“ ස්වභාව ධර්මය සහ දේශගුණය සඳහා ණය හුවමාරුකරණය” යනු භූමිය සහ සාගරය අත්පත් කරගැනීමට දියත් කළ ණය උගුලේ තවත් රැහැනකි:

අජිත් සී හේරත්

අන්තර්ගතය

1. හරිත මූල්‍යකරණය සාක්ෂාත් කරගනු වස් දේශගුණ විපර්යාස භීෂණය වැපිරීම

2. වනාන්තර ගිනි තබන්නන්ගෙන් දේශගුණ විපර්යාස ආඛ්‍යානයට තල්ලුවක්

3. දේශගුණික විපර්යාස, පයිනස් සහ යුකැලිප්ටස් වනවගාව,ලැව්ගිනි සහ ලංකාවේ මධ්‍යම කඳුකරයේ උපාය මාර්ගික වැදගත්කම

4. පොදු ජනයා පොසිල ඉන්ධන භාවිතය වැලැක්වීමේ සැබෑ අරමුණු

5. එක්සත් ජාතින්ගේසංවිධානයේ මහලේකම් සංවර්ධනය වෙමින් පවතින රටවල බලශක්ති සැපයුම කපාහැරීමට මූල්‍ය කතිපයාධිකාරිත්වය සමග එක්වේ.

6. ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය සඳහා ගෝලීය මූල්‍ය ධනවාදීන් දක්වන උනන්දුව

7.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය

8. ස්වභාවධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය සහ පරිසර යටත් විජිතවාදය : ජාත්‍යන්තර පරිසර සංවිධාන

9. ලංකාවේ පරිසර විද්‍යාඥයන්ගේ හරිත මූල්‍යකරණ වන්දනාව

10. දේශගුණය පිළිබඳ ක්‍රියාකාරි ජාලය ණය සඳහා ණය සඳහා දේශගුණික හුවමාරුකරණය ප්‍රතික්ෂේප කළ යුතු යැයි පවසයි

පසුගිය ජූනි 22-23 යන දිනවල ප්‍රංශයේ පැරිස් නගරයේදී ලෝකය පුරා රාජ්‍ය නායකයන් සිය ගණනක්, එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ඒජන්සි ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, බැංකු සහ මූල්‍ය ආයතනවල විධායක මට්ටමේ නියෝජිතයන්, දේශගුණික විපර්යාස තේමාව යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන සහ දේශගුණික විපර්යාස  භීතිකාව වපුරන විද්‍යාඥයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’ (Summit for a New Global Financing Pact) පැවැත්විණි.

නිල වශයෙන් මෙම සමුළුවේ සම සංවිධායක රටවල් වූයේ ප්‍රංශය, බාර්බඩෝස් සහ ඉන්දියාවයි.නමුත් එහි න්‍යාය පත්‍රය මුළුමණින්ම බටහිර රාජ්‍යයන්ගේත් බටහිර මූල්‍ය ආයතනවලත් උපායමාර්ගික අවශ්‍යතා ඉටුවන පරිදි සැලසුම් කර තිබිණි. ඉන්දියාව, බ්‍රසීලය, චීනය, දකුණු ඇමෙරිකාව වැනි BRICS ආර්ථික හවුලේ රටවල සහභාගිත්වය හුදු උපක්‍රමික ප්‍රතිලාභ ලැබීම අරමුණෙන් සිදු වූ බව පෙනෙන්ට තිබිණි.

1. හරිත මූල්‍යකරණය සාක්ෂාත් කරගනු වස් දේශගුණ විපර්යාස භීෂණය වැපිරීම

මෙම සමුළුවේ ප්‍රකාශිත අරමුණ වූයේ “දේශගුණික විපර්යාස, ජෛව විවිධත්ව අර්බුදය සහ සංවර්ධන අභියෝග ආදියට මුහුණ දීම සඳහා බ්‍රෙට්න්වුඩ් ක්‍රමයට ඔබ්බෙන් ගිය නව ගෝලීය මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමය” . ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ කුමක් වුවද මේ සමස්ත සමුළුවේම ඉලක්කය එක් තැනකට නාභිගත වී තිබිණි. එනම් දේශගුණ විපර්යාසය සහ පරිසර සංරක්ෂණය පිළිබඳව වසර ගණනාවක් තිස්සේ ගොඩ නගන ලද ඩිස්ටෝපියානු ආඛ්‍යානය යොදාගනිමින් ගෝලීය දකුණේ රටවල ස්වාභාවික සම්පත් සූරාකෑම සහ මූල්‍ය වත්කම් උරාබීම මෙන්ම උපායමාර්ගික වශයෙන් වැදගත් සාගර සහ ගොඩබිම් කලාපයන් තුළ ස්ථානගත වීම සඳහා ආයුධ වශයෙන් යොදාගත හැකි මූල්‍යමය මෙවලම් ස්ථාපිත කිරීමය.

2020 ඊනියා කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව කරලියට ගෙන ඒමට පෙරසිටම ගෝලීය දකුණේ රටවල් විශාල සංඛ්‍යාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලත්  ජේපී මොර්ගන් චේස්, බ්ලැක්රොක්,වැනි පුද්ගලික මූල්‍ය සමාගම්වලත් ණය උගුලට විවිධ උපක්‍රම, දූෂණ, වංචා සහ බලහත්කාරයන් හරහා ගොදුරු කරගෙන තිබිණි.

මෙම සමුළුවට සහභාගි වූ යුරෝපීය මධ්‍යම බැංකුවේ සභාපතිනිය ක්‍රිස්ටින් ලගාර්ඩ් (Christine Lagarde) සිය කතාව ආරම්භ කළේ සමුළුවේ මූල්‍යකරණ සැලසුම් ඉලක්කවල අවශ්‍යතාව අවධාරණය කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම සඳහා දේශගුණික ව්‍යසනවාදි භීෂණය තවදුරටත් වැපිරීම මගිනි. ඇය විසින් මෙසේ පවසන ලදි..

“… වසර 8 කට පෙර එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලේකම් බැං කි මූං COP 21 සමුළුව ආරම්භකරමින් පවසන ලද්දේ ගෝලීය ඌෂ්ණත්ව ඉහළයාම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම සඳහා‘පැරිසිය විසින් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ යුතුව ඇත.’ යනුවෙනි. නමුත් අද මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අප වෙත විවරව ඇති කවුළුව අපගේ දෑස් හමුවේ වැසී යමින් පවතී: පසුගිය වසර 8 තුළ ලෝකය පුරාම ඌෂ්ණත්වය වාර්තාගත ආකාරයකින් ඉහළ ගොස් ඇති අතර තීරණාත්මක 1.5°C සීමාව අවම වශයෙන් 2027ට වසරකට පෙර ඉක්මයනු ඇත.

සියළු වාර්තා බිඳ දමමින් නියඟයන්, උණුසුම් වායු ධාරා සහ ගංවතුර ලෝකය පුරා වසංගතයන් මෙන් පැතිර යමින් පවතී. ඒවා සියළු මහාද්විප තුළ බරපතල හානි සහ වේදනාවන් ඇතිකරමින් අනාගතය පිළිබඳ දැක්මක් ලෙස සේවය කරයි. පැරිස් දේශගුණික ඉලක්ක සම්පූර්ණ කිරීමට හැකි සියළු පියවර ගැනීම සියලු දෙනාගේම රාජකාරිය බවට පත්විය යුතුය.”

2023 ජූනි 15 වැනි දින නිව්යෝර්ක්හිදි පැවැති මාධ්‍ය හමුවක් අමතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස්ද පහත ප්‍රකාශයන් නිකුත් කරමින් මෙම අඬහැරයට එක්විය. මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ සිවිල් සමාජයේ “දේශගුණික නායකයන් ” හමුවීමෙන් පසුවය.

“ අපි විනාශයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටිමු. ඇස් ඇර බලන්න. මෙය නැගී සිට පියවරක් ගැනීමට කාලයයි.”

“ගෝලීය උෂ්ණත්වය ඉහළයාම 1.5 C° කට සීමා කිරීම තවමත් කළ හැකි දෙයකි. නමුත් ඒ සඳහා අප විසින් ඒ සඳහා කාබන් විමෝචනය 45%කින් අඩු කළ යුතුව තිබේ.කෙසේ වුවත් වර්තමාන ප්‍රතිපත්ති විසින් මේ සියවස අවසාන වනවිට ගෝලීය උෂණත්වය 2.8 ක් දක්වා ඉහළ යාමට හේතු වනු ඇත. එය විසින් මහා ව්‍යසනයක් ඇති කරනු ඇත.”

(Guterres calls for phasing out fossil fuels to avoid climate ‘catastrophe’)

දේශගුණික විපර්යාසය පිළිබඳ භීෂණයක් මවාපෑමට සඳහා මේ ආකාරයේ අවධාරණය කිරීම් කොතෙකුත්  සිදු වුව ද මහජනයා එහි ගොදුරක් බවට පත්කරගත හැක්කේ එම ආඛ්‍යානයට සුළු “භෞතික උත්ප්‍රේරකයක්” එක් කිරීමකින් පමණක් බව එම භීෂණයේ සැලසුම්කරුවන් විසින් වටහාගෙන ඇති බවට බොහෝ නිදසුන් තිබේ.

2023 ගිම්හානයේදී යුරෝපයේ ඇතැම් රටවල ඌෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 50ක් දක්වා ඉහළ නැග ඇතැයි ඇතැම් දේශපාලනඥයන්ද ජනමාධ්‍යයද විසින් ප්‍රචාරයක් ගෙන යන ලදි. උත්‍ප්‍රාසයකට මෙන් මෙම ප්‍රචාරය අසත්‍යය එකක් නොවේ. නමුත් ගැටළුව මොවුන් 50 C° ලෙස වාර්තා කර තිබුණේ එම රටවල පොළොව මතුපිට උෂ්ණත්වය වීමයි. සාමාන්‍ය කාලගුණික හෝ දේශගුණික තත්ත්වයන් අධ්‍යයනය කිරීමේදී යොදා ගනු ලබන්නේ වායුගෝලීය උෂ්ණත්වය මිසක පොළොව මතුපිට උෂ්ණත්වය නොවේ. නමුත් ඔවුහු තමන් පවසන්නේ පොළොව මතුපිට උෂ්ණත්වය පිළිබඳව බව කිසිකලෙක සඳහන් නොකළහ. පොළොව මතුපිට උෂ්ණත්වය සහ වායුගෝලීය උෂ්ණත්වය අතර වෙනස පිළිබඳ අවබෝධයක් නැති සහ එවැනි පුවත් පිළිබඳ විමසිලිමත් අවධානයක් යොමු නොකරන ජනතාව තුළ දේශගුණික විපර්යාසයන් මගින් පෘථිවිය දැවී හළු වී යනු ඇතැයි යන භීතිය වැපිරවීමට එමගින් උත්සාහ දැරිණි.

2. වනාන්තර ගිනි තබන්නන්ගෙන් දේශගුණ විපර්යාස ආඛ්‍යානයට තල්ලුවක්

දේශගුණික විපර්යාස පිළිබඳ භීතිකාව ව්‍යාප්ත කිරීමට එවැනි ප්‍රචාරයන් පමණක් ප්‍රමාණවත් නොවේ. මේ වනවිට ලෝකය පුරා වනාන්තර සහ තණබිම්වල ගිනිගැනීම් පිළිබඳ වාර්තා පැතිර යන අතර ඒවාට හේතුව දේශගුණික විපර්යාසය යැයි කියනු ලැබේ. නමුත් එම ආඛ්‍යානය ප්‍රශ්න කෙරෙන සුළු හෙළිදරවු වීම් ගණනාවක්ද ලෝකය පුරා සිදුව තිබේ.

ග්‍රීසියේ වනාන්තරවලට ගිනිතබන්නන් 79ක් අත් අඩංගුවට

ග්‍රීසියේ වනාන්තරවලට ගිනිතැබීම සම්බන්ධයෙන් 2023 ජූලි 25 වැනි දින පුද්ගලයන් 79 ක් අත් අඩංගුවට ගත් බව ග්‍රිසියේ සිවිල් ආරක්ෂක ඇමැති වසිලිස් කිකිලියාස් විසින් මාධ්‍ය අමතා ප්‍රකාශ කරන ලදි. පසුගිය දිනවල ග්‍රිසිය පුරා ලැව්ගිණි විශාල සංඛ්‍යාවක් පැතිර ගිය අතර පුද්ගලයන් 20 දෙනෙකු පමණ ඉන් මරණයට පත් වී තිබේ. මෙම ගිනි තබන්නන් විසින් ඇතැන්ස් නගරයට බටහිරින් පිහිටි පර්නිතා කඳුකරයේ තවත් ගින්නක් ඇවිලවීමට උත්සාහයන් කීපයක් දරා තිබිණි යැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබිණි.ග්‍රිසියේ සිවිල් ආරක්ෂක ඇමැතිවරයා විසින් මෙම ගිනිතබන්නන්ව හඳුන්වන ලද්දේ “ගිනි අවුළුවන ජරාවන් ” ලෙසය. ඔවුහු සිය රටට එරෙහිව සාපරාධී ක්‍රියාවක නිරතව ඇතැයි ඔහු විසින් චෝදනා කරන්නට යෙදිණි.

“ ගිනිතැබීමේ නිරත මෙම ජරා පුද්ගලයන් විසින් තර්ජනයට ලක්ව ඇති වනාන්තරවලට, දේපොළවලට මෙන්ම මිනිස් ජීවිතවලට ද ගිනිතබමින් සිටිති. නුඹලාට මෙම අපරාධ සිදු කර නිදැල්ලේ සිටීමට අපි ඉඩ නොදෙමු. අපි නුඹලා සොයාගෙන නුඹලාට දඬුවම් දෙන්නෙමු.” යනුවෙන් ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

රජයේ මාධ්‍ය ප්‍රකාශක පව්ලෝස් මරිනාකිස් ERT විකාශනය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් වනාන්තර ගිනිගැනීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 140ක් අත් අඩංගුවට ගත් බවත් ඉන් 79ක් සැලසුම් සහගතව ගිනිතැබීම්වල නිරත වූවන් බවත් සඳහන් කළේය.මේ වනවිට පර්නිතා කඳුකරයේ ගින්න ඇතැන්ස් නගරයට ආසන්න වන උද්‍යානයක් කරා ව්‍යාප්ත වීමේ අනතුරද ඉහළ යමින් පවතී.

මොරොක්කෝවේ 4ක් අත් අඩංගුවට

2022 අගෝස්තු මාසයේදී මොරොක්කො පොලිසිය විසින් සැලසුම් සහගතව වනාන්තර ගිනි තැබීමෙහි නිරත පුද්ගලයන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිනි.

හවායිහි  ලාහයිනා නගරය ගින්නෙන් විනාශ වීම පිළිබඳව බරපතල සැකයක්
මෙම ඡායාරූපය ලාහයිනා වැසියෙකු විසින් යූටියුබ් මගින් විකාශනය කරන ලද වීඩියෝවකින් ගත් එකකි. මෙම නිවස සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති නමුත් මේ වටා වූ තණ පිට්ටනි, අවට නිවාස සහ මාවත් මත කිසිදු ගිනිගැනීමක සළකුණක්වත් නැත. නිවසට ආසන්නයේ වූ මල් පඳුරු පවා දැවී ගොස් නැත. එමෙන්ම ඇති වූවා යැයි කියන ලැව්ගින්න නිරුපද්‍රිතව පවතින  නිවාස සමූහයක් මැද පිහිටි මෙම නිවස කරා පමණක් පැමිණියේ කෙසේද යන්න විමතියට කරුණක් බව මෙය වීඩියෝ ගත කළ පුද්ගලයා පවසයි. මෙවැනි ස්ථාන රැසක් විවිධ පුද්ගලයන් විසින් වීඩියෝ ගත කර තිබේ.

මේ මාසයේදී හවායිහි ලාහයිනා නගරය සම්පූර්ණයෙන්ම දැවී යාමට හේතු වූ ගින්නෙහි ප්‍රභවය පිළිබඳව මේ වනවිට අදාළ බලධාරින් කෙරෙහි විශාල සැකයක් එල්ල වී තිබේ. මෙම සිදුවීමෙන් දැනට පුද්ගලයන් සියයකට වැඩි පිරිසකගේ මළ සිරුරු හඳුනාගෙන ඇතැයි ප්‍රකාශ වන අතර පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇතැයි සැලකේ. අනතුරු ඇඟවීමේ නලා ක්‍රියා විරහිත වීම, ගිනි නිවන භටයන්ට අවශ්‍ය වූ ජලය මුදා හැරීමෙන් වැළකීම, නගරය ගිනි ගනිද්දි ඉන් ඉවතට පලායමින් සිටි ජනයා වැළැක්වීම පිණිස පොලිස් මාර්ග බාධක යොදවමින් ජනතාව නැවත ආපසු එම ගිනිගෙන දැවෙමින් තිබු නගරය තුළටම හරවා යැවීම ආදි සැක කටයුතු සිදුවීම් ගණනාවක් සිදු වී තිබේ. එමෙන්ම නගරයේ පොලිස් ප්‍රධානියා විසින් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ මියගිය වුන් හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගැනීම ආරම්භ කරන නමුත් නගරය තුළ මරණයට පත් සියල්ලන්ගේ මළ සිරුරුවල සියලු ශේෂයන් දැවී අලුවී ගොස් ඇති බවය. එමෙන්ම ගින්නෙහි ප්‍රභවය ලෙස ඇතැමුන් විසින් සැක කරන්නේ විදුලි බල පද්ධතියේ කාන්දුවක් විය හැකි නමුත් එම සාක්ෂි මේ වනවිට විනාශ කෙරෙමින් පවතින බවටද චෝදනා එල්ල වී තිබේ. මේ අතර කිසියම්  ලේසර් හෝ එවැනි වෙනත් ක්ෂුද්‍ර තරංග ධාරා  DEW ආයුධ භාවිතා කර ඇතැයි බොහෝ දෙනෙකුන් සැක පහළ කර තිබේ.   එයට හේතුව ඇතැම් නිවාස සම්පූර්ණයෙන්ම දැවී අලු බවට පත් වූවද එම නිවාස අවට  වූ නිවාස කිසිවකට ඒ මගින් හානි සිදුවී නොතිබීමත්, එලෙස විනාශ වූ නිවාස සහ ප්‍රධාන ගිනි ව්‍යාප්තිය සිදු වූ ප්‍ර දේශය අතර කිසිදු දැවීමක සළකුණක් නොමැති වීමත් නිසාය. තවද ඇතැම්   තැනක මෝටර් රථ සම්පූර්ණයෙන්ම දැවී ගොස්ඒ වායේ වූ ඇලුමිනියම්  කොටස් උණුවී බිම දිගේ ගලාගොස්  ඇති නමුත් ඒ අවට බිම තණ පඳුරු නොදැවී නිරුපද්‍රිතව ඇති අයුරුත්  දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප දිවි ගලවාගත්  ලාහයිනා  වැසියන් විසින් අන්තර්ජාලයට  එක්කර තිබිණි. හවායි අයත්වන්නේ ලෝකයේ දියුණුතම රාජ්‍යයක් වන එක්සත් ජනපදයට වන නමුත්  ගින්න පැතීරී යාමෙන් දින 20කට පසුව වුව ද තවමත් අන්තර්ජාල හෝ වෙනත් සන්නිවේදන පහසුකම් ලබාදීම බලධාරින් විසින් හිතාමතාම මගහරිමින් සිටිතැයි විපතට පත්වූවෝ චෝදනා රජයට චෝදනා කරති. විපතට පත් ප්‍රදේශය වටා මේ වනවිට අඩි 10ක් පමණ උස පාරාන්ධ කළු පැහැති වැටක් ඉදිකර තිබේ. දිවිගලවාගත්තවුන්ට පවා තම දැවීගිය නිවෙස් බැලීමට යාමට හෝ  යාමට පොලිසිය අවසර නොදෙයි.  කිසිදු ජනමාධ්‍යවේදියෙකුට ලාහයිනා වෙත ප්‍රවේශවීම තහනම්ය. වනවිට මෙම නගරයේ ගිනි අඟුරු නිවී යාමටත් පළමුව දේපොළ සමාගම්වල තැරැව්කරුවන් දිවි ගලවාගත්තවුන්ට දුරකතන ඇමැතුම් ලබා දෙමින් දේපොල මිලදී ගැනීම සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් සිටිති.
ලාහයිනාවල ඉරණම ශ්‍රී ලංකාවේ ජනතාවටද උරුම විය හැකිය. මක් නිසාද යත් මෙම ම්ලේච්ඡ යටත් විජිත කොල්ලයේ පළමු පියවර වී ඇත්තේ උපාය මාර්ගික වශයෙන් වැදගත් දිවයින් සහ සමුද්‍රාසන්න කුඩා රාජ්‍යයන් බැවිනි.

