අජිත් සී හේරත්
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත් කරණයෙන් පසුව ගතවූ වර්ෂවලදී එනම් 2021, 2022, 2023 වර්ෂවලදී රටේ සිදුව ඇති අතිරේක මරණ සංඛ්‍යාව දහස් ගණනින් ඉහළ ගොස් තිබේ. ඊනියා වසංගතයට පෙර පෙර වර්ෂ 3ක එනම් 2019, 2018 සහ 2017 වර්ෂ තුනේ සාමාන්‍ය මරණ සංඛ්‍යාවට (142.084) සාපේක්ෂව ඉන් පසු වර්ෂවල වැඩිපුර සිදුව ඇති මරණ සංඛ්‍යාවන් ගණනය කිරීමේ දී 2021 වර්ෂයේ දී පුද්ගලයන් 21.852ක් ද 2022 වර්ෂයේදී 37.708 ක්ද 2023 වර්ෂයේදී 39.155ක්ද වශයෙන්ද අතිරේක මරණ සංඛ්‍යාවක් සිදුව තිබේ. නමුත් මේ මරණ සියල්ලම කොවිඩ් මරණ ලෙස නම්කර සිය වගකීම් පැහැර හැරීමට වගකිවයුත්තන්ට ඉඩක් නැත. . මක් නිසාද යත් 2024 අප්‍රේල් දක්වාම කොවිඩ්-19 මගින් මරණයට පත්ව ඇති සංඛ්‍යාව16,897 ක් බැවිනි. මෙම විශාල මානුෂික ඛෙදවාචකය පිළිබඳව අප විසින් පළ කරන ලද ලිපි පෙළේ අවසන් කොටස මෙයයි. මෙයට පෙර ලිපිවලදී අපි විවිධ පැති මානයෙන්ගෙන් මෙම ගැටළුවට ප්‍රවේශවීමට වෑයම් කළ අතර මෙම කොටසෙන් අපි කොවිඩ්-19 එන්නත්වල අඩංගු සංයෝගයක් වන ග්‍රැෆේන් මිනිස් සිරුරට හානිකර ලෙස බලපාන ආකාරය පිළිබඳව විවිධ විද්‍යාඥයන් රැසක් ඉදිරිපත් කර ඇති කරුණු ඔබ වෙත ඉදිරිපත් කරමු.
ග්‍රැෆේන් ඔක්සයිඩ්(graphene oxide) වැනි ද්‍රව්‍ය එන්නත් තුළ හමුවීම
ග්‍රැෆේන් ඔක්සයිඩ් ලෙස සැක කෙරෙන ද්‍රව්‍ය කොවිඩ් -19 එන්නත් තුළ පවතින බව ලෝකයේ රටවල් කීපයකම විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර ඇති අතර එම සංයෝගය මිනිස් සිරුරට විෂ සහිත එකක් බව බොහෝ අධ්‍යයනයන් මගින් වසර ගණනාවකට පෙර පෙන්වා දී තිබේ.
කොවිඩ්-19 එන්නත්වල පවතින ග්‍රැෆේන් ඔක්සයිඩ් පිළිබඳව පළමුව නිරීක්ෂණය කරන ලද්දේ ස්පාඤ්ඤයේ අල්මේරියා විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව සහ ජීව විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය පබ්ලෝ කැම්ප්‍රා මැඩ්රිඩ් විසිනි. ෆයිසර් සමාගමේ කොමිනාර්ති කොවිඩ්-19 mRNA එන්නත් මාත්‍රා 6ක් පරීක්ෂණයට ලක් කරමින් ඔහු විසින් සිය අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2021 ජූනි මස 28 වැනි දිනය.
ඔහු විසින් ඉහත ෆයිසර් එන්නත් සාම්පල ආලෝක අණ්වීක්ෂය සහ ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂය(TRANSMISSION ELECTRON MICROSCOPY – TEM) මගින් පරීක්ෂාවට ලක් කර තිබේ.
ග්‍රැෆේන් ඔක්සයිඩ් යනු තනි කාබන් පරමාණුක ස්තරයකින් සමන්විත සංයෝගයකි. මෙහි මෙම තනි ස්ථරයක් ලෙස පවත්නා ව්‍යුහය හේතුවෙන් මෙය ද්විමාන ව්‍යුහයක් සහිත සංයෝගයක් ලෙසද සැලකේ. මෙහි කාබන් පරමාණු එකිනෙක සම්බන්ධවන්නේ ෂඩස්‍රාකාර රටාවක් නිර්මාණය කරමිනි.
ග්‍රැෆේන්වල සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 3ක් සමග සහසංයුජ බන්ධන ගොඩනගමින් සම්බන්ධවී ඇත. එහෙයින් එහි ආතන්‍ය ප්‍රත්‍යා බලය ඉතා ඉහළය. එහි තනි ස්ථර ස්වභාවය හේතුවෙන් එහි අන්තර්ගත සෑම කාබන් පරමාණුවක්ම බාහිර පරිසරයේ මොලිකියුලවලට දෙපැත්තෙන්ම නිරාවරණය වී තිබේ. තවද එහි අඩංගු සෑම කාබන් පරමාණුවක්ම සම්බන්ධ වී ඇත්තේ තවත් කාබන් පරමාණු 3ක් සමග පමණක් බැවින් විශේෂිත ප්‍රතිකියා තත්ත්වයන් යටතේ එයට තවත් පරමාණුවක් සමග සම්බන්ධවීමට හැකියාව තිබේ. ග්‍රැෆේන් ව්‍යුහයක මතුපිට වර්ගඵලය විශාල අගයක් ගැනීම හේතුවෙන් එය වෙනත් රසායනික සංයෝග සමග සම්බන්ධ කිරීමට ඉතා සුදුසු ව්‍යුහයක් ලෙස සැළකේ.
ග්‍රැෆේන් සතුව ඉතා ඉහළ විද්‍යුත් සන්නායක ගුණයක් පවතී. එහෙයින් එය ක්ෂුද්‍ර පරිපථ නිර්මාණයෙහිලා යොදාගත හැකි වැදගත් රසායනික ව්‍යුහයක් ලෙසද ලෙස සැලකෙන අතර නියුරෝන සෛල සමග සම්බන්ධ වෙමින් විද්‍යුත් සංඥා නිකුත්කිරීමටද ග්‍රැෆේන්වලින් නිර්මාණය කරන ලද ට්‍රාන්සිස්ටර් යොදාගැනීම පිළිබඳව පරීක්ෂණ සිදු කෙරී තිබේ.
ජීව සහ වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයන් තුළ ග්‍රැෆේන් ඔක්සයිඩ් භාවිතා කෙරෙන්නේ ජීව සංවේදක, ඖෂධ ප්‍රවාහක ක්‍රම, සහ ජානමය ද්‍රව්‍ය පරිවහනය සඳහාය. චීනයේ ස්නායුවේදය සහ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් RNA එන්නත් අන්තර්ගත කරන ලද හයිඩ්‍රොජෙල් අංශුකා ග්‍රැෆේන් ඔක්සයිඩ් ස්තරවලින් ආවරණය කර අදාළ සෛල කරා ප්‍රවාහනය කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනයන් සිදු කර තිබේ. ග්‍රැෆේන් ඔක්සයිඩ් ස්තරවල පවත්නා විශාල වර්ගඵලය හේතුවෙන් එය ඖෂධ විශාල ප්‍රමාණයක් දරාගැනීමේ හැකියාව පැවැතීම නිසා ග්‍රැෆේන් ඔක්සයිඩ් ඉහත කාර්යය සඳහා යොදාගැනීම ඔවුන්ගේ අධ්‍යයනයේ අරමුණ වී ඇත.
2020 ඔක්තෝබර 21 වැනි දින පළ කරන ලද ඉහත අධ්‍යයන වාර්තාව තුළ “කොවිඩ්-19 සමග සටන් කිරීම සඳහා ග්‍රෙෆ්න් වලින් ව්‍යුත්පන්න කරන ලද සංයෝගයන්ට ඇති හැකියාව ” ඉහළින්ම අගය කර තිබේ.
“ග්‍රැෆේන් සහ ග්‍රැෆේන් හා සම්බන්ධ ද්‍රව්‍ය (Graphene and graphene-related materials – GRMs) සතුව ඇති අද්වීතිය භෞත-රසායනික,විද්‍යුත්,ආලෝක සංවේදී, වෛරස් සහ බැක්ටීරියා නාශක සහ වෙනත් විශ්මය ජනක ගුණාංග හේතුවෙන් ඒවා කොවිඩ්-19 සහ වෙනත් අනාගත ව්‍යසනයන් සමග සටන්වැදීම සඳහා අවශ්‍ය වන උසස් කාර්යක්ෂමතාවකින් යුතු උපාංග සහ මෙවලම් සැලසුම් කිරීමේදී ශක්තිමත් ආධාරකරුවෙකු වනු ඇත.”
