චැනල් 4 සහ පාස්කු ඉරිදාව: සොනික් සොනික් මෙහෙයුම පිටුපස කඩාවදින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල- ධරිණි රාජසිංහම් සේනානායක

ධරිණි රාජසිංහම් සේනානායක

“අප සතුව ක්ෂිතිජයෙන් ඔබ්බට ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පවතී. එහි තේරුම යම් රටකට සෙබළුන් යැවීමකින් තොරව පහරදීමේ හැකියාව අප සතුව පවතින බවය ”
ජනාධිපති ජෝ බයිඩන්

ලංකාව භූගෝලීයව පිහිටා ඇත්තේ‍  ඉන්දීය සාගරය තුළ භූ දේශපාලනික සහ උපායමාර්ගිකව අතිශයින් වැදගත් ලක්ෂ්‍යකය.    ස්වකීය ගෝලීය ආධිපත්‍යය ව්‍යාප්තකිරීමේ සහ තහවුරුකරගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළන බලවේගයන්ට ඉන්දීය සාගරයේ වෙළඳ සහ මුහුදු යට සන්නිවේදන කේබල් පද්ධති පිළිබඳව නිරීක්ෂණය කිරීමටත්  ඒවා හරහා ඔත්තු බැලීමටත්  යොදාගත හැකි ලංකාවේ වෙරළබඩ සහ මධ්‍යම කඳුකරයේ ඉඩම්  කුණු කොල්ලයට විකිණෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ “ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ” ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් කිරීම සඳහා මේ මාසයේ සිදුවීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ චාරිකාව සඳහා සුදානම්වීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර සාවද්‍ය තොරතුරු ප්‍රචාරය උත්සන්න වෙමින් පවතින ආකාරයක් දැකිය හැකිය. 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ හිටපු දකුණු ආසියාතික කලාපය භාර නියෝජ්‍ය ලේකම්වරිය  ඇලිස් ජී. වේල්ස් වරෙක පවසා සිටියේ “ශ්‍රී ලංකාව වටිනා දේපලක් ” බවයි. එමෙන්ම එය ඉන්දීය සාගරයේ ගිල්වාදැමිය නොහැකි ගුවන්යානා ප්‍රවාහක නෞකාව ලෙසද දිගු කලක් තිස්සේ හැඳින්වේ.

2019 දී පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන විට වොෂිංටනය විසින් ඉදිරිපත්කර තිබූ සහස්‍රයේ අභියෝග පිළිබඳ සහයෝගිතා ගිවිසුම (Millennium Challenge Corporation-MCC)) විසින් ඉලක්ක කරන ලද අංශ වන ඉඩම්, බලශක්තිය, ටෙලිකොම්, ප්‍රවාහන යටිතල ව්‍යුහයන්, ආදියම ශ්‍රි ලංකාවේ සම්පත් සහ වත්කම් විකිණීම හරහා වාසි ලබන ප්‍රධාන පාර්ශ්වයන් අතර ඇති ප්‍රධාන බැඳුම්කර හිමියන් වන බ්ලැක්රොක් සහ එහි හවුල්කාර ඉන්දීය අදානි යන සමාගම් විසින් ඉලක්ක කිරීම අවධානය යොමුකරවන සුළුය.

කෙසේ වුව ද MCC සංයුක්ත ගිවිසුම ශ්‍රී ලංකා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පරිදිම ආසියානු 21 වැනි ශතවර්ෂය තුළ ලෝකයේ වේගවත් ඩොලර්හරණයක් සිදුවෙමින් පවතින හෙයින් ලංකාව විසින් අවසානයේදී යටත්විජිතහරණ ක්‍රියාදාමයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයද ප්‍රතික්ෂේප කරනු ඇත.

ඇමැති හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද “සොනික් සොනික් චැට්බොට් මහමොළකරු ” පිළිබඳ කතා පුවත 2019 පාස්කු ඉරිදා විනාශය පිළිබඳව ලංකාවේ ජනතාව ව්‍යාකූල කිරීම සඳහා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන බියුරෝවේ අනුග්‍රහයන් ඉදිරිපත් කරන ලද්දක් බව පෙනී යයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව වඩාත් පැහැදිලි සත්‍යය නම් එය දුරස්ත සයිබර්, චාලක සහ චාලක නොවන මෙහෙයුම් සමග සම්බන්ධීකරණය වූ විදේශීය සහ දේශීය බුද්ධි සහ පරීක්ෂණ කණ්ඩායම් විසින් මෙහෙයවන ලද “ක්ෂිතිජයට ඔබ්බෙන් ” (Over the Horizon -OTH) සිදුකළ මෙහෙයුමක් බවයි.