මෙම සිදුවීම් පිටුපස ගෝලීය වශයෙන් සංවිධානාත්මක බලවේගයක් සිටින්නේද යන්න පිළිබඳව මේ වනවිට සැකයක් මතු වී තිබේ. දේශගුණික විපර්යාස වැළැක්වීමේ සහ වනාන්තර සහ සාගරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා සිය මූල්‍ය සම්පත් යෙදවීමටත් ඒ ඒ රටවල ස්වාධිපත්‍යය නොතකා වනාන්තර සහ සාගර පවරාගැනීමටත්, ජනතාව යම් යම් ප්‍රදේශ වලින් ඉවත් කිරීමටත් ආණ්ඩුවලට බලකිරීමට අවශ්‍ය හදිසි ගෝලීය තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැක්කේ ඉහත ආකාරයේ සිදුවීම් මගින් එම ආඛ්‍යානයන්ට අඛණ්ඩ පිටුබලයක් සැපයීම මගිනි. දැන් එය අප ඇස් ඉදිරිපිට සිදුවෙමින් පවතී.

මේ යුගයේදී ජාතික ආණ්ඩු ප්‍රධානින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානින් හෝ සමාගම් ප්‍රධානින් සහ ඔවුන් විසින් මෙහෙයවන ඊනියා විද්‍යාඥයන් හෝ විශේෂඥයන් යම් යම් අනාගත ව්‍යසනයන් පිළිබඳව අනතුරු අඟවන විට ඒවාද එම ව්‍යසන තිර පිටපතේම කොටසක් වන බව ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබේ.

3. දේශගුණික විපර්යාස, පයිනස් සහ යුකැලිප්ටස් වනවගාව, ලැව්ගිනි සහ  ලංකාවේ මධ්‍යම කඳුකරයේ උපාය මාර්ගික වැදගත්කම

ශ්‍රී ලංකාවේ මේ වනවිට මධ්‍යම සහ  ඌව පළාත්වල පවත්නා වියළි කාලගුණයත් ජල හිඟයත් දැන් මෙම දේශගුණික විපර්යාසය පිළිබඳ ආඛ්‍යානය ශක්තිමත් කිරීම සඳහා සාධක ලෙස යොදාගනු ලබමින් පවතී. එමෙන්ම පවත්නා ජල හිඟය විවිධ ජන කොටස් එකිනෙකාට එරෙහිව උසිගැන්වීම සඳහා ආයුධයක් ලෙස ද භාවිතා කෙරෙමින් පවතින අයුරු දැකිය හැකිය. මෙම භේදභින්න කිරීම්වල අරමුණ අනාගත ඉඩම් කොල්ලයකදී මෙම ජනතාව එයට එරෙහිව නැගී සිටිම වැලැක්වීම විය හැකිය. සිංහල, දෙමළහෝ මුස්ලිම් වේවා ලංකාවේ සියලු ජාතික දේශපාලන නායකයන් මෙම අධිරාජ්‍යවාදි කොල්ලයේදී  සන්ධානගතව ඇත්තේ අධිරාජ්‍යවාදින් සමග බැවින් මේ මොහොතේ දී ජනතාවගේ අයිතීන් රැක ගැනීම සඳහා ඔවුන් පිලිබඳව විශ්වාසය තැබීමෙන් කිසිදු පළක් නොවේ. එහෙයින් මෙම ජනතාව අතර  භේදභින්න සිදු කොට ඔවුන් එකිනෙකා මරාගැනීමට යොමු කිරීමේ සඳහා දියත් කෙරී ඇති කුමන්ත්‍රණ පරාජය කිරීමේ වගකීම පැවරෙනුයේ බිම් මට්ටමේ ප්‍රජා නායකයන් වෙතය.  හවායිහි ලාහයිනා පන්නයේ  ව්‍යසනයන්ට ලංකාවේ ජනතාව ගොදුරුවීම වැලැක්වීමට ගත යුතු එක් අත්‍යාවශ්‍ය පියවරක් නම් එබඳු දේ ලංකාව තුළද සිදුවීමේ ඇති අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය.

ශ්‍රි ලංකාවේ මධ්‍යම සහ ඌව පලාත් උපාය මාර්ගික වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීමකින් සමන්විත වන අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට මෙම ප්‍රදේශ යටත් කරගැනීමට හැකි වූයේ එහි නායකත්වය භේද භින්න කර එකිනෙකාට එරෙහිව යෙදවීම මගින් පමණි.  මධ්‍යම කඳුකරයේ සිංහල රාජධානිය විනාශ කිරීමෙන් පසු  අධිරාජ්‍ය විරෝධී  ප්‍රභූ කණ්ඩායම්  විනාශ කර දමන ලද අතර යටත් වී බ්‍රිතාන්‍ය ආධිපත්‍යය පිළිගත්තවුන්ට වරදාන ලබා දෙන ලදි. පසුකාලීනව බ්‍රිතාන්‍යයට එරෙහිව නැගී සිටියේ මෙම පළාත්වල ගොවි ජනතාවයි. මාතලේ සහ ඌව වෙල්ලස්ස ගොවි කැරැළි නායකයන්ට බලගතු හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව ගරිල්ලා යුද්ධයක් දියත් කිරීමට හැකි වූයේ මෙම පළාත්වල භූ ගෝලීය පිහිටීමත් ආහාරමය වශයෙන් පැවැති ස්වයංපෝෂිත තත්ත්වයත්  ඔවුන්ගේ අරගලයට වාසි සහගත ලෙස යොදාගැනීමට හැකි වූ බැවිනි. යටත්විජිතවාදිහු කිසි දිනෙක සිය කැමැත්තෙන් සිය යටත් විජිත හැර දමා නොයති. බ්‍රිතාන්‍ය කිසිකලෙක ලංකාව අත්හැර ගියේ නැති අතර සිදුවූයේ ඔවුන් සිය ආධිපත්‍යය පවත්වාගෙන යන ආකාරය වෙනස් වීම පමණි.

නිදහස ලැබීමෙන් පසුව වුවද බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය විසින් ලංකාව මත සිය ආධිපත්‍යය පවත්වාගැනීම සඳහා විවිධ යාන්ත්‍රණයන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන ලදි.  ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් සහ ණය උගුල, ලාංකික ජාතික රාජ්‍යය ගොඩනැගීමේ ක්‍රියාවලියෙන් දෙමළ ජනතාව බැහැර කිරීම සඳහා සිංහල ජාතිවාදි බලවේගයන් යොමු කරමින් රටතුළ අභ්‍යන්තර ප්‍රති විරෝධතා උත්සන්න කිරීම, ඒ මගින් නිර්මාණය කරන ලද  දිගුකාලීන අර්බුදයේ  සංදර්භය තුළ ලංකාව ඉන්දියාවට එරෙහිව ස්ථානගත කිරීම සහ  බටහිර රාජ්‍යයන් මත යැපීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය කිරීම, ලංකාව කාර්මිකකරණය වැලැක්වීම යනාදිය ඒ අතර කීපයකි.

ලංකාවේ මධ්‍යම කඳුකරය තුළ ස්වයං පෝෂිත ආර්ථික රටාවක් පැවැත්ම යනු එහි නිදහස් දේශපාලන ඒකකයක් බිහිවීමේ සදාතනික විභවයක් පැවතීමයි. ඉන්දීය සාගරය තුළ උපායමාර්ගික වශයෙන් වැදගත් ත්‍රිකුණාමල වරාය සිය  අධිරාජ්‍යවාදි අවශ්‍යතා සඳහා ආරක්ෂිතව පවත්වාගෙන යාම,  මධ්‍යම කඳුකරයේ ස්වාධීන රාජ්‍යයක් පවතින තාක් කල් ඉතා දුෂ්කර දෙයක් බව බ්‍රිතාන්‍යයන් අවබෝධ කරගෙන තිබිණි.  ත්‍රිකුණාමලය මුලතිවු, සහ යාපනය යන ප්‍රදේශවල බ්‍රිතාන්‍යයට එරෙහිව කැරැළි ගැසූ බණ්ඩාර් වන්නියාර්ගේ අරගලය පරාජය කරනු ලැබීමට බ්‍රිතාන්‍යයන් සමත්වූයේ වන්නියාර් සමග සන්ධානයක සිටි කඳුකරයේ සිංහල රාජධානිය විනාශ කිරීමෙන් පසුව පමණි.

වර්ෂාපතන රටාවන් සහ ගංගා ආශ්‍රිතව පවත්නා කෘෂිකාර්මික නිෂ්පාදනය මත මෙරට සාමාන්‍ය ජනයාගේ දිවිපැවැත්ම තීරණය විය.  මේ සඳහා කඳුකර වැසි වනාන්තර තීරණාත්මක සාධකයක්විය. විනාශකරන ලද වනාන්තර වෙනුවට නැවැත වනවගා කිරීමේදී   පයින් සහ යුකැලිප්ටස් වගාකිරීම මධ්‍යම කඳුකරයේ භූගත ජල මට්ටම් පහත බැසීමට ද නාය යෑම් සහ සෝදාපාළුවීම් උත්සන්නවීමටද ජනතාවගේ සම්ප්‍රදායික දිවි පෙවෙත විනාශ කිරීමට ද හේතු විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අනුප්‍රාප්තිකයා ලෙස එක්සත් ජනපදය සිය මැදිහත්වීම් උත්සන්න කිරීම ආරම්භ වී දශකයක පමණ කාලයක් තුළ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් මෙහෙයවන USAID වැනි ආයතනවල මැදිහත් වීමෙන් ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පයිනස් සහ යුකැලිප්ටස් වගාකිරීම ඇරඹීම තේරුම් ගැනීමට අවශ්‍යවන එක් මානයක් ඉහත ඉතිහාසය විසින් සපයා දෙනු ලබයි. දශක කිහිපයකට උඩදී කඳුකරයේ වියලිකාලවල පවා නොසිඳී පැවැති ජල සීරාවන් සහ දියපහරවල් බහුතරයක් දැන් වර්ෂා සමය නිම වී දින කීපයක්වත් නොපවතින තත්ත්වයක පත්ව තිබේ. මධ්‍යම කඳුකරයේත් ඌව පළාතේත් උග්‍ර ජලහිඟයක් නිර්මාණය වෙමින් පවතින්නේ භූගත ජල මට්ටම් පහත වැටීම හේතුවෙනි.මෙම තත්වය විසින් සම්ප්‍රදායික ගොවීන්ට සිය ගොවිතැන් කටයුතු අත්හැර දැමීමට බලකෙරෙමින් ඇති අතර එකී ඉඩම් කුණු කොල්ලයට මිලදී ගැනීමට ගෝලීය ආහාර ඒකාධිකාරයක් සඳහා සැලසුම් කරන සමාගම් පිඹුරු පත් සකසා තිබේ.

වියලිකාලයේදී ලැව්ගිනි අවදානම මෙන්ම වර්ෂාකාලයේදී කඳු නායයාමද වසරින් වසර උත්සන්න වෙමින් පවතී.
මේ සියල්ලට හේතුව ඊනියා දේශගුණ විපර්යාසයන් යැයි පවසන්නවුන් ඒ මගින් මෙම අවදානම් සහගත කලාපයන් කෙරෙහි විදේශිය මැදිහත්වීම් යුක්ති සහගතකිරීමද, කලාපයේ වෙසෙන ප්‍රදේශවාසි ජනතාව ඉන් ඉවත්කරමින් ඒවා ඊනියා සංරක්ෂිත කලාප නාමයෙන් විදේශික මිලිටරි බලවේගයන්ගේ සදාකාලික කඳවුරු බවට පත්කිරීමට ද දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කරයි.

යුරෝපයේත් ලෝකයේ වෙනත් රටවල වනවගාවක් ලෙස පයිනස් සහ යුකැලිප්ටස් වගා කිරීම 1960 දශකයේ සිටම සිටම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන ලද්දේ ලෝක බැංකුව සහ USAID වැනි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුවට අනුබද්ධ සංවිධාන විසිනි. ලෝකයේ සිදුවන ලැව්ගිනිවලින් 80%ක් පමණ සිදුවන්නේ මෙම පයිනස් සහ යුකැලිප්ටස් වගා ඇසුරෙනි. එම ශාකවල විවිධ කොටස්වල ඉහළ  වාෂ්පශීලි තෙල් වර්ග අඩංගුවීම ඊට එක් හේතුවකි. බෑවුම් සහිත කඳුවල මේවා වගා කිරීම හේතුවෙන් ජලවහන රටාවන්ගේ වේගය වෙනස්වීමත් පස මතුපිට සෝදායාමත්, පස තුලට වර්ෂා ජලය අවශෝෂණය වීම අඩුවීමත් හේතුවෙන් ජල පෝෂක වියලී යාම, පස සෝදා පාලුව සහ නාය යෑම ආදිය ද සිදුවන බවට අධ්‍යයනයන්ගෙන් සනාථ වී තිබේ.

ඔලිවර් මුනියන් විසින් පෘතුගාලයේ පෙද්රෝගියෝ රක්ෂිතයේ හටගත් ලැව්ගිනි පිළිබඳව සිය අධ්‍යයන වාර්තාවේ  මෙසේ සඳහන් කර ඇත.

Photo: Domingos Patacho

“..කුප්‍රකට පෙද්රෝගියෝ ලැව්ගිනි හා සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කරන්නේ ගින්න ව්‍යාප්ත වුණු ප්‍රදේශවලින්  70%ක් ම පයින් වනවගාවෙන් සමන්විතව තිබූ බවය. මෙම පයින් වනාන්තර සහිත ප්‍රදේශ ගින්න ඉතා දැඩි ලෙස පැතිර ගිය ප්‍රදේශ වේ. යුකැලිප්ටස් සහ පයින් යන ශාක විශේෂයන් දෙකම ලැව්ගිනිවලට ඔරොත්තු දෙන ලෙස අනුවර්තනය වූ ඒවා  වන අතර ඒවා තුළ රෙසින නම් දැවෙන සුළු සංයෝගය විශාල වශයෙන් අඩංගු වේ. ඒවා විසින් ඉහළ උෂ්ණත්වයන්හිදී පහසුවෙන් හා ක්ෂණිකව ගිනිගන්නා සුළු වාෂ්පශීලි තෙල් නිකුත් කරයි. යුකැලිප්ටස් ගසේ පොතු විසින් ගිනිදැල් ඉක්මණින්ම ශාකයේ කඳ හරහා දැවෙන සුළු පත්‍ර කරා ගෙන යයි.”

“…ජෛව විවිධත්වයක් සහිත දේශීය වනාන්තර මගින් යුකැලිප්ටස් විස්ථාපනය කරන ලෙස ප්‍රජාවන්ගේ පැහැදිලි ඉල්ලීම පවා නොතකා හරින ලද පෘතුගිසි ආණ්ඩුව 2016 සහ 2017 වසරවල පාරිසරික හා ආර්ථික වශයෙන් වැදගත් ඕක් විශේෂ තුනක් සිටුවීමට වෙන් කළ යුරෝ මිලියන 27ක අයවැයෙන් කිසිවක් ඒ සඳහා වියදම් නොකළේය. නමුත් පසුගිය වසරේ ලැව්ගිනිවලට ලක් වූ ප්‍රදේශවල නැවත යුකැලිප්ටස් වගා කිරීම සඳහා එමෙන් පස් ගුණයක මූල්‍යාධාර දැන් වෙන් කර ඇත. මෙය පෘතුගාලයේ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීමට දේශපාලන අධිෂ්ඨානයක් නොමැතිකමට නිදසුනක් ලෙස දැක්විය හැකිය…”

Fire and Plantations in Portugal: A case study on the risks of using tree plantations to remove carbon from the atmosphere, Oliver Munnion, Special Issue, Summer 2018

ශ්‍රී ලංකාවේ යුකැලිප්ටස් සහ පයිනස් වගාවන් සහ ලැව්ගිනි ව්‍යාප්තිය

වනාන්තර ගිනිගැනීම් පිළිබඳ ගෝලීය නිරීක්ෂක මධ්‍යස්ථානය(GLOBAL FIRE MONITORING CENTER) විසින් නිකුත්කර ඇති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ කොටසේ මෙසේ සඳහන් වේ.

“…රටේ බොහෝ දේශීය ශාකවලින් සමන්විත වනාන්තර තුළ සැලකිය යුතු ගිනි උවදුරක් නොමැත….”

“…මෙම වගාවන් තුළ, විශේෂයෙන් යුකැලිප්ටස්(Eucalyptus spp.) සහ පයින් (Pinus spp.) වගාවන් තුළ ගිනි උවදුර ඉතා ඉහළය.පසුගිය වසර 40 තුළ පයින් හෙක්ටයාර 18 000 ක් සහ යුකැලිප්ට් හෙක්ටයාර් 19 000 ක් වගා කර ඇත.පයිරොෆයිටික් විශේෂයක් වීමට අමතරව පයින් වගාවන් බොහොමයක් මධ්‍යම කඳුකරයේ දුෂ්කර බෑවුම්වල පිහිටා ඇත. මෙම තත්ත්වය ඉතා ඉහළ ගිනි උවදුරක් නිර්මාණය කරයි. ”

“…ශ්‍රී ලංකාව තුළ ලැව්ගිනි වාර්ෂිකව 50 සිට 200ක් දක්වා වාර්තා වේ. මෙය රඳා පවතින්නේ පවත්නා කාලගුණික තත්ත්වයන් මතය. මෙම සියලුම සිදුවීම් වාර්තාවී ඇත්තේ වනවගාවන් තුළය.

එක් ගින්නකින් දැවෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 0.2 සිට හෙක්ටයාර් 150 දක්වා වෙනස් විය හැකිය. ඒ අනුව එක් ගින්නකින් දැවෙන සාමාන්‍ය බිම් ප්‍රමාණය හෙක්ටයාර් 10 ක් ලෙස සැලකේ. බොහෝ වනවගාවන් කුඩා පරිමාණයේ ඒවා වන අතර රටපුරා විසිරී පවතී. එහෙයින් අවදානමද විසිරුණු එකකි. කෙසේ වුවද විශාල ගිනි ඇතිවීමට අවදානම ඉතා සුළුය. මක් නිසාද යත් වනවගාවන් ඉතා කුඩා පරිමාණයේ ඒවා වන බැවිනි. මෙම සියලුම ලැව්ගිනි පොලොව මතුපිට පැතිර යන ඒවා වන අතර ඒවා ගස් මුදුන් කරා විහිද ඒ මගින් පැතිර යාමේ අවස්ථා විරලය‍.

වාර්තාවී ඇති ලැව්ගිනිවලින් 55%ක්ම පයින් වගාවන් තුළ සිදුව ඇති අතර 20%ක් සිදුව ඇත්තේ යුකැලිප්ටස් වගාවන් තුළය. අලුතෙන් වගා කරන ලද මෙම වනවගාවන් තුළ පැරණි ඒවාට වඩා ගිනි ඇතිවීමේ අවදානම ඉහළය. ආසන්න වශයෙන් 60%ක් පමණ ගිනි ගැනීම් වාර්තා වී ඇත්තේ වසර 5%කට අඩු වනවගාවන් තුළය. පැය 24කට වඩා කාලයක් තිස්සේ ඇවිල ගිය ගිනි වාර්තාවන්නේ කීපයක් පමණක් වන අතර බොහෝමයක් ලැව්ගිනි පැය 3 සිට 10 දක්වා කාලයකදී අවසන් වී ඇත….”

(FOREST FIRE SITUATION IN SRI LANKA,IFFN No. 26 – January 2002, p. 96-100 )

පොදු ජනයා පොසිල ඉන්ධන භාවිතය වැලැක්වීමේ සැබෑ අරමුණ

දැන් මෙවැනි ව්‍යසනයන් වැළැක්වීම සඳහා ඔවුන් යෝජනා කරන්නේ කුමක් ද? එක් යෝජනාවක් වන්නේ පොසිල ඉන්ධන භාවිතය මුළුමණින්ම නැවැත්වීමය. ආර්ථිකය “නිර්-කාබනීකරණය” යනු එයයි. එමෙන්ම ඔවුන් යෝජනා කරන වැඩ පිළිවෙළේ අරමුණ වන්නේ  තමන් විසින් දැනට ලබාගෙන ඇති ණය වලට හිලව්වනු පිණිස එම රටවල වනාන්තර සහ සාගර කලාපයන් පාලනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය සමාගම් විසින් මෙහෙයවන ජාත්‍යන්තර පරිසර සංවිධාන වෙත පවරාගැනීමය. එම ඉලක්ක ඉටු කරගැනීම සඳහා නිර්මාණය කර ඇති මෙවලම් නම් ස්වභාවධර්මය හෝ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය, නිල් බැඳුම්කර සහ හරිත බැඳුම්කර, පරිසර සේවා සඳහා ගෙවීම්  වැනි දේය.

2023 ජූනි 15 වැනි දින නිව්යෝර්ක්හිදි පැවැති මාධ්‍ය හමුවක් අමතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් විසින් කරන ලද ප්‍රකාශයන්ගෙන් උපුටාගත් කොටස් පහත පළකරමු. මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ සිවිල් සමාජයේ “දේශගුණික නායකයන් ” හමුවීමෙන් පසුවය.

“ මහා දේශගුණික විපර්යාසයක් වැළැක්වීම සඳහා රටවල් විසින් ගල් අඟුරු සහ අනෙකුත් පොසිල ඉන්ධන භාවිතා කිරීම අත්හැර දැමිය යුතුය. ”

“කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා කඩිනම් ගෝලීය ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබේ. එය ආරම්භ විය යුත්තේ පොසිල ඉන්ධන කර්මාන්තය නැමැති දේශගුණික අර්බුදයේ හදවතෙනි.”

