රේඩි අනන්ඩා
පසුගිය දශක ගණනාවක් තිස්සේ ලෝකයේ බලගතු අධිරාජ්‍යවාදි රටවල් විසින් ජාන ඉංජිනේරුකරණය, කෘත්‍රිම බුද්ධිය සහ රෝබෝ තක්ෂණය, භූ ඉංජිනේරුකරණය, කාලගුණය සහ දේශගුණය වෙනස් කිරීම, නියුරෝන විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් තුළ දැනුම සහ තාක්ෂණය ඇදහිය නොහැකි තරම් මට්ටමකට වර්ධනය කර තිබේ. අද ලොව පුරා වාණිජ මට්ටමින් භාවිතා වන අන්තර්ජාලය එක්සත් ජනපදය විසින් ආරම්භක වශයෙන් සංවර්ධනය කරන ලද්දේ මිලිටරිමය අවශ්‍යතාවන් වෙනුවෙන් බව අපි දනිමු. එමෙන්ම ඉහත බොහෝ ක්ෂේත්‍රයන් තුළ සිදුව ඇති තාක්ෂණික වර්ධනය සඳහා සිදු කරන ලද පර්යේෂණවල ඉලක්කයන් වූයේද ලෝක ආධිපත්‍යය සඳහා අවශ්‍ය මෙවලම් නිර්මාණය කිරීමේ එක්සත් ජනපදය සහ වෙනත් බලවත් රටවල යුද්ධෝපායික අවශ්‍යතාවන් වෙනුවෙන් බව රහසක් නොවේ.
මේ වනවිට ලෝකය පුරා නිරීක්ෂණය කළ හැකි ආන්තික දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් බලගතු රටවල් විසින් කාලගුණය සහ දේශගුණය කෘත්‍රිම ලෙස වෙනස් කිරීම, භූ ඉංජිනේරුකරණය ආදිය සම්බන්ධව තමන් සතු තාක්ෂණික හැකියාවන් භූ දේශපාලනික, මිලිටරිමය සහ ආර්ථික වශයෙන් උපාය මාර්ගික වාසි ලබාගැනීම සඳහා වෙනත් රටවලටත් තමන්ගේම රටවල ජනතාවන්ටත් එරෙහිව යොදාගැනීමේ ප්‍රතිඵලයන්දැයි බරපතල සැකයක් මේ වනවිට ලොව පුරා මතුව තිබේ.
ශ්‍රී ලංකාවේද පසුගිය කාලය පුරාම අත් දකින්නට ලැබුණ අධික වර්ෂාපතනයන්, ගංවතුර, සුළි කුණාටු සහ නාය යෑම් එවැනි දේශගුණය සහ කාලගුණය කෘත්‍රිම ලෙස වෙනස් කිරීමේ සහ භූ ඉංජිනේරුකරණ මෙහෙයුම්වල ප්‍රතිඵලයක්දැයි අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබේ. මේ සම්බන්ධව විමර්ශනාත්මක ලිපි පෙලක් ඉදිරිපත් කිරීමට අප උත්සාහ කරන්නේ එම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහාය. මෙම ලිපි පෙළේ පළමුවැන්න “ස්වාභාවික නොවන ස්වාභාවික විපත්: ගංවතුරට හේතුව කෘත්‍රිම වැසි ඇති කිරීම ද? යනුවෙන් මෙම වෙබ් අඩවියේ මීට පෙර පළ විය. මේ එම ලිපි පෙළේ දෙවැන්නයි.
රේඩි අනන්ඩාගේ මෙම විශ්ලේෂණය ” ගලෝබල් රිසර්ච්” වෙබ් අඩවියේ 2013 නොවැම්බර් මස 03 වැනි දින පළ විය.
අධිපතිවාදි ආඛ්‍යානය විසින් “ආන්තික කාලගුණික සහ දේශගුණික සිදුවීම්” සම්බන්ධ කර ඇත්තේ දේශගුණික විපර්යාසයන් වෙත පමණි. එම සිදුවීම්වල වගකීම කිසි විටෙකත් ලෝකයේ විවිධ ආණ්ඩු විසින් අරමුණු සහගතවම දේශගුණය වෙනස් කිරීම සහ නියඟ, වර්ෂාපතන, භූමිකම්පා සහ සුනාමි නිර්මාණය කිරීම සඳහා දියත් කර ඇති වැඩ සටහන් වෙත පැවැරීමක් සිදුව නැත. එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහන (United Nations Environment Programme), එක්සත් ජාතින්ගේ ලෝක කාලගුණික සංවිධානය (UN’s World Meteorological Organization) , සහ පාරිසරික වෙනස්කම් පිළිබඳ අන්තර්- ආණ්ඩු මණ්ඩලය(Intergovernmental Panel on Climate Change -IPCC) එම වැඩ සටහන් පිළිබඳව දැඩි නිහඬතාවක් ආරක්ෂා කරයි.
එක්සත් ජනපදයේ නූතන කෘත්‍රීම දේශගුණික විපර්යාසකාරක වැඩ සටහන් වසර 70කට වඩා පැරණිය. එක්සත් ජනපද රජයේ එවැනි වැඩසටහන්වල දියත් කිරීමේදී මහජනයා වෙත කරන ලද පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන 60 දශකයේ පුවත්පත්වල සුලබ දසුනක්විය.
ස්වාභාවික වායුගෝලීය ජලවාෂ්ප “කෘත්‍රීම ආකාරයට ඝණීභවනය කිරීමේ සුදානම පිළිබඳව අනතුරු ඇඟවීමයි.මේ පිළිබඳව සැලකිලිමත්වන සියලු දෙනා වෙතයි:
ඔරිගන් ප්‍රාන්තයේ එකෝහි පිහිටි මොරෝ කෝරළයේ දේශගුණික පර්යේෂණ සංගමය වෙනුවෙන්
ඔරිගන් ප්‍රාන්තයේ අංක 54 බලපත්‍ර හිමි, කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් 9 , 460 දකුණු බ්‍රෝඩ්වේ ජල සම්පත් සංවර්ධන සමාගම විසින් ස්වාභාවික වායුගෝලීය ජලවාෂ්ප “කෘත්‍රීම ආකාරයට ඝණීභවනය කිරීමේ සූදානම පිළිබඳව අනතුරු ඇඟවීමයි. ඉහත වැඩ සටහනේ ඉලක්කය වන්නේ ස්වාභාවික වර්ෂාපතනය ඉහළ නැංවීමයි.1.මෙමගින් බලපෑම් ඇතිවන ප්‍රදේශ නම් ඔරිගන් ප්‍රාන්තයේ මෝරෝ කෝරළය සහ නිරිතදිග උමාටිල්ලා කෝරළය වේ.
2. මෙම මෙහෙයුම පොළොව මත. සිට ක්‍රියාත්මක කරන සිල්වර් අයොඩයිඩ් අයන ජනක යන්ත්‍ර මගින් සිදු කෙරේ. ඒවා ස්ථානගත කරනු ලබන ස්ථාන වන්නේ ඔරිගන් ප්‍රාන්තයට අයත් ග්‍රාන්ට්ස්, වීලර්, වස්කෝ, ගිලියාම්, මෝරෝ, උමාටිල්ලා සහ ෂර්මාන් කෝරලයන්ය.
3.මෙම මෙහෙයුම 1965 ඔක්තෝබර් 1වැනි දින සිට 1966 ඔක්තෝබර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.
