කොවිඩ්-19 එන්නත්කරණයෙන් පසු දෙවසර තුළ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 65,074කින් ඉහළ යයි: (තෙවන කොටස) කොවිඩ්-19 එන්නත් වල තොග අංක සහ ඒවායේ හානිදායක බව අතර සම්බන්ධය

අජිත් සී හේරත්

මෙම ලිපිය 2021-2022 වසර අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහ මෙහෙයවීම සහිතව ශ්‍රී ලංකා රජය විසින් දියත්කරන  කොවිඩ්-19 එන්නත්කරණයෙන් පසුව ශ්‍රි ලංකාවේ  සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාවට වඩා එම දෙවසර තුළ දී 65,000ක් පමණ දෙනා මරණයට පත්වීම පිළිබඳව ලියැවෙන ලිපි පෙළක තෙවැනි කොටසයි.
මේ වනවිට ශ්‍රි ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනෙකු තමන් අත්විඳින යම් යම් බරපතල සෞඛ්‍යමය ගැටළුවලටද සිය පවුල්වල සාමාජිකයන්, නැදෑ හිත මිතුරන්, අසල්වැසියන් බොහෝ දෙනෙකුගේ මරණවලටද හේතූවී ඇත්තේ මෙම එන්නත්කරණය බව වටහා ගනිමින් සිටිති. නමුත් එය එලෙස සිදුවූයේ මන්ද යන්න හේතු ඔවුන්ට පැහැදිලි කර දීමට බැඳී සිටින ආණ්ඩුවේ නායකයන්, සෞඛ්‍ය බලධාරින්, වෛද්‍යවරුන්,ජනමාධ්‍යවේදීන් ආදි සියල්ලන් එම වගකීම පැහැර තිබේ. ඔවුන් බොහෝ දෙනෙකුට මෙම තේමාව නයාට අඳුකොළ මෙනි. මක් නිසාද යත් මෙම කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාවේ භීෂණය ජනතාව මත ව්‍යාප්ත කරමින් ඔවුන් බියට පත්කර මෙම එන්නත්කරණය සඳහා ගාල්කිරීමේ වග උත්තරකරුවන් ඔවුන් වන බැවින් ඔවුන්ටද එම එන්නත් මගින් සිදුකරන ලද විනාශය සැඟවීමට අවශ්‍යව ඇති බැවිනි. ඉදිරි මැතිවරණවලදී ලංකාවත් එහි ජනතාවත් වත්මන් උපද්‍රවයන්ගෙන් ගලවාගෙන මිහිමත සුරපුරයක් කිරීමට පොරොන්දු දී ඇති සියලු දේශපාලන පක්ෂවල නායකයන් මෙම මහා ඛෙදවාචකය පිළිබඳව නින්දිත සහ අවස්ථාවාදී නිහඬතාවයක ගිලී සිටිති.

මෙම විනාශය කරා ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ජනතාව යොමු කරන ලද ජාත්‍යන්තර බලවේග ඒ සඳහා යොදාගත් එක් ප්‍රධාන  මෙවලමක් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.  ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ එහි  ව්‍යාපෘති අරමුදල් වලින්  80%කට වඩා සපයනු ලබන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, GAVI පදනම, හෙන්රි වෙල්කම් පදනම  වැනි ඖෂධ සමාගම් තුළ ආයෝජනය කර ඇති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසිනි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට (International Health Regulations-IHR ) අත්සන් තබා ඇති සියළු රටවල්වලට ඒවා පිළිපැදීමට සිදුව ඇත්තේ නීතිමය බැඳීමක් නිසා නොව අධිරාජ්‍යවාදි බලවේග විසින් එම රෙගුලාසි පිළිපැදීම සඳහා කෙරෙන අනියම් බලපෑම් හේතුවෙනි. එම රෙගුලාසි පිළිපැදීම ප්‍රතික්ෂේප කරන රටවලට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ලබා දෙන මූල්‍ය පහසුකම් කපාහැරීම, එවැනි රටවල ආණ්ඩුවල පෙරළා දැමීම සඳහා අරාබි වසන්තය පන්නයේ වෛවර්ණ විප්ලව දියත් කිරීම, සෞඛ්‍ය බලධාරින් සහ ආණ්ඩු ප්‍රධානින්ට අල්ලස් ලබාදීම ආදිය එම අනියම් බලපෑම් අතර ප්‍රධාන වේ.  මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තමන්ට රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා තවත් තවත් අධිකාරිවාදි බලතල ලබාගැනීම සඳහා නව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි ඉදිරිපත් කර තිබේ. මේ සඳහා වන කෙටුම්පත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය වසරේ පැවැත්වුණු  ලෝක සෞඛ්‍ය සම්මේලනයේ වාර්ෂික හමුවේදී ඉදිරිපත්කරන ලද නමුත් චීනය සහ තවත් අප්‍රිකානු රටවල් 47ක් එයට එරෙහිවීම හේතුවෙන් එය සම්මත වීම වැළකිණි.  නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිටුපස සිටින  සාපරාධී බලවේග සිය උත්සාහය අත්හැර දමා නැත. ඔවුහු එලෙස විරුද්ධ වූ රටවලට යම් යම් බලපෑම් කරමින්ද අදාළ කෙටුම්පතට ව්‍යාජ සංශෝධන ඉදිරිපත් කරමින්ද කෙසේ හෝ මෙම දෙසැම්බරයේදී එයට සම්මත කරවාගැනීමට අපේක්ෂා කරති.  එය සම්මත වුවහොත් සහ ශ්‍රී ලංකා රජය එයට අත්සන් තැබුවහොත් කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව වැනි ප්‍රෝඩාවන් මවාපාමින් කෙ‍ළවරක් නැති‍ වසංගත භීෂණයන් යටතේ  ලංකාවේ ජනතාව මිනිමරු එන්නත්වලින් වාර්ෂිකව එන්නත් කිරීමට ඖෂධ සමාගම් විසින් මෙහෙයවන ලෝක සෞඛ්‍ය සංවිධානයට අසීමිත බලතල  ලැබෙනු ඇත. එමගින් ජාතික සෞඛ්‍ය පද්ධතිය සඳහා වන අරමුදල් ඩොලර් බිලියන ගණනින් ගසා කමින්  එම පද්ධතිය  සම්පූර්ණයෙන්ම  විනාශකිරීමට  ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත. එහෙයින් එම නව  ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි වලට ලංකාවේ ආණ්ඩුව අත්සන් තැබීම වැළැක්වීම ජනතාවට ශාරිරික අනුල්ලංඝණීය සඳහා වන අයිතිය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ගේ වගකීමකි.

ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධාන මෙහිදී සිටින්නේ සම්පූර්ණයෙන්ම  ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලු මිනීමරු සෞඛ්‍යමය උපදේශ මුග්ධ ලෙස  පිළිපදින  තත්ත්වයකය. තමන් “දේශපාලන බර අවි” ලෙස හඳුන්වාගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවන  ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඇතැම් වෛද්‍යවරු විසින් සකස් කරන  ලද කොවිඩ්-19 මාර්ගෝපදේශන පත්‍රිකාවේ අන්තර්ගතය මුළුමණින්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනතාව ජාන විකෘතිකාරක mRNA එන්නත්කරණය සඳහා ගාල්කිරීමට යොදාගත් බොරු බේගල්වලින්  පිරී තිබිණි.  එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපඳින ලෙස ජනතාවට ආයාචනා කිරීමක් ද එහි විය. මීළඟ ආණ්ඩුව පිහිටුවා ජනාධිපති මැති ඇමැතිවරු වීමට සිහින දකිිමින් ජවිපෙ නායකයන් ඒ සඳහා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය යේ  ආශිර්වාදය සහ අනුමැතිය ලබාගැනීමට කවර හෝ පාවාදීමක් කිරීමට සුදානම් පිරිසක් බැවින් ඔවුන් මෙම නව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට විරුද්ධවනු ඇතැයි සිතීමට නොහැකිය. සෙසු වාම හෝ දක්ෂිණාංශික පක්ෂ සියල්ලේද තත්ත්වය එයම වේ.

එහෙත් ජනතාව මෙම අවදානම පිළිබඳව දැනුවත් විය යුතුය. ස්වකීය දේශපාලන නායකයන් මෙම වසංගත ප්‍රෝඩාවට දක්වන දායකත්වය ප්‍රශ්න කළ යුතුය. අනාගත පරපුර බිහිසුණු ඉරණමකින් වළක්වාගත හැක්කේ එමගින් පමණි.

කෙසේ වුවද ජනතාවට මේ පිළිබඳව ඇත්ත දැනගැනීමට අවශ්‍යව තිබේ. එය ඔවුන්ගේ අයිතියකි.
කොවිඩ්-19 එන්නත්කරණයේ හානිකර ශාරිරික බලපෑම් පිළිබඳව මතුව ඇති සමහර ප්‍රශ්න කීපයක් මෙසේය.

  • 1. කොවිඩ්-19 එන්නත්කරණය මගින් ඇතැමුන්ට බරපතල හානිවලට ගොදුරු වීමට සිදුවීමත් ඇතැමුන්ට එතරම් බරපතල හානිදායක තත්ත්වයන් මතු නොවීමටත් හේතුව කුමක්ද?
  • 2. ඇතැමුන් මෙම කොවිඩ්-19 එන්නත් විශේෂයෙන්ම ෆයිසර් සහ මොඩෙර්නා වැනි එන්නත් ලබාගත් පසු ක්ෂණික හෘදයාබාධයන්ට ගොදුරුව මරණයට පත්වීමටත් ඇතැමුන්ට කිසිදු අතුරු ආබාධයක ලක්ෂණ මතු නොවීමටත් හේතුව කුමක්ද?
  • 3 ඉහත 1 සහ 2 ප්‍රශ්නවලදී විස්තර වන පරිදි එන්නත්වලින් සිදුවන හානිකර බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වනුයේ ඒ ඒ පුද්ගලයාගේ ශාරිරික සෞඛ්‍ය, වයස, පරිසරය ආදි සාධක නිසාද නැතහොත් ඒ ඒ පුද්ගලයාට ලබාදුන් එන්නත් මාත්‍රාවල අඩංගු සංඝටකයන්ගේ වෙනස්කම් නිසාද?
  • 4. ඉහත එන්නත්වල අන්තර්ගත සංඝටක මොනවාද? ඒවා පිළිබඳව අදාල එන්නත් නිෂ්පාදක සමාගම් විසින් ඒවාට අනුමැතිය ලබාගැනීම සඳහා රජය වෙත ඉදිරිපත්කිරීමේදී ලබාදිය යුතු අත්‍යවශ්‍ය දත්ත සහ තොරතුරු සපයා තිබේද?
  • 5. එම එන්නත්වල අන්තර්ගතය කුමක්ද යන්න පිළිබඳව රජයේ ඖෂධ පාලක අධිකාරිය විසින් ස්වාධීන පරීක්ෂණ සිදුකර තිබේද?
  • 6. එන්නත් සමාගම් සහ රජය අතර ඇතිකරගත් ගිවිසුම්වල පිටපත් මහජනයා වෙත ඉදිරිපත් නොකරන්නේ මන්ද?
  • 7.රජයේ වගවීම, විනිවිදභාවය, ආදිය ගැන හඬනගන සිවිල් සමාජ, විපක්ෂය, වාමාංශික පක්ෂ, වෘත්තිය සමිති, ජනමාධ්‍යවේදීන් ආදින් මෙම ගිවිසුම් ප්‍රසිද්ධියට පත් කරන ලෙස රජයට බලපෑමක් සිදු නොකරන්නේ මන්ද?
  • 8. මෙම එන්නත්වල අඩංගු අන්තර්ගතයන් පිළිබඳව හෙළිදරවු නොකිරීමටත් ඒවා පිළිබඳව පරීක්ෂණ නොපැවැත්වීමටත්, එන්නත්වලින් සිදුවන හානිය සම්බන්ධයෙන් එයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත දණ්ඩ මුක්තිය ලබාදීමටත් රජය ඖෂධ සමාගම් සමග ගිවිසුමකට එළැඹ ඇත්ද?

