවත් දත්ත නොපවතින තත්ත්වයක් තුළ දී පවා මෙම ආයතන විසින් ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් සඳහා හදිසි අවස්ථා අනුමැතිය ලබා දුන්නා පමණක් නොව ඒවා මගින් සිදුවන මරණ සහ වෙනත් බරපතල ශාරිරික හානි හේතුවෙන් ජනතාව ඒවා ගැනීමට පසුබටවන විට මෙම එන්නත් ලබාගැනීම අනිවාර්ය කෙරෙන නීති රීති පැනැවීම සඳහා කටයුතු කළේ ද මෙම ආයතන විසිනි.

වසංගත පාලන මධ්‍යස්ථානය(CDC) විසින් යම් එන්නතක් සිය එන්නත්කරණ වැඩ සටහනට ඇතුළත් කිරීමට පෙර එම එන්නත සඳහා ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය හිමිවිය යුතුය. කෙසේ වුව ද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය(FDA) සිය අයවැයෙන් විශාල ප්‍රමාණයක් ලබාගන්නේ ඖෂධ සමාගම්වලිනි.

2019 වසරේ දී FDA හි වියදම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක් විය. එයින් 55%ක් පමණ එනම් ඩොලර් බිලියන 3.1ක් ලබා දී ඇත්තේ මධ්‍යම රජයේ අයවැය මගිනි. ඉතිරි 45% FDA විසින් සපයා ගෙන ඇත්තේ ඖෂධ සමාගම්වලින් ලැබෙන සේවා ගාස්තු ලෙසය. 1992 දී එක්සත් ජනපද කොංග්‍රසය විසින් සම්මත කරන ලද විශේෂ පනතක් මගින් නිර්දේශිත ඖෂධ සඳහා ගාස්තු අය කිරීමේ පනත (Prescription Drug User Fee Act-PDUFA) යටතේ යම් නිශ්චිත මානව ඖෂධ සහ ජීව විද්‍යාත්මක නිෂ්පාදන සිදු කරන ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීමට FDA වෙත අවසර ලබා දෙන ලදි. එන්නත් අයත් වනුයේ “ජීව විද්‍යාත්මක නිෂ්පාදන” ගණයටය.

“FDA හි කන්‍යාභාවය 1992 දී අහිමි වුනා. ගෙවීම් ලබන සම්බන්ධතාවක් නිරෝගී සම්බන්ධතාවක් ලෙස සැලකිය නොහැකිය” යි මේ පිළිබඳව අදහස් දක්වමින් හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ජෙරී අවොර්න් විසින් ප්‍රකාශ කර ඇත.

ProPublica නම් වෙබ් අඩවිය විසින් 2018 ජූනි 26 වැනි දින “අවදානම් සහගත ඖෂධ කඩිමුඩියේ අනුමත කර විකිණීමට අවසර දීම මගින් FDA ඖෂධ සමාගම් වලට කළ ගුණ සළකයි”  යනුවෙන් පළ කරන ලද ලිපියක් මගින් FDA සහ ඔෂධ සමාගම් අතර මූල්‍ය ගනුදෙනු හෙළිදරවු කර තිබේ.

2017 දී FDA ආයතනයේ සන්නාමගත සහ සාමාන්‍ය ඖෂධ සඳහා වන විද්‍යාත්මක සමාලෝචන වියදම්වලින් 75%ක් එනම් ඩොලර් මිලියන 905ක් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් විසිනි.මෙය 1993 දී 27%කි.

ඖෂධ සමාගම් විසින් FDA ආයතනය ලවා සිය ඖෂධ විධිමත් පරීක්ෂණයකින් තොරව අනුමත කරවාගැනීම සඳහා අනුගමනය කරන උපක්‍රමය වන්නේ අනියම් ලෙස කෙරෙන ගෙවීම්ය. FDA ආයතනයේ ඖෂධ අනුමත කිරීම සඳහා වන උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් වෙත උපදේශක ගාස්තු, නේවාසික සහ ගමන් වියදම් ඇතුළු වියදම් ගාස්තු හෝ වෙනත් දීමනා ඖෂධ සමාගම් වෙතින් ලබාදීම සිදුවේ.

“ඖෂධ අනුමත කිරීමේ උපදේශක කමිටුව හමුවේ පෙනී සිටීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන පිරිස නම් ඖෂධ සමාගම් විසින් සිදු කෙරෙන සායනික පරීක්ෂණවලදී මරණයට පත්වන හෝ ශාරිරික හානිවලට ලක්වන පුද්ගලයන්ය. ඔවුන් වෙනුවෙන් කිසිවෙකුත් පෙනී නොසිටිති. ” යි නම හෙළිකිරීමට අකැමැති වූ හිටපු FDA නිලධාරියෙකු propublica වෙත පවසා තිබිණි.

biospace නම් වෙබ් අඩවිය විසින් 2028 ජූලි මස 6 වැනි දින “FDA උපදේශකයන් වෙත ඖෂධ සමාගම් විසින් කරන ලද ගෙවීම් පිළිබඳ විමර්ශන සිදු කෙරෙයි. ” යනුවෙන් ලිපියක් පළ කරන ලදි.
මෙම ලිපිය මගින් විස්තර කෙරෙන්නේ ඖෂධ අනුමත කිරීම සඳහා වන FDA උපදේශක කමිටුවල විශේෂඥයන් තමන් වෙත ඖෂධ සමාගම් විසින් කරන ලද මූල්‍යමය ගෙවීම් පිළිබඳව හෝ ඖෂධ සමාගම් සමග තමන්ට ඇති වෙනත් ආකාරයක සම්බන්ධකම් පිළිබඳව හෙළිදරවු කිරීමේ සිය වෘත්තිමය වගකීම පැහැර හැර ඇති බවය. සාමාන්‍ය සම්ප්‍රදාය වනුයේ යම් විශේෂඥයෙකු කිසියම් ඖෂධයක් සම්බන්ධව අනුමත කිරීමේ FDA උපදේශක කමිටුවක සාමාජිකයෙකු ලෙස පත්වන විට තමන් මීට පෙර ඖෂධ සමාගම් සමග පවත්වන ලද මූල්‍යමය හෝ වෙනත් ආකාරයක සම්බන්ධතා පිළිබඳ ලිඛිත ප්‍රකාශයක් FDA ආයතනය වෙත භාර දිය යුතු වීමය. මෙය අවශ්‍යතා පිළිබඳ ගැටුම් ප්‍රකාශනය (Declaration of Conflict of Interest) ලෙස හැඳින්වේ.
අදාල පරීක්ෂණය මගින් 2013 සහ 2016 අතර FDA උපදේශක කමිටුවල සාමාජිකයන් විසින් ඖෂධ සමාගම්වලින් ලද ගෙවීම් පිළිබඳව විමර්ශනය කර තිබිණි.

එහි දී හෙළිදරවු වූ තොරතුරු අනුව FDA හි උපදේශක කමිටුවල සාමාජිකයන් 107ක් අතරෙන් 40 දෙනෙකු ඩොලර් 10,000ට වඩා පර්යේෂණ අරමුදල් අදාළ ඖෂධය අනුමැතිය සඳහා ඉදිරිපත් කළ සමාගම්වලින් හෝ තරඟකාරි පසමිතුරු සමාගම්වලින් ලබාගෙන තිබුණි. මෙම 40 දෙනාගෙන් 26 දෙනෙකු ඇමෙරිකන් ඩොලර් 100,000කට වඩා සමාගම්වලින් ගෙවීම් ලබා තිබූ අතර එම 26 දෙනාගෙන් 7 දෙනෙකු අදාළ කාලසීමාව තුළ ඇමෙරිකන් ඩොලර් මිලියනයකට වඩා ලබා තිබිනි. ඉහළ ආදායම් ලබන උපදේශකයන් 17 දෙනෙකු පර්යේෂණ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 27කට වඩා ඖෂධ සමාගම්වලින් ලබා තිබිණි. JAMA Internal Medicine සඟරාවේ සංස්කාරක රොබර්ට් ස්ටයින්බර්ග් science වෙබ් අඩවිය වෙත පවසා ඇත්තේ මෙම ගෙවීම් විසින් බරපතල වෘත්තීය ආචාර ධර්ම පිළිබඳව ගැටළුවක් මතු කරන බවයි.

E. රොටාෂීල්ඩ් එන්නත අනුමත කිරීමේදී FDA හි අවශ්‍යතා පිළිබඳ ගැටුම්

රොටා වයිරස් නම් වෛරසය සඳහා මර්ක් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද රොටාෂීල්ඩ් (Rotashield) එන්නත අනුමත කිරීමේදී FDA ආයතනය විධිමත් ලෙසින් කටයුතු කර නැත.
2000 දී ආණ්ඩු ප්‍රතිසංස්කරණ කමිටුව විසින් මෙම එන්නත අනුමත කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව පරීක්ෂණයක් අරඹන ලදි.
රොටාෂීල්ඩ් එන්නත මර්ක් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර 1998 අගෝස්තුවේදී ආයතනය විසින් එම එන්නත වෙළඳපොලට නිකුත් කිරීමට අවසර ලබා දෙන ලදි. ඒ අනුව එම එන්නත පොදුවේ සියලු දෙනාම සඳහා යොදාගන්නා ලෙස එක්සත් ජනපදයේ වසංගත පාලන මධ්‍යස්ථානය(CDC) විසින් 1999 මාර්තුවේදී නිර්දේශ කරනු ලැබිණි. මෙම එන්නත භාවිතයට මුදාහැරීමෙන් පසුව එම එන්නත් ලබාගත් ළමුන් මරණයට පත්වීම සහ බරපතල වකුගඩු ආබාධවලට ලක්වීම පිළිබඳව සිදුවීම් වාර්තා විය. ඒ පිළිබඳව පවත්වන එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල විමර්ශනයේදී හෙළිදරවු වූයේ මෙම ඖෂධය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා වූ උපදේශක කමිටුවට සහභාගි වූ වැඩි දෙනෙකුට එම එන්නත නිෂ්පාදනය කළ මර්ක් සමාගම සමග විවිධ මූල්‍ය සබඳතා තිබූ බවයි.

2000 ජූනි මස පවත්වන ලද කොංග්‍රස් විමර්ශනයේදී හෙලිදරවු වූ තොරතුරු 

1. එන්නත් අනුමත කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණ ගනු ලබන ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ (FDA) සහ වසංගත පාලන මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවල සභාපතිවරයාද ඇතුළුව එම කමිටුවල සාමාජිකයන් හට අදාළ එන්නත නිෂ්පාදනය කරන ලද මර්ක් සමාගමේ ව්‍යාපාරික කොටස් අයත්ව තිබිණි.

2. මෙම කමිටු දෙකටම අයත් පුද්ගලයන් එන්නත් සඳහා වන පේටන්ට් බලපත් හිමියන් වූ අතර එම තත්ත්වය ඔවුන්ගේ ඔවුන්ගේ තීරණ සඳහා බලපාන්නට ඇත්දැයි සැළකිල්ලට යොමුව තිබේ.

3. රොටා වයිරස් එන්නත සඳහා ඡන්දය දුන් FDA හි උපදේශක කමිටුවේ සාමාජිකයින් පස් දෙනාගෙන් තිදෙනෙකු සම්බන්ධව අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ඇති අතර ඒවා ඉවත් කර ඇත.

4. ආචාර්ය ජෝන් මොඩ්ලින් CDC උපදේශක කමිටුවේ වසර 4ක් සේවය කර ඇති අතර 1998 පෙබරවාරි මාසයේදී එහි සභාපති බවට පත් විය. ඔහු FDA කමිටුවටද සහභාගි විය. එන්නත් නිෂ්පාදනයේ විශාලතම සමාගම්වලින් එකක් වන මර්ක් හි ඔහුට කොටස් හිමිව ඇති අතර එහි වටිනාකම ඩොලර් 26,000 කි. ඔහු මර්ක්ගේ ප්‍රතිශක්තිකරණ උපදේශක මණ්ඩලයේ ද සේවය කරයි.

5. ආචාර්ය පැට්‍රීෂියා ෆෙරීරි, FDA හි උපදේශන කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන කාලය තුළ, ඩොලර් 20,000 ක පමණ වටිනාකමකින් යුත් මර්ක් හි කොටස් හිමි වූ අතර පසුව ඒවා ඉවත් කරගන්නා ලදි.

6. FDA කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන වෛද්‍ය හැරී ග්‍රීන්බර්ග්ට එන්නත් නිෂ්පාදකයෙකු වන Aviron හි ඩොලර් 120,000 ක කොටස් හිමිවේ. ඔහු තවත් එන්නත් නිෂ්පාදකයෙකු වන Chiron හි උපදේශක මණ්ඩලයේ වැටුප් ලබන සාමාජිකයෙකු වන අතර ඩොලර් 40,000 ක කොටස් හිමිකරුවෙකි.

F. එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය( CDC) එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමග මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යයි.

එක්සත් ජනපදය තුළ ළමා සහ බිළිඳු එන්නත්කරණ වැඩ සටහනට අයත්වන එන්නත් වර්ග තීරණය කරනු ලබන්නේ CDC ආයතනය විසිනි. ඒ අනුව අනිවාර්යෙන්ම ළමුන්ට ලබා දිය යුතු එන්නත් තීරණය කිරීමේ බලයද සතුව ඇත්තේ CDC ආයතනය සතුවය. CDC ආයතනය විවිධ ආකාරයේ මූල්‍ය සම්බන්ධකම් ගණනාවක් ඖෂධ නිෂ්පාදන සමාගම් සමග පවත්වාගෙන යයි.
1980 දී සම්මත කරන ලද නීතියක් අනුව වසංගත රෝග පාලන මධ්‍යස්ථානය වර්තමානයේදී ඖෂධ සමාගම් 28 ක් සහ එක් විශ්ව විද්‍යාලයක් සමග එන්නත් සහ එන්නත් ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර ලබා දීම පිළිබඳව ගිවිසුම් 28 ක් පවත්වාගෙන යයි. එමෙන්ම නව එන්නත් වර්ග සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති 8කට සහාය දෙමින් සිටියි.

අප විසින් මීට ඉහත සඳහන් කළ මර්ක් සමාගමේ රොටාෂීල්ඩ් එන්නත සඳහා FDA ආයතනයේ අනුමැතිය ලැබීමෙන් පසු CDC ආයතනය විසින් එක්සත් ජනපදය තුළ සියලුම ළමුන් සඳහා නිර්දේශ කරන ලදි. මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ රොටා වයිරස් නම් වයිරස් විශේෂයක් මගින් සිදුවන බරපතල අතීසාර තත්ත්වයන් වැලැක්වීම සඳහා යැයි ප්‍රකාශ විය. කෙසේ වුව ද මෙම එන්නත ගත් ළමුන් බොහෝ දෙනෙකුට ලේ වමනය සහ ලේ පාචනය ඇතිවීම හේතුවෙන් 1999 ඔක්තෝබර් මාසයේදී එම එන්නත අත්හිටුවන්නට CDC යට සිදු විය. ඔවුන්ගේ එම තීරණයට බලපෑවේ ඒ මගින් ලමුන්ට සිදුවන හානිය නොව සියලු එන්නත්වල “ කීර්ති නාමයට සිදුවන හානිය ” වැළැක්වීම සඳහාය.
කෙසේ වුව ද මේ පිළිබඳව පර්යේෂණ කළ යුනයිටඩ් ප්‍රෙස් ඉන්ටර්නැෂනල් ආයතනය(United Press International-UPI) විසින් සොයා ගනු ලැබුවේ CDC ආයතනය විසින් මහජන භාවිතය සඳහා නිර්දේශ කර ඇති එන්නත් ගණනාවකින් මෙවැනි හානිකර අතුරු ප්‍රතිඵලවලට ඒවා භාවිතයට ගත් පුද්ගලයන් ගොදුරු වී ඇති බව සහ එම එන්නත් නිෂ්පාදනය කරන ලද ඖෂධ සමාගම් සහ CDC ආයතනය අතර සමීප සම්බන්ධතාවන් පවතින බවත්ය.
විවේචකයන් ගේ මතය අනුව “රෝගවලට එරෙහි යුද්ධය තුළ එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සහ CDC ආයතනය අතර ඇත්තේ අශුද්ධ සන්ධානයකි. මෙම යුද්ධයේදී එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් බොහෝ මිනිසුනට, විශේෂයෙන්ම ළමුන්ට හානි සිදු කෙරෙමින් පවතින අතර ඇතැම් විට ඔවුන් මරණයට පත්වීම ද සිදු වේ. ”
එන්නත් නිෂ්පාදකයන්ට එරෙහිව පවරන ලද නඩුවල නීතිඥයෙකු වූ පිලඩෙල්ෆියාවේ ස්ටෙපාන් ඒ ෂෙලර් “ CDC ආයතනය යනු නින්දාවක්. එය මුළුමණින්ම දූෂිත ආයතනයක්. ඖෂධ සමාගම් විසින් ඔවුන්ට ගෙවීම් සිදු කරනවා. ” යනුවෙන් අදහස් දක්වන ලදි.
එක්සත් ජනපදයේ ළමා ප්‍රතිශක්තිකරණ වැඩ සටහන පාලනය කරන්නේ CDC ආයතනය විසිනි. 1980 ගණන්වල මැද භාගයේ සිට එය විසින් ළමුන්ට ලබා දෙන එන්නත් ප්‍රමාණය දෙගුණ කර තිබේ. CDC එන්නත්කරණ වැඩ පිළිවෙළට අනුව වයස අවුරුදු 2 වන විට අඩු තරමින් එන්නත් මාත්‍රා 40ක් ලබා දිය යුතුව තිබේ. විශේෂයෙන්ම 1992 දී එක්සත් ජනපදය කොංග්‍රසය විසින් CDC සහ FDA ආයතනවලට ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීමට අවසර දෙන නීතිය සම්මත කළ පසුව ළමුන්ට ලබා දෙන මෙම එන්නත් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව බොහෝ දෙනා තුළ සැකයක් මතුව තිබේ.

