දේශගුණ විපර්යාස භීෂණය: නිල් සහ හරිත බැඳුම්කර ජාවාරම හරහා ගොවියන් කුඹුරෙන්ද ධීවරයන් සයුරෙන් ද නෙරපීම

අජිත් සී. හේරත්

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තමන්ට සිය ණය ගෙවාගත නොහැකි තරමට බංකොළොත් බව ප්‍රකාශයට පත් කළ පසුව එයට එහි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දශමයක හෝ ස්වාධීනත්වයක් ඒ දක්වා තිබිණි නම් එය ද අහිමි විය. සා පවසින් පීඩිතව බෙලහීනව කතරක් මැද  ඇදවැටුණු මුවෙකු මතට පාත්වන ගිජුලිහිණි රංචුවක්  මෙන් ශ්‍රි ලංකාවේ ණය හිමි බටහිර මූල්‍ය  ආයතන ලංකාව සහ එහි ජනතාවන්ගේ ජීවිත මතට කඩා පනින ලදි. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නාමයෙන් ඔවුන් පවසන සියලු දේ කොන්දේසි විරහිතව සිදු කරන තත්ත්වයකට ලංකාව ඇද වැටිණි.  එක්සත් ජනපද තානාපතිනිය රටේ නොනිල ජනාධිපතිනිය බවට පත් වූ අතර ඊනියා අරගලය හරහා බලයට පැමිණි ස්වයං ප්‍රකාශිත ජනාධිපති  රනිල් වික්‍රමසිංහ ඇගේ ලිපිකරුවා බවට පත් වී තිබේ. ලංකාවේ ආර්ථික සම්පත් පවරා ගැනීම සඳහා විවිධ කූට මූල්‍ය යාන්ත්‍රණයන් දියත් කර ඇති අතර ඒවා පිළිගන්නා ලෙස වික්‍රමසිංහ ආණ්ඩුවට බල කෙරෙමින් පවතී. පසුගියදා පැවැති පැරිස් කණ්ඩායමේ ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’ විසින් ප්‍රවර්ධනය කරන ලද හරිත සහ නීල බැඳුම්කර යාන්ත්‍රණය එවැන්නකි. හරිත සහ නීල බැඳුම්කර යනු මොනවාද?  ලංකාවේ ආර්ථිකය පවත්නා ආගාධයෙන් ගොඩගැනීමට ඒවා සහාය වනු ඇත්ද? නැතහොත් එයින් සිදුවන හානිය කුමක් ද?

හරිත බැඳුම්කර සහ නීල බැඳුම්කර යනු මොනවාද?

හරිත බැඳුම්කර(Green Bond) පිළිබඳ “ඉන්වෙස්ටෝපිඩියා”  වෙබ් අඩවියේ සඳහන් වන නිර්වචනය මෙසේය.

“හරිත බැඳුම්කරයක් යනු දේශගුණික සහ පාරිසරික ව්‍යාපෘති සඳහා මුදල් රැස් කිරීම සඳහා විශේෂයෙන් වෙන් කර ඇති ස්ථාවර ආදායම් මෙවලම් වර්ගයකි . මෙම බැඳුම්කර සාමාන්‍යයෙන් වත්කම්-සම්බන්ධ වන අතර නිකුත් කරන ආයතනයේ, සමාගමේ හෝ රාජ්‍යයේ ශේෂ පත්‍රයේ පිටුබලය ඇත. එබැවින් ඒවාට සාමාන්‍යයෙන් ඒවා නිකුත් කරන්නන්ගේ අනෙකුත් ණය බැඳීම් හා සමාන ණය ශ්‍රේණිගත කිරීම් වල තත්ත්වය හිමි වේ.

21 වන ශතවර්ෂයේ පළමු දශකය දක්වා දිවෙන, හරිත බැඳුම්කර ඇතැම්විට දේශගුණික බැඳුම්කර ලෙස ද හැඳින්වේ, නමුත් මෙම පද දෙක සැමවිටම සමාන නොවේ. දේශගුණික බැඳුම්කර විශේෂයෙන් කාබන් විමෝචනය අඩු කරන හෝ දේශගුණික විපර්යාසවල බලපෑම් සමනය කරන ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර සපයන අතර හරිත බැඳුම්කර ධනාත්මක පාරිසරික බලපෑමක් ඇති ව්‍යාපෘතිවලට අදාළ මෙවලම්වල පුළුල් කාණ්ඩයක් නියෝජනය කරයි.”

නීල බැඳුම්කර පිළිබඳව එම වෙබ් අඩවියේ නිර්වචනය මෙසේය

“සාගර සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක වන තිරසාර සාගර මූල්‍යකරණය සඳහා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට නීල බැඳුම්කර (Blue bonds)සහාය වේ. 2018 දී හඳුන්වා දුන් නීල බැඳුම්කර ධනාත්මක පාරිසරික, ආර්ථික සහ දේශගුණික ප්‍රතිලාභ ලබා දෙන සාගර පාදක ව්‍යාපෘති වෙත මූල්‍ය ආයෝජනයන් යොමු කිරීම අරමුණු කර ගෙන ඇත.”

බ්ලැක්රොක් සමාගම සහ හරිත බැඳුම්කර

ලංකාව සිය ණය උගුලේ හසුකරගත් බ්ලැක්රොක් සමාගම  හරිත බැදුම්කර පිළිබඳ වර්ණනයක යෙදී ඇති ආකාරය

බ්ලැක්රොක් සමාගම ලෝකයේ ප්‍රධානතම වත්කම් කළමණාකරණ සමාගමක් වන අතර ඩොලර් ට්‍රිලියන 80ක් යැයි සැළකෙන සමස්ත ලෝකයේම වත්කම්වලින් ඩොලර් ට්‍රිලියන 20ක් පාලනය කරන්නේ බ්ලැක්රොක් සමාගම විසිනි. ගෝලීය ආයෝජන ක්ෂේත්‍රයට ESG (පාරිසරික, සමාජීය, ආණ්ඩුකරණය-Environment/Social/Governance- ESG)නම් ආයෝජන නිර්ණායක මෙවලම හඳුන්වා දෙමින් තරඟකාරි සමාගම්, කුඩා ව්‍යාපාර, සහ බ්ලැක්රොක් සමාගම සම්බන්ධ ලෝක ආර්ථික සංසදයේ ටෙක්නෝ ෆැසිස්ට් ආක්‍රමණයට එරෙහි සමාගම් ව්‍යාපාරික ලෝකයෙන් අතුගා දැමීම සඳහා දියත්ව ඇති ක්‍රියාදාමය මෙහෙයවන එක් ප්‍රධාන සමාගමක් වන්නේ බ්ලැක්රොක් සමාගමය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් කරන ලද ණය වලින් විශාල ප්‍රමාණයකට හිමිකම් කියන්නේ බ්ලැක්රොක් සමාගමය දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ලංකාව පූර්ණ වහල්භාවයට පත්කරමින් සිටියි.ශ්‍රී ලංකාව ණය උගුලට සිර කරගැනීමට කටයුතු කළ තවත් සමාගමක් වන එක්සත් ජනපදයේ ජේ.පී මෝර්ගන් සමාගමේ කොටස්වලින් 6%කට ප්‍රමාණයක් බ්ලැක්රොක් සමාගම සතුය.
හරිත බැඳුම්කර නම් ආයෝජන මෙවලම ප්‍රවර්ධනය කරන බටහිර මූල්‍ය සමාගම් අතර ප්‍රධාන එකක් වන්නේද බ්ලැක්රොක් සමාගමයි.
බ්ලැක්රොක් සමාගම සිය වෙබ් අඩවියේ හරිත බැඳුම්කර පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.

