ආචාර්ය ධරිණි රාජසිංහම් සේනානායක
ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සාර්ථකත්වය පිළිබඳ ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක්[i] බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාවන ක්‍රිස්ටිනා ජෝර්ජියේවා පසුගිය මාසයේ වොෂින්ටනයේ පැවැති වාර්ෂික රැස්වීමේදී පවසා තිබේ. නමුත් ඇය විසින් නොපවසන ලද දෙය නම් මෙම උපායමාර්ගික වශයෙන් වැදගත් දිවයින “බංකොළොත්” යැයි ප්‍රකාශයට පත්කරන විට තිබූ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 26 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility-EFF) යටතේ සිදු කරන ලද “සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණයේ” දෙවසරකින් පසුව ඩොලර් බිලියන 100 දක්වා වැඩි වී ඇති බවය.[ii]
මාසයකට පසුව දිවයිනේ අලුතෙන් තේරී පත්වූ ඇමැති මණ්ඩලයේ ප්‍රධානියා සහ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුරකුමාර දිසානායක විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility-EFF) යටතේ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර අලෙවිකරුවන් සමග නිල” බැඳුම්කර හුවමාරුවක්” සඳහා වන ගිවිසුමකට අත්සන් තබන ලද්දේ රටට බරපතල වශයෙන් හානිකර ලෙස සැලකුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග අත්සන් තබන ලද ගිවිසුම් නැවැත සාකච්ඡා කරමින් සංශෝධනය කරන බවට මැතිවරණ වේදිකාවේදී දෙන ලද පොරොන්දුව සම්පූර්ණයෙන්ම නොතකා හරිමිනි.
ශ්‍රි ලංකා මුදල් සහ ජාතික සංවර්ධන අමාත්‍යාංශයේ රන්වන් පැහැයෙන් මුද්‍රිත ලිපිශීර්ෂයක් සහිතව නිකුත්කරන ලද නිවේදනය “ආරාධනාවක්” යන සුන්දර වදනින් හැඩගන්වා තිබිණි. මෙම “ආරාධනාව” මගින් 2024 නොවැම්බර් 25 දින සිට දළ වශයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 12.55ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ” බැඳුම්කර හුවමාරු” නිකුත්කරන බව දන්වා තිබිණි.
දූෂිත ණය අවලංගු කිරීම සහ සැලකිය යුතු සහන ලබා දෙන ලෙස පුරවැසියන් සහ වෘත්තිය සමිති මෙන්ම ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් 182ක් විසින් ඉල්ලා සිටි ණය යුක්තිය වෙනුවට මෙම බැඳුම්කර හුවමාරුව සැලසුම් කර ඇත්තේ කොල්ලකාරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට ඇප ලබා දීම සඳහාය.[iii] ලෝකයේ විශාලතම වත්කම් හිමි සමාගම වන බ්ලැක්රොක් සමාගමද ඒ අතර වෙයි.
ජනාධිපතිතුමනි, ඔටුන්නේ ණය ගෙවීම පිණිස මේ ගිවිසුම හැර අත්සන් කිරීමට තවත් ගිවිසුම් තිබේද?
ශ්‍රී ලංකාව මත දූෂිත ණය කන්දරාවක් ගොඩගැසීම සම්බන්ධව මූලිකව වගකිව යුත්තේ දූෂිත දේශපාලනඥයන් සමග හවුලේ සිදු කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගණුදෙනුය. 2022 රට ආර්ථිකමය වශයෙන් තවදුරටත් විනාශයට පත්කරන ලද කොවිඩ්-19 ලොක්ඩවුන්වලින් පසුව ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමුවරට සිය විදේශීය ස්වෛරී ණය ගෙවාගත නොහැකිවීම හේතුවෙන් බංකොළොත් බව ප්‍රකාශයට පත්කරන ලදි. ශ්‍රී ලංකාව ඉතා පැහැදිලිවම චීනයේ වෙළඳ පථ සහ මාර්ග සමාරම්භක (BRI) ව්‍යාපෘතියටත්, BRICS ආර්ථික හවුලටත් එරෙහි ඇමෙරිකන් යුද්ධයේ එදිරිවාදුකම් අතරට මැදි වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ස්වෛරී ණය බැඳුම්කර හිමියන් සමග වන ගිවිසුම් පිළිබඳව නැවැත සාකච්ඡා කරමින් ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි සංශෝධනය කරන බවටද, දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයටද මැදිහත් වූ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම් මගින් උල්ලංඝණය කරන ලද ස්වාධිපත්‍යය නැවැත ස්ථාපිත කරන බවටද දූෂණය අහෝසිකරන බවටද තමන් විසින් දුන් ජනතාවට දුන් පොරොන්දු ජනාධිපතිවරයා විසින් කණපිට හරවා ඇති බව පෙනී යයි. අතිවිශාල ජනවරමක් සහිතව බලයට පැමිණි ජනාධිපතිවරයා මාසයකටත් වඩා අඩු කාලයක් තුළ තමා වෙත ජනතාව විසින් ලබා දෙන ලද ජනවරම දැනටමත් පාවාදී තිබේද? එසේනම් එයට හේතුව කුමක්ද?