ඖෂධවල අතුරු ආබාධ පිළිබඳව CDC සහ FDA ආයතන දෙකම නිරීක්ෂණ සහ පසු විපරම් පද්ධති පවත්වාගෙන යනු ලැබේ. FDA ආයතනය විසින් යම් ඖෂධයක් හෝ එන්නතක් මහජන භාවිතයට සුදුසු යැයි අනුමත කරන්නේද CDC ආයතනය විසින් ඒවා සිය වසංගත මර්ධන වැඩ පිළිවෙළ සඳහා නිර්දේශ කරන්නේද ඒවා පිළිබඳ සායනික පරීක්ෂණ වල දත්ත මනා ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුය යන්න සාමාන්‍ය පිළිගැනීම වේ. එසේ නම් එම ආයතන විසින් අනුමත කරන ලද සහ නිර්දේශකරන ලද එන්නත්වල සහ “ අනපේක්ෂිත” අතුරු ආබාධ මතුවීමෙන් යම් පුද්ගලයන් මරණයට පත් වීම හෝ බරපතල ශාරිරික හානිවලට ලක්වීම පිළිබඳව වරද පැටවෙන්නේ මෙම ආයතනවලටය. එහෙයින් එවැනි අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් නොතකා හැරීමටත් ඒවා සහ අදාළ එන්නත හෝ ඖෂධය අතර සම්බන්ධයක් නැතැයි යනුවෙන් ඒවා බැහැර කිරීමටත්, එවැනි විරල අතුරු ආබාධ කලාතුරකින් දක්නට ලැබුණ ද එම ඖෂධය මගින් ලැබෙන ප්‍රයෝජනය එයින් වන හානියට වඩා වැඩිය යනුවෙන් ප්‍රකාශ කිරීමටද ඔවුන් නිතර ක්‍රියාකරනු දැකිය හැකිය.

G. CDC ආයතනය විසින් රොටාෂීල්ඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම පිටුපස ඇති අයථා ගනුදෙනු

එක්සත් ජනපදයේ CDC ආයතනයේ ප්‍රතිශක්තිකරණ භාවිතය පිළිබඳ උපදේශක කමිටුවේ ( Advisory Committee on Immunization Practices -ACIP) සාමාජිකයන් විසින් ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීම එතරම් පුදුමයට හේතුවන දෙයක් නොවන බව Children Helath Defence වෙබ් අඩවිය පවසයි. CDC ආයතනය සහ ඖෂධ සමාගම් අතර පවත්නා සම්බන්ධතා අතරට එන්නත් පිළිබඳ හවුල් පේටන්ට් බලපත් හිමිකාරිත්වය, එන්නත් නිෂ්පාදනය කරන සමාගම්වල ව්‍යාපාරික කොටස් හිමිකාරිත්වය, පර්යේෂණ සඳහා ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීම, ඖෂධ නිෂ්පාදනයේදී සිදු කරන පරීක්ෂණ සහ විවිධ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යාපනික ආයතන සඳහා සඳහා මුදල් ලබාගැනීම ආදිය ඇතුළත්ය.

2000 ජූනි මස රාජ්‍ය ප්‍රතිසංස්කරණ කමිටුව විසින් රොටාෂීල්ඩ් එන්නත පිළිබඳව පවත්වන ලද පරීක්ෂණයේදී හළිදරවු වූ කරුණු කීපයක් මෙසේය.

1. එන්නත් අනුමත කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණ ගනු ලබන ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ (FDA) සහ වසංගත පාලන මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවල සභාපතිවරයාද ඇතුළුව එම කමිටුවල සාමාජිකයන් හට අදාළ එන්නත නිෂ්පාදනය කරන ලද සමාගම්වල ව්‍යාපාරික කොටස් අයත්ව තිබිණි.

2. එන්නත් අනුමත කිරීම පිළිබඳව තීරණය ගැනීමෙහිලා පත් කරන ලද CDC උපදේශක කමිටුවේ සාමාජිකයන්හට අදාළ එන්නත නිෂ්පාදනය කරන ලද සමාගම සමග මූල්‍යමය හෝ වෙනත් ප්‍රතිලාභ ලැබෙන සබඳතා පිළිබඳ කරුණ නොතකා හැර ඔවුන්ට අදාළ එන්නත අනුමත කිරීමෙහිලා ඡන්ද බලය සහිත සාකච්ඡාවන්ට සහභාගිවීමට අවස්ථාව ලබා දී ඇත.

3. මෙම කමිටුවේ සාමාජිකයෙකු වූ වෛද්‍ය පෝල් ඔෆිට් (Paul Offit) තමන්ට රොටා වෛරස් එන්නත පිළිබඳව පේටන්ට් බලපත්‍රය සහිත බවත් එම එන්නත සංවර්ධනය සඳහා මර්ක් ඖෂධ සමාගමෙන් දීමනා ලබා ගත් බවත් පිළිගෙන තිබේ. එමෙන්ම එන්නත්වල සෞඛ්‍යාරක්ෂිත බව වෛද්‍යවරුන් අතර ප්‍රචාරය කිරීම සඳහා රට පුරා පවත්වන ලද වැඩමුළු වෙනුවෙන් තමන් ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගත් බවද ඔහු විසින් පිළිගෙන තිබේ. වෛද්‍ය ඔෆිට් CDC උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන අතර ළමුන්ට රොටා වෛරස් එන්නත අනිවාර්යවන වන පරිදි එම එන්නත (රොටාෂීල්ඩ්) ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට ඇතුළත් කිරීම පිළිබඳව රොටා වෛරසය පිළිබඳ කරුණු තුනක් සම්බන්ධව පැවැති ඡන්දය විමසීම්වලදී ඔහු එන්නත අනුමත කිරීමට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.

4. වෛද්‍ය නීල් හල්සි (Neal Halsey) ඇමෙරිකානු ළමා වෛද්‍ය සම්මේලනය වෙනුවෙන් CDC ආයතනයේ සම්බන්ධීකාරක නිලධාරියෙකු ලෙස ද FDA ආයතනයේ උපදේශකයෙකු ලෙස ද කටයුයුතු කරමින් සිටින අතරම ඖෂධ සමාගම් සමග දැඩි සම්බන්ධකම් පවත්වා ගෙනගොස් තිබේ. ඔහුගේ එන්නත් මධ්‍යස්ථානය ඇරඹීම සඳහා ඔහු ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගෙන තිබේ.

ඒ 2000දී පැවැති තත්ත්වයයි. වර්තමානයේ තත්ත්වය ද මේ හා සමාන නැතහොත් ඊටත් වඩා නරකය.

CDC ආයතනයේ එන්නත් උපදේශක කමිටුවේ වර්තමාන සමාජිකයන් ඖෂධ සමාගම් සමග පවත්වන සම්බන්ධකම් පිළිබඳව නිදසුන් කීපයක් පහත දැක්වේ.

1. CDC එන්නත් උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන වෛද්‍ය කෙවින් ඔල්ට් මර්ක් සමාගමෙන් “පර්යේෂණ අරමුදල් ” ලබාගෙන තිබේ. ඒ අතරම ඔහු මර්ක් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ගාර්ඩසිල් එන්නත (Gardasil) සම්බන්ධව ඔහු සේවය කරන ලද අයෝවා වෛද්‍ය විද්‍යාලය විසින් පවත්වන ලද සායනික පරීක්ෂණ මෙහෙයවා තිබේ.  ගැබ්ගෙල පිළිකා රෝගය ඔහු හැඳින්වූයේ “එන්නත් මගින් වළක්වා ගත හැකි රෝගයක්” ලෙසිනි. මෙම එන්නත ගැනීම හේතුවෙන් ක්‍රිස්ටිනා ටාර්සෙල් මරණයට පත් විය.

2. CDC එන්නත් උපදේශක කමිටුවේ තවත් සාමාජිකයෙකු වන පීටර් සිලාගි ( Peter Szilagyi) විසින් එන්නත් පිළිබඳ පර්යේෂණ සඳහා CDC ආයතනයෙන් ඩොලර් මිලියන 1කට වැඩි මුදලක් ලබා තිබේ.

3. එම උපදේශක කමිටුවේ තවත් සාමාජිකයෙකු වන වෛද්‍ය ඩේවිඩ් එස්. ස්ටීවන්ස් (Dr. David S. Stephens) එන්නත් හා සම්බන්ධ පේටන්ට් බලපත් ගණනාවක හිමිකාරිත්වය දරයි. ඔහු එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය, ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, සහ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය යන ආයතනවල එන්නත් ඇගයීම් පිළිබඳ කමිටුවල සාමාජිකයෙකු ලෙස සේවය කරයි. ළමුන්ට එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීම සිදු කිරීම සඳහා බලය ඇති මෙම ආයතනවල එම තීරණ ගැනීම සඳහා දායක වන ඔහු එන්නත් සඳහා තමන් සතු පේටන්ට් බලපත්‍ර ඖෂධ සමාගම්වලට කුලියට දෙමින් එමගින් විශාල ආදායමක් උපයයි. යම් ඖෂධයක් අනිවාර්ය කළ පසුව එම එන්නත සියලුම ළමුන්ට ලබා දීම සඳහා මිලියන සියයක් පමණ මාත්‍රාවන් රජය විසින් බදුමුදල්වලින් ඖෂධ සමාගම්වලට ගෙවා මිලදී ගත යුතුය, නැතහොත් දෙමව්පියන් විසින් එම එන්නත් සඳහා ගෙවිය යුතුය. මෙමගින් එන්නත් සමාගම් ඩොලර් බිලියන ගණනින් උපයන අතර ස්ටීවන්ස් වැන්නවුන්ට ඉන් විශාල කොටසක් හිමි වෙයි.

H. CDC සහ FDA ආයතනවල ප්‍රධානින් විසින් ඖෂධ සමාගම්වල තනතුරු දැරීම

2017 මැයි මාසයේදී FDA ආයතනයේ 23 වැනි කොමසාරිස් වරයා ලෙස වැඩ භාරගැනීමට ප්‍රථම වෛද්‍ය ස්කොට් ගෝට්ලීබ් (Scott Gottlieb) විසින් ඖෂධ සමාගම් ගණනාවක ප්‍රධාන තනතුරු දරා තිබිණි. එමෙන්ම 2019 අප්‍රියෙල් මස 5 වැනි දින FDA ආයතනයේ කොමසාරිස් ධූරයෙන් ඉවත් වූ ඔහු ඉන් මාස කීපයක පසුව එනම් කොවිඩ් 19 වසංගතය චීනයේ ඇරඹීමට සති කීපයකට පෙර නැවතත් ලෝකයේ විශාලතම ඖෂධ සමාගමක් වන ෆයිසර් සමාගමේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරක් භාරගන්නා ලදි. කොවිඩ්-19 වසංගතය මගින් අති විශාල මුදලක් උපයන ලද සමාගම වන්නේ ෆයිසර් සමාගමයි. 2021 වසරේ එහි ආදායම බිලියන 81,3කි. 2022 වසරේදී එය විසින් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 98-102 අතර විය. ෆයිසර් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ඩොලර් 330,000ක වැටුපකට සහ සමාගමේ කොටස් හිමිකාරිත්වය ලැබේ.

ඖෂධ සමාගම් සමග දැඩි සබඳතා පවත්වන වෛද්‍ය ගෝට්ලීබ් FDA ආයතනයේ ප්‍රධාන කොමසාරිස් වරයා ලෙස පත් කරන ලද අවස්ථාවේදී Public Citizen  නම් වෙබ් අඩවිය එයට එරෙහිව විරෝධතා දැක්වූ බලවේගයන්ගෙන් එකක් පමණි. එම වෙබ් අඩවිය ගෝට්ලීබ් කොමසාරිස් දූරයෙන් ඉවත්ව නැවැත ෆයිසර් සමාගමේ තනතුරක් භාරගැනීම පිළිබඳව මෙසේ ප්‍රකාශ කර තිබේ.

“ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය ( FDA) සහ ඖෂධ සමාගම් අතර ඇති කැරකෙන දොරටුවෙන් මෙතරම් ක්ෂණික ලෙස එහා මෙහා යෑම මගින් මහජන සෞඛ්‍ය සේවයේ ප්‍රධාන ආයතන කෙරෙහි ජනතා විශ්වාසය පළුදු කර තිබේ. ගෝට්ලීබ් FDA කොමසාර්ස්වරයා ලෙස ආයතනය තුළ කටයුතු කළ කාලය තුළ ඔහු ඉටු කරන්නට ඇත්තේ මහජන අවශ්‍යතාවන් වෙනුවෙන් ද නැතහොත් ඖෂධ සමාගම්වල අවශ්‍යතාවන් සහ තමන්ගේම මූල්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන්ද ද යන්න ගැන ජනතාව නිවැරදි ලෙසම සැක කිරීමට පටන්ගෙන ඇත.”

ගෝට්ලීබ්

2017 දී ගෝට්ලීබ් ව FDA කොමසාරිස් ධූරයට පත්කරන විට ඔහු ග්ලැක්සෝස්මිත් ක්ලයින් සමාගමේ නිෂ්පාදන ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඇතුළුව ඖෂධ සමාගම් ගණනාවක විධායක තනතුරු දරමින් සිටියේය. 2013 සිට 2016 දක්වා අතර කාලය තුළ ඔහු ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර්, බ්‍රිස්ටල් මයර්ස්, ස්කිබ් ඇතුළු විවිධ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන සමාගම් වෙතින් ඩොලර් 559,000ක් උපදේශක ගාස්තු ලෙස ලබා තිබිණි.

2019 ඊනියා කොවිඩ් -19 වසංගතය ඇරඹීමට මාස කීපයකට පෙර එනම් 2019 අප්‍රේලයේදී ස්කොට් ගෝට්ලීබ් එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ (FDA) අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් වූ අතර 2019 අගෝස්තුවේදී ඔහු ෆයිසර් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් භාරගත්තේය.

බිහිසුණු ගෝලීය වසංගතයක් පිළිබඳව මෙම ප්‍රෝඩාව 2019 අගදී සහ 2020 මුලදී ලෝකය මත මුදාහැරීමට පළමුව එම සැලසුමේ මහමොළකරුවන් විසින් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුද්ගලයන් අවශ්‍ය තැන්වල ස්ථානගත කරවීමේ මෙහෙයුම් සිදු කර ඇති ගෝට්ලීබ්ගේ තනතුරු හුවමාරුවෙන් පෙනී යයි. ගෝට්ලීබ් FDA ආයතනයේ ප්‍රධානියාව සිටියදී එය තුළ තමාගේ බලය ස්ථාපිත කරගත් අතර ඔහු එයින් ඉවත් වූ පසුව එම බලය සහ දැන හැඳුනුම්කම් උපයෝගී කරගනිමින් උපයෝගී කරගනිමින් තමන් දැන් අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් හොබවන ෆයිසර් සමාගමේ අවශ්‍යතා ඉටු කරදීමට මැදිහත්වන්නට ඇතැයි සැක කළ හැකිය. 2020 දෙසැම්බරයේදී ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් 19 එන්නතේ සායනික අත්හදා බැලීම්වලදී එහි හානිකර අතුරු ප්‍රතිඵල පිළිබඳ වාර්තා සහ දත්ත යටපත් කරමින් ෆයිසර් එන්නතට අනුමැතිය ලබා දීමට FDA ආයතනය කටයුතු කරමින් ඇති බව මේ වනවිට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

ෆයිසර් සමාගමේ තනතුරක් වෛද්‍ය ගෝට්ලීබ් වෙත ලැබීම සම්බන්ධව මහජන සැකය තවදුරටත් තියුණු කරන පුවතක් මිල්වාවුකි ජර්නල් (Milwaukee Journal Sentinel -MJS) නම් වෙබ් අඩවියේ පළ කර තිබිණි. එම පුවතට අනුව ඔහු FDA ආයතනයේ කොමසාරිස් ධූරයෙන් අස් වීමට ප්‍රථම ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ටොෆැසිට්නිබ් නම් ඖෂධය විසින් රෝගින් තුළ මතු කර තිබූ සෞඛ්‍යමය අවදානම සම්බන්ධව ෆයිසර් සමාගමට අතිශයින් වාසිදායක වන පරිදි ක්‍රියාත්මක වී තිබිණි. ඔහුට ෆයිසර් සමාගම විසින් විධායක තනතුරක් ලබා දෙන්නට ඇත්තේ මෙම ක්‍රියාවට ප්‍රති උපකාර සැලකීමක් ලෙසින් විය හැකි බවට මිනසෝටා විශ්ව විද්‍යාලයේ ජීව ආචාරධර්ම පිළිබඳ මහාචාර්ය කාර්ල් එලියට් විසින් සැක පහල කර තිබිණි.

ෆැබ්රිකාන්ට්

ස්වාභාවික ආහාර සංගමය (Natural Products Association-NPA) නම් සමාගමක විශාල ආහාර සමාගමක සේවය කරමින් සිටි ඩැනියෙල් ෆැබ්රිකාන්ට් (Daniel Fabricant) 2011 දී ආහාර සහ ඖෂධ පාලනාධිකාරයේ (FDA) ආයතනයේ කොමසාරිස් වරයා ලෙස සේවයට බැඳුන අතර 2014 දී එම තනතුරෙන් ඉවත්වී නැවත NPA සමාගමේ ප්‍රධානියා ලෙස පත් විය. ඔහු FDA ආයතනයේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ලද කාලය තුළ NPA සමාගමේ නිෂ්පාදන ගණනාවක් අනුමත කිරීම සිදු තිබේ. ඔහු නැවත NPA සමාගමේ සේවයට යන්නේ කලින් සිටි තනතුරටත් වඩා ඉහළ තනතුරක් සඳහාය.

ආහාර සහ ඖෂධ පිළිබඳ පාලනය කිරීමට පවත්නා රාජ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස ආහාර සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමාගම් කොටස්, මූල්‍යමය සම්බන්ධකම් සහිත සහ ඒවායේ තනතුරු දරන ලද පුද්ගලයන්ව පත් කිරීම “නරියාට කුකුළු කොටුව භාර දීමක්” යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් සඳහන් කර තිබේ.
බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය විසින් පල කරන ලද ලිපියකට අනුව FDA ආයතනයේ සේවය කරන්නවුන්ගෙන් 60%ක් එහි සේවා කාලය හමාර කර ඉහළ වැටුප් සඳහා ඖෂධ සහ ආහාර නිෂ්පාදන සමාගම්වල තනතුරු ලබා ගනිති.
ඔරිගන්හි සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ විනායි ප්‍රසාද් සහ ජෙෆ්රි බීන් විසින් FDA ආයතනයේ සේවය කරන්නවුන් ඖෂධ සමාගම් වලට සේවයට යාම සහ ඖෂධ සමාගම්වල සේවය කරන්නවුන් FDA ආයතනයේ තනතුරුවලට බඳවා ගැනීම පිළිබඳව අධ්‍යයනයක් කර තිබේ.
විනායි ප්‍රසාද් සහ ජෙෆ්රි බීන් විසින් සිය අධ්‍යයනය සිදු කළේ 2001-2010 අතර කාලය තුළ ලේ පිළිකා රෝග සඳහා නිෂ්පාදනය කරන ලද ඖෂධ පිළිබඳ ඇගයීමකට ලක්කරන ලද විශේෂඥයන් 55ක් සම්බන්ධ දත්ත පිළිබඳවය. මෙම පර්යේෂණයට ලක් වූ කණ්ඩායම 55ක් වැනි සුළු සංඛ්‍යාවක් වුව ද FDA ආයතනයේ හරස් කඩක් ලෙස මෙය දැකිය හැකියැයි මෙම විනායි ප්‍රසාද් සහ ජෙෆ්රි බීන්ගේ අදහස විය.