ජල සම්පත් සංවර්ධන සමාගම
පෝල් ජේ කෝබින්
බ්‍රෝඩ්වේ ජල සම්පත් සංවර්ධන සමාගම
460 දකුණු බ්‍රෝඩ්වේ, ඩෙන්වර් 9, කොලරාඩෝ
දාතම:- 1965 සැප්තැම්බර් 13
1950 සහ 60 දශකයන්හිදී එක්සත් ජනපදයේ කෘත්‍රීම කාලගුණික විපර්යාසකාරක වැඩ සටහන් පිළිබඳව ලයිෆ් සඟරාව විසින් දිගින් දිගටම ආවරණය කර තිබේ. එමගින් එක්සත් ජනපදය විසින් චණ්ඩ කුණාටුවල (hurricane) ප්‍රචණ්ඩත්වය අඩු කිරීම සහ එවායේ දිශාව වෙනස් කිරීම සඳහා 1962 සිට 1983 අතර කාලය තුළ දියත්කරන ලද ස්ටෝර්ම්ෆියුරි ව්‍යාපෘතිය (Project Stormfury) පිළිබඳවද තොරතුරු හෙළිදරවු කර ඇත.IPCC සංවිධානය දිගින් දිගටම මෙවැනි වැඩ සටහන් පිළිබඳව මුනිවත රකියි.

“සාමය නොපැමිණේ නම්: නව ආයුධ පිලිබඳව විද්‍යාත්මක පුරෝකතනයක්” (Unless Peace Comes: A Scientific Forecast of New Weapons) නමින් 1968 දී පළකරන ලද කෘතිය(1) ලියා ඇත්තේ මෙම වැඩ සටහන් පිළිබඳව අභ්‍යන්තර තොරතුරු පිළිබඳ මනා වැටහීමකින් යුතුවය. මෙම කෘතියේ එක් පරිච්ඡේදයක් විසින් අනුමාන කර ඇති අන්දමට පෘථිවිය නැමැති මෙම ග්‍රහලෝකයම අවියක් බවට පත්කිරීම සඳහා වන තාක්ෂණයන් සංවර්ධනය කරමින් පවතී. “පරිසරය විනාශ කෙරෙන ආකාරය”(How to Wreck the Environment) නම් එම පරිච්ඡේදය ලියා ඇත්තේ එක්සත් ජනපද ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන්ගේ විද්‍යා උපදේශක කමිටුවේ සාමාජිකයකු වූ භූ භෞතික විද්‍යාඥ ආචාර්ය ගෝර්ඩ්න් ජේ. එෆ් මැක්ඩොනල්ඩ් විසිනි. එහිලා ඔහු විසින් මෙසේ සඳහන් කර තිබේ.
“භූ භෞතික යුද්ධයේ යතුර වන්නේ ශක්තිය සුළු ප්‍රමාණයක් යෙදීම මගින් මහා දැවැන්ත ශක්ති ප්‍රමාණයක් මුදාහැරීම සඳහා යොදාගත හැකි පාරිසරික අස්ථායිතාවන් පිළිබඳ හඳුනාගැනීමයි.”
“භූ භෞතික යුද්ධයේ යතුර වන්නේ ශක්තිය සුළු ප්‍රමාණයක් යෙදීම මගින් මහා දැවැන්ත ශක්ති ප්‍රමාණයක් මුදාහැරීම සඳහා යොදාගත හැකි පාරිසරික අස්ථායිතාවන් පිළිබඳ හඳුනාගැනීමයි.”
එවකට පැවැති පර්යේෂණයන්ගේ මට්ටම අනුව 21 වැනි සියවසේදී සංවර්ධනය කර නිමවනු ඇතැයි අනුමාන කළ ග්‍රහලෝකමය අවි වර්ග 4ක් පිලබඳව මැක්ඩොනල්ඩ් සිය පරිච්ඡේදය තුළ සඳහන් කර ඇත.
- දේශගුණික විපර්යාස ඇතිකිරීම
- භූමිකම්පා උත්පාදනය
- සුනාමි උත්පාදනය සහ මෙහෙයවීම
- පෘථිවියට ඉහළ අයනගෝලයේ විද්‍යුත් චුම්බක තරංග විපර්යාස සිදුකිරීම මගින් ජන සමූහයන්ගේ චර්යාවන් පාලනය කිරීම

භූ ඉංජිනේරුකරණ ව්‍යාපෘති සංකීර්ණ කීපයක් විසින්මෙම අදහස් පෙරට ගෙන ගිය බව එලී කින්ටිෂ් (Eli Kintisch) විසින් ලියන ලද “ග්‍රහලෝකය හැක්කිරීම” නම් කෘතියේ “ලීවර හඹායාම” නම් තේමාවකින් යුත් පරිච්ඡේදය මගින් විස්තර කෙරේ. මෙහිදී ඔහු ලීවර ලෙස හඳුන්වන්නේ “පෘථිවි පද්ධතියේ කුඩා වෙනසක් සිදුකිරීම මගින් ගැඹුරු ගෝලීය වෙනසක් සිදු කළ හැකි” තාක්ෂණයන්ය. (2)
1967 සිට 1972 කාලයේදී වියට්නාමය, ලාඕසය සහ කම්පුචියාව යන රටවලදී එක්සත් ජනපද මිලිටරිය විසින් කාලගුණික විපර්යාසයන් ඇතිකිරීම යුද උපක්‍රමයක් ලෙස භාවිතා කළ ආකාරය ලින්ඩන් බී ජොන්සන්ගේ විද්‍යා උපදේශක ගෝර්ඩ්න් ජේ. එෆ් මැක්ඩොනල්ඩ් මනාව දැන සිටින්නට ඇතැයි අනුමාන කළ හැකිය. “ඔපරේෂන් පොපායි”(Operation Popeye) නමින් හඳුන්වන ලද එම මෙහෙයුම මගින් එම රටවල් තුළ මෝසම් වර්ෂාපතනය තීව්ර බවට පත්කරමින් ගංවතුර සහ නාය යෑම් ඇතිවීමට සලස්වන ලදි. එමගින් කොමියුනිස්ට් ගරිල්ලන් විසින් නිදහස් කරගත් ප්‍රදේශවල වගාවන් විනාශකිරීමටත්, ගරිල්ලන් විසින් බහුලව යොදාගත් සංකීර්ණ භූගත උමං මාර්ග පද්ධතිය සහ වෙනත් සැපයුම් මාර්ග බිඳ දැමීමටත් සැලසුම් කර තිබිණි. මුලින්ම මෙම කරුණු හෙළිදරවු කළේ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදී ජැක් ඇන්ඩර්සන් විසිනි. පෙන්ටගනය විසින් පසුකලෙක මහජනයා සඳහා විවෘත කරන ලද “පෙන්ටගන් පත්‍රිකා” මගින් එවැනි දේශගුණික විපර්යාස කාරක වැඩ සටහන් තිබූ බවට තොරතුරු තහවුරු විය.
බෝපාල සහ චර්නෝබිල් රසායනික සහ න්‍යෂ්ටික අනතුරු පිළිබඳව පත්කළ කොමිසම් සභාවල සේවය කළ ජගත් කීර්තිධර විද්‍යාඥවරියක වූ ආචාර්ය රොසලී බර්ටෙල් “HAARP ව්‍යාපෘතියේ පසුබිම” නමින් කෘතියක් 1996දී පළ කළාය. ආචාර්ය බර්නාර්ඩ් ඊස්ට් ලුන්ඩ් විසින් ආරම්භ කරන ලද අධි-සංඛ්‍යාත සක්‍රිය අරුණාලෝක පර්යේෂණ ව්‍යාපෘතිය (High Frequency Active Auroral Research Project-HAARP) පිළිබඳව ඇය මෙසේ සඳහන් කර ඇත. (3)

“HAARP ව්‍යාපෘතිය හුදෙකලා පරීක්ෂණයක් පමණක් බවටත් එය ව්‍යාප්ත නොකරනු ඇති බවටත් අනුමාන කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් වනු ඇත. ඉහළ වායුගෝලය අවබෝධ කරගැනීම සහ පාලනය කිරීම අරමුණෙන් වසර 50කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද, ශීඝ්‍රගාමි සහ වඩවඩාත් විනාශකාරි වැඩ සටහන්වලට එය සම්බන්ධය. එක්සත් ජනපදය විසින් වෙනම සැලසුම් කර ඇති අභ්‍යවකාශ විද්‍යාගාර ඉදිකිරීම සමග HAARP ව්‍යාපෘතිය සම්බන්ධයක් නැතැයි සිතීමද වගකීම් විරහිත දෙයකි. HAARP ව්‍යාපෘතිය වූකලී පැහැදිලිවම මිලිටරිමය ස්වභාවයක් ගත් අභ්‍යවකාශ පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවල අවියෝජනීය කොටසකි.”