මෙම ලිපිය මගින් මෙම ඇතැම් ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට යම් ප්‍රවේශයක් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි. මෙහිදී අප අවධානය යොමුකරන්නේ ඉහත ගැටළුවලට විසඳුම් සපයාගැනීම සඳහා උත්සාහ දරන ලද විවිධ ජාත්‍යන්තර විද්‍යාඥයන් කීපදෙනෙකු විසින් සිදුකරන ලද අධ්‍යයනයන් කීපයක් වෙතය. අවාසනාවකට මෙන් ලංකාවේ මේ දක්වා මෙම සෞඛ්‍යමය ගැටලුව කෙරෙහි කිසිදු විධිමත් වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක් පළ කර ඇති බවක් දැනගන්නට නැත.
පසුගිය අවස්ථාවේදී අප විසින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන, දේශිය වෛද්‍ය තරංග ගමගේ, දේශිය වෛද්‍ය සුමුදු ලියනාරච්චි යන අය විසින් සිව්හෙළ යූටියුබ් නාලිකාව වෙත දක්වන ලද අදහස් දැක්වීම්වල අඩංගු කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන ලදි. තමන් විසින් මේ පිළිබඳව යම් අධ්‍යයනයන් සිදු කරමින් සිටින බව මෙම වෛද්‍යවරුන් විසින් එහිදී පවසන ලදි.

මෙහිදී මෙම වෛද්‍යවරුන් විසින් හෙළිදරවු කරනලද එක් වැදගත් කරුණක් වූයේ එන්නත්කරණයට ලක්වූ විවිධ ප්‍ර දේශවල ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන අතුරු ආබාධනැතහොත් රෝගී තත්ත්වයන්ගේ වෙනස්කම් දක්නට ඇතිබවයි.
දේශිය වෛද්‍ය තරංග ගමගේ මෙසේ ප්‍රකාශ කර තිබේ.

“…සමහර අවස්ථාවලදී ප්‍රදේශ අනුව රෝග ලක්ෂණ වෙනස් වන බවද දක්නට ලැබුණා.උදාහරණ ලෙස දක්වතොත් කොළඹ පළාතේ රෝගින්ගේ චර්ම රෝග අධිකව දක්නට ලැබුණ නමුත් අනුරාධපුර පොලොන්නරුව වැනි පළාත්වල රෝගින්ගේ රෝගී තත්ත්වයන් වෙනස්.”
දේශිය වෛද්‍ය සුමුදු ලියනාරච්චි මේ පිළිබඳව සිය නිරීක්ෂණයන් මෙසේ ඉදිරිපත් කරන ලදි

“…මෙම තත්ත්වය වැඩි වශයෙන්ම අපිට දකින්නට හම්බ වෙන්නේ 2021 මාර්තු සහ අප්‍රේල්වලින් පසුවයි. අපට හමුවූ රෝගීන් තුළ දක්නට ලැබුණ රෝග ලක්ෂණ නම් එක දිගට වැඩ කිරීමට නොහැකි වන ලෙස වෙහෙසට පත්වීම,මතක ශක්තිය අහිමි වීම, අඛණ්ඩ කොන්දේ අමාරුව, අලස සහ විඩාව දැනීම, ක්ෂණිකව පපුවේ කැක්කුම් හටගැනීම, වැනි තරමක් අමුතු රෝග ලක්ෂණ. මෙම රෝග ලක්ෂණ පළාතෙන් පළාතට තරමක් වෙනස් බවද දැකිය හැකියි. අම්පාර වැනි ප්‍ර දේශවල ගොවිතැන් බත් කරගෙන නිරෝගීව සිටි අය පැවසුවේ දැන් තමන්ට වෙහෙස වී වැඩ කළ නොහැකි බවයි. එමෙන් ම කොළඹ වැනි පළාත්වල අයට සිය කාර්යාලවල පඩිපෙළ පවා නගින්නට නොහැකි ලෙස දුර්වලව සිටියා. එමෙන්ම චර්ම රෝග බහුලව ව්‍යාප්තව තිබුණේ කොළඹ පළාතේයි. මෙවැනි අමුතු සහ විශ්වාස කළ නොහැකි රෝග 24ක් පමණ අපට දක්නට ලැබුණා ”

කොවිඩ්-19 එන්නත් මගින් ඇති කරන්නා වූ හානිකර බලපෑම්වල රෝගලක්ෂණ සහ එම එන්නත්වල තොග අංක අතර පවත්නා සම්බන්ධතාව දේශිය වෛද්‍ය තරංග ගමගේ එක් වැදගත් දෙයක් හෙළිදරවු කළේය. එනම් අදාළ ඖෂධයේ (එන්නත්වල) යම් විශේෂිත තොග අංක (Batch Number) නිකුත් කරන ලද “ ඖෂධ ” ලබාගත් පුද්ගලයන් ඒවාටම ආවේණික අතුරු ආබාධ සමූහයකට ගොදුරු වී ඇති දක්නට ලැබුණ බවය. එනම් යම් යම් පළාත්වල සඳහා නිකුත් කරන ලද වෙනස් වෙනස් තොග සඳහා වෙනස් රෝග ලක්ෂණ සමූහයක් දක්නට ඇත්තේ ඒ නිසාය. වෛද්‍ය ගමගේ පවසන ආකාරයට මෙම “ඖෂධයේ බැච් නොම්මරය ” දන්නේ නම් ඔවුන් පෙළන රෝග ලක්ෂණ මොනවාදැයි ක්ෂණිකව පැවසිය හැකි තරමටම මෙම කරුණ නැවත නැවතත් ඔවුන් ගේ සායනික කටයුතුවලදී සනාථ වී තිබේ.

කොවිඩ්-19 එන්නත්කරණයට පසුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාවට වඩා 2021 2022 වසරවලදී පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් මරණයට පත්වීම පිළිබඳව අප විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ලිපි පෙළ පෙළේ මෙම කොටසින් අප උත්සාහ කරන්නේ ඉහත ලාංකික වෛද්‍යවරුන් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ පිළිබඳව වැඩි දුරටත් විමසා බැලීමටය. එක් එක් එන්නත් තොගවලින් ඇති කරන ලද්දා වූ හානිකර බලපෑම්වල වෙනසක් තිබේද‍ යන්න ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉහත ජාත්‍යන්තර විශේෂඥයන් විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සහ විශ්ලේෂණ පිළිබඳව ලාංකීය ජනතාවගේ අවධානය යොමු කිරීම මෙහිදී අපගේ අරමුණ විය.

ක්‍රෙග් පාර්ඩිකූපර් සහ අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා යන විශේෂඥයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් දෙකක් එකිනෙකින් ස්වාධීනව සහ ඒකාබද්ධව කරන ලද අධ්‍යයනයන් විසින් අනාවරණය කරන ලද මෙම තොරතුරු මගින් සනාථවන්නේ කලින් සදහන් කළ සංවාදයේදී දේශිය වෛද්‍ය තරංග ගමගේ, දේශිය වෛද්‍ය සුමුදු ලියනාරච්චි සහ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණය පිළිබඳව ඉහත දක්වන ලද තොරතුරු සත්‍ය බවය.

 

ඊනියා කොවිඩ්-19 වසංගතය වැළැක්වීමට යැයි කියමින් ලෝකය පුරා සියලුම ආණ්ඩු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම යටතේ සිදු කරන ලද එන්නත්කරණ ව්‍යාපාරය විසින් මේ වනවිට මිලියන සංඛ්‍යාත ජනකායක් මාරාන්තික හානිකර ප්‍රතිඵලවලට ගොදුරු ව ඇති බව තවදුරටත් සැඟවිය නොහැකි යථාර්ථයකි.

මෙම කොවිඩ්-19 එන්නත් සහ හානිකර ප්‍රතිඵල අතර සම්බන්ධතාව අධ්‍යයනය කළ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ සමස්ත කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරය විසින්ම සිදු කර ඇති හානිකර ප්‍රතිඵලවලින් 95%කට වඩා වගකිව යුතුව ඇත්තේ යම් යම් විශේෂිත තොග අංක යටතේ බෙදාහරින ලද කොවිඩ්-19 එන්නත් තොග ඉතා සුළු ප්‍රතිශතයක් බවයි. මෙකී විද්‍යාඥයන් සිය අධ්‍යයනය සිදුකර ඇත්තේ එක්සත් ජනපදයේ එන්නත් වල අතුරු ආබාධ පිළිබඳ තොරතුරු පද්ධතියේ ( Vaccine Adverse Events Reporting System-VAERS) පවත්නා දත්ත ඇසුරිනි.

එම විද්‍යාඥයන් විසින් වැඩි දුරටත් පෙන්වාදී ඇත්තේ  එක්සත් ජනපදයේ ප්‍රාන්ත ආණ්ඩු රැසක් පුරා බෙදා හරින ලද මෙම අතිශයින් හානිදායක එන්නත් තොග ලේබල් අනු අංකනය කර ඇත්තේ ඒවායේ හානිදායක මට්ටමේ ප්‍රබලතාවය අනුව බව පැහැදිලිව නිරීක්ෂණය කළහැකි බවයි. එන්නත්වල අන්තර්ගතය තුළට ඉතා දැනුවත්ව සහ අරමුණු සහගතව විෂ සහිත හානිදායක සංඝටක මිශ්‍රකර ඇති බවට මෙය ප්‍රබල සාක්ෂියක් බව ද නිෂ්පාදනයේ ඒකීයත්වයක් තිබිය යුතු බවට වන ෆෙඩරල් නීතිය මේ මගින් උල්ලංඝණය කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති

ක්‍රෙග් පාර්ඩිකූපර්

2021 වසරේ නොවැම්බරයේදී ලන්ඩනයේ පර්යේෂකයෙකු වන ක්‍රෙග් පාර්ඩිකූපර් (Craig Paardekooper) විසින් එක්සත් ජනපදයේ එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ තොරතුරු පද්ධතියේ (Vaccine Adverse Events Reporting System) දත්ත විශ්ලේෂණය කරමින් කෙටි වීඩියෝ පටයක් නිර්මාණය කරන ලදි.

එක්සත් ජනපදයේ රෝග මර්දන මධ්‍යස්ථානයේ එන්නත්වල හානිකර ප්‍රතිඵලවලින් සිදු වූ ශාරිරික හානි සහ මරණ පිළිබඳ වාර්තා කෙරෙන පද්ධතිය වන VAERS හි දත්ත ඇසුරෙන් ඉතා දීප්තිමත් විශ්ලේෂකයෙකු වන ක්‍රෙග් පාර්ඩිකූපර් (Craig Paardekooper) විසින් ඒ ඒ තොග අංක සහ ඒවායේ බරපතල හානිකර ප්‍රතිඵල අතර සම්බන්ධය පැහැදිලිව සනාථ කර තිබේ. ඔහු සිය විශ්ලේෂණ සහ දත්ත අඩංගු වෙබ් අඩවියක් මගින් ඉහත තොරතුරු ප්‍රසිද්ධ කර තිබේ. එම වෙබ් අඩවියේ නම “ මා ලබාගත් එන්නත අයත් තොගය කොතරම් හානිකරද ”(How Bad is My Batch website) යන්නයි.

එහිදී ක්‍රේග් පාර්ඩිකූපර් පවසන්නේ “එක්සත් ජනපදය තුළ බෙදා හරින ලද සෑම තොග 200කටම එක් තොගයක් ඉතා මාරාන්තික සහ විෂ සහිත එකක් ” බවයි. ඔහුට අනුව එන්නත් තොග බහුතරයක් මගින් පෙන්නුම් කර ඇත්තේ අඩු හානිකර ප්‍රතිඵල සංඛ්‍යාවකි. අඩු තරමින් ඒවා කෙටිකාලීන වශයෙන් දැනට පෙන්වා ඇත්තේ අඩු හානිකර තත්ත්වයකි. නමුත් මෙම දත්ත කාලය ගතවීමේදී වෙනස් විය හැකිය. මක් නිසාද යත් මෙම කොවිඩ්-19 එන්නත්වල දිගුකාලීන හානිකර ප්‍රතිඵල පිළිබඳ දැනගැනීමට තරම් තවමත් කාලයක් ගත වී නොමැති බැවිනි.

පාර්ඩිකුපර්ගේ නිරීක්ෂණ අනුව එන්නත් තොගවලින් 70%ක්ම පෙන්නුම් කර ඇත්තේ එක් හානිකර ප්‍රතිඵලයකි. එමෙන්ම එන්නත් තොගවලින් 80%ක්ම පෙන්වා ඇත්තේ හානිකර ප්‍රතිඵල 2කි. සිය පර්යේෂණය දිගටම පවත්වාගෙන යද්දී පාර්ඩිකූපර්ට නිරීක්ෂණය කළ හැකි වූයේ සමහර තොගවලින් දහස්ගණනින් හානිකර ප්‍රතිඵල ඇතිකර ඇති බවයි. 1,394 – 1,012 ආදි වශයෙන්ම මෙන්ම ඇතැම් විට 4,911 දක්වා හානිකර ප්‍රතිඵල ඇතිකරන තොගද තමාට හමු වූ බව ඔහු දක්වා ඇත.

