මධ්‍යම බැංකු ඩිජිටල් මුදල්ක්‍රමය(CBDC)) මිනිස් නිදහස අහෝසි කරනු ඇත – කැතරින් ඔස්ටින් ෆිට්ස්

එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන සිදුවීමට විසි වසරක් සම්පූර්ණ වීම නිමිතිකොටගෙන 2021 සැප්තැම්බර් මස 11 වැනි දින නෙදර්ලන්තයේදී පැවැති CONFERENTIE: BEVRIJDING VAN BEDROG නම් සම්මන්ත්‍රණයේදී කැතරින් ඔස්ටින් ෆිට්ස් විසින් Useful Steps to Navigating the Financial Reset  යන තේමාව යටතේ කරනු ලැබූ දේශනයේ සිංහල පරිවර්තනය

කැතරින් ඔස්ටින් ෆිට්ස් ඇමරිකානු ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ විධායක උපදේශිකාවක ලෙස කටයුතු කරයි.  ඇය ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයා යටතේ නිවාස සහ නාගරික නිවාස කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළාය. ඇය විසින් දියත් කරන ලද ප්‍රජා මූලික නිවාස වැඩසටහන් හේතුවෙන් උරණ වූ බලගතු කණ්ඩායම් ඇයට එම තනතුරෙන් ඉල්ලා අස්වීමට බල කරන ලදි.  ඉන්පසුව ඇයට රජයේ මූල්‍ය ක්ෂේත්‍ර යේ වෙනත් තනතුරක් පිරිනැමුණු නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. රජයේ වියදම් සහ ඒවා තුළ සිදුවන විශාල පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳව සිය බොහෝ ලිපි ලේඛන තුළ මෙන්ම ප්‍රසිද්ධ රැස්වීම්වලද ඇය සිය අදහස් දක්වා තිබේ.

2004 දී World Affairs නම් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සඟරාවට ඇය විසින් මෙසේ ලියා ඇත.
“වසර දශක කීපයක් තිස්සේ ජාතික ධනයෙන් අති විශාල ප්‍රමාණයක් නීති විරෝධීව සහ රහසිගතව ගිණුම් පරීක්ෂා කළ නොහැකි මාර්ග සහ වැඩ සටහන් ඔස්සේ රහසිගත මෙහෙයුම්, විදේශ රටවල කැරැලි ඇති කිරීම් සහ රහසිගත මිලිටරි පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ඇතුළු නිශ්චිතව දක්වා නැති අවශ්‍යතා වෙනුවෙන් සොරකම් කොට තිබේ. විවිධ බලගතු බලවේග සිය අවශ්‍යතාවන් වෙනුවෙන් රජයේ ආයතනවලට රහසිගතව ඇතුළු කරන ලද කණ්ඩායම් විසින් ඒවායේ බලය අල්ලාගෙන ඇත. ”

2017 දී ඇය මිචිගන් රාජ්‍ය සරසවියේ මාර්ක් ස්කිඩ්මෝර් (Mark Skidmore) සමග එක්වී ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තුමේන්තුව සහ නිවාස සහ නාගරික සංවර්ධන දෙපාර්තුමේන්තුව යන දෙපාර්තුමේන්තුවල වසර 17ක් පුරා සිදු වූ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 21ක ” අනුමත නොකරන ලද වියදම් ” සම්බන්ධව වාර්තාවක් නිකුත් කළාය.

ඊනියා කොවිඩ්-19 වසංගතය පිටුපස ගෝලීය මූල්‍ය කතිපයාධිකාරිත්වය දියත් කර ඇති ගෝලීය පරිමාණ මූල්‍ය කුමන්ත්‍රණය හෙළි දක්වමින්, දේශන, ලිපි ලේඛන සහ වාර්තා චිත්‍රපට මගින් ඇය විසින් පළ කර ඇති අදහස් හේතුවෙන් ඇය ” කුමන්ත්‍රණ න්‍යායවාදිනියක ” ලෙස විවිධ බලවේග විසින් නම් කර ඇත. ඇය දැනට සොලාරි සහයෝගිතාවයේ සභාපති සහ සොලාරි වාර්තාවේ ප්‍රකාශිකාව ලෙස කටයුතු කරයි.

හොඳයි , අපි පටන් ගනිමු. මූල්‍ය ප්‍රත්‍යාරම්භයක් (Financial Reset) යනුකුමක්ද?
මූල්‍ය ප්‍රත්‍යාරම්භයක් යනුකුමක්දැයි යන්න ගැන සරල නිර්වචනයක් කිරීමට මට ඉඩ දෙන්න. 2019 අගෝසතු 22 දින වියොමින්ග් (Wyoming) හි ජැක්සන් ශාලාවේදී G-7 රටවල මධ්‍යම බැංකුකරුවන්ගේ හමුවක් පැවැත්විණි. ඔවුන්ගේ වාර්ෂික හමුව පැවැත්වෙන්නේ එහිදීය. ඔවුහු කිසියම් සැලසුමක් ඡන්දයක් පැවැත්වීම මගින් අනුමත කළහ. ඒ සැලැස්ම “ප්‍රත්‍යාරම්භය කරා සෘජු ප්‍රවේශය” (Going Direct Reset) යනුවෙන් නම් කර තිබේ.. මේ සැලසුම ලිඛිත සහ ප්‍රසිද්ධ කරන ලද ලියැවිල්ලක් ලෙස පවතින අතර ඔබට එය සොයාගත හැකිවනු ඇත.
ලෝක ආර්ථික සංසදය (World Economic Forum – WEF) විසින් ඉදිරිපත් කරන මහා ප්‍රත්‍යාරම්භය ( Grate Reset) පිටුපස ඇති සැබෑ සැලසුම මෙම සෘජු ප්‍රත්‍යාරම්භය (Going Direct Reset)යි. ලෝක ආර්ථික සංසදය ඉදිරිපත් කරන මහා ප්‍රත්‍යාරම්භය යනු මෙම සෘජු ප්‍රත්‍යාරම්භය ක්‍රියාත්මක කිරීම සඳහා වන අලෙවි ප්‍රචාරක සැලසුමක් පමණක් බව මම සිතමි.

