කොරෝනා වෛරස් එන්නත් වල අවශ්‍යතාව, කාර්යක්ෂමතාව, සහ සුරක්ෂිතබව ගැන වෛද්‍යවරු ප්‍රශ්න කරති.

කොවිඩ් ආචාරධර්ම සඳහා වෛද්‍යවරු

මෙම ලිපිය කොවිඩ්-19 වසංගතය තුළ වෛද්‍ය ආචාර ධර්ම සඳහා වෛද්‍යවරු නම් ජාත්‍යන්තර සංවිධානයේ නිල වෙබ් අඩවියේ පළවූ විශ්ලේෂණාත්මක ලිපියක සිංහල පරිවර්තනයයි. මෙම සංවිධානය තුළ රටවල් 30 කට අයත් වෛද්‍යවරු සහ විද්‍යාඥයන් විශාල පිරිසක් සාමාජිකත්වය දරති. කොවිඩ් වසංගතය තුළ වෛද්‍ය ආචාරධර්ම, රෝගීන්ගේ ආරක්ෂාව, මානව අයිතීන් ආරක්ෂා කිරීම සිය සංවිධානයේ අරමුණ බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.
දැන් ශ්‍රී ලංකාව පුරා වයස අවුරුදු 15ට වැඩි දරුවන්ට ෆයිසර් සමාගමේ එන්නත ලබාදීම ආරම්භ කර තිබේ. මෙම එන්නත්වල කාර්යක්ෂ්මතාව හෝ සුරක්ෂිත බව ගැන අදාළ සමාගම් විසින් ප්‍රචාරය කරන දේ මිසක වෙනත් කිසිදු විකල්ප තොරතුරක් මහජනතාව වෙත සන්නිවේදනය නොවේ. ළමුන්ට ලබා දෙන මෙම එන්නත පරීක්ෂණාත්මක එන්නතකි. එවැනි පරීක්ෂණාත්මක එන්නතක් හෝ වෙනත් ඕනෑම ඖෂධයක් යම් පුද්ගලයෙකුට ලබා දෙන විට එම පුද්ගලයා එම ඖෂධයේ හෝ එන්නතේ අන්තර්ගතය, අතුරු විපාක, සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුවත් කොට තිබිය යුතුය. බාලවයස්කාර දරුවෙකු නම් ඔවුන්ගේ දෙමවුපියන් හෝ භාරකරුවන් දැනුවත් කළ යුතුය. එවැනි දැනුවත් කිරීමකින් පසු ලැබෙන ස්වේච්ඡා සහගත දැනුවත් කැමැත්ත මත පමණක් පුද්ගලයෙකු මෙම ඖෂධ අත්හදා බැලීමේ වැඩපිලිවෙලට හෙවත් කොවිඩ්-19 එන්නත්කරණයට සහභාගි කරවාගැනීමේ නීතිමය ඉඩකඩ පරීක්ෂණය මෙහෙයවන පාර්ශ්වයට හිමි වේ.  එහෙත් එන්නත්වල වාසි ගැන අතොරක් නැතිව මාධ්‍ය හරහා ඖෂධ සමාගම් සහ රජය විසින් සිදුකරන ප්‍රචාරයන් සහ වෙළෙඳ දැන්වීම් හැරෙන්නට කිසිදු සමබර තොරතුරක් ප්‍රධාන හෝ විකල්ප මාධ්‍යවල දක්නට නැත.

සාරාංශය – කොවිඩ්-19 එන්නත් වලින් සිදුවන හානි සම්බන්ධව එම එන්නත් නිෂ්පාදක සමාගම්වලට නඩු පැවරිය නොහැකිවන ලෙස ඔවුන්ට නීතිමය මුක්තියක් ලබා දී ඇත. එහෙයින් එම එන්නත් සඳහා අනුමැතිය ලබා දුන්, එම අනුමැතිය බලාත්මක කළ සහ ඒවා ජනතාව මත භාවිතා කරමින් සිටින සියලු දෙනාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම එන්නත්වල හානි සහ වාසි සම්බන්ධයෙන් තේරුම්ගැනීම වැදගත් වනු ඇත. මක් නිසාද යත් මෙම එන්නත්වලින් සිදු විය හැකි හානි පිළිබඳ වගකීම ඔවුන් මත පැවරෙන බැවිනි.කෙටියෙන් පවසන්නේ නම් පවත්නා සාක්ෂි සහ විද්‍යාවන් විසින් පෙන්නුම් කරන්නේ කොවිඩ්-19 එන්නත් අනවශ්‍ය, අකාර්යක්ෂ්ම සහ අනාරක්ෂිත ඖෂධයක් බවයි.

කොවිඩ්-19 එන්නත් වල අවශ්‍යතාවක් තිබේද?

නිරෝගී ප්‍රතිශක්ති පද්ධතියක් ඇති පුද්ගලයන්හට කොවිඩ්-19 හෙවත් SARS-CoV-2 වෛරසයෙන් ආරක්ෂාව ලබාදීමට ඔවුන්ගේ සෛලමය ප්‍රතිශක්තිය (cellular immunity) සහ ස්මරණ ආකාර ප්‍රතිදේහ ප්‍රතිචාරය (memory-type antibody response) සමත්ය. එහෙයින් කොවිඩ්-19 හමුවේ අඩු අවදානමක් ඇති පුද්ගලයන් එන්නත් කිරීම අනවශ්‍ය වේ. ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල පුද්ගලයන්හට කොවිඩ්-19 රෝගය වැළැඳුණ හොත් ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ආරක්ෂිත බව සහ කාර්යක්ෂමතාව මනාව ඔප්පු වී ඇති ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම ගණනාවක් පවතී. එහෙයින් අවදානම් තත්ත්වයේ පසුවන්නන් යැයි සැළකෙන පුද්ගලයන්ද එන්නත් කිරීම ද අනවශ්‍ය දෙයකි. ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතින පුද්ගලයන් මෙන්ම ප්‍රතිශක්තිය දුර්වල එනිසාම රෝගය වැළැඳීමට වැඩි අවදානමක් ඇති අයද යන දෙකොටසම කොවිඩ්-19 (SARS-CoV-2 )වෛරසයේ සියලුම ප්‍රභේද වලට එරෙහිව ආරක්ෂා කරගැනීමට මෙම කොවිඩ්-19 එන්නත්වලට වඩා ස්වාභාවික ප්‍රතිශක්තිය සහ අනෙකුත් ඖෂධ සමත්ය.

මෙම කොවිඩ්-19 එන්නත් වල කාර්යක්ෂමතාව ගැන පවසන දේ සත්‍යයක්ද?

කොවිඩ්-19 එන්නත් සතුව කොරෝනා හෙවත් SARS-CoV-2 වෛරසයට එරෙහි ක්‍රියාත්මක විය හැකි යාන්ත්‍රණයක් නැත. එන්නත් මගින් රුධිරයේ ඇති ප්‍රතිදේහ උත්තේජනය කිරීමෙන් SARS-CoV-2 වැනි රෝග කාරක විසින් ශ්වසන මාර්ගය ඔස්සේ සිදු කරන ආසාදන වැලැක්විය නොහැක. එසේම මෙම කිසිදු එන්නත් වර්ගයක් සඳහා සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී එන්නත්කරණය මගින් එන්නත් කරන ලද පුද්ගලයන් අතර රෝගය පැතිරීම වළක්වන බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැත. එහෙයින් “සෙසු අයගේ ආරක්ෂාව” සඳහා එන්නත ලබා ගන්නා ලෙස පුද්ගලයන්ට බලකිරීම කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් මත පදනම් වූවක් නොවන බව කිව යුතුය..

මෙම එන්නත්වල සුරක්ෂිතභාවය ගැන සහතික කළ හැකිද?

නිරෝගී පුද්ගලයන් හට මෙන්ම පූර්ව රෝගී තත්ත්වයන්ගෙන් සහ නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ටද එක සේ අනතුරුදායකය.ඒ සඳහා පහත සඳහන් හේතුන් දැක්විය හැකිය.
1.මාරාන්තික සහ මාරාන්තික නොවන ලේ කැටිති ඇති වීම (lethal and non-lethal disruptions of blood clotting)
2. රුධිර වහන අක්‍රමිකතා(bleeding disorder)
3 මොළයේ ලේ කැටිති ඇතිවීම (thrombosis in the brain)
4. හෘදයාබාධ
5.ස්වයං ප්‍රතිශක්තිකතාව ( autoimmune-තමන්ගේ ප්‍රතිදේහ සෛල තමාගේම පටකවලට පහර දීම)
6. අසාත්මිකතා
7. ප්‍රතිදේහ ප්‍රේරිත බහුලීකරණය(antibody-dependent enhancement of disease-ADE)
8. කඩිමුඩියේ විශාල පරිමාණයෙන් සිදුකරන නිෂ්පාදන නිසාත් පාලනය නොකරන ලද නිෂ්පාදන තත්ත්වයන් නිසාත් නිෂ්පාදිත එන්නත් වල පවත්නා අපිරිසිදු බව එනම් අනවශ්‍ය සංඝටක එන්නත් සාන්ද්‍රණය තුළ පැවතිය හැකි වීම.

