මනුකා විජේසිංහ
ලිංගික අනන්‍යතාව යනු කුමක්ද?
විකිපීඩියාවේ සඳහන් වන්නේ “ලිංගික අනන්‍යතාව” වනාහි යමෙකු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ලෙස අවබෝධ කරගැනීම, ස්ත්‍රිත්වය සහ පුරුෂත්වය අතර දෝලනයවීම හෝ ස්ත්‍රියක පුරුෂයෙකුවීමට මුළුමණින්ම පිටස්තර යමක්වීම යන තත්ත්වයන් අවබෝධ කරගැනීමෙහිලා භාවිතවන පුද්ගලික ස්වයං-සංකල්පයක් ලෙසය
විශේෂයෙන්ම පසුගිය වසර කීපය තුළ ලිංගික අනන්‍යතාව වෙත දී ඇති දේශපාලනික, සමාජීය සහ භාෂාමය වැදගත්කම කුමක්වුවද එය ස්වයං අවබෝධයේ මනඃකල්පිත තත්ත්වයකි.එය විද්‍යාව නොවේ. එය දෘෂ්ටිවාදයකි.
ආනුභවික යථාර්ථය තුළ ඇත්තේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයන් දෙකක් පමණි. එසේ වුවද අපගේ රට තුළ පවතින බටහිර ආයතන විසින් ලිංගිකත්ව මතවාදය තුළ පවත්නා යථාර්ථය ප්‍රතික්ෂේප කිරීමේ චාරිත්‍රය පිළිපැදීම සඳහා ළමයින්ට බලකෙරෙමින් පවතිනවා පමණක් නොව ඒවා උගන්වමින් එම අනන්‍යතා නිකායන් වෙත හරවාගැනීමද සිදු කෙරේ. අපගේ ආර්ථික අර්බුදය හේතුවෙන් , මෙම දෘෂ්ටිවාදය අපගේ වචන මාලාව, ආයතනික වාතාවරණය සහ අපගේ දේශපාලන නායකත්වය පවා යටපත් කිරීමට පටන් ගෙන තිබේ.
ධනවත් මවකට හෝ පියෙකුට සිය දරුවා ඇමෙරිකන් හෝ කැනේඩියන් විශ්ව විද්‍යාලයකට යැවීමට අවශ්‍ය නම් ඔවුන් එම දරුවාගේ හෝ දැරියගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයට වෙනස් ලිංගිකත්වයක් සඳහන් කරනවිට එම ඉල්ලුම්පත පිළිගැනීමේ අවස්ථා බෙහෙවින් ඉහළය. සම්භාවනීය විදේශීය විශ්ව විද්‍යාල තවදුරටත් කුසලතා මත පදනම්ව ආසියානු සිසුන් බඳවා ගැනීම සිදු කරන්නේ නැත. ඒ සඳහා යොදා ගැනෙන නිර්ණායකයන් වන්නේ අනුභූතික යථාර්ථය මත පදනම් නොවූ ස්වයං-සංකල්ප තුළට අනුගතවීම සඳහා සිසුවා හෝ සිසුවිය පෙන්වන සුදානමයි.
USAID සංවිධානයේ සිට GTZ, EU දක්වා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන බටහිර සංවිධානද, ඇමෙරිකන්, කැනේඩියන් සහ බටහිර යුරෝපීය තානාපති කාර්යාලද ලිංගිකත්ව දෘෂ්ටිවාදයේ “ශුභාරංචිය” පතුරුවමින් සිටින අතර මෙම දෘෂ්ටිවාදය ව්‍යාප්ත කිරීමෙහිලා ධර්මදූත උද්යෝගයකින් ක්‍රියාත්මකවන බහුවිධ රාජ්‍ය නොවන සංවිධානයන්ට අරමුදල් සපයති. මානව පැවැත්මේ එකම නිශ්චිත දෙය වන ජීව විද්‍යාත්මක ලිංගිකත්වය පිළිබඳව ළමුන්ව අවිනිශ්චිත භාවයක ගිල්වමින් ඔවුන්ව මානසික රෝගීන් බවට පත්කරමින්, ලිංගිකත්වය පිළිබඳ ව්‍යාකූල බව වතුකරයේ පාසල්වල සිට කොළඹ ප්‍රභූ පෙළැන්තියේ පාසල් දක්වා හඳුන්වා දෙමින් පවතී.
මානව හිමිකම් පිළිබඳ වාචාල දෙඩවිලි තුළ උපක්රමශීලි ලෙස අසුරා ඇති මෙම විකාර සහගත මනස්ගාත දේවත්වයේ ලා සලකනු වෙනුවට මේවා ව්‍යාප්ත කරන්නවුන් එසේ කරන්නේ මන්දැයි සොයා බැලීමට අප විසින් කෙදිනක හෝ උත්සාහ කර තිබේද? යථාර්ථය ප්‍රතික්ෂේප කිරීමට දරුවන්ව පොළඹවනු ලබමින් පවතින්නේ මන්ද? යථාර්ථය පිළිගැනීම හේතුවෙන් නින්දා කරන්නේ මන්ද?
සමහර විට, මෑතක් වනතුරුම ආනුභවික යථාර්ථය මත පදනම්වූ සහ එය විසින් නිර්මාණය කරන ලද භාෂාවක් සහ අදහස් දරන්නාවූද, මනුෂ්‍ය සංහතිය ගිල්වා දමමින් පවතින උන්මාදයේ මඩවගුර අර්ථකතනය කරමින් එය නිවැරදි කිරීමට වෑයම් දරන්නාවූද පුද්ගලයන් ව්‍යාකූලත්වයට පත්කිරීම සඳහාම දක්ෂ ලෙස නිර්මාණය කර ඇති වාග්මාලාවන් විසින් අපව ව්‍යාකූල කර තිබෙනවා විය හැකිය.
නිර්-ද්විමය(Non-binary), විවිධත්ව(diverse), පිබිදුණු(Woke), සංක්‍රාන්තික(trans), ලිංගික තරලශීලිත්වය (gender fluidity), ජීව විද්‍යාත්මක ලිංග භේදය පිළිබඳ භ්‍රාන්තිය (gender dysphoria) සහ LGBT, LGBTQ. LGBTQප්ලස් ආදි වශයෙන් මෙම වාග්මාලාවන් තවදුරටත් දිග්ගැස්සෙමින් පවතී. දැන් මේ එකින් එකහඳුනාගැනීමට වෑයම් කරමු.
නිර්-ද්විමය (Non-binary)
මෙම binary නැතහොත් ද්විමය යන වචනය (දැන් අංක පිළිබඳ සිද්ධාන්තය ලෙස හැඳින්වෙන) අංක ගණිතයේ භාවිතාවන වචනයකි. එමගින් වියහැකියාවන් දෙකක් නැතහොත් සම්භාවිතාවන් දෙකක් අංකනය කරනු ලබන ක්‍රමයක් විස්තර කෙරේ. නිදසුනක් ලෙස “ස්ත්‍රී සහ පුරුෂ ” ද්වය දැක්විය හැකිය.මේ අනුව ලිංගිකත්ව දෘෂ්ටිවාදය තුළ “නිර්-ද්විමය” නොවන තත්ත්වයක් යනු ස්ත්‍රී සහ පුරුෂ යන ජීව විද්‍යාත්මක ලිංගිකත්වයන් ප්‍රතික්ෂේප කිරීමය.
