දෙවියෝ පය ගැසීමට බය තැන මෝඩයෝ බඩ පිනුම් ගසති. ලංකාවේ දූෂණය තුළ මුල් අදින එන්නත් සංස්කෘතිය

විශේෂ ලේඛකයෙකු විසිනි.

සිය පළමු ෆයිසර් බයොන්ටෙක් කොවිඩ්-19 එන්නත් වාරය ලැබීමෙන් පසු හෘදායාබාධයකට ගොදුරු වූ 16 වියැති ළමයෙකුටප්‍රතිකාර ගැනීමට සිංගප්පූරු රජය විසින් ඩොලර් 225, 000ක් ලබා දුන් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෑතකදී නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මේ පිළිබඳව සිංගප්පූරු රජය විසින් පවත්වනු ලැබූ වෛද්‍ය පරීක්ෂණයකට අනුව එන්නත ගැනීමෙන් පසුව මෙම තරුණයා හට බරපතල මයොකාඩයිටිස් නැතහොත් හෘදය වස්තුව ඉදිමීමේ රෝගී තත්ත්වයක් හට ගෙන ඇති අතර එම තත්ත්වය විසින් ඔහුව හදිසි හෘදයාබාධයකට ගොදුරු කරනු ලැබිණි. “මෙම මයෝකාඩයිටිස් තත්ත්වය ඔහුට දෙන ලද කොවිඩ්-19 එන්නත් හේතුවෙන් හටගත් බරපතල අතුරු ආබාධයක් බව පෙනී ගොස් තිබේ” යි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම ළමයාට එන්නතින් සිදු වූ හානිය වෙනුවෙන් මෙම වන්දි මුදල් ගෙවා ඇත්තේ සිංගප්පූරුවේ එන්නත් ගැනීමෙන් සිදුවන හානි වලින් විපතට පත්වූවන්ට සහන සැළසීමේ වැඩ සටහන (Singapore’s Vaccine Injury Financial Assistance Program – VIFAP) විසිනි. එසේ වුව ද මෙම එන්නත් වර්ගයේ නිෂ්පාදකයා වූ ෆයිසර් සමාගම එන්නත් වලින් සිදුවන හානි සඳහා වගකීමෙන් නිදහස් කෙරී ඇති අතර එහෙයින් ඔවුනට එරෙහිව වන්දි ඉල්ලා උසාවියට යාමට එන්නත් ගැනීමෙන් විපතට පත්වූවන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට නොහැකිය. එසේ වුව ද ෆයිසර් සමාගම මෙම වසරේ පළමු මාස තුන තුළ පමණක් කොවිඩ්-19 එන්නත් වලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 45ක ලාභයක් ලබාගැනීමට සමත්ව තිබේ.

මෑතකදී එළි දැක්වුණු පර්යේෂණ පත්‍රිකාවක් විසින් පෙන්වා දෙන අන්දමට ජාන තාක්ෂණය යොදමින් ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන mRNA එන්නත්වලින් ළමා සහ තරුණ වයසේ අයට මයෝකාඩයිටිස් හෘද රෝගය වැළඳී රෝහල් ගත කෙරී ඇති සංඛ්‍යාව එම වයස්වල පුද්ගලයන් කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් රෝහල් ගත කෙරී ඇති ප්‍රමාණයට වඩා අතිශයින් ඉහළය. කෙසේ වුවද මෙම එන්නත් වලින් සිදුවිය හැකි බරපතල හානි, අයහපත් අතුරු විපාක, එමගින් ප්‍රජනන සෞඛ්‍යයට එල්ලවිය හැකි බලපෑම් ඇතුළු දිගුකාලීනව සෞඛ්‍ය ගැටළු ආදි කිසිවක් පිළිබඳව ශ්‍රී ලංකාව තුළ අවම මට්ටමේ හෝ සාකච්ඡාවක් නැත. එපමණක් නොව අඩු තරමින් එන්නත් ගැනීමෙන් පසුව ඒවායින් සිදුවන හානි පිළිබඳ සිදුවීම් විධිමත් වාර්තා කිරීමේ විධිමත් ක්‍රමවේදයක් හෝ යාන්ත්‍රණයක් ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරින් විසින් පවත්වාගෙන නොයයි.

තුන්වෙනි වරට දීමට යන “බූස්ටර්” එන්නත්වාරය මගින් හානි සිදුවීමේ ඉඩකඩ පිළිබඳ අවදානම කුමක් ද? විවිධ රටවලදී එකිනෙකට වෙනස් තාක්ෂණ ක්‍රම මගින් එනම් ජීව වෛරස දුර්වල කිරීමෙන් චීනයේත් ඉන්දියාවේත් රුසියාවේත් නිපදවන ලද එන්නත් (Live-attenuated vaccines) සහ ඇමෙරිකාවේ mRNA එන්නත්(ෆයිසර්, මොඩර්නා) වැනි විවිධ එන්නත් වර්ග මිශ්‍රකර පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එන්නත් කිරීමට පදනම්ව ඇති විද්‍යාව කුමක්ද?

නමුත් එවැනි විධිමත් ක්‍රමවේදයක් වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් විසින් ද පවත්වාගෙන යයි. බැරෑරුම් නායකයෝ හෝ ප්‍රතිපත්ති සම්පාදකයෝ “හදිසි අවස්ථාවක් සඳහා පමණක් භාවිතයට අනුමැතිය ” හිමිව ඇති එන්නත් වලින් සිය සමස්ත ජනගහණයම එන්නත් කිරීම ට ඉක්මන් නොවන අතර ඒ වෙනුවට ඔවුහු තවමත් හරිහැටි පර්යේෂණාත්මක අදියර පවා පසු කර නැති මෙම එන්නත් භාවිතයට ගැනීම මගින් සිදුවන වාසි සහ හානි පිළිබඳ ස්වාධීන ඇගයීමක් සිදුකරනු ඇත. එසේම එවැනි නායකත්වයක් විසින් එන්නත්කරණය ප්‍රවර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝ ගෝලීය මාධ්‍ය විසින් ගෙන යන ප්‍රෝඩාවට හිස නොනමනු ඇත.

