ලංකාවේ ණය අර්බුදය පිටුපස ඇමෙරිකන් මිලිටරි සහ මූල්‍ය මෙහෙයුම්

ධරණී රාජසිංහම් සේනානායක

දැනට කලෙක සිට ශ්‍රි ලංකාව වෙත අනතුරු ඇඟවීමේ සීනු නාද වෙමින් පවතී. මෙම දිවයින ඉන්දියානු සාගරය තුළ කාර්ය බහුල වෙළඳ නෞකා ගමන් පථයක සහ මුහුද යට එලන ලද සන්නිවේදන රැහැන් මාර්ගවල උපායමාර්ගිකව වැදගත් ලක්ෂ්‍යක පිහිටා තිබේ. එහෙයින් බලගතු රටවල පසමිතුරුකම්වලට එය මැදිව තිබේ.

මෙකී අනතුරු ඇඟවීම් දැකීමට අසමත්වූවන් වෙනුවෙන්, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රධානියා වූ නැන්සි පොලොසි විසින් පසුගිය සතියේ ආසියානු සංචාරය විසින් හඬ නගා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ යටත් විජිතවාදය සහ සීතල යුද්ධය අවසානයේදී ප්‍රබන්ධමය “ නිදහස් සහ විවෘත ඉන්දු පැසිපික් කලාපය“ වෙත පැමිණ ඇති බවයි.

තායිවානයේ සිට සොලමන් දූපත් දක්වා වන දූපත් රාජ්‍යයන් සහ නීති වීරෝධී ලෙස ආක්‍රමණය කර ඇති චාගෝස් දූපත්වල පිහිටුවා ඇති දියාගෝ ගාර්ෂියා හමුදා කඳවුරුද යොදාගනිමින් පාරිසරික වශයෙන් විනාශකාරි මිලිටරීකරණය නැවත අරඹා තිබේ.

යුවාන් වන්ග්-5 නෞකාව

චීනයේ මුහුදු සහ වෙළඳමාර්ග ව්‍යාපෘතිය (Belt and Road Initiative) වැළැක්වීම සඳහා දැනට ස්ථාපිත එක්සත් ජනපද හමුදා කඳවුරු 40 කට ආසන්න ප්‍රමාණයකට අතිරේකව, එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව යන රාජ්‍යවලින් සැදුම් ලද QUAD කණ්ඩායම හෙවත් “හතරේ කල්ලිය“ ද ප්‍රමාණවත් නොවූ හෙයින් පසුගිය වසරේ පිහිටුවන ලද AUKUS මිලිටරි සන්ධානය පිහිටුවීමෙන් ද පසුව නැන්සි පොලොසිගේ මෙම තායිවාන සංචාරය සිදුවීම අතිශය වැදගත්කමකින් යුතු සිදු වීමක් විය.
එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද උපදෙස් අනුව ශ්‍රි ලංකාවේ ඇමෙරිකන් ආධාර ලබන ආණ්ඩුව විසින් පසුගිය සතියේදී හම්බන්තොට වරායට පැමිණිමට නියමිතව තිබූ චන්ද්‍රිකා පිළිබඳ නීරීක්ෂණ හැකියාවන් සහිත චීන පර්යේෂණ යාත්‍රාවට වරායට ඇතුළුවීමෙන් වළකින ලෙස දැනුම් දෙන ලදි. මෙය සිදුවූයේ අන්තර්මහාද්විපික බැලිස්ටික් මිසයිල නිරීක්ෂණ හැකියාව සහිත චීන යුවාන් වන්ග්-5 (Yuan Wang 5) නෞකාවද ශ්‍රි ලංකා මුහුදු සීමාව වෙත ළඟාවෙමින් පවතිද්දීය.

ඉන්දියාව මේ පිළිබඳව සිය දැඩි සැළකිල්ල යොමුව ඇති බව ප්‍රකාශයට පත් කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැති ඇමෙරිකන් තානාපතිනිය ජූලි චුන්ග් අතර පැවැති සාකච්ඡාවකින් පසුව යුවාන් වාන්ග් 5 නෞඛාව වරයාට ඇතුළු වීම ප්‍රමාද කරන ලදි.ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය විසින් හම්බන්තොට වරාය නම් කර ඇත්තේ ඉන්දියානු සාගරයේ ”මුතුවැලෙන් එක් මුතු ඇටයක් “ ලෙසය. ඔවුන් මෙලෙස එනම් String of Pearls නමින් හඳුන්වන්නේ චීනය විසින් සිය මුහුදු සහ වෙළඳ මාර්ග ව්‍යාපෘතියට අයත් ගමන්පථයට අයත් වරායන්ය. සෙසු වරායන් නම් බංග්ලා දේශයේ චිතගොං, මියන්මාරයේ සිට්වේ සහ පකිස්ථානයේ  ග්වාදාර්ය.