වර්ෂ 2000දී ආචාර්ය බර්ටෙල් ” ද ටයිම්ස් ඔෆ් ලන්ඩන්” පුවත්පත වෙත මෙසේ ප්‍රකාශ කළාය.

” එක්සත් ජනපදයේ මිලිටරි විද්‍යාඥයන් විසින්… කාලගුණික පද්ධතීන් බලගතු ආයුධයක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටිති. ගංවතුර සහ නියඟයන් ඇති කිරීමේ අරමුණ සහිතව කුණාටු වැඩි දියුණු කිරීම, පෘථිවි වායුගෝලයේ ජලවාෂ්ප ගංගාවන් ගේ දිශාවන් වෙනස් කිරීම ආදියද එයට ඇතුළත්ය.” (4)
HAARP ව්‍යාපෘතියට එරෙහිව මහජන විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධව සිටින විද්‍යාඥයෙකුවූත් Angels Don’t Play This HAARP නම් කෘතියේ සම කර්තෘවරයා වූත් ආචාර්ය නිකොලාස් බෙගිෂ් එම ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ පවසයි.
” එමගින් ඇති කරන සුපිරි බලැති රේඩියෝ තරංග කදම්භයන් නාභිගත කරමින් අයනගෝලයේ ප්‍රදේශ (වායුගෝලයේ ඉහළ ස්ථරය) වෙත එල්ලකරමින් එම ප්‍රදේශ රත් කරනු ලබයි. එවිට විද්‍යුත් චුම්බක තරංග නැවත පොළොව වෙත පරාවර්ත වී එය මත ඇති ජීවි අජීවි සියලු දේ විනිවිද යයි.” (5 සහ6)

බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ ආරක්ෂක ලේකම්වරයා වූ විලියම් එස්. කොහෙන්(William S. Cohen) 1997 දී ත්‍රස්තවාදය පිළිබඳව පැවැති සම්මේලනයකදී මෙසේ පැවැසීය.
“විද්‍යුත් චුම්බක තරංග මගින් දුර සිට දේශගුණ විපර්යාස, භූමිකම්පා, ගිනිකඳු පිපිරවීම්, ආදිය කිරීමේ හැකියාව සහිත තවත් සමහරුන් පාරිසරික ත්‍රස්තවාදි ක්‍රියාවල නිරතව සිටිති.”(7)
ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය ගැන අදහස් දක්වමින් නිකොලාස් බෙගිෂ් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය සතුව දැනටමත් එවැනි විද්‍යුත් චුම්බක තරංග අවි සතුව පවතින හෙයින් ඒවා තම සතුරන් සතුවද ඇතැයි යන සැකය නිසා හෝ තමන් විසින් එවැනි අවි නිර්මාණය කිරීම සාධාරණීකරණය සඳහා එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බවයි.
ආචාර්ය රොසලී බර්ටෙල් HAARP ව්‍යාපෘතිය සම්බන්ධව වැඩිදුරටත් මෙසේ විස්තර කරයි.
“එය අයන ගෝලයේ අතිමහත් විනාශකාරි වෙනස්කම් කළ හැකි දැවැන්ත තාපකයකි. එමගින් එහි දැවැන්ත සිදුරු ඇතිකරනවා පමණක් නොව පෘථිවිය මත මාරාන්තික විකිරණ පැමිණීමෙන් එය ආරක්ෂාකරන අයනගෝල ස්ථරයේ දිගු පැලීම්ද ඇති කරයි.”(8)

එක්සත් ජනපදයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ස්බ්ග්නියේව් බ්‍රෙෂෙන්ස්කි (Zbigniew Brzezinski) විසින් 1970 ගණන්වලදී ලියන ලද “යුග දෙකක් අතර” නම් කෘතිය(9) තුළ කාලගුණය අවියක් බවට පත් කිරීමේ ශක්‍යතාවන් ගැන මෙසේ පුරෝකතනය කළේය.
“හමුදාව ඉතා අවම වශයෙන් යොගනිමින් රහසිගත යුද්ධ පවත්වාගෙන යාමේ තාක්ෂණය ප්‍රධාන රටවල නායකයන් සතුවනු ඇත. කාලගුණ විපර්යාසයන් සිදු කිරීමේ තාක්ෂණය මගින් කුණාටු හෝ නියඟයන් දිග්ගැස්සවීමේ තාක්ෂණික විධික්‍රම භාවිතයේ යෙදෙනු ඇත.”
හිටපු ප්‍රංශ හමුදා නිලධාරියෙකු වූ මාර්ක් ෆිල්ටර්මාන් (Marc Filterman) විසින් ගුවන් විදුලි තරංග භාවිතා කෙරෙන “සම්ප්‍රදායික නොවන වර්ගයේ ආයුධ” වර්ග කීපයක් ගැන සඳහන් කර තිබේ.
“එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ” 1980 ගණන් වන විට කුණාටු, සුළිසුළං සහ නියඟ ඇති කෙරෙන හදිසි දේශගුණික විපර්යාසයන් සිදු කළහැකි ආකාරය පිළිබඳව ප්‍රවීණයෝ බවට පත්ව සිටියහ. මෙම තාක්ෂණයන් මගින් අව- සංඛ්‍යාත රේඩාර් තරංග යොදාගනිමින් වායුගෝලයේ කැළැඹීම් ඇතිකිරීමට හැකිය.”(10)
අනාගත ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනයන් සඳහා වූ “සිනාරියෝ පෙරහුරුවකදී ” එක්සත් ජනපද ගුවන් හමුදාව පහත ප්‍රකාශය නිකුත් කළේය.
” සංවර්ධනය කෙරෙමින් පවත්නා තාක්ෂණයන් යොදා ගැනීම මගින් සහ යුද්ධමය භාවිතයන් සඳහා මෙම තාක්ෂණයන් සංවර්ධනය කිරීමට අවධානය යොමු කරමින් එක්සත් ජනපද ගුවන් සහ අභ්‍යවකාශ හමුදාවන් “කාලගුණය අත්පත් කරගත යුතුය….ගෝලීය සන්නිවේදනය මත ආධිපත්‍යය සම්පූර්ණ කරගැනීම සඳහාත් ප්‍රති-අවකාශ පාලනය සඳහාත් යුද්ධමය නොවන භාවිතාවන් වැඩිදියුණු කිරීම හෝ ස්වාභාවික කාලගුණික රටාවන් සුළු පරිමාණ වශයෙන් වෙනස් කිරීම මගින් සතුරාට බාධාකිරීම සතුරා යටත් කිරීමට හෝ පරාජය කිරීමට පුළුල් ලෙස ව්‍යාප්ත වූ අවස්ථාවන් කාලගුණ විපර්යාසකරණය මගින් ප්‍රදානය කරයි…දේශීය සහ ජාත්‍යන්තර භාවිතාවන් යන දෙකෙහිදීම කෘත්‍රිම ලෙස කාලගුණ විපර්යාසකරණය එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්වනු ඇත.අපගේ රජය එහි විවිධ අවශ්‍යතාවන් මත පදනම්ව එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. “(11)
ලෝකයේ වඩාත්ම වාරණයට ලක් කළ පුවත් අතර 9 වැනි ස්ථාන හිමි පුවත ලෙස Project Censored නම් සංවිධානය විසින් 2012 දී නම් කර ඇත්තේ භූ ඉංජිනේරුකරණය සහ දේශගුණය හැසිරවීම පිළිබඳ සිදුවීම්වල ඒ දක්වා සංක්ෂිප්ත ඉතිහාසය දැක්වෙන වාර්තාවයි. එය විවෘත තලයේ පවතින තොරතුරු ඇසුරෙන් 2007 දී සකස් කරන ලද්දකි. එම වාර්තාව Atmospheric Geoengineering: Weather Manipulation, Contrails and Chemtrails යනුවෙන් විය. එය සකස් කරන ලද්දේ එක්සත් ජාතින්ගේ සංවිධානය යටතේ කාලගුණය පිළිබඳ කටයුතු කරන ලෝක සංවිධානය වන දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලයේ (Intergovernmental Panel on Climate Change-IPCC) සම නිර්මාතෘවරයා විසිනි.