එක්සත් ජනපදයේ ඖෂධ සහ මත්ද්‍රව්‍ය නීති බලාත්මක කිරීමේ අධිකාරිය (Drug Enforcement Administration-DEA) ඉහළ නිලධාරින් රැසක් විශ්‍රාම යාමෙන් අනතුරුව ඖෂධ සමාගම්වල සේවයට බඳවාගෙන ඇති බව වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවිය විසින් 2016 දෙසැම්බර් මස 22 දින වාර්තා කර තිබිණි. මෙම ඖෂධ සමාගම් බොහොමයක් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇබ්බැහි වීම් ඇති කරවන සුළු ඖෂධ වීම අවධානය යොමු කර විය යුතු කරුණකි. මෙම තොරතුරු හෙළිදරවු වූයේ එක්සත් ජනපදයේ විශාල ජීවිත ගණනාවක් බිලිගත් ඕපියොයිඩ් නම් ඖෂධයට ඇබ්බැහි වීමෙන් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වීම පිළිබඳව DEA ආයතනය විසින් පවත්වන ලද විමර්ශනයන් හේතුවෙනි. මෙම ඕපියොයිඩ් අඩංගු ඖෂධය නිෂ්පාදන කරන ලද්දේ ජොන්සන් සහ ජොන්සන් සමාගම විසින් වන අතර එයට එම සමාගමට එරෙහිව එයින් විපතට පත්වූවන්ගේ ඥාතින් විසින් මේ සම්බන්ධව නඩු ගණනාවක් පැවැරී තිබිණි. එමෙන්ම ඔක්සිකොන්ටින් නම් වේදනා නාශක සංයෝගය ඇතුළත් ඇබ්බැහිකාරක ඖෂධ නිෂ්පාදනය කරන ලද පුර්ඩු ෆාර්මා නම් ඖෂධ සමාගමට ද එරෙහිව නඩුවලට මුහුණ දීසට සිදුව තිබේ.
වොෂින්ටන් පොස්ට්හි ඉහත ලිපියට ප්‍රකාශයක් ලබා දෙන ඖෂධ සමාගමක ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ එක්සත් ජනපද රජයේ ඖෂධ සහ මත්ද්‍රව්‍ය නීති බලාත්මක කිරීමේ අධිකාරියේ හිටපු නිලධාරින් ඖෂධ සමාගම්වල සේවයට බඳවාගැනීම ඖෂධ සමාගම් විසින් සාධාරණීකරණය කරන්නේ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ඔවුන්ගේ විශේෂඥතාව තම සමාගම්වල ඖෂධ පාලනය කිරීම සඳහා යොදවාගැනීමේ යහපත් චේතනාවෙන් එය සිදු කරන බවය. එහෙත් බොහෝ දෙනා පෙන්වා දී ඇති පරිදි ඖෂධ සමාගම්වල සේවයට බැඳෙන හිටපු ඖෂධ සහ මත්ද්‍රව්‍ය පාලක නිලධාරින් යොදා ගනු ලබන්නේ DEA ආයතනයේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් අඩාල කිරීමට බවය.

මේ අනුව පෙනී යන්නේ එක්සත් ජනපදයේ වසංගත පාලක මධ්‍යස්ථානය ( Center for Decease Control-CDC) , ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය(Food and Drug Administration-FDA) හෝ ඖෂධ සහ මත්ද්‍රව්‍ය නීති බලාත්මක කිරීමේ අධිකාරිය (Drug Enforcement Administration-DEA)විසින් හෝ යම් ඖෂධයක් හෝ එන්නතක අතුරු ආබාධ වාර්තාවී නැතැයි යනුවෙන් දෙන ලබන සහතිකවල අව්‍යාජත්වය හෝ නිවැරැදිබව පිළිගැනීමට නොහැකි බවත් ඒ නිසාම එම ආයතන විසින් දෙනු ලබන සහතික මත පදනම්ව වෙනත් රටවල ඖෂධ පාලන ආයතන හෝ වෛද්‍යවරුන් විසින් රෝගීන් වෙත ඖෂධ නිකුත් කිරීම නොකළ යුතුව ඇති බවත්ය.

J. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ දූෂිත ඖෂධ පාලක අධිකාරින්ගේ නිර්දේශ අන්ධභක්තියකින් යුතුව අදහන ලංකාවේ සෞඛ්‍ය බලධාරින් සහ වෛද්‍යවරුන් විසින් ලාංකික ජනතාව බරපතල සෞඛ්‍යමය අවදානමකට පත්කර තිබේ.

කෙසේ වුව ද මෙම කොවිඩ්-19 එන්නත් ගැනීම සඳහා ජනතාව පොළඹවන ලද කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන ප්‍රියංකර ජයවර්ධන නැමැත්තා 2022 පෙබරවාරියේදී පවත්වන ලද පුවත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති අන්දමට ෆයිසර් එන්නත මගින් ජනතාව එන්නත්කරණයට ලක් කරන ලද කිසිම රටකින් කිසිම ආකාරයක අතුරු ආබාධයක් වාර්තා වී නොමැත. එවැන්නක් වාර්තා වී ඇත්නම් එම රටවල සෞඛ්‍ය බලධාරින් විසින් ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවනු ඇතැයි ඔහු අවධාරණය කරයි.

“මුළු ලෝකය පුරාම මේ වනවිට ෆයිසර් එන්නත බිලියනයකට වැඩි ප්‍රමාණයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. බිලියන් එකක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. එතකොට මේ එන්නත ලබාගත් වැඩි දෙනා ඇමෙරිකාව, යුරෝපය සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල අය. කිසියම්ම ආකාරයක හෝ අතුරු ආබාධයක් තියෙනවා නම් මෙවැනි එන්නතක් බිලියනයක් වාගේ ජනතාවකට ලබා දීමේ හැකියාවක් ලෝකයේ මොනම ආකාරයකින්වත් මෙතුවක් කාලයකට ක්‍රියාත්මක වුණේ නැහැ.”

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ 2022 ෆෙබරවාරි 22 වැනිදා වන අතර ඒ වනවිටත් යුරෝපයේ, ඇමෙරිකාවේ සහ අනෙකුත් රටවල දහස්ගණන් ජනයා ෆයිසර් එන්නත ඇතුළු අනෙකුත් කොවිඩ්-19 එන්නත්වල දරුණු අතුරු ආබාධවලට ලක් වී තවත් දහස් ගණනක් මරණයට පත් වී තිබිණි. මෙම තත්ත්වය ලාංකිය ජනතාවගේ අවධානයට ලක්කිරීමේ අරමුණෙන් විමර්ශන වෙබ් අඩවිය විසින් යුරෝපයේ එන්නත් සහ ඖෂධවල අතුරු ආබාධ පිළිබඳව සහ මරණ වාර්තා කරන නිල වෙබ් අඩවිය වන යුද්‍රාවිජිලන්ස් (EudraVigilance ) වෙබ් අඩවියේ වාර්තාවන් සහ දත්ත පළ කරන ලදි. එම දත්ත අනුව  2021 ඔක්තෝබර් 19 වැනි දින වනවිට පමණක් කොවිඩ්-19 එන්නත් වලින් සිදුව ඇති මරණ 28,103ක් සිදුවී තිබේ.. එම එන්නත්වල බරපතල අතුරු ආබාධ හේතුවෙන් ශාරිරික හානිවලට ගොදුරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 2,637,525ක් විය. මෙම සංඛ්‍යාවලින් දැක්වෙන්නේ යුරෝපා සංගමයට අයත් රටවල සිදු වූ අතුරු ආබාධ සහ මරණ සංඛ්‍යාව පමණකි.

(විමර්ශන වෙබ් අඩවියේ පළ වූ සම්පූර්ණ ලිපිය වෙත මෙතනින් පිවිසෙන්න)

2021 ඔක්තෝබර් මස 19 දින වනවිට ෆයිසර් එන්නත ලබාගෙන තිබූ පුද්ගලයන් 13,271 දෙනෙකු යුරෝපා සංගමය තුළ මරණයට පත් වී තිබිණි. එමගින් බරපතල ශාරීරික හානිවලට ගොදුරු වූවන් සංඛ්‍යාව 505,805ක් විය. ෆයිසර් මගින් සිදු වූ මරණවලින් 183ක් රුධිර සහ වසා පද්ධතියට එම එන්නත මගින් සිදු කරන ලද හානි හේතුවෙන් සිදු වූ මරණ වේ. ෆයිසර් එන්නත ගැනීම හේතුවෙන් හටගත් හෘදයාබාධවලින් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1958කි. 2021 ඔක්තෝබර් මස 19 වන විට ෆයිසර් එන්නත හේතුවෙන් සිදු වූ මරණ සහ ශාරිරික හානි පිළිබඳ දත්ත ඇතුළත් වගුව පහත දැක්වේ.

මේ අනුව ප්‍රියංකර ජයවර්ධන නැමැති වෛද්‍යවරයා මෙම තොරතුරු පිළිබඳ දැනගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති ශ්‍රී ලාංකික ජනතාවට මෙම එන්නත්වල හානිකර තත්ත්වය වසං කරමින් ඔවුන් එන්නත්කරණය කරා යොමු කරවීමට කටයුතු කර ඇති බව පැහැදිලිය. දැන් ලංකාව තුළ නිරෝගී තරුණ ජනයා ක්ෂණික හෘදයාබාධවලට ගොදුරුව මැරී ඇද වැටෙන මේ මොහොතේදී ඔහුට තමන් මේ තොරතුරු නොදැන සිටි බවට පවසමින් ඇඟ බේරාගැනීමට ඉඩක් නැත. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු බැවින්ද , ෆයිසර් එන්නත ඇතුළු කොවිඩ්-19 එන්නත් ගැනීම සඳහා ජනතාව පොළඹවන ලද අයෙකු බැවින් ද වාචාලයෙකු ලෙස ෆයිසර් එන්නතේ ගුණ වැනීමට පෙර ඔහු මෙම කරුණු සොයා බැලිය යුතුව තිබිණි. ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරය සිදු වූයේ සෙසු සියලු රටවල මෙන්ම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බලහත්කාරයක්ද යොදමිනි. ඇතැමුන් මෙම එන්නත් ලබාගත්තේ හමුදාව සහ පොලිසිය යොදාගනිමින් සිදුකරන ලද බියගැන්වීම් හේතුවෙනි. විශ්ව විද්‍යාල සහ පාසල්වලට යාමට එන්නත ලබාගැනීම අනිවාර්ය කර තිබිණි.

අප විසින් ඉහත සඳහන් කරන ලද ප්‍රියංකර ජයවර්ධන නැමැත්තා අන් කිසිවෙකු නොව මෙම ඊනියා කොවිඩ්-19 ආඛ්‍යානය හෙවත් කොරෝනා භීෂණය රටපුරා පැතිරවීම සඳහා “ කොවිඩ්-19 වැළැඳී සුව වුන පළමු වෛද්‍යවරයා ලෙස ” තමන්ව ප්‍රචාරයට ලක් කරගනිමින් විකාර සහගත නාඩගමක් නැටූ අයෙකු බව අප විසින් අමතක කළ යුතු නැත.

ඔහු ෆයිසර් එන්නත මගින් හෘදයාබාධ හෝ වෙනත් අතුරු ආබාධ ඇති නොවන බවට තර්ක කර ඇත්තේ මෙලෙසය.

වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන 2022 පෙබරවාරියේදී පවත්වන පුවත් සාකච්ඡාවක් මගින් ෆයිසර් ඇතුළු කොවිඩ්-19 එන්නත්වල හානිකර අතුරු ආබාධ පිළිබඳ සැබෑ තත්ත්වය වසං කිරීමට උත්සාහ කළ අයුරු

“කොරෝනා රෝගය ලංකාවට එන්න ඉස්සෙල්ලා, ලෝකයට එන්න ඉස්සෙල්ලා අපේ රටේ දළ වශයෙන් දිනකට හෘදයාබාධයකින් 450කට කිට්ටු ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා. අංශභාග තත්ත්වයකින් ඒ කියන්නේ මොළේ ඇතිවන ලේ කැටියක් වැනි තත්ත්වයකින් තව 100ක් 150ක් විතර දිනකට මිය ගිහින් තියෙනවා. එතකොට අපි හිතමු කොරෝනා රෝගය ලෝකයට එන්න ඉස්සෙල්ලා 500ක් හෘදයාබාධ තත්ත්වයකින් හෝ අංශභාග තත්ත්වයකින් මිය යනවානම් ඒ තත්ත්වය අදටත් වලංගුයි. දෙවෙනුව හෘදායාබාධයක් හැදෙන හැමෝම මිය යන්නේ නැහැ. වැඩි දෙනෙක් සනීප වෙනවා. එතකොට 450ක් දවසකට හෘදයාබාධවලින් මිය යනවානම් ඒ වාගේ 10 ගුණයක් හෝ 20 ගුණයක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් හෘදයාබාධ හැදිලා සනීපවෙලා තියෙන්ඩ ඕනේ. අංශභාග තත්ත්වයත් එහෙමයි. ඒ හැම කෙනෙක්ම මැරෙන්නේ නැහැ. බොහෝ දෙනා අංශභාග තත්ත්වයකට ගොදුරු වුනත් නැවත යම් යම් දුර්වලතා තත්ත්වයන් යටතේ වුනත් සනීප වෙනවා. එතකොට මේක අද දවසේ තත්ත්වයත් එක්ක කල්පනා කරලා බලන කොට මේ හැම ගමකම හැම දිස්ත්‍රික්කයකම කෙනෙකුට හෘදයාබාධයක් හැදෙන්න පුළුවන්. අංශභාග තත්ත්වයක් හැදෙන්නත් පුළුවන්. එයින් මිය යන්නත් පුළුවන්. එයින් සනීප වෙන්නත් පුළුවන්. එතකොට ඒ තැනැත්තා මේ බූස්ටර් එන්නත ලබාගත් කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට එයින් පැහැදිලි වන්නේ කොරෝනා රෝගය අපේ රටට එන්න ඉස්සෙල්ලත් මේ වාගේ ප්‍රමාණයක් දිනකට නැති වුනා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෘදයාබාධවලට ගොදුරු වුණා නම් අද දවසේ ඒක වෙනස් වෙන්න හේතුවක් නැහැනේ. අපි දෙන එන්නතෙන් හෘදයාබාධ හෝ අංශභාග තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.එතකොට ඒ තත්ත්වයට ගොදුරු වෙන කට්ටිය ඒ ආකාරයෙන්ම ගොදුරු වෙනවා. එතකොට අපි බූස්ටර් එන්නත ලබාදුන්න කෙනෙකුට දින කීපයකට පස්සේ අංශභාග තත්ත්වය හෝ හෘදයාබාධ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මොකද ඒක යම් කිසි වයස් පරාසයකට අනුව සිදුවෙන දෙයක්. සමහර වයස්වලට ඒ වයස් කාණ්ඩය අනුව හෘදයාබාධ අංශභාග තත්ත්වය ඇතිවන ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් හැම දවසකම හැම රටකම හැම ගමකම ඒ දේ සිද්ධ වෙනවා. එතකොට කිසියම් කෙනෙක් හිතනවා නම් අහවල් ගමේ කෙනා බූස්ටර් එන්නත ලබාගත්තා පස්සේ හෘදයාබාධයක් හැදුනා, එහෙම නැත්නම් අංශභාගයක් හැදුනා කියලා ඒකට හේතුව මේ බූස්ටර් එන්නත කියලා උපකල්පනය කරනවා නම් ඒක ඒ තරම් සාධාරණ සිතුවිල්ලක් නොවෙයි ”

(වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන , පුවත්පත් සාකච්ඡාව 2022 පෙබරවාරි 17 )

 

මෙම තර්ක දෙස බලන විට පෙනී යන්නේ ෆයිසර් එන්නත් මගින් හෘදයාබාධ සහ වෙනත් බරපතල අතුරු ආබාධ ඇති කරන බවද ඒ හේතුවෙන් පුද්ගලයන් මරණයට පත්වන බව ද වසං කිරීමට ප්‍රියංකර ජයවර්ධන ඉතා දැනුවත් කූට උත්සාහයක නිරතව ඇති බවය. එකම ගම්මානයක් තුළ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් දුසිම් ගණන් හෘදයාබාධ හෝ මොළයේ ලේ කැටිති ඇතිවීමෙන් මේ අයුරින් මරණයට පත්වීමේ අවස්ථාවන් මෙයට පෙර අපට දක්නට නොලැබිණි. හදිසි හෘදයාබාධවලට ලක් වී මරණයට පත් බොහෝ දෙනා ක්‍රියාශීලි තරුණ වයසේ පසු වූවෝ වෙති. වයස්ගත වූවන්ට පවා හෘදයාබාධ වැළඳෙන විට පළමු අවස්ථාවේදීම ඔවුන් මේ අයුරින් මරණයට පත්වන අවස්ථා ඉතා විරලය. මෙම ඛෙදජනක මරණවලට බලපාන ලද සැබෑ හේතුන් මේ අයුරින් වසං කිරීම අතිශයින් කණගාටුදායක තත්ත්වයකි. වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සිය විශේෂඥ දැනුම මගින් උත්සාහ කර ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියටද නිගා දෙවමින් සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වසං කිරීමටය.

K. වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් එන්නත්වලින් සිදුවන හානි යටපත් කිරීමට උත්සාහ දරයි.

අනෙක් අතට ඔහුගේ තර්කය පදනම්ව ඇත්තේ අසත්‍ය සංඛ්‍යා ලේඛන මත බව පැහැදිලිව පෙනී යන දෙයකි. ඔහුගේ සංඛ්‍යා ලේඛන අනුව හෘදයාබාධවලින් දිනකට 450ක් පමණ දළ වශයෙන් මරණයට පත්වේ. ඒ් අනුව වසරකදී හෘදයාබාධවලින් මරණයට පත්වන සංඛ්‍යාව 450 X 365 = 164,250ක් විය යුතුය. නමුත් ලංකාවේ සියලු හේතුවලින් සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවවත් මේ දක්වා කිසිදු වසරක 164, 250 ඉක්මවා නැත. ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණ සංඛ්‍යාව ඉහළම අගයක් පෙන්වන ලද 2021 වසරේ දී සියලුම හේතුවලින් එනම් හෘදයාබාධ ද ඇතුළු සියළුම ලෙඩ රෝග, හදිසි අනතුරු, මිනිමැරුම් සහ සිය දිවිනසාගැනීම් ආදි සියලු හේතු අනුව වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 163,936 කි.
ඔහු එයට අමතරව අංශභාගය හේතුවෙන් දිනකට දළ වශයෙන් 100 දෙනෙකුවත් මරණයට පත්වන බව පවසා තිබේ. ඒ අනුව හෘදයාබාධ සහ අංශභාග හේතුවෙන් දෛනිකව මරණයට පත්වන සංඛ්‍යාව 550ක් විය යුතුය. එනම් මෙම රෝග දෙකෙන් පමණක් ශ්‍රී ලංකාව තුළ සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව දළ වශයෙන් 200,750 ක් (550 X 365) විය යුතුය. නමුත් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක වාර්තාගත සමස්ත වාර්ෂික මරණ සංඛ්‍යාවවත් ලක්ෂ දෙක ඉක්මවා නැත.
ජනසංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව විසින් පහත වසර සඳහා වාර්තා කර ඇති සමස්ත වාර්ෂික මරණ සංඛ්‍යාවන් මෙසේය.