එහෙයින් අවදානම සහ යහපත අතර ගණනය පැහැදිලිය. මෙම පරීක්ෂණාත්මක එන්නත් අනවශ්‍ය, අකාර්යක්ෂ්ම සහ අනතුරු දායක දෙයකි. මෙම පරීක්ෂණාත්මක කොවිඩ්-19 එන්නත් සඳහා අනුමැතිය ලබාදුන්, ඒවා ගැනීමට බලකරන සහ ඒවා එන්නත් කරනු ලබන පුද්ගලයන් විසින් සමස්ත ජනගහණය සහ රෝගීන්ව ඉතා බරපතල, අනවශ්‍ය, සහ කිසිසේත්ම යුක්ති සහගත කළ නොහැකි සෞඛ්‍යමය අවදානමකට හෙළනු ලබයි.

1. මෙම එන්නත් අනවශ්‍යය.

1.විවිධ පර්යේෂණ ගණනාවක් විසින් පෙන්නුම් කරන ලද පරිදි ස්වභාවික ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතින පුද්ගලයන් විසින් ඉතා “ශක්තිමත්” සහ කල්පවත්නා සෛලමය ප්‍රතිශක්තියක් (cellular immunity /(T cell immunity) SARS-CoV-2 වෛරසය සහ ප්‍රභේද ඇතුළුව සියලු SARS-CoV වෛරස්වලට එරෙහිව දක්වන බවය[2]. T සෛලවලින් ලබා දෙන ආරක්ෂාව ගොඩනැගෙනුයේ SARS-CoV-2 වෛරසවලට නිරාවරණය වීමෙන් පමණක් නොවේ. මෙයට පෙර සාමාන්‍ය අවස්ථාවලදී උණ සෙම්ප්‍රතිශ්‍යා සාදන කොරෝනා වෛරස් ප්‍ර භේදයන්ට නිරාවරණය වීමෙන්ද එය හිමිවනු ඇත [1,3–7]. එවැනි ප්‍රතිශක්තිමය හැකියාවක් වසර 17ක[1] කාලයක් තුළ නිරීක්ෂණය කළ හැකිය. එහෙයින් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් පුද්ගලයන්ව SARS-Cov-2 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අවශ්‍ය නොවේ.

2. මෙම කොවිඩ්-19 එන්නත්වලට වඩා ස්වභාවික T-සෛල ප්‍රතිශක්තිය විසින් සියලු වර්ගයේ SARS-CoV-2 ප්‍රභේද වලට එරෙහිව ශක්තිමත් සහ වඩාත් පුළුල් රැකවරණයක් ලබා දෙයි. මක් නිසා ද යත් ස්වාභාවිකව මුල පුරන ලද ප්‍රතිශක්තිය ට හුදෙක් ස්පයික් ප්‍රෝටීන පමණක් නොව බහු විධ වෛරස් එපිටෝප සහ සහ උත්තේජක සංඥා හඳුනාගැනීමට හැකි බැවිනි. (කොවිඩ්-19 එන්නත් සැලසුම් කර ඇත්තේ ස්පයික් ප්‍රෝටීනය ප්‍රතිදේහ විසින් හඳුනා ගැනෙන පරිදිය). එහෙයින් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් පුද්ගලයන්හට වර්තමානයේ පවතින එන්නත් වලට වඩා තමන්ගේම ප්‍රතිශක්තිය මගින් SARS-CoV-2 වෛරසය සහ එයින් පැන නැගිය හැකි සියළු ප්‍රභේදවලට එරෙහිව හොඳින් මුහුණ දිය හැකිය.

3. නව සොයාගැනීම්වලට අනුව ආසන්න වශයෙන් 99% ක් පුද්ගලයන් හට කොවිඩ්-19 රෝගයට එරෙහිව ආරක්ෂාව ලැබී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිදේහ විසින් ඒවායේ මතකය අනුව දක්වන ලද ප්‍රතිචාර නිසාය. 2021 මැයි සහ ජූලි අතර පවත්වන ලද අධ්‍යයනයන් විසින් හෙළිදරවු කර ඇත්තේ SARS-CoV-2 ආසාදනයට සහ COVID-19 එන්නත් යන දෙකටම ප්‍රතිදේහ විසින් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට හේතුව ඒවා තුළ කලින් සිදුවූ ආසාදන වල මතකය ( memory-type antibody responses) තැන්පත් වී තිබු නිසා බවයි [8–12].
මෙම නව සොයාගැනීම් විසින් පෙන්නුම් කරන්නේ SARS-CoV-2 යනු ප්‍රතිශක්ති විද්‍යාත්මකව අලුත්ම වෛරසයක් නොවන බව සහ ජනගහණයෙන් අති විශාල බහුතරයක් කොවිඩ්-19න් ආරක්ෂා වී ඇත්තේ කලින් සිට පැවැති T ප්‍රතිශක්ති සෛල ප්‍රති-උත්තේජනය කිරීම මගින් නිර්මාණය වූ ප්‍රතිදේහ නිසා බවය. මෙහිදී හරස්- ප්‍රතිශක්ති නිර්මාණයක් හෙවත් කලින් මිනිසුන්ට ශ්වසන පද්ධතිය ආශ්‍රිත සාමාන්‍ය ආසාදන ඇති කරන වෙනත් කොරෝනා වෛරස් මගින් සිදු වූ ආසාදන සඳහා ජනනය කරන ලද ප්‍රතිදේහ විසින් SARS-CoV-2 වෛරසයට ප්‍රතිචාර දැක්වීමක් සිදුව ඇති බවයි. COVID-19 එන්නත්වල ඉලක්කය වන්නේ SARS-CoV-2 සඳහා ප්‍රතිදේහ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීමයි. එහෙත් එම ක්‍රියාවලිය ස්වභාවිකව සිදුවන බව ඉහත අධ්‍යයනයන්ට අනුව අපි දනිමු. එහෙයින් SARS-CoV-2 සඳහා එන්නත් අනවශ්‍ය බව නිගමනය කළ හැකිය. ඉතාම සුළු වෛරස් ආසාදයක දී වුව එම ප්‍රතිදේහ ඕනෑම අයෙකු තුළ වේගයෙන් එන්නත් ගැනීමකින් තොරව වුව ද නිර්මාණය කළ හැකිය.
4.ලෝකයේ බොහෝ රටවල බහුතරයක් මිනිසුන් ට දැන් SARS-CoV-2 වෛරසයට නිරාවරණය වීම හේතුවෙන් ඊට ප්‍රතිශක්තිය ලැබී තිබිය යුතුය.[13]. ඔවුන් මීට පෙර සිදුව ඇති ආසාදනයේ තීව්රතාව අනුව ඔවුන්ට එය යළි වැළඳෙන විට ඔවුන් විසින් පෙන්වනු ලබන රෝග ලක්ෂණ වල ස්වභාවය එකිනෙකාගෙන් වෙනස් විය හැකිය. එනම් ඇතැමුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමටද, තවත් සමහරුන් තුළ මෘදු රෝග ලක්ෂණ මතුවීමටද තවත් සමහරුන් තුළ බරපතල රෝග ලක්ෂණ එනම් ඇනොස්මියා (රස සහ ගඳ සුවඳ නොදැනීම වැනි)ලක්ෂණ ද මතුවිය හැකිය. එහෙත් රෝගයේ බරපතළ කම කුමක් වුව ද නැවත වරක් ඉන් ආසාදනය වූ විට ඔවුනට දැන් රෝගයෙන් බරපතල ලෙස ආසාදනය නොවී සිටීමට ප්‍රමාණවත් මට්ටමින් ප්‍රතිශක්තියක් ජනනය කරගත හැකිය. මෙම බහුතර පිරිසට එන්නත් කරණය මගින් කිසිදු වාසි සහගත තත්ත්වයක් අත්වන්නේ නැත.

5. එන්නත්වල අවශ්‍යතාව මතුකර දැක්වීමට ඉදිරිපත් කරන ලද එක් තර්කයක් වූයේ “රෝග ලක්ෂණ රහිත පුද්ගලයන්ගෙන් රෝගය ආසාදනය” වීම වැලැක්වීමටද “[14] රෝග ලක්ෂණ රහිතවූවන්ගෙන් රෝගය ව්‍යාප්තවීම” වැළක්වීමට ද එන්නත් මගින් හැකියාව ලැබෙන බවය. කෙසේ වුවද මෙම “රෝග ලක්ෂණ රහිත ව්‍යාප්තිය ” වූ කලී විශ්වාසය තැබිය නොහැකිවූත්, කිසිදු වලංගුතාවක් නොමැති වූත් සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල අතිවිශාල ප්‍රතිශතයක් ලබා ගනු වස් සැලසුම් කරනු ලද්දාවූත් PCR පරීක්ෂණවල ක්‍රියාදාමයේ සහ නිර්වචනයන්ගේත් නිර්මාණයකි [15–18].

