කොවිඩ්-ඔමික්‍රොන් අර්බුදය, ලෝක ව්‍යාප්ත මුල්‍ය බිඳ වැටීම, උද්ධමනය සහ ඩිජිටලීකරණය

පීටර් කෝනිෂ්

මෙම ලිපිය ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවියේ දෙසැම්බර් මස 24 වැනි දින පළමුවරට පළ විය.

ඔමික්‍රොන් නම් ඊනියා කෙරෝනා වෛරස් ප්‍රභේදය කිසිවිටකත් වෙන් කර හඳුනාගෙන නොමැත. වර්තමානයේ ක්‍රියාත්මක වන ලොක් ස්ටෙප් මෙහෙයුම පවත්වාගෙන යන ආඛ්‍යානය තුළ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193ක ආණ්ඩු විසින් ඔබ වෙත කුමක් පවසනු ලැබූවද, ලොක් ස්ටෙප් මෙහෙයුම පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රචාරක කටයුතුවල නිරතවන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ඔබ වෙත කුමක් පැවසුවද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවල් 193ක ආණ්ඩු විසින් පාවාදෙනු ලැබූ ජනතාවගෙන් බහුතරය කුමක් විශ්වාස කළ ද එය අමූලික බොරුවකි.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

ඔමික්‍රොන් වලින් මිනිසුන් මරණයට පත්වන්නේ යැයි යන්න දැවැන්ත බොරුවකි.

2020 වසරට පෙර නහයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, සුළු හිසරදය වැනි සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණවලින් පෙළෙන්නෙකු ඒ හේතුව නිසාම අල්ලා ගැනීමට ගිනි අවි වලින් සන්නද්ධ වූ පොලිස් බල ඇණියක් ගම්බිම් පීරමින් මෙහෙයුමක යෙදෙතැයි පැවසුවහොත් කිසිවෙකුත් එය විශ්වාස නොකරනු ඇත. නමුත් 2020 පසුව නව සාමාන්‍ය තත්ත්වය හෙවත් New Normal යටතේ සෙම්ප්‍රතිශ්‍යාව සැදීම බරපතල අපරාධයකි. මක් නිසාද යත් එය අපට නොතෙරෙන භාෂාවකින් “ඔමික්‍රොන්” යන ගම්භිර නාමයකින් හඳුන්වන බැවිනි. බේරුවල චීනකොටුව ප්‍රදේශයෙන් වාර්තාවුණැයි කියන “ ඔමික්‍රොන්” රෝගියෙකු අල්වා ගැනීමේ දැවැන්ත පොලිසි මෙහෙයුමක් ගැන අද දෙරණ රූපවාහිනි පුවත් චැනලය විසින් වාර්තා කර ඇති අයුරු
ඔමික්‍රොන් නම් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සොයාගත්තා යැයි කියන දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරියක වූ ඇන්ජලිකා කොයට්සි (Angelique Coetzee)

එන්නත් වර්ගයක් ලෙස හැඳින්විය නොහැකි වූත් එන්නත ලබාගන්නා පුද්ගලයන් තුළ ජානමය වෙනස්කම් සිදු කරන්නා වූත් ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය විනාශ කරන්නා වූත් එන්නත්වලින් සිදුවන මරණ ඇතුළු අනෙකුත් වෙනත් බොහෝ හේතුන් නිසා පුද්ගලයන් මරණයට පත් වීමට ඉඩ තිබේ. දැනට වසර දෙකක පමණ කාලයක් තිස්සේ ඉහත විවිධ හේතුන් නිසා සිදුවන මරණ කොවිඩ්-19 සහ එහි විවිධ මාරක ප්‍රභේද නිසා සිදු වූ මරණ යැයි ඖෂධ සමාගම්වල මුදල්වලට සිය ආත්මය පාවාදුන් සෞඛ්‍ය බලධාරිහු පවසමින් සිටිති. එවැනි වෛරස් ප්‍රභේද කිසි විටෙකත් පරීක්ෂණාගාර තුළ දී වෙන් කර හඳුනාගෙන නැත.
කලින් ඩෙල්ටා ප්‍රභේදයක් ගැන දොඩවමින්සිටි ඔවුහු දැන් ඔමික්‍රොන් ප්‍රභේදයක් ගැන කතා කරති. මේ දෙකෙන් එකක් හෝ අදාළ රෝගීන් යැයි කියන පුද්ගලයන්ගෙන් ගෙන් ගන්නා ලද සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට ලක් කර වෙන් කර හඳුනාගෙන නැත. එසේ වුව ද එක්සත් ජාතින්ගේ රටවල් 193ක විශාල පිරිසක් මෙම කෙප්පය අමු අමුවේ ම ගිල දමා තිබේ. ඒ බිය නිසා විය හැකිය. නැතහොත් එය ඇත්ත යැයි පිළිගන්නා නිසා විය හැකිය. නැතහොත් තමන්ගේ ආණ්ඩු විසින් කිසිදිනෙක තමන්ට මෙවැනි දේ ගැන බොරු කරනු නැතැයි යන විශ්වාසය නිසා විය හැකිය. නැතහොත් එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය විසින් සමස්ත ලෝකයටම මෙවැනි බොරුවක් කිරීමට ඉඩක් නැතැයි යන විශ්වාසය නිසා විය හැකිය. නමුත් ඇත්ත තත්ත්වය ඔවුන් සිතන දෙයට වඩා වෙනස්ය.
මෙවැනි දේ ගැන ගැඹුරටම සොයා බැලීම අසීරු කරුණක් බව ඇත්තකි. නමුත් අවසානයේදී අප විසින් එය සිදු කළ යුතුව ඇත. එසේ නැතහොත් සමස්ත මානව වර්ගයා යළිත් ගොඩ ඒමට නොහැකි ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටෙනු ඇත. මෙම ඊනියා ඔමික්‍රොන් ප්‍රභේදය කොහේදෝ සිට හදිසියේ ආතක් පාතක් නැතිව මතු වූ එකකි. අවසානයේදී එහි බිහිවීම සිදු වූ ස්ථානය ලෙස දකුණු අප්‍රිකාව නම් කරන ලද්දේ කිසිදු අසීරුවකින් තොරවය. එවැනි දුර බැහැර දුෂ්කර තැනකට ගොස් එම ප්‍රභේදයේ උපත පිළිබඳ ඇත්ත සොයා බැලීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. එහෙයින් මේ පිළිබඳව ඇත්ත සොයා බැලීම දුෂ්කර කරුණකි.

මෙම නව වෛරස් ප්‍රභේදය නත්තලට දින කීපයකට පෙර සොයාගත් බව සැබෑවකි. මේ සොයාගැනීම විසින් පූර්ණ ලොක්ඩවුන් කිරීම්, අර්ධ ලොක්ඩවුන් කිරීම්, සමාජ දුරස්තකරණය, බටහිර ලෝකයේ ඉතාම පූජනීය නිවාඩු දිනයේදී පවුල්වල සාමාජිකයන් එකිනෙකාගෙන් හුදෙකලා කිරීම ආදිය සිදු කරනු ඇත. එය විසින් ඇතැමුන් ශෝකයටද ඇතැමුන් කෝපයටද පත් කරනු ඇත. එහෙත් බොහෝ පුද්ගලයන් අතිශයින් බියපත් වී මීළඟට සිදුවන්නේ කුමක්දැයි මුව අයා වික්ෂිප්තව බලා සිටිනු ඇත. එහෙත් අවසානයේදී ඔවුහු මේ නව වෛරස් ප්‍රභේදයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට යැයි කියමින් ආණ්ඩු විසින් දෙන සියලු නියෝග පිළිපදිනු ඇත. මතුවෙමින් පවත්නා කෘර ඒකාධිපතිවාදයක් හමුවේ ඔවුහු සිය පූර්ණ යටත්වීම සහ වහල්භාවය කරා තවත් අඟලකින් ලඟාවනු ඇත. දැනටමත් ඒකාධිපතිවාදය අපගේ හිස මත පාත් වෙමින් පවතින නමුත් අප අතරින් බොහෝ දෙනෙකු තවමත් එය තේරුම් ගෙන නැති බව මතක් කර ගැනීම වැදගත්ය .

