පුද්ගලික පදනම් ආයතන සහ ඖෂධ සමාගම් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයමින් එය සිය මානව විරෝධී අරමුණු ඉටුකරගැනීමට යොදාගැනීම: කොරෝනා වසංගත ප්‍රෝඩාව සහ ලංකාවේ වත්මන් සමාජ ආර්ථික විනාශය

 

අජිත් සී හේරත්

හැඳින්වීම

ලෝක සෞඛ්‍ය සංවිධානය තමන් පෙනී සිටින්නේ  “ජාතික රාජ්‍යයන් 194ක පොදු එකඟතාව සහ සම්පත් දායකත්වය සහිත ජාත්‍යන්තර වැඩ පිළිවෙළක් මගින් ලෝක ජනතාවගේ සෞඛ්‍යමය අවශ්‍යතා  ඉටු කිරීම” වෙනුවෙන් බවට ප්‍රකාශ කරන නමුත් කටයුතු සිදුවන්නේ සම්පූර්ණයෙන්ම එයට ප්‍රතිවිරුද්ධ ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එහි පැවැත්ම සහ ව්‍යාපෘති  අරමුදල්වලින් 80%කට ආසන්න අතිවිශාල ප්‍රතිශතයක් ලබාගන්නේ එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රිතාන්‍යය වැනි බටහිර රාජ්‍යයන් වෙතින් සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, වෙල්කම් පදනම, රොකෆෙලර් පදනම වැනි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙතිනි. එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතැම් ඖෂධ සමාගම් වෙතින් සෘජුවම ද අරමුදල් ලබා ගනී. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රියාවට නැංවෙන “ගෝලීය සෞඛ්‍ය වැඩ පිළිවෙළ” ඉහත රාජ්‍යයන්ගේත්, පදනම් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලත්, ඖෂධ සමාගම්වලත් භූ ‌උපායික සහ වාණිජ අවශ්‍යතාවන් ඉටුකෙරෙන න්‍යාය පත්‍රයකට යටත් එකක් බවට පත්වීම වැළක්විය නොහැක. මෙවැනි පසුබිමක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‌සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය ඒකාධිකාරයක් නිර්මාණය කර ගැනීම සඳහා තමන් වෙත අතිමහත් බලතල ‌‌කේන්ද්‍රගත කරගැනීමේ අරමුණෙන් ඉදිරිපත් කර ඇති යෝජිත නව “වසංගත ගිවිසුමට” සහ 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා යෝජිත සංශෝධන කෙරෙහි දැඩි අවධානයක් ලෝකය පුරා විවිධ වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, නීති විශාරදයන්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නවුන් ඇතුළු විශාල පිරිසකගේ අවධානයට යොමුව ඇත.

මේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී සම්මත කරගැනීමට අපේක්ෂා කරන මෙම යෝජනා මගින්, මූලික මානව හිමිකම්,  බලහත්කාරි ලෙස නැතහොත් සිය දැනුවත් එකඟතාවකින් තොරව සිදුවන වෛද්‍ය විද්‍යාත්මක අත්හදා බැලීම්වලට  හෝ ‌ වෛද්‍ය ප්‍රතිකාරවලට ගොදුරු නොවී සිටීමට පුද්ගලයාට ඇති අයිතිය එනම් ශාරිරික අනුල්ලංඝණීයතාව සඳහා වන අයිතිය, අදහස් පළකිරීමේ සහ විරෝධය දැක්වීමේ අයිතිය, ඖෂධ සහ එන්නත්වල අන්තර්ගතයන් සහ ක්‍රියාකාරිත්වය සහ අතුරු ආබාධ පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය, ශාස්ත්‍රීය නිදහස සඳහා වන අයිතිය ඇතුළු මානව අයිතීන් ගණනාවක් උල්ලංඝණය වන බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ජනතාවන් වෙත සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ඔවුන්ගෙන් ඉවත්කිරීමට අධිකාරයක් මේ මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැවැරෙන බවද ඔවුහු පෙන්වා දෙති. එපමණක් නොව ජාතික ස්වාධිපත්‍යය සහ ස්වකීය මහජන නියෝජිතයන්ගෙන් තෝරා පත්කරගනු ලබන පාර්ලිමේන්තු මගින් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමට හෝ හානිකර සෞඛ්‍ය ප්‍රතිපත්ති ඉවත්කිරීමට ජනතාව සතු පරමාධිපත්‍යයද මේ මගින් ශුන්‍ය කර දැමෙන බව ජාත්‍යන්තර නීති විශාරදයන් විසින් පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට බිලියන ගණන් අරමුදල් පොම්ප කරමින්ද, එය තුළ ස්වකීය ඒජන්තයන් ස්ථානගත කරමින්ද එහි ප්‍රතිපත්ති සැකසීමේ බලය ඖෂධ සමාගම් සමග හවුල් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින මැකින්සි  වැනි උපදේශන සේවා වෙත අත්පත්කරගනිමින්ද  සිටින බලවේග විසින් මෙහෙයවනු  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම බල කොල්ලය නැවැත්වීමට ලෝක ජනතාව අසමත්වුවහොත් ඔවුන්ට ජීවත්වීමට සිදුවනු ඇත්තේ සදාකාලික සහ අනවරත ” ප්‍රෝඩාකාරි වසංගත රැළි මාලාවන් ” තුළ ස්වකීය ආර්ථික ජීවිතය සහ සමාජ ජීවිතය විනාශ  කරනු ලබන්නාවූත් මානව හිමිකම්, ජාතික ස්වාධිපත්‍යය, සිතීමේ සහ අදහස් පළකිරීමේ අයිතිය ආදි සියලු අයිතීන්  අහිමිකරනු ලද්දාවූත්  ඩිස්ටෝපියානු ග්‍රහලෝකයක් තුළය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍ය ආධාර සපයනු ලබන බලවේගයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය හඳුනාගැනීම ඉහත අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලයේ අත්‍යවශ්‍ය මූලික පියවරක් වෙයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ “එකම සෞඛ්‍යයක් ප්‍රවේශය” (one health approach) උත්කර්ෂයට නංවන ‌ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය ඇමැතිනිය ඇතුළු සෞඛ්‍ය බලධාරින් විසින් ද , ඊනියා “වසංගත මර්දනය” සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටි ජවිපෙයේ “අනාගත සවුක්කිය ඇමැතිවරුන් ” විසින් ද,  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙරට දමන ලද වසංගත ප්‍රෝඩාව යටතේ  ” ආණ්ඩුව නිරෝධායන ඇඳිරි නීති මගින් රට වසා නොදමන්නේ නම් අපි  වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මගින් ඇඳිරි නීතිය පනවන්නෙමු” යැයි වහසි බස් දොඩමින් රටේ ආර්ථිකය කඩා කප්පල් කරමින් රට ණය උගුලෙහි පටලවමින් වත්මන් ආර්ථික සහ සමාජ විනාශයට මං පාදන ලද වෘත්තිය සමිති නායකයන් විසින් ද,  “සියලු ගුරුවරුන් සහ සිසුන් කොවිඩ් -19 එන්නත්කරණයට ලක් කරන තෙක් පාසල් විවෘත නොකරනු” යැයි මුග්ධ සටන් පාඨ ඉදිරිපත් කරමින් මාරාන්තික සෞඛ්‍ය ගැටළු ඇති කරන ලද්දා වූ ජාන විකෘතිකාරක mRNA එන්නත්කරණයටද දෙවසරක් පුරා පාසල් වසා දැමීමට ද  උඩගෙඩි සපයමින්  පරම්පරාවක අධ්‍යාපන අයිතිය  සහ සෞඛ්‍ය විනාශ කිරිමටද  දායක වූ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් සහ විශ්ව විද්‍යාල ඇදුරන්ගේ සංවිධාන ද ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඖෂධ සමාගම් විසින් පෙරට දමන ලද එන්නත් ප්‍රචාරක සටන්පාඨ ගිරා පෝතකයන් ලෙස කිසිදු වගවිභාගයකින් තොරව ප්‍රතිරාවය කරමින් ” එම එන්නත්වලින්  කිසිදු  අතුරු ආබාධයක්දු සිදු නොවේ “යැයි වාචාල දොඩන ලද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින්ද, නැති වසංගතයක් පවතින බවට මවා පෑම සඳහා  නිරෝගී පුද්ගලයන් කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හංවඩු ගැසීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යොදාගත්  ප්‍රෝඩාකාරි  PCR පරීක්ෂණයේ උද්‍යෝගිමත් හවුල්කරුවෙකු වෙමින්  ජාතික සෞඛ්‍ය පද්ධතිය සඳහා වූ අනිවාර්ය වියදම් කපාහරිමින් ඒවා PCR පරීක්ෂණ කට්ටල නිපදවන සමාගම්වල ගිණුම්වලට  බැර කිරීමට ආණ්ඩුවට සහාය වූ කොවිඩ් -19 භීෂණ ව්‍යාපාරයේ නියමුවෙකු වූ රවී කුමුදේෂ් වැන්නන් විසින් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රෝඩාකාරි වසංගත ආඛ්‍යානය ප්‍රශ්න කෙරෙන සියලු අදහස්  සහ ප්‍රවෘත්තී ස්වයංවාරණයකට ලක්කරගන්නා අතරම ජනමාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬතලන ජනමාධ්‍යවේදීන් විසින්ද වටහාගත  යුතුව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එය පිළිබඳව පාසල්වල 9 වැනි පන්තියේදී ඉගැන්වෙන දේවලට වඩා බොහෝ සෙයින් සංකීර්ණ භූ දේශපාලන ප්‍රපංචයක් බවය.

පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ ඖෂධ සමාගම් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය උපයෝගි කරගනිමින් වර්ධනය කරමින් සිටින්නා වූ ” වසංගත කර්මාන්තය” (Pandemic Industry) මගින් “අනිවාර්ය එන්නත්කරණය” වැනි උපක්‍රම මගින්  ඇමෙරිකන් ඩොලර් බිලියන සිය ගණනක් ලාභයක් උපයාගැනීමට සමත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙරට දමන බලහත්කාරි “වසංගත මැඩ පැවැත්වීමේ උපක්‍රම” විසින් ලෝක ජනතාවගේ සෞඛ්‍යමය යහපැවැත්මට, මානව සහ සිවිල් අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙමින් පවත්නා තර්ජනය දිනපතා උත්සන්න වෙමින් පවතී. එමෙන්ම ඖෂධ සමාගම් විසින් ලෝක  සෞඛ්‍ය සංවිධානය හරහා ගෝලීය සෞඛ්‍ය අවදානමක් ප්‍රකාශයට පත්කරවාගැනීමෙන්   “හදිසි අවස්ථා අනුමැතිය යටතේ” මහජන භාවිතය සඳහා නිර්දේශ කරන ඖෂධ අත්හදා බැලීමේ  පර්යේෂණ සඳහා ලෝක ජනතාව  පරීක්ෂණාගාර මීයන් බවට පත්කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයමින්  ඒ තුළ සිය ආධිපත්‍යය තහවුරු කරගෙන ඇති  ඖෂධ සමාගම් සහ විවිධ මානව විරෝධී සහ සැඟවුණු අධිපතිවාදි අරමුණු සහිත  න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරමින් සිටින විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ පදනම් ආයතනවල ක්‍රියාකාරිත්වය අපගේ දැඩි විමසිල්ලට ලක්විය යුතුව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ලෝකයේ සියලුම රටවල ජාතික සෞඛ්‍ය පද්ධතියට අයථා මැදිහත්වීම් සිදු කරමින් සිටින බැවිනි.

එක්සත් ජනපදයේ පතල් සහ ඉන්ධන කර්මන්තයේ ඒකාධිකාරය හොබවන ලද රොකෆෙලර්වරුන් විසින් 1914 දී කොලරාඩෝහි ලඩ්ලෝවල වර්ජිත කම්කරුවන් සේවයෙන් නෙරපා හරින ලදි. පසුව එම කම්කරුවන් ආසන්න පෙදෙස්වල කුඩාරම් බැඳ සිය පවුල්පිටින් ජීවත් වූ කුඩාරම් කඳවුරට පහරදුන් කණිෂ්ඨ රොකෆෙලර්ගේ මිනිමරු කුලී සොල්දාදුවන් කම්කරු කුඩාරම් නිවාස ගිනිතබමින් බිළිඳු දරුවන් සහ ස්ත්‍රීන් පුළුස්සා මරා දමන ලද ආකාරය එක්සත් ජනපද පුවත්පත් විසින් වාර්තා කර තිබූ ආකාරය

ලෝක සෞඛ්‍ය සංවිධානය බිහිවූයේ ජාතික රාජ්‍යයන්ගේ සම්මුතියක් මගින් නොවේ. එය ඇමෙරිකාවේ සිටි කෲරතම ධනවාදියා ලෙස සැළකෙන රොකෆෙලර්ට අයත් පුද්ගලික  ආයතනයක් වන රොකෆෙලර් පදනමේ මහජන සෞඛ්‍ය කටයුතු පිළිබඳ අංශය ලෙස බිහිවූ එකකි. ලෝකයේ දැවැන්තම ඛනිජතෙල් නිෂ්පාදන සමාගම් රැසක හිමිකරුවා වූ ජෝන් ඩී. රෝකෆෙලර් ඛනිජ තෙල් නිෂ්පාදනයේ අතුරු සංයෝග හරහා ඖෂධ නිෂ්පාදනයට අතගැසූ අතර ඔහු මහජන සෞඛ්‍ය පිලිබඳ ප්‍රතිපත්ති සැකසීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන ලද්දේ එමගින් තම ඖෂධ නිෂ්පාදන වෙළඳ පොළක් නිර්මාණය කරගැනීමේ මූලික ව්‍යාපාරික අරමුණද සහිතවය. පසුකලෙක ජාතින්ගේ ලීගයේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ලෙස ජාත්‍යන්තර තත්ත්වයක් හිමිකරගත් මෙම රොකෆෙලර් සංවිධානය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස සිය ජාත්‍යන්තර පිළිගැනීම ව්‍යාප්ත කරගැනීමට සමත් විය. මේ වනවිට ‌ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ  බිල්ගේට්ස් විසින් අත්පත්කරගෙන ඇති ආධිපත්‍යය විසින් එහි සාමාජික රටවල ජාතික සෞඛ්‍ය අවශ්‍යතාවන් බටහිර රාජ්‍යයන් සහ බහුජාතික සමාගම් විසින් පෙරට දමා ඇති න්‍යාය පත්‍රයට මුළුමණින්ම යට කර තිබේ.

අන්තර්ගතය

(අවශ්‍ය ‌සිරස්තලය මත ක්ලික් කිරීම මගින් ඒ යටතේ වන විස්තරයට ඔබට සෘජුවම ප්‍රවේශවිය හැකිය.)
1. ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලැබෙන්නේ කාගෙන් ද?
2. ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබා දෙන ඖෂධ සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, පදනම් ආයතන සහ පුද්ගලික දානපතියන්
2.1 බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම
2.1.1. බිල් ගේට්ස් සහ ඖෂධ නිෂ්පාදන සමාගම් සංකීර්ණය සතු සම්බන්ධකම්
2.1.2. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ඉහළ තනතුරු හොබවන්නේ දැවැන්ත ඖෂධ සමාගම්වල සේවය කළ විධායක නිලධාරින්ය.
2.1.3. ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස්: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පුටුවට බිල්ගේට්ස් විසින් තම එහෙයියෙකු පත්කරගැනීම
2.1.4. SAGE හෙවත් උපායමාර්ගික උපදේශනය සඳහා වන විශේෂඥ කණ්ඩායම
2.1.5. ඖෂධ සමාගම්වල ඖෂධ අත්හදා බැලීම් සඳහා ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් දුප්පත් රටවල ජනතාව කෲර සහ වංචනික ලෙස යොදාගැනීම
2.1.6. බිල් ගේට්ස්ගේ පෝලියෝ එන්නත ලොව පුරා යළි පෝලියෝ ව්‍යාප්තිය උත්සන්න කරයි.
2.1.7. අප්‍රිකානු ස්ත්‍රින් වන්ධ්‍යාකරණයට ලක් කිරීම
2.1.8. ගෝලීය දකුණේ දුප්පත් රටවල ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීම
2.1.9. දූෂිත ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරින් හරහා ඒ ඒ රටවල ජාතික එන්නත්කරණ වැඩ පිළිවෙළ තම නව එන්නත් වර්ග අත්හදා බැලීම සඳහා වාහකයක් කරගැනීම
2.1.10. බිල් ගේට්ස්ගේ PATH සංවිධානය විසින් ඉන්දියාවේ දුප්පත් ගෝත්‍රික ප්‍රජාවන්හි පාසල් දැරියන් යොදාගනිමින් සිදු කළ HPV එන්නත් අත්හදා බැලීමේ මාරාන්තික පරීක්ෂණ
2.1.11 රාජ්‍යයන්ගේ පොදු සෞඛ්‍ය පද්ධති දුර්වල කිරීම
2.1.12. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා බිල් ගේට්ස් විසින් ඖෂධ සමාගම්වල ලාභය වැඩි කරගැනීමට උපදෙස් දෙන මැකින්සි කළමණාකරණ සමාගම යොදවා ගැනීම
2.1.13. ගෝලීය දකුණේ රටවල ආහාර නිෂ්පාදනය සියතට ගැනීම සඳහා ගේට්ස් පදනමේ සැලසුම්
2.1.14. ඖෂධ සහ එන්නත් මගින් සිදුවන හානිවලට ඖෂධ සමාගම් විසින් වන්දි ගෙවිය යුතුය මූලික නීතිය අහෝසි කිරීමට බිල් ගේට්ස් සියලු ජාතික රාජ්‍යයන් වෙත බල කරයි.
2.1.15. mRNA එන්නත් තාක්ෂණය සහ පෙන්ටගනයේ උසස් ආරක්ෂක පර්යේෂණ ඒජන්සියේ මැදිහත්වීම්

2.2 GAVI-එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සන්ධානය

2.3. බේයර් සහ මොන්සැන්ටෝ

2.4 මර්ක්(Merck & Co.)

2.5 වෙල්කම් ට්‍රස්ට් පදනම (Wellcome Trust)
2.5.1. වෙල්කම් ට්‍රස්ට් සමාගමේ යුජෙනික්ස් ඉතිහාසය
2.5.2. දුප්පත් රටවල ජනගහණය සීමාකරමින් ඒවායේ සම්පත් කොල්ලකෑමේ අධිරාජ්‍යවාදි සැලසුම්වලට සහායවීම
2.5.3. මානව ජාන ගෙනෝමය සහ ජාන විද්‍යාත්මක පරීක්ෂණ සඳහා දුප්පත් රටවල ජනතාව යොදා ගැනීම

2.6 එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට (Center for Decease Control) සම්බන්ධ CDC පදනම් ආයතනය ( CDC Foundation)
2.6.1. රෝෂ් සමාගමේ “ටැමිෆ්ලූ” ඖෂධයේ අත්හදාබැලීමේ සායනික පරීක්ෂණ වල දත්ත වසන්කරමින් එම ඖෂධය වෙළඳපොළට නිකුත්කිරීමට අවසර දීම
2.6.2. CDCය විසින් රොටාෂීල්ඩ් එන්නත අනුමත කිරීමේ ක්‍රියාවලිය තුළ සිදු වූ දූෂණ සහ ඒ මගින් සිදු වූ ළමා මරණ
2.6.3. CDC ආයතනයේ එන්නත් අනුමත කිරීමේ උපදේශක කමිටුවල සාමාජිකයන්ට ඖෂධ සමාගම්වල කොටස් හිමිකම් සහ පේටන්ට් බලපත්‍ර
2.6.4. CDC ආයතනය විසින් රොටාෂීල්ඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම පිටුපස ඇති අයථා ගනුදෙනු
2.6.5. 1980 දී සම්මත කරන ලද නීතියක් මගින් CDC ආයතන යට ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීමට අවසර දීම සහ ඉන්පසුව කෙටි කලක් තුළ CDC ආයතනය විසින් ළමුන් සඳහා අනිවාර්ය කරන ලද එන්නත් සංඛ්‍යාව දෙගුණවීම

2.7 අල්වාලීඩි පිලාන්ත්‍රොපිස් ග්ලෝබල් පදනම ( (Alwaleed Philanthropies Global)

2.8. GlaxoSmithKline (GSK) ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම
2.8.1. ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගමට එරෙහිව ලෝකය පුරා නැගී ඇති විවිධ චෝදනා
2.8.2. කම්කරු අයිතීන් උල්ලංඝණය කිරීම

3. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියත් කරන ලද වසංගත ප්‍රෝඩාව විසින් ශ්‍රී ලංකාව මත ඇති කරන ලද විනාශකාරි බලපෑම
3.1. වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යාම
3.2. වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස පහත වැටීම
3.3. මානසික සෞඛ්‍ය රෝග ඉහළ යාම
3.4. පාසල් වසා දැමීම මගින් පරපුරක් අධ්‍යාපනය කඩා කප්පල්කර ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්කිරීම
3.5. සැලසුම් සහගත ලෙස රට ණය උගුලේ හසු කරගැනීම සඳහා රටේ ආර්ථිකය විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙරට වසංගත ආඛ්‍යානය යොදා ගැනීම
3.6. වසංගත ප්‍රෝඩාව තුළ සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝණයන්
3.7. සෞඛ්‍ය, මූල්‍ය සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා බලය සෘජුවම බාහිර අධිපතිවාදි ආයතන විසින් පවරා ගැනීම සහ ආර්ථික විනාශයේ සාමාජීය පිරිවැය

1. ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලැබෙන්නේ කාගෙන් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය රඳා පවතිනුයේ ආදායම් මාර්ග දෙකක් මතය.

1. සාමාජික රටවලින් ලැබෙන අනිවාර්ය දායක මුදල (Assessed contributions)

මෙය තීරණය කරන්නේ ඒ ඒ රටේ දළ ජාතික නිෂ්පාදිතයේ  ප්‍රතිශතයක් ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයේ පොදු සම්මේලනයේදීය. පසුව එය දෙවසරකට වරක් රැස්වන ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී අනුමත කරනු ලැබේ. අනිවාර්ය දායක මුදල් මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල්වලින් 20%ක් පමණ ලැබේ. මෙම සාමාජික අරමුදල් සම්පූර්ණයෙන්ම යොදාගනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිපාලන වියදම් සඳහාය. මේ යටතට ජීනිවාහි පවතින එහි ප්‍රධාන මධ්‍යස්ථානය සහ වෙනත් රටවල පවත්නා අතුරු මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, ගොඩනැගිලි කුලී, කාර්ය මණ්ඩල වැටුප්, විශේෂඥ තාක්ෂණික උපදේශකයන් සඳහා කරන ගෙවීම්, කළමණාකරණ උපදේශන සමාගම් සඳහා කරන ගෙවීම් අයත් වේ. මෙම සාමාජික රටවල ගාස්තු මගින් එකදු සතයක්වත් ලෝකයේ කිසිදු රටක ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය සඳහා වියදම් නොකෙරේ.

2. ස්වේච්ඡා සහගත මුදල් පරිත්‍යාගයන්(voluntary donations)

මෙම අරමුදල් වර්ගයට අයත්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල්, එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් වෙනත් සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, පදනම් ආයතන සහ පුද්ගලික දානපතියන් විසින් කරනු ලබන පරිත්‍යාගයන්ය.  මෙම පරිත්‍යාග අරමුදල් යොදාගත හැක්කේ එම පරිත්‍යාගය ලබා දෙන්නා  විසින් තීරණය කරනු ලබන ව්‍යාපෘති නැතහොත් “විශේෂිත අරමුණු”  සඳහා පමණි. මෙම ස්වේච්ඡා සහගත අරමුදල් “ව්‍යාපෘති අරමුදල්” ලෙසද හැඳින්වෙන්නේ එහෙයිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමස්ත අරමුදල්වලින් ඉතිරි 80% ලැබෙන්නේ මෙවැනි ව්‍යාපෘති සඳහා පුද්ගලික සමාගම් හෝ ඒවාට අනුබද්ධිත පදනම් ආයතන විසින් ලබාදෙන පරිත්‍යාග ලෙසය. මෙම සමාගම්වලින් අති විශාල බහුතරයක් ඖෂධ හෝ සෞඛ්‍ය උපකරණ නිෂ්පාදනයේ බෙදාහැරීමේ හෝ ඒවාට අදාළ පහසුකම් හෝ උපදේශන සේවා සපයන සමාගම් වේ. වෙනත් වචනවලින් කිවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආදායමෙන් බහුතරයක් පැමිණෙනුයේ පුද්ගලික අංශයේ දායකයන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවන් සමග ගැටගැසෙමිනි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බොන්හි ලා ට්‍රොබ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය විද්‍යාලයේ (School of Public Health at La Trobe University in Melbourne) ආචාර්ය ඩේවිඩ් ලෙගේ (Dr. David Legge) විසින් Grayzone වෙබ් අඩවිය සමග පවසන ලද අන්දමට “ සාමාජික රටවලින් ලැබෙන අනිවාර්ය දායකත්ව මුදල්වලින් ආවරණය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිපාලන වියදම් පමණි. එම අරමුදල් සෞඛ්‍ය ව්‍යාපෘතියක් සඳහා වියදම් නොකරයි. එහි අර්ථය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලුම සෞඛ්‍යමය ව්‍යාපෘතින් සඳහා වියදම් ලැබෙන්නේ පුද්ගලික දායකයන්ගෙන් ලැබෙන පරිත්‍යාගයන් ලෙස බවයි. මෙවැනි පරිත්‍යාග වෙන් කරනු ලබන්නේ එය වෙන්කළ යුත්තේ කුමන ව්‍යාපෘතියකටදැයි යන්න ගැන අදාළ මූල්‍යාධාරය සිදු කරන සමාගම හෝ පදනම් ආයතනය විසින් ගනු ලබන තීරණය මතය.”

බිල් ගේට්ස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අදානම් ‌ ගේබ්‍රියේසස්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයන සමාගම් සහ පදනම් ආයතන අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, GAVI සන්ධානය, බ්ලූම්බර්ග් පවුලේ පදනම් ආයතනය, වෙල්කම් ට්‍රස්ට් පදනම, බේයර් සමාගම, මර්ක් සමාගම, නොවාර්ටිස් සමාගම, ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම, මර්ක් ෂාර්ප් සහ ඩෝම-චිබර්ට් සමාගම, ජොන්සන් සහ ජොන්සන් සමාගමට අයත් පදනම් ආයතනය,රොකෆෙලර් පදනම, අයිසායි සමාගම, රොබර්ට් කොක් ආයතනය, අල්වාලීඩ් පිලාන්ත්‍රොපීස් ග්ලෝබල් පදනම යනාදිය ප්‍රධාන තැනක් ගනී.

මෙම ස්වේච්ඡා සහගත දායක මුදල් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වසරේදී ඩොලර් මිලියන 70කට වැඩි ප්‍රමාණයක් සෘජුවම ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් ලබාගෙන තිබිණි. මේ අතර ගේට්ස් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත බලපෑම් සිදුකිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම්වලට අවශ්‍ය පහසුකම් සලසන වාහකයා බවට පත්වී ඇත. 2018-2019 මුදල් වර්ෂයේදී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ඩොලර් මිලියන 531 ක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇත.එම කාල සීමාව සඳහා ගේට්ස් විසින්ම බිහිකර පවත්වාගෙන යන GAVI සන්ධානය විසින් ඩොලර් මිලියන 370.7ක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ප්‍රදානය කර ඇත. මේ අනුව බිල්ගේට්ස් විසින් මෙහෙයවන මෙම පුද්ගලික ආයතන දෙක විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇති මුදල ඩොලර් මිලියන 901කි. එය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඒ කාල සීමාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දුන් ඩොලර් මිලියන 655.8ක මුදල ද මිලියන 245කින් පමණ ඉක්මවා යන්නකි.

2020-2021 මුදල් වර්ෂයේදී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඩොලර් මිලියන 592ක් ද GAVI සන්ධානය විසින් ඩොලර් මිලියන 413.2ක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇත. එහි එකතුව ඇමෙරිකන් ඩොලර් මිලියන 1005.2කි. එනම් ඩොලර් බිලියනයකට ආසන්නය. එය ඒ වසරේ දී වැඩිම මුදලක් පරිත්‍යාග ලෙස ලබාදුන් ජර්මනිය ලබාදුන් මිලියන 953 ද මිලියන 50කින් පමණ ඉක්මවා යන්නකි. එක්සත් ජනපදය එම වසරේදී පරිත්‍යාග ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 447.8කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ වසර 18ක් සේවය කළ සමාජ විද්‍යාඥ ඇලිසන් කේට්ස්ට අනුව“ ලෝක සෞඛ්‍ය සංවිධානය නවලිබරල්වාදී ගෝලීයකරණයේ ගොදුරක් බවට පත්ව තිබේ. වසර 2007 දී එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි මාගරට් චෑන් වෙත ලිපියක් ලියමින් ඇලිසන් කේට්ස් පොදු මහජන සංවිධාන තමන්ට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට විවිධ කූට ව්‍යාපාරික අරමුණු සහිත “පුද්ගලික අංශය” සහ “ප්‍රසිද්ධ දානපතියන්ගේ පදනම් ආයතන” වෙත හිඟමනේ යාම දැඩිව ලෙස විවේචනය කළාය.
අප විසින් පැහැදිලි කර ගත යුත්තේ පුද්ගලික සංවිධාන සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීප මුල්‍ය සම්බන්ධතාවන් හුදෙක් පෙරළා යම් වාසියක් අපේක්ෂාවෙන් දෙනු ලබන (quid pro quo) මුල්‍යාධාර වන්නේ නම් පමණක් එය ගැටළු සහගත වන බවයි. සැබැවින්ම දැන් සිදුවෙමින් පවතින්නේ ද එයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදලට 2018-2019 සහ 2020-2021 වසරවල පරිත්‍යාග ශීර්ෂය යටතේ මුල්‍ය ආධාර ලබාදුන් රටවල් සහ ආයතන

 රට හෝ ආයතනය  දායකත්ව මුදල (ඩොලර් මිලියනවලින්)
2018-2019
දායකත්ව මුදල (ඩොලර් මිලියනවලින්)
2020-2021
ඇමෙරිකා එක්සත් ජනපදය 655,8 447,8
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම 531 592
GAVI සන්ධානය 370,7 413,2
බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය 318,4 367,1
ජර්මනිය 188,5 953
ලෝක බැංකුව 132,5 158,1
යුරෝපා කොමිසම 122,1 309,5
ජපානය 121,6
කැනඩාව 72,6
නෝරවේ 54
රුසියාව 27,6 32,4
බ්ලූම්බර්ග් පවුලේ පදනම් ආයතනය (Bloomberg Family Foundation) 23,6 23,1
ඉතාලිය 23,6 36,1
ප්‍රංශය 23,4 35,5
ස්විට්සර්ලන්තය 23,4
නයිජීරියා 22,5 1,9
ඕස්ට්‍රේලියාව 21,5 31,3
ඉන්දියාව 18,3 41,2
වෙල්කම් පදනම (Wellcome Trust) 13,3 7,4
එක්සත් ජාතින්ගේ ජනගහණ අරමුදල (United Nations Population Fund-UNFPA) 10,7
චීනය 10,1 62,7
සනොෆි-අවෙන්ටිස් ඖෂධ සමාගම (Sanofi-Aventis) 8,6 10,7
එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට සම්බන්ධිත පදනම (CDC Foundation) 6,4 4,7
බේයර් සමාගම (Bayer AG) 3,7 4,2
මර්ක් ෂාර්ප් සහ ඩෝම-චිබර්ට් ඖෂධ සමාගම (Merck Sharp and Dohme-Chibret ) 3,5 2,4
ග්ලැක්සෝස්මිත්ක්ලයින් ඖෂධ සමාගම(GlaxoSmithKline-GSK) 3 2
අයිසායි ඖෂධ සමාගම(Eisai Co., Ltd) 0.6 0.4
මර්ක් ඖෂධ සමාගම(Merck) 0.5 0.3
ජොන්සන් සහ ජොන්සන් ඖෂධ සමාගම(Johnson and Johnson Family of Companies Contribution Fund, Inc.) 0.5
අල්වාලීඩ් පිලාන්ත්‍රොපීස් පදනම (Alwaleed Philanthropies) 4,6
නොවාර්ටිස් ඖෂධ සමාගම(Novartis) 1,5 1,6
රොකෆෙලර් පදනම (Rockefeller Foundation ) 0.8 5,6
රොබර්ට් කොක් ආයතනය (Robert Koch Institut-RKI)) 0.4

2. ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබා දෙන ඖෂධ සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, පදනම් ආයතන සහ පුද්ගලික දානපතියන්

2.1 බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම

ගේට්ස් පදනම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සපයනු ලබන අරමුදල් කිසියම් නිශ්චිත ව්‍යාපෘතියක් සඳහා පමණක් භාවිතා කළ හැකි අතර එම ව්‍යාපෘතිය කුමක්දැයි තීරණය කිරීමේ හැකියාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත නැත. එය තීරණය කරනු ලබන්නේ ගේට්ස් පදනම විසිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ගේට්ස් පදනම සපයන මුල්‍ය දායකත්වයේ අති විශාලත්වය සහ එහි බලපෑම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තෝරා පත් කර නොගන්නා ලද සහ නොනිල නායකයා බවට බිල් ගේට්ස් පත්ව තිබේ. 2012 ලෝක සෞඛ්‍ය සම්මේලනය(World Health Assembly – WHA) විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ න්‍යාය පත්‍රය තුළට “ගෝලීය එන්නත් කරණ සැලසුම” ඇතුළත් කරන ලද්දේ එනිසාය. මේ න්‍යාය පත්‍රයේ සමකර්තෘ අන් කිසිවෙක් නොව ගේට්ස් පදනමයි.
මෙල්බොන්හි ලා ට්‍රෝ විශ්ව විද්‍යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය විද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් ලෙගේ ට අනුව“ බිල් ගේට්ස් ගේ මුල්‍ය පරිත්‍යාග වූකලී සැබැවින්ම ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමකි.“ ඔහුගේ දැවැන්ත මුල්‍ය දායකත්වය විසින් ලෝක සෞඛ්‍ය සම්මේලනය සිය අයවැය තුළ සැබැවින් දීමට අපේක්ෂා කරන ප්‍රමුඛතාවන් විකෘති කර තිබේ”

සෞඛ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන මෙම ජාත්‍යන්තර සංවිධානය (එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය) බහුජාතික සමාගම්වල ආධිපත්‍යය පැතිරවීමේ වාහනයක් බවට පත්කරමින් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් දැනටමත් එය සාර්ථකව පුද්ගලීකරණය කර තිබේ. එය විසින් ගෝලීය දකුණේ ජනයා මත විෂ සහිත නිෂ්පාදන පැටවීමේ ක්‍රියාදාමයට පහසුකම් සපයා ඇතිවා පමණක් නොව ලොව දිළිඳුතම ජනයා ඖෂධ සමාගම්වල නිෂ්පාදන පරීක්ෂණයට ලක් කිරීමේ ක්‍රියාවලිය තුළ පරීක්ෂණාගාර මීයන් බවට පත් කර තිබේ.

මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ගේට්ස් පදනම සිය බලපෑම් සහගත බව ප්‍රායෝගිකව යොදාගනු ලබනුයේ මහජනයාගේ ආරක්ෂාව පිණිස පවත්නා වූ නීති සහ රජයේ අනෙකුත් ක්‍රියාකාරිත්වයන් දුර්වල කර ඒවා නොතකා හරිනු සඳහා යොදවන අතුරු හමුදාවක් ලෙසය. එහෙයින් ගේට්ස් පදනමේ ක්‍රියාකාරිත්වය සැළකිය හැක්කේ නිදහස් ජාතික රාජ්‍යයන්ට එරෙහිව බටහිර ප්‍රාග්ධන අවශ්‍යතාවන් ඉටුකරන ප්‍රවාහකයක් ලෙසය.