ඔහුගේ ජාතික ජනබලවේගය පක්ෂයට 2019 මහමැතිවරණයේදී ලැබුණ ආසන 3ක සිට 2024 දී ආසන 159ක් දක්වා විශ්මයජනක වේගයෙන් උපරිම බලයක් අත්පත් කරගැනීමට සම්පූර්ණ පිටුබලය සහ ආධාර සපයන ලද බාහිර බලවේගයන්හට ඒ වෙනුවෙන් ගෙවීමට බැඳී සිටින තවත් “ණය” තිබේද? නැතහොත් ඒ සඳහා සිය කෘතවේදිත්වය පලකිරීමට ඔහු විසින් තවත් ඉටුකළ යුතුව ඇති දේවල් තිබේද?
අවසානයේදී නැවතත් අවධානයට ගත යුතුව ඇත්තේ ජාතික ජනබලවේගයට බලයට පත්වීමේ දේශපාලන ප්‍රාග්ධනයෙන් වැඩි කොටසක් සපයා තිබුණේ එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුව සහ “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික පරිත්‍යාගය වැනි සංවිධාන මගින් පිරි නැමෙන අරමුදල්වලින් මෙහෙයවන ලද රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජ මාධ්‍ය ජාලා ව්‍යාපාරය විසින් දියත් කරන ලද” අරගලය” උද්ඝෝෂණ ව්‍යාපාරය මගින් බවය. කොවිඩ්-19 ලොක්ඩවුන් සහ හයිබ්‍රිඩ් යුද මෙහෙයුම් මගින් සැලසුම් සහගතව බිඳවට්ටවන ලද ආර්ථිකයෙන්ද, දූෂිත දේශපාලනඥයන්ගේ දූෂණ මගඩිවලින්ද පීඩාවට පත්ව නැගී සිටි ජනතාවගේ විරෝධය ගසාකමින් දියත්කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ කිසිවිටෙකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකුවේ කොල්ලකාරි මැදිහත්වීම්වලට එරෙහිව කිසිදු සටන්පාඨයක් මතුවීම එම “අරගලකරුවන්” විසින් සංවිධානාත්මකව වළක්වන ලද බවත් සිහිපත් කරගැනීම වටී.
පසුගිය මහමැතිවරණයේදී ජාතික ජනබලවේගයට හිමි වූ 2/3ක ජනවරම හා “ඉහල වෘත්තික විශේඥයන්ගෙන් සමන්විත ඇමැති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන වහසිබස් කුමක් වුවද යථාර්ථයේදී මෙම “බැඳුම්කර හුවමාරු ගිවිසුමට” කඩිමුඩියේ අත්සන් තබා ඇත්තේ ඉහත “විශේෂඥ” කැබිනට් මණ්ඩල සමාලෝචනයකින්ද තොරවය. ජාතික ජන බලවේගය බලයට පත්වූයේ ආර්ථික ස්වාධිපත්‍යය ස්ථාපිත කරන බවටත්, දූෂණය පරාජය කරන බවටත් පොරොන්දු දෙමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බලකර සිටි ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන්සේවය පුද්ගලීකරණය කිරීම නව ජනාධිපතිවරයා විසින් මෙයට පෙර අත්හිටුවා තිබිණි
බිඳෙන සුළු බව සහ නම්‍යශීලිත්වය: ද්විත්ව ආඛ්‍යානයක්ද? ආර්ථික වංචාවක්ද?
විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනේ (Extended Fund Facility-IFF), ප්‍රගතිය විමසා බැලීමට පසුගියදා කොළඹ සංචාරයක නිරතවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ නායක පීටර් බෘයර් ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතියත්, එහි “නම්‍යශීලිත්වයත්” ප්‍රශංසාවට ලක් කර සිටියද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ආඛ්‍යානය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර හිමියන් අසතුටට පත්වන ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි “බිඳෙන සුළු තත්ත්වයක” රටේ ආර්ථිකය පවතින බවත් එහෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම වහාම අත්සන් තැබිය යුතු බවත්ය.
එසේ නමුත් දූෂිතයෙකු යයි හඳුන්වන ලද සහ මහ බැංකු බැඳුම්කර මගඩියේ චුදිතයෙකු වන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද බැඳුම්කර හුවමාරු ගිවිසුම කිසිදු සමාලෝචනයකින් හෝ තොරව අත්සන් කිරීමට නව ආණ්ඩුව විසින් කඩිමුඩියේම කටයුතු කර ඇත්තේ විශේෂයෙන්ම දශක ගණනාවක් පුරා සමස්ත රටේම අනාගතයට බලපාන කරුණක් සම්බන්ධයෙන් ඕනෑම වගකිවයුතු ආණ්ඩුවක් කටයුතු කළ යුතු සම්ප්‍රදායන්ද නොසලකා හරිමිනි.
පසුගිය දෙවසර පුරාම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව, බැඳුම්කර හුවමාරු ගිවිසුම පිළිබඳව සාකච්ඡා පවත්වාගෙන ගොස් ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අලෙවිකරුවන්ගේ නියෝජිතයන්, යටත්විජිතවාදි පැරිස් සහ ලන්ඩන් මූල්‍ය ඒකාධිකාරි කණ්ඩායමේ නිල ණය කමිටුව, ජනතාවගේ පපුවෙන් මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක් ආර්ථික උපදේශකයන් සහ ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් වැනි ආර්ථික ඝාතකයන් යනාදීන් සමගය.