මේ වසරේදී එනම් 2021 දී වඩාත් පැහැදිලි දෙය නම් ගිය වසරේ මෙම ඊනියා වසංගතය පවතිද්දී වුව ද ජන සංගණන සහ සංඛ්‍යා දෙපාර්තුමේන්තුවේ දත්තවලට අනුව මරණයට පත් වූ සමස්ත ප්‍රමාණය මෙන්ම නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ද මෙම වසරට වඩා අඩුය. මහා පරිමාණයෙන් එන්නත්කරණය සිදු වූ මෙම වසරේදී මරණ කොවිඩ්-19 මරණ සංඛ්‍යා වේ ශීඝ්‍ර ඉහළ යාමක් සිදුව තිබේ. මහා පරිමාණයෙන් ඊශ්‍රායලයේ සිදු වූ එන්නත්කරන ව්‍යාපාරයෙන් පසු එහිද පශ්චාත් එන්නත් අවධියේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව එන්නත් කරණයට පෙර සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා අතිශයින් ඉහළ අගයක් ගෙන තිබෙන බව මැක්කුලොෆ් (McCullough) විසින් පෙන්වා දෙයි.

දෙවියෝ පය ගැසීමට බය තැන මෝඩයෝ බඩ පිනුම් ගසති

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරිහු දැන් පාසල් දරුවන්ට එන්නත් ලබාදීමට කඩිමුඩියේ කටයුතු කරමින් සිටිති. එමෙන්ම වැඩිහිටියන්ට බූස්ටර් ෂොට් හෙවත් තුන් වන වරට ද එන්නත ලබා දීමට සුදානම් වෙමින් සිටිති.මෙම එන්නත් සඳහා අත්හදාබැලීමේ පරීක්ෂණවල ප්‍රතිඵල වාර්තා අදාළ ආයතනවලින් සහ සමාගම්වලින් ඉල්ලා සිටීම සහ එන්නත් සම්බන්ධ මරණ සහ හානිදායක තත්ත්වයන් නිරීක්ෂණය කරනු වෙනුවට වෙනුවට ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ළමුන් එන්නත් කිරීම සඳහා මෙතරම් තදියම් කමක් පෙන්වන්නේ මක් නිසා ද?
තුන්වෙනි වරට දීමට යන “බූස්ටර්” එන්නත්වාරය මගින් හානි සිදුවීමේ ඉඩකඩ පිළිබඳ අවදානම කුමක් ද? විවිධ රටවලදී එකිනෙකට වෙනස් තාක්ෂණ ක්‍රම මගින් එනම් ජීව වෛරස දුර්වල කිරීමෙන් චීනයේත් ඉන්දියාවේත් රුසියාවේත් නිපදවන ලද එන්නත් (Live-attenuated vaccines) සහ ඇමෙරිකාවේ mRNA එන්නත්(ෆයිසර්, මොඩර්නා) වැනි විවිධ එන්නත් වර්ග මිශ්‍රකර පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එන්නත් කිරීමට පදනම්ව ඇති විද්‍යාව කුමක්ද?
දුර්වල කරන ලද වෛරස් යොදාගැනීමේ තාක්ෂණය යටතේ නිපදවන ලද ස්පුට්නික්, ඇස්ට්‍රා සෙනකා, සිනොවැක් සහ සිනොෆාම් වැනි විවිධ වර්ගවල එන්නත් මිශ්‍ර ලෙස පුද්ගලයන්ට කිරීමක් මෙතරම් කඩිමුඩියේ සිදුවන්නේ ලොව අන් කවර නම් තැනකද? මෙම එන්නත් අතර අන්තර් ක්‍රියාවන් පුද්ගලයන්ගේ ප්‍රතිශක්ති පද්ධතියට හානි සිදු කළ හැකි අතර ඒ පිළිබඳ කිසිදු පර්යේෂණයක් සිදු නොකර මේවා එලෙස නොසැළකිළිමත් ලෙස පුද්ගලයන් එන්නත් කිරීමට යොදාගනිමින් සිටින්නේ මක් නිසාද?
ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරින් විසින් ජනතාව එන්නත් කරවීමට කඩිමුඩියේ ගෙන ඇති ක්‍රියාමාර්ගය විසින් බරපතල ලෙස අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් මතුකර ඇති අතර ම ක්‍රියාමාර්ගය අවිද්‍යාත්මක වනවා පමණක් නොව මගින් ජනතාවගේ සෞඛ්‍යය කෙරෙහි අයහපත් දුර්විපාක ලබා දීමටද හේතු වනු ඇත.
ප්‍රමාණවත් පර්යේෂණ, ආරක්ෂාව පිළිබඳ සහතිකයක්, හෝ එන්නත් කිරීමෙන් පසුව පුද්ගලයා පසු විපරමට ලක් කිරීමේ විධිමත් ක්‍රියාමාර්ගයක් හෝ අතුරු විපාක පිළිබඳ වාර්තා කිරීමේ වැඩ පිළිවෙළක් යන කිසිත් නොමැතිව ළමුන් එන්නත් කිරීමට යාම, එන්නත් හෝ වෙන ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් ගත යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ පූර්ව ආරක්ෂිත විධි විධාන පමණක් නොව එය විසින් හිපොක්‍රටීස් ගේ දිවුරුම එනම් “ප්‍රතිකාර ලබන්නාට හානියක් නොකරමි” යන්න ද උල්ලංඝණය කිරීමකි.