“ගේට්ස් පදනම හේතුවෙන් ස්වාධීන රාජ්‍යයන් එකක් පසු පස එකක් ලෙස සිය ස්වාධීනත්වය පාවා දෙන අයුරු මම නිරීක්ෂණය කර ඇත්තෙමි.” යි ඉන්දියාව පදනම් කොටගෙන ගොඩ නගන ලද විද්‍යාත්මක, තාක්ෂණික සහ පාරිසරික පර්යේෂණ සඳහා වන පදනම (Research Foundation for Science, Technology and Ecology) සංවිධානයේ නිර්මාතෘ වන ආචාර්ය වන්දනා ශිවා Grayzone  වෙබ් අඩවිය සමග පවසා තිබේ.

Foreign Affairs සඟරාවට අනුව “ ප්‍රතිපත්තිමය මුලපිරීම් සහ ක්‍රියාකාරකම් සඳහා ප්‍රමිතීන් කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කරන ලද අතර ගේට්ස් පදනමේ කාර්ය මණ්ඩලය සමග පැවැති හදිසි හමුවකින් පසු ඒවා නොනිල වශයෙන් විසිකර දමන ලදි. 2017 දී Politico සඟරාව සඳහන් කළේ “ගේට්ස්ගේ ප්‍රමුඛතාවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතාවන් බවට පත් වී ඇත” යනුවෙනි.
එක් විශාල රාජ්‍ය නොවන සංවිධානයක සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරියෙකු Global Health Watch වෙබ් අඩවිය සමග පැවැසුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිනිස්සුන්ට පිස්සු හැදිලා වාගේ පේන්නේ. හැම දේටම බිල් ගේට්ස්ට යේස් සර් යේස් සර් කියමිනුයි වැඩ කරන්නේ!” යනුවෙනි.

ගේට්ස්ගේ දාන පාරමිතාව හුදෙක් ඔහුගේ හදවතේ පවත්නා කාරුණික බව නිසා සිදු නොවන්නක් බව යමෙකු පැවසුවහොත් ඔහුට හෝ ඇයට ලැබෙන ප්‍රතිචාරය වනුයේ “ලෝකයේ දෙවන විශාලතම ධනවත් පුද්ගලයා ලෙස තවදුරටත් මුදල් ඉපයීමේ දැඩි අවශ්‍යතාවක් ඔහුට නැත.” යන්නයි. කෙසේ වුව ද ඔහුගේ ධන පරිත්‍යාගයන් නිතර අසන්නට ලැබෙන මෙවැනි කතන්දර කුමක් වුව ද පසුගිය දශක දෙක තුළ ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය සැබැවින්ම දෙගුණ වී තිබේ. Forbes ඇස්තමේන්තු අනුව වසංගතයට පෙර බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 98ක් වූ බිල්ගේට්ස් ගේ පුද්ගලික වත්කම් ප්‍රමාණය මෙම ඊනියා වසංගත කාලය තුළ බිලියන 33 කින් වැඩි වී තිබේ. 2024 වනවිට ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 131.2 කි. මෙම වත්කම් ප්‍රමාණයට මෙලින්ඩා ගේට්ස් වෙත පවරන ලද දික්කසාද වන්දි මුදල වන ඩොලර් බිලියන 6ක මුදල ද එකතු කළ යුතුය.

බිල්ගේට්ස් අල්වාලීඩ් බින් තලාල්ගේ ෆෝ සීන් හෝටල් ව්‍යාපාරය බිලියන 2.2කට සිය Cascade Investment LLC මගින් මිලදී ගත්තේය. ‌  ෆෝ සීසන් හෝටල් සමාගමට ලොවපුරා සුඛෝපභෝගී හෝටල් 74ක්ද, වෙනත් නව ව්‍යාපෘති 50ක්ද අයත්වේ. කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව තුළ බිල්ගේට්ස් වැන්නන් විසින් “වසංගත මර්දන උපක්‍රමයක්” ලෙස පෙරට දමන ලද රටවල් වසා දැමීම හේතුවෙන් ලොව පුරා සංචාරක කර්මාන්තය බිඳවැටී දැවැන්ත හෝටල් පාඩු ලබන තත්ත්වයට පත් වූ අතර බිල්ගේට්ස් වැනි ” වසංගත විශේෂඥයන්ට” අයත් සමාගම් විසින් පාඩු ලබා වසා දැමෙන හෝටල් සහ වෙනත් ‌වත්කම් පහළ මිලගණන්වලට මිලදී ගැනීම සිදුවිය .

2.1.1. බිල් ගේට්ස් සහ ඖෂධ නිෂ්පාදන සමාගම් සංකීර්ණය සතු සම්බන්ධකම්

ලෝකයේ එන්නත් සංවර්ධනය සඳහා වැඩිම මුදලක් ආයෝජනය කළ සංවිධානය ගේට්ස් පදනමයි. එය විසින් කොරෝනා වෛරසයට එරෙහි ගෝලීය ප්‍රතිචාරයට(Global Response to the Corona Virus ) ඇමෙරිකන් ඩොලර් මිලියන 300ක සෘජු ආධාර ලබා දී ඇත. ඖෂධ නිෂ්පාදන සමාගම් වන ඉනොවියෝ ෆාර්මසූටිකල්ස් (Inovio Pharmaceuticals) , ඇස්ට්‍රාසෙනෙකා(AstraZeneca) සහ මොඩර්නා (Moderna ) ඇතුළු සමාගම් ගණනාවක එන්නත් අත්හදා බැලීම් සඳහා සහාය දීම ද මීට ඇතුළත් වේ. ඉහත සමාගම් සියල්ල කොවිඩ්-19 එන්නත් සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටින සමාගම් ලෙස සැළකේ.
බිල් ගේට්ස් පදනම “වසංගතයන්ට මුහුණ දීමට සුදානම්වීමේ සන්ධානය” (Coalition for Epidemic Preparedness -CEPI) නම් පදනම බිහිකිරීමේලා නීතිමය කොටස්කරුවෙකු වන අතර ඒ තුළ “ පුළුල් පරාසයක එන්නත් සහ ඊට පාදක තාක්ෂණ කටයුතු සංවර්ධනය සඳහා” ඇමෙරිකන් ඩොලර් මිලියන 480ක් ආයෝජනය කර තිබේ.

ගේට්ස් පදනම පිහිටවා ටික කලකින්ම එය විසින් ඖෂධ සමාගම් කිහිපයකම කොටස් හිමිකාරත්වය ලබාගන්නා ලදි. “ද නේෂන්” (The Nation) පුවත්පත විසින් මෑතකදී කරන ලද විමර්ශනයකට අනුව ගේට්ස් පදනම සතුව වර්තමානයේදී මෙර්ක් (Merck), ගලැක්සෝ ස්මිත් ක්ලයින් (GlaxoSmithKline – GSK), එලි ලිලී (Eli Lilly), ෆයිසර් (Pfizer), නොර්වාටිස් (Novartis) සහ සැනොෆි (Sanofi)යන ඖෂධ සමාගම්වල සමාගම් කොටස් සහ බැඳුම්කර සතුව ඇත. එපමණක් නොව ලාභ ගැරීම මිසක වෙනත් ඉලක්කයක් නැති බටහිර සමාගම් රැසක් සඳහා ට්‍රොජන් අශ්වයෙකු ලෙස ගේට්ස් පදනම ක්‍රියාත්මක වන බවට ප්‍රබල සාක්ෂි තිබේ.
ගේට්ස් පදනම විසින් සිය වෙබ් අඩවිය තුළ විවෘතවම පළ කර ඇත්තේ එන්නත් නිෂ්පාදක සමාගම් සමග එක්ව “අන්‍යෝන්‍ය වාසි සහගත අවස්ථාවන්” හඹායෑම තම කාර්යභාරයක් බවයි.

2.1.2. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ඉහළ තනතුරු හොබවන්නේ දැවැන්ත ඖෂධ සමාගම්වල සේවය කළ විධායක නිලධාරින්ය.

වමේ ගේට්ස් පදනමේ හිටපු ගෝලීය සෞඛ්‍ය සභාපති ටාචි යමාඩා දකුණේ ගේට්ස් පදනමේ වත්මන් ගෝලීය සභාපති ට්‍රෙවෝ මුන්ඩල් මොවුන් දෙදෙනාම කලින් ඖෂධ සමාගම්වල විධායක තනතුරු දැරූවන්ය

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ හිටපු එන්නත් සංවර්ධන අධ්‍යක්ෂ සහ එම පදනමට අයත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Bill & Melinda Gates Medical Research Institute) වත්මන් ප්‍රධාන විධායක නිලධාරි පෙනී හීටන් (Penny Heaton) වසර 15 කට අධික කාලයක් තිස්සේ නොවාර්ටිස් (Novartis), මෙර්ක් (Merck) සහ නොවොවැක්ස් (Novovax)යන ඖෂධ සමාගම්වල එන්නත් සඳහා සායනික සහ සංවර්ධන පර්යේෂණයන්හි නිරත වූ තැනැත්තියකි.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ගෝලීය සෞඛ්‍ය සඳහා අධ්‍යක්ෂ ට්‍රෙවෝ මුන්ඩල් (Trevor Mundel) නොවාර්ටිස් (Novartis) සහ ෆයිසර් (Pfizer)යන සමාගම් දෙකෙහිම නායකත්ව තනතුරු දරා ඇත. ඔහුට කලින් ගේට්ස් පදනමේ එම තනතුර හොබවන ලද ටාචි යමාඩා (Tachi Yamada) ඊට කලින් ගලැක්සෝස්මිත්ක්ලයින් (Glaxo Smith Kline – GSK) සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකු ලෙස තනතුරු දරා ඇත.
ගේට්ස් පදනමේ ප්‍රධාන සන්නිවේදන නිලධාරි ලෙස කටයුතු කරන කේට් ජේම්ස් (Kate James ) ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GlaxoSmithKline-GSK) සමාගමේ වසර 10ක් සේවය කර ඇත. මෙවැනි අනන්තවත් උදාහරණ දැක්විය හැකිය. මෙම සියලු සමාගම් තුළ ගේට්ස් පදනම සෘජුව ආයෝජනය කර ඇත.

2.1.3. ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස්: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පුටුවට බිල්ගේට්ස් විසින් තම එහෙයියෙකු පත්කරගැනීම

බිල් ගේට්ස්ට ප්‍රශස්ති ගයන ටෙඩ්‍රොස්

ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් (Tedros Adhanom Ghebreyesus)ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් බවට 2017 දී පත්වීමත් සමග නැවත වරක් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල් ගේට්ස්ගේ බලපෑම් පිළිබඳ අවධානය යොමු විය.
ටෙඩ්‍රොස් මීට පෙර ගේට්ස් විසින් ආරම්භක මුල්‍ය අනුග්‍රහය දක්වමින් ගොඩ නගන ලද සංවිධාන දෙකක් වන GAVI සහ Global Fund යන සංවිධානවල විධායක සභාවන්වල තනතුරු දරා ඇති අතර එම සංවිධානවලට මේ දක්වා ගේට්ස් විසින් මුල්‍යාධාර සපයනු ලබයි.
එහි ආරම්භයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ දක්වා පත්ව ඇති අධ්‍යක්ෂ ජනරාල්වරුන් සියල්ලම වෛද්‍යවරුන් වූ අතර ටෙඩ්‍රොස් වූකලී වෛද්‍යවරයෙකු නොවන පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයාය. ඔහු සිය ට්වීටර් ගිණුම් මගින් බිල් ගේට්ස්ට ප්‍රශස්ති ගයමින් සිටින අයුරු දැකිය හැකිය.
ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් බිල් ගේට්ස්ට වන්දිභට්ටකම් කිරීම ආරම්භ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් බවට පත්වීමටත් බොහෝ කලෙකට පෙර සිටය. ඔහු ඉතියෝපියාවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී බිල්ගේට්ස් හට අඩිස් අබාබා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති ගෞරව උපාධියක් පිරිනමන ලදි. තමන්ගේ ගැති බව ඔප්පු කිරීමට ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් විසින් බිල් ගේට්ස් වෙත පිරිනැමුණු මේ ශාස්ත්‍රපති උපාධියට කළගුණ සැළකීමක් ලෙසත් ඔහු ලවා ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවාගැනීමට පහසුවන නිසාත් බිල්ගේට්ස් ලෝක සෞඛ්‍ය සංවිධානය මත තමන් සතු නොනිල ආධිපත්‍යය උපයෝගී කරගෙන 2017 දී ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් කරන ලදි.

2.1.4. SAGE හෙවත් උපායමාර්ගික උපදේශනය සඳහා වන විශේෂඥ කණ්ඩායම

ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කිරීම සඳහා බිල්ගේට්ස් විසින් සේවයේ යොදවා ඇති අනෙක් යාන්ත්‍රණය නම් SAGE හෙවත් උපායමාර්ගික උපදේශනය සඳහා වන විශේෂඥ කණ්ඩායමයි (Strategic Advisory Group of Experts -SAGE). මෙම SAGE කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානයට එන්නත් සඳහා උපදෙස් සපයන ඉහළතම උපදේශක කණ්ඩායමයි. SAGE වූකලී පුද්ගලයන් 15 දෙනෙකුගෙන් සැදුම් ලද කණ්ඩායමකි. ඔවුන් විසින් මෙම තනතුරට පත්වීමට පෙර සිය රාජකාරිය ඉටු කිරීමට බාධාවන අයථා බලපෑම් එල්ලවිය හැකි සබඳතා (Conflict of interest )තමන්ට තිබේ නම් ඒවා සිය කැමැත්තෙන් හෙළිදරවු කිරීමට නීතියෙන් බැඳී සිටී. එනම් කිසියම් එන්නත් නිපදවන සමාගමක තමන් හෝ තම ඥාතියෙකු සේවය කර තිබේ නම් හෝ දැනට සේවය කරමින් සිටින්නේ නම් ද එවැනි සමාගම් සමග මොනම ආකාරයක සෘජු හෝ වක්‍ර පූර්ව ගනුදෙනු පැවතියේ නම් ද ඉහත උපදේශක සභාවලට තේරී පත්වීම එය නුසුදුසු කමක් වනු ඇත.
මෑතකදී පැවැති හමුවකදී මෙම SAGE උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් තම තමන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැටුම් හෙළිකළ යුතු අවස්ථාවේදී අනාවරණය කර සිටියේ තමන්හට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග සම්බන්ධතා ඇති බවයි.
ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගේට්ස් පදනමේ බලපෑම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔබ්බටද විහිදෙන්නෙකි. 2017 දී ගෝලීය සෞඛ්‍ය හවුල්කාරිත්වයන් 23ක් ගැන සිදු කර ඇති විශ්ලේෂණයකට අනුව ඉන් 7ක් සිය සම්පූර්ණ අරමුදල් සපයාගන්නේ ගේට්ස් පදනමෙන් වන අතර තවත් 9ක් සඳහා ප්‍රධාන මුල්‍ය අනුග්‍රහකයා ගේට්ස් පදනමයි.

2.1.5. ඖෂධ සමාගම්වල ඖෂධ අත්හදා බැලීම් සඳහා ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් දුප්පත් රටවල ජනතාව කෲර සහ වංචනික ලෙස යොදාගැනීම

ගේට්ස් පදනම විසින් ගෝලීය දකුණේ දිළිඳු රටවල් සැළකුවේ සංවර්ධිත බටහිර රටවල ප්‍රමිතියට අනුව අනාරක්ෂිත යැයි සැළකෙන ඖෂධ විකුණා දැමිය හැකි කුණු කසල දමන බිම්කඩක් ලෙස සහ දියුණු රටවල භාවිතය සඳහා අනුමැතිය ලැබීමට පෙර ඖෂධ වර්ග අත්හදා බැලිය හැකි පරීක්ෂණ භූමියක් ලෙසත්ය.
බිල්ගේට්ස්ගේ ඊනියා “නියාමක වැඩ සටහන“ නැතහොත්  සෞඛ්‍ය සංවිධානය සහ එක්ව දියත් කරන ලද අප්‍රිකානු එන්නත් කරන වැඩ සටහන යනු ඩිප්තීරියා (diphtheria),පිටගැස්ම(tetanus), උත්කාසය හෙවත් කක්කල් කැස්ස(pertussis) යන රෝග සඳහා දෙනු ලබන DTP එන්නතයි. මෙම එන්නත ත්‍රිත්ව ප්‍රතිශක්තිකරණ එන්නත් ගොනුවකි. එය අප්‍රිකානු මහාද්වීපයේ සෑම ළමයෙකුටම ලබාදීමට කටයුතු කෙරෙමින් ඇති නමුත් වර්තමානයේදී එක්සත් ජනපදය තුළ හෝ වෙනත් දියුණු රටවල් තුළ එය භාවිතය සඳහා අවසරය හිමිව නැත.

1977 තරම් ඈත කාලයේදී බ්‍රිතාන්‍ය වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් The Lancet ජර්නලයේ පල කෙරිණි. මෙම අධ්‍යයනය මගින් තහවුරු කරන ලද්දේ මෙම අක්‍රිය කරන ලද පූර්ණ-පර්ටුසිස් සෛල අඩංගු එන්නත (whole-cell pertussis jab- DTwP) විසින් එන්නත ගන්නා පුද්ගලයාට ඇති කරන අවදානම අදාළ ස්වාභාවික බැක්ටීරියාව(wild pertussis) මගින් සිදු කරන ආසාදනයට වඩා බරපතල බවයි. මෙම DTP එන්නත විසින් සිදු කරන ලද මොළයට සිදුවන හානි, අපස්මාරය සහ ඒ මගින් සිදු වූ මරණ ආදිය පිළිබඳ පවා බරපතල ලෙස සාක්ෂි ගොඩගැසීමෙන් පසුව 1990 ගණන්වලදී එම එන්නත වෙනුවට “වඩාත් සුරක්ෂිත” යැයි කියන ලද එන්නතක් හඳුන්වා දෙන ලදි. මෙම නව එන්නත හැඳින්වෙන්නේ නිර්සෛල පර්ටුසිස් එන්නත හෙවත් DTaP එන්නත (acellular pertussis vaccine) යනුවෙනි. මෙම DTaPඑන්නතේ සම්පූර්ණ Bordetella pertussis බැක්ටීරියාව අඩංගු නොවන අතර එහි අඩංගු වන්නේ බැක්ටීරියාවෙන් වෙන් කරන ලද ( pertussis toxin, pertactin, fimbriae, adenylate cyclase වැනි)) තනි තනි සුවිශේෂිත ප්‍රෝටීන වලට අඩංගු ප්‍රතිදේහජනක එකතුවකි. කෙසේ වුව ද මෙම “ නව සුරක්ෂිත එන්නත” දියුණු බටහිර රටවල් කීපයක් තුළ දී හඳුන්වාදීමත් සමගම ඒ රටවල නැවතත් ඩිප්තීරියා ව්‍යාප්තවීම් වාර්තා වී තිබේ.”
කෙසේ වුව ද අප්‍රිකාවේ රටවල ආණ්ඩු වෙත මුදල් ආධාර දෙමින් තවමත් මෙම අතිශයින් අවදානම් සහගත DTP එන්නත් GAVI අනුග්‍රහය යටතේ අප්‍රිකානු ළමුන්ට ලබා දෙමින් පවතී.

2017 දී ඩෙන්මාර්ක් රජය විසින් අනුග්‍රහය සපයන ලද අධ්‍යයනයක් අනුව නිගමනය කෙරුණේ මෙම මාරක DTP එන්නත් මගින් මරණයට පත්වන අප්‍රිකානු දරුවන්ගේ සංඛ්‍යාව ඒ එන්නත් මගින් වැළැක්වීමට අපේක්ෂිත ඩිප්තීරියා රෝගය මගින් මරණයට පත්වන දරුවන්ගේ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බවයි. මෙහිදී පර්යේෂකයන් විසින් අධ්‍යයනයට ලක් කරන ලද්දේ ගිනි බිසව් රාජ්‍යය තුළ මෙම එන්නත් භාවිතයට සහ එහි අතුරු ආබාධ, හානි, සහ කාර්යක්ෂමතාවට අදළ දත්තයන්ය. ඒ අනුව පෙනී ගියේ DTP එන්නත්කරණයට ලක්වන පිරිමි දරුවන් මරණය පත්වන සංඛ්‍යාව එන්නත් නොකරන ලද පිරිමි දරුවන් මරණයට පත්වන සංඛ්‍යාවට වඩා ආසන්න වශයෙන් හතර ගුණයක් (3.93) වන බවයි. DTP මගින් එන්නත් කරන ලද ගැහැණු දරුවන් මරණයට පත්වන සංඛ්‍යාව එන්නත් නොකරන ලද ගැහැණු දරුවන් මරණයට පත්වන සංඛ්‍යාව මෙන් 10 ගුණයකට (9.98) ආසන්න වන බවයි. ඒ කෙසේ වුව ද ගේට්ස් පදනම විසින් වාර්ෂිකව මිලියන ගණනින් වියදම් කරමින් අප්‍රිකානු සෞඛ්‍ය සේවා පද්ධතින් වෙත මෙම DTP එන්නත භාවිතය දිගටම කරගෙන යාමට බල කිරීම නැවැත්වීමට මෙම ඉහළ යන මරණ සංඛ්‍යාවන් සමත් වී නැත.

2.1.6. බිල් ගේට්ස්ගේ පෝලියෝ එන්නත ලොව පුරා යළි පෝලියෝ ව්‍යාප්තිය උත්සන්න කරයි.

ගෝලීය දකුණේ දුප්පත් රටවලට ලබා දෙන පෝලියෝ ඖෂධ සහ දියුණු බටහිර රටවල භාවිතයේ යෙදෙන පෝලියෝ ඖෂධ අතර බරපතල වෙනසක් තිබේ. සජීවී පෝලියෝ වෛරසය අඩංගු මුඛය මගින් ලබා දෙන පෝලියෝ එන්නත (oral polio vaccine -OPV) ආසියාවේත් අප්‍රිකාවේත් රටවල් අතර බෙදා හැරීම සඳහා ගේට්ස් පදනම විසින් ඩොලර් බිලියනයකට වඩා වියදම් කර තිබේ. මෙම වෛරසයට ළමයාගේ බඩවැල් තුළ බහුගුණනය වීමේ හැකියාව ඇති අතර අයහපත් සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ එය ව්‍යාප්ත විය හැකිය. එහි අර්ථය මෙම OPV එන්නත මගින් පෝලියෝ රෝගය පුද්ගලයන් අතර ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි.
2017 දී කැලිෆෝනියා සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලය සහ ඊශ්‍රායෙලයේ ටෙල් අවිවි විශ්ව විද්‍යාලය විසින් මෙම OPV එන්නත ලබාගත් දුසිම් 2ක් පමණ වන පුද්ගලයන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයන්ට අනුව එම OPV එන්නත තුළ භාවිතා කරන ලද පෝලියෝ වෛරසය එහි ශක්තිය නැවත ලබාගෙන එය විසින්ම ව්‍යාප්ත වීමට පටන්ගන්නා බව පෙන්වා දී තිබේ.
මෑත වසරවලදී OPV එන්නත තුළ අඩංගු වෛරස් ප්‍රභේදය මගින් පක්ෂාඝාත තත්ත්වයට පත් වූ ළමුන් සංඛ්‍යාව ස්වාභාවික පෝලියෝ වෛරසය මගින් පක්ෂාඝාත තත්ත්වයට ගොදුරු වූ ළමුන් සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබේ. සමග සම්මුඛ සාකච්ඡිවකට සහභාගි වෙමින් ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාවුල් ඇන්ඩිනෝ පැවසුවේ “ එය ඇත්තෙන්ම උනන්දුව ඇතිකරවන සුළු ප්‍රහේලිකාවක්, පෝලියෝ මර්දනයට යොදාගන්නා උපකරණයම ප්‍රශ්නය ඇතිවීමට හේතුව බවට පත්වී තියෙනවා.”
2000 දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් OPV එන්නත භාවිතය නවත්වන ලද නමුත් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් තුළ දී ගේට්ස් පදනම විසින් එම රටවල ආණ්ඩු වෙත සිදු කරන බලපෑම හේතුවෙන් මෙම OPV එන්නත භාවිතය දිගටම සිදුවේ.

කොංගෝවේ සහ පිලිපීනයේ පෝලියෝ රෝගය නැවත ව්‍යාප්ත වීම OPV එන්නත භාවිතයේ ප්‍රතිඵලයකි. 2005 දී ඔක්ස්ෆර්ඩ් හි බෝවෙන රෝග පිළිබඳ සායනික වාරිකයට (Oxford’s Clinical Infectious Diseases Periodical) අනුව චීනය, ඊජිප්තුව, හයිටි සහ මැඩගස්කර් යන රටවල පොලියෝ රෝගය ව්‍යාප්ත වීමට හේතුව වී ඇත්තේ මෙම OPV එන්නතයි. “ පෝලියෝ නැවත ව්‍යාප්තවීමේ එකම හේතුව ලෙස එය වැළැක්වීමට ලබා දෙන OPV එන්නත බවට නම් කිරීමට කාලය එළැඹෙමින් තිබේ ”යැයි ඔක්ස්ෆර්ඩ් වාරිකය වැඩිදුරටත් සඳහන් කරයි.
වසර කීපයකට පසුව එම ඔක්ස්ෆර්ඩ් වාරිකය තර්ක කළේ සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් දැනට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාවිතා කරන අක්‍රිය පොලියෝ එන්නත IPV (Inactive Polio Vaccine) වෙත යොමු විය යුතු බවටය. නමුත් OPV එන්නත දරුවන් ව පෝලියෝ රෝගීන් බවට පත්කරනවා පමණක් නොව එය විසින් පෝලියෝ ව්‍යාප්තිය නතර කිරීමටද අසමත්යැ යි එම වාරිකය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

2012 දී බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලය (British Medical Journal) මෙසේ වාර්තා කර තිබිණි.“ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ඉන්දියාවේ පවත්වාගෙන යනු ලබන පෝලියෝ මර්දන එන්නත් ව්‍යාපාරය මෑතකදී එම රට තුළ නැවතත් පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව වී තිබේ.”

අල්වාලීඩ් පිලාන්ත්‍රොපීස් පදනමේ සභාපති සවුදි අරාබියේ අල්වාලීඩ් බින් තලාල් අල්සවුද් සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ බිල් ගේට්ස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් ‌ 2019 වසරේදී අබුඩාබි‌යේදී  පැවැති ඔවුන්ගේ ගෝලීය පෝලියෝ මර්දන ව්‍යාපාරයේ හමුවකදී

ඉන්දියාවේ වෛද්‍යවරුන්ට අනුව එන්නත විසින් වෙනත් රෝගයක්ද ව්‍යාප්ත කර තිබේ. එනම් පෝලියෝ නොවන උග්‍ර පේශි දියවීමේ පක්ෂාඝාතය (non-polio acute flaccid paralysis -NPAFP) නම් රෝගයයි. මෙම රෝගය පැතිරයාමෙන් පසු 2000-2007 කාල සීමාව තුළ ළමුන් 490,000 පක්ෂඝාතයට හෙවත් අංශභාගයට ගොදුරුව තිබේ. මෙම වෛද්‍ය වරුන් විසින් පළ කරන ලද වාර්තාවක කියැවෙන්නේ ඉහත NPAFP රෝගී තත්ත්වයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් පසුව එම සංඛ්‍යාවන් පහළ වැටීමත් විසින් පෙන්නුම් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වාගෙන පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩ සටහන එයට හේතු වී ඇති බවයි.”
“NPAFP රෝගය පෝලියෝ රෝගයෙන් සායනික ලක්ෂණ අනුව වෙන්කර හඳුනාගත නොහැකි නමුත් එය පෝලියෝ රෝගය මෙන් දෙගුණයක් මාරාන්තිකයි. එය ඇත්තෙන්ම දිස්වන්නේ පෝලියෝ රෝගය ලෙසයි. නමුත් එම යෙදුම සෞඛ්‍ය අංශයේ සිටින්නවුන් බිය පත් කරනවා.” යි ස්ටැන්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ළමා ස්නායුවේදී කීත් වැන් හාරන් පැවසීය.
2012 දී British Medical Journalහි රයිලි සඳහන් කළේ “ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාවේ පෝලියෝ අතුරුදහන් කර ඇත්තේ එයට වෙනත් නමක් යෙදීම මගිනි.” බවයි.
එම වසරේදීම වෛද්‍ය ආචාරධර්ම පිළිබඳ ඉන්දියානු ජර්නලය විසින් එන්නත් මගින් පෝලියෝ රෝගය ව්‍යාප්ත කිරීම සහ රෝගී තත්ත්වයේ දැවැන්ත පැතිරීම නිරීක්ෂණය කරන ලදි. එම ජර්නලය විසින් පහත පරිදි ඉන්දියාව තුළ “පෝලියෝ පිටු දැකිමේ ව්‍යාපාරය” ඇමෙරිකාව විසින් සිදු කළ ඉරාක ආක්‍රමණයට සමාන කර තිබේ.

“ එක්සත් ජනපදය ඉරාක යුද්ධය නැමැති ගොහොරුව තුළ ගිලී සිටින විට ජෝ ගැලොවේ යෝජනා කළේ දැන් ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර වහාම ඉරාකයෙන් ඉවත්වන ලෙසය. සමහර විට ඉන්දියාවේ පෝලියෝ මර්දන ව්‍යාපාරය සම්බන්ධයෙන් ( ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගේට්ස් පදනමවෙත ද ) යෝජනා කිරීමට ඇත්තේ එවැනි ගෞරවනීය උපායමාර්ගයක් භාවිතයේ යොදවන( එනම් වහාම රටින් පිටවන ලෙස) ලෙසය.”

කෙසේ වුවද ගේට්ස් පදනම  දිගටම OPV එන්නත නයිජීරියාව, පකිස්ථානය, ඇෆ්නිස්ථානය ආදි රටවල් ඇතුළුව ලෝකය පුරා බෙදාහැරීමට කටයුතු කරමින් සිටියි. පෝලියෝ එන්නත්කරණ ව්‍යාපාරය සිදු කළ යුතු යැයි ගේට්ස් පදනම විසින් යෝජනා කරන රට කුමක් වුව ද, එතැනට වහාම ගොස් අසාමාන්‍ය මට්ටමින් තාක්ෂණික සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන ලදි.

2016 දී සිරියාව තුළ ගේට්ස් පදනම විසින් සහාය දෙන ලද සහ GAVI විසින් සපයන ලද ඩොලර් මිලියන 25ක මුල්‍ය අනුග්‍රහය මත පෝලියෝ මර්දන ව්‍යාපාරයක් පටන් ගන්නා ලදි. වසරකට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ම වාර්තා කළේ තම එන්නත්කරණ ව්‍යාපාරය මගින් සිරියාවේ ළමුන් 58 දෙනෙකු එන්නත මගින් මුදාහරින ලද පෝලියෝ වෛරසය නිසා අංශභාගයට ගොදුරු වූ බවයි.
OPV එන්නතට එරෙහිව විද්‍යාත්මක දැනුම කුමක් වුවද, එම එන්නතට එරෙහිව ඒ ඒ රටවල පැන නගින විරෝධතාව කුමක් වුවද ඒවා නොතකා හැර OPV එන්නත අප්‍රිකාවේත්, මැදපෙරදිගත්, දකුණු ආසියාවේත් බෙදාහැරීම දිගටම සිදු කරන ලදි. එය “ආධාර.” වැඩ සටහන්වල කොටසක් විය. නැත හොත් ආධාර සඳහා පූර්ව කොන්දේසියක් විය. සිය නිෂ්පාදන වෙනත් තැන්වලට අලෙවි කරගත නොහැකි ඖෂධ සමාගම්වලට ලාභ ගැරීමේ මහඟු අවස්ථාවක් බිල් සහ මෙලින්ඩා ගේට්ස් .පදනමද GAVI පදනමද ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මේ අයුරින් උදා කර දී තිබේ.

2.1.7. අප්‍රිකානු ස්ත්‍රින් වන්ධ්‍යාකරණයට ලක් කිරීම

මෙල්බොන්හි ලා ට්‍රොබා විශ්ව විද්‍යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය විද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් ලෙගේ ට අනුව“ බිල් ගේට්ස් ගේ මුල්‍ය පරිත්‍යාග වූකලී සැබැවින්ම ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමකි.”

භයානක ඖෂධ ගෝලීය දකුණේ රටවල් වෙත තල්ලු කර දැමීමේ ගේට්ස් පදනමේ භාවිතය එන්නත් වලට පමණක් සීමා වී නැත. දිගුකාලීන ක්‍රියාකාරි ප්‍රතිවර්ත්‍ය උපත්පාලන ( long-acting reversible contraceptives – LARCs) ඖෂධ බෙදා හැරීම සඳහාද ගේට්ස් පදනම සහාය වෙමින් සිටී..
මෙලින්ඩා ගේට්ස් නිතරම පවසන්නේ LARCs උපත්පාලන ඖෂධ දිලිඳු රටවල ස්ත්‍රීන් සවි ගැන්වීමේ මාර්ගය බව සහ එමගින් ඔවුනට සිය ජීවිතය පිළිබඳ පාලනය සියතට ගැනීමේ හැකියාව වැඩි වන බවයි. කෙසේ වුව ද මෙම සමහර LARCs ඖෂධ බරපතල අතුරු ආබාධ ගෙන දෙයි. මෙම අතුරු ආබාධවල අවදානම ගැන ස්ත්‍රීන්ව දැනුවත් නොකර මෙම ඖෂධ ඔවුන් අතර බෙදා හැරීම විසින් ඔවුන්ට ඒවා භාවිතය පිළිබඳ ස්වයංව තීරණය ගැනීමට ලබා දෙන්නේ පටු ඉඩකි.
එක් උදාහරණයක් නම් නොර්ප්ලාන්ට්(Norplant) නම් සමට යටින් උපත්පාලන ඖෂධ අඩංගු කැප්සූලයක් තැන්පත් කරන ක්‍රමවේදයයි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ Schering නම් සමාගම වන අතර දැන් එම සමාගම Bayer සමාගම විසින් මිලදී ගෙන තිබේ. මෙම නොර්ප්ලාන්ට් මගින් වසර 5ක කාලසීමාවක් සඳහා ගැබ් ගැනීම වළකාළිය හැකිය. එය ඇමෙරිකාවේ වෙළඳපොලෙන් 2002 දී ඉවත් කරන ලද්දේ එය භාවිතය හේතුවෙන් නොයෙකුත් ආබාධවලට ලක්වූ 50,000කට අධික ස්ත්‍රීන් විසින් එය නිෂ්පාදනය කරන සමාගමටත් එම ඖෂධ නිර්දේශ කළ වෛද්‍යවරුන්ටත් එරෙහිව නඩු පැවරීම හේතුවෙනි. මෙම නඩුවලින් 70ක් ඖෂධය මගින් ඇතිකරන ලද මානසික අවපීඩනය, නිතර ඔක්කාරයට ඒම, හිස කේ වැටීම, ගර්භාෂයේ විසප්පු හට ගැනීම, මිග්‍රේන්ස්, සහ අධික ලෙස රුධිර වහනය ආදි අතුරු ආබාධ සම්බන්ධයෙන් පවරන ලද ඒවා වේ.
ගේට්ස් පදනමේ මුල්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මානව සංවර්ධනය පිළිබඳ වෙබ් අඩවියක් වන Degrees වරෙක මෙම ඖෂධය ගැන මෙසේ සඳහන් කර තිබිණි.“ නොර්ප්ලාන්ට් කිසිවිටෙකත් ගෝලීය වශයෙන් ආකර්ෂණයට ලක් වූයේ නැත. මක්නිසාද යත් එය ඇතුළත් කිරීම සහ ඉවත් කිරීම වේදනාකාරී වූ බැවිනි.”
කෙසේ වුවද පසුව මෙම අනතුරු දායක ඖෂධය මඳ වශයෙන් වෙනස්කර එය Jadelle නමින් අලුතෙන් හඳුන්වමින් ගේට්ස් පදනම විසින් යූඑස්ඒඩ් (USAID) සහ එන්ජෙන්ඩර්හෙල්ත්(EngenderHealth) නම් සංවිධාන සමග එක් වී අප්‍රිකාවේ බෙදා හරින ලදි. එන්ජෙන්ඩර්හෙල්ත් නම් සංවිධානයේ කලින් නම මානව තත්ත්වය යහපත් අතට හැරවීම සඳහාවන වන්ධ්‍යාකරණ සංගමයයි(Sterilization League for Human Betterment). මෙම එන්ජෙන්ඩර්හෙල්ත් සංවිධානයේ මූලික අරමුණු සඳහා ඔවුන් ආදර්ශයට ගෙන ඇත්තේ ජාතිවාදී විද්‍යා විරෝධී ඉයුජෙනික්ස් (eugenics) නම් කල්ලියක දැක්මයි.( මෙම ඉයුජෙනික්ස් වරුන් ගේ දැක්ම වූයේ ලෝක ජනගහනයෙන් බහුතරයක් මිනිසාගේ සංවර්ධනය සඳහා අප්‍රයෝජනවත් ආහාර බුදින්නන් රැසක් හෙවත් “useless eaters” බවය.එහෙයින් ලෝක ජනගහණය කවර ක්‍රමයකින් හෝ අඩු කළ යුතුව ඇතැයිද එමගින් ශේෂ වන සුළු පිරිස ජීව විද්‍යාත්මකව වර්ධනය කළ හැකිය යනුවෙන් ද ඔවුහු විශ්වාස කළහ.)
Jadelle උපත්පාලන ඖෂධය භාවිතා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය විසින් අවසර දී නැත.
ෆයිසර් සමාගමේ ඩිපො- ප්‍රොවේරා (Depo-Provera) නම් එන්නත් කළ හැකි උපත් පාලන ඖෂධය අප්‍රිකානු සහ ආසියානු රටවල් කීපයකට හඳුන්වා දීමට සහ බෙදාහැරීමට කටයුතු කළේ ගේට්ස් පදනම සහ යූඑස්ඒඩ් (USAID) සංවිධානයයි. එම සංවිධාන ඒ සඳහා ඒකාබද්ධව අරමුදල් සපයන ලදි. ඒවා උගන්ඩාව,බූර්කිනා පාසෝ, නයිජීරියා, නයිගර්, සෙනෙගාල්, බංග්ලාදේශ් සහ ඉන්දියාව යන රටවල ජනතාව වෙත බෙදා හරින ලද්දේ ජාතික සෞඛ්‍ය සේවා පද්ධති හරහාය.

