බිල් ගේට්ස් විසින් මාධ්‍ය හීලෑකර ගැනීම

 

2020 කොවිඩ්-19 නාටකය කරළියට ගෙන පැමිණීමට පෙර සති කීපයකට පෙර Event 201 නමින් පෙරහුරු ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. එමගින් ඉදිරි කෙටිකාලය තුළ වෛරසයක් මගින් මාරාන්තික වසංගතයක් පැතිරෙන බව විශ්මයජනක නිවැරදිතාවකින් යුතුව පුරෝකතනය කර තිබිණි.මෙම ඩිජිටල් ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වූවන් අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ද විය. මෙම පදනම මෙහෙයවන බිල් ගේට්ස් වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්ධතිය නිර්මාණය මගින් ප්‍රකෝටිපතියෙකු බවට පත් විය. නමුත් 90 දශකයේ මුල භාගයේ සිට ඔහු සිය “ධන පරිත්‍යාග” මගින් ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කරන්නට පටන්ගත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍යාධාර ලබා දෙමින් එහි එන්නත්කරණ වැඩ පිළිවෙළ මුළුමණින්ම සිය ග්‍රහණයට ගෙන තිබේ. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට එයට ආධාර දෙන රටවල්ද පරදවමින් දෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ බිල් ගේට්ස්ට අයත් සංවිධාන වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ගාවි(GAVI) පදනමයි. 2018-19 වසර සඳහා එම සංවිධාන විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 901,7ක් ලබා දී දෙමින් දෙවන තැන හිමි කරගෙන තිබූ අතර 2020-21 වසර සඳහා ඩොලර් මිලියන 1005,2 ක් හෙවත් ඩොලර් බිලියනයක් ලබා දී තිබිණි. කොවිඩ් ප්‍රෝඩාව පිටුපස සිටින ප්‍රධානතම පුද්ගලයෙකු වන ඔහු මෙම කොවිඩ්-19 සඳහා එන්නත් නිෂ්පාදනය කරන ලද සියළුම ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම්වල ඩොල්ර් මිලියන සිය ගණනින් ආයෝජනය කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ සිය ආධිපත්‍යය උපයෝගී කරගිනිමින් ඔහු ඒ සියළු එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගනිමින් විශාල ලෙස මුදල් ඉපැයීය. ඊනියා කොවිඩ් වසංගතය ඇරඹීමට පෙර ඩොලර් බිලිය 97ක් වූ ඔහුගේ වත්කම් 2021 අවසාන වනවිට ඩොලර් බිලියන 158ක් දක්වා ඉහළ නැග තිබිණි. මෙතරම් විශාල ගෝලීය පරිමාණ ප්‍රෝඩාවක් ලෝකයම රවටමින් ඔහුට කරගෙන යාමට හැකි වූයේ ජනමාධ්‍යය තුළ ඔහුට තුළ සීමා රහිත බලය හේතුවෙනි. සිය මුදල් වියදම් කරමින් ඔහු ලෝකයේ බොහෝ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදින් මිල දී ගෙන තිබිණි. මේ පිළිබඳව 2021 නොවැම්බරයේදී Mint Press News වෙබ් අඩවිය වෙත ලිපියක් ලියමින් ඇලන් මැක්ලොයිඩ් විසින් හෙළිදරවු කර ඇති කරුණු සහ මිෂෙල් ග්‍රීන්ෂ්ටයින් සහ ජෙරමි ලොෆ්රෙඩෝ විසින් Gray Zone වෙබ් අඩවිය වෙත ලියන ලද ලිපියක කරුණු ඇසුරෙන් මෙම ලිපිය සකස් කරන ලදි.

මෙම වසංගත තත්ත්වය තුළ බිල් ගේට්ස් වීරයෙකුගේ තත්ත්වයට පත්වීමට සමත් විය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඔහුව හැඳින්වූයේ “ විද්‍යාව මත පදනම්ව විසඳුම් ඉදිරිපත්කරන ශූරයෙකු” ලෙසය. ඒ අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඔහුව වර්ණනා කළේ “ ලෝකයේ සිටින අතිශයන්ම උනන්දු ජනක මිනිසා” ලෙසය. එමෙන්ම එක්සත් ජනපදය වසංගතයෙන් බැට කෑමට සති කීපයකට පෙර නෙට් ෆ්ලික්ස් විසින් මුදාහරින ලද “වසංගතයක් වැළැක්විය හැක්කේ කෙසේද” (Pandemic: How to Prevent an Outbreak) නම් ප්‍රවෘත්ති විශේෂාංග වැඩ සටහන් මාලාවක නම් සුපිරි තරුව වූයේ ඔහුය. මෙම වැඩ සටහන නිෂ්පාදනය කරන ලද්දේ නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිනියක් වූ ෂෙරි ෆින්ක් විසින් වන අතර ඇය ඊට පෙර බිල් ගේට්ස් විසින් මුල්‍ය අනුග්‍රහය ලබාදුන් ප්‍රෝ පබ්ලිකා, ද නිව් ඇමෙරිකා ෆවුන්ඩේෂන් සහ ඉන්ටර්නැෂනල් මෙඩිකල් කෝර්ප්ස් නම් සංවිධාන තුනේ සේවය කර ඇත.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙම “වසංගත කාලය” තුළ බිල් ගේට්ස් සම්බන්ධයෙන් කරනු ලබමින් සිටින වර්ණනා රළ ප්‍රවාහය විසින් මෙම ප්‍රකෝටිපතියා සහ ඔහුගේ ප්‍රයෝගයන් පිළිබඳව දක්ෂිණාංශික දේශපාලන කව තුළ දැඩි විමසිලිමත් බවක් ජනිත කෙරුණ අතර එය ප්‍රගතිශීලින් විසින් ට්‍රම්ප්වාදීන්ගේ සහ Q-Anon වරුන්ගේ කුමන්ත්‍රණ න්‍යායන් ලෙස සළකා බැහැර කරනු ලැබිණි.

එහෙත් බිල් ගේට්ස්ගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා වන ප්‍රචාරක ව්‍යාපාරයට ඔබ්බෙන් ඇති සිත් කළඹවන ඉතිහාසයක් විසින් අවධානය යොමු කිරීමට බල කෙරෙන කරුණක් තිබේ. එනම් ඔහුගේ පදනම් සංවිධානය විසින් “වසංගතය” සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කරන “විසඳුම” ලෝක ජනතාවට යහපත් ගෙන දීමට සමත්වන්නේ ද නැතහොත් ඔහුගේ බලය ජාත්‍යන්තර ආයතන තුළ ව්‍යාප්ත කරමින් තවදුරටත් ශක්තිමත් කරන්නේ ද යන්නයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන මෙම ජාත්‍යන්තර සංවිධානය (එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය) බහුජාතික සමාගම්වල ආධිපත්‍යය පැතිරවීමේ වාහනයක් බවට පත්කරමින් ගේට්ස් පදනම විසින් දැනටමත් එය සාර්ථකව පුද්ගලීකරණය කර තිබේ. එය විසින් ගෝලීය දකුණේ ජනයා මත විෂ සහිත නිෂ්පාදන පැටවීමේ ක්‍රියාදාමයට පහසුකම් සපයා ඇතිවා පමණක් නොව ලොව දිළිඳුතම ජනයා ඖෂධ සමාගම්වල නිෂ්පාදන පරීක්ෂණයට ලක් කිරීමේ ක්‍රියාවලිය තුළ පරීක්ෂණාගාර මීයන් බවට පත් කර තිබේ.
මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ගේට්ස් පදනම සිය බලපෑම් සහගත බව ප්‍රායෝගිකව යොදාගනු ලබනුයේ මහජනයාගේ ආරක්ෂාව පිණිස පවත්නා වූ නීති සහ රජයේ අනෙකුත් ක්‍රියාකාරිත්වයන් දුර්වල කර ඒවා නොතකා හරිනු සඳහා යොදවන අතුරු හමුදාවක් ලෙසය. එහෙයින් ගේට්ස් පදනමේ ක්‍රියාකාරිත්වය සැළකිය හැක්කේ නිදහස් ජාතික රාජ්‍යයන්ට එරෙහිව බටහිර ප්‍රාග්ධන අවශ්‍යතාවන් ඉටුකරන ප්‍රවාහකයක් ලෙසය.