සිය වාරය පැමිණෙන තෙක් එන්නත් පෝලීමේ සිටින ජනතාව

එන්නත් අත්හදාබැලීමේ පරීක්ෂණවල දත්ත වඩාත් සුපරීක්ෂාකාරී ලෙස විෂ්ලේෂණයට ලක් කරමින්, එන්නත් ගැනීමෙන් පසු වැඩිහිටියන් සහ වෙනත් රෝගවලින් පෙලෙමින් සිටි අය විශාල වශයෙන් මරණයට පත්වීම සහ බරපතල අතුරු ප්‍රති විපාකවලට ලක් වීම පිළිබඳව වන විධිමත් පරීක්ෂණ පැවැත්වීම සහ එම දත්ත පරීක්ෂාකාරි ලෙස විෂ්ලේෂණයට ලක්කරමින්ද වඩාත් ප්‍රවේසම් සහගත මාවතක ගමන් කිරීම වෙනුවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරිහු එන්නත් කරණයට වේගවත් කරමින් සිටිති. මේ අතර මෙම උමතු සමූල එන්නත්කරණය ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූ සුදුසුකම් සහිත වෛද්‍යවරු සහ විද්‍යාඥයන්ව නිහඬ කරමින් ද ඔවුන්ගේ අදහස් මාධ්‍ය තුළ පළවීම වාරණය කරමින් ද ඔවුන් කුමන්ත්‍රණ න්‍යායවාදීන් ලෙස ලේබල් කිරීම ලංකාවේ ද සිදුවන්නේ ලෝකයේ බොහෝ රටවල සිදු වූ පරිදිමය.

එන්නත් මිලදී ගැනීම් සහ ඇබ්බැහිවීම්

වෛද්‍ය සමිත ගිනිගේ

මේ සතියේ මුලදී ඊනියා වසංගත රෝග මර්දන ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ වෛද්‍ය සමිත ගිනිගේ පුරසාරම් දෙඩවූයේ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම එන්නත්කරණ අනුපාතයක් සහිත රටවල් අතර පළමු රටවල් 10ට අයත් වන බවයි.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව දූෂිතභාවයේ ගෝලීය සහ දේශීය වසංගතයක එන්නත් රළ ප්‍රවාහයන් තුළ ගිලී යමින් පවතී. “සුපර් කූල් ” උෂ්ණත්ව මට්ටමක ගබඩා කිරීම අවශ්‍ය වන මිල අධික යුරෝ-ඇමෙරිකන් ෆයිසර්-බයොන්ටෙක් එන්නත් හඹා යාම මෙවර ගෝලීය සහ ජාතික විලාසිතාවක් බවට පත්ව ඇති සෙයකි.මේ වනවිටත් ලංකාවේ ජනගහණයෙන් බහුතරය එන්නත් කර තිබීමේ කරුණ පසෙක ලා ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ෆයිසර් සමාගමත් සමග ඇති කරගත් කුප්‍රකට රහසිගත ගිවිසුම් හරහා අති විශාල ප්‍රමාණවලින් ඒවා සපයනු ලැබුවේ “විදුලි වේගයෙනි. ”

ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් 70%කට වැඩි පිරිසක් දැනටමත් එන්නත් කර තිබියදී ෆයිසර් සමාගම සමග අති විශාල එන්නත් ප්‍රමාණයක් ඇණවුම් කිරීමට රජය කටයුතු කර ඇත. දැන් ළමුන්ව එන්නත් කිරීමට යාමත් එන්නත් කරන ලද වැඩිහිටියන්ට තුන්වන එන්නත් වාරයක් ලබාගැනීමට බලකිරීමත් සිදුවන්නේ තමන් විසින් ෆයිසර් සමාගම සමග සිදු කරන ලද මේ ගනුදෙනු යුක්ති සහගත කිරීම සඳහාද?

එක්සත් ජනපදයේ නීතිපති දෙපාර්තුමේන්තුව විසින් ෆයිසර් සමාගම වෙත එහි සමහර ඕපියොයිඩ් ඖෂධ(opioid drugs) වල රසායනික සංයුතිය අනාවරණය නොකිරීම හේතුවෙන් ඩොලර් මිලියන ගණන් දඩ ගැසුවේ ඉතා මෑතකදීය. මෙම ඕපියොයිඩ් අක්‍රමිකතාව හේතුවෙන් මෙම ඖෂධවලට ඇබ්බැහි වීම් සහ එමගින් ඇතිකරන ලද වෙනත් අතුරු ආබාධවලට දහස් ගණන් ජනයා ගොදුරු වූහ

එන්නත් මිලදී ගැනීමට තදියම් වනු වෙනුවට ජනගහණයේ එක් එක් පුද්ගලයන්ගේ රුධිර තරලය තුළ කොවිඩ්-19 සඳහා පවත්නා ප්‍රතිදේහවල තීව්රතාව පිළිබඳ සමීක්ෂණයක් (Sero prevalence survey) සිදු කිරීමයි. මේ වනවිට දිවයින තුළ සාමූහික ප්‍රතිශක්ති මට්ටම (herd immunity) එළැඹ තිබේදැයි එමගින් විමසා බැලිය හැකිවනු ඇත. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත තුළ සිදු කරන ලද රුධිරතරල ප්‍රතිදේහ තීව්රතා සමීක්ෂණ මගින් තහවුරු කර ඇත්තේ 60-70% ප්‍රතිදේහ මට්ටමක් පවතින බවය. එම මට්ටම සාමූහික ප්‍රතිශක්තිය ලබාගැනීමේ මට්ටම බෙහෙවින් ආසන්න අගයකි.
මේ අතර සිංගප්පූරුව විසින් කොවිඩ්-19 වසංගතයක් නොව අනෙක් ආසියාතික උණ රෝග වලට සමාන වූවක් බව නිවේදනය කර තිබේ.කෙසේ වුව ද එන්නත්කරණය මගින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ශුන්‍යය බවට පත් කළ හැකි යැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ සමහර වෛද්‍ය සංගම් විසින් කර ඇති ප්‍රකාශය අවිද්‍යාත්මක වනවා මෙන්ම මෙන්ම සදාචාරාත්මකද නොවේ. මෙහි දී ප්‍රශ්න ගණනාවක් මතුව තිබේ. දරුවන්ට එන්නත් දීමට ඉක්මන් කරන්නේ කඩිමුඩියේ එන්නත් මිල දී ගැනීම යුක්ති සහගත කිරීමට ද? එන්නත් සැපයුම් සහ මිල දී ගැනීම් පිළිබඳව ද ජාතික ඖෂධ පාලක අධිකාරියේ (NMRA) පරිගණක දත්ත ගබඩාවේ දත්ත අභිරහස් ලෙස මැකීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙමින් පවතිද්දී මෑතකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තුළ ඉල්ලා අස්වීම් ගණනාවක් සිදු විය.
සාමාන්‍යයෙන් එන්නතක් සංවර්ධනය කිරීමේදී ඒවායේ සුරක්ෂිතතාව සහ කාර්යක්ෂ්මතාව අත්හදා බැලීමේ පරීක්ෂණවලට වසර 7-12 කාලයක් ගත වුව ද දැන් ළමුන්ට දීමට යෝජිත මෙම ෆයිසර් සමාගමේ මෙම ජාන ප්‍රතිකාරක “එන්නත” සංවර්ධනය කර ඇත්තේ වසරකටත් වඩා අඩු කාලසීමාවක් තුළය. ළමුන් එන්නත් කිරීමටත් බුස්ටර් එන්නත් වාර ලබා දීමටත් ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය බලධාරින්ගේ දක්වන උමතු තදියමේ ප්‍රතිඵලය වනු ඇත්තේ ශ්‍රි ලංකාව එන්නත් සංස්කෘතියකට යටත් කිරීම හෝ එන්නත්වලට ඇබ්බැහි වූ පරපුරක් නිර්මාණය කිරීමක් නොවේද?