ඩිපො-ප්‍රොවෙරා වන්ධ්‍යකරණ එන්නත සම්බන්ධව එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එය දිගුකාලීනව ගැනීම හේතුවෙන් අස්ථිවල ඝනත්වය තුනීවීම ඇතුළු වෙනත් ලෙඩ රෝගවලට හේතුවිය හැකි බවයි. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම උපත්පාලන එන්නත ‌ලෝකයේ දිළිඳු රටවලට බෙදාහැරීමට දිගින් දිගටම කටයුතු කරමින් සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ උපත්පාලන කටයුතු සඳහා මෙම එන්නත් තොග පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නත අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණය සඳහා යොදාගැනීමට ද අනුමැතිය දී ඇති ඒ පිළිබඳව කරන අධ්‍යයනයන් තුලින් හෙළිවී ඇත්තේ ඩිපෝ-‌ ප්‍රොවේරා මගින් එන්නත් කරනු ලබන සුනඛ ධේනුවන්ගේ මූත්‍රා-ලිංගික පද්ධතියේ දිලීර ආසාදනයන් ඇතිවීමට මෙම එන්නත හේතුවී ඇති බවයි. මේ හේතුවෙන් ශ්‍රි ලංකාවේ සත්වාරක්ෂක සංවිධාන මෙම එන්නත සුනඛයන් සඳහා භාවිතා කිරීම වහාම තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. කෙසේ වුවද විවිධ දරුණු අතුරු ආබාධ ඇතිකරන මෙම ඩිපෝ-ප්‍රොවේරා එන්නත ශ්‍රි ලංකාවේ ස්ත්‍රින් වන්ධ්‍යාකරණයට යොදාගැනීම නැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ දක්වා කටයුතු කර නැත.
Jadelle  යන වෙළඳ නාමයෙන් ශ්‍රී ලංකාව තුළ භාවිතා ඩිපෝ-‌ ප්‍රොවේරා එන්න‍ත  ලංකාව තුළ මේ දක්වා භාවිතය ගැනේ. 2009 වසරේදී ශ්‍රි ලංකා රජයේ හමුදාවන් විසින් උතුරු නැගෙනහිර දෙමළ ස්වයංපාලන ප්‍රදේශ අත්පත් කරගත් පසුව එහි ජීවත් වූ දෙමළ ස්ත්‍රීන් මත මෙම උපත්පාලන ක්‍රම බලහත්කාරයෙන් යෙදවූ බවට ග්‍රවුන්ඩ්වීව් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි. මෙම බලහත්කාරි වන්ධ්‍යකරණය ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රි ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මිලිටරිය ඒකාබද්ධව කටයුතු කර ඇත. එමෙන්ම ශ්‍රි ලංකාව තුළ එහි මධ්‍යම කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන ඉන්දීය සම්භවයක් යුතු දෙමළ ස්ත්‍රීන් සිය පළමු දරු ප්‍රසූතියෙන් පසුව ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වන්ධ්‍යාකරණයට ලක් කිරීමේ වැඩ සටහනක් වතු රෝහල් හරහා ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ ජාත්‍යන්තර සහ දේශිය රාජ්‍ය නොවන සංවිධානවල සහායෙන් දැනට දශක ගණනාවක සිට ක්‍රියාත්මක කරමින් සිටියි. ඩිපො-ප්‍රොවේරා ශ්‍රි ලංකාව තුළ 1978 සිටම භාවිතා කරනු ලබයි. මැදපෙරදිග සේවයට යන කාන්තාවන් සඳහා මෙම වන්ධ්‍යකරණ එන්නත ගැනීම නොනිල වශයෙන් අනිවාර්ය කර ඇති අතර එය සිදුවන්නේ විදේශීය රැකියා ඒජන්තයන් මගිනි.

2012 දී මෙලින්ඩා ගේට්ස් ඩිපො-ප්‍රොවේරා වැනි උපත්පාලන ඖෂධ මිලියන 120ක් 2020 වන විට ස්ත්‍රින්ට ලබාදීමට පොරොන්දු වූ අතර එහිදී එක් අයෙකු සඳහා ඩොලර් 100-300 වසරකට වැයවේ. 2017 දී මෙලින්ඩා ගේට්ස් Medium වෙබ් අඩවියට ලියමින් ඇය සහ ඇගේ හවුල්කරුවන් ඇය විසින් 2012 දී දෙන ලද පොරොන්දුව ඉටු කරමින් සිටින බව ද ඒ සඳහා අතිරේක ඩොලර් මිලියන 375ක් ද වෙන් කරන බව සඳහන් කර ඇත. එහි අදහස වන්නේ ෆයිසර් සමාගම ඩොලර් බිලියන 14 සහ 36 අතර අති විශාල මුදලක් මේ මගින් උපයාගෙන ඇති බවයි.
ඩිපො–ප්‍රොවේරාහි ක්‍රියාකාරි රසායනික සංඝටකයක්වන ඩිපොට් මෙඩ්‍රොක්සිප්‍රොජෙස්ටෙරොන් ඇසිටේට් (depot medroxyprogesterone acetate -DMPA) විසින් ඇති කරනු ලබන අතුරු ආබාධ අතර යමෙකු මරණයට පත් කළ හැකි ලේ කැටිති පෙනහළු තුළ ඇතිවීම, අන්ධභාවය සහ පියයුරු පිළිකා  ප්‍රධාන තැනක් ගනී.
තනි මාත්‍රාවක් භාවිතයට නිර්දේශිත ෆයිසර් සමාගමේ සයානා ප්‍රෙස් (Sayana Press)නම් මෙම ඖෂධය ජනතාව අතර බෙදාහැරීමට නියමිතව ඇත්තේ “ප්‍රජා සෞඛ්‍ය සේවකයන්” විසිනි. එහෙත් සෙනෙගාලයේ මෙම ප්‍රජා සෞඛ්‍ය සේවකයන් ගෙන්අඩක් පමණ අධ්‍යාපනය ලබා ඇත්තේ 6 වන ශ්‍රේණිය දක්වා පමණි.
සෞඛ්‍ය සේවකයන්ට නීත්‍යානුකූලව මෙම උපත්පාලන ඖෂධය බෙදාහැරීමට හැකිවන පරිදි නීතිය වෙනස් කිරීමට සෙනෙගාලයේ සෞඛ්‍ය ඇමැතිවරයාට බල කෙරිණි. ජනගහණ පර්යේෂණ ආයතනය (Population Research Institute) පවසන පරිදි USAID විසින් අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම තීරණය ගැනීම සඳහා රජයට දැඩි ලෙස බල කරන ලදි.
මෙයට අමතරව සයානා ප්‍රෙස් ඖෂධය සඳහා වන පුහුණු වැඩසටහන්වලදී බෙදා හරින ලද උපදෙස් පත්‍රිකා තුළ depot medroxyprogesterone acetate -DMPA සංඝටකයේ සියළු අතුරු ආබාධ පිළිබඳ විස්තර සපයා තිබුණේ නැත. මෙය ඖෂධය භාවිතයේදී අදාල පුද්ගලයා හට සියළු තොරතුරු පිළිබඳ දැනුවත්ව එම ඖෂධය ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඇති අයිතිය පිළිබඳ මූලධර්මය උල්ලංඝණය කිරීමකි.මෙහි දී අදාළ ඖෂධය පිළිබඳ එහි අඩංගු සංඝටක, අතුරු ආබාධ, එය ගත හෝ නොගත යුතු සුවිශේෂි සෞඛ්‍ය තත්ත්වයන් ආදිය පිළිබඳව ඖෂධය ගනු ලබන තැනැත්තා දැනුවත් කිරීම ඖෂධය ගැනීමට යෝජනා කරන පාර්ශ්වයන්ගේ නීතිමය වගකීමකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයට අනුව depot medroxyprogesterone acetate -DMPA අඩංගු ඖෂධ රූමටික අක්‍රමිකතා රෝගවලින් පෙළෙන ස්ත්‍රීන් විසින් නොගත යුතුය. නමුත් USAID ආයතනය විසින් අරමුදල් සපයන ලද උගන්ඩාව තුළ සිදුකළ වැඩ සටහනේදී බෙදාහරින ලද රෝගීයා විසින් පිරවිය යුතු තොරතුරු පත්‍රිකාව තුළ එවැනි රෝගී තත්ත්වයන් පිළිබඳ ඉතිහාසය විමසා තිබුණේ නැත.
සයානා ප්‍රෙස් ඖෂධය ස්ත්‍රීන් වෙත ලබා දෙන පුද්ගලයන්ව පුහුණු කරන්නන් වෙත ලබා දී තිබූ උපදෙස් පත්‍රිකා තුළ ද මෙම ඖෂධය ගැනීම විසින් අස්ථි වල ඝනත්වය අඩුකිරීමටද එමගින් ඒවා බිඳීයාමටද හේතු විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණේ නැත. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරිය (FDA) විසින් ඇමෙරිකාවේ ස්ත්‍රින්ව මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර තිබූ නමුත් ඒ ගැන අප්‍රිකානු ස්ත්‍රීන් දැනුවත් කිරීමට කිසිවක්ම කර තිබුණේ නැත.

2015 දී ඉන්දියාවේ ස්ත්‍රිවාදින් සහ ශාස්ත්‍රවේදීන් පිරිසක් ඩිපෝ- ප්‍රොවේරා ඖෂධය ඉන්දියාව තුළ බෙදාහැරීමට එරට ඖෂධ පාලක අධිකාරියේ අනුමැතිය ලබාදීම පිළිබඳව සිය විරෝධය පළ කරමින් ලියැවිල්ලකට අත්සන් කළහ. ඔවුහු විසින් සිය ලියවිල්ල තුළ ඩිපෝ-ප්‍රොවේරාහි අතුරු ආබාධ වන අස්ථි ඝනත්වය තුනී වීම, තරබාරුබව ඇතිවීම, අසාමාන්‍ය රුධිර වහනය සහ මානසික අවපීඩනය ආදිය පිළිබඳව ප්‍රශ්න කර තිබිණි. “ස්ත්‍රී සංවිධාන දිගින් දිගටම මෙවැනි අනතුරුදායක උපත්පාලන ඖෂධ හඳුන්වාදීම ගැන විරෝධය පළ කර ඇති අතර අවදානම් සහගත අතුරු ආබාධ ගැන ස්ත්‍රීන් නිසි ලෙස දැනුවත් කර නොතිබිණි. එහෙයින් තමන් විසින් තෝරාගත යුතු උපත්පාලන ක්‍රමය කුමක්දැයි දැනුවත් තීරණයක් ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමිකර ඇත.” යි ඔවුහු තර්ක කළහ.
දේශියව ව්‍යාප්ත වූ විරෝධතාවන් කොතෙක් පැවතිය ද හානිදායක අතුරු ආබාධ ගැන සාක්ෂි ගොඩගැසෙමින් තිබුණ ද ගේට්ස් පදනම USAID ආයතනය සමග වැඩ කරමින් ඩිපෝ- ප්‍රොවේරා වැනි ඖෂධ බෙදා හැරීම දිගටම සිදු කරමින් සිටියි.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම තවත් ඖෂධ සමාගම් සහ ආයතන ගණනාවක් සමග එක්ව මධ්‍යම සහ පහළ ආදායම් ලබන රටවල් ලෙස ලෝක බැංකුව විසින් නම් කර ඇති රටවල දරුවන් ඉපැදීම වැළැක්වීමේ ක්‍රියාදාමයන් උත්සන්න කර තිබේ. මෙම වැඩ පිළිවෙළට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග එක්ව කටයුතු කරන්නේ ෆයිසර් සමාගම, බෙක්ටන් ඩිකින්සන් සහ සමාගම, ළමා අයෝජන අරමුදල, ආදි සමාගම් සහ ආයතන වේ. ඔවුන් විසින් 2023 අගෝස්තු මස 23 වැනිදා නිකුත් කර ඇති නිවේදනයක් අනුව ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කරන සයනා ප්‍රෙස් (Sayana® Press (medroxyprogesterone acetate/DMPA-SC )නම් දරුවන් පිළිසිඳගැනීම් වළක්වන එන්නත් යොදාගනිමින් ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ රටවල් 69ක දුප්පත් ස්ත්‍රීන් එන්නත් කිරීමට දියත් කර ඇති ව්‍යාපෘතිය 2030 වනවිට රටවල් 92 දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා මාත්‍රා මිලියන 320ක් යොදාගැනීමට අපේක්ෂාකරන අතර ඒ ඒ රටවල ජාතික සෞඛ්‍ය පද්ධති වෙත මේවා අලෙවි කිරීමට සැලසුම් කර ඇත්තේ ඩොලර් සත 0.85කට බව ද මෙම වැඩ පිළිවෙළ යටතේ දැනටමත් දුප්පත් රටවල ස්ත්‍රීන් මිලියන ගණනාවක් වන්ධ්‍යකරණයට ලක්කර ඇති බව ද බිල් සහ මෙලින්ඩා ගේට්ස් වෙබ් අඩවියේ සඳහන් වේ. මෙම එන්නත්කරණ වැඩ සටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මගින් උප සහරාන් අප්‍රිකානු රටවල සහ දකුණු ආසියාවේ ස්ත්‍රීන් මිලියන 162ක අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමටද අපේක්ෂා කෙරේ.
මලාවි, බූර්කිනා, ෆාසෝ, කෙන්යා, නයිජීරියා, නයිජර්, මලාවි, කෙන්යා, උගන්ඩා සහ බංග්ලාදේශ් වැනි රටවල ස්ත්‍රීන් විසින් දරුවන් වැදීම මේ මගින් සීමා කිරීමට සැලසුම් කර ඇත. ඉහත සඳහන් අප්‍රකානු රටවල් ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල සමාගම් විසින් කෲර ලෙස සූරාකමින් පැවැතුණ අතර එම රටවල ජනතාව දරිද්‍රතාවයේ පත්ලෙහිම ගිලී පීඩා විඳිති. එම රටවලසම්පත් සූරාකෑම නවත්වා ඔවුන්ට ස්වකීය ජීවිත ගොඩ නංවාගැනීම ඉඩසලසනු වෙනුවට කොල්ලකාරි බටහිර අධිරාජ්‍යවාදය විසින් සිදු කරමින් සිටින්නේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් වැනි පදනම් ආයතනද කොවිඩ්-19 එන්නත් මගින් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ මරණයට හේතුවූ එන්නත් නිෂ්පාදනය කරමින් ඩොලර් බිලියන සිය ගණන් ලාභ ලැබූ ෆයිසර් වැනි සමාගම්ද ‌යොදාගනිමින් ඒම රටවල ජනහණය අඩුකර දැමීමේ කෘර උපක්‍රම ක්‍රියාවට නැංවීමය.

2.1.8. ගෝලීය දකුණේ දුප්පත් රටවල ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීම

දුප්පත් රටවල ජනතාව මත අලුත් ඖෂධ පරීක්ෂා කිරීමට බිල්ගේට්ස් සිය බලපෑම් සහගත සම්බන්ධතා මෙවලමක් ලෙස යොදා ගනිමින් සිටියි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේත් (FDA), යුරෝපා සංගමයේ යුරෝපීය ඖෂධ ඒජන්සියේත්(EMA), බටහිර ධනවත් රටවල එවැනි වෙනත් ඒජන්සිවලත් කොන්දේසියක් වන්නේ නව ඖෂධයක් මහජනයා සඳහා නිකුත් කිරීමට පෙර එය මනුෂ්‍යයන් මත අදාළ කොම්පැණිය විසින් සාර්ථකව පරීක්ෂණයට ලක් කර තිබිය යුතු බවයි. මෙම පරීක්ෂණවල අවසාන සහ 3 වන අදියර වන්නේ සායනික පරීක්ෂණ අදියරයි. එම අදියරේදී ඖෂධ සමාගම් විසින් විශාල ප්‍රමාණයක් මිනිසුන්ට එම ඖෂධ ලබා දෙමින් පාලිත අධ්‍යයනයන් සිදු කළ යුතුය. එම අධ්‍යනයන්ගේ ප්‍රතිඵල සාර්ථක යැයි අදාල ඖෂධ පාලක අධිකාරීන් විසින් තීරණය කරන්නේ නම් ඒවා වෙලෙඳ පොළට නිකුත්කළ හැකිය.
කිසියම් ඖෂධයක් සංවර්ධනය කිරීමේ දී එයට වැය කරන මුදලෙන් 90% ක්ම වැය වන්නේ අදියර 3 පරීක්ෂණවලදීය. නමුත් මෙම ඖෂධ සමාගම් එම වියදම් මගහැරීම සඳහා කරන්නේ එම 3 වැනි අදියරේ පරීක්ෂණ දුප්පත් රටවල ජනයා මත සිදු කිරීමයි.
එක්සත් ජනපදයේ උපායමාර්ගික උපදේශනයේ යෙදෙන සමාගමක් වන මැකින්සි (McKinsey) විසින් යෝජනා කරන්නේ “ නව වෙළෙඳපොලවල් ” ඖෂධ පර්යේෂණයට යොදාගැනීම මගින් “ සැළකිය යුතු ආදායමක් අඩුවීම වළක්වාගත හැකි ” බවයි.
මැකින්සි සමාගමේ ගනුදෙනුකරුවෙකු වන ගේට්ස් පදනම විසින් සිය “ඉලක්කය” වූ කලී ඖෂධවල සුරක්ෂිතතාව පිළිබඳ පරීක්ෂණ මගහැරීම සඳහා ඖෂධ සමාගම්වලට උදව්කිරීම සහ ඖෂධ සමාගම් විසින් සඳහා වන ඖෂධ අනුමැතියේදී පිළිපැදිය යුතු ක්‍රියාදාමය කඩිනම් සහ ලිහිල් කිරීම” යැයි ඉතා පැහැදිලිව පැවසීම පුදුමයක් නොවේ. නැතහොත් ඔවුන් විසින් පවසා ඇති පරිදි “ එන්නත් වර්ග සඳහා අනුමැතිය ලබාගැනීමේදී සමත් විය යුතු කාලය සහ මුදල් නාස්තිකරන අවසාන සායනික පරීක්ෂණ අවදියට ඇතුළුවීමට පෙර කල්තබාම ඒවා සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් මතුවිය හැකි මැදිහත්වීම් සහ බාධාවන් ඉවත්කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව” සනාථ වී තිබේ.
ඖෂධ පිළිබඳ සායනික පරීක්ෂණ සඳහා දුප්පත් ජනතාව යොදාගැනීම මුල්‍යමය වශයෙන් ලාභදායක වුව ද එය අනතුරුදායකද වීමට ඉඩ තිබේ. එවැනි අනතුරුදායක තත්ත්වයන් ගණනාවක් පිළිබඳ සඳහන් කිරීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු පුවත්පතක් විසින් එක්වරක් මෙසේ ප්‍රකාශ කරන ලදි “ අපව ඖෂධ නිෂ්පාදකයන්ගේ පරීක්ෂණාගාර මීයන් බවට පත්කර තිබේ”
ගේට්ස් පදනම විසින් අරමුදල් සපයන ලද සහ ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GSK) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පළමු මැලේරියා එන්නත සඳහා 2009 සිට 2011 දක්වා කාලය තුළ අදියර 3 සායනික පරීක්ෂණ අප්‍රිකානු රටවල් 7ක් තුළ පවත්වන ලදි. එම රටවල් නම් ඝානා, කෙන්යා, මලාවි, මොසැම්බික්, බුර්කිනා ෆාසෝ, ගැබොන් සහ ටැන්සානියාවයි.
2011 දී ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GSK) සමාගමේ දත්ත විසින්ම පෙන්නුම් කරන ලදි පරිදි ඉහත මැලේරියා එන්නත් ලබා දෙමින් පරීක්ෂණයට ලක් කළ ගැහැණු දරුවන් මරණයට පත්වීමේ අනුපාතය සාමාන්‍ය පාලිත කණ්ඩායමේ අනුපාතය මෙන් දෙගුණයකි. එමෙන්ම එන්නත ලද දරුවන් හට මෙනින්ජයටිස් රෝගය වැළඳීමේ අනුපාතය එන්නත නොලද දරුවන් අතර අනුපාතය මෙන් 10 ගුණයකි.
ඒ කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් ඉහත ඖෂධය ඝානා, කෙන්යා, මලාවි යන රටවල දරුවන්ට ලබාදෙමින් සිටියි. ඒ එම එන්නත සඳහා නිල නොවන සායනික පරීක්ෂණයක කොටසක් ලෙසය. එම නොනිල වැඩ සටහන හැඳින්වෙන්නේ “ නියමු භාවිතය (pilot implementation)” නමින් වන අතර එය බිල් ගේට්ස් විසින් මෙහෙයවන SAGE විසින් නිර්දේශ කර ඇති වැඩසටහනකි)

2.1.9. දූෂිත ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරින් හරහා ඒ ඒ රටවල ජාතික එන්නත්කරණ වැඩ පිළිවෙළ තම නව එන්නත් වර්ග අත්හදා බැලීම සඳහා වාහකයක් කරගැනීම

මෙම එන්නත් ළමුන් සඳහා භාවිතයේ යොදන්නේ ඒ ඒ රටවල ජාතික එන්නත්කරණ වැඩ පිළිවෙල යටතේ බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ දෙමව්පියන්ගේ කැමැත්ත යටතේ එය සිදුවන බවයි. එහෙත් දෙමව්පියන්ට නිතරම මේ එන්නත්වල අතුරු ආබාධ සහ අවදානම් සහගත බව ගැන විස්තර සැපයෙන්නේ නැත. බොහෝ විට පාසල් අධ්‍යාපනය පවා සම්පූර්ණ නොකළ දිළිඳු දෙමව්පියන් රජයේ සෞඛ්‍ය නිලධාරින් හෝ රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානවල නිලධාරින් ඖෂධ සමාගම්වල අවශ්‍යතාව පරිදි තමන්ව හෝ තම දරුවන්ව පරීක්ෂණාගාර මීයන් තත්ත්වයට පිරිහෙළමින් විවිධ ඖෂධ අත්හදා බලන බව ඔවුහු කිසිවිටෙකත් නොසිතනු ඇත. එහෙයින් ඔවුහු ඖෂධයේ සංඝටක හෝ අතුරු ආබාධ ගැන කිසිදු ප්‍රශ්නයක් නොඅසාම එන්නත ලබාදෙන පුද්ගලයා පවසන දෑ පිළිගෙන තමන් එන්නත ලබාගන්නේ ( අදාළ පරීක්ෂණයට සහභාගිවන්නේ) සිය කැමැත්තෙන් බවට අදාළ පත්‍රිකා තුළ අත්සන් කරනු ඇත. සාක්ෂරතාව නොමැති අය ඇඟිළි සළකුණු තබමින් එකඟවනු ඇත. මෙය කිසි විටෙකත් දැනුවත් කැමැත්ත පළකිරීමක් ලෙස සැළකිය නොහැකිය.
බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ සහකාර සංස්කාරකවරයෙකු මේ ගැන මෙසේ පවසයි.“ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සිය කැමැත්ත යටතේ සිදුවන දෙයක් බව පැවසුවද එහි තේරුම තමන් ඖෂධයක හානි සහ කාර්යක්ෂමතාව පිළිබඳ පර්යේෂණයක් සඳහා යොදාගනිමින් ඇතිබව මෙම එන්නත ලබා ගන්නා පුද්ගලයන්ව දැනුවත් කර නොමැති බවයි.”

2.1.10. බිල් ගේට්ස්ගේ  PATH සංවිධානය විසින් ඉන්දියාවේ දුප්පත් ගෝත්‍රික ප්‍රජාවන්හි පාසල් දැරියන් යොදාගනිමින්  සිදු කළ  HPV එන්නත් අත්හදා බැලීමේ මාරාන්තික පරීක්ෂණ

ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GSK)සහ මෙර්ක් (Merck) සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මානව පැපිලෝමා වෛරස් (Human Papillomavirus – HPV) එන්නත සඳහා සායනික අත්හදාබැලීම් සඳහා ගේට්ස් පදනම විසින් අරමුදල් සපයන ලදි. මෙම එන්නත ඉන්දියාවේ අති දුෂ්කර දුරබැහැර ප්‍රදේශවල වයස 9-14 අතර තරුණ ගැහැණු ළමුන් 23000 කට ලබා දෙමින් ඖෂධය අත්හදා බලන ලදි. මේ සඳහා ආරම්භක කටයුතු සුදානම් කරන ලද්දේ බිල්ගේට්ස්ගේ අනුග්‍රහය ලබන වැඩසටහනක් වන “ උචිත ඖෂධ සහ තාක්ෂණය සඳහා වන වැඩ සටහන (Program for Appropriate Health and Technology – PATH) විසිනි.
මෙම පර්යේෂණයට යොදාගත් ගැහැණු ළමුන්ද HPV ඖෂධයට අදාළ අතුරු විපාක සහ අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව ඔවුන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් හෝ භරකරුවන් නිසිපරිදි දැනුවත් කිරීමකින් හෝ ඒ පිළිබඳ අවබෝධයකින් යුතුව දෙන ලද එකඟතාවකින් තොරව යොදාගෙන තිබිණි.

එසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලින්සේ මැක්ගෝයි (Linsey McGoey)ට අනුව “ මෙම HPV එන්නත ලබාදුන් බොහෝ ගැහැණු ළමුන් අන්ද්‍රා, ගුජරාට් සහ ඇසෑමයේ පාසල් නේවාසිකාගාරවල සිටි අය වූ අතර එන්නත ලබා දීමට ඔවුන්ව තෝරාගෙන තිබුණේ HPV එන්නත සඳහා දෙමව්පියන්ගේ කැමැත්ත ලබාගැනීමේ නෛතික අවශ්‍යතාව දැනුවත්ව මගහැර යාම එමගින් පහසු වූ බැවිනි.”
මෙම HPV එන්නත පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකාව මුද්‍රණය කොට තිබුණේ ඉංග්‍රිසි බසින් පමණකි. එය කියවා තේරුම් ගැනීමේ හැකියාවක් සිය මව්බස පමණක් භාවිතාකරන මෙම දිළිඳු ගෝත්‍රික පවුල්වල ළමුන්ට නොතිබිණි.
තමන් ඖෂධ පර්යේෂණයකට යොදාගන්නා බව මේ ගැහැණු දරුවන් හෝ ඔවුන්ගේ දෙමවිපියන් වෙතින් සැඟවුව ද එය ඉතා පැහැදිලිවම HPV සඳහා වන එන්නත් 2ක් වෙනුවෙන් කළ සායනික පර්යේෂණ 2කි. ගුජරාටයේ ගැහැණු දරුවන් 10,000කට ලබා දුන්නේ Cervarix වූ අතර අන්ද්‍රා ප්‍රදේශයේ ගැහැණු දරුවන් 13,000කට ලබා දුන්නේ Gardasil එන්නතයි. එය යහපත් අරමුණුවලින් කරන ලද එන්නත්කරණ වැඩ පිළිවෙලක් නම් PATH සංවිධානය විසින් කළ යුතුව තිබුණේ අතුරු ආබාධ ඉතා අවම සහ කාර්යක්ෂ්මතාව ඉහළම ඖෂධය පමණක් මේ ළමුන්ට ලබා දීමය.
මෙම එන්නත් ගැනීමෙන් ළමුන් 7 දෙනෙකු මරණයට පත්වීමත් සමගම කාන්තා සහ ළමා අයිතීන් පිළිබඳ සංවිධානවල උද්ඝෝෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත පිළිබඳ පරීක්ෂණ ඉන්දියාවේ පුරවැසියන් යොදාගෙන ඉන්දියාව තුළ සිදු කිරීම අත්හිටුවන ලදි. කෙසේ වුව ද මේ පිළිබඳව ඉන්දියාවේ රජය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි නිගමනය වූයේ “ මෙම ගැහැණු දරුවන්ගේ මරණ සහ ඔවුන්ට ලබා දුන් එන්නත අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති” බවයි. මෙම ආදර්ශ පාඨය සියලු දූෂිත ආණ්ඩු විසින් ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් නිතර පවසන එකක් බව බොහෝ දෙනාට අමුතුවෙන් පැවසිය යුතු නැත. ඉන්දිය රජය මේ අයුරින් තමන්ව පාවා දීම හේතුවෙන් විපතට පත් ගැහැණු දරුවන්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට වන්දියක් හෝ ලබාගැනීමට හැකි වූයේ නැත.

නව ඖෂධයක් අත්හදා බැලීමේ දී විශේෂයෙන්ම විශාල පරිමාණයෙන් පුද්ගලයන් යොදාගෙන සායනික පරීක්ෂණ පවත්වන විට සියළු හානි සහ අතුරු විපාක වාර්තා කිරීම සඳහා විධිමත් සහ සම්මත ආකෘතියකට අනුව වාර්තා ක්‍රමයක් පවත්වාගෙනයාම නෛතික අවශ්‍යතාවකි. නමුත් මෙම එන්නත්කරණ ක්‍රියාදාමය මෙහෙය වන ලද PATH විසින් කුමන හෝ වාර්තාකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන ගොස් නොතිබිණි. ඉන්දියාවේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධනය පිළිබඳ කොමිසම විසින් PATH වෙත මානව අයිතීන් උල්ලංඝණය සහ ළමා අපයෝජනය යටතේ නඩු පවරන ලදි. එම නඩුව විභාගයට ගන්නා ලද විනිශ්චයකාරවරුන්ගේ එක් නිරීක්ෂණයක් මෙසේ විය.“ විදේශික ඖෂධ සමාගම්වලට සිය සායනික පරීක්ෂණ හිතුමතයේ පැවැත්වීම සඳහා ඉන්දියා දෙව්ලොවක් වී ඇති අතර ඔවුන් පැමිණ ඉන්දියාව අපායක් බවට පත් කරමින් සිටිති.“

ඉන්දියාවේ නව දිල්ලියේ නීතිඥ සංවිධානයක් වන Human Rights Law Network (HRLN) හි පර්යේෂකයන් පිරිසක් අදාළ ප්‍ර දේශ වෙත ගොස් තොරතුරු සෙවීමේ මෙහෙයුමක් දියත් කරන ලදි. එහිදී එන්නත ලබා දී ඇති ගැහැණු ළමුන් 300ක් සමග සම්මුඛ පරීක්ෂණ සිදු කරන ලදි. ඔවුන් විසින් සිය වාර්තාවේ මෙසේ සඳහන් කර තිබිණි.

“මෙම ගැහැණු දරුවන්ට මෙම එන්නත කුමන අවශ්‍යතාවක් මත දෙනු ලබන එකක්දැයි පැහැදිලි කර දී නොතිබිණි. මෙම දරුවන්හට ගර්භාෂය ශරීරයේ කොතැනක පිහිටි අවයවයක්ද යන්න පිළිබඳවත් වැටහීමක් නොතිබිණු අතර ඒ පිළිබඳව ඔවුන්ට පැහැදිලි කර දී නොතිබිණි. මෙම ළමයින් විශ්වාස ක‍ළේ එය රජය විසින් ලබා දෙන එන්නතක් බවයි.ඒ අතරින් බොහෝ දෙනෙකු මෙම එන්නත ගැනීම නීති මගින් අනිවාර්ය කර ඇතැයි විශ්වාස කළහ. මෙම එන්නත මගින් ඇතිවිය හැකි කිසිදු අතුරු ආබාධයක් ගැන ඔවුන්ව දැනුවත් කර නොතිබිණි.”
මෙම නීතිඥයන් විසින් සිය කරුණු සෙවීමේ සංචාරයෙන් පසු ළමුන්ගේ ප්‍රකාශද ඇතුළත්කොට පෙත්සමක් සකස්කරමින් එය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. අධිකරණය විසින් එය විභාගයට ගැනීමට තීරණය කරන ලදි. කෙසේ වුව ද මෙම එන්නත පිළිබඳව පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව මෙසේ සඳහන් කර තිබේ.“ ගේට්ස් විසින් අරමුදල් සපයන ලද ව්‍යාපෘතියේ එකම අරමුණ රෝගය වාණිජ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමයි. HPV එන්නත ඉන්දියාවේ විශ්වීය ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කරවීමට PATH සංවිධානය සමත් වූයේ නම් ඔවුන්ට අති විශාල ලෙස ලාභ ලැබීමේ හැකියාව පැවතිණි.”
පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව ගැන සඳහන් කරමින් ඉන්දියානු ජාතික වෛද්‍ය ජර්නලයේ (National Medical Journal of India) සංස්කාරකවරයා මෙසේ ලිවීය.
“අපව පරීක්ෂණාගාර මීයන් ලෙස භාවිතා කරන බවට මෙය ඉතා පැහැදැලි නිදසුනකි.”
මෙම සිදුවීම යටපත් කිරීමට ගේට්ස් පදනම දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන ලදි. අන්තර්ජාලය තුළ මෙම සිදුවීම ගැන සොයන යමෙකුට පළමුවෙන්ම හමුවන්නේ ඒ පිළිබඳව ගේට්ස් පදනමේ මාධ්‍ය මෙහෙයුම් විසින් යොදවා ඇති ෆැක්ට් චෙකර්ස්ලා පවසන දෑය.
ඉන්දියාව තුළ මෙම එන්නත පිළිබඳ පරීක්ෂණ 2011 දී නතර වුව ද PATH සංවිධානය විසින් වියට්නාමය, උගන්ඩාව සහ පේරු තුළ මේ පර්යේෂණ විසින් දිගටම පවත්වාගෙන යන ලදි. ඒ සඳහා ගේට්ස් පදනම විසින් ඇමෙරිකන් මිලියන ඩොලර් 27.8ක් වෙත ගෙවා තිබේ.

2013 වසරේදී ගේට්ස් පදනමේ අනුග්‍රහය ලබන ප්‍රකෝටිපති පොදු සහ පුද්ගලික හවුල්කාර සන්ධානයක්වන GAVI විසින් HPV එන්නත් අප්‍රිකාවේ දුප්පත් රටවල් 8ක් වෙත යවන ලදි. 2020 වන විට රටවල් 40කට අයත් ගැහැණු දරුවන් මිලියන 30ක් සඳහා මෙම එන්නත ලබා දීමට GAVI අපේක්ෂා කරන බව පවසා තිබිණි. PATH සංවිධානය විසින් දියත් කරන ලද සායනික පර්යේෂණවලින් පසුව පේරු සහ උගන්ඩාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට HPV එන්නත ඇතුළත් කරන ලදි.