ණය අර්බුදය, බංකලොත්බව, හරිත-ශෝධනයක්ද, දෙමුහුන් ආර්ථික යුද්ධයක්ද?

වසර 2019 දී ලෝක බැංකුව විසින් ශ්‍රි ලංකාව මධ්‍යම පරිමාණ ආදායමක් සහිත රටක් ලෙස වර්ගීකරණය කර තිබූ අතර එය හඳුන්වා දී තිබුණේ දකුණු ආසියාවේ ධනවත්ම රටවලින් එකක් ලෙසය. සීතල යුද්ධයේ භූ දේශපාලන බලපෑමේ සළකුණු ශ්‍රි ලංකාව තුළ දිස්වන්නට විය.

උපායමාර්ගික වශයෙන් වැදගත් කමක් ඇති මෙම දිවයිනේ කටයුතුවලට සෘජුවම අතපෙවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මෙම වසරේ අප්‍රේලයෙදී අවස්ථාව උදාකර දෙමින් කූට “ආණ්ඩු වෙනස් කිරීමේ මෙහෙයුමකින්” පසුව රටේ ජනාධිපති බවට පත් ආර්ථික ඝාතකයෙකු විසින් මාස කීපයකට පෙර රට “බංකොළොත් ” බව ප්‍රකාශයට පත් කරන ලදි.

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග “ නිලධාරි මට්ටමේ සාකච්ඡා“ මගින් එකඟතාවකට එළැඹීමට පවත්වමින් සිටි සාකච්ඡාවන් සම්පූර්ණයෙන්ම වොෂින්ටනය සිය කණිෂ්ඨ සහායකයා වූ නවදිල්ලිය සමග එක්වී දුරස්ථ පාලකයක් මගින් මෙහෙයවන ලද බව පෙනෙන්ට තිබිණි. ලංකාව ඒ වනවිටත් “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ“ ආකෘතියට ඇතුළුවෙමින් පැවැති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවේ රටේ සම්පත් නිරාවරණය කිරීමටත් තුට්ටු දෙකට විකුණා දැමීමටත් සුදානම් කර තිබිණි. ඒ එක්සත් ජනපදයට සහ යුරෝපා සංගමයට අයත් මුල්‍ය සමාගම්වල අන්තර්ජාතික ස්වෛරී ණය බැඳුම්කර හිමි මුල්‍ය සමාගම්වල “ ණය වලට ඇපයක්“( International Sovereign Bond -ISB ) ලෙසය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡාවක

ලංකාවට ණය ලබා දෙමින් එය ණය උගුලක පැටැළවූයේ යැයි චීනය වෙත කෙළවරක් නොමැති දෝෂාරෝපණය කිරීම් සිදුවුව ද ශ්‍රි ලංකාවේ ඩොලර් බිලියන 26ක් වන ණය වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් හිමිව ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම් කර ( එනම් ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය සමාගම් වලින් ගනු ලබන ණය) වෙතය. ශ්‍රි ලංකාව වර්තමානයේ සිරව ඇති ණය උගුලද බංකොළොත් බවද, මූල්‍යමය බිඳවැටීමද නිර්මාණය කර ඇත්තේ මෙම ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර විසිනි. එපමණක් නොව සම්බාධක වල ප්‍රහාරයට ලක්වෙමින් සිටින රුසියාවෙන් සහ ඉරානයෙන් තෙල් මිලදී ගැනීමට නොහැකි වී ඇත්තේ ද කෘත්‍රිම ලෙස ඇති කරන ලද ඇමෙරිකන් ඩොලර් හිඟයයි. මෙම රහසිගත ණය බැඳුම්කර හිමියන් විසින් උපායමාර්ගික වැදගත්කමකින් යුතු මෙම දිවයිනේ ජාතික සම්පත් අත්පත් කරගනිමින් ඇත. රජයට අයත් යුගදනවි විදුලිබලාගාරය එක්සත් ජනපද සමාගමක් වන නිව් ෆෝට්‍රස් ( New Fortress) වෙත පසුගිය වසරේ පසුගිය වසරේදී විකුණා දමන ලද අතර, ශ්‍රි ලංකා එයාර්ලයින් විකිණීම සඳහා සාකච්ඡා අරඹා ඇත.

