ඉන්ෆ්ලුවන්සා සහ ඩෙංගු මරණ කොවිඩ්- 19 මරණ බවට පත් වීම සහ දේශපාලන වමේ ස්වයං ලොක් ඩවුන් වීම

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක

කොවිඩ්- 19 විසින් ලෝකයේ තවත් බොහෝ ප්‍රදේශවල දේශපාලන වම සහ දකුණ අතර වෙනස්කම් නොපැහැදිලි තත්ත්වයට පත්කර තිබේ. සාමාන්‍යයෙන් කම්කරුවන්ගේ, සුළුතර ප්‍රජාවන්ගේ, ස්ත්‍රින්ගේ සහ සමලිංගිකයන්ගේ අයිතීන් සහ නිදහස ගැන උනන්දුවක් දක්වන සිවිල් සමාජ කණ්ඩායම්, සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ දැන්කොවිඩ් වැළැක්වීමේ නාමයෙන් වඩ වඩාත් සංචරණ සීමාවන්, මිලිටරීකරණය කරන ලද සෞඛ්‍ය පද්ධතීන්, බලාත්කාරී එන්නත් කරණය, සමාජය හා ආර්ථිකය ඩිජිටලීකරණයට ලක් කිරීම හා දැඩි සුපරීක්ෂාකාරිත්වය වඩ වඩාත් ඕනෑකමින් භාරගනිමින් ඒවා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකරමින් සිටිති.

නිදහසේ හුස්ම ගැනීමට, අදහස් හුවමාරුවට, රැස්වීමට සහ ගමන් බිමන් යාමට පුරවැසියන් සතු අයිතිය සහ නිදහස මෙන්ම එන්නත් ලබා නොගෙන සිටීමට ඇති අයිතිය ද සීමා කිරීම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් සාමුහික යහපත සැලසීමේ නාමයෙන් සහ වසංගතය වැළැක්වීමේ නාමයෙන් වඩ වඩාත් උත්කර්ෂයට නංවනු ලබයි. ඒ අතර “ඉතා කෙටි කලක් තුළ අත්‍යවශ්‍ය මූලික අදියරවල පරීක්ෂණ පවා සම්පූර්ණ නොකරමින් “ අධි වේගයෙන් නිෂ්පාදනය කරන ලද ” එන්නත්වල වාසි අවාසි සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා ඇති අවශ්‍යතාව සහ එන්නත් ලබාගන්න පුද්ගලයන්ට එන්නත් පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය නොසළකා හරිනු ලබයි. එන්නත් හෝ අනෙකුත් ඕනෑම ප්‍රතිකාරයකදී “ප්‍රතිකාර ලබන්නාට හානියක් නොකරමි” යන හිපොක්‍රටික් දිවුරුම පසෙක තබන්න! “සියලු දෙනා එන්නත් කරන තෙක් කිසිවෙකුත් සුරක්ෂිත නැත “ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස්ගේ අවිද්‍යාත්මක සහ සදාචාර විරෝධී ප්‍රකාශය පිළිගැනීමට බොහෝවුන් පෙළැඹී ඇති බව පෙනී යයි. ඒ අනුව ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කොමිසමේ හිටපු ප්‍රධානියා එන්නත් ලබාගැනීම සියලු පුද්ගලයන්ට අනිවාර්ය කරන නීති පනවන ලෙස ඉල්ලා සිටියේය. සියලු නිවැරදි, නීත්‍යානුකූල දත්ත සහ සාක්ෂි ප්‍රවේසමෙන් සැළකිල්ලට ගෙන ඒ මත පදනම්ව ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්‍රමවේදයට සිදුවූයේ කුමක්ද?

2019 වසරේ ලංකාව තුළ මුළු මරණ සංඛ්‍යාව 146,053ක් වූ අතර 2020 දී එය 132,431 ක් විය. වෙනත් වචනවලින් කිව හොත් කලින් වසර සමග සැසඳීමේ දී ඊනියා කොවිඩ්-19 වසංගතය පැවැති 2020 වසරේ දී මරණ සංඛ්‍යාව 13,622කින් අඩු වී තිබේ. ඒ හා සමානවම දළ මරණ අනුපාතිකය 2019 වසරේ දී 6.7% සිට 6.0% දක්වා පහත වැටී තිබේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා එහි දේශීය හවුල්කරුවන්ගේ නිර්දේශ මත 2020 දී මාස ගණනාවක් රට ලොක්ඩවුන් කරනු ලැබුවේ දිළිඳුකම වැඩිවීමට ද මන්ද පෝෂණය ව්‍යාප්ත වීමට ද ලෙඩ රෝග ඉදිරියේ අනාරක්ෂිත භාවය වැඩිවීමටද මගපාදමිනි!

මීට සමගාමීව කොවිඩ්-19 පිළිබඳ කතාන්දරය සමාජ හා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ව්‍යාපාර භේදභින්න කොට කැබැලි වලට වෙන්කර, ඒ හා සමානවම ප්‍රජාගණයන් හා පවුල තුළ ද භේදයන් නිර්මාණය කර තිබේ. එන්නත් ලබා නොගත් පුද්ගලයෝ දඩ මීමා බවට පත් කරගෙන පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළු වීමේ දී එන්නත් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ පියවර ක්‍රියාත්මක වීමට රජය සුදානම් වෙයි. තමන්ට ස්වාධීනව සිතීමට ඇති නිදහස ක්‍රියාත්මක කරන, ගෝලීය වසංගත ආඛ්‍යායනය පිළිබඳව ඇති දේශීය සහ ජාත්‍යන්තර දත්ත සහ සාක්ෂි පරීක්ෂා කරන ඒ අනුව “හුදෙක් හදිසි අවශ්‍යතා මත පමණක් භාවිතයට අනුමැතිය දී ඇති අත්‍යවශ්‍ය මූලික අදියර පරීක්ෂණ පවා සම්පූර්ණ නොකරමින් “ අධි වේගයෙන් නිෂ්පාදනය කරන ලද ” එන්නත ලබා නොගෙන සිටීමට තීරණය කරන පුද්ගලයෝ සමාජ විරෝධී කොවිඩ්-ප්‍රතික්ෂේප කරන්නන් සමාජයට මෙන්ම තමන්ටද හානියක් සිදු කරගනු ලබන ට්‍රම්ප්වාදි න්‍යාය පත්‍රය සමග එක්ව කුමන්ත්‍රණය කරන නව-කොන්සර්වැටිව්වාදීන්, බවට චෝදනා ලබති!

විද්‍යාව, ව්‍යවහාරික ඥානය මෙන්ම රෝගවලට එරෙහි හොඳම ආරක්ෂාව සපයන නිරෝගී ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වාගැනීමේදී අත්‍යවශ්‍ය දෙයක් වන, පුරාණ ආසියාතික යෝගී ක්‍රමවලද අන්තර්ගතවන නිදහසේ ගැඹුරින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම ආදිය අගය කරන්නවුන් ද, දත්ත පරීක්ෂා කරන්නන් හා සමහර විට දත්ත මඟින් මෙහෙයවනු ලබන සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තියක් සඳහා අපේක්ෂා විරහිතව නොනවත්වා පරිශ්‍රම දරන්නන්ට ද ලිබරල්වාදීන් සහ සුළුතර ජනකොටස්වල අයිතීන් සඳහා පෙනී සිටින්නන්, කම්කරු සමිති ක්‍රියාකාරින් සහ වාමාංශිකයන් විසින් ප්‍රජාව තුළ වෛරසය පැතිරවීම දිරිගන්වන එසේ නැත්නම් අපගේම ආර්ථික ස්ව-අභිලාෂයන් ගැන පමණක් උනන්දුවන පුද්ගලයන් ලෙස චෝදනා කරනු ලබයි.