2.1.11 රාජ්‍යයන්ගේ මහජන සෞඛ්‍ය පද්ධති දුර්වල කිරීම

අනතුරුදායක ඖෂධ නිෂ්පාදන දුප්පත් රටවලට පැටවීමට අමතරව ගේට්ස් පදනම සැබැවින්ම පොදු එම රටවල සෞඛ්‍ය පද්ධතියේ වැඩි දියුණුවට සහාය වන බවට අඟවමින් සෞඛ්‍ය සේවය තුළට රිංගා ඇත. ඒ මගින් සෞඛ්‍යයට බලපාන සමාජීය සහ ආර්ථික නිර්ණායක පසෙකට දමමින් එන්නත් වැනි වඩාත් ලාභ ඉපැයිය හැකි, තාක්ෂණ කේන්ද්‍රිය විසඳුම් පෙරට දමයි.

මෙම ප්‍රපංචය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැය තුළ ද පරාවර්තනය වේ. ගේට්ස් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝලියෝ මර්දන ව්‍යාපාරයේ විශාලතම මුල්‍ය දායකයාය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය පද්ධති සංවර්ධන වැඩ සටහනට අරමුදල් සපයන්නේ ජපන් රජය විසිනි.

Global Justice Now වෙබ් අඩවියට අනුව“ නව එන්නත් සංවර්ධනය සඳහා ගේට්ස් පදනමේ දැවැන්ත අවධාරණය විසින් …. සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම වැනි අනෙකුත් වඩාත් අත්‍යවශ්‍ය වැදගත් ප්‍රමුඛතාවලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එහි සාමාජික රටවල අවධානය ඉවත් කර ඇත.”
ආචාර්ය ඩේවිඩ් ලෙගේ විස්තර කරන අන්දමට “ ලෝක සෞඛ්‍ය පිළිබඳ ගේට්ස්ට ඇත්තේ යාන්ත්‍රික දැක්මකි. ඔහු සොයන්නේ වාසි සහිත ක්ෂණික විසඳුම්ය. ඔහු විසින් සහාය දෙන සියළු වැඩ සටහන් පවතිනුයේ එවැනි වාසි සහගත ක්ෂණික විසඳුම් සොයන රාමුවකය. එහි තේරුම ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් හඳුනාගනු ලබන ප්‍රධාන ගැටළුවලට කිසිදු විසඳුමක් නොලැබෙන බවයි. එම ගැටළු අතර විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳ සාමාජීය සාධක සහ සෞඛ්‍ය පද්ධති සංවර්ධනය කිරීම ආදිය වෙයි.”
2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය අමතමින් ගේට්ස් මෙසේ පැවසීය“ සියලු සාමාජික රටවල් 193 වෙත පැවසිය යුත්තේ ඔබගේ සෞඛ්‍ය පද්ධතිවල කේන්ද්‍රීය අවධානය යොමුවිය යුතු කරුණ බවට එන්නත් පත් කළ යුතු බවය.”
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ඈන් එමානුවෙලා බර්න් (Anne Emanuelle Birn) 2005 දී මෙසේ ලියා තිබේ.“ ගේට්ස් පදනමට ඇත්තේ සෞඛ්‍ය යනු ආර්ථික, සාමාජීය සහ දේශපාලන සංදර්භයන් හා සම්බන්ධයක් නැති තාක්ෂණික සොයාගැනීම්වල නිෂ්පාදනයක් බවට සිතන පටු අවබෝධයකි.”
“ගේට්ස් පදනම විසින් ඉතා කාර්යක්ෂම ලෙස කාලයක් තිස්සේ ගෝලීය සෞඛ්‍යය සමග පුද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් එය ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කර තිබෙනවා.” යි බර්න් Grayzone වෙත පැවසුවාය.
බිල් ගේට්ස් “සෞඛ්‍ය පද්ධති සඳහා දැඩි ලෙස විරුද්ධ බවත් එය සම්පූර්ණ මුදල් නාස්තියක්” බවත් නිතර පුද්ගලික කතාබහ තුළ තමා සමග පවසා ඇතැයි GAVI හි එක් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු විසින් වාර්තා කර ඇත.
මෙම ප්‍රපංචය GAVI සන්ධානයේ ප්‍රතිපත්තිමය ඉලක්ක සැලසුම් කිරීම තුළද පරාවර්තනය වේ. GAVI විසින්ද දුප්පත් රටවල සෞඛ්‍ය පද්ධති ගොඩ නැංවීම සහ ශක්තිමත් කිරීම වැනි තිරස් ප්‍රවේශයක් වෙනුවට එන්නත්කරණය වැනි ඉහළ සිට පහලට සිදුවන සිරස් ප්‍රවේශයක් කෙරෙහි සිය අවධානය යොමු කර ඇත.
Global Public Health හි වාර්තාවක් මගින් “සෞඛ්‍ය පද්ධතින් ගැන ගේට්ස්ගේ ප්‍රවේශය එනම් විශේෂිත රෝග කේන්ද්‍රීය කොටගත් ප්‍රවේශය විසින් එනම් එන්නත්කරණය වැනි උපක්‍රම විසින් මහජන මුදලින් නඩත්තු කරන සෞඛ්‍ය පද්ධති යටපත් කර ඇති ආකාරය පෙන්වා දෙයි. මෙම වාර්තාව ලියා ඇති කැතරිි ස්ටොරෙන්ග් මෙසේ ද සඳහන් කර ඇත.“ GAVI වැනි ගෝලීය සෞඛ්‍ය සඳහා වන මුලපිරීම් විසින් දැන් සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම පිළිබඳව වන ගෝලීය සෞඛ්‍ය විවාදය සිරකර ඇත්තේ ඔවුන්ගේ රෝග කේන්ද්‍රිය ප්‍රවේශය සහ විධික්‍රම භාවිතයේ යෙදවීම පහසුවන පරිදි සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරන්නේ කෙසේ ද යන්න ගැන කෙරෙන සාකච්ඡාවකටය.”
කැතරිනි ස්ටොරෙන්ග් ( Katherini Storeng) වෙත සිය අදහස් දක්වන ලද GAVI සන්ධානය තුළ කලින් සේවය කළ නිලධාරියෙකු, එනම් GAVI හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි ජුලියාන් ලොබ්-ලෙවිට් ( Julian Lob-Levitt ) විසින් ප්‍රකාශ කර ඇත්තේ “සැලසුම් කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමට සහ නිමා කිරීමටත් සති 4ක් ගත වන සහ වසරකට 8 වරක් ක්‍රියාවට නැංවීමට සිදුවන එන්නත්කරණ ව්‍යාපාරයේ නිරර්ථකත්වය සහ මුග්ධත්වය පිළිබඳ තමන්ට වැටහීමක් තිබුණ බවත් එය විසින් සෞඛ්‍ය පද්ධතිය මුළුමණින්ම බිඳ දමන ලද බවත්” ය.
සෞඛ්‍ය පද්ධතීන් තුළ පවත්නා දුර්වලකම් සහ ඒවාට විසඳුම් පිළිබඳ ඇගයීමක් කරන ලෙස එක් අවස්ථාවකදී GAVI විසින් ලොබ්-ලෙවිට් හට භාර දෙන ලදි. මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමට ගත් උත්සාහයට දැඩි ප්‍රතිවිරෝධයක් GAVI හි විධායක සභාව නියෝජනය කරන ප්‍රබල සංවිධාන වන USAID සහ ගේට්ස් පදනමෙන් එල්ලවූයේ යැයි ලෙවිට් විසින් ස්ටොරෙන්ග් සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.
මෙහිදී ගේට්ස් පදනම විසින් “ අපි සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම ගැන විශ්වාස කරන්නේ නැහැ.” යි දැඩි ලෙස අවධාරණය කළ බව ලෙවිට් තමා වෙත පැවසූවේ යැයි ස්ටොරෙන්ග් විසින් සඳහන් කර තිබිණි.
ඇගේ වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
“බිල් ගේට්ස් සතු කිසිවෙකුට ඇහුම්කන්දීමට සුදානමක් නැති උද්දච්ච ස්වභාවය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය වේදිකාව තුළ කිසිවෙකු ඔහු පවසන දෙයට විරුද්ධ යමක් පැවසීමට බිය වූහ….. කලින් GAVI හි සේවකයෙකු සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ (health systems strengthening -HSS) ව්‍යාපාරයේ දිරිගන්වන්නෙකු විසින් සිහිපත් කළේ බිල්ගේට්ස් ජීනිවා හි පිහිටි GAVI මූලස්ථානයේ නිරීක්ෂණයට එනවිට තමාට සහ තම සගයන්ට සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයේ පොස්ටර් කාර්යාල බිත්තිවලින් ඉවත් කර දැමීමට සිදු වූ ආකාරයයි. මක් නිසාද යත් GAVI හි ජාතික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ අංශයේ වැඩවලට බිල්ගේට්ස් වෛර කළ බව ඔවුන් දැන සිටි හෙයිනි.”

2.1.12.සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා බිල් ගේට්ස්  විසින්  ඖෂධ සමාගම්වල ලාභය වැඩි කරගැනීමට උපදෙස් දෙන මැකින්සි කළමණාකරණ සමාගම යොදවා ගැනීම

ලෝක සෞඛ්‍ය සංවිධානය සම්පූර්ණයෙන්ම සිය පාලනය යටතට ගැනීම සඳහා බිල් ගේට්ස් විසින් ගෙන ගිය දිගුකාලීන මෙහෙයුමේ එක් වැදගත් සන්ධිස්ථානයක් වූයේ එහි අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට තමන්ට මුළුමණින්ම ගැති පුද්ගලයෙකු පත්කරවා ගැනීමයි. එහි වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අදානම් ගේබ්‍රියේසස් 2017 දී ඒම තනතුරටපත්වීමට පෙර ඉතියෝපියාවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ගේට්ස් විසින් ආරම්භක මුල්‍ය අනුග්‍රහය දක්වමින් ගොඩ නගන ලද සංවිධාන දෙකක් වන GAVI සහ Global Fund යන සංවිධානවල විධායක සභාවන්වල තනතුරු ද දරා ඇත. එම සංවිධානවලට මේ දක්වා ගේට්ස් විසින් මුල්‍යාධාර සපයනු ලබයි.

2017 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ‌ජනරාල් තනතුරට පත් වූ වහාම ටෙඩ්‍රොස් අදානම් ආරම්භ කළ පළමු කටයුත්ත වූයේ  බිල් ගේට්ස්ටත්, ඖෂධ සමාගම්වලටත්, වෙනත් ගෝලීයකරණවාදි බලවේගවලටත් අවශ්‍ය පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් හසුරුවා ගැනීම සඳහා අවකාශය ලබා දෙන ප්‍රතිසංස්කරණ මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මුළුමණින්ම වෙනස් කිරීමය. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙඩ්‍රෝස් අදානම් විසින් බිල්ගේට්ස්ගේ නිර්දේශය මත යොදා ගන්නා ලද්දේ මැකින්සි( McKinsey)  නම් ඇමෙරිකානු කළමණාකරණ උපදේශක සමාගමයි. මේ සඳහා කළමණාකරණ සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවන ලද්දේ බිල් ගේට්ස් විසිනි.

මැකින්සි කළමණාකරණ සමාගම දශක ගණනාවක් තිස්සේ  ඖෂධ සමාගම්වලට උපදේශන සේවා සපයන සමාගමකි. එකී සමාගම්වල පිරිවැය අඩුකරගනිමින් උපරිම ලාභ ලැබිය හැකි ක්‍රම වේද හඳුන්වා දීම, ඖෂධ අලෙවිය සඳහා ගෝලීය වශයෙන් නව  වෙළඳපලවල් සොයාගැනීම, ඖෂධ අත්හදා බැලීමේ කටයුතු සඳහා පවත්වන සායනික පරීක්ෂණවලදී ඖෂධ සමාගම්වලට දැරීමට සිදුවන වියදම් අඩුකර ගැනීම සඳහා නව වෙළඳපොලවල් සොයාගැනීම ආදිය සඳහා මැකින්සි සමාගම සිය උපදේශන සේවා සපයයි.

මැකින්සි සමාගමේ ගනුදෙනුකරුවෙකු වන ගේට්ස් පදනම විසින් සිය “ඉලක්කය” වූ කලී ඖෂධවල සුරක්ෂිතතාව පිළිබඳ පරීක්ෂණ මගහැරීම සඳහා ඖෂධ සමාගම්වලට උදව්කිරීම සහ ඖෂධ සමාගම් විසින් සඳහා වන ඖෂධ අනුමැතියේදී පිළිපැදිය යුතු ක්‍රියාදාමය කඩිනම් සහ ලිහිල් කිරීම” යැයි ඉතා පැහැදිලිව පැවසීම පුදුමයක් නොවේ. නැතහොත් ඔවුන් විසින් පවසා ඇති පරිදි “ එන්නත් වර්ග සඳහා අනුමැතිය ලබාගැනීමේදී සමත් විය යුතු කාලය සහ මුදල් නාස්තිකරන අවසාන සායනික පරීක්ෂණ අවදියට ඇතුළුවීමට පෙර කල්තබාම ඒවා සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් මතුවිය හැකි මැදිහත්වීම් සහ බාධාවන් ඉවත්කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව” සනාථ වී තිබේ.

ලෝක ජනතාවගේ සෞඛ්‍ය කටයුතු සඳහා මැදිහත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇති අධිකාරය සහ පිළිගැනීම ඖෂධ සමාගම්වල අවශ්‍යතා ඉටුකරගැනීමේ වාහකයක් ලෙස යොදාගනිමින් ඒවායේ ලාභ රේට්ටු ඉහළ දැමීමට මැකින්සි සමාගම මැදිහත් වී ඇති ආකාරය එම සමාගම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිසංස්කරණවලට මැදිහත් වීම මගින් සනාථ වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  ආසියාවේත් අප්‍රිකාවේත් දකුණු ඇමෙරිකාවේත් දුප්පත් රටවල ජනතාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි කියමින් දියත් කර ඇති බොහෝ ව්‍යාපෘතිවලින් විශාල ප්‍රමාණයක්  ඖෂධ සමාගම්වල නව එන්නත් වෙනත් ඖෂධ වර්ග අත්හදා බැලීමේ පරික්ෂණ වලට අදාළ ඒවා වීම අරුමයක් නොවේ. මැකින්සි සමාගම මේ වනවිට ලෝකයේ රටවල් 71ක් පුරා සිය ‌කළමණාකරණ උපදේශන මෙහෙයුම් පවත්වාගෙන යයි.  උතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය, කැනඩාව සහ  මෙක්සිකොව යන රටවල් තුලද , යුරෝපයේ බ්‍රිතාන්‍ය,ජර්මනිය,ප්‍රංශය,ග්‍රීසිය,ඉතාලිය, පෘතුගාලය,‌ පෝලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ස්වීඩනය, යුක්රේනය, ස්විට්සර්ලන්තය, තුර්කිය ඇතුළු රටවල් 27ක් තුලද  ද අප්‍රිකාවේ ඇංගෝලාව, ඊජිප්තුව, ඉතියෝපියාව, කෙන්යාව, මොරොක්කොව,නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් 7 තුළද ආසියාවේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, අසර්බයිජානය, ජපානය, කසාක්ස්තානය, මැලේසියාව,පකිස්ථානය, ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 20ක් තුළද මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ

ආර්ජන්ටිනාව, බ්‍රසීලය,චිලිය, කොලොම්බියාව, ඉක්වදෝරය ඇතුළු රටවල් 10ක් තුළද, මැද පෙරදිග සවුදි අරාබිය, ඊශ්‍රායෙලය,බහරේන්,කුවේට්, ඊජිප්තුව, කටාර් ඇතුළු රටවල් 7ක් තුළද මැකින්සි සමාගමේ මෙහෙයුම් ශාඛා පිහිටුවා ඇත.ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව  මෙම ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල පිහිටි මැකින්සි ශාඛාවන් විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයන් නම් ඖෂධ සමාගම්වල නව නිෂ්පාදන අත්හදා බැලීමට ඒ් රටවල දුප්පත් ජනතාව යොදාගැනීම සඳහා දූෂිත දේශපාලනඥයන් සහ සෞඛ්‍ය බලධාරින් පොළඹවාගැනීමද, එම ඖෂධ ඒ්වායේ සුරක්ෂිතතාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ පැවැත්විය යුතු විධිමත් පරීක්ෂණවලින් තොරව අදාළ රටතුළ විකිණිමට අවස්ථාව උදාකරගැනීම ද ඖෂධවලින් සිදුවන අතුරු ආබාධ හේතුවෙන් විපතට පත් ජනතාව ඖෂධ සමාගම්වලට එරෙහි නඩු පැවැරීමෙන් වැළැක්වීම සඳහා නීති සැකසීමද ආදිය වෙනුවෙන් ලොබි කිරීමය.

මැකින්සි සමාගමේ මැදිහත්වීම පිළිබඳව වැඩි විස්තර සඳහා ජූලියා බෙලූට්ස් සහ මරීන් බුසොනියර් විසින් ලියන ලද “මැකින්සි ප්‍රතිසංස්කරණ හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල්ගේට්ස් සිය බලය පැතිරවීම”  යන මැයෙන් පළ වූ ලිපිය කියවන්න.

2.1.13. ගෝලීය දකුණේ රටවල ආහාර නිෂ්පාදනය සියතට ගැනීම සඳහා ගේට්ස් පදනමේ සැලසුම්

පොදු සෞඛ්‍ය පද්ධති දුර්වල කිරීමට සහ මහජන සෞඛ්‍ය ගැටළු සඳහා තාක්ෂණ කේන්ද්‍රීය විසඳුම් සෙවීමට ගේට්ස් පදනම දක්වන කැමැත්ත ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සමග වැඩ කිරීමට පමණක් සීමා වී නැත. එය විසින් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වැදගත් අංශවල ප්‍රතිපත්ති තීරණය කිරීමටද බලපෑම් සිදු කරමින් සිටියි.

2021 වසරේ මුල් භාගයේදී මොන්සැන්ටෝ සමාගමේ නිජබිම වන එක්සත් ජනපදයේ සෙන්ට් ලුවිස් සහ මිසෝරි පදනම්කරගෙන ගේට්ස් විසින් නව ලාභ නොලබන ආයතනයක් පිහිටුවන ලදි. මෙම සමාගමේ නම Gates Ag One වේ. එය විසින් කුඩා පරිමාණ ගොවීන්ට අත්‍යාවශ්‍ය වන බෝගවර්ග සඳහා පහසුවෙන් වගාකළ හැකි සහ වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ වර්ග, විශේෂයෙන්ම උප සහරා අෆ්‍රිකානු රටවල සහ දකුණු ආසියාවේ ගොවීන් වෙත හඳුන්වා දෙනු ඇත.

මේ “කුඩා පරිමාණ ගොවීන්ට උදව්කිරීම” උතුම් කර්තව්‍යයක් ලෙස බැලු බැල්මට පෙනී ගිය ද ගේට්ස් පදනම සැබැවින් ම වැඩ කරන්නේ ගෝලීය දකුණේ රටවල් ඖෂධ, අධිතාක්ෂණික බීජ වර්ග හෝ කෘෂි රසායනික ආදි කුමක් සඳහා වුව ද බටහිර නිෂ්පාදකයන් මත රඳාපවතින තත්ත්වයක් ඇති කිරීමටයි.

මේ ක්‍රියාකාරකම් බොහොමයක් ආරම්භ වූයේ 2006 වසරේ දී ගේට්ස් පදනම සහ රොකෆෙලර් පදනම එක්වී අප්‍රිකානු රටවල හරිත විප්ලවයක් ඇති කිරීමට හවුල්කාරිත්වයක් පිහිටුවන ලද අවස්ථාවේදීය. මෙහිදී ගේට්ස් පදනම සහ රොකෆෙලර් පදනම් විසින් අප්‍රිකාවේ හරිත විප්ලවය සඳහා සන්ධානය (Alliance for a Green Revolution in Africa – AGRA)නම් සන්ධානයන් පිහිටුවන ලදි. මෙහි ආරම්භක අරමුදල ලෙස ගේට්ස් පදනම ඩොලර් මිලියන 100ක් ලබා දෙන ලද අතර රොකෆෙලර් පදනම විසින් ඩොලර් මිලියන 50 ක් ලබා දෙන ලදි.
AGRA හි ප්‍රවේශයේ අරමුණ ලෙස හඳුන්වා දී ඇත්තේ අප්‍රිකානු වෙළෙඳපොළ එක්සත් ජනපදයේ කෘෂි ව්‍යාපාරය වෙත විවෘත කිරීමයි. මෙම ප්‍රවේශය පදනම වී ඇත්තේ අප්‍රිකාවේ කුසගින්නට හේතුව ධනය අසමාන ලෙස බෙදීයාම සහ සූරාකෑම නොව බටහිර තාක්ෂණය නොමැති කම නිසා යන විශ්වාසයයි

බිල් ගේට්ස් සහ රොකෆෙලර් පදනම්වල හරිත විප්ලව මෙහෙයුම පිළිබඳව ජෛව-ආරක්ෂාව සඳහා වන අප්‍රිකානු මධ්‍යස්ථානය විසින් සකසන ලද (African Center for Biosafety) වාර්තාවකට අනුව “ මෙම කිසිදු විප්ලවයක පෙරමුණු බලඇණිය අප්‍රිකානුවන් නොවීම අප කම්පනයට පත්කරවයි. එය අප්‍රිකාව යටත්විජිතයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියෙන් වෙනස් නොවේ. මෙම නව විප්ලවය ප්‍රචණ්ඩ ලෙස උපදෙස් දෙනු ලබන්නේ සාගින්න සහ දිළිඳුභාවය නැමැති විලංගුවෙන් අප්‍රිකානුවන් මුදාගැනීමට පැමිණියේ යැයි පවසන සුදු මිනිසුන් විසිනි.”

AGRA සන්ධානය හරහා ගේට්ස් පදනම විසින් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන්නාවූත් පේටන්ට් හිමිකම ඔවුන් සතුව පවතින්නාවූත් ජානමය වෙනස්කම්වලට ලක් කරන ලද්දාවූත් (Genetically Modified – GM) බීජ සහ පොහොර භාවිතයට ගොවීන්ට බලකරනු ලබයි. මෙම තාක්ෂණය බීජ සහ කෘෂි රසායනික ව්‍යාපාරයේ දැවැන්තයන් වන මොන්සැන්ටෝ වැනි සමාගම්වලට ලාභ ගැරීමට උදව්වන නමුත් එය විසින් නිතරම මහජනතාවගේ ආහාර සුරක්ෂිතතාව අවදානමේ හෙළයි.
ආචාර්ය වන්දනා ශිවා ගේ ස්ථාවරය වනුයේ “ජාන වෙනස්කරන ලද බීජ විසින් අස්වැන්න ඉහළ දමනු ඇතැයි යන්න “විද්‍යාත්මක ප්‍රලාපයක් ” බවයි. තවත් අයෙකුට අනුව “දුප්පත්කම සහ සාගින්නට එරෙහිව සැබෑ විසඳුමක් සඳහා යෙදවිය හැකි සම්පත් ගේට්ස් පදනම විසින් කොල්ලකමින් සිටියි.”
The Ecologist ට අනුව “ ගේට්ස් සහ මොන්සැන්ටෝ හවුල් කරුවන් විසින් කුසගින්න සහ ආහාර ආහාර හිඟයට හේතුවන ව්‍යුහාත්මක ගැටළුවලට විසඳුම් සෙවීම වෙනුවට අනුමත කළ නොහැකි සහ ප්‍රෝඩාකාරි ජාන වෙනස්කම් කරන ලද ආහාර නිෂ්පාදන ව්‍යාපෘති (GMO project) හරහා තාක්ෂණික ක්ෂණික විසඳුම් පෙරට දමයි.”
ගේට්ස් පදනම මේ වනවිට කෘෂිකර්මය සඳහා බලපාන නීති වෙනස් කරන ලෙස අප්‍රිකානු ආණ්ඩු වෙත බලපෑම් කරමින් සිටියි.

Grain.org: නම් සංවිධානයට අනුව

“පුද්ගලික අංශයේ පුළුල් මැදිහත්වීමක් සඳහා ඇති බාධක මොනවාදැයි සොයා බැලීමේ අරමුණ සහිතව රටේ බීජ ප්‍රතිපත්තිය යළි විමර්ශනය කිරීමට AGRA සන්ධානය විසින් ඝානා ආන්ඩුවට උදව් කරන ලදි. 2010 වසරේ මැද දී AGRA සන්ධානයෙහි තාක්ෂණික සහ මුල්‍ය සහයෝගය සහිතව ඝානා රජය විසින් රටේ බීජ පිළිබඳ නීතිරීති වෙනස් කරමින් පුද්ගලික සමාගම්වලට හිතවාදි නව බීජ නීති සම්මත කරන ලදි. ඔවුන් විසින් සම්මත කරන ලද අනෙක් නීති අතර විකිණීමට අවසර ඇති බීජ ප්‍රභේද ලැයිස්තුවක් ද විය. ටැන්සානියාවේදී AGRA සන්ධානය සහ ආණ්ඩුවේ නියෝජිතයන් අතර සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස බීජ නිෂ්පාදනය පෞද්ගලීකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීමට පහසුකම් සැලසිණි. මලාවිහිදී ඉරිඟු මිල සහ වෙ‍ලෙඳ ප්‍රතිපත්ති යළි සළකා බැලීමට AGRA සන්ධානය විසින් මලාවි ආණ්ඩුවට සහාය දෙන ලදි.”

කෘෂිකාර්මික වෙළෙඳපොළ යළි හැඩගැස්වීමට ගේට්ස් විසින් සිදුකරමින් සිටින භූමිකාව ගැන අදහස් දක්වමින් වන්දනා ශිවා Grayzone වෙත මෙසේ පැවසුවාය.
“ඔබ නව ක්ෂේත්‍රයක් නිර්මාණය කරනවා. ඔබ එහි ආයෝජනය කර ඔබ විසින් ඉලක්ක කරන ලද රටේ ආණ්ඩුවට එහි ආයෝජනය කරන ලෙස බලකරනවා. ඔබ පාලන නීතී රෙගුලාසි විනාශ කරනවා. ඔබ පවත්නා සියලු විකල්ප විනාශ කරනවා, ඔබ විද්‍යාඥයන්ට පහර දෙනවා. අනතුරුව ඔබ විසින් ඔබගේ ඒකාධිකාරය සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ගොඩනගනවා.”

ගේට්ස් පදනම සහ දැවැන්ත ඖෂධ සමාගම්වල පවත්නා සම්බන්ධතාවයේදී මෙන්ම මෙම ක්‍රියාවන් ගේට්ස් පදනමේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් (conflicts of interest) ලෙස විස්තර කළ හැකිය. කලින් පරිදිම මේ සඳහා බොහෝ නිදසුන් දැක්විය හැකිය.

ගේට්ස් පදනමේ කෘෂිකාර්මික වැඩ සටහනේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක රොබර්ට් හෝර්ෂ් (Robert Horsch) කලින් මොන්සැන්ටෝ සමාගමේ ඉහළ විධායක නිලධාරියෙක් ලෙස වසර 25ක් සේවය කර ඇත. එහි දී ඔහු විසින් කෘෂිකාර්මික දීමනාවන් කළමණාකරණය කළ කණ්ඩායමක් මෙහෙයවන ලදි. ගෝලීය ප්‍රතිපත්ති සංසදයට (Global Policy Forum) අනුව “ගේට්ස් පදනමට සම්බන්ධවන ලෙස ඔහුට විශේෂයෙන් ආරාධනා කර ඇත්තේ මොන්සැන්ටෝහිදී ඔහු විසින් සිදු කරමින් සිටි පර්යේෂණ දිගටම සිදුකිරීම සඳහාය.”
ගේට්ස් පදනමේ කෘෂිකාර්මික වැඩසටහනේ හිටපු අධ්‍යක්ෂ සෑම් ඩ්‍රිඩන් කලින් ජාන වෙනස්කම් කිරීමේ නිරත විශාල බීජ සමාගම් දෙකක් වන Emergent Genetics සහ Agragentics Corporation යන සමාගම් මෙහෙයවා තිබේ. 2005 දී සමාගම මොන්සැන්ටෝ සමාගම විසින් මිලදී ගන්නා ලද අතර සෑම් ඩ්‍රිඩන් මොන්සැන්ටෝ සමාගම යටතේ ද මාස 6ක් තවදුරටත් සේවය කළේය. ඔහු ගේට්ස් පදනමේ සේවය කරද්දි ගාඩියන් පුවත්පත විසින් ඔහුව හැඳින්වූයේ “ ගෝලීය දකුණේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වඩාත් බලගතුම පුද්ගලයා” ලෙසය.
ගේට්ස් පදනමේ කෘෂිකාර්මික වැඩසටහනේ හිටපු වැඩසටහන් නිලධාරි ඩොන් ඩූරින්ග් (Don Doering) කලින් මොන්සැන්ටෝ ජීවතාක්ෂණික උපදේශක කවුන්සිලයේ ( Monsanto’s Biotechnology Advisory Council) ආරම්භක සාමාජිකයෙකු විය. ඔහු විසින් කෘෂිකාර්මික සංවර්ධන කණ්ඩායමකට නායකත්වය දුන්නේය. එම කණ්ඩායමේ කාර්ය භාරය වූයේ “උප සහරා අප්‍රිකන් සහ ආසියානු දුප්පත් ගොවීන්ට උදව් කිරීම සඳහා” මුදල් ලබාදීමය.

“අප්‍රිකාව නවීකරණය” (Modifying Africa) නම් පොත ලියන ලද ෆ්ලෝරන්ස් වම්බුගු (Florence Wambugu) “ අප්‍රිකාවේ මොන්සැන්ටෝ අපොස්තුලුවරිය” ලෙස ද හැඳින්විණි. USAID ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබීමෙන් පසුව වම්බුගු මොන්සැන්ටෝහි පර්යේෂකවරියක් ලෙස කටයුතු කළාය. පසුව ඇය ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන මණ්ඩලයට තෝරා පත් කරගන්නා ලදි.

ගේට්ස් පදනම ඖෂධ නිෂ්පාදනයේදී USAID සමග හවුල් වැඩ සටහන් සිදුකරන අයුරින්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ද එවැනි හවුල් වැඩසටහන් USAID. සමග පවත්වාගෙන යයි. පැමලා කේ. ඇන්ඩර්සන්(Pamela K. Anderson) දැන් ගේට්ස් පදනමේ කෘෂිකර්ම සංවර්ධන අධ්‍යක්ෂවරිය වන අතරම USAID. හි විධායක සභාවේද කටයුතු කරයි.
දුප්පත්කම හේතුවෙන් සෑම දිනෙකම ළමුන් 22,000ක් මරණයට පත් වේ. නමුත් සෞඛ්‍ය ගැටළුවලට හේතුවන සමාජ ආර්ථික ගැටළු නොසළකා හැර තිබේ. මක් නිසාද යත් විසඳුම කුමක්දැයි තීරණය කරන්නේ ඒ මගින් ලාබ උපයන නිෂ්පාදන සමාගම් විසින් බැවිනි. ලෝක සෞඛ්‍ය වේදිකාව තුළ ගේට්ස් පදනම දී ඇති ප්‍රමුඛතාවද එයම වේ.
කෙටියෙන් පවසන්නේ නම්, මීට කලින් පැවැති ගෝලීය සෞඛ්‍ය පිළිබඳ උත්සාහයන්හිදී ගේට්ස් පදනමේ නායකත්වය විසින් ප්‍රදර්ශනය කළේ ඔවුන්ගේ පක්ෂපාතිත්වය මහජන සෞඛ්‍යය වෙත නොව ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙත බවයි. ඔවුහු වඩාත් කැමැත්ත දක්වන්නේ රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමෙන් වැළැකී සිටීමටය. නමුත් සියළු රටවල් විශාල ඖෂධ සමාගම් සහ කෘෂි නිෂ්පාදන සමාගම් මත යැපෙන තත්ත්වයක පවත්වාගෙන යාම එහි අවශ්‍යතාවයයි.

2.1.14. ඖෂධ සහ එන්නත් මගින් සිදුවන හානිවලට ඖෂධ සමාගම් විසින් වන්දි ගෙවිය යුතුය මූලික නීතිය අහෝසි කිරීමට බිල් ගේට්ස් සියලු ජාතික රාජ්‍යයන් වෙත බල කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ලද ඊනියා  “ගෝලීය වසංගත තත්ත්වය” පිටුපස ඖෂධ සමාගම් සහ බිල්ගේට්ස් වැන්නන් බොහෝ කලෙක සිට ඉටුකරගැනීමට උත්සාහ දරමින් සිටි අවශ්‍යතාවයක් ඉටු කර ගන්නා ලදි.  එනම් ඊනියා වසංගත තත්ත්වයට ප්‍රතිකාර සොයාගැනීමේ හදිසි අවශ්‍යතාවයට මුවා වී එන්නත් හෝ ඖෂධවලින් සිදුවන හානි සඳහා ඖෂධ සමාගම්වලට නඩු පවරා වන්දි ලබාගැනීමට වින්දිතයන්ට ඇති අයිතිය ඉවත්කිරීමට ‌ එනම් නීතිමය මුක්තිය එන්නත් සමාගම්වලට ලබාදීමට කටයුතු කරන ලෙස  ලෝකයේ සියලුම රටවලට බලකිරීමයි. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිද සංශෝධනය කරමින් යොදා ගැනිණි. මේ සඳහා මැකින්සි කළමණාකරණ උපදේශක සමාගමේ උපදෙස් සහ සේවය යොදා ගනු ලැබිණි.

මැකින්සි කළමණාකරණ සමාගම දශක ගණනාවක් තිස්සේ  ඖෂධ සමාගම්වලට උපදේශන සේවා සපයන සමාගමකි. එකී සමාගම්වල පිරිවැය අඩුකරගනිමින් උපරිම ලාභ ලැබිය හැකි ක්‍රම වේද හඳුන්වා දීම, ඖෂධ අලෙවිය සඳහා ගෝලීය වශයෙන් නව  වෙළඳපලවල් සොයාගැනීම, ඖෂධ අත්හදා බැලීමේ කටයුතු සඳහා පවත්වන සායනික පරීක්ෂණවලදී ඖෂධ සමාගම්වලට දැරීමට සිදුවන වියදම් අඩුකර ගැනීම සඳහා නව වෙළඳපොලවල් සොයාගැනීම ආදිය සඳහා මැකින්සි සමාගම සිය උපදේශන සේවා සපයයි.

මැකින්සි සමාගමේ ගනුදෙනුකරුවෙකු වන ගේට්ස් පදනම විසින් සිය “ඉලක්කය” වූ කලී ඖෂධවල සුරක්ෂිතතාව පිළිබඳ පරීක්ෂණ මගහැරීම සඳහා ඖෂධ සමාගම්වලට උදව්කිරීම සහ ඖෂධ සමාගම් විසින් සඳහා වන ඖෂධ අනුමැතියේදී පිළිපැදිය යුතු ක්‍රියාදාමය කඩිනම් සහ ලිහිල් කිරීම” යැයි ඉතා පැහැදිලිව පැවසීම පුදුමයක් නොවේ. නැතහොත් ඔවුන් විසින් පවසා ඇති පරිදි “ එන්නත් වර්ග සඳහා අනුමැතිය ලබාගැනීමේදී සමත් විය යුතු කාලය සහ මුදල් නාස්තිකරන අවසාන සායනික පරීක්ෂණ අවදියට ඇතුළුවීමට පෙර කල්තබාම ඒවා සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් මතුවිය හැකි මැදිහත්වීම් සහ බාධාවන් ඉවත්කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව” සනාථ වී තිබේ.