එහි මෙසේ සඳහන් වේ.
“මෑතකාලයේදී කාලගුණික විපර්යාස සිදුකිරීමේ පර්යේෂණ සඳහා අවධානය අඩුවන බවක් දැකිය හැකිය. නමුත් දැන් ප්‍රවණතාවය වී ඇත්තේ ඒ සඳහා (කාලගුණික විපර්යාස සිදුකිරීම සඳහා) සෘජුවම ක්‍රියාත්මකවන ව්‍යාපෘතිවලට යොමු වීමය.”(12)
නමුත් කෘත්‍රීම ලෙස දේශගුණය වෙනස් කිරීම සඳහා දියත් කෙරී ඇති ව්‍යාපෘති සහ වැඩ සටහන් පිළිබඳව IPCC සංවිධානය දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. 2013දී නිකුත්වී ඇති IPCC වාර්තාව මගින් අවධාරණය කර ඇත්තේ ගෝලීය උණුසුම්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එහි මෙසේ සඳහන් වේ.
“ආකෘතිමය අධ්‍යයනයන් සහ නිරීක්ෂණ විසින් යෝජනා කරනු ලබන සිද්ධාන්තය වන්නේ සූර්ය විකිරණ කළමණාකරණය (Solar Radiation Management -SRM) යොදාගත හැකි සමහර ක්‍රම, ඒවා ප්‍රායෝගිකව යොදාගත හැකිනම්, ගෝලීය ඌෂ්ණත්වයේ නැගීම තිරසාර ලෙසින් අඩු කිරීමටත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීම හේතුවන් ඇතිවන සමහර බලපෑම් අවම කිරීමටත් හැකි වනු ඇත. නමුත් හරිතාගාර වායු විමෝචනයන් විසින් සිදු කරන දේශගුණ විපර්යාසයන්ගේ හානි පූරණය සඳහා එය ප්‍රමාණවත් නොවනු ඇත”
මෙහිලා සඳහන් වන සූර්ය විකිරණ කළමණාකරණ ක්‍රම අතර ගුවන් යානා මගින් රසායනික ද්‍රව්‍ය අහස තුළ විසිරවීම හෝ HAARP ව්‍යාපෘතිය මගින් අයනගෝලය මත සිදුකළ හැකි වෙනස්කම් තවමත් ක්‍රියාවට නංවා නැති සහ අත්හදා බලා නැති ව්‍යාපෘතින් බවට IPCC වාර්තාවේ ඇති සඳහන් වන නමුත් ඒවා දැනටමත් අත්හදා බලා ඇති බවට ලේඛනගත සාක්ෂි විශාල ප්‍රමාණයක් පවතී. (13)
එපමණක් නොව බලගතු රාජ්‍යයන් විසින් දේශගුණය හෝ කාලගුණය කෘත්‍රිමව වෙනස් කිරීමේ ප්‍රතිඵල හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ඇතිවන ගෝලීය උණුසුම ඉහළ යාම නිසා සිදුවන දේ ලෙස හුවා දක්වමින් මිලිටරිමය, භූදේශපාලනමය හෝ ආර්ථික වාසි ලැබීම සඳහා සිදු කෙරෙමින් පවතින කෘත්‍රිම ලෙස දේශගුණය හෝ කාලගුණය වෙනස්කීරීමේ ව්‍යාපෘතින් සැඟවීමට IPCC වාර්තාව මගින් උත්සාහ දරා ඇත.
භූ ඉංජිනේරුකරණය සඳහා පේටන්ට් අයිතිය හිමිකරගැනීම
2013 මාර්තු 26 වැනි දින එක්සත් ජනපදයේ වෙළඳ ලකුණු සහ පේටන්ට් බලපත්‍ර පිළිබඳ කාර්යාලය විසින්, ගුවන්යානා මගින් කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය අහසේ විසුරුවා හැරීමේදී අහසේ සුදුපැහැති මීදුම් රේඛාවන් මෙන් දිස්වන ඝණීභවන පථ (contrails) සැඟවීම සඳහා වන රසායනිකයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් රොල්ස්-රොයිස් සමාගම PLC වෙත නිකුත් කර ඇත. (14)
එය ඒ වර්ගයේ පළමු පේටන්ට් බලපත්‍රය නොවීය. 1962 දී එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා රසායනික අහසේ විසුරුවීමේදී මගින් ඇතිවන ඝනීභවන පථ සැඟවීම ටසහ අනවශ්‍ය ලෙස කෙඳි වළාකුළු නිර්මාණය වීම වැළැක්වීමට එක්කරනු ලබන භාෂ්මික සංයෝග සඳහා පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් කර ඇති අතර පේටන්ට් අංක 3,517,505 යටතේ එය ප්‍රදානය කෙරී ඇත්තේ 1970 දීය. 1988 දී ඝණීභවන පථ නිර්මාණය වීම වැළැක්වීම සඳහා ජලයේ හිමාංකය අඩුකිරීමට සාර්ථක ලෙස යොදාගනු ලබන විවිධ ඇල්කොහොල් වර්ග සඳහා ස්කිපාර් සමාගම (Scipar, Inc) විසින් පේටන්ට් අංක 5,005,355 යටතේ බලපත් ලබාගෙන ඇත. කෙසේ වුවද මෙම 1970 සහ 1988 දී නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍ර 2013 දී නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍රය මගින් පරිසරයට අහිතකර සහ වාණිජමය කටයුතු සඳහා යොදා නොගත යුතු රසායනික සංයෝග ලෙස වර්ගීකරණය කර තිබේ.
ලෝරි ක්‍රේමර් විසින් ලියන ලද “Patently Obvious: A Partial History of Aerosol and Weather Related Technologies.” නම් කෘතියේ අපරිවර්තී වායුගෝලීය ස්ථරයේ රසායනික සංයෝග විසුරුවාහැරීමේ වැඩ සටහන්වලට අදාළ පේටන්ට් බලපත්‍ර පිළිබඳ ලැයිස්තුවක් අන්තර්ගත වේ. (15)
ඝනීභවන පථ සහ රසායනික පථ
ඝණීභවන පථ (contrail) සහ රසායනිකපථ (chemtrail) යනු කෘත්‍රිම ලෙස දේශගුණික විපර්යාස සිදු කිරීම් පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනෙන විට අනිවාර්යෙන්ම අවධානයට යොමුවන විෂයයකි (16)
ඝනීභවන පථ (contrail)
කොන්ට්‍රේල් හෙවත් ඝණීභවන පථ යනුවෙන් හැඳින්වෙන්නේ ගුවන් යානයක් හෝ ජෙට් ඇංජිමක් ඉහළ අහසේ පියාසර කරන විට එය පිටුපසින් රේඛාවක් විලස දිස්වන සුදු පැහැති පථයන්ය. මේවා නිර්මාණය වී ඇත්තේ ඝණීභවනය වූ ජලවාෂ්ප මගිනි.
රසායනික පථ (chemtrail)
මේවාද “කොන්ට්‍රේල් හෙවත් ඝණීභවන පථ ” මෙන්ම ගුවන්යානා හෝ ජෙට් ඇංජින් අහසේ පියාසර කරන විට පිටුපසින් වල්ගයක් ලෙස සුදු පැහැයෙන් දිස්වන රේඛාවන්ය. නමුත් මේවා “රසායනික පථ හෝ කෙම්ට්‍රේල්” (chemtrail) ලෙසින් හැඳින්වෙන්නේ මේවා තුළ කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා විසුරුවන රසායනික ද්‍රව්‍යය අඩංගු බවට සැක කෙරෙන හෙයිනි. සාමාන්‍ය ඝණීභවන පථවලට වඩා බොහෝ වේලාවක් අහසේ රැඳී සිටින සුදු පැහැති පථයන් හැඳින්වීම කෙම්ට්‍රේල් හෙවත් රසායනික පථ යන වචනය යෙදේ.