ජෝන් පර්කින්ස් ඔහුගේ ආර්ථික ඝාතකයෝ නම් ප්‍රකට කෘතියේ සඳහන් කර ඇති අන්දමට ආර්ථික ඝාතකයෝ වනාහි සංවර්ධන ආධාරවල නාමයෙන් ලෝකය පුරා රටවල් රවටමින් ඩොලර් ට්‍රිලියන ගණන් එම රටවලින් පිටතට අදින ඉහල ගෙවීම් ලබන වෘත්තිකයෝ වෙති.
සැබැවින්ම රටේ බිඳෙන සුළු ආර්ථිකයේ “බිඳෙනසුළු බව” ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද තානාපතිනි ජූලි චුංග් විසින් සිය කාර්යභාරය මනාව ඉටුකර ඇති බව පෙනී යන්නේ ඔක්තෝබරයේදී විදේශිය සංචාරකයන්ගේ පැමිණීම ආරම්භවීමත් සමගම ශ්‍රී ලංකාව තුළ සිදුවීමට ඉඩ ඇති “ත්‍රස්ත ප්‍රහාර” පිළිබඳ අනතුරු අඟවමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට සිය රටවැසියන්ට දැනුම් දෙමින් භීෂණ ව්‍යාපාරයක් දියත් කිරිම මගිනි. මේ මගින් ණය බරින් පීඩිත රටේ ජාතික ආදායමින් විශාල කොටසක් සඳහා දායකත්වය දරන සංචාරක කර්මාන්තයේ උපරිම ආදායම ලබන වාරය තුළ සංචාරකයන් මෙරටට පැමිණීම අඩාල කරන ලදි. රටේ නම්‍යශීලි ආර්ථිකය බිඳෙනසුළු එකක් බවට පත්කරන ලද එක් ආකාරයක් එලෙස ක්‍රියාවට නැංවිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කල් යල් බලා වැඩ අරඹයි: ආර්ථික ඝාතකයෝ සහ ජනතාව රැවටීම
මේ අයුරින් ණය පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉහල යාමට විශාල වශයෙන් ප්‍රධාන හේතු දෙකක් බලපා තිබේ. එකක් නම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයයි. අනෙක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රුපියල්වලින් පවත්නා දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මැදිහත් වෙමින් බාහිර ඩොලර් ණය පිළිබඳ සංඛ්‍යා අවුල් කිරීමත් උද්ධමනයට ලක් කිරීමත්ය. විනිමය අනුපාතිකය කෘත්‍රිම ලෙස හැසිරවීමද මෙම තත්ත්වයට බලපා තිබේ.
දේශීය ණය ප්‍රශස්තකරණය (Domestic Debt Optimisation-DDO) විසින් දශකයකට වැඩි කාලයක් තිස්සේ බලපවත්වන නව “බැඳුම්කර හුවමාරු” මෙහෙයුමේ කොටසක් ලෙස කොල්ලකාරී බැඳුම්කර හිමියන්ට ගෙවීමට වැඩකරන ජනතාවගේ රැකියා අර්ථසාධක (EPF) විශ්‍රාම වැටුප් අරමුදල් කොල්ලකෑමට ද අවස්ථාව උදාකර දී තිබේ.
දූෂණයට එරෙහිව කටයුතු කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වහසි දෙඩුවද, බැඳුම්කර මගඩිවලට හවුල්වූවන් විසින් පවත්වාගෙන ගිය කලින් පැවැති ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද බැඳුම්කර හුවමාරු ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා නව ජාතික ජනබලවේග ආණ්ඩුවට ලබා දී තිබුණේ එවැන්නක් සඳහා කිසි සේත්ම ප්‍රමාණවත් නොවන සුළු කාලයකි. ඇත්ත වශයෙන්ම පීටර් බෘයර් විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණ සිටියේ දූෂණය සහ දුෂ්-කලමනාකරණය සමග සටන්වැදීමට පොරොන්දු වූ නව කැබිනට් මණ්ඩලය නොවැම්බර් 18 වැනි දින දිවුරුම්දීමටත් පෙරය.
මෙයට පෙර විවිධ මූල්‍ය අපරාධ සහ මහබැංකු බැඳුම්කර වංචාවන්ට සම්බන්ධිත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග සාකච්ඡා කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු ගිවිසුම සමාලෝචනයකට ලක්කිරීමට නව කැබිනට් මණ්ඩලයට ඉඩක් නොතබා ඔවුන් ලවා එයට අත්සන් කර ගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ලංකා සංචාරය කඩිමුඩියේ සැලසුම් කර ඇති බවක් පෙනී යයි. ආර්ථික විද්‍යාඥයන්කීප දෙනෙකුම පෙන්වා දී ඇති පරිදි නව බැඳුම්කර හුවමාරු ගිවිසුම වූකලී රටේ ණය අර්බුදය උත්සන්න කරමින් රට නැවත වතාවක් බංකොලොත් කිරීම සඳහා සැලසුම් කරන ලද්දක් වීම පුදුමයට කරුණක් නොවේ.