අද්‍රවශීලිතාව (illiquidity) සහ බංකොළොත්බව (insolvency) අතර වෙනස හෝ දේපළ වටිනාකම් නිර්ණයේදී එය පිහිටා ඇති තැන අනුව එහි වටිනාකම වෙනස්වන බව හෝ දිවයිනේ ඛනිජ සම්පත්වලින් පොහොසත් මුහුදු පත්ල තුළ ජාත්‍යන්තර මුල්‍ය ආර්ථික පද්ධතිය රඳාපවතින UDC දත්ත රැහැන් අතුරා ඇති බව හෝ මේවාට බදු අය කළහොත් රටට විශාල විදේශ විනිමයක් ලබාගැනීමේ අයිතියක් ඇති බව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නොපිළිගනී.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමහර ආයතන වලට අනුව ශ්‍රි ලංකාව දැන් සාගත තත්ත්වයකට මුහුණ දීමට ඉඩ ඇති අතර, හයිටිය මෙන් ඉතාම දුප්පත් රටවල් (Least Developed Country -LCD) අයත්වන ලැයිස්තුවට වැටීමට ඉඩක් පවතී. මෙම තත්ත්වය විසින් “ණය සඳහා පරිසරය හුවමාරු කිරීමේ ක්‍රමය“ ( Debt for Nature Swaps – DFNS) සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) විසින් පෙරට දමන ආපදා ධනවාදී වැඩ සටහන් ලංකාව තුළ ක්‍රියාත්මක කරවීමට අවස්ථාව උදා කරනු ඇත. මේ අනුව ඒ ඒ ප්‍රදේශවල ජනතාවට දර කැබැල්ලක් ඇහිලීමට, හො ගඩාගෙඩියක් කඩාගැනීමට හෝ වනාන්තරයකට ඇතුළු වීමද මිරිදිය හෝ කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන දුප්පත් ධීවරයන්ට මුහුදට හෝ මිරිදිය ජලාශ, ගංගා හෝ ඇළ දොළවලට ඇතුළු වීම ද “පරිසරය සුරැකීමේ “ නාමයෙන් තහනම් කරනු ඇත.

ඉතා අවම කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් සහිත රටක් වන ලංකාව වැනි රටක් වෙත කාබනික පොහොර සහ හරිත ඉන්ධන වෙත යොමු කිරීමට බලපෑම් කරමින් ආහාර සහ ඉන්ධන හිඟයක් කෘත්‍රිම ලෙස ඇති කර ඇති නමුත් එමෙන් දස දහස්වාරයක පාරිසරික බලපෑමක් සහිත ගෝලීය මිලිටරි නිෂ්පාදන-ව්‍යාපාරික සංකීර්ණ වල බලපෑම ගැන “ යුගාන්තමය පරිසර විනාශයක්“ ගැන දොඩවන කිසිවෙකු කතා කිරීමට ඉදිරිපත්ව නැත.
ආර්ථික අර්බුදය පිළිබඳව පවත්නා ආඛ්‍යානය , දත්ත සහ භූමියේ පවත්නා යථාර්ථය අතර නොගැලපීමක් පවතී. රටේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව මේ දක්වා රට පාලනය කළ ආණ්ඩුවල දූෂණ පමණක් නොව ඊට අමතරව වෙනත් බරපතල හේතූන් ද පවතින බවට සාක්ෂි විශාල වශයෙන් නිරාවරණය වෙමින් පවතී.

“ක්ෂිතිජයට එහා මෙහෙයුම්“ (Over the Horizon Operations) සහ චීන ෂී යාන්-3

දකුණු ආසියාවේ කාර්ය බහුලම වරායක් වන කොළඹ වරායටද දැවැන්ත චීන ආයෝජනයන්ට ද නුදුරින් ශ්‍රී ආර්ථිකයේ එක් ප්‍රධාන අංශයක් වන සංචාරක කර්මාන්තය මෙන් ම බහුආගමික රටක් වන එහි ජාතින් අතර සමගියද විනාශවන පරිදි IS ත්‍රස්තවාදි සංවිධානය විසින් එල්ල කළා යැයි පැවසෙන 2019 පාස්කු බෝම්බ ප්‍රහාරවලින් පසු එක්සත් ජනපදය විසින් නිරන්තරයෙන්ම පවත්වනු ලබන ක්ෂිතිජයට එහා දෙමුහුන් යුද මෙහෙයුම් (Over the Horizon – OTH) දැන් සාමාන්‍ය දසුනක් වී තිබේ.