ගුවන් යානා මගින් වළාකුළු ජනනය සඳහා පොටෑසියම් අයඩයිඩ් හෝ , සිල්වර් අයඩයිඩ් ,සෝඩියම් අයඩයිඩ් හෝ වියලි අයිස් අහසේ විසුරුවන විට රසායනික පථ නිර්මාණය වන්නේ යැයි සැලකේ.
සමහර අය රසායනික පථ (chemtrail) ලෙස හඳුන්වන ලබන ගුවන් රේඛාවන් වූකලී වෙනත් අප්‍රකාශිත රසායනික ද්‍රව්‍ය අඩංගු රේඛාවන් නොව වර්තමාන ජෙට් ගුවන් යානා වලින් නිකුත් කරන සාමාන්‍ය දුමාරය හෙවත් ඝනීභවන පථ (contrail)බව IPCC සංවිධානය සහ තවත් සමහර අය පවසති. “කාලගුණික සංග්‍රාමය” (Weather Warfare by Jerry Smith) නමින් තමන් විසින් 2006 දී ලියන ලද පොතේ ජෙරී ස්මිත් සඳහන් කර ඇත්තේ අපට දැකිය හැකිය ඝනීභවන පථ (contrail)අවශ්‍යයෙන්ම රසායනික පථ(chemtrail) නොවන බවය. 1990 ගණන්වල සිට සියලු ජෙට් යන්ත්‍ර ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩ කරනු සඳහා ” හයි බයිපාස් ටර්බෝෆෑන්” නම් තාක්ෂණයට නවීකරණය කර ඇති බවත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඒවා මගින් නිකුත් කරන ඝනීභවන පථ (contrail) මිහිදුමක් බවටත් අනතුරුව කෙඳි වළාකුළි බවටත් පැය කීපයකට පසුව පත්වන බවයි.(17)
එක්සත් ජනපදයේ නාසා ආයතනයේ කලින් සේවය කරන ලද ගුවන් ඉංජිනේරුවෙකු වූ මාෂල් ස්මිත්(Marshall Smith) වර්තමාන ජෙට් ගුවන් යානා විසින් සිය පියාසැරියේදී නිර්මාණය කරන ඝනීභවන පථ බොහෝ වේලාවක් නොනැසී පැවැතීමට හේතුව පැහැදිලි කර ඇත. පැරණි ජෙට් එන්ජින් යන්ත්‍ර විසින් පිටකරනු ලබන අඳුරු පැහැති ධූම අංශු වටා අයිස් ස්ඵටික එක් රැස් වෙමින් ඝණීභවන පථ නිර්මාණය කරන බව ඔහු පවසයි. මෙම ධූම අංශුවල අඳුරු පැහැය හේතුවෙන් ඒවා විසින් සූර්ය ශක්තිය අවශෝෂණය කරගැනීම හේතුවෙන් එය වටා ඝනීභූත වන අයිස් ස්ඵටික දිය වෙමින් ඝනීභවන පථ කෙටි වේලාවකින් අතුරුදහන් වේ. පැරණි තාක්ෂණයට අයත් ජෙට් ගුවන් යානා මගින් අහසේ නිර්මාණය කරන ඝණීභවන පථ වැඩි වේලාවක් නොරැඳී වියැකී යෑමට හේතුව එය බව මාෂල් ස්මිත් පවසා ඇත. එහෙත් වර්තමානයේදී නව තාක්ෂණයට නිර්මාණය කර ඇති ජෙට් යන්ත්‍ර මගින් පිට කරන දුමාරය වඩාත් පිරිසිදු සහ පැහැදිලි එකක් වන බැවින් දුම් අංශු තුළට සූර්ය ශක්තිය අවශෝෂණය වීම ඉතා අවම වන අතර සූර්ය ශක්තිය එම දුමාරය හරහා විනිවිද ගමන් කරයි. එහෙයින් දුම් අංශු වටා ඝනීභවණය වී ඇති අයිස් ස්ඵටික දියවීමට ගතවන කාලය වැඩිය. එහෙයින් නූතන ජෙට් යානාවලින් නිර්මාණය වන ඝනීභවන පථ ඉහළ අහසේ කෙඳි වළාකුළු බවට පත්වී සාමාන්‍යයෙන් පැය 24 සිට 36 දක්වා අතර කාලයක් අහසේ දැකිය හැකි බව ස්මිත් පෙන්වා දී ඇත.
මෙම වර්ධනය විසින් ජෙට් යානා වලින් රසායනික, ජීව විද්‍යාත්මක හෝ ලෝහමය ද්‍රව්‍ය විසිරවීම් සිදු නොකරන බවට සනාථ නොකරන බව ස්මිත් පිළිගනී. එමෙන්ම එවැනි විසුරුවා හැරීම් සිදු කෙරෙන විට රසායනික පථයක කිසිදු සළකුණක් නොතබාම එය සිදුකළ හැකි බවද ඔහු පෙන්වා දෙයි. එය රඳා පවතින්නේ අංශුවල ස්වභාවය, ආර්ද්‍රතාව සහ වායු ගෝලීය උෂ්ණත්වය වැනි සාධක මත බව ඔහු වැඩි දරුටත් සඳහන් කර ඇත.
2009දී ඔහු විසින් මෙසේ පළ කර තිබේ.
“සාමාන්‍ය ජෙට් විසින් නිර්මාණය කරනු ලබන ඝනීභවන පථ (contrails) විනාඩි කීපයකින් අතුරුදහන් වන නමුත්, “රසායනික පථ” (‘Chemtrails) අසාමාන්‍ය ලෙස පැය ගණනාවක් තිස්සේ පවතින බවටත් එහෙයින් ඒවා එලෙස දිගුවේලාවක් පැවැතීමට බලපාන යම් සැඟවුණු මූලද්‍රව්‍යයක් අන්තර්ගත විය හැකි බවටත් රසායනික පථ පිළිබඳ එවකට පැවැති න්‍යාය විය. දිගු වේලාවක් පවතින ඝණීභවන පථ පිළිබඳව “කුමන්ත්‍රණ න්‍යායන්” මෙම සිදුවීම සඳහා භාවිතා නොකර පැහැදිලි කළ හැකිය. ජෙට් යානා සඳහා “හයිබයිපාස් ටර්බෝ ෆෑන්” ඉන්ධන හඳුන්වා දීම සහ “ගෝලීය උණුසුම ඉහළයාම” හේතුවෙන් ඇති වූ ස්වාභාවික ප්‍රතිඵලයක් මිස මෙහි වෙනත් කිසිවක් නැත.”
ස්මිත්ගේ පැහැදිලි කිරීම අනුව ජෙට් යානයේ ධුමාරය විසින් සළකුණු කරන ලද පථය තැන් තැන්වලින් කැඩී දිස්වන්නේ වායුගෝලයේ උණුසුම් ස්ථානවලදී එම දුමාරය ඉක්මණින්ම වියැකී යාම නිසාය. උණුසුම අඩු ස්ථානවල එලෙස වියැකී යාම සිදුවන්නේ මඳක් ප්‍රමාද වී බැවින් අහසේ තැනින් තැන කැඩුණු රේඛාවක් ලෙස ඝණීභවන පථය දිස්වේ.

මෙහි දිස්වන ආකාරයට ගුවන් යානය විසින් නිර්මාණය කරන ලද දුමාරය මේ අයුරින් සමාන අන්තරයක් සහිතව කෙටි දුරකින් කඩ ඉරක් ලෙසින් ඉතුරුවීම ඒ දුර අතර පවත්නා උෂ්ණත්ව වෙනසක් නිසා සිදුවීමට ඉඩක් නැත. එය සිදුවිය හැක්කේ සමාන කාල සීමාවන් තුළ ජෙට් ගුවන් යානයේ ඇංජිම වරින්වර ක්‍රියා විරහිත කර නැවත පණගැන්වීම සිදු කිරීම හේතුවෙනි. නැතහොත් ගුවන් යානයේ ඇති රසායනික ඉසිනයක් මගින් සමාන දුරකින් ඒවා ඉසීම නිසාය.