බිල් ගේට්ස් විසින් මෙසේ ලියන ලදි.“ ලෝකයේ බිලියන 7ක් ජනයා හට එන්නත ලබා දීම සඳහා ආණ්ඩු විසින් ඔවුන් සාමාන්‍යයෙන් ඖෂධවලට අවසර දීමට ගන්නා ක්‍රියා පටිපාටිය අත්හිටුවිය යුතුය. මේ න්‍යාය පත්‍රය සඳහා වෙනත් විකල්ප නැත”

මාර්තුවේදී එක්සත් ජනපද රජය විසින් නව ෆෙඩරල් නීතියක් සම්මත කරන ලදි. ඒ මගින් කොරෝනා වෛරස් සඳහා එන්නත් සහ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්වලට සහ ඒවා බෙදාහරින සියලුම ආයතන සහ පුද්ගලයන්ට නීතිමය මුක්තියක් හිමිවන අතර ඒ අනුව එම එන්නත් හෝ ඖෂධ මගින් හානියට පත්වන පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට යුක්තිය ඉල්ලා ඖෂධ සමාගම්වලට එරෙහිව අධිකරණය හමුවට යා නොහැකිය.

කොවිඩ්-19 එන්නත් ලබාගැනීමේදී ඒ ඒ රටවල ආණ්ඩු අදාළ ඖෂධය නිෂ්පාදනය කරන සමාගම් සමග ගිවිසුමක් අත්සන් තැබිය යුතු අතර ඒ ගිවිසුම අනුව ෆයිසර්, මොඩෙර්නා වැනි සමාගම්වලට නීතිමය මුක්තිය ලබා දීමට ලෝකයේ බොහෝ රටවල් කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවද ඒලෙස ඖෂධ සමාගම්වලට දණ්ඩ මුක්තිය ලබා දී ඇති රටවලින් එකකි.

මෙහි තේරුම මේ සමාගම්වලට සිය ඖෂධවලින් සාමාන්‍ය ජනයාට කිසියම් හානියක් වේයැයි කිසිදු බියකින් තොරව හිතුමතයේ කටයුතු කිරීමට නිදහස ලැබී ඇති බවයි. එනම් අතීතයේදී සිදුවූ පරිදි ලෝකයේ දුප්පත් රටවල ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට මේ ඖෂධ සමාගම් විසින් පත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ ඇතුළත් කර ඇති ඉහත දැක්වෙන 3,4,5 වගන්ති විසින් ඖෂධ සමාගම්වලට අති විශාල බලයක් බලයක් ලැබෙන ලෙස ගිවිසුම සකස් කරන ලෙස යෝජනා කර තිබේ.
එහි 4 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි

“නව වසංගත එන්නත්වර්ගයක් මගින් සිදු කරන මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාරයක් තුළ ඇති විය හැකි නොදන්නා වර්ගයේ අතුරු ආබාධ සම්බන්ධයෙන් පැන නැගිය හැකි වගකීම පිළිබඳව ගැටළු සම්බන්ධව සුදුසු විසඳුම් ලබාදීම”

ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004

මෙම වගන්තියෙන් කියනු ලබන්නේ අප විසින් ඉහතදීද අවධාරණය කළ පරිදි එන්නත්වල අතුරු ආබාධ සඳහා වන වගකීමෙන් ඖෂධ සමාගම් නිදහස් කිරීමයි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය නග්න සහ නිර්ලජ්ජිත ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ අනාරක්ෂිත එන්නත් ඉදිරිපත් කරනු ලබන ඖෂධ සමාගම් ආරක්ෂා කිරීමට මිසෙක ඒවා ගැනීම මගින් පීඩාවට පත්වන ඇතැම් විට මරණයට පත්වන පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම හෝ නොවන බව ඉතා පැහැදිලිය.

එහි පස්වැනි වගන්තිය මෙසේ වෙයි.

“ ජාන ප්‍රත්‍යවර්ථ්‍ය තාක්ෂණය (mRNA) වැනි නව තාක්ෂණයන් එන්නත් නිෂ්පාදනය තුළට හඳුන්වා දීමේදී මතුවන බුද්ධිමය දේපළ පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබාදීම. ”

ඉන්ෆ්ලුවන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය 2004

මේ මගින් සිදු කර ඇත්තේ ‌මහජනතාවට ගැනීමට නිර්දේශ කෙරී ඇති එන්නතේ අන්තර්ගත සංයෝග සහ  ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනගැනීමට ඇති අනිවාරණීය අයිතිය “බුද්ධිමය ‌දේපොළ ආරක්ෂා කිරීම” යන සටන් පාඨයට මුවා වී උදුරා ගැනීමකි. මෙම එන්නත් ගැනීමේදී ඒවා තමන් විසින් සිය දැනුවත් එකඟතාව සහිතව ලබාගන්නා බවටත් තමන්ට යම් හානියක් සිදුවහොත් එයට ඖෂධ සමාගම් හෝ සෞඛ්‍ය බලධාරින් වග නොකියන බවටත් ලියැවිල්ලක්  අදාළ පුද්ගලයාගෙන් අත්සන් කරවාගැනීමට ලෝකයේ සියලුම රටවල ආණ්ඩු කටයුතු කර තිබේ. මෙහිදී පෙන්නුම් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබා දෙමින් බිල් ගේට්ස් සහ ඖෂධ සමාගම් සිය අරමුණු ඉටුකරගෙන ඇති අන්දමය.

ඖෂධ සමාගම්වලට නීතිමය මුක්තියක් ලැබිය යුතු යැයි බිල්ගේට්ස් විසින් පවසමින් සිටියේ 2015 සිටය. එබෝලා වසංගතය පැතිරීම ගැන සිය කම්පාව පළ කරමින් ඔහු පැවසුවේ “ නීතිමය වගකීම්වලින් වලින් මිදී කටයුතු කිරීමට හැකිවන පරිදි ආරක්ෂාවක් සපයනු ලබන කිසිදු පැහැදිලි ක්‍රියාදාමයක් නැත. ගෝලීය වසංගතයකදී ඖෂධ සොයාගැනීමේ දී සහ සංවර්ධනය කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට නම් ඖෂධ සමාගම්වලට නීතිමය ආරක්ෂාව ලබා දිය යුතුයි.”

දැන් ඔහුගේ මෙම ඔහුගේ යෝජනාව පල දරා තිබේ.

බිල් ගේට්ස් සහ ඖෂධ සමාගම් විසින් ලෝකයේ සියලුම රටවල ජාතික ආණ්ඩුවලින් එන්නත් නිෂ්පාදනය කරන සමාගම්වලට දණ්ඩමුක්තිය ලබාගැනීමේ සිය අරමුණද ඉටුකරගෙන ඇති අන්දම අල්බේනියානු රජය සහ ෆයිසර් සමාගම අතර ඇතිකරගත් ගිවිසුම පිළිබඳ දැනට හෙළිදරවු වී ඇති කරුණුවලින් පැහැදිලි වේ.

අල්බේනියානු රජය සහ ෆයිසර් සමාගම විසින් අත්සන් තබා ඇති ගිවිසුමේ “මිලදී ගනු ලබන පාර්ශ්වය විසින් වන්දි ගෙවීම(Indemnification by the Purchaser)” නම් තේමාව යටතේ වන 8.1 වගන්තිය මෙසේය.

 8.1. දණ්ඩමුක්ති ප්‍රදානය

“ෆයිසර් බයොන්ටෙක් සමාගම්, එයට සම්බන්ධ සියලු දෙනා,කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, බලපත්‍රදායකයන්, බලපත්‍ර හිමියන්, නියෝජිත බලපත්‍ර හිමියන්, බෙදාහරින්නන්, ගිවිසුම් නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, සායනික පර්යේෂණ පවත්වන්නන් වෙත ද,
ෆයිසර් හෝ බයොන්ටෙක් හා සම්බන්ධිත තුන්වන පාර්ශ්වයන් හෝ එය හා සෘජුවම හෝ වක්‍රව සම්බන්ධිත සියලු දෙනාටමද,
එන්නත පිළිබඳව පර්යේෂණ සිදු කිරීම, වැඩි දියුණු කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම, අලෙවිකරණය සහ එන්නත භාවිතා කිරීම ආදි කටයුතුවල ( එන්නත්කරණයේ නිරතවන පුද්ගලයන් ) නිරත වන්නන්ටද,

එන්නත හා සම්බන්ධව කටයුතු කරන සෑම ආයතනයකම නිලධාරින්ට, අධ්‍යක්ෂවරුන්ට, සේවයේ නිරතවන්නන්ට, ඒජන්තවරුන් අනෙකුත් නියෝජිතයන් යනාදින්ටද,

ඉහත සඳහන් දණ්ඩ මුක්තිය හිමිවන සඳහන් කවර හෝ පුද්ගලයන්ගේ හෝ ආයතනවල පූර්ව ප්‍රාප්තිකයන්ට හෝ අනුප්‍රාප්තිකයන්ටද

එරෙහිව පවරන සියලුම නඩුවලින්ද, වන්දි ඉල්ලා සිටීම්වලින්ද, ක්‍රියාමාර්ගවලින්ද, නියෝගවලින්ද, අහිමිවීම්වලින්ද, හානිවලින්ද වගකීම්වලින්ද, ගිවිසුම්වලින්ද, දඬුවම්වලින්ද, දඩ මුදල් අයකිරීම්වලින්ද, ගාස්තු සහ වියදම්වලින්ද ( කිසිදු සීමාවකින් තොරව නීතිඥගාස්තු ගෙවීම පරීක්ෂණ සඳහා නඩු සඳහා වන අනෙකුත් වියදම් මිලදී ගනු ලබන පාර්ශ්වය විසින් ගෙවීම දමෙයට ඇතුළත් වේ.)

ගිවිසුමේ සඳහන්වන පරිදි, අලාභ, බුද්ධිමය දේපළ, හෝ නීතිමය, ව්‍යවස්ථාමය, වෙනත් නියමයන්,සාධාරණ හේතූන් සම්බන්ධයෙන් හෝ

එන්නත් නිෂ්පාදනය සැලසුම් කිරීම, වැඩි දියුණු කිරීම, පරීක්ෂා කිරීම හෝ සංයෝජනය කිරීම, විද්‍යාගාර සහ සායනික පර්යේෂණ සිදු කිරීම, නිෂ්පාදනය, ලේබල් කිරීම, ඇසුරුම් කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, බෙදාහැරීම, වෙළඳාම සහ වෙළඳාම ප්‍රවර්ධනය, විකිණීම, මිලදී ගැනීම, බලපත්‍ර ලබා ගැනීම, පරිත්‍යාග, රෝගීන් වෙත ලබා දීම, රෝගීන් වෙත නිර්දේශ කිරීම,රෝගීන් සඳහා යෙදවීම, සම්පාදනය, හෝ එන්නත් භාවිතය ආදි කටයුතු සිදුවන අවධිවලදී එන්නත් සම්බන්ධව හෝ එන්නත්වල ප්‍රතිඵලයක් ලෙස පැන නගින වෙනත් ආකාරයක (සාමූහික “පාඩු”),වලදී ද

වන්දිය සහ අලාභයන් සහ වියදම් තමන් විසින් ගෙවීමටද ඉහත සඳහන් පාර්ශ්වයන් වෙත නීති මුක්තිය ලබාදීමටද ආරක්ෂා කිරීමටද, හානි සිදුවීම වැළැක්වීමටද, එන්නත් මිලදී ගනු ලබන පාර්ශ්වය මේ මගින් සිය එකඟතාව පළ කර සිටී. ”

ගේට්ස් විසින් ඔහුගේ ස්ථාවරය සාධාරණීකරණය කළේ “ජනතාවගේ ජීවිත ගලවා ගැනීම සඳහා සමාගම් විසින් ඔවුන්ට හැකිතාක් ඉක්මණින් ඖෂධ නිෂ්පාදනය කළ යුතුව තිබේ. සමහර විට මේ අලුත් ඖෂධ සෑම විටෙකම සුරක්ෂිත ඒවා නොවිය හැකියි. සුරක්ෂිතතාව යන්න තේරුම් ගැනීම ඉතා අපහසු දෙයක්. අවදානමක් තිබිය හැකියි. සමාගම්වලට නීතිමය ආවරණයක් ලබා දිය යුත්තේ ඖෂධය නිකුත් කිරීමට පළමුවයි.” යනුවෙන් ඔහු CBS පුවත් සේවයට පැවසීය.
නව ඖෂධයක් නිකුත් කිරීමට පෙර එහි ඵලදායිකත්වය නැතහොත් කාර්යක්ෂ්මතාව ද එයින් සිදුවිය හැකි හානිකර අතුරු ආබාධ ද පිළිබඳව ඇගයීම සඳහා විවිධ අදියර ගණනාවකින් යුතු අත්හදා බැලීමේ පරීක්ෂණ ගණනාවක් කරනු ලබයි.එහි මුල් පියවර වන සතුන් යොදා කරනු ලබන පරීක්ෂණ අවධිය සාර්ථකව සමත් විය යුතුය. ඉන් අනතුරුව එළැඹෙන්නේ මනුෂ්‍යයන් යොදාගනිමින් සිදු කරන පරීක්ෂණ අවධියයි. මෙහිදී පරීක්ෂණයට යොදාගනු ලබන පුද්ගලයන් ව එම ඖෂධයේ අඩංගු රසායනික් සංඝටක, ඒවායේ අතුරු ආබාධ ආදිය පිළිබඳ පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු අතර රෝගීයාගේ පූර්ව රෝග ඉතිහාසය සහ අසාත්මිකතා පිලිබඳවද අවශ්‍යවන තොරතුරු පුද්ගලයා හෝ ඔහුගේ වෛද්‍යවරයා මගින් ලබාගැනීම පර්යේෂකයා සතු වගකීමකි. පර්යේෂණයට ලක්වන ඖෂධය මගින් රෝගියා තුළ අසාත්මිකතාවන් ඇතිවීමට හෝ ඔහුගේ හෝ ඇයගේ පූර්ව රෝගී තත්ත්වයන් උත්සන්න වීමට ඉඩ ඇත්නම් එම පුද්ගලයා අදාල පර්යේෂණය සඳහා සහභාගි කරවා ගැනීමෙන් වැළකිය යුතුය. එමෙන්ම ඖෂධය ලබාදීමෙන් පසු සෑම පුද්ගලයෙකුම උපරිම වෛද්‍ය නිරීක්ෂණය යටතේ නිශ්චිත කාලයක් තබාගනිමින් සියලු තත්ත්වයන් වාර්තාගත කළ යුතුය. මනුෂ්‍යයන් යොදා කරනු ලබන පරීක්ෂණ අවධිය අදියර තුනකින් සිදු කරනු ලැබේ
1. ප්‍රාථමික අදියර (phase I) මනුෂ්‍යයන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් යොදාගනිමින් පර්යේෂණය සිදු කරන අදියර
2. මධ්‍යම අදියර (phase II), මනුෂ්‍යයන් මධ්‍යම සංඛ්‍යාවක් පමණක් යොදාගනිමින් පර්යේෂණය සිදු කරන අදියර
2. පුළුල් අදියර(phase III), මනුෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් යොදාගනිමින් පර්යේෂණය සිදු කරන අදියර

නමුත් කොවිඩ් එන්නත් සඳහා ගේට්ස්ට අවශ්‍ය වූයේ සත්වයන් මිනිසුන් යොදාගෙන කරනු ලබන පරීක්ෂණ එකම අවස්ථාවේදී සිදු කිරීමටය.

2.1.15. mRNA එන්නත් තාක්ෂණය සහ පෙන්ටගනයේ උසස් ආරක්ෂක පර්යේෂණ ඒජන්සියේ මැදිහත්වීම්

එන්නතක් වෙළෙඳපොල සඳහා නිකුත්කිරීමට පෙර සිදු කළ යුතු ආරම්භක සත්ව පරීක්ෂණ අවධියවත් පසු නොකළ එන්නතක් සඳහා මොඩර්නා සමාගම දැන් මිනිසුන් යොදා කොවිඩ්-19 එන්නත් සඳහා පරීක්ෂණ සිදු කරමින් සිටි. මොඩර්නා සමාගමේ mRNA වර්ගයේ එන්නත මීට පෙර මනුෂ්‍යයන් සඳහා ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරිය (FDA) විසින් අනුමත නොකළ එකකි.

2019 වසරේ ඔක්තෝබරයේදී එනම් ඊනියා කොවිඩ්-19 නාටකය වේදිකා ගත කිරීමට මාස කීපයකට පෙර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, ජෝන් හොප්කින්ස් ආයතනය සහ ලෝක ආර්ථික සංසදය ආදි සංවිධාන විසින් යන නමින් වසංගත සඳහා සුදානම්වීමේ පෙරහුරුවක් පවත්වන ලදි.

මෙම තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සපයා ඇත්තේ ගේට්ස් පදනම සහ පෙන්ටගනයේ උසස් ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Defense Advanced Research Projects Agency – DARPA) විසිනි. මොඩර්නා විසින් පවසනු ලබන්නේ තම සමාගම සහ DARPA අතර “උපායමාර්ගික සන්ධානයක්” පවතින බවයි. DARPA විසින් මොඩර්නා සමාගමට අදාළ පර්යේෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 25ක් දී තිබිණි.
මොඩර්නා සමාගමේ mRNA තාක්ෂණය බිල්ගේට්ස් විසින් තෝරා ගන්නා ලද්දේ “ කොවිඩ් සඳහා වන හොඳම විසඳුම් අතරින් එකක්” බව පවසමිනි. එමෙන්ම ඔහු විසින් මොඩර්නා සහ ගේට්ස් පදනම අතර පවතින “ ගෝලීය සෞඛ්‍ය ව්‍යාපෘති පදනම් ගිවිසුම ” (global health project framework agreement) යටතේ ඩොලර් මිලියන 100ක් මොඩර්නා වෙත ගෙවීමට නියමිත අතර ඒ වෙනුවට බිල් ගේට්ස්ට මෙම එන්නත් සඳහා විශේෂිත පොදු බලපත්‍රයක් හිමිවනු ඇත.

මොඩර්නා හි සම නිර්මාතෘ රොබර්ට් ලාන්ගර් බිල් ගේට් සමග හවුල් ව්‍යාපෘතියක යෙදෙමින් ස්ත්‍රින්ගේ ශරීරය තුළ රෝපණය කරන උපත්පාලන ක්ෂුද්‍ර පරිපථ (Contraceptive MicrochipImplant) නිෂ්පාදනය කිරීමේ වැඩ සටහනක් හවුලේ දියත් කරන ලදි මෙම පරිපථ ගුවන් විදුලි සංඥා මගින් සක්‍රිය කළ හැකි ඒවා විය.

මැයි 18 වැනි දින පළමු අදියර පරීක්ෂණ සාර්ථකව අවසන් බවට නිවේදනය කළ විට සමාගම්කාර ජනමාධ්‍ය විසින්ද “මොඩර්නාහි ශුභාරංචිය” ගිරවුන් මෙන් ප්‍රතිරාවය කරන ලදි. නමුත් මෙම පරීක්ෂණය පිළිබඳ වාර්තාවලට අනුව එන්නත ලබාදුන් පුද්ගලයන් 15 ක් අතුරෙන් තුන්දෙනෙකුටම ඉහළම මාත්‍රාව එන්නත් කරන ලද අතර ඔවුන්ගේ තත්ත්වය “ඉතා බරපතල ”සහ “ආබාධ ඇති කරවන සුළු” විය. එමෙන්ම ඔවුන්ව “රෝහල් ගත කරවා ප්‍රතිකාර කිරීමට” ද සිදු විය. එසේ වුව ද එම වාර්තාවට සුපුරුදු පරිදි “අදාළ පුද්ගලයන්ගේ ජීවිතවලට අවදානමක් එල්ලවන තත්ත්වයක් මතු නොවිණි ” යන්න ද ඇතුළු කර තිබිණි.

ඉහත දක්වා ඇත්තේ බිල් ගේට්ස් ලෝක ජනතාවගේ සෞඛ්‍යයට සිදු කර ඇති හානි පිළිබඳ නිදසුන්වලින් ස්වල්පයක් පමණි.  මේ වනවිට කොවිඩ්-19 එන්නත්කරණයෙන් පසු ‌ලොව පුරා ජනතාව මිලියන ගණනින් මරණයට සහ අතුරු ආබාධවලට ගොදුරු වී තිබේ.

2.2 GAVI-එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සන්ධානය

ගේට්ස් පදනම විසින් එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සන්ධානය (Global Alliance for Vaccines and Immunizations – GAVI) හරහා වක්‍රව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අරමුදල් ලබා දෙයි. GAVI යනු දුප්පත් රටවලට අඩු මුදලට එන්නත් විකුණන “රාජ්‍ය සහ පුද්ගලික අංශයේ හවුලකි (public-private partnership).” වෙනත් වචනවලින් පවසතොත් GAVI සංධානය කටයුතු කරන්නේ ඖෂධ සමාගම් සහ ඖෂධ මිලදී ගනු ලබන රාජ්‍යයන් අතර අතරමැදි තැරැව්කරුවෙකි ලෙසිනි. එය රාජ්‍යයන් වෙත තමන් මිලදී ගත යුතු ඖෂධ වර්ග මොනවාදැයි ඒ ඒ රාජ්‍යවල සෞඛ්‍ය අංශවල බලධාරින්ට “උපදෙස් දීම“ නැතහොත් බලපෑම් කිරීම සිදු කරන අතර එම ඖෂධ මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය ආයතන හරහා ණය පහසුකම් ලබාදීම සම්බන්ධීකරණය කරයි.GAVI සන්ධානයේ සම නිර්මාතෘවරයෙකු වූයේ ටිම් ඒවන්ස්ය.ඔහු කලක් රොකෆෙලර් පදනමේ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව 2003-2010 අතර කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්ව තනතුරක් දරා ඇත. 2013-2019 අතර කාලය තුළ ඔහු ලෝක බැංකුවේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.1990 දශකයේ පසුභාගයේදී බිල් ගේට්ස් විසින් අනුග්‍රහය දක්වන රැස්වීම් මගින් මෙම GAVI සංවිධානය බිහිවීමේ පදනම සකස් කෙරුණු අතර එහි ආරම්භක ප්‍රාග්ධනය ඩොලර් මිලියන 750ක් විය. 90 ගණන්වල සිට 2021 දක්වා ගේට්ස් පදනම විසින් GAVI වෙත ඩොලර් බිලියන 4.1ක් ලබා දී ඇත. මෙය GAVI අරමුදල්වලින් 20% ක් පමණ විය. GAVI හි විධායක සභාව තුළ ගේට්ස් පදනමට ස්ථාවර අසුනක් හිමිව තිබේ.
GAVI එය විසින්ම අනාවරණය කර ඇති පරිදි “ එන්නත් වෙළෙඳ පොල හැඩ ගැස්වීමට ගනු ලැබූ උත්සාහයන් තුළ ගේට්ස් පදනම විසින් තාක්ෂණික සහ මුල්‍යමය යන භූමිකාවන් දෙකම රඟදක්වා ඇත.”
GAVI සංවිධානය උදාහරණයක් ලෙස දක්වමින් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දේශපාලන ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් වන Global Health Watch විසින් විස්තර කරනු ලැබුවේ “ ලෝකයේ සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධාන සියල්ල ගේට්ස් පදනම වෙත වගකීමට බැඳී සිටිනවා විනා ගේට්ස් පදනම ඔවුන්ට වගකීමට බැඳී නැත.” යනුවෙනි.
මේ අනුව GAVI යනු ගේට්ස් විසින් මෙහෙයවන තවත් සංවිධානයක් බව පැහැදිලිය.
ගේට්ස් පදනම සහ GAVI සන්ධානය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සපයන අරමුදල්වල එකතුව සළකා බලන්නේ නම් ඒ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වැඩිම දායක මුදලක් සපයමින් සිටි එක්සත් ජනපද රජය විසින් ලබා දෙන දායක මුදලටත් වඩා අධිකය. එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වැඩිම අරමුදලක් සපයන අනුග්‍රාහකයා බවට නොනිල වශයෙන් ගේට්ස් පදනම පත්ව තිබේ. ඒ ට්‍රම්ප් විසින් එක්සත් ජනපද රජය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමේ තීරණය ගැනීමටත් පෙරය.

2.3. බේයර් සහ මොන්සැන්ටෝ

ජාන විකෘතිකාරක බීජ, කෘෂි රසායනික ද ජාත්‍යන්තර ආහාර නිෂ්පාදනය සඳහා අලෙවි කරන සහ ඒවා භාවිතා කිරීමට තුන්වන ලෝකයේ රටවලට අයථා ක්‍රම මගින් බල කරන සමාගමක් මෙන්ම ඖෂධ නිෂ්පාදනය සහ සෞඛ්‍ය සම්බන්ධ නිෂ්පාදන කර්මාන්තයන් පවත්වාගෙන යන බේයර් (Bayer AG) සමාගම ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල වෙත 2018-2019 මුදල් වර්ෂය සඳහා ඩොලර් මිලියන 3,7ක් ද 2020-2021 මුදල් වර්ෂය සඳහා ඩොලර් මිලියන 4,2ක් ද ලබා දීම අවධානයට ගත යුතු කරුණකි.ජර්මානු සමාගමක් වන බේයර් සමාගම විසින් ජාන විකෘති කාරක කෘෂි නිෂ්පාදනයේ නිරතවන කුප්‍රකට මොන්සැන්ටෝ සමාගම මිලදී ගෙන තිබේ. ඊනියා වසංගතය මැඩ පැවැත්වීමට යැයි කියමින් රාජ්‍යයන් විසින් ක්‍රියාත්මක කරන ලද ලොක්ඩවුන් ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වූ සැපයුම් මාර්ග අඩාල වීම හේතුවක් ලෙස දක්වමින් බේයර් සමාගම තම නිෂ්පාදන සඳහා වන මිල ඉහළ දැමීම් මගින් සිය ලාභය 57%කින් එනම් යුරෝ බිලියන 3.3කින් ඉහළ නංවාගැනීමට සමත්ව ඇත. බිල් ගේට්ස් විසින් 2010 දී මොන්සැන්ටෝ සමාගම තුළ ආයොජනය කරමින් එහි කොටස් ලක්ෂ 5ක් මිල දී ගෙන තිබේ. ඇති අතර බේයර් සහ මොන්සැන්ටෝ සමාගම් විසින් ඉන්දියාවේ බීජ නිෂ්පාදනය සියතට ගැනීමට අනුගමනය කරන කෘර උපක්‍රම හේතුවෙන් ඉන්දියාවේ දිළිඳු ගොවීන් ආර්ථිකමය සහ සමාජ්‍ය වශයෙන් දැඩි විනාශයකට ගොදුරු කෙරෙමින් පවතින අතර ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතාව දැඩි අවදානමකට හෙළා ඇතැයි වන්දනා ශිවා විසින් චෝදනා කර ඇත.

2.4 මර්ක්(Merck & Co.)

2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මර්ක් සහ සමාගම (Merck & Co.) ඩොලර් මිලියන භාගයක් ලබා දී ඇත. 2020-2021 සඳහා එම සමාගම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් තුන්ලක්ෂයකට ආසන්න මුදලක් ලබා දී ඇත.මෙම මර්ක් සහ සමාගම විවිධ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පේටන්ට් බලපත්‍ර අපයෝජනය ඇතුළු විවිධ වංචා දූෂණ රැසක් සම්බන්ධව අධිකරණය හමුවේ වරදකරු වී සිටින සමාගමකි. එක්සත් ජනපද ෆෙඩරල් උසාවියේ විනිසුරුවරියක වන බෙත් ලැබ්සන් ෆ්‍රීමාන් විසින් සිය තීන්දුව තුළ “සංවිධිත සහ පිළිකුල් සහගත වංචාවන් සහ සදාචාර විරෝධී ව්‍යාපාරික කටයුතු“ සම්බන්ධයෙන් මර්ක් සහ සමාගම හෙළා දැක ඇත.
මර්ක් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Vioxx ඖෂධය ඔවුන් ජනතාව වෙත මුදා හැර ඇත්තේ ඖෂධය පිළිබඳ සාවද්‍ය තොරතුරු ජනතාවට ලබා දෙමිනි. වේදනා නාශකයක් වන මෙම ඖෂධය රූමැටික ආතරයිටිස් රෝගය (rheumatoid arthritis)සඳහා සුදුසු යැයි පවසමින් අලෙවි කිරීම සම්බන්ධව එම සමාගම අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත.1999 දී මෙලෙස සාවද්‍ය ලේබල්කරණයක් යටතේ අලෙවි කරන ලද ඖෂධය විසින් දහස් ගණනක් පුද්ගලයන් 88000-139000 අතර සංඛ්‍යාවකට හෘදයාබාධ බාධ ඇති කිරීමට හේතු වී ඇති බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය විසින් නිගමනය කර ඇත. පසුව 2004 දී මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කර තිබේ. මේ සඳහා නඩු පවරන ලද පුද්ගලයන් හට බිලියන 5කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීමට මර්ක් සමාගමට සිදුව ඇත.

2.5 වෙල්කම් ට්‍රස්ට් පදනම (Wellcome Trust)

හෙන්රි වෙල්කම්

වෙල්කම් ට්‍රස්ට් (Wellcome Trust) යනු ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පර්යේෂණ සඳහා මුල්‍ය පහසුකම් සපයන ලන්ඩන්හි ස්ථාපිත පදනම් ආයතනයකි. 1936 දී පිහිටුවන ලද මෙහි වර්තමාන වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 30කට ආසන්නය. මෙහි පුරෝගාමි සංවිධානය වූයේ එක්සත් ජනපද පුරවැසියෙකු වූ හෙන්රි වෙල්කම් (Henry Wellcome) සිලාස් බරෝස් (Silas Burroughs) සමග එක්ව 1880 දී ලන්ඩනයේ දී පිහිටුවන ලද බරෝස් සහ වෙල්කම් සමාගම (Burroughs, Wellcome & Co) නම් ඖෂධ සමාගමයි. වෙල්කම් ට්‍රස්ට් පදනම බිහිකරන ලද්දේ ඉහත කී ඖෂධ සමාගමට සම්බන්ධිත ආයතනයක් ලෙසය. 1995දී බරෝස් සහ වෙල්කම් සමාගම ග්ලැක්සෝ සමාගම විසින් මිලදී ගනු ලැබූ අතර එය ග්ලැක්සෝවෙල්කම් (GlaxoWellcome) ලෙස හැඳින්විණි. දැන් ග්ලැක්සෝ-ස්මිත්ක්ලයින් (GlaxoSmithKline) යනුවෙන් හඳුන්වන්නේ මෙම සමාගමයි.

2.5.1. වෙල්කම් ට්‍රස්ට් සමාගමේ යුජෙනික්ස් ඉතිහාසය

මාගරට් සේඟර්

වෙල්කම් ට්‍රස්ට් (Wellcome Trust) මානසික රෝග, මානව ජාන අනුක්‍රම, වසංගත රෝග සහ එන්නත් ආදි කටයුතු සඳහාත් දේශගුණික විප්ර්යාසයන් පිළිබඳවත් පර්යේෂණ මෙහෙයවයි. 2017 දී මෙම පදනම විසින් “වසංගත රෝග සඳහා සුදානම් වීමේ නවීකාරක සන්ධානය“(Coalition for Epidemic Preparedness Innovation – CEPI) යන ආයතනය පිහිටුවීමෙහි ලා සම-හවුල්කාරිත්වය දැරීය. වෙල්කම් ට්‍රස්ට් පදනම වෙල්කම් සේඟර් ආයතනය (Wellcome Sanger Institute) සහ වෙල්කම් ජාන විශ්ව විද්‍යාලය (Wellcome Genome Campus) සමග ක්‍රියාත්මක වේ. සාන්ගර් ආයතනය 1992 දී පිහිටුවන ලද්දේ මානව ජාන අනුක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහාය. සේඟර් ආයතනය මාගරට් සේඟර් (Margaret Sanger) නැමැති එක්සත් ජනපදයේ නූතන යුජෙනික්ස් ව්‍යාපාරයේ (modern eugenics movement) පුරෝගාමිනියකගේ නමින් පවත්වාගෙන ගිය ද ඇය සහ එම ආයතනය අතර කිසිදු සම්බන්ධතාවක් පිළිබඳ සිය වෙබ් අඩවිය තුළ සඳහන් නොකිරීමට වෙල්කම් ට්‍රස්ට් පදනම ප්‍රවේසම් වී තිබේ. ඇමෙරිකානු උපත් පාලන ලීගය (American Birth Control League) පිහිටුවන ලද්දේ මාගරට් සේඟර් විසිනි. ඇය බ්‍රිතාන්‍ය යුජෙනික්ස් ව්‍යාපාරයේද සාමාජිකාවකි. පුද්ගලයාගේ ජානමය ලක්ෂණ මගින් ඔවුන් උසස් හෝ පහත් ලෙස නැතහොත් පිරිසිදු හෝ අපිරිසිදු ලෙස වර්ගීකරණයට ලක් කිරීම විද්‍යාවක් ලෙස එක්සත් ජනපදය තුළ ස්ථාපනය කිරීමට යුජෙනික්ස් ව්‍යාපාරය කටයුතු කරන ලදි.

2.5.2. දුප්පත් රටවල ජනගහණය සීමාකරමින් ඒවායේ සම්පත් කොල්ලකෑමේ අධිරාජ්‍යවාදි සැලසුම්වලට සහායවීම

මේ වනවිට දැකිය හැක්කේ මාගරට් සේඟර් වැනි පුරෝගාමි යුජෙනික්ස්වාදින් නැවත වඩාත් “මානුෂික වාදි“ ලෙස පුනරුත්ථාපනය කිරීමේ උත්සාහයකි. ඒ ඔවුන්ගේ මතවාදයන් ක්ලාවුස් ෂ්වාබ්ගේ ලෝක ආර්ථික සංසදය( World Economic Forum) හෝ ජෝර්ජ් සොරෝස්ගේ “විවෘත සමාජය ” (Open Society) වැනි බලවේග විසින් පෙරට දමන නූතන පාර-මානුෂික සමාජ ඉංජිනේරුකරණයෙහි ලා භාවිතා කළ හැකි මෙවලම් බවට පත් කිරීමය. 2016 එක්සත් ජනපද ජනාධිපති වරණ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පැවසුවේ මාගරට් සේඟර් තමාගේ පරමාදර්ශයක් වූ බවයි.

උපත් පාලනය පිළිබඳ මතවාදය එකිනෙකට පසමිතුරු ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් විසින් වැළඳගෙන තිබේ. උපත් පාලනයට සහ ගබ්සාවට ස්ත්‍රීවාදින් විසින් සහාය පළ කරනු ලබන්නේ එමගින් ස්ත්‍රියගේ සෞඛ්‍ය සහ නිදහස වර්ධනය කිරීමේ මාවතක් ලෙසය. නමුත් ධනේශ්වර ප්‍රභූ පෙළැන්තිය උපත්පාලනය මගින් උත්සාහ කරනුයේ ජනගහණ වර්ධනය සීමා කිරීමේ මෙවලමක් ලෙසය. මාක්ස්වාදි ස්ත්‍රිවාදිනියන් මේ පිළිබඳව 1970 තරම් ඈත කලෙක සිට අනතුරු අඟවා තිබේ.
” අරමුණ වෙත වෘත්තිකවාදින්ගේ කඩාවැදීම විසින් ස්ත්‍රින් ඇතුළ සියලු වැඩකරන පන්තියේ ජනතාවන්ගේ ස්වයංතීරණ අයිතිය පිලිබඳ ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපාරයක සිට ප්‍රභූ පෙළැන්තියේ වටිනාකම් වැළඳගත් සහ ප්‍රභූ පැළැන්තියට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් දක්වා උපත්පාලන ව්‍යාපාරයේ ඉලක්ක වෙනස් කර තිබේ.මෙම වෘත්තිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර හඳුනාගත හැකිය. ඔවුන් නම් වෛද්‍යවරුන් සහ යුජෙනිස්ට්වාදින්ය. ”
(ලින්ඩා ගෝර්න් 1977 “Birth Control: An Historical Study (Part 1 of 2).” Science for the People, 9(2), 10–16.)