වසර සමස්ත වාර්ෂික මරණ සංඛ්‍යාව
2017 139,822
2018 139,498
2019 146,053
2020 132, 431
2021 163, 936

ශ්‍රී ලංකාවේ ජනතාව වෛද්‍ය වෘත්තීය ගරුකටයුතු වෘත්තියක් ලෙස සළකමින් වෛද්‍යවරුන් කෙරෙහි දැඩි භක්තියකින් සහ විශ්වාසයකින් යුතුව ඔවුන් පවසන සියළු දේ කිසිදු සැකයකින් තොරව විශ්වාස කිරීමට හුරු වී සිටිති. එහෙයින් වෛද්‍ය වෘත්තියට ද නින්දා වන පරිදි කිසිදු අභියෝගයකින් තොරවම මෙවැනි බේගල් ඇද බෑමට ප්‍රියංකර ජයවර්ධන වැන්නන්ට අවස්ථාව ලැබී තිබේ.ඔහු හෘදයාබාධවලින් දෛනිකව සාමාන්‍ය වශයෙන් මිය යන සංඛ්‍යාව 450ක් ලෙසත් අංශභාගවලින් දෛනිකව මිය යන සංඛ්‍යාව 100ක් ලෙසත් දක්වා ඇත්තේ එලෙස අතිශයෝක්තියෙන් දක්වන ලද සංඛ්‍යාවන් තුළ mRNA එන්නත්වලින් සිදුවූ මරණ සංඛ්‍යාව යට ගැසීමේ අරමුණ සහිත බව මේ අනුව පැහැදිලි වේ.
කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේම වාර්තා අනුව 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ හෘදයාබාධ වලින් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 26 304කි. (CORONARY HEART DISEASE). ඒ අනුව හෘදයාබාධ හේතුවෙන් දෛනිකව සිදුව ඇති මරණ සංඛ්‍යාව දළ වශයෙන් 72කට ආසන්න සංඛ්‍යාවක් විය යුතුය. ප්‍රියංකර ජයවර්ධන එමෙන් හත් අට ගුණයක් අතිශයෝක්තියෙන් දක්වා තිබේ.

2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ හෘදයාබාධ වලින් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 26 304කි. (CORONARY HEART DISEASE). ඒ අනුව හෘදයාබාධ හේතුවෙන් දෛනිකව සිදුව ඇති මරණ සංඛ්‍යාව දළ වශයෙන් 72කට ආසන්න සංඛ්‍යාවක් විය යුතුය.

මෙයට පෙර කිසියම් පුද්ගලයෙකු හදිසි හෘදයාබාධයකින් මරණයට පත් වූ විට සාමාන්‍ය ජනතාව එතරම් කලබලයට පත් නොවූයේ මරණයට පත් පුද්ගලයාගේ වයස, සහ ඔහු හෝ ඇය දිගුකාලීනව හෘදයාබාධයකින් හෝ වෙනත් රෝගී තත්ත්වයන් පෙලෙමින් සිටි බවට වන අවබෝධයද එවැනි සිදුවීම්වල විරල ස්වභාවයද හේතුවෙනි. එහෙත් නිරෝගී යෞවනයන් දුසිම් ගණන් හෘදයාබාධ වැළඳෙන පළමු අවස්ථාවේම මරණයට පත්වීමේ සිදුවීම් ගණනාවක් එක දිගට සිදුවෙමින් පවතින විට ඒවා ඉහත පරිදි සාමාන්‍යකරණයට ලක්කිරීමට වෑයම් කිරීම මගින් ප්‍රියංකර ජයවර්ධන විසින් කොවිඩ්-19 එන්නත්වල හානිකර ප්‍රතිඵලවලට ගොදුරුවන ජනයාගේ ජීවිත පත්ව ඇති අවදානම නොසලකා හැර ඇති බව පැහැදිලිය. වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වැන්නවුන්ට සාධාරණ සිතුවිලි ලෙස පෙනෙනු ඇත්තේ ඔවුන්ගේ බැංකු ගිණුම් තරවන සිතුවිලි පමණි.

L. ජනමාධ්‍ය ආයතනවලට ඖෂධ සමාගම්වලින් මුදල් ලැබේ.

ලෝකයේ ඖෂධ සඳහා වෙළඳ දැන්වීම් පළකිරීමට අවසර ඇති රටවල් දෙකකි. එකක් ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර අනෙක නවසීලන්තයයි. ඖෂධ සඳහා පළ කරන මෙම දැන්වීම් හැඳින්වෙන්නේ “ පාරිභෝගිකයා වෙත සෘජුව ආමන්ත්‍රණය කෙරෙන වෙළඳ දැන්වීම්”(Direct to Consumer Advertising-DTC) ලෙසය. 2020 ඊනියා කොරෝනා වසංගත ප්‍රෝඩාව විසින් ඖෂධ සඳහා සෘජුවම පාරිභෝගිකයා ඇමතීම සඳහා ඖෂධ සමාගම්වලට තිබූ බාධාව වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ නාමයෙන් ලෝකයේ බොහො රටවල් තුළ ඉවත් කිරීමට ඖෂධ සමාගම් විසින් නැටවෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කටයුතු කරන ලදි. ඒ අනුව කොවිඩ්-19 එන්නතෙහි කාර්යක්ෂ්මතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ සැබෑ තොරතුරු යටපත් කරමින් ඖෂධ සමාගම්වල අවශ්‍යතාව පරිදි එන්නත් සඳහා වන ඉල්ලුම වැඩිකිරීම ඉලක්ක කොට ගත් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් සියලු ජනමාධ්‍ය හරහා දියත් කරන ලදි. නමුත් එය බොහෝ විට සිදු වූයේ සෘජු ලෙසම ඖෂධ සමාගම්වල අනුග්‍රහයෙන් පළ කරන වෙළෙඳ දැන්වීම් ලෙස නොව රජයේ සෞඛ්‍ය බලධාරින්,රජයේ ආයතන, වෛද්‍යවරුන්, ජනමාධ්‍යවේදින්, දේශපාලනඥයන් සහ කලාකරුවන් ආදින් නිල නොවන ලෙස එන්නත්වල අවශ්‍යතාව, සුරක්ෂිතතාව සහ කාර්යක්ෂ්මතාව ආදිය ගැන කෙරෙන සහතික කිරීම් ප්‍රකාශයන්, නිවේදන පත්‍රිකා සහ පෝසටර් සහ සමාජ මාධ්‍ය ජාලා වල සිදු කෙරෙන පළ කිරීම් ආදිය මගින් සිදු කිරීමය. මේ බොහෝ දේ සඳහා අදාල පුද්ගලයන්ට ඖෂධ සමාගම්වලින් ගෙවීම් ලැබී ඇති බව හෝ ඒවා කිසියම් මුදල් ලබාගෙන සිදු කරන ව්‍යාපෘතිවලට අදාළ ඒවා බව සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

2018 දී එක්සත් ජනපදය තුළ ඖෂධ පිළිබඳව පළ කරන ලද වෙළෙඳ දැන්වීම් සඳහා රූපවාහිනි ආයතන සඳහා පමණක් ඩොලර් බිලියන 3.79ක් ඖෂධ සමාගම් විසින් ගෙවා තිබේ.

ෆයිසර් සමාගමේ ලිරිකා(Lyrica) ඖෂධය සඳහා පළ කරන ලද වෙළඳ දැන්වීම් සඳහා පමණක් එම සමාගම ජනමාධ්‍ය ආයතනවලට ඩොලර් මිලියන 213ක් ගෙවා තිබේ. මර්ක් සමාගම විසින් ප්‍රතිශක්තිකාරක ඖෂධයක් ලෙස හඳුන්වා දෙන ලද කිීට්රූඩා ( Keytruda) ඖෂධය වෙනුවෙන් එම සමාගම ඩොලර් මිලියන 107ක් ජනමාධ්‍ය සඳහා ගෙවා තිබේ.

ප්‍රධාන ජන මාධ්‍ය විසින් මේ අයුරින් ඩොලර් මිලියන ගණන් ඖෂධ සමාගම් වෙතින් වෙළඳ දැන්වීම් සඳහා ලබාගෙන තිබේ. මෙම ජනමාධ්‍යවල මෙම ඖෂධ හෝ එන්නත්වලින් සිදුවන අතුරු ආබාධ හේතුවෙන් ශාරිරිකව හානිවලට ලක්වන හෝ මරණයට පත්වන කිසිවෙක් ගැන වාර්තා නොකරන්නේ එහෙයිනි.

M. ශ්‍රී ලංකාවේ ඊනියා විකල්ප ජනමාධ්‍ය එන්නත් වල අතුරු හානි පිළිබඳව ලංකාවේ ජනතාවගෙන් වසංකළ ආකාරය

ශ්‍රී ලංකාවේ “අනිද්දා ” පුවත්පතේ වෙබ් අඩවියේ නොනිල ෆයිසර් අලෙවි නියෝජිතයා බවට පත්ව සිටියේ තරිඳු උඩුවරගෙදර නැමැත්තෙකි. ඔහු දිගින් දිගටම ෆයිසර් සහ මොඩෙර්නා වැනි mRNA තාක්ෂණයට අනුව නිපදවන ලද එන්නත් පිළිබඳ දිගින් දිගටම වර්ණනා කිරීමක නිරතව සිටි අතර ඒවායේ මිල ගණන් සහ කාර්යක්ෂමතාව පිළිබඳ දර්ශක උපුටා දක්වමින් ශ්‍රි ලංකා රජය මිලදී ගත යුත්තේ ෆයිසර් එන්නත බව අවධාරණය කළේය.
එන්නත ලබාගත් ඇතැම් සාමාන්‍ය පුද්ගලයන් මරණයට පත්වීම් පිළිබඳව ජනමාධ්‍ය සහ රජය විසින් තොරතුරු වසන් කළ ද සෞඛ්‍ය බලධාරින් විසින් එම මරණ සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණ නොපැවැත්වුව ද සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනෙකු එම මරණවලට බලපාන ලද සැබෑ හේතුව කොවිඩ්-19 එන්නත් බව වටහාගෙන තිබිණි. එන්නත් ලබාගත් බොහෝ දෙනෙකු දෙවන හෝ තුන්වන වරට එය ලබාගැනීමට ඉදිරිපත් නොවූයේ එහෙයිනි. මෙම “එන්නත් විරෝධය” (Vaccine hesitancy) මැඩ පවත්වනු වස් ඖෂධ සමාගම් විසින් යොදවා ගන්නා ලද්දේ ප්‍රියංකර ජයවර්ධන වැනි වෛද්‍ය වෘත්තිකයන්, තරිඳු උඩුවරගෙදර වැනි ජනමාධ්‍යවේදීන් වැනි අයවළුන්ය.

“එන්නත් නිසා කවුරුත් මැරිලා නෑ මිථ්‍යා මතවලට පිළිතුරු” යන මැයෙන් අනිද්දා පුවත්පතේ වෙබ් අඩවියට 2021 මැයි මස 10 වැනි දින ලිපියක් මෙසේ සඳහන් වේ.

“…ඒ අනුව එන්නත නොලැබුණු අයගේ සිරුරුවල පරිණාමනය වූ වෛරසය, එන්නත ලබාගත් අයටත් නැවත පැතිරීමේ අවදානමක් ඇත. ඒ නිසා එන්නත් ප්‍රමාද කිරීම යනු කොවිඩ්-19 විකෘති ප්‍රභේද වගා කිරීමකි. ”
(තරිඳු උඩුවරගෙදර,අනිද්දා පුවත්පත,2021 මැයි මස 10)

වෛරසයක් පරිණාමය වීමේදී එය පරිණාමය වන්නේ එහි මාරාන්තික හෝ හානිකර බව අඩු සහ ආසාදනය වීමේ හැකියාව වැඩි දිශාවට බව වෛරස් විද්‍යාවේ පිළිගත් සිද්ධාන්තයකි. මෙහි විද්‍යාත්මක පදනම නම් මාරාන්තික බවින් වැඩි වෛරස විසින් එහි ධාරකයාගේ මරණය සිදු කිරීම හෝ ඔහුගේ චලනය සීමාකිරීම සිදු කරන බැවින් එය ව්‍යාප්ත වීමට බාධාවක් නිර්මාණය කිරීමය. මාරාන්තික බවින් අඩු සාමාන්‍ය රෝග ලක්ෂණ දක්වන වෛරස විසින් ධාරකයා මරණයට පත් කිරීමක් හෝ ඔහුගේ චලනය සීමාකිරීමක් සිදු නොකරන බැවින් එය ව්‍යාප්ත වීමේ හැකියාව වැඩිය. සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සා වෛරස අඩු හානිකර බවකින් යුතුව විශාල පිරිසක් අතර ව්‍යාප්ත වන්නේ මේ හේතුවෙනි. සෙම්ප්‍රතිශ්‍යා රෝගයක් වැළඳුන බොහෝ දෙනා ගමන්බිමන් යාම, රැකියාවේ නිරත වීම වැනි කටයුතුවල නිරත වීම සාමාන්‍යයක් බව අපි දනිමු. එහෙයින් එන්නත නොගත් පුද්ගලයන් තුළ පරිණාමය වන වෛරසය විසින් එන්නත ලබාගත් පුද්ගලයන් අවදානමට හෙලන්නේ යැයි යන්න එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට එරෙහිව පීඩනයක් දියත් කිරීම සඳහා ඖෂධ සමාගම් සහ ඒවාට නතු වූ ආණ්ඩු විසින් දියත් කර ඇති ද්වේශ සහගත ප්‍රචාරයම ප්‍රතිරාවය කිරීමක් ලෙස සැළකිය හැකිය.

මේ සම්බන්ධව එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලයේ වසංගත විද්‍යා දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය නේතන් ගෘබොෆ්, මහාචාර්ය මාරි ඊ.ප්‍රෙට්‍රෝන් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ජීව,පාරිසරික සහ වෛද්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය එඩ්වර්ඩ් සී. හෝල්ම්ස් යන අය විසින් National Center for Biotechnology Information ආයතනයේ වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියක මෙසේ දැක්වේ.

“ අපගේ මාධ්‍ය ධාරාවන් සහ විද්‍යාත්මක සන්නිවේදනය තුළ උතුරා යමින් පවතින නව කොරෝනා වෛරස් වසංගතයේ එනම් SARS-CoV-2 හි විකෘතිමය නව ප්‍රභේද පිළිබඳව භීතිකාව සහ සාවද්‍ය නියෝජනයන් මෙම ආකල්පය සඳහා උදාහරණ ලෙස දැක් විය හැකිය. DNA sleuths විසින් නව වෛරසයේ බිහිසුණු විකෘති ප්‍රභේද පිළිබඳව සොයාබලමින් සිටින බවට දැක්වෙන සිරස්තල විසින් වෛරසය අනිවාර්යෙන්ම වඩාත් භයානක ප්‍රභේද දක්වා විකෘතියට ලක්වෙන බවට භීතියක් නිර්මාණය කරන ලදි.

වෛරසයේ විකෘති ප්‍රභේද වඩාත් වේගයෙන් ව්‍යාප්ත විය හැකි බවට පළ වූ මාධ්‍ය වාර්තා විසින් වසංගතය පාලනය කිරීම සඳහා ගන්නා ලද මහජන සෞඛ්‍ය අංශවල උත්සාහයන් අසාර්ථක වී ගිය මහා ව්‍යසනයක් පිළිබඳ චිත්‍රයක් මවාපාන ලදි.

වෛරස් පරිණාමය තුළ සිදුවන ස්වාභාවික වරණය පහසුවෙන් අනුමාන කළ නොහැකිය. වෛරසයක පරිණාමීය ගමන් පථය පිළිබඳව හදිසි අනුමාන කිරිම් ප්‍රතිරාවය කිරීම නවතම වසංගතයක් සම්බන්ධ පරීක්ෂණවලදී අතිශයින්ම ගැටළුකාරි වේ. වසංගතයක් තුළ දී වෛරසයක් සුපිරිඝාතක වෛරසයක් පිළිබඳ මෙම බිය පදනම් විරහිත වුව ද වෛරසයක් වඩාත් මාරාන්තික ප්‍රභේදයන් දක්වා විකෘති වනු ඇතැයි යන පදනම් විරහිත ප්‍රකාශය විසින් මෙම ප්‍රවණතාව වඩාත් නිශ්චිතව නිරූපණය කරයි.

යථාර්ථයේදී වෛරසයක මාරාන්තික බවේ පරිණාමය යනු පරිණාමවාදී න්‍යායන් පිළිබඳ පුළුල් පරීක්ෂණවලට සහ විවාදවලටද මං පාදන ලද ඉතා සංකීර්ණ තේමාවකි. විකෘතිය විසින් වෛරසයේ හානිකර ස්වභාවය අඩු කිරීම හෝ වැඩි කිරීම සිදු කළ හැකිය. පොදු පිළිගැනීම නම් නම් හානිකර ස්වභාවය වෙනස්වන්නේ – එක්කෝ ඉහළට හෝ නැතහොත් පහළට- බවයි. විකෘතිය විසින් ව්‍යාප්ත වීමේ අනුපාතය වැඩි කරන්නේ නම් එහි තේරුම වෛරසය විසින් ජනනය කරන ‘මීළඟ පරම්පරාව’ සංඛ්‍යාත්මකව විශාල බවයි. සෑම අවස්ථාවකදීම නොවූවද රෝගීයා හෙවත් වෛරස් ධාරකයා අනෙක් අයට නිරාවරණයට වීමට නොහැකි තරම් අසාධ්‍ය තත්ත්වයට පත්කිරීමට හේතුවන අධික හානිකර විකෘති ප්‍රභේදයන් විසින් වෛරසය ව්‍යාප්තවීමේ හැකියාව අඩු කිරීමට ඉඩ තිබේ. පරිණාමීය බලවේගයන් සහ ක්‍රියාවලියට බලපාන වරණීය පීඩනයන් පිළිබඳ පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොමැතිව වෛරසයක හානිකර ස්වභාවය පරිණාමය වන්නේ කෙසේදැයි අනුමාන කිරීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් මෙන්ම ඇතැම්විට නිරර්ථක වෑයමක් ද වේ.”