මේ අනුව පෙනී යන්නේ කොවිඩ්-19 එන්නත් සැලසුම් කිරීමේදී ග්‍රැෆේන් සහ එහි ව්‍යුත්පන්න ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් භාවිතා කිරීමට බොහො සෙයින් ඉඩ පැවැති බවය. පසුව විවිධ ස්වාධීන විද්‍යාඥයන් විසින් ඖෂධ සමාගම්වල බරපතල තර්ජන මැද ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කරමින් එම අනුමානය බොහෝ දුරට තහවුරු කර තිබේ.
මහාචාර්ය පබ්ලෝ කැම්ප්‍රා මැඩ්රිඩ් විසින් ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ තාක්ෂණය (TRANSMISSION ELECTRON MICROSCOPY -TEM) යටතේ ඡායාරූපගත කරන ලද ෆයිසර් එන්නතේ තිබූ ද්‍රව්‍යයන්ගේ ඡායාරූප සහ පිළිගත් විද්‍යාගාරයන් මගින් ඊට පෙර අවස්ථාවලදී ඡායාරූප ගත කරන ලද ග්‍රැෆේන් ඔක්සයිඩ්වල ඡායාරූප සමග සන්සන්දනය කරමින් පහත සඳහන් නිගමනය ඉදිරිපත් කරන ලදි.
“එකම ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ තාක්ෂණයෙන් සහ එකම විශාලනයෙන් යුතුව ගන්නා ලද ග්‍රැෆේන් ඔක්සයිඩ්වල ලේඛනාගාරගත ඡායාරූප සමග ඒවා (පබ්ලෝ ඇතුළු කණ්ඩායම විසින් ඡායාරූපගත කරන ලද ෆයිසර් එන්නත තුළ වූ වස්තූන්ගේ ඡායාරූප) විශාල වශයෙන් සමාන විය.
… මෙම ඡායාරූප දෙක තුළම සංකීර්ණ සන්තතියක් නැතහොත් එකිනෙක මත හැකිළුණු පාරදෘෂ්‍ය නම්‍යශීලි දැල්වලින් සැදුම්ලත් පැතැලි ස්ථරයන් දැකිය හැකිය.
.. එහෙත් මෙම ක්ෂුද්‍ර පිටපත විසින් අවසාන නිගමනයක් සඳහා සාක්ෂි නොසපයයි. එය විසින් ඉදිරිපත් කරන්නේ එන්නත තුල ග්‍රැෆේන්වල ව්‍යුත්පන්න පැවතීමට ඉඩක් පවතින බවට සාක්ෂියකි.”
වෛද්‍ය රොබර්ට් යන්ග් විසින් සිදු කරන ලද පරීක්ෂණ
ස්වභාව චිකිත්සක වෛද්‍යවරයෙකු වන රොබර්ට් යන්ග්(Robert Young) විසින් ද පවත්නා සියලුම කොවිඩ්-19 එන්නත් වර්ග ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ සහ එක්ස්-කිරණ විමෝචන වර්ණාවලීක්ෂ තාක්ෂණය මගින් පරීක්ෂණයට ලක්කර තිබේ. මෙහිදී ඔහු තමා විසින් ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය භාවිතා කරමින් එන්නත්වල පැවැති හඳුනාගත නොහැකි ආගන්තුක ද්‍රව්‍ය ඡයාරූප ගත කර ඇති අතර එම ආගන්තුක ද්‍රව්‍ය අතර සමහරක් ග්‍රැෆේන් ඔක්සයිඩ් වල සම්මත ලේඛන ගත විද්‍යාගාර ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ඡායාරූප සමග සන්සන්දනය කර තිබේ. එහිදී ඔහුගේ නිගමනය වී ඇත්තේ එන්නත්වල පවතින ආගන්තුක ද්‍රව්‍ය වල ඡායාරූප ග්‍රැෆේන් ඔක්සයිඩ් වල සම්මත ලේඛන ගත අණ්වීක්ෂ ඡායාරූපවලට බෙහෙවින් සමාන බවය. එනම් එම ෆයිසර් කොවිඩ්-19 එන්නත්වල ග්‍රැෆේන් ඔක්සයිඩ් අඩංගු බවයි.
නොහඳුනන මූල ද්‍රව්‍ය සහ සංයෝග හඳුනා ගැනීමට භාවිතා කෙරෙන එක්ස්-කිරණ විමෝචන වර්ණාවලීක්ෂය (x-ray spectroscopy) භාවිතා කිරීම මගින්ද ඉහත ෆයිසර් කොවිඩ්-19 එන්නත්වල ඇති නොහඳුනන ඇතැම් ද්‍රව්‍ය ග්‍රැෆේන් ඔක්සයිඩ් විය හැකි බවට වෛද්‍ය රොබර්ට් යන්ග් විසින් තහවුරු කර තිබේ.
වෛද්‍ය රොබර්ට් යන්ග් ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවේ සාරාංශයේ මෙසේ දක්වා තිබේ.
“ වර්තමානයේදී ප්‍රධාන ඖෂධ සමාගම් 4ක් විසින් SARS-CoV-2 නැතහොත් දැන් SARS-CoV-19 යනුවෙන් හැඳින්වෙන වෛරසය සඳහා හන්නත් නිෂ්පාදනය කරනු ලබයි. ෆයිසර්-බයොන්ටෙක් සමාගම විසින් Pfizer–BioNTech mRNA එන්නතද, මොඩෙර්නා සමාගම විසින් Moderna-Lonza mRNA-1273 එන්නතද, සේරුම් ඉන්ස්ටිටියුට් ඔක්ස්ෆෝර්ඩ් විසින් ඇස්ට්‍රා සෙනෙකා එන්නතද,ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට අයත් ජැන්සීන් ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන Janssen COVID -19 එන්නතද ඒ අතර වේ. මෙම එන්නත්වල අරමුණ ඊනියා SARS-CoV-2 වෛරසය නැතහොත් දැන් SARS-CoV-19 යනුවෙන් හඳුන්වන නවතම කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිය ලබාදීම බව ප්‍රකාශ කර ඇත.
මෙම ඖෂධ සමාගම් 4 විසින් එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය වෙත මෙම ඊනියා එන්නත්වල අන්තර්ගත ප්‍රධාන හෝ ද්විතියික සංඝටක පිළිබඳ දත්ත සහ තොරතුරු ඉදිරිපත් කර නැත. මෙම පර්යේෂණයේ අරමුණ ෆයිසර්, මොඩෙර්නා, ඇස්ට්‍රා සෙනෙකා සහ ජැන්සීන් යන කොවිඩ්-19 එන්නත්වල පවත්නා ප්‍රධාන සහ ද්විතීයික සංඝටක මොනවාදැයි විවිධ ව්‍යුහාත්මක, භෞතික සහ ක්‍රියාකාරි ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කරමින් හඳුනා ගැනීමය.
“එන්නතක් හෝ ඖෂධයක් ලබා දෙනු ලබන පුද්ගලයාට ඒවායේ පවත්නා සංඝටක පිළිබඳවත්, ඒවායේ බලපෑම පිළිබඳවත්, සියලු අතුරු ආබාධ පිළිබඳවත් සියලු තොරතුරු දැනගැනීමට ඇති අයිතිය නියුර්න්බර්ග් සම්මුතිය මෙන්ම විවිධ ජාත්‍යන්තර නීතින් යටතේ තහවුරු කර ඇති අතිශයින් වැදගත් විශ්වීය මානව අයිතියකි. තමන් එම ඖෂධය ලබාගන්නේ ද නැද්ද යන්න ගැන දැනුවත් නිදහස් තීරණයක් ගැනීම සඳහා එම තොරතුරු අතිශයින් වැදගත් වන බැවිනි.SAR-CoV-2-19 එන්නත් හෙවත් කොවිඩ්-19 එන්නත් තමන් විසින් ලබාගන්නේද නැද්ද යන්න පිළිබඳව දැනුවත් නිදහස් තීරණයක් ගැනීම සඳහා ජනතාව එම එන්නත් වල සංඝටක පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතුව තිබූ නමුත් එම වගකීම අදාළ ඖෂධ සමාගම් හෝ ඒවා අනුමත කළ බලධාරින් විසින් ඉටු නොකරන ලදි. අප විසින් පවත්න ලද පරීක්ෂණවලදී සනාථ වූයේ ඔවුන් විසින් අනාවරණය නොකරන ලද සංඝටකයන් එම SAR-CoV-2-19 එන්නත් වල අඩංගු වන බවය.