මෙම තොග එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්තවලට බෙදා හැර ඇති අතර එම සෑම ප්‍රාන්තයක් තුළම අදාළ නිශ්චිත තොග අංකය යටතේ නිකුත් කරන ලද එන්නත්වලින් සිදු වූ හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් සංඛ්‍යාව සමාන  බව නිරීක්ෂණය කෙරී ඇත. එම හානිකර ප්‍රතිඵලවලට හේතුව එන්නත ලබා ගන්නා පුද්ගලයාගේ වයස, සෞඛ්‍ය තත්ත්වය හෝ වෙනත් ජනගහණ සාධකවත් ඒ ඒ පලාත්වල පාරිසරික සාධකවත් නොව ඒ ඒ එන්නත් තොගවල අඩංගු නිශ්චිත සංඝටකයන්  පමණක් බව ඒ  අනුව සනාථ වී ඇත.
උදාහරණයක් ලෙස ෆයිසර් එන්නත හේතුවෙන් සිදුව ඇතැයි වාර්තා වී ඇති සියලුම මරණවලට හේතු ඇත්තේ නිශ්චිත අනු අංක දරන තොග 4%ක් පමණි. මොඩෙර්නා එන්නතෙන් සිදුව ඇතැයි වාර්තාවී ඇති සියලුම මරණවලට හේතුවී ඇත්තේ නිශ්චිත අනු අංක දරන තොග 5%ක් පමණි.

අදාළ දත්ත විශ්ලේෂණය කිරීමේදී පාර්ඩිකූපර් සහ කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි තවත් වැදගත් කරුණක් වූයේ  හානිකර බවින් ඉතා අඩු එන්නත් තොග කීපයක් පමණක් ඇතැම් පළාත්වලට යවා ඇති නමුත් ඉතාම හානිකර විෂ සහිත එන්නත් ප්‍රාන්ත රාජ්‍ය ගණනාවක් පුරා පුළුල් ලෙස බෙදා හැර ඇති බවයි.
පාර්ඩිකූපර් විසින් වාර්තා කර ඇති පරිදි  ෆයිසර් සමාගම  ඔවුන්ගේ එන්නත් තොගවලින් 2.9%ක් පමණක් එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යයන් 12කට වැඩි ප්‍රමාණයක් පුරා බෙදා හැර තිබේ.

එම ‍තොග 2.9% විසින් ෆයිසර් එන්නත නිසා සිදුව ඇති සමස්ත මරණවලින් 96.5%කට ද සමස්ත රෝහල්ගත කිරීම්වලින් 95.5%කටද වාර්තාවී ඇති සියලු හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම්වලින් 94.7%කට ද හේතු වී ඇත.
මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස ප්‍රාන්ත රාජ්‍ය 12ක් පුරා බෙදා හැර ඇති සෙසු ෆයිසර් එන්නත් තොග 97.1% මගින් සිදුව ඇති මරණ සංඛ්‍යාව සමස්ත ෆයිසර් එන්නත නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාවෙන් 3.5%ක් පමණි. එමෙන්ම මෙම සෙසු තොග 97.1% අයත් එන්නත් මාත්‍රා මගින් ඇති කරන ලද බරපතල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව සමස්ත බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තාවලින් 5.3%ක ප්‍රතිශතයක් සඳහා සහ රෝහල්ගත කිරීම් 4.5%ක් සඳහාද වගකිව යුතුව තිබේ.

මෙම අතිශය අසාමාන්‍ය රටාවන් විසින් පෙන්නුම් කරන්නේ විශාල අපරාධයක් සිදු කර ඇති බවයි. වහාම මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතුයි.

අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා (සාෂා)

කොවිඩ්-19 එන්නත්වල තොග අංක සහ ඒවායේ මාරක හානිකර ප්‍රතිඵල අතර ඇති සම්බන්ධය පිළිබඳව ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ විශ්‍රාමික විධායක නිලධාරිනියක් වූ අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා(Alexandra Latypova) විසින් ද වෙනම අධ්‍යයනයක් සිදුකරන ලදි. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ පාර්ඩිකූපර් ඇතුළු කණ්ඩායමේ අධ්‍යයනයන්ගෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීනවය. පසුව ඇයගේ කණ්ඩායමේ පර්යේෂකයන් පාර්ඩිකූපර් කණ්ඩායමේ පර්යේෂකයන් සමග ඒකාබද්ධව මෙම ගැටළුව පිළිබඳව වඩාත් පුළුල් ලෙස විමර්ශනයන් සිදු කර ඇත. මෙම ඒකාබද්ධ කණ්ඩායම සායනික පර්යේෂණවල දත්ත, දත්ත විශ්ලේෂණය, සංඛ්‍යානය, ඖෂධ නිෂ්පාදන සහ ඒවා නියාමනය කිරීම, ඖෂධ පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සහ සංවර්ධනය කිරීම ආදි ක්ෂේත්‍රයන් තුළ විශේෂඥයන්ගෙන් සමන්විත විය.

ඇලෙක්සන්ඩ්‍රා ලටිපෝවා විසින් සිය අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල පිළිබඳව තොරතුරු ඇතුළත් කරමින් විනාඩි 20 වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජගත කර තිබේ. එම වීඩියෝ පටය තුළදී ඇය ඉන්ෆ්ලුවන්සා එන්නතේ අතුරු ආබාධ පිළිබඳව VAERS හි පවත්නා දත්ත සමග කොවිඩ්-19 එන්නත්වල දත්ත සන්සන්දනය කර තිබේ. එමෙන්ම ඇය විසින් එන්නත් සහ විවිධ ඖෂධ නිෂ්පාදනයේදී “යහපත් නිෂ්පාදන භාවිතයන් ” (Good Manufacturing Practices-GMP) පිළිපැදීමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.

LifeSiteNewsවෙබ් අඩවිය වෙත ඇය විසින් දෙන ලද ප්‍රකාශයක් තුළ

“යහපත් නිෂ්පාදන භාවිතාව (GMP) සැලසුම් කර ඇත්තේ මහා පරිමාණ ඖෂධ නිෂ්පාදනයේදී ඖෂධයේ පවිත්‍ර බව, ස්ථායිතාව, සංගතබව පිළිබඳ ඉහළ ප්‍රමිතියක් පවත්වාගනිමින් ඖෂධයේ සුරක්ෂිතතාව සහ සමානත්වය සහතික කිරීම සඳහාය.”

“ඉතිහාසයේදී මෙම භාවිතාවන් උල්ලංඝණය කිරීම් සිදු වූ සෑම විටෙකම ප්‍රතිඵලය වූයේ අපමිශ්‍රිත, දූෂිත හෝ විෂ සහිත ඖෂධ නිෂ්පාදන හේතුවෙන් සිදුවූ ජීවිත අහිමිවීම්, බරපතල ශාරිරික ආබාධ ආදි ඛේදවාචකයන්ය. ” යනුවෙන් සඳහන් කර තිබේ.

එම වීඩියෝවේ අන්තර්ගතය පහත පරිදිය.

 

slide-1

කොවිඩ්-19 එන්නත් තොග අංකය අනුව
  • සියලුම තොග තුළ අන්තර්ගතව ඇත්තේ එකම නිෂ්පාදනයද?
  • එක් එක් තොගය අතර පවත්නා අති විශාල අසාමාන්‍ය වෙනස්කම් පිළිබඳව විමර්ශනය කළ යුතුව තිබේ.

slide-2

මෙම විමර්ශනයේ කතුවරුන් වන අපි
  • ඖෂධ පිළිබඳ පර්යේෂණය සහ ඒවා සංවර්ධනය සහ නිෂ්පාදනය
  • සායනික අත්හදාබැලීමේ පරීක්ෂණ
  • ඖෂධ කර්මාන්තයේ නියාමනය
  • දත්ත විශ්ලේෂණය සහ ආකෘති
  • සංඛ්‍යාලේඛන

ආදි ක්ෂේත්‍රයන් පිළිබඳ පෘථුල අත්දැකීම් සහිත වෘත්තිකයන් වන්නෙමු.

  • ලෝකය පුරා විවිධ රටවල් නියෝජනය කරන අපි එකම දත්ත පිළිබඳව ස්වාධීන විශ්ලේෂණ පවත්වන්නෙමු.
  • අප මූල්‍යමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් ස්වාධීනය.
  • අපි අපගේ නිදහස් ස්වෛරී චින්තනය භාවිතයේ යෙදවීමට සහ විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට බිය නොවෙමු.

 

slide-3

මෙම තත්ත්වය විශාල ගැටළුවක් ලෙස සැළකිය යුත්තේ මන්ද?

සියලු ඖෂධ විෂ සහිතය. එය රඳා පවතින්නේ ඖෂධයේ මාත්‍රාව, එය භාවිතයේ යොදන ආකාරය සහ එය විසින් සලසන යහපත සහ සිදුකරන හානිය අතර අනුපාතය මතය
නිදසුන්

  • වොර්ෆරින් (Warferin) නම් රුධිරය තුනීකරන ඖෂධය මීයන් විනාශ කිරීමට භාවිතා කරන විෂ රසායනිකයක වෙනත් භාවිතයකි.
  • පිළිකා රෝගවලට යොදාගනු ලබන රසායනික චිකිත්සක ප්‍රතිකාරක (Chemeotherapy Agents) අධික විෂ සහිතය.
  • විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කරන ආහාර, බීම වර්ග, විටමින්, අතිරේක පෝෂණය සපයන ආහාර, හෝමියෝපතික නිෂ්පාදන

ඔබගේ ප්‍රියතම බියර් වර්ගයට අයත් බියර් බෝතලයක අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රමාණයට වඩා 300%කින් වෙනස් වන්නේ නම් එය විසින් ඔබ මත ඇති කරන ශාරිරික බලපෑම කුමක් වනු ඇත්ද?
නිෂ්පාදනයක සංගතබව අතිශය වැදගත් සාධකයක් වන්නේ එනිසාය.

slide-4

යහපත් නිෂ්පාදන භාවිතයන් (Good Manufacturing Practices-GMP)

එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ නිෂ්පාදනය සඳහා සඳහා එහි ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය( Food and Drug Administration-FDA) විසින් යහපත් නිෂ්පාදන භාවිතයන් (Good Manufacturing Practices-GMP )හඳුන්වා දී තිබේ.

යහපත් නිෂ්පාදන භාවිතයන්  21CFR210.1 CFR – Code of Federal Regulations Title 21
උසස් ගුණාත්මකබව , සංගත බව සහ පාරිශුද්ධ බව ඖෂධ සහ එන්නත් නිෂ්පාදනයේදී ඉහළ ප්‍රමිතියක් සඳහා අත්‍යවශ්‍ය වේ.
සෑම නව ඖෂධ හෝ එන්නත් තොගයක්ම එයට පෙර නිෂ්පාදනය කරන ලද තොගවලට “මුළුමණින්ම සමාන විය යුතුය” යන මූලධර්මය අනුගමනය කර ඇතැයි යන්න අපේක්ෂා කෙරේ.

රෝග ඇඟවීමක් (disease indication) සඳහා විවිධ නිෂ්පාදකයන්ගේ එන්නත් “එකම” හෝ එකිනෙකට හුවමාරු කළ හැකි නිෂ්පාදනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වර්තමානයේදී FDA ආයතනය විසින් ඉදිරිපත් කර ඇති “යහපත් නිෂ්පාදන භාවිතයන් ” (Good Manufacturing Practices-GMP) සංවර්ධනය කරන ලද්දේ 1900 සහ 1960 අතර කාලය තුළ දී අප-මිශ්‍රිත සහ අපිරිසිදු හෝ නොසැලකිලිමත් ලෙස පරීක්ෂාවට ලක්කරන ලද නිෂ්පාදන විෂවීම් හේතුවෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මරණයට පත්වීමෙන් පසුව එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වළක්වාලීමේ අරමුණෙනි.