“බ්ලැක්රෝක් සමාගම හරිත බැඳුම්කර වෙළඳපොලේ වර්ධනය සඳහා බැරෑරුම් ලෙස මැදිහත් වී තිබේ.2020 මාර්තු මාසය වනවිට අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපි කැපවුනු ආයෝජන කළඹ මගින් සහ පුළුල් ස්ථාවර ආදායම් බලපත්‍රවල සංරචකයන් ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 16කට වැඩි හරිත බැඳුම්කර පවත්වාගෙන ගොස් තිබේ. බ්ලැක්රොක් සමාගම හරිත බැඳුම්කර විධායක කමිටුවේ ආරම්භක සාමාජිකයෙකි.මෙම වත්කම් ශ්‍රේණියට ආධාර කරනු පිණිස අපි නිතිපතා බැඳුම්කර නිකුත්කරන්නන්, ඇපකරුවන්, පාලක අධිකාරින්, සහ ගනුදෙනුවන් සමග හමුවීම් සිදු කරන්නෙමු.”

මෙම හරිත බැඳුම්කරවල ඇති විශේෂත්වයක් ලෙස බ්ලැක්රොක් සමාගම විසින් හුවාදක්වනු ලබන්නේ එම බැඳුම්කර සඳහා ආයෝජනය කරන්නන්ට ප්‍රතිලාභ ලබාදීම සිදුවන්නේ යම් යම් විශේෂිත අවස්ථාවන්හිදී පමණක් බවය.ඒ වෙනුවට ලෝකය කාබන් දහනයෙන් තොර ආර්ථිකයක් කරා ගෙන යාම මගින් හිමිවන ප්‍රතිලාභයන් මෙම හරිත බැඳුම්කර සඳහා ආයෝජනය කරන්නන්ට හිමිවන බව බ්ලැක්රොක් වෙබ් අඩවියේ සදහන්වේ.

“… කාබන් ඉන්ධන දහනය ශුන්‍ය වූ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා හරිත බැඳුම්කර නිකුත් කරන්නන් විසින් යෝජනා කරනු ලබන ව්‍යාපෘතින් වලට ආධාර කිරීමට කැමැති ආයෝජකයන් වෙත ඒ සඳහා සුදුසු මාධ්‍යයක් හරිත බැඳුම්කර විසින් ඉදිරිපත් කරයි. නමුත් ආපසු ගෙවීමේ වෙනත් මානයක් ද එය විසින් නිර්මාණය කරයි. එනම් පරිසරය කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදුකිරීම මගින් ලබා දෙන මූල්‍යමය නොවන ප්‍රතිලාභයන්ය.එනම් ලෝකය මත සිදුකෙරෙන ධනාත්මක බලපෑමකි.”

බ්ලැක්රොක් වැනි සමාගම් මෙම හරිත බැඳුම්කර හරහා පරිසරය රැකගැනීමේ සටන්පාඨය ඉදිරියට දමමින් සමස්ත මානව වර්ගයා කෝපරේට් ෆැසිස්ට්වාදයට යටත් කිරීම සඳහා පහසුවෙන් තේරුම්ගැනීමට අපහසු සංකීර්ණ ක්‍රීඩාවක නිරත වේ.

ලංකාව ණය උගුලේ සිර වූයේ කෙසේද?

2019 වසරේදී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මධ්‍යම මට්ටමේ ආදායමක් සහිත ලෙස නම් කරන ලදි. ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් සහන පොලියට ණය ලබාගැනීමේ අවස්ථාව අහිමි කර බ්ලැක්රොක්, ජේපීමොර්ගන් වැනි පුද්ගලික මූල්‍ය සමාගම්වලින් ඉහළ පොලියට ණය ලබාගැනීම කරා යොමුකරන ලදි.

මෙම ණය උගුලට ශ්‍රි ලංකාව සිර වූ අතර ඊනියා කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව යටතේ ලොක්ඩවුන් කිරීම් සහ රටවල් වසා දැමීම හේතුවෙන් ගෝලීය සහ දේශියව ලංකාව වැනි රටවල ආර්ථිකයන් තදබල ලෙස බිඳවැටිණි. එයට අමතරව මහජන සෞඛ්‍යය විනාශ කළ ෆයිසර්, මොඩෙර්නා වැනි එන්නත් මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් බිලියන ගණනාවක් වියදම් කිරීමට බලකර ලද අතර එම වියදම් පියවූයේ ආසියානු සංවර්ධන බැංකුව සහ පුද්ගලික මූල්‍ය සමාගම්වලින් ණයට ගත් මුදල් වලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාපරාධි නිර්දේශ මත ක්‍රියාත්මක කරන ලද ලොක් ඩවුන් හේතුවෙන් රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තය, නිදහස් වෙළඳ කලාපයේ ආදායම, විදේශ ශ්‍රමිකයන් වෙතින් ලද ආදායම අපනයන බෝග ආදායම ආදිය විශාල ලෙස බිඳ වැටිණ.
මේ අයුරින් ආර්ථිකය සංවිධානාත්මක ලෙස බිඳ දමන ලද අතර එක්සත් ජනපදය සිය නාවික හමුදා බලය යොදමින් ශ්‍රි ලංකාව අවට මුහුදේ යුද අභ්‍යාස පවත්වමින් ලංකාව සම්පූර්ණයෙන්ම වටකර තිබිණි. රටපුරා අරාබි වසන්තය පන්නයේ ‘අරගලයක්’ ලංකාව තුළ බටහිර රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් පුහුණු කරන ලද ‘සමාජ දේශපාලන ක්‍රියාකාරිකයන්’ හරහා ආරම්භ කරන ලදි. මේ වනවිට වසර දෙකක කොවිඩ්-19 ලොක් ඩවුන් සහ රාජ්‍ය දූෂණය හේතුවෙන් පීඩනයට පත්ව සිටි ජනතාවගේ ආණ්ඩු විරෝධය ඉතා ලාබයට ගසාකෑමට මෙම ‘අරගලය’ පිටුපස සිට එය මෙහෙයවන ලද බලවේග සමත් විය. උද්ඝෝෂණ උත්සන්නවෙමින් පවතිද්දි රට ණය ගෙවාගත නොහැකි ලෙස බංකොළොත් විණි යැයි ප්‍රකාශ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව, පැරිස් කණ්ඩායම ඇතුළු රටවල් විසින් දැඩි බලකිරීමක් ශ්‍රි ලංකා රජය වෙත එල්ල කරනු ලැබිණි. විදේශ විනිමය හිඟවීම හේතුවෙන් ඉන්ධන හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම දැඩි ලෙස සීමාකිරීමට සිදුව ඇතැයි ආණ්ඩුවේ නායකයෝ පැවසූහ.