වර්තමානයේදී මෙම එන්නත් මගින් ලෝකය පුරා මිලියන ගණන් ජනයා එන්නත් කෙරෙමින් පවතින අතර ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ හදිසි අවස්ථා සඳහා භාවිතා කිරීමට ලබා දෙන අනුමැතිය (Emergency Use Authorization -EUA) යටතේය. නමුත් ඒවායේ පවත්නා කිසිදු සංඝටකයක් පිළිබඳව හෙළිදරවු කිරීමක් කර නැති නමුත් බොහෝ අවස්ථාවලදී ලෝකයේ බොහෝ රටවල් එම එන්නත් ලබාගැනීම නිල සහ නොනිල වශයෙන් පුද්ගලයන් මත අනිවාර්ය කරන ලදි. එමගින් එම රටවල් විසින් 1947 නියුරන්බර්ග් සම්මුතිය යටතේ තහවුරු කර ඇති පුද්ගල නිදහස පිළිබඳ අයිතීන් බරපතල ලෙස උල්ලංඝණය කර තිබේ. ”
වෛද්‍ය රොබර්ට් යංග් විසින් සඳහන් කර ඇති නියුර්න්බර්ග් සම්මුතිය යනු කුමක්දැයි යන්න කෙටි හැඳින්වීමක් කිරීම මෙහිදී වැදගත්ය. පසුගිය ශතවර්ෂයේ නාසි ජර්මනිය විසින් යුජෙනික්ස්වාදි ප්‍රතිපත්ති භාවිතයට යොදමින් කායික සහ මානසික වශයෙන් දුර්වල සහ පසුබට තත්ත්වයක පසුවන පුද්ගලයන් සමාජයට බරක් සහ එහි ජාන ගහණය (Gene Pool) දූෂණය කිරීමක් ලෙස සළකමින් ඔවුන්ව මරා දැමීම සහ බලහත්කාරි වන්ධ්‍යාකරණයට ලක්කිරීම සඳහා එන්නත් සහ වෙනත් ඖෂධ භාවිතා කිරීම, සිය අත්අඩංගුවේ සිටි සිරකරුවන් යොදාගෙන ඉතා කෘාර සහ අමානුෂික ජීව සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම ආදිය සිදු කරන ලද බව නාසි යුද අපරාධ පිළිබඳව පැවැති නියුර්න්බර්ග් නඩු විභාගයේදී හෙළිදරවු විය. මිනිස් සංහතියට එරෙහි මෙවැනි සපරාධී සහ කෘෘර වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ අනාගතයේදී පැවැත්වීම වැළැක්වීම සඳහා ජර්මනියට එරෙහිව සටන් වැදුණ එක්සත් ජනපදය, සෝවියට් සංගමය, ප්‍රංශය බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් විසින් 1947 දී සම්මුතියක් ඇති කර ගන්නා ලදි. නියුර්න්බර්ග් සම්මුතිය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.
ග්‍රැෆේන් ඔක්සයිඩ් මිනිස් සිරුරට හානිකර ය.
කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය කරන ලද ඖෂධ සමාගම්, එම එන්නත් අනුමත කරන ලද ඒ ඒ රටවල ඖෂධ පාලක ආයතන,ඒවා නිර්දේශ කළ ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒවා මගින් එන්නත්කරණය අනිවාර්ය කරන ලද ආණ්ඩු සහ ඒවා මගින් ජනතාව එන්නත් කිරීමට සහාය දුන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්, ඇතුළු සියල්ලන් විසින් නොතකා හරිනු ලැබුව ද ග්‍රැෆේන් මිනිස් සිරුරට බරපතල හානි ඇතිකරවිය හැකි විෂ සහිත සංයෝගයක් බව 2016 දී චීන විද්‍යාඥ කණ්ඩායමක් විසින් සිදු කරන ලද පරීක්ෂණයක් මගින් පෙන්වා දී තිබේ. මෙම අධ්‍යයනය “ග්‍රැෆේන්-පවුලට අයත් නැනෝ අංශුවල විෂ සහිත බව: ප්‍රභවය සහ යාන්ත්‍රණය පිළිබඳ සාමාන්‍ය විවරණයක් ” නමින් 2016 ඔක්තොබර් මස 31 වැනි දින ප්‍රසිද්ධ කර තිබේ.
මෙම අධ්‍යයනය තුළ ඔවුන් මෙසේ සඳහන් කර තිබේ.
“ග්‍රැෆයිට් ස්ඵටික වලින් ඒකලනය කර කරනු ලබන ග්‍රැෆේන් යනු තනි පරමාණු ස්ථරයකින් සැදුම් ලද පැතැලි ව්‍යුහයකි. එය ෂඩස්‍රාකාර ආකෘතියකට එකිනෙක සම්බන්ධවූ පරමාණු දැලක් වැනිය. ග්‍රැෆේන්වල මෙම සුවිශේෂිත මතුපිට ස්වභාවය, යාන්ත්‍රික ගුණාංග, එහි ක්‍රියාකාරිත්වය සහ ඒවායේ යොදාගැනීම් 2004 දී පළමුවරට මෙම සංයෝගය සොයාගත් දින සිටම විශේෂ අවධානයක් හිමිකර ගෙන තිබේ. ග්‍රැෆේන්වලින් නිෂ්පාදනය කරන ලද ව්‍යුත්පන්න අතර ඒක ස්ථර ග්‍රැෆේන් (monolayer graphene),බහු ස්ථර ග්‍රැෆේන් (few-layer graphene -FLG), ග්‍රෆේන් ඔක්සයිඩ් (graphene oxide-GO), ඌනිත ග්‍රැෆේන් ඔක්සයිඩ් (reduced graphene oxide-rGO), ග්‍රැෆේන් නැනෝ ආස්තරණ (graphene nanosheets-GNS) සහ ග්‍රැෆේන් නැනෝ දාම (graphene nanoribbons) ආදිය වෙයි. ග්‍රැෆේන් පවුලේ නැනෝ ද්‍රව්‍යයන්ගෙන් ඉතාම වැදගත් ග්‍රැෆේන් රසායනික ව්‍යුත්පන්නය ලෙස සැළකෙන්නේ ග්‍රැෆේන් ඔක්සයිඩ්ය. මක් නිසාද යත් ඒවා විවිධ ජීව සහ වෛද්‍ය විද්‍යාත්මක භාවිතයන් සඳහා යොදාගනු ලබන හෙයිනි. ග්‍රැෆේන් ද්‍රව්‍යයන්ගේ ඝනත්වය නැනෝමීටර් 1-10nm වන බැවින් ඒවා නැනෝ අංශු සහ නැනෝ ද්‍රව්‍ය ලෙස ද හැඳින්වේ. ග්‍රැ ෆේන්වල ඇති සුවිශේෂි භෞතික සහ රසායනික ගුණාංග හේතුවෙන් ඒවා බලශක්තිය ගබඩා කිරීම, නැනෝඉලෙක්ට්‍රොනික උපකරණ,බැටරි ආදිය සඳහා මෙන්ම බැක්ටීරියා නාශක ප්‍රතිකාර, සිරුරු තුළට ඇතුළත් කරන ජීව සංවේදක උපකරණ, සෛල ඡායාරූපගතකරණය, ශරීරයේ නිශ්චිත අවයව හෝ පටක කරා ඖෂධ ප්‍රවාහනය, පටක ඉංජිනේරුකරණය වැනි ජීව-වෛද්‍ය තාක්ෂණික ක්‍රම සඳහා ද යොදා ගැනේ. ”
“ග්‍රැෆේන්වල නැනෝ අංශු පරිමාණ කුඩා බව හේතුවෙන් ඒවාට පහසුවෙන්ම රුධිර-මෂ්තිෂ්ක අවරෝධක පටලය (Blood-Brain Barrier- BBB),රුධිර- වැදෑමහ කළල ආරක්ෂක අවරෝධක පටලය (Blood-Placental Barrier-BPB) ආදි සියලුම කායික විද්‍යාත්මක ආරක්ෂණ බාධක විනිවිද යමින් ශරීරයේ ගැඹුරු අභ්‍යන්තරයේ අවයව කරා ළඟාවීමේ හැකියාව හිමි වේ.”
ඉහත පර්යේෂණ පත්‍රිකාවේ කතුවරුන් විසින් පෙන්වා දී ඇත්තේ මේ අයුරින් විවිධ ක්ෂේත්‍ර තුළ ග්‍රැෆේන් පවුලේ සංයෝගයන් භාවිතා කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යාම සිදුවෙමින් පැවතීම හේතුවෙන් වෘත්තිමය හෝ පාරිසරික තත්ත්වයන් යටතේ නොදැනුවත්වම ඒවා ශරීරගත වීම සහ එමගින් සෞඛ්‍යයට සිදුවන හානි ඉහළ යාම ද සිදුවෙමින් පවතින බවය.