මෙරට විද්‍යාඥයන් පිරිසක් සමග ඒකාබද්ධ සාගර විද්‍යාත්මක පර්යේෂණය සඳහා ෂියාන්-3“ පර්යේෂණ නෞකාව මගින් කොළඹ වරායට පැමිණීමට නියමිතව සිටි චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් 4 දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසුව මරණයට පත්වූ බව වාර්තා විය. දකුණු චීනයේ සාගර විද්‍යා ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ලී ෂියාන්(38), චීන විද්‍යා ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු පාන් වෙන් ලියාංග් (35), චීන ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ සහකාර පර්යේෂක සහ ලී දාවෙයි (30) , ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය වාංග් ලී වෙයි (28) කොලඹ කිංග්ස්බරි හෝටලයේදී මරණයට පත් විය. ඔවුහු ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ 2019 අප්‍රේල් 18 වැනි දාය.

මෙම දෙමුහුන් යුද මෙහෙයුමේදී පාස්කු බෝම්බ ප්‍රහාරකයන් විසින් හොංකොං චීන ජාතිකයෙකුට අයත් සුඛෝපභෝගී හෝටලයක් වන ෂැංග්‍රිලා හෝටලයටද ප්‍රහාරයක් එල්ලකරමින් සංචාරක කර්මාන්තය මත පැවැති ශ්‍රි ලංකා ආර්ථිකයට මාරාන්තික විනාශයක් සිදු කරනු ලැබිණි.
කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඉදිකර ඇත්තේ කලින් ශ්‍රි ලංකා හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩමේය. එය ආසියාවේ කාර්ය බහුලතම වරායක් වන කොළඹ වරායට යාබදව පැවතිණි. ඒ අසලම පිහිටි ඉපැරණි ශාන්ත අන්තෝනි දෙව්මැදුරටද ප්‍රහාරයක් එල්ල විය. කොළඹ වරායට යාබදව චීනය විසින් ඉදිකරන ලද “වරාය නගරය“ නුදුරු දිනකදී විවෘත කිරීමට නියමිතව තිබිණි.

විදේශීය බලවේග විසින් මෙහෙයවන ලද දේශියසංවිධාන ජාලයකට අයත් පුද්ගලයන් විසින් මෙම පාස්කු ප්‍රහාරය දියත් කරන ලද්දේ එක්සත් ජනපදය සමග සහස්‍ර අභියෝගතා සහයෝගීතාව (Millennium Challenge Corporation- MCC)සහ හමුදා අයිතිය පිළිබඳ ගිවිසුම (Status of Forces Agreement-SOFA) අත්සන් තැබීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදීය. මෙම ප්‍රහාරයන් දියත් කරන ලද්දේ ඉන්දියානු සාගර කලාපය තුළ ඉස්ලාමීය ත්‍රස්තවාදය මැඩලීමේ අවශ්‍යතාවය සඳහා ඇමෙරිකන් හමුදාවලට ලංකාවේ හමුදා කඳවුරු පිහිටුවීම සාධාරණීකරණය සඳහා අවශ්‍ය හේතුවක් නිර්මාණය කිරීමට බවට විශ්වාසයක් පවතී.

2020 දී උපායමාර්ගික වැදගත්කමකින් යුතු ලෙබනනයේ බේරුට් වරායේ අතිශය විනාශකාරි පිපිරීමක් සිදු විය. චීනයේ නාවික සහ මුහුදුමාර්ග ව්‍යාපෘතියේ කටයුතු ඉලක්ක කරමින් ඉක්වදොරයේ ගවායාක්විල් වරායේ ද පිපිරීම් සිදුවිය.
මේ අතර ශ්‍රි ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවේ මෙන්ම විදේශ රටවල බුද්ධි අංශ විසින් කෙළවරක් නැති පරීක්ෂණ තොගයක් පවත්වන ලද අතර ඒවා විසින් විශාල සාක්ෂි සංඛ්‍යාවක් යටපත් කිරීම හෝ විනාශ කිරීම සිදු විය. සමහර බුද්ධි අංශ විසින් සිය දිවිනසාගැනීමේ බෝම්බ ප්‍රහාරය දියත් කළ පුද්ගලයාගේ ජංගම දුරකතනය රහසිගතව රටින් පිට කර තිබිණි. මෙම දෙමුහුන් යුද උපක්‍රමයක ස්වරූපයක් ගත් පාස්කු ප්‍රහාරය මෙහෙයවන ලද පුද්ගලයාගේ අනන්‍යතාව තාමත් රහසක්ව පවතී.