ආගමික ගැටුම් පිළිබඳ මවන ලද දුමාරය පිටුපස සැඟව ඇති භූ දේශපාලනික අවශ්‍යතාවන්

බොදු බල සේනාව විසින් මහනුවර දිගනදී දියත් කළ මුස්ලිම්  විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මහනුවර – 2018 මාර්තු 05

“ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය” (Islamic State of Iraq and Syria-ISIS) නම් සංවිධානයක් විසින් වගකීම භාරගන්නා ලදැයි පැවසුන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පුවත් නැවත වතාවක් ගෝලීය සහ දේශීය කෝපරේට් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවල නැවතත් දොංකාර දෙන්නට පටන්ගෙන තිබේ. එයට හේතු කීපයක් තිබේ
බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය පතන ලද “විසිල් බ්ලෝවර්ස්ලා ” හෙවත් තොරතුරු හෙළිදරවු කරන්නන් කීපදෙනෙකුගේ සාක්ෂි මත පදනම්ව නිෂ්පාදනය කර තිබුණ  බ්‍රිතාන්‍ය චැනල් 4 වැඩසටහන ඉදිරිපත් වූ මොහොත සළකා බලන විට ජීනිවා මානව හිමිකම් සංදර්ශනයේදී ශ්‍රී ලංකාව මත පීඩනයක් එල්ල කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සංහාරය සඳහා ලංකා ආණ්ඩුවේ පූර්ණ යටහත් පහත් අනුමැතිය ලබාගැනීම සඳහාත් ජනතා අවධානය වෙනතක යොමු කරනු සඳහාත් කල් යල් බලා ඉදිරිපත්කරන ලද්දක් බව පෙනී යයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පුවත් නැවැත මතුවීමට බලපාන ලද අනෙක් සිදුවීම ලෙස සැලකිය හැක්කේ චීනයේ සාගර සහ කාලගුණ පර්යේෂණ නෞකාවක් වන ෂීයෑන් 6 (Shi Yan 6) ලබන ඔක්තෝබරයේදී ලංකාවට පැමිණීමට නියමිතව තිබීමය.

චීනයේ සාගර සහ කාලගුණ පර්යේෂණ නෞකාවක් වන ෂීයෑන් 6 (Shi Yan 6) ලබන ඔක්තෝබරයේදී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ

පාස්කු බෝම්බ ප්‍රහාරවල නායකයා ලෙස සැලකෙන සහ්රාන් මරණය පත්ව ඇතැයි වාර්තා කෙරුණේ තවත් සුඛෝපභෝගි හෝටලයක් වන ෂැංග්‍රි-ලා හෝටලය වෙත එල්ල කරන ලද ප්‍රහාරයේදීය. එහිදී තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙම ප්‍රහාරයට සහභාගිවී තිබූ අතර ඔහුද ප්‍රහාරයේදී මරණයට පත්විය. මෙයින් පෙන්නුම් කරන්නේ චීන සමාගමකට අයත් ෂැංග්‍රි-ලා හෝටලය ඉතා වැදගත් ඉලක්කයක් ලෙස ප්‍රහාරකයන් විසින් සලකා ඇති බවය. එම ප්‍රහාරය දෙවැනි වන්නේ චීන සාගර විද්‍යාඥයන් මරණයට පත්කළ කිංග්ස්බරි ප්‍රහාරයට පමණි.

චැනල් 4 වැඩ සටහනේ නොමඟ යවන සුළු ආඛ්‍යානය විසින් සැඟවීමට තැත් කරන දෙය නම් සහ්රාන් මරණයට පත්වූයේ  චීනයට අයත් හෝටලයකට ප්‍රහාර එල්ලකිරීමේදී බවය. ඔහු මරණයට පත්ව ඇත්තේ කතෝලික පල්ලියකට ප්‍රහාර එල්ලකරන ලද ප්‍රහාරයකදී නොවේ.