හෙන්රි කිසිංජර්

1974 දී එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් විසින් ලියන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ලේඛනයෙහි (National Security Study Memorandum NSSM 200) මෙසේ සඳහන් වේ.
“එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ඉහළම ප්‍රමුඛතාව අනෙකුත් රටවල ජනගහණය අඩු කිරීමයි.වැඩි වන ජනගහණය ඉතා පහසුවෙන් නීත්‍යානුකූල රාජ්‍ය ආයතනවල හෝ “”ස්ථාපිත ක්‍රමයට “,”අධිරාජ්‍යවාදයට” සහ “බහුජාතික සමාගම්වලට”අයත් දේපොළවලට පහරදීම සඳහා යොමු කළ හැකිය.”
සිය ලේඛනය තුළ ජනගහණ වර්ධනය සීමා කිරීමට ජනමාධ්‍ය යොදාගනිමින් සිදු කරන ප්‍රචාරක ව්‍යාපාර,පාඨමාලා පැවැත්වීම, ආදිය යෝජනා කරන කිසිංජර් අතිශය අමානුෂික, නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් ද ඒ සඳහා යෝජනා කර ඇත. ඒවා නම් ආහාර හිඟයක් නැතහොත් සාගත තත්ත්වයක් නිර්මාණය කිරීම සහ දේශපාලන බලහත්කාරය යොදාගැනීමයි. මෙවැනි යුජෙනික්ස්වාදි සහ මැල්තුසියන්වාදි න්‍යාය පත්‍ර මත කටයුතු කරන සමාගම් සහ ඒ්වා විසින් පවත්වාගෙන යනු ලබන “දාන පරිත්‍යාගශීලි පදනම් ආයතන” විසින් අරමුදල් සපයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සිය න්‍යාය පත්‍රයන් ක්‍රියාවට නැංවීමේ ඉඩකඩ ගෝලීය වශයෙන් විවර කරගෙන තිබේ.

2.5.3. මානව ජාන ගෙනෝමය  සහ ජාන විද්‍යාත්මක පරීක්ෂණ සඳහා දුප්පත් රටවල ජනතාව යොදා ගැනීම

වෙල්කම් ට්‍රස්ට් පදනම විසින් මානව ගෙනෝමය අධ්‍යයනය සඳහා මානව ජාන පිළිබඳ වෙල්කම් මධ්‍යස්ථානය(Wellcome Centre for Human Genetics) පිහිටුවා ඇති අතර එහි එක් ප්‍රධාන සහ දැවැන්ත පරිමාණ ව්‍යාපෘතියක් වූයේ අෆ්‍රිකානු මහාද්විපයේ මිනිසුන්ගේ ජාන අනුක්‍රම හෙවත් ගෙනෝමය සිතියම්ගත කිරීමයි (genetic mapping).එමෙන්ම අප්‍රිකානු පිරිමින්ගේ දරු ඵල ඇතිකිරීමේ හැකියාව සහ ප්‍රජනක සාර්ථකත්වය සඳහා බලපාන ජාන පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කර තිබේ. මෙම මධ්‍යස්ථානයට අනුබද්ධව ක්‍රියාත්මකවන මයර්ස් කණ්ඩායම(Myers Group) සම්පූර්ණයෙන්ම කැප වී ඇත්තේ ජනවර්ගයන්ගේ ජාන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය සඳහාය. සංක්‍රමණිකයන් හේතුවෙන් සිදුවන යම් රටක ප්‍රජාවක් තුළ සිදුවන ජානමය වෙනස්කම්වල බලපෑම සිතියම්ගත කිරීම ඔවුන්ගේ එක් ව්‍යාපෘතියකි. ඉයුජෙනික්වාදිස්වාදි ප්‍රතිපත්ති යුක්ති සහගත කිරීමේ “විද්‍යාත්මක අධ්‍යයනයන් ” සඳහාද ‍මෙම මධ්‍යස්ථානය අරමුදල් සපයයි. එවැනි එක් පර්යේෂණ පත්‍රිකාවක් විසින් තර්ක කරන්නේ “බලහත්කාරි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් යුජෙනික්ස්වාදි ප්‍රතිපත්ති යහපත් සමාරම්භයක් බවයි.”
මානව ජාන පිළිබඳ වෙල්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියෙකු සහ එකී පර්යේෂණ පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරන ඒඩ්‍රියන් හිල් ඔහුගේ විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රධාන භූමිකාවක් හිමිවන්නේ ජනවර්ගය සහ ජාන පිළිබඳව අධ්‍යයනයන් සඳහා බවයි. එමෙන්ම ඔහුගේ කණ්ඩායම වර්තමානයේදී අප්‍රිකාවේ ජනතාව ඇතැම් බෝවන රෝගවලට ගොදුරුවීමට දක්වන නැඹුරුතාව සහ ඔවුන්ගේ ජාන ප්‍රවේණිය අතර සම්බන්ධතාවක් යන්න ගැන පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.
2019 වසරේදී සයන්ස් මැග් නම් සඟරාව විසින් වාර්තා කර තිබුණේ වෙල්කම් මානව ජාන පිළිබඳ මධ්‍යස්ථානය වෙත දකුණු අප්‍රිකාවේ දී ඔවුන් විසින් රැස් කරන ලද අප්‍රිකානු ජනයාගේ ජාන එම මධ්‍යස්ථානය විසින් අයථා ලෙස භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි. මේ චෝදනා එල්ල කරන ලද්දේ එම පදනමට සම්බන්ධව කටයුතු කළ අෆ්‍රිකානු පර්යේෂකයෙකු සහ කේප්ටවුන් සවුත් විශ්ව විද්‍යාලය විසිනි. ඔවුන්ගේ චෝදනාව වූයේ ජානමය චිපයක් (Gene Chip) නිර්මාණය සඳහා ස්වකීය DNA පරිත්‍යාග කරන ලද සිය ගණනක් අප්‍රිකානු ජනයා සමග එම මධ්‍යස්ථානය ඒ සඳහා ඇති කරගත් ගිවිසුමට පටහැනිව යමින් එම චිප වාණිජකරණයට ලක්කිරීම පිළිබඳවයි. “මෙය මුළුමණින්ම මානව ජීව විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ආචාර ධර්මයන් උල්ලංඝනය කිරීමක් “යැයි කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක ආචාරධර්ම වේදිනියක්වන ජන්ටිනා ඩි රීස් (Jantina de Vries)විසින් හෙළා දැක තිබේ.මෙම සිදුවීමෙන් පසුව නැමීබියාවේ නමා ජනතාව තමන් විසින් වෙල්කම් මධ්‍යස්ථානයට ලබා දී තිබූ සාම්පල නැවත භාර දෙන ඉල්ලා සිටින ලදි.
වෙල්කම් මධ්‍යස්ථානය ඔවුන්ගේ වැක්සින් සහ උපත්පාලන ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහා සෑම විටෙකම අරමුදල් සැපයීමේදී කටයුතු කළේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග සම දායකත්වයක් දරමිනි. ගේට්ස් පදනම අප්‍රිකාවේත් දකුණු ආසියාවේත් ශ්‍රි ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඇතුළු රටවල් ගණනාවක් තුළ දිගුකාලීන ක්‍රියාකාරිත්වයක් සහිත උපත්පාලන එන්නතක් (injectable long-acting reversible contraceptives – LARCs)පුළුල් වශයෙන් බෙදා හරින ලදි. වෙල්කම් මධ්‍යස්ථානය මෙම එන්නත වැඩි දුරටත් සංවර්ධනය කිරීමේ පර්යේෂණ රුවන්ඩාවේ ස්ත්‍රීන් යොදාගනිමින් සිදුකළ පරීක්ෂණයකට අරමුදල් සපයමින් එය මෙහෙයවා ඇත.

2020 දී වෙල්කම් ට්‍රස්ට් ආයතනය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ මාස්ටර්කාඩ් සමාගම සමග එක්වී “කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර සොයාගැනීම පිණිස COVID-19 Therapeutics Accelerator (CTA) සංවිධානය පිහිටුවන ලදි.  සිය ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා තුන්වැනි ලෝකයේ රටවල දුප්පත් ජනතාව යොදාගැනීම සඳහා ඔවුහු බිල්ගේට්ස් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය යොදාගනිමින් සිටිති.

2.6 එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට (Center for Decease Control) සම්බන්ධ CDC පදනම් ආයතනය ( CDC Foundation)

CDC Foundation යනු එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය (CDC) සහ පුද්ගලික අංශය එනම් ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් සම්බන්ධ කිරීම සඳහා එක්සත් ජනපද කොංග්‍රසය විසින් පිහිටුවන ලද පදනම් ආයතනයකි. CDC පදනම් ආයතනය  (CDC Foundation) ලෝක සෞඛ්‍ය සංවිධානයට 2021 වසරේදී ඩොලර් මිලියන 4.8ක් ලබා දී ඇත. එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය එනම්  CDC වෙත ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් ලබා දෙන ආධාර සහ පරිත්‍යාග යැවෙන්නේ CDC Foundation පදනම් ආයතනය හරහාය.

එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයත් (Center for Decease Control-CDC)ආහාර සහ ඖෂධ පාලනාධිකාරියත්(Food and Drug Administration-FDA) විසින් ගනු ලබන තීරණවල බලපෑම ඇත්තේ එක්සත් ජනපදය වෙත පමණක් නොවේ. ඒවා සමස්ත ලෝකයේම ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධව බලපෑමක් එල්ල කරනු ලැබේ. මක් නිසාද යත් එක්සත් ජනපදය වැනි බලගතු රටක ආයතන විසින් ඖෂධ සම්බන්ධව ගනු ලබන තීරණ බොහෝ රටවල් විසින් කිසිදු සොයා බැලීමකින් තොරවම පිළිගනු ලබන තත්ත්වයක් පවතින බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සාමාජික රටවල් සඳහා කිසියම් ඖෂධයක් නිර්දේශ කිරීමේදී ප්‍රමිති සහතිකයකයක් ලෙස යොදා ගනු ලබන්නේ එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය, (CDC)ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය(FDA) සහ යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) විසින් අදාළ ඖෂධය සඳහා දෙනු ලබන අනුමැතියයි. එමෙන්ම ලංකාව වැනි රටවල සෞඛ්‍ය බලධාරින් සහ වෛද්‍ය විශේෂඥයන් එක්සත් ජනපදයේ ඉහත සඳහන් ආයතනවල යම් ඖෂධයක් සඳහා ලබා දෙන අනුමැතිය ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයද ලංකාව සඳහා එම ඖෂධය අනුමත කිරීම සඳහා ප්‍රාථමික නිර්ණායකයක් ලෙස යොදාගනී.
කෙසේ වුවද ඖෂධ සමාගම්වල ග්‍රහණයට ඉහත CDC, FDA සහ EMA යන ආයතන තුළම දැඩි ලෙස ගොදුරු වී ඇති තත්ත්වයක් තුළ යම් ඖෂධයක කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ එම ආයතනවල නිර්දේශයන් කොතෙක් දුරට නිවැරදිවන්නේ දැයි දැඩි අවධානයකට යොමුව තිබේ. එමෙන්ම බොහෝ අවස්ථාවල එම ආයතන විසින් මහජන භාවිතය සඳහා අනුමත කරන ලද යම් යම් ඖෂධ විසින් බෙහෙවින් විනාශකාරි සහ මරණීය ප්‍රතිඵල රෝගීන්ට අත්කර දී ඇති බවට සාක්ෂි පවතී.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සෘජුවම ඖෂධ සමාගම් වෙතින් ලැබෙන අරමුදල් පිළිබඳව මෙන්ම එක්සත් ජනපදයේ වසංගත රෝග මධ්‍යස්ථානයට අනුබද්ධ පදනම් ආයතනය (CDC Foundation) විසින් ලබා දෙන අරමුදල් හා එමගින් ඇති කෙරෙන ප්‍රතිඵල පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ආයතනය ලබා දෙන අරමුදල් අයත්වන්නේ කිසියම් නිශ්චිත ව්‍යාපෘතියක් සඳහා ලබා දෙන පරිත්‍යාග වර්ගයටය.
මෙහිදී සිදුවන්නේ ඖෂධ සමාගම් විසින් CDC Foundation හරහා CDC ආයතනයට සපයන අරමුදල් වලින් සැළකිය යුතු ප්‍රතිශතයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙමින් එම ඖෂධ ගෝලීය මට්ටමින් දුප්පත් රටවල ජනතාවන් මත අත්හදා බැලීමේ ව්‍යාපෘති ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරවීමයි. මෙහිදී මේ සඳහා තවත් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන GAVI සහ PATH වැනි පදනම් ආයතන යොදාගනී.

2.6.1. රෝෂ් සමාගමේ “ටැමිෆ්ලූ” ඖෂධයේ අත්හදාබැලීමේ සායනික පරීක්ෂණ වල දත්ත වසන්කරමින් එම ඖෂධය වෙළඳපොළට නිකුත්කිරීමට අවසර දීම

ඉන්ෆ්ලුවන්සා ආසාදනය හා සම්බන්ධ සංකීර්ණතා මැඩපැවැත්වීම සඳහා Roche සහ Gilead යන ඖෂධ සමාගම් විසින් නිෂ්පාදිත oseltamivir [Tamiflu] යන ඖෂධ පිළිබඳ පරීක්ෂණ පවත්වා ඒවාට අනුමැතිය ලබාදීම සඳහා CDC පදනම්  හරහා එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය වෙත ඩොලර් 198,000ක් ලබාදී තිබේ.

Roche සමාගම Tamiflu ඖෂධයේ සුරක්ෂිතතාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ විද්‍යාගාර සහ සායනික පරීක්ෂණවල වැදගත් දත්ත වසර 5කට ආසන්න කාලයක් තිස්සේ වසන්කිරීමට කටයුතු කර ඇති අතර එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය (CDC) විසින් එම අයථා ක්‍රියාවට සහාය දෙමින් Tamiflu මහජන භාවිතය සඳහා අනුමත කර තිබේ. පසුව Cochrane Collaboration වෘත්තිකයන්ගේ සංවිධානයක් විසින් මෙම දත්ත ලබා ගැනීමට සමත් වූ අතර ඒවා විශ්ලේෂණය මගින් ඔවුන් විසින් නිගමනය කර ඇත්තේ ඉන්ෆලුවන්සා රෝගයේ සංකීර්ණතා වන නිව්මෝනියාව වැනි තත්ත්වයන් පාලනය කෙරෙහි කිසිදු බලපෑමක් කිරීමට මෙම ඖෂධය අසමත් බවය.

මෙය ඉතා පැහැදිලි දූෂණයක් වන්නේ ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය අංශ ඩොලර් මිලියන සිය ගණනින් ගෙවා මෙම ඖෂධය මිලදී ගෙන ඇති බැවිනි. බ්‍රිතාන්‍ය රජය පවුම් මිලියන 500ක් ගෙවා මෙම ඖෂධය තොග පිටින් මිලට ගෙන ගබඩා කර තිබේ.
එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය (CDC) විසින් CDC පදනම හරහා ඖෂධ සමාගම් වෙතින් මුල්‍යාධාර ලබාගත් එකම අවස්ථාව මෙය නොවේ.2013-2016 අතර කාලය තුළ එය විසින් ඩොලර් මිලියන 6.3ක් ඖෂධ සමාගම් වෙතින් ලබාගෙන ඇති අතර එය එහි අරමුදල්වලින් 21%කි.එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය (CDC) හෝ CDC පදනම විසින් පසුගිය කාලය තුළ තමන් Roche, Gilead,සහ Genentech යන සමාගම් විසින් කොතෙක් මුදල් ලබාගෙන ඇත්දැයි මේ දක්වා හෙළිකර නැත

එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ( Center for Decease Control-CDC) සහ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (Food and Drug Administration-FDA) ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගන්නා ආයතන බවත් ඒවායේ ප්‍රධාන තනතුරු දරන බොහෝ අය විශ්‍රාම යෑමෙන් අනතුරුව ඉතා ඉහළ වැටුප් සහ වරප්‍රසාද සහිත රැකියාවන් සඳහා ඖෂධ සමාගම්වලට බැඳෙන බවත් එක්සත් ජනපදය තුළ කිසිවෙකුටත් රහසක් නොවේ. මෙම ආයතන දෙක මෙන්ම මානව සේවා සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ( Department of Health and Human Services – HHS) ද ඖෂධ සමාගම් මත යැපෙන දූෂිත ආයතන බවට සනාථ වී තිබේ.

2.6.2. CDCය විසින් රොටාෂීල්ඩ් එන්නත අනුමත කිරීමේ ක්‍රියාවලිය තුළ සිදු වූ දූෂණ සහ ඒ මගින් සිදු වූ ළමා මරණ

රොටාෂීල්ඩ් එන්නත මර්ක් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර 1998 අගෝස්තුවේදී ආයතනය විසින් එම එන්නත වෙළඳපොලට නිකුත් කිරීමට අවසර ලබා දෙන ලදි. ඒ අනුව එම එන්නත පොදුවේ සියලු දෙනාම සඳහා යොදාගන්නා ලෙස එක්සත් ජනපදයේ වසංගත පාලන මධ්‍යස්ථානය(CDC) විසින් 1999 මාර්තුවේදී නිර්දේශ කරනු ලැබිණි. මෙම එන්නත භාවිතයට මුදාහැරීමෙන් පසුව එම එන්නත් ලබාගත් ළමුන් මරණයට පත්වීම සහ බරපතල වකුගඩු ආබාධවලට ලක්වීම පිළිබඳව සිදුවීම් වාර්තා විය. ඒ පිළිබඳව පවත්වන එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල විමර්ශනයේදී හෙළිදරවු වූයේ මෙම ඖෂධය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා වූ උපදේශක කමිටුවට සහභාගි වූ වැඩි දෙනෙකුට එම එන්නත නිෂ්පාදනය කළ මර්ක් සමාගම සමග විවිධ මූල්‍ය සබඳතා තිබූ බවයි.

2.6.3. CDC ආයතනයේ එන්නත් අනුමත කිරීමේ උපදේශක කමිටුවල සාමාජිකයන්ට ඖෂධ සමාගම්වල කොටස් හිමිකම් සහ පේටන්ට් බලපත්‍ර

CDC ආයතනයේ රොටාෂීල්ඩ් එන්නත අනුමත කිරීම සඳහා වූ උපදේශක කමිටු සාමාජිකයන්ට එම එන්නත නිෂ්පාදනය කරන ලද මර්ක් ඖෂධ සමාගමේ ව්‍යාපාරික කොටස් අයත්ව තිබූ බව 2000 ජූනි මස පවත්වන ලද කොංග්‍රස් විමර්ශනයේදී හෙළිදරවු විය.
එම විමර්ශනයේදී එන්නත් අනුමත කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණ ගනු ලබන ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ (FDA) සහ වසංගත පාලන මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවල සභාපතිවරයාද ඇතුළුව එම කමිටුවල සාමාජිකයන් හට අදාළ එන්නත නිෂ්පාදනය කරන ලද මර්ක් සමාගමේ ව්‍යාපාරික කොටස් අයත්ව තිබිණි.
රෝටාෂිල්ඩ් එන්නත අනුමත කිරීම සඳහා වූ උපදේශක කමිටුවේ සාමාජිකයන් ලෙස වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ( CDC) සහ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (FDA) නියෝජනය කරමින් සහභාගි වූ විශේෂඥයන් රැසකට විවිධ සමාගම් රැසක් නිපදවන එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමිව තිබිණි.
මෙම කමිටුවේ සාමාජිකයෙකු වූ වෛද්‍ය පෝල් ඔෆිට් (Paul Offit) තමන්ට රොටා වෛරස් එන්නත පිළිබඳව පේටන්ට් බලපත්‍රය සහිත බවත් එම එන්නත සංවර්ධනය සඳහා මර්ක් ඖෂධ සමාගමෙන් දීමනා ලබා ගත් බවත් පිළිගෙන තිබේ. එමෙන්ම එන්නත්වල සෞඛ්‍යාරක්ෂිත බව වෛද්‍යවරුන් අතර ප්‍රචාරය කිරීම සඳහා රට පුරා පවත්වන ලද වැඩමුළු වෙනුවෙන් තමන් ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගත් බවද ඔහු විසින් පිළිගෙන තිබේ. වෛද්‍ය ඔෆිට් CDC උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන අතර ළමුන්ට රොටා වෛරස් එන්නත අනිවාර්යවන වන පරිදි එම එන්නත (රොටාෂීල්ඩ්) ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට ඇතුළත් කිරීම පිළිබඳව රොටා වෛරසය පිළිබඳ කරුණු තුනක් සම්බන්ධව පැවැති ඡන්දය විමසීම්වලදී ඔහු එන්නත අනුමත කිරීමට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.
වෛද්‍ය නීල් හල්සි (Neal Halsey) ඇමෙරිකානු ළමා වෛද්‍ය සම්මේලනය වෙනුවෙන් CDC ආයතනයේ සම්බන්ධීකාරක නිලධාරියෙකු ලෙස ද FDA ආයතනයේ උපදේශකයෙකු ලෙස ද කටයුයුතු කරමින් සිටින අතරම ඖෂධ සමාගම් සමග දැඩි සම්බන්ධකම් පවත්වා ගෙනගොස් තිබේ. ඔහුගේ එන්නත් මධ්‍යස්ථානය ඇරඹීම සඳහා ඔහු ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගෙන තිබේ.
ආචාර්ය ජෝන් මොඩ්ලින් CDC උපදේශක කමිටුවේ වසර 4ක් සේවය කර ඇති අතර 1998 පෙබරවාරි මාසයේදී එහි සභාපති බවට පත් විය. ඔහු FDA කමිටුවටද සහභාගි විය. එන්නත් නිෂ්පාදනයේ විශාලතම සමාගම්වලින් එකක් වන මර්ක් හි ඔහුට කොටස් හිමිව ඇති අතර එහි වටිනාකම ඩොලර් 26,000 කි. ඔහු මර්ක්ගේ ප්‍රතිශක්තිකරණ උපදේශක මණ්ඩලයේ ද සේවය කරයි.
CDC එන්නත් උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන වෛද්‍ය කෙවින් ඔල්ට් මර්ක් සමාගමෙන් “පර්යේෂණ අරමුදල් ” ලබාගෙන තිබේ. ඒ අතරම ඔහු මර්ක් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ගාර්ඩසිල් එන්නත (Gardasil) සම්බන්ධව ඔහු සේවය කරන ලද අයෝවා වෛද්‍ය විද්‍යාලය විසින් පවත්වන ලද සායනික පරීක්ෂණ මෙහෙයවා තිබේ. ගැබ්ගෙල පිළිකා රෝගය ඔහු හැඳින්වූයේ “එන්නත් මගින් වළක්වා ගත හැකි රෝගයක්” ලෙසිනි. මෙම එන්නත ගැනීම හේතුවෙන් ක්‍රිස්ටිනා ටාර්සෙල් මරණයට පත් විය
CDC එන්නත් උපදේශක කමිටුවේ තවත් සාමාජිකයෙකු වන පීටර් සිලාගි ( Peter Szilagyi) විසින් එන්නත් පිළිබඳ පර්යේෂණ සඳහා CDC ආයතනයෙන් ඩොලර් මිලියන 1කට වැඩි මුදලක් ලබා තිබේ.
එම උපදේශක කමිටුවේ තවත් සාමාජිකයෙකු වන වෛද්‍ය ඩේවිඩ් එස්. ස්ටීවන්ස් (Dr. David S. Stephens) එන්නත් හා සම්බන්ධ පේටන්ට් බලපත් ගණනාවක හිමිකාරිත්වය දරයි. ඔහු එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය, ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, සහ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය යන ආයතනවල එන්නත් ඇගයීම් පිළිබඳ කමිටුවල සාමාජිකයෙකු ලෙස සේවය කරයි. ළමුන්ට එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීම සිදු කිරීම සඳහා බලය ඇති මෙම ආයතනවල එම තීරණ ගැනීම සඳහා දායක වන ඔහු එන්නත් සඳහා තමන් සතු පේටන්ට් බලපත්‍ර ඖෂධ සමාගම්වලට කුලියට දෙමින් එමගින් විශාල ආදායමක් උපයයි. යම් ඖෂධයක් අනිවාර්ය කළ පසුව එම එන්නත සියලුම ළමුන්ට ලබා දීම සඳහා මිලියන සියයක් පමණ මාත්‍රාවන් රජය විසින් බදු මුදල්වලින් ඖෂධ සමාගම්වලට ගෙවා මිලදී ගත යුතුය, නැතහොත් දෙමව්පියන් විසින් එම එන්නත් සඳහා ගෙවිය යුතුය. මෙමගින් එන්නත් සමාගම් ඩොලර් බිලියන ගණනින් උපයන අතර ස්ටීවන්ස් වැන්නවුන්ට ඉන් විශාල කොටසක් හිමි වෙයි.
එන්නත් අනුමත කිරීම පිළිබඳව තීරණය ගැනීමෙහිලා පත් කරන ලද CDC උපදේශක කමිටුවේ සාමාජිකයන්හට අදාළ එන්නත නිෂ්පාදනය කරන ලද සමාගම සමග මූල්‍යමය හෝ වෙනත් ප්‍රතිලාභ ලැබෙන සබඳතා පිළිබඳ කරුණ නොතකා හැර ඔවුන්ට අදාළ එන්නත අනුමත කිරීමෙහිලා ඡන්ද බලය සහිත සාකච්ඡාවන්ට සහභාගිවීමට CDC ආයතන ප්‍රධානින් විසින් අවස්ථාව ලබා දී ඇත.

2.6.4. CDC ආයතනය විසින් රොටාෂීල්ඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම පිටුපස ඇති අයථා ගනුදෙනු

එක්සත් ජනපදයේ CDC ආයතනයේ ප්‍රතිශක්තිකරණ භාවිතය පිළිබඳ උපදේශක කමිටුවේ ( Advisory Committee on Immunization Practices -ACIP) සාමාජිකයන් විසින් ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීම එතරම් පුදුමයට හේතුවන දෙයක් නොවන බව Children Helath Defence වෙබ් අඩවිය පවසයි. CDC ආයතනය සහ ඖෂධ සමාගම් අතර පවත්නා සම්බන්ධතා අතරට එන්නත් පිළිබඳ හවුල් පේටන්ට් බලපත් හිමිකාරිත්වය, එන්නත් නිෂ්පාදනය කරන සමාගම්වල ව්‍යාපාරික කොටස් හිමිකාරිත්වය, පර්යේෂණ සඳහා ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීම, ඖෂධ නිෂ්පාදනයේදී සිදු කරන පරීක්ෂණ සහ විවිධ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යාපනික ආයතන සඳහා සඳහා මුදල් ලබාගැනීම ආදිය ඇතුළත්ය.

2.6.5. 1980 දී සම්මත කරන ලද නීතියක් මගින් CDC ආයතන යට ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීමට අවසර දීම සහ ඉන්පසුව කෙටි කලක් තුළ CDC ආයතනය විසින් ළමුන් සඳහා අනිවාර්ය කරන ලද එන්නත් සංඛ්‍යාව දෙගුණවීම

එක්සත් ජනපදය තුළ ළමා සහ බිළිඳු එන්නත්කරණ වැඩ සටහනට අයත්වන එන්නත් වර්ග තීරණය කරනු ලබන්නේ CDC ආයතනය විසිනි. ඒ අනුව අනිවාර්යෙන්ම ළමුන්ට ලබා දිය යුතු එන්නත් තීරණය කිරීමේ බලයද සතුව ඇත්තේ CDC ආයතනය සතුවය. CDC ආයතනය විවිධ ආකාරයේ මූල්‍ය සම්බන්ධකම් ගණනාවක් ඖෂධ නිෂ්පාදන සමාගම් සමග පවත්වාගෙන යයි.
1980 දී සම්මත කරන ලද නීතියක් අනුව වසංගත රෝග පාලන මධ්‍යස්ථානය වර්තමානයේදී ඖෂධ සමාගම් 28 ක් සහ එක් විශ්ව විද්‍යාලයක් සමග එන්නත් සහ එන්නත් ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර ලබා දීම පිළිබඳව ගිවිසුම් 28 ක් පවත්වාගෙන යයි. එමෙන්ම නව එන්නත් වර්ග සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති 8කට සහාය දෙමින් සිටියි.
එක්සත් ජනපදයේ ළමා ප්‍රතිශක්තිකරණ වැඩ සටහන පාලනය කරන්නේ CDC ආයතනය විසිනි. 1980 ගණන්වල මැද භාගයේ සිට එය විසින් ළමුන්ට ලබා දෙන එන්නත් ප්‍රමාණය දෙගුණ කර තිබේ. CDC එන්නත්කරණ වැඩ පිළිවෙළට අනුව වයස අවුරුදු 2 වන විට අඩු තරමින් එන්නත් මාත්‍රා 40ක් ලබා දිය යුතුව තිබේ. විශේෂයෙන්ම 1992 දී එක්සත් ජනපදය කොංග්‍රසය විසින් CDC සහ FDA ආයතනවලට ඖෂධ සමාගම්වලින් මුදල් ලබාගැනීමට අවසර දෙන නීතිය සම්මත කළ පසුව ළමුන්ට ලබා දෙන මෙම එන්නත් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව බොහෝ දෙනා තුළ සැකයක් මතුව තිබේ.
අප විසින් මීට ඉහත සඳහන් කළ මර්ක් සමාගමේ රොටාෂීල්ඩ් එන්නත සඳහා FDA ආයතනයේ අනුමැතිය ලැබීමෙන් පසු CDC ආයතනය විසින් එක්සත් ජනපදය තුළ සියලුම ළමුන් සඳහා නිර්දේශ කරන ලදි. මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ රොටා වයිරස් නම් වයිරස් විශේෂයක් මගින් සිදුවන බරපතල අතීසාර තත්ත්වයන් වැලැක්වීම සඳහා යැයි ප්‍රකාශ විය. කෙසේ වුව ද මෙම එන්නත ගත් ළමුන් බොහෝ දෙනෙකුට ලේ වමනය සහ ලේ පාචනය ඇතිවීම හේතුවෙන් 1999 ඔක්තෝබර් මාසයේදී එම එන්නත අත්හිටුවන්නට CDC යට සිදු විය. ඔවුන්ගේ එම තීරණයට බලපෑවේ ඒ මගින් ලමුන්ට සිදුවන හානිය නොව සියලු එන්නත්වල “ කීර්ති නාමයට සිදුවන හානිය ” වැළැක්වීම සඳහාය.
කෙසේ වුව ද මේ පිළිබඳව පර්යේෂණ කළ යුනයිටඩ් ප්‍රෙස් ඉන්ටර්නැෂනල් ආයතනය(United Press International-UPI) විසින් සොයා ගනු ලැබුවේ CDC ආයතනය විසින් මහජන භාවිතය සඳහා නිර්දේශ කර ඇති එන්නත් ගණනාවකින් මෙවැනි හානිකර අතුරු ප්‍රතිඵලවලට ඒවා භාවිතයට ගත් පුද්ගලයන් ගොදුරු වී ඇති බව සහ එම එන්නත් නිෂ්පාදනය කරන ලද ඖෂධ සමාගම් සහ CDC ආයතනය අතර සමීප සම්බන්ධතාවන් පවතින බවත්ය.
විවේචකයන් ගේ මතය අනුව “රෝගවලට එරෙහි යුද්ධය තුළ එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සහ CDC ආයතනය අතර ඇත්තේ අශුද්ධ සන්ධානයකි. මෙම යුද්ධයේදී එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් බොහෝ මිනිසුනට, විශේෂයෙන්ම ළමුන්ට හානි සිදු කෙරෙමින් පවතින අතර ඇතැම් විට ඔවුන් මරණයට පත්වීම ද සිදු වේ. ”
එන්නත් නිෂ්පාදකයන්ට එරෙහිව පවරන ලද නඩුවල නීතිඥයෙකු වූ පිලඩෙල්ෆියාවේ ස්ටෙපාන් ඒ ෂෙලර් “ CDC ආයතනය යනු නින්දාවක්. එය මුළුමණින්ම දූෂිත ආයතනයක්. ඖෂධ සමාගම් විසින් ඔවුන්ට ගෙවීම් සිදු කරනවා. ” යනුවෙන් අදහස් දක්වන ලදි.
ඖෂධවල අතුරු ආබාධ පිළිබඳව CDC සහ FDA ආයතන දෙකම නිරීක්ෂණ සහ පසු විපරම් පද්ධති පවත්වාගෙන යනු ලැබේ. FDA ආයතනය විසින් යම් ඖෂධයක් හෝ එන්නතක් මහජන භාවිතයට සුදුසු යැයි අනුමත කරන්නේද CDC ආයතනය විසින් ඒවා සිය වසංගත මර්ධන වැඩ පිළිවෙළ සඳහා නිර්දේශ කරන්නේද ඒවා පිළිබඳ සායනික පරීක්ෂණ වල දත්ත මනා ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුය යන්න සාමාන්‍ය පිළිගැනීම වේ. එසේ නම් එම ආයතන විසින් අනුමත කරන ලද සහ නිර්දේශකරන ලද එන්නත්වල සහ “ අනපේක්ෂිත” අතුරු ආබාධ මතුවීමෙන් යම් පුද්ගලයන් මරණයට පත් වීම හෝ බරපතල ශාරිරික හානිවලට ලක්වීම පිළිබඳව වරද පැටවෙන්නේ මෙම ආයතනවලටය. එහෙයින් එවැනි අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් නොතකා හැරීමටත් ඒවා සහ අදාළ එන්නත හෝ ඖෂධය අතර සම්බන්ධයක් නැතැයි යනුවෙන් ඒවා බැහැර කිරීමටත්, එවැනි විරල අතුරු ආබාධ කලාතුරකින් දක්නට ලැබුණ ද එම ඖෂධය මගින් ලැබෙන ප්‍රයෝජනය එයින් වන හානියට වඩා වැඩිය යනුවෙන් ප්‍රකාශ කිරීමටද ඔවුන් නිතර ක්‍රියාකරනු දැකිය හැකිය.
CDC ආයතනය වැනි බලගතු ආයතනයක් ග්‍රහණයට ගෙන ඇති ඖෂධ සමාගම් විසින් එම ආයතනය හරහා එක්සත් ජනපදයේ ජනතාව මත පමණක් නොව සමස්ත ලෝකයේම ජනතාවගේ සෞඛ්‍යමය පැවැත්ම කෙරෙහි දැඩි හානිකර බලපෑමක් සිදු කරමින් සිටියි. ඖෂධ සමාගම්වල ඖෂධ අත්හදාබැලීමේ සායනික පරීක්ෂණ බෙහෙවින් වියදම් සහිත කටයුත්තක් වන්නේ ඒ සඳහා යොදාගනු ලබන දස දහස් සංඛ්‍යාත පුද්ගලයන්ට ගෙවීමට සිදුවන දීමනා සහ අනතුරුව සිදු කළ යුතු විපරම් කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට ඖෂධ සමාගම්වලට සිදුවීමත් හේතුවෙනි. එහෙයින් ඔවුහු ඒ සඳහා උතුරු ඇමෙරිකාව, යුරෝපය වැනි සංවර්ධිත රටවල ජනයා ඒ සඳහා යොදාගන්නේ විරල වශයෙනි. ආරම්භක අදියරවල සායනික පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන්නේ ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් ජනතාවය. CDC ආයතනය විසින් තමන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙන අරමුදල් හරහා අප්‍රිකාවේ හෝ ආසියාවේදිත් දියත් කෙරෙන ව්‍යාපෘති බොහොමයක් මෙවැනි නව ඖෂධ හෝ එන්නත් අත්හදා බැලීමේ ව්‍යාපෘති වේ. මෙහිදී මෙම දුප්පත් ජනතාවට අදාළ ඖෂධය හෝ එන්නත යොදා ගනු ලබන්නේ කුමන රෝගයක් සඳහාද යන වග හෝ මගින් සිදුවිය හැකි හානිකර බලපෑම් පිළිබඳව හෝ කිසිදු දැනුවත්කිරීමක් ඔවුන්ට තේරුම්ගත හැකි පරිදි සිදු නොකරයි. ජනතාවන්ගේ නොදැනුවත්කම භාවිතා කරමින් ඔවුන් බොහෝ විට මෙම අත්හදාබැලීම් සිදුකරනු ලබන්නේ එවා එම රටවලදැනටමත් පවතින ජාතික එන්නත්කරණ වැඩ පිළිවෙළට අයත් බව වංචනික ලෙස අඟවමිනි. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබාදෙමින් එම සංවිධානය කෙරෙහි ලෝකයේ බොහෝ දෙනා තුළ පවත්නා අන්ධ භක්තිය සහ මුග්ධ විශ්වාසය ඒ සඳහා යොදා ගැනේ.