සමස්ත කොවිඩ්-19 සංසිද්ධියම ගෝලීය ඛේදවාචකයක් හා මානව වර්ගයාට එරෙහි දැවැන්ත පරිමාණ අපරාධයක් නොවූයේ නම් එය දෝෂයන්ගෙන් පිරි හාස්‍යජනක නාට්‍යයක් වන්නට ඉඩ තිබිණි.- මිනිස් ඉතිහාසයේ මානවයාට හමුවූ බිහිසුණුම වෛරසයෙන් ආරක්ෂා වීමට ගෑස් මුහුණු ආවරණ සහ අත් වැසුම් දමා ගත් හමුදා සෙබළුන්  වෛරස් නාශනයේ යෙදෙද්දී සාමාන්‍ය මිනිසුන් ඒ කිසිවක් නොමැතිව වීදි ඔස්සේ නිරුපද්‍රිතව සැරිසරන අයුරු.      Eranga Jayawardena-AP

සමාජ, දේශපාලන සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ කරුණුවලදී මෙන්ම විද්‍යාව සහ ව්‍යවහාරික ඥානය සම්බන්ධයෙන් දේශීය සහ ගෝලීයවද අනන්‍යතා දේශපාලනය නැවතත් විජයග්‍රාහිව පෙරට එමින් පවතින අතර කොවිඩ් බලපෑමේ කොටසක් ලෙස වම සහ දකුණ ඔවුනොවුන්ගේ ස්ථාන හුවමාරු කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. පසුගිය අගොස්තු 10 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ “විශේෂඥයන් ” සමග පැවැති හමුවකින් පසු වෘත්තීය සමිති සහ සුළුතර ජනකොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් හා සංවිධාන “කොවිඩ් සිව්වැනි රැල්ලක් ගැන කතා කරන අතර ඇඳිරි නීති, ලොක්ඩවුන් කිරීම් හා මේ වතාවේදී සිරගත කිරීම් පවා නිර්දේශ කරති. එහිදී ඔවුහු හේ ලොක්ඩවුන් ඇඳිරිනීතිවල විනාශකාරී ප්‍රතිඵල දෛනික කුලී කම්කරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ දුප්පත්ම කොටස් වෙත බලපාන ආකාරය එනම් ඔක්ස්පෑම් සංවිධානය විසින් සඳහන් කළ සාගිනි වෛරසය (OXFAM) ඔවුන් වෙත බලපාන ආකාරය නොසලකා හැර තිබේ.
කොවිඩ්-19 දත්ත ගැන කවර ගැටළු පැවතියද රජයේ සහ විරුද්ධ පක්ෂයේ සියලු පැහැයන්ට අයත් දේශපාලනඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය එන්නත් කැරොල් කරත්තයට පැන ගැනීමට එක හා සමානවම එක්සත් වී තිබේ. පළමුව එන්නත් කොතරම් කාර්ය සාධකද, එසේ නැතහොත් ආරක්ෂිතද ඇත්තෙන්ම එන්නත් අවශ්‍යද යන්න සම්බන්ධයෙන් පර්යේෂණයක් පැවැත්වීමෙන් තොරව මොවුහු තමන් විසින් සිය ඡන්දදායකයන් රැකබලාගන්නා බව පෙන්නුම් කිරීමට මෙසේ කටයුතු කරන අතර එන්නත් ලබාගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් බලකර ඉල්ලා සිටිති. මේ සුපුරුදු පරිදි ඡන්ද රැස්කර ගැනීමේ දේශපාලනයද? කොවිඩ්-19 සංඛ්‍යා හා දත්තවල නිරවද්‍යභාවය පිළිබඳ ප්‍රශ්නයද රටට අදාළ නිශ්චිත දත්ත සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයක අවශ්‍යතාවද අවාසනාවකට මෙන් දේශපාලනීකරණය වී ඇති අතර එනිසා අවිශදව පවතී.

ලොක්ඩවුන් කිරීම්වලට පදනම් කරගනු ලබන්නේ දෝෂ සහගත පීසීආර් පරීක්ෂණ, වැදගම්මකට නැති දත්ත, හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතිද?

ශ්‍රී ලංකාව තුළ මෝසම් සෘතුමය ඉන්ෆ්ලුවන්සාව සහ ඩෙංගු රෝගීන්ගේ වාර්ෂිකව සිදුවන ඉහළ යාම මධ්‍යයේ කොවිඩ් රෝගීන් සහ ඒ පිළිබඳ කතාන්දර මගින් ඉහත කී රෝගීන් පිළිබඳ තොරතුරු අභිරහස් අන්දමින් විස්ථාපනය කරනු ලැබ තිබෙන බව පෙනෙන්ට තිබේ. ඉන්ෆ්ලුවන්සා රෝගීන් පිළිබඳ සිද්ධීන් අභිරහස් අන්දමින් අතුරුදන් වී පවතින නමුත්, ඒ අතරතුර කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යා විශාල පරිමාණයෙන් ඉහළ ගොස් තිබේ. කිසිවෙකුත් කවර හෝ ක්‍රමානුකූල ආකාරයකට කොවිඩ් -19 දත්ත සහ සංඛ්‍යාවල නිරවද්‍යභාවය ගැන ප්‍රශ්න නොකරයි. කෙසේ වෙතත් කොවිඩ්-19 මේ වසරේ ඉන්ෆලුවන්සාව සමග ස්ථාන මාරු කරගෙන තිබේද කොවිඩ්-19 මගින් ඉන්ෆ්ලුවන්සා විස්ථාපනය කර තිබේද යන ප්‍රශ්න පවතී. පීසීආර් පරීක්ෂණ විසින් ව්‍යාජ සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල විශාල වශයෙන් නිකුත් කරනු ලබන අතර ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ්-19 රෝගීන් අතර වෙනස ද එම රෝගවලින් සිදුවන මරණ ද වෙන්කර දැක්වීමට පීසීආර් පරීක්ෂණ අසමත්ය.මේ සන්දර්භය තුළ කොවිඩ්-19 සංඛ්‍යා නිරවද්‍ය ද යන්න නිශ්චිතව දැන ගැනීම වැදගත් වේ. සියල්ලට පසු එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය දැනට පවතින පීසීආර් පරීක්ෂණ වලින් ඉවත්වනු ඇත. ඒ නිශ්චිතවම එම පරීක්ෂණ ඉන්ෆ්ලුවන්සාව සහ කොවිඩ්-19 පටැලවීමේ විභවතාවකින් යුක්ත වීම නිසාය. ගිය වසරේ මාර්තු මාසයේ දී ඊනියා වසංගතය ආරම්භ වූ තැන් පටන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් සෞඛ්‍ය පද්ධතිය මිලිටරිකරණය කිරීම සහ පුරවැසියන් දැඩි සුපරීක්ෂාකාරිත්වයකට ලක් කිරීම ප්‍රවර්ධනය කළේය. එය සිදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය, ජාතික වෛද්‍යවරුන්ගේ සංගමය බඳු මනා අරමුදල් සැපයුමකින්යු ක්ත වූ ජාතික වෛද්‍යවරුන්ගේ සංවිධාන කීපයක් සමග ඇතිකරගත් රහසිගත එකඟතාවන් තුළිනි. කොවිඩ්-19 තොරතුරු වසංගතය, පරස්පර විරෝධී පණිවිඩ, එන්නත් ලබාගැනීමේ ප්‍රශ්නය මත බොහෝ පවුල් තුළ භේදකාරි තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

අප්‍රමාණවත් කොඩිඩ්-19 ජාතික දත්ත මත පදනම් ව දැඩි සුපරීක්ෂාකාරිත්වයක් ක්‍රියාත්මක කරමින්ද “කොවිඩ්-19 ඇඳිරි නීති උල්ලංඝණය කරන්නන් අත් අඩංගුවට ගනිමින්ද මිලිටරීකරණය කරන ලද ඇඳිරිනීති පනවමින් රට ලොක්ඩවුන් කිරීමේ අනීතික පියවරයන් රජය විසින් ගනු ලැබු අතර මේ වසරේ දී එම සීමාවන් ලිහිල් කර තිබීම ගැන විරුද්ධ පක්ෂය විසින් රජය හෙළා දකිනු ලබයි. ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ රට තුළ දැවැන්ත කොවිඩ්-19 අර්බුදයක් පවතින බවය. රුදුරු ආර්ථික විපාක නොතකා මේ අවස්ථාවේ ජනතාවගේ විරෝධතා ව්‍යාපාර හා අයිතීන් සීමා කිරීමට දැඩි පියවර නොගැනීම හා ලොක්ඩවුන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලන තන්ත්‍රයට චෝදනා එල්ල කෙරේ. ඔක්ස්ෆෑම් (දිළිඳුකම හා අසාධාරණය අවසන් කිරීම සඳහා අසමානතාවට එරෙහි සටන්කරන ජනතාවගේ ගෝලීය ව්‍යාපාරය) සංවිධානය පවසන අන්දමට පැතිර යමින් පවතින්නේ සාගිනි වයිරසය, දිළිඳුකම, සහ පුළුල් වන අසමානතාවයි. බාධාවකින් තොරව රුපියලේ අගය පහත වැටීම සමඟ මේ සියල්ල බැඳී පවතී.
ගෝලීය හා දේශීය වශයෙන් යළිත් වතාවක් අනන්‍යතා දේශපාලනය සමාජීය සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නවලදී වාසි ලබාගන්නා බව පෙනෙන්ට තිබේ.