මෙම යහපත් නිෂ්පාදන භාවිතයන් පිළිපැදීමට අසමත්වීම විසින් … එම ඖෂධය බාල ප්‍රමිතියකින් යුතු අපවිත්‍ර එකක් ලෙස සැලකිය යුතුය. …එවැනි ඖෂධය නියාමන ක්‍රියාදාමයකට යටත් කළ යුතුය.
එනම් අපවිත්‍ර, බාල ඖෂධ අලෙවි කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස මේ අනුව සැලකේ.

slide-5

එක්සත් ජනපදයේ එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් වාර්තා කිරීමේ පද්ධතියේ ( Vaccine Adverse Events Reporting System-VAERS)දත්ත අනුව වාර්ෂික ඉන්ෆ්ලුවන්සා එන්නත් වර්ග 9ක් හේතුවෙන් ඇති වූ බරපතල හානිකර ප්‍රතිඵල සහ කොවිඩ්-19 mRNA එන්නත් වර්ග 3ක් හේතුවෙන් ඇති වූ බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳ සන්සන්දනය
වාර්ෂික ඉන්ෆ්ලුවන්සා එන්නත් Seasonal Flu Vaccines කොවිඩ්-19 mRNA එන්නත්
එන්නත්වර්ග 9 එන්නත් වර්ග 3
ඖෂධ සමාගම් 10කට වැඩි සංඛ්‍යාවක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් ඖෂධ සමාගම් 3ක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් (ෆයිසර්, මොඩෙර්නා,ජැන්සීන්)
වසර 10කට වැඩි කාලයකට අදාළ දත්ත අනුව මාස 12කට අදාල දත්ත අනුව
නිෂ්පාදිත එන්නත් තොග 22,334ක් සඳහා* නිෂ්පාදිත එන්නත් තොග 24,945ක් සඳහා*
බරපතල හානිකර  ප්‍රතිඵල 9 ,429** බරපතල හානිකර ප්‍රතිඵල  47,239**
මරණ 906** මරණ 7,335**

*VAERS දත්ත සංචිතයේ සඳහන් අසම්පූර්ණ ලැයිස්තුව අනුව
**ඒ ඒ වර්ගීකරණයට අනුව VAERS හි වාර්තා වී ඇති සම්පූර්ණ සිදුවීම් සංඛ්‍යාව

slide-6

විවිධ ඉන්ෆ්ලුවන්සා එන්නත් නිෂ්පාදක සමාගම් විසින් වසර ගණනාවක් පුරා නිෂ්පාදනය කරන ලද එන්නත් තොගවල දක්නට ලැබෙන සංගත බව : එක් තොගයකින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව විශාලවශයෙන් ඉහළ ගොස් ඇත්තේ තොග දෙකක් සම්බන්ධයෙන් පමණි.

අලෙක්සන්ඩ්‍රා ඇතුළු කණ්ඩායම විසින් එක්සත් ජනපදයේ එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ තොරතුරු පද්ධතියේ( Vaccine Adverse Events Reporting System-VAERS) හි පවතින දත්ත ඇසුරෙන් වසර 10ක කාලයක් පුරා ඉන්ෆ්ලුවන්සා එන්නත විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල (Serious Adverse Effects- SAE)සංඛ්‍යාවන් සහ ඒවායේ තොග අංක අතර ඇති සම්බන්ධතාවය වගු ගත කර තිබේ. මෙහිදී ඔවුහු විවිධ එන්නත් නිෂ්පාදක සමාගම්වල විසින් විවිධ නිෂ්පාදන වර්ෂ තුළ නිෂ්පාදනය කරන ලද ඉන්ෆ්ලුවන්සා එන්නත් වර්ග වලට අයත් එන්නත් තොග 5,797කට අදාළ හානිකර ප්‍රතිඵල පිළිබඳ දත්ත මෙම වගුවට ඇතුළත් කර තිබේ. ඔබට මෙම වගුව තුළ නිරීක්ෂණය කළ හැකි පරිදි එන්නත් තොග දෙකකදී හැරෙන්නට අන් සියලු තොගවල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාවන්‍ තුළ අවම මට්ටමක් මෙන්ම සංගත බවක් දැකිය හැකිය. ඉහළතම හානිකර ප්‍රතිඵල ඇතිකරන ලද ඉන්ෆ්ලුවන්සා එන්නත් තොග දෙකෙන් එකක් සම්බන්ධව හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තා 37ක් අන්තර්ගත වන අතර අනෙක් ඉහළම අගය 22කි.

මෙම වගුවේ දැක්වෙන පරිදි එන්නත් තොග බහුතරයක් විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 10කට අඩුය. එයිනුත් 90%කට වැඩි එන්නත් තොග ප්‍රමාණයකින් වාර්තා වී ඇති හානිකර ප්‍රතිඵල  සංඛ්‍යාව 5%කට අඩුය.

එනම් සමස්තයක් ලෙස වසර 10ක කාලයක් තිස්සේ විවිධ එන්නත් නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද ඉන්ෆ්ලුවන්සා එන්නත් වලින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් සංඛ්‍යාවන්ගේ සංගත බවක් දැකිය හැකි ය. එනම් ඒ ඒ තොගවලට අයත් එන්නත් මගින් සිදුකරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාවන් තොගය අනුව වෙනස් නොවී ආසන්න වශයෙන් නිශ්චිත මට්ටමක පවතින බවය.

 

slide-7

කොවිඩ්-19 එන්නත් හා ඉන්ෆලුවන්සා එන්නත්වල  එක් තොගයකට සිදුවන හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව සන්සන්දනය කිරීම  1 වැනි ප්‍රස්ථාරය

අලෙක්සන්ඩ්‍රා ඇතුළු කණ්ඩායම විසින් VAERS හි පවතින දත්ත ඇසුරෙන් කොවිඩ්-19 එන්නත්වල බරපතල හානිකර ප්‍රතිඵල සහ ඒවායේ තොග අංක පිළිබඳ දත්ත ඉහත ආකාරයට සමාන පරිදි ප්‍රස්ථාර ගත කර තිබේ. මෙහිදී ඔවුහු යොදාගෙන ඇත්තේ ජැන්සීන්, මොඩෙර්නා, සහ ෆයිසර් සමාගම්වල කොවිඩ්-19 එන්නත් වල තොග අංක 4,122කට එදිරිව (ප්‍රස්ථාරයේ x අක්ෂය) ඒවා විසින් ඇති කරන ලද බරපතල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව (ප්‍රස්ථාරයේ y අක්ෂය) ප්‍රස්ථාරගත කර තිබේ.

මෙහිදී ඔබට නිරීක්ෂණය කළ හැකි වන්නේ එක් එක් තොගවලට අයත් එන්නත් විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව එකිනෙකට වෙනස් විශාල පරතරයක් පෙන්වන බවය.

ෆයිසර් එන්නතේ බොහෝ තොග විසින් ඇති කරන ලද බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තා සංඛ්‍යාව අති විශාලය. මෙහිදී විශ්ලේෂණයට ලක්කරන ලද දත්ත අනුව ෆයිසර් එන්නතේ එක් තොගයක් විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 622ක් බව මෙම ප්‍රස්ථාරය විසින් පෙන්නුම් කරයි. ඇතැම් ෆයිසර් තොගවල බරපතල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 1ක් හෝ 2ක් වේ. ඒ අනුව ෆයිසර් එන්නතේ එක් එක් තොගයන් විසින් ඇති කරන ලද බරපතල හානිකර ප්‍රතිඵල වල පරාසය 1 සිට 622ක් දක්වා වන බව මෙම ප්‍රස්ථාරය තුළ දක්වා තිබේ.
මොඩෙර්නා කොවිඩ්-19 එන්නතේ බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳව වන දත්ත අනුව එක් තොගයක් හේතුවෙන් මතුව ඇති හානිකර ප්‍රතිඵල  සංඛ්‍යාව 300ක් ඉක්මවා ඇති බව පෙනී යයි.
එමෙන්ම ජැන්සීන් එන්නත්වලට අයත් එක් තොගයක් විසින් හානිකර ප්‍රතිඵල  200කට වැඩි සංඛ්‍යාවක් ඇති කර තිබේ.

සමස්තයක් ලෙස ගත් කළ මෙම ප්‍රස්ථාරය සඳහා යොදාගෙන ඇති ඉහත එන්නත්වල ඒ ඒ තොග විසින් ඇති කර ඇති හානිකර ප්‍රතිඵල  සංඛ්‍යාව අති විශාල ලෙස එකිනෙකින් වෙනස් වේ. එයින් පැහැදිලිවන්නේ මෙම එන්නත් නිෂ්පාදක සමාගම්වල එක් එක් තොග අතර නිෂ්පාදනයේ සංගත බවක් හෝ ඒකීය බවක් නොමැති බවයි.
මේ පිළිබඳව අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා “ ඉන්ෆ්ලුවන්සා එන්නත්වල 1 සිට 40 දක්වා හානිකර ප්‍රතිඵලවල පරාසය සමග සන්සන්දනය කරන විට මෙම කොවිඩ්-19 එන්නත්වල බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳ සංඛ්‍යාවන්ගේ පරාසය 1-700 දක්වා වන ඉහළ අගයක් ගෙන තිබෙන බව දක්නට ලැබෙනවා .” යනුවෙන් වැඩි දුරටත් විස්තරකළාය.

කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය කරන ලද ෆයිසර්, මොඩෙර්නා සහ ජැන්සීන් යන සමාගම්වල එන්නත් වර්ගවල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාවන් එකිනෙකින් බොහෝ වෙනස් අගයන් ගන්නා බව තමන් විසින් නිරීක්ෂණය කළේ යැයි අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා පවසයි. එමෙන්ම “ එමෙන්ම හානිකර ප්‍රතිඵල සංඛ්‍යාවන් එක් එක් තොගය අනුවත් අතිශයින් වෙනස් බව දැකිය හැකියි. සමහර තොගයක ඇත්තේ හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තාවන් කීපයක් පමණයි. නමුත් අනිත් තොගවලට අයත් එන්නත් විසින් සිය ගණන් හානිකර ප්‍රතිඵල ඇති කරන ලද බව පෙනෙන්නට තියෙනවා. ”

මෙම ප්‍රස්ථාරයේ පහළ ප්‍රදේශයේ දක්නට ඇති තිරස් රතු රේඛාව මගින් පෙන්නුම් කරන්නේ ඉන්ෆ්ලුවන්සා එන්නත් මගින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵලවල උපරිම සීමාවයි. ඉන්ෆලුවන්සා එන්නතේ එක් විශේෂිත තොගයක් (Outlier)විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵලවල සංඛ්‍යාව 37ක් වූ බව අපි මෙයට ඉහතදී සඳහන් කළෙමු. එම අගය හා කොවිඩ්-19 එන්නත් විසින් ඇතිකරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව සන්සන්දනය කරන්න. එමෙන්ම ඉන්ෆ්ලුවන්සා එන්නත්වලදී අවස්ථා දෙකකදී හැරෙන්නට අන් සියලු අවස්ථාවල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව සමාන වූ අතර නිෂ්පාදනයේ සංගතභාවයක් තිබූ බව නිරීක්ෂණය කළ හැකි විය.

 

slide-8

කොවිඩ්-19 එන්නත් හා ඉන්ෆලුවන්සා එන්නත්වල  එක් තොගයකට සිදුවන හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව සන්සන්දනය කිරීම  2 වැනි ප්‍රස්ථාරය

කොවිඩ්-19 එන්නත් වල හානිකර ප්‍රතිඵල පිළිබඳ VAERS පද්ධතිය වෙත වාර්තා කිරීමේදී ඇතැම් තොග අංක වාර්තා කිරීමේදී ලේඛන දෝෂ සිදුවී තිබිණි. එම දෝෂ සහිත වාර්තා ඉවත් කිරීමෙන් පසුව නැවත වතාවක් දත්ත විශාල සංඛ්‍යාවක් යොදාගනිමින් ඒ ඒ තොග අංකයට අයත් හානිකර ප්‍රතිඵල පිළිබඳව අලෙක්සන්ඩ්‍රා ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙසේ ප්‍රස්ථාර ගත කර තිබේ.

මෙහිදී අධ්‍යයනයට ලක් කර ඇත්තේ ෆයිසර්, මොඩෙර්නා සහ ජැන්සීන් සමාගම් විසින් නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් තොග 2,144 කි. මෙම ප්‍රස්ථාරය මගින් අදාළ එන්නත් තොගයේ අංකයට එදිරිව වාර්තාගත වී ඇති බරපතල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව ප්‍රස්ථාර ගත කර තිබේ.

