කොරෝනා මර්දනයද? ලෝකයේ දුප්පතුන් මර්දනයද? කොරෝනා ඇඳිරි නීති සහ තහංචි විසින් දුප්පතුන් සහ ඔවුන්ගේ මානව හිමිකම් වනසන අයුරු

ස්ටාව්රොවුලා පාබ්ස්ට් සහ මැක්ස් බ්ලුමන්තාල් විසිනි  2021 දෙසැම්බර් 3

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට යැයි කියමින් ක්‍රියාත්මක කරමින් පවතින නිරෝධායන ඇඳිරි නීති සහ සීමාකිරීම් ගෝලීය පරිමාණයෙන් මරණ සංඛ්‍යාව ඉහළයාමට සහ ආර්ථික විනාශයට හේතු වී තිබේ. බලධාරින්ගේම වර්තමාන සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ මෙම ක්‍රියාමාර්ග කිසිවක් විසින් ඔවුන් පවසන කොරෝනා වසංගතය මර්දනය කිරීමට සමත්ව නැති බවයි.

ඕස්ට්‍රෙලියාවේත් නවසීලන්තයේත් සිංගප්පූරුවේත් ක්‍රියාත්මක වෙමින් තිබූ නිරෝධායන ඇඳිරි නීති වසර එකහමාරකට අධික කාලයක් එම රටවල සමාජ ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයන්ම නිෂ්ක්‍රිය කර තිබූ අතර දැන් 2021 ඔක්තෝබරයේදී එය ඉවත් කර ඇති බව පෙනී යයි. එමෙන්ම එම රටවල කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව “බිංදුවට බැස්සවීමේ ප්‍රතිපත්තියද“ දැන් අත්හැර දමා ඇති බවක් දැකිය හැකිය.
මේ අතර කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව නැවතත් ඉහළ යමින් පවතී යැයි පවසන යුරෝපීය රටවල ආණ්ඩු දැන් නැවතත් “ලොක් ඩවුන්“ හෙවත් නිරෝධායන ඇඳිරි නීති එම රටවල පැනවීම ආරම්භ කරමින් සිටිති. මෙම බොහෝ රටවල් සිය ලොක්ඩවුන් ක්‍රියාමාර්ග භාවිතා කරන්නේ තමන්ට අවනත නොවන ජනතාවට දඬුවම් පැමිණවීමේ මාධ්‍යයක් ලෙසය.

 

ජනවාරි මස 20 වැනි දින ඕස්ට්‍රියානු රජය සියලු පුරවැසියන්ට කොවිඩ්-19 එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරන නීතියක් පැන වූ අතර එයට එරෙහිව රට පුරා විරෝධතා උද්ඝෝෂණ පැවැත් විණි. සිය මව එන්නත් ලබාගැනීමෙන් පසුව රෝගී වූ බව පැවසෙන පුවරුවක් රැගෙන වියානා නගරයේ ජනවාරි 22 වැනි දින පැවැත්වුණු පෙළපාළියට සහභාගි වූ තරුණියක්

ලොක්ඩවුන් නීති ජනතාව හීලෑ කිරීම සඳහා දඬුවම් පැමිණවීමේ මාධ්‍යයක්ද?

මෙම නොවැම්බරයේදී ඕස්ට්‍රියානු රජය ප්‍රකාශ කර සිටියේ පොලිසිය විසින් එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට එරෙහිව ලොක්ඩවුන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවය. මෙයට එරෙහිව දින ගණනාවක් තිස්සේ පැවැති  දැවැන්ත ජනතා විරෝධතා උද්ඝෝෂණ වලින් අනතුරුව එම තීරණ හකුළා ගන්නවා වෙනුවට ඕස්ට්‍රියානු රජය විසින් සිදු කළේ නිරෝධායක ඇඳිරි නීති සමස්ත රටවැසියන් සඳහාම බලාත්මක කිරීමය. එපමණක් නොව මෙම නීති කඩකරන්නන්ට එරෙහිව ඉතා ඉහළ දඩ මුදල් සහ සිර දඬුවම් පවා පැමිණවීමට රජය නීති සම්පාදන කටයුතු සුදානම් කරමින් සිටී. එමෙන්ම සියලු පුරවැසියන් වෙත එන්නත් ලබාගැනීම අනිවාර්යය කෙරෙන නීති ද සම්පාදනය වෙමින් පවතී.
ඔස්ට්‍රියාවට යාබද ජර්මනියේ එන්නත් ලබා නොලත් පුද්ගලයන් හට නිරෝධායන ඇඳිරි නීතිය හෙවත් ලොක්ඩවුන් නව වටයකින් පනවා තිබේ. ඒ අනුව එන්නත් නොගත් පුද්ගලයන්ට ඖෂධ ශාලා සහ සුපර් මාර්කට් හැරෙන්නට අනෙකුත් පොදු ස්ථානවලට යාම තහනම් කර තිබේ. බර්ලින් ප්‍රාන්තය සියලු දෙනාටම එන්නත් ලබාගැනීම අනිවාර්ය කරන නීති පැනවීම පිළිබඳව සළකා බලමින් සිටිති. එක් ජර්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ නීතිඥයෙකු පවසා සිටියේ “එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නන් පොලිසිය යොදවා එන්නත් කරන ස්ථාන වෙත රැගෙන ගොස් එන්නත් කරවිය යුතුය” යනුවෙනි.
රටපුරා පැවැති ලොක්ඩවුන් ඔස්ට්‍රේලියාව තුළ ලිහිල් කරනු ලැබුව ද එහි කොවිඩ්-19 ආසාදිත යැයි නම් කරන පුද්ගලයන් සහ ඔවුන් ඇසුරු කරන ලද අය සඳහා නිරෝධායන කඳවුරු ඉදිකරමින් පවති. මෙයින් සමහරක් දැනටමත් භාවිතයට යොදමින් තිබේ. හාර්ලි හොඩ්සන් නම් පුද්ගලයාව එවැනි කඳවුරක දින 14ක් රඳවා තබාගෙන ඇත්තේ ඔහු සඳහා කරන ලද පරීක්ෂණවලින් පවා ඔහු ආසාදිතයෙකු නොවන බව කීපවරක්ම සනාථ කර තිබියදීය.
ඔහු සිය අත්දැකීම මෙසේ හෙළිදරවු කළේය.
“ ඔබට දැනෙන්නේ ඔබ සිර ගෙයක සිටින බවයි. ඔබ කිසියම් වැරැද්දක් කර ඇති බවට මේ සිරගත කිරීම විසින් ඔබ තුළ ඇති කරවනවා. ඔවුන් සිදුකරන්නේ ඉතා අමානුෂික දෙයක්.”

ආරම්භයේදී මෙම නිරෝධානය ඇඳිරි නීති හෙවත් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ජනතාව වෙත අලෙවි කරනු ලැබුවේ “ වක්‍රය සමතලා කිරීම (flatten the curve)” සහ “ රෝගය පැතිරීමේ වේගය අඩාල කිරීම” සඳහා වන උපක්‍රම ලෙසය. එහෙත් දැන් මෙම ලොක්ඩවුන් හෙවත් නිරෝධායන නීති විසින් නියෝජනය කරන්නේ “නව සාමාන්‍ය තත්ත්වය (New Normal)” ලෙස දැනටමත් හඳුන්වනු ලබන අති දුෂ්ට අරමුණුවලින් සංයුක්ත වන්නා වූ ගෝලීය දේශපාලන ඉලක්කයේ එක් කෘර පැතිමානයකි. දැන් එය නිමාවක් නැති හදිසි නීති තත්ත්වයක් බවට පත්ව තිබේ.

මෙම “ වසංගතයේ” ආරම්භක දිනවලදී මහජනතාවගෙන් විශාල කොටසක් මෙම සීමාකිරීමේ නීති ප්‍රශ්න කිරිමකින් තොරව පිළිගනු ලැබුව ද දැන් ඒවාට එරෙහිව ඒවායින් ආර්ථික, සාමාජීය සහ මානසික වශයෙන් පීඩනයට පත් ජනතාවගෙන් ලෝකය පුරා දැඩි ප්‍රතිවිරෝධයක් මතුවෙමින් පවතී. ආර්ථික ජීවිතයේ බිඳවැටීම, විරැකියාව, සිය දිවි නසාගැනීමේ ප්‍රවණතාවන්, නිවාස අහිමිවීම, සමාජීය හුදෙකලා බව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, වෙනත් රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථා අහිමි කිරීම, ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ආදිය මෙම ලොක්ඩවුන් ප්‍රතිපත්තිවල ප්‍රතිඵල කීපයක් පමණි.
මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ලෙස මෙම ලොක්ඩවුන් පනවන්නේ යැයි යනුවෙන් ඒවා යුක්ති සහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මතයට තවදුරටත් ලෝකය පුරා මිලියන ගණන් ජනතාව තුළ පිළිගැනීමක් නැත. එයට ප්‍රතිපක්ෂව විද්‍යාත්මක අධ්‍යයන සහ දත්ත විසින් පෙන්නුම් කර ඇත්තේ මෙම ලොක්ඩවුන් ක්‍රියා මාර්ග විසින් වළක්වනු ලබනවායැයි කියනු ලබන මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඒවා විසින් සිදු කරමින් සිටින බවයි.

තවත් මිලියන 130ක් ජනතාව කොරෝනා වසංගතය හේතුවෙන් 2020 අවසානය වන විට සාගත තත්ත්වයක් කරා තල්ලු කෙරෙමින් තිබෙන අතර එනම් සමස්ත වශයෙන් මිලියන 265ක් ජනතාව ලෝකය පුරා දරුණු සාගත තත්ත්වයකට ගොදුරු වෙමින් සිටිති.

මෙම ලොක්ඩවුන් ඇඳිරි නීති ක්‍රියාමාර්ගවල මාරාන්තික බලපෑම ගෝලීය දකුණේ රටවලට නිශ්චිතවම විනාශකාරි ලෙස බලපා තිබේ. එම රටවල මිලියන සිය ගණන් අතිශය දුප්පත් ජනතාව එම ක්‍රියාමාර්ග විසින් දැවැන්ත මානුෂික ඛේදවාචකයකට ඇද දමා ඇත.
මේ පිළිබඳව 2020 දී ලෝක ආහාර වැඩ සටහන (World Food Program) මෙසේ අනතුරු ඇඟවීය.

“ මෙය අතිශයින් කම්පා කරවන සුළු පුවතක් ලෙස දැනෙනු ඇත. නමුත් මට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න.
ලෝකය පුරා සෑම රාත්‍රියකම මිලියන 821ක් ජනයා නිදාගන්නේ කුසගින්නෙන් පෙළෙමිනි. ඔවුහු මන්ද පෝෂණයෙන් පෙළෙති. නව ගෝලීය වාර්තාවන්ට අනුව තවත් මිලියන 135ක් අතිශය දරුණු මට්ටමේ සාගිනි තත්ත්වයකට ගොදුරු වෙමින් සිටිති. මෙහි අදහස මිලියන 135ක් ජනතාව සාගත තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින බවයි. නමුත් දැන් ලෝක ආහාර වැඩ සටහනේ විශ්ලේෂණ විසින් පෙන්නුම් කරන්නේ තවත් මිලියන 130ක් ජනතාව කොරෝනා වසංගතය හේතුවෙන් 2020 අවසානය වන විට සාගත තත්ත්වයක් කරා තල්ලු කෙරෙමින් ඇති බවයි. එනම් සමස්ත වශයෙන් මිලියන 265ක් දරුණු සාගත තත්ත්වයකට ගොදුරු වෙමින් සිටිති.”

The Covid Consensus නම් සිය කෘතිය තුළ කිංස් කොලෙජ් විශ්ව විද්‍යාලයේ අප්‍රිකානු ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ටෝබි ග්‍රීන් (Toby Green) පෙන්වා දෙනුයේ අප්‍රිකාවේ සිට ලතින් ඇමෙරිකාව දක්වා රටවල ජනතාව මත ක්‍රියාත්මක කරනු ලබන කොරෝනා ලොක්ඩවුන් නිසා දුප්පත්කම, මහා පරිමාණ ජනසංක්‍රමණය, සහ සමූහ වශයෙන් ජනයා මරණයට පත්වීම ආදිය සිදු විය හැකි බවයි.

“ ලොක්ඩවුන් කිරීම් යනු විශාල වශයෙන් බාහිර පරිසරය තුළ ජීවත්වන සමාජයන් සඳහා කිසිදු අර්ථයක් සහිත ප්‍රතිපත්තියක් නොවේ. SARS-CoV-2 වෛරසය පැතිරෙන්නේ අභ්‍යන්තර පරිසරයන් තුළයි. ” යි ග්‍රීන් Grayzone වෙත පැවසීය.

“වැඩියෙන්ම ධනවත් රටවලට වඩා තරුණ ජනගහණයක් සහිත අප්‍රිකාව වැනි කලාපයකට එය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මෙම ප්‍රතිපත්ති විසින් මෙම සෞඛ්‍ය ගැටළු ධනවත් රටවල සිට ගෝලීය දුප්පතුන් සහ තරුණ පරපුර වෙත යොමු කර තිබෙනවා ”

ජනතාවට හානි සිදුවූයේ ඊනියා වසංගතයකින් නොව එය මැඩ පැවැත්වීමට පනවන ලද නීති මගිනි

ටෝබි ග්‍රින් විසින් එළි දක්වන ලද පොත

ලෝකයේ ජීවත්වන බොහෝ පුද්ගලයන්ට පසුගිය මාස 19 තිස්සේ ආර්ථික සහ මානසික වශයෙන් පීඩාවන්ට ලක්වූයේ මෙම වසංගතය නිසා නොව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ලෙස හුවා දක්වමින් හදිසි තත්ත්වයන් ප්‍රකාශ කර ජනතාව මත පනවන ලද ලොක්ඩවුන් වැනි සීමා කිරීම් නිසාය. ගෝලීය උතුරේ එය විසින් වසංගත ව්‍යාප්තියේ වේගය අඩුකිරීම වෙනුවට කරමින් සිටින්නේ සුපිරි තාක්ෂණික සමාගම් හිමි ප්‍රභූ ධනකුවේරයන් වෙත ධනය ඒක රාශිවීමයි. මෙම වසංගතයේ “ සැබෑ ජයග්‍රාහකයන් ” ඔවුහුය.
ආර්ථිකය වසා දමන ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් සිදු කරනු ඇත්තේ මහජන සෞඛ්‍ය පිළිබඳ අර්බුදය උත්සන්න කිරීම සහ නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි හානියක් ගෝලීය ආර්ථිකයට සිදු කිරීම යැයි ඇතැම් මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් සහ නිලධාරින් විසින්අනතුරු අඟවනු ලැබූවද මෙම දැඩි ලොක්ඩවුන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන් සහ ඒවායේ අනුගාමිකයන් විසින් ඒවා විවේචනය කරන්නවුන් භයානක දක්ෂිණාංශික අන්තවාදින් ලෙස ලේබල් කර එම අනතුරු හැඟවීම් නොතකා හරිනු ලැබිණි. ට්‍රම්ප්ගේ යුගයේ දේශපාලනය තුළ තීව්ර වූ සමාජ විභේදනයන් විසින් මෙයට ඉඩ සැලසිණි.
“ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් සිදු කරන නොවැළැක්විය හැකි හානිකර ප්‍රතිවිපාක පිළිබඳ සංවාදය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ ශාස්ත්‍රාලීය උගතුන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන නායකත්වය පිටුපස ගාටමින් වාමාංශය විසින් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවල හානිය පිළිබඳ සාකච්ඡාවන් කොන් කර හුදෙකලා කිරීම සඳහා එයට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිති.” යි නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ ආර්ථිකය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ක්‍රිස්ටියන් පරෙන්ති Grayzone වෙත සිය අදහස් දක්වමින් පැවසීය. ඔහු විසින් පොලිස් ක්‍රියාමාර්ග සහ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය මගින් ජනතාව පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ ඔත්තු බැලීම පිළිබඳව පොත් කීපයක්ම ලියා තිබේ.

“ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග පිළිබඳව සිදු කරන ඕනෑම ප්‍රශ්න කිරීමක් දක්ෂිණාංශික මතවාද ලෙස නැතහොත් ඇතැම් විට ඊටත් එහා යමින් ෆැසිස්ට්වාදි ලෙස වර්ගීකරණය කෙරිණි. එසේ වුවත් වාමාංශිකයන් දැන් මතුවෙමින් පවතින තත්ත්වය නොසළකා හරිමින් සිටිති. විශේෂයෙන්ම ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් ගෝලීය දකුණේ සිදු කරන ලද විනාශය පිළිබඳව ඔවුන් සම්පූර්ණයෙන්ම නිහඬ වී ඇත.

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් සිදු කරන නොවැළැක්විය හැකි හානිකර ප්‍රතිවිපාක පිළිබඳ සංවාදය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ ශාස්ත්‍රාලීය උගතුන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන නායකත්වය පිටුපස ගාටමින් වාමාංශය විසින් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවල හානිය පිළිබඳ සාකච්ඡාවන් කොන් කර හුදෙකලා කිරීම සඳහා එයට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිති.”

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ ආර්ථිකය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ක්‍රිස්ටියන් පරෙන්ති

ලොක්ඩවුන් සහ අනෙකුත් සීමා කිරීම්වල හානිදායක ප්‍රතිඵල සහ සමාජ පිරිවැය පිළිබඳව අනතුරු අඟවන ලද මහජන සෞඛ්‍ය පිළිබඳ බුද්ධිමතුන් අතර එක් අයෙකු ලෙස සැළකෙන වෛද්‍ය ජායි භට්ටාචාර්ය (Dr. Jay Bhattacharya) Grayzone වෙත සිය අදහස් දක්වන ලදි. ඔහු ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු  ග්‍රේට් බැරින්ග්ටන් ප්‍රකාශනයේ  සම කර්තෘවරයෙකි. මෙම ප්‍රකාශනය මගින් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග වෙනුවට වසංගතය හමුවේ අවදානම් සහගත තත්ත්වයක පසුවන පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන උපාය මාර්ගයක් ඉදිරිපත් කෙරිණි. ප්‍රතිඵලය වූයේ සමාජ මාධ්‍ය විසින් භට්ටාචාර්ය සහ ඔහුගේ සගයන්ව සමාජ මාධ්‍යවල වාරණයට ලක්වීමත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ප්‍රහාරයට ලක්වීමත්ය.