මෙය විසින් ප්‍රශ්නය ගණනාවක් මතු කරයි.සැඟවුණ සයිබර්-ආර්ථික යුද මෙහෙයුමකට ආවරණයක් ලෙස ආගම යොදාගත්තේද යන්න ඉන් එකකි. පාස්කු ඉරිදා ප්‍රහාරවලදී ත්‍රස්ත කණ්ඩායමේ නායක සහ්රාන් චීනයට අයත් ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කිරීම සහ කිංග්ස්බරි හෝටලයේදී චීන විද්‍යාඥයන් මරා දැමීම වැනි ඉලක්ක තෝරාගැනීම තුළ හෙළිවන පරිදි ඒ පිටුපස සැඟවු‍ණු භූ දේශපාලනික සහ ආර්ථික උවමනාවන් පවතින්නේ ද යන්න මෙහිදී මතුවන තවත් ප්‍රශ්නයකි.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත දිගු කලෙක සිට විදේශ බුද්ධි සහ “ත්‍රස්ත මර්දන” මෙහෙයුම්වල වේදිකාවක් බවට පත්ව තිබේ. මෙයට ඉන්දියාවේ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය,1983 දෙමළ ජන සංහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ආරක්ෂාව සපයන ලද ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකාය පුහුණු කරන ලද බ්‍රිතාන්‍ය කීනි මීනි KMS-RAF කුලී හමුදා සහ 80 සහ 90 දශකයන්හිදී කොළඹ එක්සත් ජනපද කාර්යාලය තුළ සිට ක්‍රියාත්මකවුණ ඊශ්‍රායෙල් මොසාඩ් සේවයද ඇතුළත්ය. ඊශ්‍රායෙල් මොසාඩ් සේවය විසින් නැගෙනහිර දියත් කරන ලද මෙහෙයුම්වල ඉලක්කය වී තිබුණේ ඒ වනවිට ඉන්දියාවේ ආධාර සහ සහයෝගය ලබමින් ක්‍රියාත්මක වුණු දෙමළ සටන්කාමි සංවිධාන දුර්වලකිරීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර සතුරුභාවයන් නිර්මාණය කිරීම සහ උත්සන්න කිරීමය. නැගෙනහිර දෙමළ සටන්කාමි සංවිධාන සහ මුස්ලිම් ජනතාව අතර විශ්වාසය බිඳීයාමට හේතු වූ කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියට ප්‍රහාරය සිදු වූයේ මෙම වකවානුවේදීය.

ෂැංග්‍රිලා හෝටලය හෝ කිංග්ස්බරි හෝටලය යන දෙකෙන් එකක්වත් ආගමික ස්ථාන නොවන බැවින් මතුවන  මූලික ප්‍රශ්නය නම් ඒ වනවිටත් යුරෝ-බොන්ඩ් ණය උගුලේ පැටැලී සිරවී සිටි ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් ම රඳා පැවැති සංචාරක කර්මාන්තය බිඳ දැමීම ඉලක්ක කරගත් හයිබ්‍රිඩ් සයිබර්-ආර්ථික යුද්ධ ප්‍රහාරයක් ආගම්වාදි කඩතුරාවට මුවා වෙමින් එල්ලකර ඇත්ද? යන්නයි ඒ.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව ධීවර වරායන් ගණනාවක් තහනම් ප්‍රදේශ බවට පත්කරමින් ධීවරයන්ට මුහුදු යාම තහනම් කරන ලද අතර එමගින් වෙරළබඩ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය විනාශ කර දැමිණි. එමගින් රටේ ආර්ථිකය තවත් පිරිහීමට ලක්විය. ඒ අතර ලංකාවේ වටිනා මත්ස්‍ය සම්පත ප්‍රංශය ඇතුළු යුරෝපා සංගමයේ රටවල්, ජපානය,තායිවානය ඇතුළු රටවල දුරස්ත සාගර ධීවර යාත්‍රාවන් (Distant Water Fishing States-DWFS)විසින් කොල්ලකන ලදි.මෙම දුරස්ත සාගර ධීවර යාත්‍රාවන් විසින් ලංකාවට අයත් මුහුදේ මසුන් මැරීම තහනම් කළ යුතුයැයි නැගෙන ඉල්ලීමට පදනම්වන එක් තර්කයක් වන්නේ ලංකාවේ දුප්පත් ධීවර ප්‍රජාවට එම මත්ස්‍ය සම්පත් නෙළාගැනීමට එමගින් සැලසීමය.
මේ සියලු දේවල් විසින් මතු කරන ප්‍රශ්න වැලක් පවතී. සවුදි අරාබිය විසින් අරමුදල් සපයා ඇතැයි සැකයට ලක්ව ඇති ISIS සංවිධානය විසින් වගකීම භාරගත්තේ යැයි කියවෙන පාස්කු ප්‍රහාර පිටුපස සිටින මොළකරු කවුද? සවුදි තානාපති කාර්යාලයට මෙම ප්‍රහාර පිළිබඳ කල්තබා දැනුම් දීමක් ලැබී ඇති ද වාර්තා වේ. බිට්කොයින් හරහා සහ්රාන් ඇතුළ කණ්ඩායමට මුදල් සපයා ඇතැයි ඊශ්‍රායලයේ වයිට්ස්ට්‍රීම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කරන ලද්දේ ඇයි?

