හැඳින්වීම
ශ්‍රී ලංකාවේ පසුගිය නොවැම්බරය තුළ සිදු වූ ජලගැලීම් සහ නාය යෑම් හේතුවෙන් සිදු වූ ජීවිතහානි ඇතුළු සමස්ත විනාශය පිළිබඳ විවිධ අර්ථකතනයන්, චෝදනාවන්, සමාවට හේතු ඉදිරිපත් කිරීම් මේ දිනවල සියලු ජනමාධ්‍ය තුළ දැකිය හැකිය. ජලාශවල වාන් දොරටු නිසි අවස්ථාවන්හිදී විවෘත නොකිරීම, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සිදු කරන ලද අනතුරු ඇඟවීම් රජය විසින් නොසලකා හැරීම, ජිවිතාරක්ෂක කටයුතු සහ ආපදා සහන සේවා කටයුතු නිසි පරිදි සිදු නොවීම, නායයාම් සහ ජලගැලීම්වලට ගොදුරුව අතුරුදහන්වූවන් සෙවීමේ කටයුතු මන්දගාමිව සිදුවීම මෙහිදී නැගෙන චෝදනා අතර වෙයි.
ඒ අතරම මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතිවිමට හේතුව පොසිල ඉන්ධන දහනය මගින් සිදුවන කාබන් විමෝචනය හේතුවෙන් පෘථිවිගෝලයේ උෂ්ණත්වය ඉහළයාම නිසා යැයිද විවිධ “විශේෂඥයන්” සහ දේශපාලනඥයන් විසින් විදග්ධ ලෙස කරුණු පැහැදිලි කරමින් සිටිති. ආණ්චුවට අමතරව චම්පික රණවකගේ සිට සමාජවාදි සමානාත්මතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන දක්වා සියලු ධාරාවන් මෙම මතය සමාජගත කරමින් සිටින අතර සමාජ මාධ්‍යජාලා ගිරා පෝතකයෝ ඒවා පුනරුච්ඡාරණය කරති.මෙම ව්‍යසනයන්ට මූලික හේතුව කාබන් විමෝචනය ලෙස හුවා දක්වමින් කාබන් විමෝචන-ශුන්‍ය කිරීමේ ඉලක්කය සාර්ථක කරගැනීමට විවිධ බැඳුම්කර ණය හඳුන්වාදීමට චම්පිකලාට සහ පානිලාට කලින් බ්ලැක්රොක් වැනි සමාගම් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් කරන ලද ණය වලින් විශාල ප්‍රමාණයකට හිමිකම් කියන්නේ බ්ලැක්රොක් සමාගමය දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ලංකාව පූර්ණ වහල්භාවයට පත්කර ඇත.ශ්‍රී ලංකාව ණය උගුලට සිර කරගැනීමට කටයුතු කළ තවත් සමාගමක් වන එක්සත් ජනපදයේ ජේ.පී මෝර්ගන් සමාගමේ කොටස්වලින් 6%කට ප්‍රමාණයක් බ්ලැක්රොක් සමාගම සතුය.
හරිත බැඳුම්කර නම් ආයෝජන මෙවලම ප්‍රවර්ධනය කරන බටහිර මූල්‍ය සමාගම් අතර ප්‍රධාන එකක් වන්නේද බ්ලැක්රොක් සමාගමයි.
බ්ලැක්රොක් සමාගම සිය වෙබ් අඩවියේ හරිත බැඳුම්කර පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.“බ්ලැක්රෝක් සමාගම හරිත බැඳුම්කර වෙළඳපොලේ වර්ධනය සඳහා බැරෑරුම් ලෙස මැදිහත් වී තිබේ.2020 මාර්තු මාසය වනවිට අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපි කැපවුනු ආයෝජන කළඹ මගින් සහ පුළුල් ස්ථාවර ආදායම් බලපත්‍රවල සංරචකයන් ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 16කට වැඩි හරිත බැඳුම්කර පවත්වාගෙන ගොස් තිබේ. බ්ලැක්රොක් සමාගම හරිත බැඳුම්කර විධායක කමිටුවේ ආරම්භක සාමාජිකයෙකි.මෙම වත්කම් ශ්‍රේණියට ආධාර කරනු පිණිස අපි නිතිපතා බැඳුම්කර නිකුත්කරන්නන්, ඇපකරුවන්, පාලක අධිකාරින්, සහ ගනුදෙනුවන් සමග හමුවීම් සිදු කරන්නෙමු.”
මෙම හරිත බැඳුම්කරවල ඇති විශේෂත්වයක් ලෙස බ්ලැක්රොක් සමාගම විසින් හුවාදක්වනු ලබන්නේ එම බැඳුම්කර සඳහා ආයෝජනය කරන්නන්ට ප්රතිලාභ ලබාදීම සිදුවන්නේ යම් යම් විශේෂිත අවස්ථාවන්හිදී පමණක් බවය.ඒ වෙනුවට ලෝකය කාබන් දහනයෙන් තොර ආර්ථිකයක් කරා ගෙන යාම මගින් හිමිවන ප්රතිලාභයන් මෙම හරිත බැඳුම්කර සඳහා ආයෝජනය කරන්නන්ට හිමිවන බව බ්ලැක්රොක් වෙබ් අඩවියේ සදහන්වේ.