“රටවල් විසින් පොසිල ඉන්ධන භාවිතය අත්හැර දැමිය යුතුය.තෙල්, ගල් අඟුරු සහ ගෑස් ඒවා අයත් පොළෝ ගර්භය තුළම පැවතීමට ඉඩ හැරිය යුතුය.

(Guterres calls for phasing out fossil fuels to avoid climate ‘catastrophe’)

ගෝලීය ප්‍රභූ පෙළැන්තියේ න්‍යාය පත්‍රයට යටත් වෙමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ගුටරෙස් ඉදිරිපත් කරන මෙම යෝජනාවන් එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ ඔහුට ඇති බලතල අතික්‍රමණය කරමින් සිදු කර ඇති ඒවා ලෙස සැළකිය හැකිය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික ජාතික රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍ය පිළිබඳ අයිතීන් උල්ලංඝණය කරමින්  මෙවැනි  අත්තනෝමතික ප්‍රකාශ සිදු කිරීමට ඔහුට බලය ලැබී ඇත්තේ  දේශගුණික විපර්යාස පිළිබඳ බටහිර අධිරාජ්‍යවාදය විසින් ස්ථාපිත කර ඇති අධිපතිවාදි සහ පදනම් විරහිත ආඛ්‍යානය හේතුවෙනි. ස්වෛරී ජාතින්ට තමන්ගේ සංවර්ධන මාවත තෝරාගැනීමේ අයිතිය මෙමගින් බරපතල ලෙස උල්ලංඝණය කෙරේ. අපගේ රටේ පොසිල ඉන්ධන නැති බැවින් මේවා අපිට ප්‍රශ්නයක් නොවන බව ඇතැමුන්ට පෙනී යාහැකි නමුත් මෙවැනි මැදිහත්වීම් අවසන්වන්නේ පොසිල ඉන්ධන කර්මාන්තයෙන් පමණක් නොවන බව දැනට මතක තබාගැනීම වැදගත්ය.

තෙල්, අඟුරු සහ ගෑස් ඒවා අයත් මහපොළොව යටම තිබෙන්නට ඉඩ හැරිය යුතු බව ඔහු පවසයි.  ඔව් මහලේකම් තුමනි! ඔබලාගේ  ඉලක්කය වන 2035 වනවිට ලෝක ජනගහණයෙන් අති විශාල ප්‍රමාණයක් මිහිමතින් අතු ගා දමා දැනට බටහිර අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට යටත් නැති ඛනිජ තෙල්, ගෑස්, ගල් අඟුරු නිපදවන රුසියාව, ඉරානය, වෙනිසියුලාව වැනි  රටවල ස්වෛරීත්වය අහිමිකරමින් තමන්ට ගැති ආණ්ඩු ඒවායේද පිහිටුවා පූර්ණ ගෝලීය අධිරාජ්‍යයක් පිහිටුවීමේ ඉලක්කය සම්පූර්ණ කරගන්නා තෙක් මෙම ඉන්ධන පොළව යට තිබීමට ඉඩ හළ යුතුය. එතෙක් දැනට වසර දහස් ගණනකට පෙර ගල් අඟුරු ටොන් මිලියන ගණනක් මත සීත සෘතුවේදී මියගිය මිනිස් පරම්පරාවන් මෙන්ම ශිෂ්ට සම්පන්න යුරෝපයේ වයස්ගත සහ රෝගී  ජනයාට සිය නිවාස තුළ හෝ මහමග සීතලේ මිය යන්නට සැලැස්විය යුතුය. පොසිල ඉන්ධන භාවිතය නැවැත්වීමෙන් සිදුවන ආහාර නිෂ්පාදන සහ බෙදාහැරීම අඩාලවීම් හේතුවෙන් සීතලට අමතරව සාගින්නද  ගෝලීය දකුණේ රටවල් සඳහා යොදාගැනීමට ඔබලාට හැකිවනු ඇත. ඒ අතර ඔබලා විසින්ම ඒ අයුරින් සංවිධානාත්මක ඇතිකරන සාගතයන් පිළිබඳව අනතුරු ඇඟවීම මගින් ජනතාව ගැන දුක්වෙන ඔවුන් ගැන හිතන පුද්ගලයන් ලෙස මවාපෑමට ද ඔබලාට හැකිය.

පොසිල ඉන්ධන භාවිතය නැවැත්වීමේ සඳහා ගෝලීය ප්‍රභූ පෙළැන්තිය ගෙන ව්‍යාපාරයේ සැබෑ අරමුණු මොනවාද?

1. නිෂ්පාදනය  සහ බෙදාහැරීම ඇතුළු ගෝලීය ආර්ථික ක්‍රියාකාරිත්වය බිඳ දමමින් ගෝලීය ජනගහණයේ පැවැත්ම සඳහා හානිකර සමාජ ආර්ථික සහ දේශපාලන කොන්දේසින් නිර්මාණය කරමින් ගෝලීය ජනගහණ වර්ධනය පාලනය කිරීම සහ පවත්නා ජනගහණය අඩු කිරීම

2. පොසිල ඉන්ධන භාවිතය වැලැක්වීම උපක්‍රමය  යුරෝපයේ ජර්මනිය සහ ලෝකය පුරාම යම් නිශ්චිත රටවල් රාශියක් නිර්කාර්මිකකරණය සඳහා යොදාගැනීම

2. ලෝක ඉන්ධන වෙළඳපොළේ ඉල්ලුම පහත දැමීම මගින් රුසියාව, ඉරානය සහ වෙනිසියුලාව වැනි රටවල්  ආර්ථික වශයෙන් බලවත් වීම වැලැක්වීම.

3. ලෝක ආර්ථිකයේ රුධිර සැපයුම ලෙසින් සැළකෙන පොසිල ඉන්ධන භාවිතය අහෝසි කළවිට ලෝක ආර්ථිකයේ සිදුවන බිඳ වැටීම විසින් චීනයේ ආර්ථික වර්ධනය මත “හදිසි තිරිංග”  ක්‍රියාත්මක කරවීම

4. සමස්ත  ලෝක  ජනගහණය විසින් වර්තමාන ඉන්ධන පරිභෝජනය ඒ ආකාරයටම දිගින් දිගටම සිදු කළහොත් තව දශක දෙකකින් පමණ පෘථිවියේ සියලු තෙල් සහ ගෑස් සම්පත් .නිමාවනු ඇතැයිද, ඒ නිසා  ප්‍රභූ පෙළැන්තියට සිය කාමසුඛල්ලිකානු වරප්‍රසාදිත ජීවිත එලෙසම පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් සහ ගෑස් නොමැති වෙතැයි පවතින භීතිය හේතුවෙන් ඒවා ඔවුන් සඳහාම කල්තබා වෙන්කර ගැනීමේ අවශ්‍යතාව. සංඛ්‍යාත්මක සුළුතරයක් වන ප්‍රභූපෙළැන්තියට සහ ඔවුන්ගේ දූ දරු පරම්පරාවන්ටද ගෝලීය ඒකාධිපතිවාදී මිලිටරි යන්ත්‍රයටද අවශ්‍ය බලශක්ති සුරක්ෂිතතාව එමගින් තවත් සියවස්ගණනකට පවත්වාගෙන යාමට ඔවුහු අපේක්ෂා කරති.

ආර්ථිකය නිර් කාබනීකරණය හෙවත් පොසිල ඉන්ධන භාවිතය නැවැත්වීම මගින් ගෝලීය දකුණේ  රටවල කාර්මික නිෂ්පාදනය මුළුමණින්ම බිඳ වැටී එම රටවල් ආර්ථික හා සමාජීය වශයෙන් දරුණු අර්බුදයන්ට ගොදුරු වනු ඇත. රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍යය නොතකා කරන මෙම “දේශගුණික සහ පාරිසරික ” මැදිහත්වීම් මගින් ජනතාවන් තමන්ගේ නිජභූමි තුළම සරණාගතයන් බවට පත් කෙරෙනු ඇත.  ඒ සඳහා යොදාගත හැකි ස්වභාවික ව්‍යසනයන් ප්‍රමාණවත් තරමට සිදු නොවන්නේ නම් මෙම දේශගුණික විපර්යාස භීෂකයන් විසින්  “අස්වාභාවික ව්‍යසනයන්” නිර්මාණය කරනු ඇත. දැන් මෙම ගෝලීයවාදි බලවේගවලට ඒ සඳහා අවශ්‍ය උපකරණ ද , තාක්ෂණයද, අවස්ථාවද අඩු නැතිව තිබේ.

යමෙකු “තිරසාරත්වයේ ඉලක්ක”ගැන කතා කරන විට සාමාන්‍ය ජනතාව ඔවුන් පිළිබඳව බෙහෙවින් ප්‍රවේසම් විය යුතුව තිබේ. මක් නිසාද යත් එම බලවේග ලෝකය අධික ජනගහණයෙන් පිරී ඇති තැනක් බවත් එම ජනගහණය එයට දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් විශ්වාසය කරන බැවිනි. ඔවුහු මෙම ග්‍රහලෝකයට දරාගත නොහැකි අනවශ්‍ය බරක් ලෙස දකින්නේ උපතේ සිට මරණය දක්වාම ඔවුන්ගේ අධිරාජ්‍යවාදි සූරාකෑම්වලට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුව අඩ හාමතින් පසුවන අපේ රට වැනි රටවල අසරණ දුප්පත් ජනතාව බැවිනි.

ඔවුන් විසින් ගොඩ නැගීමට යන “තිරසාර” ලෝකය තුළ වත්මන් ලෝක ජනගහනයෙන් 80%කගේ පැවැත්ම සඳහා කිසිදු අවකාශයක් ඉතිරි නොකරනු ඇත. mRNA එන්නත් මගින් වයස්ගතවූවන්ගේ ආයුකාලය කෙටි කිරීමත් තරුණ පරම්පරාවන්ගේ ප්‍රජනන හැකියාවන් අහිමි කර ඔවුන් වඳ බවට පත් කිරීමත්, ඔවුන්ව සමලිංගිකයන් හෝ සංක්‍රාන්තික ලිංගිකයන් බවට පත් කිරීමත් ආදියේ ඉලක්කය වන්නේ මෙම “අතිරේක ජනගහණය” වර්ධනය වීම සිමාකිරීමය. එමගින් ප්‍රභූ පෙළැන්තිය සඳහා “Lebensraum” පුළුල් කරගැනීමට අපේක්ෂා කෙරේ.

පැරණි සෝවියට් සමූහාණ්ඩු සංගමයට අයත් රාජ්‍යයක් වූ යුක්‍රේනය තුළ තුළ රුසියන් විරෝධී ආණ්ඩුවක් නීති විරෝධී ලෙස බලයට පත් කරමින්ද අනතුරුව යුක්‍රේනයේ නවනාසිවාදි කණ්ඩායම් සන්නද්ධකරමින් යුක්‍රේන හමුදාවට නේටෝ අවි සහ පුහුණුව ලබා දෙමින් සිටින්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසිනි. යුක්‍රේනය සහ රුසියාව සමග ගැටුමකට යොමු කරමින් රුසියාව සහ නේටෝව අතර න්‍යෂ්ටික අවි ගැටුමක් දක්වා වර්ධනය කරමින් සමස්ත මානව සංහතිය මිහිමතින් අතුගෑවි යන තත්ත්වයක් උදාකරමින් සිටින බටහිර අධිරාජ්‍යවාදය දේශගුණික විපර්යාසවලින් පෘථිවිය ආරක්ෂා කිරීමට හොටු කඳුළු පෙරමින් කෑ මොරදෙන විට එම උත්සාහයේ අවංකත්වය පිළිබඳ විශ්වාස කළ හැක්කේ මුග්ධ අමනයෙකුට පමණි.

කෘත්‍රිම බුද්ධියේ සහ රොබෝ තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් තවදුරටත් ඔවුන්ට තමන්ට ලාභ ඉපයීම සඳහා මෙතරම් විශාල ශ්‍රමික ජනකායක් අවශ්‍ය නොවනු ඇත. ලෝක ආර්ථික සංසදයේ නායක ක්ලාවුස් ෂ්වාබ්ගේ න්‍යායචාර්යවරයෙකු ලෙස සැලකෙන නෝවා හරාරි විසින් මෙම “අනවශ්‍ය සහ අප්‍රයෝජනවත් පන්තියේ ” ඉරණම පිළිබඳව මෙසේ පවසා තිබේ.

“ ආර්ථිකය සහ දේශපාලනය විසින් ඉදිරි දශකයන් තුළ මුහුණ දෙන විශාලතම ප්‍රශ්නය මෙම වැඩකට නැති පන්තියට කුමක් කළ යුතුද යන්නයි. ඔවුන්ට කෑම ලබාදීම ප්‍රශ්නයක් නොවනු ඇත.  ඔවුන්ට කෑම ලබා දෙනු ඇත. මත් ද්‍රව්‍ය සහ වීඩියෝ ගේම් ඇතැම් විට විසඳුමක්වනු ඇත.”

ඔවුන් විසින් එම පන්තියට කළ යුතු දෑ දැනටමත් තීරණය කර ඇති බවට කිසිදු සැකයක් නැත. සැලසුම් සහගත වසංගත,එන්නත්, සංක්‍රාන්තික ලිංගික විප්ලවය, දේශගුණික විපර්යාස, යුද්ධ සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තකිරීම හරහා ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම “වැඩකට නැති පන්තිය” අහෝසි කිරීමේ සංහාරක ක්‍රියාවලියයි.
ලංකාවේ සුනන්ද දේශප්‍රිය වැන්නවුන් මෙම නෝවා හරාරි වැනි ටෙක්නෝ පැසිස්ට්වාදින් අග්‍රගණ්‍ය බුද්ධිමතුන් ගණයෙහි ලා වන්දනාමාන කරති. උත්ප්‍රාසයට කරුණක් නම් ලෝක ආර්ථික සංසදයට බරපතල ලෙස එරෙහි වන යුරෝපයේ සහ එක්සත් ජනපදයේ කොන්සර්වැටිව්වාදින් විසින් හරාරි, ෂ්වාබ් වැන්නවුන් කොමියුනිස්ට්වාදින් ලෙස නම් කිරීමය. කොමියුනිස්ට්වාදී රාජ්‍යයන් තුළ වැඩ කරන ජනතාවන්ගේ විවේක කාලය ඉහළ යාම පිළිබඳව කිසිදු භීතියක් නොපැවතිණි. එය කොමියුනිස්ට්වාදි සමාජයක ඉලක්කයද විය. සමාජවාදි සමාජයන් තුළ ජනතාවන්ගේ සමාජ විඥානය, කලා රසඥතාව නිර්මාණශීලිත්වය, නිරෝගි බව ඉහළ නැංවිම සඳහා යෝධ ව්‍යාපෘතින් දියත් කරන ලදි. සාහිත්‍ය කෘතින් නිර්මාණය පරිහරණය සහ විචාරය දියුණුකිරීමට පුස්තකාල, මුද්‍රණ පහසුකම්, අධ්‍යයන පහසුකම්, ක්‍රීඩා පහසුකම් ආදිය සංවිධානය කෙරිණි. චිත්‍ර,නාට්‍ය චිත්‍රපට, නැටුම් සහ සංගීත ආදි විෂයයන්ටද අදාලව එලෙසම සිදු විය. දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කිරීමෙහිලාත් ඉන් අනතුරුව විශිෂ්ට විද්‍යාත්මක, තාක්ෂණික, සමාජීය ජයග්‍රහණ දිනාගැනීමටත් සමත් වූ සමාජයක් බිහිවූයේ ඒ මානවවාදි සැලසුම් නිසාය. හරාරි වැන්නවුන්ගේ සැලසුම වන්නේ මිනිස් අධ්‍යාත්මය හෝ සමාජ විඥානය සංවර්ධනය කිරීම නොව එය විනාශකර මිනිස් සබඳතා රහිත මාංශල රෝබෝවරුන් බිහිකිරීම නිසා අනාගතයේදී “වැඩකට නැති මිනිස් පන්තියට” මත්ද්‍රව්‍ය එන්නත් කිරීම හෝ ඔවුන්ට Virtual Reality ඩිජිටල් ඇස් ආවරණ පැළඳවීම මගින් ඔවුන්ව යථාර්ථයෙන් ඈත් කිරීම හැර වෙනත් විසඳුමක් යෝජනා කිරීමට අසමත්ය.එම විවේක කාලය මිනිසුන් සිතීම සඳහා යොමුකළ හොත් තම සුපිරි පෙළැන්තියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට ඔවුන්ගේ පාලනයට යටත් කෘත්‍රිම බුද්ධියට හෝ රොබෝවරුන්ට නොහැකිවනු ඇති බව ඔවුහු දනිති.

මිනිස් වර්ගයාට හරාරිලාගේ හෝ ෂ්වාබ්ලාගේ විසඳුම් අවශ්‍ය නැත.  කිසිවෙකු කිසිවක් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ද නැත. තමන්ගේ මහජන නියෝජිතයන් ලෙස කිසිදු රටක ජනතාවක් ඔවුන්ව සර්වජන ඡන්දයෙන් පත්කිරීමක්ද සිදු කර නැත. ඔවුන්ට ඇත්තේ වැඩ කරන පන්තියේ ජනයාගේ ශ්‍රමය සුරාකමින් රැස්කරගන්නාලද ධනයෙන් ජාතික රාජ්‍යයන්ගේ දූෂිත දේශපාලනඥයන්, සහ නිලධාරින් මිලදී ගැනීමෙන් ආරෝපණය කරගත් බලයත් තමන් මෙම ග්‍රහලෝකය ගලවාගැනීමට කිසියම් පාරභෞමික බලවේගයක් විසින් තෝරාගන්නා ලද සුවිශේෂි ජීවි කොටසක්ය යන  උද්ධච්ඡ කමත් පමණි.

මෙම ගෝලීය ප්‍රභූ පැළැන්තියේ තවත් භීතිකාවක් වන්නේ මෙම “අධික අනවශ්‍ය අපිරිසිදු ජනගහණය” විසින් ඔවුන්ටත් ඔවුන්ගේ දූ දරු පරම්පරාවන්ටත් සිය සුඛෝපභෝගී කාම සුඛල්ලිකානු ජීවිත තවත් සියවස් ගණනක් පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් ඉක්මණින්ම ක්ෂය කරනු ඇත යන්නය. ඔවුන්ට තමන්ගේම අනාගත පරිභෝජනය සඳහා පොසිල ඉන්ධන සහ අනෙකුත්සම්පත් සුරක්ෂිත කර ගැනීමට නම් වර්තමානයේදී ඒවා මෙම “අධික,අනවශ්‍ය සහ අපිරිසිදු ජනගහණය” විසින් භාවිතා කර අහවර කිරීම වැළැක්විය යුතුය. ඔවුන් දැන් කරමින් සිටින්නේ ඒ වැලැක්වීමයි. ව්‍යාජ දේශගුණික විපර්යාස විද්‍යාඥයන්ද ජනමාධ්‍ය වේදීන් සහ පරිසරවේදින්ද කුලියට ගනිමින් “ පොසිල ඉන්ධන භාවිතයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම” පිළිබඳව ආඛ්‍යානයක් ගොඩ නැගීමේ සැබෑ අවශ්‍යතාව එයයි.
පොසිල ඉන්ධන පරිභෝජනය දැනට පවත්නා වේගයෙන් සිදු වුවහොත් ස්වභාවික ගෑස් සහ තෙල් නිධි තව දශක දෙකකින් මුළුමණින්ම නිමාවනු ඇත යන්න මෙම මැල්තුසියන්වාදි ප්‍රභූ පෙළැන්තියේ විශ්වාසයයි. වසරින් වසර තෙල් නිපදවන රටවල් විසින් සිය තෙල් නිෂ්පාදනය කිසියම් ප්‍රතිශතයකින් කප්පාදු කරමින් සාමාන්‍ය ජනතාවට භාවිතා කළ නොහැකි මට්ටමට ක්‍රමානුකූලව ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස ඇත්තේ ද ගෝලීය ප්‍රභූ පෙළැන්තිය සතුව මෙම තත්ත්වය පිළිබඳව පවත්නා පොදු එකඟතාවයි.

5. එක්සත් ජාතින්ගේසංවිධානයේ මහලේකම් සංවර්ධනය වෙමින් පවතින රටවල බලශක්ති සැපයුම කපාහැරීමට මූල්‍ය කතිපයාධිකාරිත්වය සමග එක්වේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙසේ ද ප්‍රකාශ කර ඇත

“මූල්‍ය ආයතන විසින් සවිස්තරාත්මක සැලසුම් ඉදිරිපත් කළ යුතුය.ඔවුන් විසින් ගෝලීය බලශක්ති පරිවර්තනය දිරිගැන්විය යුතුය.කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්කයට අනුකූල වීම සඳහා ස්වකීය ආයෝජන කළඹ තුළින් පොසිල ඉන්ධන වත්කම් ක්‍රමයෙන් ඉවත්කිරීමේ පැහැදිලි උපාය මාර්ගයක් එම සැලසුම්වලට ඇතුළත් කළ යුතුය.සියලුම බලපෑම් සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් ද හෙළි කළ යුතුය.”