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නත් නිෂ්පාදනය කරන ඖෂධ සමාගම් පොහොසත් කරනු ලබන අතරම රටේ පුරවැසියන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය සහ නිරෝගී පැවැත්ම දුර්වල කරන එන්නත්වලට ඇබ්බැහිවන සංස්කෘතියක් වර්ධනය කරමින් සිටින බව පෙනී යයි.

තුන්වන බූස්ටර් එන්නත සහ එන්නත්වල අංක සෙල්ලම

භීතිය වපුරමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සහ අනෙකුත් සිවිල් සහ දේශපාලන නිදහස සහ අයිතීන් සීමා කිරීමේ ක්‍රියාවලිය සාධාරණිකරණය සහ ප්‍රවර්ධනය සඳහා කොවිඩ්-19 ආසාදන සහ මරණ පිළිබඳ සංඛ්‍යා ලේඛන සන්සන්දනයක් හෝ සංදර්භයක් රහිතව දෛනික මාධ්‍ය සංදර්ශනයේ කොටසක් බවට පත්කරගෙන ඇතිවාක් මෙන්ම දෛනික එන්නත් ලකුණු පුවරුවද දැන් මෙම අංක සෙල්ලමේ කොටසක් බවට පත්ව ඇත.

ඉන්දීය රජය විසින් ෆයිසර් සමාගමේ mRNA එන්නත් සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කර තිබේ. මෙයට හේතු වී ඇත්තේ ආසියා ජනගහණය තුළ එම එන්නත අත්හදා බැලීමේ පරීක්ෂණ සිදු කර නොමැති වීමත්, ඉන්දීය රජය විසින් එන්නත පිළිබඳ ඉල්ලා සිටි සියළු තොරතුරු ලබා දීම ෆයිසර් සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීමත් එන්නතෙන් සිදුවන හානි පිළිබඳව තමන්ට නීතිමය මුක්තියක් ඉල්ලා සිටීමත් හේතුවෙනි. mRNA එන්නත් නිෂ්පාදනයේදී නව සහ තාමත් පරීක්ෂණයට ලක් නොකරන ලද තාක්ෂණික ක්‍රම භාවිතා කරන අතර ඒවායේ දිගුකාලීන බලපෑම් කිසිවෙකු නොදනී.
මේ අතර සමස්ත අප්‍රිකාව තුළම කොවිඩ්-19 එන්නත්කරණ අනුපාතය 3%කි. පුදුමයකට මෙන් මේ අවස්ථාවේදී ඝානාවේ ළමුන්ව එන්නත් කරනු ලබන්නේ වෙනත් එන්නත් වර්ගයකිනි. ඒ ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (Glaxo Smith Klein – GSK) සමාගම විසින් මැලේරියාව සඳහා නිෂ්පාදනය කරන ලද නව එන්නත දැන් ඝානාවේ ළමුන් යොදාගෙන අත්හදා බලමින් සිටිති.මෙම එන්නතේ කාර්යක්ෂමතාව 30%ක් වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය එන්නත්කරණ වැඩපිළිවෙළට එය ඇතුළත් කරමින් එය ප්‍රවර්ධනය කරමින් සිටී. මෙය කොවිඩ්-19 එන්නත් සඳහා හිස්තැන් පිරවීමක්ද?
කෙසේ වුව ද ණය උගුලේ සිරව ඇති ශ්‍රී ලංකාව දැන් ෆයිසර් කොමිනාර්ති එන්නත මගින් ළමුන් එන්නත් කරවීමටත් කලින් සිනෝෆාම් එන්නත මගින් සම්පූර්ණයෙන් එන්නත් කරන ලද වැඩිහිටියන්ට ෆයිසර් කොමිනාර්ති එන්නත තුන්වන වරට ලබා දෙන බූස්ටර් එන්නතක් ලෙස ලබා දීමටත් කටයුතු කරමින් සිටියි. මේ අතිශයින් වෙනස් තාක්ෂණයන් යටතේ නිෂ්පාදනය කරන ලද විවිධ වර්ගවල එන්නත් මිශ්‍රණයකින් ජනගහණය එන්නත් කරවීමකි. මේ “කොක්ටේල් එන්නත්කරණය” පිටුපස ඇති විද්‍යාව කුමක්ද?

බීසීජී එන්නත දරුවන්ට ලබාදීම ආරක්ෂා සහිතද?