“ගේට්ස් පදනම හේතුවෙන් ස්වාධීන රාජ්‍යයන් එකක් පසු පස එකක් ලෙස සිය ස්වාධීනත්වය පාවා දෙන අයුරු මම නිරීක්ෂණය කර ඇත්තෙමි.” යි ඉන්දියාව පදනම් කොටගෙන ගොඩ නගන ලද විද්‍යාත්මක, තාක්ෂණික සහ පාරිසරික පර්යේෂණ සඳහා වන පදනම (Research Foundation for Science, Technology and Ecology) සංවිධානයේ නිර්මාතෘ වන ආචාර්ය වන්දනා ශිවා Grayzone වෙත පැවසුවාය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෛරසය තදබල ලෙස ව්‍යාප්ත වී ඇතැයි පැවසුන අප්‍රේල් මස දී පමණක් ඔහු ව සම්මුඛ සාකච්ඡා සඳහා CNN, CNBC, Fox, PBS, BBC, CBS, MSNBC, The Daily Show සහ The Ellen Show යන වැඩ සටහන්වලට ආරාධනය කරනු ලැබිණි. BBC සේවයේ වැඩ සටහනකට සහභාගි වෙමින් ඔහු තමන් විසින් තමාවම “ සෞඛ්‍ය විශේෂඥයෙකු”ලෙස හඳුන්වා ගත්තේය. මාධ්‍ය තුළ මේ ප්‍රකෝටිපතියාගේ ප්‍රතිරූපය ගොඩනැගීමට වෑයම් කරනුයේ ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙසින් එක් තේමාවක් ලෝක ජනතාව මත තහවුරු කිරීමේ ඉලක්කය සාක්ෂාත් කරගනු සඳහාය. එනම් ලෝකයේ රාජ්‍යයන් සහ ඒවායේ නායකත්වය බිල්ගේට්ස් විසින් පවසන ලද දෙය පිළිගනු ලැබුවේ නම් මෙම වසංගතය සමග සටන්වැදීම සඳහා වඩාත් හොඳින් සුදානම් වීමට ඉඩ පැවැති බවය. විලාසිතා සඟරාවක් වන Vogue විසින් වරෙක විමසන ලද්දේ “ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමේ කාර්ය සාධක බලකායේ නායකත්වය බිල් ගේට්ස් වෙත ලබා නොදෙන්නේ මන්ද? ” යන්නයි. ද ගාඩියන් වෙබ් අඩවිය විසින් ඔහුව වරෙක හඳුන්වා තිබුණේ “සාන්තුවර බිල්” යනුවෙනි

2021 නොවැම්බරයේදී Mint Press News. වෙබ් අඩවිය විසින් හෙළිදරවු කර තිබුණේ කොවිඩ්-19 නිල ආඛ්‍යානය පවත්වාගෙන යාම සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ඩොලර් මිලියන 319ක විවිධ ව්‍යාපෘතීන් සඳහා මාධ්‍ය සංවිධානවලට සහ පුද්ගලයන්ට ලබා දී ඇති බවයි.“”

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමවෙතින් සෘජු ප්‍රදාන ලෙස මුල්‍යාධාර ලද මාධ්‍ය ආයතන

 ආයතනය  ලබාගත් මුදල (ඩොලර්)
NPR 24,663,066
The Guardian පුවත්පත සහ TheGuardian.org වෙබ් අඩවිය 12,951,391
කැස්කේඩ් පබ්ලික් මිඩියා (Cascade Public Media) 10,895,016
පබ්ලික් රේඩියෝ ඉන්ටර්නැෂනල් සහ එහි වෙබ් අඩවි (Public Radio International (PRI.org/TheWorld.org) 7,719,113
ද කොන්වර්සේෂන්(The Conversation) 6,664,271
යුනිවිෂන් (Univision) 5,924,043
ඩෙයර් ස්පීගල්-ජර්මනිය (Der Spiegel -Germany) 5,437,294
ප්‍රොජෙක්ට් සින්ඩිකේට් (Project Syndicate) 5,280,186
එඩ්යුකේෂන් වීක් (Education Week) 4,898,240
වෙටා (WETA) 4,529,400
NBC යුනිවර්සල් මීඩියා(NBCUniversal Media) 4,373,500
නේෂන් මීඩියා ගෘප්- කෙන්යා (Nation Media Group-Kenya) 4,073,194
ලෙ මොන්ද් – ප්‍රංශය (Le Monde – France) 4,014,512
බෙකේසියා – දකුණු අප්‍රිකාව 3,990,182
එල් පායිස් (El País) 3,968,184
බීබීසී(BBC) 3,668,657
සීඑන්එන් – ඇමෙරිකාව (CNN) 3,600,000
KCET 3,520,703
ජාත්‍යන්තර ජනගහන සන්නිවේදනය(Population Communications International – population.org) 3,500,000
ද ඩේලිග්‍රාෆ් (The Daily Telegraph) 3,446,801
චෝක්බීට් (Chalkbeat) 2,672,491
දි එඩ්යුකේෂන් පෝස්ට් (The Education Post) $2,639,193
රොක්හොපර් ප්‍රොඩක්ෂන්ස් – බ්‍රිතාන්‍ය (Rockhopper Productions U.K) 2,480,392</t
කෝපරේෂන් ෆෝ පබ්ලික් බ්‍රෝඩ්කාස්ටින් (Corporation for Public Broadcasting) 2,430,949
අප්වර්දි (UpWorthy) 2,339,023
ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) 2,309,845
ද 74 මෙඩියා (The 74 Media) 2,275,344
ටෙක්සාස් ට්‍රිබියුන් (Texas Tribune) 2,317,163
පන්ච් – නයිජීරියාව (Punch – Nigeria) 2,175,675
නිව්ස් ඩීප්ලි (News Deeply) 1,612,122
දි ඇට්ලාන්ටික් (The Atlantic) 1,403,453
මිනසෝටා පබ්ලික් රේඩියෝ (Minnesota Public Radio) 1,290,898
වයිආර් මීඩියා (YR Media) 1,125,000
ද නිව් හියුමනිටේරියන් (The New Humanitarian) 1,046,457
ෂෙගර් එෆ්එම්-ඉතියෝපියාව(Sheger FM-Ethiopia) 1,004,600
අල්ජසීරා (Al-Jazeera) 1,000,000
ප්‍රොපබ්ලිකා (ProPublica) 1,000,000
ක්‍රොස්කට් පබ්ලික් මෙඩියා (Crosscut Public Media) 810,000
ග්‍රිස්ට් මැගසින් (Grist Magazine) 750,000
කර්ස් ගෙසාග්ට් (Kurzgesagt) 570,000
එඩ්යුකේෂනල් බ්‍රෝඩ්කාස්ටින් කෝප් (Educational Broadcasting Corp) 506,504
ක්ලැසිකල් 98.1 (Classical 98.1) 500,000
පීබීඑස්(PBS) 499,997
ගානට් (Gannett) 499,651
මේල් ඇන්ඩ් ගාර්ඩියන් – දකුණු අප්‍රිකාව (Mail and Guardian – South Africa) 492,974
ඉන්සයිඩ් හයර් එඩ්. (Inside Higher Ed.) 439,910
බිස්නස් ඩේ-නයිජීරියාව (BusinessDay-Nigeria) 416,900
Medium.com 412,000
නටෝපියා (Nutopia) 350,000
ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් බ්‍රොඩ්කාස්ටින් (Independent Television Broadcasting Inc.) 300,000
ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් සර්විස් (Independent Television Service, Inc) 300,000
කායික්ෂින් මිඩියා- චීනය (Caixin Media – China) 250,000
පැසිෆික් නිව්ස් සර්විස් (Pacific News Service) 225,000
නැෂනල් ජර්නල් (National Journal) 220,638
ක්‍රොනිකල් ඔෆ් හයර් එඩ්යුකේෂන් (Chronicle of Higher Education) 149,994
බෙලා ඇන්ඩ් විසල් සමාගම (Belle and Wissell, Co.) 100,000
මීඩියා ට්‍රස්ට් (Media Trust) 100,000
නිව්යෝර්ක් පබ්ලික් රේඩියෝ (New York Public Radio) 77,290
KUOW – පුගට් සවුන්ඩ් පබ්ලික් රේඩියෝ (KUOW – Puget Sound Public Radio) 5,310