“… කාබන් ඉන්ධන දහනය ශුන්‍ය වූ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා හරිත බැඳුම්කර නිකුත් කරන්නන් විසින් යෝජනා කරනු ලබන ව්‍යාපෘතින් වලට ආධාර කිරීමට කැමැති ආයෝජකයන් වෙත ඒ සඳහා සුදුසු මාධ්‍යයක් හරිත බැඳුම්කර විසින් ඉදිරිපත් කරයි. නමුත් ආපසු ගෙවීමේ වෙනත් මානයක් ද එය විසින් නිර්මාණය කරයි. එනම් පරිසරය කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදුකිරීම මගින් ලබා දෙන මූල්‍යමය නොවන ප්රතිලාභයන්ය.එනම් ලෝකය මත සිදුකෙරෙන ධනාත්මක බලපෑමකි.”
බ්ලැක්රොක් වැනි සමාගම් මෙම හරිත බැඳුම්කර හරහා පරිසරය රැකගැනීමේ සටන්පාඨය ඉදිරියට දමමින් සමස්ත මානව වර්ගයා කෝපරේට් ෆැසිස්ට්වාදයට යටත් කිරීම සඳහා පහසුවෙන් තේරුම්ගැනීමට අපහසු සංකීර්ණ ක්‍රීඩාවක නිරත වේ.
කාබන් විමෝචන-දේශගුණ විපර්යාස ආඛ්‍යානය සමාජගත කරන්නවුන් එසේ සිදුකරන්නේ යම් අරමුණු රාශියක් ඉටුකර ගැනීම සඳහාය. ඒවා නම්,
1. මේ වනවිට ලෝකයේ බලගතු රටවල් රැසක් භූ ඉංජිනේරුකරණ මෙහෙයුම් සහ කෘත්‍රිම ලෙස දේශගුණය සහ කාලගුණය විපර්යාසයට ලක්කිරීමේ ව්‍යාපාතීන් රැසක් ලොවපුරා රහසිගතවත් විවෘතවත් සිදු කරමින් සිටිති. වර්තමානයේ අප මුහුණ දෙන ධාරානිපාත වර්ෂාවන්, ජලගැලීම්, නායයාම්, සුළිකුණාටු, සුනාමි ආදි ආන්තික දේශගුණික, කාලගුණික සහ භූ භෞතික සිදුවීම් බොහොමයක් මෙම කෘත්‍රිම ලෙස සිදුකෙරෙන භූ ඉංජිනේරුකරණ ව්‍යාපෘතින් මගින් සිදුවන බවට ඒවාට ගොදුරු වූ ලොව පුරා ජනතාවන්ගේ සහ ඒ විෂය පිළිබඳ සමහර විශේෂඥයන්ගේ මතය වී තිබේ. බලගතු රටවල් සහ සමාගම් මේවා සිදු කරන්නේ භූ දේශපාලනික, මිලිටරිමය සහ ආර්ථික වාසි ලබාගැනීමේ අරමුණෙනි. නමුත් මෙවැනි භූ ඉංජිනේරුකරණ ක්‍රියාවලියක් තමන්ට එරෙහිව සිදු වෙමින් පවතින බව ජනතාවන් අවබෝධ කරගැනීම වළක්වාලීමට ඒවා පිටුපස සිටින බලවේගවලට අවශ්‍යව ඇති අතර මෙම ක්ෂණික සහ ආන්තික විපර්යාසයන් සිදුවන්නේ තමන් විසින් දියත් කර ඇති භූ ඉංජිනේරුකරණ යුද්ධය නිසා නොව කාබන් විමෝචනය හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම නිසා බවට ඔවුහු ප්‍රචාරයන් දියත් කර ඇත්තේ ඒ නිසාය. ඔවුහු ඒ සඳහා විවිධ බුද්ධිමතුන්, විශේෂඥයන්, සහ ජනමාධ්‍ය යොදාගනිමින් පවතී.
2. බ්ලැක්රොක්, ජේ.පී මොර්ගන් චේස්, පැරිස් කණ්ඩායම වැනි ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කරුවන් සමග රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරුන් යටතේ අත්සන් තබා ඇති නිල් සහ හරිත බැඳුම්කර ගිවිසුම් සක්‍රිය කරවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය සහ රටේ දළ ජාතික නිෂ්පාදනය බිඳ හෙළමින් එය ණය උගුලේ දිගින් දිගටම සිරකර තබා ගැනීම
3. දේශගුණික අවදානම් කලාප ලෙස නම් කරමින් අධිරාජ්‍යවාදි ඉඩම් කොල්ලයේ සැලසුම් සහගත ඉලක්ක බවට පත්ව ඇති ප්‍රදේශ එවායේ පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත්වන ජනතාවට තහනම් කලාප ලෙස නම් කරමින් ඒවා සංරක්ෂණයේ මුවාවෙන් ජාත්‍යන්තර බැංකු පද්ධතිය සහ විවිධ සමාගම් විසින් මෙහෙයවන විදේශීය පරිසර සංවිධානවලට බාරදීම
4. ගොවිතැන් විනාශ කරමින් ගොවින් ගොවිතැනින් පලවා හැරිම
5. ජනතාවන් ස්වකීය සම්ප්‍රදායික උරුමය සහිත ගම්බිම්වලින් නෙරපා හැර සියලු අයිතීන් සීමාකරන ලද ඊනියා නව ජනපද තුළ ගාල් කිරීම
6. දේශගුණ විපර්යාස වැලැක්වීමට කාබන් විමෝචනය අවම කිරීම සඳහා එක පුද්ගල කාබන් පරිභෝජනය නම් මැනීම නම් සංකල්පයක් හඳුන්වා දෙමින් නව කාබන් බදු පැනවීම සහ ලාභදායි ඉන්ධන භාවිතය වළක්වමින් රටේ කාර්මික නිෂ්පාදනය සහ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර බිඳ හෙළිම
ශ්‍රී ලංකාව තුළ දැනටමත් මෙම පියවරයන් ආරම්භවී තිබේ. “ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ “ නමින් සිදු කෙරෙන අරමුදල් රැස්කිරීම්, ණය සහ බැඳුම්කර ගනුදෙනු මෙම සැලසුම්ගත විනාශයේ මීළඟ පියවරයන්ය. විදේශීය මූල්‍ය ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන පරිසර සංවිධාන, එක්සත් ජාතින්ගේ 2030 ඇජෙන්ඩාවට අනුබද්ධ ව්‍යාපෘතින්, මැකැන්සි වැනි ජාත්‍යන්තර උපදේශන සමාගම් මෙම කටයුතුවලට මැදිහත් වෙමින් සිටිති.