මූල්‍යමය කුමන්ත්‍රණය

මේ G-7 රටවල මධ්‍යම බැංකු කරුවන් විසින් දැන් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රත්‍යාරම්භය වූකලී ඔවුන්ගේ මෙම හමුව නිම වූ පසු වෝල් ස්ට්‍රීට්හි සිය මේස වෙත ගොස් සකස් කරන ලද සැලසුමය. 2019 සැප්තැම්බරයේදී ඔවුන් විසින් නව වටයක ප්‍රමාණාත්මක පහසුකාරක (Quantitative easing – QE) ආරම්භ කළහ. මා සළකන්නේ මෙය මූල්‍යමය කුමන්ත්‍රණයකට ( Financial Coup d’etat) සම්බන්ධ දෙයක් ලෙසය. මෙතන සිටින අයගෙන් කී දෙනෙකු කුමන්ත්‍රණයක් යනු කුමක්දැයි දන්නවාද අහන්නට මට ඉඩ දෙන්න. (හොඳයි ටික දෙනෙකු පමණයි)
මුදල් වර්ෂ 1998 සිට 2015 අතර කාලය තුළ ඩොලර් ට්‍රිලියන 21 ක් ඇමෙරිකන් එක්සත් ජනපද රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ බව අපි දනිමු. නමුත් අපි එම ප්‍රමාණය නිශ්චිත ලෙස නොදනිමු. බොහෝ දර්ශකයන් විසින් පෙන්නුම් කෙරෙන්නේඑයට පසුවත් අතුරුදන් වූ මුදල් ප්‍රමාණය එයට වඩා බෙහෙවින් වැඩි බවය.
නමුත් ඔවුහු පසුව නීති රීති වෙනස් කළහ. ඒ අනුව ඔවුනට රාජ්‍ය භාණ්ඩාගාරයේ කටයුතු සඳහා රහසිගත ගිණුම් පොත් තබා ගැනීමට අවසර ලැබෙන ආකාරයට ඔවුන් විසින් මූලික ස්ථාවරයක් ගනු ලැබි‍ණි. ඉන් පසුව බොහෝ ආයතනවලට රහසිගත තත්ත්වයකින් අඳුරේ සිට කටයුතු කිරීමේ හැකියාව ලැබිණි.
1997 දී මෙය ආරම්භ වන විට මා වෙත මෙය විස්තර කරන ලද්දේ එක්සත් ජනපදය තුළ පවතින විශාලතම විශ්‍රාම වැටුප් අරමුදලක සභාපතිවරයා විසිනි. ඔහු පැවසුවේ ඔවුන් විසින් රට පිළිබඳ බලාපොරොත්තු අත්හැර දමා ඇති බවය. එම සරත් සෘතුවේ සිට ඔවුන් සියලු මුදල් රටින් ඉවතට ඇදීමට ආරම්භ කළහ. මේ වනාහි “වැඩේ දෙමු” යන ක්‍රමයට සිදු කරන පුද්ගලීකරණයකි. ඔවුහු ඔවුන්ගේ ධනය ඉවතට අදිනු ලැබේ. අනතුරුව බංකොළොත් බව ප්‍රකාශ කර රජයෙන් ණයට මුදල් ලබා ගනී. අනතුරුව රජය ද බංකොළොත් බවට පත් කරති. මේ මගින් ඔවුන්ට රජයේ සියලු කටයුතු පාලනයට සහ ස්වාධීනත්වය අහෝසි කිරීමට ඉඩ ලැබේ.
පසුගිය ශතවර්ෂය පුරාම හෝ G-7 සංවිධානය තුළ හෝ මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කරන බැංකුකරුවන් අතර සහ ඡන්දදායකයන් විසින් පත් කරනු ලැබ මූල්‍ය ප්‍රතිපත්තිය අධීක්ෂණය කරන පාර්ලිමේන්තුවේ හෝ කොන්ග්‍රසයේ බලය අතර සමතුලිත බවක් පැවතුණි.
මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා සහ බදු මුදල් අයකිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව සතුව තිබූ බලතල මධ්‍යම බැංකු කරුවන් විසින් සිය පාලනයට යටත් කරගැනීම “සෘජු ප්‍රත්‍යාරම්භයක් කරා” වැඩ සටහන විසින් දැන් සිදු කරමින් සිටින බොහෝ දේවල් අතර එක් දෙයක් පමණි. ඔබ වෙත යම් දෙයක් පිළිබඳව අනතුරු ඇඟවීමට මම කැමැත්තෙමි. එනම් මොවුන් බදු මුදල් පද්ධතිය පාලනය කරන්නට අතගැසීම මංකොල්ලකරුවන් රැසක් මහපාර මැද හමුවී කොල්ල කන ලද ධනය බෙදාගැනීමකට සමාන වන බව සහ අප විසින් දිගටම බදු ගෙවනු ලබන විට අප විසින් සිදු කරන්නේ අපරාධකාරි මංකොල්ලකරුවන් කල්ලියකට මූල්‍ය පහසුකම් සැපයීම වැනි ක්‍රියාවක් බවයි. මෙය විසින් අවසානයේදී කිසි විටෙකත් හොඳ ප්‍රතිඵලයක් ලබා නොදෙනු ඇත. එහෙයින් බදු මුදල් අයකිරීම පිළිබඳ කාරණය ඉතා වැදගත් දෙයක් ලෙස සැළකිය යුතුය.
දැන් අප හමුවේ මෙම බෙදී ගිය සහ බිඳවැටුණු නිවස පවතී.

මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ( Central Bank Digital Currency – CBDC)

ලෝකය වටා සිදුවන දෙය ඔබ විසින් අවධානයට ගන්නේ නම් ඔබට පෙනී යනු ඇත්තේ මධ්‍යම බැංකු පසුබිමකින් පැවත එන්නවුන් විසින් බොහෝ ආණ්ඩු සිය පාලනය යටතට ගෙන ඇති බවය. මෙය විසින් අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණය ශක්තිමත් කෙරෙනු ඇත.
හොඳයි, මෙම තත්ත්වය වර්ධනය වනු ඇත්තේ කුමන දිශාවකටද? මෙම තත්ත්වය අත්තනෝමතික ලෙස ජනතාව පාලනය කිරීමක් කරා යොමු වෙමින් පවතී. එය සිදුවන්නේ එන්නත් හැඳුනුම්පත්, පාස්පොට් සහ සහ මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ( Central Bank Digital Currency – CBDC) ආදිය මගිනි.
නමුත් CBDC යනු මුදල් ලෙස සැලකෙන්නේ නැති බව මම ඔබට අවධාරණය කරනු කැමැත්තෙමි. එය විශ්වීය මූලික ආදායම මත පදනම් වූ මධ්‍යගත ක්‍රමයකි ( A central system based on Universal Basic Income).
එය විසින් පුද්ගලයාට තමන්ගේම ආදායමක් ඉපැයීමේ හැකියාව අහෝසි කරනු ලබයි. එය පුද්ගලයා වැටුපකට සීමා කර එහි පවා පාලනය ඔහු වෙතින් උදුරා ගනී.
මෙය සිදු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ සඳහා ඔවුනට ස්මාර්ට් ජාලයක් (SMART grid) අවශ්‍ය වනු ඇත. මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ක්‍රමය (CBDC) මගින් පාලනය කිරීමට නම් සියලු දෙය ඉලෙක්ට්‍රොනීකරණය කිරීමට ඔවුන්ට සිදුවේ.

ක්‍රමය විසින් පුද්ගලයන්ව පාලනය කිරීමට කටයුතු කරමින් සිටින්නේ කුමන ආකාරයකින්දැයි මම බොහෝ අය සමග පවසන විට ඔවුන්ට එය අදහාගැනීමටත් අසීරුවිය. එහෙයින් අද දින ඔබට කෙටි වීඩියෝ පටයක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට මම සිතුවෙමි. මේ විඩීයේ පටයේ දී ඔබ දකිනු ඇත්තේ ස්විට්සර්ලන්තයේ බාසල් හි ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ බැංකුවේ ( Bank of International Settlements- BIS) සාමාන්‍යාධිකාරිවරයාය. රටවල් අතර ගෙවීම් පිළිබඳව ( Cross Border Payment) ස්විට්සර්ලන්තයේ බාසල්හිදී 2020 ඔක්තෝබරයේදී පැවැති සම්මන්ත්‍රණයකදී මධ්‍යම බැංකු විසින් මෙහෙයවන ඩිජිටල් මුදල් පද්ධතිය සුන්දරත්වය පිළිබඳව ඔහු විසින් මෙහිදී පැහැදිලි කරනු ලබයි. මෙයින් කියැවෙන පණිවිඩ ඔබ විසින් අවබෝධ කරගනු ඇතැයි මම සිතමි

අගූස්ටින් කාර්ස්ටන් – ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ බැංකුවේ සාමාන්‍යාධිකාරි

” මුදල් නෝට්ටු හෝ කාසි වෙනුවට අප විසින් ස්ථාපිත කිරීමට යන මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ක්‍රමය පිළිබඳ අපගේ විශ්ලේෂණය මෙහි ලා ඉදිරිපත් කරන්නේ නිශ්චිතවම එහි සාමාන්‍ය භාවිතය සිදුවන ආකාරය පිළිබඳවයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබෙනවා. නිදසුනක් ලෙස යමෙකු සියයේ නෝට්ටුවක් භාවිතා කරන විට ඒ කුමන කරුණක් උදෙසා දැයි අපට දැනගැනීමට විදිහක් නැහැ. අපි දන්නේ නැහැ අද පෙසො 1000 නෝට්ටුවක් භාවිතා කරන්නේ කවුද කියා. මුදල් නොට්ටු භාවිතය වෙනුවට මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ක්‍රමය විසින් ඇති කරන වෙනස නම් එමගින් මධ්‍යම බැංකුවේ වගකීම් ප්‍රකාශ වන නීති සහ රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මධ්‍යම බැංකුවලට උපරිම බලයක් හිමිවෙනවා. ඒ වාගේම අපිට එය බලාත්මක කරන්න අවශ්‍ය තාක්ෂණය එමගින් ලැබෙනවා. මෙම කරුණු දෙක අතිශයින්ම වැදගත්. මුදල් සම්බන්ධයෙන් මෙමගින් දැවැන්ත වෙනසක් ඇති කරනවා.”
Cross Border Payment Conference:  Agustin Carsten BIS General Manager Oct:19 2020