ඉහත ලබාදී ඇති අරමුදල් සියල්ලේ එකතුව ඇමෙරිකන් ඩොලර් මිලියන 166,216,526.00කි. ගේට්ස්ගේ ඉලක්ක සාධනයෙහි උපකාරිවන ව්‍යාපෘතින් කෙරෙහි මෙම මුදල් සම්පාදනය කෙරී ඇත. උදාහරණයක් ලෙස CNN වෙත ලබාදී ඇති ඩොලර් මිලියන 3.6 යොදවා ඇත්තේ “ සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ලෝකය පුරාම ස්ත්‍රීන් සහ දැරිවියන් එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන විෂමතාවයන් පිළිබඳව වාර්තා කෙරෙන ලිංගික සමානත්මතාව පිළිබඳ ජනමාධ්‍යවේදයක් නිර්මාණය කිරීම සඳහාය.”
Texas Tribune වෙත මුදල් ලබා දී ඇත්තේ “ටෙක්සාස්හි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මහජන අවබෝධය සහ සහභාගිත්වය වැඩි දියුණු කිරීම” සඳහාය.බිල් ගේට්ස් වූ කලී චාටර් පාසල් ක්‍රමයේ ප්‍රධානම අනුග්‍රහකයකි. චාටර් පාසල් යනු පාසලේ වියදම රජය විසින් දරන නමුත් එහි පරිපාලනය සහ අධ්‍යාපන පිළිවෙත් පුුද්ගලික සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන යන පාසල් ක්‍රමයකි.ෆේස් බුක් මාකර් සුකර්බර්ග්, ඊබේ හි සම නිර්මාතෘ පියරේ ඔමිඩියාර් ඇතුළු සමාගම් හිමිකරුවන් සමග බිල්ගේට්ස් විසින් දියත් කර ඇති අධ්‍යාපනය සහ පාසල් පද්ධතිය ග්‍රහණයට ගැනීමේ නියමු වැඩ සටහන් සඳහා අවශ්‍ය ප්‍රචාරක කටයුතුවලට ඉහත මුදල් ගෙවා තිබේ.
ගේට්ස් පදනම විසින් බීබීසී ආයතනය වෙත ඩොලර් මිලියන 53ක් ද, MTV මාධ්‍ය ජාලයේ “ස්ටේයින් අලයිව්”(Staying Alive Foundation) සඳහා මිලියන 9ක් ද නිව්යෝර්ක් ටයිම්ස් සඳහා මිලියනයක් ද ගෙවා තිබේ.ජනමාධ්‍ය අයිතීන් සහ ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා වන රාජ්‍ය නොවන සංවිධානවලට බිල්ගේට්ස් විසින් සමස්තයක් ලෙස මිලියන 38ක් ගෙවා තිබේ. මෙම මිලියන 38න් මිලියන 20ක් පමණ ගෙවා ඇත්තේ වොෂින්ටනය පදනම්ව ක්‍රියාත්මක වන ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය වෙතය.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වෙතින් මුල්‍යාධාර ලද ජනමාධ්‍යවේදීන් සදහා වූ ජාත්‍යන්තර සංවිධාන

 ආයතනය  ලබාගත් මුදල (ඩොලර්)
ජනමාධ්‍යවේදීන් සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (International Center for Journalists-ICfJ) 20,436,938
ගවේෂණාත්මක ජනමාධ්‍යවේදය සඳහා ප්‍රිමියම් ටයිම්ස් මධ්‍යස්ථානය (Premium Times Centre for Investigative Journalism-Nigeria) 3,800,357
අර්බුද වාර්තාකරණය සඳහා වන පුලිට්සර් මධ්‍යස්ථානය(The Pulitzer Center for Crisis Reporting) 2,432,552
යුරැක්ටිව් පොලිටෙක් පදනම (Fondation EurActiv Politech) 2,368,300
ජාත්‍යන්තර කාන්තා මාධ්‍ය පදනම (International Women’s Media Foundation) 1,500,000
ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා වන මධ්‍යස්ථානය (Center for Investigative Reporting) 1,446,639
ඉන්ටර්මිඩියා සමීක්ෂණ ආයතනය (InterMedia Survey institute) 1,297,545
ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා වන බියුරෝව (The Bureau of Investigative Journalism) – $1,068,169
ඉන්ටර්නිව්ස් නෙට්වර්ක් (Internews Network) $985,126
සන්නිවේදන සාමූහික මාධ්‍ය මධ්‍යස්ථානය (Communications Consortium Media Center) 858,000
ලාබ නොලබන පුවත් සඳහා වන ආයතනය (Institute for Nonprofit News) 650,021
මාධ්‍ය අධ්‍යයන සඳහා වන පොයින්ටර් මධ්‍යස්ථානය (The Poynter Institute for Media Studies) 382,997
නයිජීරියාවේ ගවේෂණාත්මක ජනමාධ්‍යෙව්දය සඳහා වන වොලි සොයින්කා මධ්‍යස්ථානය (Wole Soyinka Centre for Investigative Journalism-Nigeria) 360,211
උසස් ජනමාධ්‍යවේදී අධ්‍යයනයන් සඳහා වන ආයතනය Institute for Advanced Journalism Studies 254,500
මාධ්‍ය සංවර්ධනය සඳහා වන ගෝලීය පදනම – බෙල්ජියම (Global Forum for Media Development-Belgium) 124,823
ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා මිසිසිපි මධ්‍යස්ථානය (Mississippi Center for Investigative Reporting) 100,000

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මුදල් ලබා දී ඇති ජනමාධ්‍ය සංගම්

මෙයට අමතරව ගේට්ස් පදනම විසින් ජනමාධ්‍ය සංගම් සහ වෘත්තීය සමිති වෙත ද අඩුම තරමින් ඩොලර් මිලියන 12ක් පමණ ලබා දී තිබේ. නිදසුනක් ලෙස එක්සත් ජනපදයේ ජනමාධ්‍ය ආයතන 200ක් පමණ නියෝජනය කරන පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජාතික සම්මේලනය(National Newspaper Publishers Association ) වෙත ගේට්ස් පදනම විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 3.2 දැක්විය හැකිය.