මේ සියල්ලටම ආවරණයක් ලෙස යොදාගනු ලබන දේශගුණ විපර්යාස සිදුවන්නේ පොසිල ඉන්ධන දහනය නිසා සිදුවන කාබන් විමෝචනය නිසා යනුවෙන් ස්ථාපිත කර ඇති අධිපතිවාදි ආඛ්‍යානයේ විද්‍යාත්මක නිවැරදි භාවය බොහෝ ස්වාධීන විද්‍යාඥයන් 2000කට අධික පිරිසක් විසින් ප්‍රශ්න කර ඇති අතර අප විසින් පරිවර්තනය කර පළ කර ඇත්තේ එවැනි එක් විද්‍යාඥයෙකු විසින් පළකරන ලද ලිපියකි.මෙම ලිපියේ ප්‍රධාන තර්කය වී ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාමක් සිදුනොවන බව ඒ හේතුවෙන් අධික වර්ෂාපතනයන්, ජලගැලීම් හෝ සුළිකුණාටුවල ඉහළයාමක් හෝ තීව්‍රවීමක් සිදු නොවන බවය. එසේනම් පසුගිය දිනවල ලංකාවේ ජනතාවට මුහුණ පෑමට සිදු වූ අසාමාන්‍ය දේශගුණික විපර්යාසයන්ට හේතුව කවරේද? ඊට හේතුව ලෙස ආණ්ඩුවේ බලධාරින් මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන් සහ ඊනියා විශේෂඥයන්ද ඉදිරිපත් කරන කාබන්ඩයොක්සයිඩ් විමෝචන-දේශගුණික විපර්යාස ආඛ්‍යානයෙන් ඔබ්බට ගොස් කරුණු සොයාබැලීමට ශ්‍රී ලාංකිකයන් වෙත දැන් බල කෙරී තිබේ. මෙම ලිපිය පරිවර්තනය කර පළකරන්නේ එම අවශ්‍යතාව වෙනුවෙනි.
වසර දශක තුනකට වඩා කාලයක් තිස්සේ “විද්‍යාත්මක නිගමනය අවසාන වශයෙන් ස්ථාපිත කර තිබේ.” යන වාක්‍ය ඛණ්ඩය ගෝලීය දේශගුණික විවාදය තුළ කඩුව සහ පලිහ යන දෙයාකාරයටම යොදාගනිමින් තිබේ. ඒ මගින් ප්‍රතිපත්ති සම්පාදකයන් දෙස සැකමුසුව බැලීම වළක්වන අතරම සංකීර්ණ දත්ත ආචාර ධාර්මික නියෝගයක් බවට පත්කරමින් මෙම අධිකාරි ආඛ්‍යානයට එරෙහි විසම්මුති මත දරන්නන් නිහඬ කරනු ලබයි. එසේ වුවද දේශගුණික බලාධිකාරයට තුළ කටයුතු කරන විද්‍යාඥයන්ද ඇතුළුව බොහෝ විද්‍යාඥයෝ ” දේශගුණික විපර්යාසයට හේතුව ” යන ප්රකාශනය බෙහෙවින් බිඳෙන සුළු දුර්වල පදනමක පිහිටා ඇති බව දනිති.
එක්සත් රාජධානියේ බලශක්ති සහ දේශගුණික විපර්යාස දෙපාර්තුමේන්තුවේ කලක් සේවය කළ විද්‍යාඥයෙකු වශයෙන්ද පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ පාරිසරික සංවිධානයේ තාක්ෂණික විශේෂඥයෙකු වශයෙන්ද සේවය කරන විට මට ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබුණේ දේශගුණික විද්‍යාව හසුරුවන අවිනිශ්චිත ආකාරය සහ එය ගවේෂණය කළ යුතු අභියෝගයක් ලෙස නොව පාලනය කළයුතු තර්ජනයක් ලෙස සළකන ආකාරයත්ය. විද්‍යාඥයන්ගේ සම්පූර්ණ වෘත්තීය අනාගතයම රඳා පවතින්නේ ඔවුන්ට තම පර්යේෂණ පටන් ගැනීමටත් පෙර විවිධ බලගතු ආයතන විසින් ආධානග්රාහි ලෙස ස්ථාපිත කරන ලද නිගමනයන්ට යටත්වන්නේද නැද්ද යන කරුණ මතය.
මෙහි තේරුම දේශගුණය වෙනස් නොවන බව නොවේ. මෙහි තේරුම “එය සිදුවීමට හේතුව කුමක්ද ?“ සහ “කුමන අකාරයකට එය සිදුවන්නේද?“ යන්න පිළිබඳ සංවාදය ක්‍රමානුගත ලෙස සීමා කර ඇති බවත් එය සිදුව ඇත්තේ සොයාගැනීම් මගින් නොව නියෝග මගින් බවත්ය. මෙම ප්‍රතිඵලය නම් කළ හැක්කේ “දේශගුණික ඒකාධිකාරය“ ලෙසින් පමණකි. එය ඇදහීම් පද්ධතියක් මිසෙක අවබෝධය මත පවතින්නක් නොවේ. එය යටහත් පහත් ලෙස ඊනියා දේශගුණික විපර්යාස එකාධිකාරි ආඛ්‍යානයට යටත් වීමක් මිසෙක විමර්ශනය කිරීමක් නොවේ.