වසර දෙකක කාලයක් පුරා දැන් ශ්‍රී ලංකාවේ සියලු පාසල් වසා තිබුණද, සියලුම සාක්ෂි විසින් පෙන්නුම් කරන්නේ කොවිඩ්-19 වලින් ළමුන්ට ඇත්තේ ඉතාම අවම අවදානමක් පමණක් බවයි. සත්තකින්ම කොවිඩ්-19 වෛරසය මගින් පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට සිදුවන හානියට වඩා බරපතල හානියක් කොඩිඩ්-19 වැළැක්වීමට දෙන එන්නත් මගින් සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබේ. අතිරේක වශයෙන් ලංකාවේ ළමුන් වෙත ලබා දෙන බීසීජී එන්නත මගින් කොවිඩ්-19 ද ඇතුළුව බොහෝ වෛරස් සහ බැක්ටීරියා ආසාදනයන් මගින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන රෝග සඳහා පුළුල් ආරක්ෂාවක් ලබා දෙන බවට බොහෝ අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර තිබේ.

බිළිඳු දරුවන් ඇතුළු සියලු ළමුන් වෙත බොහෝ එන්නත් ලබා දෙන නමුත් ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය බලධාරින් විසින් විවිධ එන්නත් අතර ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම හෝ mRNA එන්නත්වලින් දිගුකාලීන වශයෙන් සිදුවිය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනයන් පවත්වා නැත.

යුරෝපයේ සහ ඊශ්‍රායලයේ සිදු කරන ලද පර්යේෂණ අධ්‍යයනයන් විසින් පෙන්නුම් කරන්නේ mRNA එන්නත් ගනු ලැබූ පුද්ගලයන් තුළ එම එන්නත විසින් දෙන ලද උපදෙස්වලට අනුව නිපදවන කොවිඩ්-19 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන හේතුවෙන් ඔවුහු ස්වාභාවික වෛරසයකට නිරාවරණය වූ විට මයෝකාඩයිටිස්, පෙරිකාඩයිටිස් ඇනාෆිලැක්සිස් යන හෘදය රෝගවලට සහ ප්‍රතිදේහ ප්‍රේරීත බහුලීකරණය නම් ප්‍රතිශක්තිමය අක්‍රමිකතාවට ගොදුරු විය හැකි බවයි.

කෙසේවුව ද ශ්‍රී ලංකාව විසින් මෑතකදී තවත් ෆයිසර් එන්නත් මිලියන 4ක් ඇණවුම් කර තිබේ. රටේ 70කට ආසන්න පිරිසක් දැනටමත් එන්නත් කර ඇති අතර සෙස්සන් විශාල පිරිසක් වෛරසයට නිරාවරණය වීමෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය ලබාගෙන තිබේ. මේ අනුව දැනටමත් සාමූහික ප්‍රතිශක්තියේ මට්ටමට ලඟාවී තිබීමට බොහෝ දුරට ඉඩ ඇත. තුන්වන වරට එන්නත් කිරීමෙන් බරපතල ප්‍රතිශක්තිමය අතුරු ආබාධ ඇතිවන බවට සාක්ෂි තිබියදී ළමුන් එන්නත් කරවීමත් සහ සම්පූර්ණයෙන් එන්නත් වී ඇති පුද්ගලයන්ට තුන්වන එන්නත් වාරයක් ලබා දීමත් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ මක් නිසාද?

ලෝක සෞඛ්‍ය සංවිධානය අයිවර්මෙක්ටින්, බීසීජී එන්නත සහ ඉන්දියානු නීතිඥ සංගමය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන්

ඉන්දීය නීතිඥ සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයාට එරෙහිව හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතයට අවසර දී ඇති කොවිඩ්-19 එන්නත් ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවව නඩු පවරා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන්ට එරෙහිව නගා ඇති චෝදනාවන් නම් ඉතා පහසුවෙන් සහ අඩු මිලට ලබා ගත හැකි සහ කොවිඩ්-19 එරෙහිව විවිධ පර්යේෂණ මගින් කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතබව තහවුරු කර ඇති ඖෂධයක් වන අයිවර්මෙක්ටින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම මගින් එම ඖෂධය අවශ්‍යව තිබූ රෝගීන් ගණනාවකට එය ලබාදීම වළක්වාළමින් විශාල මරණ සංඛ්‍යාවක් සිදුකිරීමට කටයුතු කිරීමයි.

කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අයිවර්මෙක්ටින් භාවිතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරන අතරම කොවිඩ්-19 ට එරෙහිව බීසීජී එන්නත මගින් ලබා දෙන ආරක්ෂාව ද ප්‍රතික්ෂේප කර තිබේ. බීසීජී එන්නත මුලින්ම සංවර්ධනය කරන ලද්දේ ක්ෂය රෝගයට එරෙහිව වන අතර එය වසර 100ක් පමණ පැරණි පේටන්ට් අයිතිය නිදහස් කරන ලද එන්නතකි. පහසුවෙන් අඩු මිලට ලබාගත හැකි බීසීජී එන්නත විසින් පුළුල් ආරක්ෂාවක් ලබා දෙන අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන රෝග ගණනාවක් එරෙහිව සාර්ථකව යොදාගත හැකි බවට ද විවිධ හේතුන් නිසා සිදුවන බිළිඳු මරණ විශාල වශයෙන් වැළැක්වීමටද හැකියාවක් සහිත බව ද පර්යේෂණ ගණනාවක් විසින් පෙන්වා දී ඇත. බොහෝ රටවල විශේෂඥයන් ගණනාවක් විසින් පෙන්වා දී ඇත්තේ බීසීජී එන්නත විසින් විවිධ වර්ගයේ වෛරස්, බැක්ටීරියා සහ පරපෝෂිතයන්ට එරෙහිව ප්‍රතිශක්ති පද්ධතිය පුහුණු කරනු ලබන බවයි.