වෛද්‍ය ජායි භට්ටාචාර්ය – ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් නිර්මාණය කර ඇත්තේ එම වෛරසය පාලනය කිරීම පිළිබඳ මායාවකි

“මෙම වෛරසය බොහෝ නිලධාරින් විශ්වාස කරනවාටත් වඩා බොහෝ කලෙක සිට ලෝකයේ සමහර කොටස්වල පැවැතුණ එකක් වන අතර ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් නිර්මාණය කර ඇත්තේ එම වෛරසය පාලනය කිරීම පිළිබඳ මායාවකි. ලොක්ඩවුන් ක්‍රියාමාර්ග වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ සාර්ථක ක්‍රියාමාර්ගයක් ලෙස තර්ක කිරීමට බොහෝ අය යොදාගන්නා අධ්‍යයන ආකෘතීන් වැරැදි බවට ඔප්පු වී තිබෙනවා.” යි භට්ටාචාර්ය පැවසීය.
සත්තකින්ම බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල ආරම්භයේදී සිදු කරන ලද ලොක්ඩවුන් සඳහා පෙළැඹුමක් වූයේ අනුමාන මත පදනම් ව ගොඩ නගන ලද වසංගත මරණ සංඛ්‍යාවන් පිළිබඳ ප්‍රක්ෂිප්ත ආකෘතීන්ය. මෙම ආකෘතීන් දැන් පදනම් විරහිත ව්‍යාජ ඒවා බවට හෙළිදරවු වීමෙන් පසු බැහැර කරනු ලැබ ඇත.

ලොක්ඩවුන් ක්‍රියාත්මක කිරීම සඳහා ආවරණයක් ලෙස යොදාගත්තේ සුදුසුකම් රහිත වෘත්තිකයන් විසින් නිර්මාණය කරන ලද වසංගත ව්‍යාප්තිය පිළිබඳ වංචනික ආකෘතීන් වේ.

2020 මාර්තු 16 වැනි දින යම් ආකාරයක සීමාවන් පැනවීම සඳහා ගෝලීය වශයෙන් අනුමැතියක් ගොඩනැගෙමින් පවතිද්දි ලන්ඩනයේ ඉම්පිරියල් කොලෙජ් හි මහාචාර්යවරයෙකු බ්‍රිතාන්‍ය රජය වෙත ලොක්ඩවුන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවට තර්ක කරන වැඩ සටහනක් ඉදිරිපත්කළේය. බ්‍රිතාන්‍ය රජය දැඩි ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවලට නොයන්නේ නම් බ්‍රිතාන්‍ය තුළ එම වසරේදී පුද්ගලයන් පන් ලක්ෂයක් ( 500,000 හෙවත් මිලියන භාගයක්) කොවිඩ්-19 වලින් මිය යනු ඇතැයි නීල් ෆර්ගසන් (Neil Ferguson) නම් මේ මහාචාර්ය වරයා හඳුන්වා දෙන ලද ආකෘතිය මගින් පෙන්වා දෙන ලදි. එමෙන්ම අගමැති බොරිස් ජොන්සන් යෝජනා කළ පරිදි මධ්‍යස්ථ සහ එතරම් දැඩි නොවන සීමා කිරීම්වලට බ්‍රිතාන්‍ය රජය එළැඹෙන්නේ නම් එවිට පුද්ගලයන් 260,000ක් මිය යනු ඇතැයි ද එමගින් පෙන්වා දෙන ලදි.
මෙම දෙකෙන් කුමන වු වද ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය පිරී ඉතිරී යනු ඇති අතර ආර්ථිකයට යළි පිළිසකර කළ නොහැකි ලෙසින් හානි සිදුවනු ඇතැයි ෆර්ගසන් අවධාරණය කළේය. සතියක් ඇතුළත ජොන්සන්ගේ රජය විසින් වසංගතයේ මාරාන්තික බව ගැන ෆර්ගසන්ගේ ආකෘතිය පිළිගත් අතර දැඩි ලොක්ඩවුන් ක්‍රියාමාර්ග දියත් කරන ලදි.
මෙයට සමාන්තර ලෙස ට්‍රම්ප්ගේ ධවල මන්දිරය වෙත ද ෆර්ගසන් විසින් කොවිඩ්-19 මගින් සිදුවෙතැයි අපේක්ෂිත විනාශකාරි මරණ සංඛ්‍යා ලේඛන ඇතුළත් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදි. එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය (CDC) විසින් ඉදිරිපත් කර තිබූ ආකෘතිය විසින් ප්‍රක්ෂේපනය කරන ලද පරිදි එම වසර තුළ සිදුවනු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව මිලියන 2.2 කි. ඇමෙරිකාව දැඩි ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවලට නොයන්නේ නම් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව CDC විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාවටත් වඩා 25%ක් වනු ඇතැයි ෆර්ගසන් විසින් ඇමෙරිකාව සඳහා ඉදිරිපත් කළ ආකෘතිය මගින් අනතුරු අඟවා තිබිණි.
“ආකෘතිය තුළ වන වඩාත් බලපෑම් සහගත ක්‍රියාමාර්ගය නම් සමාජ දුරස්තකරණය, කුඩා කණ්ඩායම් සහ පොදු ස්ථානවලට විශාල කණ්ඩායම් ලෙස නොයෑම ආදියයි.”යි ජනාධිපති ට්‍රම්ප්ගේ කොරෝනා කාර්ය සාධක බලකායේ නායක ආචාර්ය ඩොබෝරා බ්‍රික්ස් (Deborah Birx) ඉම්පීරියල් කොලෙජ්හි නීල් ෆර්ගසන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රක්ෂේපනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළාය. “මරණ පිළිබඳ දරුණු වාර්තා ලැබීමෙන් පසුව ධවල මන්දිරය නව ස්ථාවරයක් ගනී ” යනුවෙන් ට්‍රම්ප්ගේ ආණ්ඩුව වෙත ෆර්ගසන්ගේ පත්‍රිකාව ලද දිනයේ දී එනම් 2020 මාර්තු 16 වැනි දින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කරන ලදි.

ෆර්ගසන්ගේ ආකෘතිකරණය ලොක්ඩවුන් ක්‍රියාමාර්ග සඳහා ලෝකයේ බොහෝ රටවල් පෙළඹවීමේදී සාර්ථකවුව ද එය විසින් ම අවසානයේ ඔහුව ප්‍රසිද්ධියේ නින්දා සහගත තත්ත්වයකට පත්කරනු ලැබිණි.
විවාහක කාන්තාවක් වූ ඔහුගේ පෙම්වතිය සමග කාලය ගත කිරීමට යාම මගින් ඔහු විසින්ම ඉදිරිපත් කරන ලද නිරෝධායන නීති කඩ කර අතට අසු විය. මෙම කාන්තාව විසින් ප්‍රකාශ කර තිබුණේ ලොක් ඩවුන් ක්‍රියාමාර්ග හේතූවෙන් ෆර්ගසන් සමග තමාගේ වූ සම්බන්ධය “වියැකී ගිය” බවයි.
පසුව කාලය ගතවීමත් සමගම පෙන්නුම් කරන ලද්දේ ෆර්ගසන් විසින් ඉදිරිපත් කරන ලද ආකෘති විසින් කොවිඩ්-19 මරණ අනුපාතිකයන් අතිශයෝක්තියෙන් විශාලනය කොට දක්වන ලද බවයි. මරණ සංඛ්‍යාව අඩු තරමින් 4 ගුණයකින් ඔහු විසින් විශාලනය කර තිබිණි.

මහාචාර්ය නීල් ෆර්ගසන් – ඔහු විසින් ඉදිරිපත් කරන ලද ආකෘති විසින් කොවිඩ්-19 මරණ අනුපාතිකයන් අතිශයෝක්තියෙන් විශාලනය කොට දක්වන ලද බව මේ වනවිට පැහැදිලිව දැකගත හැකිය..

2021 අගෝස්තුවේදී ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඔහු සිය අනුමානයන් වැරදි බව පිළිගත්තේය. නමුත් ඒ වනවිට ඔහුගේ භීෂණ ආකෘතිය හේතුවෙන් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවලට එළැඹී ලෝකයේ බොහෝ රටවල මිලියන සියගණන් ජනතාවගේ සමාජ සහ ආර්ථික ජීවිතයට කළහැකිව තිබූ දරුණුතම හානිය සිදුකර හමාරය.

ෆර්ගසන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන මුළුමණින්ම වැරැදි බවට ඔප්පු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2001 වසරේදී පිස්සු ගව රෝගය (Mad Cow Disease-BSE) හේතුවෙන් පුද්ගලයන් 50,000ක් මරණයට පත්වනු ඇතැයි ඔහු විසින් ප්‍රක්ෂේපනයක් ඉදිරිපත් කරන ලදි. මෙයින් කැළැඹීමට පත් බ්‍රිතාන්‍ය රජය ගවයන් මිලියන 6.5ක් ඝාතනය කරන ලදි. නමුත් මෙම රෝගයෙන් මිය යතැයි ෆර්ගසන් විසින් අපේක්ෂා කළ සංඛ්‍යාවන් සිදු නොවිණි. (මෙම රෝගයෙන් දශක තුනක් තිස්සේ මරණයට පත්ව තිබුණේ පුද්ගලයන් 2,800 දෙනෙකු පමණි.)

2005 වසරේදී කුරුලු උණ රෝගයෙන් ලෝකය පුරා පුද්ගලයන් මිලියන 200ක් මිය යනු ඇතැයි ඔහු මෙවැනිම සංඛ්‍යාත්මක ප්‍රක්ෂේපන සහ අනුමාන ඉදිරිපත් කළේය.

අවසානයේදී මිය ගියේ පුද්ගලයන් සිය ගණනක් පමණි.

පසුව 2009 දී ඌරු උණ (swine flu- H1N1) රෝගයෙන් පුද්ගලයන් 65,00ක් බ්‍රිතාන්‍ය තුළදී පමණක් මිය යනු ඇතැයි ෆර්ගසන් විසින් අනතුරු අඟවන ලදි. ජනමාධ්‍ය විසින් නිර්මාණය කරන ලද ඌරු උණ භීතිකාව පහ වූ පසුව පැහැදිලි වූයේ එයින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 457ක් බවයි.
තත්ත්වය මෙසේ තිබියදීත් බටහිර රටවල් විසින් වසංගතවේදය හෝ පරිගණක ආකෘතීන් නිර්මාණය පිළිබඳ කිසිදු විධිමත් අධ්‍යාපනයක් නැති  මෙවැනි උපන්ගෙයි බොරුකාරයෙකු දිගින් දිගටම විශ්වාස කරන්නේ මන්ද? ඔහු සිය ආකෘතින් නිර්මාණය සඳහා භාවිතා කරන්නේ දෝෂ සහිත යල් පිනූ පරිගණක වැඩ සටහන් බව දැන් ප්‍රසිද්ධ කරුණකි.

ෆර්ගසන් සිය වාර්තාවන් ඉදිරිපත් කිරීමටත් පෙර සිටම වොෂින්ටනයේ සහ ලන්ඩනයේ නායකයෝ නව කොරෝනා වසංගතය පිළිබඳව කලබල වී සිටියහ.2020 වසර ආරම්භයේදී මෙම නව කොරෝනා වසංගතයේ මාරාන්තික සවභාවය ගැන අතිශයෝක්තියට නංවන ලද වාර්තා ප්‍රවාහයක් ජනමාධ්‍ය විසින් වමාරන ලදි. සමහර වාර්තා අනුව රෝගයෙන් ආසාදනය වන්නන්ගෙන් 7%ක් මරණයට පත්වේ.

මහාචාර්ය ටෝබි ග්‍රින්

කොවිඩ්-19 විසින් සිදුකරන ආසාදන විශාල මරණ සංඛ්‍යාවකට හේතූ නොවන බව දැන් සියලු දෙනා දන්නා කරුණකි. එහි සාමාන්‍ය ආසාදිත මරණ අනුපාතය 0.15%ක් වන අතර වයස අවුරුදු 70ට අඩු අය අතර එය 0.05%කි.  කෙසේ වුව ද ආරම්භක ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිත බව විසින් බොහෝ මහජන සෞඛ්‍ය නිලධාරින්ට වහාම ක්‍රියාත්මක වීමට බලකෙරිණි. යථාර්ථය වන්නේ කොරෝනා වෛරසය යනු මාරාන්තික බවින් අඩු සහ පහසුවෙන් ව්‍යාප්ත වන වෛරසයක් බවත් එය මැඩ පැවැත්වීමට මිනිස් මැදිහත්වීම්වලට නොහැකි බවත්ය.
ලන්ඩනයේ කිංග්ස්කොලෙජ් හි ටෝබි ග්‍රින් වැඩි දුරටත් පැවසුවේ බ්‍රිතාන්‍යයේ රජයේ සෞඛ්‍ය නිලධාරින් ෆර්ගසන් වැනි තාක්ෂණ කේන්ද්‍රීය උගතුන්ට පහසුවෙන් රැවටෙන බවයි.
“ ෆර්ගසන්ගේ ආකෘතියේ බලපාන ලද පළමු තැන වන බ්‍රිතාන්‍යයයි. එහි අගමැති බොරිස් ජොන්සන්ගේ කොවිඩ්-19 පිළිබඳ උපදේශක ඩොමිනික් කමින්ග්ස් විසින් ප්‍රතිපත්ති සම්පාදනයේදී දත්ත විසින් මෙහෙයවනු ලබන ප්‍රවේශයක් ගැනීමේ වැදගත් කම පිළිබඳව ඒ වනවිටත් ලියා තිබුණ බව අප විසින් මතක තබා ගතයුතුයි.” යි ටෝබි ග්‍රින් විස්තර කළේය.
“ සෞඛ්‍ය ඇමැති මැට් හැන්කොක් ද තාක්ෂණික ක්ෂේත්‍රය මෙහෙයවන ඔහුගේ පවුලේ අයගේ සබඳතා හරහා තාක්ෂණික ක්ෂේත්‍රයට විශාල වශයෙන් අන්තර්ග්‍රහණය වූ පුද්ගලයෙක්. එහෙයින් පරිගණක විසින් මෙහෙයවන ආකෘතින් ඔවුන්ට ආකර්ශණීය දෙයක් ”
කවර හෝ ආකාරයකින් මෙම තාක්ෂණික-අධිපතිවාදීන් විසින් ඇමෙරිකාවේත් යුරෝපයේත් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවල් තුළත් ඔවුන්ගේ බලපෑම සහිත සෙසු රටවල් තුළත් ක්‍රියාත්මක කරන ලද කොවිඩ්-19 ප්‍රතිපත්ති තුළ වන හදිසි ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය සිය රටවල පුරවැසියන්ගේ සමාජ සහ ආර්ථික ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව දක්වා ඇත්තේ මඳ සැළකිල්ලකි. ඔවුන් විසින් එලෙස නොසළකා හැර ඇත්තේ ඔවුන් විසින් සුරැකීමට බැඳි සිටින පුරවැසියන්ගේ ජීවිතයි.

ලොක්ඩවුන් මගින් තාක්ෂණික අධිපතිවාදින්ට ගජ වාසි ! දුප්පතුන්ට දිනකට දුම්වැටි 15ක් පානය කිරීමට සමාන හානියක්!!

එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක කරන ලද ලොක්ඩවුන් සහ වෙනත් සීමා කිරීම් ක්‍රියාමාර්ග හේතුවෙන් රට පුරා ආර්ථික දුෂ්කරතාවන්ගෙන් ඒ වනවිටත් බැටකා හෙම්බත්ව සිටි වැඩකරන පන්තියට අයත් සහ දුප්පත් ජනතාව මත ව්‍යසනකාරි ප්‍රතිඵල අත් කර දී තිබේ.
2020 දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්ෂික ආදායම ඩොලර් 40,000කට අඩුවෙන් ලබමින් සිටි පුද්ගලයන්ගෙන් 40%කට සිය රැකියා අහිමි වී තිබේ. එමෙන්ම ස්ත්‍රීන් මිලියන 3කට රැකියාවලින් ඉවත් ඉවත්වීමට සිදුවන තත්ත්වයන් නිර්මාණය කර තිබේ. ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවලට අනුව පාසල් වසා දැමීම නිසා හෝ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමට තරම් වත්කමක් නොමැති වීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට නිවසේ දී සහාය දීමට සිදු වීම වැනි හේතුන් මීට බලපා ඇත. දුසිම් ගණන් ගුවන් සේවා සමාගම් සිය සේවාවන් නවතා දමා ඇති අතර 200,000 පමණ කුඩා ව්‍යාපාර බංකොළොත් වී ඇත.

ඉහළ නංවන ලද විරැකියා දීමනා සහ අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීම සඳහා දෙන මුදල් ආධාර චෙක්පත් (stimulus checks) හේතුවෙන් එක්තරා ආකාරයක යහපත් ආර්ථිකමය බලපෑමක් සහ සාමාන්‍ය ඇමෙරිකානුවන්ගේ ජීවිතවල ඇති විය. 2019 සහ 2021 ගිම්හානය අතර සාමාන්‍ය ඇමෙරිකානුවන්ගේ පුද්ගලික ඉතිරිකිරීම් 8%කින් ඉහළ ගොස් තිබේ. ඇමෙරිකානුවන්ගේ දිළිඳු කම ක්ෂණිකව ඉහළයාමක් මේ අනුව නොපෙන්වුව ද දැන් එය සිදුවීම ආරම්භ වෙමින් පවතී. මක් නිසාද යත් ජනාධිපති ජෝ බයිඩන්ගේ ආණ්ඩුව විසින් රැකියා විරහිත දීමනා සහ අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීම සඳහා දෙන මුදල් ආධාර චෙක්පත්, වසංගතයේ බලපෑමෙන් නිවාස කුලී ගෙවීමට නොහැකිවූවන් නිවාසවලින් ඉවත් කිරීමෙන් වැළැක්වීමේ නියෝගය දැන් අත් හිටුවා තිබෙන බැවිනි.

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සමාජ ආර්ථික විෂමතාවන් ඉහළ යද්දි මිලියන ගණනාවක් ජනතාවට සාමාන්‍ය සෞඛ්‍ය පහසුකම් අහිමි කෙරෙමින් ඇත. ළමුන් සඳහා වන සාමාන්‍ය එන්නත්කරණ වැඩ සටහන්, පිළිකා කල්තබා හඳුනාගැනීමේ පරීක්ෂණ ආදිය ඒ අහිමි කරන ලද පහසුකම් අතර ප්‍රධාන තැනක් ගනී. මක් නිසාද යත් ඇමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය(CDC) විසින් අත්‍යවශ්‍ය නොවන ප්‍රතිකාර කිරීම අත්හිටුවන ලෙස ලෙස රෝහල්වලට උපදෙස් දී ඇති බැවිනි. 2020 සිට එක්සත් ජනපදය තුළ සාමාන්‍ය පිළිකා රෝග පරීක්ෂාවන් මිලියන 10ක් පමණ අවලංගු කර තිබේ.
හදිසි නොවන ප්‍රතිකාර ලබාදීම නවතා දමා ඇති බැවින් වෙනත් වැළැක්විය හැකි රෝග සඳහා රෝහල් හා සායන වෙත පැමිණීම් මහා පරිමාණයෙන් අඩුවී තිබේ.මෙම තත්ත්වය දිගුකාලීන සෞඛ්‍ය ගැටළු වඩාත් අයහපත් තත්ත්වයට පත්වීමට හේතු වී ඇත.

ඇමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) නිර්දේශ හේතූවෙන් 2020 අප්‍රේලයේදී සෞඛ්‍ය සේවකයන් මිලියන 1.4කට සිය රැකියා අහිමි වී ඇත. එක් වෛද්‍ය වාර්තා සමාගමක් විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි 2020 මාර්තු සහ අප්‍රේල් මාසවලදී සිදු කරන ලද පියයුරු පිළිකා, බඩවැල් පිළිකා, ගර්භාෂ පිළිකා ආදිය සඳහා වන පරීක්ෂාවන් 2019 වසරේ එම මාස සමගම සැසඳීමේදී 80% – 90%කින් අඩුවී ඇත. දැන් එක්සත් ජනපදයේ පිළිකා සහ අනෙකුත් රෝග වලින් පෙ‍ළෙන්නවුන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබේ. ඒ ආන්තික ලොක්ඩවුන් ක්‍රියාමාර්ග තුළ මෙම රෝගවලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නොවන ලෙස සළකා අත්හිටුවා තිබූ බැවිනි.
මෙලෙස සාමාන්‍ය ඇමෙරිකානුවන් මෙම ලොක්ඩවුන් තහංචි වෙනුවෙන් විශාල මිලක් සිය ජීවිතවලින් ගෙවද්දි තාක්ෂණ-අධිපතිවාදි ප්‍රභූ පෙළැන්තිය මෙම වසංගතයේ ක්ෂණික සහ සැබෑ ජයග්‍රාහකයන් බවට පත්ව තිබේ. 2020 දී ඇමෙරිකාවේ ප්‍රකෝටි පතියන් සිය ධනය 54%කින් වර්ධනය කර ගැනීමට සමත්ව තිබේ. සත්තකින්ම 1%ක්වන ඉහළ ප්‍රභූ පෙළැන්තිය විසින් දැන් එහි සම්පූර්ණ මධ්‍යම පන්තියම සතු වත්කම්වලට වඩා එක්සත් ජනපදයේ මුල්‍ය වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් හිමිකරගනිමින් සිටිති.

මෙම ලොක්ඩවුන් සහ තහංචි ක්‍රියාමාර්ග විසින් වැඩකරන සහ දුප්පත් ජනතාවටත් කුඩා පරිමාණ ව්‍යාපාරවලටත් අයහපත් ලෙස බලපාද්දි එම ලොක්ඩවුන් සහ තහංචි ඉවත් කිරීම විශාල ව්‍යාපාරික සමාගම්වල ලාභගැරීමේ අවශ්‍යතාවන්ට එරෙහිව යයි. පසුගිය ජූලිවලදී ලොක්ඩවුන් සහ සීමා කිරීම් ඉවත් වූ අවස්ථාවේදී නැවතත් ඇමසෝන් සමාගමේ කොටස් මිල 7%කින් පහත වැටිණි.

ලොක් ඩවුන් ඇඳිරි නීති සහ ජනතාවගේ මානසික සෞඛ්‍ය පිරිහීම

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් එක්සත් ජනපදයේ ජනතාවගේ මානසික සෞඛ්‍ය විශාල වශයෙන් පරිහානියට ලක් කර තිබේ. ඕපියොයිඩ් මත්ද්‍රව්‍ය සම්බන්ධිත මරණ වාර්තාගත අන්දමින් කලින් වසරට වඩා ඉහළ 30%කින් සමස්ත එක්සත් ජනපදය තුළ ගොස් තිබේ. ප්‍රාන්ත 10 කිදී ඕපියොයිඩ් භාවිතය එම කාලසීමාවම සඳහා 40%කින් ඉහළ ගොස් ඇත. මෙම මරණයට පත් වූවන්ගෙන් බහුතරයක් වයස 35 සහ 44 අතර වන කළු ඇමෙරිකානුවන් වේ.

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග සහ අසීමාන්තික වසාදැමීම් හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබේ.

මෙම අර්බුදය තුළ අපේක්ෂා භංගත්වය ශිඝ්‍රයෙන් පැතිරෙමින් පවතී
වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට (CDC) අනුව එය විසින් 2020 ජූනිමස අවසානයේදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව එයට සහභාගිවූවන්ගෙන් 25,5%ක් පසුගිය දින 30 තුළ සිය දිවි නසා ගැනීම පිළිබඳව සිතා තිබේ. ඔවුන් ගේ වයස් සීමාවන් වයස 18-24 අතර විය. සිය දිවි නසාගැනීම පිළිබඳ සළකා බලා ඇති වැඩිහිටියන්ගේ සංඛ්‍යාව කොවිඩ්-19 ලොක්ඩවුන් ආරම්භ කිරීමට පෙර පැවැති මට්ටම මෙන් දෙගුණයක් බවට මෙම වාර්තාව විසින්ම පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය රජයේ කොවිඩ්-19 ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකයෙකු ලෙස කටයුතු කරන චර්යාවන් පිළිබඳ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆන් රයිෂර් (Stephen Reicher) මෙසේ පැවසීය.
“ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයේ ඇති ගැටළුව මිනිසුන්ව හුදෙකලා කිරීමයි. මිනිස් සබඳතාවලින් ඔබව වෙන්කිරීම ඔබට මානසික සහ කායික වශයෙන් හානිදායකයි. එය දිනකට දුම්වැටි 15ක් පානය කිරීමෙන් සිදුවන හානියට සමාන හානියක් ඔබට සිදු කරනවා.”

කොවිඩ්-19 මගින් දැඩි ලෙස රෝගාතුර වීමේ අඩු අවදානමක් ඇති තරුණ ජනයා, ගැටවර වියේ පසුවන්නන්, කුඩා දරුවන් ආදින් මත දැඩි ලෙස ලොක්ඩවුන් සහ තහංචි පැනවීම මගින් මෙම ඊනියා වසංගත රෝගයෙන් සිදුවනවාට වඩා හානියක් ඔවුන්ට ලොක් ඩවුන් සහ සීමා කිරීම් මගින් සිදු කර ඇති බව පෙනී යයි. කොවිඩ්-19 මගින් මෙම වයස්කාණ්ඩවල වූවන් ආසාදනය වූ විට රෝහල් ගත කළ යුතු මට්ටමට රෝගීවනුයේ ඇත්තේ 50,000කට එක් අයෙකු පමණකි. කොවිඩ්-19 මගින් ළමා මරණ සිදුවන්නේ ආසාදිතයන් මිලියනයකින් දෙදෙනෙකු පමණි. බිළින්දන් සහ කුඩා දරුවන්ට සෞඛ්‍ය සම්පන්න සංවර්ධනයක් සඳහා නිතිපතා සමාජශීලිකරණය සහ අන්තර්ක්‍රියාවන් අවශ්‍යය. කෙසේ වුව ද පසුගිය වසර දෙක තුළ ඔවුනට ඇසුරු කිරීමට ලැබී ඇත්තේ ඉතා සමීප පවුලේ සාමාජිකයන් පමණි. මෙලෙස දීර්ඝකාලීන වශයෙන් සමාජ හුදෙකලා කරණයකට ළමුන් සහ ගැටවර කොටස් ලක් කිරීම මගින් සිදුවන නිෂේධාත්මක සෞඛ්‍යමය බලපෑම්වල ප්‍රතිඵල වසර දශක ගණනාවකට පසුව වුව ඔවුන් තුළින් මතුවිය හැකිය.

2020 CDC අධ්‍යයනය මගින් පෙන්වා දෙන පරිදි තරුණ ජනයා තුළ යහපත් අනාගතයක් පිළිබඳ අපේක්ෂාවන් බිඳ වැටී ඇත. එය දිගටම අඳුරු නොපැහැදිලි තත්ත්වයක ගිලී පවතී.මේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග තුළ 2020 මාර්තු සිට පාසල් වසාදමා තිබූ කාලය තුළ ගැටවර සිසු සිසුවියන් 18 දෙනෙකු සිය දිවි නසාගැනීමේ සිදුවීම්වලින් පසුව ලාස් වේගාස්, නෙවාඩා හි පාසල් 2020 දෙසැම්බරයේදී නැවත විවෘත කරනු ලැබුණි. 2021 අගෝස්තුවේදී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදී මානසික සෞඛ්‍ය හදිසි අවශ්‍යතා හේතුවෙන් ගැටවර ගැටවරියන් 340ක් රෝහල්ගත කරනු ලැබිණි.
අධි අන්තර් ජාලීය සත්ව කොට්ඨාශයක්වන බටහිර වාමාංශිකයන් ද ඇතුළු අර්ධනාගරික ලැප්ටොප් පන්තියේ බොහෝ දෙනා යළි පාසල් වසා දැමීමක් සහ ලොක්ඩවුන් ඉල්ලා සිටින්නේ අතරින් පතර අතේ ඇඟිලි ගණනට හමුවු කොවිඩ්-19 ආසාදිතයන් කීප දෙනෙකු නිසාය. ඒ අතරම ඔවුහු රජයේ නිල කොවිඩ් ආඛ්‍යානය විවේචනය කරන්නන්ට නාසිවාදින් යැයි දුෂ්ට ලෙස ලේබල් අලවති.  දැනටමත් අලස සහ ඕලාරික ජීවන විලාසයක් සහිත බොහෝ දෙනෙකු නිරෝධායන නීති මගින් තවදුරටත් ව්‍යායාම රහිත ජීවින් බවට පත් කෙරේ. සූම් මීටින්ස් (Zoom meetings), ඇණවුම් කරන ලද ආහාර සහ ඇමසෝන් මගින් භාණ්ඩ ඇණවුම් කිරීම මේ ජීවන විලාසයේ ප්‍රධාන චර්යාවන්ය. “ හෝම් ඔෆීස්” ක්‍රමයට නිවසට වී වැඩ කළ හැකි කාර්යාල රැකියා කරන්නවුන්ගේ හුදෙකලාව වැඩ කිරීමට සිදුවීමේදී මතුවන ඒකාකාරි අලස බව නැති කිරීමට ඔවුන්ට සමාජය උදෙසා නිර්භය සහයෝගිතාවක් දක්වන්නවුන්යැයි නම්බු නාම මගින් උත්තේජනයක් ලබාදී ඇත.
මෙම විශේෂිත සුදානම්කිරීම යටතේ පුද්ගලික චර්යාවන් පාලනය කිරීම මගින් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම හෝ එය පැතිරෙන වේගය අඩුකිරීම කළ හැකි යැයි යන පදනම් විරහිත අනුමානය මගින් හුදෙකලා වීම උසස් සදාචාරාත්මක සහ පරාර්ථකාමී තේරීමක් ලෙස රාමුගත කර තිබේ. මේ අනුව සමාජයේ එදිනෙදා පැවැත්මට අවශ්‍ය දේවල් සැපයීම සඳහා එළිමහනේ හෝ වැඩබිම්වල සමූහයක් ලෙස වැඩ කිරීමට සිදුව ඇති වැඩ කරන පන්තියේ ජනයා වෛරසය පතුරුවන දුෂ්ටයන් ලෙස දැකීම නිසා හෝ හුදු බිය නිසා හෝ බොහෝ දෙනෙකුන් සිය කැමැත්තෙන් සිය නිවස තුළම සිරගතවීම තෝරාගෙන තිබේ.
මුහුණු ආවරණ පැළැඳීම, පුද්ගලයන් අතර අවම දුරක් පවතින ලෙස පොදු ස්ථානය තුළ හැසිරීම, නිශ්චිත වර්ගඵලයක් මත සිටිය හැකි අවම පුද්ගල සංඛ්‍යාව නම් කිරීම ආදි ඖෂධීය නොවන මැදිහත් වීම් සාමාන්‍ය වශයෙන් ඔප්පු කර ඇත්තේ කොවිඩ්-19 ව්‍යාප්තියට එරෙහිව කිසිදු ප්‍රතිඵලයක් නැති ක්‍රියාමාර්ග ලෙසය. මෙම ක්‍රියා මාර්ග පිළිපදින ලෙස නිතර අවවාදාත්මක සහ ගම්භීර කටහඬවල්වලින් මතක් කරදීම් සිදුවන අතර ඇතැමුන් ඒවා පිළිපැදීමට එකඟ නොවීම හේතුවෙන් මිතුරන් අතර, පවුලේ සාමාජිකයන් අතර, සහ ප්‍රජාවන් තුළ පසමිතුරුකම් ජනිත කර තිබේ.

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග සහ සීමා කිරීම් විසින් ගෝලීය දකුණට උරුම කරන්නේ ණය බර, පරාධීනත්වය සහ සාගතය සහ මරණ පමණි.

“ ලොක්ඩවුන් යනු පොහොසත් පුද්ගලයන්ට සුඛවිහරණයකි” යි භට්ටාචාර්ය පැවසීය.
“එම සැප ලැබෙන්නේ පහළ පන්තිවල අයගේ වියදමෙන් ඉහළ පන්තිවල අයට පමණි. ලොක්ඩවුන් කිරීමකින් සමාජයේ සියලු ක්‍රියාකාරිත්වයන් නතරවීමක් සිදුවන්නේ නැහැ. එමෙන්ම ලොක් ඩවුන් යනු අපි සියලු දෙනා කූඩුවක් තුළ වාඩි වී ගින්දර ඉවත්ව යන තෙක් බලා සිටීමක් නොවේ. දුප්පතුන් සහ වැඩ කරන පන්තිය – ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් සෞඛ්‍යමය වශයෙන් දුර්වල සහ වයස්ගත අයවන අතර එනිසාම අවදානමක් දරන අය- අවදානමක් දරාගෙන වැඩ කිරීමට සිදුව තිබෙනවා. ඒ අතර තවත් පන්තියක් නිවසට වී සුරක්ෂිතව පසුවෙනවා.”
පන්ති විභේදනයේ රේඛා ඉතා පැහැදිලිව ඇඳී ඇති සහ බොහෝ දෙනෙකුන් උග්‍ර දිළිඳු බවේ රේඛාවෙන්ද පහල ජීවත්වන ගෝලීය දකුණේ රටවලට අදාළව මෙම ප්‍රකාශය නිශ්චිතවම සත්‍යයකි.

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග සහ සීමා කිරීම් විසින් ගෝලීය දකුණට උරුම කරන්නේ ණය බර, පරාධීනත්වය සහ සාගතය සහ මරණ පමණි.
යටත් විජිතවාදයේ සහ අධිරාජ්‍යවාදයේ උරුමය විසින් ලෝක ආර්ථිකය කලාප දෙකකට බෙදා ඇත. එකක් නම් ලෝක ආර්ථිකයේ අරටුව නැතහොත් කේන්ද්‍රය ලෙස සැළකෙන ධනවත් රටවල ආර්ථිකය වන අතර අනෙක ලෝක ආර්ථිකයේ පරිවාරයේ පවතින දුප්පත් රටවල ආර්ථිකයන් වේ. මේ දුප්පත් රටවල් සිය ජාතික ආදායම උපයන්නේ බොහෝ විට ලාභ අමුද්‍රව්‍ය සැපයීම මගින් ද කම්කරු ශ්‍රමයට අඩු මිලක් ගෙවමින් නිෂ්පාදනය කරන ලාභ නිෂ්පාදනද අපනයනය කරමිනි. කේන්ද්‍රයේ පවතින ධනවත් රටවල් 2020 දී ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවලට යමින් සිය ආර්ථිකය වසා දැමූ විට ජාත්‍යන්තර වෙළෙඳාමහැකිලීම නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට මාරාන්තික තුවාල සිදු විය. අපනයන සහ සංචාරක කර්මාන්තය මගින් ලද ආදායමද, වසංගතය හුවාදක්වමින් බොහෝ රටවල් විදේශික ශ්‍රමිකයන් පිටුවහල් කිරීම ඔවුන් විසින් උපයන ලද විදේශ විනිමයද හදිසියේ අහිමි වීම නිසා මෙම රටවල ආදායම මුළුමණින්ම පාහේ බිඳවැටිණි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය වන රටවල ණය බර සමස්ත දළ ජාතික නිෂ්පාදනයෙන් (GDP) සාමාන්‍යයෙන් ගෙවමින් සිටි 40% ප්‍රතිශතය එක්වරම 60%ක් දක්වා ඉහළ ගියේය. 2020 වර්ෂය පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ආර්ථිකයන් බරපතල ලෙස පිරිහෙමින් පැවතිය ද ඩොලර් බිලියන 194ක් ඔවුන්ගේ ණයකරුවන්ට ගෙවීමට බලකෙරිණි. මෙම ණය ගෙවීමට මෙම රටවල් හමුවේ වූ එකම විකල්පය ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (International Monetary Fund – IMF)) තවතවත් ණය ලබා ගැනීම පමණි. වැඩිදුර ණය ලබාදීම සහා මෙම මුල්‍ය ආයතන විසින් දුප්පත් රටවල් වෙත ඉදිරිපත් කළ කොන්දේසි නම් අතර සිය සමාජ සුබ සාධන වියදම් කපා හැරීම සහ ජාතික සම්පත් විදේශිය සමාගම්වලට පැවරීම ප්‍රධාන ඒවා වේ. මෙම අලුතෙන් ගනු ලබන ණය මුදල්වලින්ද වැඩි ප්‍රමාණයක් කලින් ගත් ණය සඳහා වාරික සහ පොලිය ගෙවීම පිණිස නැවතත් ගෙවිය යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ අවස්ථාවේ සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් “ කොවිඩ් අරමුදල” මගින් ලෝකයේ රටවල් 85කට මුල්‍ය ආධාර සපයන ලදි. ඔක්ස්ෆෑම් සංවිධානය විසින් සිදු කරන ලද විශ්ලේෂණයකට අනුව මෙමගින් දෙනු ලැබූ ණය 107කින් 85%ක් සඳහාම අවශ්‍යතාව වූයේ ඔවුන්ට නැවත එම ණය ගෙවා නිම කළහැකි වනතෙක් විශ්‍රාම වැටුප්,සෞඛ්‍ය සහ සමාජ සුබසාධන සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වන වියදම් කපාහැරීමයි. මෙමගින් සිදුවන විනාශකාරි ප්‍රතිවිපාක මෙම දුප්පත් රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, විශ්‍රාම වැටුප් ආදි සියලු අංශ තුළ දැනටමත් මතුවෙමින් පවතී.
ශීඝ්‍රයන් ඉහළ යමින් පවතින විරැකියාව, ආදායම් පහළ වැටීම, සමාජ සේවා කප්පාදුව, අත්‍යාවශ්‍ය ආහාර හිඟය සහ ඒවායේ මිල ඉහළ යාම, සුව කළ හැකි රෝග වලට ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිදුවන මරණ ආදිය සමග ගෝලීය දකුණේ දුප්පත් රටවල මිලියන සංඛ්‍යාත ජනතාව සාගත තත්ත්වයන්ට ගොදුරු වෙමින් පවතී.