ලිංගභේදය පිළිබඳ භ්‍රාන්තිය නැතහොත් ලිංගික ඩිස්ෆෝරියාව/ඩිස්ටෝපියාව ( gender dysphoria/dystopia)
තමන් වෙත උපතින් පැවැරී ඇති ලිංගිකත්වය හේතුවෙන් තමන්ගේ ලිංගික අනන්‍යතාව අහිමිවීම නිසා තමන්ට පීඩාවට පත්ව ඇතැයි යන මානසික තත්ත්වය
විවිධත්වය (diverse)
ස්වීයත්වය පිළිබඳව ස්ත්‍රී සහ පුරුෂ භාවයන් අතර විචලනය වන ලිංගික අනන්‍යතාවන් මෙලෙස හැඳින්වේ. නිර්-ද්විමය(Non-binary) ලිංගික අනන්‍යතාවන් සඳහා සමාන පදයකි.
පිබිදුණු(Woke)
ජීව විද්‍යාත්මක ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන අතර ලිංගික අනන්‍යතාවන්ගේ බහුවිධ ආකාරයන්ගේ පැවැත්ම වෙත තමන් අවදි වූ බවට වන හැඟීම
සංක්‍රාන්තික(Trans)
යමෙකු ඔහු/ඇය වෙත උපතින් හිමිව ඇති ලිංගික අනන්‍යතාවයට වෙනස් ලිංගික අනන්‍යතාවක් පවරාගැනීම
සංක්‍රාන්තික ලිංගික (Transgender)
උපතේදී ඔහුට/ඇයට පවරා ඇති ලිංගිකත්වයට අනුකූල නොවන අයෙකි
ලිංගික තරලශීලිත්වය (gender fluidity)
ස්ථිර ලිංගික අනන්‍යතාවක් රහිත නැතහොත් පවත්නා තත්ත්වයට අනුව කලින් කලට වෙනස්වන සුළු ලිංගික අනන්‍යතාවක් සහිතවීම.(පුරුෂයෙකුට තමන් ස්ත්‍රියක ලෙස හැඟෙන්නේ නම් ද ඔහු තමන්ව ලිංගික තරලශීලිත්වයකින් යුතු පුද්ගලයෙකු සළකා ගනු ලබන්නේ නම්ද ඔහුට ස්ත්‍රීන් සඳහා වෙන්වුණු වෙන් වූ වැසිකිළි, විවේකාගාර ආදි සමාජ පරිසරයන් භාවිතා කළ හැකි යැයි කියනු ලැබේ.) හෞතික විද්‍යාවේදී තරලයක් (fluid) ලෙස හැඳින්වෙන්නේ බාහිර පාරිසරික සාධක මත ස්වකීය ස්වභාවය සහ හැඩය වෙනස්වන සුළු වායු සහ ද්‍රව වැනි ද්‍රව්‍යයන්ය. තරල සාමාන්‍යයෙන් ඒවා බහාලන ලද භාජනයට අනුව සිය බාහිර හැඩය වෙනස්කරගනී.
LGBT –
(Lesbian): ස්ත්‍රී සමලිංගික
(Gay): තමන් අයත්වන ලිංගයටම අයත් පුද්ගලයන් වෙත ලිංගිකව ආකර්ෂණයවන අය
Bisexual: බහුවිධ ලිංගිකත්වයන් (හෝ ලිංගික අනන්‍යතාවන්ට) ආකර්ෂණය වන පුද්ගලයන්
Transgender: සංක්‍රාන්තික ලිංගික:
LGBTQ-
ඉහත LGBT යන ලිංගික අනන්‍යතාවයන් ගොනුවට “Queer” යන්න එකතු කර තිබේ. “Queer” යනුවෙන් අදහස් වන්නේ හුදෙක් විෂමලිංගික පමණක් නොවන ලෙස්බියන්, සමලිංගික, බහු-ලිංගික සංක්‍රාන්තික වැනි සෙසු ලිංගික නැඹුරුතාවන් සහිත පුද්ගලයන්ය. කලක් මෙම වචනය නින්දා කිරීම සඳහා යෙදෙන වචනයක් ලෙස සැළකුණ අතර LGBTQ යනුවෙන් හැඳින්වෙන ප්‍රජාවේ සමහරුන් මෙම වචනය දැන් පිළිගෙන ඇත. (ලිංගිකත්වයන් පිළිබඳ “Queer” න්‍යාය මුලින්ම භාවිතයට පැමිණියේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයන් ප්‍රතික්ෂේප කිරීම සඳහාය.)
LGBTQIA:
ඉහත LGBTQ ලිංගික අනන්‍යතාවයන් ගොනුවට “අන්තර්ලිංගික”(intersex) සහ නිර්ලිංගික (Asexual) යන අනන්‍යතා කාණ්ඩ දෙක එක්කර තිබේ. නිර්ලිංගික(Asexual) යන යෙදුම භාවිතා වන්නේ කිසිදු ලිංගිකත්වයක් කෙරෙහි ලිංගිකව ආකර්ෂණය නොවන පුද්ගලයන් හැඳින්වීම සඳහාය.”අන්තර්ලිංගික”(intersex) යන යෙදුම භාවිතාවන්නේ කවර හෝ ලිංගික ලක්ෂණ කීපයක් උපතින්ම හිමිකර ගන්නා ලද පුද්ගලයන්ය.
LGBTQIA+
‘ධන’ ලකුණ අනන්‍යතාවය තවදුරටත් ප්‍රශ්න කිරීමේ අදහස දක්වයි.
ඉහත දැක්වෙන්නේ කීපයක් පමණි. දෙමව්පියන් මෙම වචන සලාදය හපකරමින් සිටින අතර තවත් වඩාත් භයානක න්‍යාය පත්‍රයක් පෙරට දමමින් තිබේ. එම න්‍යාය පත්‍රය නම් අපගේ දරුවන්ට ඔවුන් යොවුන්වියේ ලිංගික වර්ධනයන් වළක්වන රසායනික සංයෝග (puberty blockers) සහ අනෙකුත් භයානක හෝර්මෝන වර්ග ගැනීම සඳහා පෙළැඹවීමයි.1 මේවා මගින් දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්කරමින් කෙළවරක් නොමැති රෝගවලට ගොදුරු කරයි. ඒ අතරම පියයුරු සහ ප්‍රජනක අවයව කප්පාදු කර ඉවත්කිරීමේ ශල්‍ය කර්මවලට ඔවුන් ගොදුරු කරමින් ඔවුන්ව වන්ධ්‍යාකරණය කරයි.
එතැන් සිට ආපසු ගමනක් නැත. ආපසු හැරවීමක් සිදුකළ නොහැකිය. ලිංගිකත්ව දෘෂ්ටිවාදය වූකලී වෛද්‍ය විද්‍යාත්මක අවස්ථාවාදයක් වන අතර දේශයේ අනාගත මව්පියන් ලිංගික කප්පාදුවට සහ වන්ධ්‍යාකරණයට ලක් කිරීමේ මාර්ගෝපදේශන පත්‍රිකාවද වෙයි.
ලිංගිකත්ව න්‍යායේ ප්රභවය කුමක්ද?