ඖෂධ ඇණවුම් කිරීම, ඒ පිළිබඳව පර්යේෂණ සිදුකිරීම, පාලනය කිරීම ආදි සියලු කටයුතු සම්බන්ධව වගකීම් දරන ජාතික ඖෂධ පාලන අධිකාරියේ ( NMRA )මේ සියලු කටයුතුවලට අදාළ පරිගණක දත්ත මෑතකදී අබිරහස් ලෙස මකා දමා තිබිණි. මේ එන්නත් ඇණවුම් කිරීම්වලටත් අදියර 3 අත්හදා බැලීමේ පරීක්ෂණ තවමත් නිම නොකළ ඒවා අත්හදා බැලීම සඳහා ශ්‍රී ලාංකීය දරුවන් යොදාගැනීමට බහුජාතික ඖෂධ සමාගම්වලට ඉඩ දී ඇත්තේ කවුරුන් විසින් ද? සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ එන්නත්වල අන්තර්ගතය සහ කල් ඉකුත්වීමේ දින පිළිබඳ සිය පරිගණක දත්ත මකා දමන ලද ජාතික ඖෂධ පාලන අධිකාරිය ද ඇතුළ සියලුම දෙනාද?

Plos Medicine නම් වෛද්‍ය ජර්නලය විසින් පළ කරන ලද මෙම සිතියම මගින් පෙන්නුම් කරන්නේ ලෝකයේ එක් එක් රටවල බීසීජී එන්නත භාවිතය (Bacillus Calmette-Guérin vaccine) පිළිබඳවයි. මෙම එන්නත මුලින්ම හඳුන්වා දෙන ලද්දේ ක්ෂය රෝගයට එරෙහිවයි. මෙහි කහපැහැයෙන් ලකුණු කරන ලද රටවල් විසින් සමස්ත ජනගහණයටම බීසීජී එන්නත ලබාදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. නිල් පැහැයෙන් දක්වන රටවල් විසින් බීසීජී එන්නත සියලු සඳහා කලින් නිර්දේශ කර තිබූ සහ තවදුරටත් එම නිර්දේශය ක්‍රියාත්මක නොකරන රටවල් වේ. රතු පැහැයෙන් දක්වන රටවල කිසිදිනෙකත් බීසීජී එන්නත එම රටවල එන්නත්කරණ වැඩ සටහනට අයත් වූ රටවල් නොවේ.

බීසීජී එන්නත වසර 100ක පමණ කාලයක් තුළ සාර්ථක ලෙස පරීක්ෂණයට ලක් වූ එන්නතක් වන අතර එය විසින් කොවිඩ්-19ට එරෙහිව ඉතා පුළුල් ආරක්ෂාවක් සපයන බව විවිධ පර්යේෂණ විසින් පෙන්වා දී ඇත. mRNA එන්නත්වලට විකල්පයක් ලෙස භාවිතා කළ හැකි මේ බීසීජී එන්නත පිළිබඳව එම තොරතුරු යටපත් කොට තිබේ. ඒ වෙනුවට නිසි ලෙස පරීක්ෂණයට ලක් නොකරන ලද mRNA ඖෂධ සමාගම් සහ ඒවායින් ලැබෙන මුල්‍යාධාර මගින් සිය ආදායමෙන් 80%ක් ලබාගන්නා ලෝක සෞඛ්‍ය සංවිධානයත්, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමත් සහ ආණ්ඩුත් විසින් ප්‍රවර්ධනය කරනු ලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය ඊනියා වසංගත තත්ත්වය ප්‍රකාශයට පත් කළ දිනවල සිටම කොවිඩ්-19 ට එරෙහිව බීසීජී එන්නතේ කාර්යක්ෂමතාව පිළිබඳව නිගමනය කිරීමට අහඹු පරීක්ෂණ අවශ්‍යව ඇති බව පැවසුව ද ඒවා මේ දක්වා සිදු කර නැත. නමුත් එයට ප්‍රති විරුද්ධ ලෙස සාපේක්ෂ ලෙස අඩු මට්ටමකින් පරීක්ෂාවට ලක් කරන ලද සහ මීට පෙර කිසි කලෙක භාවිතා කර නැති mRNA ජාන ප්‍රතිකාරක එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතා කිරීමට අවසර දී ඇත. මේ යටතේ අනුමැතිය හිමි වූ පළමු එන්නත ෆයිසර් එන්නතයි.

ළමයින්ට,හෝ අධි සංවේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත නිශ්චිත අවදානම් සහිත කණ්ඩායමකට mRNA එන්නත් විසින් ඇති කළ හැකි දිගුකාලීන බලපෑම් ගැන හෝ ශ්‍රි ලංකාවේ ළමුන්ට ලබා දෙන අනෙකුත් එන්නත් සමග මෙම එන්නත්වල අන්තර් ක්‍රියාකාරිත්වය හෝ ගැන කිසිවක් කිසිවෙකුදු හෝ නොදනී. එහෙයින් මෙම එන්නත් ප්‍රවර්ධනය කරමින් සිටින ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ දොස්තර සංගම් විසින් mRNA එන්නත් ප්‍රවර්ධනය කරමින් පවත්වාගෙන යන ශ්‍රි ලංකාවේ කොවිඩ්-19 සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ වෛද්‍ය ආචාර ධර්ම ගැන බරපතල ප්‍රශ්න පැන නගී.

ඖෂධ ඇණවුම් කිරීම, ඒ පිළිබඳව පර්යේෂණ සිදුකිරීම, පාලනය කිරීම ආදි සියලු කටයුතු සම්බන්ධව වගකීම් දරන ජාතික ඖෂධ පාලන අධිකාරියේ ( NMRA )මේ සියලු කටයුතුවලට අදාළ පරිගණක දත්ත මෑතකදී අබිරහස් ලෙස මකා දමා තිබිණි. මේ එන්නත් ඇණවුම් කිරීම්වලටත් අදියර 3 අත්හදා බැලීමේ පරීක්ෂණ තවමත් නිම නොකළ ඒවා අත්හදා බැලීම සඳහා ශ්‍රී ලාංකීය දරුවන් යොදාගැනීමට බහුජාතික ඖෂධ සමාගම්වලට ඉඩ දී ඇත්තේ කවුරුන් විසින් ද? සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ එන්නත්වල අන්තර්ගතය සහ කල් ඉකුත්වීමේ දින පිළිබඳ සිය පරිගණක දත්ත මකා දමන ලද ජාතික ඖෂධ පාලන අධිකාරිය ද ඇතුළ සියලුම දෙනාද?