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් සාගතයට ගොදුරුවූවන් දෙගුණ තෙගුණ කරමින් සිටියි.

කොලාම්බියානු රජය විසින් ක්‍රියාත්මක කරන ලද ලොක්ඩවුන්වලට විරෝධතාව දක්වමින් සිය නිවස ඉදිරිපිට රතු ධජයක් ඔසවන ස්ත්‍රියක්

2020 ජූලි වැනි මෙම “ වසංගත තත්ත්වයේ ” ආරම්භක අවදියේදීම ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවය විසින් වාර්තා කරනු ලැබුවේ දැනටමත් සිදුවන ළමා මරණවලට අමතරව තවත් ළමුන් 10,000ක් සෑම මාසයකම මෙම “ වෛරසය හේතුවෙන් ඇති වූ” ආහාර හිඟයෙන් මිය යන බවයි. සත්‍ය තත්ත්වය නම් ආණ්ඩු විසින් ඇති කරන ලද ලොක්ඩවුන් හේතුවෙන් ආර්ථිකයේ බිඳවැටීම නිසා ඇති වූ සාගත තත්ත්වයෙන් මෙම දරුවන් මිය යන බවයි. එමෙන්ම කොරෝනා වෛරසය විසින් ළමුන්ගේ සෞඛ්‍යයට හානිදායක වී ඇති අවස්ථා අතිශයින් විරල දෙයකි. නමුත් වසංගතය මැඩපැවැත්වීමට යැයි කියමින් ආණ්ඩු විසින් දියත් කර ඇති ප්‍රතිපත්ති විසින් ළමුන්ගේ සමස්ත සමාජයේම මෙන්ම ළමුන්ගේද සෞඛ්‍යයට බරපතල හානි සිදු කරමින් තිබේ. 2019 වන තෙක් කුසගින්නට ගොදුරු නොවූ ගෝලීය දකුණේ මිලියන ගණන් ළමුන් දැන් එයට ගොදුරුව මරණයට පත්වන්නේ ලොක්ඩවුන් සහ අනෙකුත් සීමා කිරීම් නිසාය.

ලෝකයේ ජනගහණයෙන් බිලියන2.37ක් නැතහොත් 30%ක් පමණ වන ජනතාවකට සහ කලින් වසරට වඩා මිලියන 320ක ජනතාවකට ප්‍රමාණවත් ආහාර 2020 වසරේදී ලැබී නොමැත.

ලතින් ඇමෙරිකාව

නෑෂ් ලෑන්ඩ්ස්මන් (Nash Landesman) විසින් The Grayzone වෙත වාර්තා කළ අන්දමට එක්සත් ජනපදයට හිතවත් කොලොම්බියානු රජය විසින් දීර්ඝකාලීන ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් දියත් කළ නමුත් එයින් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා කිසිදු පියවරක් ගනු නොලැබිණි. මෙහි ප්‍රතිඵලය වූයේ විරැකියාව පැතිරීම, කුලී නිවාස සහ රැකියාවලින් දොට්ට දැමීම්, දීප ව්‍යාප්ත සාගින්න යනාදියට 2020 වසර පුරා කොලොම්බියානු ජනතාව ගොදුරු වීමයි. බොගොටා නගරයෙහි වැඩ කරන පන්තියේ ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල දී සිය නිවස ඉදිරිපිට රතු ධජ එසවීමෙන් ඔවුහු සිය අපේක්ෂා භංගත්වය පළකළ අයුරු දක්නට ලැබිණි.

මෙක්සිකෝව තුළ ද මීට සමාන විරෝධතාවන් පල විය. එක් කුඩා ආහාර වෙළඳසලක අයිතිකාරිය විසින් සිය වෙළඳසල ඉදිරිපිට “මෙක්සිකෝව යනු යුරෝපය නොවේ. මෙහිදී ඔබ වැඩ නොකරන්නේ නම් ඔබට කෑම නොලැබෙනු ඇත ”

මෙහි ඡායාරූපයක් අන්දලාලුකා නම් ස්ත්‍රියක විසින් ට්ව්ටර් හි පළ කරමින් මෙසේ ලියා තිබිණි.
“මෙක්සිකෝ යනු යුරෝපය නොවේ. මෙක්සිකෝවේදී ඔබ වැඩ නොකරන්නේ නම් ඔබට කෑමට කිසිත් නොලැබෙනු ඇත. ආණ්ඩුව විසින් සියලු දෙනාට නිවාස තුළ රැඳි සිටින ලෙස බල කර ඇත්තේ කොවිඩ්-19 වැළකීමට යැයි පවසමිනි. නමුත් මෙහි මිලියන 60ක් ජනතාව රැකියා කරනුයේ අවිධිමත් ආර්ථිකයක් තුළය. ඔවුන් ට සිය රැකියාවන් කිරීමට නොහැකිවුවහොත් ඔවුන්ට ආදායමක් නැත.”

මෙම තැනැත්තිය පසුව මිලියන 60 යන්න මිලියන 31ක් ලෙස නිවැරදි කර ඇත්තේ වැඩ කරන ජනතාවගෙන් 60%ක් යනුවෙන් සඳහන් කළ යුතු දත්තය තමන් වැරැදි ලෙස මිලියන 60ක් ලෙස සිය ට්විටර් පණිවිඩයේ ඇතුළත් කර ඇති බවට පවසමිනි.

හොන්ඩුරාස් වීදි අවහිරකරමින් විරෝධතාවයේ යෙදුණු ජනතාව

වසර දශක ගණනාවක් තිස්සේ දූෂිත ඇමෙරිකන් ගැති හමුදා ආණ්ඩුවක් විසින් පාලනය කරනු ලබන හොන්ඩුරාස් හි ජනතාවට එහි මිලිටරි රජය විසින් පනවන ලද ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය නිසා ආහාර සහ ජල හිඟයකට මුහුණ පෑම සිදු විය. 2020 මාර්තුවේදී හොන්ඩුරාස් ජනතාව මෙම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළකරමින් වීදිවලට බැස මාර්ග බාධක දමමින් උද්ඝෝෂණය කරන්නට පටන්ගත්හ. මිලිටරි ආණ්ඩුව මෙම විරෝධතා දැඩි පොලිස් බලයක් යොදා මර්දනය කිරීමට උත්සාහ කළ නමුත් ඒවා සැප්තැම්බරය දක්වාම පැවතිණි. ජනතාව ඉල්ලා සිටියේ බලහත්කාරයෙන් නිරෝධායනය කළ දිනවල තමන්ට අහිමි වූ වැටුප් සහ ආදායම වෙනුවෙන් වන්දි මුදල් ලබා දෙන ලෙසය. හොන්ඩුරාස් සොලිඩැරිටි නම් ට්විටර් ගිණුමේ මෙසේ සඳහන් කර තිබිණි.
“ හොන්ඩුරාස්හි විවිධ පළාත්වල මාර්ග බාධක සහ විරෝධතාවන් දිගටම පැවැත්වේ.ටෙගුසිගල්පා සහ ටවුලබල්හි ජනතාව මාර්ග අවහිර කරමින් ලොක්ඩවුන් පවතින කාලය තුළ ආහාර සහ ජලය ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. ආරක්ෂක හමුදා විසින් කඳුළුගෑස් ගසා ජනතාව පලවා හරින ලදි.”

ඉන්දියාව

ලොක්ඩවුන් ඇඳිරි නීති ක්‍රියාමාර්ග කඩකළේ යැයි අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනෙකුට අවමන් සහගත දඬුවම් ලබා දෙමින් විනෝදවන ඉන්දීය පොලිස් නිලධාරින් පිරිසක්

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ආරම්භ කරන ලද 2020 මාර්තුවේ සිට 2021 දක්වා ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදනය 7.3%කින් පහළ වැටී ඇත. උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ පවත්වල ලද සමීක්ෂණයකට අනුව එක් පවුලක ආදායම 75%කින් අඩු වී ඇත. මයුනූත් විශ්ව විද්‍යාලයේ (Maynooth University) මානව විද්‍යාඥ ආචාර්ය චන්දන මතූර් (Chandana Mathur) වාර්තා කළේ ඉන්දියාව විසින්කිසිදු සැලසුමක් නැතිව පනවන ලද ඉතා දැඩි ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් මිලියන ගණන් සංක්‍රමණික කම්කරු ජනයාගේ ආදායම් මාර්ග අහිමිකරන ලද බවයි. එහෙයින් ඔවුන්ට ආපසු සිය වැඩබිම්වල සිට සැතැපුම් දහස් ගණනක් ඈතින් පිහිටි සිය ගම්බිම් බලා යාමට සිදු විය. නගරවල අවිධිමත් රැකියා සඳහා පැමිණ සිටි මෙම දුප්පත් කම්කරුවන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ගම්බිම් සමග කිසිදු සම්බන්ධයක් වාසස්ථානයක් හෝ ආදායම් මාර්ගයක් නැත. මෙම ලොක්ඩවුන් ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුහු සිය මව්බිම තුළ සරණාගතයන් බවට පත්ව වීදිවල අතරමං වූහ. ජනමාධ්‍ය විසින් මවන ලද කොරොනා භීෂණ උන්මාදය හේතුවෙන් ඇතැම් තැන්වලදී මොවුන්ගෙන් තමන්ට කොරෝනා ආසාදනය වෙතැයි බිය වූ ඇතැම් පුද්ගලයෝ යායුතු තැනක් නොමැතිව අසරණ වූ මොවුන්ට පහර දී එළවා දැමූහ.

නිරෝධායන පනත් වැනි හදිසි සෞඛ්‍ය පනත් විසින් රාජ්‍යයන් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හකුළා දමා මහජන ජීවිතය කෘර ලෙස තලා පෙළා දැමීමට අසීමාන්තික බලතල පවරා දෙයි. ලංකාවේ හමුදා භටයෝ නිරෝධායන ඇඳිරි නීති කඩ කළැයි කියමින් අත් අඩංගුවට ගත් නැගෙනහිර මුස්ලිම් වැසියන් පිරිසක් මහපාරේ දණගස්වා අවමන් සහගත දණ්ඩනයන්ට ලක් කර ඇති අයුරු

2020 මාර්තුවේදී ලොක්ඩවුන් පැනවීමට දින දෙකකට පසු, ඉන්දියාවේ බොහෝ ප්‍රවාහන සේවාවන් නවත්වන ලදි. දැඩි ඇඳිරි නීතිය පනවින විට සිය දහස් සංඛ්‍යාත ජනතාව කුසගින්නේ කොටුවී සිටියහ. මෙම ඊනියා නිරෝධායන ඇඳිරි නීතිය බලාත්මක කරනු වස් ඉන්දීය පොලිස් භටයෝ ජනතාවට කුසගින්නේ පෙළෙමින් කෑමට බීමට යමක් සොයාගැනීමට එළියට පැමිණි ජනතාවට ම්ලේච්ඡ ලෙස බැටන් පොලු ප්‍රහාර එල්ලකරන ලදි. මෙම තත්ත්වය පිළිබඳ වාර්තාවක් විසින් ඇස්තමේන්තු කර ඇති අන්දමට 2020 මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ මෙම අවතැන් වීම් හේතුවෙන් පුද්ගලයන් දහසකට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වී තිබිණි.

සමහර ආණ්ඩු සහ විශේෂඥයන් විසින් ලොක්ඩවුන් සහ සීමාකිරීම් ආරම්භ කරන විට මහා පරිමාණ වශයෙන් ජනතාවට පීඩා විඳීමට සිදුවනු ඇතැයි අනුමාන කර තිබිණි.

ඕලන්දය

2020 මාර්තුවලදී ඕලන්ද ආණ්ඩුවේ ආර්ථික කටයුතු සහ කාලගුණ ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය විසින් මෙම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවල වාසි සහ අවාසි පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරන ලදි. එහි නිගමනය වූයේ මෙම ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් සිදුකරන සෞඛ්‍යමය හානිය එයින් සිදුවන වාසියට වඩා හය ගුණයක් විශාල බවය.

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාවේ Actuarial Society of South Africa නම් සංවිධානය විසින් 2020 දී ගණනය කරන ලද ආකෘතියට අනුව දකුණු අප්‍රිකාවේ ලොක්ඩවුන් හේතුවෙන් මරණයට පත්විය හැකි සංඛ්‍යාව එම ලොක්ඩවුන් විසින් වැළැක්විය හැකි සංඛ්‍යාවට වඩා 29 ගුණයක් වැඩි බව පෙන්වා දෙන ලදි.

ලොක්ඩවුන් සහ අනෙකුත් දැඩි සීමාකිරීම් ක්‍රියාත්මක කරන විට බොහෝ දෙනෙකුන් එයින් අසීමාන්තික ලෙස පීඩනයට පත්වූහ. පර්යේෂකයන් විසින් ඇස්තමේන්තු කර තිබු ආකාරයට දකුණු අප්‍රිකාවේ ජනගහණයෙන් 47%කට 2020 අප්‍රේල් මාසය සඳහා ආහාර මිලදී ගැනීමට මුදල් ඉතිරිව නොතිබිණි.
2021 අප්‍රේල් සහ මැයි මාස වනවිට පවුල් ඒකකයක් සඳහා මිලදී ගැනීමේ ශක්තිය 17%කින් අඩු වී තිබිණි.

මෙම ලොක්ඩවුන් සහ අනෙකුත් සීමා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකානුවන්ගේ සාමාන්‍ය ජීවිත අපේක්ෂා කාලය අඩු වී තිබේ.  උදාහරණ ලෙස HIV සහ ක්ෂය රෝගය සම්බන්ධ සෞඛ්‍ය ගැටළු ශීඝ්‍රෙයන් ඉහළ යාම සිදු විය. ඒ කොරෝනා රෝගීන් සඳහා රෝහල්වල ඉඩ වෙන් කිරීම සඳහා යැයි කියමින් එම රෝග සඳහා ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය බලධාරින්ගේ නියෝග මත අත්හිටුවීම නිසාය. අනෙකුත් වසංගත රෝග පැතිරී යාමද ඉහළයාමට මෙම ලොක්ඩවුන් සහ සීමා කිරීම් හේතු වී තිබේ. මන්ද පෝෂණය, දුප්පත්කම ආදිය ඉහළයාමත් වෙනත් එන්නත්කරණ වැඩ සටහන් නතර කර දැමීමත්, දරු උපත් සහ ළමා සෞඛ්‍ය කටයුතු අඩාල වීමත් මේ තත්ත්වයට හේතු වී තිබේ.
ඇඳිරි නීතිය‍, රැස්වීම් සහ උත්සව තහනම, මත්පැන් අලෙවිය වැනි දැඩි සීමා කිරීම් පවත්වාගෙන යනු ලැබුවද එයින් කොවිඩ්-19 ව්‍යාප්තිය අඩාල කිරීමට එම ක්‍රියාමාර්ග සමත්ව නැති බව පෙන්වා දෙන සමහර අධ්‍යයනයන්ට අනුව දකුණු අප්‍රිකානු ජනගහනයෙන් 80%ක් කොවිඩ්-19 න් ආසාදනය වී තිබේ.

ජොහැන්නස්බර්ග් සහ ෆ්‍රී ස්ටේට් විශ්ව විද්‍යාල විසින් මෑතකදී කරන ලද පර්යේෂණයකට අනුව දකුණු අප්‍රිකාව තුළ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම, ලිහිල් කිරීම හෝ නැවැත්වීම අතර සහ කොවිඩ්-19 පැතිරීමේ ශිඝ්‍රතාව දක්වන වසංගත විද්‍යාත්මක ප්‍රස්ථාරයේ වක්‍රයේ හැඩය වෙනස්වීම අතර කිසිදු සම්බන්ධයක් නැත.

මෙම කුප්‍රසිද්ධ “ වක්‍රය” සමතලා කිරීම (flattening the curve) වෙනුවට තහංචි සහ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් සිදු කර ඇත්තේ මහජන සෞඛ්‍යයේ නාමයෙන් මිලියන ගණන් ජනයා මරා දැමීමට හේතුවන සමාජීය සහ ආර්ථික පරිහානියක් ඇති කිරීම සහ ගෝලීය දුප්පතුන්ගේ සමස්ත පරම්පරාවකටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි කර දැමීම පමණි.

ලොක්ඩවුන් සහ සීමා තහංචි පැනවීම් යනු ගෝලීය දුප්පතුන් වෙත එල්ලකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයක් සහ සමස්ත පරපුරක අධ්‍යාපනයේ අයිති අහිමි කිරීමකි.

කොවිඩ්-19 විසින් ලෝකයේ ආණ්ඩු වෙත උදා කර ඇත්තේ ඔවුන්ගේ ඉතාම දුප්පත් අසීරුවෙන් ජීවත්වන රටවැසියන්ගේ දිවි පැවැත්ම සහ ශේෂව තිබු අල්පමය අපේක්ෂාවන් පවා කුඩු පට්ටම් කර දැමීම සඳහා අවස්ථාවකි. එමෙන්ම එය විසින් ආණ්ඩුවේ නිල මතයට එකඟ නොවන්නවුන් මර්දනය සඳහාද කදිම අවස්ථාවක් ආණ්ඩු වෙත උදා කර දී ඇත.
ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ යුරෝපීය කාර්යාලය විසින් සිය 2020 ජූනි වාර්තාව මගින් සවිස්තරාත්මක දක්වන නමුත් අඩු පිළිගැනීමකට ලක් වූ ප්‍රකාශ කර ඇති පරිදි “පොලිසිය විසින් ලොක්ඩවුන් තහංචි බලාත්මක කිරීම සුළුතර වාර්ගික කණ්ඩායම්වලට අයත් දුප්පතුන් වාසය කරන ප්‍රදේශවලට විෂම ලෙස බලපා ඇත.”