සාක්ෂි විසින් පෙන්නුම් කරන්නේ PCR පරීක්ෂණවලින් පොසිටිව් යැයි නම්කරන ලද, රෝගලක්ෂණ රහිත නිරෝගී පුද්ගලයන් රෝග වාහකයන් නොවන බවය. චීනයේ වුහාන් ප්‍ර දේශයේදී පුද්ගලයන් 9,899,828 හෙවත් ආසන්න වශයෙන් දශ ලක්ෂයක් යොදාගනිමින් සිදුකරන ලද පුළුල් අධ්‍යනයකින් පෙන්නුම් කරන ලද්දේ PCR පරීක්ෂණය මගින් COVID-19 සඳහා පොසිටිව් යැයි නම් කරන ලද රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් විසින් කිසිවිටෙකත් තවත් කිසිවෙකු ආසාදනය කර නැති බවය [19]. එයට ප්‍රතිපක්ෂ ලෙස එක්සත් ජනපදයේ බෝවන රෝග පාලන මධ්‍යස්ථානය විසින් ඉහත චීන අධ්‍යයනය උපුටා දක්වන ලද්දේ තමන්ගේ මනහ්කල්පිත ආකෘති මත පදනම් වූ කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මනස්ගාතයක් වන රෝග ලක්ෂණ රහිත පුද්ගලයන්ගෙන් COVID-19 බෝවන බවට වන ප්‍රකාශයන් යුක්ති සහගත කිරීමටය[20,21. ඔවුහු විද්‍යාත්මක සාක්ෂි වෙනුවට ඉදිරිපත් කරන්නේ අනුමානයන් සහ ඇස්තමේන්තු පමණි. රෝග ලක්ෂණ රහිත ආසාදනයක් (එනම් අදෘෂ්‍යමාන ආසාදනයක්) වැළැක්වීමට යැයි පවසමින් සමස්ත ජනගහණයක් එන්නත් කිරීමට යාම තර්කානුකූල සහ යුක්ති සහගත ලෙස සැළකිය හැකි නොවේ.

6. අති විශාල බහුතරයක් ජනතාව ( එනම් ලෝකය පුරා ~99.8%ක් ), සඳහා SARS-CoV-2 බරපතල රෝගයක් නොවේ [22–24]. එය සාමාන්‍ය වශයෙන් මෘදු රෝගලක්ෂණවල සිට මධ්‍යස්ථ බරපතලභාවයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගයකි. එහෙයින් මෙම රෝගයෙන් ජනගහණයෙන් අති විශාල බහුතරයකට අවදානමක් එල්ල නොවේ. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුනට එන්නත් අවශ්‍ය වන්නේ නැත.

7. බරපතල ලෙස ආසාදනයකට මුහුණ දීමට නොහැකි ප්‍රතිශක්තිමය සහ කායික වශයෙන් දුර්වල අයට කොවිඩ්-19 ප්‍රතිකාර කළ හැකි රෝගයකි. සාක්ෂි රැසක් විසින් පෙන්නුම් කරන්නේ ඒ සඳහා දැනට පවත්නා ඖෂධවලින් කල් තබා ප්‍රතිකාර කිරීම මගින් රෝහල්ගත කිරීමේ තත්ත්වයට පත්වීම හෝ මරණයට පත්වීමේ ප්‍රතිශතය පිළිවෙළින් 85%- 75%කින් අඩු කළ හැකි බවයි [25–29].. මෙම ඖෂධ ඉදිමුම් වලට එරෙහි ඖෂධ (antiinflammatory), වෛරස්වලට එරෙහි ඖෂධ (antiviral), සහ ලේ කැටිගැසීම වළක්වන ඖෂධ(anticoagulant medications), මොනෝක්ලෝනල් ප්‍රතිදේහ (monoclonal antibodies), සින්ක්, විටමින් C සහ D. සාර්ථක බවට ඔප්පු වී ඇති මෙවැනි ඖෂධ පැත්තකට විසිකරදැමීමට තෝරාගනු ලැබූ පර්යේෂණ කීපයක් මත සහ නියාමන අගතීන් මත පදනම් වෙමින් ද ආණ්ඩු විසින් කටයුතු කර තිබේ. එපමණක් නොව පවත්නා නීතියට මෙන්ම
ප්‍රමිතිගත වෛද්‍ය භාවිතයටත් (standard medical practic), විධිමත් පර්යේෂණවලට අනුකූලවත් මෙම ඖෂධ භාවිතා කරමින් සිය රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට තැත් කළ වෛද්‍යවරුන්ට සිය වෘත්තීයේ නියැළීම තහනම් කිරීමට පවා
ඖෂධ සමාගම්වල ග්‍රහණයට නතු වූ ආණ්ඩු කටයුතු කර ඇත. තථ්‍ය ලෝකයේ සාක්ෂි මත පදනම්ව කටයුතු කිරීම සඳහා වන නීතියේ මූලික අවශ්‍යතාව කුණුගොඩට විසී කර තිබේ. මෙම සාර්ථක ඖෂධ සංවිධිත සහ ක්‍රමානුගත ලෙස ප්‍රතික්ෂේප කිරීම සිදු කර ඇත්තේ එවිට “වෙනත් පිළිගත හැකි ප්‍රමිතියකින් යුතු ඖෂධ හෝ ප්‍රතිකාර නැතැයි” [31].පවසමින් කොවිඩ්-19 එන්නත් සඳහා හදිසි අවස්ථා භාවිත අනුමැතිය ලබා දීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහාය. මෙම තත්ත්වයන් සැළකිල්ලට ගන්නා කළ සරලව පැවසීමට ඇත්තේ මෙම රෝගය වැළැක්වීමට එන්නත් අවශ්‍ය නොවන බවයි.

2. එන්නත්වල අකාර්යක්ෂමතාව සහ අසාර්ථක බව

1. යාන්ත්‍රීය මට්ටමේදී කොවිඩ්-19 එන්නත් මගින් ප්‍රතිදේහ ප්‍රේරණය කිරීමෙන් කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ලබාගැනීමේ සංකල්පය වෛද්‍ය විද්‍යාත්මක මනස්ගාතයකි. වාතය හරහා (Airborne viruses) ව්‍යාප්තවන SARS-CoV-2 වැනි වෛරස ශරීරයට ඇතුළු වන්නේ ශ්වසන මාර්ගය සහ පෙණහලු හරහාය. එන්නත් මගින් ප්‍රේරණය කරනු ලබන ප්‍රතිදේහ මූලිකව සංසරණය වන්නේ රුධිර ප්‍රවාහය තුළය. කොවිඩ්-19 මූලිකව පැතිරෙන්නේ ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල පටලය ආසාදනය වීමෙන් අනතුරුව රෝගය වැළඳෙන්නේය යන කාරණය සැළකිල්ලට ගත් කළ කොවිඩ්-19 එන්නත‍්වලට ප්‍රතිශක්ති විද්‍යාත්මක වලංගුතාවක් නැත. විවිධ ඖෂධ නියාමක අධිකාරින් වෙත එන්නත් නිෂ්පාදනය කරන සමාගම් විසින් ඉදිරිපත් කරන ලද ලේඛන තුළ ශ්වසන මාර්ගය හෝ පෙණහලු ආසාදන වැළැක්වීමට එන්නත් සමත් වන බවට කිසිදු සාක්ෂියක් නැත. රෝගය ව්‍යාප්ත වීමේ දම්වැල බිඳ හෙළිමට නම් ශ්වසන මාර්ග ආසාදනය වැළැක්වීම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර එම හැකියාව මෙම එන්නත්වලට නැත. එහෙයින් මෙම එන්නත් කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්ති විද්‍යාත්මකව වලංගුතාවක් නැත.
.
2. මධ්‍යම සිට දිගුකාලීන එන්නත් කාර්යක්ෂමතාවට අදාළ තොරතුරු නැත. අදියර 3නේ මධ්‍ය කාලීන කාර්යක්ෂ්මතාව සෙවීමේ මාස 24 පරීක්ෂණ තාමත් සම්පූර්ණ කර නැත. එය 2023 වසර වන තෙක් සම්පූර්ණ නොවනු ඇත. එන්නත්වල කාර්යක්ෂ්මතාව පිළිබඳ මධ්‍ය කාලීන හෝ දිගුකාලීන අන්වායාම දත්ත නොපවතී.