මෙවැනි රටාවන් නිර්මාණය වන පරිදි එකිනෙක ඡේදනය වන පථයන්හි ජෙට් ගුවන් යානා පියාසර නොකරයි. මෙහි දැකිය හැක්කේ අහස තුළ විශාල වපසරියක කිසියම් රසායනික ද්‍රව්‍ය ගුවන් මගින් විසුරුවැ හැරීමක් ලෙස සිතිය හැක්කේ එබැවිනි.
කෙසේ වුවද රසායනාගාර පරීක්ෂණ මගින් සනාථ කෙරෙන තෙක් මේවා රසායනික පථ යැයි නිසැකව ඔප්පු කළ නොහැකිය. නමුත් ඒ සඳහා හැකියාවන් ඇත්තේ ඒ ඒ රටවල ආණ්ඩුවලට පමණි. නමුත් මෙවැනි ක්‍රියාවලට බොහෝ විට ආණ්ඩුද හවුල් බැවින් එවැන්නක් සිදුවේ යැයි සිතිය නොහැකිය.
නියාමනය කිරීම දුෂ්කරද?
“කාලගුණික යුද්ධය” හේතුවෙන් කෘත්‍රීම ලෙස පරිසර සාධක වෙනස් කිරීමට (environmental modification- ENMOD) එරෙහි ජාත්‍යන්තර ගිවිසුම් ගණනාවක් ඇති වී තිබේ. පළමු ගිවිසුම බිහිවූයේ 1978 දීය. ඒ එක්සත් ජනපදය විසින් වියට්නාමයේදී කාලගුණය වෙනස්කිරීමේ තමන් සතු හැකියාවන් අවියක් බවට පත්කරමින් වියට්නාම් ජනතාවට එරෙහිව යොදාගැනීමත් සමගය. එහෙත් මේ සෑම ගිවිසුමක්ම “ජාතික ආරක්ෂක අවශ්‍යතාවයන්” පිළිබඳ තර්කය හමුවේ බල රහිත වන ලෙස ඒවා සකස් කෙරී ඇති බවත් එහෙයින් ආණ්ඩුවලට සෑමවිටෙකම මෙම ගිවිසුම් මගින් පැනවෙන තහනම් හා සීමාකිරීම් මගහැර සිය කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිව ඇති බවත් ස්මිත් පෙන්වා දෙයි.
1978 ගිවිසුම මගින් සතුරන්ට එරෙහිව යුද ක්‍රියාමාර්ගයක් ලෙස පරිසර වෙනස්කකම් කිරීමට එරෙහි වෙයි.
2010දී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් “යහපත් කටයුතු” සඳහා ද පාරිසරික සාධක කෘත්‍රිම ලෙස වෙනස් කිරීම තහනම් කරන ලදි. සාමාජික රටවල් 193 දෙනෙකුගෙන් යුත් ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය භූ ඉංජිනේරු ව්‍යාපෘති සහ අත්හදා බැලීම් පිළිබඳ තහනමක් සඳහා පොදුවේ එකඟ විය. නමුත් ආණ්ඩු විසින් මෙය නොසලකා හරින ලදි. තහනම පැනැවුවද ඒවා ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් කෘත්‍රීම ලෙස පාරිසරික සාධක වෙනස් කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව දිගටම සිදු කෙරෙමින් පවතින බවට කිසිදු සැකයක් නැත.
හේගේලියානු දයලෙක්තිකය ක්‍රියාත්මකවන නිවැරදිම ආකාරය මෙය නොවේද? ප්‍රශ්නය→ප්‍රතික්‍රියාව→විසඳුම (ප්‍රවාදය→ප්‍රතිවාදය→සහවාදය). වෙනත් වචනවලින් කිවහොත් ප්‍රශ්න නිර්මාණය කිරීමේ බලයක් සහිත තැන්වල වැජඹෙන පුද්ගලයෝ, තමන් නිර්මාණය කරනු ලබන ප්‍රශ්නයට ජනතාව ජනතාව ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර ජනතාවගේ මෙම ප්‍රතිචාරය “කිසියම් විසඳුමක් ඉල්ලා සිටීමක්” කරා යොමු කරති. එවිට මෙම බලවතුන් විසින් ජනතාවට දෙනු ලබන්නේ තමන් විසින් ප්‍රශ්නය නිර්මාණය කරන ලද අවස්ථාවේදීම සැලසුම් කර ඇති තමන්ට අභිමත “විසඳුමයි”. එයට පිටතින් විසඳුමක් සොයන්නන් හෝ සැබැවින්ම ඇත්තේ මෙම ඊනියා විසඳුම කරා තමන්ව තල්ලුකරනු පිණිස සැලසුම් සහගතව නිර්මාණය කරන ලද “ප්‍රශ්ණයක් ” පමණක් බව පැහැදිලි කරන්නවුන් කුමන්ත්‍රණ න්‍යායවාදින් ලෙස හංවඩුගසා නිහඬ කිරීමට වෑයම් දැරෙනු ඇත.
අවම වශයෙන් දැන් භූ ඉංජිනේරුකරණ භාවිතාවන් පිළිබඳ අඳුරුපට දැන් කෙමෙන් ඉවත් වෙමින් පවතී. එහෙත් ඒ අතරම දැනටමත් අපගේ ග්‍රහලෝකය භූ ඉංජිනේරුකරණයට ගොදුරුවෙමින් පවතින බව වසන් කිරීමට උපරිම ප්‍රයත්න දැරෙනු ඇත.
2010 වසරේදීම, එයින් මාස දෙකකට පසුව මෙක්සිකොවේ කැන්කුන්හීදී දේශගුණය වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතින්ගේ රාමුගත සම්මුතිය(United Nations Framework Convention on Climate Change) සහ IPCC සංවිධානය විසින් භූ-ඉංජිනේරුකරණ අවස්ථාවන් ප්‍රවර්ධනය කරනු පිණිස සම්මන්ත්‍රණයක් පවත්වන ලදි.
ජාත්‍යන්තර අවදානම් පාලන කවුන්සිලය(International Risk Governance Council) විසින් ප්‍රායෝගික මට්ටමේදී ගත යුතුව ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙසේ සඳහන් කර ඇත:
“රටවල් සහ සමාගම් නිතිපතා ඉහළ වායුගෝලය තුළ ගුවන් යානා පියාසැරියන්හි නිරත වෙති. නැතහොත් ඉහළ වායුගෝලය හරහා අභ්‍යවකාශයට රොකට් යැවීම සිදුකරති. මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ අංශු සහ වායූන් විශාල ප්‍රමාණයක් මුදා හැරේ.
කුඩා ක්ෂේත්‍ර අධ්‍යයනයන් සඳහා විධිමත් පූර්ව අනුමැතියක් සඳහා අවශ්‍යතාවයක්, ඒවා SRM සහ එහි සීමාවන් ගැන ඉගෙනීමට යොමු වී ඇති නිසා, බොහෝ විට බලාත්මක කළ නොහැක්කේ චේතනාව විනිශ්චය කිරීම බොහෝ විට කළ නොහැකි බැවිනි.
ඉහළ වායුගෝලයේ සිදු කෙරෙන කුඩා පරිමාණ ක්ෂේත්‍ර අධ්‍යයනයන් සඳහා විධිමත් පූර්ව අනුමැතියක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් නමුත්, සූර්ය විකිරණ කළමණාකරණය සහ එහි සීමාවන් හැදෑරීම එම අධ්‍යයනයන්ගේ ඉලක්කය ලෙස සඳහන්ව ඇති විට ඒ පිළිබඳව කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැක්කේ එම අධ්‍යයනයන්ගේ සැබෑ අරමුණු විනිශ්චය කිරීමට බොහෝ විට නොහැකි නිසාය.