පසුගිය 2021 අගෝස්තුවේදී ග්‍රීක බලධාරිහු එරටට බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයන් සතුව කොරෝනා පරීක්ෂණවලදී නෙගටිව් යැයි පැවසෙන සහතික නොවීම නිසා ඔවුන්ට යුරෝ 5000ක දඩ නියම කළහ.

ලොක්ඩවුන් නීති සංක්‍රමණිකයන්, සුළුතර ප්‍රජාවන් ඇතුළු සමාජයේ පීඩිත කොටස් වලට හිංසා කිරීමට යොදාගැනීම

ඇම්නෙස්ටි වාර්තාවේ දැක්වෙන වඩාත් කම්පනයට පත්කරවන දෙය නම් කළු බ්‍රිතාන්‍ය ජාතිකයන් පරීක්ෂා කිරීම මෙම වසංගතයේ පළමු මාසය තුළ තුනෙන් පංගුවකින් ඉහළ ගොස් තිබීමයි. නැගෙනහිර යුරෝපයේ රෝමා ජනතාව මිලිටරීකරණය කරන ලද නිරෝධායනයකට ලක්කරන ලද අතර ඔවුන්ව මහාපරිමාණ ආහාර හිඟයකට සහ සාගතයකට ගොදුරු කරමින් ඔවුන්ගේ ආහාර සැපයුම් කපා හරින ලදි. මහාද්විපය තුළ නිවාස නැති ජනතාවගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. එමෙන්ම සරණාගතයන් සහ සුළුතර ජාතින්ට අයත් පුරවැසියන්  දෛනික පදනමින් පොලිස් ම්ලේච්ඡත්වයට ගොදුරු විය.
2020 වසර පුරාම නිව්යොර්ක් නගරය තුළ දී සමාජ දුරස්තකරණ කොවිඩ්-19 රෙගුලාසි කඩකිරීමේ චෝදනා යටතේ සිදුකරන ලද පොලිස් කැඳවීම්වලින් 80%ක් කළු සහ ලතින් ඇමෙරිකානු පුරවැසියන්ට එරෙහිව විය. මෙම තත්ත්වය පිළිබඳව බ්ලැක් ලයිව්ස් මැටර් සංවිධානයේ ප්‍රාදේශීය ශාඛාව ඇතුළ සිවිල් අයිතීන් පිළිබඳ කණ්ඩායම් විසින් පැමිණිලි කර තිබේ. පොලිසිය විසින් “නවතා පරීක්ෂා කිරීමේ ” (stop and frisk) පැරණි බිහිසුණු ක්‍රියාමාර්ග නැවතත් ක්‍රියාත්මක කිරීමට කොවිඩ් තහංචි ආවරණයක් ලෙස යොදාගෙන ඇතැයි එම සංවිධාන විසින් චෝදනා කර තිබේ.

ග්‍රීසියේදී මෙම තහංචි ක්‍රියාමාර්ග යොදාගෙන ඇත්තේ සරණාගතයන්, සංක්‍රමණිකයන් සහ සමාජයේ පත්ලේ දුකසේ ජීවත්වන දිළිඳු ජනතාව ඉලක්ක කරමින් හිරිහැර කිරීමටය.පසුගිය 2021 අගෝස්තුවේදී ග්‍රීක බලධාරිහු එරටට බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයන් සතුව කොරෝනා පරීක්ෂණවලදී නෙගටිව් යැයි පැවසෙන සහතික නොවීම නිසා ඔවුන්ට යුරෝ 5000ක දඩ නියම කළහ.

මා (ස්ටාව්රොවුලා පාබ්ස්ට්) පුද්ගලිකව හඳුනන බොහෝ ග්‍රීක සරණාගතයන් 2020 නොවැම්බරයේ සිට 2021 මැයි දක්වා කාලය තුළ එළිමහනේ කාලය ගත කිරීමෙන් වැළැකි සිටියේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන පිටුවහල් කරතැයි යන බිය හේතුවෙනි. මෙම ලොක්ඩවුන් සහ තහංචි යටතේ යමෙකු සිය නිවසෙන් බැහැර වන්නේ නම් ඔවුනට රජයෙන් නිකුත් කළ හැඳුනුම්පතක් සහ ඔවුන් නිවසින් බැහැර වීමට බලපාන හේතුව අනුමත කරන ලද ලිඛිත දුරකතනය පණිවිඩයක් ඔවුන්ගේ ජංගම දුරකතන සතු ව පැවතිය යුතුය. ලොක් ඩවුන් ඇඳිරි නීතිය පනවනු ලැබූවේ උදේ 6 ටය. තම වාසස්ථානයෙන් කිලෝමීටර් කීපයක් ඈතට වුව ද ගමන් කිරීම තහනම් වූ අතර එසේ ගමන් කළවුන් අල්ලා දඩ ගසන ලදි.
තහනම් නීති කඩකරන්නවුන්ට යුරෝ 300ක් දඩ ගසන ලදි. එය ග්‍රිසියේ කම්කරුවෙකුගේ මාසික වැටුපෙන් අඩකි. මෙම දඩගැසීම් වලට ගොදුරු වූවන් නිවාස කුලී ගෙවීමට හෝ ආහාර මිල දී ගැනීමට මුදල් නොමැතිවීමෙන් ඔවුහු ඉමහත් දුෂ්කරතාවන්ට පත්වූහ. අත්‍යාවශ්‍ය නීතිමය ලියවිලි නොමැතිව අති දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත්වෙමින් සිටි සංක්‍රමණික කම්කරුවන් වටලමින් ඔවුන්ව පිටුවහල් කිරීමට ලොක්ඩවුන් තහංචි යටතේ පොලිසියට සහ අනෙකුත් ආයතනවලට ලද අසීමාන්තික බලතල යොදාගනු ලැබිණි.

නිරෝධායන නීති කඩ කළේ යැයි චෝදනා කරමින් ලෝකය පුරා සිය දහස්ගණන් දුප්පත් කම්කරු ජනතාව අත් අඩංගුවට ගනිමින් ඔවුහු දැඩි තදබදයකින් යුතු කිසිදු සනීපාරක්ෂක පහසුකමක් නැති රැඳවුම් කඳවුරු හෝ සිර ගෙවල් තුළ ගාල් කරනු ලැබිණි.

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට යැයි කියමින් වොෂින්ටන් බන්ධනාගාරය තුළ සිරකරුවන් 1500කට අධික පිරිසක් දින 400කට අධික කාලයක් තිස්සේ හුදෙකලා සිරකුටිවල වෙන් කර තැබිණි.

වොෂින්ටන් නාගරික බන්ධනාගාරයේදී සිරකරුවන් 1500ක් 2020 සිට 2021 ආරම්භය දක්වාම දින 400ක් තිස්සේ කිසිදු මූලික පහසුකමක් රහිතව වෙන් කර තබන ලදි. මේ වනවිටත් බොහෝ සිරකරුවන් “ කොවිඩ්-19 මගින් ආසාදනය වී ” සුව වී වෛරසයට එරෙහිව ස්වාභාවික ප්‍රතිශක්තිය සහිතව සිටි අය නමුත් ඔවුන් වෙනම සිර කර තැබීම සාධාරණීකරණය කරන ලද්දේ “රෝග ව්‍යාප්තිය අඩාල කිරීමේ අවශ්‍යතාව මත ” යැයි පවසමිනි.
“ සිර ගත කළවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් කළු ඇමෙරිකානුවන් වේ. ඔවුන්ගෙනුත් වැඩි ප්‍රමාණයක් උසාවිය හමුවේ වැරදිකරුවන් වූ අය නොව සැක පිට රඳවා සිටි අයයි.” යනුවෙන් වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කර තිබේ.
මෙයට සමාන සිදුවීම් සෙන්ට් ලුයිස් බන්ධනාගාරයේද ඇතිව තිබේ. 2020 දෙසැම්බරයේ සිට මේ දක්වා එහි සිරකරුවන් 4 වතාවක් කැරැලි ගසා තිබේ. මෙම බන්ධනාගාරයේද සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර වසරකට වැඩි කාලයක් හුදෙකලා සිරමැදිරිවල සිර කොට තිබිණි.

“ දැන් සිරගත කොට සිටින අය කොවිඩ්-19 භීතිකාව තුළ ජීවත්වීමෙන් වෙහෙසට පත්වෙලා ඉන්නේ. ඔවුන්ව උසාවිය වෙත ඉදිරිපත් කරන්නේ නැහැ. ” යනුවෙන් එක් සිරකරුවෙකු පැවසීය.

පාසල් වසා දැමීම

ලෝකය පුරා පාසල් යන වයසේ දරුවන් සහ ශිෂ්‍යයන් පාසල් වසා දැමීම හේතුවෙන් දැඩි පීඩනයකට පත්ව සිටිති. මෙම පීඩනය කිහිපගුණයකින් වැඩිපුර දැරීමට සිදුව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පත් ජනතාවටය.

උගන්ඩාව

කක්වෙන්සා බෂයිජා – ජෙනරාල් මුසවේනිගේ හානිකර කොවිඩ්-19 මෙහෙයුම් විසින් අපේක්ෂා භංගත්වයේ තුළ පරිහානියට පත්ව විනාශයට පත් වූ පරපුරක් මම දුටුවෙමි.

උගන්ඩාවේ ජනතාව පසුගිය වසර දෙකෙන් වැඩි කාලයක් ගත කලේ විවිධ ආකාරයේ ලොක්ඩවුන් යටතේය. ඇමෙරිකන් ගැති හමුදා පාලක ජෙනරාල් යොවේරි මුසවේනි (Yoweri Museveni) විසින් පාසල් සහ ක්‍රීඩා ශාලා වසාදමනු ලදි.

“ අපගේ ළමුන්ගෙන් සමස්ත පරම්පරාවක්ම නූගත්බවේ පතුළක් නොමැති ආගාධය තුළ ගිල්වා දමා තිබේ” යි විරුද්ධ මතධාරි කක්වෙන්සා බෂයිජා නැගෙනහිර උගන්ඩාවේ සිදු කරන ලද සංචාරයකින් පසුව ලිවීය.
නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත මේ නොවැම්බරයේදී වාර්තා කළේ  පාසල් වසා දැමීම විසින් රටේ යොවුන් පරපුර ඔවුගේ සමස්ත ජීවිතයම ගිලගන්නා දරිද්‍රතාවයක් කරා යොමු කර ඇති බවයි. “ පාසල් තවමත් වසා දමා ඇති පසුබිම තුළ තරුණ ශිෂ්‍යාවන් පාසල් යාමේ අපේක්ෂාව අතහැර විවාහවී පවුල් ජීවිත ආරම්භ කර ඇත.පාසල් ගොඩනැගිලි සෞඛ්‍ය සායන බවට පත්කර ඇත. ගුරුවරු රැකියාවෙන් ඉවත්වෙමින් සිටිති. ශිෂ්‍ය යෝ පළතුරු විකිණිම හෝ රන් ආකාරවල වැඩට යාම වැනි අසථායි රැකියා කරා යොමුවෙමින් සිටිති.”

මුහුණු ආවරණ පැළැඳීමේ නීතියට යටත් කරන ලද ශ්‍රි ලංකාවේ ළමයි- පාසල් සිසුන්ට දවසින් වැඩි කාලයක් මුහුණු ආවරණ පැළැඳීමට බල කිරීමෙන් ඔවුන් ඉතා බරපතල කායික හා මානසික සෞඛ්‍ය ගැටළුවලට ගොදුරු විය හැකි බව විශේෂඥයන් අනතුරු අඟවා තිබේ (Photo by Ajith Perera/Xinhua)

ඇමෙරිකා එක්සත් ජනපදය

ඇමෙරිකා එක්සත් ජනපදය තුළද දුප්පත් සහ වැඩකරන ජනතාවගේ ළමුන් පාසල්වසා දැමීම හේතුවෙන් මේ හා සමාන පසුබෑමකට ලක්ව සිටිති. වර්ජිනියා ප්‍රාන්තයේ අටවැනි වසරේ ළමුන්ගේ ගණිත විෂය සඳහා ලකුණු මට්ටම් 2018-19 වසර හා සන්සන්දනයේදී 40%කින් පහත වැටී ඇති බව පෙන්නුම් කරයි. 3 සිට 6 වසර දක්වා කළු ඇමෙරිකානු ළමුන්ගෙන් පාඩම් පොත් කියවීමට සමත්ව ඇත්තේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අඩකටත් අඩු ප්‍රමාණයකි. ආබාධිත ළමුන්ගේ ගණිත විෂය සඳහා වන ලකුණු ප්‍රමාණයන්ද ඉතා විශාල වශයෙන් පහළ වැටී ඇත.

මේ වසරේදී වර්ජිනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ කළ ග්ලෙන් යන්ග්කින් සිය මැතිවරණ ව්‍යාපාරයේදී පාසල් වසා දෑමීම සහ ළමුන්ගේ ලකුණු මට්ටම් පහත වැටීමේ ප්‍රශ්නය මතු කළේය. මෙම ප්‍රශ්නය සාර්ථක ලෙස සිය මැතිවරණ ව්‍යාපාරයට යොදාගනිමින් ඩිමොක්‍රටික් පක්ෂයේ පාලනය යටතේ පාසල් වසාදැමීම පිළිබඳව වූ දෙමව්පියන්ගේ කෝපය උපයෝගී කරගනිමින් ආණ්ඩුකාර ධූරයට පත්වීමට යන්ග්කින් සමත් විය. ඒ දැවැන්ත මුදල් සම්භාරයක් වියදම් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා සම්ප්‍රදායික ඩිමොක්‍රටික් බලඳවුරක් තුළ දීම පහසුවෙන් පරදවමිනි.

මෙම ලිපිය පරිවර්තනය කරන මොහොත වන විට ග්ලෙන් යන්ග්කින් සිය මැතිවරණ ප්‍රතිඥාවක් ඉටු කරමින් සිසුන්ට පාසල් තුළ මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කර කලින් සිටි ඩිමොක්‍රටික් ආණ්ඩුකාර රැල්ෆ් නොර්තම් (Ralph Northam) පනවා තිබූ නීතිය ඉවත් කර තිබේ.

ග්ලෙන් යන්කින්ග්

මෙම නීතිය ඉවත් කරමින් නව ආණ්ඩුකාරයා සිය නියෝගය තුළ  මෙසේ සඳහන් කර ඇත..
“ වර්ජිනියාවේ සියලු ළමුන්ට ඔවුන් පාසල තුළ ගත කරන සෑම මොහොතකම මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කර මෑතකදී ආණ්ඩුව විසින් පනවන ලද නීතිය අසාර්ථක සහ ප්‍රායෝගික නොවන දෙයක් බව ඔප්පු වී ඇති ක්‍රියාමාර්ගයකි. එපමණක් නොව මෙම නීතිය විසින් දරුවන්ගේ චිත්තාවේගි සහ සමාජීය කුශලතා වර්ධනය කෙරෙහි සැළකිය යුතු හානියක් සිදු කර තිබේ. ”
ආණ්ඩුකාරයා සිය නියෝගය තුළ මෙසේද සඳහන් කර ඇත.
“ සිය දරුවන්ගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ මූලික අයිතිය සතුවන්නේ දෙමාපියන්ට මිසක රාජ්‍යයට නොවේ……
මුහුණු ආවරණ පැලැඳීම විසින් ළමුන් තුළ සමාජයෙන් හුදෙකලා කරනු ලැබීමේ හැඟීම් ඇති කරයි. එය විසින් කොවිඩ්-19 වෙතින් ළමුන්ට ඇති සෞඛ්‍ය අවදානමට වඩා විශාල වශයෙන් ළමයාගේ මානසික සෞඛ්‍යය සම්බන්ධ බරපතල ගැටළු මතුකරයි. ”
නව නීතිය අනුව දෙමව්පියන්ට පවත්නා තත්ත්වයන් සැළකිල්ලට ගෙන සිය දරුවා මුහුණු ආවරණ පැළැඳය යුතුද නැද්ද යන්න තීරණය කළ හැකිය.

එමෙන්ම ග්ලෙන් යන්ග්කින් විසින් කලින් ආණ්ඩුකාරයා විසින් කොවිඩ්-19 වැළැක්වීමේ ලොක්ඩවුන් සහ සීමාකිරීම් සම්බන්ධව පනවා තිබූ නීති මහජන අදහස් නොසළකා ඒවා පැනවීමට ගත් ක්‍රියාදාමය තුළම ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපයක් ගත් බව සඳහන් කරමින් එම ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කර ඒවා තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද පිළිබඳව වාර්තාවක් සපයන ලෙස අදාළ රාජ්‍ය ආයතන වෙත නියෝග කොට ඇත.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ට සිය සේවයේ දිගටම රැඳී සිටීමට නම් කොවිඩ්-19 එන්නත් ලබාගැනීම අනිවාර්යය කර තිබූ නීතියද ඔහු විසින් ඉවත් කර තිබේ.

“ මෙම නීතිය ඔවුන්ගේ පුද්ගලික නිදහස සහ පුද්ගලිකත්වයට බරපතල හානියකි. මගේ රජය යටතේ රජයේ සේවකයන්ට සිය රැකියාව ආරක්ෂා කරගැනීමේ නාමයෙන් ඔවුන්ගේ පුද්ගලික නිදහස හෝ පුද්ගලිකත්වය කැප කිරීමට අවශ්‍ය නැත. ”

මේ අතර තවත් ඩිමොක්‍රටික් බලකඳවුරක් වූ නිව් ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාර ෆිල් මර්ෆි (Phil Murphy) එතරම් ප්‍රසිද්ධ නැති රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟකළ ප්‍රතිවාදියා හමුවේ සිය තනතුරු බේරා ගත්තේ යන්තමිනි. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයාගේ ප්‍රධාන සටන්පාඨය වූයේ එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මකවූ දරුණුතම ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ෆිල්මර්ෆි විසින් ක්‍රියාත්මක කිරීමට එරෙහිවය. ෆිල් මර්ෆි ජයගත් නමුත් ඔහු ඩිමොක්‍රටික් ආසන ගණනාවක් මෙවර පරාද විය. විශේෂයෙන්ම ඇට්ලාන්ටික් සිටි රිසෝට් සහ කැසිනෝ සිටි පිහිටා ඇති ඇට්ලාන්ටික් කෝරලය ඔහු පරාජය විය. මෙම ප්‍රදේශයේ ආපන ශාලා වෙළඳසල් ආදි කුඩා ව්‍යාපාර වලින් තුනෙන් පංගුවක් ෆිල් මර්ෆිගේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග හමුවේ සදහටම බංකොළොත් වී තිබේ.