“ සෑම තැනෙකම ඇති මූල්‍ය ආයතන විසින් ගල් අඟුරු කර්මාන්තය සඳහා ණය නිකුත් කිරීම, ප්‍රතිරක්ෂණය කිරීම සහ ආයෝජනය කිරීම අවසන් කළ යුතුය. මෙයට නව ගල් අඟුරු යටිතල ව්‍යුහයන්, බලාගාර සහ පතල් ඇතුළත් විය යුතුය.

එමෙන්ම මූල්‍ය ආයතන විසින් නව ගෑස් සහ තෙල් නිධි සෙවීමේ සහ ව්‍යාප්ත කිරීමේ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට තමන්ගේ ඇති කැපවීම අවසාන කළ යුතුය.ඒ වෙනුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ පරිවර්තනය සඳහා ආයෝජනය කළ යුතුය.

(Guterres calls for phasing out fossil fuels to avoid climate ‘catastrophe’)

මහලේකම් ගුටරෙස් විසින් මෙහිදී උපදෙස් දෙනු ලබන මූල්‍ය ආයතන කවරේද?  ඒවා නම් බ්ලැක්රොක් සහ වෑන්ගාඩ් වැනි වත්කම් කළමණාකාරණ සමාගම්, ජේපී මෝර්ගන් චේස් වැනි බැංකු, පැරිස් කණ්ඩායම වැනි මූල්‍ය කාටල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ඒවායි. මෙහිදී සිදුවන්නේ ගුටරේස් විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෙස තමන්ගේ අධිකාරය භාවිතා කරමින් මෙම මූල්‍ය ආයතනවලට නිර්දේශ නිකුත් කිරීම නොව එහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම් ඉහත මූල්‍ය ආයතන විසින් සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයත් එහි නිවට මහලේකම්වරයාත් යොදාගැනීමය.

ගුටරේස් විසින් මේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ බ්ලැක්රොක් සහ වෑන්ගාඩ් යන මූල්‍ය සමාගම් විසින් විවෘතවම ප්‍රකාශයට පත් කර ඇති එහි ESG වැඩ පිළිවෙළය. මේ පිළිබඳව මහාචාර්ය මයිකල් රෙක්ටන්වල්ඩ් විසින් 2022 නොවැම්බර් මස 13 වැනි දින පවත්වන ලද “කෝපරේට් ෆැසිස්ට්වාදයේ නැගීම” නම් සිය  දේශනයේදී මෙසේ සඳහන් කර තිබේ.

“ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් වෙත බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරි ලැරී ෆ්ලින්ක් විසින් 2021 දී ලියන ලද ලිපිය මගින් අනාගත ආයෝජනයන් සම්බන්ධව සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ. “දේශගුණික අවදානම වූකලී ආයෝජන අවදානමකි ” යැයි එහි ලා සඳහන් කර ඇති ඔහු, දේශගුණික අවදානම වැළැක්වීම සඳහා සහ ඒ වෙනුවෙන් වඩාත් හොඳින් සුදානම් වීමේ කටයුතු සඳහා ආයෝජනය කරන්නාවූත් භාරකාර ධනවාදයේ ESG ව්‍යාපෘති සංකීර්ණය පිළිගන්නා වූත් සමාගම් සඳහා වෙන් කරන ප්‍රාග්ධන ආයෝජනයන් දැවැන්ත ලෙස ඉහළ නැංවීම සඳහා ආයෝජනයන් පිළිබඳ තිරසාර දර්ශකයක්(Sustainable Index for Investments) නිර්මාණය කිරීම පිළිබඳවද එහිලා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ආයෝජන චර්යාවන් තුළ දැවැන්ත වෙනසක් සිදු කිරීමට ෆ්ලින්ක් මෙලෙස ප්‍රතිඥා දුන්නේය.

“තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරන සමාගම් වෙත සැපයෙන ආයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි” සමාගම්වල විධායක නිලධාරින් වෙත ඔහු විසින් යවන ලද ලිපිය මගින් අනතුරු අඟවා තිබිණි. ප්‍රාග්ධන ආයෝජනයන් තුළ දැවැන්ත වෙනස් කිරීමට තුඩු දුන් බලපෑමක් අපට දක්නට ලැබෙන්නේ එහෙයිනි. සෑම සමාගමකම කළමණාකරණ කණ්ඩායමට තම සමාගම විසින් ගන්නා තීන්දු සිය කොටස් වෙළඳපොළ මත බලපාන ආකාරය ගැන නැවත වතාවක් සළකාබැලීමට මේ අනුව සිදුව තිබේ.
ෆ්ලින්ක් සිය ලිපිය මගින් සිය සමාගම්වල කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වන සැලසුම් (Net Zero Plan) ඉදිරිපත් කරන ලෙස සියලු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් වෙත දන්වා තිබේ.

ෆ්ලින්ක් විසින් ප්‍රතිරාවය කර ඇත්තේ ලෝක ආර්ථික සංසදයේ ක්ලාවුස් ෂ්වාබ්ගේ මෙම උමතු තර්ජනකාරි වදන්ය. .

“එක්සත් ජනපදයේ සිට චීනය දක්වා වන සෑම රටක්ම මෙයට සහභාගි විය යුතුය.එමෙන්ම තෙල් සහ ගෑස් වල සිට තාක්ෂණ කටයුතු දක්වා සියලු කර්මාන්තයක්ම පරිවර්තනය විය යුතුය.කෙටියෙන් පවසන්නේ නම් අපට ධනවාදය තුළ මහා ප්‍රත්‍යාරම්භයක් අවශ්‍යව තිබේ.”

කෝපරේට් ෆැසිස්ට්වාදයේ නැගීම: ජාගරිත ධනවාදය යනු ආර්ථික ෆැසිස්ට්වාදයයි – මයිකල් රෙක්ටන්වල්ඩ්

දැන් මෙම චිත්‍රයෙන්  විශාල  කොටසක් පැහැදිලිය. ක්ලාවුස් ෂ්වාබ් ගේ නියමයන් බ්ලැක්රොක්හි  ලැරී ෆ්ලින්ක් විසින් ප්‍රතිරාවය කරන අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් විසින් ලැරී ෆ්ලින්ක්ගේ නියෝග ප්‍රතිරාවය කරයි. මේ සියල්ලන් විසින්ම ක්‍රියාත්මක කරමින් ඇත්තේ රොකෆෙලර් සහ රොත්ස්චයිල්ඩ්වරුන්ගේ න්‍යාය පත්‍රයයි.

6. “හිඟන්නන්ට පොසිල ඉන්ධන නැත!” : අධිරාජ්‍යවාදි ප්‍රභූ ධනේශ්වරයේ සහ  මිලිටරි යන්ත්‍රයේ දෙබිඩි නීති

ජෝන් කෙරී එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය. අනතුරුව 2021 දී ජෝ බයිඩන් ජනාධිපති තනතුරට පත් වූ පසුව ඔහු වෙනුවෙන්ම විශේෂ තනතුරක් බයිඩන් පරිපාලනය විසින් නිර්මාණය කරන ලදි. එම තනතුර නම් “ දේශගුණික කටයුතු පිළිබඳ විශේෂ ජනාධිපති නියෝජිත ” යන්නයි. මෙම තනතුරේ කටයුතු කරමින් ඔහු කාබන් විමෝචනය අඩුකිරීම පිළිබඳව ලෝකයට දේශනා පවත්වමින් ලොව වටා රජයේ වියදමින් සංචාරය කළේය.ස්විට්සර්ලන්තයේ දාවොස්හිදී 2023 දී පැවැති ලෝක ආර්ථික සංසදයේ සමුළුවේ සාකච්ඡා මණ්ඩපයකදී ඔහු මෙසේ පැවසීය.
“ ඔබ නතර වී ඒ් ගැන සිතා බැලුවහොත් එහි අසාමාන්‍ය බවට ඔබට පෙනෙනු ඇත. මනුෂ්‍යයන් අතරින් තෝරාගන්නා ලද කණ්ඩායමක් වන අපි අපගේ ජීවිතවල කුමන හෝ සිදුවීමක් හේතුවෙන් කාමරයක එකට රැස්වී වාඩි වී ග්‍රහලෝකය ගලවා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සැබැවින්ම සම්පූර්ණයෙන්ම පාරභෞමික දෙයක්. ”

පුද්ගලික  ජෙට් ගුවන් යානා: දේශගුණික කටයුතු පිළිබඳ විශේෂ ජනාධිපති නියෝජිත  ජෝන් කෙරීගේ කාබන් විමෝචන විරෝධය රෙද්ද පල්ලේ බේරීම

ජෝන් කෙරී ද නිසැකවම “දේශගුණික විපර්යාසය නම් මානව සංහතිය මුහුණ දී ඇති බිහිසුණුම අනතුරෙන් ග්‍රහලෝකය ගලවාගැනීමට” ඉදිරිපත්ව ඇති ප්‍රභූ වීරයන්ගෙන් එක් අයෙකි. ඒ සඳහා පොසිල ඉන්ධන භාවිතය අඩුකරමින් නැතහොත් කොහෙත්ම භාවිතා නොකරමින් වායුගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශුන්‍ය කිරීම මගින් ගෝලීය උෂණත්වය ඉහළ යාම වැලැක්වීමට කටයුතු කළ යුතු ආකාරය ගැන ලෝකවාසි සාමාන්‍ය ජනතාවට ඔහු උපදෙස් දෙයි.

ක්ලාවුස් ෂ්වාබ්ගේ ලෝක ආර්ථික සංසදයේ ප්‍රධාන තේමාවක් වන්නේ ද දේශගුණ විපර්යාසය වැලැක්වීම සහ පොසිල ඉන්ධන භාවිතය නැවැත්වීමයි. 2023 දී ස්විට්සර්ලන්තයේ දාවෝස්හිදී පැවැති එම සම්මේලනයේ සමුළුවට බොහෝ රටවලින් දේශපාලනඥයෝ, රාජ්‍ය නිලධාරිහූ, සමාගම් වල විධායක නිලධාරිහූ, ධන කුවේරයෝ, විද්‍යාඥයෝ සහ කලාකරුවෝ සහභාගි වූහ. මෙම ප්‍රභූන් රැගත් ඔවුන්ගේ පුද්ගලික ජෙට් ගුවන්යානා අඩුම තරමින් 150 ක් දාවෝස් ගුවන්තොටුපළට ගොඩ බස්වා තිබිණි. ජෝන් කෙරී ද මෙම සමුළුවට සහභාගි වූ සම්භාවනීය අමුත්තෙකු සහ ආරාධිත දේශකයෙකු විය.මේ අවස්ථාවේදී  මෙම ප්‍රභූ ධනකුවේරයන් දේශගුණ විපර්යාස වැලැක්වීමේ සමුළුවට සිය පුද්ගලික ජෙට්යානාවලින් පැමිණීමේ දෙබිඩි පිළිවෙත සහ කුහකබව ගැන විශාල ආන්දෝලනයක් මතු විය.

සාමාන්‍ය ජනතාව ආහාර පිසීමට ගන්නා ගෑස් උදුන් පවා තහනම් කිරීමට වෑයම් කරන ජෝ බයිඩන් පරිපාලනයේ දේශගුණික කටයුතු පිළිබඳ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී විසින් වායුගෝලයට කාබන් මෙට්‍රික් ටොන් සිය ගණනින් මුදා හරිමින් සිය හිත මිතුරු ප්‍රභූවරුන් විසින් අතොරක් නැතිව පුද්ගලික ජෙට් ගුවන් යානා භාවිතා කිරීම මාධ්‍ය වේදීන් හමුවේ සාධාරණීකරණය කර ඇත්තේ මෙලෙසය.

“ඔවුන් මම දන්න සෙසු සියල්ලන්ට වඩා මෙම වෙනස ඇති කිරීම සඳහා මහන්සිවී වැඩ කරන අය.”

මේ අනුව ජොන් කෙරීගේ අදහස වන්නේ ලෝකයේ සෙසු සාමාන්‍ය දුප්පත් වැඩකරන ජනතාව සිය එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතුවලට පවා පොසිල ඉන්ධන භාවිතා කිරීම වැලැක්වීම සඳහා “අන් සියල්ලන්ටම වඩා මහන්සි වී වැඩ කරන ” ප්‍රභූ පෙළැන්තිය සිය ගමන් බිමන් යාම සඳහා සතියකට කීපවරක් පුද්ගලික ජෙට් ගුවන් යානා භාවිතා කරමින් වර්ෂයකට එක් ජෙට් යානයකින් කාබන් මෙටික් දහස් ගණනක් වායූගෝලයට නිකුත් කිරීම වරදක් නොවන බවය. මක් නිසාද යත් දාවෝස් සමුළුවේදී ජෝන් කෙරී සහ සෙසු ප්‍රභූවරුන් සියල්ලන්ද ගිරවුන් මෙන් එකිනෙකා පරයමින් ප්‍රතිරාවය කළ පරිදි “ ඔවුහු ග්‍රහ ලෝකය ගලවාගැනීම පිණිස තෝරා ගෙන ඇති පාර භෞමික (පිට සක්වලට අයත්) සුවිශේෂි කණ්ඩායමක් ” වන බැවිනි.

ජෝන් කෙරී මෙය පෙර තමන් සතුව පුද්ගලික ජෙට් ගුවන් යානාවක් නැති බව ද ඒ පිළිබඳව පළ වූ වාර්තා අමූලික බොරු බව ද ප්‍රකාශ කර තිබිණි.කෙසේවුවද එක්සත්  ජනපදයේ කොංග්‍රස් කමිටුවක් හමුවට කැඳවන ලදුව ඔහු විසින් ඇඹරෙමින් සහ පසුබටවෙමින් පිළිගනු ලැබුවේ, තමන් සතුව පුද්ගලික ජෙට් යානයක් නොමැති නමුත් තම බිරිඳ සතුව පුද්ගලික ජෙට් යානාවක් පවතින බවය. තමන් සිය දේශගුණික කටයුතු පිළිබඳ ජනාධිපති නියෝජිත තනතුර භාරගත් පසුව සිය බිරිඳගේ ජෙට් යානයෙන් ගමන් කර නැති බවත් ඉන් පසුව තමන් විසින් භාවිතා කරන ලද්දේ වාණිජ ගුවන් සේවාවන් බවත් ඔහු විසින් අවධාරණය කර ඇත.

අධික කාබන් ප්‍රමාණයක් වායුගෝලයට මුදාහරින පුද්ගලික ජෙට් ගුවන්යානයක් භාවිතා කරන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළයාම වැලැක්වීම සඳහා කාබන් විමෝචන ශුන්‍ය කිරීම පිළිබඳව දේශනා පැවැත්වීමේ දෙබිඩි පිළිවෙත පිළිබඳව දැඩි් විරෝධයක් මතුවීමෙන් පසුව ඔහුගේ පවුලේ ජෙට් ගුවන් යානය පුද්ගලික හෙජ් අරමුදල් හිමියෙකුට විකුණා දමා ඇතැයි ෆොක්ස් ඩිජිටල් නිව්ස් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි.
කෙසේ වුව ද ඔහු 2021 ජනවාරියේදී දේශගුණික කටයුතු පිළිබඳව ජනාධිපති විශේෂ නියෝජිත තනතුර භාරගැනීමෙන් පසුව එම ගුවන් යානය විසින් පියාසර වාර 48ක් පැය 60ක් පුරා සිදුකර ඇති අතර කාබන් රාත්තල් 715,886ක් නැතහොත් මෙට්‍රික් ටොන් 325ක් වායුගෝලයට එක්කර ඇතැයි ද එම වෙබ් අඩවිය පවසයි.

තමන් පුද්ගලික ජෙට් ගුවන් යානා මගින් ගමන් කිරීම පිළිබඳව යාහූ මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේදී ජොන් කෙරී එය සාධාරණීකරණය කළේ තමන් සිය ජෙට් යානාවලින් නිකුත්වන කාබන් ප්‍රමාණය තුලනය සඳහා “කාබන් ඕෆ්සෙට් ක්‍රමය” යොදා ගනු ලබන බවයි.
කාබන් ඕෆ්සෙට් ක්‍රමය යනුවෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ රාජ්‍යයක් විසින් පරිසරයට නිකුත් කරන ලද කාබන් ප්‍රමාණය අඩු කිරීමට දායකවන ක්‍රියාවලියක් සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ රාජ්‍යයකට කිසියම් මිලක් ගෙවීමේ ක්‍රමයකි.නැතහොත් වෙනත් ආයතනයකට හෝ රාජ්‍යයකට වාර්ෂිකව නිකුත් කිරීමේ අවසර ඇති කාබන් කෝටාවට වඩා අඩුවෙන් ඔවුන් විසින් කාබන් නිකුත්කරන්නේ නම් කෝටාවේ එම ඉතිරි අගය වෙනත් කෙනෙකුට කාබන් නිකුත් කිරීම සඳහා අලෙවි කිරීමය. ජෝන් කෙරී මෙහි දී සඳහන් කරන්නේ තමන් නිකුත් කරන කාබන් ප්‍රමාණය අඩු කිරීමක් නොව කාබන් අඩුවෙන් නිකුත් කරන කෙනෙකුගේ කෝටාවද මිලට ගෙන එහි ඉතිරි ප්‍රමාණය වෙනුවෙන් තමන් කාබන් දහනය කිරීමය. ( කාබන් ඕෆ්සෙට් ක්‍රමය පිළිබඳ වැඩි දුර විස්තර සඳහා ලිපිය අග සටහන් බලන්න)

බිල් ගේට්ස්ගේ පුද්ගලික ජෙට් ගුවන් යානා භාවිතය සහ පාරිසරික කුහකත්වය

දේශගුණ විපර්යාස වැලැක්වීම සඳහා පොසිල ඉන්ධන විරෝධයේ පතාක යෝධයෙකු ලෙස පෙනී සිටින බිල් ගේට්ස් සමග බීබීසිය පවත්වන ලද සංවාදයකදී අමොල් රාජන් විසින් බිල් ගේට්ස්ගෙන් අසන ලද ප්‍රශ්නයක් වූයේ “ඔබ දේශගුණ විපර්යාසය ගැන ව්‍යාපාරයක් මෙහෙයවන අතර පුද්ගලික ජෙට් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරන කුහකයෙකුයෙකු යැයි ඔබට එරෙහිව නැගෙන චෝදනාව ගැන ඔබගේ අදහස කුමක් ද? ”
මෙම ප්‍රශ්නය අනපේක්ෂිත එකක් වූ හෙයින් බිල් ගේට්ස් කෝප වූ බවක් පෙනෙන්නට තිබිණි.
“ මම ClimateWorks ව්‍යාපෘතියට  මූල්‍යාධාර සපයමින් ස්වර්ණමය ප්‍රමිති තත්ත්වය මිලදී ගන්නවා. ඒ නිසා වායුගෝලයේ කාබන් ප්‍රමාණය අඩුකරන Direct air capture (DAC)  වැඩ සටහන මගින් මට වායුගෝලයට එක් කිරීමට අවසර ලබාදෙන කාබන් විමෝචන අවසරයේ ප්‍රමාණය මගේ පවුලේ කාබන් ෆුට් ප්‍රින්ට් එකට වඩා බොහෝ සෙයින් වැඩියි. අනිත් එක මම බිලියන ගණන් මුදල් පරිත්‍යාග කර තිබෙනවා දේශගුණික නවීකාරක වැඩ සටහන් සඳහා. ඔබ කියන්නේ මම මැලේරියාව සහ කෘෂිකර්මය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කෙන්යාවට නොපැමිණ ගෙදර නතර විය යුතුයි කියලාද? මම දේශගුණික විපර්යාස අර්බුදයේ කොටස් කරුවෙක් නොවෙයි.. කාබන් ඕෆ්සෙට් ගෙවීම මගින් මෙන්ම Breakthrough Energy නම් නව බලශක්ති ගවේශණ කණ්ඩායම්වලට බිලියන ගණන් ලබා දෙමින් මම විසඳුමේ කොටසක් බවට පත්වී සිටින බව මම ඉතා තදින්ම විශ්වාස කරනවා.”

ඔහු අප්‍රිකාවේ හෝ ලෝකයේ වෙනත් රටවල සංචාරය කරමින් මැලේරියාව ගැන අධ්‍යයනය කරන්නේ ඖෂධ සමාගම්වල ඖෂධ අත්හදා බැලීම සඳහා ගෙවීමකින් තොරව ඒ රටවල දුප්පත් ජනතාව යොදාගැනීම හැකි නිසාය. එමෙන් කෘෂිකර්මය ගැන පර්යේෂණ පවත්වන බව පවසමින් ඔහු එම රටවල ආහාර සුරක්ෂිතතාව විනාශ කරමින් ජානමය වශයෙන් විකෘතිකරන ලද ආහාර නිෂ්පාදනයට අත ගසා තිබේ. ඔහු මවා පෙන්වීමට තැත් දරන්නේ ඒ සියල්ල මිනිස් වර්ගයා කෙරෙහි උපන් අනුකම්පාවකින් කරන මහා පරිත්‍යාගයන් ලෙසය. කොවිඩ් 19 වසංගත කුමන්ත්‍රණයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ආයෝජකයෙකු ද වන බිල් ගේට්ස් වසංගත පැවැති අවුරුදු 3 තුලදී පමණක් සිය වත්කම් ඩොලර් බිලියන 97 සිට ඩොලර් බිලියන 160 දක්වා ඉහළ නංවාගැනීමට සමත් විය.