මේ අවස්ථාවේදී ලංකාවට ආහාර සහ ඉන්ධන ලබාදීමට රුසියාව, චීනය වැනි රටවල් ඉදිරිපත්වුවද එම ආධාර පිළිගැනීමෙන් වළකින ලෙස එක්සත් ජනපදය විසින් සිය ‘ප්‍රාණ ඇපයේ’ශ්‍රි ලංකා රජයේ නායකයන්ට බලකරන ලදි. රටපුරා ආහාර සහ ඉන්ධන හිඟයක් නිර්මාණය කරන ලදි. රටේ ආර්ථික අර්බුදය විසඳාගැනීමට ආධාර ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම හැර අන් විකල්පයක් නැතැයි යන මතය ක්‍රමානුකූලව සමාජගත කෙරිණි.

ගෝඨාභය රාජපක්ෂගේ පලායාමෙන් අනතුරුව බලයට පත් රනිල් වික්‍රමසිංහ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග ගිවිසුම් අත්සන් තබන ලදි. ඒ අනුව ලංකාවේ ණයහිමි සමාගම්වලට ලංකාවේ ජාතික ස්වාධිපත්‍යය නොතකා හරිමින් රටේ සම්පත් සහ උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතන මෙන්ම වරායන්ද ග්‍රහණය කරගැනීමට අවස්ථාව උදාකරගනු ලැබිණි.

ඉන්ධන හිඟය සහ දේශගුණ විපර්යාස භීෂණය ලංකාවට හඳුන්වාදීම

ගෝඨාභය රාජපක්ෂ CO-26 සමුළුවේදී

බටහිර අධිරාජ්‍යවාදි බලවේගයන් විසින් ශ්‍රී ලංකාව තුළ සැලසුම් සහගතව දියත් කරන ලද බලශක්ති අර්බුදයක ලකුණු පළමුවරට මතුවූයේ 2021 වසරේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ CO-26 සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවය. ඔහු එහිදී ලංකාවේ කාබන් විමෝචනය 2030 වනවිට ශුන්‍ය කිරීමට ප්‍රතිඥා දෙමින් පවසා සිටියේ ‘මෙම ග්‍රහලෝකය ආරක්ෂා කිරීමට සඳහා ඕනෑම දෙයක් කිරීමට තමන් පසුබට නොවන’ බවය. ඉන්පසු ගෙවීගිය මාසවලදී ශ්‍රී ලංකාවේ ජනයා ආහාර පිසීමට භාවිතා කරන ගෑස් ටැංකි පුපුරා යාමට පටන්ගත්තේය. මෙම සිදුවීම් පිටුපස කිසියම් බලගතු රටක රහස් ඔත්තු සේවය විසින් මෙහෙයවන ශ්‍රි ලංකාවේ බුද්ධි අංශ කණ්ඩායමක් සිටින බවට බරපතල සැකයක් මතුවිය.

ශ්‍රී ලංකාවේ ගෑස් ටැංකි පුපුරායාමේ අභිරහස පිළිබඳව economynext  වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරය

දේශගුණික විපර්යාසයන් පිළිබඳව සැලසුම් සහගතව මවාපාන භීෂණය පදනම්ව ඇත්තේ ඉදිරි දශකය තුළ පොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන්ම නතරකර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මුළුමණින්ම ශුන්‍ය බවට පත් නොකළහොත් බරපතල දේශගුණික ව්‍යාසනයන් සිදුවී මානව වර්ගයා මිහිමතින් අතුගෑවී යනු ඇති බවය. ග්‍රේටා තන්බර්ග් වැනි ව්‍යසන ක්‍රියාකාරිකයන් යොදාගනිමින් මෙම මතය යුරෝපය පුරා සමාජ ගත කිරීම ආරම්භ වී දැන් වසර ගණනාවක් වන අතර දැන් ඔවුහු ආසියාව සහ අප්‍රිකාව වැනිමහාද්විපයන් කරා ද මෙම දේශගුණික ව්‍යසනයන් පිළිබද මෙම ප්‍රෝඩාකාරි භීෂණය පතුරුවමින් සිටිති.මෙම ව්‍යාපාරයන් සඳහා ක්‍රියාකාරිකයන් පුහුණු කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් සැපයෙන්නේ ජෝර්ජ් සොරෝස්ගේ ඕපන් සොසයිටි පදනම, රොකෆෙලර් කාටලයට අයත් ඉන්ධන සමාගම්,රොත්ස්චයිල්ඩ් මූල්‍ය අධිරාජ්‍යය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව ආදිය විසිනි. ‍ ශ්‍රී ලංකාව වැනි රටවල පවත්නා රාජ්‍ය නොවන සංවිධානයවලට සම්බන්ධ ‘සමාජ, දේශපාලන හෝ පරිසර ක්‍රියාකාරිකයන්’ වෙත අරමුදල් ලබා දෙමින් ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ ඉහත ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්ය.
දැන් මේ ක්‍රියාකාරිකයන් හරහා ‘පොසිල ඉන්ධන භාවිතයේ ආදිනව’ පිළිබඳව තුන්වන ලෝකයේ ජනතාවන්ට දේශනා පවත්වමින් දෙශගුණික ව්‍යසනයන් මැඩපැවැත්වීම සඳහා පොසිල ඉන්ධන භාවිතය නවතා දමන ලෙසත් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන ලෙසත් ආණ්ඩුවලට බලකිරීමට කටයුතු කළ යුතු යැයි සමාජ මතයක් ඇති කෙරෙමින් පවතී.

බ්ලැක්රොක් වැනි සමාගම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන පොසිල ඉන්ධන භාවිතය අත්හිටුවීම හරහා බිම් මට්ටමේ දී ඒ ආකාරයෙන් මතයක් සමාජගත කරන අතරම අනෙක් අතට ඒ ඒ රටවල ආණ්ඩු සිය වැඩපිළිවල සඳහා කොටුකරන යාන්ත්‍රණයන්ද ගොඩ නගමින් තිබේ. අප ඉහතින් සඳහන් කළ හරිත බැඳුම්කර යනු එවැනි යාන්ත්‍රණයකි.

ශ්‍රි ලංකාව දැන් බටහිර මූල්‍ය සමාගම්වල ග්‍රහණයට යටත්ව සිය ස්වෛරීත්වය අහිමි කරගත් දේශයක් බව අපි දනිමු. එහෙයින් හරිත බැඳුම්කර සහ නීල බැඳුම්කර නම් මගඩිය හරහා කෙරෙන හානිකර බලපෑම් කිසිවක් නතර කිරීමට එයට හැකියාවක් නැත.

හරිත බැඳුම්කර සහ නීල බැඳුම්කර වල හානිකර බලපෑම්

ප්‍රධානතම හානිකර බලපෑම්පහත පරිදි ලැයිස්තුගත කළ හැකිය.
1. ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම භාරගැනීමේ මුවාවෙන් බටහිර මූල්‍ය සමාගම්  විසින් ඊනියා පරිසර සංවිධාන හරහා ලංකාවේ වැසි වනාන්තර ඇතුළ වනාන්තර, ඒවායේ ජාන සම්පත්, ලංකාවට අයත් සමුද්‍රසීමාවට අයත් සාගරජීව සම්පත, ජලාශ සහ ගංගා, ආදිය පවරා ගැනීම

2. හරිත හෝ නීල බැඳුම්කර අලෙවියෙන් ලබාගන්නා අරමුදල්වල පාලනය සතුවන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවට නොවේ. එම අරමුදල් ද  නෙචර් කොන්සර්වන්සි වැනි ඊනියා ජාත්‍යන්තර පරිසර සංවිධාන විසින් පාලනය කරන ගිණුමක තැන්පත් කළ යුතුය. ඒවා වියදම් කරන ආකාරය තීරණය කරන්නේ එවැනි  සංවිධාන විසිනි. බොහෝ විට මෙම අරමුදලෙන් 80%ක් පමණ වැය වන්නේ අදාළ පාරිසරික ව්‍යාපෘතියට නොව මෙවැනි සංවිධානවල කාර්ය මණ්ඩල නඩත්තුව සහ වෙනත් මෙහෙයුම් වියදම් පියවා ගනු පිණිසය.

2. ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ඒකාධිකාරය  එම සමාගම් වෙත පවරාගැනීමට බලපාන කොන්දේසින් නිර්මාණය කිරීම. (පාරිසරිකව අවදානම් සහගත කලාපයන් ලෙස කෘෂිකාර්මික කලාපයන් නම් කරමින් ඒවායේ ගොවිජනතාව එම බිම්වලින් ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ග මගින්)

3. කාබන් විමෝචනය නැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ලංකාව පවත්නා අවම කාර්මික නිෂ්පාදනය පවා මුළුමණින්ම නතර කරවීම

4.  හරිත බැඳුම්කර සහ නීල බැඳුම්කර වලදී ඇති කරගන්නා ගිවිසුම් අනුව ඒවා මෙහෙයවන බටහිර මූල්‍ය සහ පාරිසරික සංවිධාන විසින් නිර්දේශ කරනු ලබන බලශක්ති සමාගම්වලින්  කොල්ලකාරි මිල ගණන්වලට   පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීමට සිදුවීම

4. සංරක්ෂණය කිරීමට යැයි සමාගම් විසින් තීරණය කරනු ලබන ප්‍රදේශවලින් ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ ඔවුන්ට එකී ස්වාභාවික සම්පත් පරිහරණය කිරීම තහනම් කිරීම සිදු කිරීමට ද සමාගම්වලට බලය පැවරේ. මේ තම නිජබිමේ ජලාශයකින් දිය නෑම, මසුන් මැරීම, වනාන්තර ගඩාගෙඩියක් හෝ පලා නෙලීම සඳහා වුව වනාන්තරවලට යාම තහනම් කෙරෙනු ඇත.

5. වඳවී යන සත්ව සහ ශාක සංරක්ෂණයේ මුවාවෙන් ඒවායේ ජාන මංකොල්ලයක් සිදු කෙරෙනු ඇත. ලංකාවේ ස්වාභාවික ශාකවල පේටන්ට් අයිතිය හිමිකරගැනීම මගින් ඒවා දේශිය ඖෂධ නිෂ්පාදනය යොදාගැනීම නීති විරෝධී කිරීම

ලංකාවේ ණය පිළිබඳ ගණන් හිලවු වංචනිකව සකසා ණය බර තවත් වැඩි කිරීම

පැරිස් කණ්ඩායමේ ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’ විසින් ප්‍රවර්ධනය කරන ලද හරිත සහ නීල බැඳුම්කර යාන්ත්‍රණය විසින් ලංකාවේ සම්පත් කොල්ලය කෑමේ යාන්ත්‍රණය පිළිබඳව අවධාන යොමු කරමු.
ශ්‍රී ලංකාව බංකොළොත් යැයි ප්‍රකාශයට පත්කෙරෙන විට ලංකාවේ පැවැති සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 26ක් වූ නමුත් දැන් වසරක් ඇතුළත ඩොලර් බිලියන 86ක් ලෙස සංඛ්‍යාලේඛන සහ දත්ත විකෘති කරමින් වංචනික ලෙස ඉහළ දමා තිබේ. ණයට බඩු දෙන හන්දියේ කඩේ මුදලාලි  ණයපොතේ ලියන්නේ තමන්ට කැමැති ගණන් හිලවු මිසෙක ණයට ගනු ලබන භාණ්ඩවල සැබෑ වටිනාකම් නොවන බව අපි දනිමු. නමුත් ඔවුන් පවා කිසිවිටෙකත් ණය ප්‍රමාණය මෙතරම් පහත් සහ නිහින ලෙස තුන්හතර ගුණයකින් ඉහළ දමන්නේ නැත.
මේ අයුරින් වංචනික ලෙස ඉහළ දමන ලද ණයවලට සරිලන ලෙස හරිත සහ නීල බැඳුම් කර නිකුත් කරන ලෙස ලංකාවට ණය දුන් බ්ලැක්රොක්, ජේපී මොර්ගන්, ආසියානු සංවර්ධන බැංකුව සමාගම් ලංකා රජයට නියෝග කරයි. එවිට ණය හිමි සමාගම්වලට තමන්ට අයත් ණය වෙනුවට එම හරිත හෝ නීල බැඳුම්කර පවරාගත හැකිය.එක්කෝ ඔවුහු ඒවා තමන් යටතේම පවත්වා ගනු ලැබීම හෝ තවත් තෙවන පාර්ශ්වයකට අලෙවි කිරීම සිදු කරනු ඇත. වෙනත් වචනවලින් කිවහොත් මෙහිදී සිදුවන්නේ දිවයිනේ ගොඩබිම හෝ සමුද්‍රය සංරක්ෂණය කිරීමේ මුවාවෙන් ඒවා තම පාලනය යටතට ගැනීමය. මෙහිදී මෙම බැඳුම්කර ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන්නේ තමන් විසින් සැලසුම් කරන පාරිසරික හෝ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් ලෙස මවා පා නමුත් ඇත්තවශයෙන්ම අදාළ බැඳුම්කර නිකුත් කළ යුතුවන්නේ ඉහත ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාර සමාගම් විසින් සැලසුම්කර ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘතින් සඳහාය.
මෙහිදී ලංකාවේ මුදල් කටයුතු සම්බන්ධව තීරණය කෙරෙන පාර්ලිමේන්තුව හෝ මහ බැංකුව සම්පූර්ණයෙන් බලරහිත ආයතනයන් බවට පත් කර දමා තිබේ. ලංකාවේ මුල්‍ය කටයුතු පරිපාලනය කෙරෙන ප්‍රධානතම ආයතනය වන මහ බැංකුව පාර්ලිමේන්තුවේ පාලනය යටතේ පැවතීම අවසන් කිරීමට ඉහත සමාගම් ක්‍රියා කළේ මෙවැනි කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීම සඳහාය.

නීල බැඳුම්කර සහ අප්‍රිකාවේ අත් දැකීම්

රාජ්‍ය මට්ටමේ ගැනුම්කරුවන්ගේ සන්ධානයක් විසින් බ්ලැක්රොක් සමාගම සහ ලෝක ආර්ථික සංසදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන ESG නිර්ණායක හෙවත් පාරිසරික, සමාජීය, ආණ්ඩුකරණය පිළිබඳ ආයෝජන නිර්ණායක(Environment/Social/Governance- ESG) වනාහි ප්‍රෝඩාවක් සහ වංචාවක් බව අනාවරණය කිරීම පිළිබඳව බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරි ලැරී ෆින්ක් සිය නොසතුට පළ කරමින් පවසා සිටියේ “ESG” පිළිබඳව සිදු කෙරෙන විවාදයන්ට සහභාගිවීමට සිදුවීම නිසා තමන් ලජ්ජාවට පත් වූ බවයි.
සිය ප්‍රතිපත්තීන් පිළිබඳව නැවත සළකා බැලීමකට යොමුවනු වෙනුවට ලැරී ෆින්ක් සහ ඔහුගේ ප්‍රභූ සගයන් “මූල්‍යමය ප්‍රතිලාභ නොලැබෙන සහ හුදෙක් ලෝක පරිසරයට යහපතක් සිදුකිරීමේ සත් චේතනා පමණක් පෙරදැරිව ” දියත් කර ඇති නීල බැඳුම්කර ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
නීල බැඳුම්කර පිළිබඳව Independance Womens Forum යන වෙබ් අඩවියට “ ESG නිල් බැඳුම්කර නීත්‍යානුකූල සාගර සංරක්ෂණ ප්‍රයත්නයන්ට බාධා කළ හැකිය” ලිපියක් ලියන ගාබ්‍රියෙලා හොෆ්මාන් මෙසේ සඳහන් කර තිබේ.