“ඔබට කිසිවක් අයිති නොවනු ඇත. නමුත් ඔබට සතුට ලැබෙනු ඇත.”-ලෝක ආර්ථික සංසදය

හොඳයි මෙමගින් අදහස් වන්නේ මෙම නව නීති මගින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ඔබගේ නිවසින් කිලෝමීටර් 5කට එපිට දුරකදී ඔබට ගණුදෙනු කළ නොහැකියැයි සීමාවන් පැනවෙන බවය. ඔබ පීසා අනුභව කිරීම එක වැළැක්වීමට ඔවුන්ට අවශ්‍ය නම් ඔබට ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල්වලින් පීසා මිලදී ගත නොහැකිය. මෙය මුළුමණින්ම පුද්ගලයාව පාලනය කිරීමකි. එමගින් නියෝජනයක් නොමැතිව බදු අයකිරීමේ ප්‍රශ්නය ඔවුන් විසින් විසඳාගනු ලබයි. වැඩි වැඩියෙන් බදු අයකිරීමට ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන්ට එය ඔබගේ ගිණුමෙන් ලබාගත හැකිය.
ලෝක ආර්ථික සංසදය ඔවුන්ගේ 2030 න්‍යාය පත්‍රය තුළ “ඔබට කිසිවක් අයිති නොවනු ඇත. නමුත් ඔබට සතුට ලැබෙනු ඇත.” යනුවෙන් පවසන විට එහි සැබෑ තේරුම ඔවුන් ඔබගේ සියලු ධනය උදුරාගෙන ඔබව මානසික පාලනයකට යටත් කරනු ඇති බවය. එය ඉංග්‍රිසි භාෂාව තවත් අපූරු ආකාරයකින් භාවිතයේ යෙදවීමකි.

අපි අප ගමන් කරමින් සිටින මාවතේ සන්ධිස්ථානයක් කරා එළැඹ ඇත්තෙමු. අප ඉදිරියේ මාවත් දෙකක් තිබේ. එක් මාවතක් දිවෙනුයේ වහල්භාවය වෙතය අනෙක නිදහස වෙතය. ඔබ විසින් තීරණය කළ යුත්තේ ඔබ මේ මාවත් දෙකෙන් කුමක් තෝරාගන්නේද යන්නයි. එනම් ඔබ අයත්වන්නේ කුමන පාර්ශ්වයටද යන්න ඔබ විසින් තෝරාගත යුතුව තිබේ. මම එය බොහෝ කලකට පෙරදීම කර ඇත්තෙමි.

හොඳයි, මීළඟ වසර 10 සඳහා ප්‍ර යෝජනවත් විය හැකි පියවර මොනවාද? වසර 10 ක කාලයක් තිස්සේ මම පුද්ගලයන්ට සහ පවුල්වලට ආයෝජනයේදී උපදෙස් ලබා දෙමින් සහාය දී ඇත්තෙමි. මම තවදුරටත් ඒවායේ නිරත නොවෙමි. සෑම දෙනෙකුටම මෙම අර්බුදයෙන් මඳක් ඉවත් වී නිෂ්ක්‍රියව සිටීමට හෝ “මිස්ටර් ග්ලෝබල් ” මගහැර යාමට අවශ්‍යව ඇත. අවාසනාවකට මෙන් එලෙස මගහැර යාමට හෝ නිෂ්ක්‍රියව පසෙකට වී සිටීමට හෝ පාර මැද නතර වී සිටීමට හෝ තිබූ කාලය දැන් නිමා වී ඇත.

අපට තවමත් කළ හැකිව ඇත්තේ කුමක්දැයි පිළිබඳව පියවර 5ක් මම ඔබ වෙත පැහැදිලි කරනු කැමැත්තෙමි.

පළමු පියවර – පැත්තක් තෝරා ගන්න

අපි අප ගමන් කරමින් සිටින මාවතේ සන්ධිස්ථානයක් කරා එළැඹ ඇත්තෙමු. අප ඉදිරියේ මාවත් දෙකක් තිබේ. එක් මාවතක් දිවෙනුයේ වහල්භාවය වෙතය අනෙක නිදහස වෙතය. ඔබ විසින් තීරණය කළ යුත්තේ ඔබ මේ මාවත් දෙකෙන් කුමක් තෝරාගන්නේද යන්නයි. එනම් ඔබ අයත්වන්නේ කුමන පාර්ශ්වයටද යන්න ඔබ විසින් තෝරාගත යුතුව තිබේ.
මම එය බොහෝ කලකට පෙරදීම කර ඇත්තෙමි.
අද අප සියලු දෙනාට එක්ව ගමන් කිරීමට සිදුව ඇති ක්‍රියාවලිය හරහා මම 1990 ගණන්වලදීම ගමන් කර ඇත්තෙමි. ඉතාමත් සාර්ථක ධනවත් පුද්ගලයෙකු මට මා සතුව තිබූ සියල්ල එකින් එක අත්හැර දමන්නට සිදු විය. අවසානයේ එක්තරා අදියරකදී ඔබට ඔබගේ ජීවිතයද නැතහොත් නිදහසදැයි තෝරාගැනීමට අවස්ථාව එළැඹෙනු ඇත. මම නිදහස තෝරාගතිමි. ආශ්චර්යයන් සිදුවීම ආරම්භවූයේ ඒ මොහොතේ සිටය.
මම තවදුරටත් ජීවතුන් අතර සිටිමි. එය සාර්ථක විය. නමුත් කිසිවක් සම්බන්ධයෙන් පොරොන්දු දීමට නොහැකිය.
මෙය ඔබ වෙරළකට ගොඩ බැසගත් පසුව ඔරුව ගිනිතැබීමකට සමානය. ඔබට ආපසු යා නොහැකිය.

අපට අද ජීවත්වීමට සිදුවන ලෝකය තුළ යථාර්ථයන් දෙකක් පවතී. පළමුවැන්න ” නිල ” යථාර්ථය හෙවත් මවා පාන ලද නැත හොත් මායාවී යථාර්ථයයි. මෙම යථාර්ථය බොහෝ දුරට නිර්මාණය කර ඇත්තේ  මාධ්‍යයන් විසිනි. අනෙක් පසින් ඊට ප්‍රති විරුද්ධව ඇත්තේ අපට මුහුණ දීමට සිදුව ඇති සැබෑ යථාර්ථයයි.

නිල යථාර්ථය සහ සැබෑ යථාර්ථය අතර පිහිනීම

ඔබ විසින් කළ යුතුව ඇති දෙවන දෙය නිවැරදි සිතියමක් නිර්මාණය කර ගැනීමයි. මට පෙර කතා කළ දේශකයා විසින් මෙම කරුණ හොඳින් පැහැදිලි කර තිබේ.
අපට අද ජීවත්වීමට සිදුවන ලෝකය තුළ යථාර්ථයන් දෙකක් පවතී. පළමුවැන්න ” නිල ” යථාර්ථය හෙවත් මවා පාන ලද නැත හොත් මායාවී යථාර්ථයයි. මෙම යථාර්ථය බොහෝ දුරට නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ UK Column News  හි බ්‍රයන් ගැරිෂ් ( Brian Gerrish) විසින් හඳුන්වන ලද පරිදි “පැරණි මාධ්‍යය -(Old Media) ” විසිනි. අපට මෙම මාධ්‍යයන් විසින් නිර්මිත නිල යථාර්ථයට එක් පසෙකින් මුහුණ දීම සිදුව ඇති අතර අනෙක් පසින් ඊට ප්‍රති විරුද්ධව ඇත්තේ අපට මුහුණ දීමට සිදුව ඇති සැබෑ යථාර්ථයයි.
ඔබට මේ යථාර්ථයන් දෙක පිළිබඳව නිවැරදි සිතියමක් ඔබ සතුව තබා ගැනීම ඉතා වැදගත් වනු ඇත. විශේෂයයෙන්ම නෙදර්ලන්තය තුළ දී සාරවත් අන්තර්ගතයක් සහිත නව මාධ්‍ය පැවතීම ඉතා අපූර්වජනක දෙයක් වන්නේ එනිසාය.
මක් නිසාද යත් ඔබට මේ යථාර්ථයන් දෙකම පිළිබඳව අවබෝධයක් ලබාදීමට නව මාධ්‍ය විසින් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරමින් තිබෙන බැවිනි.
අප විසින් තැබි යුතු දෙවන පියවර වන්නේ නිල යථාර්ථය සහ සැබෑ යථාර්ථය යන දෙකම පිළිබඳව නිවැරදි සිතියමක් සතුකරගැනීමයි.