මෙහි දී හානිකර ප්‍රතිඵල සංඛ්‍යාවේ පරාසය 1 සිට 5130 දක්වා වන බව දැකිය හැකිය. ෆයිසර් එන්නත් තොග දෙකකට අදාලව වාර්තා වී ඇති හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් සංඛ්‍යාව 3500 සීමාව ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම මොඩෙර්නා එන්නතේ එක් තොගයකට අදාලව හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් 5,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.ජැන්සීන් එන්නතේ ඇතැම් තොග වලට අදාලව උපරිම වශයෙන් 1700 ඉක්මවා හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් වාර්තා කෙරී ඇත.

මෙම එක් එක් තොගය විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් සංඛ්‍යාවන් අතර අති විශාල වෙනස් කම් පවතී. ඒ අනුව පෙනී යන්නේ ඇතැම් තොග හානිකර බවින් සාපේක්ෂව අඩු බවත් ඇතැම් තොග හානිකර බවින් ඉතා වැඩි බවත්ය.

මෙම ප්‍රස්ථාරයේ පහළ දැක්වෙන රතු රේඛාව මගින් සළකුණු කර ඇත්තේ ඉන්ෆ්ලුවන්සා වෛරස එන්නත් මගින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් සංඛ්‍යාවයි. එහිදී තොග දෙකකදී හැරෙන්නට අන් සියලු තොග යටතේ සිදුව ඇති හානිකර ප්‍රතිඵල පිළිබඳව සිදුවීම් ඇත්තේ 5 කට අඩුවෙනි. එක් තොගයක් සඳහා හානිකර ප්‍රතිඵල  37ක් වාර්තා වී ඇත.

ඖෂධ නිෂ්පාදනයේදී කවර අරමුණකින් ‍යුතුව හෝ ‍වෙනත් සංයෝග එක්කිරීම මගින් සිදුවන හානිය පිළිබඳ නිදසුනක්:
2008 දී ඇමෙරිකානු ඖෂධ සමාගමක් විසින් චීනයේ සිය කර්මාන්ත ශාලා තුළ හෙපරීන් ( Heparin) ඖෂධය නිෂ්පාදනයේදී ලාභ සහ නොගැලපෙන රසායනික සංයෝජන එක්කිරීම (Adulteration)

බැක්ස්ටර් ඖෂධ සමාගම (Baxter International)  විසින්හෙපරීන් ඖෂධය නිෂ්පාදනය සඳහා අවශ්‍යවන පූර්ව සංයෝගයක් ( precursor) නිෂ්පාදනය සඳහා  සයන්ටිෆික් ප්‍රෝටීන් නම් චීනයේ ස්ථානගත ඇමෙරිකානු සමාගමක් වෙත අනු කොන්ත්‍රාත් ලබා දෙන ලදි. මෙහිදී සයින්ටිෆික් ප්‍රෝටීන්  සමාගම විසින් හෙපරීන් නිෂ්පාදනයට අවශ්‍ය පූර්ව සංයෝගය නිෂ්පාදනය සඳහා ඇණවුම් කරනලද නිවැරදි සංයෝගය වෙනුවට OSCS නම්  ව්‍යාජ  සංයෝගයක් යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද පූර්ව සංයෝගයක්  බාර දෙන ලදි. OSCS නම් සංයෝගයේ මිල  හෙපරීන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සංයෝගය මෙන් 100න් කොටසකි.

අනතුරුව බැක්ස්ටර් ඉන්ටර් නැෂනල් සමාගම විසින් මෙම අප-මිශ්‍රිත බාල හෙපරීන් සංයෝගය වෙළඳපොලට නිකුත් කරන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ පුද්ගලයන් 81 දෙනෙකු මරණයට පත්වීම සහ තවත් 785 දෙනෙකු බරපතල ලෙස ශාරිරික හානිවලට ගොදුරු වීමය.

මෙම සිදුවීම් වෙත මාධ්‍ය විසින්  එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ (USA Food and Drug Administration – FDA)  අවධානය යොමු කරන ලදි. මෙම හානිකර ඖෂධයට ගොදුරුවූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් නඩු ගණනාවක් පවරන ලදි.

FDA ආයතනය විසින් පසුව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදයෙන් බැහැර රටවලදී නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සම්බන්ධව නිෂ්පාදන ක්‍රියාදාමය අතරතුරුදී පරීක්ෂණ පැවැත්වීම සඳහා තමන්ට මූල්‍ය සම්පත් නොමැති බවත් ඒ පිළිබඳව තමන් කිසිදු වගකීමක් නොදරන බවත්ය. කෙසේ වුවද ඖෂධ නිෂ්පාදනයේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති   ICH Q7, API මාර්ගෝපදේශනය අනුව ඖෂධ නිෂ්පාදකයන් තමන් විසින් සිය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍යවල ගුණාත්මක බව සහ උසස් ප්‍රමිතිය පිළිබඳව වගකීමට බැඳී සිටිති.

 

ෆයිසර් එන්නත වෙළඳපොළට නිකුත් කිරීමට පළමු යුරෝපීය ඖෂධ ඒජන්සියේ විද්‍යාඥයන් විසින් එන්නතේ ප්‍රමිතිය පිළිබඳව දෝෂ 117ක් පෙන්වා දී ඇති නමුත් ඒවා නිවැරදි කිරීමකින් තොරව වෙළඳපොළට නිකුත් කර ඇත.

යුරෝපීයන් ඖෂධ ඒජන්සිය සහ ෆයිසර් අතර හුවමාරු වූ ලියැවිලි 2ක් නොනිල වශයෙන් තම කණ්ඩායම වෙත ලැබුණ බව අලෙක්සන්ඩ්‍රා පැවසුවාය. ඇයට අනුව  මෙම ලියැවිලි දෙකම නිකුත් කර තිබුණේ 2022 වර්ෂයේ නොවැම්බර් අවසානයේදීය. එක් ලියැවිල්ලක් යුරෝපියන් ඖෂධ ඒජන්සියේ මානව පරිහරණය සඳහා වන ඖෂධීය නිෂ්පාදන පිළිබඳ කමිටුව (Summary of opinion from the regulators on Pfizer’s vaccine readiness for market use- Euopean Medicines Agency, Committee for Medical Products for Human Use) විසින් නිකුත් කරන ලද එකකි.

අප විසින් මෙහිදී මතක තබාගත යුත්තේ මෙම ලියැවිල්ල නිකුත් කර ඇත්තේ යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් හදිසි අවස්ථා අනුමැතිය යටතේ ෆයිසර් කොවිඩ්-19 එන්නත වෙළඳ පොලට නිකුත්කිරීමට අවසර දීමට සති දෙකකට පෙර බවයි.

දෙවැනි ලියැවිල්ල වන්නේ එන්නතේ නිෂ්පාදන ප්‍රමිතිය සහ ඖෂධ නිෂ්පාදනයේදී අනුගමනය කළ යුතු වර්තමාන නියාමන අවශ්‍යතා පිළිපැදීම පිළිබඳව එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය විසින් අසන ලද ප්‍රශ්න සඳහා ෆයිසර් සමාගමේ ප්‍රතිචාරයයි .(Pfizer’s responses to the FDA questions regarding manufacturing quality and compliance with current regulatory requirements)

2022 නොවැම්බර් අවසානය වනවිට ෆයිසර් බයොන්ටෙක් එන්නත නිෂ්පාදන ක්‍රියාදාමයේ පවත්නා දෝෂ පිළිබඳව යුරෝපීය ඖෂධ පාලන ඒජන්සියේ අදහස් වල සාරාංශය  මෙබඳුය.

  • ෆයිසර්/බයොන්ටෙක් නිෂ්පාදන ක්‍රියාදාමයේදී එහි සියලුම නිෂ්පාදනාගාර තුළදී යහපත් නිෂ්පාදන භාවිතාව පිළිබඳ රෙගුලාසි අනුගමනය කර නැත.
  • සංගත බවින් යුතු නිෂ්පාදනයක් නිෂ්පාදනයකිරීමට සමත් වී නැත.
  • මෙම යහපත් නිෂ්පාදන භාවිතයන් පිළිපැදීම ආරම්භ කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ දින නියමයක්
    ඉදිරිපත් කර නැත.
  • යුරෝපීය ඖෂධ පාලක අධිකාරිය විසින් ෆයිසර් බයොන්ටෙක් එන්නතේ නිෂ්පාදන ප්‍රමිතිය පිළිබඳව සිය විරෝධාත්මක අවධානය ප්‍රධාන කරුණු 117ක් ලෙස පිටු 30ක් පුරා ඉදිරිපත්කර තිබේ.

යහපත් නිෂ්පාදන භාවිතාව පිළිබඳ නියාමන රෙගුලාසි අනුගමනය නොකරන නිෂ්පාදනයක් සඳහා අනුමැතිය හිමිවුව හොත්,එකී නිෂ්පාදනයේ සංඝටක තේරීම සහ සකස් කිරීම, නිෂ්පාදන ක්‍රියාදාමය, තත්ව පාලනය, හෝ කුප්පි තුළ ඇසිරීම යන ඕනෑම නිෂ්පාදන පියවරකදී වෙනස්කිරීම්, විකෘතිකිරීම් සිදුවිය හැකිය. එමෙන්ම ඒ හේතුවෙන් දැනුවත් මැදිහත්වීම් මගින් හෝ අහම්බෙන් සිදුවන වෙනස්කම්වලටද ඉඩකඩ විවර කරයි. ඒ අනුව එන්නත් අසුරනය තුළ ඇති එන්නතේ අන්තර්ගතය තුළ නිල වශයෙන් ඉදිරිපත් කර ඇති සංඝටකයන්ම පවතින්නේදැයි කිසිවෙකුට සහතික කළ නොහැකිය.

යුරෝපීය ඖෂධ පාලන අධිකාරිය විසින් ෆයිසර්/බයොන්ටෙක් සමාගම්වල අවධානය යොමු කර ඇති ඉහත කරුණු 117 අනුව පැහැදිලි වන්නේ එය ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිගත් ප්‍රමිතිවලින් කොතෙක් දුරට බැහැරව කටයුතු කර ඇත් ද යන්නය.එම තත්ත්වය අතිශයින් බියජනක එකකි.
යම් ඖෂධ පාලනාධිකාරියක් විසින් යම් නිෂ්පාදනයක හෝ එහි නිෂ්පාදන ක්‍රියාදාමයේ පවත්නා කවර හෝ ගැටළුවක් හෝ දෝෂයක් සම්බන්ධව නිෂ්පාදකයා වෙත කරුණු ඉදිරිපත් කළහොත් එකී නිෂ්පාදනය වෙළඳපොලට නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාදීමට පෙර අදාළ නිෂ්පාදකයා විසින් මෙම ගැටළුවලට විසඳුම් සැපයිය යුතුව තිබේ. නමුත් මෙහිදී එය පැහැදිලිවම සිදුව නැත. ෆයිසර් එන්නත නිෂ්පාදන ක්‍රියාදාමය තුළ දැවැන්ත දෝෂ සහ ගැටළු ගණනාවක් නොවිසඳී පවතිද්දීම එයට යුරෝපා ඖෂධපාලනාධිකාරිය විසින් හදිසි අවස්ථා අනුමැතිය යටතේ අවසරය ලබා දී තිබිණි.

දෝෂ පෙන්වා දුන් පසුවද එම දෝෂ සහිත තොග වෙළඳපොලට නිකුත් කිරීමේ සාපරාධී ක්‍රියාව විසින් ජීවිත 1025ක් බිලිගනී.