සාමාජිකයන්ට කළු අමුඩ අන්දවා තමන් සුදු ඇඳුමින් සැරසීගෙන සටන් මෙහෙයවන ජවිපෙ නායකයෙක් – පොහොර මිල අඩු කිරීමේ අරගලය

දැනටමත් ණය උගුලට හසුව ඇති ආර්ථිකය, ලොක් ඩවුන්කිරීම් හේතු කොටගෙන බිමටම සමතලා වී යනු ඇතැයි ද වඩ වඩාත් දිළිඳුභාවය, අසමානත්වය, සමාජ නොසන්සුන්තාව, දේශපාලන අස්ථායිතාව හා රෝග පැතිරීමේ අනාරක්ෂිතතාව නිර්මාණය කරනු ඇතැයිද රජය සිය කනස්සලට පළ කරයි. ඥාති සංග්‍රහයට හා සියල්ල මිලිටරීකරණය කිරීමට ලේ නෑකම් දක්වන රාජපක්ෂ සහෝදරයන්ගේ පාලන තන්ත්‍රය හිටිවනම අතිශයින් ලිබරල්වාදී සහ නිදහස කෙරේ ඇල්මක් දක්වන්නවුන් ලෙස පෙනෙන්නට තිබීම උත්ප්‍රාසාත්මකය. රජය ඇඳිරි නීතිය පැනවීමට අසමත්වූ තැන පටන් ආදියේ සිට වාමාංශිකයෙකු වන ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක තමන්ගේම යහපත සඳහා තමන්ම “ලොක්ඩවුන් කරගන්නා ලෙස පුරවැසියන්ට උපදෙස් දෙන තරම් දුර ගොස් තිබේ. ඒ අසාමාන්‍ය ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙස්මුහුණු ලාගත් විශේෂඥයන්ට සහ එයට සම්බන්ධිත කොවිඩ් එන්නත් ලබාගන්නා ලෙස ඇරයුම් කරන විශාල ඖෂධ සමාගම්වලට සිය වහල්භාවය ප්‍රදර්ශනය කරමිනි!

ප්‍රංශ ඉතිහාසඥ මිෂෙල් ෆූකෝ “ජෛව දේශපාලනය යනුවෙන්ද දේශපාලන දර්ශනවාදියෙකු වූ ජෝර්ජියෝ අගම්බෙන්(Giorgio Agamben)“ සාමාන්‍ය රීතියට පටහැනි පාලනය“ යනුවෙන්ද හැඳින් වූ දෙය මහජන ක්ෂේත්‍රය යටත් කරගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත භීතිය රජයන වීදී ජන ශූන්‍යව පවතී. එහෙත් බිය පිළිබඳ මානසික ව්‍යාධිය පැතිරවීමට ගිලන් රථවල සයිරන් නලා හඬ මොර දෙයි. නමුත් ජාතික ස්වාධිපත්‍යය නොවැදගත්වූවක් ලෙස සළකන බව පෙනෙන්නට තිබීම කුතුහලය දනවන කරුණකි. පුරවැසියෝ කොවිඩ්-19 කණ්ඩායම් චින්තනයේත්, දැඩි සුපරීක්ෂාකාරිත්වයේත්, තොරතුරු වසංගතයේත්, ජාන ව්‍යුහ විපර්යාසයේත්එ න්නත්කරණයේත් යටත්වැසියන් බවට පත්කරනු ලැබ තිබේ. සියල්ලෝම මතුවී ගෙන එන ගෝලීය පාලන ව්‍යුහයකට අවශෝෂණය කරගනු ලැබ තිබේ. පුරවැසියන් කොවිඩ්-19 යේ යටත්වැසියන් බවට පත් කරමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක – ඊනියා වසංගතයට මුවා වී පැමිණෙන බහුජාතික සමාගම් රටේ සියලු සම්පත් කොල්ලකමින් සිටින විට එයට එරෙහිව සටන් කිරීමට විදී බැසිය යුතු ජනතාවට  තමන්ගේම යහපත සඳහා තමන්ම “ලොක්ඩවුන් කරගන්නා ලෙස  උපදෙස් දෙමින්

සෑම කෙනෙකුම, එනම් ඊනියා නායකයන් ද රජය සහ ඒකාබද්ධ විපක්ෂය ද පුරවැසියන් සහ ඔවුන් දුෂ්කර අරගල තුළින් දිනාගෙන ඇති අයිතීන් දැන් තමන්ට තර්ජනයක් වී ඇතැයි යන්න ගැන එකඟත්වයකට පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනතාව නැතහොත් ශ්‍රමික ජනයා “ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත “යුතුව ඇති අතර තමන්වම ලොක් අප් හෝ ලොක් ඩවුන් කරගත යුතුව තිබේ. මින් අදහස් වන්නේ මාක්ස් වරෙක පැවසූ පරිදි “ඔවුන්ට තමන්වම නියෝජනය කළ නොහැකිය, ඔවුන් නියෝජනය කරවාගත යුතුව තිබේ යන්නද?
අවශ්‍ය තොරතුරු සපයන ලද කල්හි පවා මහජනයාට තතු දැන තීරණයක් ගත නොහැකිය. එසේ නැතිනම් ඔවුන්ට ඔවුන්ගේම ඉහළම අභිලාෂය විය යුත්තේ කුමක් ද යන්න තීරණය කළ නොහැකිය. ඒ සමඟම දත්ත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත කතාන්දරය ප්‍රශ්න කරන හා ඒවා නැවත විමසා බලන්නන්ට දක්ෂිණාංශිකයන්,ප්‍රතිගාමීන්, නව කොන්සර්වැටිව් වාදින් නැතහොත් ධනේෂ්වරයේ කුඩුකේඩු ගැහැණුන් ලෙස චෝදනා කරනු ලබයි. මොවුන් වයිරසය විසින් පළමුවෙන්ම ගොදුරු කරගැනීමට ඉඩ ඇති වැඩ කරන ජනයාගේ ඉරණම ගැන සැළකිල්ලක් නොදක්වන්නේ යැයි ද චෝදනා කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 හා සම්බන්ධිතව නිර්දේශ කරන “ලොක්ඩවුන් ” ප්‍රතිපත්තිය සාමාන්‍ය ජනයා සහ දෛනික වැටුප් උපයන්නන් අතර දිළිඳුකම, සාගතය, මන්ද පෝෂණය ජනිත කරනවා පමණක් නොව, මේ කාලය තුළ හා දීර්ඝකාලීනව ගෝලීය දකුණෙහි කොවිඩ්-19 වසංගතයෙන් මිය යනවාට වැඩි සංඛ්‍යාවක් එම තත්ත්වය හේතු කොටගෙන මිය යනු ඇත. සමස්ත කොවිඩ්-19 සංසිද්ධියම ගෝලීය ඛේදවාචකයක් හා මානව වර්ගයාට එරෙහි දැවැන්ත පරිමාණ අපරාධයක් නොවූයේ නම් එය දෝෂයන්ගෙන් පිරි හාස්‍යජනක නාට්‍යයක් වන්නට ඉඩ තිබිණි.
මේ ලිපිය ලියන මොහොතේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගත කතාන්දරය හා ලොක්ඩවුන් කිරීම්වලට පදනම් වී ඇති දත්ත හා වසංගත රෝග ආකෘතීන් විශ්ලේෂණය කිරීමට උත්සාහ දරන්නේ මේ සන්දර්භය තුළය. මේ විශ්ලේෂණය පසුගිය වසර සඳහා (2020) ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවෙන් දැනට ලබාගත හැකිව තිබෙන දත්ත විභාග කිරීමක් මත පදනම් වෙයි. රෝගයේ බරපතල කම සහ යොග්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිචාර දැක්වීමට දැනට භාවිතා කරනු ලබන රෝගී මරණ අනුපාතිකයට වඩා යම් තාක් දුරට නිවැරදි මිනුම් වන ආසාදිත මරණ අනුපාතිකය නිර්ණය කිරීමේ දී ද රෝගයක් පිළිබඳ ඓතිහාසික සංදර්භමය විශ්ලේෂණයක් අවශ්‍ය වෙයි.
පසුගිය වසර එකහමාරක් තිස්සේ දේශිය වශයෙන් මෙන්ම ගෝලීය සංදර්භයක් තුළ, රෝගීන් හා මරණ සංඛ්‍යාව පිළිබඳ ආකූලකාරි, පරස්පර විරෝධී පණිවිඩ රැගත් තොරතුරු වසංගතයක්ද, එන්නත් සහ වෛරස බලපත්‍ර පිළිබඳ යුද්ධය සහ භූ දේශපාලනය ද අඛණ්ඩව ජාන විපර්යාසයන්ට ලක්වන වෛරස ප්‍රභේද – ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා, ධන, සෘණ වර්ගායිත ප්‍ර භේදවල සිට ඒප්සිලෝන්, ශීටා,තීටා,මෙගා දක්වා පිළිබඳ කතන්දර සමග කොවිඩ් වසංගතය විකසනය වෙමින් තිබෙන අතර මේ ලිපිය වමේ, දකුණේ දේශපාලනය සහ අනන්‍යතා දේශපාලනය පසෙකට ලා කොවිඩ්-19 දත්ත, ඒවා නිපදවන සහ ආකෘති ගන්වනු ලබන විධික්‍රම ආදිය ශ්‍රි ලංකාවේ සංදර්භය සහ රටට සුවිශේෂි දත්ත පදනම් කරගෙන විභාග කරයි.