ජනාධිපති ජෝ බයිඩන්ගේ ආණ්ඩුව කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් ගේ නම් සංචාරය කිරීම තහනම් කර ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීම ඇතුළුව එක්සත් ජනපදයේ සංචාරකයන් හට නව සීමාවන් පැනවීම පිළිබඳව සළකා බලමින් සිටියි මේ අතර ලොක්ඩවුන් ප්‍රතිපත්තිවල බලපෑම විසින් ජාත්‍යන්තර සැපයුම් දාමයන් බිඳ දමා ඇත. ඒ මගින් උද්ධමනය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් රට තුළ නිර්මාණය වී තිබේ.
එක්සත් ජනපද ආණ්ඩුව පවත්නා භාණ්ඩ සැපයුම් අර්බුදය පිළිසකර කිරීමට ප්‍රධාන සමාගම් සහ සිල්ලර වෙළෙන්දන් සමග ඒකාබද්ධව කටයුතු කරමින් මංමුලා සහගත උත්සාහයන් දරද්දි මාධ්‍ය පැළැන්තියට අයත් සමහරුන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ පටි තද කරගන්නා ලෙසය.
මෙම ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලද්දේ මහජන සෞඛ්‍යයට සිදුකෙරෙන හානිකර බලපෑම අවම කිරීම සඳහා යැයි ආණ්ඩු විසින් පවසන නමුත් මෙම ක්‍රියාමාර්ග එය ඉටු කිරීමෙහිලා සාර්ථකව ඇත්ද යන්න ගැන හෝ හෝ එයින් වැඩකරන පන්තියේ ජනතාවට සමාජීය සහ ආර්ථිකමය වශයෙන් කොතරම් හානියක් කර තිබෙනවාද යන්න ගැන සාකච්ඡා කිරීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා යැයි ක්‍රියාත්මක කෙරෙමින් පවතින ලොක්ඩවුන් සීමා සහ තහංචි, ඇඳිරි නීති  කෙළවරක් නැති පීසීආර් පරීක්ෂණ පැවැත්වීම්, පීසීආර් පරීක්ෂණ මගින් ආසාදිත යැයි නම් කරන ලද පුද්ගලයන් නිරෝධායන කඳවුරු තුළ බලහත්කාරයෙන් ගාල් කිරීම්, පාසල් වසා දැමීම් ආදි ඖෂධීය නොවන ක්‍රියාමාර්ගවල හේතුවෙන් රැකියා අහිමිවීම් ආර්ථික විනාශය සහ සාගින්නෙන් පෙළෙනවුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සිදුවෙමින් පවතින තත්ත්වයක් තුළ ඉහත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳව දැන් අන් කවරදාටත් වඩා සැක මතුවෙමින් පවතී.‍

කොවිඩ්-19ට එරෙහිව ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවල සාර්ථක බව පිළිබඳ මිථ්‍යාවන් විමසා බැලීමක්

කොරෝනා වසංගතය ආරම්භයේදී එය ව්‍යාප්තවීම වැළැක්වීමට යැයි කියමින් චීනය, ග්‍රීසිය සහ වියට්නාමය විසින් ක්‍රියාත්මක කරන ලද ලොක් ඩවුන් ක්‍රියාමාර්ග අතිශයින් සාර්ථක වී ඇතැයි බොහෝ දෙනා ප්‍රශංසා මුඛයෙන් කතා කළහ.. මෙම මතය විසින් ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව ආකර්ෂණීය තෝරාගැනීමක් ලෙස සමාජය හමුවේ සාධාරණිකරණය කෙරිණි. එමගින් ජාත්‍යන්තර වශයෙන් සියළුම ආණ්ඩු ඉතා දැඩි ලොක්ඩවුන් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉතා දැඩි ලෙස ජනතාවන්ගේ දෛනික ජීවිතයසීමා කරන ලදි.
මෙම ක්‍රියාමාර්ග යම් නිශ්චිත ගුණාංග සහිත වෛරසයක් ව්‍යාප්ත වීම වැළැකීමේදී සාර්ථක විය හැකි නමුත් එය රඳා පවතින්නේ වෛරසයේ ස්වභාවය සහ තත්ත්වය මත යැයි වෛද්‍ය භට්ටාචාර්ය පැවසීය.
“ සමහර වෛරස් නිශ්චිතවම මාරාන්තිකයි. නමුත් ඒවා පහසුවෙන් ව්‍යාප්ත නොවෙන සුළු ඒවා. එවැනි වෛරස් රෝග සඳහා නිරෝධායන සහ යම් ප්‍රාදේශීය ලොක්ඩවුන් සහ ඇඳරි නීති පැනවීම සාර්ථක විය හැකියි. උදාහරණයක් ලෙස එබෝලා වෛරසයේ ව්‍යාප්තිය අප විසින් සීමා කරනු ලැබුවේ එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙනුයි.” යි භට්ටාචාර්ය වැඩි දුරටත් විස්තර කළේය.
එබෝලා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට භාවිතා කළ එවැනි දැඩි ක්‍රියාමාර්ග කොවිඩ්-19 මර්දනය කිරීමට භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි ද? උත්තරය රඳා පවතින්නේ වෛරසය කොතෙක් දුරට මාරාන්තිකද, කොතෙක් පහසුවෙන් එය ව්‍යාප්තවන්නේ ද යන කරුණු වලට අදාළ වෛරසයේ ගුණාංග මතය.
සාමාන්‍ය යෙන් ඉතා මාරාන්තික වෛරස් අඩුවෙන් ව්‍යාප්තවන සුළු අතර මාරාන්තික බව ඉතා අඩු සහ බොහෝ විට සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන වෛරස් ව්‍යාපත වීමේ වේගය ඉතා අධිකය. මක් නිසාද යත් මාරාන්තික වෛරස් විසින් තම ධාරකයාගේ මරණය සිදු කිරීම මගින් හෝ සිය අසාධ්‍ය රෝගී තත්ත්වය විසින් ධාරකයා ස්වයංවම සෙස්සන්ගෙන් වෙන්වීම හේතුවෙන් හෝ වෛරසයේ ව්‍යාප්තිය එම ධාරකයාගෙන් තවත් අය ආසාදනය වීම වැළකෙන බැවිනි.

කොවිඩ්-19 වෛරසය සමග සන්සන්දනයේදී එබෝලා වෛරසය ඉතා ඉහළ මරණ අනුපාතිකයක් පෙන්නුම් කර තිබුණද (එනම් පසුගිය එබොලා වසංගතයේදී පෙන්නුම් කරන ලද 25% – 90% මරණ අනුපාතිකය අනුව) එබොලා වෛරසය අනෙකුත් ආසාධකාරක වෛරස් වලට අඩුවෙන් ව්‍යාප්ත වන සුළු වෛරසයක් වන අතර එය වාතය හරහා ව්‍යාප්ත නොවේ. එමෙන්ම එය ශාරීරික තරලවලින් බැහැරව බාහිර පරිසරයට නිරාවරණය වූ විට තත්පර 30ක් ඇතුළත විනාශයට පත්වෙයි.
මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස කොවිඩ්-19 යනු ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන සිදු කරන වෛරසයකි. එය ව්‍යාප්ත වන්නේ වායුගෝලය හරහාය. දැන් අවඥා සහගත ලෙස බැහැර කෙරී ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ් විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද ආකෘතිය විසින් කොරෝනා වෛරසය එහි සැබෑ ස්වභාවයට වඩා බෙහෙවින් මාරාන්තික වෛරසයක් ලෙස නිරූපණය කර ඇත. සමහර වාර්තාවන් විසින් එහි ආසාදිත මරණ අනුපාතිකය 7%ක් දක්වා ඉහළ අගයක් සහිත බව දක්වා තිබේ. යථාර්ථය නම් එය ඉතා අඩු මාරක බවකින් යුත් වෛරසයක් බවත් එය එනිසාම වේගයෙන් පැතිරෙන සුළු බවත් එම පැතිරීමේ වේගය පාලනය කිරීමට සාමාජීය තහංචි සහ සීමා පැනවීම් වැනි මිනිස් ක්‍රියාකාරකම්වලට නොහැකි බවත්ය.

මක් නිසාද යත් කොවිඩ්-19 යනු ශීත සෘතුවේදී වේගයෙන් පැතිරීමේ ප්‍රවණතාවක් සහිත සෘතුමය වෛරසයක් වන බැවිනි. “ කොවිඩ් පරාජය කරනු ලැබූ පළමු රටවල් ” ලෙස ජය පැන් බිව් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ එම ජයග්‍රහණය පිටුපස වූ රහස ඔවුන්ගේ ග්‍රීෂ්ම සෘතුවේදී කොවිඩ්-19 ව්‍යාප්තිය ආරම්භවීම නිසාය. එමෙන්ම ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පවතින රටවල්ය. ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් එතරම් වාසනාවන්ත වූයේ නැත.
කැලිෆෝර්නියාව තුළ වෛරසයේ පැවැත්ම පිළිබඳ 2020 මාර්තුවේදී කරන ලද අධ්‍යයන මත පදනම් වෙමින් භට්ටාචාර්ය නිගමනය කළේ රජයේ බලධාරින් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග බෙහෙවින් ප්‍රමාදව ගනු ලැබ ඇති බවයි. ජනතාවගේ සිරුරු තුළ කොරෝනා වෛරසයට අදාළ ප්‍රතිදේහ පවතින්නේද නැද්ද සහ ඒ ජනගහණයෙන් කුමන ප්‍රතිශතයකටද යන්න පිළිබඳව කරන ලද මෙම අධ්‍යයනයේදී පරීක්ෂාවට ලක් කළවුන්ගෙන් 3-4%ක් දක්වා ප්‍රමාණයක සිරුරු තුළ කොවිඩ්-19 සඳහා ප්‍රතිදේහ ඒ වනවිටත් පැවතිණි. මෙම සංඛ්‍යාවන් විසින් යෝජනා කරනු ලබන්නේ මෙම වෛරසයේ ආරම්භයේදී විශ්වාස කළාට වඩා බොහෝ කලින් ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැතිර තිබූ බවයි. එමගින් ආසාදනය පැතිරීම වැළැක්වීම හෝ පැතිරෙන වේගය අඩාල කිරීම සඳහා ගන්නා ලද සීමා පැනවීම් සහ ලොක්ඩවුන් වලින් නිෂ්ඵල තත්ත්වයකට පත් කෙරිණි. වෙනත් වචනවලින් පවසන්නේ නම් වෛරසයේ ව්‍යාප්තවන ස්වභාවය සහ එය බොහෝ ප්‍රජාවන් තුළ තහවුරුවී තිබීම යන සාධක මත එය ආපසු හැරවිය නොහැකි මට්ටමට මුල් බැසගෙන තිබිණි.
“ මෙය වසංගතයක් ලෙස නම් කිරීමටත් පෙර කලෙක සිටම කොවිඩ්-19 වෛරසය මෙම ප්‍රජාවන් අතර පැතිරී නොතිබුණා නම් පරීක්ෂාවට ලක් කරන ලද්දවුන්ගෙන් 3-4% ක් තුළ එම වෛරසය සඳහා ප්‍රතිදේහ තිබිමට ඉඩක් නැහැ.” යි කැලිෆෝනියාවේ සමීක්ෂණ අධ්‍යයනය ගැන සඳහන් කරමින් භට්ටාචාර්ය පැවැසීය.
“එහි තේරුම ජනගහණයේ 96%ක් පුද්ගලයන්හට තවමත් රෝගය වැළැඳීමේ ඉඩ තිබුණ බවයි. ඒ මොහොත වෛරස් ව්‍යාප්තියේ ආරම්භක අදියර පමණක් වූ අතර වසංගතය එහා අවසානය කරා ළඟා වීමේ අවස්ථාවට තවත් බොහෝ කල් තිබුණා. නමුත් ලොක්ඩවුන් මගින් රෝගය පැතිරීම වැලැක්විය හැකියැයි යන අපේක්ෂාව විශාල ලෙස සමාජය තුළ තහවුරු කරනු ලැබුවා.”

කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යනවිට ලොක්ඩවුන් ක්‍රියාමාර්ග මත රඳා පැවැත්මේ ප්‍රවණතාවද ශක්තිමත් වුව ද කොරෝනා වෛරස් ව්‍යාප්තිය නැවැත්වීමෙහිලා එහි ඵලදායකත්වයද යල් පැන ගොස් තිබේ.

පේරූ සහ ග්‍රීසිය

පේරූ වූ කලී ඉතා දැඩි ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ගත් රාජ්‍යයකි. කෙසේ වුව ද එය ඉතාම ඉහළ මරණ අනුපාතයන් සහිත රටවල් අතරින් එකක් ද වේ.
2020 නොවැම්බරයේදී ග්‍රීසියේ ලොක්ඩවුන් පවතින අතර එහි දෛනික ආසාදිත සංඛ්‍යාව 2,500-3,000 අතර විය. මාස 6කට පසුව සංචාරක කර්මාන්තය සඳහා ලොක්ඩවුන් ඉවත්කර ග්‍රිසිය යළි විවෘතකරන විට දෛනික ආසාදිත සංඛ්‍යාවේ කිසිදු වෙනසක් සිදු නොවී තිබිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බෙලාරුසියානු රජයට ලොක්ඩවුන් ක්‍රියාත්මක කරනු වස් පෙළැඹවීමට අල්ලස් දීමට තැත් කිරීම

බෙලාරුසියන් ජනාධිපති ලුකෂෙන්කෝ – “ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දිගටම බලපෑම් කළා. ඉතාලියේ මෙන් නිරෝධායන ක්‍රියාමාර්ග, හුදෙකලා කිරීම්, සහ ඇඳිරි නීතිය ආදිය ක්‍රියාත්මක කරන ලෙස. අපට කාගේවත් පදයට නටන්න අවශ්‍ය නෑ”

මිලියන 9ක ජනගහණයක් සහිත බෙලාරුසියාව කිසි විටෙකත් ලොක්ඩවුන් සහ සීමා තහංචි පැනවූයේ නැත. එමෙන්ම එය මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්යය කළේ ද නැත. නමුත් එම රට යුරෝපයේ අඩුම කොවිඩ්-19 මරණ අනුපාත සහිත රටවල් අතරින් එකක් විය.  ඊනියා නව කොරෝනා ප්‍රභේද අනිත් නැගෙනහිර යුරෝපයේ අනෙක් රටවල ව්‍යාප්තවෙමින් පවතින්නේ යැයි බටහිර ජනමාධ්‍ය අතොරක් නැතිව වාර්තා කරමින් සිටින විට පවා බෙලාරුසියාවේ තත්ත්වය ස්ථාවරව පැවතුණි.
ඉතා දැඩි නිරෝධායන සීමා කිරීම් සහ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග බෙලා රුසියාව තුළ ක්‍රියාත්මක කරන්නේ නම් බෙලාරුසියන් ජනාධිපතිවරයා වෙත ඩොලර් මිලියන 940ක් කොවිඩ් ආධාර ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (International Monetary Fund- IMF) විසින් කැමැත්ත පල කර ඇතැයි 2020 ජූනිමස බෙලාරුසියන් රාජ්‍ය වෙබ් අඩවියක් වන බෙල්ටා (BELTA) විසින් වාර්තා කර තිබිණි.  බෙලාරුසියන් ජනාධිපතිවරයා ප්‍රකාශකර සිටියේ තමා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.
“ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දිගටම බලපෑම් කළා. ඉතාලියේ මෙන් නිරෝධායන ක්‍රියාමාර්ග, හුදෙකලා කිරීම්, සහ ඇඳිරි නීතිය ආදිය ක්‍රියාත්මක කරන ලෙස. අපට කාගේවත් පදයට නටන්න අවශ්‍ය නෑ.”

ලොක්ඩවුන් නීති සහ සීමා කිරීම් කොරෝනා මර්දනය සඳහා අත්‍යවශ්‍ය ඖෂධීය නොවන ක්‍රියාමාර්ග ලෙස හඳුන්වා දෙමින් ඒ ඒ රටවල් විවිධ ආකාරයෙන් බහුල වශයෙන් භාවිතයට යොදනු ලැබුවද එහි සාර්ථකත්වය පිළිබඳව ද එම ක්‍රියාමාර්ග විසින් සිදු කර ඇති සමාජීය, ආර්ථික සහ සෞඛ්‍යමය හානිය කොරෝනා රෝගය වැළඳීමෙන් සිදුවන හානියට වැඩි නොවන්නේ ද යන්න ශාස්ත්‍රීය සහ විද්‍යාත්මක අධ්‍යයන ගණනාවක් විසින් ප්‍රශ්න කර තිබේ.

මෙම අධ්‍යයන සහ ඒවායේ නිගමන පිළිබඳව කෙටි විස්තරයක් විස්තර Brumby නම් ට්විටර් ගිණුමේ පළ කර තිබේ.

ලොක්ඩවුන්, නිරෝධායන ඇඳිරිනීති, මුහුණු ආවරණ, සමාජ දුරස්තකරණය ආදි සීමාකිරීම්වල ඵලදායකත්වය විමර්ශනයට ලක් කරන ලද අධ්‍යයන කීපයක්

අධ්‍යයනයේ තේමාව අධ්‍යයන කණ්ඩායම මූලික නිගමනය
1 ලොක්ඩවුන් සාර්ථක ද? ආර්ථික විද්‍යඥයෙකු විසින් විවිධ රටවල් පිළිබඳව කළ සන්සන්දනයක්

Did Lockdown Work? An Economist’s Cross-Country Comparison

ආරූස් විශ්ව විද්‍යාලයේ (Aarhus University ) ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටියන් බ්යොන්කොෆ් (Christian Bjørnskov) “ බ්ලාවට්නික් මධ්‍යස්ථානයේ කොවිඩ්-19 ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ 2017 -2020 අතර වර්ෂවල පළමු මාස හය තුළ යුරෝපීය රටවල් 24ක සතිපතා මරණ අනුපාතිකයන් පිළිබඳව කළ අධ්‍යයනයන් විසින් ලොක්ඩවුන් ප්‍රතිපත්තිවල සාර්ථකත්වය පිළිබඳ ප්‍රධාන ආකාරයන් දෙකකින් විමසා බලන ලදි. ලොක්ඩවුන් ප්‍රතිපත්ති සහ මරණ සංඛ්‍යාවේ වෙනස්වීම් අතර කිසිදු සම්බන්ධයක් මට සොයාගත නොහැකි විය”
2 නිවාසවලින් පිටතට යාම තහනම් කිරීම සහ ව්‍යාපාරික කටයුතු වසා දැමීම විසින් කොවිඩ්-19 ව්‍යාප්තියේ වේගය අඩාල කිරීමට හෝ නැවැත්වීමට සමත් වී ඇත්ද යන්න ගැන ඇගයීමක්

Assessing mandatory stay-at-home and business closure effects on the spread of COVID-19

එරන් බෙන්ඩේවිඩ් (Eran Bendavid) , ක්‍රිස්ටෝපර් ඕ ( Christopher Oh), ජායි භට්ටාචාර්ය(Jay Bhattacharya) සහ ජෝන් පී.ඒ, අයෝනිඩිස්(John P. A. Ioannidis) ඇතුළු ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සහ පර්යේෂණ දත්ත විද්‍යාඥයන් පිරිසක් “බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉරානය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් විසින් 2020 දී කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට යැයි කියමින් ක්‍රියාත්මක කරන ලද ලොක්ඩවුන් කිරීම් වැනි ඉතා දැඩි සීමාකිරීම් සහිත ඖෂධීය නොවන මැදිහත්වීම් ඒ රටවල කොවිඩ්-19 ව්‍යාප්තිය නතර කිරීමට සමත්වූ බවට කිසිදු සාක්ෂියක් නැත. ”
3 කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට ආණ්ඩු විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග, ඒ ඒ රටවල සුදානම් බව, සහ සමාජ ආර්ථික සාධක ආදිය කොවිඩ්-19 මරණ අනුපාතිකය කෙරෙහි දක්වන ලද බලපෑම සහ ඒ හා සම්බන්ධිත සෞඛ්‍යමය ප්‍රතිඵල පිළිබඳව රටවල් මට්ටමින් සිදු කරන ලද විශ්ලේෂණයක්

A country level analysis measuring the impact of government actions, country preparedness and socioeconomic factors on COVID-19 mortality and related health outcomes.