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

එන්නත් ලබාගත්තවුන් එන්නත් ලබා නොගත්තවුන්ට දොස් පවරනු ඇත. සමාජය තවදුරටත් භේදභින්න කරනු ඇත.

එක් රටක් තුළ සමාජීය විභේදනයන් තවදුරටත් මතු කරනු ඇත. සමීපව ඇසුරු කරන්නවුන් තවදුරටත් එකිනෙකාට එරෙහිව යනු ඇත. මිතුරන් සතුරන් බවට පත් කිරීමද පවුල්වල සාමාජිකයන් අතර පවා ගැටුම් ඇතිකෙරෙන තත්ත්වයන් උත්සන්න කිරීම ද මේ මගින් සිදුවනු ඇත. බෙදා වෙන් කර පාලනය කිරීම වසර දහස් ගණනක් පැරණි උපක්‍රමයකි.
“අති භයානක සහ ඉක්මණින් ආසාදනය කරවන සුළු ” ඔමික්‍රොන් ප්‍රභේදය පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් සිතාගැනීමටත් නොහැකි මට්ටමකට රෝහල්වල ඇඳන් පිරී යනු වැළැක්වීම සඳහා නෙදර්ලන්ත රජය දැන් 2022 ජනවාරි 14 වැනිදා දක්වා සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමක් ප්‍රකාශ කර ඇති බව එල් පායිස්  නම් ස්පාඤ්ඤ පුවත්පත වාර්තා කර ඇත.
මෙහි තේරුම නෙදර්ලන්ත රජය විසින් දෙසැම්බර් 19 වැනිදා සවස 5 සිට 2022 ජනවාරි 14 වැනි දින දක්වා ඉතා දැඩි සීමා කිරීම් පනවනු ලැබ ඇති බවයි.
සියලු හෝටල, ආපන ශාලා, සංස්කෘතික කටයුතු, සියලු අත්‍යවශ්‍ය නොවන වෙළඳසල්, ක්‍රීඩා කටයුතු, ව්‍යායාම මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම වසා දමනු ඇත. මෙම උත්සව කාලය තුළ නිවැසියන්ට අමතරව නිවසට පැමිණීමට අවසර ඇත්තේ වයස 13 ට ඉහළ වැඩිහිටියන් දෙදෙනෙකුට පමණි.
අනෙකුත් රටවල් නෙදර්ලන්තය අනුගමනය කරනු ඇත්ද? බොහෝ විට එය සිදුවීමට ඉඩ තිබේ.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

නැති දෙයක් පවතින බව පිළිගැනීම සඳහා ජනතාවට බලකිරීමට ඊනියා ඔමික්‍රොන් ප්‍රභේදයෙන් උපරිම ඵල නෙළා ගැනීම

කොරෝනා ආඛ්‍යානය තුළ අන්තර්ගත අවිද්‍යාත්මක සහ හාස්‍යජනක මෙන්ම කෘර සහගත ප්‍රතිවිරෝධතාවන් ද එනිසාම එහි වංචා සහගත ප්‍රෝඩාකාරී ස්වභාවයද දවසින් දවස වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතින තත්ත්වයක් තුළ වුව ජනතාවන් විසින් දිගින් දිගටම දක්වන යටහත් පහත් කීකරු බවත් ඔවුන් විසින් මේ පච බේගල් විශ්වාස කරන අයුරුත් විශ්මය ජනකය. ඔවුහු තාමත් සත්‍ය හමුවේ අන්ධයන් මෙන් කටයුතු කරති.

විරෝධය පළකිරීමට හෝ සත්‍ය සෙවීමට වඩා ඇඳිරි නීතිය තුළ වාසය කිරීම සහ අවනතභාවය පළ කිරීම වඩාත් සුවදායකය.
සත්‍ය අපගේ දෑස් ඉදිරිපිට නුදුරින්ම පවතී. අප ඉදිරියේ පරස්පර විරෝධතාවන් ගණනාවක් පවතී. අපි ඒවා දකිමු. ඒවාට සිනහසෙමු. එහෙත් අපි තවමත් ඒවා අකුරටම පිළිපදිමින් සිටින්නෙමු. එය වඩාත් ශරීරයට සුවදායකය, ගුණදායකය.
“එහෙයි සර්,” යි අපි පවසමු.
“මේ හැම දෙයම යම් දිනක ඉබේම ඉවත්ව ගොස් යහපත උදාවනු ඇත ” යි අපි විශ්වාස කරමු.
නමුත් මේ කිසිවක් ඉවත්ව නොයනු ඇත. අපගේ ජීවිතවල සුවපහසු බව දෙවියන් විසින් අපට උපතේදී ලබා දුන් තිලිණයක් නොවේ. අපගේ නිදහස උදෙසා අප විසින් සටන් කළ යුතුව ඇති බව අමතක නොකරමු.
ලෝක ආර්ථික සංසදය (World Economic Forum-WEF), ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO), බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, රොකෆෙලර් පදනම ඇතුළු සංවිධාන පිටුපස සැඟව ඇති ගුප්ත තිරිසනුන් විසින් ලෝකය ලොක්ඩවුන් කිරීමෙහිලා තවත් එක්වතාවක් පමණක් සමත්වනු ඇත. බොහෝ දුරට එය අවසන් වතාව වීමට ඉඩ තිබේ.

ජනතාව නැගී සිටිනු ඇත. තමන්ගේම ආර්ථික බංකොළොත් බවින් ගැලවීම සඳහා වර්තමාන ආර්ථිකය සහ බිලියන ගණනාවක් ජනතාවගේ ජීවිත සහ ජීවිකාව ඇතුළු ඔවුන් සතු සියලු දෙය විනාශ කරමින් සියලු ජනතා දේපොල ස්වාභාවික සම්පත් මංකොල්ල කමින් අත්තනෝමතික ලෙස ලෝක ජනතාව පාලනය කිරීමට යත්න දරනා ලෝක ප්‍රභූ පෙළැන්තියට එරෙහිව ජනතාව නැගී සිටිනු ඇත.
ඉන් පසුව සිදුවනු ඇත්තේ කුමක්ද?
‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

සයිබර් බහු අස්‍රය (Cyber Polygon)යනු කුමක්ද?