මෙය මගින් මතුකරන ප්‍රශ්න ගණනාවක් තිබේ. ඉන් එකක් නම්, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද නව බැඳුම්කර හුවමාරු මගඩියක් සඳහා කලින් පැවැති ආණ්ඩුව සහ නව ආණ්ඩුව අතර ද්විපාර්ශ්වික හවුලක් තිබුණේද යන්නය
වඩවඩාත් පැහැදිලි වෙමින් පවතින දෙය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් ගිවිසුම සැලසුම් කෙරී ඇත්තේ ණය උගුල ලිහිල් කිරීම සඳහා නොව එය වඩාත් ගැඹුරු කිරීමට සහ ව්‍යාප්ත කිරීමටත් බවය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 17 වැනි වැඩසටහන මතත් ආර්ජන්ටිනාවට එහි 23 වැනි වැඩ සටහන මතත් රඳා පැවතීමට තවදුරටත් සිදුවීම මගින් මෙම තත්ත්වය අර්ධ වශයෙන් පැහැදිලි කළ හැකිය. එපමණක් නොව ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාවේ තවත් රටවල් 55ක් මේ හා සමානව ජාත්‍යන්තර ස්වෙරී බැඳුම්කර අලෙවිකරුවන් විසින් අටවන ලද පශ්චාත් කොවිඩ්-19 ණය උගුලට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීමේ ජාවාරමට ගොදුරුව සිටිති.
එමෙන්ම මෙයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය දෙන්නන් කොල්ලකාරි පොලී අනුපාතයන් අය කරන්නේද යන්න ගැන නොතකා ණය ගැති රටට ” සියළු ණය හිමියන් වෙත සමානත්වයේ ලා සැලකිය යුතුය” යනුුුුවෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසිය නැතහොත් “මූලධර්මය” යටතේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන් නිතරම කෙලවරක් නොමැති බංකොලොත්වීම් සඳහා මඟ පාදා ඇති බව පෙනී යයි. මෙම මූල ධර්මයට බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය හිමියන් විසින් අභියෝග කර ඇති නමුත් “හිඟමුදල් ගෙවීම සඳහා ණය ලබාදීම” සැලසුම් කෙරී ඇත්තේ කොල්ලකාරි ණයහිමියන්ගේ ගොදුරක් බවට පත්ව ඇති රටට එම ණයහිමියන්ගෙන්ම ඔවුන් වෙතින් කලින් ගත් ණය සහ පොලිය පියවීම සඳහා තවදුරටත් ණය ලබාගැනීමට බල කෙරීම සඳහා බව පෙනී යයි. මෙම දූෂිත ක්‍රියාවලිය සිදුවන්නේ රටේ දූෂණය පැරදවීමටත් යහපාලනය ස්ථාපිත කිරීමටත් වැදි බණ දෙසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම යටතේය.
ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ” හිඟ ණය පියවීම සඳහා ණය දීම” වැඩ සටහන විසින් කිසිදු විනිවිදභාවයක් නැති සාර්ව සම්බන්ධිත බැඳුම්කර ගනුදෙනු මගින් ණය උගුලට හිරවී ඇති රටවල් සමග පැවැත්වෙන සාකච්ඡාවන්ට සහභාගි වීම සඳහා කොල්ලකාරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ජාවාරම්කරුවන්ට අවස්ථාව ලබාදෙයි. ණයගැති රටවලට සහනයක් ලබාදීමට පවත්වන්නේ යැයි අඟවමින් ගෙන යන මෙම සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලය වන්නේ බොහෝ දුරට හැමිල්ටන් රිසර්ව් වැනි තවත් බොහෝ රහසිගත කොල්ලකාරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ජාවාරම්කරුවන්ගෙන්ම ණය ගැනීමට ණය ගැති රටට බලකිරීමය.
දූෂණය පිළිබඳ දෙබිඩි ප්‍රමිතියක්: දුෂ්ට අරමුණු සහ විශ්වාසය කඩකිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට උපදෙස් දෙනු ලබන්නේ ණය පිළිබඳ සාකච්ඡාවලට සහභාගිවීමේදී ” සද්භාවයෙන් යුතුව” එම සාකච්ඡාවන්ට සහභාගි විය යුතු බවයි. නමුත් කොල්ලකාරි ණය දෙන්නන්ගේ අනන්‍යතාව රහසක් ලෙස පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසිය ඔවුන්ගේ පැත්තෙන් “සද්භාවය” පෙන්වීම සඳහා ඉටුකළ යුතු අවශ්‍යතාවයක් ලෙස සලකන බවක් නොපෙනේ.
කොල්ලකාරි පොලියට ණය ලබාදෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ජාවාරම්කරුවන් සඳහා දැක්විය හැකි හොඳම උදාහරණයක් නම් බ්ලැක්රොක් සමාගමය. මෙහි වත්කම් බොහෝ ණයගැති රටවල සමස්ත වත්කම් ප්‍රමාණයද ඉක්මවා ගොස් ඇත.