ජෙට් ගුවන්යානයකින් නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සාමාන්‍ය වාණිජ ගුවන්යානයකින් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා 14 දක්වා විශාල වේ. එමෙන්ම එය යුරෝපයේ දුම්රිය ගමනකට වඩා 50 වාරයක් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරයි. බිල් ගේට්ස්ට ජෙට් ගුවන් යානා 4ක් තිබේ.

එක්සත් ජනපද මිලිටරිය දිනකට කාබන් මෙට්‍රික් ටොන් 25000ක් වායු ගොලයට මුදා හරී
එක්සත් ජනපද යුද කඳවුරු සඳහා සැපයුම්, මුර සංචාර සහ මෙහෙයුම් ඇතුළු සියළු නඩත්තු කටයුතු සඳහා දහනය කරන ඉන්ධන ප්‍රමාණය ස්වීඩනය සහ මොරොක්කෝව වැනි රටවලට වාර්ෂික ඉන්ධන දහනයටත් අධික අගයක් ගනී.

එක්සත් ජනපදය අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවන දේශගුණික විපර්යාස නාටකය තුළ ලෝකයේ සෙසු රටවල සාමාන්‍ය ජනතාවන්ට සිය පොසිල ඉන්ධන භාවිතය අත්හැර දමමින් කාබන් විමෝචනය ශුන්‍ය බවට පත්කරමින් ග්‍රහලෝකය ගලවාගන්නා ලෙස උපදෙස් සපයනු ලැබුවද එහි ලෝක ව්‍යාප්ත මිලිටරි යන්ත්‍රය ලෝකයේ දැවැන්තම කාබන් විමෝචකයන් අතරින් එකක් බවට පත්ව තිබේ. 2017 වසර සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් අමෙරිකන් ඩොලර් මිලියන 4.9ක් වටිනා ඉන්ධන ප්‍රමාණයක්ද, නාවික හමුදාව විසින් ඩොලර් බිලියන 2.8ක් වටිනා ඉන්ධන තොගයක් ද යුද හමුදාව විසින් ඩොලර් මිලියන 947ක් සහ මැරීන් හමුදා විසින් ඩොලර් මිලියන 36ක් වටිනා ඉන්ධන තොග මිලදී ගෙන තිබේ. මෙම ප්‍රමාණය මෙයට වඩා බොහෝ සෙයින් විශාල විය හැකිය. මක් නිසාද යත් එක්සත් ජනපදය ස්වකීය ඉන්ධන දහනයන් පිළිබඳ තොරතුරු හෙළිදරවු කිරීමට බැඳි සිටින අන්තර් ජාතික ගිවිසුම්වලින් 1997දී ඉවත්වූ බැවින් මෙම තොරතුරු විවිධ ප්‍රභවයන් ඔස්සේ එක් රැස් කරගැනීමට සිදු වූ ඒවා වන බැවිනි.
එක්සත් ජනපද මිලිටරි යන්ත්‍රය දිනකට තෙල් බැරල් 269, 230ක් මිලදී ගනු ලබන අතර කාබන් කිලෝ ටොන් 25000ක් දිනකට වායුගෝලයට මුදා හරී. 2001-2017 කාලයේදී ඇෆ්ඝනිස්ථාන ආක්‍රමණයේදී එක්සත් මිලිටරිය විසින් හරිතාගාර ආචරණ වායු මෙට්‍රික් ටොන් බිලියන 1.2ක් වායු ගෝලයට මුදා හැර ඇත. මෙයින් මෙට්‍රික් ටොන් මිලියන 400ක් යුද්ධය සඳහා භාවිතා කළ ජෙට් ගුවන් යානා සඳහා යොදාගෙන ඇත.එක්සත් ජනපද මිලිටරිය පමණක් මෙලෙස මුදාහරින වාර්ෂික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එක්සත් ජනපදයේ වර්තමානයේ භාවිතාවන සියලු මෝටර් රථ නිකුත් කරන කාබන් මෙන් දෙගුණයකි. එනම් සාමාන්‍ය මගී කාර් රථ මිලියන 257ක කාබන් විමෝචනයට සමානය.
එක්සත් ජනපද මිලිටරිය ලෝකය පුරා කඳවුරු 730කට ආසන්න ප්‍රමාණයක් පවත්වාගෙන යයි. මෙම කඳවුරු සඳහා සැපයුම්, මුර සංචාර සහ මෙහෙයුම් ඇතුළු සියළු නඩත්තු කටයුතු සඳහා දහනය කරන ඉන්ධන ප්‍රමාණය ස්වීඩනය සහ මොරොක්කෝව වැනි රටවලට වාර්ෂික ඉන්ධන දහනයටත් අධික අගයක් ගනී.
දැන් මේ වනවිට ලෝක ආර්ථික සංසදය වටා ගොනුවී සිටින ඊනියා පරිසරවාදින් විසින් දේශගුණ විපර්යාසවලින් පෘතුවිය ආරක්ෂාකර ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවගේ සංචරණයන් සීමා කරමින් දේශගුණික ලොක්ඩවුන් ක්‍රියාත්මක කිරීමට අර අඳිමින් සිටින නමුත් එක්සත් ජනපද මිලිටරිය ලෝකය පුරා පවත්වාගෙන කඳවුරු වසා දමා එහි කාබන් විමෝචනය අඩු කරන ලෙස ඉල්ලා සිටින්නේ නැත. ස්වකීය පශ්චාත්භාගයන් මත ගම් සහ මැලියම් ලාටු තවරාගෙන මහපාර මත ඇලීගෙන ගමනාගමනය අවහිර කරන දේශගුණික ක්‍රියාකාරින් විසින් එදිනෙදා වැඩ කටයුතුවලට යන සාමාන්‍ය වැඩ කරන පන්තියේ ජනතාවට හිරි හැර කරන නමුත් කිසිවිටෙකත් එක්සත් ජනපද ගුවන් හමුදා ගුවන් පථයන් හෝ නාවික ගමනාගමන අවහිර කරන බවක් දැනගැනීමට නැත.

6. ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය සඳහා ගෝලීය මූල්‍ය ධනවාදීන් දක්වන උනන්දුව

2022 නොවැම්බර් මස 17 වැනි දින “සව්යා” නම් වෙබ් අඩවිය විසින් පල කරන ලද වාර්තාවකට අනුව “ලෝකය පුරා බැංකු සහ මූල්‍ය සමාගම් විසින් ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ගනුදෙනුවලට අදාළ නව රැල්ල තුළ ඩොලර් බිලියන ගණන් පරදු තැබීමට ඉදිරිපත් වී සිටිති.” මෙම ණය හුවමාරු කරණ වැඩ පිළිවෙළ තුළ ඒ වනවිට සිදුව ඇති ගනුදෙනුවල මුළු වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7ක් බව එම වෙබ් අඩවිය විසින් දක්වා තිබේ.

ඉක්වදෝරයේ ගල්පාගොස් දූපත් ණය සඳහා  හිලවු කරගැනීම

චාර්ල්ස් ඩාර්වින් සිය පරිණාමවාදී න්‍යාය ඉදිරිපත් කිරීම සඳහා ජීව විද්‍යාත්මක පර්යේෂණ සිදු කළ ගල්පාගෝස් දිවයින් මේ වනවිට ඉක්වදෝර රජය විසින් සිය “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” වැඩ පිළිවෙළට යටත් කිරීම සඳහා විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ගිවිසුම්වලට අත්සන් තබා ඇත. එමගින් ඉක්ව‍දොර් රජය තමන් විසින් විදේශිය මූල්‍ය ආයතනවලට ගෙවිය යුතුව ඇතැයි පැවසෙන සමස්ත ණයවලින් ඩොලර් මිලියන 800ක කොටසක් “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” වැඩ පිළිවෙල තුළ ආයෝජනය කිරීමේ ප්‍රතිඥාව මත නිදහස් කරගැනීමට අපේක්ෂා කරන බවද පළවිය.
මෙම වර්ගයේ ගිවිසුම් ඇති කරනු ලබන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ඊජිප්තුවේදී පවත්වන ලද COP27 රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ඇති කරගත් එකඟතා අනුවය.විවිධ රටවල ස්වෛරී විදේශ ණය වෙනුවට එම රටවල ස්වභාධර්මය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සඳහා හුවමාරු කිරීමට දැඩි ඉල්ලුමක් පවතින බව මෙම ව්‍යාපෘති සඳහා ආණ්ඩුවලට උපදෙස් සපයන “නේචර් ෆිනෑන්ස් ”ආයතනයේ විධායක අධ්‍යක්ෂක සිමොන් සදෙක් විසින් පවසා තිබේ.
“ණය පිළිබඳ ඛේදවාචකය විසින් සැබෑ අවස්ථාවන් ප්‍රදානය කර තිබේ.” යි ඔහු විසින් වැඩිදුරත් පවසා ඇත.
ඉක්වදෝරයේ ණය බර ද එයට තමන් බංකොළොත් යැයි කීපවරක් ප්‍රකාශ කරන්නට සිදුවීම ද හේතුවෙන් ණය හිමි මූල්‍ය සමාගම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේද බලපෑම් යටතේ එයට මෙම “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” වැඩ පිළිවෙළ වෙත යොමු කිරීමට සිදුව ඇත. ඉක්වදොර් රජය, මූල්‍ය සමාගම්, පරිසර කටයුතු සම්බන්ධව ක්‍රියාත්මක වේ යැයි කියන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන අතර පැවැති සාකච්ඡාවල විස්තර සහ එහි දී ඇතිකරගත් එකඟතාවන් මොනවාදැ යන්න රහස්‍ය තොරතුරු ලෙස සැළකෙන බව ද සව්යා වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.

ආර්ථික විචාරකයෙකු වන යූර්ගන් කයිසර් සඳහන් කර ඇත්තේ ඉක්වදෝර් ගනුදෙනුව තුළ “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය ” විසින් කිසිදු ණය අවලංගු කිරීමක් සිදුව නොමැති බවත් ඉක්වදෝරයට ගෙවිය යුතු පැරණි ණයවාරිකයන්ට අමතරව ගල්පාගෝස් දූපත් සංරක්ෂණය සඳහා තවත් අමතර මිලියන 18ක් වාර්ෂිකව ක්‍රෙඩිට් ස්විස් බැංකුව වෙත ගෙවීමට සිදුව ඇති බවත්ය.

ලංකාව ඩොලර් බිලියනයක ණය හිලව්වට වනාන්තර සහ සාගරය පාවාදෙයි
විශාලනය සඳහා ඡායාරූපය මත ක්ලික් කරන්න

මෙහිදී ලංකාවේ ජනතාව විසින් දැනගත යුතු එක් වැදගත් තොරතුරක් නම් ඒ වනවිට ලංකා රජය ද සිය ස්වෛරී විදේශ ණයවලින් ඩොලර් බිලියන 1ක් පමණ “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” වැඩ පිළිවෙළ වෙත යොමු කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබූ බවයි. මෙහි සරල තේරුම වන්නේ ශ්‍රිලංකාව සිය ස්වාභාවික සම්පත් වලින් විශාල ප්‍රමාණයක පාලනය තමන් ගෙන ඇති ණය වෙනුවෙන් යම් යම් මූල්‍ය ආයතනවලට පවරා දීම සඳහා සුදානම් වෙමින් සිටි බවය .මේ අනුව ඒ වනවිට “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” වැඩ පිළිවෙළ යටතේ විශාලතම ගනුදෙනුව සිදුකිරීමට නියමිතව සිටියේ ශ්‍රි ලංකාවය. මෙම වැඩ පිළිවෙලේ වසර 35ක ඉතිහාසය තුළ සිදුව ඇති ණය හුවමාරු ගනුදෙනු සංඛ්‍යාව 140ක් අතරින් ඩොලර් බිලියනයකට වඩා වටිනාකමක් සහිත ණය හුවමාරුවක් සිදුව ඇත්තේ අවස්ථා තුනකදී පමණක් බවද අප්‍රිකානු සංවර්ධන බැංකුවේ දත්ත අනුව සව්යා වෙබ් අඩවිය පෙන්වා දෙයි.මෙවැනි ණය හුවමාරුවක සාමාන්‍ය වටිනාකමක මිලියන 25ක් පමණ වේ.මේ සම්බන්ධව තොරතුරු රහසක්ව පවත්වා ගැනීමට අදාළ පාර්ශ්වයන් උත්සාහ දරන බවද සව්යා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ණය බරින් පීඩිත බටහිර අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන කේප් වර්ඩ ද “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” ව්‍යාපෘතිය වෙත සිය ණයවලින් ඩොලර් මිලියන 200ක් මුදාහැරීමටද ඒ වෙනුවෙන් යම් නිශ්චිත සමුද්‍ර හෝ ගොඩබිම් කලාපයන් කීපයක ස්වාභාවික සම්පත්හි පරිපාලනය විවිධ ජාත්‍යන්තර පාරිසරික රාජ්‍ය නොවන සංවිධාන හරහා මූල්‍ය සමාගම් වෙත පවරා දීමට ද එකඟ වී තිබේ.

“ද නේචර් කන්සර්වන්සි ” නම් අන්තර්ජාතික පරිසර සංවිධානය ක්‍රියාත්මක වන්නේ ණය හිමි මූල්‍ය සමාගම් හෝ රටවල්  සහ ණයගැති රටවල් අතර “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය” සහ “දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය ” යන වැඩ සටහන්වල  අතරමැදි තැරැව්කරුවෙකු ලෙසය. එම සංවිධානය විසින් මැදිහත්ව දැනට ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතින් සහිත රටවල්  මෙම සිතියමේ කොළපැහැයෙන්ද අනාගතයේදී එම වැඩ සටහනට ඇතුළත්කරගැනීමට සැලසුම් කර ඇති රටවල් නිල් පැහැයෙන්ද දැක්වේ. මෙම ඊනියා සංරක්ෂණ ව්‍යාපෘතින් උපාය මාර්ගික සහ ආර්ථිකමය වශයෙන් වැදගත් සාගර කලාපයන්හි ආධිපත්‍යය පිහිටුවීම සඳහා එම කලාපයන්ට අයත් රටවල දුප්පත් රටවල් ග්‍රහණයට ගනිමින් සිටින ආකාරය මෙම සිතියම තුළින් මනාව විදහා දැක්වේ.

සිය විදේශ ණය බර හේතුවෙන් මෙවැනි “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” ගනුදෙනුවලට යොමුවීමට බලකෙරී ඇති තවත් රාජ්‍යයන් කීපයක් නම් බාර්බඩෝස්, සීෂෙල්ස්, බෙලීස් වැනි සමුද්‍රකලාපයකට හිමිකම් කියන රටවල් හෝ දූපත් රාජ්‍යයන් ය. මෙවැනි කුඩා දූපත් හෝ සමුද්‍රාසන්න රාජ්‍යයන් සිය ණය උගුලට හසුකරගනිමින් සාගර අවකාශය මත සිය පූර්ණ ආධිපත්‍යය තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සිය මූල්‍ය ආයතන හරහා “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණ ” වැනි ව්‍යාපෘති මගින් ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක්අනුගමන කරමින් සිටින බවට ඇතැම් විචාරකයන් අනතුරු අඟවා තිබේ.

7. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය” සහ “දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය ” පිළිබඳව වර්ණනයක යෙදී ඇත්තේ මෙලෙසය.

“දේශගුණික විපර්යාස වලට ලක්වීමේ සහ ස්වාභාවික ජෛව විවිධත්වය අහිමිවීමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින රටවල් එයට මුහුණ දීමේහිලා අවශ්‍ය ප්‍රත්‍යස්ථතාව ශක්තිමත් කරගැනීම සඳහා ආයෝජනයන් සිදු කිරීමට අසමත්ව සිටිති. මක් නිසාද යත් ඔවුන්ගේ අයවැය දැඩි ණය බරක පීඩනයකට ලක්ව ඇති බැවිනි.
“ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය” සහ “දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය ” ව්‍යාපෘතින්ගේ අරමුණ ආණ්ඩුවලට බදු ආදායම් පිළිබඳ අර්බුදයකට මුහුණ පෑමකින් තොරව සහ වෙනත් සංවර්ධන ප්‍රමුඛතාවන් වෙනුවෙන් කෙරෙන් වියදම් කපාහැරීමකින් තොරව සිය ප්‍රත්‍යාස්ථතාව වර්ධනය කරගනීමට හැකිවන පරිදි මූල්‍ය සම්පත් නිදහස් කිරීමය.ආර්ථිකය නිර්කාබනීකරණය, දේශගුණික ප්‍රත්‍යස්ථතාවක් සහිත යටිතල ව්‍යුහයන් ගොඩ නැගීම හෝ ජෛව විවිධත්වයකින් යුතු වනාන්තර සහ කොරල් පර ආරක්ෂා කිරීමේ කොන්දේසි මත ණය ලබාදෙන්නන් විසින් ආණ්ඩුවලට ණය සහනයක් ලබා දෙනු ඇත.”

(Swapping Debt for Climate or Nature Pledges Can Help Fund Resilience,Kristalina Georgieva, Marcos Chamon, Vimal Thakoor,December 14, 2022)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනද පැරිස් කණ්ඩායම වැනි මූල්‍ය කාටලයන්ද, ජේපී මොර්ගන්, බ්ලැක්රොක් වැනි පුද්ගලික මූල්‍ය ආයතන ද විසින් ක්‍රමානුකූලව එලන ලද ණය උගුලේ සිරවුණ ගෝලීය දකුණේ රටවල් වෙත සිය ණය බරින් ගැලවීමේ මගක් ලෙස ඉහත ණය හිමියන් විසින් ම යෝජනා කර ඇති එක් වැඩ පිළිවෙලක් වන්නේ මෙම “ස්වභාවධර්මය උදෙසා ණය හුවමාරුකරණය” සහ “දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය ” වැනි ව්‍යාපෘතින්ය. මෙමගින් ණය ලබාගත් රටවලට සිය ණය බර අඩුකරගැනීමට සහනයක් සලසන අතරම එම රටවල ආණ්ඩුවලට ස්වාභාවික පරිසරය රැකගැනීම මෙන්ම දේශගුණ විපර්යාසයන් පාලනය කිරීමේ ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීමටද අවස්ථාවක් උදාකර දෙන බව ද එමෙන්ම එකී ව්‍යාපෘතින් සඳහා ගෝලීය දකුණේ රටවල් එක්වන්නේ සිය කැමැත්තෙන් බව ද ඉහත මූල්‍ය සංවිධාන විසින් පුන පුනා ප්‍රචාරය කෙරේ.
නමුත් ඇත්ත තත්ත්වය එය නොවේ. මෙවැනි ව්‍යාපෘතින් වලට සම්බන්ධවීමෙන් සිය රටවල ණය බර අඩු නොවනවා පමණක් නොව අමතර ණය බරක් දැරීමටද සිදුවන බවද, ස්වකීය ස්වභාවික සම්පත් වල පාලනය විදේශීය මූල්‍ය ආයතන සහ මිලිටරිමය ආයතනවල ආධිපත්‍යයට යටත් කිරීමට සිදුවන බව ද එම රටවල ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් මෙන්ම ආණ්ඩු විසින් ද මනාව අවබෝධ කරගෙන තිබේ. නමුත් යම් රටක් තමන්ට තමන්ගේ ණය වාරික නැවත ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත්කළහොත් එම රටට එම ණය හිමියන් විසින් බල කෙරෙන “ ණය ප්‍රතිව්‍යුහගතකරණ” යාන්ත්‍රණයකට ඇතුළත් වීමට සිදුවේ. දේශපාලනඥයන්ට සහ රජයේ උසස් පරිපාලන නිලධාරින්ට වරදාන ලබාදීම හෝ ඔවුන්ව බ්ලැක්මේල් කිරීම ආදිය මගින් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙන අතර එයට එරෙහිව පැන නගින ජනතා විරෝධය පාලනය කරනු පිණිස ජනමාධ්‍ය, සිවිල් බුද්ධිමතුන්, රාජ්‍ය නොවන සංවිධාන හරහා “ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යාම හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැත ” යන මතය සමාජගත කිරීම සිදු වේ. “ස්වභාවධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය ” යන්න එම ප්‍රතිව්‍යුහගතකරණ යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන එක් ව්‍යාපෘතියක් වන අතර එයට සම්බන්ධව හෝ වෙන වෙනම නිල් සහ හරිත බැඳුම්කර “ජාවාරම්” ද දියත් කෙරේ.