අනාගතයේදී සිදුවීමට නියමිත සයිබර් ප්‍රහාරයක් සඳහා ලෝක ආර්ථික සංසදය විසින් සංවිධානය කළ පූර්ව සුදානම් වීමේ වැඩ සටහනක්

ජ්‍යාමිතියේදී බහු අස්‍රයක් යනු ඒවායේ අග්‍රවලින් එකිනෙකට සම්බන්ධිත සරල රේඛා සමූහයකින් සමන්විත සංවෘත හැඩයකි. ඉතා සරලතම බහු අස්‍ර ලෙස පාද තුනකින් සමන්විත ත්‍රිකෝණය, පාද හතරකින් සමන්විත චතුරස්‍රය, පාද 5 කින් සමන්විත පංචාස්‍රය ආදිය සැළකිය හැකිය.
ලෝක ආර්ථික සංසදය(WEF) සැළකිල්ලට ගැනීමේ දී ඔවුහු බහුඅස්‍රය යන වදන යොදාගනු ලබන්නේ 2021 වසරේ ජූලි මාසයේදී ක්‍රියාත්මක කරන ලද අතථ්‍ය සිදුවීමක් වූ සයිබර් වසංගත පෙරහුරුව (cyber pandemic simulation) සඳහා බව දැකිය හැකිය. ඔවුන් විසින් එය හඳුන්වන ලද්දේ ඉදිරියේදී සිදුවීමට නියමිත දෙයක් සඳහා වන පූර්ව පුහුණුවක් ලෙසය.
ලෝක ආර්ථික සංසදයේ නායකයා වන ක්ලාවුස් ෂ්වාබ් ( Klaus Schwab) ඒ ගැන මෙසේ සඳහන් කර ඇත.
“ සයිබර් ප්‍රහාරයක බියකරු සිදුවීමක් විසින් බල ශක්ති සැපයුම, ප්‍රවාහනය, රෝහල් සේවාවන් මෙන්ම සමස්තයක් ලෙස සමාජයේ පැවැත්ම මුළුමණින්ම නවත්වනු ඇත. මෙවැනි විශාල පරිමාණයේ සයිබර් ප්‍රහාරයක් හා සන්සන්දනය කරන කල කොවිඩ්-19 අර්බුදය ඉතා සුළු ප්‍රශ්නයක් ලෙස දිස්වනු ඇත.”
ලෝක ආර්ථික සංසදයේ කළමණාකරණ අධ්‍යක්ෂ ජෙරමි යූර්ගන්ස්(Jeremy Jurgens) මෙසේ පැවසීය.
“ තවත් අර්බුදයක් ඇතිවන බවට මම විශ්වාස කරමි. එය ඉතා සුවිශේෂි එකක් වනු ඇත. අපි කොවිඩ්-19 අර්බුදයේදී දුටු දෙයට වඩා එය ඉතා වේගවත් එකක්වනු ඇත. එහි බලපෑම අතිවිශාල වනු ඇත. එහි සමාජීය සහ ආර්ථික ප්‍රතිඵල වඩාත් සුවිශේෂි වැදගත්කමකින් යුතුවනු ඇත.”
මෙම උපුටා ගැනීම සහිත මයිකල් චොසුඩොවුස්කිගේ ලිපිය ට මෙම සබඳතාවෙන් ප්‍රවේශ වන්න.
තවත් විනාශකාරී ලෝක ව්‍යාප්ත අර්බුදයක් එලැඹෙමින් තිබේද? ලෝක ආර්ථික සංසදයේ “ කොවිඩ් වසංගතයට සමාන ගුණාංග සහිත සයිබර් ප්‍රහාරයක් ” විසින් ලෝකය පුරා බලශක්ති සැපයුම, සන්නිවේදනය සහ ප්‍රවාහනය කඩාකප්පල් කරනු ඇත්ද? (Towards Another Devastating Worldwide Crisis? The WEF’s “Cyber Attack With Covid-like Characteristics”. Paralysis of the Power Supply, Communications, Transportation?)

එය බොහෝ දුරට 2019 ඔක්තෝබර් මස 18 වැනි දින නිව්යෝර්ක් නගරයේදී පැවැත්වුණු Event 201 නම් වසංගත පෙරහුරුවට සමාන දෙයක් වනු ඇත. සංවිධානය කරන ලද්දේ ද ලෝක ආර්ථික සංසදය, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ජෝන් හොප්කින්ස් ආයතනය විසිනි. ඊනියා කොවිඩ්-19 වසංගතය වේදිකාවට පැමිණියේ මේ පෙරහුරුවෙන් මාස දෙක තුනකට පසුවය. මෙම පෙරහුරුවේදී ඔවුන් විසින් හඳුන්වා දෙන ලද වසංගතයට ඔවුන් දෙන ලද නම SARS-CoV-2 ය. ඊනියා වසංගතය 2020 දී කරළියට පැමිණි පසු පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ නම Covid-19 යනුවෙන් වෙනස් කරන ලදි. මෙම ඊනියා වසංගතය විසින් මේ දක්වා සිදු කරන ලද ආර්ථික විනාශය මිනිස් ඉතිහාසයේ මෙතෙක් කිසිදු ස්වාභාවික මිනිස් ක්‍රියාකාරකම් මගින් සිදු වූ විනාශයකට වඩා කිහිප ගුණයකින් අධිකය.

“ සයිබර් බහුඅස්‍රය” එයටත් වඩා විනාශකාරී සහ වේගවත් එකක් වනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති. එය ඔවුන්ගේ සැලසුම බැවිනි. මෙම සයිබර් ප්‍රහාරය මගින් ආර්ථිකයේ මූලිකාංග අකර්මණ්‍ය කර දමනු ඇති අතර ඉතුරුවන සියලු සම්පත් ඉහළ සුපිරි ගෝලීය ධනේෂ්වරය වෙතට එක්රැස් කරගනු ඇත. එය විසින් වචනයෙන් විස්තර කළ නොහැකි තරම් දුක් වේදනාවන්ට බිලියන ගණන් ජනයා ලෝකය පුරා ගොදුරු කරවනු ඇත. විශේෂයෙන් එය උත්තර අර්ධගෝලයේ ශීත සෘතුව තුළ ක්‍රියාත්මක වනවිට ආහාර සැපයුම් මාර්ග බිඳ වැටීම, නිවාස උණුසුම් කරන පද්ධති අක්‍රිය වීම, දුප්පත් කම, සීතල, සාගින්න, ලෙඩ රෝග, රෝහල් පද්ධතියේ බිඳවැටීම, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, ආදිය එම මරණවලට හේතුවනු ඇත. විෂ සහිත කොරෝනා mRNA එන්නත් වලින් දිවි ගලවාගැනීමට සමත්වන්නවුන් බොහොමයක් දෙනා ලෝක ආර්ථික සංසදය විසින් සැලසුම් කරමින් පවතින මෙම සයිබර් බහුඅස්‍ර ගෝලීය ජන සංහාරය තුළ මරණයට පත්වනු ඇත.

ඔවුන්ගේ සැලසුම එයයි.
ඇතැම් විට ස්විට්සර්ලන්තයේ දාවොස් නගරයේදී 2022 ජනවාරි 17-21 අතර පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුව 2022 ග්‍රීෂ්ම සෘතුවේ ආරම්භය දක්වා කල් දමා ඇති බව 2021 දෙසැම්බර් මස 20 වැනි දින ලෝක ආර්ථික සංසදය විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ නිසා විය හැකිය.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

මහජනතාව වන අපට අප ගිලී සිටින නිද්‍රාවෙන් අවදිවී නැගී සිට සයිබර් බහුඅස්‍ර ප්‍රහාරය වැළැක්වීම සඳහා අවශ්‍ය වන කාලය සහ අධිෂ්ඨාන ශක්තිය තිබේද?