මාක්ස් පැවසූ පරිදි ඛෙදවාචකයක් සහ විගඩමක් ලෙස ඉතිහාසය පුනරාවර්තනය වෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය

මේ වනවිට පාස්කු ප්‍රහාරය දේශීය සහ විදේශීය “ බුද්ධි ආයතනවලත්”, විශේෂඥයන්ගේ සහ විමර්ශන කොමිසන් සභාවලත් කෙළවරක් නොමැති පරීක්ෂණයන්ට ලක්ව වාර්තා ඉදිරිපත් කෙරී ඇති අතර පාස්කු ප්‍රහාරය පිටුපස ඇති විදේශ සම්බන්ධතා පිළිබඳව එම වාර්තාවන්හි සඳහන් කෙරී ඇති පරිච්ඡේද සංස්කරණය කරමින් සිදුවීම පිළිබඳ සත්‍යය වසංකිරීමේ උත්සාහය උත්සන්න කෙරෙමින් පවතී.

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එවැන්නක් සිදුවීමට යන බව ඇමැති හරින් ප්‍රනාන්දුගේ පියාට කල් තබා දැනගන්නට ලැබී තිබිණි යැයි වාර්තා පළවිය.  ප්‍රහාරයෙන් වසර දෙකකට පසුව හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලද්දේ හෙජ්හොග් නම් මූල්‍ය පුවත් පිළිබඳව අසන ප්‍රශ්නවලට පිළිතුරු සපයන අන්තර්ජාල වැඩ සටහනක “සොනික් සොනික් ” නම් ආරූඪ නාමයෙන් පෙනී සිටි ශ්‍රි ලංකාවේ බුද්ධි නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරු බවයි.

හරීන් ප්‍රනාන්දු තමන්ට මෙම තොරතුරු ලැබුණේ එක්සත් ජනපදයේ පෙඩරල් පරීක්ෂණ බියුරෝව (Federal Bureau of Investigations-FBI) වෙතින් යැයි සඳහන් කර තිබේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූවන්ගේ දුරකතන ඉවත් කළේ යැයි කලින් චෝදනා එල්ලවී තිබුණේ ද මෙම මධ්‍ය පරීක්ෂණ බියුරෝව වෙතය. එමගින් ඔවුන්ගේ ජංගම දුරකතනවල තිබූ දත්ත ලබාගැනීම,හෝ තමන්ට හානිකර දත්ත වෙනස් කිරීමට හෝ මකාදැමීමට කටයුතු කර ඇති බවටද සැකයක් මතුවිය.

එසේ නම් මෙම “සොනික් සොනික්” ව මෙහෙයවන ලද “ක්ෂිතිජයෙන් ඔබ්බෙහි” වූ විදේශ බලවේග කවුරුන්ද යන්න පිළිබඳව සහ පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගත් බවට වීඩියෝ පටියක් නිකුත් කරන ලද්දේ කවුරුන්ද යන්න පිළිබඳව යන ගැටළු තවදුරටත් මතු වෙයි. නැතහොත් ඒ සයිබර් ලෝකයේ අනන්ත වූ අභිරහස් අතර තවත් අභිරහස් සිදුවීම් මාලාවක්ද?