8. ස්වභාවධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය සහ පරිසර යටත් විජිතවාදය : ජාත්‍යන්තර  පරිසර  සංවිධාන

මෙම “ස්වභාවධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ ”ව්‍යාපෘතින්ට අදාළ එක් ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ගෝලීය මට්ටමින් කටයුතු කරන්නේ “ ද නේචර් කන්සර්වන්සි” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයයි.මෙම සංවිධානය ස්වභාවික පරිසරය ආරක්ෂා කරන සංවිධානයක් ලෙස පෙනී සිටිය ද එහි සැබැවින්ම ඉටු කරන්නේ මූල්‍ය සමාගම්වල අවශ්‍යතාවන් වන අතර එය අදාළ ගනුදෙනුව සඳහා පහසුකම් සපයන්නෙකු නැතහොත් “තැරැව්කරුවෙකු ”ලෙස ක්‍රියාත්මක වේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් 2022 නොවැම්බර් මස 07 වැනි දින පළ කළ වාර්තාවක මෙසේ සඳහන් වේ

“ ණය ප්‍රතිව්‍යුහගතකරණය සමග සම්බන්ධිත ස්වභාව ධර්මය හෝ දේශගුණය පිළිබඳ යහපත් ප්‍රතිඵල විසින් ඩොලර් බිලියන ගණන් වටිනා අවස්ථාවන් ඉදිරිපත් කර තිබේ යැයි එවැනි ගණුදෙනුවලට මැදිහත් වී කටයුතු කරන ලෝකයේ විශාලතම සංරක්ෂක සංවිධානය පවසයි.
“අපට බිලියන 10ක් වටිනා අවස්ථාවන් දකින්නට ලැබෙන අතර ඉන් බිලියන 2ක් සංරක්ෂණය සඳහා යෙදවීම කළ හැකිය. මෙම නව ධන පරිත්‍යාගයන් තුළ එකදු පැන්සයක් වත් පුද්ගලික අංශයෙන් ලැබී නැත. සංරක්ෂණකටයුතු සඳහා මෙමගින් දැවැන්ත අවස්ථාව රැසක් උදාකර තිබේ. ” යනුවෙන් එක්සත් ජනපදයේ ලාභ නොලබන සංවිධානයක් වන නේචර් කන්සර්වන්සි (Nature Conservancy)හි ප්‍රධාන විධායක නිලධාරිනි ජෙනිෆර් මොරිස් සඳුදා COP27 සමුලුවේ සංවාද මණ්ඩපයකදී පැවසුවාය.
ස්වභාව ධර්මය හෝ දේශගුණය සඳහා ණය හුවමාරු කිරීම මගින් රටකට සිය ණය, අඩු පොලි අනුපාතයක් හෝ ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමක් සහිත ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ සලසන අතර හරිත ව්‍යාපෘතින් සහ සංරක්ෂණ කටයුතුවලට ද මුදල් වෙන් කිරීමට ද අවස්ථාව සලසයි. 2016 වසරේ සිට ද නේචර් කන්සර්වන්සි සංවිධානය සීෂෙල්ස්, බෙලීස් සහ බාර්බඩෝස් යන රටවල් සඳහා දේශගුණය සඳහා ණය හුවමාරු කිරීමේ ගනුදෙනු සංවිධානය කර තිබේ.ජෙනිෆර් මොරිස්ට අනුව එම ගනුදෙනු මගින් සමස්තයක් ඩොලර් මිලියන 500ක් වටිනා ණය පරිසර සංරක්ෂණය සඳහා යෙදෙන ඩොලර් මිලියන 230ක් බවට පත්කර තිබේ.
ප්‍රධාන වශයෙන් ඉහළ ගනුදෙනු පිරිවැය, සංරක්ෂණය හෝ දේශගුණික ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය සහ ණයගැති රටක් දිගුකාලීන මූල්‍ය කැපවීමක් කිරීමේ අවශ්‍යතාවය නිසා ස්වභාව ධර්මය හෝ දේශගුණය සඳහා ණය හුවමාරු කිරීම තවමත් පවතින්නේ සුවිශේෂී ව්‍යාපාරයක් ලෙසය.ලෝකයේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය තවමත් සැලකිය යුතු ආකාරයකින් එවැනි ගනුදෙනු ආරම්භ කර නොමැති බව ද සැලකිය යුතු කරුණකි.නමුත් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ උනන්දුව වැඩි වෙමින් පවතී.
අප්‍රිකානු රටක් වන ගැබොන් සමුද්‍ර සංරක්ෂණයට අරමුදල් සැපයීම සඳහා ඩොලර් මිලියන 700 ක ණය හුවමාරුවක් සඳහා පසුගිය මාසයේ සිය සැලසුම් ඉදිරිපත් කළේය. එය මේ දක්වා සිදුව ඇති විශාලතම ණය හුවමාරුව බවට පත්වනු ඇත.අත්ලාන්තික් සාගරයේ දූපත් රාජ්‍යයක්වන වන කේප් වර්ඩ ද එවැනි ණය හුවමාරු ගනුදෙනුවකට ඇති ඉඩකඩ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටියි.ගැම්බියාවේ පරිසර අමාත්‍යවරිය COP27 සමුළුවේදී එවැනි ස්වභාව ධර්මය හෝ දේශගුණය සඳහා ණය හුවමාරු මූල්‍යකරණය සඳහා රටේ සහයෝගය ප්‍රකාශ කළ අතර ඇයගේ අදහස් වලට සමාන ප්‍රකාශයන් ශ්‍රී ලංකාව, කොලොම්බියාව, පකිස්ථානය, එස්වාටිනි සහ කෙන්යා යන රටවල් විසින් සිදු කර තිබේ.අගෝස්තු මාසයේදී කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා ස්වභාවධර්මය සඳහා ණය හුවමාරුවක් යෝජනා කළ අතර ආර්ජන්ටිනාව පසුගිය වසරේ කියා සිටියේ තම ණය ගෙවීම්වලින් කොටසක් හරිත යටිතල පහසුකම් සඳහා වන ආයෝජනවලට සම්බන්ධ කිරීමට කැමති බවයි.”
(Debt-for-Nature Swaps Gain Traction Among Developing Countries, Natasha White, Bloomberg News)

යම් කිසි රටක් සිය ණය වලින් කොටසක් ස්වභාව ධර්මය රැකීම හෝ දේශගුණ විපර්යාස වැලැක්වීමේ ව්‍යාපෘතින් යෙදවීමට “කැමැත්ත” පළ කළ විට ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයතන සමග කටයුතු සම්බන්ධීකරණය සහ මෙහෙයවීම සඳහා මැදිහත්වන්නේ ඉහත (The Nature Conservancy- TNC) සංවිධානයයි. එහිදී අදාළ මූල්‍ය ආයතන විසින් අදාළ ණයෙන් කොටසක් නැවත ගෙවීමෙන් නිදහස් කරනු ලබන්නේ යැයි ප්‍රකාශයට පත් කර ඇති නමුත් එම ණය මුදල් ප්‍රමාණය සැබෑ ලෙසම නිදහස් වීමක් සිදු නොවේ. එම ණය ප්‍රමාණය වාරික වශයෙන් අදාළ ආණ්ඩුව විසින් ද නේචර් කන්සර්වන්සි සංවිධානය විසින් අදාළ රට තුළ පිහිටුවන දේශීය රාජ්‍ය නොවන සංවිධානයක ගිණුමට බැර කළ යුතුව තිබේ. එම මුදල් වියදම් කරන්නේ කුමන පරිසර ව්‍යාපෘතියක් සඳහාද කවර ආකාරයකටද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ ද නේචර් කන්සර්වන්සි සංවිධානය වෙතය. මේ අනුව සිදුවන්නේ ණය බරින් පීඩිත රාජ්‍යයට තවත් අමතර බරක් එම සංරක්ෂණ වියදම් සෙවීම සඳහාද දැරීමට සිදුවීමය. මේ සඳහා ද ඉහත මූල්‍ය ජාවාරම්කාර ආයතන විසින් තවත් විසඳුමක් ඉදිරිපත් කර තිබේ. එනම් අදාළ ආණ්ඩුව විසින් එම මුදල ලබාගැනීම සඳහා නිල් බැඳුම්කර සහ හරිත බැඳුම්කර නිකුත් කිරීමය. මේ සියල්ල අවසන් වනු ඇත්තේ අනන්ත ණය උගුල් රැහැන් ජාලයක මිදිය නොහැකි ලෙසින් පැටැලීයාමෙනි.

9. ලංකාවේ පරිසර විද්‍යාඥයන්ගේ හරිත මූල්‍යකරණ වන්දනාව

2022 ජූලි මස 13 වැනි දින දි අයිලන්ඩ් පුවත්පත සඳහා “ශ්‍රි ලංකාව සඳහා හරිත මූල්‍යකරණ විකල්ප පිළිබඳව සිතුවිලි කීපයක් ”(01.08.23, Some thoughts on green financing options for Sri Lanka – The Island) යන මැයෙන් යුතුව ලිපියක් සපයන මහාචාර්ය නිමල් ගුණතිලක විසින් හරිත බැඳුම්කර සහ නීල බැඳුම්කර පරිසර සංරක්ෂණය සඳහා තෝරාගත යුතු එකම මග ලෙස සහ ශ්‍රි ලංකාව දැනට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සළකා බැලිය යුතු විකල්පයක් ලෙස අවධාරණය කර තිබේ. එම ලිපිය ඔහු මේ විෂය පිළිබඳව ලියන ලද ලිපි මාලාවක තෙවැන්න විය.

“ මෙම ලිපිය මගින්, වර්තමානයේදී ආයෝජනයන් සඳහා අපේක්ෂාවෙන් සිටින්නවුන් සඳහා විවෘතව ඇත්තාවූත් අනෙකුත් රටවල සාර්ථක අත්හදා බැලීම් මත පදනම්වූත් අතිරේක හරිත මූල්‍යකරණ විකල්ප පිළිබඳව අවධානය යොමුකිරීමට මම කැමැත්තෙමි”

Some thoughts on green financing options for Sri Lanka – The Island)

ඔහු එම ලිපිය තුළ ශ්‍රී ලංකාව සිය ණය අර්බුදය විසඳීමේ එක් පිළියමක් ලෙස ණය සඳහා දේශගුණය හුවමාරුකරණය සිදු කළයුතු යැයි නිර්දේශ කර ඇත්තේ මෙලෙසය.

“…ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවලට ස්වකීය දේශගුණික ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීම සඳහාත් සිය ණය බර අඩු කරගනිමින් ආර්ථිකය නැවත ගොඩනගාගැනීම සඳහාත් බොහෝ සෙයින් අවශ්‍යවන මූල්‍යමය පහසුකම් ලබාගැනීම පිණිස සලකා බැලිය හැකි මතුවෙමින් පවතින නව ප්‍රායෝගික විකල්පයක් නම් “ණය සඳහා දේශගුණය හුවමාරු කිරීමය

…ණය සඳහා දේශගුණය හුවමාරුකරණය යනු ස්වෛරී ණයගැතියෙකු සහ එහි ජාත්‍යන්තර ණයහිමියන්ගෙන් එකක් හෝ කිහිපයක් අතර ගිවිසුමක් වන අතර එමඟින්පොදුවේ එකඟ වූ කාල සීමාව තුළ විශේෂිත දේශගුණික ව්‍යාපෘති සඳහා ණයගැතියාගේ දේශීය මුදලින් ආයෝජනය කිරීමට ණයගැතියා විසින් කරන ලද කැපවීමක් වෙනුවෙන් ණයගැතියාගේ බාහිර ණය සියල්ලම හෝ කොටසක් සමාව දීමය. ණය හුවමාරුවේ තාර්කික පදනම වන්නේ ණය වට්ටමක් ලබා ගත හැකි වීමය.
ණයහිමියන් ණයවල සම්පූර්ණ නාමික වටිනාකම අයකර ගැනීමට අපේක්ෂා නොකරන විට, ඔවුන් අඩුවෙන් භාර ගැනීමට කැමති විය හැකිය.ණය (අර්ධ වශයෙන් ) අවලංගු කිරීම වෙනුවට, එකඟ වූ කොන්දේසි මත එකඟ වූ අරමුණු සඳහා දේශීය මුදලින් අඩු කළ මුදලට සමාන මුදලක් යෙදවීමට ණයගැති රජය සූදානම් වනු ඇත.ණය වෙනුවෙන් දේශගුණය හුවමාරු කරණය විසින් සිය ණය ගෙවීම සඳහා දරුණු අරගලයක නිරතව සිටින රටවලට ණය අඩුකිරීමටත් දේශගුණික හිතකාමී ආයෝජන සඳහා මූල්‍ය අවකාශය (මුදල් ගලනය) නිදහස් කිරීමටත් සහාය වේ.

…ණය සඳහා දේශගුණය හුවමාරු කරණය විසින් විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී රටවල පාරිසරික සහ අනෙකුත් ප්‍රතිපත්තිමය අභියෝගවලට මුහුණ දීමට සහ හරිත වර්ධනයට සහාය වීමට ප්‍රාග්ධනය රැස් කිරීමට ආධාර සපයයි.”

Some thoughts on green financing options for Sri Lanka – The Island)

ඔහු එයට අමතරව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් කණ්ඩායම පෙරට දමන ලද හරිත මූල්‍යකරණ වැඩ සටහන් කීපයක් ද හුවා දක්වමින් ඒවා අනුගමනය කිරීම සිදු කළ යුතු යැයි සඳහන් කර තිබේ. ඒවානම් නිල් සහ හරිත බැඳුම්කර සහ පරිසර පද්ධති සේවා සඳහා ගෙවීම්ය.(Payment for Ecosystem Services)

කෙසේ වුව ද මහාචාර්ය නිමල් ගුණතිලක හුවාදක්වන අන්දමේ සහනයක් මෙම දේශගුණය සඳහා ණය හුවමාරුකරණය තුළ හෝ අනෙකුත් හරිත මූල්‍යකරණ ක්‍රම මගින් ලැබේදැයි බරපතල සැකයක් මතුවෙමින් පවතින්නේ එම ක්‍රම වෙත යොමු වූ රටවල ආර්ථිකය අර්බුදය වඩාත් ගැඹුරු කිරීමට ඒවාද හේතු වී ඇති බවට සාක්ෂි මතුවෙමින් පවතින හෙයිනි.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් කණ්ඩායම වැනි බටහිර මූල්‍ය ආයතන විසින් මෙහෙයවන ‘ස්වභාව සංරක්ෂණ සංවිධානය’ (The Nature Conservancy-TNC) සමග සම්බන්ධව සිටින ලංකාවේ පරිසර සංවිධාන සහ පරිසර විශේෂඥයන් විසින්ලංකාවේ වත්මන් ණය අර්බුදයට විසඳුමක්ලෙස ශ්‍රී ලංකා රජය හරිත සහ නිල්බැඳුම්කර නිකුත් කළ යුතු යැයි අවධාරණය කරමින් ලෝක බංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, යුරෝපීය ණය දෙන්නන්ගේ එකතුව වන පැරිස් කණ්ඩායම විසින් හඳුන්වාදෙන ලද එම ක්‍රමයේ සාර්ථකත්වය පිළිබඳව වර්ණනාමුඛයෙන් සඳහන් කර තිබේ. කෙසේ වුවද මෙම නිල් සහ හරිත බැඳුම්කර මූල්‍ය යෝජනා ක්‍රමයේ සාර්ථකත්වය සහ එම ක්‍රමය අනුගමනය කළ රටවල් ණය උගුලේ තවදුරටත් සිරවීම පිළිබඳවද, එම රටවල ස්වෛරී පාරිසරික සම්පත් සහ භූමියේ පාලනය විදේශිය ආයතන වෙත පවරා ගැනීම පිළිබඳවද, අදාළ රටේ පුරවැසියන්ගේ ඉඩම් සහ සංචරණ අයිතීන් උදුරාගනිමින්ද ඓතිහාසික වාසභූමිවලින් ඔවුන්ව නෙරපාහරිමින්ද ස්වදේශික සංස්කෘතින් සහ ජනතාවගේජීවන මට්ටම් කෙරෙහි අයහපත් බලපෑම් එල්ලකිරීම පිළිබඳව ද විවිධ පාරිසරික සංවිධාන වල දැඩි විවේචනයට ලක්ව ඇත.

10. දේශගුණය පිළිබඳ ක්‍රියාකාරි ජාලය ණය සඳහා ණය සඳහා දේශගුණික හුවමාරුකරණය ප්‍රතික්ෂේප කළ යුතු යැයි පවසයි

“ දේශගුණය පිළිබඳ ක්‍රියාකාරි ජාලය” (Climate Action Network) නම් පාරිසරික සංවිධානය විසින් 2023 වසරේ මැයි මාසයේදී ‘ණය සඳහා දේශගුණික හුවමාරුකරණය පිළිබඳ දේශගුණය පිළිබඳ ක්‍රියාකාරි ජාලයේ ස්ථාවරය ’ යනුවෙන් නිකුත්ඇති නිවේදනයක් මගින් බටහිර මූල්‍ය ආයතනවල අනුග්‍රහයෙන් පෙරට දමන වැඩ පිළිවෙලේ ඇති අතිශය හානිකර අංග පිළිබඳව අවධානය යොමු කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ණය සඳහා දේශගුණික හුවමාරුකරණය පිළිබඳ දේශගුණය පිළිබඳ ක්‍රියාකාරි ජාලයේ ස්ථාවරය

දේශගුණය සහ ස්වභාවික පරිසරය සඳහා ණය හුවමාරුකරණය වනාහි ණය සහ දේශගුණික අර්බුද සඳහා ප්‍රමාණවත් විසඳුමක් ලෙස සැලකිය නොහැකිය. තවද, ඒවා ක්‍රියාත්මක කිරීම ගෝලීය දකුණේ ආණ්ඩු සහ පුරවැසියන් වෙත හානියක් සිදු කරමින් සැලකිය යුතු අවදානම් සහ අභියෝග ඇති කළ හැකිය.

ඒ වෙනුවට, අපගේ අවධානය යොමු විය යුත්තේ අර්බුද දෙකටම ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කරන, සියලුම ණය හිමියන් හරහා අවශ්‍ය සියලුම ණය ගැති රටවල් සඳහා මහා පරිමාණ ණය අවලංගු කිරීම, ණය දීමේදී සහ ණය ගැනීමේදී වගකීම පිළිබඳ නව එකඟතාවන් ඇති කරගැනීම, දේශගුණික කටයුතු ලබා දෙන මූල්‍ය පහසුකම් නව, අතිරේක සහ පරිත්‍යාග යන පදනම මත සැලකිය යුතු මට්ටමකින් වැඩිකිරීම වැනි විසඳුම් කෙරෙහි ය.ණය සහ දේශගුණික අර්බුද යන දෙකම සම්බන්ධව පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී. අවධානයට ලක්ව ඇති එක් යෝජනාවක් නම්, අර්බුද දෙකම එකවර විසඳීම සඳහා වන විසඳුමක් ලෙස යෝජිත ‘දේශගුණය සහ ස්වභාවික පරිසරය සඳහා ණය- හුවමාරුව’යි.

දේශගුණය සහ ස්වාභාවික පරිසරය සඳහා ණය හුවමාරු කිරීම සඳහා ඉල්ලා සිටින අය අතරට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පකිස්ථානය සහ ආර්ජන්ටිනාව වැනි ගෝලීය දකුණේ නායකයින්, (Alliance of Small Island States-AOSIS) /වැනි කලාපීය කණ්ඩායම් සහ සමහර විද්වතුන් සහ සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළත් වේ.

ඉතා සරලව ගතහොත්‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ යනු ස්වභාවධර්මය ආරක්ෂා කිරීම ,දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම හෝ ඒවා පාලනය කිරීම සහ සෞඛ්‍ය වැනි ඉලක්ක ඉටුකරගැනීමේ අරමුණ වැනි අදාළ පාර්ශ්වයන් එකඟවූ අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයක් විසින් තමන් විසින් දැනට ගෙවිය යුතුව ඇති ණයවලින් කොටසක් හෝ එම සම්පූර්ණ ණය ප්‍රමාණයම අවලංගු කරමින් ඒවා අදාළ පාරිසරි, දේශගුණික විපර්යාස හෝ සෞඛ්‍යමය ව්‍යාපෘතින් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමය.

කෙසේ වෙතත් ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ විවිධ ආකාරයන්ගෙන් පවතින අතර ඒ තුළ රාජ්‍ය නොවන සංවිධාන හෝ පෞද්ගලික අංශය වැනි තුන්වන පාර්ශ්වයන් සම්බන්ධ සංකීර්ණ ගනුදෙනු ඇතුළත් විය හැක.මේවා හඳුන්වන්නේ ‘තුන්වන පාර්ශ්ව හුවමාරු’ ලෙසයි.(third-party swaps) මෙම ආකෘතිය තුළ, තුන්වන පාර්ශ්වයකට අයත් රාජ්‍ය නොවන සංවිධාන හෝ පුද්ගලික සමාගම් විසින් ගෝලීය දකුණේ රටක යම් ණය ප්‍රමාණයක් තමන් විසින් මිලදී ගනු ලැබේ.අනතුරු ඒවායින් යම් ප්‍රමාණයක් අවලංගු කිරීම හෝ පහසු වට්ටම් සහිත නැවත ගෙවීමේ ක්‍රමයක් ප්‍රදානය කරයි. මෙයට ප්‍රතිචාර ලෙස ණය ලබාගන්නා රටවල් ඉහත ගෙවීමේ පහසුකම් මගින් ඉතුරු කරගන්නා මුදල දෙපාර්ශ්වය විසින් එකඟ වූ සෞඛ්‍ය,පාරිසරික සංරක්ෂණ හෝ දේශගුණික විපර්යාස ව්‍යාපෘතින් තුළ ආයෝජනය කළ යුතු වේ.