“ නීල බැඳුම්කර යනු ආණ්ඩු, බැංකු හෝ සමාගම් විසින් සමුද්‍ර සංරක්ෂණය සහ සමුද්‍රය ආශ්‍රිත ආර්ථික කටයුතු තුළ කෙරෙන ආයෝජනයන්ට ආධාර කරනු පිණිස ණය දීමේදී භාවිතා කෙරෙන මෙවලමකි. ESG නිර්ණායකයන්ට පක්ෂපාති පුද්ගලයන් විසින් පවසනු ලබන්නේ තමන් ඒවා වැළඳගෙන ඇත්තේ “ සමුද්‍රයට සහ මානව සංහතියට යහපතක් උදාකිරීම අරමුණෙන් යුතුව ” “ඔවුන්ගේ සමාගම්වල සාමාජීය වගකීම ඉටුකරනු සඳහා බවය.”

ඩෙන්මාර්කයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අයත් සමාගමක් වන ඕර්ස්ටඩ් (Orsted) සමාගම සිය සමාගමේ ESG ඉලක්ක සාක්ෂාත් කරගනු පිණිස තමන් නීල බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට දැඩි ලෙස කැපවෙන බව අනාවරණය කර තිබේ. මෙම නීල බැඳුම්කර නිකුත් කරන ලද පළමු පුද්ගලික සමාගම මෙම ඩෙන්මාර්ක සමාගමයි. එහි වටිනාකම යුරෝ මිලියන 100කි.

“සාගර සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක වන තිරසාර සාගර මූල්‍යකරණය සඳහා වෙළඳපල විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට නිල් බැඳුම්කර සහාය වේ,” යනුවෙන් ඕර්ස්ටඩ් සමාගම පවසා තිබේ. මෙම සටන්පාඨය බ්ලැක්රොක් සමාගම සහ ලෝක ආර්ථික සංසදය විසින් අකුරක් නෑර නැවතත නැවතත් ප්‍රතිරාවය කරනු ලබන එකකි.

සීෂෙල්ස් සමූහාණ්ඩුව ආර්ථික වශයෙන් ප්‍රපාතයට

නීල බැඳුම්කර නිකුත් කිරීම මගින් ණය ලබාගත් සීෂෙල්ස් සමූහාණ්ඩුව ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටුණ ආකාරය පිළිබඳවද ගාබ්‍රියෙලා  හොෆ්මාන් විසින් සිය ලිපිය තුළ අපගේ අවධානයට යොමු කර තිබේ.
2018 දී සීෂෙල්ස් සමූහාණ්ඩුව විසින් ලෝක බැංකුවේද පිටුබලය සහිතව පළමු ස්වෛරී නීල බැඳුම්කර නිකුත් කරන ලදි. මෙම නිශ්චිත බැඳුම්කරයේ වටිනාකම වසර 10ක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් විය.
ආයෝජකයන් විසින් ණය ලබාගන්නා පුද්ගලයන්ට දෙනු ලබන ණය හා සම්බන්ධිත සම්ප්‍රදායික බැඳුම්කර මෙන් නොව නීල බැඳුම්කර සැලකෙන්නේ සමුද්‍රයේ තිරසාරත්වයට ආධාර කිරීමේ ඉලක්කය සහිතව නිකුත් කරන ලබන බැඳුම්කර ලෙසය. එය හරිත බැඳුම්කරවලට සමානය.
“එය මගින් රැස් කරනු ලබන අරමුදල් විශේෂිත හරිත, දේශගුණික සහ තිරසාර අවශ්‍යතාවන් සඳහා වන ව්‍යාපෘතින් සඳහා වියදම් කිරීමට ප්‍රතිඥා දී ඇති” හරිත බැඳුම්කර වලට නීල බැඳුම්කර බෙහෙවින් සමාන වේ. එමෙන්ම හරිත බැඳුම්කර මෙන්ම නීල බැඳුම්කරද රටක හෝ ව්‍යාපාරයක ආර්ථික අස්ථායිතාව ඇතිකිරීමට හේතු විය හැකි බව Independance Womens Forum වෙබ් අඩවියට “ ESG නිල් බැඳුම්කර නීත්‍යානුකූල සාගර සංරක්ෂණ ප්‍රයත්නයන්ට බාධා කළ හැකිය” යන මැයෙන් යුතුව ගාබ්‍රියෙලා හොෆ්මාන් ලියන ලද ලිපියේ සඳහන් කර තිබේ.

ඝානාවට අත් වූ ඉරණම

නීල බැඳුම්කර නිකුත්කරමින් එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක අරමුදලක් ලබාගත් අප්‍රිකානු මහාද්විපයේ ප්‍රථම රට වූ ඝානාවට අත් වූ ඉරණම ගැන ගාබ්‍රියෙලා හොෆ්මාන් විසින් මෙසේ සඳහන් කර තිබේ.

“හරිත, සමාජ සහ තිරසාරත්ව පිළිබඳ බැඳුම්කර (Green, Social and Sustainability -GSS) මගින් ජාත්‍යන්තර ප්‍රාග්ධනය ඇමෙරිකන් ඩොලර් බිලියන 5ක් රැස් කරගැනීමට සමත් වූ අප්‍රිකා මහාද්විපයේ පළමු රට ඝානාව විය.මෙම GSS බැඳුම්කර විසින් පාරිසරික සහ සමාජීය වශයෙන් ධනාත්මක ප්‍රතිලාභ ලබා දෙන්නේ යැයි කියනු ලබන ව්‍යාපෘති ක්‍රියාවට නැගීම සඳහා අරමුදල් සපයයි. 2022 මැයි මාසයේදී ලෝක බැංකුව ප්‍රකාශ කර සිටියේ බටහිර අප්‍රිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්, පාලක අධිකාරින්, සහ ස්වෛරී බැඳුම්කර නිකුත් කරන සමානයන් ගේ අදහස්වලට අනුව ගැඹුරු, ඔරොත්තු දෙන සුළු සහ තිරසාර මූල්‍ය පහසුකම් ගොඩනැගීමේදී  අප්‍රිකාවට සහාය වන නව පෙරමුණක් බවට GSS බැඳුම්කර පත්ව ඇති බවය.”
“නමුත් ලෝක බැංකුව සිය පොරොන්දු වූ මෙම ‘නව පෙරමුණ’ වෙනුවට ඝානාව තුළ ආර්ථික උද්ධමනය ශිඝ්‍රයෙන් ඉහළයාම සිදුවිය. අධික ජීවන වියදම දරාගත නොහැකි වූ ජනතාව ඝානාවේ අගනුවර වූ අක්‍රාවේ විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන ලදි.
මේ වසරේ මුල් භාගයේදී ලෝකයේ ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩි සමාගම විසින් අනතුරු අඟවා සිටියේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ගෝලීය තිරසාර බැඳුම්කර නිකුත් කිරීම ‘සමතලා ’ වනු ඇති බවයි. එය 2021 වසරේ පළමු කාර්තුව හා සසඳන කල 28%කින් පහළ යාමකි. ඝානා රජය විසින් විද්‍යුත් ගෙවීම් සඳහා බද්දන් අයකරන ලද නමුත් ඒ මගින් රැස්කරන ලද අරමුදල්වලින් කලින් පොරොන්දුවූ පරිදි රෝහල් හෝ මාවත් ගොඩනැගීම සිදු කළේ නැත. දැන් ඝානාව සම්පූර්ණ ආර්ථික බිඳවැටීමක් කරා ගමන් කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇප ලබාගැනීමට කටයුතු කරමින් සිටිති.”