 ආයතනය  ලබාගත් මුදල (ඩොලර්)
අධ්‍යාපන ලේඛකයන්ගේ සංගමය (Education Writers Association) 5,938,475
පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජාතික සම්මේලනය(National Newspaper Publishers Association ) 3,249,176
ජාතික පුවත් පදනම (National Press Foundation) 1,916,172
වොෂින්ටන් ප්‍රවෘත්ති කවුන්සිලය (Washington News Council) 698,200
ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ගේ පදනම පිළිබඳ ඇමෙරිකානු සමාජය (American Society of News Editors Foundation) 250,000
මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තාකරුවන්ගේ කමිටුව (Reporters Committee for Freedom of the Press) 25,000

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ජනමාධ්‍ය පුහුණු සහ උපදේශන පාඨමාලා සහ වැඩමුළු පැවැත්වීම සඳහා විවිධ ආයතනවලට ලබා දී ඇති මුදල් ආධාර

බිල්ගේට්ස් පදනම විසින් ලෝකය පුරා ජනමාධ්‍ය වේදීන් පුහුණු කිරීම සඳහා සෘජුවම මැදිහත් වෙමින් සිටියි. මෙම පුහුණු කිරීම් ජනමාධ්‍ය වේදී ශිෂ්‍යත්ව, පාඨමාලා සහ වැඩමුළු ආදි ආකාරවලින් සිදු වේ.මේ අනුව යම් අයෙකුට ගේට්ස් පදනම විසින් ලබා දෙන ආධාර යටතේ එය විසින් පවත්වන පුහුණු පාඨමාලාවලට සහභාගි වී එම පදනම විසින් මුදල් ලබාදෙමින් පවත්වාගෙන යන හෝ අනියම් ලෙසින් මෙහෙයවන ජනමාධ්‍ය ආයතනයක රැකියා ලබාගත හැකිය. නැතහොත් ගේට්ස් පදනම විසින් භාර දෙන විශේෂ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සම්බන්ධව ගේට්ස් පදනමේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස ජනමතය නිර්මාණය කිරීමේ ක්‍රියාදාමයට සහභාගි විය හැකිය.සෞඛ්‍ය,ජාන තාක්ෂණික බෝගවගාව,හරිත බලශක්ති, දේශගුණික විපර්යාස ක්ෂේත්‍ර පිළිබඳ ජනමාධ්‍යකරණයේ නිරතවන ජනමාධ්‍යවේදීන්ට මේ සඳහා විශේෂ අවස්ථාවන් හිමිව තිබේ. මක් නිසාද යත් මෙම ක්ෂේත්‍රයන් තුළ බිල්ගේට්ස් විසින් සිය ධනය විශාල පරිමාණයෙන් ආයෝජනය කර ඇති බැවිනි.

 ආයතනය  ලබාගත් මුදල (ඩොලර්)
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය (Johns Hopkins University) 1,866,408
කොලොම්බියා විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගුරු විද්‍යාලය Teachers College, Columbia University) 1,462,500
කැලිෆෝනියා බර්ක්ලේ විශ්ව විද්‍යාලය (University of California Berkeley) 767,800
චීනයේ සිංහුවා විශ්වවිද්‍යාලය (Tsinghua University-China) 450,000
සියටල් විශ්ව විද්‍යාලය (Seattle University) 414,524
උසස් ජනමාධ්‍යවේදී අධ්‍යයන ආයතනය(Institute for Advanced Journalism Studies) 254,500
දකුණු අප්‍රිකාවේ රෝඩ්ස් විශ්ව විද්‍යාලය (Rhodes University-South Africa) 189,000
මොන්ට්ක්ලේයාර් රාජ්‍ය විශ්වවිද්‍යාලය (Montclair State University) 160,538 160,538
පෑන්-අත්ලාන්තික් විශ්වවිද්‍යාල පදනම ( Pan-Atlantic University Foundation) 130,718
ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) 38,403
ද ආෆ්ටර්මැත් ප්‍රොජෙක්ට් (The Aftermath Project) 15,435

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් අරමුදල් සපයා ඇති මාධ්‍ය ව්‍යාපෘති

එමෙන්ම ඉතා පුළුල් පරාසයක විශේෂිත මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාර සඳහා ද බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විශාල වශයෙන් මුදල් සැපයීම සිදු කරයි. නිදසුනක් ලෙස දකුණු ආසියාවේ උපත් පාලන කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණ සහිතව ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නාට්‍ය නිෂ්පාදනය සඳහා ඉන්දියානු ජනගහණ පදනම (Population Foundation of India) වෙත 2014 සිට ගේට්ස් පදනම විසින් ඩොලර් මිලියන 5.7ක් ලබා දී තිබේ. එමෙන්ම අප්‍රිකාවේ ප්‍රමාණවත් තරම් මුල්‍ය හෝ තාක්ෂණික සම්පත් නැති ජනමාධ්‍ය ආයතන සඳහා විශාල වශයෙන් ගේට්ස් පදනම මුල්‍ය ආධාර ලබා දෙමින් ඒවායේ ප්‍රකාශිත අන්තර්ගතය පාලනය කිරීමේ නැතහොත් අනියම් ලෙස වාරණය කිරීමේ අවස්ථාව උදාකරගෙන ඇත.මෙය දැඩි ලෙස අවධානයට යොමු කළ යුතු කරුණක් වන්නේ අප්‍රිකා මහාද්විපයේ බොහෝ රටවල ජනතාව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ඖෂධ සමාගම් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ධජය යටතේ බොහෝ ඖෂධ අත්හදා බැලීම සඳහා පරීක්ෂණාගාර මීයන් බවට පත්කර ඇති හෙයිනි. එමෙන්ම අප්‍රිකානු මහාද්වීපයේ ආහාර නිෂ්පාදනය අත්පත්කරගැනීම සඳහා මොන්සැන්ටෝ-බේයර් වැනි සමාගම් සමග එක්ව විශාල ව්‍යාපෘති දියත් කර ඇති හෙයිනි.මෙවැනි කොල්ලකාරි සහ මිනීමරු ව්‍යාපෘතින් එරෙහිව නැගෙන ජනතා විරෝධය නොමඟ යැවීම සඳහා මේ අයුරින් මුල්‍ය ආධාර සපයමින් මිලට ගත් ජනමාධ්‍ය වේදීන් සහ ජනමාධ්‍ය ආයතන යොදාගැනීම බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ඔවුන්ගේ හවුල් කරුවන් විසින් සිදු කරනු ලබයි.සෙනෙගාලයේ සංවිධානයක් වෙත “සෞඛ්‍ය තොරතුරු“ ප්‍රචාරණය සඳහා වැඩ සටහන් සම්පාදනය කිරීමට සපයා ඇති ඩොලර් මිලියන 3.5 ක මුදල මීට එක් උදාහරණයක් පමණි.