නිල යථාර්ථය පිළිබඳ අවබෝධයක් ඔබට අවශ්‍ය වනු ඇත්තේ ඒ තුළ ජීවත්වන මිනිසුන් ඔබට එදිනෙදා මුණ ගැසීමට සිදුවන බැවිනි. නිල යථාර්ථය තුළ ජීවත්වීමට අවශ්‍යව ඇති පවුලේ සාමාජිකයන්, මිතුරන් අප සියලු දෙනාම සතුව ඇත. ඔවුන් සමග කටයුතු කිරීමට නම් අපට නිල යථාර්ථය යනු කුමක්ද, එය ක්‍රියාත්මක වන්නේ කෙලෙසකද යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.
නමුත් ඔබ නිල යථාර්ථය අවදානම් කළමණාකරණය සඳහා යොදා නොගත යුතුය. මක් නිසාද යත් මිනිසුන් සිය මුදල් නැතිකරගන්නේ එලෙස කටයුතු කිරිමට යාම මගිනි. ඔවුහු මූල්‍යමය ප්‍රෝඩාව තුළ මුදල් අහිමි කරගනිති. ඔවුහු සෞඛ්‍යමය ප්‍රෝඩාව තුළ මුදල් අහිමි කරගනිති.
ඔබ ඔබගේ මුදල් සහ කාලය ආයෝජනය කිරීමට යන්නේ නම් ඔබ අනෙක් යථාර්ථය එනම් සැබෑ යථාර්ථය පිළිබඳව අවබෝධයක් ගොඩනගා ගත යුතුය.
එමෙන්ම ඔබ ඉහත යථාර්ථයන් දෙකටම අදාළ සිතියම් එකිනෙකින් වෙන්ව භාවිතා කළ යුතුව ඇත.

ඔබ නිල යථාර්ථය පිළිබඳ සිතියම අවදානම් කළමනාකරණය සඳහා යොදාගැනීමට යන්නේ නම් ඔබ විසින් ඔබගේ කාලය සහ මුදල් විශාල වශයෙන් අහිමි කර ගනු ඇත. ඔබ සැබෑ යථාර්ථය පිළිබඳ සිතියම එම යථාර්ථය පිළිබඳ දැනගැනීමට අවශ්‍යතාවක් නැති මිතුරන් සමග වන රාත්‍රි භෝජන සංග්‍රහයකදී භාවිතා කිරීමට යන්නේ නම් ඔබ විසින් ඔබගේ බොහෝ මිතුරන් අහිමි කර ගනු ඇත.

මෙම තත්ත්වයේ එක් කොටසක් ලෙස බහුවිධ පෞරුෂ අක්‍රමිකතාවන්ගෙන් පෙළෙන ලෝකයක ජීවත්වන්නේ කෙලෙසකදැයි ඔබ ඉගෙන ගනු ඇත. නමුත් ඔබ විසින් මෙම සිතියම් දෙකම කාර්යක්ෂ්ම සහ ඵලදායි ලෙස යොදාගන්නේ කෙලෙසදැයි ඉගෙන ගත යුතුය.
මක් නිසාද යත් රාත්‍රි භෝජන සංග්‍රහයන්ට සහභාගිවන්නවුන් පිරිසක් වෙතට ඔබ විසින් සත්‍යය නම් බෝම්බ විසි කිරීම අනවශ්‍ය බැවිනි.
ඔබට නිල යථාර්ථය පිළිබඳ සිතියමකුත් සැබෑ යථාර්ථය පිළිබඳ සිතියමකුත් අවශ්‍ය වන්නේ මන්දැයි ඔබ තුළ දැනටමත් අවබෝධයක් ඇතැයි මම සිතමි.

දැවැන්ත මුදල් සම්භාරයක් සොරකම් කරමින් හෝ රහසිගතව යොදවමින් බලසම්පන්න අදෘශ්‍යමාන රහසිගත තාක්ෂණයන් වර්ධනය කළ කණ්ඩායමක් දෙවන ලෝක යුද්ධයෙන් පසුව අප හමුවේ එක් පැත්තකින් සිටින අතර අනෙක් පසින් සිටින්නේ එවැනි කිසි දෙයක් ගැන අවබෝධයක් රහිතව අපගේ එදිනෙදා කටයුතුවල සාමාන්‍ය පරිදි නිරතවන සාමාන්‍ය ජනතාව වන අපය.
මෙම පුද්ගලයන් සාමාන්‍ය ජනතාවගෙන් සොරකම් කරගත් මුදල් යොදවමින් රහසිගතභාවයේ බිත්ති පිටුපස විවිධ තාක්ෂණික ක්‍රම ගොඩ නගමින් සිටිති. මෙලෙස අවසානයේදී එකිනෙකට මුළුමණින්ම වෙනස් ඉගෙනීමේ රසායන ක්‍රියාවලියක්ද එකිනෙකින් මුළුමණින්ම වෙනස් ලෝක සිතියමක්ද සහිත එකිනෙකින් වෙනස් වූ ශිෂ්ටාචාරයන් දෙකක් බවට ඔවුන් සහ අප පත්ව තිබේ.

අප නොදන්නා දේ හෙවත් ශිෂ්ටාචාර දෙකක පිළිබඳ අභියෝගය

ඉහතින් සඳහන් බිත්ති පිටුපස රහසිගතව ගොඩනැගෙමින් පවතින තාක්ෂණය පිළිබඳව අපට අධ්‍යාපනය ලබාදිය හැකි සෑම තොරතුරක්ම අප මුහුණ දෙන සැබෑ යථාර්ථය අවබෝධ කරගැනීමේ දී සහ විස්තර කිරීමේදී ප්‍රයෝජනවත්ය.

සැබෑ යථාර්ථය පිළිබඳව නිවැරදි සිතියමක් ගොඩ නගා ගැනීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතම අභියෝගය වන්නේ එහිදී තවමත් පිළිතුරු සපයාගෙන නැති ප්‍රශ්න ගණනාවක් සමග ගනුදෙනු කිරීමට සිදුවීමයි.
විශාල ලෙස අපැහැදිලි සහ අවිනිශ්චිත තත්ත්වයන් තුළ කටයුතු කිරීමට සිදුවන විට ඒ සඳහා අවශ්‍ය තොරතුරු අප සතුව නැතිනම් අප විසින් කළ යුතුව ඇත්තේ ප්‍රශ්න ඇසීමයි. මෙම ප්‍රශ්නවල සාරවත් ගැඹුරු බව සහ ප්‍රශ්න ඇසීමේ ක්‍රියාදාමය විසින් සැබෑ යථාර්ථය පිළිබඳ අපගේ සිතියමේ හිස්තැන් පිරවීමට උදවු කරනු ඇත. එය රූපමය ප්‍රහේළිකාවක කොටස් ගලපන ක්‍රීඩාවකට සමානය. තවමත් පිළිතුරු සපයාගෙන නැති ප්‍රශ්න විමසීම Solari Reports සැකසීමේදී මා විසින් අනුගමන කරන මගේ ප්‍රියතම ක්‍රියාවකි. මක් නිසාද යත් ඔබ දන්නා පරිදි මා ආයෝජන තොරතුරු උපායමාර්ගික විශේෂඥයෙකු (portfolio strategist) ලෙස වෝල් ස්ට්‍රීට්හි කටයුතු කර ඇති බැවිනි. ඔබ ඉතාම දුප්පතෙකු වුවත් ඔබ සතුව 3%ක දැනුමක් ඇත්නම් 1%ක දැනුමක් ඇති පුද්ගලයන් සමග ව්‍යාපාරික කටයුතු කිරීමෙන් ඔබට බොහෝ ධනය ඉපැයිය හැකිය.

ක්‍රියාමාර්ගවලට එළැඹීම සඳහා අපට සම්පූර්ණ දැනුම සහ අවබෝධය ලැබෙන තෙක් බලා සිටිය නොහැකි බව ඔබ දනී. පිළිතුරු සපයාගෙන නැති ප්‍රශ්න සංවිධිතව ලැයිස්තු ගත කිරීම එම ප්‍රශ්න සමග ගනුදෙනු කළ යුතු ආකාරයයි.
පිළිතුරු සපයාගෙන නොමැති ප්‍රශ්න ඇසීමේදී බොහෝ අය මුහුණ දෙන ගැටලුවලට හේතුව මා සිතන පරිදි අපගේ ලෝකය ශිෂ්ටාචාර දෙකකට බෙදී පැවතීමය.
දැවැන්ත මුදල් සම්භාරයක් සොරකම් කරමින් හෝ රහසිගතව යොදවමින් බලසම්පන්න අදෘශ්‍යමාන රහසිගත තාක්ෂණයන් වර්ධනය කළ කණ්ඩායමක් දෙවන ලෝක යුද්ධයෙන් පසුව අප හමුවේ එක් පැත්තකින් සිටින අතර අනෙක් පසින් සිටින්නේ එවැනි කිසි දෙයක් ගැන අවබෝධයක් රහිතව අපගේ එදිනෙදා කටයුතුවල සාමාන්‍ය පරිදි නිරතවන සාමාන්‍ය ජනතාව වන අපය.
මෙම පුද්ගලයන් සාමාන්‍ය ජනතාවගෙන් සොරකම් කරගත් මුදල් යොදවමින් රහසිගතභාවයේ බිත්ති පිටුපස විවිධ තාක්ෂණික ක්‍රම ගොඩ නගමින් සිටිති. මෙලෙස අවසානයේදී එකිනෙකට මුළුමණින්ම වෙනස් ඉගෙනීමේ රසායන ක්‍රියාවලියක්ද එකිනෙකින් මුළුමණින්ම වෙනස් ලෝක සිතියමක්ද සහිත එකිනෙකින් වෙනස් වූ ශිෂ්ටාචාරයන් දෙකක් බවට ඔවුන් සහ අප පත්ව තිබේ.