3. මෙම එන්නත්වලට රෝගය වැළැක්වීමට ඇති හැකියාව තහවුරු කරන ලද කෙටිකාලීන දත්ත නොපවතී. යුරෝපීය ඖෂධ ඒජන්සිය(European Medicines Agency-EMA) විසින් කොමිනාර්ති එන්නතට (ෆයිසර් සමාගම විසින් නිපදවන mRNA එන්නත) සම්බන්ධව ඉදිරිපත් කර ඇති දත්ත තුළ “බරපතල කොවිඩ්-19 රෝගීන් පිළිබඳ සිදුවීම් වාර්තා ඉතා විරල වන අතර සංඛ්‍යාත්මකව නිශ්චිත නිගමනයකට ඒ තුළින් පැමිණිය නොහැකිය.” යැයි සඳහන් කර තිබේ [32]. ඒ හා සමාන ලෙස ෆයිසර් සමාගම විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය ( FDA) වෙත බාර දෙන ලද ලියැවිල්ලේ ද [33] ඇති නිගමනය වන්නේ ද රෝගීන් මරණයට පත් වූ අවස්ථා ඇතුළුව බරපතල අවස්ථාවල එන්නතේ කාර්යක්ෂ්මතාව ගැන දත්ත ඉදිරිපත් කළ නොහැකි බවයි. එහෙයින් මෙම එන්නත් විසින් කොවිඩ්-19 මරණ හෝ බරපතල රෝගී තත්ත්වයන් වැළැක්වීමට හැකියාවක් සහිත බව පෙන්වීමට කෙටිකාලීන වශයෙන් හෝ සමත්ව නැත.

4. මෙම එන්නත් විසින් රෝගයේ අවදානම අඩුකිරීමේ සැබෑ ප්‍රතිශතය 1%කි ( Absolute Risk Reduction). එන්නත් නිෂ්පාදක සමාගම් විසින් එන්නත්වල කාර්යක්ෂ්මතාව ගැන ඉදිරිපත් කරන තොරතුරුවල අතිශයෝක්ති සහගත බව ගැන Lancet නම් වෛද්‍ය සඟරාවේ පළ කරන ලද විශ්ලේෂණයක් [8] විසින් සවිස්තරාත්මකව පෙන්වා දෙන්නේ මෙම එන්නත්වල අවදානම් අඩු කිරීමේ සැබෑ ප්‍රතිශතය(Absolute Risk Reduction) 0.83% (ෆයිසර්-කොමිනාර්ති එන්නත) සිට 1.3%( ඇස්ට්‍රා සෙනෙකා එන්නත) දක්වා වන බවයි. මෙම සංඛ්‍යා සහ එන්නත් නිෂ්පාදන සමාගම් විසින් අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරන 67% – 95% අතර අවදානම අඩු කිරීමේ ප්‍රතිශත අතර බරපතල වෙනසක් තිබේ.

සරලව පවසන්නේ නම් ෆයිසර් සමාගමේ දත්ත නිදසුනක් ලෙස ගෙන මෙය සළකා බලමු. අධ්‍යයන ලක් කරන ලද සම්පූර්ණ පුද්ගල සංඛ්‍යාව එනම් සම්පූර්ණ සාම්පලයම ගණනය සඳහා සැළකිල්ලට ගත් කළ (සංඛ්‍යාත්මක වැදගත්කම විසින් ඉල්ලා සිටින පරිදි) එන්නතේ වාර්තාකර ඇති කාර්යක්ෂමතාව 1% කින් 95% ක් වේ. එනම් 0.84%.ක් වේ.

මෙහිදී අවධානයට ගත යුතු වැදගත් කරුණක් නම් 0.84% අවදානම අඩුකිරීමේ ප්‍රතිශතය ගණනයේදී බරපතල රෝගීන් හෝ මරණ සංඛ්‍යාවන් ට අදාළ නැති බවයි. එය විසින් පෙන්නුම් කරන්නේ හුදෙක් පොසිටිව් PCR පරීක්ෂණ ප්‍රතිඵල සංඛ්‍යාව සහ මෘදු රෝග ලක්ෂණවල සිට මධ්‍යස්ථ බරපතල කමක් සහිත රෝග ලක්ෂණ දක්වන ලද රෝගීන්ගේ සංඛ්‍යාවන්ය.

වෙනත් වචනවලින් පවසන්නේ නම් එය සායනිකව කිසිදු වැදගත් කමක් පෙන්වන පර්යේෂණ ප්‍රතිඵලයක් නොවේ.

මෙහි දී ෆයිසර් සමාගම ඉතා කූට වංචනික ක්‍රියාවක් සිදු කර ඇති බව පැහැදිලි වේ.
එනම් අවදානම අඩු කිරීමේ සැබෑ ප්‍රතිශතය 0.84% ඉතා විශාල ඉහළ අගයක් වන 95% දක්වා ඉහළ නැංවීම සඳහා සමස්ත අධ්‍යයනයට සහභාගි වූ සාම්පලයේ පුද්ගල සංඛ්‍යාව 43,448න් 43,278ක් බැහැර කර තිබේ.
මෙය සංඛ්‍යා විද්‍යාත්මකව දුර්වල භාවිතයකි. එම භාවිතය විසින් සායනිකව පමණක් නොව සංඛ්‍යා විද්‍යාත්මකව සළකිල්ලට ගත යුතු සියලු කරුණු ද පසෙක ලා තිබේ. මෙලෙස ඉවත දමා ඇත්තේ අධ්‍යයනයට ලක් කරන ලද කණ්ඩායම් විසින් පරාවර්තනය කරන්නේ සැබෑ වෙනස්කම් ද නැතහොත් අහඹු විචල්‍යයන්ද යන්න ගැන නිගමනය කිරීමට අවශ්‍යවන යමෙකු විසින් අවධානයට ගත යුතු දත්තය.

එවැනි නිගමනයන්ට එළැඹීමට නම් සම්පූර්ණ සාම්පලයම සැළකිල්ලට ගත යුතුව තිබේ. එහෙයින් කොවිඩ්-19 එන්නත් විසින් අහඹු වාසනාවට ඉහළින් සලසන යහපතක් පිළිබඳව කිසිදු සාක්ෂියක් නැති බව නිගමනය කිරීමට සිදුවේ.

කෙටියෙන් පවසන්නේ නම් එන්නත්වල කාර්යක්ෂ්මතාව පිළිබඳ එන්නත් නිෂ්පාදක සමාගම් විසින් ඉදිරිපත් කර ඇති දත්තවල වලංගුතාව සායනික හෝ සංඛ්‍යා විද්‍යාත්මක යන දෙයාකාරයටම අනුව ශුන්‍ය මට්ටමක පවතී.

ශීඝ්‍ර වශයෙන් ඉහළ යන වින්දිතයන්ගේ සංඛ්‍යාව සැළකිල්ලට ගන්නා කළ පෙනී යන්නේ සියලු සදාචාරාත්මක ප්‍රමිතීන් දැන් අත්හිටුවා ඇති බවත් මනුෂ්‍ය ජීවිතයට තවදුරටත් වටිනාකමක් නොමැති බවත්ය. අවසානයේදී කෙසේ හෝ ප්‍රකෘති සිහිය සහ තාර්කික බුද්ධිය එය විසින්ම නැගී සිටීමට සමත්වනු ඇති අතර ගණන් හිලව් පියවීමට සිදුවන දිනය පැමිණෙනු ඇත. ඔබ එම දිනයට සුදානම් බවට තහවුරු කරගැනීම සුදුසුවනු ඇත. ඔබ වෛද්‍යවරයෙකු, හෙදියක, ඖෂධවේදීයෙකු, අධ්‍යාපන වෘත්තිකයෙකු, ආයතන හිමිකරුවෙකු හෝ වෙනත් සම්බන්ධිත අධිකාරි බලයක් හොබවන අයෙකු විය හැකිය. ඔබගේ හෘදය සාක්ෂියට සවන් දෙන්න. මෙම සාමුහික උන්මාදයට හවුල් නොවන්න.

5. එන්නත් සහ ඒවා මගින් කොවිඩ්-19 ට එරෙහිව ලැබෙන ආරක්ෂාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධය කිසිවෙකු නොදනී. කොවිඩ්-19 ට එරෙහිව ලැබෙන ආරක්ෂාව මැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීමට පර්යේෂකයන් විසින් මේ දක්වා අසමත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එන්නත් වල කාර්යක්ෂමතාව පිළිබඳ කෙරෙන අධ්‍යයනයන් අඳුරේ අසිපත් වැනීමක් බවට පත්ව තිබේ. එන්නත් පිළිබඳව කෙරෙන අවධි 1 සහ අවධි 2 අධ්‍යයනයන් සම්පූර්ණ කිරීමෙන් පසු උදාහරණයක් ලෙස Vaccine නම් ජර්නලය විසින් සඳහන් කර ඇති අන්දමට “ආරක්ෂාව පිළිබඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාව වටහා ගැනීමකින් තොරව, කොවිඩ්-19 නැවත ආසාදනය වීමේ අවදානම, සාමූහික ප්‍රතිශක්තිය, මානව ජනගහණය වෙතින් SARS-CoV-2 වෛරසය පිටු දැකීමට ඇති හැකියාව ආදියට අදාළව එන්නත් මගින් ලැබෙන ආරක්ෂාව පිළිබඳ වර්තමානයේදී මතුවන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට නොහැකිය. ” [34]. එහෙයින් එන්නත්වල කාර්යක්ෂ්මතාව ඇගයීමට නොහැකිය. මක් නිසාද යත් එය මනින්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රමයක් තවමත් ස්ථාපිත කර නැතිහෙයිනි.