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාත් පිළිබඳව විශේෂ උනන්දුවක් සහිත විදේශීය රටක් සමග ලංකාණ්ඩුව අත්සන් තබන ලද සහස්‍රයේ අභියෝග පිළිබඳ ගිවිසුම සහ හමුදා බලකායන් පිළිබඳ ගිවිසුම (Status of Forces Agreement-SOFA) යටතේ සිදු කෙරෙන හමුදා සහ බුද්ධි ආයතන පුහුණුවීම් කටයුතු මෙහෙයවන විදේශීය බුද්ධි සේවය වෙනුවෙන් දැන් ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වන සුරේෂ් සලේ සේවය කරමින් සිටීද?

ලංකාවේ නැගෙනහිර පලාත “ක්ෂිතිජයෙන් එහා” යුද මෙහෙයුම්වල සංග්‍රාම භූමිය බවට පත්ව තිබේද?

කොළඹ එක්සත් ජනපද තානාපතිනි චුංග් සහ ඇමැති හරීන්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත දිගු කලෙක සිට විදේශ බුද්ධි සහ “ත්‍රස්ත මර්දන” මෙහෙයුම්වල වේදිකාවක් බවට පත්ව තිබේ. මෙයට ඉන්දියාවේ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය,1983 දෙමළ ජන සංහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ආරක්ෂාව සපයන ලද ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකාය පුහුණු කරන ලද බ්‍රිතාන්‍ය කීනි මීනි KMS-RAF කුලී හමුදා සහ 80 සහ 90 දශකයන්හිදී කොළඹ එක්සත් ජනපද කාර්යාලය තුළ සිට ක්‍රියාත්මකවුණ ඊශ්‍රායෙල් මොසාඩ් සේවයද ඇතුළත්ය. ඊශ්‍රායෙල් මොසාඩ් සේවය විසින් නැගෙනහිර දියත් කරන ලද මෙහෙයුම්වල ඉලක්කය වී තිබුණේ ඒ වනවිට ඉන්දියාවේ ආධාර සහ සහයෝගය ලබමින් ක්‍රියාත්මක වුණු දෙමළ සටන්කාමි සංවිධාන දුර්වලකිරීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර සතුරුභාවයන් නිර්මාණය කිරීම සහ උත්සන්න කිරීමය. නැගෙනහිර දෙමළ සටන්කාමි සංවිධාන සහ මුස්ලිම් ජනතාව අතර විශ්වාසය බිඳීයාමට හේතු වූ කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියට ප්‍රහාරය සිදු වූයේ මෙම වකවානුවේදීය.

එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු දෙකේම සහයෝගය සහිතව ෂාරියා විශ්ව විද්‍යාලය පිහිටුවීමට කටයුතු කළ එම්.එල්.එම් හිස්බුල්ලා සමග කාත්තන්කුඩියේ සිය මූලස්ථානය පිහිටුවා ඇති සහරාන්ගේ ජාතික තවුහිද් ජමාද් සංවිධානය සම්බන්ධතා පවත්වන බවට තොරතුරු හෙළිදරවු විය. සහ්රාන්ගේ මෙම මංමුලා සහගත මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ කල්ලිය මෙහෙය වූ “ක්ෂිතියෙන්” එහා රහස්‍ය ආගාධ රාජ්‍යයේ මෙහෙයුම්කරුවන් විසින් ම සොනික් සොනික් සැලසුමද ක්‍රියාත්මක කළේද?

කෙසේ වුව ද, ISIS සංවිධානය විසින් ඝර්ම කලාපීය ශ්‍රි ලංකාවේ නැගෙනහිර ස්වාභාවික ගැඹුරු මුහුදක් සහිත ත්‍රිකුණාමල වරාය සහ කාත්තන්කුඩි අතර කලාපය තුළ ඉස්ලාම් කැලිෆේටයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීමේ විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබිණි.

නිල්, හරිත සහ පින්ක් බැඳුම්කර මගඩි: ආර්ථිකයේ ගෙල හිර කිරීමේ හයිබ්‍රිඩ් යුද මෙහෙයුම්

බ්‍රිතාන්‍ය චැනල් 4 වැඩ සටහනේ අරමුණ පාස්කු ප්‍රහාරය තුළත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ යටත්විජිතවාදි පැරිස් කණ්ඩායම විසින් දියත් කෙරෙමින් පවතින “ණය ප්‍රතිව්‍යුහගතකරණය” නාමයෙන් සිදුවන “ආර්ථිකයට මරලතෝනි නැගීමට සැලැස්වීම” පිටුපසත් පවත්නා භූ දේශපාලනික සහ ආර්ථික උවමනාවන් සැඟවීමත් ඒ කෙරෙහි ජනතා අවධානය යොමුවීම වැළැක්වීමත් බව දැකිය හැකිය. “ආර්ථිකයට මරලතෝනි නැගීමට සැලැස්වීම” යනු 1973 දී චිලියේ සමාජවාදි ආණ්ඩුවේ ජනාධිපති සල්වදොර් ඇලන්ඩේගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා චිලියට එරෙහිව පනවන ලද ආර්ථික සම්බාධක හැඳීන්වීම සඳහා භාවිතාකළ යෙදුමකි.