ඔවුන් විසින් පවත්වාගෙන යන ආඛ්‍යානය ඔවුන්ගේම ශ්‍රේණීන් තුළ වඩ වඩාත් වඩාත් මතභේදයට ලක්වෙමින් පවතින බව සහ වඩ වඩාත් පරස්පර විරෝධී වෙමින් පවතින බව ක්ලාවුස් ෂ්වාබ් හෝ ඔහුට ඉහළින් සිට ලෝක ආර්ථික සංසදය මෙහෙයවන පුද්ගලයන් හට වැටහීමක් තිබේද? සමහර විට ඔවුන් තුළ එම අවබෝධය තිබිය හැකිය.
සමහර විට ඔවුන් ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකරනවා විය හැකිය.
වරෙක බිල් ගේට්ස් මෙසේ පැවසීය
“යම් හෙයකින් මගේ ඉවත්වීමක් සිදුවුවද තවත් අයෙකු පැමිණ මගේ පුරප්පාඩුව පුරවනු ඇත. ක්‍රමය හොඳින් ස්ථාපිතව ඇති අතර එය තුළ රික්තයකට ඉඩක් නොතැබෙනු ඇත.”

ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ මහාචාර්ය ක්ලාවුස් මාටින් ෂ්වාබ්

මෙම කරුණ ක්ලාවුස් ෂ්වාබ් සහ දැනට මතුපිට පෙනී සිටින සෙසු දුෂ්ට ආත්ම සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් ද සත්‍යයකි.
ඔවුන් විසින් පවත්වාගෙන යන ලබ්ධික ක්‍රීඩාවේ එක් අංගයක් නම් “සදෘෂ්‍යතාවයයි”. තමන් කරන දෙය පිළිබඳව ජනතාව හමුවේ පැවසීමට ඔවුනට අවශ්‍යව තිබේ.
“ බලාපල්ලා අපි උඹලාට කරන්න යන්නේ මේකයි”
ඔවුන්ගේ අරමුණු සාර්ථක වීම සඳහා ඔවුන් විසින් ජනතාවට පෙනෙන පරිදි සූනියමක් නැතහොත් පෙරහුරුවක් සිදු කළ යුතුව තිබේ. ජනතාව දකින දෙය විශ්වාස කළ නොහැකි දෙයකි. ඔවුහු එය විශ්වාස නොකරනු ඇත. නමුත් සාතන් අදහන කල්ලිය විසින් සිය කාර්යය ඉටු කරගෙන තිබේ.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

කොවිඩ්-19 ප්‍රෝඩාවට එරෙහිව අවදිවීම- විප්ලවයක් ඇරඹීම සඳහා අවශ්‍ය වන්නේ ජනගහණයෙන් 5%ක් පමණි.

නීතිඥ ආචාර්ය රයිනර් ෆ්‍යූල්මිෂ් (Reiner Fuellmich)        මෙය නැවැත්වීම සඳහා ඇති එකම මග ජනතාව නැගී සිට පාලකයන් සිය අවසන් කඩඉම් රේඛාව වෙත ළඟාවී ඇති බව පැවසීම මගින් පමණි.

මධ්‍යස්ථ වශයෙන් අනුමාන කරන විට ලෝකය පුරා ජනගහණයෙන් 20%-30%ක් අතර ප්‍රමාණයක් කොවිඩ් ප්‍රෝඩාව හමුවේ අවදි වී සිටින බව සිතිය හැකිය. අප විසින් සිදු කළ යුතුව ඇත්තේ මෙම අවදි වූ ජනතාව සමග පෘථිවිය නම් මෙම ග්‍රහලෝකයේ බිලියන 8ක් වන ජනගහණය අතර සහයෝගිතාව සඳහා සම්බන්ධතාව ගොඩ නැගීමයි.
එමෙන්ම ඔවුන්ව සංවිධානය කළ යුතුය. එපමණක් නොව “බෙදා වෙන් කර පාලනය කිරීමේ ” විශේෂඥයන් වන අපගේ සතුරන් නිෂ්ක්‍රීය කර ඔවුන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබෙන බවට වගබලාගත යුතුය.
පොදු සටන් පෙරමුණක් සඳහා අප එක්සත් කරනු ඇත්තේ කා විසින් ද?
ආචාර්ය රයිනර් ෆ්‍යූල්මිෂ් (Reiner Fuellmich) මෙම අරගලයේ නියමුවෙකි. ඔහු යුක්තිය දිනාගැනීම සඳහා නියුර්න්බර්ග්-2.0 නඩු විභාගයක් පැවැත්වීමට යෝජනා කරයි.
එම අදහස විසින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ කරන ලදුව වසරක් පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය (1946-47) නියුර්න්බර්ග් නඩු විභාගය සිහිපත් කරවයි.
අද ලෝකයේ තත්ත්වය කුමක්ද? තුන්වන ලෝක යුද්ධය ඇරඹී ඇත්තේ යුද ටැංකි, තුවක්කු සහ න්‍යෂ්ටික බෝම්බවලින් තොරවය. එයට එරෙහිව තවත් නියුර්න්බර්ග් නඩු විභාගයක් සඳහා වරෙන්තු නිකුත් කෙරී ඇත.
නීතිඥ ආචාර්ය රයිනර් ෆ්‍යූල්මිෂ් නියුර්න්බර්ග්-2.0 නඩු විභාගයක අවශ්‍යතාව ගැන පවසමින් මෙසේ සඳහන් කළේය.
“යුක්තිය ලබා ගත හැක්කේ අධිකරණය මගින් නොව ජනතා නැගී සිටීම් මගිනි. ”
ආචාර්ය රයිනර් ෆ්‍යූල්මිෂ් විසින් සිය කොරොනා විමර්ශන කමිටුව විසින් සොයාගත් කරුණු වලින් බොහොමයක් මෑතකදී පෝලන්තයේදී පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ ඉදිරිපත් කළේය. ඔහු එහිදී හෙළිදරවු කළේ බොහෝ විශ්ලේෂකයන් මාස ගණනාවක් තිස්සේ පවසමින් සිටින දෙයට සමාන දෙයකි. අධිකරණ පද්ධතිය විකිණී නැතහොත් යටත් වී හමාරය. එය පාලනය කරන්නේ මෙහෙයවන්නේ ගෝලීයකරණවාදීන් විසිනි. අද පවත්නා අධිකරණ මගින් යුක්තිය ලබාගත නොහැකිය. ජර්මනිය , ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රියාව හෝ සමස්ත යුරෝපීය සංගමය තුළ හෝ එක්සත් ජනපදය තුළ හෝ ලෝකයේ අන් කවර හෝ රටක් තුළ හෝ පවත්නා තත්ත්වය එයයි.
ආචාර්ය ෆ්‍යුල්මිෂ් වැඩිදුරටත් මෙසේ පැවසීය.
“ මෙය නැවැත්වීම සඳහා ඇති එකම මග ජනතාව නැගී සිට පාලකයන් සිය අවසන් කඩඉම් රේඛාව වෙත ළඟාවී ඇති බව පැවසීම මගින් පමණි.”
“ එය අධිකරණය මගින් සිදු කළ නොහැකිය. ඇතැම් විට යම් දේවල් පිරිසිදු කිරීම සඳහා අධිකරණය යොදාගත හැකිය. නමුත් ඔවුන් ඒ සඳහාවත් සුදුසුදැයි මම සැක කරමි. මක් නිසාද යත් අධිකරණය ජනතා සතුරන් විසින් අත්පත් කරගෙන ඇති බැවිනි. එහෙයින් අපට සම්පූර්ණයෙන්ම නව අධිකරණ පද්ධතියක් පිහිටුවීමට සිදුවනු ඇත.”