පීසීආර් පරීක්ෂණ, සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල පෙන්වන සංඛ්‍යා ක්‍රීඩාව සහ දත්ත වංචාව

කොරෝනා වෛරස් පරීක්ෂණ සඳහා “ස්වර්ණමය ප්‍රමිතිය “(Gold Standad) සහිත පරීක්ෂණ ලෙස ප්‍රචාරය කරනු ලැබුවේ නමුදු, එක්සත් ජනපදයේ CDC (රෝග පාලන මධ්‍යස්ථානය) ආයතනය විසින් දැනට ගෝලීය වශයෙන් පෘථුලව යොදාගනු ලබන පීසීආර් පරීක්ෂණ ලබාදී තිබු හදිසි අවස්ථාවන් සඳහා භාවිතා කිරීමට දී තිබු අවසරය අහෝසි කර ඇත. ආයතනය මේ වසර අවසන් වන විට වර්තමාන පීසීආර් පරීක්ෂණ නතර කර දැමීමට නියමිත ය.එකී පරීක්ෂණ ඉන්ෆලුවන්සා හා කොවිඩ්-19 රෝගීන් අතර වෙනස හඳුනාගැනීමට ප්‍රමානවත් මට්ටමක නොපැවතීම ඊට හේතුවයි.
හ්‍රී ලංකාව තුළ දැනට බහුල ලෙස සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවන්සාව සහ ඩෙංගු යන රෝග වැළැඳුණු රෝගීන්ගේ සංඛ්‍යාවන්ගේ තියුණු ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරයි. නිවර්තන කලාපයට අයත් සියළුම රටවල් මෝසම් සෘතුව තුළ වාර්ෂිකව මෙම රෝගවලින් දැඩි පීඩා විඳියි. කෙසේ වෙතත්, ඉන්ෆ්ලුවන්සා රෝගීන් සහ මරණ කොවිඩ්-19 රෝගීන් සහ මරණ වලින් විස්ථාපනය වීම හේතුකොටගෙන අතුරුදන් වී ඇති බව පෙනෙන්ට තිබේ. පීසීආර් පරීක්ෂණ වලට ඉන්ෆ්ලුවන්සාව සහ කොවිඩ්-19 වෙන්කර හඳුනාගැනීමට නොහැකි වීම හේතු කොටගෙන සංඛ්‍යා ලේඛන සහ දත්ත තුළ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව විශාල පරිමාණයෙන් ඉහළ ගොස් තිබේ. දැනට භාවිතයේ පවතින පීසීආර් පරීක්ෂණවලින් ඉවත්වන බවට එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය විසින් ගෙන ඇති තීරණය ඉතා වැදගත් වෙයි. මක් නිසාද යත්, ශ්‍රී ලංකාව තුළ ඊනියා කොවිඩ්-19 රෝගීන්ගෙන් බොහොමයක් මේ කාලය තුළ සෘතුමය ඉන්ෆලුවන්සාවට ගොදුරු වූවන් බව පෙනෙන්ට තිබෙන හෙයිනි.
මෙය දැනට ක්‍රියාත්මක කෙරෙන සාමාජිය හා ආර්ථික වශයෙන් හානිකර පළාත් අතර ගමනාගමනය සීමා කිරීම් සහ රාත්‍රි කාලයේ ඇඳිරි නීතිය පැනවීම ආදි නීති ක්‍රියාත්මක කිරීමට පදනම් කර ගෙන ඇති දත්ත හා වසංගත විද්‍යාත්මක ආකෘතීන් පිළිබඳව සැළකිය යුතු ප්‍රශ්න මතු කරයි.මේ ප්‍රශ්න මතු කරන්නේ ජනතාව තුළ සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණ කෙරෙන් ලබාගන්නා වර්තමාන රෝගී මරණ අනුපාතිකයන් හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් ජනමාධ්‍ය තුළ දිනපතා වාර්තා කරන තත්ත්වයක් තුළය. දැනට ලොව පුරා භාවිතා කෙරෙන පීසීආර් පරීක්ෂණ මගින් විශේෂයෙන්ම මෝසම් ඉන්ෆ්ලුවන්සාව පැතිරෙන සෘතුවෙහි පසුවන නිවර්තන ආසියානු රටවල් තුළ ඉන්ෆලුවන්සා සහ කොවිඩ්-19 රෝගීන් වෙන්කොට හඳුනාගත නොහැකි නම් වැදගම්මකට නැති පීසීආර් පරීක්ෂණ දත්ත සහ නිවැරදි නොවන රෝගී මරණ අනුපාතිකයන්හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් නිපදවනු ලබමින් තිබෙන්නේ ගමනාගමනයට එරෙහි සීමා සහ ඇඳිරි නීති පනවමින්රට ප්‍රබල ලෙස ලොක්ඩවුන් කර තැබීමටදැයි යන ප්‍රශ්නය පැන නගී.
කොරෝනා වෛරස අංශූන් හා ඒවායේ සංඛ්‍යාත්මක ප්‍රමාණය විශාල කිරීමට සහ හඳුනාගැනීමට භාවිතා කරනු ලබන විවිධ පීසීආර් හෝ චක්‍රීය ප්‍රමාණීකරණ අනුපාතිකයන්ගේ ප්‍රයෝජනය සම්බන්ධිතව පැන නැගී ඇති රෝග විනිශ්චයාත්මක සාවද්‍යතාව පිළිබඳ දැඩි අවධානයක් යොමු වීම හේතු කොටගෙන එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය දැනට භාවිතයේ පවතින පීසීආර් පරීක්ෂණ මේ වසරේ අත්හැර දමනු ඇත. මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස විශාල දෝෂ සහිත ප්‍රතිඵල නිකුත් කෙරෙන අතර විශේෂයෙන්ම දැනට ප්‍රචලිතව පවත්නා ඉන්ෆ්ලුවන්සා සමය තුළ සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල විශාලනය කොට දක්වනු ලබයි. කොවිඩ්-19 වෛරස අනුක්‍රමය හඳුනාගැනීමට යොදාගනු ලබන විශාලනය කිරීමේ චක්‍රීය ප්‍රමාණ කරන අනුපාතිකය යෝග්‍ය පරිදි සහ විනිවිදභාවයෙන් යුතුව (එනම් පුද්ගලයාගේ පීසීආර් වාර්තාව තුළ පෙන්නුම් කරන පරිදි) භාවිතා නොකළ හොත් කොවිඩ්-19 ප්‍රතිඵල සාවද්‍ය විය හැකිය. ශ්‍රී ලංකාවේ රසායනාගාර තුළ චක්‍රීය ප්‍රමාණිකරණ චක්‍ර 30 ට වැඩි ගණනක් යොදමින් සිදු කරන බවට වාර්තා පවතී. නිර්දේශිත චක්‍රීය ප්‍රමාණකරණ පීසීආර් පරීක්ෂණ වාර ගණන 26 ඉක්මවා ගිය හොත් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබාදීමට නැඹුරු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෘතුමය ඉන්ෆ්ලුවන්සාවට ලක්වී සිටින පුද්ගලයන් කොවිඩ්-19 රෝගීන් ලෙස රෝග විනිශ්චය කෙරෙනු ඇත. මේ කාලය තුළ ඉන්ෆ්ලුවන්සාවහා ඒ හා සමාන රොග ලක්ෂණ පෙන්නුම් කරන ඩෙංගු රෝගය හේතුකොට ගෙන රෝගී වන පුද්ගලයන් හා මරණ සංඛ්‍යාව කොවිඩ්-19 රෝගී හා මරණ සංඛ්‍යාවට ඇතුළත් කරන බව පෙනෙන්නට තිබේ.

2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කළ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ සිදු ව ඇති මුළු මරණ සංඛ්‍යාවෙන් ඉන්ෆලුවන්සා සහ නිව්මෝනියාව නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,292ක් 5.7ක් විය. වයස අනුව සකසන ලද මරණ අනුපාතිකය ජනගහණයෙන් 100,000කට 35,8කි සන්සන්දනාත්මක අරමුණු සඳහා එය සැළකිල්ලට ගැනීම වැදගත්ය.

චක්‍රීය ප්‍රමාණීකරණ අනුපාතිකය 26-29ට වඩා අඩු හෝ වැඩි මට්ටමකදි සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණ අප්‍රයෝජනවත් දත්ත උත්පාදනය කරයි. ඇත්ත වශයෙන්ම කිසියම් පුද්ගලයෙකුට රෝග ලක්ෂණ තිබේ නම්, නිරවද්‍ය පීසීආර් පරීක්ෂණයකින් පොසිටිව් ප්‍රතිඵල පෙන්නුම් කරයි නම් ද එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකුයැයි කිව හැකිව තිබේ. හුදෙක්ම පීසීආර් පරීක්ෂණයෙන් ධනාත්මක ප්‍රතිඵල පෙන්වූ පමණින් එම පුද්ගලයාට කොවිඩ්-19 වැළැඳී ඇතැයි නිගමනය කළ නොහැක. ඊට අතිරේකව පීසීආර් පරීක්ෂණයකින් සිදු කෙරෙන කොවිඩ්-19 පිළිබඳ රෝග විනිශ්චය යම් පුද්ගලයෙකුගේ විශාලනය කිරීමේ චක්‍රයන් (Cycles of magnification) ඔහුගේ හෝ ඇයගේ රසායනාගාර වාර්තාවන් තුළ නිශ්චිත වශයෙන්ම නියම කරනු ලැබ නොතිබුණේ නම්, එනිසා රෝග ලක්ෂණවලින් තොර පුද්ගලයන් සම්බන්ධව සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල නිකුත් කිරීමේ ශක්‍යතාවක් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව අතිශයෝක්තියට නංවනු ලැබ තිබේ. එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය විසින් පීසීආර් පරීක්ෂණ ඉවත් කිරීමේ අවශ්‍යතාව ෆෙඩරල් ඖෂධ ඒජන්සියට නිවේදනය කළේ එනිසාය. හදිසි තත්ත්වයකදී භාවිතා කිරීමට බලය දී තිබුණු මුල්කාලීන පීසීආර් පරීක්ෂණ ගෝලීය වශයෙන් පුළුල් ලෙස භාවිතා කරනු ලැබිණි.