මෙම න්‍යාය ආරම්භ කරන ලද්දේ වෛද්‍ය ජෝන් විලියම් මොනේ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු බැල්ටිමොර්හි පිහිටි ජෝන් හෝප්කින්ස් පර්යේෂණ විශ්ව විද්‍යාලයේ ලිංගික විද්‍යාව පිළිබඳ මහචාර්යවරයෙකි. ජීව විද්‍යාත්මක ලිංගභේදය වෙනුවට “ලිංගිකත්වය” ආදේශ කළ පළමුවැන්නා ඔහු විය. කිසිදු අනුභූතික සාක්ෂියක් ඉදිරිපත් කිරීමකින් තොරවම ඔහු ලිංගිකත්වය වනාහි පුද්ගලයා හැදෙන වැඩෙන පරිසරය අනුව තීරණය වන සමාජමය නිර්මිතියක්ය යන න්‍යාය ප්‍රකාශයට පත් කළේය.මානව වර්ගයාගේ ස්ත්‍රී සහ පුරුෂ චර්යාවන් තීරණය වන සාධකය “ස්වභාව ධර්මය” නොව “ශික්ෂණය” බව ඔහු ප්‍රකාශ කළේය.
මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු තදාසන්න කාලයේදී සිදු විය. ඇමෙරිකා එක්සත් ජනපදය පශ්චාත් යුද සමයේදී විජයග්‍රාහි සහ සර්වබලධාරි ලෙස ඉස්මතුවීම හේතුවෙන් එහි විද්‍යාඥයන්ට ඕනෑම මිථ්‍යාවක් සත්‍යය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ වරප්‍රසාදය හිමි විය. වෛද්‍ය මොනේ වූකලී තමන්ගේ උපකල්පිත ලිංගිකත්ව න්‍යාය පරම සත්‍යයක් ලෙස එක් පරම්පරාවක වෛද්‍ය ශිෂ්‍ය පරම්පරාවට උගන්වන ලද එවැනි “දේවත්වයේ ලා සැලකුණ” විද්‍යාඥයන් අතර එක් අයෙකුවිය. එම න්‍යාය නම් ලිංගික චර්යාවන්ගේ පදනම සාධකය “ස්වභාව ධර්මය” නොව “ශික්ෂණය” වේ, යන්නයි.
උපාධි අපේක්ෂක තරුණ ශිෂ්‍යයෙකු වූ මිල්ටන් ඩයමන්ඩ් වෛද්‍ය මොනේගේ මෙම න්‍යායට අභියෝග කළේය. නමුත් සර්ව බලධාරි වෛද්‍ය ජෝන් මොනේ සමග සටන් කිරීමට තරම් පසුබිමක් මෙම තරුණ සිසුවාට නොමැතිවූයෙන් ඔහුගේ හඬ කෙටිකලකින්ම ආසන්න ඉතිහාසය තුළ වළලා දමන ලදි. මේ අතර වෛද්‍ය විද්‍යා විෂය පොත් ජෝන් මොනේගේ න්‍යායයෙන් පුරවා දමන ලද අතර අභ්‍යන්තර ලිංගික අවයව සාමාන්‍ය පරිදි පිහිටා ඇති නමුත් බාහිර අවයව ද්විලිංගික ස්වරූපයක් ගත් පිරිමි දරුවන්ගේ එම අවයව කප්පාදුකරන ලදි. මෙම අවයව එලෙස පිහිටා තිබීම ඔවුන් පියවරුන් බවට පත්වීම වළකාලන හේතුවක් නොවීය.
එම යුගය ස්ත්රිවාදයේ උපරිම නැගීම සිදු වූ යුගය විය. එහෙයින් මොනේගේ න්‍යාය සහ උද්යෝගිමත් ස්ත්‍රිවාදය මත පදනම්ව පිරිමි බිළිඳුන්ගේ ලිංගික අවයව කප්පාදු කෙරිණි. එහෙත් සිය න්‍යාය තහවුරු කරන එකදු පර්යේෂණාත්මක අධ්‍යයනයක් මොනේ විසින් සිදු කර නොතිබිණි.
ජෝන් මොනේගේ බිහිසුණු වෛද්‍ය විද්‍යාත්මක අත්හදා බැලීම: බෘස් රයිමර් ඛෙදවාචකය
60 දශකයේ මැද භාගයේදී මොනේට “ලොතරැයියක් ඇදිණි. 1965 දී කැනඩාවේ විනිපෙග් සිට පැමිණි තරුණියකට සෞඛ්‍ය සම්පන්න පිරිමි දරුවන් දෙදෙනෙකු ලැබිණි. ඔවුන්ව බෘස් සහ බ්‍රයන් රයිමර් යනුවෙන් නම් කරන ලදි.මෙම බිළිඳුන් දෙදෙනා මුත්‍රා පහකිරීමේ අපහසුතාවන්ගෙන් පෙළුණ අතර ඔවුන්ගේ වයස මාස 8 ක් විට ඔවුන්ව සුන්නත් කරන ලෙසට උපදෙස් ලැබිනි.ශල්‍යකර්මයේදී භාවිතා කළ විද්‍යුත් දහන යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් බෘස් නම් දරුවාගේ ශිෂ්ණය දැඩි ලෙස පිලිස්සීම හේතුවෙන් ඔහුට එය අහිමි විය. දරුවාට ප්‍රතිකාර කරගත නොහැකිව මෙම තරුණ මව දැඩි අසරණ බවට පත් වූ අතර වෛද්‍ය බලධාරින්ගෙන් කිසිදු උපකාරයක් නොලැබිණි. අපේක්ෂා භංගත්වයෙන් කල් ගෙවමින් සිටින අතර එක් දිනෙක ඇයට වෛද්‍ය මොනේ පෙනී සිටි රූපවාහිනි වැඩ සටහනක් දක්නට ලැබිණි. එම වැඩ සටහන තුළදී මොනේ ලිංගිකත්වය තීරණය වන්නේ “ශික්ෂණය” අනුව මිසක “ස්වභාව ධර්මය” අනුව නොවන බවට වූ සිය න්‍යාය දැඩි අවධාරණයකින් යුතුව ප්‍රකාශ කළේය. බැල්ටිමෝර්හි ජෝන් හෝප්කින්ස් විද්‍යාලයට දුරකතන ඇමතුමක් ගත් ඇය වෛද්‍ය මොනේ හමුවීම සඳහා අවස්ථාවක් වෙන් කර ගත්තාය.
මෙය තමන්ගේ න්‍යාය ඔප්පුකිරීම සඳහා වෛද්‍ය මොනේ ලද දුර්ලභ අවස්ථාවක් වූ අතර ඔහු එය උපරිම ලෙස භාවිතා කිරීමට අදහස් කළේය. ඔහු දරුවන්වගේ මව වූ රයිමර් මහත්මිය වෙත ප්‍රකාශ කළේ තමන් ඇගේ දරුවන් භාරගන්නේ ඇය කොන්දේසි 2ක් ඉටුකිරීමට කැමැති නම් පමණක් බවය. ඉන් පළමු වැන්න වූයේ අනතුරට පත් බෘස් දරුවාහට සිය ජීව විද්‍යාත්මක ලිංගිකත්වය ගැන කිසිවක් දැන ගැනීමට ඉඩ නොතැබිය යුතු බවය. එම දරුවාට ගැහැණු ලමුන්ගේ ඇඳුම් පමණක් ඇන්දවිය යුතු බව සහ ගැහැණු ළමුන්ගේ සෙල්ලම් බඩු සමග පමණක් ක්‍රීඩා කිරීමට ඉඩ දිය යුතු බවය.
දරුවන්ගේ මව, රයිමර් මහත්මිය මීට එකඟ වූවාය. ඒ අනුව බෘස් දරුවාගේ වෘෂණ කෝෂ ඉවත් කරමින් බාහිරව ලිංගික වශයෙන් කප්පාදුවකට ලක් කෙරිණි. අනතුරුව ඇයට බ්‍රෙන්ඩා යන ස්ත්‍රී නම යොදන ලදි. ඉන් පසුව මව සහ දරුවන් නැවැත විනිපෙග් වෙත පෙරළා පැමිණි අතර නිවුන් දරුවන්ව වසරකට වරක් වෛද්‍ය මොනේ හමුවී පරීක්ෂාවට ලක් කළයුතු විය.