මෙම ලියැවිල්ල විසින් යහපත් නිෂ්පාදන භාවිතාව පිළිබඳ රෙගුලාසි අනුගමනය නොකිරීම හේතුවෙන් කරුණු 117ක් මත දෝෂ සහිත නිෂ්පාදනයන් ලෙස ෆයිසර් එන්නත් තොග 33ක් හඳුනාගෙන තිබිණි. මෙම තොග නිෂ්පාදන කරන ලද දින අනුව මෙම ලියැවිල්ල නිකුත්කරන විට ඒවා ඔවුන්ගේ ගබඩා තුල පැවතිණි. කෙසේ වුවද ඉහත දෝෂ නිවැරැදි කිරීමට ෆයිසර් සමාගම කටයුතු කර නැති නමුත් යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් හදිසි අවස්ථා භාවිතය සඳහා වන අවසරය යටතේ ඒ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කළ අතර එම දෝෂ සහගත එන්නත් තොග 33 වෙළඳ පොළට නිකුත් කරන ලදි.
එන්නත් කුප්පි 19,000 සිට 300,000 දක්වා විවිධ සංඛ්‍යාවන් මෙම එක් එක් තොග 33 තුළ අඩංගු විය. ඒ අනුව එම තොගවල අඩංගු එන්නත් කුප්පි සංඛ්‍යාවේ ඓක්‍යය 5,724,044 ක් විය. සෑම එන්නත් කුප්පියකම මාත්‍රා 5ක් දක්වා අඩංගුවන බැවින් එම තොග 33 මාත්‍රා මිලියන 28කින් සමන්විත විය.

පසුව එක්සත් ජනපදයේ එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ තොරතුරු පද්ධතියේ( Vaccine Adverse Events Reporting System-VAERS) තුළ මෙම තොග 33 හි තොග අංක වාර්තා වී තිබිණි. ඒ එම තොගවලට අයත් එන්නත් මාත්‍රා විසින් විවිධ පුද්ගලයන් හට බරපතල ශාරිරික හානි පැමිණවීම සහ මරණයට පත්කිරීම සිදු කර තිබූ බැවිනි.
අප විසින් ඉහත ලියැවිල්ලේ අඩංගු තොග අංක යටතේ VAERS හි වාර්තා වී තිබු බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් සාරාංශ ගත කරන ලදි

ඒ අනුව එම තොග විසින් ඇති කරන ලද බරපතල ලෙස හානිකර සිදුවීම් පිළිබඳ එකතුව මෙසේය.
  • ශාරිරික හානි 40,000ක්
  • ස්ථීර ආබාධිත තත්ත්වයන්ට ගොදුරුවීම් 1,600ක්
  • මරණීය අවදානම් සහගත තත්ත්වයන්ට ගොදුරුවීම් 647ක්( මෙම පුද්ගලයන් පසුව මරණයට පත් වූයේදැයි අපි නොදනිමු.)
  • මරණ 1025
  • එක් පස් හැවිරිදි දරුවෙකු මරණයට පත්වීම.

ඉහත තොග 33ම අයත්වන්නේ ෆයිසර් සමාගම විසින් වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කරන ලද පළමු තොග අතරටය. මෙම අවදියේදී ෆයිසර් එන්නත සඳහා හදිසි අවස්ථා අනුමැතිය ලබාදී තිබුනේ වැඩිහිටියන් සඳහා භාවිතා කිරීමට පමණක් හෙයින් එම එන්නත මගින් 5 හැවිරිදි දරුවෙකු මරණයට පත්ව ඇත්තේ කෙසේද යන්න අභිරහසක් බව අලෙක්සන්ඩ්‍රා පෙන්වා දෙයි..මෙම තත්ත්වය අතිශයින් කණගාටුදායක සහ බිහිසුණු තත්ත්වයක් බව පවසන ඇය මෙම තත්ත්වයන් පිළිබඳව ඖෂධ නියාමන අධිකාරි ආයතනවල කිසිවෙකුත් කිසිම ආකාරයක් සැලකිල්ලක් දක්වා නැති බවත් එන්නත්කරණ වැඩ පිළිවෙළ දිගටම ක්‍රියාත්මක වන බවත් පෙන්වා දුන්නාය. මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් මේ පිළිබඳව සිදු කර නැති බව පවස ඇය මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නීය.

කොවිඩ්-19 එන්නත් අප-මිශ්‍රිත දූෂිත නිෂ්පාදනයක්ද?

යහපත් නිෂ්පාදන භාවිතාව පිළිබඳ නියාමන රෙගුලාසි අනුගමනය නොකර නිෂ්පාදනය කරන ලද එන්නත් වල අන්තර්ගතය කුමක්දැයි කිසිවෙකුට සහතික කළ නොහැකිය. කොවිඩ්-19 එන්නත් අප-මිශ්‍රිත දූෂිත නිෂ්පාදනයක් ලෙස සැලකීමට තරම් සාක්ෂි අප සතුව තිබේ.

එක් එන්නත් තොගයකට අයත්වන මාත්‍රා සංඛ්‍යාව කීයද? මාත්‍රා සංඛ්‍යාව මෙම විචල්‍යතාවන් සඳහා බලපා ඇත්ද?

එක් තොගයකට අයත්වන එන්නත් මාත්‍රා සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳව  ඖෂධ සමාගම් විසින් මෙන්ම ඒවා සමග ගිවිසුම්වලට අත්සන් තබන ලද ලොව පුරා ආණ්ඩු විසින් ද රහසක් ලෙස තබාගැනීමට කටයුතු කරන බවක් පෙනී යයි. lifesitenews වෙබ් අඩවිය විසින් මේ පිළිබඳව අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා විසින් මෙසේ පිළිතුරු දුන්නාය.
“මම හිතන්නේ එක් තොගයකට අයත්වන මාත්‍රා ප්‍රමාණය ගැන අපට හොඳ වැටහීමක් ලබාගන්න පුළුවන්. 80%කට වඩා තොගවලින් එක් එක් තොගය සඳහා වාර්තාවී ඇති හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තා සංඛ්‍යාව එකක් හෝ දෙකක් වන විට එක් තොගයකින් දහස් ගණනක් හානිකර ප්‍රතිඵල වාර්තා වී ඇති තොග සංඛ්‍යාව ඊට වැඩි නම් එය විසින් පෙන්නුම් කරන්නේ VAERS දත්ත වල විචල්‍යතාව පුළුල් පරාසයක පවතින බවයි. ”

“එක් තොගයක් තුළ දළ වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් ( පහලොස් ලක්ෂයක්) පමණ අඩංගු වෙනවා. ”

මෙහිදී අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා ෆයිසර් සමාගම විසින් යුරෝපීය ඖෂධ ඒජන්සිය වෙත 2020 නොවැම්බර් 30 වැනි දින ඉදිරිපත් කරන ලද “Quality rolling review”නම් ලියැවිල්ලක සඳහන් දත්ත ඇසුරෙන් කරන ලද ගණනයක් අනුව සිය අනුමානය ඉදිරිපත් කළාය.
මෙම ලියැවිල්ල තුළ ෆයිසර් සමාගම විසින් කර ඇති සඳහනක් අනුව ඖෂධයේ එක් තොගයක ප්‍රමාණය139 L වන බවත් ( මෙය දළ වශයෙන් එන්නත් කුප්පි 309,000 සමාන වන බවත්) දැක්වේ. එක් එන්නත් කුප්පියක මාත්‍රා 5ක් අයත්වන්නේ යැයි සැළකිල්ලට ගත් කල එක් තොගයක අයත්වන මාත්‍රා සංඛ්‍යාව මිලියන 1.5ක් බව නිගමනය කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.

ෆයිසර් සමාගම විසින් මෙම ලියවිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඔවුන්ගේ පළමු තොග වෙළඳපොලට නිකුත් කිරීමට සති කීපයකට පළමුව බැවින් මෙම මිලියන 1.5ක මාත්‍රා ප්‍රමාණය ෆයිසර් සමාගම විසින් සැලසුම් කර ඇති එක් තොගයක විශාලත්වය විය හැකිබව බවද අලෙක්සන්ඩ්‍රා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ පිළිබඳව අලෙක්සන්ඩ්‍රා සහ කණ්ඩායම විසින් ගණනය කරන ලද තවත් ක්‍රමයක් සඳහා ඔවුහු එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) සඳහන් දත්ත භාවිතා කර තිබේ.CDC ආයතනයේ ලියවිලි වල එක්සත් ජනපදය තුළ ෆයිසර්, මොඩෙර්නා සහ ජැන්සීන් යන එන්නත් වර්ගවලට අයත් එන්නත් තොග 440ක තොග අංක අන්තර්ගත වේ. මෙම තොග 440න් තොග 349කම අංක එන්නත්වල හානිකර ප්‍රතිඵල වාර්තා කිරීමේ පද්ධතිය තුළද සඳහන් වේ. ඒ අනුව මෙම එන්නත් තොගවලින් (ඒ වන විට) භාවිතා කෙරී ඇත්තේ තොග 349ක් පමණක් බව සිතිය හැකිය. එනම් මාත්‍රා මිලියන 523.5ක් (349 x 1.5M) භාවිතා කර තිබේ. එක්සත් ජනපදය විසින් ඒ වනවිට මාත්‍රා මිලියන 534ක් එන්නත්කරණය සඳහා භාවිතා කර ඇතැයි යනුවෙන් වෙනත් නිල වාර්තාවල සඳහන් දත්ත සමග මෙය ආසන්න වශයෙන් සමාන වේ.

මෙම තොග අංක 440 සංඛ්‍යාව මාත්‍රා මිලියන 1.5කින් ගුණ කළ විට (440 x 1.5M) දළ වශයෙන් මාත්‍රා මිලියන 660ක් එක්සත් ජනපදය තුළ නිකුත් කර ඇති බව පෙනී යයි. නමුත් භාවිතා කර ඇත්තේ එන්නත් මිලියන 523.5- 534ක් අතර ප්‍රමාණයක් බව නිගමනය කළ හැකිය. මෙම සංඛ්‍යාවන් අනුව දළ වශයෙන් එන්නත් නිෂ්පාදන තොගයක අඩංගු මාත්‍රා සංඛ්‍යාව නිගමනය කළ හැකි බව අලෙක්සන්ඩ්‍රා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ෆයිසර් එන්නත් තොගවල අඩංගු මාත්‍රා සංඛ්‍යාවන් එකිනෙකින් වෙනස් බව පෙන්නුම් කරන ෆයිසර් ලියැවිල්ල ඔවුන්ගේ සාපරාධී කුමන්ත්‍රණය පිළිබඳ සාක්ෂියකි.

අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා සායනික අත්හදා බැලීම්, දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය ආදිය සම්බන්ධව වසර 20ක අත්දැකීම් සහිත විද්‍යාඥවරියකි.ඇය එම ක්ෂේත්‍රයට අයත් සමාගම් කීපයක්ම ආරම්භ කිරීමට සහ කළමණාකරණය සඳහා දායක වී තිබේ. ඇය විසින් එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (FDA) වෙත ෆයිසර් සමාගම විසින් ඉදිරිපත් කරන ලද විවෘත ලියැවිල්ලක් පිළිබඳව සඳහන් කරමින් එම ලියැවිල්ල තුළ ෆයිසර් එන්නත් තොග 33ක් පිළිබඳව වැදගත් දත්ත අන්තර්ගත බවත් එය තුළ එම තොගවල ප්‍රමාණය (එක් එක් තොගයට අයත් මාත්‍රා ප්‍රමාණය) පිළිබඳවද සඳහන් වන බවත් පෙන්වා දුන්නාය.

FDA ආයතනය විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට ප්‍රතිචාර ලෙස ෆයිසර් සමාගම ඉදිරිපත් කරන ලද ලියවිල්ල (Response to Queries) විසින් පෙන්නුම් කරන අන්දමට පළමු එන්නත් තොග නිෂ්පාදනය කර ඇත්තේ 2020 ජූලි සහ ඔක්තෝබර් අතරය. (පිටු. 23-25, වගුව 13) මෙම එන්නත් තොග සාමාන්‍යයෙන් එක් තොගයකට අයත්වන එන්නත් කුප්පි ප්‍රමාණයට වඩා අඩු කුප්පි ප්‍රමාණයකින්( එනම් කුප්පි 19,000 සිට 141,000 කුප්පි ප්‍රමාණයකින්) සමන්විත විය. ෆයිසර් සමාගම වෙනුවෙන් ඒවා සියල්ල නිෂ්පාදනය කර ඇත්තේ පොලිමුන් (Polymun) නැමැති සමාගමක් විසිනි. මෙම පොලිමුන් සමාගම “ මහාපරිමාණ ලෙස ඖෂධ නිෂ්පාදනය ඇරඹීමට පෙර ඒවායේ සංයෝගය සංවර්ධනය කෙරෙන නියාමක නිෂ්පාදන පහසුකම් සපයන සමාගමක් ” බව අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා පවසයි.
“පළමු එන්නත් තොග නිසැක වශයෙන්ම නිෂ්පාදනය කර ඇත්තේ සායනික අත්හදාබැලීම් සඳහා ඉදිරිපත් කිරීමටයි. නමුත් මේවායින් සමහරක් පිළිබඳ දත්ත එක්සත් ජනපදයේ VAERS දත්ත පද්ධතියට ඇතුළත් කර නැහැ. එයට හේතුව ඒවා අත්හදා බලා ඇත්තේ විදේශිය රටවල් තුළ නිසා විය හැකියි.” යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය.