වෛද්‍ය රබායිල් චෞද්රි (Rabail Chaudhry), වෛද්‍ය ජස්ටිනා බාර්ටොට්ස්කෝ (Justyna Bartoszko), වෛද්‍ය ශීලා රියාට්සි(Sheila Riazi) ( ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ නිර්වින්දනවේදය සහ වේදනා නාශක ඖෂධ දෙපාර්තුමේන්තුව)
වෛද්‍ය ජෝර්ජ් ඩ්‍රැනිට්සාරිස් ( George Dranitsaris) ( රක්තවේදය පිළිබඳ දෙපාර්තුමේන්තුව, අයොනිනා විශ්ව විද්‍යාලය)
වෛද්‍ය ටල්හා මුබාෂිර් (Talha Mubashir) (කලින් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ නිර්වින්දනවේදය සහ වේදනා නාශක ඖෂධ දෙපාර්තුමේන්තුවේ සේවය කරන ලදි. දැන් ටෙක්සාස්හි මැක්ගෝවන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ නිර්වින්දනවේදය පිළිබඳ දෙපාර්තුමේන්තුවේ සේවය කරයි.)
“ දේශසීමා වසා දැමීම, සම්පූර්ණ ලොක්ඩවුන් ඇඳිරිනීති පැනවීම, කොවිඩ්-19 සඳහා ඉහළ පීසීආර් පරීක්ෂණ අනුපාතිකය වැනි ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සහ අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව හෝ සමස්ත මරණ සංඛ්‍යාව අඩුකිරීම කෙරෙහි සංඛ්‍යාත්මක වැදගත්කමකින් යුතු සම්බන්ධයක් පෙන්නුම් නොකෙරේ ”
4 නිවසින් පිටතට යාම තහනම් කිරීම ව්‍යභිචාරි මුළාව පිළිබඳ නිදසුනකි. අන්තර්ජාලය මත පදනම් වූ පරිසර විද්‍යාත්මක අධ්‍යයනයක්.
Stay-at-home policy is a case of exception fallacy: an internet-based ecological study (ලෝකය පුරා විවිධ කලාපවල රටවල් 87ක දත්ත සහ ගණිතමය ආකෘති විශ්ලේෂණය මගින් කොරෝනා ව්‍යාප්තියේ ආරම්භක සමයේ ක්‍රියාත්මක කරන ලද නිවසින් පිටතට යාම තහනම් කිරීමේ ප්‍රතිපත්තියට පක්ෂව ඉදිරිපත් කෙරී ඇති දත්ත විමර්ශනය කර තිබේ.)
බ්‍රසීලයේ රියෝ ග්‍රාන්ද් ඩූ සුල් ෆෙඩරල් විශ්ව විද්‍යාලය ඇතුළු ආයතන කීපයක ශාස්ත්‍රඥයන් සහ පර්යේෂකයන් පිරිසක් වන ආර්. එෆ්. සවාරිස් (R. F. Savaris), ජී. පුමි(G. Pumi), ජේ. ඩල්ට්සොකියෝ(J. Dalzochio)සහ ආර් කුන්ස්ට් (Kunst) “ රේඛීය ප්‍රතිගමන විශ්ලේෂණය සඳහා දත්ත 3,741 යුගලමය වශයෙන් සන්සන්දනයට යටත් කිරීම……
මෙම දත්ත විශ්ලේෂණයේදී ඒවායින් ~ 98%ක ප්‍රතිඵල අනුව කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ අඩුවීම කෙරෙහි නිවසින් පිටතට යාම තහනම් කිරීමේ ක්‍රියාමාර්ගය බලපා ඇතැයි යන්න පැහැදිලි නොකරයි.”
5 කොවිඩ්-19 මරණ අනුපාතිකය: ජාතීන් තුළ අනුවර්තනය වීම සඳහා දක්වන සීමාවන්ගේ ගැටලුවක් ලෙස
In Covid-19 Mortality: A Matter of Vulnerability Among Nations Facing Limited Margins of Adaptation
ප්‍රංශ ජාතික වෛද්‍ය පර්යේෂකයන් වන ක්වන්ටාන් ඩු ලැරෝෂ්ලොම්බෙයර් (Quentin De Larochelambert), ඇන්ඩි මාක්(Andy Marc), ජුලියානා අන්ටෙරෝ, එරික් ලෙ බෝර් (Eric Le Bourg)
පැරිස් විශ්ව විද්‍යාලයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෂෝන් ප්‍රංශුවා ටුෂාන්(Jean-François Toussaint )
“ තදබල ලොක්ඩවුන් කිරීම්ද ඇතුළුව වසංගතය සමග සටන් කිරීම සඳහා යොදා ගන්නා ලද ක්‍රියාමාර්ග මරණ සංඛ්‍යාව අඩු වැඩි වීම කෙරෙහි සම්බන්ධයක් ඇති බව නොපෙන්වයි.”

ඒ වෙනුවට ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩු විසින් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළද නොකළද උත්පත්ති ජීවන අපේක්ෂාව නිශ්චල අගයක් ගන්නා සහ ඉහළ ආදායම් අනුපාතිකයක් සහිත සහ ඉහළ බෝ නොවන රෝග අනුපාතිකයක් සහිත ජනගහණයක් සහිත රටවල් තුළ කොවිඩ්-19 හේතුවෙන් ඉහළ මරණ අනුපාතිකයක් පෙන්නුම් කරන බවයි. බවයි. වෙනත් වචනවලින් පවසන්නේ නම් මරණ අනුපාතිකය රඳා පවතින්නේ ජනගහණයේ පවත්නා ජනවිකාශ ගුණාංග (existing characteristics of demographics) මත බවයි.

6 ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද අනිවාරණීය ලොක්ඩවුන් ඇඳිරිනීති විසින් කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අඩු නොකරයි: නිව්සීලන්තය විසින් කොවිඩ්-19 මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද දැඩි නීතිරීති ඇගයීම සඳහා වන ඇඟවීම්
Government mandated lockdowns do not reduce Covid-19 deaths: implications for evaluating the stringent New Zealand response
නවසීලන්තයේ වයිකාටෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජෝන් ගිබ්සන්(John Gibson) “ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් කොවිඩ්-19 මරණ අඩු කරන්නේ නැත.ලොක්ඩවුන් ක්‍රියාමාර්ගවල පැහැදිලි අසාර්ථකත්වය විසින් යෝජනා කරනු ලබන්නේ ජීවිත බේරාගැනීමේදී ඉතා සුළු වශයෙන් ප්‍රයෝජනවත් වන ක්‍රියාමාර්ගයක් භාවිතාකිරීමෙන් නවසීලන්තයට විශාල ආර්ථික පාඩුවක් දරන්නට සිදු වූ බවයි.”
7 කොවිඩ්-19 මරණ අනුපාතිකය: ජාතීන් තුළ අනුවර්තනය වීම සඳහා දක්වන සීමාවන්ගේ ගැටලුවක් ලෙස
In Covid-19 Mortality: A Matter of Vulnerability Among Nations Facing Limited Margins of Adaptation
ප්‍රංශ ජාතික වෛද්‍ය පර්යේෂකයන් වන ක්වන්ටාන් ඩු ලැරෝෂ්ලොම්බෙයර් (Quentin De Larochelambert), ඇන්ඩි මාක්(Andy Marc), ජුලියානා අන්ටෙරෝ, එරික් ලෙ බෝර් (Eric Le Bourg)
පැරිස් විශ්ව විද්‍යාලයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෂෝන් ප්‍රංශුවා ටුෂාන්(Jean-François Toussaint )
“ තදබල ලොක්ඩවුන් කිරීම්ද ඇතුළුව වසංගතය සමග සටන් කිරීම සඳහා යොදා ගන්නා ලද ක්‍රියාමාර්ග මරණ සංඛ්‍යාව අඩු වැඩි වීම කෙරෙහි සම්බන්ධයක් ඇති බව නොපෙන්වයි.”

ඒ වෙනුවට ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩු විසින් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළද නොකළද උත්පත්ති ජීවන අපේක්ෂාව නිශ්චල අගයක් ගන්නා සහ ඉහළ ආදායම් අනුපාතිකයක් සහිත සහ ඉහළ බෝ නොවන රෝග අනුපාතිකයක් සහිත ජනගහණයක් සහිත රටවල් තුළ කොවිඩ්-19 හේතුවෙන් ඉහළ මරණ අනුපාතිකයක් පෙන්නුම් කරන බවයි. බවයි. වෙනත් වචනවලින් පවසන්නේ නම් මරණ අනුපාතිකය රඳා පවතින්නේ ජනගහණයේ පවත්නා ජනවිකාශ ගුණාංග (existing characteristics of demographics) මත බවයි.

මෙවැනි දුසිම් ගණන් අධ්‍යනයන් විසින් තහවුරු කර ඇත්තේ කොවිඩ්-19 වසංගතයට පෙර අවදියේදී පොදුවේ වසංගත රෝග පිලිබඳව සිදු කර ඇති බොහෝ අධ්‍යයනයන් විසින් එළැඹ ඇති නිගමනයන්මය. එනම් ලොක්ඩවුන් සහ සීමා තහංචි පැනවීම් වැනි ඖෂධීය නොවන මැදිහත්වීම්වල අසාර්ථකත්වයයි.

“ වසංගතයකදී කටයුතු කළ යුතු ආකාරය දක්වන කොවිඩ්-19 ට කලින් පැවැති සියලුම මාර්ගෝපදේශන මගින් අවධාරණය කර තිබු මූලධර්ම නම් වසංගත තත්ත්වයක් තුළ දී වුව සිවිල් අයිතීන්ට ගරු කිරීම, සමාජීය ජීවිතයට සිදුවන බාධා අවම කිරීම, අවදානම් සහගත සෞඛ්‍ය සහ වයස්කාණ්ඩවල සිටින අය ආරක්ෂා කිරීම, සමාජය තුළ භීතිය සහ කැළැඹීම පැතිරවීමෙන් වැළකීම යනාදියයි. නමුත් 2020 මාර්තු සහ ඊට පසුව පවත්වාගෙන ගිය ලොක්ඩවුන් ක්‍රියාමාර්ග, මාධ්‍ය ආඛ්‍යානය සහ මහජන සෞඛ්‍ය ආඛ්‍යානය විසින් ඉහත සියලුම මූලධර්ම උල්ලංඝණය කර තිබේ. ” යි වෛද්‍ය භට්ටාචාර්ය පැවසීය.

මේරිලන්ඩ් බැල්ටිමෝර් හි පිට්ස්බර්ග් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයේ ( දැන් සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ජෝන් හොප්කින්ස් මධ්‍යස්ථානය නමින් හැඳින්වෙන) ශාස්ත්‍රඥයන් පිරිසක් විසින් “ඉන්ෆ්ලුවන්සා වසංගතය පාලනය කිරීමේ රෝග මර්දන ක්‍රියාමාර්ග ” යන මැයෙන් 2006 දී ඉදිරිපත් කරන ලද අධ්‍යයන පත්‍රිකාවේ මෙසේ සඳහන් කර තිබේ.
“ පසුගිය අත්දැකීම් විසින් පෙන්නුම් කර ඇත්තේ වසංගත හෝ වෙනත් එවැනි හානිදායක තත්ත්වයන්ට ප්‍රජාවන් විසින් වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීමට සමත්වන්නේ සාමාන්‍ය සමාජ ක්‍රියාකාරිත්වය නිර්බාධිතව පවතින භීතියෙන් තොර වාතාවරණයක් තුළ බවය.”
2019 තරම් මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද “ ඉන්ෆලුවන්සා වසංගතය සහ බෝවන රෝග මගින් ඇතිකරන සෞඛ්‍යමය අවදානම සහ බලපෑම අවම කිරීම සඳහා වන ඖෂධීය නොවන මහජන සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ග ( Non-pharmaceutical public health measures for mitigating the risk and impact of epidemic and pandemic influenza) ”  යන මාර්ගෝපදේශන ලියැවිල්ලේ මෙසේ සඳහන් වේ.

“ පාසල්, වැඩබිම්,නේවාසිකාගාර, ආගමික ස්ථාන වැනි) ප්‍රජා මූලික සැකසුම් තුළ ඖෂධීය නොවන මැදිහත්වීම්වල සාර්ථකත්වය පිළිබඳව ඇති සාක්ෂි සීමාසහිතය. එමෙන්ම එවැනි බොහෝ මැදිහත්වීම්වලට අදාළ සාක්ෂිවල සමස්ත ගුණාත්මක බවද බෙහෙවින් පහළ මට්ටමක පවතී.”
වසංගත රෝග සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන දැනට පවතින ලේඛන තුළ කොවිඩ්-19 සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ අන්තර්ගතවීමට ඉඩක් නැතත් ශ්වසන මාර්ගයේ ආසාදන රෝගවලට බලපාන වෛරස් සම්බන්ධයෙන් ඖෂධීය නොවන ක්‍රියාමාර්ගවල පොදුවේ දක්නට ලැබෙන අකාර්යක්ෂමතාව සහ අසාර්ථකබව මැනවින් තහවුරුව ඇති කරුණකි. නමුත් මාධ්‍යය සහ ආණ්ඩු විසින් මෙම කරුණු නොසළකා හැර ජනතාව මත වසංගත භීතිකාවක් 2020 දී දියත් කරන ලදි. සාමාන්‍ය පොදු ජනයා ඒ වෙනුවෙන් ඉහළම වන්දියක් ගෙවමින් සිටිති.

දුප්පත් ජනතාව වඩාත් දුප්පතුන් බවට පත් කිරීම සහ ඔවුන්ගේ ආයුකාලය අඩු කිරීම

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමෙහිලා කාර්යක්ෂම සහ සාර්ථක නොවූවද ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් ආර්ථිකය විනාශ කිරීමෙහිලා සහ ජනතාවගේ ජීවන මාර්ගයන්ද විනාශ කිරීමෙහිලා නම් විශ්මය ජනක සාර්ථකත්වයක් සහ කාර්යක්ෂමතාවක් ප්‍රදර්ශනය කර තිබේ. එපමණක් නොව සමහර විට පුද්ගලයන් දැන් එකිනෙකාගෙන් දුරස්තව එනම් මිතුරන්ගෙන්, වෘත්තීමය සගයන්ගෙන්, පවුලෙන්, සහ ප්‍රජාවෙන් වෙන්ව ජීවත්වීමට හුරු වීම හේතුවෙන් ලොක්ඩවුන් සහ තහංචි ක්‍රියාමාර්ග විසින් සමාජ වියමනද සාර්ථකව විනාශ කරමින් සිටින බව දැකිය හැකිය.

අධ්‍යාපනය සහ ආදායම් මාර්ග අහිමිවීම, දිගුකාලීන හුදෙකලා බව සහ අනෙකුත් කොවිඩ්-19 සම්බන්ධිත සමාජ ආර්ථික සහ කායික මානසික කඩාවැටීම් කෙටිකාලීන විනාශකාරි ප්‍රතිඵල ලබා දෙන අතරම ඒවා දිගුකාලීන වශයෙන් සමහර විට දශක ගණනාවකට පසු වුව ද ජීවිතයේ යහපැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ.

යමෙකුගේ වැඩිහිටි ජීවිතය යහපත් ලෙස හැඩගැස්වීමෙහිලා ඔහුගේ ළමා කාලයේ වර්ධනය සිදුවන ආකාරය තීරණාත්මක සාධකයකි. යමෙකුට සිය ළමාවිය හෝ යෞවනය තුළ මානසික ආතතිය ඇතිකරවන හානිකර සිදුවීම් වලට දිගුකාලීනව ගොදුරුවීමට සිදුවන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ ආයුකාලයට කෙටිකිරීමට බලපානු ඇත. එමෙන්ම මානසික රෝගී තත්ත්වයන්ට සහ නිදන්ගත කායික රෝගවලටද දිගුකාලීන වශයෙන් ගොදුරු වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
දිගුකාලීන ලෙස විරැකියාවෙන් පෙළීමට සිදුවීම කොවිඩ්-19 කාලය තුළ පොදු ප්‍රපංචයකි. එය විසින් ද අපේක්ෂිත ආයු කාලය කෙටිවන්නට ඉඩ තිබේ.