එපමණක් නොව නව බැඳුම්කර හුවමාරු ගිවිසුම යටතේ වැඩකරන ජනතාවට අයත් රැකියා නියුක්තිකයන්ගේ විශ්‍රාමවැටුප් අරමුදල (EPF) මෙම කොල්ලකාරි ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම සඳහා යොදාගැනීම මගින් එම අරමුදලට දායකවන වැඩකරන ජනතාවගේ විශ්වාසය කඩකිරීම පිළිබඳ බරපතල ගැටළුවක් මතුවේ. ශ්‍රී ලංකාව සඳහා ණය යුක්තිය ඉටුකරන ලෙස හඬ නගන ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් 182ක් විසින් අත්සන් කරන ලද විවෘත සංදේශයක් මගින් පෙන්වා දෙන ලද පරිදි, ණය අයකරගැනීමේ අවදානම සඳහා අමතර ගාස්තුවක්ද සමග ඉහළ ණය පොලී අයකරන ලද ණය දෙන්නන්ට අවදානම ඉහළ ගිය තත්ත්වයන් තුළදී ඉහළ ලාභ ලැබීමට තවදුරටත් කිසිදු ඉඩක් නොතැබිය යුතුය.[iv] මෙය ඉතා පැහැදිලි සත්‍යයක් වන්නේ ත්‍රස්තවාදි ප්‍රහාර, කොවිඩ්-19 වැනි ප්‍රෝඩාකාරි වසංගත සහ ලොක්ඩවුන්, සැපයුම් මාර්ග අවහිර කරන හයිබ්‍රිඩ් සාගර යුද මෙහෙයුම් වැනි බාහිර ආර්ථික කම්පන සිදුවන තත්ත්වයන් තුළය.
කෙසේ වුවද ණය යුක්තිය ඉල්ලා සටන් කරන ජාතික විශේෂඥයන් ඉල්ලා සිටි පරිදි ණය අවලංගු කිරීම හෝ අතිරේක අවදානම් ගාස්තු ප්‍රමාණවත් මට්ටමකින් අඩු කිරීම වෙනුවට වොෂින්ටන් දෙබෑයන්වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් (MIC) වන බැවින් පහල ආදායම් ලබන රටවලට හිමි “වරප්‍රසාදයක්” වන ණය අවලංගු කිරීම හෝ අතිරේක අවදානම් ගාස්තු ප්‍රමාණවත් මට්ටමකින් අඩු කිරීම (හෙයාර්කට්-haircut) සඳහා ලංකාවට සුදුසු කම් නැති බව පවසමින්, ශ්‍රී ලංකාවේ ජනතාව මත මෙම ” බැඳුම්කර හුවමාරු ගිවිසුම” වංචනිකව සහ බලහත්කාරයෙන් පටවා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අලෙවිකරුවන් විසින් පවසනු ලබන්නේ ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බැවින් එය විසින් ආර්ථික කඩාවැටීමේ අවදානමද දරා ගෙන ජාතික බැංකු සතු ධනය පත්ලට හූරා ගනිමින් හෝ විශ්‍රාම වැටුප් අරමුදල කොල්ලකමින් හෝ නම් හෙළිකිරීමට පවා ඉදිරිපත් නොවන රහසිගත බැඳුම්කර හිමියන්ගේ ණය ආපසු ගෙවිය යුතු බවයි.
සත්තකින්ම මෙය දෝෂ සහගත තෝරාගැනීමකි. එය විශ්වාසය කඩකිරීම්වලින්ද, දුෂ්ට අරමුණුවලින්ද තාර්කික පරස්පරතාවලින්ද ගහණය. එවැනි වැරදි තෝරාගැනීම් වෙනුවෙන් ඉදිරිපත්වන තර්ක නිතරම සැලසුම් කෙරෙන්නේ සිදුවන ආර්ථිකමය වංචා, නඩුපැවැරීම්, කොටස් වෙළඳපළ නොමග යැවීම් සහ විකෘතිකිරීම්, ආදිය මගින් රටක් බංකොලොත් බවට පත්කරමින් වොෂින්ටන් සම්මුතියේ ණය උගුල වෙත තල්ලු කිරීමේ ක්‍රියාදාමය වෙතින් අවධානය වෙනතක යොමු කිරීම සඳහාය. මෙම ණය බැඳුම්කර හුවමාරු ගිවිසුම තවත් බංකොලොත් වටයක් සඳහා කෙරෙන ආරාධනයකි. වර්තමාන සර්ව සම්බන්ධිත බැඳුම්කර සැලසුම් කර ඇත්තේ ණය ගැති රට විනාශයටත් වහල්භාවයටත් පත්කරමින් බැඳුම්කර හිමියන්ට උපරිම වාසි ලැබෙන පරිදිය.
සාර්ව ආර්ථිකය හා සම්බන්ධ බැඳුම්කර මගඩි: ණය ප්‍රතිව්‍යුහගතකරණය ආර්ථික ඝාතකයන් විසින් මෙහෙයවන කූට ජාවාරමක්ද?
බැඳුම්කර හුවමාරුව වටා විනිවිදභාවයකින් තොර ආර්ථික මෙවලම් රැසක් පවතී. සාර්ව ආර්ථික සම්බන්ධිත පාලන බැඳුම්කර, ණය සඳහා ස්වභාව ධර්මය හුවමාරුකරණය නැතහොත් හරිත සහ නිල් බැඳුම්කර යනාදි වශයෙනි. සැක සහිත කාබන් ක්‍රෙඩිට් ගණනයන් මත පදනම්වූ ණය සඳහා ස්වභාවධර්මය හුවමාරුකරණය මගින් ස්වභාව ධර්මය මූල්‍යකරණයට ලක් කරන අතර එයින් උපයන වටිනාකම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම සඳහා හුවමාරු කරයි. මෙය ජාත්‍යන්තර බැඳුම්කර සහ ව්‍යුත්පන්න (Derivatives) ජාවාරමට ආවේණික උපරිම ලාභ කොල්ලයක නිරතවන ආර්ථික ඝාතකයන්, දැනුම පිළිබඳ බල ධූරාවලිය, තොරතුරු පිළිබඳ අසමමිතිකතාවන් සහ පාරදෘෂ්‍යතාවකින් තොරවීම ආදියෙන් සමන්විත සංදර්භයක් තුළ සිදු වේ.