කෙසේ වෙතත් සෘතුමය ඉන්ෆ්ලුවන්සාව කොරෝනා රෝගීන් පිළිබඳ සංඛ්‍යා ලේඛන වල ව්‍යාකූලත්වයට තුඩු දෙන කරුණක් ලෙස සැළකීමෙන් තොරව, අගෝස්තු 10 වැනිදා පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ කමිටුව විසින් පීසීආර් පරීක්ෂණ දත්ත ගෙන හැර දක්වන ලදි. එය එළැඹීමට නියමිත මාස තුළ කොවිඩ්-19 මරණ පිළිබඳව බිය දනවන පුරෝකතනයන්, ප්‍රස්ථාර හා සිතියම්ද ඉදිරිපත් කළේය. මේ ආකෘතීන් පදනම්ව තිබුණේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල, රෝගී මරණ අනුපාතිකයන් හා මොනාෂ් විශ්ව විද්‍යාලය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කාර්යාලය මගින් උත්පාදනය කරනු ලැබූ ඊට සම්බන්ධිත වසංගත රෝග විද්‍යා ආකෘතීන් මතය. ශ්‍රී ලංකාව තුළ රාත්‍රි කාලයේ ලොක් ඩවුන් කිරීම් පනවන ලද්දේ මේ රැස්වීමෙන් හා ජනමාධ්‍යවලට අධික මිලක් ගෙවා සිදුකරන ලද ප්‍රචාරණයෙන් පසුවය.
ඉන්ෆලුවන්සා රෝගීන් හා කොවිඩ්-19 රෝගීන් වෙන් කොට හඳුනාගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවන්සාව වැළැඳුණු රෝගීන්ගේ මෙන් මථ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ එහෙත් පීසීආර් පරීක්ෂණයෙන් පොසිටිව් ප්‍රතිඵල ලද පුද්ගලයන්ගේ ද සංඛ්‍යාව, කොවිඩ්-19 භීතිකාව හේතු කොටගෙන නිවෙස් තුළම ප්‍රතිකාර ලබා දෙනු වෙනුවට ආරෝග්‍යශාලා තුළ රැස් කන සහ ඒවා ඇඳන් පිරී ඉතිරී යන තත්ත්වයක් නිර්මාණය කළේය. ඒ හා සමානවම බොහෝ සෞඛ්‍ය සේවකයන්වද සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල ලබාදුන් පීසී ආර් පරීක්ෂණ මත පදනම් වෙමින් දින 14 කට නිරෝධායනයට යවන ලදි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක් පැහැදිලිව පෙනෙන්ට තිබිණි.

ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ 2020 වර්ෂය සඳහා වන සංඛ්‍යා ලේඛන විසින් කොවිඩ්-19 දත්ත වංචාව සහ සංඛ්‍යා ක්‍රීඩාව හෙළිදරවු කරයි.

ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේ කොවිඩ්-19 අර්බුදයක් පැවතියේ නම් 2020 වසර සඳහා නිකුත් වී ඇති දත්ත තුළ අතිරේක මරණ සංඛ්‍යාවක් වාර්තා විය යුතුව තිබිණි. කෙසේ වෙතත් ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව 2020 වසර සඳහා නිකුත් කර ඇති දත්ත පෙන්නුම් කරන්නේ ඊට කලින් වසරේ එනම් 2019 වසරේ මරණ අනුපාතිකය හා සැසඳීමේ දී රට තුළ මරණ අනුපාතිකය පහත වැටීමකි. මෙය විසින් පෙන්නුම් කරන්නේ 2020 දී අතිරේක මරණ සංඛ්‍යාවක් සිදුව නොමැති බවත් සෞඛ්‍යමය වශයෙන් හදිසි තත්ත්වයක් නොපැවති බවත්ය. ඒ වෙනුවට මරණ අනුපාතිකයේ පහත වැටීමක් සිදුව ඇත! 2019 වසරේ ලංකාව තුළ මුළු මරණ සංඛ්‍යාව 146,053ක් වූ අතර 2020 දී එය 132,431 ක් විය. වෙනත් වචනවලින් කිව හොත් කලින් වසර සමග සැසඳීමේ දී ඊනියා කොවිඩ්-19 වසංගතය පැවැති 2020 වසරේ දී මරණ සංඛ්‍යාව 13,622කින් අඩු වී තිබේ. ඒ හා සමානවම දළ මරණ අනුපාතිකය 2019 වසරේ දී 6.7% සිට 6.0% දක්වා පහත වැටී තිබේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා එහි දේශීය හවුල්කරුවන්ගේ නිර්දේශ මත 2020 දී මාස ගණනාවක් රට ලොක්ඩවුන් කරනු ලැබුවේ දිළිඳුකම වැඩිවීමට ද මන්ද පෝෂණය ව්‍යාප්ත වීමට ද ලෙඩ රෝග ඉදිරියේ අනාරක්ෂිත භාවය වැඩිවීමටද මගපාදමිනි!

2019 සහ 2020 වසර වල මරණ ශ්‍රී ලංකාවේ දළ මරණ අනුපාතික සන්සන්දනය – ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව

ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ දත්ත සඳහා පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න
අවාසනාවකට මෙන් හා අසාමාන්‍ය ලෙස ගත වූ වසර එකහමාර තුළ, ශ්‍රී ලංකාව තුළ පැවැති ඊනියා කොවිඩ්-19 “වසංගත සමය” අතරතුර වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය නිලධාරින්, උප වෛද්‍ය නිලධාරින් (10කට වඩා අඩුය) හා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් කීප දෙනෙකු කොවිඩ්-19 ආසාදිතව මරණයට පත්වූහ.

2019 සහ 2020 වසර මරණ සංඛ්‍යාවන් දිස්ත්‍රික් අනුව (සම්පූර්ණ වගුව නැරඹීමට රූපය මත ක්ලික් කරන්න)

ඉන්ෆලුවන්සා , නිව්මොනියා සහ ඩෙංගු රෝගීන්ගේ මරණ අතුරුදහන් වූ අතර ඒ වෙනුවට කොවිඩ්-19 මරණ ආදේශ කරනු ලැබීම නිසා සියලුම දෛනික මරණ පිළබඳ දත්ත හා මරණවලට හේතු පිළිබඳව අතිරික්ත මරණ වාර්තා සහ සන්සන්දනාත්මක දත්ත අපට අවශ්‍ය වනු ඇත. නිර්ව්‍යාජ කොවිඩ්-19 අර්බුදයක් පැවතියේ ද යන්න ගැන මේ අවස්ථාවේ නිශ්චිතව සොයා දැනගත හැක්කේ එමඟින් පමණි.

2021 අගෝසතු 10 වැනි දා පැවැත්වුණු ඊනියා ස්වාධීන ජාතික “විශේෂඥ ” කණ්ඩායම් රැස්වීමේ දී හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් වල කිසිදු තැනක 2021 සඳහා අමතර මරණ පිළිබඳ වාර්තාවක් සපයන්නේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියානු කලාපය හා ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද වර්තමාන තක්සේරු කිරීම් ලොක් ඩවුන් කිරීම් සඳහා යොදාගැනිණි. මෙය හුදෙක්ම බිල්ගේට්ස් විසින් අරමුදල් යොදා ඇති Institute for Health Metrics and Evaluation (IHME) නම් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ආයතනය විසින් උත්පාදනය කරන ලද සැක සහිත දත්ත හා ආකෘතීන් ප්‍රතිරාවය කරයි. මෙම දත්ත සහ ආකෘතීන් 2021 මැයි මාසයේ නිෂ්පාදනය කරන ලද්දේ ගේට්ස් පදනම විසින් අරමුදල් සපයන ලද ඉහත කී සංවිධානය විසිනි.