ඩිජිටල් මූල්‍ය ක්‍රමය මගින් කරන ලද වංචාව

ඝානා රජය විද්‍යුත්ගෙවීම් සඳහා සඳහා ජනතාව පොළඹවන ලද්දේ කාසි හෝ නෝට්ටු මුදල් භාවිතය අහෝසිකර ඩිජිටල් මූල්‍ය ක්‍රමයක් ස්ථාපනය කරන ලෙස බටහිර මූල්‍ය ආයතන සහ ලෝක ආර්ථික සංසදය වැනි සංවිධාන විසින් කරන ලද බලපෑම හේතුවෙනි. ඝානා රජය ජනතාව මෙම විද්‍යුත් ගෙවීමේ ක්‍රමය භාවිතය සඳහා පෙළැඹවීම ආරම්භ කරන සමයේ ඉතාමත් අද්භූත ජනක ලෙස රට තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ඉහළ ගිය අතර බොහෝ ඝානා වැසියන්යට එම වංචනික මුදල් නෝට්ටු මගින් තමන් ඉතා මහන්සියෙන් උපයන ලද මුදල් අහිමි කෙරිණි. අනතුරුව ඝානා රජය ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නන් විසින් සිදු කරන වංචාවන් පරාජය කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමය යොමු විය යුතු බවයි. ඒ අනුව ප්‍රමාණවත් ජනතාවක් ඒ කරා යොමු වූ පසුව ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ඝානා රජය විසින් ඩොලර් 13ට වැඩි සෑම විද්‍යුත් ගෙවීමක් සඳහාම සඳහා 1.5%ක බද්දක් අයකරන ලදි.විද්‍යුත් ගෙවීම් හරහා මුදල් හුවමාරු සිදුවීම් සංඛ්‍යාව වැඩියෙන්ම සිදුවෙමින් පැවැති රට බවට ඝානාව 2021 වන විට පත් වී තිබිණි. 2021 වන විට ඩොලර් බිලියන 126ක වටිනාකමින් යුතු මුදල් හුවමාරුවක් විද්‍යුත් ගෙවීම් යටතේ සිදුවෙමින් පැවතිණි.ඒ සඳහා බදු අයකිරීම මගින් ඝානා රජය රැස්කළ මුදල ඩොලර් මිලියන 920ක් විය. කෙසේ වුව ද විද්‍යුත් ගෙවීම් සඳහා කෙරෙන බදු අයකිරීම් උත්සන්න කිරීමට රජය කටයුතු කරන විට ඝානා වැසියන් සිය විද්‍යුත් මුදල් ගිණුම් වසා දමා යළිත් මුදල් නෝට්ටු භාවිතය කරා යොමු වූහ.
ඝානා රජයට මෙලෙස හැකි සෑම ආකාරයකින්ම බදු අයකරමින් ජනතාව සූරා කෑමට සිදු වූයේ එය ලෝක බැංකුවේ මඟ පෙන්වීම යටතේ නීල බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබාගත් ණය ගෙවීමට සිදුවීම හේතුවෙනි. මෙම අයකරන ලද බදුවලින් ජනතාවට සේවය සලසන කිසිදු ආයෝජනයක් සිදු නොවිණි. එම මුදල් සියල්ලම ගලාගියේ නානාප්‍රකාර බැඳුම්කර යටතේ ඉතා ඉහල පොලියට ණය ලබාදෙමින් ඝානාව ණය උගුලේ සිරකරගත් කොල්ලකාරි බටහිර මූල්‍ය ආයතන වෙතය.
ශ්‍රි ලංකාවේ ජනතාව මෙම තත්ත්වය ගැන අවදියෙන් පසු විය යුත්තේ මුදල් නෝට්ටු සහ කාසි වැනි භෞතික මුදල් නෝට්ටු අහෝසි කර විද්‍යුත් ගෙවීම් ක්‍රමයේ මහත්ඵල මහානිසංස ගැන වාචාල දෙඩවීම දැනටමත් බටහිර මූල්‍ය කාටලයේ න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවෙන රාජ්‍ය නොවන සංවිධානවල මතවාදි කුලීකරුවන් සහ දේශපාලකයන් විසින් ආරම්භකර ඇති හෙයිනි.

මෙම නීල බැඳුම්කර යොමුවනු ඇත්තේ කවර දිශාවක් වෙත ද?

මෙම නීල බැඳුම්කර වල දිගුකාලීන ඉලක්කය සමුද්‍රය ආසන්න ආර්ථික සහ එදිනෙදා කටයුතුවල කටයුතුවල නිරතවන සාමාන්‍ය ජනතාවන් එම කලාපවලින් ඉවත් කොට එම කලාප ඔවුන්ට තහනම් කලාප බවට පත්කරමින් දැවැන්ත සමාගම්වල ඒකාධිකාරයක් ජීව සහ අජීව සියලු සමුද්‍ර සම්පත් මත සිය ඒකාධිකාරය තහවුරු කරගැනීම විය හැකි බව ගාබ්‍රියෙලා සිය ලිපිය තුළ අනතුරු අඟවා තිබේ.

නීල බැඳුම්කර ආයෝජන සඳහා පක්ෂපාතිවූවන් විසින් තර්ක කරනු ලබන්නේ එය විසින් සාගරයේ ජෛව විවිධත්වයේ වර්ධනය සඳහා උත්තේජනයක් ලබාදීම සහ තිරසාරත්වය පිළිබඳ ඉලක්ක කරා ලඟාවීමට ආධාර කරනු ඇති බවයි. “ නවීකාරක සාගර සංරක්ෂණ කලාප(Marine Protected Areas-MPAs) සඳහා මුදල් සැපයීමේ යාන්ත්‍රණය හරහා සාගරය සහ දේශගුණය ගලවා ගැනීම” පිළිබඳව ස්වාභාව ධර්මය ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සංගමය ( International Union for Conservation of Nature (IUCN) ) වාගාලාංකාර සෑම තැනෙකම ව්‍යාප්ත කෙරෙමින් පවතී. නමුත් මෙම සාගර සංරක්ෂණ කලාප පිළිබඳ මෙම අදහස නවීකාරක අදහසක් නොවන අතර සාර්ථක එකක්ද නොවන බව පැහැදිලිවෙමින් පවතී.