සැබෑ ලෙසම, සාර්ව ආර්ථික සම්බන්ධිත බැඳුම්කර විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය, ණය පිලිබඳ සංඛ්‍යා ක්‍රීඩාවන්ගෙන් සහ කොල්ලකාරි ආර්ථික ඝාතකයන්ගේ දුෂ්ට අරමුණු සදාචාර විරෝධී ක්‍රියාවන්, නෛතික හා සදාචාරමය වගකීම් පාවාදීම් වසන් කිරීම සඳහා යොදාගනු ලබන වචන හරඹයන්ගෙන් ගහණ රොකට් විද්‍යාවක් බවට පත් කර තිබේ.
මේ සියල්ල අනුව වැදගත් ප්‍රශ්නයක් මතුවේ. යහපාලනය නිර්ණය කිරීමේදීත් දූෂණය මැනීමේදීත්, සිතියම්ගත කිරීමේදීත්, නිරීක්ෂණය කිරීමේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රමිතීන් දෙකක් පවත්වාගෙන යන්නේද? කොල්ලකාරි ජාත්‍යන්තර පුද්ගලික ස්වෛරී බැඳුම්කර අලෙවිකරුවන්, යටත්විජිතවාදි පැරිස් සහ ලන්ඩන් කණ්ඩායමේ වාණිජ ණය දෙන්නන් සහ ඒ හා සම්බන්ධිත ණයදෙන්නන්ගේ නිල කමිටුව (Official Creditor Committee- OCC) ආදින්ගෙන් සමන්විත දූෂිත ණය සපයන පාර්ශ්වය වෙත එක් ප්‍රමිතියක්ද , ගෝලීය දකුණේ ස්වෛරී රාජ්‍යයන් සඳහා තවත් ප්‍රමිතියක්ද පවත්වාගෙන යන්නේද? දූෂණයට විරුද්ධව සටන් කිරීම සහ යහපාලනය පිළිබඳව තමන් විසින් ඉදිරිපත් කරනු ලබන සටන්පාඨයන් සඳහා තමන් අවංකව කැපවන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පළමුව කළ යුතුව ඇත්තේ බැඳුම්කර ජාවාරම තුළ සිදුවන දූෂණ පිළිබඳව සොයා බැලීමය.
ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියාවන බ්ලැක්රොක් සමාගම සතුව ඩොලර් ට්‍රිලියන 11කට වැඩි වත්කම් සතුව තිබේ. ඔවුන්ගේ වත්කම් මේ උපායමාර්ගික වශයෙන් වැදගත් දිවයින පමණක් නොව තවත් බොහෝ රටවල සමස්ත ජාතික වත්කම් ඉක්මවා යයි. නව යටත්විජිතවාදි ඇමෙරිකන් ඩොලර්-යුරෝ ණය උගුලටත් ඇපදීමේ ජාවාරම්වලටත් ගොදුරු වූ රටවල් සතුව බ්ලැක්රොක් හෝ එහි දකුණු ආසියානු හවුල්කරු අදානි වැනි දැවැන්ත හෙජ් අරමුදල් සමග සන්සන්දනය කරන විට ඇත්තේ අඩු වත්කම්, විශේෂඥතාවන් සහ සම්පත්ය.
ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට ආවේණික ලක්ෂණයක් වන බලය සහ දැනුම පිළිබඳ ධූරාවලියේ අක්මුල්, වහල් සේවය සහ බන්ධනයන්ට යටත් ශ්‍රම සංක්‍රමණය වැනි යටත්විජිතවාදි ණය බන්ධනය කරා ගැඹුරින් විහිදී තිබේ.
පැරිස්, ලන්ඩන්, නිව්යෝර්ක් සහ වොෂින්ටන් නගර මූලස්ථාන කරගත් වර්තමාන නව යටත්විජිතවාදි සංවර්ධන ක්‍රමය සහ ආධාර ව්‍යුහයන් සහ කොල්ලකාරි ආර්ථික ඝාතක කණ්ඩායම් මෙන්ම බැඳුම්කර හිමියන්ගේ අනන්‍යතාව වසන් කිරීමට කටයුතු කරන නීති සමාගම්ද දූෂණ ජාලයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අපරාධ ශක්තිමත් කිරීමට උපකාරි වී ඇත. සියල්ල “මූල්‍යකරණයට ලක්කිරීම හරහා ජාතින්ගේ ධනය කොල්ලකෑමට මෙම බලවේගයන්ට හැකිවී ඇත්තේ මෙම මෙවලම් උපරිම ලෙස භාවිතා කිරීම මගිනි.
දූෂණය යනු ශ්‍රී ලංකාවට හෝ ගෝලීය දකුණට පමණක් ආවේණික ප්‍රශ්නයක් නොවේ. “මාළුවා කුණුවන්නට පටන් ගන්නේ හිසේ සිටය” යනුවෙන් කියමනක් තිබේ. ඇමෙරිකන්-යුරෝ අධිරාජ්‍යවාදි මූලයන් සමග සම්බන්ධ වූ බැඳුම්කර සහ ව්‍යුත්පන්න ජාවාරම සම්බන්ධයෙන් මෙම කියමන විශේෂයෙන්ම සත්‍යයකි.