වෙනත් මතයක්: විද්‍යාඥයෝ 2000ක් දේශගුණික විපර්යාස-කාබන් ඩයොක්සයිඩ් එකාධිකාරි ආඛ්‍යානය ප්‍රතික්ෂේප කරති.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් තම දේශගුණික විපර්යාස ඒකාධිකාරි ආඛ්‍යානය විද්‍යාඥයන් මත පැටවීමට තැත්දරමින් සිටින නමුත් බලපෑම් සහගත විද්‍යාඥයන් විශාල පිරිසක් මෙම නිල කවයෙන් පිටත සිට සපුරා වෙනත් මතයක් ඉදිරිපත් කරති. 2019 දී රටවල් 30ක දේශගුණ විද්‍යාඥයන් සහ වෘත්තිකයන් 2000කට අධික පිරිසකගේ අත්සන සහිතව ප්‍රකාශයට පත් කරන ලද “දේශගුණික බුද්ධි ප්රකාශනය“(Climate Intelligence (CLINTEL) Declaration) තුළ මෙසේ සඳහන් කර ඇත.
“කාබන් ඩයොක්සයිඩ් මගින් උත්ප්‍රේරණය කරනු ලබන දේශගුණික අවදානමක් නැත. භූ විද්‍යාත්මක ලේඛනාගාර දත්ත මගින් අනාවරණය කර ඇත්තේ පෘථිවිය පවතින තාක් කල් දේශගුණයද වෙනස් වෙමින් පවතින බවය. සැබෑ ලෝකය සහ ආකෘතිගත කරන ලද ලෝකය අතර වෙනස මගින් අපට පවසන්නේ දේශගුණ විපර්යාසයන් හඳුනාගැනීමෙන් අප තවමත් දුරස්ත බවය. කාබන් ඩයොක්සයිඩ් යනු දූෂකයක් නොවේ. එය ශාකවල පැවැත්ම, ආහාර නිෂ්පාදනය සහ ප්‍රභා සංශ්ලේෂණය සහ ජීවීන් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.දේශගුණික ආකෘතීන් වල බොහෝ දුර්වලතා පවතින අතර ගෝලීය ප්‍රතිපත්ති සම්පාදන මෙවලම් ලෙස මෙම ආකෘතින් කිසිසේත්ම යෝග්‍ය නොවේ.“
(දේශගුණික බුද්ධි ප්රකාශනය- Climate Intelligence Declaration)

“දේශගුණික බුද්ධි“ සංවිධානය (CLINTEL) පිහිටුවන ලද්දේ භූ භෞතික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ගුස් බර්ක්හවුට් (Guus Berkhout) සහ නෙදර්ලන්ත විද්‍යා ලේඛකයෙකු වූ මාර්සෙල් ක්‍රොක් ( Marcel Crok) විසිනි. ඔවුන්ගේ මෙම ප්රකාශනයට මමද අත්සන් තබා ඇත්තෙමි. කාබන් ඩයොක්සයිඩ් යනු දැලි හෝ කළු දුමාරයක් නොවේ. එය ගඳක් හෝ සුවඳක් නැති අවර්ණ වායුවකි. එය පෘථිවි ජීවින්ගේ පැවැත්ම සහ ප්‍රභාසංශ්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. කර්මාන්තශාලාවලින් නිකුත් කෙරෙන විෂ රසායනික සහ බැරලෝහ පිළිබඳ අවධානය යොමු කරනු වෙනුවට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කාබන්ඩයොක්සයිඩ් වෙත දක්වන ලබන අවධානය විසින් සැබෑ පරිසරවාදය එහි මූලික අරමුණු වලින් එය බැහැරකර තිබේ.
මෙවැනි මෙම විකෘති කිරීමක් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සිදු කරන බවට එම පද්ධතිය තුළ වැඩ කළ අයෙකු ලෙස මට සහතික විය හැකිය.
එහි මා සේවය කළේ වායුගෝලය, භූමිය සහ ජලය දූෂණය වීම පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඇති කරන ලද ජාත්‍යන්තර ගිවිසුමක් වන Pollution Release and Transfer Register Protocol ට අදාළ කටයුතු සම්බන්ධවය. සැබෑ පරිසර දූෂණයක් සිදුවෙමින් පවතී. එය බරපතලය. නමුත් ප්රශ්නය කාබන්ඩයොක්සයිඩ් නොවේ. මේ දෙක අතර ගැටුම අවසාන වශයෙන් සේවය කරන්නේ දේශපාලනය සඳහා මිසෙක පරිසරය සඳහා නොවේ.
විද්‍යාඥයෝ රාජ්‍ය බලයේ අතකොළු බවට පත්වෙති.
විද්‍යාත්මක උපදේශනය සහ දේශපාලනික පක්ෂග්රාහිත්වය අතර රේඛාවන් බොඳව ගියේ දැනට කලකට පෙර සිටමය. රාජ්‍යය සහ ආයතනවලට කාබන්ඩයොක්සයිඩ් හේතුවන් මතුවෙන අවදානමක් පිළිබඳ භීතිකාවක් අවශ්‍යව ඇත්තේ මර්දන නීති සහ ගෙල හිරකරවන බදු පැනවීම යුක්ති සහගත කරනු සඳහාය. තමන්ට ලැබෙන අරමුදල් නොකඩවා යහමින් ලබා ගැනීමට රාජ්‍ය නොවන සංවිධානවලට අර්බුදයන් අවශ්‍යව තිබේ.
