IMF කොන්දේසි අනුව රනිල් කොරෝනා භීෂණය යළි අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ “ආධාර පැකේජය ” ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණයේ එක් කොන්දේසියක් වූ කොවිඩ් 19 ආඛ්‍යානය ලංකාව තුළ දිගටම පවත්වාගෙන යාමට එකඟ වී ඇති බව ඔහු විසින් අද එනම් අගෝස්තු 2 වැනි දින ලංකාවේ සියලු දෙනාටම යළි එන්නත ලබාගන්නා ලෙස සිදු කරන ලද “ආයාචනය ” මගින් හෙළි වේ.

ඔහුගේ එම ප්‍රකාශය දිනමිණ පුවත්පත විසින් වාර්තා කර ඇත්තේ මෙසේය.

“කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේ දී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩි වී තිබෙනවා.

මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28 ක් සිදු වුණේ ජූලි 18 වෙනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීම කළ යුතු බවයි.

පළමු වටයේ දී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවන වටයේ දී එය මිලියන 14කට අඩු වුණා. තුන්වෙනි වටයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4වන වටයේ දී එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වෙනි වතාවෙත්, 4වන වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි.

ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය “මන්කි ෆොක්ස්” වසංගතය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. දැනට එය ලංකාවට පැමිණිලා නැහැ. ලංකාවට එම රෝගය පැමිණීම වැළැක්වීමට පළමුවන පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ප්‍රතිකාර ලබාදෙන්න සැලසුම් සකස් කරගෙන යනවා. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රට තුළ යළිත් කොවිඩ් වසංගතයට අවස්ථාවක් දෙන්න එපා කියා සියලු පාර්ශ්වයන්ගෙන් මම ඉල්ලා සිටිනවා”.

මෙම එන්නත්කරණ ක්‍රියාදාමය මෙම වටය සම්පූර්ණ කරන තෙක් එකඟ වූ ආධාර මුදල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මුදා නොහරිනු ඇත. ණය මුදල ලබාදීම සඳහා රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමේ එක් කොන්දේසියක් වන්නේ එයයි. දැන් මේ අනුකම්පා විරහිත කෘෘර ජාත්‍යන්තර මූල්‍ය මාෆියාව උත්සාහ දරන්නේ ඉන්ධන, ආහාර සහ ඖෂධ ආයුධයක් ලෙස භාවිතා කරමින් සමස්ත ජනතාවම එන්නත් කර ඔවුන්ගේ සෞඛ්‍යය විනාශ කිරීමටය.
දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු දූෂිතයන් රැළ සිය සංඛ්‍යා ලේඛන ප්‍රෝඩාව පෙරට ගනිමින් සිටිති. දිනමිණ වැනි රජයේ හොරණෑවන්ද බහුජාතික සමාගම්වලින් යැපෙමින් ජනතාව පාවාදුන් සෙසු ජනමාධ්‍යවල සිටින කුලී ලියන්නන්ද මෙම භීෂණය පැතිරවීමේ තරඟය ආරම්භ කර තිබේ.
දැන් ඊනියා වාමාංශිකයන්ට, වෘත්තීය සමිතිවලට,රාජ්‍ය නොවන සංවිධාන වලට, ජනමාධ්‍යවේදීන්ට මෙම කොවිඩ් 19 ආඛ්‍යානය ඇතුළේ ව්‍යාජ ද්‍රැවීකරණයක් ගොඩ නගමින් කල් ඉකුත් වූ එන්නත් වෙනුවට අලුත් එන්නත් ලබා දෙන කෑ ගසමින් වීරයන්වන ගමන්ම ගතමනාවක් සොයාගැනීමටද තවත් අවස්ථාවක් උද්ගතව තිබේ.

රසායනාගාර තාක්ෂණික ශිල්පියෙකු මෙන්ම එම ක්ෂේත්‍ර යේ වෘත්තීය සමිති නායකයෙකු ද රවි කුමුදේශ් නැමැත්තා නැවත වතාවක් ලංකාව තුළ කොවිඩ්-19 ව්‍යාජ ආඛ්‍යානය ප්‍රචාරය කිරීමේ නිරතව සිටියි. ඔහු අසාර්ථක සහ හානිදායක බව ඔප්පු වී ඇති කොවිඩ්-19 එන්නතක් වන ෆයිසර් ඒන්නත නැවතත් මිලදී ගැනීමට  යෝජනා කරන්නේ ඉතා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම උපකරණ සහ වේදනා නාශකද , වෙනත් ඖෂධ පවා මිලදී ගැනීමට විදේශ විනිමය නැතැයි රජය පවසමින් සිටින අතරය. කල් දමන ලද ශල්‍ය කර්ම සහ සුවකළ හැකි රෝගවලින් මේ වනවිට සෑම දිස්ත්‍රික්කයකම රෝගීන් මරණයට පත්වෙති. රජයට බල කළ යුත්තේ කොරෝනා නාටකය රඟදැක්වීමට යාම මගින් විනාශ කරන ලද ජාතික සෞඛ්‍ය පද්ධතිය යළි ගොඩ නංවමින් රෝහල්වලට සහ ජනතාවට අවශ්‍ය ඖෂධ සහ උපකරණ වහාම සපයන ලෙසය. නමුත් එම ඉල්ලීම් සඳහා ඖෂධ සමාගම්වල කොමිස් කුට්ටි නොලැබේ.