මේ අතර මේ මාසයේදී සිදුවීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ සංචාරය සඳහා සුදානම් වීමේ කටයුතුවල නිරතව සිටින ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මිල අධික විදුලි බස් රථ, විදුලි කාර්, විදුලි ත්‍රිරෝද රථ අලෙවිකරන ජාත්‍යන්තර සමාගම්වල අලෙවි නියෝජිතයෙකු බවට පත්වී සිටියි. මේ සියල්ල සඳහා බැටරි ආරෝපණය කරන විද්‍යුත් සේවා මධ්‍යස්ථාන අවශ්‍ය වේ. මෙම මිල අධික “හරිත පරිවර්තනය” කරා යොමු වීම විසින් අනිවාර්යයෙන්ම ලංකාව දැනට සිරවී ඇති ඩොලර් ණය උගුල තුළ තවතවත් ගැඹුරටම පටලැ‍වෙනු ඇත. ශ්‍රී ලංකාවට හරිත බලශක්ති පරිවර්තනයක් දරාගත නොහැකි අතර එවැන්නක අවශ්‍යතාවක් ද නොපවතී. මෙමගින් වාසි ලබනු ඇත්තේ හරිත තාක්ෂණය අලෙවි කරන සමාගම් පමණි.

ශ්‍රී ලංකාවේ කාබන් පිය සටහන් අගය ශුන්‍යයක් හෝ සෘණ අගයක් ගන්නා බැවින්, නැතහොත් ලංකාව සම්බන්ධයෙන් එවැන්නක් නොපවතින බැවින් G7 රටවල් සහ නෙටෝ යුද යන්ත්‍රය විසින් සිදුකරන හරිතාගාර දූෂණය සඳහා ලංකාව වන්දි ගෙවිය යුතු නැත. ණය උගුල විසින් විදුලි වාහන භාවිතය සඳහා කෙරෙන තෙරපීමේ අරමුණ ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය (CTB ) සහ දුම්රිය දෙපාර්තුම්න්තුව (SLR)පුද්ගලිකකරණය කිරීමේ පසුබිම සැකසීමය. මේ වනවිට දිගින්දිගටම සිදුවන සැක සහිත අනතුරු ඇසුරෙන් දැන් ප්‍රවාහන සේවාවන් පුද්ගලීකරණය කිරීමේ වාසි පිළිබඳව ආඛ්‍යානයක් දියත් කෙරෙමින් පවතී.

ඉතිහාසය විගඩමක් සහ ඛේදාන්තයක් ලෙස යලි යලිත් සිදුවෙමින් පවතී: බැඳුම්කර බෝම්බ සහ කොල්ලකරුවෝ

රට බංකොළොත් යැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ දූෂිත දේශපාලකයන් හා කොල්ලකාර බැඳුම්කර අලෙවිකරුවන් බැඳුම්කර අලෙවි කරමින් නින්දිත ලෙස ණය ගොඩගැසීමය. මේ අයුරින් බැඳුම්කර අලෙවි කිරීම වූ වහාම නවතා දමන ලෙස සිවිල් සමාජය විසින් කරන ලද ඉල්ලීම්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොතකා හැර ඇත. ඒ වෙනුවට ඔහු දැන් පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ (Environmental, Social and Governance-ESG) බැඳුම්කර සහ ස්වභාව ධර්මය සඳහා ණය හුවමාරුකරණය (Debt for Nature Swaps -DFNS) යනුවෙන් හරිත ශෝධනයකට ලක්කරන ලද හරිත සහ නීල බැඳුම්කර ජාවාරම ප්‍රවර්ධනය කරමින් සිටියි.