දේශගුණික විපර්යාස සඳහා ණය හුවමාරු කිරීම් යනුවෙන් අදහස්වන්නේ නිදහස් කරන ලද අරමුදල් දේශගුණික විපර්යාස අනුවර්තනය වීම හෝ අවම කිරීම සඳහා වන ව්‍යාපෘතින් තුළ ආයෝජනය කිරීම වන අතර ස්වභාවධර්මය සඳහා ණය හුවමාරු කිරීම් යනු ඉහත සඳහන් නිදහස් කරන ලද අරමුදල් සංරක්ෂණ ඉලක්ක සඳහා ආයෝජනය කිරීමය.

පසුගිය වසර කිහිපය තුළ, බාර්බඩෝස්, බෙලීස් සහ සීෂෙල්ස් වැනි රටවල් විසින් ස්වභාවධර්මය සඳහා සිය ණය හුවමාරු කිරීම් ගණනාවක් සිදුකර තිබේ .‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ ට පක්ෂව අදහස් දක්වන්නවුන්ගේ තර්කය වන්නේ එබඳු ණය හුවමාරු කිරීම් විසින් රටවල් වලට එකම අවස්ථාවේ තමන්ගේ ණය බර අඩුකරගන්නා ගමන් දේශගුණික විපර්යාස හානි වැලකීමේ සහ ස්වභාව ධර්මය ආරක්ෂා කර ගැනීමේ ඉලක්ක සඳහා අවශ්‍යවන මුදල් යම් ප්‍රමාණයක් නිදහස් කර ගත හැකි බවය.

නිතරම පහසුගෙවීමේ ක්‍රමවලට හෝ ණයගැනීමේ අවස්ථා නොමැති සහ ණය සහනාධාර ලබාගත නොහැකි කුඩා දිවයින් රාජ්‍යයනට රටවලට ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ ඉතාම ආකර්ෂණීය විසඳුමක් ලෙස පෙනී යනු ඇත.

ණය ලබාදෙන්නවුන් වෙතද මෙම ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ ඉතාම ආකර්ශණීය දෙයක් වීමට බලපාන හේතු ගණනාවක් දක්වා තිබේ.ඉන් එකක් නම් මෙම හුවමාරුකරණයට සහභාගිවීම මගින් ගෝලීය දකුණේ රටවල දේශගුණික විපර්යාස සහ පාරිසරික ගැටළු සඳහා තම කැපවීම පෙන්වීමට අවස්ථාවක් ලැබීමය.මේ මගින් ඔවුනට ESG ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළ ලකුණු ප්‍රමාණයක් හිමිවනු ඇත. ඒ මගින් සිය සමාගම වෙත අවශ්‍ය බාහිර ආයෝජන හෝ ණය වැනි මූල්‍ය සම්පත් ලබාගැනීමට ඔවුන්ට පහසුවෙන් හැකිවනු ඇත. බ්ලැක්රොක්, වෑන්ගාඩ් වැනි ලෝකයේ ප්‍රධානතම ආයෝජන සහ වත්කම් කළමණාකරණ සමාගම් සමාගම් යම් යම් සමාගම් වෙත ණය සහ මූල්‍ය පහසුකම් සැපයීමේදී ESG නිර්ණායකයන්ට ප්‍රමුඛතාව දෙන බව පවසා තිබේ.

සමහර අවස්ථාවලදී ඔවුන්ට තම ණය එම රටවල දේශගුණික විපර්යාස සහ පාරිසරික ගැටළු සඳහා මැදිහත්වීමට කැමැති තුන්වන පාර්ශ්වයන් සඳහා වට්ටම් සහිත අඩු මිලකට අලෙවි කිරීම මගින් තමන්ට මෙවැනි හුවමාරුවකදී අහිමිවන මූල්‍ය සම්පත්වලින් යම් ප්‍රමාණයක් ද යළි ලබාගත හැකිවනු ඇත.

කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවලදී, ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ පිළිබඳව දී ඇති පොරොන්දු ඉටු කිරීම සිදුව නැති අතර , ඒවා තුළ ජය ගැනීමට අපහසු අවදානම් සහ අභියෝග ගණනාවක් ඇති බව පෙනී ගොස් තිබේ. සාමාන්‍යයෙන් වශයෙන් සඳහන් කරන්නේ නම් , ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ පහත අභියෝග සහ අවදානම් සහගත තත්වයන් ඉදිරිපත් කරයි:

1. ණය අර්බුදයෙහි ප්‍රමාණවත් විසඳීමක්ලැබීමට තරම් ණය ප්‍රමාණයක් මෙහිදී අවලංගු කරනු නොලබයි.

‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ යටතේ අර්ථවත් මට්ටමකින් ලෙස ණය අඩුකිරීමක් සිදු කිරීමට නම් සාධක දෙකක් එකම විට සම්පූර්ණ විය යුතුව තිබේ.
පළමුවැන්න නම්, අදාළ ණය ගැති රටේ ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම හුවමාරු කිරීමේ වැඩ සටහනට ඇතුලත් විය යුතුය.
දෙවැන්න නම් සැලකිය යුතු මට්ටමකින් ණය අවලංගු කිරීමක්ද ඇතුළත් විය යුතුය.(උදාහරණයක් ලෙස මෙම ක්‍රමය මගින් ණය ගෙවීමෙන් නිදහස් කිරීම හේතුවෙන් ඉතුරුවෙන මූල්‍ය සම්පත් සියල්ල දේශගුණික විපර්යාස වැළැක්වීමේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට බලකිරීමෙන් වැලකිය යුතුය. මක්නිසාද යත් ණය ගැති රජයක් විසින් සම්පූර්ණ කළ යුතු අනෙකුත් සමාජ සුබසාධන වගකීම්ද පවතින බැවිනි.

මෙම ණය හුවමාරුකරණ වැඩ පිළිවෙළවල් යටතේ ලබා දෙන සහන මගින් අර්ථවත් සහ දරාගත හැකි මට්ටමකට ණය අඩු කිරීම පිළිබඳව ධනාත්මක උදාහරණ ද පවතී. (1991 දී පෝලන්තයට සිය ණය පෝලන්තයේ පරිසරික කටයුතු සඳහා ආයෝජනය කිරීමට ලබා දුන් සහනය එවැනි උදාහරණයකි.)

නමුත් බොහෝ අවස්ථාවලදී මෙම ණය හුවමාරුකරණය විසින් යම් රටක ණය බර ප්‍රමාණවත් ලෙස අඩුකිරීමට දායක නොවන බව පෙනී යයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ 2020 වාර්තාවේ මෙසේ සඳහන් වේ.

“ණය හුවමාරු කිරීම විසින් සාමාන්‍යයෙන් රටක ණය බර අඩු කරනු නොලබයි. ඒ වෙනුවට රටක් විසින් ගෙවිය යුතු ණයවාරික තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට යොමු කරනු ලබයි.”

උදාහරණයක් ලෙස, 2016 දී සීෂෙල්ස් දිවයින් රාජ්‍යය විසින් , ද නේචර් කන්සර්වන්සි (The Nature Conservancy) සහ අනෙකුත් පුද්ගලික ආයෝජකයින් සමඟ “ස්වභාවධර්මය සඳහා ණය හුවමාරුවකට” එකඟ වූ අතර ඔවුන් රටේ ණය වලින් 5% ක් (ඩොලර් මිලියන 21 ක් වටිනා) මිලදී ගත්හ.

පසුව ණය ආපසු ගෙවීම සඳහා අඩු පොලී අනුපාත ලබා දෙන මූල්‍ය ආයතනයක් වෙත එය මාරු කරන ලද අතර, එමගින් සීෂෙල්ස් වෙත ඩොලර් මිලියන 8 ඉතිරි කර ගැනීමට හැකි වූ අතර එම මුදල සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සඳහා සම්පූර්ණයෙන්ම වියදම් කරන ලදී.කෙසේ වුවද නිදහස් කරන ලද මුදල් සියල්ල ස්වභාවික ව්‍යාපෘති සඳහා වෙන් කළ බැවින් මෙම ගිවිසුමෙන් රටේ ණය බර අඩු කිරීමට කිසිවක් සිදු නොවීය. තවද, ඉතිරි කර ගත් ඩොලර් මිලියන 8 රටේ මුළු ණය ප්‍රමාණයෙන් 2%කට වඩා අඩු ප්‍රමාණයක් පමණක් විය.

‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ මඟින් රටක ණයවලින් ඉහළ ප්‍රතිශතයක් අවලංගු කරන ලදඅවස්ථාවල පවා,සියලු ණය හිමියන් හරහා පුළුල් ණය අවලංගු කිරීමක් සිදු නොවන්නේ නම් එමගින් නිදහස්වන අරමුදල් එම රට තමන් වෙනත් ණය හිමියන්ගෙන් ගෙන ඇති ණය සඳහා ඇප මුදල් ලෙස බඳිමින් වගකීම් විරහිත ලෙස ඔවුන්ගෙන් තවදුරටත් ණය ගැනීමේ ඉඩකඩ පවත්වාගැනීම සඳහා වියදම් කිරීමට යොමුවනු ඇත.

තවද, මෙම ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’මෙහෙයුමට සහභාගී වන්නේ එක් ණයහිමියෙකු හෝ ණය දෙන්නන් ගේ කණ්ඩායමක් (එනම් බැඳුම්කර හිමියන් හෝ පැරිස් කණ්ඩායමට අයත් රටවල ද්විපාර්ශ්වික ණයහිමියන්) පමණක් වන බැවින්, ණය හිමියන් හරහා ණය අවලංගු කිරීම ක්‍රියාවලිය තුළ(එවැන්නක් සිදු වේ නම්) සමතුලිත ලෙස බර බෙදාගැනීමක් සිදු නොවේ.

2. දේශගුණික විපර්යාසයන් පිළිබඳ හෝ ස්වභාවධර්ම සංරක්ෂණ ඉලක්කවලට අර්ථවත් ලෙස දායක වීමට ප්‍රමාණවත් අරමුදල් නිදහස් කිරීමට මෙම  ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ වැඩ පිළිවෙළට හැකියාවක් නැත

අර්ථාන්විත ලෙස ණය මට්ටම් අඩු නොකරන නමුත් , සමහර ණය හුවමාරුකරණයන් මගින් කෙසේ හෝ දේශගුණික විපර්යාස හෝ ස්වභාවික අරමුණු සඳහා වෙන් කළ යුතු අරමුදල් නිදහස් කිරීම සිදුකළ හැකිය.

උදාහරණයක් ලෙස, ඉහත සඳහන් කළ සීෂෙල්ස් දිවයින 2016දී සිදු කළ ‘ස්වභාව ධර්මය උදෙසා ණය හුවමාරුකරණය’ රටේ සමස්ත ණය මට්ටම් කෙරෙහි එතරම් බලපෑමක් නොකළ නමුත් ඩොලර් මිලියන 8 ක් නිදහස් කරගැනීමට සමත් වූ අතර එය සමුද්‍ර සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා වෙන් කරන ලදි.

කෙසේ වෙතත්, එය සෑම විටම එතරම් සරල නැත. ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණයට’සහභාගී වන රජයට සිය මුල් ණය ගෙවීමට සම්පත් නොතිබුනේ නම්, ණය හුවමාරුවේදී එකඟවන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට තරම් මූල්‍ය සම්පත් ඔවුන්ට තිබේ යැයි සිතිය නොහැක. මේ හේතුවෙන් අයවැය හිඟය ඉහල යා හැකි අතර එය පියවා ගැනීමට සිදුවනු ඇත්තේද තවදුරටත් ණය ගැනීමෙනි. එමගින් ණය බර තවත් ඉහළ යාම හෝ සමාජ සුබසාධනයට වෙන්කරන මුදල් කප්පාදු කරමින් ඒවා ණය ගෙවීමට යොදාගැනීමට සිදුවනු ඇත.මෙම කරුණු සැළකිල්ලට ගත්විට , ණය අර්බුදයේ සිටින රටවල් සඳහා ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ වැඩ සටහන් විශේෂයෙන් නුසුදුසු බව නිගමනය කළ හැකිය.

3. ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ වැඩ සටහන් විසින් පුරවැසි සහභාගිත්වය සහ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් හෑල්ලු කරන කොන්දේසි නිර්මාණය කිරීමට දොරටු විවර කෙරෙනු ඇත.

ණය අවලංගු කිරීමකදීට වඩා ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ යටතේ ණය මුදල් නිදහස් කිරීමකදී එම නිදහස් කරන ලද මුදල් යොදවන්නේ කුමන කාර්යයකද ,කොතැනකදීද කෙසේද යන කරුණු ගැන වඩාත් දැඩි පාලනයක් සහජයෙන්ම ණයහිමියා සතුවන බැවින් එම ණය හුවමාරුව තුළ ණයගැතියාට අවාසි සහගත කොන්දෙසිවලට යටත්වීමට සිදුවනු ඇත.ඒ නිසා ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ වැඩ සටහන් යටතේ ණය දෙන ආයතන හෝ රටවලට තම භූ දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතාවන් ණයගැති ගෝලීය දකුණේ රටවල ජනතාවන් මත පැටවීමේ අධිකාරයක් හිමිවනු ඇත.

නිදසුනක් වශයෙන්, ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ වැඩ සටහන් යටතේ දියත් කෙරෙන වෙරළ සංරක්ෂණ හෝ සමුද්‍ර සංරක්ෂණ කලාප මගින් ඓතිහාසික ධීවර බිම්වලට ඇතුළු වීම ධීවර ජනයාට තහනම් කිරීම හේතුවෙන් පරිසරයට කිසිදු අයහපත් බලපෑමක් සිදු නොවන මට්ටම්වලින් කෙරෙන කුඩා පරිමාණ ධීවර කර්මාන්තයට බලවත් හානියක් වන බව ඇතැමුන් විසින් පෙන්වාදී තිබේ.

මෙම තත්ත්වය ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ වැඩ සටහන් තුළ අද දක්වා අවම මට්ටමක පවතින පුරවැසි සහභාගීත්වයට ද තවදුරටත් අභියෝගයක් එල්ල කරයි.

උදාහරණයක් ලෙස, ‘ස්වභාව සංරක්ෂණ සංවිධානය’ (The Nature Conservancy-TNC) විසින් මෑතකදී රටවල් 20 ක (සීෂෙල්ස්, බෙලීස් සහ බාබඩෝස් හි දැනටමත් මෙම හුවමාරු ක්‍රියාත්මක කර ඇත) ස්වභාවධර්මය සඳහා ණය හුවමාරු කිරීමේ සැලැස්මක් දියත් කර ඇත.

කෙසේ වෙතත් ‘ස්වභාව සංරක්ෂණ සංවිධානය’(TNC) සහ ඒ ඒ රජයන් අතර මෙම ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ වැඩ සටහන සඳහා ඇති කරගත් ගිවිසුම්වලට අදාල මූල්‍ය ගනුදෙනු සිදුවන ආකාරය පිළිබඳ කොන්දේසි සහ සංරක්ෂණය සඳහා සිදු කෙරෙන කැපකිරීම් පිළිබඳ කොන්දේසි අඩංගු ලේඛන රහසිගත ඒවා ලෙස සලකන බැවින් එවැනි ණය හුවමාරු වැඩසටහන් විනිවිද භාවයකින් තොර ඒවා ලෙස සැලකිය හැකිය.

මෙම ගිවිසුම් බොහොමයක් අනුව, එමගින් නිදහස් කෙරෙන අරමුදල් යොදවන්නේ කවර සංරක්ෂණ ව්‍යාපෘතින් සඳහාදැයි තීරණය කිරීමෙහිලා විශාල අධිකාරි බලයක් හොබවන ප්‍රධාන සංවිධානයක් බවට ‘ස්වභාව සංරක්ෂණ සංවිධානය’(TNC) පත් වී තිබේ.( මෙහිදී මෙම නව අරමුදල් යෙදවීම රජයේ ආයතනවලට සමාන්තරව හෝ ඒවා සමග ගැටුමක් වන ආකාරයට සිදු වනු ඇත) එමෙන්ම ‘ස්වභාව සංරක්ෂණ සංවිධානය’TNC) විසින් තීරණය කරනු ලබන සංරක්ෂණ ප්‍රතිපත්ති විසින් සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ ජාතික මට්ටමින් තීරණය කෙරෙන ප්‍රතිපත්තින් යටපත් කර දැමීම සිදු වේ.

ණය දෙන ලබන රටවල් හෝ ආයතන විසින් ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’වැඩසටහන යටතේ තමන්ගේම රටවල හෝ ආයතනවල අවශ්‍යතා ඉටුකර ගැනීම පිණිස වන කොන්දේසින් අදාල ගිවිසුම් අත්සන් තැබීමේ දී ණය ගැති රටවලට පැනවීම මෙම ක්‍රමය තුළ ඇති තවත් වැදගත් ගැටළුවකි. එහි එක් ආකාරයක්නම් ණය හිමි රටවල් හෝ ආයතන විසින් තමන් නිදහස් කරන අරමුදල් වලින් තමන්ගේම නිෂ්පාදන හෝ සේවා මිලදී ගත යුතු යැයි ණය ගැති රටවලට කොන්දේසි පැනවීමය.
කෙසේ වෙතත්, මෙම හුවමාරුවේදී ස්පාඤ්ඤය විසින් කියුබාවට පනවන ලද කොන්දේසියක් වූයේ අදාළ ව්‍යාපෘතිය සඳහා ස්පාඤ්ඤයේ සමාගම්වල නිෂ්පාදන හා සේවා පමණක් මිලදී ගතයුතු බවය. මේ මගින් ස්පාඤ්ඤය තමන්ටම ප්‍රතිලාභ හිමිකරගැනීමට සමත් වූ නමුත් කියුබාවට තමන්ට අවශ්‍ය පරිදි විවෘත වෙළඳපලෙන් වඩාත් පහසු මිලට භාණ්ඩ හා සේවා ලබාගැනීම සඳහා හුවමාරුකරණය මගින් නිදහස්කරනලද ණය මුදල් යොදාගැනීමේ අවස්ථාව අවහිර කර දැමිණි.

සමහර අවස්ථාවලදී ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ බොහෝ විට බොහෝ පාර්ශ්වයන් විසින් යොදාගෙන ඇත්තේ විශාල පරිමාණයේ ණය අවලංගු කිරීම් හඳුන්වනු පිණිස බව මෙහිලා සඳහන් කළ යුතුය. එහිදී සිදු කෙරෙන්නේ නිදහස් කරන ලද අරමුදල් දේශගුණික විපර්යාස සහ ස්වාභාව ධර්මය පිළිබඳ ඉලක්ක වෙනුවෙන් යොදාගැනීම සඳහා යැයි පවසමින් ණය අවලංගු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමය. ( කොලොම්බියානු ජනාධිපතිවරයාගේ යෝජනා ද සහ හයින්රික් බෝල් පදනම විසින් නිකුත් කරන ලද “ අන්තර්ගතකරණය හා හරිත හා ප්‍රතිසාධනය සඳහා ණය සහන” (Debt Relief for a Green and Inclusive Recovery  ) නම් වාර්තාවද,V20 සංවිධානය විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවද  කියවන්න)
තාක්ෂණික අර්ථයෙන් ගත් කළ මේවා සම්ප්‍රදායික ණය හුවමාරු ලෙස සැලකිය නොහැකිය. නමුත් මෙහිදී සිදුකර ඇත්තේ ණය හුවමාරුව සහ දේශගුණික විපර්යාස පිළිබඳ භාෂාව ණය අවලංගු කිරීමට හේතුවක් ඉදිරිපත් කිරීම සඳහා යොදාගැනීමය.

දරාගත හැකි ප්‍රමාණයකට ණය මට්ටම් පවත්වාගෙන යාම සහ දේශගුණික ක්ෂේත්‍රයට අදාළ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් නිදහස් කරගැනීම සඳහා මෙම යෝජනා සතු හැකියාව ඒවා ව්‍යුහගත වී ඇති ආකාරය අනුව තාක්ෂණික ණය හුවමාරුවලට වඩා බෙහෙවින් වැදගත් විය හැකිය.

කෙසේ වුව ද, සම්ප්‍රදායික ණය හුවමාරුකරණයේදී මෙන්ම, නිදහස් කරන ලද අරමුදල් (එවැන්නක් පවතී නම්) යොදනු ලබන්නේ කවර ක්ෂේත්‍ර තුළ ද යන්න පිළිබඳව ජාතික මට්ටමේ තීන්දු ගැනීමේ සමහර බලතල ඉවත් කෙරෙන තත්ත්වයක් ඇති කිරීම සඳහා( හයින්රික්බෝල් පදනමේ “Debt Relief for a Green and Inclusive Recovery” (DRGR)යෝජනා විසින් මෙම අවදානම අඩුකිරීමේ යෝජනා අන්තර්ගතකර තිබුණද) ඒවා විසින් දොරටු විවෘත කිරීමට ඉඩ තිබේ.

4.  ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය විසින් අතිරේක අරමුදල් බිහි නොකරයි.

‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ විසින් ගෝලීය දකුණේ රටවල් වෙත ගෝලීය උතුරේ සංවර්ධිත රටවලින් නව අරමුදල් ලබාදීමක් සිදු නොවෙයි. නමුත් ඔවුන් විසින් ගෝලීය දකුණේ ආණ්ඩුවක් තමන්ට ගෙවීමට බැඳී සිටින ණය මුදලක් හෝ එහි කොටසක් නිදහස්කරමින් එය තමන් විසින් නිර්දේශ කරනු ලබන ක්ෂේත්‍රයක්තුළ ආයෝජනය කිරීමට යොමු කරයි. එහෙයින් ණය හුවමාරුකරණය යටතේ යොදනු ලබන මූල්‍ය සම්පත් නිල දේශගුණික මූල්‍යකරණයක් ලෙසින් හෝ නිල සංවර්ධන ආධාර (Official Development Assistance-ODA) ලෙසින් හැඳින්වීමට යෝජනා කිරීම ගැටළු සහගතය.

එමෙන්ම මෙම වෙන් කිරීම් තුළ එකම යෙදවීමක් දෙවරක් ගණනය කිරීමේ අවදානමක්ද පවතී. නිදසුනක් ලෙස සහනදායක පදනමක් මත ලබා දෙන ණය ආධාරයක් ණය හුවමාරුකරණයකට ඇතුළත් කිරීමේදී එය නැවත වතාවක් මුලින් එකඟ වූ සංවර්ධන ආධාරයක් ලෙස ගණන් ගැනීම සිදු වේ.

5. මෙම ණය හුවමාරුකරණය මන්දගාමී, පීඩාකාරි බරක් ණයගැති පාර්ශ්වය මත පටවන සහ ඉහළ ගනුදෙනු පිරිවැයක් (high transaction costs) සහිත එකකි.

‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ පිළිබඳව සාකච්ඡා කිරීම අතිශයින් සංකීර්ණ සහ දීර්ඝ ක්‍රියාවලියක් විය හැකි අතර සමහර විට ගිවිසුමකට එළඹීමට වසර කිහිපයක් ගත වේ.

මෙම දිග්ගැස්සෙන කාලය හේතුවෙන් ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ විසින් දේශගුණික අර්බුදය හෝ ණය අර්බුදය පිළිබඳ අවශ්‍යවන ක්ෂණික ප්‍රතිචාරය ප්‍රමාණවත් මට්ටමකින් ඉදිරිපත් කිරීමට අසමත් වේ.

‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ පිළිබඳ සාකච්ඡාවන්ගේ සංකීර්ණතාව හේතුවෙන් එම සාකච්ඡාවලට අදාළ ක්ෂේත්‍රෙය් විශේෂඥතාවයක් සහිත වෘත්තීකයන්ගේ සේවය මිලට ලබාගැනීමට සිදුවනු ඇත. බොහෝ විට මෙහිදී ණය ගැති පාර්ශ්වයට මෙහිදී තමන් නියෝජනය කිරීම සඳහා යොදාගැනීමට සිදුවන්නේ ණය හිමි පාර්ශ්වය විසින් යෝජනා කරනු ලබන බටහිර උපදේශක සේවා සමාගම්වල උපදේශකයන්ය. ඔවුන්ගේ සේවය ලබාගැනීම සඳහා ඉහළ ගාස්තු ගෙවීමට සිදුවන අතර එම ගාස්තු බොහෝ විට ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ මගින් අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ආයෝජනය කෙරෙන මිලටද වඩා වැඩිය. මෙම සියලු බර දැරීමට සිදුවන්නේ ණයගැති ආණ්ඩුවටය.

ණය ගැති පාර්ශ්වය තාක්ෂණිකව මේ සාකච්ඡා සඳහා සහභාගි වුවද මෙම ණය හුවමාරුකරණ සාකච්ඡා මෙහෙයවීමේ තීරක බලයක් නැත.මක් නිසාද යත් ඔවුන්ට සාකච්ඡා කිරීමට සිදුවන්නේ තමන්ගේම විවෘත සහ ආවෘත න්‍යාය පත්‍රයන් සහ අවශ්‍යතා මත ක්‍රියාත්මකවන බාහිර රටවල් හෝ ආයතන සමග බැවිනි.

මේ ආකාරයේ සංකීර්ණතාවන් හේතුවෙන් දේශිය විධායක නිලධාරින්ට හෝ බිම් මට්ටමේ ප්‍රජාවන්ට මෙම හුවමාරුකරණ ගනුදෙනු පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවල එකඟතාවන් ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර විමර්ශනය කිරීමට අවස්ථාවක් නොලැබේ.

උදාහරණයක් ලෙස, මධ්‍යම ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළේ කැරිබියන් සයුරට මුහුණලා පිහිටි රාජ්‍යයක් වන බෙලීස් මෑතකදී සංකීර්ණ තෙවන පාර්ශවීය ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ ගනුදෙනුවකට සහභාගී විය.

මෙහිලා ඇතිකරගත් ගිවිසුම් අනුව බෙලීස් රාජ්‍යයට ණය ලබාදුන් ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය සමාගම් බෙලීස් විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට එකඟවිය.අනතුරුව බෙලීස් රාජ්‍යය විසින් ‘ස්වභාව සංරක්ෂණ සංවිධානයේ’( The Nature Conservancy-TNC) සහ ක්‍රෙඩිට් ස්විස් (Credit Suisse) බැංකුවේ අනුග්‍රහය සහිතව නිල් බැඳුම්කර යටතේ තවත් ණයක් ලබා ගන්නා ලදි.

ගිවිසුමේ කොටසක් ලෙස බෙලීස් රාජ්‍යය විසින් මෙම නිල් බැඳුම්කර නිකුත් කිරීම මගින් ණය ලෙස ලබාගත් අරමුදල්වලින් කොටසක් සමුද්‍ර සංරක්ෂණ කටයුතු සඳහා යොමු කළ යුතුවිය.ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය සමාගමක් මෙන්ම මහා බ්‍රිතාන්‍ය යේ තුනවන විශාලතම බැංකුව වන බාර්ක්ලේස් (Barclays) විසින් නිල් බැඳුම්කර පිළිබඳව හඳුන්වාදී ඇත්තේ මෙසේය. “නිල් බැඳුම්කර යටතේ රැස්කරන මුදල් 100%ක්ම වියදම් කෙරෙන්නේ පාරිසරික ව්‍යාපෘති සඳහාය”

කෙසේ වුව ද බෙලීස් රාජ්‍යය විසින් නිල් බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 553ක ණය මුදලෙන් සමුද්‍ර සංරක්ෂණ කටයුතු සඳහා සැබැවින්ම යොමු කර තිබුණේ ඩොලර් මිලියන 84%ක් පමණි. නමුත් ඔවුන්ට ඩොලර් මිලියන 86ක් අතරමැදියන්ට සහ ප්‍රති-රක්ෂණකරුවන්,උපදේශකයන්, සහ ණය ලබාදෙන්නන් වැනි සේවා සැපයුම්කරුවන්ට ගෙවීමට සිදුව තිබිණි. එමෙන්ම බෙලීස් රාජ්‍යයට තවත් මිලියන 10ක් මුදල් හුවමාරු පිරිවැය සඳහා ගෙවීමට සිදු විය.

“මෙම ගනුදෙනු බැංකු සඳහා ඉහළ ලාභ ලබා දෙන මුලාශ්‍රයන් වේ ” යනුවෙන් එක්සත් ජාතින්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සම්මේලනයේ ආර්ථික කටයුතු පිළිබඳ නිලධාරියෙකු වන ඩානියෙල් මුනේවර් විසින් පවසා තිබේ.

‘බෙලීස් ගනුදෙනුව වූකලී ක්‍රෙඩිට් ස්විස් බැංකුව වෙත නිකම්ම මුදල් ලැබීමක්. මේ සඳහා ඔවුනට කිසිදු ආකාරයක අවදානමක්දැරීමට සිදු වූයේ නැහැ.’ මුනේවර් වැඩි දුරටත් පැවසීය.

මෙම ණය හුවමාරුවේ කොටසක් රක්ෂණය කරන ලද්දේ එක්සත් ජනපදයේ “ඉන්ටර්නැෂනල් ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් කෝපරේෂන්” නම් රක්ෂණ සමාගමක් විසිනි.බෙලීස් රාජ්‍යය සිය ණය ගෙවාගත නොහැකි මට්ටමට බංකොළොත් වුවහොත් අදාළ ණය ගෙවීමේ වගකීම එම රක්ෂණ සමාගම විසින් භාරගෙන තිබිණි. ක්‍රෙඩිට් ස්විස් බැංකුව විසින් මේ ආකාරයේම ගනුදෙනුවක් බාර්බඩෝස් රාජ්‍යය සඳහාද සැලසුම් කිරීමට දායක විය. එයට සහභාගි වූ අනෙකුත් ආයතන නම් ඉන්ටර් ඇමෙරිකන් ඩිවෙලොප්මන්ට් බැංකුව (Inter-American Development Bank) සහ ‘ස්වභාව සංරක්ෂණ සංවිධානයයි’( The Nature Conservancy-TNC).

6. ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ යටතේ නීතිවිරෝධී ණය නීත්‍යානුකූල ණය බවට පත්කළ හැකිය

නීති විරෝධී ණය (illegitimate debt) ලෙස සළකනු ලබන්නේ යම් කිසි ආණ්ඩුවක් විසින් මහජනයාට යහපතක් නොසලසන හෝ ඔවුන්ට හානියක් සිදුවන ආකාරයට සිදු කරනු ලබන ණය ගැනීම්ය. ප්‍රජාතන්ත්‍රවාදි නොවන ආණ්ඩු විසින් මහජනයා මර්දනය කිරීම සඳහා අවි ආයුධ මිලදී ගැනීම වැනි කටයුතු සඳහා ගනු ලබන ණය ද තමන්ව පොහොසත්වීම සඳහා ආණ්ඩු නායකයන් ගනු ලබන ණයද මෙම නීති විරෝධී ණය ගණයට ඇතුළත් කළ හැකිය.

ණය යුක්තිය පිළිබඳ ගෝලීය ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේ ඉහත ආකාරයේ නීති විරෝධී ණය අවලංගු කර දැමීමය. මෙයට හේතු වන්නේ තමන්ට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවුන සහ අත් නොවෙන ණය ගෙවීම සඳහා එකී ණය ලබාගත් රටවල සාමාන්‍ය ජනතාවට ඉතාමත් අසාධාරණ අන්දමින් සිදුව තිබීමය. අදාළ රටේ පුරවැසියන් විසින් නීතිවිරෝධී ණය ලෙස සලකනු ලබන ණය ‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ යටතට ඇතුළත් කිරීමේ අවදානමක් පවතී. ඒ මගින් නීති විරෝධී ණය නීත්‍යානුකූල කිරීම සිදුවනවා පමණක් නොව එම නීති විරෝධී ණය මුළුමණින්ම අවලංගු කරන ලෙස ඉල්ලා නැගෙන හඬ හෑල්ලු කිරීමක්ද වෙයි.එකී ණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටීමේ පදනම වන්නේ දූෂිත සහ මර්දනකාරි ආණ්ඩුවලට මහජනයාට එරෙහිව දියත් කරන මර්දනකාරි කටයුතු සඳහා හෝ ආණ්ඩුවල නායකයන් ධනවත් වීම සඳහා යොදාගනු ලබන ණය වල පාඩුව එම ණය සපයන මූල්‍ය ආයතන විසින් දරාගත යුතුය යන මූල ධර්මයයි.

7.‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ විසින් ඉතා අත්‍යවශ්‍යව පවත්නා විසඳුම් වෙතින් අවධානය වෙනතක යොමු කරයි.

දේශගුණය සහ ණය අර්බුද යන දෙකටම විසඳුම් සෙවීමට දැන් කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බව සියලු දෙනා තුළම මනා අවබෝධයක් පවතී. සියලු පාර්ශ්වයන් වෙත ජයග්‍රහණය ලබා දෙන විසඳුමක් ලෙස මවා පා තිබුණද,‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණය’ විසින් ප්‍රමාණවත් මට්ටමකින් ණය අවලංගු කිරීමක් සහ අවශ්‍ය පරිදි ජාතික මට්ටමින් සම්පත් යෙදවීමක් සිදු කිරීමෙහිලා අසමත්ව තිබේ. එමෙන්ම එම වැඩ සටහන ණය ලබාගනු ලබන රටවල් වෙත ජයගත නොහැකි තරම් අවදානම් සහ අභියෝග ගණනාවක් ඉදිරිපත් කර තිබේ. එමගින් එම රටවල් සැළකිය යුතු මට්ටමේ හානියක් සිදුකර තිබේ.

‘ස්වභාව ධර්මය සහ දේශගුණය උදෙසා ණය හුවමාරුකරණ’ ව්‍යාපෘතිවලින් අවධානය වෙනතකට යොමු කරනවා වෙනුවට, ණය සහ දේශගුණික අර්බුද විසඳීමට සැබවින්ම අවශ්‍ය දේ කෙරෙහි අපගේ අවධානය සහ ක්‍රියාකාරකම් යොමු විය යුතුය –

ඒ සඳහා ණය අවලංගු කිරීමේ අවශ්‍යතාවයකින් පෙළෙන සියලුම රටවල් සඳහා ණය අවලංගු කිරීම, වගකීම් සහගත ණය දීමේ සහ ණය ගැනීමේ කටයුතුවලදී නව ණය සහන ලබාදීම,ආදිය මෙන්ම ප්‍රදානයන් මත පදනම් වූ ණය දේශගුණික මූල්‍යකරණයක් මගින් සැපයෙන මූල්‍ය පහසුකම් වැඩි කිරීම සිදුකළ යුතුව තිබේ.

මූලාශ්‍ර

1 .IMF, World Bank to unveil ‘green debt swaps’ option by November, Georgieva says
2. A tale of two emergencies The interplay of sovereign debt and climate crises in the global south
3. Debt for Climate Swaps: Caribbean Outlook
4.DEBT RELIEF FOR GREEN AND INCLUSIVE RECOVERY PROJECT
Linking Debt Relief and Sustainable Development:Lessons from Experience Background Paper #2
5. Financing the 30×30 agenda for the Oceans: Debt for Nature swaps should be rejected
6. The financialization of conservation The case of debt swaps for the oceans
7. Barclays Sees Real Greenwashing Risk in ESG Debt-Swap Market
8. Before Collapse, Credit Suisse Quietly Conquered an Obscure Debt Market
9. ECUADOR – CREDIT SUISSE: EIN DEBT FOR NATURE SWAP IST ETWAS ANDERES
10. Debt-for-climate swaps: not a silver bullet
12. CLIMATE CRISIS, DEBT AND RECOVERY IN A CONTEXT OF MULTIPLE CRISES
13. The debt and climate crises: Why climate justice must include debt justice
14. Financing the 30×30 agenda for the Oceans: Debt for Nature swaps should be rejected
15. John Kerry Says WEF Davos Elite Are Like “Extraterrestrials” Here to “Save the Planet”
16. John Kerry Asked Point Blank About Flying On Private Jet By GOP Lawmaker
17.Bankers bet billions on new wave of debt-for-nature deals

සටහන්

කාබන් ඕෆ්සෙට් අලෙවිය

කාබන් ඕෆ්සෙට් අලෙවිය යනුවෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු, ආයතනයක්, රාජ්‍යයක් විසින් පරිසරයට නිකුත් කරන ලද කාබන් ප්‍රමාණය අඩු කිරීම සඳහා දායකවන ක්‍රියාවලියක් සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ රාජ්‍යයකට කිසියම් මිලක් ගෙවීමේ ක්‍රමයකි.
උදාහරණයක් ලෙස ධනවත් රාජ්‍යයක් වන ඇමෙරිකාව විසින් එක් වසරක් සඳහා මුදාහරින ලද කාබන් ප්‍රමාණය කාබන් ටොන් 10ක් යැයි සිතන්න. එවිට ඇමෙරිකාව විසින් සිය කාබන් විමෝචනය ශුන්‍ය බවට පත් කිරීම හෙවත් “නෙට් සීරෝ ” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එම කාබන් ටොන් 10 වායුගෝලයෙන් ඉවත් කළයුතු වේ. මෙහිදී ඔවුන් සිදු කරන්නේ ගෝලීය දකුණේ ණයබරින් පෙළන දුප්පත් රටකට එම කාබන් ටොන් 10 අඩු කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන ලෙස ඔවුන්ගේ ණය බර ඔවුන්ව යටත් කිරීම සඳහා අවියක් ලෙස භාවිතා කරමින් බලකිරීමය.අපි එම දුප්පත් රට ලංකාව යැයි සිතමු. ලංකාව විසින් නිකුත් කරන කාබන් ප්‍රමාණය ටොන් 4ක් ලෙසත් ලංකාවේ වනාන්තර පද්ධතිය විසින් වායු ගෝලයෙන් ඉවත් කරනු ලබන කාබන් ප්‍රමාණය ටොන් 5ක් ලෙසත් උපකල්පනය කරන්න. එවිටලංකාව විසින් තමන් විමෝචනය කරනවාටත් වඩා (කාබන් ටොන් 1ක්) ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත් කිරීමට දායක වී තිබේ යැයි සැළකේ. එවිට ලංකාවට එම කාබන් ටොන් 1 වෙනත් රටක කාබන් පරිභෝජනය තුලනය කිරීම සඳහා අලෙවි කිරීමට හැකි වනු ඇත.අප මුලින් කී ධනවත් රට වන ඇමෙරිකාව මෙම කාබන් ටොන් 1 සඳහා ලංකාවට මුදලක් ගෙවමින් තම කාබන් විමෝචනය ටොන් 9 දක්වා අඩු කරගනී. මෙය තවදුරටත් අඩු කිරීමට ඇමෙරිකාවට අවශ්‍ය නම් ඔවුන් ලංකාවට සිය පොසිල ඉන්ධන භාවිතය අඩු කරමින් කාබන් විමෝචනය ටොන් 1ක් දක්වා ඊළඟ වසර තුළ අඩු කරන ලෙස බල කරයි. එවිට ඊළඟ වසරේදී ලංකාවේ කාබන් විමෝචනය කාබන් ටොන් 3 ක් වන අතර ඔවුන්ට අලෙවි කළ හැකි අගයකාබන් ටොන් 2ක් වේ. එම ටොන් දෙකෙහි අගය ඇමෙරිකාව විසින් මිලදී ගෙන සිය කාබන් ගිණුම තුලනය කරන්නේ නම් ඔවුන් විමෝචනය කරන කාබන් ප්‍රමාණය ටොන් 8ක් ලෙස සැලකේ. ඇමෙරිකාව මෙම පිළිවෙත තවත් රටවල් කීපයක් සම්බන්ධව ක්‍රියාත්මක කරමින් නෙත් රටවල් විසින් ඉතිරි කරන තවත් කාබන් ටොන් 8ක අගයක් මිලදී ගතහොත් ඇමෙරිකාවට සිය කාබන් විමෝචන අගය ශුන්‍යය නැතහොත් “නෙට් සීරෝ ”කරා ළඟා වී ඇතැයි එවිට පැවසිය හැකිවනු ඇත. නමුත් යථාර්ථයේදී ඇමෙරිකාව තමන් විසින් වායුගෝලයට නිකුත් කරන කාබන් අවුන්සයක්වත් අඩු කර නැත. මෙහිදී අදාළ මැනීමේ කටයුතු සිදු කරන්නේ “දෙපාර්ශ්වයටම පිලිගත හැකි” බහුපාර්ශ්වික ආයතනයක් හෝ වෙනත් රාජ්‍යයක් විසිනි.

මෙහිදී සැළකීමට ගත යුතු අනෙක් කරුණ වන්නේ මෙම කාබන් ගනුදෙනුවේදී ලංකාව වැනි දුප්පත් රටවලට සැබෑ ලෙසම කිසිදු ගෙවීමක් හිමි නොවන බවත් එම රටවල ණය බරෙන් කොටසක් ඒ වෙනුවෙන් කපා හරින බවට ප්‍රකාශ කරමින් සංඛ්‍යා ලේඛන විජ්ජාවක් මගින් මෙම අසාධාරණය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමත් බවය. මෙහිදී සිදුවන අනෙක් ක්‍රියාවලිය නම් ලංකාව වැනි රටවල කාර්මික නිෂ්පාදනය බිඳ දැමීම සඳහා මෙම “නෙට් සීරෝ” ප්‍රතිපත්තිය යොදා ගැනීමයි. නිල් බැඳුම්කර, හරිත බැඳුම්කර,“ස්වභාවික පරිසරය සඳහා ණය හුවමාරුකරණය ” ආදි සියල්ල මේ ප්‍රෝඩාවටම සම්බන්ධ තවත් මූල්‍ය වංචාවන් සහ බලහත්කාරයන් පමණි.
බෙලීස් රාජ්‍ය සමග සිදුකරන ලද “ස්වභාවික පරිසරය සඳහා ණය හුවමාරුකරණය ” පිළිබඳ ගිවිසුමේදී“ක්‍රෙඩිට් ස්විස් බැංකුව”(CreditSuisse),“පරිසර සංරක්ෂණ සංවිධානය”(The Nature Conservancy-TNC) සහ “ප්ලැටිනම් සෙකියුරිටීස්”( Platinum Securities) ආයතනය එම රාජ්‍යයට බලකරන ලද්දේ ඔවුන්ගේ කාබන් විමෝචන අගයන් අඩු කර එම අගයන් අදාළ මූල්‍ය සමාගම්වලට පවරන ලෙසය.