වෛද්‍ය මොනේ සමග වූ වාර්ෂික හමුවීම් විසින් තහවුරු කරන ලද්දේ බ්‍රෙන්ඩා ලෙසින් ජීවත්වීම බෘස්ට නොගැලපෙන්නක් වූ බවය. බෘස් දරුවා ජීවත් වූයේ විශාල අසතුටකිනි. නමුත් එම කරුණ වෛද්‍ය මොනේ විසින් නොසළකා හරින ලදි. ඔහු බෘස් යොදාගනිමින් සිදු කරන ලද මෙම අත්හදා බැලීම ගැන නිකුත් කරන ලද විද්‍යාත්මක අධ්‍යයන පත්‍රිකාවේ බ්‍රෙන්ඩා සහ බ්‍රයන්ව හඳුන්වා තිබුණේ “ජෝන් සහ ජෝආන්” යනුවෙනි. එම පත්‍රිකාව තුළ ” ක්‍රියාශීලි කුඩා දැරිය අතිශය සාමාන්‍ය වන අතර ඇයගේ නිවුන් සොයුරාට වඩා බෙහෙවින් වෙනස්ය” යනුවෙන්ද සඳහන් කර තිබේ.
නමුත් එය එසේ නොවීය. “බ්‍රෙන්ඩා” ලෙසින් නම් කරන ලද බෘස් සිය නිවුන් සොයුරා වූ බ්‍රයන්ගෙන් වෙනස් නොවීය. “ඇය” බ්‍රයන් කළ සියලුම දේ කළාය. “ඇය” බ්‍රයන් මෙන් පිරිමි ළමුන්ගේ ඇඳුම් ඇඳීමට ඇලුම් කළ අතර මූත්‍රා කිරීම සිදු කළේ ඔහු මෙන් සිටගෙනය. “බ්‍රෙන්ඩා” තමා පිරිමි ළමයෙකුය යන හැඟීමෙන් හැසිරුණ අතර පහර දුන්නේද පිරිමි ළමයෙකු මෙනි. ඔවුන්ගේ අසල්වැසි ප්‍රජාව තුළ “බ්‍රෙන්ඩා” හඳුන්වන ලද්දේ “ගුහා දැරිය” ලෙසය.
දරුවන්ගේ මව වූ රයිමර් මහත්මිය මේ සියල්ල වෛද්‍ය මොනේ වෙත පැවසුවාය. එමෙන්ම බ්‍රෙන්ඩා දැඩි මානසික ආතතියකින් කල් ගෙවන බවත් සිය දිවිනසාගැනීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ඇය වෛද්‍ය මොනේ වෙත පවසා තිබේ. නමුත් ඔහු රයිමර් මහත්මිය නොතකා හරිමින් දිගින් දිගටම සිය පර්යේෂණයේ සාර්ථකත්වය පිළිබඳව විද්‍යාත්මක පත්‍රිකා තුළ බොරු ලීවේය. ඒ අනුව ඔහුගේ බහුල විද්‍යාත්මක ප්‍රකාශන හරහා “ස්වභාවධර්මය නොව ශික්ෂණය” යන්න වෛද්‍ය ප්‍රජාව සඳහා ඇදහීමේ මූලධර්මය බවට පත් විය. තවමත් එම තත්ත්වය එසේම පවතී.
බ්‍රෙන්ඩා යළි බෘස් රයිමර් බවට පත්වීම: ප්රබන්ධයෙන් යථාර්ථයට
අවසානයේදී තමාගේ වයස අවරුදු 14 වනවිට “බ්‍රෙන්ඩා” නැතහොත් බෘස් වෛද්‍ය මොනේ හමුවීමට යාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. “බ්‍රෙන්ඩාගේ” දෙමව්පියන් විසින් මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව “බ්‍රෙන්ඩාට” “ඇයගේ” උපත පිළිබඳව සත්‍යය පවසන ලදි.
සත්‍යය දැනගැනීමෙන් “බ්‍රෙන්ඩා” ඉමහත් අස්වැසිල්ලක් ලැබුවාය. ඇය වහාම නැවතත් පිරිමි දරුවෙකු ලෙස හැසිරීමට පටන් ගත්තාය. එමෙන්ම තමාව ඩේවිඩ් ලෙසින් හඳුන්වාගත්තේය (වෛද්‍ය විද්‍යාවේ ගොලායත්ට එරෙහිව ඩේවිඩ්). බිළිඳු කළ ශල්‍යකර්මයක් වැරදීම හේතුවෙන් ශිෂ්ණය අහිමිවීමද, වෛද්‍ය මොනේ ඔහුව ගැහැණු ළමයෙකු කිරීමට ගත් උත්සාහයේදී සිදු කළ වෘෂණ කෝෂ කප්පාදුවද හේතුවෙන් ඔහුට කිසි දිනෙක පියෙකු බවට පත්වීමට නොහැකි වුව ද ඔහු ස්ත්‍රියක සමග ප්‍රෙම සම්බන්ධතාවක් ඇති කරගත්තේය. එම ස්ත්‍රිය ඇගේ කලින් විවාහයේ දරුවන් දෙදෙනෙකු සිටි මවකි. කෲර විද්‍යාත්මක පර්යේෂණයකට ගොදුරුවීම හේතුවෙන් මානසික සහ කායික වශයෙන් පීඩා වින්දද ඔහු පුරුෂයෙකු ලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගත්තේය.
මේ අතර රයිමර් නිවුන්නුන් තවදුරටත් වෛද්‍ය මොනේගේ පර්යේෂණයට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුගේ “සාර්ථක පර්යේෂණය” පිළිබඳව ලිපි පළවීම හදිසියේම නතර විය. වෛද්‍ය ලෝකය තවදුරටත් ඒ පිළිබඳව කරදර වූයේ නැත. නමුත් මෙයට පෙර සඳහන් කළ වෛද්‍ය ශිෂ්‍යයා වූ මිල්ටන් ඩයමන්ඩ් ඒ වනවිට හවායි හි වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටි අතර වෛද්‍ය මොනේගේ”ජෝන් සහ ජොආන්” පිළිබඳ ලිපි තවදුරටත් පළ නොවන්නේ මන්දැයි සොයා බැලීමට ඔහු උත්සාහ කළේය. බෘස් සහ බ්‍රයන් යන නිවුන්නුන් දෙදෙනා ගැන සොයා බැලූ ඔහුට ඔවුන් කැනඩාවේ විනිපෙග් හි සිටින බව දැනගන්නට ලැබිණි. එහිදී මිල්ටන් ඩයමන්ඩ් විසින් ජෝන් මොනේගේ සිද්ධන්තයේ ප්‍රෝඩාව සහ එය විසින් සිදුකරන ලද විනාශය දැනගැනීමට ලැබිණි. එම විනාශයට ගොදුරුව තිබුණේ පර්යේෂණයේ සෘජු ගොදුර බවට පත් බෘස් රයිමර් පමණක් නෙවේත සමස්ත රයිමර් පවුලම එමගින් මහත් විනාශයකට ගොදුරු වී තිබිණි. දෙමව්පියන් දැඩි පසුතැවිල්ලකින් කම්පනයට පත්ව සිටි අතර අනෙක් නිවුන් සොයුරා වූ බ්‍රයන් වෙත දෙමව්පියන්ගේ අවධානය මඳවීම හේතුවෙන් මුහුණ දුන් මානසික ගැටළුවලට ගොදුරු වී සිටියේය. වසර 14ක් තිස්සේ කෲර වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්වීමට සිදුවීම කම්පනයෙන් ඩේවිඩ් (බෘස්) තවමත් පීඩා වින්දේය වෛද්‍ය මිල්ටන් ඩයමන්ඩ් මෙම ඛෙදවාචකය එක්සත් ජනපදයේ ජනප්‍රිය සඟරාවක් මගින් හෙළිදරවු කළේය. මෙම පුවත දැකීමෙන් පසු කැනේඩියානු ජනමාධ්‍යවේදියෙකු වූ ජෝන් කොලපින්ටෝ, වෛද්‍ය මිල්ටන් ඩයමන්ඩ් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව “සොබා දහම ඔහුව නිමවූ අයුරින්”(As Nature Made Him) නම් පොතක් ලීවේය. එය එක් දරුවෙකුට පමණක් අත් වූ ශෝකී ඉරණමක් නොවීය. එය සර්ව බලධාරි දෙවිවරුන් මෙන් හැසිරෙමින් මිනිස් වර්ගයාගේ ඉරණම පාලනය කිරීමට උත්සාහ දරන බටහිර වෛද්‍ය සංස්ථාපිතය විසින් තවත් එක් සමස්ත පවුලකටම අත්කරදුන් ශෝකාන්තයක් වූ අතර එවැනි දේ තවදුරටත් සිදුවෙමින් පවතී.