2.7 අල්වාලීඩි පිලාන්ත්‍රොපිස් ග්ලෝබල් පදනම ( (Alwaleed Philanthropies Global)

අල්වාලීඩි පිලාන්ත්‍රොපිස් ග්ලෝබල් පදනම විසින් 2020-21 වසර සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 4,7ක් පරිත්‍යාග කොට තිබේ. මෙය සෞදි රාජකීය පවුලේ සාමාජිකයෙකු වන අල්වාලීඩ් බින් තලාල් අල්සවුද් විසින් පිහිටුවන ලද දානපති පදනමකි.ඔහු Kingdom Holding Company සමාගමේ හිමිකරුවා වන අතර ඔහු සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 32 lg අධික යැයි විශ්වාස කෙරේ..සමකාලීන ඉස්ලාම් ධර්මය ලෝකය පුරා ව්‍යාප්ත කිරීම සඳහා ආධාර ලබාදීම ප්‍රධාන වශයෙන් සිදු කරයි. එමෙන්ම එඩින්බර්ග් වැනි බටහිර විශ්ව්වවිද්‍යාල තුළ ඉස්ලාම් අධ්‍යයන කටයුතු සඳහා අරමුදල් සපයයි. මෙයට අමතරව එය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් අප්‍රිකාවේ සහ ආසියාවේ දියත් කර ඇති එන්නත්කරණ ව්‍යාපාරය සමග ඒකාබද්ධව කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයයි. විශේෂයෙන්ම බිල් ගේට්ස් විසින් ඉන්දියාවේ දියත් කරන ලද ගැටළු සහගත පෝලියෝ මර්දන ව්‍යාපාර සමග අල්වාලීඩ්‍ පදනම සම්බන්ධ වී තිබේ.
2016 දී සිරියාව තුළ ගේට්ස් පදනම විසින් සහාය දෙන ලද සහ GAVI විසින් සපයන ලද ඩොලර් මිලියන 25ක මුල්‍ය අනුග්‍රහය මත පෝලියෝ මර්දන ව්‍යාපාරයක් පටන් ගන්නා ලදි. වසරකට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයට තම එන්නත් කරණ ව්‍යාපාරය මගින් සිරියාවේ ළමුන් 58 දෙනෙකු එන්නත මගින් මුදාහරින ලද පෝලියෝ වෛරසය නිසා අංශභාගයට ගොදුරු වූ බව පිළිගැනීමට සිදු විය.
(වැඩි විස්තර සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ක්‍රියාකාරිත්වයන් දැක්වෙන කොටස කියවන්න)
2015 දී සවුදි අරාබිය විසින් ලෝකයේ ඉතාම දුප්පත් රටවල් අතරින් එකක් ලෙස සැළකෙන යේමනයට 2015 වසරේදී බෝම්බ දමමින් ළමුන්, ස්ත්‍රීන් ඇතුළු දහස් ගණනක් ජනතාව මරා දමන විට අල්වාලීඩ් බින් තලාල් අල්සවුද් එම ගුවන් ප්‍රහාර සඳහා සහභාගි වූ ගුවන් නියමුවන් වෙත බෙන්ට්ලි කාර් 100ක් තෑගි දෙමින් එම සංහාරය විවෘතවම ප්‍රශංසාවට ලක් කළේය.
එකී ප්‍රහාරවලට පසු බින්තලාල් අල්සවුද් සිය ට්විටර් ගිනුමේ මෙසේ සඳහන් කළේය.
“මෙහෙයුම තුළ ඔවුන්ගේ භූමිකාව අගය කිරීම සඳහා බෙන්ට්ලි කාර් 100ක් සවුදි ගුවන් නියමුවන් 100 දෙනෙකුටතෑගි දීමට හැකි වීම මට ගෞරවයකි.”
මෙම ට්ව්ටර් පණිවිඩය පසුව මකා දමන ලද මුත් යේමන වැසියන් දහස් ගණනින් බින් තලාල් අල්සවුද්ගේ ක්‍රියාව හෙළා දකිමින් ට්විටර් පණිවිඩ ලියන ලදි.
“යේමනයට බෝම්බ දමන ලද ගුවන් නියමුවන්ට බෙන්ට්ලි කාර් 100ක්, නමුත් ඔවුන් විසින් විනාශකරන ලද යේමනයේ රෝහල්වලට එක් ගිලන් රථයක් හෝ නැත.”

අල්වාලීඩ් බින් තලාල් අල්සවුද් සමග බිල් ගේට්ස් 2017 සිට ව්‍යාපාරික සබඳකම් පවත්වයි. 2021 දී බිල්ගේට්ස් අල්වාලීඩ් බින් තලාල් අල්සවුද් “ෆෝර් සීසන්”(Four Seasons hotels) හෝටල් ජාලය මිලදී ගනු ලැබුවේ ඇත්තේ සිය කැස්කේඩ් ඉන්වෙස්මන්ට් ගෘප් (Cascade Investments group) හරහාය. ඒ් සඳහා බිල්ගේට්ස් විසින් ඩොලර් බිලියන 2.2ක් ගෙවන ලදි.

කැස්කේඩ් ඉන්වෙස්ට්මන්ට් ගෘප් හරහා බිල් ගේට්ස් සිය ධනය ආයෝජනය කර ඇති තවත් සමාගම් කීපයක් නම් Berkshire Hathaway, Coca-Cola, AutoNation, Deere & Co., Strategic Hotels and Resorts සහ the Canadian National Railway යන සමාගම් තුළය

2.8. GlaxoSmithKline (GSK) ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම

2.8.1. ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගමට එරෙහිව ලෝකය පුරා නැගී ඇති විවිධ චෝදනා

ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍ර යේ ඉතා බලසම්පන්න ධනවත් ඖෂධ නිෂ්පාදන බ්‍රිතාන්‍ය සමාගමක් වන මෙය විසින් වසර 2018-19 වසර සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 3ක් ද 2020-21 සඳහා ඩොලර් මිලියන 2ක් ලබා දී ඇත. ඉයුජෙනික්ස්වාදි Burroughs, Wellcome & Co සහ Glaxowellcome යන සමාගම් මෙහි පූර්වගාමි සමාගම් වේ.ස්වකීය ඉතිහාසය පුරාම ස්වකීය ඖෂධ නිෂ්පාදන සහ අලෙවි කටයුතු සම්බන්ධයෙන් ලෝකය පුරා විවිධ චෝදනාවන්ට ලක්ව ඇත මෙම සමාගම නිෂ්පාදිත ඖෂධවලින් හානියට පත්වූවන්ට ඩොලර් බිලියන ගණන් වන්දිගෙවීමට එයට සිදුව ඇත.
ස්වකීය සමාගම විසින් නිෂ්පාදිත ඖෂධ රෝගීන් සඳහා නිර්දේශ කිරීමට චීන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරින් පොළඹවාගැනීමට GlaxoSmithKline සමාගමේ නිලධාරින් චීනයේදී උත්සාහ කර ඇතැයි චෝදනා කළ චීන රජය ඒ සඳහා ඩොලර් බිලියන 3ක දඩයක් ගෙවීමට නියම කොට ඇත.මෙම සමාගමේ චීන ප්‍රධානියා වූ මාර්ක් රයිලිට වසර 3ක සිර දඬුවමක් නියම කොට රටින් පිටුවහල් කොට තිබේ.
2012 දී GlaxoSmithKline සමාගම ඔවුන්ගේ Paxil නම් ඖෂධය සාවද්‍ය ලෙස ළමුන්ගේ මානසික අවපීඩනය සඳහා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. මේ අනුව එම ඖෂධයෙන් හානියට පත්වූවන්ට ඩොලර් බිලියන 3ක වන්දියක් ගෙවීමට සමාගම එකඟවී තිබේ.මෙම ඖෂධය භාවිතය හේතුවෙන් ආබාධිත දරු උපත් සිදුවීම සහ දරුවන් සිය දිවි නසාගැනීමට පෙළැඹීමේ සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.කැනඩාවේ දී මෙම සමාගමට එරෙහිව මවුවරුන් සහ දරුවන් 50 දෙනෙකු විසින් නඩු පවරා ඇත. 2011 දී ඔවුන්ට තම ඖෂධවල අතුරු ආබාධ හේතුවෙන් මරණයට පත් 5500ක් දෙනා වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ.
June 18, 2020 දින එක්සත් ජනපදයේ අධිකර දෙපාර්තුමේන්තුව විසින් Zantac නම් ඖෂධය පිළිබඳ වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් අලෙවි කිරීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලදි.එදිනම නිව් මෙක්සිකොවේ නීතිපතිවරයාද ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගමට එරෙහිව වැරදි තොරතුරු සහිත වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම, පාරිභෝගික ආරක්ෂා පනත උල්ලංඝණය කිරීම ආදිය යටතේ නඩු පවරන ලදි.

එමෙන් ම දියවැඩියා සඳහා ඔවුන් නිෂ්පාදනය කළ Avandia නම් ඖෂධයට අනුමැතිය ලබාගැනීම සඳහා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි හානිකර අතුරු ආබාධ පිළිබඳ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙයෙ ඔවුන් වරද පිළිගෙන ඇත. ඉහත දැක්වෙන්නේ උදාහරණ කීපයක් පමණි

2.8.2. කම්කරු අයිතීන් උල්ලංඝණය කිරීම

පකිස්තානයේ ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගමට අයත් වෙස්ට්වාර්ෆ් කම්හලේ අධිකාරින් විසින් නීති විරෝධී ලෙස සේවා තහනමට ලක්කකරන ලද කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ස්වකීය අයිතීන් උදෙසා උද්ළෝෂණ ව්‍යාපාරයක නිරත වන අන්දම

ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම ගෝලීය දකුණේ පිහිටි සිය ඖෂධ නිෂ්පාදනාගාරවල සේවය කරන ස්වදේශිකයන්ගේ අයිතීන් බරපතල ලෙස උල්ලංඝණය කරමින් ඔවුන් සූරාකන බවට දැඩි චෝදනා එල්ල වී තිබේ. පකිස්ථානයේ කරච්චි නගරයේ වෙස්ට් වාර්ෆ්හි පිහිටා ඇති ග්ලැක්සෝස්මිත්ක්ලයින් නිෂ්පාදනාගාරයේ 510ක් වන සමස්ත සේවකයන්ගෙන් ස්ථිර සේවා පත්වීම් ලබා දී ඇත්තේ සේවකයන් 110කට පමණි. සෙසු සේවකයන් 400 සේවයේ යොදවාගෙන ඇත්තේ තෙවන පාර්ශ්වයක් හරහා එනම් ” මෑන් පවර්” ඒජන්සියක් සමග ඇති කරගත් ගිවිසුමක් අනුවය. මෙම සේවකයන් වසර 20ක් තිස්සේ ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගමේ සේවය කර ඇති නමුත් ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම සේවකයන්ගේ සේවා ගිවිසුමේ කොන්දේසි අනුව ඔවුන් යම් නිශ්චිත කාලයක් එම ආයතනයේ සේවය කළ පසුව ඔවුන්ට ස්ථිර පත්වීම් දිය යුතුය. නමුත් සමාගමේ බලධාරින් විසින් එය වැළැක්වීමට කර ඇත්තේ සේවය ස්ථිර කිරීමට අවශ්‍ය අවම කාලය සම්පූර්ණ වීමට කෙටි කලකට පෙර අදාළ සේවකයා සම්බන්ධව Excellent Services” මෑන්පවර් ඒ්ජන්සිය සමග වූ ගිවිසුම හමාර කිරීමය. ඉන්පසුව  නව පත්වීමක් ලෙස අදාළ සේවකයා යළිත් තාවකාලික කොන්ත්‍රාත් පදනමින් සේවයට යොදවා ගැනීමට සමාගම විසින්  වෙනත් HRSG නම් මෑන්පවර් ඒජන්සියක්  යටතේ නව සේවා ගිවිසුමක් අත්සන් කිරීමට බලකරන ලදි. නමුත් මෙම වංචනික සේවා ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ සේවකයෝ සුපුරුදු ලෙස සිය නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගියහ. අවසානයේදී වෙස්ට්වාර්ෆ්හි  ග්ලැක්සෝස්මිත්ක්ලයින් කම්හලේ බලධාරිහූ අදාළ සේවකයන්ට වැටුප් සහ වෙනත් දීමනා ගෙවීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ට කම්හල තුළට ඇතුළුවීම තහනම් කරමින් පොලිස් බල ඇණි කම්හල තුළට කැඳවන ලදි. නීති විරෝධී ලෙස සේවා තහනමට ලක්වූ කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මේ සම්බන්ධව දිගින් දිගටම උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වේ.

මේ සම්බන්ධව අදහස් පළකරන “ඉන්ඩස්ට්‍රීඕල්” වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සාමාන්‍ය ලේකම් කෙමාල් ඔස්කාන් පවසා සිටියේ ” පිකටින් කරමින් සිටින කම්කරු ස‌හෝදරයන්ට සහාය දැක්වීමට මම මේ සතියේ කරච්චියට පැමීණෙමි. ජනප්‍රිය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ග්ලැක්සෝස්මිත්කලයින් ආයතනය ඒවා නිෂ්පාදනය කරන සේවකයන්ට සළකරන ආකාරය ඉතා ලජ්ජා සහගතයි.”

ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය අරමුදල් සපයා ගැනීමේදී ඉහත සඳහන් සමාගම්වලින් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් කිසිදු සදාචාරමය ගැටළුවක් මතු වී නැත. නැවතත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙම පුද්ගලික අංශයේ “ස්වේච්ඡා සහගත පරිත්‍යාග“ යොදාගනු ලබන්නේ ඉහත සමාගම් විසින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නමින් ක්‍රියාත්මක කරන තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලට වාසිදායක වන ව්‍යාපෘති සඳහා පමණක් බවයි.

3. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියත් කරන ලද වසංගත ප්‍රෝඩාව විසින් ශ්‍රී ලංකාව මත ඇති කරන ලද විනාශකාරි බලපෑම

3.1. වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යාම

ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද 2000 සිට 2023 දක්වා වූ වාර්ෂික මරණ, උපත්, සහ විවාහ පිළිබඳ වාර්තාව (සම්පූර්ණ වගුව නැරඹීමට මෙම වගුව මත ක්ලික් කරන්න)

ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ඉහත බලවේග විසින් වසංගත ප්‍රෝඩාව දියත්  කළ 2020 වසර තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 132,431ක් වන අතර  වසංගතයක් නොපැවැති ඊට කලින් වසරේ එනම් 2019 වසරේ සිදුව ඇති මරණ සංඛ්‍යාව  146.053කි.  එනම්   13,622ක්  අඩු අගයකි. මේ හේතුවෙන් කොවිඩ්-19 බිහිසුණු වසංගතයක් යැයි මවා පෙන්වීමට රජය විසින් ගෙනගිය ප්‍රචාරයන් දැඩි සැකයකට ලක් වී තිබේ.
කෙසේ වුව ද එන්නත්කරණය ඇරඹී 2021 වසරේ සිට ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණ සංඛ්‍යාවන් අති විශාල අගයන්ගෙන් ඉහළ ගොස් ඇති අතර වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 2019 වසරේ සිට අති විශාල ලෙස පහත වැටී තිබේ.
එන්නත් කරණයට පෙර වසර තුනක් තුළ එනම් 2018,2019, 2020 සිදුවූ මරණ සංඛ්‍යාවන්ගේ මධ්‍යන්‍ය අගය 139,327ක් වන අතර එම අගයට සාපේක්ෂව 2021 වසරේ දී සිදුව ඇති ප්‍රමාණාධික මරණ සංඛ්‍යාව 24,609 කි. එනම් කොවිඩ්-19 එන්නත්කරණයට පෙර වසරට වඩා 17.7% කින් මරණ සංඛ්‍යාව 2021 වසර තුළ ඉහළ ගොස් තිබේ. 2022 වසරේදී මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 40,465කින් නැතහොත් 29%කින් ඉහළ ගොස් තිබේ. 2023 වසරේදී සිදුව ඇති සමස්ත වාර්ෂික මරණ සංඛ්‍යාව 181,239කි. එන්නත්කරණයට වසර තුනක මරණවල සාමාන්‍ය අගයට එදිරිව 41,912කින් නැතහොත් 30,1%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. මේ අනුව කොවිඩ්-19 එන්නත්කරණය ඇරඹීමෙන් පසු වසරවල එනම් 2021, 2022 සහ 2023 වසරවල සිදුව ඇති ප්‍රමාණාධික මරණ සංඛ්‍යාවන්ගේ එකතුව 106,986කි. මේ මරණ කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ යැයි ‌කොවිඩ් භීෂණ ප්‍රචාරකයන්ට හැකියාවක් නැත. මක් නිසාද යත් ඊනියා කොවිඩ් වසංගතය පැවැති සම්පූර්ණ කාලය තුළම ඔවුන්ගේම නිල සංඛ්‍යා ලේඛන අනුව මරණයට පත්ව ඇති සංඛ්‍යාව 17,900කටත් අඩු බැවිනි. ජෝන් හොප්කින්ස් ආයතනයේ වාර්තා අනුව 2023 ඔක්‌තෝබර් 3 වන විට ශ්‍රි ලංකාව තුළ කොවිඩ්-19 හේතුවෙන් මරණය පත්ව ඇති සමස්ත සංඛ්‍යාව 16,830කි. ‌මෙම කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහත වසර තුනේ ප්‍රමාණාධික මරණ සංඛ්‍යාවන්ගේ එකතුවෙන් අඩුකළ විට තවත් 90,000කට ආසන්න අසාමාන්‍ය මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බව පැහැදිලිව දැකගත හැකිය.

3.2. වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස පහත වැටීම

කොවිඩ්-19 වසංගතයට පෙර වසරේ එනම් 2019 වසරේ සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 319,010කි. 2020 වසරේදී සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 301,706කි. මෙහිදී දරු උපත් සංඛ්‍යාව 17,304කින් පහළ වැටී තිබේ. 2021 වසරේදී සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 284,848කි. එනම් 2020ට වඩා තවදුරටත් 16,858කින් අඩුවීමකි. 2019ට වඩා 34,162ක අඩුවීමකි. 2022 වසරේදී සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 275,321කි. එය 2021 වසරට වඩා 9527ක අඩුවීමකි.2019 වසරට වඩා 43,689ක අඩුවීමකි.2023 වසරේ සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව247,900කි එම සංඛ්‍යාව 2022දී සිදුව ඇති දරු උපත් සංඛ්‍යා හා සංසන්දනය කරන කළ තවත් 27,421ක නැතහොත්ඩු 10%කින් අඩුවීමකි. 2019ට සාපේක්ෂව 71,110ක අඩුවීමකි. මෙම අඩුවීමේ ප්‍රතිශත අගය 22.3%කි.
යම් සමාජයක් තුළ සිදුවන වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ වසරක් හෝ වසර ‌දෙකතුනක් තුළ තුළ මෙවැනි දැවැන්ත අඩුවීමක් සිදුවිය හැක්කේ දැවැන්ත ඛෙදවාචකයකට එම සමාජය මුහුණ දී ඇතිවිටෙකය.
එක් පැත්තකින් ජවසම්පන්න තරුණ ජනයාද මැදි වියේ පුද්ගලයන්ද වැඩිහිටි පරපුරද මරණයට පත්වීම් අසාමාන්‍ය ලෙස ඉහළ නගිමින් පවතින අතර අනෙක් අතින් උපදින දරුවන්ගේ සංඛ්‍යාවද අසාමාන්‍ය ලෙස පහළ වැටෙමින් පවතී. ඒ අතර තවත් මිලියන ගණන් ශ්‍රි ලාංකික ජනතාව මෙම එන්නත්කරණයේ විවිධ හානිකර බලපෑම්වලට ලක්වී හෘදයාබාධ, පිළිකා, ආතරයිටිස්, මතකය අහිමිවීම සහ අතපය වෙව්ලීම ඇතුළු ස්නායු ආබාධ, චර්ම රෝග, ස්ත්‍රින්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා- අසාමාන්‍ය ලේගැලීම්- ගබ්සාවීම් සහ පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථීන් ඉදිමීම ඇතුළු ස්ත්‍රි පුරුෂ ප්‍රජනක පද්ධතීන් ආශ්‍රිත ආබාධ, වෙනත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉදිමීීම් සහ අක්‍රියවීම්, මොළයේ සහ රුධිරවාහිනි තුළ ලේ කැටිති ඇතිවීම ආදි ‌රෝගවලින් පීඩා විඳිති. මෙම දැවැන්ත‌ රෝගී ප්‍රවාහය දරා ගැනීමට සැලසුම්ති සහගව වසංගත ආඛ්‍යානය තුළ අරමුදල් කප්පාදු කරමින් බිඳ දමා ඇති ජාතික සෞඛ්‍ය පද්ධතියට හැකියාවක් හෝ අවශ්‍ය සම්පත් නැත. ඒවා සැපයීමට උවමනාවක් අදාළ සෞඛ්‍ය බලධාරින්ට නැත.

3.3. මානසික සෞඛ්‍ය රෝග ඉහළ යාම

පුරා වසර දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් පවත්වාගෙන ගිය ලොක්ඩවුන් හෙවත් නිරෝධායන ඇඳිරි නීති හේතුවෙන් ජීවන වෘත්තීන් අහිමි යාම, සමාජීය හුදෙකලා බව, ආදිය හේතුවෙන් පහළ සමාජ පන්තීන් දරුණු මානසික රෝග ගණනාවකට ගොදුරුවී ඇතිබව විවිධ පර්යේෂණ ගණනාවක් විසින් පෙන්වා දී තිබේ.

3.4. පාසල් වසා දැමීම සහ අධ්‍යාපන විනාශය.

නිරෝධායන ඇඳිරි හෙවත් ලොක්ඩවුන් මගින් සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීම, පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීම, පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීම ආදි ඊනියා “ඖෂධමය නොවන වසංගත පාලන උපක්‍රම” වල දහසක් දුෂ්ට අරමුණු අතර ප්‍රධානතම එකක් වූයේ සාමාන්‍ය ජනතාව මත මත පීඩනයක් ඇති කර එම පීඩනයෙන් ගැලවීමේ එකම මග ලෙස කොවිඩ්-19 එන්නත ලබාගැනීම බව මහජනතාවට “ඒත්තු ගැන්වීමය.” මෙය සිදු වූයේ කොවිඩ්-19 නම් ඊනියා “වසංගතයේ” බිහිසුණු මාරාන්තික බව පිළිබඳ උදේ හවා කරන ලද ප්‍රචාරයන්ට අමතරවය.

රට වසා දමා සාමාන්‍ය ජනජීවිතයේ පැවැත්ම ප්‍රාණ ඇපයට ගැනීමට රජය සහාය වූ මෙම වෘත්තිය සමිති නායකත්වය විසින්ම “රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ යුතුය” යන සටන් පාඨය ඉදිරිපත් කිරීම අහම්බයක් නොවේ.  එම   සටන් පාඨය වූකලී ගෝලීයකරණවාදින්ගේ  මහා වසංගත කුමන්ත්‍රණයේ ඊළඟ තීරණාත්මක පියවර ඉටුකරලීම සඳහා ඔවුන් ගේ පැත්තෙන් දක්වන ලද තීරණාත්මක දායකත්වයක් ලෙස සැළකිය හැකිය.

ලංකා ගුරු සංගමය ඇතුළු  අනෙකුත් ගුරු සංගම් “සියලු සිසුන් සහ ගුරුවරුන් එන්නත් කරන තාක් කල් පාසල් වසා දමනු” යැයි  රජයට බලකරන ලදි. ඊනියා කොවිඩ්-19 වසංගත ආඛ්‍යානය අනුව වුවද ගත්කල එය විසින් ළමා සහ තරුණ පරපුර වෙත එල්ල කරන ලද්දේ අඩු අවදානමකි. එම ආඛ්‍යානයට අනුව කොවිඩ්-19 මගින් වැඩි අවදානමක් ඇත්තේ මැදිවියේ හෝ වයස්ගත, විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන අය වෙතය.  ඔවුන් ‌මෙලෙස පැවසීමට ද හේතුවක් තිබේ. මක් නිසාද යත්  වයස අවුරුදු 45 ට වැඩි දියවැඩියාව, හෘදයාබාධ වැනි වෙනත් නිදන්ගත රෝගවලින් පෙළෙන  පුද්ගලයන් එම රෝගවලින් මරණයට පත් වූ විට වංචනික  PCR පරීක්ෂණ මගින් ඔවුන් කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුන්වා පසුව ඔවුන්ගේ මරණ කොවිඩ්-19 මගින් සිදු වූ මරණ ලෙස හැඳින්විය හැකි නමුත් ළමා සහ තරුණ වයසේ පුද්ගලයන් 99ක් ම ‌එවැනි රෝගවලින් මිය යාම සිදු නොවන බැවින් ඔවුන්ගේ මරණ එලෙස PCR  පරීක්ෂණය මගින් කොවිඩ් මරණ ගොඩට ඇද දැමිය නොහැකි බැවිනි.

පාසල් වසා දැමීම සහ ඒ්වා යළි විවෘත කිරීමේ ‌කොන්දේසියක් ලෙස සියලු දෙනා එන්නත්කරණයට ලක්විය යුතුය යන ආඛ්‍යානය ගොඩ නගන ලද්දේ පහත දැක්වෙන අභුත තර්කයන් මත පදනම්වය.

  • කොවිඩ්-19 මගින් ළමුන්ට සහ තරුණ පිරිස්වලට එල්ලවන අවදානම අඩු වුවද ඔවුන් එයින් ආසාදනය විය හැකිය.
  • ඔවුන් එයින් ආසාදනය වුව ද ඔවුන් තුළ රෝග ලක්ෂණ මතු නොවිය හැකිය.
  • ඔවුන් තුළ රෝග ලක්ෂණ මතු නොවූවද ඔවුන් විසින් රෝගය ව්‍යාප්ත කිරීමට ඉඩ තිබේ.
  • එහෙයින් රෝග ලක්ෂණ නොමැති ආසාදන වූවන්ද හඳුනා ගැනීම සඳහා සියලු පාසල් සිසුන් PCR පරීක්ෂණයට ලක් කළ යුතුය.
  • PCR පරීක්ෂණ මගින් විශාල පාසල් සිසුන් පිරිසක් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බැවින් පාසල් වසා දැමිය යුතුය.
  • සියලු සිසුන් සහ ගුරුවරුන් එන්නත් කරන තාක් කල් පාසල් විවෘත නොකළ යුතුය.

මේ සියල්ල මේ දක්වා වෛරස් ආසාදනයක් හෝ  කවර හෝ වසංගතයක් සම්බන්ධ වෛද්‍ය  විද්‍යාත්මක දැනුම  පමණක් නොව සාමාන්‍ය දැනුම ද ප්‍රතික්ෂේප කරන පදනම් විරහිත ප්‍රලාපයන් නමුත් කොවිඩ්-19 වසංගත භීෂණය තුළ ගිල්වා දමන ලද සමාජය තුළ  සාමාන්‍ය දැනුම සහ තර්ක බුද්ධිය නිෂ්ක්‍රිය කර දමා තිබිණි. ලංකාවේ සියලු ගුරු වෘත්තිය සමිති නායකයන් ජනමාධ්‍ය හරහා මෙම පදනම් විරහිත කොවිඩ්-භීෂණය වැපිරවීමට දායක වූ බැවින් ගුරුවර ගුරුවරියන් අති බහුතරයක් දැඩි වසංගත භීතියක ගොදුරු බවට  පත්වීම හේතුවෙන් පාසල් වසා දැමීමට අදාළ සටන්පාඨ ඔවුන් තුළින්ම මතු වූවක් ලෙස පෙරට ගැනීම අසීරු කරුණක් නොවීය. දරුවන්ට කොවිඩ්-19 මගින් අවදානමක් නොවූවද වයස්ගත සහ විවිධ රෝගාබාධවලින්පෙළෙන ගුරුවර ගුරුවරියන් දරුවන් මගින් ආසාදනයවිය හැකි බවට මතයක් අදාළ ක්ෂේත්‍රය තුළ ව්‍යාප්තව පැවතිණි. මේ අතර ඉන්දියාවේ ඇතැම් නිළියන්ගේ සේයා රූ කොවිඩ්-19 මගින් මියගිය ගුරුවරියන් ලෙස දැක්වෙන ව්‍යාජ “අනුවේදනීය පුවත්” ද සමාජ මාධ්‍ය ජාලා හරහා ව්‍යාප්ත විය.  මේ අනුව පාසල් වසා දැමීමේ සටන් පාඨය ගුරුවරු සංගම් විසින් ඉදිරිපත් කරන ලද්දේ  කොවිඩ්-19 භීෂණ ප්‍රචාරක ව්‍යාපාරයේ  ගොදුරු බවට පත්ව සිටි  බහුතර ගුරුවරුන්ගේද සහාය සහිතවය. පාසල් වසාදැමීම සිසුන්ගේ ගුරුවරුන් යන දෙපාර්ශ්වයේම ආරක්ෂාව පිණිස බවට ගුරු සංගම් විසින් මවාපෑමට තැත්කළ ද ඇත්ත එය නොවීය. එය නොපවත්නා වසංගතයක් පිළිබඳ අහේතුක භීතියක ගිලීසිටි ලාංකීය ගුරු පරපුරට සිය ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ සහතිකයක් දීම සඳහා කළ දෙයක් වූ අතර එමගින් ළමා පරපුරට කිව නොහැකි තරම් හානියක් සිදු විය.

ස්වීඩනය මෙම සමස්ත කොවිඩ්-19 වසංගත කාලය තුළම කිසි අවස්ථාවක පාසල් වසා දැමීමට කටයුතු නොකළ රටකි. නමුත් එහි මෙම ඊනියා වසංගත කාලය තුළ මරණයට පත්වූ සිසු සහ ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2020ට පෙර පැවැති සාමාන්‍ය සංඛ්‍යාවන්ගෙන් වෙනස් වී නැති බව නිව් ඉන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් නම් වෛද්‍ය විද්‍යා සඟරාවේ පළ වූ Open Schools, Covid-19, and Child and Teacher Morbidity in Sweden නම් අධ්‍යයන පත්‍රිකාව මගින් පෙන්වා දී ඇත.

3.5. සැලසුම් සහගත ලෙස රට ණය උගුලේ හසු කරගැනීම සඳහා රටේ ආර්ථිකය විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙරට වසංගත ආඛ්‍යානය යොදා ගැනීම

මේ වනවිට ශ්‍රී ලංකාව බ්ලැක්රොක් වැනි ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාර සමාගම්, ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් කණ්ඩායම ආදින් විසින් අටවන ලද ණය උගුලේ සිරවී රට නිල වශයෙන් බංකොළොත් බව ප්‍රකාශ කර හමාරය. මේ හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නාමයෙන් රටේ මූල්‍ය කටයුතුවල පාලනය මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලයද සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ඉහත ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව ඇත. එක් අතෙකින් උපාය මාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශවල ඉඩම් අක්කර දහස් ගණන් විවිධ ව්‍යාපාරික කටයුතු මුවාවෙන් තුට්ටු දෙකට කොල්ලකමින් ඒවායේ ස්ථානගත වෙමින් සිටිති. සාගර සම්පත් වල පාලනය නෙටෝ නාවික හමුදාවන් සහ විදේශීය ධීවර සමාගම් විසින් නතුකරගෙන ඇත.

එමෙන්ම එක්සත් ජනපදයේ භූ උපායික මෙහෙයුම්වලට ශ්‍රි ලංකාව අන්තර්ග්‍රහණය කරගැනීමේ ක්‍රියාවලිය මෙම ණය ගැති බව හරහා වේගවත් කෙරී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව එක්සත් ජනපදයේ නියෝගවලට යටත්වෙමින් උණුසුම් යුද වාතාවරණයක් පැන නැගෙමින් පවතින මැද පෙරදිග මෙහෙයුම්වලට සම්බන්ධව සිටින අතර ආර්ථික අර්බුදයට ගොදුරුව සිටින ලංකාවේ තරුණ කොටස් එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුක්‍රේන යුද්ධය සඳහා බඳවාගැනීම් සිදු කෙරේ. ශ්‍රී ලංකාව මෙම යුද්ධවලට ඈඳාගැනීම හරහා උපාය මාර්ගික වශයෙන් වැදගත් ත්‍රිකුණාමල වරායේ පාලනය අත්පත් කර ගැනීම සඳහා පසුබිම සකස් කෙරෙමින් පවතී.

සෞඛ්‍ය සේවයට සම්බන්ධිත රසායනාගාර ශිල්පින්ගේ වෘත්තිය සමිති නායකයෙකු යැයි කියාගන්නා රවි කුමුදේශ් නැමැත්තා කොවිඩ්-19 භීෂණය රටපුරා දියත්කිරීමට ‌කොවිඩ්-19 කුමන්ත්‍රණය දියත් කළ ගෝලීයකරණවාදින්ගේ බළල් අණ්ඩක් ‌ ලෙස ක්‍රියාත්මක විය. වංචාකාරි PCR පරීක්ෂණය මගින් ව්‍යාජ ලෙස කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ඉහළ දමමින් ‌ බොරු වසංගතයක් මවාපෑමට රජයට සහාය වූ ඔහු අනතුරුව වසංගතයෙන් රට බේරාගැනීමට යැයි කියමින් ඇඳිරි නීතිය පනවන ලෙස උද්ඝෝෂණයක නිරත විය. එමගින් පීඩිත ජනයා මිලියන ගණනක ජීවන වෘත්තීන් විනාශ කරමින් ඔවුන්ව  දැඩි ආර්ථික හා සමාජීය දුෂ්කරතාවලට ‌ගොදුරු කිරීමේ අපරාධයට වගකිව යුත්තන් අතර මොහුද එක් අයෙකි. මොවුන්ගේ සටන්පාඨ වලට මුවා වෙමින් රජය රටපුරා ඊනියා නිරෝධායන ඇඳිරි නීති හෙවත් ලොක්ඩවුන් පනවමින් ජනතාවගේ මානව හිමිකම්ද ආර්ථික ජීවිතයද විනාශ කරන ලදි.   අනතුරුව මෙම ඊනියා වෘත්තිය සමිති නායකයෝ  වසා දමන ලද ර‌ට යළි විවෘත කිරීමට  පෙර රජය විසින් රටේ සියලු පුරවැසියන් එන්නත් කළ යුතු යැයි උද්ඝෝෂණය ඇරඹූහ.. ෆයිසර් සමාගමේ කොවිඩ්-19 එන්නතේ අලෙවි නිල නොවන අලෙවි ප්‍රචාරකයෙකු බවට පත්ව සිටි මොහු එම එන්නතේ හානිකර ප්‍රතිඵලවලින් මරණයට සහ ශාරිරික ආබාධවලට ලක්වූ දස දහස් ගණන් ජනතාව පිළිබඳ අවස්ථාවාදි නිහඬතාවයක් ආරක්ෂා කළේය. කොවිඩ්-19 ‌ලොක්ඩවුන් හේතුවෙන් ආර්ථික විනාශයට පත් රට ණය උගුලක හසුකරගැනීමට කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බ්ලැක්රොක් වැනි සමාගම් කටයුතු කරන විට ඒ පිළිබඳව ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ව්‍යාජ උද්ඝෝෂණ සංවිධානය කරමින් මෙම සමස්ත කුමන්ත්‍රණය හෙළිදරවු කෙරෙන සටන්පාඨ එම උද්ඝෝෂණ තුළ මතුවීමට ඉඩ නොදී ඒ්වා යටපත් කිරීමේ කුමන්තණයටද මොහු දායක විය. දැන් ජාතික සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම දියත් කෙරෙන සැලසුම්වලට එරෙහිව සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පැන නැගිය හැකි සටන් ව්‍යාකූල කරමින් ඒවා නොමග යැවීම සඳහා නැවතත් උද්ඝෝෂණ සහ වැඩවර්ජන වටයක් කැඳවීමට උත්සාහ දරමින් සිටියි.