3. මෙම එන්නත් අනතුරුදායකය.

1. දුම්පානය පෙණහලු පිළිකා සැදීමට හේතු විය හැකි බව ද සහ එසේ වී ඇති බව ද ඒ පිළිබඳව සාමාන්‍ය දැනුමට අනුව පිළිගත් සිද්ධාන්තයක් වනවා මෙන්ම ජාන තාක්ෂණය මත පදනම් වූ සියලු එන්නත් විසින් රුධිරයේ කැටිති ඇති කිරීම, රුධිරවහනයේ අක්‍රමිකතා [35] ආදි ආබාධ අපේක්ෂා කළ යුතු ඒවා බව මොලිකියුල යාන්ත්‍රණ ක්‍රියාකාරිත්වය මත පදනම්ව ඇති වැටහීමක් වන්නේය. මෙම වැටහීමත් සමග ඉහත ලේ කැටිගැසීම් සහ රුධිර වහනයේ අක්‍රමිකතා වැනි රෝගී තත්ත්වයන් පිළිබඳව ලෝකය පුරා සියලු වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් සමග කළ නිරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් තාවකාලිකව අත්හිටුවීම ලෝකය පුරා සිදු විය. මෙම එන්නත් අනාරක්ෂිතය. අනතුරු දායකය.

2. මෙම එන්නත් වලින් සිදුවන රුධිර අක්‍රමිකතතාවන් “ඉතා විරල” බවට කෙරෙන ප්‍රකාශ නිතර අසන්නට ලැබේ. එමෙන්ම මෙම එන්නත්වල බොහෝ සෙයින් නිරීක්ෂණය කළ හැකි අතුරු ආබාධ වන හිස රදය, ඔක්කාරයට ඒම සහ හිස කැරකිල්ල, වමනය, සමේ කලු හෝ දම්පැහැ පළු මතු වීම ආදිය එන්නත් ගැනීමේ දී මතුවන සාමාන්‍ය අවදානම් රහිත අතුරු ආබාධ ලෙසින් සාමාන්‍යකරණයකට ලක් කිරීමක් ද දක්නට ලැබේ. එහෙත් මෙම සාමාන්‍ය අතුරු ආබාධ බොහෝ විට ත්‍රොම්බෝසිස් හෙවත් ලේ කැටිති ඇතිවීම සහ වෙනත් බරපතල අක්‍රමිකතාවන්ගේ මතුපිට ලක්ෂණ වේ. එමෙන්ම එන්නත් විසින් ප්‍රේරණය කරන ලද ව්‍යාප්තික ක්ෂුද්‍ර ලේ කැටිති (vaccine-induced diffuse micro-thromboses) පෙණහලු තුළ ඇතිවීම හේතුවෙන් නිව්මෝනියාව ඇති කළ හැකි අතර එය රෝග නිර්ණයේදී කොවිඩ්-19 ලෙසට වැරදි ලෙස නිගමනය කිරීමට ද ඉඩ තිබේ. දැනට මාධ්‍යවල දක්නට ලැබෙන ලේ කැටිති ඇතිවීම් පිළිබඳ සිදුවීම් හුදෙක් දැවැන්ත අයිස් පරයක මුදුන පමණකි [36]: මෙම එන්නත් අනාරක්ෂිතය. අනතුරු දායකය.

3. ප්‍රතිශක්ති මතකය හේතුවෙන් ලේ කැටිති, රුධිරවහනය සහ අනෙකුත් බරපතල අතුරු ආබාධ ඇතිවීමේ අවදානම, එන්නත් ගනු ලබන සෑම වාරයක්ම පාසා මෙන්ම කොරෝනා වෛරසයට නිරාවරණය වන සෑම වාරයක්ම පාසා ඉහළ යාහැකිය. කාලය ගතවීමත් සමගම ඇතැම් විට මාස ගණනකින් හෝ වසර ගණනකින් [37], මේ තත්ත්වය එනම් එන්නත් වලින් සහ කොරෝනා වෛරස්වලින් එල්ලවන අවදානම දැනට කොවිඩ්-19 ට එන්නත් නොමැතිව වුවද සාර්ථකව මුහුණ දිය හැකි එයින් කිසිදු අවදානමක් නැති නිරෝගී තරුණ සහ ළමා පිරිස් වෙත ද පැතිරිය හැකිය. එන්නත් ලබාදීම පැතිරීමත් සමගම ඉහල එන්නත්කරණ අනුපාතයන් පැවැති ප්‍රදේශ විශාල සංඛ්‍යාවක කොවිඩ්-19 වලින් සිදුවන මරණ අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන්ගත්තේය [38–40]. එමෙන්ම කොවිඩ්-19 වලින් සිදුවන මරණ වැලක් වැඩිහිටි නිවාස රැසකින් වාර්තා වූයේ ඒ තැන්වල සිදුවූ වේගවත් එන්නත්කරණ ව්‍යාපාරයෙන් පසුවය [41,42].

මෙම සිදුවීම්වල ඉහළ යාම සිදුවූයේ හුදෙක් ප්‍රතිදේහ ප්‍රේරිත බහුලීකරණය (antibody-dependent enhancement) නිසාම නොවිය හැකි වන අතර එන්නත් විසින් සිදුකරන වෙනත් ආසාදන සඳහා වන ප්‍රතිශක්තිය වැළැක්වීමේ ප්‍රතිඵලයක් ( General Immunosuppressive Effect ) ලෙස ද එය සිදු විය හැකිය. නිදසුනක් ලෙස එන්නත් ගනු ලැබූ සමහර රෝගීන් තුළ හර්පීස් සොස්ටර් රෝගය (Herpes zoster) මතුවීම දැකිය හැකිය.[43]. ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට වෙනස් ආසාදනයන් යටපත් කිරීමට ඇති හැකියාව ඇතැම් විට එන්නත් විසින් වැළැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස කලින් රෝග ලක්ෂණ නොදක්වන ලද හර්පීස් සොස්ටර් රෝගයේ සායනික ලක්ෂණ යළි මතුවන්නට ඇත. ඉහත වාර්තා ගත මරණයන්ට හේතු වූ සැබෑ යාන්ත්‍රණය කුමක් වුව ද එන්නත් විසින් කොවිඩ්-19 මාරාන්තිකභාවය වැඩි කරනු ඇති මිසෙක අඩු කරනු නැති බව අප විසින් පිළිගත යුතුය. මෙම එන්නත් අනාරක්ෂිතය, අනතුරුදායකය.

5. මෙම එන්නත් ඒවා පිළිබඳ අර්ථකතනය අනුව පර්යේෂණාත්මක එන්නත් වේ. ඒවායේ අදියර 3 පරීක්ෂණ අවසන්වීමට නියමිතව ඇත්තේ 2023 වසරේදීය. මෙම අදියරේදී සෘජුවම මනුෂ්‍ය වර්ගයා මත ඖෂධය අත්හදා බැලීම සිදු කරනු ලබයි. එම පරීක්ෂණයන්ට මනුෂ්‍යයන් සහභාගිකරවා ගත යුත්තේ ඔවුන්ගේ සම්පුර්ණ කැමැත්ත සහිත පූර්ණ ස්වේච්ඡා පදනමිනි. ඔවුන් ගේ කැමැත්ත එම පරීක්ෂණය සඳහා විමසීමට පෙර අදාළ එන්නත (හෝ වෙනත් ඕනෑම ඖෂධයක්) සම්බන්ධ සියලු තොරතුරු එනම් එම එන්නතේ අඩංගු සංඝටක, ඒවා බලපාන්නේ කුමන ශරීර ඉන්ද්‍රියයන් මත ද,එයින් අපේක්ෂා කරන ප්‍රතිඵලය කුමක්ද, එයින් මතුවිය හැකි දිගුකාලීන හා කෙටිකාලීන අතුරු ආබාධ මොනවාද මෙම පරීක්ෂණයට සහභාගිවීමේ දී තමන්ට හිමිවිය යුතු නීතිමය ආරක්ෂාව සහ වරප්‍රසාද මොනවාද ඒවායේ සීමවාන් කවරේද යනාදිය පිළිබඳ සම්පූර්ණ විස්තර පරීක්ෂණයට ලක්වන්නා වෙත එනම් ඖෂධය හෝ එන්නත ලබාගන්නා පුද්ගලයා වෙත ලබා දීම පරීක්ෂණය මෙහෙයවන්නා එනම් අදාළ වෛද්‍යවරයා, අදාළ ආයතනය, රජය හෝ ඖෂධ සමාගම්වල සම්පූර්ණ වගකීමකි. එම තොරතුරු ලබා දීම පමණක් නොව එම තොරතුරු අදාළ පුද්ගලයා විසින් සම්පූර්ණයෙන්ම තේරුම්ගත් බවටද අදාළ ආයතන සෑහීමකට පත් විය යුතුය.