 ආයතනය  ලබාගත් මුදල (ඩොලර්)
යුරෝපීය ජනමාධ්‍ය මධ්‍යස්ථානය (European Journalism Centre) 20,060,048
කැනඩාවේ ලෝක විශ්ව විද්‍යාල සේවය (World University Service of Canada) 12,127,622
වෙල් ටෝල්ඩ් ස්ටෝරි ලිමිටඩ් (Well Told Story Limited) 9,870,333
සොලුෂන්ස් ජර්නලිසම් (Solutions Journalism Inc.) 7,254,755
එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි පදනම (Entertainment Industry Foundation) 6,688,208
ජනගහණ පාලන පදනම- ඉන්දියාව(Population Foundation of India) 5,749,826
සහභාගිත්ව මාධ්‍ය (Participant Media) 3,914,207
සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ අප්‍රිකානු ජාලය (Réseau Africain de l’Education pour la santé) 3,561,683
නිව් ඇමෙරිකා(New America) 3,405,859
සමස්ත අප්‍රිකා පදනම(AllAfrica Foundation) 2,311,529
පියවර ජාත්‍යන්තරය (Steps International) 2,208,265
උපදේශන සහ පර්යේෂණ කටයුතු සඳහා වන මධ්‍යස්ථානය (Center for Advocacy and Research) 2,200,630
ද සේසම් වැඩමුළුව (The Sesame Workshop) 2,030,307
බටහිර අප්‍රිකානු පානෝස් ආයතනය (Panos Institute West Africa) 1,809,850
ඕපන් සිටීස් ලැබ් (Open Cities Lab) 1,601,452
හාවර්ඩ් විශ්ව විද්‍යාලය(Harvard university) 1,190,527
ලර්නින්ග් මැටර්ස් (Learning Matters) 1,078,048
ආරොන් ඩයමන්ඩ් ඒඩ්ස් පර්යේෂණ මධ්‍යස්ථානය (The Aaron Diamond Aids Research Center) 981,631
තොම්සන් මාධ්‍ය පදනම(Thomson Media Foundation) 860,628
සන්නිවේදන සාමූහික මාධ්‍ය මධ්‍යස්ථානය (Communications Consortium Media Center) 858,000
ස්ටෝරිතිංග්ස් (StoryThings) 799,536
ග්‍රාමීය උපායික මධ්‍යස්ථානය (Center for Rural Strategies) 749,945
ද නිව් වෙන්චර් අරමුදල (The New Venture Fund) 700,000
හෙලියන්තස් මිඩියා (Helianthus Media) 575,064
දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලය (University of Southern California) 550,000
ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) 530,095
පි ඩෙල්ටා කප්පා ඉන්ටර්නැෂනල් (Phi Delta Kappa International) 446,000
ඉකානා මිඩියා (Ikana Media) 425,000
සියැටල් පදනම (Seattle Foundation) 305,000
එඩ්‍යුකේෂන් එන්සී (EducationNC) 300,000
බෙයිජින් ග්වෝක්ර් අන්තර්ක්‍රියාකාරිකය (Beijing Guokr Interactive) 300,000
අප්වෙල් (Upswell) 246,918
විද්‍යාවන් පිළිබඳ අප්‍රිකානු ඇකඩමිය (The African Academy of Sciences) 208,708
සැබෑ පරිවර්තනයක් සඳහා නවීකාරක ක්‍රම ගවේෂණය (Seeking Modern Applications for Real Transformation-SMART) 201,781
බේ ඒරියා වීඩියෝ සන්ධානය (Bay Area Video Coalition) 190,000
පොව්හර්ෆුල් පදනම (PowHERful Foundation) 185,953
පීටීඒ ෆ්ලොරිඩා දෙමව්පිය ගුරුවර කොංග්‍රසය (PTA Florida Congress of Parents and Teachers) 150,000
ප්‍රෝ සෝෂල් (ProSocial) 100,000
බොස්ටන් විශ්වවිද්‍යාලය (Boston University) 100,000
පවුල්වල ඉගෙනුම සඳහා ජාතික මධ්‍යස්ථානය (National Center for Families Learning) 100,000
සංවර්ධන මාධ්‍ය ජාත්‍යන්තරය (Development Media International) 100,000
අහ්මදු බෙලෝ විශ්වවිද්‍යාලය (Ahmadu Bello University) 100,000
ඉන්දුනීසියානු ඊහෙල්ත් සහ ටෙලිමෙඩිසින් සමාජය (Indonesian eHealth and Telemedicine Society) 100,000
චිත්‍රපට නිර්මාණකරුවන්ගේ සහයෝගිතාව (The Filmmakers Collaborative) 50,000
ජෝර්ජියාවේ මහජන ගුවන්විදුලිය සඳහා පදනම (Foundation for Public Broadcasting in Georgia) 25,000
SIFF 13,000

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ජනමාධ්‍යය ආයතන, ජනමාධ්‍ය වේදීන්, මාධ්‍ය ව්‍යාපෘති, මාධ්‍ය සංගම් ආදියට සපයන ලද මුදල්වල වටිනා කම ඉහතින් ලැයිස්තු ගත කර ඇති අන්දමට ඩොලර් මිලියන 319ක් පමණ වේ. නමුත් මෙම ලැයිස්තුව අසම්පූර්ණ ලැයිස්තුවක් බැවින් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මාධ්‍ය වෙත සපයන ලද අරමුදල් වල සැබෑ සංඛ්‍යාවන් මීට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක් ගැනීමට ඉඩ තිබේ. විවෘතභාවය පිළිබඳ මහ ඉහළින් කතා කළ ද ගේට්ස් පදනමේ වෙබ් අඩවිය තුළ ලෝකය පුරා මාධ්‍ය ආයතන වෙත ඔවුන් විසින් අරමුදල් ලබා දී ඇත්තේ කුමන කරුණකටද යන්න සඳහන්වන්නේ හුදෙක් වචන කීපයකින් පමණි.මෙම ලැයිස්තුවල අන්තර්ගත කර ඇත්තේ ගේට්ස් පදනමේ වෙබ් අඩවිය තුළ මාධ්‍ය කටයුතුවලට අදාළව ගේට්ස් පදනම විසින් පරිත්‍යාග කර ඇතැයි ඉතා සුළු වශයෙන් හෝ සඳහන් කර ඇති අරමුදල්ලාභීන් ගැන පමණි.ගේට්ස් පදනම විසින් වෙනත් ආයතන, සංවිධාන හරහා මාධ්‍ය වෙත ලබා දී ඇති මුදල් මෙම ලැයිස්තුව තුළ අන්තර්ගත නොවන බව සැළකිය යුතුය.
තවත් නිදසුනක් සළකා බලමු. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ViacomCBS නම් සමාගම සමග හවුල්කාරිත්වයක් පවත්වාගෙන යනු ලැබේ.CBS News, MTV, VH1, Nickelodeon, and BET යන රූපවාහිනි ආයතනවල පාලනය සතුව ඇත්තේ මෙම ViacomCBS සමාගම වෙතය.ඉහත රූපවාහිනි නාලිකාවල විකාශනය වන ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටවල තිරපිටපත් තුළ තමන්ට අවශ්‍ය තොරතු සහ ආඛ්‍යානය පවත්වාගෙන යෑමට ගේට්ස් පදනම විසින් ඉහත සමාගම වෙත මුදල් ගෙවා ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.ඒ අනුව ගේට්ස් පදනමට අවශ්‍ය ලෙස Law & Order: Special Victims Unit සහ ER වැනි ටෙලි නාට්‍යවල තිරපිටපත් වෙනස් කර තිබේ. එහෙත් මෙම වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකයන් තමන් නරඹමින් සිටින්නේ සැඟවුණු සහිතව නිර්මාණය කරන ලද වැඩ සටහන් බව බොහෝ විට නොදනිති.කෙසේ වුව ද බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ වෙබ් අඩවියේ වන මුල්‍යාධාර ලැබුවන් පිළිබඳව වන දත්තවල හෝ පිළිබඳව කිසිදු සඳහනක් නැත.මුදල් පරිත්‍යාගයේ අරමුණ ලෙස එහි සඳහන්වන්නේ “උසස් විද්‍යාල ප්‍රවේශ අනුපාතිකය සහ පශ්චාත් ද්විතීයික පෙළ සම්පූර්ණ අනුපාතිකය ඉහළ නංවාලීමේ අරමුණෙන් මහජන සහභාගිත්ව ව්‍යාපාරයක් විශේෂයෙන් දෙමව්පියන් සහ සිසුන් ඉලක්ක කොටගත් ව්‍යාපාරයකට ආධාර ලබා දීම සඳහා ” යනුවෙනි.
මෙවැනි මුල්‍ය ආධාර ඉහත මාධ්‍ය වලට ලබා දෙන මුල්‍යධාර ලෙස ඇතුළත් කෙරී නැත. එහෙයින් මේ අයුරින් වක්‍රව මාධ්‍ය වෙත සැපයීම පිළිබඳ නිදසුන් අති විශාල සංඛ්‍යාවක් පැවැතිය හැකිය.
“බදුවලින් නිදහස් වීමේ වරප්‍රසාදය සහිත පරිත්‍යාගයන් දැඩි විනිවිදභාවයක් සහිත වීම ඉතා වැදගත් කරුණක් නමුත් ගේට්ස් පදනම සිය මුල්‍ය ගනුදෙනු පිළිබඳ අතිශය රහසිගතභාවයක් පවත්වාගෙන යන අන්දම ඉතා පැහැදිළිය ” යි ගේට්ස් පදනමේ ක්‍රියාකාරිත්වයන් ගැන ගවේෂණය කරන මාධ්‍ය වේදීන් සුළු පිරිස අතරින් අයෙකු වන ටිම් ෂ්වාබ් (Tim Schwab) විසින් “මින්ට් ප්‍රෙස් ” වෙබ් අඩවිය වෙත පවසා තිබේ.
“”
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් විවිධ ශාස්ත්‍රීය සඟරා වෙත සැපයෙන පර්යේෂණාත්මක නිබන්ධන වාර්තා සහ ලිපි සඳහාද මුල්‍ය ආධාර සපයයි. මෙම ලිපි සහ වාර්තා සාමාන්‍ය මහජනයාගේ සෘජු පරිභෝජනය උදෙසා නොවන නමුත් මහජන මතය හැඩගස්වන ප්‍රධාන මාධ්‍ය ධාරාව විසින් සිය ආඛ්‍යානය වෙත “ විද්‍යාත්මක පදනමක්” සපයාගැනීම සඳහා යොදාගැනේ.ඖෂධ සමාගම් සහ තවත් එවැනි සමාගම් ද සෘජුවම හෝ විවිධ පදනම් ආයතන හරහා විශ්ව විද්‍යාල සහ ශාස්ත්‍රීය ජර්නල වෙත පොම්ප කරනු ලබන දැවැන්ත මුදල් සම්භාරයහේතුවෙන් එම සමාගම්වල අවශ්‍යතා පිනවන “ශාස්ත්‍රීය නිබන්ධන” රචනා කිරීමට බොහෝ ශාස්ත්‍රාලීය උගතුන් සහ විශේෂඥයන් පෙළැඹී ඇත.ගේට්ස් පදනම විසින් අවම තරමින් ඩොලර් මිලියන 13.6 ක් ප්‍රධාන පෙළේ වෛද්‍ය ජර්නලයක්වන ද ලාන්සට් (The Lancet) වෙත ලබා දී තිබේ.එමෙන්ම බර්ලිනය මත පදනම්ව ක්‍රියාත්මක විද්‍යාඥයන් පිරිසක් විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියක් වන ResearchGate සඳහා බිල් ගේට්ස් විසින් ඩොලර් මිලියන 35ක් ආයෝජනය කර තිබේ.