ග්‍රැෆේන් ආශ්‍රිත පරීක්ෂණවල යෙදෙන විද්‍යාඥයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලද ග්‍රැෆේන් ශඍීරගතවීම හේතුවෙන් විවිධ ශාරිරික හානිවලට ගොදුරු වී ඇති බවට දත්ත එම පර්යේෂණ පත්‍රිකාව මගින් ඉදිරිපත් කර තිබේ.
ග්‍රැ ෆේන් ශරීරගතවීමේ ක්‍රම ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ ආශ්වාස කිරීම මගින් ( intratracheal instillation), මුඛය මගින් (oral administration), අන්තර්ශිරා නික්ෂේපණය(intravenous injection), අන්තර් උදර නික්ෂේපණය (intraperitoneal injection), අධෝචර්ම නික්ෂේපණය(subcutaneous injection) ආදියයි.
ඉහත පත්‍රිකාව විසින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ බාහිර පරිසරයේ හානිකර ද්‍රව්‍ය සහ සංයෝග ශරීරයේ අභ්‍යන්තරයට ඇතුළුවෙමින් ඒවාට හානිකිරීම වැළැක්වීම පිණිස මිනිස් සිරුරේ ඇති සියලු ස්වාභාවික ආරක්ෂණ යාන්ත්‍රණයන් සහ ව්‍යුහයන් විනිවිදිමින් ශරීර අභ්‍යන්තරයට ඇතුළු වෙමින් අවයවවලට හානි කිරීමේ හැකියාව ග්‍රැෆේන් සංයෝග සතු බවයි.
“ග්‍රැෆේන්වල නැනෝ අංශු පරිමාණ කුඩා බව හේතුවෙන් ඒවාට පහසුවෙන්ම රුධිර-මෂ්තිෂ්ක අවරෝධක පටලය (Blood-Brain Barrier- BBB),රුධිර- වැදෑමහ කළල ආරක්ෂක අවරෝධක පටලය (Blood-Placental Barrier-BPB), වායු-රුධිර අවරෝධක (blood-air barrier) ආදි සියලුම කායික විද්‍යාත්මක ආරක්ෂණ බාධක විනිවිද යමින් ශරීරයේ ගැඹුරු අභ්‍යන්තරයේ අවයව කරා ළඟාවීමේ හැකියාව හිමි වේ.”
රුධිර-මෂ්තිෂ්ක අවරෝධකය (Blood-Brain Barrier- BBB)
රුධිර-මෂ්තිෂ්ක අවරෝධකය යනු ඔබේ මොළයට හානි කළ හැකි හානිකර ද්‍රව්‍ය, විෂබීජ සහ වෙනත් දේවලින් මොළය ආරක්ෂා කරන එකිනෙකට දැඩි ලෙස සමීපව පිහිටා ඇති සෛල ස්ථරයක් සැදුණා වූ අර්ධ පාරගම්‍ය පටලයකි . එය මොළයේ සෞඛ්‍යය පවත්වා ගැනීමේ ප්‍රධාන අංගයකි. මොළයේ සියුම් රසායනික සමතුලිතතාවය පවත්වා ගනිමින් මොළයට ඉතා අවශ්‍ය පෝෂණ සහ වෙනත් රසායනික සංඝටක ද එය තුළ රඳවා තබා ගැනීමට මෙම අර්ධ පාරගම්‍ය පටලමය අවරෝධකය කටයුතු කරයි. මෙම බාධකය විනිවිද ග්‍රැෆේන් සංයෝගවලට ගමන් කළ හැකි බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.
රුධිර-මෂ්තිෂ්ක බාධකය: ව්‍යුහය, ක්‍රියාකාරිත්වය සහ නැනෝ අංශු ප්‍රවාහන යාන්ත්‍රණය
1900දී රුධිර මෂ්තිෂ්ක බාධකය (blood–brain barrier-BBB) යන යෙදුම හඳුන්වාදුන්නේ ලවාන්ඩොව්ස්කි විසිනි. ඔහු ප්‍රසියන් නිල් ඩයි වර්ගයක් බාහිර රුධිරවාහිනි පටක වලට යෙදු විට එම ඩයි මධ්‍යම ස්නායු පද්ධතියේ සෛල ස්තර විනිවිද එම පද්ධතියට ඇතුළු නොවන බව නිරීක්ෂණය කළේය. මේ අනුව ඔහුගේ නිගමනය වූයේ මධ්‍යම ස්නායු පද්ධතියට හානිකර ද්‍රව්‍ය එය තුළට ගමන් කිරීම වළක්වන බාධකයක් ඇති බවයි. එනම් රුධිර වාහිනි පද්ධතිය හරහා ගමන් කරන විෂබීජ හෝ හානිකර රසායනික ද්‍රව්‍ය එය වෙතට ගමනි කිරීම වළක්වන බාධක සෛල ස්තරයක් ඇති බවත් මෙම බාධකය මෂ්තිෂ්ක -රුධිර බාධකය ලෙස නම් කරන ලදි. මේ අනුව මෂ්තිෂ්කයට බලපාන යම් රසායනික ද්‍රව්‍යයක් ඇතුළු කළ හැක්කේ සෘජුවම එය තුළට ඇතුළු කිරීමෙන් මිසක රුධිර පද්ධතියට ඇතුළු කිරීම මගින් නොවන බව ඔහුගේනිගමනය විය.1967 දී රීස් සහ කාර්නොව්ස්කි විසින් සිය පර්යේෂණ මගින් නැවතත් රුධිර- මෂ්තිෂ්ක බාධකයේ පැවැත්ම සහතික කරන ලදි.
රුධිර-මෂ්තිෂ්ක බාධකය විනිවිදීම සඳහා ග්‍රැෆේන් මත පදනම් වූ ප්‍රවේශය. ග්‍රැෆේන් සතුව පවත්නා ප්‍රමාණය සහ දෘෂ්‍ය ගුණාංග අතර සම්බන්ධය, නිදහස් නැනෝ ඉලෙක්ට්‍රෝන, ජීව යෝග්‍යතාව සහ අති විශාල මතුපිට ක්ෂේත්‍රඵලය වැනි විශේෂිත භෞතරසායනික ගුණ හේතුවෙන් එයට රුධිර-මෂ්තිෂ්ක බාධකය හරහා ඖෂධ ප්‍රවාහනය සඳහා යොදාගත හැකි බව සොයා ගෙන තිබේ. මෙම ගුණාංග හේතුවෙන් විවිධ ප්‍රෝටීන වර්ග, ප්‍රතිග්‍රාහක සම ජීව මොලිකියුල සමග අන්තර් ක්‍රියා කිරීමේ හැකියාවක් ග්‍රැෆේන්වල පවතී. ඒය සතු විශේෂිත විද්‍යුත්, තාප සහ යාන්ත්‍රික ගුණාංගවිසින් ග්‍රැෆේන්වල ද්විමාන ව්‍යුහය විසින් රුධිර මෂ්තිෂ්කබාධකය හරහා ද්‍රව්‍ය පරිවහනය කිරීමට හැකියාව ලබාදී ඇත.
ස්නායු විද්‍යා ක්ෂේත්‍රය තුළ ග්‍රැෆේන් සතු හැකියාවන් පිළිබඳව කෙරෙන මේ නව සොයා ගැනීම් හේතුවෙන් ග්‍රැෆේන් යොදාගනිමින් රුධිර-මෂ්තිෂ්ක බාධකය හරහා ඖෂධ පරිවහනය කෙරෙන නව ප්‍රතිකාර අත්හදා බැලීම සිදු වෙමින් පවතී.”Crossing the blood–brain barrier with graphene nanostructures
රුධිර වැදෑමහ බාධකය (Blood-Placental Barrier-BPB)
රුධිර වැදෑමහ බාධකය යනු මව සහ කළලය අතර පෝෂණය, සහ ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ්, විවිධ හෝර්මෝන සහ ඖෂධ සංසරණය පාලනය කරන අවයවයයි.මෙහිදී එය ක්‍රියාත්මක වන්නේ පෙරහණයක් ලෙසය. මෙම බාධකය කළලය වෙත බාහිර හානිකර රසායනික සංයෝගයන් ළඟාවීම වළක්වමින් එය ආරක්ෂා කරයි.