මෙවැනි පරිසරයක් තුළ සංකීර්ණතාව සතුරා බවට පත්ව ඇත. දේශගුණික ආකෘතින් විසින් මවාපානු ලබන කාබන්ඩයොක්සයිඩ් හේතුවෙන් මතුවෙන දේශගුණික අවදානම් පිළිබඳ අනාවැකි බහුගුණනය වෙමින් පවතී. මෙම ආකෘතිවල ඇති සාවද්යතාවන්, පරස්පරතාවන් සහ අවිනිශ්චිතතාවන් පිළිබඳ මතුවෙන කරුණු සම්පූර්ණයෙන්ම නොසළකා හැර තිබේ. සරලකරණය සහ භීතිකා ප්‍රවර්ධනය සඳහා සදාචාරමය, මූල්‍ය සහ ආයතනික වශයෙන් වරප්‍රසාද සහ දිරිදීමනා පිළිගැන්වෙන ක්‍රමයක් භාවිතයට පැමිණ ඇත.
“එකඟතාවයේ විද්‍යාව“ යන යෙදුම ශබ්දකෝෂයට එක්වී ඇති අතර එය කොන්දේසි පිළිබඳ පරස්පරතාවයකි. සැබෑ විද්‍යාව ඉදිරියට යන්නේ විසම්මුතිය සහ විමර්ශනය හරහාය. එකඟතාව යනු දේශපාලන නිර්මිතියකි. නමුත් එම යෙදුම තහවුරු වූ විට එය අවියක් බවට පත්වේ. එය ප්‍රශ්න කරන්නා මිථ්‍යාදෘෂ්ටිකයෙකු හංවඩු ගසනු ලැබේ.
ඇදහීම, විශ්වාසය, ප්‍රතික්ෂේප කිරීම, ගලවාගැනීම පිළිබඳ භාෂාව විසින් විශ්ලේෂණය විස්ථාපනය කර තිබේ. පරිසරය පිළිබඳ සැලකිලිමත්වීම මගින් ඇරඹුණු දෙය එක්තරා ආකාරයක නිර්කාබනීකරණය පිළිබඳ ලෞකික ඇදහීමක් බවට පත්ව තිබේ.
ව්‍යාජ විද්‍යාත්මක ඇදහීම්වලට එරෙහිව සැබෑ විද්‍යාඥයෝ නැගී සිටිති.
තමන්ට පුද්ගලික සහ වෘත්තීය මට්ටමින් ගෙවීමට සිදුවන අවදානම් සහගත මිල කොතෙක් වුවද මෙම දේශගුණ විෂය පිළිබඳ ඉහළ පිළිගැනීමක් සහ ප්රවීණත්වයක් සහිත සමහර විද්‍යාඥයෝ ඉහත තත්ත්වයට එරෙහිව තමන්ගේ දැඩි විරෝධය පළකරමින් නැගී සිටිති.
මුහුදු ජල මට්ටම වෙනස්වීම පිළිබඳ දේශගුණික වෙනස්වීම් පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයේ (The Intergovernmental Panel on Climate Change (IPCC-on Sea Level Changes) හිටපු සභාපති ආචාර්ය නිල්ස් ඇක්සෙල් මූර්නර් (Nils-Axel Mörner) මෙසේ ප්‍රකාශ කර ඇත.
” විද්‍යාත්මක සත්‍ය පවතින්නේ සැක කිරීම මතය… (දේශගුණ විපර්යාසයන් පිළිබඳ) යාන්ත්‍රණයේ ධාවකය කාබන්ඩයොක්සයිඩ් නොවන බවටත් සියලු දෙයම අතිශයෝක්තියට නගා ඇති බවටත් එකඟවන ලොවපුරා ඉහළ පෙළේ විද්‍යාඥයන් රැසක් මා සමග සිටිති…. (කාබන් ඩයොක්සයිඩ් හේතුවෙන් දේශගුණ විපර්යාසයන් ඇතිවන බවට) තීරය පිටුපසින් සිට ප්‍රවර්ධනය කරන්නන් සිටින බවට මම සැක කරමි. එය බදු අයකිරීම සඳහා සහ ජනතාව පාලනය කිරීම සඳහා යොදාගනු ලබන අපූරු ක්රමයකි.”
එක්සත් ජනපදයේ ඇලබාමා විශ්වවිද්‍යාලයේ වායුගෝලීය සහ පෘථිවි විද්‍යාව පිළිබඳ පීඨයේ අධ්යක්ෂ මහාචාර්ය ජෝන් ආර්. ක්‍රිස්ටි මෙසේ පවසයි.
” ගෝලීය උණුසුම ඉහළයාම පිළිබඳ ස්ථාපිත න්‍යාය විසින් අමතර හරිතාගාර වායූන්ගේ බලපෑම විශාල වශයෙන් සාවද්‍ය ලෙස නියෝජනය කරයි: ජනතාවට බොහෝ විට බලපාන සාමාන්‍ය කාලගුණය දැඩි අවදානම් සහ ආන්තික එකක් බවට පත් නොවේ. උෂ්ණත්වයේ ඉහළයාම 1930 ගණන්වලදීද සිදු විය.”
මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (Massachusetts Institute of Technology) වායුගෝලීය විද්‍යාවන් පිළිබඳ මහාචාර්ය රිචර්ඩ් ලින්ඩ්සන් (Richard Lindzen) මෙසේ සඳහන් කර තිබේ:
” පෘථිවියේ දීර්ඝ ඉතිහාසය තුළ දේශගුණය සහ කාබන්ඩයොක්සයිඩ් අතර සම්බන්ධතාවක් නොපැවතිණි. මෙම ආඛ්‍යානය විසින් ආණ්ඩුවලට බලශක්ති ක්ෂේත්රය පාලනය කිරීම සඳහා අත්තනෝමතික බලයක් ලබා දී තිබේ. ප්‍රභූ පෙළැන්තිය සෑම විටෙකම ඔවුන්ගේ සද්භාවය ප්‍රචාරණය කිරීමටත් අධිකාරය තහවුරුකරගැනීමටත් මාවත් සොයාගනිති.”
පරිසරවාදි සංවිධානයක් ලෙස ඇරඹුණු ග්‍රීන් පීස් සංවිධානයේ සමාරම්භකයෙකු වූ පැට්රික් මුවර් මෙසේ ප්‍රකාශ කර ඇත:
“(කාබන් විමෝචනය හේතුවෙන් සිදු වෙතැයි කියන ) දේශගුණික අර්බුදය පිළිබඳ සමස්ත ආඛ්‍යානයම අසත්‍ය පුවතක් වනවා පමණක් නොව එය ව්‍යාජ විද්‍යාවකි. ග්‍රීන් පීස් සංවිධානය විද්‍යාව මත පදනම් සංවිධානයක සිට භීතිය ව්‍යාප්ත කිරීමේ සංවිධානයක් බවට පත් කරන ලද ආන්තික වාමාංශය විසින් අපව හයිජැක් කර තිබේ.”
කාබන් ඩයොක්සයිඩ්- දේශගුණික අර්බුද ආඛ්‍යානය පිටුපස ඇති මූල්‍ය ජාවාරම් සහ සූරාකෑම
කාබන් විමෝචන අලෙවිය, කාබන් ණය, හරිත ආයෝජන ආදිය හරහා කාබන් මූල්‍ය කරණය කිරීම මගින් සදාචාරාත්මග වගකීම ආර්ථික අවස්ථාවක් බවට පත් කර තිබේ.
ආණ්ඩු විසින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් සඳහා බිලියන ගණන් වියදම් කරන අතර ඒවායේ වාසිය සෑම විටෙකම හිමිවන්නේ පරිසරයට හෝ සාමාන්‍ය ජනතාවට නොව සමාගම්වලට සහ දැවැන්ත බැංකු කාටල වෙතය. මෙම විරුද්ධාභාසය සාකච්ඡාවට ලක්වන්නේ ඉතා කලාතුරෙකිනි. දේශගුණික අර්බුදය පැවැත්ම පිළිබඳ අර්බුදයක් බවට පත්ව ඇත්නම් එය කළමණාකරණය කිරීම පිළිබඳ වගකීම පැවැරීම සඳහා එමගින් වාසි ලබනවුන් කෙරෙහිම විශ්වාසය තැබිය හැකිද?
මා විසින් ලියන ලද දේශගුණය සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රෝඩාව: ගෝලීය මූල්‍ය බැංකු විසින් පරිසර ව්‍යාපාරය හයිජැක් කළ ආකාරය”( Climate CO₂ Hoax – How Bankers Hijacked the Environmental Movement) නම් කෘතිය තුළ 1992 දී පවත්වන ලද ඒක්සත් ජාතින්ගේ රියෝ පෘථිවි සමුළුව හරහා ලෝක මූල්‍ය අධිකාරි බැංකු පද්ධතිය හිමි ප්‍රභූන් විසින් අතිශය සාර්ථක ලෙස ගෝලීය පරිසර ප්‍රතිපත්ති සම්පාදනය සිය පාලනය යටතට ගත් ආකාරය මා විසින් විස්තර කර ඇත. “විසිල් බ්ලෝවර්ස්” නැතහොත් අභ්‍යන්තර දූෂණ සහ අපරාධ හෙළිදරවු කරන්නන් විසින් ප්‍රකාශකර ඇති පරිදි මෙම සමුළුව විසින් ක්‍රියාත්මක කිරීමට සම්මත කරන ලද නීති කෙටුම්පත් කර ඇත්තේ විවාදයකින්ද තොරවය. මෙම නීති මගින් “තිරසාර සංවර්ධනය” යන බැනරය යටතේ ජාතික ස්වෛරීත්වයන් අහෝසි කර ඇත.
කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සහ හරිත බලශක්තිය පිළිබඳ මිරිඟුව
කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්කය යටතේ අද ලෝක ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරමින් තිබේ. නමුත් මෙහි ඇති උත්ප්රාසය දැවැන්තය. සූර්ය විදුලි කෝෂ වල සිට විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදනය දක්වා වන “හරිත බල ශක්ති“ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ලෙස පොසිල ඉන්ධන භාවිතය සිදුවන අතරම ඒ සඳහා අවශ්‍ය විරල පෘථිවි ඛණිජ සම්පත් ( Rare Earth Mineral -REM) කැණීම් උත්සන්න කිරීම් හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදු වෙමින් පවතී.
“ප්‍රවාහනයේ අනාගතය” ලෙස අභිෂේකයට නංවා ඇති විද්‍යුත් මෝටර් රථ රඳා පවතිනුයේ ලිතියම් සහ කොබෝල්ට් මතය. මේවා සඳහා සිදු කෙරෙන මහා පරිමාණ කැණීම් හේතුවෙන් දේශීය පරිසර පද්ධතින්ට දැවැන්ත විනාශයක් සිදුවෙමින් පවතී. එමෙන්ම කැනීම් කටයුතු සඳහාද, ඒවා ප්‍රවාහනය සඳහාද ඒ්වා ශුද්ධ කිරීම සඳහාද භාවිතා කරන බලශක්තිය විද්‍යුත් මෝටර් රථ මගින් ඉතිරි කිරීමට අපේක්ෂිත බලශක්ති ප්‍රමාණය ඉක්මවා යයි. මෙය කාර්මික පරිසර දූෂණය නව ලේබලයක් යටතේ ව්‍යාප්ත කිරීමකි.