පළමු නියුර්න්බර්ග් නඩු විභාගය විසින් යුද්ධයේ දෙපැත්තටම ආධාර ලබාදුන් IBM, ෆොර්ඩ්, රොකෆෙලර්වරුන්ගේ ස්ටෑන්ඩර්ඩ් ඔයිල් වැනි සමාගම් හිමි ගෝලීයකරණවාදින්ට දඬුවම් ලබා දීම තබා ඔවුන් අධිකරණය හමුවට කැඳවූයේවත් නැත. නාසිවාදය සහ හිට්ලර්ට බලයට පත්වීමට උදව් කළේ ඔවුන් විසිනි. දෙවන ලෝක යුද්ධයේදී මිලියන 80 ක් ජනතාව මරණයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන් විශාල ලෙස වගකිව යුතුය.
ආචාර්ය රයිනර් ෆ්‍යුල්මිෂ් සහ ඔහුගේ කණ්ඩායම සිදු කරමින් සිටින කාර්යය අති විශාල වැදගත්කමකින් යුතුය. මක් නිසාද යත් ඔවුහු සම්පූර්ණ කොවිඩ් කුමන්ත්‍රණයම නිරාවරණය කරමින් සිටින බැවිනි.

“ තව දුරටත් කුමන්ත්‍රණ න්‍යායන් ඉතුරුව නැත. ඒවා සියල්ල ඇත්ත බවට පත් වී ඇති අතර තවදුරටත් ඒවා හුදු න්‍යායන් නොවේ.”
නියුර්න්බර්ග්-2.0 ගැන ඔහු මෙසේ අදහස් දැක්වීය.
“ මෙම නඩු විභාගය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත්ම පණිවිඩය සාක්ෂි කරුවන් විසින් තමන්ට සිදු වූ දෙය පැහැදිලි කිරීමයි. ඔවුන්ට විඳීමට සිදු වූ හානිය කුමක්ද, ඔවුන්ගේ ව්‍යාපාරය විනාශ කරනු ලැබුවේ කෙසේද, ඔවුන්ගේ ආදරණීයයන් මරණයට පත්වූයේ කෙලෙසද, එන්නත්වල හානිකර අතුරු ආබාධ හේතුවෙන් ඔවුන්ගේ වකුගඩු හෝ වෙනත් ශරීර අවයව අහිමි වූයේ නැතහොත් ඒවාට හානිවූයේ කෙලෙසද ගැන සියලු දේ ඔවුන් විසින් පැහැදිලි කරනු ඇත.”
අවසන් වශයෙන් ඔහු මෙසේද පැවසීය
“නැගී සිට මේ අපරාධකරුවන්ට මෙසේ පැවසිය යුතුය-
මකබෑවී නරකාදියටම පලයව්- මක් නිසාද යත් යත් තොපි පැමිණ ඇත්තේ එහි සිට බැවිනි. ”

මෙවර ඔවුන්ගේ ට්‍රක් රථ මත ජනතාවට අත්‍යවශ්‍ය වන භාණ්ඩ නොවිණි. එහෙත් ඒ වෙනුවට ඔවුහු දෙවසරක් තිස්සේ ඊනියා කොවිඩ් මර්දන නීතිවලින් පීඩිතව සිටි කැනඩාවේ ජනයා වෙත නිදහස පිළිබඳ අපේක්ෂාව සහ සටන් කිරීමේ ධෛර්යය ගෙන ආවෝය. වැඩ කරන පන්තියේ අභිමානය විදහා දක්වමින් මේ විරෝධාර ට්‍රක් රථ රියැදුරෝ කොවිඩ් එන්නත් ගැනීම අනිවාර්ය කරන නීතියට විරෝධය පළ කිරීම සඳහා කැනඩාවේ ඔටාවා නගරය දක්වා ට්‍රක් රථ පෙළපාලියකින් ගමන් කරන විට මග රැස් කමින් සිටි ජනයා ඔවුන්ට සිය සහයෝගීතාව සහ ආශිර්වාදය පළ කළ අයුරු. ට්‍රක් රථ 50000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වූ මෙම පෙළපාළිය ජනවාරි මස 28-29 දිනවලදී ඔටාවා නගරයට ඇතුළුවිය.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෆයිසර් සමාගමේ රහස්‍ය “ ඝාතන වාර්තාව” පුපුරා යාම

“2021 පෙබරවාරි වන විට, එනම් ෆයිසර් එන්නත් ලබාදීම ආරම්භ කර මාස දෙකහමාරක කාලයකට පසුව ෆයිසර් සමාගම වෙත ඔවුන්ගේ එන්නත්වලින් සිදුවූ මරණ 1200කට අධික ප්‍රමාණයක් සම්බන්ධව සහ දසදහස් ගණන් අතුරු ආබාධයන්ට ලක්වූ පුද්ගලයන් පිළිබඳව වාර්තා ලැබී තිබිණි. මෙයට එන්නත් ලබාදුන් ගර්භණී ස්ත්‍රින් 270 ක් අතරින් 23 දෙනෙකුට සිදුවූ ගබ්සාවීම් සහ හෘදයාබාධ 2000කට අධික ප්‍රමාණයක් පිළිබඳවද වාර්තා ඇතුළත්ය. ” (Election Wizard)

ඒ ෆයිසර් සමාගමේම දත්තයන් වේ.

“තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ ප්‍රතිපාදන යටතේ ෆයිසර් සමාගම විසින් එන්නත් ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ 2020 දෙසැම්බරයේ සිට 2021 පෙබරවාරි දක්වා කාලය තුළ ෆයිසර් එන්නත හේතුවෙන් සිදු වූ මරණ සහ අතුරු ආබාධ පිළිබඳව වාර්තාගත කර ඇති දත්ත ඉදිරිපත් කරයි. මේ ඉතා කෙටිකාලයක් තුළ එනම් මාස දෙකහමාරක කාලයක් තුළ සිදු වූ මරණ සහ අතුරු ආබාධ පිළිබඳ දත්ත වේ. ”

උත්ප්‍රාසය වන්නේ ෆයිසර් සමාගමේ මෙම “අභ්‍යන්තර වාර්තාව ” විසින් එළිදරවු කර ඇති දත්ත විසින් එන්නත් වල සුරක්ෂිතතාව මහජනතාවට ඒත්තු ගන්වනු වස් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආණ්ඩු විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන අසත්‍ය බවත් ඒවා අවප්‍රමාණ කර ජනතාවට ඉදිරිපත් කර ඇති බවත් ඔප්පු වීමයි.
මෙම වාර්තාව විසින් වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ගණනාවක් විසින් mRNA “ එන්නත් ” වල හානිකර ප්‍රතිවිපාක ගැන ඉදිරිපත් කර තිබූ විශ්ලේෂණයන් සත්‍ය බවට තහවුරු කරතිබේ.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