ලිංගිකත්ව න්‍යාය ව්‍යාජයකි.
ලිංගිකත්වය ප්‍රතිජානනය නැතහොත් තහවුරු කිරීම (Gender affirmation) අපගේ ළමුන් මත සිදුකරන අත්හදා බැලීමකි. ශ්‍රී ලංකා මනෝ චිකිත්සක සංගමයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අංගොඩ “නවෝද්‍යා” වැනි ශ්‍රී ලංකාවේ මනෝචිකිත්සක සංගම්ද, සැබෑ ලිංගික ඩිස්ෆෝරියාව (ලිංග භේදය පිළිබඳ මනෝ භ්‍රාන්තිය) සහ සමාජමය වේදිකාවන්ගේ බලපෑම මගින් ඇති කරන ඩිස්ෆෝරියාව හෝ පවුලේ ආතතීන් විසින් ඇති කරන ලිංගික ඩිස්ෆෝරියා තත්ත්වයන් අතර පවත්නා වෙනස හඳුනාගැනීමට උත්සාහ කිරීම වෙනුවට ලිංගිකත්වය තහවුරු කිරීමේ න්යායපත්රය හෝ වන්ධ්‍යාකරණයට හේතුවන “ඖෂධ”, ඒවායේ දීර්ඝකාලීන බලපෑම් පිළිබඳ කිසිදු ඇගයීමකින් තොරව ඒවා ප්‍රවර්ධනය කරනු ලබයි.
ඇගයීමක් සිදු කරන බවට කෙරෙන ප්‍රකාශ කුමක් වුවද, ශ්‍රී ලංකාවේ අංගොඩ පවත්වාගෙන යන “නවෝද්‍යා” ලිංගිකත්ව ඩිස්ෆෝරියාව පිළිබඳ සේවාවන් විසින් ලිංගිකත්ව ඩිස්ෆෝරියාව මතුවීමට බලපාන සාධක පිළිබඳව කිසිදු ඇගයීමක් හෝ අවබෝධයක් නැතිවම, තමන් වෙත මනෝ චිකිත්සක සංගමය විසින් බල කරනු ලබන අනතුරුදායක ප්‍රතිකාර ප්‍රොටෝකෝලයන් නිර්දේශ කරති. එම මනෝචිකිත්සක සංගමයේ සභාපතිවරයා ඖෂධ සමාගම්වල අවශ්‍යතාවන් ඉටුකරන කණ්ඩායම් විසින් දිනාගෙන ඇතිබව පෙනී යයි.
ඉතාම කෙටි කලක් තුළ භයානක හෝර්මෝන ප්‍රතිකාර ආරම්භ කර තිබේ. ඉන් පසුව ශල්‍යකර්ම පිළිබඳ උපදේශනය සඳහා යොමු කෙරෙන අතර අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ 01-34/2016 DGHS චක්‍රලේඛයට අනුව නිකුත් කරනු ලබන අනතුරුව ලිංගිකත්වය හඳුනාගැනීමේ සහතික පත්‍රය (H1257) මගින් නව ලිංගිකත්ව අනන්‍යතාවක් පිරිනැමේ.
ලිංගිකත්ව ඩිස්ෆෝරියාව මනෝවිද්‍යාත්මක තත්ත්වයකි.
එයට ප්‍රතිකාර කළ යුත්තේ උපදේශනය සැපයීම මගිනි. වැරදි ලෙසින් හඳුන්වනු ලබන “ලිංගිකත්වය තහවුරු කිරීම” මගින් නොවේ. මෙම”තහවුරු කිරීම” නම් සාවද්‍ය යෙදුම අරමුණු සහගත සාපරාධි ක්‍රියාවකි. “ලිංගිකත්වය තහවුරු කිරීම” යටතේ සඟවා ඇති ප්‍රොටෝකෝලය මගින් යෞවන දේහයක සාමාන්‍ය සංවර්ධනය විනාශ කරනු ලබයි. ඒ මගින්, ස්ත්‍රී ශරීරයක් සතුව පවතින කිරිදීමේ හැකියාව, ගැබ්ගැනීමේ හැකියාව සහ ප්‍රජනන ඉන්ද්රියයන් කප්පාදු කිරීමට නිර්දේශ කරනු ලබයි. එපමණක් නොව ඉන් අනතුරුව මුළුමහත් ජීවිත කාලය පුරාම හෝර්මෝන ගැනීමටද නිර්දේශ කෙරේ. මෙම හෝර්මෝන මගින්, අස්ථිවල ඝනත්වය අඩු කිරීම, හෘදයාබාධ, පිළිකා, මානසික අවපීඩනය, දියවැඩියාව, ලේ කැටිති ඇතිවීම, ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, හදිසි ආබාධ, වඳ බව, ආක්රමණශීලිත්වය, දිවිනසාගැනීමේ පෙළැඹුම ආදි රෝගී තත්ත්වයන් ඇතිකරනු ලබයි. ඉහත සඳහන්ව ඇත්තේ ඒවායේ හානිකර ප්‍රතිඵල කීපයක් පමණි. “ලිංගිකත්වය තහවුරු කිරීම” මගින් ස්ත්‍රියක් පුරුෂයෙකු බවට පත් කිරීමටත් පුරුෂයෙකු ස්ත්‍රියක බවට පත්කිරීමටත් නොහැකිය. එයට කළ හැක්කේ නිරෝගී පුද්ගලයෙකු නිදන්ගත රෝගියෙකු බවට පත්කිරීමටත් අකාලයේ මරණයට පත්වීමට සැලැස්වීමත් පමණි.