ජනමාධ්‍යවල වංචාව

මෑතකදී ප්‍රවෘත්ති මාධ්‍ය මගින් 2017 සිට මෘත ශරීරාගාර තුළ ගබඩා කර තිබුණු මළ සිරුරු කිරුළපනේදී ආදාහනය කරනු ලැබීම දර්ශන සහිතව පෙන්වනු ලැබූ අතර, කොළඹ මෘත ශරීරාගාරයේ ගබඩා ඒකක ක්‍රියා විරහිත වී තිබෙන බවට වාර්තා පළ විණි. මෙය ඇතැම් ජනමාධ්‍යවලට අතිරේක මරණ පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රවර්ධනය කිරීමටත් භීතිය පිළිබඳ මානසික ව්‍යාධිය වැඩි දියුණු කිරීමටත් අවස්ථාව සැලසීය. ඇතැම් අවස්ථාවල අන්තර් පළාත් ලොක්ඩවුන් කිරීම්, දිළිඳුකම, සහ කොවිඩ්-19 සමාජ අපකීර්තිය පිළිබඳ බිය ආදි හේතූන් විසින් සමහර මූලික රෝහල්වලදී මියගොස් තිබුණු තමන්ගේ ආදරණීයයන්ගේ මළ සිරුරු ගෙන යාමට පවුල්වලට බාධා පමුණුවා තිබිණි. ඇතැම් අවස්ථාවලදී වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය පුද්ගලයන් පීසීආර් පරීක්ෂණ මගින් කොවිඩ්19 ආසාදිතයන් යැයි නම් කොට ඒ සඳහා වෙන්වූ රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීම නිසා ඔවුන් නිසි ප්‍රතිකාර වලින් තොරව මරණයට පත් අවස්ථා ද බොහෝ විය. ඔවුන්ට සිය අවසන් මොහොතේදී සිය ඥාතී හිතවතුන් සමග කල්ගත කිරීමට පවා අවස්ථාවක් නොලැබ අවාසනාවත් ලෙස මරණයට පත් ඔවුන්ගේ මළ සිරුර පවා ඥාතින්ට භාර නොදී සමූහ ආදාහනාගාර තුළ ආදාහනය කරන ලදි.
කෙසේ වුව ද ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ හෝ පසුගිය වසර එකහමාර තුළ කවර හෝ අවස්ථාවක සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් පැවැති බව පෙන්නුම් කරන ජනමාධ්‍යවල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල සිත් ඇදගන්නා කතාන්දර හා අතිශයෝක්තියට නංවන ලද ප්‍රකාශ හැරුණු කල කොවිඩ්-19 මරණ අනුපාතිකය ඇතුළුව, රට තුළ සාක්ෂි ද ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත ද කිසි සේත්ම නොපවතී. මාධ්‍ය විසින් වපුරන ලද කතාන්දරමය සාක්ෂි පෙන්නුම් කරන පරිදි, පසුගිය වසර එකහමාර තුළ ආදාහනය කරන ලද හෝ භූමදානය කරන ලද මළ සිරුරු සංඛ්‍යාව වැඩි වී නොතිබුණ නමුත් ඒ වෙනුවට ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව වේ දත්ත ප්‍රතිරාව නංවමින් අඩුව ඇති බව පෙන්නුම් කරයි.
එම නිසා කොවිඩ්-19 හදිසි තත්ත්වයක් පවතින බවට ප්‍රකාශ කර සිටින සෞඛ්‍ය බලධාරින් මත, දෛනික මරණවල මුළු සංඛ්‍යාවත්, මේ මරණවලට හේතු සහ අමතර මරණ සංඛ්‍යාව පෙන්වීමෙනුත් ඔවුන්ගේ ප්‍රකාශයන්ගේ සත්‍ය බවට සනාථ කිරීමේ වගකීම පැවරෙනු ඇත. ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් පවතින බවට කරනු ලබන ප්‍රකාශයට පටුබල සපයන දත්ත හෝ අවශ්‍ය නීති සම්පාදනයක් රටතුළ නොපවතින තත්ත්වය සැළකිල්ලට ගන්නා කල, සන්නද්ධ හමුදා විසින් දවස පුරා පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවලදී බලාත්කාරයෙන් පුරවැසියන්ට එන්නත් ලබාදීමත් මේ සඳහා බොහෝ විට රාත්‍රි කාලයේ පොලිසිය සහ මහජන පරීක්ෂකවරුන් විසින් නිවෙස් වටලමින් එන්නත් ලබා නොගත් පුද්ගලයන් සොයා යනු ලැබීමත්, පෞද්ගලිකත්වයට හා ශාරිරික ඒකාග්‍රතාවට පුද්ගලයන්ට ඇති අයිතිය පිළිබඳ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් වෙයි. ජාතික සෞඛ්‍ය පද්ධතිය මිලිටරිකරණය කිරීම, දැඩි සෝදිසි කිරීම ආයතන ගත කිරීම සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් එන්නත් අවසර පත්‍රය අනිවාර්ය කිරීමේ යෝජනාවන් මානව අයිතීන් උල්ලංඝණය කිරීමකි.

කොවිඩ්-19 එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයන්ට රෝගය බෝවීම පිළිබඳ ව හා සමහරෙක් ඊනියා ඩෙල්ටා ප්‍ර භේදයට ගොදුරු වීම පිළිබඳව වාර්තා පවතී. උත්තේජක(Booster) නැතහොත් “තුන් වැනි එන්නතක ” අවශ්‍යතාව ගැන ද කතාබහක් පවතී. අප වේගයෙන් ගමන් කරමින් සිටින්නේ එන්නත් සංස්කෘතියක් වෙත හා එන්නත් වෙත ඇබ්බැහි වූ බාල පරම්පරාවක් බිහිකිරීමට ද? එබඳු ප්‍රතිපත්තියක් සම්බන්ධව වග උත්තර බඳින්නේ කවුරුන්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ හමුදාපතිවරයා සමග විහාර මහා දේවි උද්‍යානයේ හමුදාව මිලිටරිකරණයට ලක් කරන ලද එන්නත්කරණ ව්‍යාපාරය නරඹමින්

ඇත්ත වශයෙන්ම රට ලොක් ඩවුන් කිරීම, ජාතික සෞඛ්‍ය පද්ධතිය මිලිටරීකරණය කිරීම, කොවිඩ්-19 පිළිබඳ භීතිය දනවන මානසික ව්‍යාධිය ප්‍රවර්ධනය කිරීම, මිලිටරීකරණය කරන ලද සෝදිසි කිරීම් සහ එන්නත්කරණ ව්‍යාපාරය, ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්තිමය නිර්දේශයන් ඔවුන් විසින් පුරෝකතනය කරන ලද “වසංගතයක්/ සැලසුම් ගත වසංගතයක් ” පිළිබඳ මායාව කරළියට ගෙනැවිත් තිබෙන බව පෙනෙන්ට තිබේ. මෙහිලා කිසිදු වැදගැම්මකට නැති පීසීආර් පරීක්ෂණ පවා ආසාදිතයන් සංඛ්‍යාව විශාලනය කර දැක්වීමට යොදාගනු ලැබීය.ලෝක සෞඛ්‍ය සංවිධානය පාර්ශ්වයෙන් මනාව සැලසුම් කරන ලද හා සම්මුතිගත ව්‍යාපෘතියක් පැවැති බව පෙනෙන්ට තිබිණි. එය භීතිය දනවන මානසික ව්‍යාධියක් සහ මිලිටරිකරණය කරන ලද එන්නත් ව්‍යාපාරයක් ද ඒ සමඟම ආර්ථික වශයෙන් විනාශකාරි ලොක්ඩවුන් තත්ත්වයක්ද මේ මොහොතේ සම්මුතිගත මාධ්‍ය ව්‍යාපාරයක් තුළින් යාම් ඊම්වලට රැස්වීමට ඇති නිදහස පිළිබඳ අයිතිවාසිකම් උල්ලංඝණය කරන දැඩි සෝදිසි කිරීම් තත්ත්වයක්ද නිර්මාණය කිරීමට දේශිය සහ ජාතික වෛද්‍ය සංවිධාන හවුල් කරගෙන තිබෙන බවත් ඒවාට අරමුදල් සපයා තිබෙන බවත් පෙනෙන්ට තිබේ.

ජාතික ප්‍රතිපත්තිමය ස්වෛරීභාවය හා ස්වාධීකාරය කොයිබටද?