බංකොලොත්භාවය සඳහා ආරාධනයක්? නව යටත්විජිතවාදි ණය බන්ධනය සහ ආර්ථික ස්වාධිපත්‍යය
ජාත්‍යන්තර ස්වෛරී ණය ගෙවාගත නොහැකි තත්ත්වයෙන් ශ්‍රී ලංකාව “මුදවාගැනීමේ” සැලැස්මේ කොටසක් ලෙස රන් පැහැයෙන් මුද්‍රිත ලිපිශීර්ෂයක් සහිත බැඳුම්කර හුවමාරුව සඳහා ආරාධනාවක් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබිණි. එම ආරාධනාවේ අවසන් කොටසේ සඳහන්ව ඇත්තේ නිව්යෝර්ක්, ලන්ඩන් සහ හොංකොං ලිපිනයන්ය. ශ්‍රී ලංකාවේ බැඳුම්කර හුවමාරුව සඳහා කටයුතු කරන ඒජන්තයන් වන සිටිගෘප් ග්ලෝබල් මාර්කට් සහ සොඩාලි යන සමාගම් පිහිටා ඇත්තේ මෙම නගරවලය. සොඩාලි සමාගම බැඳුම්කර හුවමාරු ගනුදෙනු සඳහා තොරතුරු සම්පාදනය, වගුගතකරණය සහ හුවමාරුකරණයේ නියෝජිතවරුන් ලෙස කටයුතු කරයි.
සොඩාලි සමාගම
සොඩාලි සමාගම යුක්‍රේනයේ බැඳුම්කර හුවමාරු සඳහාද එහි මුදල් අමාත්‍යාංශය සමග සම්බන්ධව කටයුතු කරයි. වත්මන් රුසියානු-යුක්‍රේන යුදගැටුම පිටුපස සිටින්නේ බ්ලැක්රොක් වැනි ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාර සමාගම් සහ එක්සත් ජනපද මිලිටරි නිෂ්පාදන සංකීර්ණය වැනි ගෝලීයකරණවාදි බලවේගයි. ඔවුන්ගේ අරමුණු වන්නේ යුක්‍රේනයේ සියලු වත්කම් කොල්ලකෑම, ජාතික සම්පත් අත්පත් කර ගැනීම, සහ යුක්‍රේනය රුසියාවට එරෙහි සටන් පෙරමුණක් ලෙස යොදාගනිමින් රුසියාවේ බටහිර විරෝධී පාලනය පෙරලා දමා එහි පවත්නා අසීමිත ධන සම්පත් ද කොල්ලකෑමය. එමෙන්ම යුරෝපයෙන් සහ එක්සත් ජනපදයෙන් යුක්‍රේනය වෙත සපයන ඩොලර් බිලියන ගණන් මහජන මුදල් විශුද්ධිකරණයට ලක් කර නැවතත් යුක්‍රේන යුද්ධයට ආධාර සපයන යුරෝපයේ සහ එක්සත් ජනපදයේ දේශපාලනඥයන් වෙත එවන ජාවාරමක්ද ක්‍රියාත්මක වේ. ලෝකයේ ඉතා දූෂිතම රාජ්‍යයන් එකක් ලෙස සැලකෙන්නේ යුක්‍රේනය වන අතර එහි මුදල් ආමාත්‍යාංශයේ දූෂිත ගනුදෙනුවලට හවුල්වන සොඩාලි වැනි සමාගම් දැන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ බැඳුම්කර හුවමාරුවටද සම්බන්ධ වී සිටියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ගැලවුම්කාර ප්‍රතිරූපයට” BRICS ආර්ථික හවුල විසින් ඉදිරිපත් කරන අභියෝගය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල” ගැලවුම්කරුවෙකි” යැයි ඉදිරිපත්ව ඇති ප්‍රකාශයට ශ්‍රී ලංකාව තුළින් මෙන්ම ලෝකය පුරාමත් එල්ලවන අභියෝගය වර්ධනය වෙමින් පවතී. ඒ හා සමාන්තරවම ” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට වෙනත් විකල්පයක් නැත” යන ආඛ්‍යානයද අභියෝගයට ලක්වී ඇත. ඉන්දියානු සාගරයේ කේන්ද්‍රයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව චීනයටත් එහි වෙළඳ පථ සහ මාර්ග සමාරම්භක (Belt and Road Initiative – BRI) ව්‍යාපෘතියටත් BRICS ආර්ථික හවුලටත් එරෙහි ඇමෙරිකාවේ සැඟවුණු ආර්ථික යුද්ධයටත් මැදි වී සිටින අතරම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය උගුලටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇප දීමේ ජාවාරමටද සිරවී සිටියි.
ශ්‍රී ලංකාව BRICS ආර්ථික හවුලටත් එහි නව සංවර්ධන බැංකුවටත් එක්වීමට කසාන්හිදී පැවැති BRICS සමුළුවේදී විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. මෙම සමුළුවේ සත්කාරකයා වූයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් වන අතර චීන ජනාධිපති ෂී සහ ඉන්දියන් අගමැති මෝදි ද මෙම සමුළුවට සහභාගි වූහ. BRICS ආර්ථික හවුලට එක්වීමට ඉල්ලුම් කිරීම මගින් ශ්‍රී ලංකා රජය දිගුකාලීන වශයෙන් කලාපීය ආර්ථික වර්ධනය වාසියක් කරගනිමින් සහ ගෝලීය දකුණේ ආධාර මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇප ජාවාරමෙන් සහ නව යටත්විජිතවාදි ස්වෛරී ණය බැඳුම්කර උගුලෙන් මිදීමට අපේක්ෂා කරනු ඇත.