වැදෑමහ විසින් ගර්භණී සමය තුළ කළලයේ වර්ධනයට සහ උපත සිදුවීමේ ක්‍රියාවලියට අවශ්‍ය ඊස්ට්‍රජන්,ප්‍රොජෙස්ටෙරොන්, මානව ප්ලාසන්ටල් ලැක්ටෝජන්, කොරියොනික් ගොනාඩෝට්‍රොෆින්, වැනි හෝර්මෝන මුදාහැරීම සිදු කරනු ලබයි.ප්‍රොජෙස්ටෙරොන් හෝර්මෝනය කළලය ගබ්සාවීම වැලැක්වීම පිණිස ගර්භාෂ පේෂීන් ලිහිල් කරයි.
වැදෑමහ විසින් ඉටුකරන තවත් විශේෂිත කාර්යභාරයක් වන්නේ ජාන සහ ප්‍රෝටීන් ප්‍රකාශනයයයි. එනම් ජානවල අන්තර්ගත කේත වලට අනුව ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවයි. ප්‍රෝටීන කේතකරණ ජාන 20,000ක් පමණ මානව සෛල තුළ ප්‍රකාශවන අතර අතර එයින් 70%ක් පමණ අති බහුතරයක් ප්‍රකාශනය වන්නේ වැදෑමහ තුළය. මෙම ප්‍රෝටීන කළලයේ පූර්ණ නිරෝගී පැවැත්මට සහ වර්ධනයට අත්‍යවශ්‍ය ඒවා වන අතර කළලය උපත ලැබූ පසු පූර්ණ නිරෝගී මිනිස් ජීවියෙකු ලෙස පැවැත්මට අවශ්‍යවන ලෙස අවයව වර්ධනය, බාහිර විෂබීජවල සහ පිළිකා රෝගවල මර්දනය කිරීමට හැකියාව ලබා දෙන පරිදි ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වැදෑමහ තුළ සිදුවන මෙම ප්‍රෝටීන සහ ජාන ප්‍රකාශනය අතිශයින් තීරණාත්මක වේ.
වායු රුධිර අවරෝධකය(blood-air barrier)
වායු රුධිර අවරෝධකය යනු පෙනහළු ගර්ත තුළ දී රුධිරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව පෙනහළු තුළට මුදාහැරීමත් පෙනහළු තුළ ඇති වාතයේ පවත්නා ඔක්සිජන් වායුව රුධිර නාලවල ඇති රතුරුධිර සෛල තුළට අවශෝෂණය කරගැනීමත් පාලනය කරන ගර්ත බිත්තිවල ඇති පටකයන් වේ. මෙම පටක හරහා ග්‍රැෆේන් සංයෝග වලට ඇතුළු වීමට හැකි බවත්, අනතුරුව එම ග්‍රැෆේන් රුධිරයට එක්වී අක්මාව සහ වෙනත් අවයව කරා ගමන්කර ඒවායේ පටක මත තැන්පත්වන බවත් ඉහත පත්‍රිකාව මගින් පෙන්වා දී තිබේ. ග්‍රැෆේන් සම්බන්ධ පර්යේෂණ සහ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ පර්යේෂකයන්ගේ සහ කාර්ය මණ්ඩලවල ශරීර තුළ එලෙස තැන්පත් වූ ග්‍රැෆේන් සොයාගෙන ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යයට බරපතල අවදානමක් එල්ලවී ඇති බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.
රුධිර-වෘෂණ අවරෝධකය(Blood-Testis Barrier)
මිනිසා ඇතුළු ක්ෂිරපායින්ගේ පුරුෂ ලිංගික ප්‍රජනක පද්ධතියේ අවයවයක්වන වෘෂණ කෝෂ තුළ පිහිටා ඇති සෙමිනිෆෙරෝස් නාලිකාවන් තුළ පිහිටා ඇති මෙම රුධිර-වෘෂණ බාධකය විසින් වෘෂණ කෝෂ තුළට රුධිරය සෛල ඇතුළු වීම වළක්වනු ලබයි. එමෙන්ම එය වෘෂණ කෝෂ වෙත රුධිරය සපයන රුධිර නාලිකා ඔස්සේ වෙත පැමිණෙන විෂබීජ සහ හානිකර රසායනික වෘෂණ කෝෂවල අභ්‍යන්තර ව්‍යුහයට ඇතුළු වීම වළක්වනු ලබයි.නමුත් ග්‍රැෆේන් සංයෝගයන් මෙම රුධිර-වෘෂණ අවරෝධක සෛල ස්ථරය විනිවිද වෘෂණ කෝෂ තුළට ඇතුළු වීමට සමත් බව ඉහත පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කෙරෙහි ග්‍රැෆේන්වල හානිකර බලපෑම
ග්‍රැෆේන්වල විෂ සහිත බව සහ ජීවයෝග්‍යතාව පිළිබඳව සෛද්ධාන්තික සහ සත්ව සාම්පල ඇසුරෙන් කරන ලද අධ්‍යයනයන් මගින් නිරීක්ෂණයට සහ ඇගයීමට ලක් කරන ලද බව ඉහත පර්යේෂකයන් විසින් සඳහන් කර තිබේ. “ ග්‍රැෆේන් විසින් සත්වයන්ගේ විවිධ අවයව සහ ඉන්ද්‍රිය පද්ධති වෙත කරනු ලබන හානිය පිළිබඳව වර්තමානයේදී අති විශාල දත්ත ප්‍රමාණයක් විසින් පෙන්වා දෙන නමුත් ඒ සියල්ලම මෙම අධ්‍යයනය තුළ ලැයිස්තුගත කිරීමට නොහැකිය. එසේ වුවද සත්ව සම්පල යොදාගනිමින් සිදු කරන ලද යම් නිශ්චිත පරීක්ෂණයන්ට අදාළ විද්‍යාත්මක ලේඛන පහත වගුවේ ලැයිස්තුගත කර ඇත.”
වැදගත් ඉන්ද්‍රියයන්ගේ සාමාන්‍ය කායික විද්‍යාත්මක ක්‍රියාවලින්ට බාධා කරමින් ඒවා වෙත කල්පවත්නා හානි සිදු කිරීමටත්, බරපතල ප්‍රදාහයන් ඇති කිරීමටත් ග්‍රැෆේන් ඔක්සයිඩ් හේතු වී තිබේ. මුඛය මගින් ග්‍රැෆේන් ඔක්සයිඩ් ශරීරගත කරමින් සිදු කරන ලද පරීක්ෂණවලදී ඒවා ආහාරමාර්ගය ඔස්සේ අවශෝෂණය කිරීමක් නිරීක්ෂණය කළ නොහැකි වූ නමුත් විශ්මයකට මෙන් පැටවුන් සහිත මූසිකාවියකට අඩු මාත්‍රාවකින් යුත් ග්‍රැෆේන් ඔක්සයිඩ් ද්‍රාවණයක් පානය කරවන ලද පසුව එ් මගින් ඇගේ ආහාර ජීර්ණ පද්ධතියට බරපතල හානි සිදුකරන ලද බව දැකිය හැකිවිය. අඩු මාත්‍රා සහිත ග්‍රැෆේන් එකිනෙක සම්බන්ධ වීමකින් තොරවීම හේතුවෙන් ඒවායේ නිරාවරිත තියුණු කෙළවරවල් විසින් අන්ත්‍රවල මතුපිටට දැඩි විනාශයක් සිදු කර තිබේ.
ශ්වසන මාර්ගයෙන් ඇතුළු වූ ග්‍රැෆේන් ස්වරාල බිත්ති මත දින 90කටත් වැඩි කාලයක් තැන්පත්ව එහි ඉදිමීම් හෙවත් ප්‍රදාහයන් සිදු කර ඇත. එපමණක් නොව ඒවා නැවත පෙණහලු වසාගැටිති වෙත ගමන් කරමින් ඒ මත තැන්පත්ව තිබිණි.
ඉහළ මාත්‍රාවන්ගෙන් යුත් ග්‍රැෆේන් ඔක්සයිඩ් රාශිගතවීම හේතුවෙන් පුප්ඵුසීය ධමනි අවහිර කරමින් හුස්ම ගැනීමේ අපහසුව(dyspnea) වැනි රෝගී තත්ත්වයන් ඇති කිරීමට ඉඩ තිබේ.එමෙන්ම අධිමාත්‍රාවලින් ග්‍රැෆේන් එන්නත් කළ විටදී රුධිර පට්ටිකා කැටිවීමක් දක්නට හැකිවිය.
ග්‍රැෆේන් ඔක්සයිඩ් විසින් පෙනහලුවල වායු-රුධිර අවරෝධකයේ ක්‍රියාකාරිත්වයට බාධාකරමින් ප්‍රදාහක සෛලවලට(inflammatory cells) පෙනහලු තුළට ඇතුළුවීමට ඉඩ සලසමින් ඒවායේ ඇති ප්‍රදාහජනක සයිටෝකීන් (inflammatory cytokines)මුදාහැරීම උත්තේජනය කරවයි.