මුල්‍ය බිඳවැටීම, උද්ධමනය සහ ඩිජිටලීකරණය

කිසිදු නිෂ්පාදන වටිනාකමක පිටු බලයක් රහිතව දිගින් දිගටම මුදල් මුද්‍රණය කිරීම මගින් දෛනිකව පිම්බෙන මුල්‍යමය බුබුල මෙන්ම එහි ප්‍රතිවිපාක ලෙස දිගින් දිගටම උත්සන්නවන උද්ධමනය විසින් දැවැන්ත මුල්‍යමය බිඳවැටීමක් බටහිර තුළ ඇතිවනු ඇතැයි සිතන්නට අපව යොමු කෙරේ.
විශාල සමාගම්, බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන බංකොළොත් වීමෙන් වළක්වාගනු වස් ඇමෙරිකන් ඩොලර්වලින් සහ එහි කුඩා සහෝදරයා වන යුරෝ වලින් රාජ්‍ය භාණ්ඩාගාරයන් වැය කරන ලද මුදල් සම්භාරය ඇදහිය නොහැකි තරම් විශාලය. එය විසින් පෙන්නුම් කරන්නේ කිසිවෙක් මේ ගැන සැළකිල්ලක් නොදක්වන බවය. එමගින් පෙන්නුම් කෙරෙන්නේ බටහිර මුල්‍ය පද්ධතිය එහි අවසාන වටයට ප්‍රෙවේශ වී ඇති බවය.
විලියම් එංග්ඩාල‍ෙWilliam Engdahl) විසින් ලියන ලද Will the Federal Reserve Crash Global Financial Markets As a Means to Implementing Their “Great Reset”?(ඇමෙරිකානු මධ්‍යම බැංකුවට සිය “ මහා ප්‍රතිසැකසුම් සැළැස්ම ”ක්‍රියාත්මක කරනු සඳහා ලෝක මුල්‍ය පද්ධතිය බිඳ දැමීමට අවශ්‍යව තිබේද?) යන ලිපිය කියවන්න
බින්දුවට ආසන්න පොලී අනුපාතිකයන් (සමහර අවස්ථාවලදී එය බිංදුවටත් වඩා පහළ අගයක් ගනී) විසින් පෙන්නුම් කරන්නේ රත්රන් හෝ වෙනත් ද්‍රව්‍යමය නිෂ්පාදනයක වටිනාකමින් ලැබෙන පිටු බලයක් රහිත බටහිර පුස් ව්‍යාජ මුල්‍ය පද්ධතිය අවසානය කරා ළඟා වී ඇති බවයි. එය යම් දිනෙක සිදුවීමට නියමිතව තිබිණි. අප අතරින් සමහරුන්ට ඒ පිළිබඳව වැටහීමක් ඇත. ඉතා බැරෑරුම් ලෙස සිතන බැංකු කරුවන්ට ඒ පිළිබඳව අවබෝධයක් ඇත. එසේ වුව ද ලාභ ගැරීම සිදු කළ හැකි තාක් දුරට බටහිර නව ලිබරල්වාදීහු මෙම කරුණ හමුවේ දෑස් වසාගෙන සිටිති.
රුසියාව හෝ චීනය වැනි නැගෙනහිර ආර්ථිකයන්ගේ දළ ජාතික නිෂ්පාදනය (GDP) සමග සංසන්දනය කළ නොහැකි ඇමෙරිකානු ඩොලරය හෝ යුරෝව මත පදනම් වූ දළ ජාතික නිෂ්පාදනය සහිත විකෘති මුල්‍ය පද්ධතියක් සහ විකෘති ආර්ථික ආකෘතියක් වෙත අපට හැකිතාක් කාලයක් අපි වැඩ කරමින් සිටිමු.

සැපයුම් දාමයන්ගේ බිඳවැටීම් විසින් මුල්‍ය බිඳවැටීම වේගවත් කර තිබේ. මෙම බිඳවැටීමට සැබෑ හේතුන් සැඟවීමට ගෙන ආ තවත් අශික්ෂිත අංගයක් වන ඊනියා ප්‍රෝඩාකාරී කොවිඩ් වසංගතය එයට හේතුව ලෙස ඉතා සුව පහසු ලෙස හුවා දක්වමින් ඇත්තේ තව තවත් ආර්ථිකමය බංකොළොත් කිරීම් සැලසුම් සහගතව දියත් කිරීමටත්, තව තවත් කාලකණ්ණි සහගත දුර්භාග්‍යයන් ඇති කිරීමටත් තව තවත් මුදල් අච්චු ගසමින් හුවමාරු වටිනාකම් හෑල්ලු කිරීම මගින් දේපොළ සහ සම්පත්වල අගය බාල්දු කර ඒවා ඉහළ ධනේෂ්වරය තුළ එක් රැස් කර ගනිමින් තවදුරටත් ආර්ථිකය අත්පත් කරගැනීමටය.

 

මෙය විසින් මධ්‍යම බැංකු වලට ණය බරින් ඉදිමුණු මුල්‍ය පද්ධතිය විනාශ කරමින් ඔවුන්ගේ මහා ප්‍රතිසැකසුම(Great Reset) සඳහා ලෝක මුල්‍ය පද්ධතිය තුළ සුදානම් කිරීමට සඳහා අවශ්‍ය වන වේදිකාව තනා දී තිබේ. මෙම කටයුතු මෙහෙයවන්නේ ස්විට්සර්ලන්තයේ බාසල් හි සිට ක්‍රියාත්මකවන ජාත්‍යන්තර ගිවිසුම් සඳහා වන බැංකුවයි( Bank for International Settlements -BIS)
ගෝලීය මහා ප්‍රතිසැකසුමේ ප්‍රධාන මුල්‍ය සංරචකය මුදල් ඩිජිටලීකරණයයි. අවසානයේදී එය අර සෑම දෙයක්ම ඩිජිටලීකරණය කරන කුප්‍රකට “ක්ෂණික ප්‍රතිචාර කේතය” හෙවත් QR-Code (Quick Response) සමග සම්බන්ධ කෙරෙමින් සිදු කෙරෙනු ඇත.
සෑම ඩිජිටලීකෘත දෙයක්ම QR කේත මගින් කළමණාකරණය කරනු ලබමින් තිබේ. මෙම QR කේත අවසානයේදී එක් හෝ තවත් ආකාරයකට ඔබගේ සමට යටින් ස්ථාපනය කරනු ඇත. එය පර්යේෂණාත්මක මට්ටමින් ස්වීඩනය තුළ දැනටමත් සිදුවෙමින් පවතී. එමගින් ඔබ හෝ මා සතු පුද්ගලික නිදහස, අපගේ මුදල් පාලනය කිරීමේ අප සතු අයිතිය, අපගේ ස්වාධීනත්වය තවදුරටත් අහිමි කරනු ඇත. අවසානයේදී අප සම්පූර්ණයෙන්ම ඔවුන්ට මෙහෙයවිය හැකි රූකඩ බවට පත්වනතෙක්ම මේ ක්‍රියාවලිය දිගටම සිදුවනු ඇත.
මා මේ පවසන දේ සම්බන්ධයෙන් සමච්චල් සහගතව සිනහසෙන මුහුණු මා ඉදිරියේ මැවී පෙනේ.

“ ඔව්වා කවදාවත් වෙන වැඩ නෙවෙයි. මොනවාද මේ කුමන්ත්‍රණ න්‍යායකාරයා දොඩවන්නේ?”

ඔබ නිවැරදි වනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි. නමුත් ඔබගේ නිවැරදි බව ඔප්පු කරනු සඳහා ඔබට මේ දේවල් සිදුවීම වැළැක්වීමට සිදුවනු ඇත. එහෙයින් අප විසින් මේ සිදුවෙමින් පවතින දෙය පිළිබඳව මහජනතාව අවදි කළ යුතුය. දැනටමත් අවදිවී මේ පිළිබඳව තේරුම්ගෙන සිටින 30%ට අයත්වන අප සහයෝගීතාවයෙන් බැඳී එක්සත් වී මෙම පාපිෂ්ට ක්‍රමය පරාජය කළ යුතුය. එයට තව දුරටත් ඉදිරියට යාමට ඉඩ නොතැබිය යුතුය.