කැලිෆෝනියා ප්‍රාන්ත රජය විසින් සාගර සංරක්ෂණ කලාප ප්‍රකාශයට පත් කරමින් ධීවර කාර්මිකයන්ට සහ විනෝදාස්වාදය සඳහා මසුන් මැරීමේ නිරතවන්නන්ට ප්‍රවේශවීම සදහටම තහනම් කරමින් තහනම් සාගර කලාප පිහිටුවීම පිළිබඳව ඇමෙරිකන් මසුන්මැරීමේ විනෝදාංශයේ නිරතවන්නන්ගේ සංගමය විසින් විරෝධය පල කර තිබේ. මෙමගින් මේ ආශ්‍රිතව රැකියාවන්ගේ නිරතවන්නන් විශාල සංඛ්‍යාවකගේ ජීවිකාවන් අහිමිකර ඇති බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම විනෝදාස්වාදය සඳහා මසුන් මැරීම දැඩි පරිසර සහ ජෛව සංරක්ෂණ නිතීවලට යටත්ව සිදුවන බවත් එමගින් පරිසරයට හානියක් සිදු නොවන බවත්, මෙම ක්‍රීඩාව සඳහා බලපත්‍ර නිකුත් කිරීම, සහ සේවාවන් සැපයෙන ක්ෂේත්‍රවලින් අයකෙරෙන සංරක්ෂක බදු මේ මගින් අවතක්සේරු කර ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

නීල බැඳුම්කර සහ  ධීවර ජනතාව වෙරළසන්න කලාපයන්ගෙන් ඉවත් කිරීමේ සැලසුම්

යම් කිසි රාජ්‍යයක් සමුද්‍ර සංරක්ෂණය සඳහා නීල බැඳුම්කර නිකුත් කරමින් ණය ලබාගන්නේනම් ඔවුන්ට එම ණයමුදල් ලබා දෙන මූල්‍ය ආයතනවල කොන්දේසිවලට යටත්වීමට සිදුවන බව රහසක් නොවේ. බොහෝ ආණ්ඩු තමන් විසින් මෙහිලා එකඟවන කොන්දේසි ජනතාවට හෙළි කරන්නේ නැත. එම කොන්දේසි අතර ධීවර ජනතාව ධීවර කර්මාන්තයෙන් ක්‍රමානුකූලව ඉවත්කිරීම, මසුන් මැරීම තහනම් කලාප නම් කිරීම, ධීවරයන්ගෙන් පරිසර සංරක්ෂක බදු අයකිරීම, ධීවර කර්මාන්තය තුළ පරිසර හිතවාදි දියුණු තාක්ෂණික ක්‍රම පමණක් භාවිතා කළ යුතු යැයි කියමින් එම තාක්ෂණික ක්‍රම යොදාගැනීමේ හැකියාව ඇති ඒකාධිකාරි බහුජාතික ධීවර සමාගම්වලට පමණක් මසුන් මැරීමට හැකිවන පරිදි “ධීවර කර්මාන්තයේ පරිසර සංරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීම” ,වෙරලාසන්න ධීවර ගම්බිම් වෙරළ සංරක්ෂණය කිරීමේ මුවාවෙන් ඉවත් කිරීම ආදිය එවැනි කොන්දේසි තුළ අන්තර්ගතවනු ඇත. නීල බැඳුම්කර නිකුත් කිරීම මගින් විදේශිය මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමේදී මගින් ශ්‍රී ලංකාවේ රජය එම මූල්‍ය සමාගම් සමග ඇති කරගන්නා ගිවිසුම් මගින් තමන්ට එල්ලවන බලපෑම කුමක්දැයි යන්න ගැන ශ්‍රි ලංකාවේ ධීවර ජනතාව සහ ඔවුන්ගේ වෘත්තීය සමිති විසින් දැඩි ලෙස අවධානය යොමු කළ යුතුව තිබේ.

 

බර්මියුඩා ධීවරයන්ගේ ජීවනෝපාය උදුරා ගැනීම
බර්මියුඩාවේ ධීවරයෝ නිල් සාගර සමෘද්ධි වැඩ සටහනට විරෝධය දක්වති. (Photo- Blaire Simmons)

බර්මියුඩා රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සාගර සංරක්ෂණ උපායමාර්ගික සැලසුමට බර්මියුඩාවේ ධීවර ප්‍රජාව සිය දැඩි විරෝධය පළ කර තිබේ.  මෙම සැලසුම “බර්මියුඩා සාගර සමෘද්ධි වැඩ සටහන” Bermuda Ocean Prosperity Programme යනුවෙන් හැඳින්වේ. එම සැලසුම මගින් බර්මියුඩාවට අයත් සාගර කලාපයෙන් 20% ක් “පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීම ” සිදු කරන බව රජය විසින් නිවේදනය කර ඇත. නමුත් ධීවරයන්ගේ අදහස වන්නේ මෙම වැඩ සටහන මගින් සම්ප්‍රදායිකව ධීවර කර්මාන්තයෙන් ජීවත්වූ ධීවර ප්‍රජාවට එම මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම තහනම් කර ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කරමින් පවතින බවයි.

බර්මියුඩාවේ ධීවර සම්මේලනය(Fishermen’s Association of Bermuda) විසින් මෙම සැලසුම වහාම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. එසේ නැතහොත් අධිකරණය වෙත යාමට තමන් සුදානම් බව එම සම්මේලනයේ සභාපති ඇලන් බීන් පවසා ඇත.එම සංගමය විසින් 2022 නොවැම්බර් මස 10 වැනි දින නීතිඥයෙකු මගින් යවන ලද ලිපියකි මගින් බර්මියුඩාවේ ස්වදේශිය කටයුතු අමාත්‍යාංශය වෙත මේ බව දැනුම් දී තිබේ.

ධීවර සංගමය විසින් පවත්වන ලද උද්ඝෝෂණයකදී ඉල්ලා ඇත්තේ රජයේ සැලසුම ක්‍රියාවට නැංවීම වහාම අත්හිටුවා යෝජිත සංරක්ෂණ කලාප තීරණය කිරීම ධීවර ජනයාගේ සම්පූර්ණ සහභාගිත්වයෙන් සිදු කරන ලෙසය.

බර්මියුඩා ධීවර සංගමයේ සභාපති ඇලන් බීන් විසින් හෙළිදරවු කර ඇති ආකාරයට මෙකී සාගර සංරක්ෂිත කලාප ඇති කිරීම සඳහා බර්මියුඩාවේ පොදු ජනතාවට හොරෙන් බර්මියුඩා රජය විසින් 2019 අප්‍රේලයේදී වේයිට් පදනම (Waitt Foundation) නම් ගෝලීය සංවිධානයක් සහ සාගර විද්‍යාවන් පිළිබඳ බර්මියුඩා ආයතනය (Bermuda Institute of Ocean Sciences) රහසිගත එකඟතාවයකට එළඹ තිබේ.
මෙම ගනුදෙනුව මහජනයාගෙන් සඟවා ඇත්තේ “රහස්‍යභාවය ආරක්ෂා කිරීමට දැඩි ලෙස බැඳී සිටීම ” යන පදනමින් බව ඇලන් බීන් චෝදනා කරයි.