මහජන සෞඛ්‍ය පිළිබඳ සැබෑ ලෙසම අවදානම් සහගත තත්ත්වයක් 2020 දී පැවතුනේ නැත. එහෙත් මහා පරිමාණ එන්නත්කරණයෙන් පසුව 2021 දී මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යයි.

2020 දී ශ්‍රි ලංකාව තුළ කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 204 කි. කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ වෛද්‍ය සංගම් රැසක් විසින් රට ලොක්ඩවුන් කරන ලෙසත් හෙවත් පාසල් වසා දමන ලෙසත් ඉල්ලා සිටියේ “රටේ සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ලවීම වැළැක්වීමේ අවශ්‍යතාව” පෙරට දමමිනි.කෙසේ වුව ද ජන සංගණන සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශයේ දත්තවලට අනුව වසංගතය පැවැති 2020 වසරේදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව වසංගතය පැමිණීමට පෙර වසරේ එනම් 2019 දී සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා 10% කින් අඩුය. නමුත් ඒ වසරේ වැඩි කාලසීමාවක් තුළ පාසල් වසා දමන ලදි.
ජනසංගණන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ දත්ත විසින් ඉතා පැහැදිලිව පෙන්වා දෙනු ලබන්නේ 2020 වසරේ දී ලංකාව තුළ මහජන සෞඛ්‍ය සඳහා හදිසි අවදානම් සහගත තත්ත්වයක් මතු නොවූ බවයි. නමුත් ණය උගුලේ සිරව ඇත් ශ්‍රි ලංකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශ්නකාරි උපදෙස් පිළිපදිමින් එහි ජනගහණය ඉතා මිල අධික වූත්, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින්නා වූත් එන්නත් වර්ගයක් මිලදී ගනිමින් එයින් එන්නත් කරවීමට තීරණය කර තිබේ.

2021 දී මිලිටරීකරණය කරන ලද සමූල එන්නත්කරණය ඇරඹීමෙන් පසුව මරණ සංඛ්‍යාව ශිඝ්‍ර යෙන් ඉහළ යන්නට පටන් ගත්තේය. ඒ අතර හිටපු විදේශ ඇමැති සහ මුදල් ඇමැතිවරයෙකු වූ මංගල සමරවීර සහ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු කීලි මහරාජා ද විය. එන්නත් ගැනීමෙන් පසුව ඔවුන් මරණය පත් වූ අතර ඔවුන් විසින් කොවිඩ්-19 හා සම්බන්ධිත රෝග ලක්ෂණ දක්වන ලදැයි වාර්තා විය. මෙතරම් ප්‍රසිද්ධ නොවන සාමාන්‍ය එදිනෙදා වේල සරිකරගන්නා මිනිසුන් එන්නත් ගැනීමෙන් පසුව මරණයට පත් වීම් දෛනිකව සිදුවන නමුත් මෙතරම් මිනිසුන් මරණයට පත්වන්නේ කුමන හේතුවක් නිසාදැයි කිසිවෙකු විසින් ප්‍රශ‍්න නොනගයි.

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය බලධාරින් විසින් එන්නත්වල හානිදායක ප්‍රතික්‍රියා වාර්තාකරන ක්‍රමයක් (Vaccine Adverse Events Reactions Reporting System – VAERS) පවත්වාගෙන නොයයි. නිසිලෙස අත්හදා බැලීමේ පර්යේෂණ නිම නොකරන ලද එනම් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින සහ නවතම ජාන තාක්ෂණික ක්‍රම යොදා ඇති එන්නතක් මගින් මහා පරිමාණ වශයෙන් ජනතාව එන්නත් කිරීම සිදු කරන විට එවැනි එන්නත්වල හානිදායක ප්‍රතික්‍රියා වාර්තාකරන ක්‍රමයක් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යායුතුය.

2021 තුළ දී ඉහළ ගිය මරණ සංඛ්‍යාවන් තුළ එන්නත්වල හානිදායක ප්‍රතික්‍රියා හේතුවෙන් මරණයට පත් වූවන් කොතෙක් සංඛ්‍යාවක් වෙත්දැයි සාධාරණ ප්‍රශ්නයක් පැන නගී. එන්නත් විසින් දිවයිනේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බවට එල්ලකළ හැකි අවදානම ගැන පර්යේෂණාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයක් සෞඛ්‍ය බලධාරින් සතුව නොමැති බව පෙනී යයි. ගෝලීය ජනමාධ්‍යවල ප්‍රචාරයත් ඖෂධ සමාගම් විසින් සපයන අරමුදලින් පවත්වාගෙන යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊනියා විශේෂඥයනුත් ගෙන යන වසංගත භීතිකාව සහ එන්නත් වර්ණනය විසින් ජනතාව මෙම ඉවක් බවක් නැති එන්නත් උන්මාදය කර යොමු කර ඇත. අදියර 3 අත්හදා බැලීමේ පරීක්ෂණ තවමත් නිම නොකළ එන්නත් අත්හදා බැලීම සඳහා ශ්‍රී ලාංකීකයන් පරීක්ෂණාගාර මීයන් ලෙස බහුජාතික ඖෂධ සමාගම් විසින් යොදාගනු ලබමින් සිටින්නේ ද?

එන්නත්වල භූ දේශපාලනය

කොවිඩ්-19 වලට එරෙහිව සිය ජනගහණයෙන් ඉහළම ප්‍රතිශතයක් එන්නත් කළ රටවල් කීපය අතරින් එකක්වන ශ්‍රී ලංකාව විසින් තවමත් සංචරණ සීමාවන් පවත්වාගෙන යයි.කොවිඩ්-19 ආඛ්‍යානය, ලොක්ඩවුන් හෙවත් නිරෝධායන ඇඳරි නීති සහ එන්නත් පිටුපසළ වෙනත් දේශපාලනික සහ ආර්ථික න්‍යාය පත්‍රයක් ඇති බව පෙනී යයි.