මෙම මුල් එන්නත් තොග අතරින් VAERS දත්ත පද්ධතිය තුළ දත්ත ඇතුළත් වී ඇති තොග එක්සත් ජනපදය තුළ සායනික අත්හදා බැලීම්වලට යොමු කරන ලද ඒවා සහ භාවිතයට යොදාගත් ඒවා ලෙස සැලකිය හැකිය. ඒවා විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල පිළිබඳ VAERS දත්ත පද්ධතියේ අඩංගු වන්නේ ඒ නිසාය. මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු වැදගත් කරුණක් පිළිබඳව අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා විද්‍යාඥවරිය මෙසේ අවධාරණය කරයි.
“එක් එක් කොවිඩ්-19 එන්නත් තොගය විසින් ඇති කරන හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම්වල සංඛ්‍යාව එම එන්නත් තොගයේ විශාලත්වය මත රඳා නොපවතින බව මෙම දත්ත විශ්ලේෂණය කිරීමෙන්  ඔබට අවබෝධ කරගත හැකියි. එන්නත් කුප්පි අඩු ප්‍රමාණයක් සහිත තොගවලින් ඇති කරනලද හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් සංඛ්‍යාව එන්නත් කුප්පි විශාල සංඛ්‍යාවක් ඇතුළත් ඇතැම් තොගවලින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම්වලට සමානයි ”
ඇය විසින් ඉදිරිපත් කරන ලද මෙම කරුණ වඩාත් පැහැදිලිව අවබෝධ කරගැනීමට පහසුවන පරිදි LifeSiteNews වෙබ් අඩවිය විසින් ඉහත ෆයිසර් එන්නත් තොග 33න් 9ක දත්ත පිළිබඳ විශ්ලේෂණයක් පහත දැක්වෙන පරිදි සිදු කර තිබේ. නිදසුනක් ලෙස තොග අංක EJ1686 යටතේ නිකුත්කර ඇති එන්නත් තොගයට අයත්වන්නේ එන්නත් කුප්පි 147,615ක් වන අතර එය විසින් ඇතිකරන ලද හානිකර ප්‍රතිඵල හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 46කි. එමෙන් දෙගුණයකට ආසන්න එන්නත් කුප්පි සංඛ්‍යාවක් (එන්නත් කුප්පි 245,895ක්) අඩංගු තොග අංක EL1283 යටතේ නිකුත් කර ඇති එන්නත් තොගය විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 50කි. මේ අනුව පෙනී යන්නේ යම් එන්නත් තොගයක් විසින් ඇති කරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව එම එන්නත් තොගයේ විශාලත්වය මත රඳා පවතින සාධකයක් නොව එන්නතේ අඩංගු යම් සංඝටක හේතුවෙන් සිදුවන දෙයක්බවයි. මෙහිදී පැන නගින ගැටළුව නම් එක් එක් එන්නත් තොගයේ අන්තර්ගත සංයෝග බරපතල ලෙසින් එකිනෙකින් වෙනස් වන්නේ ද යන්නයි.මෙම එක් එක් එන්නත් තොගය අතර බරපතල වෙනස්කම් සහිත බව අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා පෙන්වා දෙයි.

 

LifeSiteNews වගුව

ඉහත වගුවේ තොග අංක EJ0553 යටතේ වන තොගය තුළ අන්තර්ගත එන්නත් කුප්පි සංඛ්‍යාව 164,580 කි.තොග අංක EJ1685 යටතේ අඩංගු එන්නත් කුප්පි සංඛ්‍යාව 159, 315කි.

එනම් EJ0553 ට හා සන්සන්දනය කරන විට EJ1685හි අඩංගු එන්නත් කුප්පි සංඛ්‍යාව 5,265කින් අඩුය.
ප්‍රමාණයෙන් විශාල තොගය වන EJ0553 යටතේ වාර්තාවී ඇති හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 2කි. කිසිදු මරණයක් සිදුව නැත.
ප්‍රමාණයෙන් කුඩා තොගය EJ1685 යටතේ වාර්තා වී ඇති හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 1720කි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 42කි. බරපතල ආබාධිත තත්ත්වයකට පත්කිරීම් 35කි.
එනම් EJ0553 මගින් ඇතිකරන ලද හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව මෙන් 860 ගුණයකි.
.
ඉහත වගුවේ සඳහන් වන 2020 නොවම්බර් මස 11 වැනිදින නිෂ්පාදනය කර ඇති තොග අංක EL1283 යටතේ වන තොගය සහ නොවැම්බර් මස 03 වැනි දින නිෂ්පාදනය කර ඇති EL0739 යටතේ එන්නත් තොගය සැසඳීමේදී මෙම තත්ත්වය වැඩි දුරටත් දැකිය හැකිය.

මේ මගින් තහවුරු වන්නේ යහපත් නිෂ්පාදන භාවිතාව පිළිබඳ නියාමන රෙගුලාසි (GMP laws) බරපතල ලෙස උල්ලංඝණය කෙරී ඇතැයි නැගෙන චෝදනාව සත්‍යයක් බවයි. “ මෙම සාක්ෂි මගින් පෙන්නුම් කරන්නේ බරපතල අපරාධයක් සිදු කර ඇති බවයි” යනුවෙන් අලෙක්සන්ඩ්‍රා ලටිපෝවා පැවසුවාය.

එන්නත් තොග ඒවායේ හානිකර සහ විෂ සහිත බව අනුව ලේබල් කිරීම තුළ පෙන්නුම් කරන්නේ ඒවායේ පවත්නා වෙනස්කම් දැනුවත්ව සිදුකර ඇති බවයි.

පාර්ඩිකූපර් විසින් සිදුකර ඇති තවත් වැදගත් නිරීක්ෂණයක් නම් එන්නත් තොග අනු අංකනය කිරීමේ රටාවන් සහ එන්නත්වල විෂ සහිත බවේ පරාසය අතර පවත්නා සම්බන්ධතාවයයි. නිදසුනක් ලෙස ෆයිසර් විසින් “EN6” යන සංඛ්‍යාක්ෂර කේතය (alphanumeric code) යොදාගනිමින් අනු අංකනය කර ඇති එන්නත් තොගය වඩාත් විෂ සහිත එකක් බව ඔහු පෙන්වා දෙයි.

සම්පූර්ණ වගු එකතුව සහිත PDF ගොනුව වෙත ප්‍රවේශවීමට මෙම වගුව මත ක්ලික් කරන්න

මෙම “EN6” කාණ්ඩය යටතේ අංකනය කර ඇති තොගවලට එක් තොගයකින් සිදුව ඇති බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තාවී ඇති සිදුවීම් සංඛ්‍යාව 2,000 සිට 3,000 දක්වා ‍වෙයි.
“ER87 ” සංඛ්‍යාක්ෂර කේත කාණ්ඩය යටතේ අංකනය කර එන්නත් තොගවලට අයත් එක් තොගයකින් අයත්වන හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තා වී ඇති සිදුවීම් පරාසය 1,500 සිට 2,500 දක්වා වේ. EL කේතය යටතේ අනු අංකනය කර ඇති තොගවල එක් තොගයකින් සිදුවන හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 1,500 සිට 2,500 දක්වා අතර අගයක් ගනී.

 

සම්පූර්ණ වගු එකතුව සහිත PDF ගොනුව වෙත ප්‍රවේශවීමට මෙම වගුව මත ක්ලික් කරන්න

EW කේතය යටතේ අනු අංකනය කර ඇති තොගවල එක් තොගයකින් සිදුවන හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 1,000 සිට 2,000 දක්වා අතර අගයක් ගනී.

සම්පූර්ණ වගු එකතුව සහිත PDF ගොනුව වෙත ප්‍රවේශවීමට මෙම වගුව මත ක්ලික් කරන්න

 

F කේතය යටතේ අනු අංකනය කර ඇති තොගවල එක් තොගයකින් සිදුවන හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 100 සිට 1,500 දක්වා අතර අගයක් ගනී.

සම්පූර්ණ වගු එකතුව සහිත PDF ගොනුව වෙත ප්‍රවේශවීමට මෙම වගුව මත ක්ලික් කරන්න

 

301 සහ 320  කේත යටතේ අනු අංකනය කර ඇති තොගවල එක් තොගයකින් සිදුවන හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 100 සිට 750 දක්වා අතර අගයක් ගනී.

පාර්ඩි කූපර් පෙන්වා දෙන පරිදි මේ අයුරින් ඖෂධ තොග අංකනය කිරීම සිදු කරන්නේ විවිධ මාත්‍රාවලින් ඖෂධය අත්හදා බැලීම් සිදු කරන විට ඒවා ලබාගන්නා පුද්ගලයා මත ඒවා විසින් සිදු කරන ශාරිරික බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා බවයි. එනම් මෙම කොවිඩ්-19 එන්නත් තුළ විවිධ සංඝටක විවිධ මාත්‍රාවලින් අන්තර්ගත කර ඒවා සමස්ත මානව ප්‍රජාව මත අත්හදා බලා ඇති බවයි. එන්නතේ තොග අංකය ඒ ඒ පුද්ගලයාගේ එන්නත් කාඩ්පත යටතේ ඉලෙක්ට්‍රොනික ලෙස ලියාපදිංචි වන බැවින් විවිධ ක්‍රම හරහා එන්නතේ බලපෑම නිරීක්ෂණය කිරීමට අදාළ පාර්ශ්වයන් වෙත හැකියාව ලැබී ඇත.

මොඩෙර්නා එන්නත් තොග අංකනය සහ ඒවායේ හානිකර බව අතර සම්බන්ධතාව

මොඩෙර්නා එන්නත් තොග අංකනය කර ඇති ආකාරය තුළද මීට සමාන රටාවන් දැකිය හැකිය.මොඩෙර්නා එන්නත්වල “20A ” සහ “ 21A” යනුවෙන් අංකනය කර ඇති තොග විසින් බරපතල ශාරිරික හානි සහිත හානිකර ප්‍රතිඵල ඇති කිරීමට හේතුවී තිබේ. 20A යනුවෙන් අවසාන වන තොග ඉතා අධික විෂ සහිත ඒවා ලෙස සැලකිය හැකිය.VAERS දත්ත පද්ධතිය වෙත වාර්තා වී ඇති හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම් 1719ට ඉහළ සියලුම සිදුවීම් වලට හේතු වී ඇත්තේ මොඩෙර්නා එන්නත් තොග අංක 20A කාණ්ඩය යටතේ ලේබල් කර ඇති ඒවාය.

එන්නත්වල විෂ සහිත බව අනුව ඒවා අයත් තොග ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයට අනු අංකනය කර ඇති බව නිරීක්ෂණය කළ හැකි යැයි පාර්ඩිකූපර් පවසයි. තොග අංකවල මැද සඳහන් ඉංග්‍රිසි අකුරුද ඒවායේ ඇති හානිකර මට්ටම හෝ ඒවා තුළ පවත්නා විෂෙහි තීව්රතාවය පෙන්වන නිදර්ශකයක් ලෙස සැලකිය හැකිය. J, K, L, M, යන අකුරු සහිත තොග හානිකර බැවින් වැඩි ඒවා වන අතර A, B, C, D, E,සහ F. යන අකුරු සහිත ඒවා හානිකර බැවින් සාපේක්ෂව අඩුය.

වෛද්‍ය තෝමස් ලී ෆ්ලැනිගන්

නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත විසින් තෝමස් ලී ෆ්ලැනිගන්  නම්  ශල්‍ය වෛද්‍යවරයෙකුගේ හදිසි මරණයක් පිළිබඳව පුවතක් පළකර තිබිණි. එම වෛද්‍යවරයා අනපේක්ෂිත ලෙස මරණයට පත්වීමට පළමුව ඔහු විසින් තමා ලබාගත් කොවිඩ්-19 එන්නතේ කාඩ් පත පෙන්වමින් ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලාවල පල කර තිබූ අතර නිව්යොර්ක් පොස්ට් පුවත්පත විසින් එය සිය වෙබ් අඩවියේ පළකර තිබිණි. එම කාඩ්පත අනුව එම වෛද්‍යවරයා ලබාගෙන ඇත්තේ මොඩෙර්නා 20A කාණ්ඩයට අයත් එන්නතකි.