ඉහතින් සඳහන් බිත්ති පිටුපස රහසිගතව ගොඩනැගෙමින් පවතින තාක්ෂණය පිළිබඳව අපට අධ්‍යාපනය ලබාදිය හැකි සෑම තොරතුරක්ම අප මුහුණ දෙන සැබෑ යථාර්ථය අවබෝධ කරගැනීමේ දී සහ විස්තර කිරීමේදී ප්‍රයෝජනවත්ය.
ඔබ වෙත එක් උදාහරණයක් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න. එනම් ඔත්තු බැලීමේ තාක්ෂණය( Surveilleance Technology) සහ පුද්ගලයන් හීලෑ කිරීමට යොදාගන්නා පාලක තොරතුරු ගොනු ( Control Files) පිළිබඳව අවධානය යොමු කරමු.
ලෝකයේ රටවල් 190කට වැඩි ප්‍රමාණයක ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන් සියල්ලම පාහේ ඉතාමත් අතාර්කික සහ නොගැලපෙන ආකාරයට කටයුතු කරමින් සිටින අයුරු අපි දකිමු. මක් නිසාද යත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සම්බන්ධව ඔත්තු සේවා නිරීක්ෂණ පද්ධති ( Surveillance System) විසින් පාලක තොරතුරු ගොනු නිර්මාණය කර ඇති බැවිනි. එඩ්වර්ඩ් ස්නෝඩන් වැනි පුද්ගලයන් එළියට පැමිණ අනාවරණය කරන ලද තොරතුරු විසින් මෙවැනි දේ තේරුම් ගැනීමට අපට සහාය වේ.

මානසික ආක්‍රමණය

අනෙක් කරුණ මනස පාලනය ( Mind Control) කිරීමයි. මෙම කරුණ පිළිබඳව කරුණු සෙවීමට මම බොහෝ කටයුතු කර ඇත්තෙමි. මනස පාලනය කිරීමේ තාක්ෂණයට අපට ඉතා විශාල වශයෙන් මුහුණ දීමට සිදුව ඇත.
මම ඔබ වෙත තවත් උදාහරණයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. 9/11 සිදුවීමට පෙර 2001 වර්ෂයේදී මම නවසීලන්තය, ස්වීඩනය, ලන්ඩනය‍, ඇමෙරිකාව තුළ වන ප්‍රාන්ත 50 අතරෙන් බහුතරයක් තුළ දී දේශන මාලාවන් සිදු කළෙමි. මෙම සෑම දේශනයකදීම මම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් එක් ප්‍රශ්නයක් ඇසුවෙමි. ඒ ඔවුන්ගෙන් කී දෙනෙකු රූපවාහිනි නරඹන්නේද යන්නයි. මට ලැබුණ පිළිතුරු අනුව ඔවුන් අතරින් රූපවාහිනි නරඹන්නේ 10%කට අඩු ප්‍රමාණයක් පමණි. මම එයින් තේරුම් ගත්තේ මගේ ප්‍රේක්ෂකයන්ගෙන් බහුතරය වූකලී රූපවාහිනි යන්ත්‍ර නැති සහ එහි අවශ්‍යතාවක් නොදකින කණ්ඩායමක් බවයි. මගේ ප්‍රේක්ෂකයන් එබඳු පිරිසකි.
ඒ මක් නිසාද යත් සෑම තැනකම සිදුවන මෙම පවුල් සහ මිතුරන් භේදබින්න කරවීම් සහ වෙන්කිරීම් ඔබ දකින බැවිනි. නිල ආඛ්‍යානය තුළ වාසය කිරීමට කැමැති පුද්ගල කණ්ඩායම් ඔබ හඳුනන අය අතර වේ. ඔවුහු සිය දවසින් සහ ජීවිතයෙන් වැඩි කාලයක් මෙම “පැරණි මාධ්‍ය”වලින් පැවසෙන දේ ගිල දමා ජීරණය කරගත්තෝ වෙති. එය සිදුවන්නේ ඩිජිටල් යාන්ත්‍රණයක් තුළය. මෙම බලපෑමේ ක්‍රියාවලිය යනු මනස පාලනය කිරීමයි.
මෙය විශාල තේමාවකි. ඔබ අපේ වෙබ් අඩවිය වන Solari Reports වෙත ගොස් එහි සෙවුම් කොටුව තුළට” Mind Control” යන්න ඇතුළත් කළ විට ඔබට මේ තේමාව යටතේ අප සතුව ඇති සියලු පොත්, වීඩියෝ පට සහ වාර්තා හමුවනු ඇත. ඒවා විසින් මේ තේමාව ගැන අවබෝධ කර ගැනීමට ඔබට උදවු වනු ඇත.

කාලගුණය වෙනස් කිරීමේ යුද්ධෝපක්‍රම

වර්තමාන මූල්‍ය පද්ධතිය මෙතරම් බලසම්පන්න වීමට හේතුවී ඇත්තේ එහි පාලනයට ඉතා කෘර රුදුරු බලවේගයන් විසින් පිටුබලය සැපයීමය.

කෘත්‍රිම ලෙස කාලගුණය වෙනස් කිරීම තවත් විශාල තේමාවකි. සවාභාවික ව්‍යසන ලෙස දිස්වන පරිදි යුද ක්‍රියාමාර්ග නිර්මාණය කිරීම තවත් ක්ෂේත්‍රයකි. තාමත් පිළිතුරු සපයාගැනීමට නොහැකිව ඇති ප්‍රශ්න ගණනාවක් පවතී. නමුත් රටවල් 190ක ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන් එකම පිටපතක ඇති දෙය කියවන්නාක් මෙන් පවත්වන ඔවුන්ගේ කථාවල ඇති සමානත්වය ඔබට දක්නට ලැබෙන විට එවැන්නක් සඳහා ඔවුන් මෙහෙයවීමට හැකි බලය සහ බලවේගය කමක් දැයි ඔබ මවිත වනු ඇත. එය සිදුවන්නේ කාලගුණ විපර්යාසයන් පිළිබඳ තර්ජන මගිනි.එය සිදුවන්නේ අභ්‍යවකාශ ගත ආයුධ මගිනි. අභ්‍යවකාශයේ සහ උප කක්ෂ පථයන් තුළ වර්ධනය වෙමින් පවතින යුද සහ බුද්ධි මෙහෙයුම් මෙයට විශාල වශයෙන් සම්බන්ධතාවක් දක්වයි.