මෙම කොන්දේසින් සම්පූර්ණ කිරීමෙන් පසුව දෙන කැමැත්ත පමණක් නීතිමය වශයෙන් වලංගුභාවයක් සහිත එනම් ස්වේච්ඡා සහගත දැනුවත් කැමැත්ත (free informed consent )ලෙස සැළකේ. ඖෂධයක් අත්හදාබැලීමේ දී අත්හදා බැලීමට ලක්වන්නාට එනම් රෝගීයාට මෙම අයිතීන් හිමිවන්නේ නියුරම්බර්ග් ප්‍රඥප්තිය, යුරෝපයේ ව්‍යවස්ථාදායක කවුන්සිලයේ පාර්ලිමේන්තු සම්මේලනය 2361 යටතේ [44] මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ (ඖෂධ පිළිබඳ) හදිසි අවස්ථා භාවිත අනුමැතිය සඳහා වන වගන්තිද [31]. යටතේය.එ මෙන්ම තවත් ජාත්‍යන්තර නීති ගණනාවක් යටතේද එම අයිතීන් හිමි වේ.

අදියර 1 සහ අදියර 2 පරීක්ෂණවලින් ලද එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ දත්තවලට අනුව එහිදී ආරම්භක නියැදි (පරීක්ෂණය සඳහා එන්නත් දෙනු ලැබූ පුද්ගල සංඛ්‍යාව) විශාල වුවද Vaccine නම් ජර්නලය විසින් වාර්තා කරන්නේ ” වැඩිදුර සංවර්ධනය සඳහා තෝරා ගන්නා ලද එන්නත්කරණ උපායමාර්ගයට අනුව එන්නත ලබා දී ඇත්තේ 12 ක් වැනි අඩු සංඛ්‍යාවකට පමණක් විය හැකිය.”[34]. එවැනි ඉතා කුඩා සංඛ්‍යාවක් යොදාගැනීම ගැන ජර්නලය වැඩිදුරටත් මෙසේ පවසයි .”පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් යොදාගෙන සිදු කරන අදියර 3 පරීක්ෂණ වලදී එන්නත්වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට දිගු කාලයක් අත්‍යාවශ්‍ය වේ..මෙහිදී සමස්ත මානව ජනගහණයම පරීක්ෂණයට සහභාගිවන්නන් ලෙස යොදාගෙන මෙය සිදු කරමින් පවතින අතර අතර එහි අවදානම් සහගත භාවයන් පිළිබඳ ඇගයීම් සිදුකිරීම 2023 දක්වා සිදුවනු ඇත.

මෙහි දී දැනට හඳුනාගෙන ඇති අවදානම් සහගත තත්ත්වයන් අතර ලේ කැටිති ඇති වීම සහ රුධිර වහන අක්‍රමිකතා, අනෙකුත් ස්වයං ප්‍රතිශක්තිකරණ අක්‍රමිකතා, අසාත්මිකතාවන්, වැක්සීනයේ අඩංගු ලිපිඩ නැනෝ අංශු [37] ශරීරයේ කවර ඉන්ද්‍රියයන් හෝ පටක තුළ තැන්පත්වන්නේද යන්න, ප්‍රතිදේහ ප්‍රේරිත බහුලීකරණය ආදිය ප්‍රධාන වේ. එමෙන්ම ඉතා ප්‍රශ්නකාරී ලෙසින් කඩිමුඩියේ ක්‍රියාවේ යොදමින් පවතින්නාවූත්, ඉතාම පහත් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යන්නාවූත්, වාර්තාවී ඇති පරිදි නොගැළපෙන නිෂ්පාදන විධික්‍රම භාවිතයට යොදාගෙන ඇත්තාවූත් නිෂ්පාදන ක්‍රියාදාමයේ බලපෑමද, පාලනය නොකරන ලද DNA සුන්බුන් වැනි හානිදායක විය හැකි අපවිත්‍ර ද්‍රව්‍ය වල බලපෑමද ඇගයීමකට ලක්කළ යුතුව තිබේ.
මෙම එන්නත් අනාරක්ෂිත වන්නේ ඒවා ලබාගන්නන් සඳහා පමණක් නොවේ ඒවා සමග කටයුතු කරන සහ ඒවාට අනුමැතිය ලබාදෙන පුද්ගලයන්ටද ඒවා අනාරක්ෂිතය.

ඉහත දී අප විසින් උපුටා දක්වන ලද ලේ කැටිති ඇතිවීම් සහ ඒ සම්බන්ධ මරණ පිළිබඳව ආරම්භක වාර්තා ගැන වූ වෛද්‍ය සුචරිත් බාක්දිගේ අනතුරු ඇඟවීම් වූකලී “අයිස් පරයේ මුදුනත පමණි.” මෙම අයිස් පරය දැන් කෙමෙන් මතුවන්නට පටන්ගනිමින් තිබේ. “ඇමෙරිකාවේ පෙරමුණු වෛද්‍යවරු (America’s Frontline Doctors) ” නම් සංවිධානය විසින් නිවේදනය කර ඇත්තේ 2021 ජූලි මාසය වනවිට එන්නත් හා සම්බන්ධ මරණ 55000ක් එක්සත් ජනපදය තුළ පමණක් සිදුව ඇති බවයි. ලාබ නොලබන ස්වාධීන සංවිධානයක් වන මෙම සංවිධානය තමන් සතුව ඇති වින්දිතයන් සම්බන්ධව ඇති විවිධ දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව මෙම නිවේදනය නිකුත් කර ඇත. ඔවුහු විසින් මෙම එන්නත් සඳහා ලබා දී ඇති හදිසි අවස්ථා අනුමැතිය වහාම අත්හිටුවන ලෙස තහනම් නියෝගයක් ඉල්ලා නඩු පවරා ඇත [51].

5. ආරම්භක අත්දැකීම් විසින් පෙන්වා දෙන්නේ mRNA තාක්ෂණය යොදාගනිමින් නිපදවන ලද (ෆයිසර් හෝ මොඩර්නා ) එන්නත්වලට වඩා ඇඩෙනෝ වෛරස් යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද එන්නත් (එනම් ඇස්ට්‍රාසෙනකා සහ ජොන්සන් සහ ජොන්සන්) ඉතා උග්‍ර අතුරු ආබාධ ඇතිකරන ලද බවය. කෙසේවුව ද කලින් සඳහන් කළ ඇස්ට්‍රා සෙනෙකා සහ ජොන්සන් සහ ජොන්සන් වැනි mRNA නොවන එන්නත් දිගටම එන්නත්කරණය මගින් ඉක්මණින්ම එම එන්නත්වල ඇඩෙනො වෛරස් වාහකයේ ප්‍රෝටීනවලට එරෙහිව ප්‍රතිදේහ උත්ප්‍රේරණය කරනු ඇත. එන්නතේ වෛරස් අංශු විසින් කිසිදු සෛලයක් ආසාදනය කරනු ලැබීමට පෙර මෙම ප්‍රතිදේහ විසින් ඊළඟට ඒවා නිශ්ක්‍රීය කර විසංයෝජනය දමනු ඇත. එමගින් පටකවලට සිදුවන හානියේ තීව්රතාව සීමා වනු ඇත.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස mRNA එන්නත් තුළ ප්‍රතිදේහ විසින් හඳුනාගැනීම සඳහා ප්‍රෝටීනමය ප්‍රතිදේහජනක (protein antigen) නොමැත. එහෙයින් පවත්නා ප්‍රතිශක්තිකරණ මට්ටම කුමක් වුවද, එන්නතේ තුළ අඩංගු mRNA එහි ඉලක්කය වන ශරීර සෛල කරා ළඟාවනු ඇත. පසුව ස්පයික් ප්‍රෝටීන සංශ්ලේෂණය කරන මෙම සෛලවලට එරෙහි ප්‍රතිදේහ පද්ධතිය දියත් කරන දැඩි සංහාරයකට මුහුණ දීමට සිදුවනු ඇත. mRNA එන්නත්වලදී උග්‍ර අතුරු ආබාධ ඇතිවීමේ අවදානම එන්නත් කරන සෑම වාරයක් පාසාම ඉහළ යනු ඇත. දිගුකාලීනව ගත්කළ mRNA එන්නත් එහෙයින් ඇස්ට්‍රා සෙනකා වැනි Vector එන්නත්වලට වඩා බෙහෙවින් අනතුරුදායකය. mRNA එන්නත් උදෙසා ඔවුන් දක්වතැයි පෙනී යන කැමැත්ත මෙහිදී දැඩි ලෙස සැළකිල්ලට ගත යුතුය. මෙම එන්නත් අනාරක්ෂිතය.