(We shouldn’t worry when a virus mutates during disease outbreaks,

Nathan D. Grubaugh,Department of Epidemiology of Microbial Diseases, Yale School of Public Health, Yale University, New Haven, CT USA)
Mary E. Petrone,Yale Institute for Global Health, Yale University, New Haven, CT USA

Edward C. HolmesMarie Bashir Institute for Infectious Diseases and Biosecurity, School of Life and Environmental Sciences and School of Medical Sciences, The University of Sydney, Sydney, New South Wales Australia

තරිඳු උඩුවරගෙදර උඩ පැන පැන පවසන ලද මේ පඬිවදන් සියල්ල බේගල් බව සාධනය කරන විද්‍යාත්මක සාක්ෂි දැන් මනා ලෙස ලේඛන ගත වී තිබේ. ෆයිසර් එන්නත වෙළඳ පොලට නිකුත් කිරීමට ප්‍රථම එය විසින් රෝගය ව්‍යාප්තවීම වළක්වනු ලබන්නේ ද යන්න ගැන සායනික පර්යේෂණ පවත්වා ඇත්දැයි යනුවෙන් යුරෝපා පාර්ලිමේන්තු විමර්ශන කමිටුව විසින් අසන ලද ප්‍රශ්නයට ෆයිසර් නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර වෙළඳ අංශයේ සභාපතිනිය වූ යානින් ස්මෝල් (Janine Small) ප්‍රකාශ කර සිටියේ ෆයිසර් එන්නත විසින් කොවිඩ්-19 ආසාදනය හෝ ව්‍යාප්තිය වළක්වනු ලබන්නේද යන්න ගැන එය වෙළඳපොළට නිකුත් කිරීමට පෙර පරීක්ෂණයට ලක් කර නොතිබූ බවයි.

“ …මෙම ෆයිසර් කොවිඩ්-19 එන්නත් විසින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හෝ ව්‍යාප්ත වීම වළක්වනු ලබන්නේ ද යන්න ගැන ඒවා මහජන භාවිතයට නිකුත් කිරීමට පෙර නිකුත් කර ඇත්දැයි පරීක්ෂණයට ලක්කර ඇත්දැයි යනුවෙන් අපගේ සහෝදර මහජන නියෝජිතයෙකු ඊයේ ෆයිසර් නියෝජිතවරියගෙන් විමසන ලද විට එම නියෝජිතවරිය දුන් පිළිතුරෙන් අපි අතිමහත් කම්පනයකට පත්වූයෙමු. (ඇයගේ පිළිතුර වූයේ කොවිඩ්-19 මගින් පුද්ගලයෙකු ආසාදනය වීම වැළැක්වීමට සහ ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීම වැළැක්වීමට එන්නත සමත්වන්නේ දැයි යන්න ගැන ෆයිසර් සමාගම විසින් ස්වකීය එන්නත පරීක්ෂාවට ලක් කර නැති බවයි) ”
(යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු විසින් 2022 ඔක්තෝබර් 11 වැනි දින පවත්වන ලද පුවත් සාකච්ඡාව දී රුමේනියාවේ මන්ත්‍රි ක්‍රිස්ටියන් ටෙරෙස් විසින් සිදුකළ කරුණු ඉදිරිපත් කිරීම)

ආර්. රූස්

යුරෝපා පාර්ලිමේන්තුවේ කොවිඩ්-19 එන්නත් පිළිබඳ විමර්ශන කමිටුවේ සාමාජික සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. රූස් (R.Roos)-ෆයිසර් කොවිඩ් එන්නතට වෛරසය ව්‍යාප්ත වීම නතර කිරීමේ හැකියාවක් තිබේද යන්න ගැන ෆයිසර් එන්නත වෙළඳ පොළට නිකුත් කිරීමට පෙර පරීක්ෂණයට ලක් කර තිබේද? එසේ නොමැති නම් කරුණාකර ඒ් බව පැහැදිලිව ඔව් හෝ නැත යනුවෙන් පවසන්න. එසේ පරීක්ෂණයට ලක් කර ඇත්නම් එයට අදාළ දත්ත මෙම කමිටුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

ස්මෝල්

ෆයිසර් විධායක නිලධාරිනි ස්මෝල් යානින් (Small Janine) – නැත, එන්නත මිනිස් භාවිතයට පෙර නිකුත් කිරීමට පෙර අප දැන සිටියේද යන ප්‍රශ්නයට පිළිතුර නැත යන්නයි.වෙළඳපොළේදී සිදුවන්නේ කුමක්දැයි යන්න වටහාගැනීමට අපට විද්‍යාවේ වේගයෙන් පෙරට යාමට සිදු වුණා.එම දෘෂ්ටි කෝණය අනුව අපට සියල්ලම අවදානමක් දරමින් කිරීමට සිදු වුණා.

24.Pfizer did not know whether Covid vaccine stopped transmission before rollout

 

තරිඳු උඩුවරගෙදරගේ ලිපියේ මෙසේ ද සඳහන් විය

“එන්නත නිසා ස්නායු ආබාධ ඇති වෙන බව, රුධිරයේ ආබාධ ඇති වෙන බව, ඇල්සයිමර් ඇති වෙන බව, වඳභාවය ඇති වෙන බව ව්‍යාජ අදහස්ය. ඒ කිසිවක් තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු නැත. ”

එන්නත ගැනීමෙන් පසු ස්නායු පද්ධතියට සිදු වූ හානි හේතුවෙන් අතපය හිරිවැටීම සහ අප්‍රාණිකත්වයට පත් වූවන් කොපමණ සංඛ්‍යාවක් ලංකාවේ සිටීද? එම ස්නායු ආබාධ හේතුවෙන් පාලනය කරගත නොහැකි ලෙස අතපය වෙව්ලීමේ රෝගවලට ගොදුරුවූවන් කොපමණ සිටීද? මෙම ස්නායු ආබාධ ඇතිවන්නේ එන්නත් විසින් නිෂ්පාදනය කරනු ලබන ස්පයික් ප්‍රෝටීන ස්නායු සෛල කරා ගමන් කිරීම හේතුවෙන් අපගේම ප්‍රතිශක්ති පද්ධතිය ස්නායු පද්ධතියට පහරදීම හේතුවෙනි.

යුරෝපයේ එන්නත් සහ ඖෂධවල අතුරු ආබාධ පිළිබඳ හානි සහ මරණ වාර්තා කරන නිල වෙබ් අඩවිය වන යුද්‍රාවිජිලන්ස් (EudraVigilance ) වෙබ් අඩවිය විසින් 2021 ඔක්තෝබර් 19 වැනි දින වනවිට පමණක් කොවිඩ්-19 එන්නත් වලින් සිදුව ඇති මරණ 28,103ක් වාර්තා කර තිබිණි.
කොවිඩ්-19 එන්නත් අතරෙන් ෆයිසර් එන්නත් වල අතුරු ආබාධ සහ ඒවාට ගොදුරු වූ සහ මරණයට පත්වූවන් පිළිබඳව සංඛ්‍යා ලේඛන යළිත් වරක් ලිපිය අවසානයේදී උපුටා දක්වා ඇත.

ෆයිසර් සහ මොඩෙර්නා එන්නත්වල අඩංගු mRNA විසින් අපගේ විකෘති කරන බවට පැතිර ඇති මතය ව්‍යාජ මතයක් බව තරිඳු උඩුවරගෙදර විසින් මේ ලෙස දිවුරා සහතික කර තිබිණි.

“එම්ආර්එන්ඒ නම් එන්නත් තාක්ෂණයෙන් අපගේ ඩීඑන්ඒ විකෘති කරවන බව තවත් ව්‍යාජ මතයකි. එම්ආර්එන්ඒ තාක්ෂණයෙන් යුත් එන්නත් අපගේ ඩීඑන්ඒ වලට ඇතුළු වෙන්නේ නැත. අපගේ සෛලවල මධ්‍යයෙන් බොහෝ ඈත සිට එම්ආර්එන්ඒ එන්නත් ක්‍රියා කරයි. ඩීඑන්ඒ තිබෙන්නේ සෛල මධ්‍යයේය. ඒ නිසා එම්ආර්එන්ඒ සහ ඩීඑන්ඒ ගැටෙන්නේ නැත.”

(තරිඳු උඩුවරගෙදර,අනිද්දා පුවත්පත,2021 මැයි මස 10)

තරිඳු උඩුවරගෙදර මෙවැනි බේගල් ඇදබෑමට පෙර සෛල විභේදන ක්‍රියාවලියේදී සිදුවන්නේ කුමක්දයි අඩු තරමින් උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුවෙකු සමග හෝ කතාබහ කර යම් යම් දේ ඉගෙන ගත යුතුව තිබිණි.

කෙසේ වුව ද මේ වනවිට බොහෝ විද්‍යාත්මක සාක්ෂි මගින් පෙන්වා දී සැබෑ ලෙසම සිදුවන්නේ උඩුවරගෙදරගේ මනෝ විකාර නොව එයට සහමුලින්ම වෙනස් දෙයක් බවය.
ස්වීඩන් විද්‍යාඥයන් පිරිසක් විසින් පවත්වන ලද පර්යේෂණයක් මගින් පෙන්නුම් කර ඇත්තේ ෆයිසර් බයොන්ටෙක් එන්නතේ mRNA අක්මා සෛලවලදී DNA බවට පත්වන බවයි.

“කොවිඩ්-19 mRNA එන්නතක් වන BNT162b2 (ෆයිසර්-බයොන්ටෙක් එන්නත) විද්‍යාගාර තත්ත්වයන් තුලදී මිනිස් අක්මා සෛල (cell line Huh7) තුළට ඇතුළු වීමට හැකියාවක් දක්වන බවට මෙම අධ්‍යයනය තුලදී අපි සාක්ෂි ඉදිරිපත් කරමු. BNT162b2 (ෆයිසර්-බයොන්ටෙක් එන්නත)ට නිරාවරණය කර පැය 6කට පසු එම එන්නතේ අඩංගු mRNA, සෛල තුළ සිදුවන ප්‍රතිවර්තීය පිටපත්කරණයේදී DNA සමග සම්බන්ධ වේ.”

“ In this study we present evidence that COVID-19 mRNA vaccine BNT162b2 is able to enter the human liver cell line Huh7 in vitro. BNT162b2 mRNA is reverse transcribed intracellularly into DNA as fast as 6 h after BNT162b2 exposure. A possible mechanism for reverse transcription is through endogenous reverse transcriptase LINE-1, and the nucleus protein distribution of LINE-1 is elevated by BNT162b2. ”

Intracellular Reverse Transcription of Pfizer BioNTech COVID-19 mRNA Vaccine BNT162b2 In Vitro in Human Liver Cell Line

2021 මැයි මාසය වන විටත් කොවිඩ්-19 එන්නත් මගින් සිදුව ඇති සහ සිදුවෙමින් පැවැති මරණ සාමාන්‍යකරණයකට ලක් කිරීමට උඩුවරගෙදර උත්සාහ දරා තිබේ.

“ ….කිසිම රටක විශේෂඥයන් අස්වාභාවික ලෙස මරණ සංඛ්‍යාව වැඩි වීමක් වාර්තා කර නැත. එවැන්නක් කාටත් හොරෙන් සිදු වීමේ ඉඩක්ද නැත. එන්නත ආරක්ෂාව සපයන්නේ කොවිඩ්-19 වෛරසයටය. මරණය යන සංකල්පයට නොවේ. ඕනෑ කෙනෙකු යම් රෝගයකින් යම් දිනෙක මිය යන බව අමුතුවෙන් සටහන් කරන්නට ඕනෑ නැත. එය වැළකීමේ මායා බලයක් එන්නතට නැත.”

(තරිඳු උඩුවරගෙදර,අනිද්දා පුවත්පත,2021 මැයි මස 10)

ෆයිසර් එන්නත මගින් කොවිඩ්-19 ආසාදනය වීම හෝ ව්‍යාප්ත වීම වළක්වන්නේ නැති බවට ෆයිසර් නියෝජිතවරියක විසින්ම යුරෝපා පාර්ලිමේන්තු විමර්ශන කමිටුවේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇති බව උඩුවරගෙදරගේ මේ විකාරවලට පිළිතුරු ලෙස නැවතත් සිහිපත් කරමු.

එන්නත් ලබාගැනීමෙන් පසු මරණයට පත්ව ඇත්තේ වැඩිහිටි නිවාස වල සිටින වයෝවෘද්ධ පුද්ගලයන් පමණක් නොවේ. වාර්තාගතව ඇති ප්‍රසිද්ධ සිදුවීම් සංඛ්‍යාවට අනුව පමණක් වුව ද තරුණ වයසේ පුද්ගලයන් දහස් ගණනක් ලෝකය පුරාම ක්ෂණික හෘදයාබාධවලින් මරණයට පත් වී තිබේ. පාපන්දු ක්‍රීඩකයන්, මලල ක්‍රීඩකයන් හමුදා සහ පොලිස් භටයන් වැනි සිය කායික යෝග්‍යතාවය ගැන සුපරීක්ෂාකාරිවන නිතර ව්‍යායාමයේ යෙදෙන පුද්ගලයන් හෘදයාබාධවලින් ක්ෂණිකව මරණයට පත්වීම් මෙතරම් විශාල සංඛ්‍යාවක් මෙයට පෙර වාර්තා වී තිබේද? මෙවැනි මරණ ශ්‍රි ලංකාවේද සුලබ තත්ත්වයක් බවට පත්ව ඇති නමුත් මූල්‍ය ප්‍රතිලාභ හෝ වෙනත් වාසි තකා කොවිඩ්-19 ආඛ්‍යානය ප්‍රචාරය කරමින් එන්නත්වල අලෙවි නියෝජිතයන් බවට පත් වූ උඩුවරගෙදර වැන්නන් එම සිදුවීම් වසං කිරීමට තැත් කිරීම අරුමයක් නොවේ. තරිඳු උඩුවරගෙදර විසින් එන්නත්වල අතුරු ආබාධ කිසිවක් නැතැයි ලංකාවේ ජනතාව මුලාකරමින් මෙම ලිපිය ලියන ලද 2021 මැයි මස වන විටද යුරෝපය සහ ඇමෙරිකාව පුරා මෙම එන්නත්වලින් සිදුවන මරණ පිළිබඳව ඖෂධ සමාගම්වල මුදලට ආත්මය පාවා නුදුන් වෛද්‍යවරුන් සහ ජනමාධ්‍යවේදීන් විසින් හෙළිදරවු කර තිබිණි. එහෙයින් තමන් මෙම අතුරු ආබාධ හෝ මරණ පිළිබඳව නොදැන සිටියේ යැයි පවසා ඇඟ බේරා ගැනීමට ෆයිසර් එන්නත ලංකාව තුළ ප්‍රවර්ධනය කළ තරිඳු උඩුවරගෙදර වැන්නවුන්ට කිසිදු ඉඩක් තැබිය යුතු නැත.

N. අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යාම

eurostat වෙබ් අඩවියට අනුව 2022 මැයි සහ ජූනි මාසවලදී යුරෝපා සංගමය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ඉහළ යාම එක් එක් මාසය සඳහා 7% බැගින් වේ. ජූනි මාසයට වඩා 16% ක වැඩි වීමක් 2022 ජූලි මාසයේදී වාර්තා වී ඇත. මේ අනුව 2016-2019 වසරවල ජූලි මාසවල සිදුව ඇති මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය අගයට වඩා වැඩිපුර මරණ 53000ක් 2022 ජූලි මාසයේදී යුරෝපා සංගමය තුළ වාර්තා වී තිබේ. බොහෝ විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙය ඉතා අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යාමක් ලෙසය.
2022 වසරේ ජූලි මාසයේදී යුරෝපා සංගමය තුළ ඉහළම අමතර මරණ සංඛ්‍යාව සිදුව ඇත්තේ ස්පාඤ්ඤයේ වන අතර එහි අගය 37%කි. සයිප්‍රසයේ 33%කි. ග්‍රීසියේ 31කි.
2022 අගෝස්තු මාසයේදී ස්ලෝවැකියාවේ සිදුව ඇති අමතර මරණ සංඛ්‍යාව කලින් මාසය හා සසඳන කල 5,5%කි. ග්‍රිසියේ 24,3%කි. අයර්ලන්තයේ 16,8%කි. ජර්මනියේ 16.5%කි. පින්ලන්තයේ 16.3%කි.

කොවිඩ්-19 වසංගතය ආරම්භ වූවා යැයි කියන 2020 වසරේදී ලංකාවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2019 වසරට වඩා 13,622කින් අඩු වී තිබේ. 2019 වසරේ ලංකාව තුළ මුළු මරණ සංඛ්‍යාව 146,053ක් වූ අතර 2020 දී එය 132,431 ක් විය. නමුත් 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,431ක් වනවිට කොවිඩ්-19 එන්නත්කරණය ලංකාව තුළ ව්‍යාප්ත කරන ලද 2021 වසරේ මරණ සංඛ්‍යාව 163,936ක් ලෙස වාර්තා වී තිබේ. එනම් 2021 වසරේදී මරණ සංඛ්‍යාව 31,505කින් ඉහළ ගොස් තිබේ. මෙම මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ නැග ඇත්තේ ෆයිසර් එන්නත මගින් ජනතාව එන්නත්කරණය ආරම්භකළ 2021 වසරේ මැද භාගයේ සිටය.

2022 වසරේදී ශ්‍රී ලංකාවේදී සිදුව ඇති මරණ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට විවිධ පළාත්වලින් ලැබෙන පුවත්වලින් සනාථ වේ. වයස 18 සිට 45 දක්වා වන වයස් සීමාවේ පුද්ගලයන්ට හෘදය රෝගවලින් මිය යන්නේ ඉතා කලාතුරකින් අවස්ථාවකදී වුව ද 2022 වසරේ සහ 2023 මුල් මාස කීපය තුල දී ඒ වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් විශාල පිරිසක් හදිසි හෘදයාබාධ වලට ගොදුරුව මියගොස් තිබිණි. ඖෂධ සමාගම් සහ ඒවා සමග එක්ව කටයුතු කරන දේශපාලනඥයන්ගේ බලපෑම මත මෙම මරණ පිළිබඳව නිසි පරිදි මරණ පරීක්ෂණ නොපැවැත්වෙන බැවින් මෙම මරණවලට හේතුව සහ කොවිඩ්-19 mRNA අතර සම්බන්ධතාව නිල වශයෙන් සනාථ කර නැත. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ හැකි සෑම අයුරෙකින්ම මෙම මරණ සහ එන්නත් අතර සම්බන්ධතාව වසන් කිරීමට කටයුතු කිරීමය.