ඇලන් බීන් (Photo- Blaire Simmons)

“බර්මියුඩා ජනතාව මෝඩයන් බවට පත්කිරීමට දරන මෙම උත්සාහයට හසු නොවිය යුතුයි. මෙම ආණ්ඩුව “ නිල් සමෘද්ධි අරමුදලින් ” සල්ලි ගැනීම සඳහා බර්මියුඩාවට අයත් සම්පත් විශාල ප්‍රමාණයක් විදේශීය බිලියනපතියන්ට පවරාදීමට සමග රහසිගත ගනුදෙනු කරමින් සිටිනවා.” ඇලන් පැවසුවේය.
බර්මියුඩාවට අයත් සමුද්‍රකලාපය තුළ මත්ස්‍ය සම්පත් නිරෝගි සහ තිරසාර එකක් බවත් එය රැකීම සඳහා කළ යුත්තේ පවත්නා නීති හරියට ක්‍රියාත්මක කිරීම බවත් රජය විසින් එය සිදු නොකරන බවත් ඇලන් බීන් පවසයි.

“විදේශිකයන් ඇවිත් ඔවුන්ගේ සෘජුව හෝ තිරයෙන් පිටුපස සිට කෙරෙන වක්‍ර මැදිහත්වීම් සහ බලපෑම් හරහා අපට අපගේ මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන හැටි කියා දීමට අවශ්‍ය නැහැ. අපි දන්නවා අපගේ මත්ස්‍ය සම්පත සහ අප අවට ඇති සාගරයේ ආරක්ෂාව කළමණාකරණය කරන හැටි. ”

“ආණ්ඩුව ධීවර ජනතාව සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවාත එහෙයින් අපට ප්‍රශ්නය මීලඟ අදියර කරා ගෙන යාමට සිදු වෙනවා. පළමුව අපි බර්මියුඩා ජනතාවට පැහැදිලි කර දෙනවා සිදුවන්නේ කුමක් ද කියලා. ”
ඇලන් බීම් පවසන ආකාරයට ධීවර සංවිධාන විසින් ඔවුන්ගේ යෝජනා “ සංරක්ෂණ කලාප ” පිළිබඳ මෙහෙයුම් කමිටුවට භාර දී ඇති නමුත් ඒවා දිගින් දිගටම නොසලකා හැර තිබේ.

ඇලන් බීන්ගේ සහෝදරයා වන ඩෙල්වින් ද ධීවරයෙකි ඔහු මෙසේ පැවසුවේය. “මේ විධායක කමිටුවල ඉන්න අයට වඩා බර්මියුඩා මුහුදේ මත්ස්‍ය ගහණය සහ ඔවුන්ගේ සංක්‍රමණ රටාවන් ගැන අපි ඉතා හොඳින් දන්නවා.නමුත් අපිට පීඑච්ඩී නැතිනිසා ඔවුන් අපට ඇහුම්කන් දෙන්නේ නැහැ.”
මත්ස්‍ය සම්පත විනාශවන පරිදි අධික ලෙස මසුන් මැරීම පිළිබඳව නැගෙන චෝදනා පිළිබඳව ධීවරයෙකු වන මොන්ටි ඉබ්ල් මෙසේ පැවසුවේ බර්මියුඩා සමුද්‍ර කලාපයේ මත්ස්‍ය සම්පතට හානියක් කිරීමට තබා අවසර දී ප්‍රමාණයටවත් මසුන් ඇල්ලීමට ස්වදේශික ධීවරයන්ට සතුව හැකියාවක් හෝ තාක්ෂණික උපකරණ නොමැති බවය.

“අපි කොහොමද අපි සතුව ඇති අත්දැල් සහ බිලි කොකුවලින් අධික ලෙස මාළු අල්ලන්නේ?”
බර්මියුඩා ධීවරයන්ගේ මේ අරගලයට බර්මියුඩා ගොවීන්ගේද සහාය හිමිව තිබේ. ගොවි නායකයෙකු වන ටොම් වොඩ්සන් ධීවර රැස්වීමේදී මෙසේ සිය සහාය පළ කර සිටියේය.
“අධික නීති රීති පනවමින් බීජ අර්තාපල් දිවයින කරා පැමිණීම වළක්වා තිබෙනවා.මේ මගින් මීළඟ අර්තාපල් අස්වැන්න කඩාකප්පල් කර දැමීම සිදුවෙමින් පවතිනවා. අපි සීයයට සීයක් ධීවර අරගලයට සහාය දෙනවා. ”
ධීවර සංගමයේ නීතිඥයා වන රිඩර්ච් හොර්ස්මාන් පැවසුවේ වේයිට්ස් පදනම හරහා විශාල වශයෙන් විදේශික මුදල් ලැබෙමින් පවතින බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ බර්මියුඩාවට අයත් සාගරය පාලනය කිරීම බවත්ය.

(Fishermen threaten legal action to stop marine conservation plan)

ගෝලීය ආහාර නිෂ්පාදනය සියතට ගැනීමට රොකෆෙලර්, බ්ලැක්රොක් වැනි සමාගම් දියත් කර ඇති කුමන්ත්‍රණයේ වැදගත් ඉලක්කයක් වන්නේගොවි ජනයා ගොවිබ්ම් සහ කුඹුරුවලින්ද ධීවර ජනයා සාගරයෙන් සහ වෙරළෙන් ද නෙරපා හැරීමයි. ඔවුන් එය සිදු කරන්නේ ක්‍රමානුකූලවය. පියවරෙන් පියවර ඊනියා “සංරක්ෂිත කලාප ” සහ “අවදානමට ලක්ව ඇති කලාප” පුළුල්කරමින් ගොවි සහ ධිවර ජනතාවන්ඒවායෙන් නෙරපා හැරීම දැනටමත් ඇරඹී තිබේ. ඉදිරි සතිකීපය තුළ නැතහොත් මාසය තුළ ලංකාව තුළද මෙම පිළිවෙත් පුළුල්ව ක්‍රියාවට නැංවෙනු ඇත.

සාගරයේ ජෛව විවිධත්වයට නීල බැඳුම්කර බලශක්ති ව්‍යාපෘති මගින් සිදුකරන හානිය

නීල බැඳුම්කර වල අරමුණ සාගර පරිසරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති සඳහා රමුදල් සපයාගැනීම බව යැයි පැවසෙන නමුත් ඒ මගින් ක්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීයබලශක්ති ව්‍යාපෘති මගින් සාගර ජීවින්ට තර්ජනයක් එල්ලවෙමින් පවතින බවද ඇය පෙන්වා දෙයි.
“ නීල බැඳුම්කර විසින් සුලං මගින් විදුලිය ජනනය කිරීම වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන ව්‍යාපෘතින් සාගරය තුළ ඉදිකිරීම දිරිගනුවනු ලබයි. මේ මගින් මත්ස්‍ය සංක්‍රමණ රටාවන්ට බාධාකිරීම, සාගර දිය ප්‍රවාහ ධාරාවන්ට බාධාකිරීම, තරංග සහ ශබ්ද දූෂණය ආදි පාරිසරික ගැටලු හේතුවෙන් සාගර ජීවින්ගේ පැවැත්මට තර්ජනයක් එල්ලකරන බව පරිසර විද්‍යාඥයන් පෙන්වාදී තිබේ
සාගර ක්ෂිරපායින් පිළිබඳ කොමිසම විසින් “ සාගර මතුපිට සුලං විද්‍යුත් බලාගාර සංවර්ධනය මගින් එක්සත් ජනපදයට අයත් සාගර සීමාව තුළ සාගර ක්ෂිරපායින් මත ඇති කරන කෙටිකාලීන සහ දිගුකාලීන බලපෑම් සම්බන්ධව බරපතල ලෙස අවධානයට ගත යුතු තරම් අවිනිශ්චිතතාවන් පවතී.”