මෙය දූෂිත බැඳුම්කර ජාවාරම “පාරිසරික හරිතශෝධනයකට” ලක් කිරීමකි. මේ අතරම සමාජීය ක්‍රෙඩිට් සංරචකයක් යොදාගනිමින් බැඳුම්කර ජාවාරම “පින්ක් ශෝධනයකට ” ලක් කිරීමටද උත්සාහයන් දියත් වෙමින් පවතී. මෙම භූමියේ සියලු දුක්ඛිතභාවයන්ගේ හා දරිද්‍රතාවයේ උල්පත වන වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ කිරීම මගින් ආර්ථිකය බිඳ දැමීම නිසා විපතට පත් වූ “කාන්තාවන්ගේ සහ ළමයින්ගේ යැපීම සඳහා අත්‍යාවශ්‍ය සහනාධාර සැපයීම  මෙම බැඳුම්කර මගින් සහතික කෙරෙනු ඇත” යි පැවසේ.

රනිල් සහ මහේන්ද්‍රන්

2015 බැඳුම්කර මගඩිය සම්බන්ධව චෝදනා එල්ලවූ ප්‍රධානතම පුද්ගලයන් දෙදෙනා නම් මගඩිය සිදුවන විට මහ බැංකු පාලක ලෙස කටයුතු කළ සිංගප්පූරු පුරවැසියෙකු වන අර්ජුන මහේන්ද්‍රන් සහ එවකට අගමැති ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය. මේ හා සම්බන්ධ තවත් ආර්ථික ඝාතකයෙකු වන්නේ  ශ්‍රි ලංකා මහබැංකුවේ ගරුත්වය විනාශකළ මෙම බැඳුම්කර වංචාවට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය කියවෙන අධිකරණමය විගණන වාර්තාවේ කොටස් යට ගැසීමේ වංචනික ක්‍රියාව සහ කොල්ලකාරි හෙජ් අරමුදල්වලට සහ සියලුම වර්ගයේ බැඳුම්කර මගඩිවලට ශ්‍රී ලංකා මහබැංකුව විවෘත කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය.

මෙම මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සියළු දෙය දැන සිටි සහ ඒ හා සම්බන්ධ නඩුවේදී රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බැඳුම්කර මාෆියාවට එරෙහි ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් පසුගිය දෙසැම්බරයේදී ඝාතනය කරදැමිණි.

ශ්‍රී ලංකාවේ ණය බර තවදුරටත් උග්‍ර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් කණ්ඩායම විසින් හරිත,නිල් සහ රෝස බැඳුම්කර, ESG බැඳුම්කර , ස්වභාව ධර්මය සහ පරිසරය සඳහා ණය හුවමාරුකරණය ආදි බැඳුම්කර උගුල් මගින් ලංකාවේ ණය බර තවදුරටත් වැඩිකරමින් ඉතිහාසය යලි යලිත් පුනරාවර්තනය වනු ඇත.
මෙය විශාල දත්ත සංචිත සම්බන්ධ ක්‍රීඩාවල නිරතවන විවිධ විශේෂඥයන් විසින් කිසිදු පාරදෘෂ්‍යභාවයක් නොමැති සහ අතිශය නින්දිත කාබන් සහ සමාජමය ගිණුම් “‍නෙට් සීරෝ” නම් අපභ්‍රංශය සමග සම්බන්ධ කරමින් සොබාදම් මාතාව ප්‍රමාණකරණයට,දත්තකරණයට සහ මූල්‍යකරණයට ලක් කිරීමේ සැලසුමේම කොටසකි.

සොබාදම් මාතාව පෙරළා පහර දෙයි.