ලංකාවේ ආර්ථිකය විනාශ කිරීම පියවර කීපයක් මගින් සිදු වූ අතර ඉන් ප්‍රධානම ඒවා ලෙස සැළකිය හැක්කේ අයිසිස් සංවිධානය මගින් දියත් කරන ලද පාස්කු ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය මැඩීමේ මුවාවන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරන ලද ලොක් ඩවුන් හෙවත් නිරෝධායන ඇඳිරි නීති මගින් රටේ නිෂ්පාදනය-ආනයන අපනයන කටයුතු -බෙදාහැරීම අඩාල කිරීමද, සංචාරක කර්මාන්තය සහ විදේශගත ශ්‍රමිකයන් මගින් ලද ආදායම් අහිමි කරවීම, මහ බැංකුව යොදාගනිමින් සිදුකරන ලද දැවැන්ත මූල්‍ය වංචාවන් සහ ස්වෛරී ණය පිළිබඳ දත්ත විශාලනය කිරීම මගින් ව්‍යාජ ලෙස විදේශීය විනිමය හිඟයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම යුක්තියුක්ත කරනු සඳහා රට බංකොළොත් බවට ප්‍රකාශයට පත්කරන ලෙස රජයට සහ මහබැංකුවට බලපෑම් කිරීම්, ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණි ඉන්ධන සහ නෞකාවන්ට සිය සැපයුම් ගොඩබෑමට ඉඩ නොදෙමින් ඒවා හරවා යැවීම නැතහොත් ගොඩබෑමේ කටයුතු ප්‍රමාද කරවීම මගින් රටතුළ ඉන්ධන සහ ආහාර හිඟයක් කෘත්‍රිම ලෙස නිර්මාණය කිිරීම සහ එයට හේතුව ලෙස විනිමය හිඟය හුවා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ කොල්ලකාරි බටහිර  මූල්‍ය සමාගම්වලට පූර්ණ ලෙස යටත්වීම ආදියයි.

මෙම එක් එක් පියවර අතරින් මෙහිදී අපගේ අවධානය යොමු කළ යුතු වැදගත්ම පියවර වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියත් කරන ලද ව්‍යාජ වසංගත ආඛ්‍යානය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විනාශයට දායක වූ ආකාරයයි. ඉන් පසුව දියත්වූ ඉහත දක්වන ලද අනෙකුත් පියවර ගැනීමට අධිරාජ්‍යවාදි බලවේගයන්ට හැකි වූයේ කොවිඩ්-19 ආඛ්‍යානය තුළ ඔවුන් විසින් සපුරාගැනීමට අපේක්ෂා කළ හයිබ්‍රිඩ් යුද ඉලක්ක සපුරා ගැනීමට ඔවුන් සමත් වූ හෙයිනි.

3.6. වසංගත ප්‍රෝඩාව තුළ සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝණයන්

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලටත්, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, හෙන්රි වෙල්කම් පදනම, රොකෆෙලර් පදනම වැනි යටි අරමුණු සහිත ඊනියා දානපති සංවිධානවලටත්, ෆයිසර් වැනි ඖෂධ සමාගම්වලටත් ඒ ඒ රටවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් විසින් ජනතාවන් වෙත තහවුරු කෙරී ඇති මූලික මානව,සිවිල් සහ දේශපාලන අයිතීන් උදුරා ගනිමින් ඔවුන්ගේ ආර්ථික සහ  සමාජීය ජීවිත විනාශ කරමින් අසීමාන්තික ලෙස කඩාවැදීමට   2020 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  දියත් කරන ලද ප්‍රෝඩාකාරි වසංගත ආඛ්‍යානය විසින් අසීමාන්තික අවස්ථාවන් උදාකර දෙන ලදි. එමගින් ලාංකීය පාලක පන්තිය විසින් දශක ගණනනාවක් තිස්සේ මර්දනයට, සූරාකෑමට, ජන සංහාරයන්ට, ජාතිවාදි ප්‍රචණ්ඩත්වයන්ට ‌ගොදුරු වෙමින් සිටි ජනතාව කබලෙන් ලිපට ඇද දැමීම සිදුවිය.

මෙම කොවිඩ්-19 ප්‍රෝඩාව යොදාගනිමින්  ලංකාව තුල 1897 වසංගත රෝග මර්දන පනත (Quarantine and Prevention of Diseases Ordinance No.03 of 1897 (QPDO)) යළි බලාත්මක කරන ලදි.
මහාමාරිය, කොලරා, කහඋණ, ටයිෆස් වැනි වසංගත රෝග සම්බන්ධයෙන් මෙම පනත 1925,1933, 1946 සහ 1960 වසරවලදී වරින්වර සංශෝධනය කර තිබේ. නමුත් එම සංශෝධන මගින් ඉදිරිපත් කෙරෙන විධිවිධාන කොරෝනා වසංගතය මර්දනයෙහිලා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව කොරොනා පාලනයට අවශ්‍ය වෙතැයි ඔවුන් සිතන වගන්ති ඇතුළත් කරමින් 1897 නිරෝධායන සහ වසංගත රෝග වැළැක්වීමේ පනත 2020.03.20 අංක 2167/18 අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධනය කරමින් නව නිරෝධායන රෙගුලාසි ඊට ඇතුළත් කළහ. අනතුරුව අනතුරුව එම පනතේ 2 සහ 3 වගන්ති යටතේ 2020 ඔක්තෝබර් මස 15 වැනි දින අංක 2197/25 අති විශේෂ ගැසට් පත්‍රය මගින් එයට නව රෙගුලාසි ඇතුළත් කරන ලදි. කොරොනා ආසාදිතයන් යැයි හඳුනාගත් හෝ සැක කරන පුද්ගලයෙකු මිය ගියවිට එම මල සිරුර ආදාහනය කළ යුතු යැයි මෙම සංශෝධනයේ සඳහන් වේ.
මෙම බලතල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 55F වගන්තියට සමාන වන අතර ඕනෑම පුද්ගලයෙකු වසංගත මර්දන බලතල යටතේ අත් අඩංගුවට ගැනීමට පොලිසියට හා හමුදාවට හැකි අතර එම සිදුවීම්වලදී හෝ ආරක්ෂක අංශ විසින් සැලසුම් සහගතව පුද්ගලයන් ඝාතනය කරන ලද විට ඔවුන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලින් තොරවම පුළුස්සා දැමීමේ බලතල අදාළ අංශවලට හිමි වේ. මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතනය මීට උදාහරණයක් පමණි.

වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් ‌හෝ වෙනත් කවර හෝ හේතුවක් මත මරණයට පත් පුද්ගලයන්ගේ මළ සිරුරු   PCR පරීක්ෂණය මගින් කොවිඩ්-19 ආසාදිතයන් ලෙස වංචනික ලෙස නම් කර ඔවුන්ගේ මළ සිරුරු ඥාතින්ට භාර නොදී රජය විසින් පුළුස්සා දමන ලදි. මේ මගින් කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ශිඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ යැයි රජයේ ප්‍රචාරය සඳහා අවශ්‍ය ” අවශ්‍ය “කොවිඩ් මරණ සංඛ්‍යාව” නිර්මාණය කරන ලදි. හදිසි හෘදයාබාධ රෝගීන්  හෝ වෙනත් එවැනි හදිසි ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් PCR පරීක්ෂණය මගින් කොවිඩ්-19  රෝගීන් ලෙස නම්කර ඔවුන්ට ලබා දිය යුතුව තිබූ  නිසි  ප්‍රතිකාර ක්ෂණිකව ලබා නොදී ඊනියා “කෙරෝනා වාට්ටු” වෙත යොමු කරන ලදි. මෙම රෝගීන් එහිදී මරණයට පත් වූ විට කිසිදු මරණ පරීක්ෂණයකින් තොරවම සහ ඥාතින්ට අවසන් කටයුතු සඳහා භාර ‌නොදී ඔවුන්ගේ මළ සිරුරු පුළුස්සා දමන ලදි. කොවිඩ් ආසාදිත මරණ ලෙස නම් කරන ලද මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ඔවුන්ගේ සම්ප්‍රදායික අවමගුල් චාරිත්‍ර අනුව මළ සිරුරු භූමදානය කිරීම තහනම් විය.

නිරෝධායන පනත් වැනි හදිසි සෞඛ්‍ය පනත් විසින් රාජ්‍යයන් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හකුළා දමා මහජන ජීවිතය කෘර ලෙස තලා පෙළා දැමීමට අසීමාන්තික බලතල පවරා දෙයි. ලංකාවේ හමුදා භටයෝ නිරෝධායන ඇඳිරි නීති කඩ කළැයි කියමින් අත් අඩංගුවට ගත් නැගෙනහිර මුස්ලිම් වැසියන් පිරිසක් මහපාරේ දණගස්වා අවමන් සහගත දණ්ඩනයන්ට ලක් කර ඇති අයුරු

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටි පුද්ගලයන්ගේ අවසාන මොහොතේදී ඔවුන්ව බැහැදැකීමට පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් වැලැක්වීම මෙම PCR පරීක්ෂණ යොදාගනිමින් නිර්මාණය කරන ලද වසංගත ප්‍රෝඩාව තුළ සිදු වූ තවත් බිහිසුණු  මානව හිමිකම් උල්ලංඝණයක් විය. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගත යුතු අත්‍යවශ්‍ය තත්ත්වයන් යටතේ පවා ජනතාව රෝහල් වෙතට පැමිණීමට බියවූහ.

කොවිඩ්-19 ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් හඹා ගොස් අත් අඩංගුවට ගැනීමට ඔවුන්ගේ දුරකතන දත්ත තොරතුරු යොදාගැනීමට බුද්ධි අංශවලට බලය පැවැරිණි. හමුදාව සහ පොලිසිය ගම්මාන සහ නගර වටලා පවුල් පිටින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිරෝධායන කඳවුරු තුළ රඳවනු ලැබිණි.

රැස්වීමේ සහ සාමුහික විරෝධය දැක්වීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය නිරෝධායන පනත යටතේ වළලා දැමිණි. උද්ඝෝෂණය කළ සරසවි සිසුුුන් බන්ධානාගාර ගත කෙරිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, එක්සත් ජනපදයේත් බල කිරීම මත mRNa ජාන විකෘතිකාරක එන්නත්කරණය සඳහා හමුදා සහ පොලිසිය යොදාගනු ලැබිණි. මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත් දෙමළ ජනතාව සංහාරය කිරීම පිළිබඳවත්, විදේශිය සාම සාධක මෙහෙයුම්වලදී ළමුන් සහ ස්ත්‍රීන් ලිංගික අපචාරයන්හි යෙදවීම සම්බන්ධවත් චෝදනා එල්ලවී තිබූ ශ්‍රී ලංකා හමුදාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව දියත් කරන ලද මිලිටරි මෙහෙයුමක් මගින්  ජනතාව සමූල-එන්නත්කරණයකට යටත් කරන ලදි.

කොවිඩ්-19 එන්නත්කරණය  සඳහා ජනතාව පෙළැඹවීමට සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ජනමාධ්‍යද සමාජ මාධ්‍ය ජාලාද යොදාගනිමින් ඒවායේ ගුණ වනමින් දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කරන ලදි. පොදු ස්ථානවල ගැවසීමට, රෝහල්, බැංකු සහ ප්‍රවාහනය වැනි සේවාවන් ලබාගැනීමට, පාසල් හෝ විශ්ව විද්‍යාලවලට යාමට එන්නත්කරණය නොනිල වශයෙන් අනිවාර්ය කර තිබිණි. ඒ හා සමාන්තරවම ඒවායේ හානිකර බලපෑම් හේතුවෙන් සිදුවූ ‌ශාරිරික ආබාධ සහ මරණ පිළිබඳ තොරතුරු දැඩි වාරණයකට ලක්කරණ ලදි. කොවිඩ්-19  එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් ජාතිද්‍රෝහින් ලෙස ආණ්ඩුුු ප්‍රධානින්, පොලිස් ප්‍රධානින් විසින්  නම් කරන ලදි.

මේ අයුරින් බලහත්කාරි වෛද්‍ය විද්‍යාත්මක අත්හදාබැලීමක් වූ (නැතහොත් ජීවවිද්‍යාත්මක යුද පර්යේෂණයක් ලෙස සැලකිය හැකි) කොවිඩ් එන්නත්කරණයට ජනතාව ගොදුරු කරමින් ඔවුන්ගේ ශාරිරික උල්ලංඝණීයතාව සඳහා වන මානව අයිතිය අමු අමුවේ උල්ලංඝණය කරන විට සියලු “මානව හිමිකම් ආරක්ෂකයෝ” ජාති ආගම් භේදයකින් තොරව එයට සහාය පළ කළහ.

ලෝක සෞඛ්‍ය සංවිධානය යොදාගනිමින් එක්සත් ජනපදය ඇතුළු බටහිර රාජ්‍යයන්, ඖෂධ සමාගම්, බිල් සහ මෙලින්ඩාගේට්ස් පදනම වැනි සංවිධාන, මූල්‍ය සමාගම්,  ආදිය විසින් සමස්ත මානව සංහතියට එරෙහිව නිර්මාණය කරන ලද කොවිඩ්-19 ආඛ්‍යානය තුළ ලාංකීය ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය සිදු වූ ප්‍රධානතම ආකාරයන් කීපයක්  ඉහත පරිදි ගොනු කළ හැකිය.

3.7. සෞඛ්‍ය, මූල්‍ය සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා බලය සෘජුවම බාහිර අධිපතිවාදි ආයතන විසින් පවරා ගැනීම සහ ආර්ථික විනාශයේ සාමාජීය පිරිවැය

ශ්‍රී ලංකාව වැනි රටවල ධනේෂ්වර පාර්ලිමේන්තු විසින් ගන්නා ලබන තීරණ  අධිරාජ්‍යවාදයේ මූලික උපායමාර්ගික සැලසුම්වවලින් පිටතට නොයන බව සැබෑවකි. එමෙන්ම ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවන් ඇතුළු ශ්‍රි ලංකාවේ ආරක්ෂක මෙහෙයවීමේ තීරණාත්මක බලය ද එක්සත්ජනපදය සහ බ්‍රිතාන්‍ය සතු වේ. නමුත් යම් විශේෂිත කරුණු සම්බන්ධයෙන් විශේෂිත අවස්ථාවල එම රටවල බලපෑමෙන් මිදී යම් යම් ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ‌‌‌ද පැවැතිණි.  1958 දී බණ්ඩාරනායක රජය විසින් පුද්ගලික බස්සු සේවය ජනසතු කර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම සහ වරාය ජනසතුකරණය, 1960 දී පුද්ගලික රක්ෂණ සමාගම් ජනසතු කර ශ්‍රී ලංකා රක්ෂණ්ෂණස්ථාව පිහිටුවීම, ලංකා බැංකුව රජයට පවරාගැනීම සහ මහජන බැංකුව පිහිටුවීම, ගෙවීගිය දශකයන් තුළ සිදුවූ බ්‍රිතාන්‍ය වතුසමාගම්වලට අයත් ඉඩම් රජයට පවරාගැනීම, බැංකු ජනසතුකරණය, විදේශිය ඉන්ධන සමාගම් රජයට පවරාගෙන ලංකා ඛනිජ තෙල් සංස්ථාව පිහිටුවීම, 1971 දී බ්‍රිතාන්‍ය රන් පවුම් සමාගම් සතුව තිබූ තේ පොල් රබර් ඇතුළු අපනයන වැවිලි සමාගම් ජනසතුකරණය, 1972 වසරේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවීම, චීන ලංකා රබර් සහල් ගිවිසුම, ශ්‍රී ලංකාව නොබැඳි හවුලට ඇතුලත් වීම ආදිය මෙම සීමිත ස්වාධීනත්වයට උදාහරණ ලෙස දැක්විය හැකිය.

මෙම අවස්ථාවලදී පවා යම් යම්  අධිරාජ්‍යවාදි මැදිහත්වීම් සිදුවුව ද ඒවා රහසිගත මෙහෙයුම් මිසක විවෘත ඒවා නොවීය. සමාජවාදි කඳවුරේ පැවැත්ම, ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ජන පදනම, අසල්වැසි බලගතු රාජ්‍යයක් වූ ඉන්දියාව සමග සමාජවාදි කඳවුරේ පැවැති යහපත් සබඳතා, ආසියාවේ නැගෙමින් පැවැති අධිරාජ්‍ය විරෝධී විමුක්ති අරගල ආදිය හේතුවෙන් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විවෘත සෘජු මැදිහත්වීම්වලට ලංකාව තුළ මැදිහත්වීමට ඉදිරිපත් නොවූ බව පැහැදිලිය. කෙසේ වුවද තමන් සමග පවත්නා ඓන්ද්‍රිය සම්බන්ධතාවක් සහිත ‌සිංහල ‌කොම්ප්‍රදෝරු ධනේශ්වරය ආධිපත්‍යය අභියෝගයට ලක්වන සෑම විටෙකම බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය එම පන්තිය විසින් සමාජවාදි කඳවුර සමග පවත්වාගෙනගිය උපක්‍රමික සම්බන්ධතාව නොසළකා හරිමින් එහි ආධිපත්‍යය සුරැකීමට මැදිහත් විය. උතුරේ දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරය මැඩ පැවැත්වීම සඳහා ලබාදුන් දශක ගණනාවක් පුරා ලබාදුන් දිගුකාලීන ආධාරත් දකුණේ සිංහල විමුක්තිකාමින්ගේ අරගලය මැඩ පැවැත්වීමට 71 දී සහ 83-89 කාලවලදී ලබාදුන් ආධාරත් ඊට නිදසුනකි. 1987දී ජේ ආර් ජයවර්ධන රජයට ආධාර කරනු පිණිස ඉන්දීය හමුදා උතුරට පැමිණිවිට බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය විසින්  ඉන්දියාව ඒ වනවිටත් සෝවියට් සංගමය සමග පවත්වාගෙන ගිය සබඳතා නොසළකා හරිමින් එම මෙහෙයුමට සහාය ලබා දීම සිදු වූයේ එමගින් ඉන්දීය හමුදා ලවා උතුරේ විමුක්ති අරගලය මර්දනයට මෙන්ම ශ්‍රි ලංකා හමුදාව ලවා දකුණේ විමුක්ති අරගලය මර්දනයට ද අවස්ථාවන් විවර වූ හෙයිනි. 1948 න් පසු බ්‍රිතාන්‍ය හෝ එක්සත් ජනපදය ශ්‍රි ලංකාවට සෘජු හමුදා මැදිහත්වීමක් සිදු නොකළ නමුත් ශ්‍රී ලංකා රාජ්‍යයේ මිලිටරි සහ දේශපාලන යන්ත්‍රය සමග දැඩි සහයෝගිතාවක් පවත්වාගෙන යනු ලැබිණි. ශ්‍රි ලංකාවේ හමුදා නිලධාරින් සහ බුද්ධි අංශ පුහුණු කිරීමේ කටයුතු දිගින් දිගටම එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ සහ ඊශ්‍රායලයේ මිලිටරි සහ බුද්ධි අංශ විසින් සිදු කරනු ලැබිණි. ඒවා සමග කලින් කලට ආරක්ෂක ගිවිසුම් විශාල ගණනාවක් ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇත.

කෙසේ වුවද මේ වනවිට ශ්‍රී ලංකාව යළිත් පූර්ණ වශයෙන් බටහිර යටත්විජිතයක් බවට පත්වී ඇත්තේ සෘජු හමුදා ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. එය හයිබ්‍රිඩ් යුද මෙහෙයුම් ගණනාවක සමුච්චිත ප්‍රතිඵලයකි. 2019 අයිසිස් ත්‍රස්ත ප්‍රහාරය, මහ බැංකුව ආශ්‍රිත මූල්‍ය වංචාවන්, ණය පිළිබඳ දත්ත විකෘති කිරීම් ආදි ආර්ථික කම්පන ප්‍රහාරයන් ලංකාවට එරෙහිව දියත්වූයේ  තමන් සැඟවුණු යුද ප්‍රහාරයක ඉලක්ක බවට පත්වී ඇති බව ලාංකීය ජනතාවට කිසිදු ආකාරයකින් අවබෝධ කරගැනීමට ඉඩ නොතබමිනි. එයට සමාන්තරව මේ ගැන සං‌වේදි විය යුතුව තිබූ බලවේග එනම් ජවිපෙ වැනි දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සහ ගොවි සංවිධාන, සිවිල් සමාජය, සහ ජනමාධ්‍ය ආදි සියල්ල  සංජානන යුද මෙහෙයුම් මගින් නිෂ්ක්‍රිය කර දැමිණි. තමන් අධිරාජ්‍යවාදි ආක්‍රමණයක නවතම යුද මාදිලියක ‌‌ගොදුරු බවට පත්ව ඇති බව ලංකාවේ ජනතාව තාමත් වටහාගෙන නැත.

2020 දී සමස්ත ලෝකය පුරා දියත් කරන ලද “කොවිඩ්-19 වසංගතය” නම් සංකීර්ණ මෙහෙයුමේ ශ්‍රි ලංකාවද ගොදුරක් වූ අතර එය  විසින් ලංකාව අද මුහුණ දී ඇති ආර්ථික, සමාජීය විනාශය සහ දේශපාලන පරාධීනත්වය සම්පූර්ණ කරන ලදි. මෙම මෙහෙයුම තුළ සමස්ත ලෝක ජනතාවට එරෙහිව මෙන්ම ශ්‍රි ලාංකික ජනතාවටද එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක වූයේ එය පිටුපස සිටින බලවේගවල අවියක් ලෙසය.

ආසියාවේ විශිෂ්ටතම මහජනසෞඛ්‍ය සේවයක් ලෙස සැලකුණ ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය බිඳ දමා එය නවීකරණ කිරීමේ මුවාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ” එකම සෞඛ්‍යයක් සඳහා වන ප්‍රවේශය” යටතේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේද, ආයතනයේද  ඖෂධ සමාගම්වල ද  ග්‍රහණයට ගෙන තිබේ. එමෙන්ම රාජ්‍ය ඖෂධ පාලන අධිකාරිය  ආක්‍රමණය කර එහි පාලනය පූර්ණ ව‍ශයෙන් අත්පත් කරගැනීමට මෙම බලවේග සමත්ව ඇත.

ශ්‍රි ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටීමෙන් නිදහස් කර එහි කටයුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා බ්ලැක්රොක්, ජේ.පී මොර්ගන් වැනි මූල්‍ය සමාගම්වල පාලනයට යටත් කෙරී ඇත්තේ ඔවුන් විසින්ම අටවන ලද ණය උගුලෙන් මිදීමට යැයි කියමින් දියත්කර ඇති “ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළ යටතේය. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම රටේ නීතියක් බවට පත්කරන බව රූකඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෑතකදී ප්‍රතිඥා දුන්නේය.

සාරවත් වගා බිම්, වනාන්තර, ජල පෝෂක ප්‍රදේශ, මුහුදු වෙරළ, ජලාශ සහ වැව් ආදියෙන් සමන්විත වටිනා ඉඩම් අක්කර ලක්ෂ දශලක්ෂ ගණනින් විදේශිය සමාගම්වලට පැවැරීමට දැනටමත් ගිවිසුම් අත්සන් කෙරී හමාරය. ලංකාවේ ගොවීන් සතු ඉඩම් තුට්ටු දෙකට මිලදී ගැනීමේ පසුබිම සකස් කිරීමේ එක් පියවරක් ලෙස ණය බරින් පීඩිත ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලබා ‌දීමද කුඩා පරිමාණ ගොවීන්ට ස්වාධීනව සිය වගාකටයුතු කරගෙන යාමට නොහැකිවන පරිදි මහා පරිමාණ කෘෂි සමාගම්වලට පමණක් දැරිය හැකි තාක්ෂණික ක්‍රමවේදයන් අනිවාර්ය කෙරෙන නීති හඳුන්වා දීම ද බීජ,  පොහොර සහ කෘෂි රසායනික නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ඒකාධිකාරය විදේශිය සමාගම් සතුකරණයද දිගින් දිගටම සිදුවෙමින් පවතී. රොකෆෙලර් පදනම සහ මොන්සැන්ටෝ සමාගම සමග ඒකාබද්ධව කටයුතු කරමින් අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ රටවලද ඉන්දියාව ඇතුළු ආසියාතික රටවලද ආහාර නිෂ්පාදනය සියතට ගැනීමට කටයුතු කරමින් සිටින බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමට සිය කොල්ලකාරි මෙහෙයුම් නිර්බාධිතව කරගෙන යාමට ඉඩ සලසනු වස් රූකඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජනාධිපති කාර්යාලයේම ඉඩක් ඔවුන්ට වෙන් කර දී තිබේ.

සැලසුම් සහගත ජන විස්ථාපනය

කොවිඩ්-19 ලොක්ඩවුන් හේතුවෙන් පාඩු ලබමින් සිටි සුළු පරිමාණ ව්‍යාපාර 2022 දී විනිමය හිඟය හුවාදක්වමින් ඇතිකරන ලද කෘත්‍රිම ඉන්ධන සහ බලශක්ති අර්බුදය විසින් සම්පූර්ණ බංකොළොත් බවට පත් කරන ලදි. මේ හේතුවෙන් අහිමි වූ රැකියා අවස්ථා ගණන දශ ලක්ෂ සංඛ්‍යාත වේ. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු සිය ඉඩකඩම් උගස්කර හෝ දස අතේ ණය වී රැකියා ඒජන්සිවලට මිලියන ගණන් මුදල් ගෙවමින් විදේශ ගත වෙති. ණය හිමි බ්ලැක්රොක් වැනි කොල්ලකාරි මූල්‍ය සමාගම්වලට කප්පම් ගෙවීම පිණිස ජාතික සම්පත් විකිණිමට අමතරව, රාජ්‍ය සේවකයන්ගේ වැටුප බදු මගින් කොල්ලකෑම හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, තාක්ෂණ ශිල්පින් විදේශ රැකියා සොයා රටින් බැහැරවීම සිදු විය.

මෙලෙස පුහුණු ශ්‍රම බලකාය විදේගතවීම මගින් ඔවුන් උපයන මුදලෙන් රටේ “විනිමය ප්‍රශ්නය”  තාවකාලිකව පියවාගෙන එම මුදල්ද කොල්ලකාරි මූල්‍ය සමාගම්වලට කප්පම් ගෙවීමට යොදාගත හැකිවීම නිසා එමගින් රටට වාසියක් සැලසෙන බව සමහරුන් පවසන නමුත් මෙම විදේශගතවීම් වල සමාජමය පිරිවැය දිගුකාලීන වශයෙන් රටකට දරාගත නොහැකි එකක් වනු ඇත. මෙම අවතැන් වීම් ‌ලෝක ආර්ථික සංසදය ප්‍රමුඛ ‌ගෝලීයකරණවාදින් විසින් ඔවුන්ගේ ඊනියා වසංගතයට ඇරඹීමටත් පෙර සිටම සැලසුම් කළ එකකි. ඔවුන්ගේ ප්‍රකාශ අනුව “කොවිඩ්-19 හේතුවෙන් ඇතිවන ආර්ථි්ක අර්බුදය හේතුවෙන් ‌ලොව පුරා බිලියන ගණනාවක් ජනයා අවතැන් වනු ඇත”. මේ වසංගත සැලසුම්කරුවන්ගේ එක් අරමුණක් වූයේද ලෝක ආර්ථිය විනාශ කරමින් බිලියන ගණන් ජනයා අනාරක්ෂිභාවයට සහ  අවතැන් කිරීම්වලට ගොදුරු කරමින් විවිධ ජාතික රාජ්‍යන්‌ගේ සමාජ සංස්කෘතික ව්‍යුහයන් බිඳ දැමීමය. ඔවුන්ගේ ගෝලීයකරණවාදි ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාතික සංස්කෘතින්ගෙන් වියෝ කරන ලද සමාජීය වශයෙන් අවතැන් වූ පරම්පරාවක් අවශ්‍ය වේ.

හුස්ම හිරකරවන තරම් දරුණු ආර්ථික පීඩනයකට සමාජයක් සැලසුම් සහගතව බාහිර බලවේගයන් විසින් ගොදුරු කරගන්නා විට ඔවුන් හමුවේ ඉතුරුවන අවසන් විකල්පය වනු ඇත්තේ පෙරළා සටන් වැදීමය. නමුත් ඒ සඳහා නායකත්වය සපයනු ඇතැයි  ගෝලීයකරණවාදින් විසින් තක්සේරු කරන ලද දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති ඇතුළු බහුජන සංවිධාන විවිධ උපක්‍රම මගින් කල් තබාම නිෂ්ක්‍රිය කර දමා තිබේ. නැතහොත් අරගලය නොමග යැවීමේ මෙහෙයුම්වලට සම්බන්ධ කරගෙන තිබේ.

තම  අයිතින් වෙනුවෙන් ජනතාව සාමුහිකව පෙරළා සටන් වැදීම වළක්වනු සඳහා ‌‌ගෝලීයකරණවාදින් යොදාගෙන ඇති තවත් සාර්ථක උපක්‍රමයක් නම් විදේශ රැකියා පිළිබඳ සිහිනයක් මවාපාමින් ඔවුන් රටින් විස්ථාපනය කරවීමය. මේ සඳහා විදේශිය රැකියා අවස්ථා පිළිබඳ  සමාජ මාධ්‍ය ජාලා හරහා දැවැන්ත ප්‍රචාරයක් දියත් කරමින් සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙලෙස මිලියන ගණන් ගෙවා විදේශගතවන්නවුන්ගේ ඉරණම කුමක් වුව ද මේ බලවේග තුළ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත. රුසියාව සහ  යුරෝපය යන දෙකම දුර්වල කරනු පිණිස එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව යුක්‍රේනය උසිගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස යුක්‍රේනියානු තරුණ ජනයා ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් යුද පෙරමුණ තුළ මරණයට පත්ව ඇත. දැඩි පිරිස් බල හිඟයකින් පෙළෙන යුක්‍රේනියානු ආරක්ෂක අංශවල ඒ අඩු පිරවීම සඳහා දැන් යොදාගනු ලබන්නේ ශ්‍රි ලංකාව වැනි ආර්ථිකය බිඳ වැටුනු රටවලින් රැකියා සොයා විදේශගතවීමේ අවස්ථා සොයමින් සිටින තරුණ පිරිස්ය.

අද ශ්‍රි ලංකාව ආර්ථිකමය, හා සමාජීය වශයෙන් දරුණු බිඳවැටීමකට ලක්ව එහි දේශපාලන ස්වාධිපත්‍යය අහිමිවීම සඳහා බලපාන ලද එක් ප්‍රධාන සාධකයක් නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවලමක් ලෙස යොදාගෙන දියත් කරන ලද කොවිඩ්-19 වසංගතය නැමැති ප්‍රෝඩාවයි. මෙය සමස්ත මානව සංහතියටම එරෙහිව සිදු කරන ලද දරුණුතම සහ දැවැන්තම අපරාධයක් ලෙස සැලකිය හැකි නමුත් ඒ් සඳහා වගකිව යුතු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානින් සහ ඒ පිටුපස සිටින බලවේගවලට එරෙහි කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ලෝකයේ කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක වී නැත. ඔවුන්ගේ බලය ඒ තරම් අසීමාන්තික එකකි. ‌ඒ වෙනුවට සිදුව ඇත්තේ මේ අපරාධකරුවන්ට මල්මාලා දමා පිළිගනිමින් මේ ග්‍රහලොව තුළ සිටින ඉතුරු වී ඇති මිනිස් ප්‍රාණින්ගේද ජීවිත වැනසීමට අවස්ථාව ඔවුන්ට ලබාදීමය. බිල් ගේට්ස් වැන්නෙකුට රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති කාර්යාලය තුළ ශාඛාවක් පිහිටුවීමට ඉඩදීම තේරුම්ගත යුත්තේ මේ පසුබිම තුළ තබාය. සැබැවින්ම දැන්  ලංකාවේ සිදුවෙමින් ඇත්තේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ශ්‍රි ලංකා මෙහෙයුම් මධ්‍යස්ථානයේ මුල්ලක ඩෙස් එකක් සහ පුටුවක් තබාගෙන එහි හරිබරි ගැසී වාඩි වී තමන් රටේ ජනාධිපති ලෙස හඳුන්වාගනු ලබන රනිල් වික්‍රමසිංහ නම් වයස්ගත ලිපිකරුවෙකු කෙළවරක් නොමැතිව වාචාල දෙඩවීමය.

ලංකාවේ ජනතාව මේ තරම් දරුණු ආර්ථික සහ සමාජීය විනාශයක ගොදුරු බවට පත්කිරීමට කටයුතු කළ බලවේග ඔවුන්ගේ එම කටයුතු උත්සන්න කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ජාතින් සතු ස්වාධිපත්‍ය බලය උදුරාගනු වස් “ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි ” සඳහා නව සංශෝධනද ගෙන ඒමටද “නව වසංගත ගිවිසුමක්” ඇති කිරීමට ද උත්සාහ දරති. මෙම සම්මත කිරීමට අදාළ ඡන්දය විමසීම සිදුවනු ඇත්තේ 2024 මැයි 23 වැනි දින ජිනිවාහිදී පැවැත්වීමට නියමිත ලෝක සෞඛ්‍ය සම්මේලනයේදිය. බලහත්කාරි වෛද්‍ය ප්‍රතිකාර හෝ පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ අයිතිය, රැස්වීමේ සහ සංචරණයේ අයිතිය,  ආදි මානව සහ සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනීසිටින්නවුන්ද ජාතියකට තමන්ගේ ඉරණම බාහිර අධිපතිවාදි ආයතනවල බලපෑමෙන් මිදී ස්වාධීනව තීරණය කිරීමේ අයිති හෙවත් ජාතික ස්වාධිපත්‍යය සඳහා වන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නවුන්ද, රටක් තුළ සිදුවන සියලු පාලන කටයුතු සෘජුවම හෝ මහජනයා විසින් පත්කරනු ලබන නියෝජිතයන් හරහා ජනතාවට වගකිව යුතුය යන ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නවුන්ද තමන් එසේ පෙනී සිටින්නේ අවංකවම නම් දැන් කළ යුතුව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම යෝජිත ගිවිසුම්වලට අත්සන් නොතබන ලෙස ශ්‍රි ලංකා රජයට බල කිරීමය.

 

 

 

මූලාශ්‍ර

බිල් ගේට්ස් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මිලදී ගැනීම සහ ලෝක ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීම

මැකින්සි ප්‍රතිසංස්කරණ හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල්ගේට්ස් සිය බලය පැතිරවීම

Toxic Agriculture and the Gates Foundation: Beware of Gates bearing Gifts?

Bill & Melinda Gates Foundation, Children’s Investment Fund Foundation, Pfizer and Becton, Dickinson & Company Expand Partnership for Greater Access to Injectable Contraceptive for Women in Low- and Lower-Middle-Income Countries

Workers fired by GSK in Pakistan fight for justice

The Impact of the COVID-19 Pandemic and Lockdowns on Self-Poisoning and Suicide in Sri Lanka: An Interrupted Time Series Analysis

කොරෝනා මර්දනයද? ලෝකයේ දුප්පතුන් මර්දනයද? කොරෝනා ඇඳිරි නීති සහ තහංචි විසින් දුප්පතුන් සහ ඔවුන්ගේ මානව හිමිකම් වනසන අයුරු

පුවත් නිවේදනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA)

CHILD SEX TRAFFICKING IN THE TOURISM SECTOR IN SRI LANKA

Carbon dioxide rises beyond acceptable safety levels in children under nose and mouth covering: Results of an experimental measurement study in healthy children

Open Schools, Covid-19, and Child and Teacher Morbidity in Sweden

Investigation launched into abnormal spike in newborn baby deaths in Scotland

Explosive Rise in Ontario Stillbirths Triggers Parliamentary Questions

Dear Friends, Sorry to Announce a Genocide: Dr. Naomi Wolf on the Pfizer “Confidential Report”