ශ්‍රී ලංකාව “ලිංගිකත්වය තහවුරු කිරීමේ” ක්‍රියාදාමය ආරම්භ කරද්දි මෑතකාලයේදී බොහෝ රටවල් එය නවත්වා දමා ඇත. අපගේ ආර්ථිකය බිඳ වැට්ටවීමෙන් පසු අපේ රටේ ස්ත්රීන්ට “ස්ත්‍රී සවිබල ගැන්වීම” ඉගැන්වීම සඳහා වන එක්සත් ජාතින්ගේ වැඩ සටහන්වල නියෝජිතවරියන් ගම්බිම්,නගර වතුකරය සහ මුහුදුකරය පුරා සැරි සැරීමේ වසංගතයක් ආරම්භ විය. සත්‍රියක අගමැති තනතුරට පත් ලෝකයේ පළමු රට ලංකාව වන අතර කවුරුන් විසින් කවුරුන් සවිබලගැන්විය යුතුදැයි සලකා බැලිමට අපට ඉඩ දිය යුතුය. නමුත් ස්ත්‍රීන් පිළිබඳ මේ සියලු වාගාලාපයන්ට යටින් ඇත්තේ ලිංගිකත්ව දෘෂ්ටිවාදයේම ලබ්ධියකි. අපගේ සමාජය තුළ මවුවරුන් ලෙස ස්ත්‍රීන් කෙරෙහි ඇති විශ්වාසය උපයෝගි කරගනිමින් අපගේ ළමයින්ව ව්‍යාකූලත්වයට පත් කිරීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ස්ත්‍රීන්ව යොදාගනු ලබයි බ්‍රිතාන්‍ය විසින් ළමුන්ව ලිංගිකව සංක්‍රාන්තිකරණය මෑතකදී නවතා දමන ලදි. ස්වීඩනය “ලිංගිකත්වය තහවුරු කිරීමේ” ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූවා පමණක් නොව “සංක්‍රාන්තික දරුවන්ගේ ආපසු හැරීම” නම් විශිෂ්ට වාර්තා චිත්‍රපටයක්ද( U-Turn on trans kids) නිර්මාණය කරන ලදි. “ලිංගිකත්වය තහවුරු කිරීමේ” ක්රියාදාමයේ ගොදුරක් බවට පත් එක් දරුවෙකු එම චිත්‍රපටය තුළදී මෙසේ පවසයි.” ඔවුන් මට සැලකුවේ විද්‍යාගාර මීයෙකු ලෙසටය. සෞඛ්‍ය සේවා ක්‍රමයට කිසිම අදහසක් නැති අතර මෙම ක්‍රියාදාමයට කිසිදු විද්‍යාත්මක පදනමක් ද නැත. තම සම්පූර්ණ ජීවිතකාලයම තමුන් ඉදිරියේ ඇති ඉතිරිව ඇති තරුණ ජනතාව මත ඔවුන් අත්හදා බැලීම් සිදු කරති. මේ තත්ත්වය විසින් මාව කොපාවිෂ්ට කර තිබේ. ඔවුන් ගේ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම වගකීම් විරහිතය.”
එය මේ තරම් දුරක් ගෙන යාමට ඔවුන් සමත්වූයේ කෙලෙසද?
“ලිංගිකත්වය තහවුරු කිරීමේ” ආක්‍රමණයන් ඇගයීමකට ලක්කර ඇත්තේ ” ඩච් ප්‍රොටෝකෝලය (නෙදර්ලන්ත ප්‍රොටෝකෝලය)” නමින් හැඳින්වෙන එක් තනි අධ්‍යයනයක් විසිනි. එය සිදුකර ඇත්තේ මෙයට වසර 20කට පෙරය. මෙය ඇම්ස්ටර්ඩෑම් ප්‍රදේශයේ ලිංගිකත්ව ඩිස්ෆෝරියාවෙන් (ස්වකීය ජීව විද්‍යාත්මක ලිංගිකත්වය කෙරෙහි අපහසුතාවකින් පසුවීම) පීඩා විඳි ළමුන් 1766 කණ්ඩායමක් යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයක් විය.
නෙදර්ලන්ත ප්‍රොටෝකෝලය ප්‍රකාශයට පත් කිරීමට පෙර, ලිංගිකත්වය වෙනස් කිරීමේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරන ලද්දේ මල්වර/ගැටවර වීමෙන් පසුව නැතහොත් වැඩිවිය පැමිණීමෙන් පසුවද ප්‍රතිකාර වලින් පලක් නොවූ විට පමණි. නෙදර්ලන්ත ප්‍රොටෝකෝලය බිහිවූයේ මල්වර වීමට පෙර ලිංගික සංක්‍රාන්තිය සිදුවන්නේ නම් එය වඩා හොඳින් සාර්ථක විය හැකිය යන අදහස මතය. ඇම්ස්ටර්ඩෑම් ප්‍රදේශයෙන් ලිංගිකත්ව ඩිස්ෆෝරියාව සහිත ළමුන් 1776ක් තෝරා ගැනිනි. තියුණු ඇගයීමකින් පසුව එම ළමුන්ගෙන් විශාල පිරිසකගේ අසහනකාරි මානසික තත්ත්වයන් කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධකය ලිංගිකත්ව ඩිස්ෆෝරියාව නොවන බව නිගමනය කළ අතර ඔවුන්ව එකී පර්යේෂණයෙන් ඉවත් කරනු ලැබිණි. ප්‍රාථමික ළමා අවදියේ සිටම තදබල ඩිස්ෆෝරියා තත්ත්වයෙන් පෙළුන ළමුන් පමණක් අධ්‍යයනය සඳහා යොදා ගැනිණි.
අවාසනාවකට මෙන් අද සිදුවන්නේ එය නොවේ. වර්තමානයේදී, “ලිංගිකත්වය තහවුරුකිරීම” සඳහා යොමු කෙරෙන ළමුන් සමස්ත ජීවිතය පුරාම ලිංගිකත්ව ඩිස්ෆෝරියාවෙන් පෙළෙන්නවුන් නොවේ. ඔවුන්ට බලපා ඇත්තේ, සම වයසේ ළමුන්ගෙන් එල්ලවන බලපෑම, අනන්‍යතා දේශපාලන ක්රියාකාරිකවාදය(Woke activism), සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගේ ප්‍රචාර සහ එක්සත් ජනපද ප්‍රකෝටිපති දානපතියන් විසින් ඔවුන්ගේ සාපරාධී අරමුණු, විවිධ ජාත්‍යන්තර සංවිධාන හරහා ක්‍රියාත්මක කරවමින් නිර්-සාපරාධීකරණය කිරීම වැනි සමාජ යුක්තිය පිළිබඳ ධජවලින් ඔතා අප වෙත ඉදිරිපත් කරන අතාර්කික සහ හැඟීම්බර ආයාචනාවන්ද ආදියයි. ප්රචාරක මාධ්‍යයන් ක්‍රියාත්මක වන්නේ එලෙසය.
“ලිංගිකත්වය තහවුරු කිරීමේ” ව්‍යාපාරය ජනගහණ පාලනයේ උපක්රමයක්ද?
“සංක්‍රාන්තික ජාතිය(Transnation)” කෘතිය රචනා කරන ලද මනෝචිකිත්සක වෛද්‍ය මිරියාම් ග්‍රොස්මාන්, මෙසේ පවසා තිබේ.” මෙයට පෙර මා වෙත උපදෙස් ලබාගැනීම සඳහා පැමිණි දෙමව්පියන් බිය වූයේ ඔවුන්ගේ දරුවන්ට හර්පීස් හෝ ගොනෝරියා වැනි සමාජ රෝග වැළඳී ඇතැයි යනුවෙනි. නමුත් දැන් පැමිණෙන දෙමව්පියන් බය වන්නේ දැරියන් සිය පියයුරු කප්පාදු කර රැවුළ වැවීමට තැත් දරනු ඇතැයි යන්න පිළිබඳවය.”