ධීවරයන්ට මුහුදු යාම තහනම් කිරීම, බාධක පැනවීම සහ මිලිටරී කරණය

පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුව එක්සත් ජනපදය විසින් මෙහෙයවන QUAD යුද සන්ධානයට අයත් රටවල් විසින් පවත්වන ලද මලබාර් යුද අභ්‍යාස පැවැත්වුණු 2020 ඔක්තෝබරයේදී, ලංකාවේ දකුණු වෙරළ වෙත තල්මසුන් සිය ගණනාවක් ගොඩ ගසා තිබිණි.මෙයින් බොහෝ දෙනෙකු මරණීය තත්ත්වයක පසුවිය. මෙතරම් විශාල සංඛ්‍යාවක් වෙරළ වෙත පාව ඒමට හේතුව නොවූ විරූ ප්‍රතිධ්වනි තරංගමය බාධාවන් හේතුවෙනි.

මලබාර් යුද අභ්‍යාසවලට පසුව එම්.වී පර්ල් සහ එම්.ටී. ඩයමන්ඩ් යන නෞකාවන් දෙක ශ්‍රි ලංකාවේ බටහිර සහ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව අභිරහස් ලෙස ගිනිගැනීම්වලට ගොදුරු වූ අතර ඒවායේ තිබූ තෙල් වෙරලාසන්න මුහුදේ විසිරිණ.

2019 පාස්කු ප්‍රහාරයෙන් රටේ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීමෙන් පසු බෑමට ලක් වූ ආර්ථිකය තවදුරටත් විනාශ වූයේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැරදි උපදෙස් මත මාස ගණන් කල් පවත්වාගෙන ගිය ආර්ථිකමය වශයෙන් විනාශකාරි ලොක්ඩවුන් සහ ඇඳිරිනීති පැනවීම් ද මිලිටරිකරණය කරන ලද කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයද හේතුවෙනි. මෙම ප්‍රතිපත්ති රටේ ආර්ථිකයට මරු පහරක් විය.

ඒ අයුරින් රටේ දුප්පත් ධිවර ජනතාවට තම ජීවිකාව මාස ගණනකට අහිමි විය. ඒ කාලයක් තිස්සේ විවිධ ආකාරයෙන් මතු වූ විනාශකාරි සිදුවීම් හේතුවෙනි. 2019 පාස්කු ප්‍රහාරය විසින් ඉලක්ක කරන ලද්දේ වෙරළබඩ ප්‍ර දේශයන්ය. ධීවර ජනතාවට එරෙහිව කොරෝනා ලොක්ඩවුන් සහ බාධක ක්‍රියාත්මක කරන ලද්දේ විදේශ රටවල අනවරත පුහුණුකිරීම්වලට සහභාගිවන ශ්‍රි ලංකා නාවිකා හමුදාව විසිනි. නාවික හමුදාව විසින් ලංකාවේ ධීවරයන් මුහුදු යාම වළක්වාලන ලද නමුත් ගැඹුරු මුහුදේ මසුන් මැරීමේ නිරත රටවල් වූ ප්‍රංශය, ජපානය, කොරියාව සහ යුරෝපා සංගමයට අයත් “ලංකාවට ආධාර දෙන“ රටවල ට්‍රෝලර් සමාගම්වලට කිසිදු බාධකයකින් තොරව උපාය මාර්ගික වැදගත්කමකින් යුතු ශ්‍රි ලංකා දේශසීමාවේ මසුන් මැරීමට නාවික හමුදාව විසින් කිසිදු බාධාවකින් තොරව ඉඩ සළසා තිබිණි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් දිගින්දිගටම ලොක්ඩවුන් සහ ඇඳිරිනීති මගින් සිරකර තිබියදී රටේ පය ගැසීමට තැනක් සොයමින් සිටි විදේශීය බලවේග නිතර ලංකාවට පැමිණෙමින් ශ්‍රි ලංකා නාවික හමුදාවේ “අන්තර් මෙහෙයුම් හැකියාවන්“ වර්ධනය කරනු පිණිස පුහුණුව ලබා දීම සිදු විය. සමහර අවස්ථාවලදී විදේශීය රටවල නියෝග මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ශ්‍රි ලංකා මුහුදු සීමාව තුළදී තමන්ගේම රටේ පුරවැසියන් අත්අඩංගුවට ගැනීම සිදු විය. ඒ අතර ලංකාවේ මත්ස්‍ය සම්පත ගැඹුරු මුහුදේ මසුන් මරන රටවල් ( Distant Water Fishing States – DWFS) සහ ඔවුන්ගේ ට්‍රෝලර් සමාගම් විසින් කොල්ලකන ලදි.