බැරෑරුම් නායකත්වයක් සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සිටින බොහෝ රටවල් විසින් එන්නත් කරණය පමා කරන ලද්දේ තවමත් පර්යේෂණාත්මක මට්ටමේ අදියරයන්වත් හරිහැටි සම්පූර්ණ කර නැති මේ එන්නත්වල අවදානම සහ වාසි පිළිබඳ තුලනාත්මක ඇගයුමක් සිදු කරනු සඳහාය. මෙම එන්නත් විසින් විශේෂයෙන් තවමත් තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලයම ඉදිරියෙන් ඇති ළමා පරපුර වෙත ද පොදුවේ සමස්ත ජනගහණය වෙත ද කළ හැකි හානිදායක ලෙසින් බලපෑ හැකිය.

උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රි ලංකාව ගෝලීය බලවතුන්ගේ එන්නත් භූ දේශපාලනයට මැදිව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් ඖෂධ සමාගම්වලත් යටත් විජිත කොලනියක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය සිය ජනතාව තවමත් අදියර 3 පරීක්ෂණ සම්පූර්ණ කර නැති එන්නත් අත්හදා බැලීම සඳහා ඖෂධ සමාගම්වල පරීක්ෂණාගාර මීයන් බවට පත්කර තිබේ. එමගින් ලංකාව ගෝලීය එන්නත්කරණ මැරතන් තරඟයේදී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවද පරදවා ඇත.

කොවිඩ්-19 රෝගයට හේතුවන SARS Covid 2 වෛරසය නිෂ්පාදනය කිරීමේ “Gain of Function” ව්‍යාපෘතියට එක්සත් ජනපද වසංගත රෝග මධ්‍යස්ථානයේ (Center for Disease Control) ප්‍රධානියා වන වෛද්‍ය ෆවුචී සහ ජාතික සෞඛ්‍ය ආයතනය (National Institute of Health – NIH) විසින් පරිසර සෞඛ්‍ය සන්ධානය (Eco Health Alliance) නම් ආයතනය හරහා එක්සත් ජනපදයේ සහ චීනයේ විද්‍යාගාර වෙත අරමුදල් සපයා ඇති බවට වාර්තා පළ විය එක්සත් ජනපදයේ පෙන්ටගන් යුද මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුබද්ධ ආයතනයක් වන උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය ( Department of Advanced Research Projects Agency – DARPA) විසින් කොරෝනා වෛරස් ගණනාවක් සඳහා පේටන්ට් බලපත්‍ර සතුව ඇති අතර ඔවුහු මොඩර්නා mRNA එන්නත නිෂ්පාදනයේදී එම සමාගම සමග හවුලේ කටයුතු කරයි.

ඉන්දියාවේ සමහර ප්‍රාන්ත තුළ සිදු කරන ලද රුධිරතරල ප්‍රතිදේහ තීව්රතා සමීක්ෂණ (Sero Surveys ) මගින් තහවුරු කර ඇත්තේ ජනගහණයෙන් 60-70 ප්‍රතිශතයක් කොවිඩ්-19 සඳහා නිරාවරණය වී ඇති එමගින් සිය සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනගාගැනීමට සමත්ව ඇති බවත්ය. එම මට්ටම සාමූහික ප්‍රතිශක්තිය ලබාගැනීමේ මට්ටම බෙහෙවින් ආසන්න අගයකි.

ශ්‍රී ලංකාවේ බලධාරින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපදිමින් මිල අධික ෆයිසර් එන්නත් මිලදී ගැනීමට තදියම් වනු වෙනුවට ජනගහණයේ එක් එක් පුද්ගලයන්ගේ රුධිර තරලය තුළ කොවිඩ්-19 සඳහා පවත්නා ප්‍රතිදේහවල තීව්රතාව පිළිබඳ සමීක්ෂණයක් (Sero prevalence survey) සිදු කිරීමට යොමු නොවන්නේ මන්ද? . මේ වනවිට දිවයින තුළ සාමූහික ප්‍රතිශක්ති මට්ටම (herd immunity) එළැඹ තිබේදැයි එමගින් විමසා බැලිය හැකිවනු ඇත.

ෆ්‍රී ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය න්යාසා ම්බොටි (Nyasa Mboti )සඳහන් කර ඇති අන්දමට “ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ම පිළිගෙන ඇති අන්දමට එය විසින් කොවිඩ්-19 වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ්-19 වංගතයක් වීම වළක්වනු සඳහාය. මෙය අතාර්කික බව පෙනී යයි. තවමත් ආරම්භ වී නැති වසංගතයක් තුළ ඔබ සිටින බව පැවසීමට ඔබට නොහැකිය. එමෙන්ම තවමත් ආරම්භ වී නැති අර්බුදයක් වැළැක්වීමටද ඔබට නොහැකිය. වත්මන් කොරෝනා වෛරස් අර්බුදය විසින් සනාථ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ඒජන්සි විසින් නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදු කර ඇති බවය. ඔවුන්ගේ ගෝලීය භූමිකාව බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට යොමු කළ යුතුව තිබේ”

එන්නත් කරන ලද ප්‍රමාණය ගැන පුරසාරම් දෙඩවීම, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ඖෂධ සමාගම්වල මුදලින් යැපෙන ආයතනවල උපදෙස් අනුගමනය කිරීම සහ හානිදායක ප්‍රතිඵල ගැන අධ්‍යයනයකින් තොර එන්නත්කරණ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනු වෙනුවට ලංකාවේ සෞඛ්‍ය බලධාරින් විසින් ඔවුන්ගේ වැරැදි පිළිගනිමින් කළ යුතුව ඇත්තේ පොදුවේ ජනතාවගේ සහ විශේෂයෙන් ළමා පරපුරේ සෞඛ්‍ය්‍යාරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක ක්‍රියාමාර්ග වෙත යොමු වීමය.