මීට සමගාමීව, කොවිඩ්-19වසංගතය පැවැති පසුගිය වසර එකහමාර පුරාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලදුව, මහජන සෞඛ්‍ය පද්ධතිය මිලිටරිකරණය කරනු ලැබීමත් සමඟ, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය, ස්වාධීන පර්යේෂණ හා විශ්ලේෂණ හා ප්‍රතිපත්තිමය ස්වෛරීභාවය හා ස්වාධිකාරය සෝදාපාළුවට ලක්වන ආකාරය අපි දැක ඇත්තෙමු. එක්සත් ජනපදයේ සෞඛ්‍ය මිතිය සහ ඇගයීම පිළිබඳ ආයතනය (Institute for Health Metrics and Evaluation – IHME), ජෝන් හොප්කින්ස් වැනි ආයතන තුළ නිෂ්පාදනය කරන ලද වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් උපයෝගී කරගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාතික සෞඛ්‍ය පද්ධතිය තමන් යටතට ගෙන තිබෙන සැටිත් අපි දැක ඇත්තෙමු. මීට අතිරේකව මෙය ගෝලීය හදිසි තත්ත්වයක්ය යන ප්‍රකාශය හා “සෑම කෙනෙකුම එන්නත් කරනතුරු කිසිවෙකු සුරක්ෂිත නොවේ ” ය යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙඩ්‍රොස්ගේ ප්‍රකාශය යටතේ, ගෝලීය මට්ටමෙන් සිදු කරනු ලබන දැඩි සෝදිසි කිරීම් හා ගෝලීය කෘත ප්‍රතිපත්ති සම්පාදනය ස්ථාපනය කිරීමට හා එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කිරීමට පියවර ගැනිණි.
කොවිඩ්-19 සංත්‍රාසය හා ලොක් ඩවුන් කිරීම් විසින් සමාජය හා ආර්ථිකය දැඩි ලෙස ඩිජිටල් කරණය කිරීමේ හා දැඩි සෝදිසියට කිරීමේ පිළිවෙත ප්‍රවර්ධනය කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මෙය සිදු කරනු ලබන්නේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සෝදාපාළුවට ලක්කරමින් ද අධ්‍යාපනයට, පර්යේෂණයට හා දැනුමනිෂ්පාදනයට හා තොරතුරු බෙදා හදාගැනීම අඛණ්ඩව පවත්වා ගැනීමට ද බාධා පමුණුවන අතරවාරයේය.

කොවිඩ්-19 වංචාව කෙරෙන් පැන නගින ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු හා ප්‍රතිකර්ම

මෙරට දත්ත හා අවදානම් ස්තරායණ විශ්ලේෂණය (Layer of Protection Analysis – LOPA) මත පදනම් කෙරුණු විෂයාන්තර විශේෂඥ මණ්ඩලයක් මගින් සිදු කරනු ලබන පුළුල් පදනමකින් යුතු සාක්ෂි මත පදනම් වූ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයක අවශ්‍යතාව පවතී. එන්නත් වැඩිම අවදානම් සහිත කණ්ඩායම්වලට පමණක් ඉලක්ක කර ලබා දීම සඳහා (එනම් අවශ්‍ය නම් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින්නන් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්) ජාතික ස්තරායණ විශ්ලේෂණය විශේෂයෙන්ම වැදගත් වේ.

සෞඛ්‍ය, අධ්‍යාපනය, ඉඩම්, ගමනාගමනය, බලශක්තිය යන කවර ක්ෂේත්‍රයක් හෝ වේවා පෙර සඳහන් කළ ප්‍රතිපත්ති හා ප්‍රතිපත්ති සම්පාදනය රට ඇතුළ නැතහොත් රටට සුවිශේෂී ජාතික මෙන්ම කලාපීය දත්ත විශ්ලේෂණ හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් මත පදනම් විය යුතුව තිබෙන අතර මේ දත්ත හා තොරතුරු මහජනයා වෙත විවෘත විය යුතුව තිබේ.

කොවිඩ්-19 එන්නත්වලට අවසර ලැබී ඇත්තේ හදිසි තත්ත්වයකදී පාවිච්චි කිරීමට පමණක් හෙයින්ද මේ මොහොත වනවිටත් ඒවා අත්හදා බැලීමේ මට්ටමේ පවතින හෙයින්ද, ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය,

(අ) ප්‍රවේසම් සහගතව යා හැකි උපරිම දුරකට පටු පුද්ගල කණ්ඩායමකට (එනම් වයස 60 වැඩි පුද්ගලයන්ට) සීමා කළ යුතුව තිබේ.
(ආ) මෙහි දී එන්නත් වල පවතින අවදානම් බවද හිපොක්‍රටික් දිවුරුමේ එන”ප්‍රතිකාර ලබන්නාට ප්‍රතිකාරය මගින් හානියක් සිදු නොකළ යුතුය ” යන්න ද සිහියේ තබාගනිමින් එන්නත්ලාභියා එන්නත පිලිබඳව සියලු තොරතුරු පිලිබඳව දැනුවත්ව ප්‍රකාශ කරන කැමැත්ත මත පදනම් විය යුතුය. විලෝම වශයෙන් ළමයින් සහ ගැබිණි කාන්තාවන් මෙන්ම වෙනත් රෝගාබාධ නැති කොවිඩ්-19 ට මුහුණ දීමේ දී අඩුම අනාරක්ෂිත මට්ටමක පසුවන ප්‍රජනන වයසේ පසුවන පුද්ගලයන්ටද එන්නත් ලබා දීමෙන් වැළකිය යුතුය.

ජාතික කොවිඩ් 19 සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනත් රටක හෝ ලොව වෙනත් කොටසකට අයත් රටවල්වල පවත්නා සෞඛ්‍යමය අර්බුදයක බිය උපදවන ප්‍රතිරූප සහ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරන කතාන්දර මත පදනම් කරනු වෙනුවට අදාළ සංදර්භයට සංවේදී විය යුතුව තිබෙන අතර, භූගෝල විද්‍යාත්මක මෙන් ම ජන සංඛ්‍යාත්මක වශයෙන් සිදුකරනු ලබන අවදානම් ස්තරායණය මත පදනම් විය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව

ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දැක්වීම, පරීක්ෂණ පරිපාටීන් සහ නියමාවලින් වෙනස් කර තිබෙන අතර, වසංගත රෝගයක බරපතලකම නිර්ණය කිරීමට දත්ත විශ්ලේෂණය කිරීමට පදනම් කරගනු ලබන පරීක්ෂාවන්ට හා අත්හදාබැලීම්වලට ලක් කරන ලද මිනුම් ප්‍රමිතීන් වෙනස් කර තිබේ. වසංගතයක් පිළිබඳ නිර්වචනය ද එය විසින් වෙනස් කර තිබේ.
ප්‍රමාණවත් නියමාවලින් නිශ්චිතව සඳහන් කිරීමකින් තොරව, පීසීආර් පරීක්ෂණ භාවිතා කරන අතර රෝග ලක්ෂණවලින් තොර පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලබන රෝගීන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.සියලු ස්ථාපිත විද්‍යාව හා ව්‍යවහාර ඥානයට පටහැනි ව ඔවුන් නිරෝධායනයට ලක්විය යුතුව තිබේ. සත්තකින්ම යමෙකු රෝගියෙකු ලෙස නම් කිරීමට පළමුව රෝග ලක්ෂණ තිබීම අවශ්‍ය අතර පරීක්ෂණ සිදු කළ යුතු වන්නේ ඉන් අනතුරුවය.

කොවිඩ්-19 පිළිබඳ කතාන්දරය හා භීතිය පිළිබඳ මානසික ව්‍යාධියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සංඛ්‍යා ක්‍රීඩාව රඳා පවත්නේ වංචාවන් දෙකක් මතය.

(අ) සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල විශාල වශයෙන් නිකුත් කරන පීසීආර් පරීක්ෂණ
(ආ) රෝගයේ බරපතලකම ගණනය කිරීම පරීක්ෂාවට සහ අත්හදාබැලීමට ලක් කරන ලද ප්‍රමිතිගත මිනුමේ සිට වෙනස්කම් සිදු කිරීම.