ස්නායු පද්ධතිය වෙත ග්‍රැෆේන් විසින් සිදු කරනු ලබන හානි
ඉහත අධ්‍යයනය විසින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ග්‍රැෆේන් විසින් මොළය වෙත හානි කිරීමේ අවදානමක් පිළිබඳ සාක්ෂි මතුව ඇති බවයි. කුකුළු කළලය යොදාගනිමින් කරන ලද පරීක්ෂණවලදී පෙන්නුම් කර ඇත්තේ අමිශ්‍ර ග්‍රැෆේන් (Pristine graphene) විසින් රයිබොනියුක්ලික් අම්ල (RNA) මට්ටම සහ ඩිඔක්සිරයිබෝනියුක්ලික් අම්ල (DNA) සංශ්ලේෂණය අනුපාතය අඩු කරන බවය.ඒ මගින් මොළයේ පටක සංවර්ධනය කෙරෙහි බලපෑමක් එල්ලකරන බවත් මොළයේ අසාමාන්‍ය ලෙස වැඩුණු ව්‍යුහයන් නිරීක්ෂණය කළ හැකි වූ බවත්ය.
ප්‍රජනක පද්ධතිය සහ කළල වෙත ග්‍රැෆේන්වල හානිකර බලපෑම
දින 19ක් මෝරන ලද කුකුළු කළළයකට අමිශ්‍ර ග්‍රැෆේන් එන්නත් කිරීමෙන් පසුව හෘදය වස්තුවේ පේෂිවලට රුධිරය සැපයීම සහ හදවතේ පේෂිවලට සම්බන්ධ කිරීටක ධමනියට සම්බන්ධ නාලිකා ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට ලැබුණ බවත් ඉහත අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ග්‍රැෆේන් ඔක්සයිඩ් සහ ඌනිත ග්‍රැෆේන් ඔක්සයිඩ් විසින් සීබ්‍රා මත්ස්‍ය බිජු වල ජනිතයන් බිහිකිරීමේ අනුපාතය සහ ජනිතයන්ගේ සිරුරේ විශාලත්වය අඩුකිරීමට හේතු වී ඇතැයි ද එහි සඳහන් වේ.
ග්‍රැෆේන් ඔක්සයිඩ් සීබ්‍රා මත්ස්‍ය බිත්තර කළලයේ කළල පටලය වෙත ඇලීමක් සිදුවන අතර එය කළල පටලය (chorion) වටා එතීම හේතුවෙන් කළලයට ඔක්සිජන් සැපයීම(hypoxia) අඩු විය.එමෙන්ම බිත්තරය පුපුරා පැටවෙකු බිහිවීමට යන කාලයද දීර්ඝ විය. ග්‍රැෆේන් ඔක්සයිඩ් සමුච්චයන් ඇස්, හදවත,කළල ආශයිකාව, කළල වලිගය රැඳී පවතිනු දැකිය හැකි විය. සෛල බිඳවැටීම(apoptosis) සහ ද්වි-පරමාණුක ඔක්සිජන් අණු (O2)සමග ප්‍රතික්‍රියා දක්වන සංයෝගද ඉහත ඉන්ද්‍රියයන්ගේ ග්‍රැෆේන් රැඳී ඇති කලාප තුළ දැකිය හැකි විය.
ග්‍රැෆේන් විසින් ස්ත්‍රි සහ පුරුෂ ප්‍රජනක පද්ධතියට කරනු ලබන හානිදායක බලපෑම එක්නෙකින් වෙනස්ය. පුරුෂ ප්‍රජනක පද්ධතිය වෙත ග්‍රැෆේන් ඔක්සයිඩ් වල බලපෑමක් නැති තරම් යැයි මෙම අධ්‍යයන වාර්තාවේ සඳහන් විය. එමෙන්ම ගර්භණී නොවන මූසිකාවියක් තුළ ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටමේ කිසිදු වෙනසක් ඌනිත ග්‍රැෆේන් ඔක්සයිඩ් විසින් ඇති නොකරන බව ද එහි සඳහන් වේ. එසේ වුවද පැටවුන් වදන ලද මූසිකාවියකගේ තත්ත්වය මීට වඩා වෙනස්ය. සංවාසයට පෙර හෝ සංසේචනයෙන් පසු මුල් අවධියේදී ග්‍රැෆේන් ඔක්සයිඩ් එන්නත්කරණයට ලක් කරන ලද විට අසාමාන්‍ය කළල කීපයක් එම ගර්භණී මුසිකාවියන් තුළ නිරීක්ෂණය කළ හැකි විණි යැයි එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවේ සඳහන් වන වඩාත් අවධානයට ගත යුතු කරණු අතරින් එකක් නම් ගර්භණීත්වයේ පසු අවධිවල ඌනිත ග්‍රැෆේන් ඔක්සයිඩ් පහළ මාත්‍රාවලින් ලබා දෙන ලද මූසිකාවියන් අති බහුතරයක් පවා ගබ්සාවීම්වලට ලක් වූ බවටත්, ඉහළ මාත්‍රාවලින් ඌනිත ග්‍රැෆේන් ඔක්සයිඩ් එන්නත්කරණ ලද මූසිකාවියන් බොහෝ දෙනෙකු මරණයට පත් වූ බවටත් සිදු කෙරී ඇති නිරීක්ෂණයන්ය. එමෙන්ම පැටවුන්ගේ වර්ධනයේ ප්‍රමාදයක්ද දැකිය හැකිවිණි යැයි එහි සඳහන් වේ.
රුධිර-සංවර්ත්‍යතාව කෙරෙහි ග්‍රැෆේන්වල බලපෑම
ෆයිසර් සහ මොඩෙර්නා mRNA එන්නත්වල ග්‍රැෆේන් ඔක්සයිඩ් අඩංගු වූ බව තවදුරටත් රහසක් නොවේ. මෙම එන්නත් තුළ ඉතා දැනුවත්ව ග්‍රැෆේන් ඔක්සයිඩ් හෝ එහි ග්‍රැෆේන්වල ව්‍යුත්පන්න අන්තර්ගත කරන ලද ඖෂධ සමාගම් සහ ඒවා අනුමත කළ ඖෂධ පාලක අධිකාරින් විසින් පුන පුනා ප්‍රකාශයට පත් කර සිටියේ එම එන්නත්වල අඩංගු සංඝටකයන් කිසිවක් රුධිරයට එක් නොවන බවය.
එහෙත් 2016 දී සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් පෙන්වාදී ඇත්තේ කවර ආකාරයකින් හෝ ශරීර ගත වූ ග්‍රැෆේන් ඔක්සයිඩ් රුධිරය වෙත එක්වීම නොවැළැක්විය හැකි දෙයක් බවය. මෙම අවදානම් සහගත තත්ත්වය ලෝකය පුරාම ආණ්ඩු විසින් ජනතාවගෙන් වසන් කරමින් එම ග්‍රැෆේන් ඔක්සයිඩ් අඩංගු එන්නත් ලබාගැනීම නිල සහ නොනිල ලෙස අනිවාර්ය කරන ලදි.
ග්‍රැෆේන් පවුලට අයත් නැනෝ අංශුමය ද්‍රව්‍ය විසින් පෙනහලුවලට සිදුකරන හානිය පිළිබඳව අධ්‍යයනයන් කීපයක්ම සිදු කර තිබේ. මෙම අධ්‍යයනයන් තුලදී පෙනහලු තුළට ප්‍රදාහක සෛල ඇතුළුවීම,පෙනහලු තුළ දියර එක්රැස්වීම(pulmonary edema).පෙනහළු තුළ කුඩා ගැටිති නිර්මාණය වීම (granuloma formation) ආදිය සිදු වෙන බව නිරීක්ෂණය කළ හැකිවිය. මේ අතර තවත් සමහර අධ්‍යයනයන් කීපයක් මගින් අක්මාව,ප්ලීහාව සහ වකුගඩු ආදියට හානි වී ඇති ආකාරය නිරීක්ෂණය කර තිබේ.කෙසේ වුවද මෙම හානි විසින් ඇති කරනු ලබන රෝග ලක්ෂණ,හානියේ ප්‍රමාණය ආදිය පිළිබදව පූර්ණ වශයෙන් අධ්‍යයනය කර නැති බව එහි දැක්වේ.