“ග්‍රහලෝකය හැක් කිරීම” නම් සිය කෘතිය තුළ භූ ඉංජිනේරුකරණය සඳහා සම්පූර්ණ වශයෙන් ගෝලීය තහනමක් පැනවීමට කින්ටිෂ් එරෙහි වේ. එයට හේතුව වශයෙන් ඔහු දක්වන්නේ එවැනි තහනමක් හමුවේ ආණ්ඩු ස්වකීය භූ-ඉංජිනේරුකරණ සහ කාලගුණික/දේශගුණික වෙනස් කම් කිරීමේ ව්‍යාපෘති මුළුමණින්ම රහසිගත තත්ත්වයක පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇතැයි යන්නය.
“එය ඉතා අයහපත් දෙයකි. මක් නිසාද යත් එවිට භූ-ඉංජිනේරුකරණය යනු තනිකරම මිලිටරිමය උපායමාර්ගයක් හෝ තාක්ෂණිකවාදි අර්ථයෙන් අත්තනෝමතික බලාධිකාරයක් පවරාගැනීමට දැරෙන ප්‍රයත්නයක් ලෙසට දැනටමත් පවත්නා වැටහීම තවත් දැඩිවන බැවිනි.” ඔහු සඳහන් කරයි.
ඔහු වැඩි දුරටත් මෙසේද සඳහන් කර ඇත.
“ප්‍රබල හඬක් නගමින් සිටින කුමන්ත්‍රණ න්‍යායවාදි ප්‍රජාව දැනටමත් විශ්වාස කරන්නේ ගුවනේ රසායනික පථ (chemtrails) මුදා හැරීම හරහා ආණ්ඩු විසින් භූ-ඉංජිනේරුකරණය දැනටමත් සිදු කරමින් සිටින බවය.”
නමුත් එවැනි භූ-ඉංජිනේරුකරණ ව්‍යාපෘතින් සඳහා නිල නොවන තහනම් පැනවීම් දැනටමත් සිදුව ඇත. කින්ටිෂ්ගේ කෘතිය තුළම ලෝකයේ විවිධ රටවල් තුළ සිදු කර ඇති එවැනි තහනම් පැනවීම් ලැයිස්තු ගත කර තිබේ. ලන්ඩන් සම්මුතිය මගින් අයන උත්පාදනය සඳහා සීමාවන් පනවා ඇත. ජර්මනිය විසින් අයන උත්පාදනය සාගරයට පමණක් සීමා කර ඇත. කින්ටිෂ්ගේ කෘතිය තුළ ඔහු විසින් විශ්වාස කිරීමට ප්‍රතික්ෂේප කර ඇති එකම කරුණ ආණ්ඩු විසින් දැනටමත් සිය භූ-ඉංජිනේරුකරණ ව්‍යාපෘතින් රහසිගතව පවත්වාගෙන යන බවත් භූ-ඉංජිනේරුකරණය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය.

ලෝකය පුරා අහස් නිරීක්ෂකයන් දහස්ගණනාවක් විසින් ඡායාරූප සහ වීඩියෝ මගින්ද පස් සහ ජලය රසායනික විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක්කිරීම මගින්ද මනා ලෙස ලේඛනගත කර ඇති සාක්ෂි පිළිබඳව කිසිදු විද්‍යාත්මකව පිළිගත හැකි ප්‍රතිතර්කයන් ඉදිරිපත් නොකර කින්ටිෂ්ද කර ඇත්තේ ආණ්ඩු විසින් සිය සේවයට යොදාගෙන ඇති අන් සියලුම ප්‍රචාරකවාදින් මෙන් ඒවා”කුමන්ත්‍රණ න්‍යායන්” ලෙස හඳුන්වමින් බැහැර කිරීමය.
ලෝකය පුරාම උසාවි වල කුමන්ත්‍රණ දස දහස් ගණන් පිළිබඳව විභාග කරමින්ද, විවාද කරමින්ද, විනිශ්චයන්ට එළැඹීම දිනපතාම සිදු වේ. කෙසේ වුවද කුමන්ත්‍රණ පිළිබඳ රටාවන් හඳුනාගැනීමට සමත් වන්නවුන් හෙළා දැකීම,ආණ්ඩු විසින් ඉදිරිපත් කරනු ලබන ස්ථාවරයන් සහ ආඛ්‍යානයන්ගේ අතාර්කික, පරස්පර විරෝධී, නොගැලපීම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයන් යටපත් කිරීම සඳහා යොදාගෙන ඇති සරල සහ අලස මාර්ගයක් බවට පත්ව තිබේ. බ්‍රැඩ්ලි මැනින්ග්, එඩ්වර්ඩ් ස්නෝඩන්, විකිලීක්ස්, ඩැනියෙල් එල්ස්බර්ග්, කැරන් හඩ්ස් සහ ඩබ්ලිව්. මාක් ෆෙල්ට් ආදින් විසින් නිසැකවම ඔප්පු කොට ඇත්තේ මානව වර්ගයාට මුහුණ දීමට සිදුව ඇති දරුණුම කුමන්ත්‍රණ මෙහෙයවනු ලබන්නේ ආණ්ඩු විසින් බවය.
මෙම ග්‍රහලෝකය භූ-ඉංජිනේරුකරණයට ලක්කිරීම අයහපත් අදහසක් බවට හේතු දුසිම් ගණන් කින්ටිෂ් විසින් ඉදිරිපත් කර තිබුනද ඇතැම් විට ඔහු එම අදහස අනුමත කරන සඳහන්ද කර ඇත. ඔහු මෙම ග්‍රහලෝකය භූ ඉංජිනේරුකරණය මගින් “සංවෘත සහ මනා ලෙස පාලනය කරන ලද උද්‍යායනයක්” බවට පත්කළ හැකි බවට ඇඟවුම් පළ කර තිබේ. එමගින් පාඨකයා තුළ ඇති කරනු ලබන අදහස නම් “ග්‍රහලෝකය හැක් කිරීම” මගින් යහපත් දේවල් ද සිදු කළ හැකි බවත් එයින් සිදුවන අයහපත වැලැක්වීම සඳහා මනා නියාමනයක් අවශ්‍ය බවත්ය.
ලාභ ඉපැයීම සඳහා කාලගුණ විපර්යාසයන් සිදු කිරීම
ලෝකයේ පුරාම සිදුකරමින් සිටින පරිසර විනාශයන් සහ ජාන විකෘතිකාරක තාක්ෂණයෙන් නිපදවන ආහාර පිළිබඳව චෝදනා ලැබ සිටින මොන්සැන්ටෝ සමාගම කාලගුණික ආපදාවන් සඳහා රක්ෂණය සපයන සමාගම් සහ දේශගුණික/කාලගුණික දත්ත සපයන සමාගම් තුළ තුළ ඩොලර් බිලියන ගණන් ආයෝජනය කර ඇති බව “ෆෝර්බිීස්”( Forbes) සඟරාව විසින් වාර්තාකර ඇත. මෙම ආයෝජනයන්ගේ ඉලක්කය වන්නේ ” දැනටමත් මොන්සැන්ටෝ සමාගම වෙතින් බීජ සහ කෘෂි රසායන මිලදී ගන්නා ගොවීන් වෙත දේශගුණික/කාලගුණික දත්ත සහ අදාළ සේවාවන් සැපයීමයි” යනුවෙන් ෆෝර්බීස් සඟරාවේ සඳහන් වේ.
මොන්සැන්ටෝ සමාගම එක්සත් ජනපද මිලිටරි කාර්මික සංකීර්ණය සමග සමීප සම්බන්ධකම් පවත්වාගෙන යාන සමාගමක් වන අතර දේශගුණය සහ කාලගුණය කෘත්‍රිම ලෙස වෙනස් කිරීම ඇතුළු භූ ඉංජිනේරුකරණ ව්‍යාපෘතීන් සංවර්ධනය කරමින් සිටින එම සංකීර්ණය විසින් භූ ඉංජිනේරුකරණය මගින් සිදුකරන නියඟයන් සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳව කල් තියා දැන ගැනීම අපහසුවක් නොවේ. මොන්සැන්ටෝ සමාගමට ගංවතුරක් හෝ නියඟයක් කිසියම් රටක ඇතිකිරීමට අවශ්‍ය නම් එය ඒ සඳහා සේවා සපයන රහසිගත ආයතන හරහා සිදු කරගත හැකිය. මෙම දේශගුණික රක්ෂණ ව්‍යාපාරය මගින් වසරකට ඩොලර් බිලියන 20ක් ලාභ ඉපැයීමට මොන්සැන්ටෝ සමාගම අපේක්ෂා කරයි. ඒ කෘෂි රසායන සහ බීජ විකිණීමෙන් ලැබෙන ලාභවලට අමතරවය.