මේ අනුව.සිය රට මෙන් 15 ගුණයකට වඩා මුහුදු සීමාවක් හිමි දිවයින් රාජ්‍යයක ජනතාවට මිලදී ගැනීමට නොහැකි තරම් මාළු මිල වාර්තාගත ලෙස ඉහළ යාම සිදුවිය.2022 වසරේදී කොවිඩ් ලොක්ඩවුන් පිටුපස පැමිණි ඉන්ධන හිඟය සහ තහනම් කිරීම් හේතුවෙන් නැවතත් රටේ ධිවර ප්‍රජාවගේ ජීවිකාව විනාශයට පත් විය. මෙයට බලපෑවේ විදේශීය බලවේග සහ ඔවුන්ගේ දේශීය ආර්ථික ඝාතකයන් විසින් පනවන ලද ඉන්ධන තහනම හේතුවෙන් ධීවරයන්ට මුහුදු යාමට සිය බෝට්ටු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට නොහැකි වූ නිසාවෙනි.

මේ වසරේ ජූනි සහ ජූලි වන විට එක්සත් ජනපද නාවික හමුදාව සහ සාගර දර්ශන මෙහෙයුම් (Sea Vision Operations) ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ ධීවර ප්‍රජාවන් මත මත පනවන ලද විවිධ ලොක්ඩවුන් සහ බාධක බලසම්පන්න රටවල් විසින් දියත් කරන ලද ජීව විද්‍යාත්මක යුද අභ්‍යාස එහි උපරිමය කරා ළඟා විණි. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව(DoD) විසින් මෙහෙයවන ලද මෙම ‘සාගර දර්ශන’ (‘Sea Vision’) මෙහෙයුම් පැවැත් වෙන අතරතුර තෙල් සහ ගෑස් සම්බාධක හේතුවෙන් ශ්‍රි ලංකාව මුළුමණින්ම පාහේ වසා දමා තිබිණි.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් මෙහෙයවන ලද මෙම සාගර දර්ශන මෙහෙයුම තුළ එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව සමග යුද අභ්‍යාස සිදුකරමින් සිටින අතර තුර ලංකාව වෙත රුසියන් ඉන්ධන රැගෙන පැමිණි නෞකාවන් අභිරහස් ලෙස අතුරුදන්වීම සිදුවිය.

එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සඳහා පවත්වන ලද Sea Vision පුහුණු වැඩමුළුව

යුක්‍රේන යුද්ධය හේතුවන් කරගනිමින් එක්සත් ජනපදය විසින් රුසියාවට සම්බාධක පනවන ලදි. නමුත් බොහෝ රටවල් එක්සත් ජනපද ඩොලරය අත්හැර දමමින් රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගැනීම දිගටම සිදු කළහ.ඉන්දියාව විසින් රුසියාව සමග වෙළඳාම සඳහා මූල්‍ය හුවමාරු කවුළුවක් (currency swap window ) විවෘත කරමින් ඉන්දියානු රුපියල් සහ රූබල් අතර ගනුදෙනු දිගටම පවත්වාගෙන ගියේය.
කෙසේ වුව ද ඉන්දියානු සාගරය මැද පිහිටි මෙම දිවයින ඇමෙරිකාව, ඉන්දියාව, සහ QUAD මිලිටරි සන්ධානය විසින් මුහුදෙන් සහ ගොඩ බිමෙන් පනවන ලද සම්බාධක සහ අවහිර කිරීම් මගින් වටලා තිබිණි. එක්සත් ජනපදයේ සහ ශ්‍රි ලංකාවේ නාවික හමුදා විසින් ඒකාබද්ධව පවත්වන ලද සාගර දර්ශන මෙහෙයුම පැවැත්වෙන අතරතුර ශ්‍රි ලංකාවට පැමිණි ගුවන් යානා දකුණු ඉන්දියාවට හරවා යවන ලදි.
ඉන්දියානු තෙල් සමාගම (IOC) ඉන්ධන සුළු ප්‍රමාණයක් අලෙවි කරමින් දැවැන්ත ලාභයක් ලබාගනිද්දි ඉන්ධන සහ ගෑස් හිඟයෙන් පීඩා විඳි ජනතාව විරෝධතා ආරම්භ කළහ. වොෂින්ටනයේ විශේෂ උපදේශකයන්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමද කොළඹට පැමිණි අතර ආර්ථිකය සම්පූර්ණයෙන්ම වසා දැමිණි.
මේ අනුව අරාබි වසන්තය ආකාරයේ ආණ්ඩු පෙරළීමේ අත්පොතට අනුව දියත් කරන ලද මෙහෙයුමකින් වොෂින්ටනයේ ආර්ථික ඝාතකයා වූ රනිල් වික්‍රමසිංහ බලයට පත් විය.මාස තුනකට පෙර මානව සංවර්ධනය සහ සමාජමය දර්ශක අනුව දකුණු ආසියාවේ ධනවත්ම රටවල් අතරින් එකක් ලෙස සැළකුණ ඔහු බලයට පත්වී කෙටි කළක් ඇතුළත බංකොළොත් බව ප්‍රකාශයට පත් කෙරුණේ පැය 15ක විදුලි කප්පාදුව, සම්පූර්ණ ඉන්ධන කප්පාදුව, සහ සාගතය පිළිබඳවද අනතුරු අඟවමිනි.