4. සැළකිල්ලට ගත යුතු නීතිමය සහ සදාචාරමය කරුණු

ස්වාභාවික ප්‍රතිශක්තිය මත රඳාපැවැත්ම හෝ පූර්ව ප්‍රතිකාරක ක්‍රම වැනි විකල්ප උපායමාර්ගයන් යක්ෂාවරූපනය කරමින් එකම විසඳුම ලෙස එන්නත් නිර්දේශ කරන සහ ප්‍රවර්ධනය කරන විද්‍යාත්මක ලේඛන හෝ සංවිධානවල එම භාවිතාවන් හා බැඳුණු සෘජු හෝ වක්‍ර ප්‍රතිලාභ ලැබීමේ සැඟවුණු අරමුණු හෙවත් අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් (conflicts of interest )මොනවාදැයි බරපතල ලෙස අවධානයට ගත යුතුය. තමන්ට විස්තර සහ තොරතුරු සපයන ප්‍රභවයන් හා බැඳී ඇති අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සහ ඔවුන්ගේ සැබෑ අරමුණු ගැන තදින්ම සහ සමීපව සොයා බැලීම මගින් බලධාරින්, වෛද්‍යවරුන්, සහ වෛද්‍ය වෘත්තිකයන් විසින් තමන්වම ආරක්ෂා කරගත යුතුය.

2. මෙම එන්නත්කරණ ව්‍යාපාරය නොනැවත්වුවහොත් අතිවිශාල පරිමාණයෙන් සිදුවීමට ඉඩ ඇති මරණ සහ හානි සැළකිල්ලට ගෙන එන්නත්වල සුරක්ෂිතතාව, අවශ්‍යතාව සහ කාර්යක්ෂ්මතාව පිළිබඳ ඉදිරිපත් කෙරී ඇති විශ්වාසය තැබිය හැකි ස්වාධීන විද්‍යාත්මක ලේඛණ නොසළකා හැරීමෙන් වැළකීමට බලධාරින්, වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන් ඉතා පරිස්සම් සහගත විය යුතුය

3. මෙම එන්නත් නිෂ්පාදනය කරන සියලු සමාගම් එන්නත් මගින් සිදුවන හානිවලට එරෙහිව හානියට ලක්වන පුද්ගලයන්ට අධිකරණයට යා නොහැකි ලෙස තමන්ට නීතිමය මුක්තියක් ලබාගෙන ඇත්තේ පැහැදිලි හේතුවක් ඇතුවය. එහෙයින් එන්නත් මගින් සිදුවන මරණ සහ හානි සිදුවීමට පටන්ගත් විට එහි වගකීම පැවරෙනු ඇත්තේ ඒවා අනුමත කළ, ඒවා බෙදාහැරීම හෝ එන්නත්කරණය සිදු කළ පුද්ගලයන් හෝ විවිධ සෘජු හෝ වක්‍ර ක්‍රම මගින් එන්නත් ගැනීම සඳහා පුද්ගලයන් හට බලපෑම් (උදාහරණ- ග්‍රීන් පාස්පෝට්, රැකියාවේ කොන්දේසියක් ලෙස, ආහාර මිලදී ගැනීමට ඉඩ දීමේ පූර්ව කොන්දේසියක් ලෙස වැනි මධ්‍යකාලීන යුගයේ උපක්‍රම වලට සමාන අශිෂ්ට උපක්‍රම) කළ පුද්ගලයන් වෙතය. මෙම කිසිවක් පැහැදිලි සාක්ෂි මත පදනම් වූ හානි සහ වාසි පිළිබඳ විශ්ලේෂණයක් මගින් සාධාරණීකරණය කළ නොහැකි ඒවා වෙයි.

4. කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයට සම්බන්ධ සියලු දේශපාලනඥයන්, ඖෂධ පාලක බලධාරින් සහ වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සියල්ලන් හට තමන්ගේම ආරක්ෂාව සලසා ගැනීම පිණිස නියුරන්බර්ග් ප්‍රඥප්තිය සහ අනෙකුත් අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව අධ්‍යයනය කර තිබීම වැදගත්වනු ඇත.

6. පරිශිෂ්ටය (ජූලි 2021): ඉහළ යමින් ඇති මරණ සංඛ්‍යාව

ඉහත දී අප විසින් උපුටා දක්වන ලද ලේ කැටිති ඇතිවීම් සහ ඒ සම්බන්ධ මරණ පිළිබඳව ආරම්භක වාර්තා ගැන වූ වෛද්‍ය සුචරිත් බාක්දිගේ අනතුරු ඇඟවීම් වූකලී “අයිස් පරයේ මුදුනත පමණි.” මෙම අයිස් පරය දැන් කෙමෙන් මතුවන්නට පටන්ගනිමින් තිබේ. “ඇමෙරිකාවේ පෙරමුණු වෛද්‍යවරු (America’s Frontline Doctors) ” නම් සංවිධානය විසින් නිවේදනය කර ඇත්තේ 2021 ජූලි මාසය වනවිට එන්නත් හා සම්බන්ධ මරණ 55000ක් එක්සත් ජනපදය තුළ පමණක් සිදුව ඇති බවයි. ලාබ නොලබන ස්වාධීන සංවිධානයක් වන මෙම සංවිධානය තමන් සතුව ඇති වින්දිතයන් සම්බන්ධව ඇති විවිධ දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව මෙම නිවේදනය නිකුත් කර ඇත. ඔවුහු විසින් මෙම එන්නත් සඳහා ලබා දී ඇති හදිසි අවස්ථා අනුමැතිය වහාම අත්හිටුවන ලෙස තහනම් නියෝගයක් ඉල්ලා නඩු පවරා ඇත [51].

ශීඝ්‍ර වශයෙන් ඉහළ යන වින්දිතයන්ගේ සංඛ්‍යාව සැළකිල්ලට ගන්නා කළ පෙනී යන්නේ සියලු සදාචාරාත්මක ප්‍රමිතීන් දැන් අත්හිටුවා ඇති බවත් මනුෂ්‍ය ජීවිතයට තවදුරටත් වටිනාකමක් නොමැති බවත්ය. අවසානයේදී කෙසේ හෝ ප්‍රකෘති සිහිය සහ තාර්කික බුද්ධිය එය විසින්ම නැගී සිටීමට සමත්වනු ඇති අතර ගණන් හිලව් පියවීමට සිදුවන දිනය පැමිණෙනු ඇත. ඔබ එම දිනයට සුදානම් බවට තහවුරු කරගැනීම සුදුසුවනු ඇත. ඔබ වෛද්‍යවරයෙකු, හෙදියක, ඖෂධවේදීයෙකු, අධ්‍යාපන වෘත්තිකයෙකු, ආයතන හිමිකරුවෙකු හෝ වෙනත් සම්බන්ධිත අධිකාරි බලයක් හොබවන අයෙකු විය හැකිය. ඔබගේ හෘදය සාක්ෂියට සවන් දෙන්න. මෙම සාමුහික උන්මාදයට හවුල් නොවන්න.

 