කොවිඩ්-19 එන්නත් මගින් රුධිර කැටිගැසීම් සිදුවන බවට පැතිර ගිය තොරතුරු ද සාමාන්‍යකරණයට ලක් කිරීමට උඩුවරගෙදර විසින් උත්සාහ දරා තිබිණි.

“..එන්නත ලබා දුන් පසුවත් ඒ ගැන විමර්ශන කරමින්, ඉතා පරීක්ෂාකාරීව පසු වීම එහි ආරක්ෂාව පිළිබඳ සහතිකයකි. මේ වෙද්දී බටහිර නිපදවූ හැම එන්නත් වර්ගයක්ම ලබා දීමේ ක්‍රියාවලිය විවෘතව නිරීක්ෂණයට ලක් කර ඇත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එන්නත ලබා ගත් අයට රුධිර කැටි ගැසීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීමත්, ඒ සමග එන්නත ලබා දීම තාවකාලිකව නවත්වා පරීක්ෂණ පැවැත්වීමත් ආරක්ෂාව පිළිබඳ සහතිකයකි.
සමහරුන් ඒ රුධිර කැටි ගැසීමේ සිදුවීම එන්නත් අනාරක්ෂිත බව තර්ක කරන්නට යොදා ගනී. එහෙත්, සැබෑව එහි අනෙක් පැත්තය. ඒ සිදුවීමෙන් වැටහෙන්නේ එන්නතෙන් යම් හානියක් සිදු වෙනවාදැයි සැකයක් ඇති වුණොත් වහා ක්‍රියාත්මක වී, පර්යේෂණ කරන බවය. ඒවා විවෘතව සහ විනිවිදභාවයෙන් යුතුව කරන බවය. ”(තරිඳු උඩුවරගෙදර,අනිද්දා පුවත්පත,2021 මැයි මස 10)

එන්නත් භාවිතා කළ පසුව ඒවායේ අතුරු ආබාධ පිළිබඳව පසු විපරම් නිරීක්ෂණ පද්ධතීන් පවත්වාගෙන යාම පිළිබඳ කරුණ එන්නත්වල ආරක්ෂාව පිළිබඳව ඇති සහතිකයක් ලෙස හුවා දැක්වීමට තරිඳු උඩුවරගෙදර දරා ඇති උත්සාහය හාස්‍යජනක බොළඳ එකකි. එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ දිය හැකි හොඳම සහ නිවැරදිම සහතිකය වන්නේ එම එන්නත් නිෂ්පාදනයෙන් පසු ඒවා අත්හදා බැලීමේ විවිධ පරීක්ෂණ අවධීන් අදාළ ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යමින් ඒවායේ ප්‍රතිඵල නිසි ලෙස වාර්තා කිරීමය. එම දත්ත අදාළ රාජ්‍ය ආයතන, ස්වාධීන පර්යේෂණ ආයතන සහ අදාළ වෛද්‍ය විද්‍යා ආයතන වලට සැඟවීමකින් තොරව ඉදිරිපත් කිරීමය. මෙම අත්හදා බැලීමේ පර්යේෂණ විවෘත ලෙස පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවූ බවට අවශ්‍ය තරමටත් වඩා සාක්ෂි තිබේ. mRNA තාක්ෂණය යොදා නිෂ්පාදනය කරන ලද එන්නත් කොවිඩ්-19 ට වසර ගණනකට පෙර සිටම අත්හදා බලා ඇති අතර ඒ කිසිදු අවස්ථාවක එම එන්නත් සතුන් යොදා කරනු ලබන පර්යේෂණ අවධීන් පවා සාර්ථක ලෙස සමත්වීමට නොහැකි විය. එම පර්යේෂණ මිනිසුන් යොදා කරන සායනික අවධීන් කරා ගෙන යාමට මීට ඉහතදී අවසරය නොලැබිණි. සත්වයින් යොදා කරන ලද පරීක්ෂණ වලදී හානිදායක ප්‍රතිඵල ලද මෙම mRNA එන්නත් ඖෂධ සමාගම් විසින් සමස්ත මානව වර්ගයා මතම අත්හදා බැලීමට යොදා ගත්තේ කොවිඩ්-19 නම් ප්‍රෝඩාකාරි වසංගත ආඛ්‍යානය යටතේ මවා පෙන්වන ලද බිහිසුණු තත්ත්වයෙන් සමස්ත මානව ප්‍රජාවම බියගැන්වීමට කටයුතු කරමිනි. වසංගතයේ මාරාන්තික බව පිළිබඳව අතිශයෝක්තියට නංවා සිදු කරන ලද ප්‍රචාරයන් සහ එයින් ගැලවීමේ එකම මග මෙම mRNA එන්නත් බව සමාජය තුළ තහවුරු කිරීමට යොදන ලද ප්‍රචාරයන් සහ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් ආදියත් හේතුවෙන් එන්නත්වල ආබාධ මොනවාද, ඒවා කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කරමින් අනුමැතිය ලබාගත්තේ කෙසේද? ඒවායේ අත්හදා බැලීමේ පර්යේෂණවල ප්‍රතිඵල මොනවාද යන්න ගැන ප්‍රශ්න කිරීමට තරම් විචාර බුද්ධියක් පොදුවේ සමාජය තුළ නොවිණි. මේ තත්ත්වය උපයෝගි කොටගත් දූෂිත පාලකයන් සහ ඖෂධ සමාගම් විසින් මෙම එන්නත් වල විද්‍යාගාර සහ සායනික අත්හදාබැලීම්වල අසාර්ථක ප්‍රතිඵල යටගසමින් ඒවාට හදිසි අවස්ථා අනුමැතිය යටතේ අවසරය ලබාදෙමින් මානව වර්යා මත මුදාහැරීමට කටයුතු කරන ලදි. මෙම එන්නත් හේතුවෙන් යුරෝපයේ සහ ඇමෙරිකාවේ පමණක් වාර්තා ගත වී ඇති මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. තවත් මිලියන ගණනකට බරපතල අතුරු ආබාධ ඇති කර තිබේ. ප්‍රශ්නය මෙයයි. මේ මරණයට පත්වූවන් හෝ බරපතල ශාරිරික හානිවලට ලක්වූවන්ට තරිඳු උඩුවරගෙදර පවසන මෙම පසුවිපරම් නිරීක්ෂණ පද්ධති වලින් ලැබුණ ආරක්ෂාව කුමක්ද? mRNA එන්නත් භාවිතා කළ ලෝකයේ සියලුම රටවල පාහේ සාමාන්‍ය මරණ සංඛ්‍යාවන් 7% සිට 40%ටත් අතර සංඛ්‍යාවන් තුලින් වැඩි වී ඇත්තේ මෙම පසු විපරම් පද්ධතීන්වලින් ආරක්ෂාව ලැබුණ නිසාද?

රුධිර කැටිගැසීම් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත්තේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සම්බන්ධව පමණක් නොවේ. ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර්, මොඩෙර්නා වැනි එන්නත් ආශ්‍රිතවද එවැනි සිදුවීම් අඩුවැඩි වශයෙන් වාර්තා වී තිබිණි.
ආරම්භයේදීම එවැනි ලේ කැටිගැසීම් පිළිබඳව සිදු වීම් වාර්තා වූ විට ලෝක ප්‍රකට කීර්තිමත් වසංගත සහ වෛරස් පිළිබඳ විද්‍යාඥයෙකු වන ජර්මනියේ මහාචාර්ය සුචරිත් බාක්දි ඇතුළු විද්‍යාඥයන් පිරිසක් විසින් යුරෝපා ඖෂධ ඒජන්සිය වෙතින් එම සිදුවීම් පිළිබඳව ප්‍රශ්න කරමින් 2021 පෙබරවාරි 28 දින විවෘත ලිපියක් යවන ලදි. ඔවුන් ප්‍රශ්න කරන ලද්දේ මෙම එන්නත් මහජනතාවගේ භාවිතය සඳහා හදිසි අවස්ථා අනුමැතිය යටතේ මුදාහැරීමට පෙර එම එන්නත් සතුන් යොදා කරනු ලබන විද්‍යාගාර පරීක්ෂණවල ප්‍රතිඵල තුළ දී ලේ කැටිගැසීම් සහ වෙනත් බරපතල අතුරු ආබාධ පිළිබඳ සාක්ෂි ලැබී තිබුනාද යන්නය.

 

O. සුචරිත් බාක්දි ඇතුළු වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් විසින් යුරෝපා ඖෂධ ඒජන්සිය වෙත යොමු කරන ලද ප්‍රශ්න මාලාව

1.මෙම අන්තහ් පේශීය එන්නත (intramuscular injection) ලබා දුන් පසුව මෙම ජාන ප්‍රතිකාරක වැක්සීනය රුධිර ප්‍රවාහයට එක් වී ශරීරය පුරා පැතිර යාමට ඇති ඉඩකඩ අපේක්ෂා කළ යුත්තකි.
1. පූර්ව සායනික සත්ව පරීක්ෂණ වලදී (pre-clinical animal models) මෙම ශක්‍යතාව බැහැර කර ඇති බවට යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA)විසින් මෙම වැක්සීන් වර්ග තුන මනුෂ්‍යයන් සඳහා භාවිතය අනුමැතිය දීමට පෙර තහවුරු කරගැනීමට සමත් වූයේ නම් ඊට අදාළව එය සතු පරීක්ෂණාත්මක සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

2. එබඳු පරීක්ෂණාත්මක සාධක නොපවතී නම්, මෙම වැක්සීන රුධිර ප්‍රවාහය තුළ පවතිනු ඇති බවටත් අන්තෝහ්ඡද සෛල (රුධිරනාලවල අභ්‍යන්තර සෛල ස්ථරය- endothelial cells)විසින් අවශෝෂණය කරගනු ලබනු ඇති බවටත් අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන්ම රුධිර ප්‍රවාහය සෙමින් ගමන් කිරීම සිදුවන ස්ථානවලදී විශේෂයෙන්ම කුඩා රුධිර නාලිකාවලදී සහ කේශනාලිකාවලදී මෙය සිදුවිය හැකිබවට අනුමාන කළ හැකිය.
2. පූර්ව සායනික සත්ව පරීක්ෂණ වලදී (pre-clinical animal models) මෙම ශක්‍යතාව බැහැර කර ඇති බවට යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA)විසින් මෙම වැක්සීන් වර්ග තුන මනුෂ්‍යයන් සඳහා භාවිතය අනුමැතිය දීමට පෙර තහවුරු කරගැනීමට සමත් වූයේ නම් ඊට අදාළව එය සතු පරීක්ෂණාත්මක සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

3. එබඳු පරීක්ෂණාත්මක සාක්ෂී නොපවතී නම්, වැක්සීනයේ ජාන ප්‍රකාශන (gene expression) ක්‍රියාවලියේදී එහි ස්පයික් ප්‍රෝටීන විසින් නිපදවන නියුක්ලික් අම්ල සහ පෙප්ටයිඩ MHC I පථය හරහා සෛලයේ මධ්‍ය කුහර පෘෂ්ඨය වෙත ගමන් කරනු ඇති බවට අපේක්ෂා කළ හැකිය. බොහෝ නිරෝගී මිනිසුන් තුළ පවතින CD8 ලිම්පොසයිට (lymphocytes) වලට මෙවැනි පෙප්ටයිඩ හඳනාගැනීමේ හැකියාවක් පවතී. ඒ COVID ආසාදනයට පෙර වෙනත් වර්ගවල කොරෝනා වෛරසවලට දක්වන ලද ප්‍රතිචාර නිසා විය හැකිය. එනිසා මෙම ලිම්පොසයිට සුදු රුධිරාණු විසින් අදාළ සෛලවලට (වැක්සීනය විසින් නිෂ්පාදිත ස්පයික් ප්‍රෝටීන සහිත සෛලවලට) පහර දීමට ඇති ඉඩකඩ අප විසින් අනුමාන කළ යුතුය
3. පූර්ව සායනික සත්ව පරීක්ෂණ වලදී (pre-clinical animal models) මෙම ශක්‍යතාව බැහැර කර ඇති බවට යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA)විසින් මෙම වැක්සීන් වර්ග තුන මනුෂ්‍යයන් සඳහා භාවිතය අනුමැතිය දීමට පෙර තහවුරු කරගැනීමට සමත් වූයේ නම් ඊට අදාළව එය සතු පරීක්ෂණාත්මක සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

4.එබඳු පරීක්ෂණාත්මක සාක්ෂී නොපවතී නම්, රුධිරනාලවල වලට සිදුවන හානියේ ප්‍රතිඵලයක් ලෙස රුධිර පට්ටිකා ක්‍රියාත්මක වීමෙන් ශරීරය පුරාම ලේ කැටිගැසීමේ තත්ත්වයක් මතුවීමට ඇති ඉඩකඩ අප විසින් අපේක්ෂා කළ යුතුය.
4. පූර්ව සායනික සත්ව පරීක්ෂණ වලදී (pre-clinical animal models) මෙම ශක්‍යතාව බැහැර කර ඇති බවට යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA)විසින් මෙම වැක්සීන් වර්ග තුන මනුෂ්‍යයන් සඳහා භාවිතය අනුමැතිය දීමට පෙර තහවුරු කරගැනීමට සමත් වූයේ නම් ඊට අදාළව එය සතු පරීක්ෂණාත්මක සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

5.එබඳු පරීක්ෂණාත්මක සාක්ෂී නොපවතී නම්, මෙම තත්ත්වය විසින් රුධිර පට්ටිකා සංඛ්‍යාව පහත වැටීම, රුධිරය තුළ D-dimer ප්‍රෝටීනමය තන්තු දක්නට ලැබීම සහ සිරුර පුරා මොළය කොඳු නාරටිය සහ හදවත ඇතුළු අභ්‍යන්තර අවයවවල පටකවලට හානි සිදුවීම, මෙම අභිනව ව්‍යාප්තික අන්තහ්වාහිණී රුධිර කැටිගැසීම (DIC-syndrome-Disseminated intravascular coagulation) තුල මතුවිය හැකි ලේ වහනය වීම්, අධික රුධිරවහනය, මෂ්තිෂ්ක රුධිරවහනය ආදිය සිදුවීමට ඇති ඉඩකඩ අපේක්ෂා කළ යුතුය.
5.පූර්ව සායනික සත්ව පරීක්ෂණ වලදී (pre-clinical animal models) මෙම ශක්‍යතාව බැහැර කර ඇති බවට යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA)විසින් මෙම වැක්සීන් වර්ග තුන මනුෂ්‍යයන් සඳහා භාවිතය අනුමැතිය දීමට පෙර තහවුරු කරගැනීමට සමත් වූයේ නම් ඊට අදාළව එය සතු පරීක්ෂණාත්මක සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

6.SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන විසින් රුධිර පට්ටිකාවන් හි ඇති ACE2 ප්‍රතිග්‍රාහකය (angiotensin-converting enzyme-2 receptor) සමග ඇති කරන ගනු ලබන බන්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ඒවා සක්‍රිය වේ.
6.SARS-CoV-2 වෛරසයෙන් දරුණු ලෙස ආසාධිත තත්ත්වයට පත්වූවන් අතර රුධිරයේ ඇති රුධිර පට්ටිකා අනුපාතය පහත වැටීම (Thrombocytopenia) පිළිබඳව වාර්තා වී තිබේ

7. වැක්සීන ලබාගත් පුද්ගලයන් තුළ ද රුධිරයේ ඇති රුධිර පට්ටිකා අනුපාතය පහත වැටීම (Thrombocytopenia) වාර්තා වී තිබේ

8 යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA)විසින් මෙම වැක්සීන වර්ග තුන මනුෂ්‍ය භාවිතයට ගැනීම අනුමත කරනු ලැබීමට පෙර ඒවා විසින් රුධිර පට්ටිකා සක්‍රිය කිරීමේ අවදානම් සහගත තත්ත්වයක් මතු නොවන බවට ද ඒ මගින් ව්‍යාප්තික අන්තහ්වාහිණි රුධිර කැටිගැසීමක් (DIC) ඇති නොවන බවටද තහවුරු කරගෙන ඇත්තේ නම් ඒ පිළිබඳව එය සතු පරීක්ෂාණාත්මක සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

SARS-CoV-2 වෛරසය ලෝකය පුරා පැතිර යමින් ඇති කරන ලද වසංගත රෝගී තත්ත්වය තුළ බොහෝ පුද්ගලයන් මරණයට පත් විය. කෙසේ වුවද ඉහත කී වැක්සීන අනුමත කිරීම සැළකිල්ලට ගත් අවස්ථාවේදී බහුතරයක් රටවල සෞඛ්‍ය ආයතන රෝගීන්ගේ පිරී ඉතිරී යාමේ අනිවාර්ය අවදානමක් නොතිබිණි. මක් නිසාද යත් ඒ වනවිටත් ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් ආසාදනය වී තිබූ හෙයින් සහ ඉතාම අයහපත් අදියර පසු කර තිබූ හෙයිනි.

ඒ අනුව යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) ඉහත වැක්සීන නිෂ්පාදක සමාගම්වලට ආවස්ථික අලෙවි අනුමැතිය (Conditional Marketing Authorisation) ලබා දෙන අවස්ථාව වන විට මනුෂ්‍යයන් සඳහා මෙම වැක්සීනය භාවිතයට ගැනීම අවසර දීමට බලපාන හදිසි තත්ත්වයක් තිබූ බවට යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) විසින් තහවුරු කර ගැනීමට බලපෑ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

අප විසින් ඉල්ලා සිටින ලද ඉහත සියළු සාක්ෂි නොපවතී නම්, යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) යේ කාර්යක්ෂ්ම භාවිතයක් තුළ ඉහත ගැටළුවලට නිසි පිළිතුරු ලෙස ලබාගන්නා තෙක් ජාන මූලික වැක්සීන භාවිතයට දී ඇති අවසරය වහාම ඉවත් කරගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු

යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) විසින් COVID-19 වැක්සීන අනුමත කරනු ලැබීම ඉක්මන් සහ වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස බැරෑරුම් ලෙස සැළකිල්ලට ලක්ව තිබේ. මෙම වැක්සීන භාවිතයට යෙදවීම මනුෂ්‍ය වර්ගයා යොදා ගනිමින් සිදු කරන පරීක්ෂණයක් ලෙස දිගටම සිදු වේ. එය නියුරන්බර්ග් ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමකි.