 

නිගමනය: යුවාන් වාංග් හම්බන්තොටට පැමිණීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බ්ලැක්රොක් සමාගම සඳහා ඇපවීම

“අබිරහස්“ යුවාන් වාංග් 5 චීන නෞකාව ශ්‍රි ලංකාවට පැමීණීම පිළිබඳ උද්වේගකර ආඛ්‍යානය කාලයත් සමගම අවසාන වී තිබේ. කොළඹ රජය විසින් ප්‍රකාශ කරන ලද්දේ නවදිල්ලිය සහ වොෂින්ටනය විසින් අධිතාක්ෂණික සන්නිවේදන හැකියාවන් සහිත යුවාන් වංග් 5 නෞකාවේ පැමිණීම පිළිබඳ දක්වන විරෝධතාවයට අදාළව සංයුක්ත හේතුවක් දක්වා නැති බවයි. අගෝස්තු 16 වැනි දින මෙම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වීමට නියමිතව තිබිණි. ඒ ඔවුන් පැමිණීමට නියමිතව සිටි දිනට වඩා දින 5ක ප්‍රමාදයකින් පසුවය.

එක්සත් ජනපදයේ නිදහස් සහ විවෘත ඉන්දු පැසිපික් කලාපයක් යන සටන්පාඨය චීනය විසින් ගෝලීය අන්තර් සම්බන්ධය සහ යටිව්‍යුහ සංවර්ධන වැඩ පිළිවෙළ වූ නාවික සහ මාර්ග ව්‍යාපෘතිය (Belt & Road Initiative-BRI) කඩාකප්පල් කර දැමීම සඳහා භාවිතා කරන මෙවලමක් බව දැන් වඩවඩාත් පැහැදිලි වෙමින් පවතී.

යුවාන් වාංග් 5 නෞකාව පිළිබඳ ක්‍රීඩාව ශ්‍රි ලංකාවට ස්වෛරී බැදුම්කර ණය ලබාදුන් බ්ලැක්රොක් වැනි බටහිර මූල්‍ය සමාගම් වලට ඇප තැබීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙහෙයවන සාකච්ඡා සමග සෘජු සම්බන්ධයක් පවතී. එක්සත් ජනපදය සහ රටවල් හතේ කණ්ඩායම විසින් පාලනය කරනු ලබන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බටහිර ණය උගුලට සිරවී ඇති රටවල් වෙතින් නව පාරදෘෂ්‍ය භාවයක් ඉල්ලා සිටිනු ලබයි. මෙහි අරමුණ ඉන්දියාව සහ චීනය වැනි රටවල් විසින් ද නව සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් විසින් ද දෙනු ලබන ණය ඉලක්ක කිරීම බව පෙනී යයි. මෙම පසුව සඳහාන් කරන ලද රටවල් බටහිර පැරිස් කණ්ඩායම විසින් යෝජනා කරනු ලබන ණ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන්ගේ කැමැත්ත පළව ඇත්තේ ණය ගත් රටවල් සමග ද්විපාර්ශ්විකව අදාළ ගැටළු විසඳාගැනීමටය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ චීනයේ සහ ඉන්දියාවේ මෙම ප්‍රවේශය විසින් බටහිර ණය උගුලේ හිරවී ඇති බොහෝ රටවලට ස්වාධීනත්වයකින් සහ ස්වෛරීබවකින් යුතුව තම ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා අවස්ථාවන් විවර කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවේශය වන්නේ ගෝලීය දකුණේ රටවල සම්පත් කොල්ලකෑම සඳහා සියළු ණය හිමි මුල්‍ය සමාගම් එකට රැස් කර ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාදාමය තුළ බ්ලැක්රොක් සහ හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි මූල්‍ය සමාගම්වලට වාසි ලැබෙන පරිදි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම සඳහා බලකිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන් පාරදෘෂ්‍යභාවය වෙනුවෙන් පෙනී සිටින බව පවසන නමුත් පුදුමයකට මෙන් ඉහත තමන් පෙනී සිටින ස්වෛරී ණය බැඳුම් කර හිමි මූල්‍ය සමාගම්වල ( ISB holders) අනන්‍යතාව එය විසින් නිසි පරිදි හෙළිදරවු කර නැත. එමෙන්ම පොලී අනුපාතය සහ ගාස්තු පිළිබඳව තොරතුරු ද රහසිගතව පවත්වාගෙන යන අතර ද්විතීයික වෙළෙඳපොළේදී ඔවුන්ගේ ගණුදෙනු සහ එකඟතාවන් පිළිබඳවද ඇත්තේ දැඩි රහසිගත බවකි.