කෙසේ වුවද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිදු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු කසාන්හිදී පැවැත්වුණ BRICS සමුළුවට සහභාගි වූයේ නැත. නව සංවර්ධන බැංකුවට එක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිගෙන තිබුණද ආර්ථික හවුලට එක්වීම පිළිබඳ ඉල්ලීම තවමත් සලකා බැලෙන මට්ටමක පවතී.
දැනට, කොල්ලකාරි ණය දෙන්නන් සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ යටත්විජිතවාදි පැරිස් සහ ලන්ඩන් මූල්‍ය අධිකාරයේ ණය බන්ධනයට යටත්ව සිටීමට ශ්‍රී ලංකාවට තවදුරටත් සිදුව තිබේ. එපමණක් නොව පසුගිය දිනවල ජනාධිපති අනුරකුමාර දිසානායක විසින් අත්සන් තබන ලද නව බැඳුම්කර හුවමාරු ගිවිසුම මගින් එම ණය බන්ධනයේ ග්‍රහණය වඩාත් දැඩිවනු ඇත. මෙය බංකොලොත්බවෙන් මිදෙමින් අත්පත්කරගත් ප්‍රගතියක් ලෙස මවා පෙන්වුවද එය සැලසුම් කර ඇත්තේ ණය උගුල වඩාත් ශක්තිමත් කරනු පිණිසය. ණය ප්‍රතිව්‍යුහගතකරණයක තර්කය මුළුමණින්ම කණපිට හරවමින් රොකට් විද්‍යාවක් බවට පත්කර ඇත්තේ ආර්ථික ඝාතකයන් රැසක මැදිහත්වීම මගිනි.
නව බැඳුම්කර හුවමාරු ගිවිසුමට අත්සන් කිරීමට රජය ගෙන ඇති තීරණය සත්තකින්ම බරපතල වැරැදි තීරණයකි. මෙම වැරැදි තීරණය යුක්ති සහගත ඉදිරිපත් කෙරෙන සියලු තර්ක වනාහි, ආර්ථික වංචාවන්, ජාත්‍යන්තර නඩු පැවැරීම් මගින් එල්ල කෙරෙන තර්ජන හරහා බංකොලොත් බව ප්‍රකාශ කිරීමට කෙරෙන බලපෑම් ආදිය මගින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා සිදු කෙරෙන වාචාල දෙඩවීම් පමණි. මේ මගින්ය සිදුවනු ඇත්තේ ණය උගුලේ ග්‍රහණයට තවතවත් තල්ලු කිරීම පමණි. ලංකාවට පමණක් උරුමව ඇති තත්ත්වයක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු වූ ගෝලීය දකුණේ සියලු රටවල ඉරණම වී ඇත්තේ මෙයයි.
අවසාන වශයෙන් තේරුම් ගත යුතු එක් දෙයක් තිබේ. එනම් ශ්‍රී ලංකාව බංකොළොත් වීමට ටික කලෙකට පෙර ලෝක බැංකුව විසින් එය මධ්‍යම ආදායම්ලාභි රටක් ලෙස නම් කිරීම සිදු කරන ලද්දේ එය වෙත ණය සහන සඳහා සුදුසුකම් ඉවත් කර එය බංකොළොත් කිරීම ඉක්මන් කරනු වස් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ජාවාරම්කරුවන්ගෙන් ණය ලබාගැනීමට යොමුකිරීමේ කුමන්ත්‍රණයක පියවරක් ලෙස බවය. මධ්‍යම ආදායම් ලාභි රටක් බංකොලොත්වීමට එකම හේතුව එම රට සතුව පවතින අධි-වරප්‍රසාදිත ඇමෙරිකන් ඩොලර් හිඟය නම් ශ්‍රී ලංකාව කළ යුතුව ඇත්තේ සිය ආර්ථිකය නිර්-ඩොලර්කරණය කරමින් ආර්ථික හවුල වෙත යොමු වීමය. ණය යුක්තිය දිනාගැනීම සඳහා වත්මන් රජයට ලැබී ඇති ජනවරම අර්ථවත් කළ හැක්කේ එමගින් පමණි. යක්ෂයා සැඟව ඇත්තේ අනවශ්‍ය වාචාල දෙඩවීම් සහ අලංකාරිකයන් තුළය.
පරිවර්තනය: අජිත් සී හේරත්
ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි. |
මූලාශ්‍ර
[i] https://www.imf.org/en/News/Articles/2024/10/25/sp102524-annual-meetings-plenary
[ii] https://www.lankaweb.com/news/items/2024/10/25/sri-lanka-met-with-bondholders-aims-to-exit-default-as-soon-as-possible-central-bank-governor-says/
[iii] https://debtjustice.org.uk/press-release/ghosh-piketty-and-varoufakis-among-182-experts-calling-for-sri-lanka-debt-cancellation
[iv] https://debtjustice.org.uk/press-release/ghosh-piketty-and-varoufakis-among-182-experts-calling-for-sri-lanka-debt-cancellation