පවත්නා තත්ත්වයේ හදිසි බව සැළකිල්ලට ගනිමින් අප විසින් ඉදිරිපත් කළ සියළු කරුණු සඳහා මෙම විද්‍යුත් ලිපිය වෙත දින 7ක කාලයක් තුළ පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු. ඔබ විසින් මෙය නොසළකා හරිනු ලබන්නේ නම් අප විසින් මෙම ලිපිය ප්‍රසිද්ධියට පත් කරනු ඇත.

පිටපත්- චාල්ස් මිචෙල්, සභාපති යුරෝපා කවුන්සිලය
– උර්සුලා ෆොන්ඩර්ලයින්, සභාපති යුරෝපා කොමිසම

ඔබේ විශ්වාසි

 

P. දේශපාලනඥයන් විසින් ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීම

ඖෂධ සමාගම් විසින් දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට මුල්‍යාධාර ලබා දෙන අතර පසුව සිය ව්‍යාපාරික කටයුතුවලට වාසි දායක වන රාජ්‍ය ප්‍රතිපත්ති සකසා ගැනීම සඳහා එම දේශපාලනඥයන්ව ලොබි කරති. සෑම වසරකම එක්සත් ජනපදය තුළ ඖෂධ සමාගම් විසින් ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් දේශපාලනඥයන් වෙත පරිත්‍යාග කරන අතර ලොබි කිරීම සඳහා ඩොලර් මිලියන 240කට ආසන්න මුදලක් වැය කර තිබේ.

1999 සිට 2018 වසර දක්වා ඖෂධ සමාගම් සහ සෞඛ්‍ය නිෂ්පාදන සමාගම් විසින් ඩොලර් බිලියන 4.7ක් ලොබි කිරීම් සහ පරිත්‍යාග ලෙස ගෙවා තිබේ. මෙම ගෙවීම් සිදුවන්නේ ෆෙඩරල් ආණ්ඩුවේ දේශපාලනඥයන් ලොබි කිරීම, සහ ජනාධිපතිවරණ සහ මැතිවරණ වලට කෙරෙන ආධාර ලෙසය. ඖෂධ මිල නියම කිරීම් ඇතුළු ඖෂධ පාලන නීති සකසන මහජන නියෝජිතයන් ඉලක්ක කරමින් මෙම මුදල් ලබා දීම සිදුවේ.
2020 දී ලෝකයේ සමස්ත එන්නත් වෙළඳ පොල ඩොලර් බිලියන 59.2 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරුණ අතර එක්සත් ජනපදය තුළ පමණක් එය ඩොලර් බිලියන 18ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබිණි.

ජර්මනියේ සූඩ්ඩොයිෂර්ට්සයිටුංග් පුවත්පත විසින් 2021 පෙබරවාරි 18 වැනි දින වාර්තා කර ඇති අන්දමට ෆයිසර් සහ බයොන්ටෙක් සමාගම්වල නියෝජිතයන් පිරිසක් යුරෝපිය කොමිසමේ ඉහළ නිලධාරින් හමුවී ෆයිසර් එන්නත් එක් මාත්‍රාවක් යුරෝ 54ක් බැගින් එන්නත් මාත්‍රා මිලියන 500ක් සැපයීම සඳහා යුරෝ බිලියන 27ක් අවශ්‍ය බව දන්වා ඇත.
ෆයිසර් සමාගම 2021 වසරේදී එහි ආදායම 92%කින් ඉහළ දමාගැනීමට සමත්ව ඇත්තේ එහි කොවිඩ්-19 එන්නත හේතුවෙනි. එය 2020 වසරට වඩා ඩොලර් බිලියන 44,4ක වැඩි වීමකි. 2021 වසරේ එහි ආදායම බිලියන 81,3කි.
2022 වසරේදී එය විසින් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 98-102 අතර වේ.

Q. ෆයිසර් සමාගම විසින් වසංකළ දත්ත මහජනයා වෙත මුදාහරින ලෙස අධිකරණය විසින් නියෝග කිරීම සහ ඒ මගින් හෙළිදරවු වී ඇති තොරතුරු

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ෆයිසර් සමාගමේ කොවිඩ්-19 එන්නත පිළිබඳඅත්හදා බැලීමේ සායනික පරීක්ෂණ සහ පසු විපරම් පරීක්ෂණවල දත්ත වාර්තාවන් මහජනයා වෙත නිකුත් කරන ලෙස එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක අධිකාරියට නියෝග කරන ලෙස ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් පිරිසක් විසින් ටෙක්සාස් අධිකරණයක් හමුවේ නඩුවක් පවරන ලදි. මෙහිදී ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය අධිකරණය වෙත ප්‍රකාශ කර සිටියේ එම දත්ත වාර්තා අධ්‍යයනය කර නිකුත් කිරීමට වසර 75ක කාලයක් ගතවන බැවින් වසර 75ක් සඳහා එම ලියවිලි මහජනයා වෙත නිකුත් කිරීම පමා කිරීමට අවසර ලබා දෙන ලෙසය. ටෙක්සාස් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ෆයිසර් එන්නත සම්බන්ධ සියලු දත්ත සහ වාර්තාවන්ට අදාල ලේඛන වහාම මහජනයා වෙත විවෘත කරන ලෙස නියෝග කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ෆයිසර් එන්නතේ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල දත්ත අධ්‍යයනය කිරීමට ස්වාධීන වෛද්‍ය විශේෂඥයන්ට සහ විද්‍යාඥයන්ටද ජනමාධ්‍යවේදීන්ටද අවස්ථාව ලැබිණ. ඒ අනුව ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් 200ක් ද තවත් 3500ක් පමණ ස්වේච්ඡා සහායයකයන්ද ෆයිසර් එන්නතේ සායනික පරීක්ෂණ දත්ත සහ එම එන්නත මහජනයාට නිකුත් කිරීමෙන් පසු ලබාගත් පසු විපරම් දත්ත පිළිබඳව වූ ලක්ෂ සංඛ්‍යාවක දැවැන්ත ලිපිගොනු ප්‍රමාණයක් පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කරන ලදි.

මෙම ස්වාධීන විශේෂඥ කණ්ඩායම්ව විසින් සිදු කළ ෆයිසර් ලිපිගොනු අධ්‍යයනය මගින් මේ දක්වා හෙළිදරවු වී ඇති කරුණු මෙසේය.

1. mRNA එන්නත කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඔවුන් විසින් ප්‍රචාරය කරන ලද මට්ටමේ කාර්යක්ෂමතාවක් නොදක්වන බවට ෆයිසර් සමාගම මෙන්ම එම එන්නත අනුමත කළ එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක ආයතනය සහ යුරෝපා සංගමයේ යුරෝපා ඖෂධ ඒජන්සියද ලෝක සෞඛ්‍ය සංවිධානයද මනා ලෙස දැනුවත්ව සිටි බව

2. එමෙන්ම එම එන්නතේ අඩංගු mRNA මොලිකියුල සහ ඒවා බහාලන ලද නැනෝ ලිපිඩ අංශු එන්නත ලබාගත් පුද්ගලයන්ගේ වෙනත් ඉන්ද්‍රියයන් කරා කෙටිකාලයක් තුළ ගමන් කරන බවටද ෆයිසර් සමාගම මෙන්ම ඉහත සඳහන් සියලු ආයතන ද දැනුවත්ව සිටි අතර ඒ බව ද ඔවුන් විසින් වසං කර තිබේ.ඒ පිළිබඳව සායනික පරීක්ෂණවලදී සහ පසු විපරම් පරීක්ෂණවලදී ලද දත්ත ඔවුන් විසින් යටපත් කර තිබේ. ඔවුහු ව්‍යාජ ලෙස අවධාරණය කළේ එම එන්නත්වල අන්තර්ගත සංයෝජන ශරීරය පුරා ගමන් කිරීමක් සිදු නොවන බවය.

3.ෆයිසර් එන්නත් ලබා දුන් අඩු වයස් පුද්ගලයන් හෘදයාබාධවල ගොදුරුවීම් පිළිබඳව ලද වාර්තා, හෘදයට සහ අක්මාවට සිදු වූ හානි හේතුවෙන් සිදු වූ මරණ, ලේ කැටිති ඇති වීම, මොළයේ ලේ වහනය ඇතුළු වෙනත් බරපතල ආබාධ ගණනාවක් පිළිබඳ වාර්තා සහ දත්ත ෆයිසර් සමාගම සහ ඉහත ආයතන විසින් යටපත් කර තිබේ.

4. මෙම ස්වාධීන විශේෂඥයන්ගේ අධ්‍යයනයේදී ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලද තවත් වැදගත් කරුණක් නම් මෙම එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රජනන ඉන්ද්‍රියයන්ට සහ ප්‍රජනක හැකියාවන්ට ඒවායින් සිදුවන හානිය පිළිබඳ දත්ත සහා වාර්තා ගණනාවක් ෆයිසර් සමාගම සහ ඉහත ආයතන විසින් යටපත් කර ඇති බවය.වෘෂණ ආබාධ සහ ශුක්‍රාණු නිෂ්පාදනය පහත වැඩීම, ගර්භාෂයට සිදු වූ හානි සහ ඩිම්බ නිෂ්පාදනයට එල්ල වූ හානිකර බලපෑම්, ස්ත්‍රින්ගේ ඔසප් වීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා ආදි අතුරු ආබාධ විශාල සංඛ්‍යාවක් පිළිබඳ දත්ත මෙලෙස යටපත් කර තිබේ.

5. එමෙන්ම mRNA එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ගේ සෛල තුළ නිෂ්පාදනය වන වෛරසයේ අඩංගු ස්පයික් ප්‍රෝටීන අවට පරිසරය වෙත විසුරුවා හැරෙන (shedding)බවට වන දත්ත ද මෙම ෆයිසර් සායනික පර්යේෂණ ලිපිගොනු විමර්ශනයේදී ‍මම ස්වාධීන පර්යේෂකයන්ට හමු වී තිබේ. මෙම දත්තද යටපත් කර තිබිණි.

මේ පිළිබඳව ප්‍රකට ගත්කතුවරියක් වන නයෝමි වුල්ෆ් විසින් “Pfizer Documents Analysis Report” නම් සිය කෘතිය තුළ සාරාංශගත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
මෙම ස්වාධීන විශේෂඥ විමර්ශන කණ්ඩායම් අතර වූ 5 වන කණ්ඩායමේ විශේෂ විමර්ශනයට ලක්ව ඇත්තේ ෆයිසර් එන්නතේ අන්තර්ගතය පිළිබඳවයි. එයට අදාළ ෆයිසර් ලිපිගොනු විමර්ශනය කරන ලද එම කණ්ඩායමේ ඩැනියෙල් බී ඩිමර්ස් (Daniel B. Demers) සහ ලිනිවා වාල් (Linnea Wahl) විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ මෙසේ සඳහන්වේ.

සායනික නොවන පර්යේෂණ පිළිබඳ දළ විශ්ලේෂණය අඩංගු ෆයිසර් ලේඛන අංක 2.4 ට අනුව BNT162b2 යනු (ෆයිසර් එන්නත) යනු විකෘතිකරණයට ලක් කරන ලද නියුක්ලියෝසයිඩයක් හෙවත් මෙසෙන්ජර් රයිබොනියුක්ලික් (mRNA/modRNA) වර්ගයකි.. සෛලය තුල සිදුකෙරෙන ජාන ප්‍රකාශනයේදී මෙම mRNA විසින් වෛරසය විසින් අන්තර්සෛල පටලය විනිවිදීමට භාවිතාකරන සම්පූර්ණ ස්පයික් ප්‍රෝටීනය නිර්මාණය කරයි.
එන්නත සඳහා මේ සැලසුම භාවිතා කිරීමට හේතු ලෙස ෆයිසර් ලේඛනය විසින් මුලාශ්‍ර විමර්ශන දෙකක් ඉදිරිපත් කර තිබේ.(Pallesen et al., සහ 2017 Wrapp et al., 2020). මෙම නිශ්චිත සැලසුම mRNA එන්නත සඳහා තෝරාගන්නා ලද්දේ මන්ද යන්න පිළිබඳව ඔවුන් ගේ හේතු දැක්වීම් සහ සාකච්ඡාවන් එම විමර්ශනයන් උපුටා දැක්වීමට සීමා වී තිබිණි. එමෙන්ම ෆයිසර් සමාගම විසින් එන්නත සැලසුම් කිරීම සඳහා හෝ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹීමට පෙර ඒ සඳහා තොරාගත් මෙම නිශ්චිත mRNA සැලසුම පි‍ලිබඳව වැඩිදුර තමන්ගේම පර්යේෂණ සිදු කර නැත.මෙය අවධානයට ලක්විය යුතු වැදගත් කරුණක් බව පෙනී යයි.

ෆයිසර් mRNA එන්නතේ සැලසුම්කරණය පිළිබඳව අවධානයට ලක්විය යුතු කරුණු.
ෆයිසර් mRNA එන්නතේ සැලසුම පිළිබඳව පහත සඳහන් ප්‍රධාන කරුණු 3 පිළිබඳව අවධානය යොමු විය යුතුව තිබේ.

1. ෆයිසර් එන්නතේ මූලික පදනම වන්නේ වෛරසයේ ඇති ස්පයික් ප්‍රෝටීන නිපදවීම සඳහා mRNA තාක්ෂණය යොදාගැනීමයි. නමුත් ස්පයික් ප්‍රෝටීන මොලිකියුල ස්ථායිකරණය සඳහා යොදාගෙන ඇති ප්‍රෝලයින් ආදේශක දෙක දෝෂ සහිතය.එහෙයින් ප්‍රෝටීන මොලිකියුල මෙන්ම mRNA ද අස්ථාවරව පවතී.

2. වෛරසයේ පවතින ස්පයික් ප්‍රෝටීන රෝගයට හේතුව බව පෙනී යයි.එහෙයින් ස්පයික් ප්‍රෝටීන සෛල තුළ නිෂ්පාදනය කරන එන්නත් විසින් රෝගකාරක වර්ධනය වීමට මිසෙක රෝගය වැළැක්වීමට හේතු නොවේ.

3. එන්නතේ අඩංගු mRNA වලට අනුව සෛල තුළ නිපදවෙන ස්පයික් ප්‍රෝටීනයේ S1 උප ඒකකය රුධිර සංසරණ පද්ධතියට එක්වන බව පෙනී යයි. එහෙයින් එය වැඩි දුරටත් රෝගය ව්‍යාප්ත කිරීමට හේතු වේ.

අප මීට ඉහත සඳහන් කළ පරිදි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වැන්නන්ද තරිඳු උඩුවරගෙදර වැනි මාධ්‍යවේදීන්ද ලංකාවේදී ප්‍රතිරාවය කළේ ෆයිසර් සමාගමේ සහ ඉහත ආයතනවල  ප්‍රලාපයන්ය.

කෙසේ වුව ද ලංකාවේ ආණ්ඩුව, සෞඛ්‍ය බලධාරින් මෙන්ම වෛද්‍ය නිලධාරින්ගේ සංගම්ද, ප්‍රියංකර ජයවර්ධන වැනි වෛද්‍ය මාධ්‍ය සංදර්ශකයන්ද, තරිඳු උඩුවරගෙදරලා වැනි මාධ්‍යවේදින්ද, ගුරු වෘත්තිය සමිතිද, ජවිපෙ වැනි දේශපාලන පක්ෂද,රවි කුමුදේශ් වැනි වෘත්තිය සමිති නායකයන් ද ෆයිසර් එන්නතේ අතුරු ආබාධ නැතැයි යනුවෙන් පුන පුනා අවධාරණය කළ ද එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ (FDA) උපදේශක කමිටුව විසින් නිකුත් කළ වාර්තාමගින් අතුරු ආබාධ ඇති බවට යම් පමණකට 2020 ‌දෙසැම්බරයේදීම පිළිගෙන තිබිණි.

R. එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක අධිකාරියේ  උපදේශක කමිටුව විසින් 2020 ‌දෙසැම්බරයේදී නිකුත් කළ වාර්තාව විසින්  බරපතල අතුරු ආබාධ ඇති බවට පිළිගෙන තිබේ.

ෆයිසර් සමාගමත් එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියත් (FDA) විසින් ෆයිසර් එන්නතේ සායනික පර්යේෂණවලදී වාර්තා වුණු ඇතැම් අතුරු ආබාධ පිළිබඳව දත්ත යටපත් කර එම එන්නතට අනුමැතිය ලබා දුන් බව මෑතකදී ටෙක්සාස් අධිකරණයේ නියෝග මත මහජනයා වෙත විවෘත කළ ෆයිසර් ලිපිගොනු අධ්‍යයනය කළ ස්වාධීන විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ. කෙසේ වුව ද එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක අධිකාරියේ එන්නත් හා සම්බන්ධ ජීව විද්‍යාත්මක නිෂ්පාදන පිළිබඳ උපදේශක කමිටුව විසින් 2020 දෙසැම්බර් මස 10 වැනි දින ඉදිරිපත් කරන ලද සංක්ෂිප්ත ලේඛනයට (PFIZER-BIONTECH COVID-19 VACCINE (BNT162, PF-07302048),VACCINES AND RELATED BIOLOGICAL PRODUCTS ADVISORY COMMITTEE,BRIEFING DOCUMENT,MEETING DATE: 10 December 2020, පිටු 46-51) අනුව සායනික පරීක්ෂණවලදී වාර්තා වූ බරපතල අතුරු ආබාධ පිළිබඳවද යම් තොරතුරු ප්‍රමාණයක් තොරතුරු ඇතුළත් කර තිබේ.එම වාර්තාවේ දැක්වෙන අතුරු ආබාධ පිළිබඳව අවංක අවධානයක් යොමු කර අධ්‍යයනයන් සිදු කළේ නම් ලෝකයේ බොහෝ රටවල් මෙම ෆයිසර් එන්නත සිය ජනයා මත මුදාහැරීම නොකිරීමට ඉඩ තිබිණි. ඉන්දියානු ඖෂධ පාලක අධිකාරිය ෆයිසර් එන්නත සිය රට තුළ භාවිතා කිරීමට අවසර දුන්නේ නැත. එයට හේතුව වූයේ ෆයිසර් එන්නත පිළිබඳව එම සමාගම විසින් පවත්වන ලද අත්හදා බැලීමේ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳ වාර්තා අසම්පූර්ණ බව ඉන්දියානු ඖෂධ පාලක අධිකාරිය විසින් තීරණය කිරීම නිසාය. ඔවුහු ෆයිසර් සමාගමෙන් අමතර දත්ත සහ වාර්තා ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ඉටු කරනු වෙනුවට ෆයිසර් සමාගම කළේ ෆයිසර් එන්නත වෙත අනුමැතිය ලබාගැනීම සඳහා ඉන්දියානු ඖෂධ පාලක අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබූ ඉල්ලුම් පත්‍රය ඉල්ලා අස් කර ගැනීමය.