2016 දී ස්විට්සර්ලන්තයේ දාවොස්හිදි රනිල් වික්‍රමසිංහ සහ රවි කරුණානායක කුප්‍රකට ලෝක ආර්ථික සංසදයේ නායක ක්ලාවුස් ෂ්වාබ් හමුවූ අවස්ථාව

කෙසේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලංකාවේ විශාලතම මූල්‍ය වංචාව(2015 මහබැංකු බැඳුම්කර වංචාව) පිළිබඳ චෝදනා එල්ල වී ඇත. රටේ ආර්ථික විනාශයට බලපෑ ජාත්‍යන්තර ස්වෛරී ණය වලින් 70%ක් ලබාගෙන ඇත්තේ 2015-2019 අතර කාලය තුළ පැවැති ඔහුගේ රජය විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වාගෙන යනු ලබන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ඔහුගේ සහභාගිත්වයම මෙම ණය ප්‍රතිව්‍යුගතකිරීමේ ක්‍රියාදාමයේ දූෂිත ස්වාභාවය සඳහා කඳිම සාක්ෂියකි. මේ තත්ත්වය විසින් පෙන්නුම් කරන්නේ අහිංසක දුප්පත් පුරවැසියන්ට ගෙවීමට සිදුව ඇති පිළිකුල් සහගත ජාත්‍යන්තර ස්වෛරී ණය ( ISB ) ගෙවීම මුළුමණින්ම අවලංගු කිරීමේ අවශ්‍යතාවයයි.

ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය හිමිකරුවන් ( ISB holders ) පිළිබඳව නිසි තොරතුරු නොපැවතීමත්, මෙම ගනුදෙනු පිළිබඳ පාරදෘෂ්‍යභාවයක් නොවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා වන සන්ධානය (Coalition for Economic Development -CEDSL),ඉල්ලා සිටියේ එම සියළු ණය ශුන්‍ය බවට ප්‍රකාශ කර ඒවා අවලංගු කරන ලෙසත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ගෙවීමේ ක්‍රමයක් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම් කරන ලෙසත් එමගින් අනාගතයේදී මිත්‍ර රටවලින් ණය ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථා විවෘත කරගන්නා ලෙසත්ය.

අවසාන වශයෙන්, පොලොවේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලිය. ණය සහ සාගතය පිළිබඳ භීෂණය වපුරමින් සිටින ආඛ්‍යානයත් මේ මොහොතේ පොළොවේ යථාර්ථයත් අතර නොගැලපීමක් පවතී. චීන නැව ශ්‍රි ලංකාව අසලින් යාත්‍රා කරමින් සිටින විට ශ්‍රි ලංකාවේ ආර්ථිකය විවෘත වූවා පමණක් නොව අතර සක්‍රිය වීම සහ වර්ධනය වීම ද වාර්තා විය. කෙසේ වුව ද ජූලි සහ ජූනි මාසවලදී ඇමෙරිකන් උපදේශකයන් සහ නාවික හමුදාව සාගර දර්ශන මෙහෙයුම රට තුළ දියත් කරමින් සිටින අතර පුරවැසියන්ට එරෙහිව ඉන්ධන සම්බාධක, ආර්ථිකය වසා දැමීම, සාගතය පිළිබඳ තර්ජන එල්ලකරමින් ණය පිළිබඳ බිහිසුණු මානසික යුද මෙහෙයුමක් දියත් විය.

පුදුමයකට මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කොළඹ සිටින විට සිදු වූ එකම දෙය නම් අරාබි වසන්තය පන්නයේ විරෝධතාවක් නැතහොත් “ අරගලය“ විසින් ආර්ථික ඝාතකයෙකු ජනාධිපති වීමත් බලශක්ති ඇමැති කාංචන විජේරත්නගේ අකාර්යක්ෂමතාව දූෂණ හේතුවෙන් පැන නැගුණු ඉන්ධන හිඟය නිසා රටේ කටයුතු අඩාල කිරීම පිළිබඳ වගකීම භාරගෙන ඔහුට ඉල්ලා අස්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉල්ලා සිටීම පමණකි.

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක
සමාජ මානව විද්‍යාඥ