මෙම ඊනියා හරිත බලශක්ති පිළිබඳ නව ව්‍යාපෘතින් යටතේ ජර්මනියේ කලෙක සිට පැවැති ඉතා ස්ථායි පිරිවැය අඩු බලශක්ති ජාලය කාර්මික ලෝකයේ ඉතාම මිල අධික බලශක්ති ව්‍යාපෘතින් බවට පත්ව තිබේ. අයර්ලන්ත ආණ්ඩුව සිය මනිපොයින්ට් ගල් අඟුරු බලශක්ති බලාගාරය වසා දැමීිමට ගත් තීරණය 2022 දී නතර කර එය හෙමින් සීරුවේ තෙල් දහන බලාගාරයක් බවට පත් කරන ලද්දේ ප්රබන්ධයන් සහ යථාර්ථය අතර දුර වටහාගැනීම සඳහා විශාල වන්දියක් ගෙවමිනි.
විරුද්ධ මත දරන්නන් නිහඬ කිරීම
දේශගුණ විපර්යාසයන්ට හේතුව කාබන්ඩයොක්සයිඩ්ය යන අධිකාරිවාදි ආඛ්‍යානය ප්‍රශ්න කරන්නවුන් වාරණයට, වෘත්තිමය කොන්කිරීම් වලට සහ ප්‍රධාන ජනමාධ්‍ය විසින් තහනම් ලැයිස්තු වලට ඇතුළත් කරනු ලැබේ. අධිකාරිවාදි ආඛ්‍යානය ප්‍රශ්න කරන්නවුන් ලේබල් කිරීමට යොදන “ප්‍රතික්ෂේප කරන්නෝ“ යන්න විසින් විද්‍යාත්මක සාධක මත පදනම්ව සිදු කෙරෙන යුක්ති සහගත සැක කිරීම් සදාචාරමය පරිහානියේ ප්‍රතිඵලයකට සමාන කරමින් පවතී. මෙය විද්‍යාවේ භාෂාව නොවේ. එය ආධානග්රාහි ලබ්ධීන්ගේ භාෂාවයි.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශගුණික වෙනස්වීම් පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයේ (The Intergovernmental Panel on Climate Change -IPCC) වාර්තාව විමර්ශනය කිරීමෙන් අනතුරුව කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොජර් පීල්ක ( Roger Pielke Jr.) මෙසේ සිය නිරීක්ෂණයන් සටහන් කර ඇත.
“දේශගුණික වෙනස්වීම් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ රිචර්ඩ් මොස් විසින් RCP 8.5 වෙනත් RCP ප්‍ර භේද වර්ග විමර්ශනය සඳහා යොදා නොගත යුතු යැයි අනතුරු ඇඟවීමක් කරන ලදි…. නමුත් ලෝකය පුරා විද්‍යාත්මක අධ්‍යයන පත්‍රිකාවන් 5800ක් විසින් එය වැරැදි ලෙස භාවිතාවේ යොදවනලදි…. මෙම සම්පූර්ණ පර්යේෂණ ක්‍රියාදාමයම දෝෂ සහගතය….දේශගුණ විද්‍යාව බැරෑරුම් ගැටළුවකට මුහුණ පා තිබේ! දේශගුණික වෙනස්වීම් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින් RCP 8.5 හැමදාම සිදුවන සිනාරියෝවක් ලෙස භාවිතා කරයි. නමුත් RCP 8.5 වනචාරි ප්‍රබන්ධයක් වන අතර එය වර්තමාන යථාර්ථයන් හා කොහෙත්ම සම්බන්ධයක් නැත…. දේශගුණ විද්‍යාව සිය විද්‍යාත්මක අවංකකම පිළිබඳ අර්බුදයකට මුහුණ පා ඇත.
සත්‍යය හඹායාම මිථ්‍යාදෘෂ්ඨියක් හෝ කුමන්ත්‍රණ න්‍යායක් ලෙස සළකා බැහැර කරන විට අධිකාරිවාදි මතවාදයන්ගේ පාගාදැමීම් හමුවේ විද්‍යාව බිඳ වැටෙනු ඇත.
(RCPs-Representative Concentration Pathways) යනු 2100 වන විට වායුගෝලීය හරිතාගාර වායු (GHG) සාන්ද්‍රණයන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන විකිරණශීලීත්වයේ බලය හේතුවෙන් (ශක්ති අසමතුලිතතාවය) සඳහා විවිධ පිළිගත හැකි ගමන් පථ විස්තර කරමින්, අනාගත දේශගුණික විපර්යාස ආකෘතිකරණය කිරීම සඳහා දේශගුණ විද්‍යාඥයින් විසින් භාවිතා කරන ප්‍රමිතිගත සීනාරියෝ සැලසුම්ය.