එක්සත් ජනපදය පුරා විෂ සහිත එන්නත් තොග රැසක් බෙදා හැර තිබේ. 2021 එක ජනවාරියේදී කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරින් විසින් මොඩෙර්නා එන්නතේ 041L20A යන තොග අංකය යටතේ වන එන්නත් මගින් ජනතාව එන්නත් කිරීම වහාම අත්හිටුවන ලද්දේ එක් එන්නත්කරණ මධ්‍යස්ථානයකදී ඉතා අසාමාන්‍ය ලෙස බරපතල අසාත්මිකතාවන්ට එන්නත් ලබාගත්තවුන් ගොදුරුවීම නිසාය.
මෙම අත්හිටුවීම සිදු කරන ලද්දේ ඖෂධ නිෂ්පාදක සමාගම, එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (FDA) සහ රෝග පාලන මධ්‍යස්ථානය (CDC) විසින් මෙම තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පවත්වනු ඇතැයි යන අපේක්ෂාවෙනි. නමුත් ඉහත ආයතන සියල්ලම එකාවන්ව තීරණය කර ඇත්තේ “මෙම අත්හිටුවීම දිගටම ක්‍රියාත්මක කරගෙනයාමට පිටුබලය සපයන කිසිදු විද්‍යාත්මක් පදනමක් නොමැත. ” යනුවෙනි. ඒ අනුව මෙම අතිශය හානිකර එන්නත් තොගය මගින් ජනතාව එන්නත්කරණය “වහාම නැවත ආරම්භ කරන ලෙස ” දැනුම් දෙන ලදි.

HowBadIsMyBatch.com වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇති ආකාරයට VAERS දත්ත පද්ධතියේ දත්ත අනුව 2021 දෙසැම්බර් මස 29 වැනි දින විට ඉහත මොඩෙර්නා තොග අංක 041L20A යටතේ වන එන්නත් තොගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 32ක් වන අතර බරපතල හානිකර ප්‍රතිඵල සංඛ්‍යාව 2,679කි. මාරාන්තික ශාරිරික හානි 29ක් ද ආබාධිත තත්ත්වයට පත්වීම් 26ක්ද සිදුව තිබේ.

VAERS දත්ත පද්ධතිය වෙත වාර්තාවන්නේ එන්නත්වලින් සිදුවන හානිවලට අදාළ සිදුවීම්වලින් සියයට එකක් පමණක් බව අධ්‍යයනයක් විසින් පෙන්වා දෙයි

මෙහිදී සෑම විටෙකම මතක තබාගත යුතු කරුණ නම් VAERS දත්ත පද්ධතිය යනු දත්ත ලබාගැනීම සඳහා වන සංවිධානාත්මක කාර්යක්ෂම යාන්ත්‍රණයක් නොමැති අක්‍රිය ක්‍රමයක් බවයි. එය වෙත වාර්තා වනුයේ එන්නත්වලින් සිදුවන හානිවලින් ඉතා අඩු ප්‍රතිශතයක් බව විවිධ අධ්‍යයන රැසක් මගින් පෙන්වා දී තිබේ. “හාර්වර්ඩ් පිල්ග්‍රිම්ස් හෙල්ත් කෙයා ආයතනය ”(Harvard Pilgrim Health Care, Inc) විසින් කර ඇති අධ්‍යයනයකට අනුව VAERS දත්ත පද්ධතිය වෙත වාර්තා වන්නේ බරපතල හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම්වලින් 1%ක් පමණි

එන්නත්වලින් සිදුවන හානි පිළිබඳ සිදුවීම්වලින් VAERS දත්ත පද්ධතිය වෙත වාර්තා වන්නේ ඉතා අවම ප්‍රමාණයක් බව ඖෂධ සමාගම් විසින් පවා පිළිගෙන තිබේ. ඒ අනුව වාර්තාවන සිදුවීම් ප්‍රමාණය සැබෑ සිදුවීම් ප්‍රමාණයට වඩා 50 වාරයක් අඩුවෙනි. මේ අනුව නිගමනය කළ හැක්කේ එන්නත්වලින් සිදුවන හානිකර ප්‍රතිඵල පිළිබඳ සිදුවීම්වල සැබෑ සංඛ්‍යාව වාර්තාවී ඇති සංඛ්‍යාවට වඩා 10 ගුණයක සිට 100ගුණයක් දක්වා විශාල විය හැකි බවයි.

එක්සත් ජනපදය වැනි රටවල පවා තත්ත්වය එබඳුය. එහි ජනතාවන්ගෙන් බොහෝ දෙනෙකු මෙවැනි පද්ධතියක් පවත්නා බව හෝ දන්නේ නැත. බොහෝ වෛද්‍යවරුන් සහ රෝහල් බලධාරින් විසින් දැනුවත්ව එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ වාර්තා කිරීමෙන් වැලැකී සිටිති. ලංකාව වැනි රටවල තත්ත්වය අතිශයින් ඛෙදජනකය. ඒවා තුළ VAERS දත්ත පද්ධතිය වැනි ක්‍රම ස්ථාපිත කර නැත. එන්නත්කරණය සිදුවූයේ හමුදා සහ පොලිස් බලාත්කාරය යටතේ වන බැවින් එයින් සිදුවන හානිකර ප්‍රතිඵලවලට තමන් ලක්ව ඇතැයි වාර්තා කිරීමට යාම මගින් ප්‍රචණ්ඩ පලිගැනීම්වලට ලක්වීමට හෝ රැකියාව අහිමි වීමට හෝ හේතුවනු ඇතැයි මිලිටරීකරණයට ලක් කරන ලද එන්නත්කරණයේ ගොදුරුබවට පත්   වින්දිතයෝ බියට පත්වී  සිටිති.

සෑම කොවිඩ්-19 එන්නත් කුප්පියකම ඇත්තේ එක හා සමාන සංයෝජනයක් නොවේ.

මයිකල් යීඩන්

මයිකල් යීඩන් ෆයිසර් සමාගමේ අසාත්මික සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සම්බන්ධ පර්යේෂණ කටයුතු භාරව කලක් කටයුතු කළ විද්‍යාඥයෙකි. ඔහු ෆයිසර් සමාගමේ උපසභාපතිවරයෙකුද ලෙසද කටයුතු කර තිබේ. ඔහු විසින් වසර 32ක කාලයක් පුරා ඖෂධ නිෂ්පාදන කර්මාන්තය තුළ ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් මෙහෙයවා ඇත.

කොවිඩ්-19 එන්නත්වල හානිකර  බලපෑම් පිළිබඳව ඇති බරපතල වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් මයිකල් යීඩන් මෙසේ පැවසීය.

“ඒවා ඉතා විෂ සහිත ඒවා වනවා විතරක් පමණක් නොවෙයි. ඒවා දැඩි වෙනස්කම්වලින් යුක්තයි. එහි තේරුම සෑම එන්නත් කුප්පියකම ඇත්තේ එක හා සමාන සංඝටකයන් නොවන බවයි. මට එය සියයට සීයක්ම විශ්වාසයි. එක් එක් තොගය මගින් ඇති කරන හානිකර ප්‍රතිඵලවලට හේතුව මෙම එන්නත් කුප්පිවල ඇත්තේ එකම සංඝටක නොවීම නිසා බව මම දැඩි ලෙස විශ්වාස කරනවා.”

“සෑම එන්නත් තොගයකම සංයුතිය එක හා සමානව පවත්වාගෙන යමින් ඒවා නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව මෙම සියලු සමාගම් දන්නවා . ඒවා ඉහළ වෘත්තිමය හැකියාවන් සහ සුදුසු කම් සහිත ආයතන. ප්‍රශ්නය ඔවුන් විසින් එය නොකිරීමයි. ”

“ඔවුන් විසින් මෙය සැලසුම් සහගතව චේතාන්විතව කරන දෙයක් යන නිගමනය පැමිණීමට මට සිදුව තිබෙනවා. මක් නිසාද යත් දැන් මහජනයා එන්නත්කරණය කිරීම ඇරඹීමෙන් වසරකට පසුව ඒවායේ සුරක්ෂිතතාව, කාර්යක්ෂමතාව ආදිය පිළිබඳ දත්ත පවතිනවා. ඔවුන්ට VAERS දත්ත පද්ධතිය වෙත ගොස් මෙම එන්නත්වල බරපතල ලෙස හානිකර හානිකර ප්‍රතිඵල පිළිබඳ දත්ත ලබාගෙන සිදුවන්නේ කුමක්දැයි වටහාගැනීමේ හැකියාව තිබෙනවා. ඇත්තටම සිදුවන්නේ කුමක් ද කියා ඔවුන් දන්නවා. නමුත් ඔවුන් විසින් තවමත් මෙම එන්නත්කරණය නැවැත්වීමට කටයුතු නොකිරීම නිසා මට එන්න තියෙන නිගමනය ඔවුන් මෙය කරමින් සිටින්නේ ඉතා දැනුවත්ව සහ අරමුණු සහගතව බවයි. ”

එක්සත් ජනපදය පුරා බෙදාහැර ඇති එන්නත් තොගවලින් වඩාත් විෂ සහිත තොග විවිධ ප්‍රාන්ත රාජ්‍යයන් පුරා බෙදාහැර ඇති බවටත් අඩු අවදානමකින් යුතු එන්නත් තොග ප්‍රදේශ කීපයකටත් පමණක් බෙදාහැර ඇති බවටත් මතුව ඇති කරුණු සම්බන්ධයෙන් විමසනු ලදුව මයිකල් යීඩන් මෙසේ පැවසීය.
“ මෙය හිතාමතා නොකරන ලද අහම්බෙන් සිදුවූ දෙයක් නම්, එන්නත් තොග බෙදාහරින ලද සෑම අවස්ථාවකම එක තොගයක් එක හා සමාන ප්‍රමාණයකින් සෑම ප්‍රාන්තයකටම යවා ඇති බව ඔබට නිරීක්ෂණය කළ හැකි වනු ඇත. ”

“ අප විසින් මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ කළ යුතුව තිබෙනවා. නමුත් සති කීපයකට පෙර අපගේ පරීක්ෂණවලදී අප සොයාගත් දේවල් අනුව ඉතා අධික ලෙස විෂ සහිත එන්නත් ප්‍රාන්ත රාජ්‍ය රැසක් තුළ බෙදා හැර තිබෙනවා. මේ කරුණ තහවුරු කළ හැකි නම් මේ සියල්ල කලින් සැලසුම් කරන ලද දෙයක් බවට එය සාක්ෂියක් වනු ඇත. වඩාත් විෂ සහිත එන්නත් තොග රට පුරා විවිධ ප්‍රාන්ත රාජ්‍ය තුළ ව්‍යාප්තවන පරිදි සහ තුනීවන පරිදි ඔවුන් කල් තබා දැනගත්තේ කොහොමද?”

 

මතු සම්බන්ධයි.

මූලාශ්‍ර

  1. UPDATED: Small percent of vaccine batches responsible for large number of adverse reactions, analysts claim
  2. VARIATION IN TOXICITY OF COVID VACCINE BATCHES
  3. How Bad is My Batch website
  4. Good Manufacturing Practices-GMP-CFR – Code of Federal Regulations Title 21
  5. එක්සත් ජනපදයේ එන්නත් වල අතුරු ආබාධ පිළිබඳ තොරතුරු පද්ධතිය( Vaccine Adverse Events Reporting System-VAERS)
  6. VAERS COVID Vaccine Adverse Event Reports
  7. TUTORIAL 1 EXTRACTING BAD BATCH DATA FROM VAERS – DEATHS, DISABILITIES, L THREATENING ILLNESSES
  8. COVID VAX VARIABILITY BETWEEN LOTS – INDEPENDENT RESEARCH BY INTERNATIONAL TEAM
  9. CFR – Code of Federal Regulations Title 21
  10. NON-GMP-COMPLIANT BATCHES ASSOCIATED WITH DEATHS AND DISABILITIES
  11. Quality rolling review CHMP overview and list of questions-European Medicines Agency
  12. Pfizer’s Response to CBER Comments Received on 20 November 2020, Regarding Overall CMC Information
  13. Pfizer-BioNtech serious advers events-by lots, (How bad is my bacth)
  14. DO PFIZER BATCH CODES CODE FOR TOXICITY ?