දේශගුණික විපර්යාසවලින් රටට ප්‍රයෝජනයක් අත්වන බව පෙන්වා දෙන ආකෘති සනාථ කරමින් පසුගිය සතිය පුරාම ලංකාවට දැඩි වර්ෂාපතනයක් ලැබිණි. නමුත් “මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික අර්බුදයක්” පිළිබඳ සමූහ ගායනයක නිරතවන්නවුන් විසින් තමන්ගේ නිගමනයන්ට තුඩු දුන් සාධක, උණුසුම්, සීතල සහ සෞම්‍ය දේශගුණයන් සහිත කලාපයන් දැක්වෙන සිතියම් පොදු මහජනතාව වෙත නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එසේ නමුත් කෝපරේට් මාධ්‍ය සහ ඒව ප්‍රතිරාවය කරන ගිරාපෝතක මාධ්‍ය විසින් සතියකට එපිටදී නියඟයක් ගැන කරන ලද වාචාල දෙඩවීමේ සිට දැන් අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවීමට යන හදිසි දේශගුණික ව්‍යසනයන් පිළිබඳ භීතියක් නිර්මාණය කරමින් පවතී. එහි අරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාදාමය හා සම්බන්ධවී සිටින බ්ලැක්රොක් සහ අනෙකුත් කොල්ලකාරි බැඳුම්කර හිමියන්ගේ හරිත සහ නිල් බැඳුම්කර ජාවාරම යුක්ති සහගත කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමයි. එනම් දේශගුණික විපර්යාස ව්‍යසන වැළැක්වීමට අවශ්‍ය පාරිසරික ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට හරිත සහ නිල් බැඳුම්කරද, ස්වභාව ධර්මය සඳහා ණය හුවමාරුකරණය ද අවශ්‍ය බවට මතයක් සමාජය තුළ ස්ථාපිත කිරීමය. නමුත් අගෝස්තු මාසය තුළ සාමාන්‍යයෙන් ඇත්තේ වියලි කාලගුණයක් බව ද මාසය අවසානයේදී බටහිර මෝසම් වැසි ආරම්භවන බවද අපි දනිමු.

එහෙයින් පසුව දිගින් දිගටම වර්ෂාව ඇදැහැලීම සිදුවිය. වී අස්වැන්න කඩාකප්පල් කිරීම මගින් සාගතයක් ඇති කිරීම සඳහාත්, පැය 15 විදුලි කප්පාදු සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහාත් සාගතයක් ඇතිකිරීම සඳහාත් , පෙරට දමා ඇති “මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික අර්බුදය” යන ආඛ්‍යානයට එරෙහිව සටන් කිරීමට සොබාදම් මාතාව තීරණය කර ඇති සෙයකි. පැය 15ක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇතැයි 2022 දී රනිල් වික්‍රමසිංහ තමන් බලයට පත් වූ වහාම ප්‍රකාශයට පත් ක‍ළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් වීම හැර අන් විකල්පයක් නැතයි යන මතය සමාජගත කිරීමට අවශ්‍ය භීතිය සමාජය තුළ වැපිරවීම සඳහාය. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් නොමැති බැවින් ඒවා ලබාගැනීම සඳහා ජාතික සම්පත් සහ වත්කම් විකිණීම කළ යුතුය යන මතය සමාජ ගත කරන ලද්දේ එලෙසය.

කොවිඩ්-19 ලොක් ඩවුන් ක්‍රියාත්මක කිරීමේ එක් ප්‍රධාන අරමුණක් වූයේද නිෂ්පාදනය සහ සැපයුම් මාර්ග අඩාල කිරීම මගින් සමස්ත ලෝකයේම ආර්ථිකය බිඳ හෙළමින් ඔවුන් ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට පත් කිරීමයි. එමෙන්ම බ්‍රසීලය, රුසියාව, චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සැදුම් ලත් BRICS ආර්ථික හවුලේ නැගීම වැළැක්වීමයි. දැන් BRICS රටවල් කණ්ඩායම විසින් බටහිර රටවල ආර්ථික සන්ධානය වූ G7 රටවල්ද පරාජය කරමින් පෙරට පැමිණෙමින් සිටී.

අවසාන වශයෙන් “ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය ”(ISIS) නම් සංවිධානයක් තමන් විසින් සිදු කරන ලද්දේ යැයි වගකීම භාරගන්නා ලද පාස්කු ඉරිදා ප්‍රහාරය “ක්ෂිතිජයෙන් එහා” සිට සැලසුම්කළ මහ මොළකරු හෙවත් ඒ පිටුපස සිටින විදේශීය බලවේගය කුමක්දැයි හඳුනාගැනීමට යමෙකු රොකට් විද්‍යාඥයෙකු වීම අවශ්‍ය නොවේ. ඔබට ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතිහාසය සහ “සැකයේ අර්ථ ශාස්ත්‍රය” පිළිබඳ සුළු දැනුමකුත්, විවේචනාත්මක සිතීමේ හැකියාවත් පමණි

සටහන්

Graham Watson: “Time to rethink how the World bank operates,” 20 February 2023, 

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.