“ලොක්ඩවුන් වැනි ආක්‍රමණකාරි මැදිහත්වීම් විසින් ඒවා විසින් ලබා දෙනු ඇතැයි සිතන යහපත් ප්‍රතිඵල වලට වඩා විශාල මිලක් සමාජයට දිගුකාලීන වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. ”

අල්බර්ටා විශ්ව විද්‍යාලයේ ළමා සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය ආරි ජොෆ්

ඩැනියල් සලිවාන් (Daniel Sullivan) සහ ටිල් ෆොන් වහ්ටර් (Till von Wachter) 2009 දී ඉදිරිපත් කරන ලද සිය අධ්‍යයන පත්‍රිකාව තුළ නිගමනය කර ඇත්තේ සිය කැමැත්තෙන් තොරව රැකියාව අහිමිවීමෙන් සිය ආදායම් මාර්ග අහිමි වීමෙන් වසරකට පසුව මරණයට පත්වන පුද්ගලයන් සඳහා වන මරණ අනුපාතිකය 50% සිට100% දක්වා ඉහළ අගයක් ගන්නා බවත් ඊළඟ වසර 20 සඳහා එම මරණ අනුපාතිකය 10% සිට15% දක්වා වන බවත්ය.
කොරෝනා ලොක්ඩවුන් සහ සීමා කිරීම් සහ බල කිරීම් ආදිය විසින් ඇති කරනු ලබන අඛණ්ඩ ආතතිය හේතුවෙන් දිගු කාලීන සෞඛ්‍ය ගැටළු ඇති වීමට හේතුවිය හැකිය. එවැනි ගැටළු සවිස්තරාත්මක ලෙස අවධානයට යොමු කරමින් “ කොවිඩ්-19 ලොක්ඩවුන් පිළිබඳ කණ්ඩායම් චින්තනය නැවත සිතා බැලීමක් ” ( COVID-19: Rethinking the Lockdown Groupthink ) යන මැයෙන් අල්බර්ටා විශ්ව විද්‍යාලයේ ළමා සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තුමේන්තුවේ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය ආරි ජොෆ් ඉදිරිපත් කරන ලද පත්‍රිකාව මගින් මෙසේ නිගමනය කර ඇත.
“ලොක්ඩවුන් වැනි ආක්‍රමණකාරි මැදිහත්වීම් විසින් ඒවා විසින් ලබා දෙනු ඇතැයි සිතන යහපත් ප්‍රතිඵල වලට වඩා විශාල මිලක් සමාජයට දිගුකාලීන වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. ”

පොදුවේ ගත් කළ දැඩි ලොක්ඩවුන් සහ සීමා කිරීම් විසින් සමාජයේ කොන් කරන ලද පුද්ගලයන්ට සහ වැඩ කරන පන්තියේ ජනතාවට වඩාත් විෂකුරු ලෙසින් පහර දී තිබේ. විශේෂයෙන්ම බොහෝ පුද්ගලයන් අවිධිමත් රැකියා කරන අවස්ථා වලදී මෙම තත්ත්වය වඩාත් උග්‍රය. එහෙයින් ඔවුනට නිවසින් පිටතට යාම තහනම් කාලසීමාවන් හිදී රැකියාවන් සඳහා යාමට අවසර නැත. ඇතැමුන් එක් රැකියාවකින් උපයන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත් නොවීම නිසා ලියාපදිංචි නොවී තවත් රැකියාවක් හෝ දෙකක් කරමින් අය වෙති. ඔවුනට නිවසින් බැහැරව සිටීමට අවසර ඇත්තේ සිය ලියාපදිංචි රැකියාව සඳහා පමණි. මේ අයුරින් ආදායම් මාර්ග කඩාවැටීමෙන් ඉතාම දුප්පත් නිරන්තර සූරාකෑමට ලක්වන වැඩකරන ජනතාවගේ ජීවිතය කබලෙන් ලිපට වැටී ඇත. එමෙන්ම නිසි නීතිමය අවසරයක් රහිතව වෙනත් රටවලට සංක්‍රමණයවී සිටින කම්කරුවන් ද මේ ඉරණම පොදුය. බොහෝ අයට නිශ්චිත නවාතැනක් හෝ ලිපිනයක් නැති බැවින් ලොක් ඩවුන් යටතේ නිවසින් බැහැරවීමට අවශ්‍ය වන අවසර පත් ලබාගැනීමට මේ කිසිවෙකුට නොහැකිය. එනිසාම ඇතැම් විට ඔවුනට අවසරයකින් තොරව වුව ද සිය වාස්ස්ථානවලින් බැහැරවීමට සිදු වේ. නමුත් ලොක්ඩවුන් ඇඳිරි නීති හෝ වෙනත් නීති කඩ කිරීමේදී ලැබෙන දඬුවම ඉතා ඉහළය. ඇතැම් විට එය මාස දෙක තුනක වැටුපට සමානය.

වෛද්‍ය ඩේවිඩ් නබාරෝ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය නිල වශයෙන් ලොක්ඩවුන් කොවිඩ්-19 මර්දනය සඳහා ගැලපෙන ක්‍රියාමාර්ගයක් ලෙස විස්තර කරන නමුත් එහි ඇතැම් නිලධාරින් එම ක්‍රියාමාර්ගවල ඇතැම් ප්‍රතිඵල පිළිබඳව අනතුරු ඇඟවීම් කර තිබේ.
“ අප ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වසංගතය පාලනය කිරීමේ මූලික විධික්‍රමය ලෙස ලොක්ඩවුන් ක්‍රියාමාර්ග භාවිතා නොකරන ලෙසය.” යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 පිළිබඳ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නබාරෝ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ ඇන්ඩෘ නීල් වෙත පැවසීය.
“ ලොක් ඩවුන් ක්‍රියාමාර්ග විසින් දුප්පතුන්ව වඩාත් ඉතා නරක අන්දමින් දුප්පත් කරන අයහපත් ප්‍රතිවිපාක ලබාදෙන බව ඔබ කිසිවිටෙකත් අමතක නොකළ යුතුය.” විවිධ බලවේගවල අවශ්‍යතාව මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය ලොක් ඩවුන් ක්‍රියාමාර්ග අනුමත කළද එයට ඒවායේ අයහපත් ප්‍රතිඵල වල වගකීමෙන් ඉවත්ව සිටීමේ අවශ්‍යතාවක්ද පවතින බව නබාරෝගේ මේ ප්‍රකාශයෙන් හෙළි වේ.

කෙළවරක් නැති ලොක්ඩවුන් ක්‍රියාමාර්ග සාධාරණීකරණය සඳහා යොදාගත් තර්කය වන “ කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය වැළැක්වීම” යන්න දැන් සමහර ඉහළ සෞඛ්‍ය බලධාරින්ද ඇතුළු බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න කිරීමට ලක් වූ ක්‍රියාමාර්ගයකි. එසේ වුව ද 2021 වසරේ එය නැවතත් යුරෝපීය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කිරීමට පටන්ගත්තේ සිය කොවිඩ්-19 ආඛ්‍යානයට අවනත නොවන සාමාන්‍ය ජනතාවට හිරිහැර සහ පීඩනයන්ට ලක්කරමින් පලිගැනීමේ ද්වේෂ සහගත චේතනාවන්ගෙන් ද සහිතව මෙන්ම ජනතාව තම ක්‍රියාමාර්ගයට බලහත්කාරයේ සහ අවනත කරවාගැනීමේ සඳහා දණ්ඩන මාර්ගයක්ද ලෙසය.
ඔස්ට්‍රියාව එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ජනතාවට පමණක් ලොක්ඩවුන් ක්‍රියාත්මක නිවේදනය කළ පළමු රට විය. පසුගිය නොවැම්බරයේදී ඔස්ට්‍රියානු ආණ්ඩුවේ මෙම නිවේදනයත් සමගම එයට දැවැන්ත විරෝධතා පෙළපාලිවලට මුහුණ දීමට සිදු විය. එවකට ඔස්ට්‍රියානු චාන්සලර්වරයා වූ ඇලෙක්සන්ඩර් ෂලන්බර්ග් (Alexander Schallenberg) සිය ඉල්ලා අස්වීමට දින කීපයකට පෙර එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරන්නවුන්ට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කළේය. “ මෙවර නත්තල ඔවුන්ට කටුක එකක් බවට පත් කිරීමට” ඔහු පොරොන්දු විය.

එන්නත් ගැනීමට බලකෙරෙන දණ්ඩන මාධ්‍යයක් ලෙස ලොක්ඩවුන් යොදාගැනීම

දින කීපයකට පසුව ෂලන්බර්ග් විසින් ලොක් ඩවුන් ක්‍රියාමාර්ගය සියළු පුරවැසියන් සඳහා දීර්ඝ කළේය. එමෙන්ම ලොක්ඩවුන් සහ අනෙකුත් සීමා තහංචි නීති කඩකරන්නවුන්ට ඩොලර් 1660ක දඩයක් පැනවීය.
එමෙන්ම රටේ සියලුම පුරවැසියන්ට එන්නත් ලබාගැනීම අනිවාර්ය කළේය. එමෙන්ම “ ” ඔවුන් විසින් එන්නත් ලබාගැනීම දිගටම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි ” ද ඔහු අනතුරු ඇඟවීය.
එමෙන්ම ඔවුන් සඳහා දිගටම ලොක්ඩවුන් බලපානු ඇතැයි ඔහු පැවසුවේ මෙම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයේ පවත්නා දණ්ඩනකාරී න්‍යාය පත්‍රය සළකුණු කරමිනි.

2021 වැම්බර් 18 වැනි දින ස්ලෝවැකියාවද ඔස්ට්‍රියාව අනුගමනය කරමින් එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කරන්නවුන්හට ලොක්ඩවුන් ක්‍රියාත්මක කරන ලදි.
ඊට සතියකට පසු කොවැම්බර් 23 වැනි දින ස්ලොවැකියන් ආණ්ඩුව එන්නත් ප්‍රතික්ෂේප කරන්නවුන්ට එරෙහිව පමණක් නොව එන්නත් ලබාගත්තවුන්ටද අදාළ වන පරිදි සමස්ත ස්ලොවැකිවන් පුරවැසියන් උදෙසා ලොක් ඩවුන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලදි.
එන්නත් ලබා නොගත්තවුන් උදෙසා පමණක් ක්‍රියාත්මක වන ලොක් ඩවුන් ඇඳිරි නීතියක් යුරෝපය තුළ ප්‍රකාශයට පත් කළ ඊළඟ රට ජර්මනියයි. ජර්මන් රජයේ සෞඛ්‍ය බලධාරින් සහ දේශපාලකයන් විසින් 2021 අවසානයේදී මෙම ඊනියා වසංගතය “ එන්නත් වීරෝධීන් විසින් පතුරුවා හරින වසංගතයක් ” ලෙස නම් කරන ලදි.
“මෙම ශීත සෘතුව අවසානය වන විට නිසැකවම ජර්මනියේ සිටින සියලු දෙනා එන්නත් ලබාගත් හෝ කොරෝනා ආසාදිතව සුව වූ හෝ මරණයට පත් වූ යන තෙවර්ගයෙන් එකකට අයත්වනු ඇතැ” යි එවකට ජර්මනියේ සෞඛ්‍ය ඇමැති යෙන්ස් ස්පාන් (Jens Spahn) සඳහන් ක‍ළේය.
කෙසේ වුවද යුරෝපයේ සෙසු ආණ්ඩු මෙන් පෘතුගාල බලධාරින්ට “ මෙම නව කොරෝනා රැල්ල ” සම්බන්ධව එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළවුන්ට දොස් පැවරීමට අවස්ථාවක් හිමිව නොතිබිණි. මක් නිසාද යත්පෘතුගාලය තුළ සියලු දෙනාම පාහේ එන්නත් ලබාගෙන තිබූ බැවිනි. එසේ වුව ද ඔවුහුද සිය සෙසු යුරෝපීය සගයන් අනුගමනය කරමින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් නව සීමා කිරීම් සහ තහංචි ගණනාවක් සහිත 2021 නත්තල් ලොක්ඩවුන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලදි.  ආසාදිත සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යන බවට පෘතුගාල සෞඛ්‍ය බලධාරින් විසින් වාර්තා කළ අතර ජනගහණයෙන් 99%ක් වැනි ලෝකයේ ඉතාම ඉහළ එන්නත්කරණ ප්‍රතිශතයක් සහිත ස්ථාන ලෙස සැළකිය හැකි ජිබ්රාල්ටාවේ සියලු නත්තල් උත්සව අවලංගු කරන ලදි. මෙම පුවත විසින් සනාථ කරනුයේ එන්නත් ලබාගත් පුද්ගලයන් විසින් ද එන්නත් ලබා නොගත් පුද්ගලයන් හා සමාන ලෙසම රෝගය පතුරුවා හැරීම සිදු වන බවට එක්සත් ජනපදයේ වසංගත පාලන මධ්‍යස්ථානය (US CDC) විසින් 2021 නොවැම්බරයේදී දී පළ කර තිබූ අධ්‍යයන වාර්තාවකි

එන්නත්වල අසාර්ථකත්වය නව වෛරස් ප්‍රභේද අස්සේ සැඟවීමට උත්සාහ දැරීම

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමෙහිලා එන්නත්වල අසාර්ථක බව වඩ වඩාත් ජනතාව හමුවේ පැහැදිලිව පෙනී යන්නට පටන් ගැනීමත් සමගම ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් කොරෝනා වෛරසයේ අති බිහිසුණු නව ප්‍රභේදයක් පිළිබඳව කියැවෙන උද්වේගකර සිරස්තල පළ කරන්නට පටන්ගත්හ. දකුණු අප්‍රිකාවෙන් සොයාගත්තා යැයි කියන මෙම ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 නොවැම්බර් මස 26 වැනි දින “ඔමික්‍රොන් ” ලෙස නම් කරන ලදි. මෙම ප්‍රභේදය සොයාගත් වෛද්‍යවරිය විසින් මෙම ප්‍රභේදය මේ දක්වා පෙන්නුම් කර ඇත්තේ අසාධ්‍ය නොවන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණවලට බෙහෙවින් සමාන රෝග ලක්ෂණ බව ප්‍රකාශ කර ඇත.
බොට්ස්වානා රජයේ ප්‍රකාශයෙකුට අනුව මෙම ප්‍රභේදය එරටට පැමිණ ඇත්තේ පූර්ණ එන්නත් කරණයට ලක්වූ සංචාරකයන් 4 දෙනෙකු මගිනි.
ඔමික්‍රොන් යැයි නම් ලද මෙම ප්‍රභේදයේ බිහිසුණු කම ගැන අතිශයෝක්තියට නංවමින් භීෂණයක් ඇතිකිරීමට පළමුවෙන් වෑයම් කළ ඊනියා සෞඛ්‍ය විශේෂඥයන් අතර ලන්ඩන් ඉම්පීරියල් කොලෙජ්හි වසංගත රෝග පිළිබඳ දෙපාර්තුමේන්තුවේ වෛරස් විද්‍යාඥයෙකු වන ටොම් පීකොක් නැමැත්තාද විය. මෙම දෙපාර්තුමේන්තුවේ බොහෝ ව්‍යාපෘතිවලට බිල් ගේට්ස්ගේ අනුග්‍රහය ලැබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය යේ ආණ්ඩු ලොක්ඩවුන් ක්‍රියාමාර්ග සඳහා අවනත කරවා ගැනීමට කොරොනා ව්‍යාප්තියේ ශීඝ්‍රතාව සහ එමගින් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව පිළිබඳ අතිශයෝක්තියෙන් දැක්වෙන සාවද්‍ය ආකෘතින් මීට පෙර නිර්මාණය කර ඒ ඒ ආණ්ඩු වෙත ඉදිරිපත් කරන ලද්දේ ද මෙම ආයතනය විසිනි.

මෙම ඊනියා ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව දැන ගැනීමටත් පෙර සිටම යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ඒ වනවිටත් ආර්ථික කඩා වැටීමකට ලක්ව සිටි දකුණු අප්‍රිකානු රටවල් වෙත සීමා පැනවීම් සිදු කරන ලදි. නොවැම්බර් 26 වැනි දින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමිබියා, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රාජ්‍යයන් වෙත යන සහ එහි සිට එන ගුවන් ගමන් සඳහා තහනම් පනවන ලදි. ( The Gray Zone හි මෙම ලිපිය පළ කරන මොහොත වන විටත් මෙම රටවල් අතරින් කිහිපයක් තුළ කිසිදු ඔම්ක්‍රොන් රෝගීයෙකු වාර්තා වී නැත.)
“ අප දැන් ප්‍ර වේශ වෙමින් සිටින්නේ ලෝකයේ ආණ්ඩු විසින් සෑම වෛරස් ප්‍රභේදයක් සඳහාම දේශසීමා වසා දමන ලෝකයක් වෙතය.” The Covid Consensus නම් කෘතියේ කතුවර ටෝබි ග්‍රීන් The Grayzone වෙත පැවසීය
“ බටහිර ආණ්ඩු සහ මාධ්‍ය දුප්පත් රටවල ජනතාවගේ ජීවිත හෝ ජීවිකා වෘත්තීන් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව ඉතා පැහැදිලිය.මෙවැනි සීමා පැනවීම් සහ තහංචි මගින් ජාත්‍යන්තර සංචාරක කටයුතු මත පදනම් වුණු වෘත්තීන්වල නිරතවන සංචාරක මගපෙන්වන්නන්, හෝටල් සේවකයන්, ආපන ශාලා සේවකයන් මෙන්ම ගෝලීය දකුණේ සිට විදේශ රැකියා සඳහා යන ශ්‍රමික ජනතාවගේ ජිවිත වලට විනාශකාරී ප්‍රතිඵල ලබා දෙනු ඇත. එයින් වාසි ලබන්නේ කවුද? ධනවත් රටවල සේවා සැපයුම් සමාගම් විසිනුයි. ”

මේ වූ කලී නව සීමා කිරීම් තහංචි සහ ලොක් ඩවුන් රැල්ල හමුවේ නොනැසී සිටීමට යත්න දරන මිලියන සිය දහස් ගණන් දිළිඳු ජනයා වෙත ළඟාවන බියකරු අඳුරු සිසිරයක ආරම්භය පමණි.

 

Flattening the curve or flattening the global poor? How Covid lockdowns obliterate human rights and crush the most vulnerable නම් ලිපියේ පූර්ණ සිංහල පරිවර්තනය

 

 

ස්ටාව්රොවුලා පාබ්ස්ට් ග්‍රීසියේ ඇතැන්ස් නගරය සිට ලේඛන කටයුතුවල නිරතවන ලේඛිකාවකි. ඇගේ ලිපි AthensLive, Reductress, Passage සහ Harvard Business Review හි පළ වේ.
සම්මාන ලාභී ජනමාධ්‍යවේදියෙකු වන මැක්ස් බ්ලුමන්තාල් Grayzone හි ප්‍රධාන සංස්කාරකවරයාය. ඔහු විසින් Republican Gomorrah, Goliath, The Fifty One Day War, සහ The Management of Savagery. යනුවෙන් පොත් කීපයක් පළ කර තිබේ. ඔහු විසින් විවිධ ප්‍රකාශන ගණනාවක් වෙත ලිපි , වීඩියො වාර්තා සහ Killing Gaza ඇතුළු වාර්තා චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

අජිත් සී හේරත්

STAVROULA PABST AND MAX BLUMENTHAL·DECEMBER 3, 2021