කාබන් සදාචාරාත්මක ප්‍රශ්නයක් බවට පත් කිරීම

කාබන්ඩයොක්සයිඩ් මානුෂික වරදකාරිත්වයේත් සදාචාරාත්මක දූෂණයේත් සංකේතයක් බවට ප්‍රති නිර්මාණය කර ඇත. “හරිත බලශක්ති“ පරිභෝජනය කිරීම මගින් වැරැදි නිවැරදි කරගෙන සිය පැවැත්ම ආරක්ෂාකර ගන්නා ලෙස ජනතාවන්ට උපදෙස් දෙන අතර “කාබන් පිය සටහන්“ (carbon footprint) යන යෙදුම සංකීර්ණ ගෝලීය පද්ධතියක් පුද්ගලික පාපයක් බවට පත් කර තිබේ. කෙසේ වුවද විද්‍යුත් මෝටර් රථවල සිට සූර්ය බලශක්ති යටි ව්‍යුහයන් දක්වා වන මෙම නිෂ්පාදනද රඳා පවතින්නේ පරිසරවාදින් විසින් කලක් විරෝධය දැක්වූ කාර්මික අමුද්‍රව්‍ය කැණීම් මතය.
මෙම සදාචාරාත්මක ලෙස කොටුකිරීම සේවය කරන්නේ දේශපාලනික අවශ්‍යතාවකටය. පරිසර දූෂණයෙන් සහ එම දූෂණයට එරෙහි ප්‍රතිකර්ම යන දෙකෙන්ම ලාභ උපයන ආයතන ප්‍රශ්න කිරීම දිරිගන්වනු වෙනුවට පුද්ගලයන්ව දිරිගන්වන්නේ තමන් වෙතම වරද පවරාගැනීමටය. මෙය පාලනය කිරීමේ පැරණි උපක්‍රමයක් වන පුද්ගලයාට සහ සමූහයට එරෙහිව බලය යොදමින් ඔවුන් පාලනය කරනු වෙනුවට ඔවුන් තුළම වරදකාරි හැඟීම් ජනනය කොට ඒ මගින් පාලනය කිරීමේ ක්‍රමය නැවැත භාවිතයට නැගීමකි.
භීෂණයේ දේශපාලනය
කිසිදු මතවාදයකට භීතිය ව්‍යාප්ත කිරීමකින් තොරව පැවැත්මක් නැත. ලැව්ගිනි මගින් විනාශ වන වනාන්තර, ජලගැලීම්වලට යටවන නගරවලින් සමන්විත ලෝක විනාශයේ චිත්‍රය විසින් අනුභූතික සාක්ෂි මත පදනම්ව සිදු කෙරෙන මග පෙන්වීම විස්ථාපනය කර තිබේ. එසේ වුවද ජල ගැලීම් සහ ගින්දර විසින් සිදුකරන විනාශය පෘථිවය තරමටම පැරණිය. වෙනස්ව ඇත්තේ දේශගුණය නොවේ. නමුත් එය අර්ථකථනය සඳහා භීතිය යොදාගන්නා ආකාරයයි. (මෙම ලිපියේ කතුවරයා මෙහිලා අවධාරණය කරන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මගින් දේශගුණික විපර්යාසයන් සිදුවන්නේ යැයි යන ආඛ්‍යානය පිළිබඳවය. එසේ වුවද විවිධ අධිතාක්ෂණික ක්‍රම මගින් කෘත්‍රීම දේශගුණික සහ කාලගුණික වෙනස්කම් සිදු කරමින් ඒ්වා තම මිලිටරිමය, ආර්ථික සහ භූ දේශපාලනික අරමුණු වෙනුවෙන් බලගතු රටවල් විසින් යොදාගැනීම පිළිබඳව ඔහු මෙහිදී සාකච්ඡා කර නැත. සැබැවින්ම දැන් සිදුවන්නේ ඉහත අධිතාක්ෂණික ක්‍රම මගින් විනාශකාරි දේශගුණික සහ කාලගුණික විපර්යාසයන් සිදුකර එහි වගකීම කාබන් විමෝචනය මත පැටවීමය.-පරිවර්තක )
දැන් ළමුන් වැඩෙන්නේ තමන් වැඩිහිටියන් බවට පත්වීමට පෙර පෘථිවිය බිඳී විනාශවනු ඇතැයි යන විශ්වාසය සහිතවය. ඒ අතර දේශපාලකයෝ “පැවැත්ම පිළිබඳ අවදානම” අතිශයෝක්තියට නගමින් ජනතාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග යුක්ති සහගත කරති. පරිසරවාදය විසින් කලෙකට ඉහත සමාගම් සහ රාජ්‍යයේ බලයට අභියෝග කළ නමුත් වර්තමානයේදී එය ඔවුන්ට සේවය කරයි.
නව ඇදහීමක්
නූතන දේශගුණ චිරස්ථාපිතය වනාහි විමර්ශනය සහ අවබෝධය මත පදනම් විද්‍යාත්මක සම්මුතියක් නොව භීතිය, මුදල් සහ නිලධාරිවාදය ද විසින් සමාජයේ යටහත්පහත්භාවය ඉල්ලා සිටින සමාජදේශපාල නිර්මිතියකටය. විද්‍යාව කිසි විටෙකත් මතවාදයන්ට සේවය නොකළ යුතුය. දත්ත ආධානග්‍රාහිත්වය බවට පත්වන විට විමර්ශනය සමගින් සත්‍යයද මරණයට පත් වේ.
චිරස්ථාපිතය විසින් විමර්ශනය විස්ථාපනය කළ විට ප්‍රතිපත්ති පදනම්වන්නේ ඇදහීම් මත මිසෙක සාක්ෂි මත නොවේ. එවිට පුරවැසියන්ට වැඩිවන මිල සහ සීමාවන නිදහස මගින් වන්දි ගෙවීමට සිදු වේ. අප තුළ ග්‍රහලෝකය බේරා ගැනීමේ සැබෑ අභිලාෂයක් පවතී නම් අප විසින් පමුව කළ යුතුව ඇත්තේ විද්‍යාව බේරාගැනීමය.