References

1. Le Bert, N. et al. (2020) SARS-CoV-2-specific T cell immunity in cases of COVID-19 and SARS,
and uninfected controls. Nature 584:457-462
2. Tarke, A. et al. (2021) Impact of SARS-CoV-2 variants on the total CD4+ and CD8+ T cell reactivity
in infected or vaccinated individuals. Cell reports. Medicine 2:100355
3. Grifoni, A. et al. (2020) Targets of T Cell Responses to SARS-CoV-2 Coronavirus in Humans with
COVID-19 Disease and Unexposed Individuals. Cell 181:1489-1501.e15
4. Mateus, J. et al. (2020) Selective and cross-reactive SARS-CoV-2 T cell epitopes in unexposed
humans. Science 370:89-94
5. McCurry-Schmidt, M. (2020) Exposure to common cold coronaviruses can teach the immune system
to recognize SARS-CoV-2.
6. Palmer, S. et al. (2021) COVID-19 hospitalization rates rise exponentially with age, inversely
proportional to thymic T-cell production. J. R. Soc. Interface 18:20200982
7. Sekine, T. et al. (2020) Robust T Cell Immunity in Convalescent Individuals with Asymptomatic or
Mild COVID-19. Cell 183:158-168.e14
8. Olliaro, P. et al. (2021) COVID-19 vaccine efficacy and effectiveness-the elephant (not) in the room.
Lancet Microbe 2:e279-e280
9. Ogata, A.F. et al. (2021) Circulating SARS-CoV-2 Vaccine Antigen Detected in the Plasma of
mRNA-1273 Vaccine Recipients. Clin. Infect. Dis. –
10. Amanat, F. et al. (2021) SARS-CoV-2 mRNA vaccination induces functionally diverse antibodies to
NTD, RBD and S2. Cell –
11. Wisnewski, A.V. et al. (2021) Human IgG and IgA responses to COVID-19 mRNA vaccines. PLoS
One 16:e0249499
12. Nielsen, S.S. et al. (2021) SARS-CoV-2 elicits robust adaptive immune responses regardless of
disease severity. EBioMedicine 68:103410
13. Yeadon, M. (2020) What SAGE got wrong.
14. Drake, J. (2021) Now We Know: Covid-19 Vaccines Prevent Asymptomatic Infection, Too.
15. Bossuyt, P.M. (2020) Testing COVID-19 tests faces methodological challenges. Journal of clinical
epidemiology 126:172-176
16. Jefferson, T. et al. (2020) Viral cultures for COVID-19 infectivity assessment. Systematic review.
Clin. Infect. Dis. ciaa1764
17. Borger, P. et al. (2020) External peer review of the RTPCR test to detect SARS-CoV-2 reveals 10
major scientific flaws at the molecular and methodological level: consequences for false positive
results.
18. Mandavilli, A. (2020) Your Coronavirus Test Is Positive. Maybe It Shouldn’t Be.
19. Cao, S. et al. (2020) Post-lockdown SARS-CoV-2 nucleic acid screening in nearly ten million
residents of Wuhan, China. Nat. Commun. 11:5917
20. Moghadas, S.M. et al. (2020) The implications of silent transmission for the control of COVID-19
outbreaks. Proc. Natl. Acad. Sci. U. S. A. 117:17513-17515
21. Johansson, M.A. et al. (2021) SARS-CoV-2 Transmission From People Without COVID-19
Symptoms. JAMA network open 4:e2035057
22. Ioannidis, J.P.A. (2020) Global perspective of COVID‐19 epidemiology for a full‐cycle pandemic.
Eur. J. Clin. Invest. 50
23. Ioannidis, J.P.A. (2021) Reconciling estimates of global spread and infection fatality rates of COVID‐
19: An overview of systematic evaluations. Eur. J. Clin. Invest. 5:e133554
24. Ioannidis, J.P.A. (2020) Infection fatality rate of COVID-19 inferred from seroprevalence data. Bull.
World Health Organ. -:BLT.20.265892
25. Orient, J. et al. (2020) A Guide to Home-Based COVID Treatment.
26. McCullough, P.A. et al. (2020) Multifaceted highly targeted sequential multidrug treatment of early
ambulatory high-risk SARS-CoV-2 infection (COVID-19). Reviews in cardiovascular medicine
21:517-530
27. Procter, B.C. et al. (2021) Early Ambulatory Multidrug Therapy Reduces Hospitalization and Death
in High-Risk Patients with SARS-CoV-2 (COVID-19). International journal of innovative research
in medical science 6:219-221
28. McCullough, P.A. et al. (2021) Pathophysiological Basis and Rationale for Early Outpatient
Treatment of SARS-CoV-2 (COVID-19) Infection. Am. J. Med. 134:16-22
29. Anonymous, (2020) Real-time database and meta analysis of 588 COVID-19 studies.
30. Hirschhorn, J.S. (2021) COVID scandal: Feds ignored 2016 law requiring use of real world evidence.
31. Anonymous, (1998) Emergency Use of an Investigational Drug or Biologic: Guidance for
Institutional Review Boards and Clinical Investigators.
32. Anonymous, (2021) Assessment report/Comirnaty.
33. Anonymous, (2020) FDA briefing document: Pfizer-BioNTech COVID-19 Vaccine.
34. Giurgea, L.T. and Memoli, M.J. (2020) Navigating the Quagmire: Comparison and Interpretation of
COVID-19 Vaccine Phase 1/2 Clinical Trials. Vaccines 8:746
35. Bhakdi, S. et al. (2021) Urgent Open Letter from Doctors and Scientists to the European Medicines
Agency regarding COVID-19 Vaccine Safety Concerns.
36. Bhakdi, S. (2021) Rebuttal letter to European Medicines Agency from Doctors for Covid Ethics, April
1, 2021.
37. Ulm, J.W. (2020) Rapid response to: Will covid-19 vaccines save lives? Current trials aren’t designed
to tell us.
38. Reimann, N. (2021) Covid Spiking In Over A Dozen States—Most With High Vaccination Rates.
39. Meredith, S. (2021) Chile has one of the world’s best vaccination rates. Covid is surging there
anyway.
40. Bhuyan, A. (2021) Covid-19: India sees new spike in cases despite vaccine rollout. BMJ 372:n854
41. Morrissey, K. (2021) Open letter to Dr. Karina Butler.
42. Anonymous, (2021) Open Letter from the UK Medical Freedom Alliance: Urgent warning re Covid19 vaccine-related deaths in the elderly and Care Homes.
43. Furer, V. et al. (2021) Herpes zoster following BNT162b2 mRNA Covid-19 vaccination in patients
with autoimmune inflammatory rheumatic diseases: a case series. Rheumatology –
44. Anonymous, (2021) Covid-19 vaccines: ethical, legal and practical considerations.
45. Tseng, C. et al. (2012) Immunization with SARS coronavirus vaccines leads to pulmonary
immunopathology on challenge with the SARS virus. PLoS One 7:e35421
46. Bolles, M. et al. (2011) A double-inactivated severe acute respiratory syndrome coronavirus vaccine
provides incomplete protection in mice and induces increased eosinophilic proinflammatory
pulmonary response upon challenge. J. Virol. 85:12201-15
47. Weingartl, H. et al. (2004) Immunization with modified vaccinia virus Ankara-based recombinant
vaccine against severe acute respiratory syndrome is associated with enhanced hepatitis in ferrets. J.
Virol. 78:12672-6
48. Czub, M. et al. (2005) Evaluation of modified vaccinia virus Ankara based recombinant SARS
vaccine in ferrets. Vaccine 23:2273-9
49. Tinari, S. (2021) The EMA covid-19 data leak, and what it tells us about mRNA instability. BMJ
372:n627
50. Anonymous, (2021) Interview with Dr. Vanessa Schmidt-Krüger.
51. Anonymous, (2021) AFLDS files lawsuit seeking immediate injunctive relief revoking the emergency
use of COVID-19 vaccines based on disturbing new mortality data.

සටහන්

ප්‍රතිදේහ ප්‍රේරිත බහුලීකරණය(antibody-dependent enhancement of disease-ADE)
වෛරසය විසින් තමා සමග සම්බන්ධවන ප්‍රතිදේහයේ ග්‍රාහක (Fc receptor) උපයෝගී කොට ගනිමින් සෛලය තුළට පිවිසෙමින් වෛරසය බහුගුණනය සිදු කිරීම

සහ-උත්තේජනය- Co-stimulation
සහ-උත්තේජනය යනු ප්‍රතිදේහජනක ඉදිරිපත් කරන සෛල හමුවේ ප්‍රතිශක්තිමය ප්‍රතිචාරයක් සක්‍රිය කිරීමට ප්‍රතිශක්ති සෛල රඳා පවතින ද්විතීයික සංඥාවයි. T සෛල වෙත අවධානය යොමු කරන්නේ නම් ඒවාට පූර්ණ වශයෙන් ඒවායේ ප්‍රතිශක්තිමය ප්‍රතිචාරය සක්‍රිය කිරීමට උත්තේජන දෙකක් අවශ්‍ය බව පෙනී යයි. ලිම්ෆොසයිට සක්‍රිය වෙමින් පවතින අවස්ථාවේදී , සාර්ථක ප්‍රතිඵලදායි ප්‍රතිශක්තිමය ප්‍රතිචාරයක් සංවර්ධනය වීම සඳහා සහ-උත්තේජන තීරණාත්මක වේ.

හරස්-ප්‍රතික්‍රියාකාරිත්වය Cross-Reactivity
හරස්-ප්‍රතික්‍රියාකාරිත්වය යනු වෙනත් ප්‍රතිදේහජනකයක් වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රතිදේහයක් සමග බන්ධන ගොඩනගා ගැනීමට ප්‍රතිදේහජනකයක් සතු හැකියාව වේ. එනම් උදාහරණයක් ලෙස X නම් ප්‍රතිදේහජනකය වෙනුවෙන් නිර්මාණය වූ Xx ප්‍රතිදේහයක් සමග සම්බන්ධ වීමට නම් Y ප්‍රතිදේහජනකය සතු හැකියාවයි. එය ඇතැම් විට යාන්ත්‍රණ එකක් හෝ දෙකක් තුළින් පැන නැගිය හැකිය.එනම් බහු සංයුජ ප්‍රතිදේහ මත ඇති හවුල් එපිටෝප මගින් හෝ අදාළ එපිටෝපවල සමානත්වයන් යන යාන්ත්‍රණයන් 2 ඊට හේතු විය හැකිය.