එමෙන්ම එම අධ්‍යයනයට අනුව 2016 වනවිටත් ග්‍රැෆේන් විසින් ස්නායු පද්ධතිය සහ මොළය කෙරෙහි ඇති කරන හානිකර බලපෑම සහ ඒවා සම්බන්ධිත චර්යාත්මක රටාවන්ගේ වෙනස්වීම් පූර්ණ වශයෙන් අධ්‍යයනය කර නැත. ග්‍රැෆේන්වල විෂ සහිත බලපෑම්වල වර්ධනය විසින් ව්‍යුහාත්මක අසාමාන්‍යතා, අධික වෙහෙස, චර්යාත්මක සහ ක්‍රියාකාරිමය අසාමාන්‍යතා ආදිය උත්ප්‍රේරණය කිරීමට ඉඩ ඇති අතර ඇතැම් විට මරණය සිදු කිරීමට පවා ඉඩ තිබේ. ප්‍රජනනය සහ කළල වර්ධනය කෙරෙහි ග්‍රැෆේන්වල හානිදායක බලපෑම කෙරෙහි අධ්‍යයනයන් සිදු කිරීමද අනාගතයේදී ඒ කෙරෙහි අවධානය යොමු කිරීමද අතිශයින් වැදගත් අවශ්‍යතාවයක් බව එම අධ්‍යයනය විසින් පෙන්වා දී තිබේ.ග්‍රැෆේන්වල හානිකර බව පිළිබඳව දැනට සිදු කර ඇති අධ්‍යයනයන් සියල්ලම පාහේ කෙටීකාලීන බලපෑම් පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණ වේ. ග්‍රැෆේන්වල දිගුකාලීන හානිකර බලපෑම පිළිබඳව මේ දක්වා කිසිදු අධ්‍යයනයක් සිදු කර නැත.එහෙයින් එවැනි අධ්‍යයනයක් අතිශයින් වැදගත් අවශ්‍යතාවක් බවද ඉහත අධ්‍යයනයේ කතුවරුන් විසින් අවධාරණය කර ඇත.
සත්ව සහ මිනිස් සෛල කෙරෙහි ග්‍රැෆේන්වල හානිකර බලපෑම
සෛල කෙරෙහි ග්‍රැෆේන්වල හානිකර බලපෑම අධ්‍යයනය සඳහා සෛල සාම්පල යොදාගනිමින් කරන ලද පරීක්ෂණ වලදී ( in vitro) විසින් සනාථ කරන ලද්දේ ග්‍රැෆේන් පවුලට අයත් නැනෝ ද්‍රව්‍ය (GFNs) මගින් සාම්පලය තුළ පැවැති ජීව සෛල සංඛ්‍යාව අඩු කිරීමටත් (cell viability), සෛලවල හැඩය වෙනස් කිරීමටත් ( cell morphology), සෛල මරණයට පත් කිරීමටත් (cell apoptosis),සෛල පටලයේ අඛණ්ඩත්වය විනාශ කිරීමටත්,මයිටොකොන්ඩ්‍රියම, DNA සහ ක්‍රෝමසෝමවලට හානි සිදුකිරීමටත් සෛලය තුළ ප්‍රදාහකාරක ප්‍රතිචාර වැඩි කිරීමටත් හේතු වන බව යැයි ඉහත අධ්‍යයනයේ සඳහන් වේ.
ග්‍රැෆේන් ඔක්සයිඩ් පෙණහලු, අක්මාව, ප්ලීහාව, වකුගඩු වැනි ඉන්ද්‍රියයන්ගේ සෛල තුළ ඉහළ සාන්ද්‍රණයකින් යුතුව තැන්පත්වී ඇති බව නිරීක්ෂණයකර තිබේ.
එමෙන්ම සාන්ද්‍රණය ඉහළ ග්‍රැෆේන් සෛල ව්‍යුහයන් වන ලයිසෝසෝම,මයිටොකොන්ඩ්‍රියා,එන්ඩෝප්ලාස්මයසහ සෛල න්‍යෂ්ටිය තුළට ඇතුළු වීම සිදුව තිබේ.
මයිටොකොන්ඩ්‍රියාවට හානි සිදුවීම
මයිටොකොන්ඩ්‍රියා යනු ජීව සෛලයක පැවත්ම සඳහා උපයෝගිවන ශක්තිය නිෂ්පාදනය කරන සෛලමය ව්‍යුහයයි. එමෙන්ම සෛලයක ජීවකාලය තීරණය වන්නේද මයිටෝකොන්ඩ්‍රියාවේ ක්‍රියාකාරිත්වය මතය. ග්‍රැෆේන් ඔක්සයිඩ් සහ කාර්බොක්සිල් නැනෝ ද්‍රව්‍ය සෛල පටලය විනිවිදිමින් සෛලයට ඇතුළු වන අතර අනතුරුව මයිටොකොන්ඩ්‍රියා පටලය දුර්වල කරයි. ග්‍රැෆේන් සංයෝගවලට නිරාවරණය වීම හේතුවෙන් මයිටොකොන්ඩ්‍රියාවේ ඔක්සිජන් පරිභෝජනය ඉහළ යන අතර ඒ හේතුවෙන් උත්ප්‍රේරණය වන රසායනික ප්‍රතික්‍රියා දාමයක් හේතුවෙන් සෛලයේ වැහැරීම සහ අවසානයේ මරණයට පත්වන ක්‍රියාදාමයේ ( apoptosis) වේගය වැඩි කරයි. ග්‍රැ ෆේන් සංයෝග විසින් සෛලයක් තුළ පවත්නා මයිටොකොන්ඩ්‍රියම් සංඛ්‍යාව අඩු කිරීමට හේතුවන බව අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර ඇත
DNA සහ ක්‍රෝමසෝමවලට හානි සිදුකිරීම
ග්‍රැෆේන් ඔක්සයිඩ්වල කුඩා බව, විශාල මතුපිට වර්ගඵලය සහ ඉහළ අයන ආරෝපණය හේතුවෙන් ග්‍රැෆේන් ඔක්සයිඩ් සතුව විශාල ජාන විකෘතික හැකියාවක් පවති. එය විසින් DNA වලට හානි සිදුකරන බවට සාක්ෂි මෙම අධ්‍යයන වාර්තාව විසින් ලැයිස්තුගත කර තිබේ. මීයන් වෙත ග්‍රැෆේන් ඔක්සයිඩ් එන්නත් කිරීමෙන් පසුව ජාන මගින් සම්ප්‍රේෂිත ආවේණිය වෙනස් වූ බවට සාක්ෂි තිබේ.
ග්‍රැෆේන් ඔක්සයිඩ්වලට සෛල න්‍යෂ්ටිය තුළ ඇතුළු වීමට නොහැකි අවස්ථාවල පවා සෛල විභේදන ක්‍රියාවලියේ මයිටෝසිස් අවදියේදී සෛල න්‍යෂ්ටි පටලය බිඳි යන අවස්ථාවේදී සෛලය තුළට මුදා හැරෙන DNA සමග අන්තර්ක්‍රියා සිදු කරමින් ඒවා විකෘති කිරීමට ග්‍රැෆේන් ඔක්සයිඩ් සමත් බව තහවුරු කෙරී ඇත.
DNA ද්විත්ව දාමයන් ගේ පවත්නා භෂ්ම යුගලවල ජල විකර්ෂණ ගුණාංගය(hydrophobic DNA base pairs) හේතුවෙන් ඒවායින් කොටසක් ග්‍රැෆේන් ඔක්සයිඩ්වල මතුපිට සමග සම්බන්ධවීමට හැකියාව පවතී. අන්තර් මොලිකියුල ප්‍රතික්‍රියාවන් විසින් DNA දාමයන්ගේ කෙළවරවල් බරපතල ලෙස විකෘති කිරීමට ඉඩ තිබෙන අතර එමගින් ජානවලට බරපතල ලෙස හානි සිදුකිරීමට ඉඩ ඇත.
ග්‍රැෆේන් ඔක්සයිඩ් විසින් ඔක්සිකාරක ආතතිය ප්‍රවර්ධනය කිරීම මගින් හෝ අන්තර් සෛලීය සංඥා සම්ප්‍රේෂණ මාර්ග සක්‍රිය කිරීම හරහා ප්‍රදාහය ඇතිකිරීම මගින් හෝ වර්ණදේහ ඛණ්ඩනය,DNA ආකලනය, ජාන දාමයේ යම් ලක්ෂ්‍ය වල විකෘතීන් ඇති කිරීම(point mutation) ක්‍රියාවලිය ආදිය උත්ප්‍රේරණය කිරීමට ඉඩ තිබේ.
DNA වලට සිදුවන හානිය විසින් පිලිකා ඇතිවීමට හේතු වනවා පමණක් නොව ග්‍රැෆේන් ඔක්සයිඩ් විසින් ප්‍රජනක සෛලවල ජාන විකෘතිය ඇති කිරීමට හේතු වුව හොත් අනාගත පරම්පරාවන්ගේ සෞඛ්‍යයටද බරපතල හානියක් සිදු කළ හැකිය.