වසංගත රෝග සහ මහජන සෞඛ්‍ය, ජීව-වෛද්‍යවිද්‍යාත්මක දත්ත සහ සංඛ්‍යන විද්‍යාව යන ක්ෂේත්‍ර සම්බන්ධ මහාචාර්යවරයෙකු වූ ස්ටැන්ෆොර්ඩ් වසංගත රෝග වැළැක්වීමේ සඳහා වන පර්යේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය ජෝන් පී. ඒ. ඉයෝනිඩිස් *John P. A. Ioannidis) විසින් 2005 දී සිය Why Most Published Research Findings Are False යන පත්‍රිකාව තුළ බොහෝ පර්යේෂණාත්මක නිගමන අසත්‍යයවීමට බලපාන හේතුන් මෙසේ දක්වා තිබේ.
“ඉතා මෑතකදී ප්‍රකාශයට පත්කර ඇති පර්යේෂණ වාර්තා විශාල සංඛ්‍යාවක් සාවද්‍ය ඒවා වීම සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් යොමු වෙමින් පවතී.පර්යේෂණ නිගමනයක් සත්‍ය වීමේ සම්භාවිතාව රඳාපවතිනුයේ පරීක්ෂණයේ බලය සහ අපක්ෂපාතිත්වය, එකම ගැටළුව සම්බන්ධව සිදු කෙරී ඇති අනෙකුත් පර්යේෂණ සංඛ්‍යාව සහ ප්‍රධාන වශයෙන් එක් එක් විද්‍යාත්මක ක්ෂේත්‍රයක් තුළ පරීක්ෂණයට ලක්කරන ලද සම්බන්ධතාවන් කොතෙක්දුරට තුළ සත්‍ය වන්නේද අසත්‍යවන්නේද යන්න අතර පවතින අනුපාතික සම්බන්ධය මතය. මෙම රාමුව අනුව අධ්‍යයනයන් පවත්වන ලද ක්ෂේත්‍රය ඉතා සීමා සහිත කුඩා එකක් වනවිට, ප්‍රතිඵල ප්‍රමාණාත්මකව ඉතා කුඩා අගයක් ගන්නා විට,පරීක්ෂණයට ලක් කරන ලද සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් අතරින් පූර්ව තෝරාගැනීම් අවමයක්ව පවතින විට,පර්යේෂණ සැලසුම් තුළත් , අර්ථකතන තුළත් ,ප්‍රතිඵලය සහ විශ්ලේෂණාත්මක ආකෘති තුළත් විශාල නම්‍යතාවක් පවතින විට, මුල්‍යමය සහ වෙනත් වාසි ලබාගැනීමේ උවමනාවන් මෙන්ම පූර්ව විනිශ්චයන් පවතින විට, බොහෝ පරීක්ෂණාත්මක කණ්ඩායම් අතර තරඟයක් පවතින විට, පරීක්ෂණාත්මක නිගමනයන් සත්‍යයක් වීමට ඇත්තේ ඉතා අවම ඉඩකි.”

2013 දී ඇමසෝන් (Amazon) සමාගමේ හිමිකරු ජෙෆ් බෙසෝස් විසින් (Jeff Bezos)ඩොලර් මිලියන 250ක් ගෙවා වොෂින්ටන් පොස්ට් පුවත්පත මිලදී ගැනීම, ඊ බේ (eBay) නිර්මාතෘ පියරේ ඔමිද්යාර්(Pierre Omidyar) විසින් The Intercept වෙබ් අඩවිය අයිති First Look Media මාධ්‍ය ජාලය නිර්මාණය කිරීම, ටෙස්ලා(Tesla) හිමිකරු එලොන් මුස්ක්(Elon Musk) විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම ආදිය මගින් ඔවුන් විසින් අත්පත් කරගත් මාධ්‍යමය බලපෑම කිසිවෙකුරට රහසක් නොවේ.බිල්ගේට්ස් ඔවුන් මෙන් සියගුණයක බලපෑමක් මාධ්‍ය කෙරෙහි පවත්වාගෙන යන නමුත් ඒ සියල්ල සිදුවන්නේ අප්‍රසිද්ධියේය.
ලෝක විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් ඇති කළ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නිර්මාණය කළ මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘවරයා මෙන්ම විශාලතම කොටස් හිමිකරුවා වන්නේ බිල් ගේට්ස්ය.එමෙන්ම Skype, Hotmail වැනි සන්නිවේදන මෘදුකාංගද, LinkedIn වැනි සමාජ මාධ්‍යජාලාද විනෝදාස්වාදය සපයන Microsoft XBox ද අයත්වන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමටය.මාධ්‍ය දැවැන්තයන් වන Comcastසහ AT&T සමාගම්වල විශාල කොටස් හිමිකාරිත්වයක් මයික්‍රොසොෆ්ට් සමාගම සතුය. MSNBC මාධ්‍යජාලයේ “MS” විසින් නියෝජනය වන්නේ මයික්‍රොසොෆ්ට් යන්නයි.