එක් අපුරු වීඩියෝවක් මම වරෙක නැරඹුවෙමි. ඔබ එය දැක ඇත්දැයි මම නොදනිමි. ඒ කැනඩාවේ ඇල්බර්ටාහි ඇමැතිවරයාය. සිය කතාව හමාර වීමෙන් පසු ඔහු ප්‍රේක්ෂකයන්ගෙන් නැගුණු ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් සිටියේය. ප්‍රේක්ෂකයන් අතරින් එක් අයෙකු පැමිණ මෙසේ විමසා සිටියේය.
” කොවිඩ්-19 සඳහා ප්‍රතිකාරකයක් ලෙස අයිවර්මෙක්ටින් භාවිතයට ඔබ අපට අවසර නොදෙන්නේ ඇයි? ”
මෙය ඇමැතිවරයා පිළිතුරු දුන්නේ කිසිසේත්ම අදාළ නොවන වැල්වටාරම් දෙඩවීම මගිනුයි. මක් නිසාද යත් ඔබ දේශපාලනඥයෙකු නම් ඔබට පිළිතුරු ලබා දිය නොහැකි ප්‍රශ්නයක් ඉදිරිපත් වූ විට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ලැබෙන උපදේශය වන්නේ ” ඔබ විසින් අසන ලද ප්‍රශ්නය වෙනුවෙන් ගොඩාක් ස්තූතියි, එක් බොහෝම වැදගත් ප්‍රශ්නයක් ” යනුවෙන් පවසා වැල්වටාරම් දොඩවන ලෙස වීමයි. මේ අනුව ඔහු එන්නත්කරණ වැඩ සටහන මගින් සිදුවන යහපත පිළිබඳව දෙඩවීමට පටන් ගත්තේය . එමෙන්ම ඊට පසුව ඔහු එක්වරම එම තේමාවටවත් කොහෙත්ම සම්බන්යක් නැති දෙයක් ගැන නන්දොඩවන්නට පටන්ගත්තේය.
” මම කැමැතියි වැස්ස එවපු අයට ස්තූති කරන්න. වැස්ස නැතිවුණා නම් කෘෂි කර්මාන්තයේ නිරත වෙලා ඉන්න කට්ටිය ලොකු අමාරුවක වැටෙනවා. මොකද ගොවියෝ විශාල වශයෙන් රඳාපවතින්නේ වැස්ස මතයි. ඒ නිසා මම වැස්ස එවපු අයට ස්තූති කරන්න කැමැතියි. ”
ඔහුගේ මෙම කතාවෙන් පසු රැස්ව සිටියවුන් මුහුණ මුහුණ බලාගෙන මෙසේ පවසාගත්හ.
” මොනවාද මේ යකා මේ දොඩවන්නේ? ”

ඔහු විසින් දොඩවන ලද්දේ අර අදෘෂ්‍යමාන ආයුධ පිළිබඳවයි.

ප්‍රයෝගික විකල්ප

අංක 3 පියවර ලෙස ප්‍රයෝගික විකල්පයන් සොයාගැනීම පිළිබඳව මම යෝජනා කරමි.

අපට අවශ්‍ය මූලික දේවල් වන ආහාර, ජලය, බලශක්තිය, නිවාස, සෞඛ්‍යය සහ ප්‍රජාව යන දේවල් සම්බන්ධයෙන් අප ඉතා නම්‍යශීලි වී මධ්‍යගත ක්‍රම පද්ධතීන්ගෙන් ස්වාධීන විය යුතුය. මගේ ප්‍රියතම ගත් කතුවරුන්ගෙන් එක් අයෙකු විසින් පවසන ලද දෙයක් නම් “අවසානයේදී ඔබව පාවා නොදෙන කිසිවෙකු වෙත් නම් ඒ පවුලේ සාමාජිකයන් පමණි. ”

අපට පවුලක් නැත්නම් එය සොයා යෑම සඳහා දැන් සුදුසුතම කාලය එළැඹ ඇත. මට මගේ සහකරු වන රොබර්ට් ඩේපර් හමු වූයේ මෙහිදී වීම තරමක් අමුතු දෙයකි. මම නෙදර්ලන්තයේ ජීවත්වීමට පැමිණියේ ඔහු නිසාය. ඒ පිළිබඳව මම ඔහුට ස්තූති කළ යුතුය.  (ඔබට ස්තූතියි රොබර්ට්)
රොබර්ට් තමන් කරමින් සිටින දෙයට ආදරය කරයි. එය කුමක් වුවද ඔහු එය මැනවින් ඉටු කරයි. 2020 මාර්තුවේදී ලොක්ඩවුන් කිරීම ගැන පුවත ඇසෙන විට මම පහතමාලයට එමින් සිටියෙමි.
” එහි තේරුම කුමක්ද? ” යි ඔහු මගෙන් ඇසුවේය.
” එහි තේරුම අපිට මාළු අල්ලන්න ඉගෙනීමට සිදු වෙන බව” යි මම පැවසුවෙමි.
” මට ධීවරයෙක් වෙන්න අවශ්‍ය නැහැ ” යි ඔහු පැවසීය.
නමුත් ආහාර,ජලය, බලශක්තිය, නිවාස, සෞඛ්‍යය සහ ප්‍රජාව ආදිය සම්බන්ධයෙන් අපට නම්‍යශීලි වීමට සිදුවන අතර මධ්‍යගත පද්ධතීන්ගෙන් ස්වාධීනව පැවතීමටද සිදුවනු ඇත.

මේ ඔබේම යහපත උදෙසාය – සොලාරි රිපොර්ට් හි පළ වූ කාටූනයක්

මූල්‍ය පද්ධතිය විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාව

අංක 4 පියවර ලෙස අප විසින් මූල්‍ය පද්ධතිය විමධ්‍යගත කළ යුතුව ඇතැයි මම යෝජනා කරමි. අද අප මෙම තත්ත්වයට පත්ව ඇත්තේ අප විසින් මුදල් පිළිබඳව ඒකාධිකාරයක් ගොඩ නැංවීමට ඉඩ දීම නිසාය. අප විසින් විමධ්‍යගත කළ යුත්තේ හුදෙක් ව්‍යවහාරික මුදල් (Currency) පමණක් නොව කොටස් හිමිකාරිත්වයේ බෙදී යාම ( Circulation of Equity) ද විමධ්‍යගත කළ යුතුය.
අපගේ බොහෝ ආයෝජන උපායමාර්ග සහ මුදල් පිළිබඳ කටයුතු දෙස ඔබ විමසිලිමත්ව බලන්නේ නම් අපි අපගේ සතුරාට මූල්‍ය පහසුකම් සපයමින් සිටින බව පෙනී යනු ඇත. අප විසින් අපගේම බන්ධනාගාරය ගොඩ නගමින් සිටිමු.

නැවතත් මුදල් පද්ධතියේ පාලනය අප අතට ගැනීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳව අප විසින් සළකා බැලිය යුතුය. ඒ සඳහා ක්‍රම ගණනාවක් පවතී. නමුත් ඔබ මුදල් සමග කටයුතු කරන විට වැදගත් කරුණු කීපයක් අවධාරණය කරගත යුතුය.
පළමුවැන්න නම් ඕනෑම මුදලක හෝ මූල්‍ය පද්ධතියක් සම්බන්ධව වැදගත්ම දෙය නම් එය පාලනය කෙරෙන ආකාරයේ ගුණාත්මකභාවයයි.
වර්තමාන මූල්‍ය පද්ධතිය මෙතරම් බලසම්පන්න වීමට හේතුවී ඇත්තේ එහි පාලනයට ඉතා කෘර රුදුරු බලවේගයන් විසින් පිටුබලය සැපයීමය. අප විසින් නිර්මාණය කිරීමට අදහස් කරන මූල්‍ය ක්‍රමයට එවැනි කෘර බලවේගයක පිටුබලය අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ පාලනයේ විශිෂ්ට බවයි. නීතියේ ආධිපත්‍යය පිළිබඳ කැපවීමයි. එමෙන්ම අපට සංස්කෘතියක්ද අවශ්‍ය වේ. මක් නිසාද යත් ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට සැපයිය හැකි තරම් පිටුබලයක් සැපයීමට හැකි කිසිවක් ලෝකයේ නොපවතින බැවිනි.
එකී පිටු බලය පැමිණිය යුත්තේ හුදෙක් නීතිය මගින් පමණක් නොව සංස්කෘතිය මගින් ද වේ.
වොෂින්ටනයේ සිටි මගේ ප්‍රියතම සගයෙකු නිතර පැවසීමට හුරුව සිටි දෙයක් මට කිසි දිනෙක අමතක නොවේ.
” සංස්කෘතිය යනු දේවත්වය එදිනෙදා ජීවිතයට අන්තර්ග්‍රහණය කිරීමය “
සැබැවින්ම අපට අවශ්‍ය වන්නේ එවැනි සංස්කෘතියකි.

ඔබ ගමන් කරමින් සිටින මාවතේ එක්තරා සන්ධිස්ථානයකදී යම් පුද්ගලයන් කණ්ඩායමක් විසින් ඔබව දැඩි ලෙස මධ්‍යගත අයුක්තිය, වේදනාව සහ වහල්බවින් පිරුණු, පාර-මානුෂික ලෝකයක් කරා ඇදගෙන යෑමට උත්සාහ දරන්නේ නම් එහිදී ඔබ දැඩි අපේක්ෂා භංගත්වයකටත්, කෝපයටත් පත්වීම සවභාවිකය. ඔබට කිසිවක් නොකරන ලෙස මම නොපවසමි. නමුත් අපි අපගේ මානුෂික ආදරය ආරක්ෂා කර පවත්වාගෙන යෑම පිණිස වෙර දැරිය යුතු වෙමු. එමෙන්ම අප විසින් අප තුළ පවත්නා සහකම්පනය අහිමිකරගත යුතු නොවෙමු. මක් නිසාද යත් අපගේ බලය පැමි‍‍ණෙනුයේ අපගේ මානුෂික බව තුලිනි. මක් නිසාද යත් අපගේ බලය පැමිණෙනුයේ අනෙකාගේ වේදනාව පිළිබඳ අප තුළ ජනනයවන සහකම්පනය තුළින් වන බැවිනි.