පවත්නා දත්ත මගින් හෙළිවන්නේ සංක්‍රාන්තිකරණය සඳහා පිරිමි ළමුන්ට වඩා දැරියන් නැඹුරුතාවක් දක්වන බවයි. දැරියන් දුර්වලය යනුවෙන් ප්‍රකාශ කරනු වෙනුවට කළ යුතුව ඇත්තේ දැරියන්ව ඉලක්ක කර ඇත්තේ මන්දැයි යන්න පිළිබඳව සිතා බැලීම නොවේද?
කොවිඩ්-19 mRNA එන්නත් හේතුවෙන් තරුණ ස්ත්රීන්ගේ ඔසප්වීම් නතරවීම සහ එමගින් ඔවුන් ආර්ථවහරණයට සහ වඳභාවයට ගොදුරු වීම පිළිබඳ සිදුවීම් සහ “ලිංගිකත්වය තහවුරුකිරීමේ ප්‍රතිකාර” අතර සමාන්තර භාවයක් අපට ඇතැම්විට සළකුණු කළ හැකිය. කොවිඩ්-19 mRNA එන්නත් නිෂ්පාදනය කළ ෆයිසර් සමාගම එම එන්නත් නිකුත් කිරීමට පෙර ඔවුන්ගේ සායනික අත්හදාබැලීම්වලදීම මේ තත්ත්වය දැන සිටි බව එම සමාගමට උසාවි නියෝගයක් මත දැන් මුදාහැරීමට සිදුව ඇති “ෆයිසර් වාර්තා” මගින් හෙලි වී තිබේ. නමුත් අපි අපගේ පාසල් ශිෂ්‍ය පරපුරම එම mRNA තාක්ෂණයට නිපදවන ලද එන්නත් මගින් එන්නත්කරණයට ගොදුරු කරවා ඇත්තෙමු. මෙම එන්නත් මගින් දැනටමත් උපත් අනුපාතයන් අඩුකර තිබේ. මෙම ලිංගිකත්ව දෘෂ්ටිවාදි ව්‍යාපාරය මගින් අපට දරු උපත් සිදුවීම තවදුරටත් අඩුකිරීමට අවශ්‍යව තිබේද?
හෙන්රි කිසිංජර්ගේ 1974 ජාතික ආරක්ෂාව පිළිබඳ ලේඛනය
<1974 දී එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් විසින් ලියන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ලේඛනයෙහි (National Security Study Memorandum-NSSM 200) මෙසේ සඳහන් වේ.
“එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ඉහළම ප්‍රමුඛතාව අනෙකුත් රටවල ජනගහණය අඩු කිරීමයි.වැඩි වන ජනගහණය ඉතා පහසුවෙන් නීත්‍යානුකූල රාජ්‍ය ආයතනවල හෝ “”ස්ථාපිත ක්‍රමයට “,”අධිරාජ්‍යවාදයට” සහ “බහුජාතික සමාගම්වලට”අයත් දේපොළවලට පහරදීම සඳහා යොමු කළ හැකිය.”
“එක්සත් ජනපද ආර්ථිකයට අඩු සංවර්ධිත රටවලින් විශාල වශයෙන් ඛනිජ සම්පත් අවශ්‍ය වනු ඇත.මෙම කරුණ විසින් සැපයුම් රටවල දේශපාලනික ආර්ථික සහ සමාජ ස්ථාවරභාවය ගැන එක්සත් ජනපදය තුළ විශේෂ උනන්දුවක් ඇති කරයි. ජනගහණ වර්ධනය පාලනය කිරීමට හැකි උපත් අනුපාතිකයක් පවත්වාගෙන යන තැන්වල එවැනි ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කළ හැකිය. ජනගහණ ප්‍රතිපත්තිය එක්සත් ජනපදයේ සම්පත් සැපයුම සහ ආර්ථික උවමනාවන්ට අදාළ වේ. ”
“ජනගහණ පාලනයට සහායවීමේදී ප්‍රාථමික අවධානය දිය යුතුව ඇත්තේ ඉතා වේගයෙන් වර්ධනය වෙමින් සහ සංවර්ධනය වෙමින් පවතින සහ එක්සත් ජනපදයේ දේශපාලනික සහ උපායමාර්ගික අවශ්‍යතාවන් සඳහා වැදගත් රටවල් කෙරෙහිය. මෙම රටවල් නම් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, නයිජීරියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, පිලිපීනය, තායිලන්තය, ඊජිප්තුව, තුර්කිය, ඉතියෝපියාව, සහ කොලොම්බියාවයි.
“රටවල් 80ක් තුළ විවිධ ව්‍යාපෘතින් දියත් කර ඇති එක්සත් ජාතින්ගේ ජනගහණ අරමුදල වැනි බහුපාර්ශ්වික සංවිධාන වලට මේ සඳහා එක්සත් ජනපදයේ ආධාර ලබාදීම ඉහළ නැංවීම කෙරෙහි එක්සත් ජනපදයේ අවධානය යොමු ව ඇත.මෙය එක්සත් ජාතින්ගේ දේශපාලන අවශ්‍යතාවන්ට මෙන්ම එක්සත් ජනපදයේ උවමනාවන්ටද ගැලපෙයි.”
බටහිර සුසමාදර්ශයන් ගිල දමනු වෙනුවට මෙම මෘදු වාගාලාපයන්ගෙන් සැඟවුණ අරමුණ වී ඇත්තේ අපගේ මානව ජනගහණය අඩුකිරීම සඳහාවන පාපී සැලසුමක්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු නොවේද? එය එසේ නම් එය කිරීම සඳහා වඩාත් හොඳම ක්‍රමය අනාගත මවුවරුන්ගේ ප්‍රජනන පද්ධතිය විනාශ කිරීම නොවේද? මේ පිළිබඳව අපගේ අවධානය යොමු කරන අතරම, මෙයට කලෙකට පෙර “පවුල් සැලසුම්කරණය” යන ආකර්ෂණීය සටන්පාඨය යටතේ වන්ධ්‍යාකරණ ව්‍යාපාරයක් දියත් කරන ලද්දේද මේ එකම පිරිස බව අප විසින් යලි සිහියට නගා ගැනීමද වැදගත් වනු ඇත.
ස්ත්‍රී වන්ධ්යාකරණයේ සැබෑ චුදිතයන් සඟවමින් මුස්ලිම්වරුට චෝදනා කිරීම
මුස්ලිම් වෛද්‍යවරුන් විසින් සිංහල ස්ත්‍රීන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සඳහා වඳ පෙති ලබා දුන් බවට චෝදනා කිරීමට අපි කැමැතිය (මෙම බොරුව ප්‍රචාරය වූයේ රාජපක්ෂ පාලන සමයේදීය). මුස්ලිම්වරු අපගේ සතුරෝ නොවෙති. ඔවුහු අපගේ සහෝදර රටවැසියෝ වෙති. නමුත් අපරාධකරුවන් වන්දනාමාන කිරීම සහ නිර්දෝෂි අහිංසකයන්ට චෝදනා කිරීම අප තුළ චිරාත්කාලයක් සිට පැවැත එන පුරුද්දකි. නිදහස ලබාගත් දින සිටම අපගේ රටේ ජනගහණය අඩුකිරීමට සැලසුම් කළ පිරිසක් වෙති. නමුත් නිසැකවම ඒ මුස්ලිම්වරුනම් නොවේ.