අප්‍රිකාවේ සිදුවන නොමේරූ දරු උපත්වලදී සිදුවන මරණ වළකාලීම සඳහා එම රටවලට හඳුන්වා දෙන ලද එවැනි දරුවන් සඳහා භාවිතා කරන ජීවිතාරක්ෂක උපකරණයයක් (incubator) පිළිබඳවද සංවර්ධනය වෙමින් පවතින රටවල ක්ෂය රෝගය නිශ්චය කිරීම සඳහා නිෂ්පාදනය කෙරී ඇති නව යන්ත්‍රයක් පිළිබඳවද ABC රූපවාහිනිය විසින් විකාශනය කරන ලදි. එමෙන්ම රේ සුවාරේස් නම් මාධ්‍යෙව්දියා විසින් මොසැම්බික් හි ඒඩ්ස් රෝගය සහ දුගීභාවය පිළිබඳ කොටස් 3කින් වැඩ සටහනක් PBS හි NewsHourනම් විශේෂාංගය යටතේ ඉදිරිපත් කරන ලදි.මේ අතර දකුණු අප්‍රිකාවේ පබ්ලික් රේඩියෝ ඉන්ටර්නැෂනල් ගුවන් විදුලි සේවය මගින් විකාශනය කරන ලද වකුගඩු රෝගීන් සඳහා කෘත්‍රිම බහිස්‍රාවක යන්ත්‍ර සහ පුහුණු හෙද හිඟය පිළිබඳව වැඩ සටහනක් විකාශනය කරන ලදි.ඉහත ජනමාධ්‍ය ව්‍යාපෘති 3 අතර තේමාවන් අනුව වෙනස්කම් පැවතියද එක් පොදු සමානත්වයක් දක්නට ලැබේ. සියැටල් ටයිම්ස් හි මාධ්‍ය වේදීන් වූ සැන්ඩි ඩෆ්ටන් සහ ක්‍රිස්ටි හයිම් විසින් 2011 දී පළ කරන ලද Does Gates funding of media taint objectivity? නම් සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ එම සමානත්වයනම් ඉහත මාධ්‍ය වැඩ සටහන් 3 සඳහාම මුදල් සපයා ඇත්තේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වීම බවයි.
එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ මාධ්‍ය ආයතන වෙත සෘජු මුල්‍යාධාර සැපයීම එම මාධ්‍ය හා සම්බන්ධිත ජනතාව නරඹන,අසන, කියවන දේ කෙරෙහි සිය බලපෑම තහවුරු කරලීමට ගේට්ස් පදනමට හැකියාව ලැබෙන බවයි.
“..තමන් විසින් සැළකිළිමත්වන ක්ෂේත්‍රයන් සඳහා අවධානය යොමු කරවීමට ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා ගේට්ස් පදනම විසින් ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කර තිබේ.වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස සිය පණිවිඩය සන්නිවේදනය කරලීමට වඩාත් සුදුසු ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහාද ගේට්ස් පදනම මුදල් යොදවයි. බිල්ගේට්ස්ට පක්ෂපාති චින්තක සංචිතයන් විසින් මාධ්‍ය තොරතුරු පත්‍රිකා සහ පුවත්පත් ලිපි නිර්මාණය කරති. සඟරා සහ විද්‍යාත්මක ජර්නල සිය පර්යේෂණ පත්‍රිකා සහ ලිපි ප්‍රකාශයට පත්කිරීමට බිල්ගේට්ස්ගෙන් මුදල් ලබාගනියි. ගේට්ස් විසින් මුදල් සපයන ලදවැඩ සටහන්වලින් මෙහෙයවෙන විශේෂඥයන් විසින් ලියන තීරු ලිපි නිව්යෝර්ක් ටයිම්ස් හි සිට හෆින්ග්ටන් පෝස්ට් දක්වා පුවත්පත් වල පළ වේ.ඒ අතර ඩිජිටල් මාධ්‍ය විසින් ජනමාධ්‍යවේදය සහ ප්‍රචාරක කටයුතු අතර සීමා රේඛාවන් බොඳ කරමින් තිබේ.
මෙම උත්සාහයන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් හඳුන්වන්නේ “සහයෝගීතාව සහප්‍රතිපත්තිමය ක්‍රියාකාරිත්වය ( advocacy and policy)” යනුවෙනි.ගේට්ස් විසින් බිලියන ගණන් මෙම වැඩ සටහන් සඳහා යොදවා තිබේ.එය 2011 වනවිට වසරකට බිලියන 3ක් දක්වා ඉහළ නැග තිබිණි. රොකෆෙලර් සහ මැක් ආතර් වැනි විශාල පදනම් ආයතන දෙකම විසින් “සහයෝගීතාව සහ ප්‍රතිපත්තිමය ක්‍රියාකාරිත්වය” වෙනුවෙන් කරන වියදම්වල එකතුවටද වඩා වඩා ගේට්ස් පදනම විසින් ඒ සඳහා වියදම් කරනු ලබයි.

මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වැයකරනු ලබන්නේ දුප්පත් රටවලට එන්නත් ලබාදීම සඳහා මුදල් ලබා දිය හැකි හොඳම ආකාරය කුමක්ද යන්න වැනි ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටළු විශ්ලේෂණය සඳහාය.නමුත් “සහයෝගීතාව ( advocacy)” යටතේ අවධානය යොමු කරන්නේ මහජන සම්බන්ධතා කෙරෙහිය.එමගින් තීන්දු තීරණ ගන්නා බලවත් පුද්ගලයන් සහ ආයතන වෙත බලපෑම් කිරීමත් මහජන මතය තමන්ට පක්ෂපාති ලෙස ගොඩනංවාගැනීමටත් උත්සාහ කෙරේ.
මේ අයුරින් මහජන මතය හැඩගැස්වීමෙහිලා ගේට්ස් පදනම වැනි ධනවත් සහ බලවත් ආයතනවලට හැකියාව ලැබීම අතිශය බරපතල ගැටළුවක් බව නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ මාධ්‍ය,සංස්කෘතිය සහ සන්නිවේදනය පිළිබඳ මහාචාර්ය මාර්ක් ක්‍රිස්පින් මිලර් (Mark Crispin Miller) පවසයි.

“ගේට්ස් පදනම ඉතාම යහපත් සංවිධානයක් ලෙස උපකල්පනය කළත් එවැනි සංවිධානයක් මෙතරම් බලගතු ප්‍රචාරක බලයක් සතු කරගැනීම ගැටළු සහගත දෙයක්. අප මෙහිදී මුහුණ දී සිටින්නේ අදාළ බලවේග අතර සජීවී සංවාදයකට නොවේ. අපට ගනු දෙනු කිරීමට සිදුව ඇත්තේ ඉතා දක්ෂ ලෙස සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් සිටින දැවැන්ත බලවේගයකටයි.”
ජානමය වෙනස්කම්වලට ලක්කරන ලද බෝග වගාව, සෞඛ්‍ය ගැටළු සඳහා තාක්ෂණිකවාදි විසඳුම් යෙදවීම වැනි ගේට්ස් පදනමේ සමහර ප්‍රවේශයන් මතභේදාත්මකය.මේ සම්බන්ධව සමාජයේ පවතින සංවාදය යටපත් කරනු සඳහා ගේට්ස් පදනම විසින් මාධ්‍ය වෙත සැපයෙන මුදල් හේතු වනු ඇතැයි විවේචකයෝ සිය භීතිය පළකරති….”
(Does Gates funding of media taint objectivity? – The Seattle Times-February 19, 2011,Sandi Doughton and Kristi Heim)