මධ්‍යම බැංකුවල ඩිජිටල් මුදල් ප්‍රතික්ෂේප කරමු. අපට ස්වෛරී මුදල් මත පදනම් වූ ආර්ථිකයක් අවශ්‍යය.
සෑම දෙයම ඩිජිටලී කරණය කිරීම නවතනු!
අපගේ ශරීරය තුළ හෝ ඉන් පිටත QR කේත අවශ්‍ය නැත.

ගෝලීය මුල්‍ය පද්ධතිය මෙහෙයවන්නෝ කවරහුද?

බ්ලැක්රොක් (Blackrock), වෑන්ගාර්ඩ්(Vanguard), ස්ටේට් ස්ට්‍රීට්(State Street) සහ ෆිඩෙලිටි(Fidelity) වූකලී අන්තර් සම්බන්ධිත කොටස් හිමිකරුවෝ(shareholders) වෙති. මොවුන් විසින් ඩොලර් ට්‍රිලියන 20 ක පාලිත වත්කම්වලින් (managed assets) හසුරුවනු ලැබේ. මෙම වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපදයේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමට සමානය. එහි කේවල කිරීමේ බලය එමෙන් හතර පස් ගුණයක් වේ. එනම් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 80-100 දක්වා වන ප්‍රමාණයක කේවල කිරීමේ බලයක් එය සතුය.
ලෝකයේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයන්ගේ සමස්ත එකතුව වන්නේත් ඩොලර් ට්‍රිලියන 80 ක් පමණක් වන බව සැලකිල්ලට ගන්නා කළ එක්සත් ජාතින්ගේ සංවිධානයටත් එයට අයත් රටවල් 193ක් සිය සමාජයන් විනාශ කරමින්, සිය ආර්ථිකය විනාශ කරගනිමින්, සමස්ත මනුෂ්‍ය වර්ගයා විනාශයට දායකවෙමින් “ ලොක් ස්ටෙප් ” මෙහෙයුමට යටත්වීමට බලපෑ හේතුව පැහැදිලි වනු ඇත.

ලොක්ස්ටෙප්  (Lockstep) යන වචනය පළමුවෙන්ම භාවිතයට යෙදෙන්නේ රොකෆෙලර් පදනම විසින් 2010 දී ප්‍රකාශයට පත් කළ Scenarios for the Future of Technology and International Development නම් “අනාගත තාක්ෂණය සහ ජාත්‍යන්තර සංවර්ධනයසඳහා සිදුවීම්” නම් වාර්තාව තුළය. එහිදී  උපකල්පිත අනාගත වසංගත තත්ත්වයක් නිර්මාණය කරන ඔවුහු ආණ්ඩු, ජනතාව සහ ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරනු ඇති ආකාරය පිළිබඳව අනුමාන සිදුවීම් නිරූපණය කරති. වසංගත තත්ත්වයක් හමුවේ සමාජයක සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් කර හුදෙකලා කිරීම සිදුවන ආකාරය එම වාර්තාවේ  Scenario Narratives – LOCK STEP යන පරිච්ඡේදයේදී විස්තර කරයි. ඊනියා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝකය පුරා ආණ්ඩු විසින් වර්තමානයේදී භාවිතා කරන තහනම් ක්‍රියා මාර්ග හැඳින්වෙනුයේ ලොක්ස්ටෙප් යන්නට සමා න අර්ථයක් සහිත ලොක් ඩවුන් යන වචනයෙනි.
රොකෆෙලර් පදනම 2010 දී “ අපේක්ෂා කළ” – වඩාත් නිවැරදිව පවසන්නේ නම් සැලසුම් කළ වසංගතය දැන් අපගේ ජීවිතය තුළ ලෝකයේ ආණ්ඩු, ජාත්‍යන්තර සංවිධාන, සහ ජනමාධ්‍ය විසින් බලහත්කාරය මගින් දෛනික යථාර්ථයක් බවට පත්කර තිබේ.
මෙම Scenarios for the Future of Technology and International Development අනුමාන කරන ලද තවත් අනාගත සිදුවීමක් නම් සමස්ත ලෝකයේම බලශක්ති, සැපයුම් මාර්ග, සන්නිවේදනය, රෝහල් සේවා බිඳ දමන පරිදි සිදුවන සයිබර් හැකර් ප්‍රහාරයකි. මෙම ලිපිය තුල පිටර් කෝනිෂ් විසින් සයිබර් බහු අස්‍රය (Cyber Polygon) නමින් ලෝක ආර්ථික සංසදය විසින් පුනරුච්චාරණය කරන එවැනි සයිබර් ප්‍රහාරයක් පිළිබඳව අපගේ අවධානය යොමු කර තිබේ.
මානව වර්ගයාට එරෙහි මෙවැනි කෘර සංවිධිත අපරාධ දැනටමත් දියත්ව ඇත්තේ තමන් ආරක්ෂා කිරීමට බැඳී සිටින ආණ්ඩු සහ ජාත්‍යන්තර සංවිධාන තමන්ට එරෙහිව එවැනි අපරාධ දියත් කරතැයි සිහිනෙකිනිදු නොසිතන අහිංසක ජනතාවන් සිය දෛනික ජීවිත අරගලය තුළ නිමග්නව සිටින පසු බිමකය.
රොකෆෙලර් පදනම 2010 දී සිහින දුටු වසංගතය දැන් අපගේ දෛනික ජීවිතයේ කාලකණ්ණි යථාර්ථයක් බවට ඔවුන් විසින්ම පත් කර තිබේ.
දැනට ලෝකය පුරා තැන් තැන්වල බලශක්ති සැපයුම්වලට, අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුමට එරෙහිව සිදුවන අහඹු සිදුවීම් එවැනි මහා ප්‍රහාරයක ප්‍රතිඵල තක්සේරු කිරීම සඳහා දියත්වන පෙර හුරු සිදුවීම්දැයි අපගේ අවධානයට යොමු විය යුතුව තිබේ. ලංකාව තුළ ගෑස් සැපයුම අඩාල වන පරිදි සිදුවූ කඩාකප්පල්කාරි ක්‍රියාවන්ගේ අරමුණ බලශක්ති අර්බුදයකදී ලාංකීය සමාජයේ ප්‍රතිචාරයන් කුමක් වන්නේද සහ ඒ සඳහා ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව කුමක් ද යන්න අධ්‍යයනය කිරීම විය හැකිය. කිසිදු තාර්කික හෝ යුක්ති සහගත හේතුවක් නොමැතිව  හිටි හැටියේ පොහොර සැපයුම කෙටිකාලයකට නවතා දැමීම මගින් පරීක්ෂණයට ලක් කර ඇත්තේ ආහාර නිෂ්පාදනයෙහිලා එමගින් සිදුවන බලපෑම් කුමක්දැයි යන්න මෙන්ම බාහිර ලෝකයෙන් හුදෙකලා කරන ලද තත්ත්වයක් තුළ සාගත තත්ත්වයක් නිර්මාණය කිරීමට එවැනි දේ කවර මට්ටමකින් බලපාන්නේ ද යන්නද අධ්‍යයනය කිරීම සඳහා  විය හැකිය. මෙම කුමන්ත්‍රණ ලංකාවේ ආණ්ඩුවේ හෝ එහි කොටසකගේ සහාය ඇතිව දියත්කරන ලද්දැක්දැයි විමසිලිමත්ව සිටීම අතිශයින් වැදගත්ය. මක් නිසාද යත් මෙම කොරොනා වසංගත ප්‍රෝඩාව දියත් කිරීමට පෙර එවැනිම සුළු පරිමාණ වසංගත ප්‍රෝඩාවන් කුරුළු උණ, ඌරු උණ ආදි විවිධ නම් වලින් වරින්වර මෙම කණ්ඩායම් විසින්ම දියත් කර 2019 දෙසැම්බරයේදී දී අවසන් වසංගත ප්‍රහාරය දියත් කර ඇති බැවිනි.