මෙහිදී ආසාදිත මරණ අනුපාතිකය වෙනුවට රෝගී මරණ අනුපාතිකය ආදේශ කරනු ලැබ තිබේ. රෝග ඉතිහාසය සහ සමස්ත ජනගහණය තුළ සියලු ශක්‍ය ආසාදනයන් මත පදනම්ව ආසාදිත මරණ අනුපාතිකය ගණනය කරනු ලබන නිසා එය මරණ අනුපාතිකය සහ රෝගය පැතිරීමේ ස්වභාවය විශාල වශයෙන් අතිශයෝක්තියට නංවයි. අනෙක් අතට රෝගී මරණ අනුපාතිකය පරීක්ෂාවට ලක් කරන ලද සංඛ්‍යාවන් මත ගණනය කරනු ලබයි.
ඉයොනිඩිස්, බෙන්ඩවිඩ් සහ භට්ටාචාර්ය ( Ioannidis, Bendavid and Bhattacharya) විසින් ලෝක සෞඛ්‍ය සංවිධාන සඳහා සපයන ලද පර්යේෂණ නිබන්ධනයක් තුළ ඉයොනිඩිස් විසින් තබන සටහන් විසින් පෙන්නුම් කරනු ලබන ආකාරයට, ඇමෙරිකාව හා යුරෝපීය සංගමයට අයත් රටවල් තුළ වඩා ඉහළ කොවිඩ්-19 ආසාදිත මරණ අනුපාතිකයන් සමග සැසඳීමේදී බීසීජී එන්නත භාවිතා කරනු ලබන ආසියාව සහ අෆ්‍රිකාව තුළ ඉතා පහල මරණ අනුපාතිකයක් පවතී. ඉතා පහල ආසාදිත මරණ අනුපාතිකයන් ආසියානු රටවල් තුළ පොදු ලක්ෂණයක් බව පෙනෙන්නට තිබේ. මේ රටවල තරුණ ජනගහණය (ජපානය හැර), කාල ගුණය, (තාපය සහ ආර්ද්‍රතාව), වෙනත් කොරෝනා වෛරසයන්ට නිරාවරණය වීමෙන් අත්පත් කරගෙන ඇති ප්‍රතිශක්තිය, ජානමය වෙනස් කම්, සනීපාරක්ෂක සිරිත් විරිත්, වඩා පහළ ආසාදන ප්‍රමාණය සහ වෙනත් හඳුනා නොගත් සාධක මේ පහල මරණ අනුපාතිකයට හේතු පැහැදිලි කරයි. ආසියාව සහ අෆ්‍රිකාව යන මහාද්වීප දෙකෙහිම පහළ ආදායම් ලබන රටවල ද ආසාදිත මරණ අනුපාතිකය පහල මට්ටමක පවතී. මෙය සමහර විට තරුණ වයස් පිළිබිඹු කරන අතර, පහළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාවේ ප්‍රතිඵලයක් ද විය හැකිය. කෙසේ වෙතත් අතුරු රෝගාබාධ, දිළිඳුකම, කායික බෙලහීනත්වය (උදා-මන්දපෝෂණය) හා තදබද වූ නාගරික තත්ත්වයන් අවදානම් සහිත පුද්ගලයන් මත හානිකර බලපෑම් ඇති කළ හැකි අතර එයින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකිව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන්ම ළමයින්, නිරෝගී වැඩිහිටියන්, හා වයස අවුරුදු 65ට අඩු පුද්ගලයන් සඳහා පුළුල් ආරක්ෂාවක් සපයන අයිවර්මෙක්ටින් හා අතිශය කාර්ය සාධක සහ වියදම් අඩු ඖෂධ සහ බීසීජී එන්නත ගැන තොරතුරු වසන් කර තිබෙන අතර ඒ වෙනුවට අසාමාන්‍ය වේගයකින් නිපදවන ලදකොවිඩ්-19mRNA එන්නත් ප්‍රවර්ධනය කර තිබේ. බීසීජී එන්නත නිවර්තනීය රටවල් තුළ කොවිඩ්-19 වෛරසයේ බලපෑම සමනය කර තිබෙන බව අනේකවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දෙනු ලැබ තිබේ. මේ රටවල් තුළ සෑම තැනම පාහේ භාවිතා කරනු ලබන බීසීජී එන්නත සැළකිය යුතු වාසි හා සායනික එන්නත් ලබා දෙන ආකාරයේ නව්‍යතාවක් සලසා දෙයි. බීසීජී එන්නත ක්ෂ්‍ය රෝගයට එරෙහිව වියදමට සරිලන අතිශයින්ම ඵලදායක සහ කාර්යක්ෂම මැදිහත් වීමක් වන අතර පහල හා පහල මධ්‍යම ආදායම් ලබන රටවල් බොහොමයක් ඊට අවශ්‍ය යටිතල ව්‍යුහය නිර්මාණය කරගනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය. ක්ෂය රෝග මර්දන සම්ප්‍රදායික එන්නත සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් හුරුපුරුදු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්කොවිඩ්-19 සඳහා නව බීසීජී පදනම් කර ගැනුණු එන්නත ලබාදීමට පූර්ණ පරිමාණ ප්‍රයත්නයන් දැරීමට නියමිතව තිබේ. එන්නත් ප්‍රවර්ධනය කිරීමට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සඳහා රංචු ප්‍රතිශක්තිය(heard immunity) ප්‍රතික්ෂේප කිරීම, හා සිංගප්පූරු රජය තහවුරු කර ඇති ආකාරයට කොවිඩ්-19 වඩවඩාත් ආසියානු කලාපයට ආවේනික ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක්ය යන්න සැළකිල්ලට ගත් විට අන්තගාමී පියවරයන්ගෙන් තොරව, සෘතුමය ඉන්ෆ්ලුවන්සාව සමඟජීවත්වන ආකාරයට අප ජීවත් වීම අවශ්‍ය වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජෝන් හොප්කින්ස් ආයතනය කොවිඩ්-19 කතාන්දරයට ගැළපෙන ආකාරයට ප්‍රමිතිගත විද්‍යාත්මක අර්ථ දැක්වීම් සහ මිනුම් ප්‍රමිතීන් ගණනාවක් වෙනස් කර තිබෙන අතර, කොවිඩ්-19 වෛරසයේ මානයන් සහ බලපෑමේ විශාලත්වය අතිශයෝක්තියට නංවයි. මෙම තත්ත්වය වර්ධනය කරන ලද්දේ එන්නත් නිපදවීම හා අලෙවි කිරීම සඳහා එක්සත් ජනපද, කැනේඩියානු, චීන රසායනාගාර අතර ඇති කරගෙන තිබෙන පර්යේෂණ සහයෝගීතාව තුළ ගොඩ නංවන ලද Gain of Function Research ආයතනය තුළිනි.

කොවිඩ්-19 සැලසුම්ගත වසංගතය හා ගෝලීය යළි සැකැස්ම පුද්ගලයන්ගේ සහ රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් දුර්වල කරයි.

1. පුද්ගල මට්ටමේදී ජීවිතයට, පෞද්ගලිකත්වයට සහ කායික ඒකාග්‍රතාවයට ඇති අයිතිය හා පුරවැසියන්ට තෝරාගැනීමට ඇති නිදහස ආදිය මිලිටරිකරණය කරන ලද වසංගත මර්දන ක්‍රියාමාර්ග සහ වැරදි තොරතුරු ප්‍රචාරණය සහ විරුද්ධ මත යටපත් කිරීම ආදිය සිදු කරමින් රාජ්‍යතන්ත්‍රයන් විසින් සිදු කරන බලහත්කාරි ක්‍රියාවන් විසින් අහෝසි කරනු ලබයි.
2. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ සමහර ප්‍රාරම්භක මූලධර්ම එනම් ඒවා අතරින් විජිතහරණය හා ජනතාවන්ට ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය හා ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන ස්වෛරීභාවය හා ස්වාධිපත්‍යය යන මූලික මූලධර්ම වලට තර්ජන එල්ල වී ඇත.
3. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතින්ගේ ළමා අරමුදල කොවිඩ්-19 වසංගතය වැළැක්වීම පිළිබඳ ප්‍රකාශය යටතේ ළමුන්ද එන්නත් කරණයට ලක්කිරීම, දැඩි සෝදිසි කිරීම්, හා සෞඛ්‍ය පද්ධති මිලිටරිකරණයට ලක්කිරීම, ප්‍රවර්ධනය කරමින් සිටියි. රට තුළ දත්ත විශ්ලේෂණය කිරීමේ දී ශ්‍රී ලංකාව තුළ වසංගතය මායාවක් ව පවතින බව පෙනී යයි.
4.කොවිඩ්-19 වසංගතය පාරිසරික අපරාධයක් ද වේ.කොවිඩ්-19 ගෝලීය ආර්ථිකයට ද සමාජයට හා පරිසරයට ද(විශේෂයෙන්ම පෞද්ගලික සනීපාරක්ෂක ආම්පන්න, මුව ආවරණ, හා විෂබීජහරණ උපකරණවල බලපෑම) ඇතිකර තිබෙන අපේක්ෂිත මට්ටමට වැඩි හානි ගණනය කළ යුතුව තිබෙන අතර එය විසඳූ කල කොවිඩ්-19 නිවාරක ප්‍රතිපත්ති මානව වර්ගයාට සිදු කර ඇති අපරාධයේ විශාලත්වය පැහැදැලිව පෙන්නුම් කරනු ඇත.

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක
සමාජ මානව විද්‍යාඥ

 

මුලාශ්‍ර

OXFARM REPORT “The Hunger Virus”
http:/www.statistics.gov.lk/PopHouSat/vita/Stastics/Bulletine/Annual%20bulletin%202015.pdf

කලින් වසරවල නිව්මොනියා සහ ඉන්ෆ්ලුවන්සා මරණ සම්බන්ධ සංසන්දනාත්මක දත්ත
http:/www.epid.gov.lk/web/images/pdf/wer/2016/vo/43no50-english pdf

සතිපතා වසංගත රෝග විද්‍යාත්මක වාර්තාව- වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය
http://www.epid.gov.lk

https://www.frontiersin.org/articles/10.3389/fimmu.2021.632478/full
https://www.clinicaltrialsarena.com/news/beg-vaccine-covid-trial/

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය මත බරපතල බලපෑමක් එල්ල කරයි. ඒ සමඟ
නිදන්ගත ශ්වසන රෝග හා නියුමොනියාව නිසා 2017 දී සිදු වූ ඉහළම මරණ සංඛ්‍යාවට හේතු විය.
http://onlinelibrary.wiley.com/doi/pdf/10.1111/resp.13758