මහබැංකු විසින් දියත් කිරීමට උත්සාහ දරන පූර්ණ මධ්‍යගත ඩිජිටල් මුදල් ක්‍රමයට එරෙහිව සොලාරි සහයෝගිතාව විසින් සිකුරාදා දිනවලදී මුදල් නෝට්ටුවලින් භාණ්ඩ සහ සේවා මිලදීගැනීම සඳහා දියත් කර ඇති ප්‍රචාරක වැඩ සටහන

අපි මුදල් හුවමාරු ක්‍රමය විමධ්‍යගත කිරීමට අදහස් කරන්නෙමු. එමෙන්ම එම ක්‍රමය තුළ ඩිජිටල් මුදල් සහ භෞතික මුදල් යන දෙවර්ගයම පැවතිය යුතුය. අපගේ මූල්‍ය ක්‍රමය කාර්යක්ෂ්මව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් මුදල් අවශ්‍ය වනු ඇත. නමුත් මුදල් ක්‍රමය අව්‍යාජව සහ යථාර්ථයක් ලෙස පවත්වාගෙන යාම සඳහා අපට භෞතික මුදල් අවශ්‍ය වේ. එමගින් ඔබව සම්පූර්ණ ඩිජිටල් ක්‍රමයක් මගින් ග්‍රහණයට ගැනීම වැළකෙනු ඇත. අප විසින් දැනට පවත්වාගෙන යනු ලබන බහුජන ව්‍යාපාරයක් වන  Cash Friday පිළිබඳව මෙහිදී ජෝන් මා වෙත කාරුණිකව මතක් කළේය. අප විසින් උත්සාහ දරමින් සිටින්නේ සියලු දෙනාම යළිත් කාසි සහ නෝට්ටු මුදල් භාවිතය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමටය. එමෙන්ම අපට බොහෝ අපුරු දායකයන් රැසක් සිටිති. මා විසින් සියලු ගෙවීම් සිදුකරන්නේ කාසි සහ නෝට්ටුමය මුදල් භාවිතය මගින් බව පවසන විට ඔබ නිවැරදිය. එමෙන්ම ප්‍රදේශයේ සියලුම වෙළඳසැල් විසින් මට 10%ක වට්ටමක් ලබා දෙයි. සියල්ල ඩිජිටල් මුදල් මගින් සිදු කෙරෙන ක්‍රමයක් ඔබට අනවශ්‍ය බව ඔබ විසින් තේරුම් ගෙන සිටීම ඉතා වැදගත් දෙයකි.

ඩිජිටල් මුදල් භාවිතය සඳහා අපට අවශ්‍ය වනුයේ අපගේ අපූරු සගයෙකු වන බිල් බෙනී විසින් යෝජනා කළ දෙයයි. එනම් ඩිජිටල් මුදල් සහ කේතනය (encryption) කිරීම පිළිබඳ දැනුම අනාගත පරම්පරාවන්ට ලබාදීම සඳහා සෑම එම විෂයයන් පාසල් පද්ධතියට සහ නිවාස තුළ සිට ඉගැන්වෙන පද්ධතියට (Home Schooling) අන්තර්ග්‍රහණය කළ යුතුය. අපට එක් ප්‍රජාවක් තුළ කේතන පද්ධති පිළිබඳ දැනුමක් ඇති සියගණනක් සිටී නම් ඔවුන්ට එවැනි පද්ධතීන් සිය ගණනින් බිහිකළ හැකි නම් අපගේ සතුරන්ට එයට මුහුණ දීමට හැකියාවක් නැත. ඔවුහු වියරු වැටෙනු ඇතැයි බිල් බෙනී පැවසීය. ඔහු ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටි අයෙකි. මම ඔහුව විශ්වාස කරමි.

අප සතු බලය අපගේ අධ්‍යාත්මයයි.

තවත් වැදගත් දෙයක් පැවසිය යුතුව තිබේ. නිසැකවම වඩාත් වැදගත්ම දෙය එයයි.
ශුද්ධ වූ ලියැවිල්ලේ එක් වැදගත් පාඨයක් මෙසේය.
දැන් එහි විශ්වාසය, අපේක්ෂාව සහ කරුණාව ශේෂව පවතිනු ඇත. මෙයින් වඩාත් ශ්‍රේෂ්ඨතම දෙය කරුණාවයි.
(1 කොරින්තියන් 13:13)
ඔබ ගමන් කරමින් සිටින මාවතේ එක්තරා සන්ධිස්ථානයකදී යම් පුද්ගලයන් කණ්ඩායමක් විසින් ඔබව දැඩි ලෙස මධ්‍යගත අයුක්තිය, වේදනාව සහ වහල්බවින් පිරුණු, පාර-මානුෂික ලෝකයක් කරා ඇදගෙන යෑමට උත්සාහ දරන්නේ නම් එහිදී ඔබ දැඩි අපේක්ෂා භංගත්වයකටත්, කෝපයටත් පත්වීම සවභාවිකය. ඔබට කිසිවක් නොකරන ලෙස මම නොපවසමි. නමුත් අපි අපගේ මානුෂික ආදරය ආරක්ෂා කර පවත්වාගෙන යෑම පිණිස වෙර දැරිය යුතු වෙමු. එමෙන්ම අප විසින් අප තුළ පවත්නා සහකම්පනය අහිමිකරගත යුතු නොවෙමු. මක් නිසාද යත් අපගේ බලය පැමි‍‍ණෙනුයේ අපගේ මානුෂික බව තුලිනි. මක් නිසාද යත් අපගේ බලය පැමිණෙනුයේ අනෙකාගේ වේදනාව පිළිබඳ අප තුළ ජනනයවන සහකම්පනය තුළින් වන බැවිනි.
නමුත් අවාසනාවකට මෙන් අපට සටන්වැදීමට සිදුව ඇත්තේ එබඳු සහකම්පනයක් නොමැති සහ ඉතා කෘර කුමන්ත්‍රණ එක්ව දියත් කරන කණ්ඩායමක් සමගය.
එහෙයින් අපටද ඔවුන්ගේ කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා එක්සත් වී කුමන්ත්‍රණය කිරීමට අනිවාර්යයෙන්ම සිදු වී තිබේ. අසීමාන්තික දුෂ්ටත්වය සහ නපුර සමග අප අපගේ ආදරය, සහකම්පනය සහ මානුෂික බව අහිමි කර නොගෙන ඒ සටන කළ යුතුව ඇත.
මක් නිසාද යත් අපට මානව ශිෂ්ටාචාරයක් අවශ්‍යව ඇති බැවිනි. මෙහි මුදුන්මුල ලෙස අප විසින් මානව ශිෂ්ටාචාරයක් ගොඩ නැගිය යුතුව ඇති බව අපි සිතිය යුතු වෙමු. අප විසින් ගොඩ නගන එම ශිෂ්ටාචාරය විමධ්‍යගත පද්ධතීන්ගෙන් සමන්විත විය යුතුය. අපට ව්‍යවහාරික මුදලේ සහ මූල්‍ය පද්ධතියේ සාධාරණත්වය ඇතිකිරීමෙන් එයට ආරම්භයක් දිය හැකි නමුත් අප විසින් මතක තබාගත යුතුව ඇත්තේ අපගේ බලයේ උල්පත් වන්නේ අපගේ අධ්‍යාත්මික බලය, අපගේ චිත්තවේගී බලය, අපගේ උද්‍යෝගීමත් බව, අපගේ බුද්ධිමය බලය මෙන්ම ඒ හැමටත් වඩා අපගේ පරිකල්පන හැකියාව ආදිය බවයි.
මම නිතරම පවසන දෙයක් නම් “පරිකල්පනයේදීත්, අපේක්ෂා සහගත වීමේදීත්,විශ්වාසයේදීත්, ආදරයේදීත් අප අතින් වැරදි සිදුවනු ඉඩ හැරීමට අපගේ ඉතිහාසයේ මේ මොහොත තුළ අපට කොහෙත්ම ඉඩක් නැත “ යන්නයි. අපට අවශ්‍ය එයයි.