කෙසේ වුව ද ඉහත ලේඛනයේ 6.3.3.2.2. දරන බරපතල අතුරු ආබාධ පිළිබඳ විශ්ලේෂණය (Analysis of Adverse Events) යටතේ වාර්තා කෙරී ඇති අතුරු ආබාධ ලැයිස්තුව පහත දක්වමු.

ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබාදුන් පුද්ගලයන් 37,586කට දෙවන මාත්‍රාව ලබා දී මාස දෙකකට පසුව වාර්තා වී ඇති බරපතල අතුරු ආබාධ මෙසේය.

1. එන්නත ලබා දුන් ස්ථානයේ ඇතිවන සාමාන්‍ය අක්‍රමිකතා 18.6% (general disorders and administration site conditions)

මේ යටතේ ඇතිවන අතුරු ආබාධ ලෙස උණ, එන්නත විදින ලද ස්ථානයේ වේදනාව(11.2%), ක්ලාන්ත ගතිය(5.5%), වෙව්ලීම (5.3%), වේදනාව(2.4%) ආදි ලෙස වර්ග කර ඇත.

2. පේෂි සහ අස්ථි සම්බන්ධක පටක වල අක්‍රමිකතා.7.3%(musculoskeletal and connective tissue disorders)

මේ යටතේ එන්නත හේතුවෙන් ඇතිවන ප්‍රධාන අක්‍රමිකතා දෙකක් නම් කර තිබේ.
a. මාංශ පේශි වේදනාව (4.8%) Myalgia
මෙම අක්‍රමිකතාව විවිධ රෝගී තත්ත්වයන් ප්‍රකාශ කෙරෙන ලක්ෂණයක් ලෙස සැලකේ. මාංශපේශින් අධික ලෙස වෙහෙසට පත්වීම, සහ වෛරස් ආසාදනයන් මෙම හෙවත් තත්ත්වයට බලපාන ප්‍රධාන සාධක ලෙස නම් කර ඇත.එන්නතෙහි අඩංගු වෛරස් ස්පයික් ප්‍රෝටීනය ශරීරය පුරා ව්‍යාප්ත වීම සහ එහි බලපෑම ද ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙත දක්වන ප්‍රතිචාරයන් ද එන්නත ලබා ගත් පුද්ගලයන් තුළ මෙම ලක්ෂණ මතුවීමට හේතු ලෙස සැලකිය හැකිය.
b.හන්දිපත් වේදනාව ( Arthralgia (1.1%)
ආර්ත්‍රල්ජියා හෙවත් හන්දිපත් වේදනාව සාමාන්‍යයෙන් ඇතිවන්නේ තුවාලවීම්, ආසාදන, ආර්ත්‍රයිටිස් වැනි රෝගවලින් පෙලීම, කිසියම් ඖෂධයක් සඳහා දක්වන ආසාත්මික ප්‍රතිචාර ආදිය හේතුවෙනි.එන්නත ලබාගත් පුද්ගලයන් තුළ හන්දිපත් වේදනාව ඇතිවීමට හේතු වී ඇත්තේ එන්නතේ අඩංගු ස්පයික් ප්‍රෝටීන පේශි සහ අස්ථි සම්බන්ධ කරන මාංශ පේශිවල පටක සෛල තුළට ඇතුළුවීම හේතුවෙන් එම පටක සිරුරට ආගන්තුක සතුරු දෙයක් ලෙස හඳුනාගන්නා අපගේම ප්‍රතිශක්ති පද්ධතිය ඒම සෛලවලට පහරදී විනාශ කිරීම හේතුවෙන් සම්බන්ධක පටක සහ සන්දිවල ඇටමිඳුළු විනාශ වී යාම නිසා බවට අනුමාන කළ හැකිය.
මේ සඳහා ප්‍රතිකාර අතර කෘත්‍රිම සන්ධි බද්ධ කිරීම, ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩාල කෙරෙන ඖෂධ ලබාදීම ආදිය දැක්වේ.

3.ස්නායු පද්ධතිය හා සම්බන්ධිත අක්‍රමිකතා 6.1% (nervous system disorders)

මේ යටතේ උපදේශක කමිටුවවාර්තාවේ දැක්වෙන්නේ හිසරදය පමණි. එහෙත් වෙනත් බාහිර අධ්‍යයන් ගණනාවක් විසින් ෆයිසර් එන්නතේ බරපතල අතුරු ආබාධ ලෙස මතු වූ ස්නායු රෝග ගණනාවක් පිළිබඳව වාර්තා කර ඇත. මුහුණේ මාංශපේශි පාලනය කළ නොහැකි වීම, අතපය පාලනයකින් තොරව චලනය වීම හෝ අප්‍රාණික වීම ඒ අතර වේ.

4. ආසාදන සහ පරපෝෂිත ජීවින් සිරුර තුළ පැතිරීම 1.5%(infections and infestations)
5. ආමාශයේ සහ අන්ත්‍රවල අක්‍රමිකතා 2.9%(gastrointestinal disorders)

මේ යටතේ උපදේශක කමිටු වාර්තාවේ දැක්වෙන්නේ වමනය යාම පමණි

S. 2021 ඔක්තෝබර් 19 වන විට බයොන්ටෙක්-ෆයිසර්  mRNA එන්නත (Tozinameran [code BNT162b2Comirnaty] from Biontech / Pfizer) සම්බන්ධ හානිකර අතුරු ආබාධ සහ මරණ පිළිබඳ සංඛ්‍යා ලේඛන

 සෞඛ්‍යමය හානියේ ස්වභාවය  සෞඛ්‍යමය හානි සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව
රුධිර සහ වසා පද්ධති අක්‍රමිකතා (Blood and lymphatic system disorders) 31,537 183
හෘදයාබාධ (Cardiac disorders) 33,677 1,958
ජන්මජ, ආවේණික සහ ප්‍රවේණිගත (Congenital, familial and genetic disorders) 312 25
කණ සහ කන් කුහරය ආශ්‍රිත අක්‍රමිකතා (Ear and labyrinth disorders) 16,024 10
අන්තරාසර්ග ග්‍රන්ථිවල අක්‍රමිකතා (Endocrine disorders) 1,012 5
අක්ෂි ආබාධ (Eye disorders) 18,146 30
ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා (Gastrointestinal disorders) 100,624 541
සාමාන්‍ය අක්‍රමිකතා සහ ස්ථානීය භාවිත තත්ත්වයන් (General disorders and administration site conditions ) 301,622 3,778
අක්මාවේ අක්‍රමිකතා (Hepatobiliary disorders) 1,337 64
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අක්‍රමිකතා (Immune system disorders) 11,765 65
ආසාදන සහ විෂබීජ ගහණය (Infections and infestations) 43,138 1,340
අවයවවලට සිදුවන හානි, විෂවීම් සහ පරිපාටිමය සංකූලතා (Injury, poisoning and procedural complications) 15,919 208
පරිවෘත්තීය සහ පෝෂණ අක්‍රමිකතා (Metabolism and nutrition disorders) 8,182 236
අස්ථි, පේෂි සහ සම්බන්ධක පටක ආශ්‍රිත අක්‍රමිකතා ( Musculoskeletal and connective tissue disorders) 149,865 163
පටක වර්ධනයේ අක්‍රමිකතා (Neoplasms benign, malignant and unspecified -incl cysts and polyps) 983 95
ස්නායු පද්ධතියේ අක්‍රමිකතා (Nervous system disorders) 202,217 1,430
ගර්භණී භාවය, පූර්ව සහ පසු ප්‍රසූති අක්‍රමිකතා (Pregnancy, puerperium and perinatal condition) 1,587 46
මානසික අක්‍රමිකතා (Psychiatric disorders) 21,513 168
වකුගඩු සහ මුත්‍රා රෝග (Renal and urinary disorders) 4,061 212
ප්‍රජනන පද්ධතිය සහ පියයුරුවල අක්‍රමිකතා (Reproductive system and breast disorders) 33,753 4
ශ්වසන පද්ධතිය, පපු කුහරය ආශ්‍රිත අක්‍රමිකතා (Respiratory, thoracic and mediastinal disorders) 50,834 1,551
චර්මය සහ චර්මාභ්‍යාන්තර පටකවල අක්‍රමිකතා (Skin and subcutaneous tissue disorders) 55,669 118
සමාජ ක්‍රියාකාරකම් වලදී මතුවුන රෝගී තත්ත්වයන් (Social circumstances) 2,332 18
ශල්‍ය සහ වෛද්‍ය ප්‍රතිකාර වලදී හටගත් අක්‍රමිකතාවන් (Surgical and medical procedure) 1,760 36
ආබාධ රුධිරනාලවල අක්‍රමිකතාවන් (Vascular disorders) 31,368 567
නිෂ්පාදන ගැටළු (Product issues) 185 2
තවමත් පරීක්ෂණයට ලක් කෙරෙමින් පවතින (Investigations) 29,450 418
එකතුව 116,8872  13,271

T. සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්තිගේ ෆයිසර් මොඩර්නා එන්නත් වන්නම‍

ලියනගේ අමර කිර්ති

“…අපේ ස්ත්‍රීන්ද පුරුෂයන්ද දේශපාලකයන්ද ඇතැම් මහාචාර්ය නාමධාරීන්ද ධම්මික පැණි පසු පස දුවන අතර අප විද්‍යාඥවරියෝද වෛද්‍යවරියෝද වසංගතය ගැන දැනුම ගොඩනැගීමට දායක වූහ.

අද මොඩර්නා, බයෝඑන්ටෙක්, සහ ෆයිසර් යන එන්නත්වලට පදනම සපයන සොයා ගැනීම් කළේ කැටලින් කරීකෝය. වොෂින්ටන් පෝස්ට්, නිව්යෝර්ක් ටයිම්ස් වැනි ලෝ ප්‍රකට පුවත්පත් ඇගේ ජීවිත කතාව සහ පර්යේෂණ ගැන පසුගිය මාස කිහිපයෙහි දිගින් දිගටම ලියා ඇති බව මා දැන ගත්තේ මහාචාර්ය පීරිස්ගේ දේශනයෙන් දුටු කරීකෝ යන නම ලුහුබැඳ අන්තර්ජාලය ඔස්සේ ගිය නිසාය. අද අපගේ ජීවිත ආරක්ෂා කරගැනීමට උපකාර කරන එන්නත් වර්ග කිහිපයකි. ඒ ඒ එන්නත් අතර ක්‍රමවේදමය වෙනස්කම්ද තිබේ. ඒවා අපට දැන් අවශ්‍ය නැත. ඒ අතර මා ඉහත කී එන්නත් නිෂ්පාදනය වීම මේ වසංගතයට මුහුණ දීමට මනුෂ්‍ය වර්ගයා දැරූ උත්සාහයෙහි එක් ඵලයකි. එන්නතක් වැනි දෙයක් නිෂ්පාදනයට බොහෝ දෙනෙකුගේ බුද්ධිමය සම්මාදම අවශ්‍ය වන නමුත් මොඩර්නා, බයෝඑන්ටෙක්, සහ ෆයිසර් යන එන්නත්වලට පදනම් මූලික න්‍යාය පහළ කිරීමට ආචාර්ය කරීකෝ කර ඇති දායකත්වය ඉතා තීරණාත්මකය.

…වෛද්‍ය පීඨයට ඇතුළත්ව යහමින් මුදල් හොයන දොස්තරලා වෙනුවට මානව වර්ගයා මුහුණ දෙන වසංගතවලින් සහෝදර මනුෂ්‍යයන් මුදවා ගැනීමට තුඩු දෙන විද්‍යා පර්යේෂක පර්යේෂිකාවන් කී දෙනෙක් නම් අපේ අධ්‍යාපනයෙන් බිහි වෙත්ද?
මගේ පවුලේ සියලු දෙනාම පාහේ එන්නත් ලබා ආරක්ෂිතව සිටින අද දවසේ මා මේ කෙටි රචනය ලියන්නේ මනුෂ්‍ය ඥානය පිළිබඳ පොදුවේ ආචාර්ය කරීකෝ වැනි වැනි විද්‍යාඥයන් විද්‍යාඥවරියන් ගැනත් අපමණ ගෞරවයෙනි.”

ලියනගේ අමර කිර්ති,ලෝකය බේරාගැනීමට දායක වූ විද්‍යාඥවරියක පිළිබඳ රචනයක්, අනිද්දා පුවත්පත, දෙසැම්බර් 21

 

පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් මගින් සමස්ත ජනතාවක් විවිධ බලපෑම් යටතේ මිලිටරිකරණයකට ලක් කරන ලද එන්නත්කරණ ව්‍යාපාරයක් රාජ්‍යය විසින් දියත් කර ඇති අවස්ථාවක තමන් බුද්ධිමතුන් යැයි කියාගන්නා සරසවි ඇදුරන්ගේ වගකීම විය යුතුව තිබුණේ ජනතාවට තම සෞඛ්‍යය සහ එහි ආරක්ෂාව සඳහා ලබාගත යුතු ප්‍රතිකාරක ක්‍රමවල කාර්යක්ෂ්මතාව, සුරක්ෂිතබව, සහ අතුරු ආබාධ පිළිබඳව ස්වාධීන තීරණයක් ගැනීමට ඉවහල් වන දැනුම සහ තොරතුරු ඔවුන් වෙත සම්පාදනය කිරීමය. තමන්ට එසේ කිරීමට තරම් දැනුමක් නොමැති නම් ඔහු කළ යුතුව තිබුණේ එන්නත් සම්බන්ධ දැනුවත් ස්වේච්ඡා සහගත තීරණයක් ගැනීමට ජනතාවට සහාය වන තොරතුරු වහාම ලබා දෙන ලෙස ඒ සඳහා වගකිව යුතු සෞඛ්‍ය බලධාරින් වෙත බල කිරීම මිසෙක මැක්කාගේ න්‍යාය අනුගමනය කරමින් මෙවැනි බොළඳ එන්නත් වැනුමක නිරත වීම නොවේ. රාජ්‍ය මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා, විකල්ප මාධ්‍ය ආදිය විසින් කෙළවරක් නොමැතිව දියත් කරන ලද අවිචාරවත් කොවිඩ්-19 වසංගත භීෂණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් බියට පත්ව ධම්මික පැණිය පසුපස ගිය සාමාන්‍ය මහජනයාත් පර්යේෂණ මට්ටමේ පවතින්නා වූ නවතම තාක්ෂණයක් මත පදනම් ව නිෂ්පාදනය කරන ලද එන්නතක් පිළිබඳව මෙවැනි අවිචාරවත් වැනුමක නිරතවන අමරකීර්තිලාත් අතර එතරම් ලොකු වෙනසක් නොමැති බව පැහැදිලිය.
යුරෝපය සහ එක්සත් ජනපදයේ ජනතාවන්ගෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් තුළ මෙම එන්නත් ගැනීම පිළිබඳව පැවැති එක්තරා ආකාරයක පසුබටතාවය හේතුවෙන් ඖෂධ සමාගම් සහ සෞඛ්‍ය බලධාරින් විසින් එන්නත් පිළිබඳව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ අතර ඒ සඳහා සිනමා නළු නිලියන්, ගායකයන්, ක්‍රීඩකයන් දේශපාලනඥයන්, බුද්ධිමතුන් ආදින් ගේ ප්‍රකාශ යොදාගනු ලැබිණි. එම ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ සහ විකල්ප මාධ්‍ය තුළ වෙළඳ දැන්වීම් ලෙස මෙන්ම විද්‍යාත්මක ලිපි ලෙසද පළ වූ අතර ඔවුන්ට ගෙවීමක් ද සිදු කරනු ලැබිණි. ඇතැමුන් ට්විටර්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා මගින් තමන් එන්නත් ලබාගත් බවටත් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවූ බවටත් ප්‍රචාරය කළහ. මෙම රැල්ල විලාසිතාවක් ලෙස ලෝකය පුරාම ඖෂධ සමාගම්වල අනුග්‍රහය ඇතිව සහ නැතිව ව්‍යාප්ත විය.

මූලාශ්‍ර

1. FDA Repays Industry by Rushing Risky Drugs to Market

2. Investigation Examines Big Pharma Payments to FDA Advisers

3. Hidden conflicts? Pharma payments to FDA advisers after drug approvals spark ethical concerns

4. FACA: CONFLICTS OF INTEREST AND VACCINE DEVELOPMENT–PRESERVING THE INTEGRITY OF THE PROCESS

5. UPI Investigates: The vaccine conflict

6. Lobbying Expenditures and Campaign Contributions by the Pharmaceutical and Health Product Industry in the United States, 1999-2018

7. Excess mortality hits +16%, highest 2022 value so far

8. එන්නත් නිසා කවුරුත් මැරිලා නෑ මිථ්‍යා මතවලට පිළිතුරු

9. ලෝකය බේරාගැනීමට දායක වූ විද්‍යාඥවරියක පිළිබඳ රචනයක්

10. We shouldn’t worry when a virus mutates during disease outbreaks

11. Outrage of the Month: Revolving Door to FDA Commissioner’s Office Sows Distrust in Agency 

12. DNA sleuths read the coronavirus genome, tracing its origins and looking for dangerous mutations

13. War Room / DailyClout Pfizer Documents Analysis Volunteers’ Reports eBook: Find Out What Pfizer, FDA Tried to Conceal (English Edition)

14. «Verbrechen gegen die Menschheit»: Experten-Team hat Tausende von Pfizer-Dokumenten durchleuchtet. Das Ergebnis ist erschütternd

15. Family Found to Have Met Burden of Proof that Gardasil Caused Daughter’s Death

16. Human papillomavirus infections: diagnosis, treatment, and hope for a vaccine

17. Myocarditis and Pericarditis After mRNA COVID-19 Vaccination

18. Serious adverse events of special interest following mRNA COVID-19 vaccination in randomized trials in adults

19. Big Pharma shells out $20B each year to schmooze docs, $6B on drug ads

20. Biontech wollte 54,08 Euro für eine Dosis

21. Eine Pfizer-Vertreterin räumt ein, dass die Impfung die Verbreitung des Virus nicht behindert. Sie haben uns also angelogen.

22. Pharma’s 2019 TV spending ticks up—barely—thanks to big Humira growth

23. PFIZER-BIONTECH COVID-19 VACCINE (BNT162, PF-07302048),VACCINES AND RELATED BIOLOGICAL PRODUCTS ADVISORY COMMITTEE,BRIEFING DOCUMENT,MEETING DATE: 10 December 2020, 

24.Pfizer did not know whether Covid vaccine stopped transmission before rollout

25. Ehemaliger FDA-Chef wechselt zu Pfizer

26. වෛද්‍ය විද්‍යාත්මක සාධක නොමැති අදහස් හා මත විශ්වාස නොකොට බූස්ටර් මාත්‍රාව ලබාගන්න…