වසර දශක ගණනාවක් තිස්සේ මහා වර්ෂාපතන, කුණාටු වැනි කෘත්‍රීම කාලගුණික විපර්යාස මෙන්ම භූමිකම්පා වැනි භූ-භෞතික සිදුවීම් නිර්මාණය කිරීමේ අත්දැකීම් සහිත එක්සත් ජනපදය වැනි රටකට දේශගුණිකවිපර්යාසයන් පිළිබඳ ගැටළු ඇතිකිරීම පහසුවෙන් කළ හැකි දෙයකි. එමගින් ඔවුන්ට භූ ඉංජිනේරුකරණය පිළිබඳ තමන් විසින් සංවර්ධනය කර ඇති තාක්ෂණයන් අලෙවි කිරීමේ අවස්ථා නිර්මාණය කරගත හැකිය.
උදාහරණයක් ලෙස මොන්සැන්ටෝ සමාගම දේශගුණික විපර්යාස පිළිබඳ රක්ෂණ කටයුතු කිරීම සඳහා යම් රාජ්‍යයක් සමග ගිවිසුමකට එළැඹ ඇත්නම්, අනාගතයේ නියඟයක් ඇතිවන බවට අනතුරු අඟවමින් කෘත්‍රීම වැසි ඇති කිරීම සිදු කරන සමාගමකින් එම සේවය ලබා ගන්නා ලෙස උපදෙස් සහ නිර්දේශ ලබාදීම සිදුකළ හැකිය. රාජ්‍යය විසින් එම උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නේනම් ඔවුන්ට “පාඩමක් ඉගැන්වීමට” සැබැවින්ම කෘත්‍රීම ලෙස නියඟයක් ඇතිකරවීම අදාළ සමාගම් හරහා සිදු කළ හැකිය.
මේ ආකාරයට දේශගුණික සහ කාලගුණික විපර්යාස, භූ භෞතික සිදුවීම් ආදියට අදාළව වසර දශක ගණනාවක් තිස්සේ පර්යේෂණ කරමින් පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇති සමාගම්වලට හුදු ලාභ ඉපැයීම සඳහා “දරුණු දේශගුණික තත්ත්වයන්” නිර්මාණය කළ හැකිය.
හේගේලියානු දයලෙක්තිකය ක්‍රියාත්මකවන නිවැරදිම ආකාරය මෙය නොවේද? ප්‍රශ්නය→ප්‍රතික්‍රියාව→විසඳුම (ප්‍රවාදය→ප්‍රතිවාදය→සහවාදය). වෙනත් වචනවලින් කිවහොත් ප්‍රශ්න නිර්මාණය කිරීමේ බලයක් සහිත තැන්වල වැජඹෙන පුද්ගලයෝ, තමන් නිර්මාණය කරනු ලබන ප්‍රශ්නයට ජනතාව ජනතාව ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර ජනතාවගේ මෙම ප්‍රතිචාරය “කිසියම් විසඳුමක් ඉල්ලා සිටීමක්” කරා යොමු කරති. එවිට මෙම බලවතුන් විසින් ජනතාවට දෙනු ලබන්නේ තමන් විසින් ප්‍රශ්නය නිර්මාණය කරන ලද අවස්ථාවේදීම සැලසුම් කර ඇති තමන්ට අභිමත “විසඳුමයි”. එයට පිටතින් විසඳුමක් සොයන්නන් හෝ සැබැවින්ම ඇත්තේ මෙම ඊනියා විසඳුම කරා තමන්ව තල්ලුකරනු පිණිස සැලසුම් සහගතව නිර්මාණය කරන ලද “ප්‍රශ්ණයක් ” පමණක් බව පැහැදිලි කරන්නවුන් කුමන්ත්‍රණ න්‍යායවාදින් ලෙස හංවඩුගසා නිහඬ කිරීමට වෑයම් දැරෙනු ඇත.
අවම වශයෙන් දැන් භූ ඉංජිනේරුකරණ භාවිතාවන් පිළිබඳ අඳුරුපට දැන් කෙමෙන් ඉවත් වෙමින් පවතී. එහෙත් ඒ අතරම දැනටමත් අපගේ ග්‍රහලෝකය භූ ඉංජිනේරුකරණයට ගොදුරුවෙමින් පවතින බව වසන් කිරීමට උපරිම ප්‍රයත්න දැරෙනු ඇත.
රේඩි අනන්ඩා
පරිවර්තනය: අජිත්සී හේරත්
![]() රේඩි අනන්ඩා (Rady Ananda) ඔහායෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආහාර, කෘෂිකර්මය සහ පරිසර විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. ඇය විවිධ පර්යේෂණ සහ අන්තර්ජාල ලිපි ගණනාවක් පළ කර තිබේ. ඇගේ විවිධ විෂයයන් අළලා ලියැවුණ ඇගේ ලිපි විවිධ කතුවරුන් විසින් උපුටා දක්වා තිබේ. ඇමෙරිකන් මැතිවරණ ක්‍රමයේ සිදුවන් දූෂණ වංචාවන්, භූ ඉංජිනේරුකරණය, කාලගුණය සහ දේශගුණය යුද අවියක් බවට කිරීම ආදිය ඇය විසින් බහුලව අවධානය යොමුකර ඇති තේමාවන්ය. |
මූලාශ්‍ර
-
- Nigel Calder, Ed. Unless Peace Comes: A Scientific Forecast of New Weapons, Allen Lane Publishers, London, 1968. Cited chapter by Gordon J. F. MacDonald, ‘How to Wreck the Environment
- Eli Kintisch, Hack the Planet: Science’s Best Hope or Worst Nightmare for Averting Climate Catastrophe. John Wiley & Sons. 2010.
- Sister Dr. Rosalie Bertell, “Background on HAARP,” 1996.
- Michel Chossudovsky, “Washington’s New World Order Weapons Have the Ability to Trigger Climate Change,” 4 Jan. 2002.
- Nicholas Begich and Jeane Manning, The Military’s Pandora’s Box, Earthpulse Press,
- Angels Don’t Play This HAARP & Tesla Technology w/ Dr. Nick Begich
- William S. Cohen, “Terrorism, Weapons of Mass Destruction, and U.S. Strategy,” Sam Nunn Policy Forum, Conference on Terrorism. University of Georgia, Athens, Georgia. 28 April 1997.
- See Briarpatch, January, 2000.
- BETWEEN TWO AGES,America’s Role in the Technetronic Era , Zbigniew Brzezinski
- Intelligence Newsletter, December 16, 1999.
- Air University of the US Air Force, AF 2025 Final Report
- World Meteorological Organization, “Executive Summary of the WMO Statement on Weather Modification,” WMO Documents on Weather Modification Approved by the Commission for Atmospheric Sciences Management Group, Second Session, Oslo, Norway, 24-26 September 2007. CAS-MG2/Doc 4.4.1, Appendix C.
- Planetary Weapons and Military Weather Modification: Chemtrails, Atmospheric Geoengineering and Environmental Warfare
- Frank G Noppel, et al., (assigned to Rolls-Royce PLC). “Method and apparatus for suppressing aeroengine contrails.” Patent No. 8,402,736. 26 March 2013
- Lori Kramer, “Patently Obvious: A Partial History of Aerosol and Weather Related Technologies
- Atmospheric Geoengineering: Weather Manipulation, Contrails and Chemtrails
- Jerry Smith, Weather Warfare: The Military’s Plan to Draft Mother Nature, Adventures Unlimited Press: 2006.
- Practical Populism ~ Neither the nobles nor the merchants make good rulers.