ග්‍රැෆේන් සංයෝග වල අශුද්ධ බව හේතුවෙන් සිදුවන හානිකර බලපෑම්
ග්‍රැෆේන් පවුලට අයත් නැනෝ ද්‍රව්‍ය විසින් සෘජුවම ඇති කරන හානිකර බලපෑම්වලට අමතරව එම ග්‍රැෆේන් සංයෝග පිළියෙල කිරීමේදී ඒවා අනවශ්‍ය සහ අනපේක්ෂිත ලෙස වෙනත් මූලද්‍රව්‍ය සමග සංයෝජනය වීම හේතුවෙන්ද හානිකර බලපෑම් සිදුවන බව ඉහත අධ්‍යයන පත්‍රිකාව විසින් පෙන්වා දී තිබේ. සම්ප්‍රදායික ක්‍රමයට පිළියෙල කරන ලද ග්‍රැෆේන් ඔක්සයිඩ් තුළ ඉතා ඉහළ මැංගනීස් අයන සහ යකඩ අයන මට්ටමක් දැකිය හැකි බවත් ඒවා සෛලයක ජාන විකෘතිකීරීමට හේතුවන බව මේ වාර්තාවේ සඳහන් වේ.
ග්‍රැෆේන් විසින් ජීව සෛල වෙත සිදුකරන භෞතික හානිය
ග්‍රැෆේන් යනු ද්විමාන ඒක පරමාණුක ඝණකමකින් යුත් සමතල ව්‍යුහයකි. මෙහි තියුණු කෙළවරවල් සමග අන්තර්ක්‍රියා කිරීමෙන් සෛල පටලය සෛලයට සිදුවන භෞතික හානිය ග්‍රැෆේන් වලින් හානි සිදුවන එක් ප්‍රධානතම ආකාරයකි. සෛල පටලයට හානි සිදු කිරීමෙන් පසුව සෛල අභ්‍යන්තර ව්‍යුහයන් බාහිරට මුදා හැරීම මගින් සෛලය විනාශවන පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
ඔක්සිකාරක ආතතිය (oxidative stress) ඇති කිරීම මගින් සෛලය වෙත සිදු කරනු ලබන හානිය.
ග්‍රැෆේන් ඔක්සයිඩ් සෛලය සමග සිදු කරන අන්තර්ක්‍රියාවලදී සෛලය තුළ ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් සංයෝගවල ( reactive oxygen species- ROS)මට්ටම ඉහළයාම සිදුවේ. ඒ හේතුවෙන් සෛල පටලයේ ලිපිඩ බිඳ වැටීම,DNA කැබැලිවලට කැඩීම, ප්‍රෝටීනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම මගින් ඒවායේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීම, සෛලයේ පැවැත්මට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන සෛල උප ව්‍යුහයක්වන මයිටොකොන්ඩ්‍රියාවේ ක්‍රියාකාරිත්වය විකෘතිකිරීම හෝ නතර කරවීම ආදිය මගින් සෛල පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වෙත දැවැන්ත අයහපත් බලපෑමක් එල්ල කෙරේ.
DNA වලට හානි සිදුවීම සහ සෛලවල ස්වයං වැහැරීම සහ මරණය සිදු කරන ක්‍රියාවලියේ (apoptosis) ශිඝ්‍රතාව වැඩි කරන ප්‍රධාන සාධකය ඔක්සිකාරක ආතතියයි
ප්‍රදාහකාරක ප්‍රතිචාර ඇතිකිරීම
ප්‍රදාහකාරක සෛල ඉන්ද්‍රිය පටක තුළට ඇතුළුවීම,පෙනහලු තුළ දියර එක්රැස්වීම(pulmonary edema),පෙනහළු තුළ කුඩා ගැටිති නිර්මාණය වීම (granuloma formation) ඇතුළු පැහැදිලි ප්‍රදාහක ප්‍රතිචාර ග්‍රැෆේන් සංයෝග ඉහළ මාත්‍රාවලින් ශ්වසන මාර්ගය ඔස්සේ හා අන්තහ් ශිරා නික්ෂේපණ (එන්නත් කිරීම) මගින් ලබාදුන් විට දැකිය හැකි විණි යැයි එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ. ශරීරයට බාහිර විෂබීජයක් ඇතුළු වූ විට රුධිර පට්ටිකා විසින් එයට පහර දෙනු ලබන්නේ ඒ වටා කැටි ගැසීම මගිනි. ග්‍රැෆේන් ඔක්සයිඩ් අන්තහ් ශිරා නික්ෂේපණයක් මගින් ලබාදුන් (එන්නත් කිරීමකට)පසුව පෙනහලු නාල සංකෝචනය කරනු සඳහා රුධිර පට්ටිකා කැටිගැසීමක් දක්නට හැකිවිය.
සෛලවල ස්වයං විනාශකාරි ක්‍රියාකාරිත්වය(Apoptosis) ආරම්භය සඳහා ග්‍රැෆේන් සංයෝග විසින් කෙරෙන බලපෑම
සෛලවල ස්වයං ජීරණය හෙවත් ස්වයං විනාශවීමේ ක්‍රියාවලිය(Apoptosis) ආරම්භ වන්නේ ජාන තුළ පූර්වයෙන් සැලසුම්ගත ජීව රසායනික පණිවිඩ සක්‍රිය වීම මගිනි. ග්‍රැෆේන් ඔක්සයිඩ් සහ ඌනිත ග්‍රැෆේන් ඔක්සයිඩ් මීයන්ට ආශ්වාස කිරීමට සලස්වමින් සිදු කරන ලද පරීක්ෂණයකදී ඔවුන්ගේ පෙනහළුවල ඉදිමීමක් නිරීක්ෂණය කළ හැකි විය.එමෙන්ම එයට අතිරේකව සෛල තුළ ස්වයං විනාශකාරි බලපෑමක්ද දක්නට ලැබිණි.මයිටොකොන්ඩ්‍රියාවේ බාහිර පටලයේ පාරගම්‍යතාවයේ වර්ධනය වීමක් දක්නට ලැබුණ අතර එම පටලයේ විභවයේ වෙනසක් සිදුවිය.
ග්‍රැෆේන් ඔක්සයිඩ් විසින් ප්‍රතික්‍රියාශීලි ඔක්සිජන් සංයෝග මගින් සෛල තුළ ක්‍රියාත්මක වන ස්වයං නාශක ක්‍රියාවලියක් (ROS-dependent apoptosis) සක්‍රිය කරයි. එය සිදු වන්නේ සෛල තුළ ඇති ප්‍රෝටීන් ග්‍රාහක සමග සිදුවන සෘජු අන්තර් ක්‍රියා හරහා බී සෛල ලිම්ෆෝමා-2 සක්‍රිය කිරීම මගිනි.
බී සෛල ලිම්ෆෝමා-2 යනු සෛලයක ස්වයං මරණය පාලනය කරන ජාන මගින් සංශ්ලේෂිත ප්‍රෝටීනයකි.එය විසින් සෛලයේ ස්වයං මරණයට හේතුවන සාධක නිෂේධනය කිරීම මගින් හෝ සෛලයේ ස්වයං මරණය ඉක්මන්කරවන සාධක උත්ප්‍රේරණය කිරීම මගින් හෝ සෛලයේ මරණය සිදුවීමේ ක්‍රියාවලිය පාලනය කරයි. ග්‍රැෆේන් ඔක්සයිඩ් මගින් සෛලයේ ස්වයං මරණය උත්ප්‍රේරණය කරයි.
මූලාශ්‍ර
- 1.6m Moderna doses withdrawn in Japan over contamination
- Table 1 Toxicity of GFNs in organs
- COVID VACCINES-Japan to probe links between two deaths and suspended Moderna jabs,
Men in their 30s received shots from same line that produced contaminated batch - Dr John B., Oct 3, 2021 (1/n) A microscopy analysis of a Pfizer-BioNTech #Covidvaccine sample.
- Dr. Carrie Madej Took a Look at the Moderna, Pfizer, and J&J Shot Contents Under a Microscope
- Researchers Rewire the Worm Brain Using Hydra Parts
- Toxic, Metallic Compounds Found in All COVID Vaccine Samples Analyzed by German Scientists
- Coronavirus Spike Protein Activated Natural Immune Response, Damaged Heart Muscle Cells
- Genotoxicity
- What Is Darkfield Microscopy?
- Reduced graphene oxide induces transient blood–brain barrier opening: an in vivo study
- Toxicity of graphene-family nanoparticles: a general review of the origins and mechanisms