සෑම පුද්ගලයෙකුම එකිනෙකාගෙන් වෙනස්ය. ඔබට ඔබගේම මාවතක් සොයාගැනීමට සිදුවනු ඇත. නමුත් කරුණාකර එය කරන්න. ශුද්ධ වූ ලියැවිල්ලේ මෙසේ සඳහන් නොවන්නේද?

“අපේක්ෂා කරන්නාවූ දෙයෙහි පදාර්ථයද තාමත් නොදක්නා ලද දෙය පිළිබඳ සාක්ෂියද විශ්වාසයයි. “
හිබෘස් 11:1

කුමන්ත්‍රණ පවතීදැයි මගෙන් නොවිමසන්න. එය ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයකි

මා මගේ මුළුමහත් ජීවිතයම වැය කළේ කුමන්ත්‍රණයන් හි පාබල සෙබළෙකු ලෙස බව ඔබ විසින් තේරුම්ගත යුතුව ඇත

“මිස්ටර් ග්ලෝබල් ” සමග මගේ දිගු කාලීන අරගලය තුළ දී මා හුදෙකලා කර කොන් කර දමන ලද වාර ගණන මෙතෙකැයි මට ඔබ වෙත පැවසිය නොහැකිය. ඇතැම් විට එය මුළුමණින්ම අපේක්ෂා භංගත්වය ඇති කරවන සුළුය. මගේ නීතිඥයා මට පැවසුවේ සම්මුතියකට එළැඹෙන ලෙසය. සියල්ල අත්හැර දමා නිහඬවන ලෙසය. මම එය ප්‍රතික්ෂේප කළෙමි.
මම එය ප්‍රතික්ෂේප කළ විගසම එතෙක් නොපැවති විකල්පයන් නිර්මාණය විණි. එය අධිෂ්ඨානයේ සහ විද්‍යාවේ බලයයි. සත්තකින්ම අධිෂ්ඨානයට ද්‍රව්‍යමය යථාර්ථය වෙනස් කළ හැකිය. අප සතු බලය එයයි.
බොහෝ සොලාරි වාර්තාවන් අවසන් කරන විට මා විසින් සඳහන් කරනු ලැබූ දෙය අවසාන වශයෙන් මෙහිලා සඳහන් කරමි.
මා මගේ ජීවිතයේ 50 වැනි වසරට එළැඹෙනතෙක්ම මා මගේ මුළුමහත් ජීවිතයම වැය කළේ කුමන්ත්‍රණයන් හි පාබල සෙබළෙකු ලෙස බව ඔබ විසින් තේරුම්ගත යුතුව ඇත. මා ගොඩ නැගුණේ කුමන්ත්‍රණයන් යථාර්ථයක් බව විශ්වාස කිරීම සඳහාය. ඒවා විශිෂ්ට සහ අපූරු දේවල් ලෙස පෙනිණි. ඔබ පුද්ගලයන් සමූහයක් සමග එක් වී කිසියම් දෙයක් සැලසුම් කරයි. අනතුරුව ඔබ ඒ රහස වටා සැරිසරයි. අනතුරුව ඔබ ඒවා ක්‍රියාවෙහි යොදවනු ලබයි. මක් නිසාද යත් අනාගතය ගොඩනැගෙනුයේ ක්‍රියාකාරිත්වය තුළිනි. ඔබට දර්ශනයක් තිබේ. අනතුරුව යම් ක්‍රියාදාමයක් හරහා ඔබ විසින් ඒවා ව්‍යාපාරයක් ගොඩනැගීමක් බවට, ව්‍යාපෘතියක් ගොඩ නැගීමක් බවට හෝ අන් ඕනෑම දෙයක් බවට පත් කරනු ලබයි. කුමන්ත්‍රණ වූකලී අපුරු දෙයක් බව අපි සිතුවෙමු. නමුත් ස්ථාපිත ආයතනගත ක්‍රමය විසින් මා දොට්ට දමන තෙක්ම එය එසේ නොවිණි. ක්‍රමන්ත්‍රණ වූකලී නරක දේවල් බව බොහෝ මිනිසුන් විශ්වාස කරන බව මම අවබෝධ කර ගතිමි. එය “පොඩ්ඩක් ඉන්න- ගොඩක් කුමන්ත්‍රණ නීත්‍යානුකූලයි ” යනුවෙන් පැවසීමක් බඳුය. ඔබ වටේ කැරකැවෙමින් සිට එය රහසිගතව ක්‍රියාත්මක කළ යුතුව ඇත.
එහෙයින් මා විසින් කල්පනා කරන ලද්දේ “හොඳයි, මේ මිනිසුන් කුමන්ත්‍රණ නරකයැයි සිතන්නේ නම් ඔවුන් විසින් අනාගතය ගොඩ නැගීමට කටයුතු කරන්නේ කෙලෙසද ” යන්නයි.
එහෙයින් අප එක්සත් විය යුතුය. එක්සත්වී අපේ අනාගතය අපගේ ක්‍රියාකාරිත්වය තුළ ගොඩ නැගිය යුතුය.
මම සොලාරි වාර්තාවන් වල අවසානයේ බොහෝ විට මෙසේ සඳහන් කරමි.

“කුමන්ත්‍රණ පවතීදැයි මගෙන් නොවිමසන්න. ඔබ එය තවකෙකුගෙන් විමසා දැනගත යුතු දෙයක් නොවේ. මක් නිසාද යත් එය ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති බැවිනි. “

එහෙයින් කුමන්ත්‍රණයක් පවතීදැයි නොඅසන්න. ඔබ තවමත් කුමන්ත්‍රණයකට හවුල් වී නැත්නම් ඔබ දැන් ම එය පටන්ගන්න.
හොඳයි, ” කුමන්ත්‍රණය” කිරීමට තරම් යහපත් මිනිසුන් සමූහයක් මේ ශාලාව තුළ සිටින බව මම දකිමි. කළ යුත්තේ කුමක්දැයි ඔබ දනී.

නෝනාවරුනි මහත්වරුනි, ඔබව ඇමතීමට අවස්ථාවක් ලබා දීම ගැන නැවතවරක් ස්තූතිවන්ත වෙමි. එමෙන්ම සංවිධායකවරුන්ටද මගේ ස්තූතිය පළ කරමි.

කැතරින් ඔස්ටින් ෆිට්ස්
සොලාරි සහයෝගිතාවයේ සභාපති සහ සොලාරි වාර්තාවේ ප්‍රකාශිකා

 

සටහන්

Active Portfolio Strategy  ක්‍රියාකාරි ආයෝජන  උපායමාර්ගය

යම් ක්‍රියාකාරි ආයෝජන උපායමාර්ගයක් ලෙස හඳුන්වන්නේ එකිී ආයෝජනය වෙත උපරිම වටිනාකම හිමිවන පරිදි ආයෝජනය කිරීමට දැරෙන උත්සාහයයි. ක්‍රියාකාරි ආයෝජනයක් විසින් උපරිම වටිනාකම් ජනනය කිරීමට උත්සාහ දරන්නේ පවත්නා සියලු තොරතුරු  සහ අනාගත වර්ධනයන් පිළිබඳ පුරෝකතන තාක්ෂණය භාවිතා කරමින් ආයෝජනයක් විකිණීමේදී සහ පවත්වාගෙනයාමේදී වැඩිම ලාභ ලැබෙන පරිදිය.

Quantitative easing (QE) ප්‍රමාණාත්මක පහසුකාරකය –
මෙය මහාපරිමාණ වත්කම් කිණුම large-scale asset purchases ලෙසද හැඳින්වේ. ආර්ථිකය උත්තේජනය කිරීමේ හෝ ද්‍රවශීලිතාව ඉහළ නැවීමේ අරමුණින් මධ්‍යම බැංකුව විසින් රජයේ බැඳුම්කර හෝ වෙනත් මූල්‍ය වත්කම් කලින් තීරණය කරන ලද ප්‍රමාණයක් මිල දී ගැනීම මගින් සංලක්ෂිත ව්‍යාප්තවාදී මුල්‍ය ප්‍රතිපත්තියකි. ඉතා පහළ උද්ධමනය හෝ අවධමනය පාලනය කිරීමෙහිලා පිළිගත් මූල්‍ය ප්‍රතිපත්තීන් අසාර්ථක වන විට යොදාගනු ලබන සම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්තියකි

Useful Steps to Navigating the Financial Reset- Catherine Austin Fitts