ද සියැටල් ටයිම්ස් පුවත්පත ඉහත ලිපිය පළ කර වසර 11කට පසුව දැන් අප හමුවේ සනාථ වී ඇත්තේ ඉහත සඳහන් බිය සහේතුක එකක් වූ බවය. ජාන වෙනස් කරන ලද ආහාර පිළිබඳව දැඩි විරෝධාත්මක මතවාදයන් සඳහා වසර දශකයකට පමණ පෙර වේදිකාවන් බවට පත්ව තිබුනේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍යයයි. එහෙත් දැන් එම සංවාදය එම මාධ්‍යවල පිටුවලින් සම්පූර්ණයෙන්ම අතුගා දමා තිබේ.ජාන විකෘති කාරක ආහාර පිළිබඳව ඉතා දැඩි නීතිරීති පැවැති යුරෝපා සංගමය විසින් දැන් ඊනියා කොරෝනා වසංගත ප්‍රෝඩාවට ප්‍රතිකාරයක් ලෙස ජාන ප්‍රතිකාරක ක්‍රම අත්හදා බලන mRNA එන්නත් ලබාගැනීමට සිය පුරවැසියන්ට බලපෑම් කරමින් සිටිති. එසේ සිදුවන්නේ මෙම එන්නත්වල අන්තර්ගතය හෝ ඒවායේ කාර්යක්ෂතාව හෝ සුරක්ෂිතතාව පිළිබඳ දත්ත තවත් වසර 76ක් යනතෙක් ජනතාවගෙන් වසන්කර තැබීමටත් එන්නත්වලින් හානියට පත්වන පුද්ගලයන්ට ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිය හමුවට යාමට ඇති අයිතිය අහෝසි කර දැමීමටත් ඒ ඒ රාජ්‍යයන් විසින්ම කටයුතු කර ඇති තත්ත්වයක් තුළය. “”
දැන් ගාඩියන් වැනි පුවත්පත්වල සෞඛ්‍ය සහ ආහාර විශේෂාංග පවත්වාගෙන යනු ලබන්නේ ගේට්ස් පදනම විසින් සැපයෙන අරමුදල් මතය.එම පුවත්පත්වල පිටු පිරී ඇත්තේ mRNA එන්නත්වල ගුණ වර්ණනාවටය.
අවසානයේදී ඉහත කී ලිපිය පළ කළ සියැටල් ටයිම්ස් පුවත්පත සහ එහි වෙබ් අඩවිය ද “අධ්‍යාපන විද්‍යාගාරය(Education Lab ) ” නම් විශේෂාංගය සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ මුල්‍යාධාර ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඉහත සඳහන් ලිපිය වැනි ගේට්ස් පදනම පිළිබඳව විවේචනාත්මක අදහස් දරන ලිපි පළවීම නතරව තිබීම සැළකි‍ල්ලට ගත යුතු කරුණකි. ඉහත විශේෂාංගය සඳහා අරමුදල් සපයන ලද අනෙක් ආයතන නම් සියැටල් සිටි විශ්ව විද්‍යාලය සහ Comcast Washington ආයතනයයි.
PBS නාලිකාවේ NewsHour වැඩසටහනේ රේ සුවාරේස් ප්‍රකාශකර සිටියේ ගේට්ස් පදනම විසින් තමන්ට සපයන ලද ඩොලර් මිලියන 3.6 නොවන්නට තමන්ට කිසිවිටෙකත් ටැන්සානියාවේ ගංගා ආශ්‍රිත අන්ධභාවය හෝ මෙක්සිකොවේ දුප්පත් ජනයා අතර පවතින මන්දපෝෂණය ගැන වැඩ සටහන් නිර්මාණය කිරීමට කිසිදිනෙක හැකියාවක් නොලැබෙන බවය. සුවාරේස් පවසන්නේ ගේට්ස් පදනම තමන් විසින් අනිවාර්යයෙන්ම ආවරණ කළ යුතු පුවත් මොනවාදැයි නියෝග නොපනවන බවය. ගේට්ස් පදනම විසින් සිදු කරන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම බවත් එයින් තමන්ට කැමැති තේමාවක් තෝරාගෙන වැඩ සටහන නිර්මාණය කිරීමට නිදහස ඇති බවත්ය.

“මෙම සම්බන්ධතාවයේ සුන්දරම දෙය වන්නේ ගේට්ස් පදනම අපගේ සංස්කාරක ප්‍රතිපත්ති පිළිගැනීමයි. එය වොෂින්ටන් ආණ්ඩුව විසින් දුරකතන ඇමතුම් ලබාදෙමින් අද ඒඩ්ස් ගැන වැඩ සටහනක් කරන්න, හෙට මැලේරියා ගැන කරන්න යනුවෙන් නියෝග දීමක් වාගේ නෙවෙයි.”
එසේ වුව ද ඇතැම් මාධ්‍ය වේදීන් මෙම ගේට්ස් පදනමෙන් මුල්‍යාධාර ලබාගැනීම ගැන තරමක් අපහසුතාවයට පත්ව සිටිති.සියැටල්හි නිදහස් ලේඛකයෙකු වූ රොබර්ට් ෆොර්ට්නර් Crosscut නම් වෙබ් අඩවියට ලිපි සැපයීම නවත්වන ලද්දේ එම වෙබ් අඩවිය විසින් ඩොලර් 500,000ක් ගේට්ස් පදනමෙන් ලබාගැනීම හේතුවෙනි.
දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ ඇනන්බර්ග් විදුහලේ සන්නිවේදනය සහ ජනමාධ්‍ය වේදය පිළිබඳ මහාචාර්ය පවසා සිටියේ “ගේට්ස් පදනමෙන් ලැබෙන මුදල් මගින් තමන් ආවරණය කර පුවත් සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බව මාධ්‍ය විසින් පවසන විට එය සිනහවට කරුණක් ලෙස සැළකිය හැකියි. සෑම පරිත්‍යාගයක් පිටුපසම අඩුම තරමින් එක් යටි අරමුණක් හෝ සම්බන්ධව පවතිනවා. තමන් විවේචනාත්මක දෙයක් පළකළහොත් තමන්ට තවදුරටත් මුල්‍යාධාර නොලැබෙනු ඇතැයි යන බිය නිසා හෝ සදාචාරමය හේතුන් මත කන්නට දුන් අත සපාකෑමට පසුබට වීම නිසා හේතුවෙන් ඔවුන් ගේට්ස් පදනම කෙරෙහි විවේචනාත්මක දේ පළකිරීමෙන් වැළැකි සිටීමට ඉඩ තිබෙනවා. ” යනුවෙනි.
ගේට්ස් පදනම විසින් ලබා දෙන මුල්‍යාධාර පිළිබඳව බොහෝ මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ ඔහුගේ නිර්ලෝභී පරිත්‍යාගශීලිභාවයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් ගෝලීය ප්‍රකෝටිපතියන්ගේ සිය මුදල් පොම්ප කිරීම මගින් ලෝක ජනතාවගේ ජීවිත මත සිය න්‍යාය පත්‍රයන් පැටවීමට ඉඩ සලසන මෙම “සමාජ සේවා ආකෘතිය” බෙහෙවින් ගැටළු සහගත දෙයක් වන්නේ එමගින් සමස්ත ලෝකයේම ජන ජීවිතය හැසිරවීමෙහිලා ඔවුන් විසින් හිමිකරගන්නා අසීමාන්තික බලය නිසාය.

ලින්සේ මැගෝයි

“පවත්නා ගෝලීය ආර්ථික විෂමතා මත පදනම් වූ විවිධ ආකාරයේ සූරාකෑම් වෙතින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ධනපතියන් විසින් සිදු කරන පරිත්‍යාග හිතාමතාම යොදාගත හැකි අතර එය සිදු වෙමින් පවතිනවා”යි බ්‍රිතාන්‍ය එසෙක්ස් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වූ ලින්සේ මැගෝයි(Linsey McGoey) විසින් grayzone වෙබ් අඩවිය වෙත පවසා ඇත.No Such Thing as a Free Gift නම් කෘතියේ කතුවරිය ඇයයි.

“නව දානපති ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල කර තිබේ.ඒ අයවැය හිඟයන්ට මුහුණ පා ඇති රාජ්‍ය අංශයේ පොදු මහජන ආයතන දුර්වල කරමින් පුද්ගලික සමාගම්වල බලය වර්ධනය කරගැනීම මගිනි.ලාභ ලැබීම අරමුණු කොටගත් පුද්ගලික අංශය වෙත පවරන සමාජ සේවා කටයුතු පුද්ගලික අංශයේ සහභාගිත්වයක් නොමැතිව වඩාත් අඩු වියදමකින් සිදු කළ හැකිය ” යනුවෙන් මැගෝයි විසින් සඳහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනයක් සිය සිතුමතයේ හැසිරවීමේ අධිකාරයක් හොබවන බිල්ගේට්ස් විසින් ගොඩ නගමින් පවතින ගෝලීය මාධ්‍ය අධිරාජ්‍ය යේ ක්‍රියාකාරිත්වය ගැන දැඩි අවධානයකින් පසුවීම වැදගත් දේශපාලන අවශ්‍යතාවයකි.මක් නිසාද යත් ව්‍යාජ වසංගත ආඛ්‍යානයන්ට නිල පිළිගැනීමක් ලබාදෙන උපකරණයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය භාවිතා කරමින් ස්වකීය අධිපතිවාදි දේශපාලන අරමුණු සහ ලාභගැරීමේ ව්‍යාපාරික අරමුණු ඉටුකරගනිමින් සිටින බලවේගවල අවශ්‍යතාව මත මහජනයාගේ මොළ සේදීමේ කාර්යය සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ ග්‍රහණයට නතුව ඇති ජනමාධ්‍ය බැවිනි.