පරිවර්තක

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

සියල්ල සංදර්භය තුළට අන්තර්ගත කර විමසා බලමු.

(i) සිතුවිලිවල සහ මනසේ අපගමනයන් සිදු කරන කොවිඩ් නමින් හැඳින්වෙන මෙම සැලසුම් සහගත වසංගතය (plandemic) එහි කෙළවරක් නැති “ ව්‍යුත්පන්න” නැතහොත් “ප්‍රභේද ” සමග එක්සත් ජාතින්ගේ සංවිධානයේ 2030 න්‍යාය පත්‍රයේ (UN agenda 2030 ) අවසානය දක්වාම පවතිනු ඇත.එය ඔවුන්ගේ සැලසුම වන බැවිනි. මෙම මනස සහ භීතිය පිළිබඳ අපගමන කූටෝපායික වැඩ සටහන යටතේ පෘථිවිය මත සිටින සියලුම පුද්ගලයන් “පරීක්ෂණාත්මක ” ජාන විකෘතිකාරක ද්‍රව්‍ය මගින් එන්නත් කිරීමට නියමිතව තිබේ. එය කිසිදු ආකාරයක එන්නත් වර්ගයකට අයත්වන්නක් නොවේ. නමුත් එය මහා පරිමාණ මට්ටමින් මරණ සිදුවීමට බලපානු ඇත. එය බිල්ගේට්ස් සහ රොකෆෙලර්වරුන්ගේ ඉයුජෙනික්ස් (eugenics program) නම් ලෝක ජනගහණය අඩුකිරීමේ ව්‍යාපෘතිය හා බැඳී පවතින්නකි.

(ii) පවත්නා ලෝක ආර්ථිකය සහ මුල්‍ය පද්ධතිය සැලසුම් සහගතව විනාශ කිරීම

(iii) මානව වර්ගයා මත සම්පූර්ණ ආධිපත්‍යය තහවුරු කිරීම, මධ්‍යම බැංකුව විසින් නිකුත් කරන ඩිජිටල් මුදල් ද ඇතුළුව සියලු “දේවල් ” ශරීරය තුළ හෝ ඉන් පිටත ස්ථාපනය කරනු ලබන QR කේත මගින් ඩිජිටලීකරණය කිරීම.පසුව සඳහන් කළ කරුණ පර්යේෂණ මට්ටමින් අත්හදා බැලීම සඳහා ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය තෝරාගෙන තිබේ.

(iv) ආර්ථිකය විනාශ කිරීමේ තීරණය රුසියාව සහ චීනයට එරෙහිව නේටෝ සංවිධානය විසින් සිදු කරන තර්ජනයන් හා සමාන්තරව ගමන් කරයි. වෙනත් වචනවලින් කිවහොත් උණුසුම් යුද්ධයක්, ඇතැම් විට එය බටහිර මාධ්‍ය විසින් ලෝකයේ දුෂ්ට සතුරන් වශයෙන් ලේබල් කරන ලද ඉහත දෙරට එනම් චීනය සහ රුසියාවට එරෙහි න්‍යෂ්ටික යුද්ධයක් විය හැකිය.
එවැනි යුද්ධයක ප්‍රතිඵල පූර්වයෙන් අනුමාන නොකළ හැකි අතර එය විසින් කිසිවෙකුත් ඉතුරු නොවන පූර්ණ විනාශයක් සිදු කිරීමට ඉඩ ඇති බව මේ අදහස පිටුපස සිටින අපරාධකරුවන් දන්නා අතර එනිසාම එවැනි යුද්ධයක් ඇති නොවීමටද ඉඩ තිබේ. නමුත් භීතිය වැපිරවීම සඳහා මෙම යුද උන්මාදය තවදුරටත් යොදාගනු ඇත.

ආචාර්ය රයිනර් ෆ්‍යුල්මිෂ්ගේ නියුර්න්බර්ග් 2.0 නඩු විභාගය

මෙම මොහොත තුළ යුක්තිය වෙනුවෙන් සත්‍යවාදිව කටයුතු කරන කිසිදු අධිකරණයක් ලොව කොතැනකවත් නොපවතී. එක්කෝ ඔවුන්ව මිලදී ගෙන ඇත. නැතහොත් බ්ලැක්මේල් කර ඇත. නමුත් ලෝක ජනගහණයෙන් උපාය මාර්ගික බහුතරයක් අවදිවන මොහොතක් එලැඹෙනු ඇත. දැනටමත් අවදිව ඇති ජනගහණයෙන් 30%ක් දෙනාට වෛරය මගින් නොව මානුෂික ගෞරවය, නිදහස, සහ සාමාජීය ස්වෛරීත්වය නැවත දිනාගැනීමේ පොදු අරමුණක් මගින් මෙහෙයවෙන සහයෝගීතා ව්‍යාපාරයක් ගොඩනැගිය හැකිය.
කාලය එළැඹෙනු ඇත. රයිනර් ෆ්‍යුල්මිෂ් කණ්ඩායම දැඩි උද්‍යෝගයකින් සහ ස්ථිර විශ්වාසයකින් යුතුව ඒ සඳහා වැඩ කරමින් සිටිති.

පීටර් කෝනිෂ්- භූ දේශපාලනික විශ්ලේෂකයෙකි. ලෝක බැංකුවේ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස කලක් කටයුතු කර ඇති ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජල සහ පාරිසරික කටයුතුවල වසර 30කට ආසන්න කාලයක් නිරතව සිටියේය. ඔහු ඇමෙරිකාවේ, යුරෝපයේ සහ දකුණු ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලවල දේශකයෙකු ලෙසද කටයුතු කරන අතර අන්තර් ජාලීය ජර්නල වෙතට නිරතුරුව ලිපි සපයයි. Implosion – An Economic Thriller about War, Environmental Destruction and Corporate Greed යන කෘතියේ කතුවරයාය.

පරිවර්තනය- අජිත්සී හේරත්

සටහන්

පාලිත වත්කම් (managed assets)
පාලිත වත්කම් යනු නිශ්චිත අරමුදලකට අයත් සම්පූර්ණ වත්කම් ප්‍රමාණයයි. මෙය ගණනයේදී ආයෝජනය සඳහා ණයට ගනු ලැබු වත්කම්වල වටිනාකමද එක් කරනු ලබන අතර ආයෝජන කටයුතු නොවන අනෙක් කටයුතු සඳහා ගනු ලැබූ ණය ප්‍රමාණය අඩු කරයි.

උත්තෝලක බලය (Leverage Power)
උත්තෝලක බලය යනුවෙන් හැඳින්වෙන්නේ ආයෝජනයක් හෝ ව්‍යාපෘතියක් මගින් ලැබෙන ලාභය වැඩිකිරීම සඳහා ණයට ගත් මුදල් යොදාගැනීමයි. වෙළඳපොළ තුළ සිය මිලදී ගැනීමේ හැකියාව ඉහළ නංවනු වස් ආයෝජකයන් විසින් මෙම උපාය මාර්ගය යොදාගනිති.

 

The COVID-Omicron Crisis: The Roadmap Towards a Worldwide Financial Crash, Inflation, Digitization – Peter Koenig