ලිංගිකත්ව දෘෂ්ටිවාදී අපරාධකරුවන් විසින් සිය න්‍යාය ප්‍රවර්ධනය කරනු පිණිස ප්‍රසිද්ධ ස්ත්‍රීන් සහ ස්ත්‍රී කණ්ඩායම් යොදා ගනිති. එවැනි එක් කණ්ඩායමක් නම් “පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදය”( Women Parliamentarians’ Caucus) වේ. එහි හිටපු සභාපතිනිය වූයේ එවකට සෞඛ්‍ය ඇමතිනියව සිටි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේය.ඊනියා කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව සමයේ රට වසාදමමින් ජනතාවට එරෙහිව දියත් කළ දැඩි මර්දන සැලසුම පිටුපස සිටිවුන් අතර ඇයද ප්‍රධාන අයෙකි. එපමණක් නොව වර්තමාන අගමැතිනිය මෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමතිනියද වන හරිනි අමරසූරිය ලිංගිකත්ව අධ්‍යයනයන් පිලිබඳව එඩින්බර්ග් උපාධිධාරිනියකි. ඇය LGBTQ ප්රචාරකවාදිනියක් වන අතර විෂකුරු පුරුෂාධිපත්‍යය පිළිබඳ විශාරදවරියකද වෙයි. ඇය පාර්ලිමේන්තුවට පාත්ව ඇත්තේ පාර්ලිමේන්තු කාන්තා බලකායේ පියාපත් මතය. මෙම බලකායන්වලට අරමුදල් සැපයෙන්නේ බටහිර ආයතනවලින් වන අතර එම ආයතනවල අරමුණු වෙනුවෙන් සේවය කරයි. සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමැතිනිය ලෙස අපගේ දරුවන්ගේ අංගඡේදනය හෝ ආරක්ෂණය රඳා පවතින්නේ ඇගේ දෑත් මතය.
හරිනි අමරසූරියගේ LGBTQ පනත් සහ දරුවන් සොයමින් තාමත් වැළපෙන මවුවරුන්
මැතිවරණයේදී ඇයගේ පළමු පොරොන්දුව වූයේ LGBTQ පනතට සහාය දැක්වීමය. වසර 30ක කාලයක් ඔස්සේ රජය විසින් ගෙන ගිය කෘෘර යුද්ධයක් මෙරට පැවැති අතර ඒ හේතුවෙන් බොහෝ ස්ත්‍රීන් ඔවුන්ගේ දූ පූතුන්, සහෝදර සහෝදරියන් සහ සැමියන් අහිමිව තවමත් දුක්වෙමින් පසුවෙති. ඔවුහු බොහෝ දෙනෙක් රජය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු කිසිදිනෙක පෙරළා නොපැමිණි තම ආදරණීයයන් ජීවතුන් අතරද නැද්ද දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් අරගලයක නිරතව සිටිති. එම ස්ත්‍රීන් රජයෙන් ඉල්ලා සිටින්නේ පුරවැසියන් ලෙස තමන්ට හිමි විය යුතු යුක්තිය ලබාදෙන ලෙස පමණි. ඔවුන්ට ඒ සඳහා අයිතිවාසිකමක් නැත්ද? මෙම අගමැතිනිය තුළ ඔවුන් සම්බන්ධයෙන් ඇත්තේ අඩු වටිනාකමක්ද?
නිරෝධායන ලොක්ඩවුන් නැතහොත් ඇඳිරි නීති පැනවීම්, සෘජු සහ වක්‍ර බලහත්කාරය මගින් සිදු කරන ලද කොවිඩ්-19 එන්නත්කරණය ආදි රජයේ ඊනියා කොවිඩ්-19 මර්දන ප්‍රතිපත්ති මගින් පීඩාවට පත්වූ අය පිළිබඳව තත්ත්වය කුමක්ද? විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිපත්තිය මෙහෙයවන ලද්දේ හරිනි අමරසූරියද අයත් ඔවුන්ගේ පාර්ලිමේන්තු කාන්තා සංසදයේ හිටපු ප්‍රධානියා වූ සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රතිඥා දිය යුතු නොවේද? මිල අඩු චීන සහ රුසියානු එන්නත් පහසුවෙන් ලබා ගත හැකිව තිබියදී , අධික පිරිවැයකින් යුත් පේටන්ට් බලපත්‍ර සහිත mRNA එන්නත් මිලදී ගැනීම හරහා සිදු කරන ලද ආර්ථික මංකොල්ලයට හේතු වූ වියදම් ගැන කීමට ඇත්තේ කුමක්ද? තවද, අනවශ්‍ය ලෙස පාසල් වසා දැමීම, පාසල් සිසුන්ට මුඛ සහ නාසා ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීම, mRNA ජාන හැසිරවීමේ තාක්ෂණයන් මගින් ඔවුන්ව බලහත්කාරයෙන් එන්නත් කිරීම ආදිය පිළිබඳව එවකට සෞඛ්‍ය ඇමතිනිය වූ සුදර්ශනී පුනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ පැවැති “පාර්ලිමේන්තු කාන්තා සංසදය” වගකිව යුතු නොවේද? දැනටමත් දූෂණය ඉහවහා ගොස් ඇති ජාතික සෞඛ්‍ය සේවය මත තවත් බරක් පටවමින් එය හරහා ළමුන් වැඩිවිය පත්වීම වළක්වන ඖෂධ සහ හෝර්මෝන මිලදීගනිමින් අපගේ ළමා පරපුර වන්ධ්‍යාකරණයට ලක් කිරීමට අගමැතිනියට අවශ්‍යව තිබේද? ලිංගික ඩිස්ෆෝරියාවට ප්‍රතිකාර කිරීමේදී එයට බලපෑ ඇති සාධක නොසලකා හැරීම දැනට සිදුවන නමුත් අධ්‍යයනයන් විසින් පෙන්වා දෙනු ලබන්නේ එම සාධක ඉවත්කළ විට බොහෝ ළමුන්ගේ ලිංගික ඩිස්ෆෝරියා තත්ත්වය ඉවත්වන බවය.
දෙමව්පිය වැඩිහිටියන් මෙම න්‍යාය පත්‍රයට යටත්වී ඇත්තේ ඇයි?
මනෝචිකිත්සකයන් විසින් දෙමව්පියන් වෙත අටවන ලද උගුලේ දෙමව්පියෝ සිර වී සිටිති. ” එක්කෝ මේ දරුවා සංක්‍රාන්තික ලිංගිකයෙකු බවට පත් කළ යුතුය. නැත හොත් ඔහු/ඇය සිය දිවි නසාගනු ඇත” යනුවෙන් බොරු පවසමින් මනෝ චිකිත්සකයෝ දෙමව්පියන්ව බිය ගන්වති.සිය දරුවන් මරණයට පත්වීම වළක්වනු සඳහා දෙමව්පියෝ ඔවුන්ව “සංක්‍රාන්තික ළමුන්” බවට පත් කිරීමේ “විකල්පය” තෝරා ගනිති. නමුත් දත්ත විසින් පෙන්වා දෙනු ලබන්නේ සංක්‍රාන්තික ලිංගිකත්වයට පත් කරන ලද දරුවන් අතර සිය දිවි නසා ගැනීමේ අනුපාතය සංක්‍රාන්තික ලිංගික නොවන දරුවන්ට වඩා වැඩි බවය.
මෙම න්‍යාය පත්‍රය වැළඳගත් දරුවන්ගෙන් බහුතරයක් රීදි හැන්දකින් වළඳන දරුවෝ වෙති. ඔවුහු කිසිදු ඵලදායි කාර්යයක නිරත නොවන අතර ජීවිතය තුළ කිසිවක් තමන් විසින්ම යමක් සාක්ෂාත් කරගැනීමේ කුසලතාවන් වර්ධනය කරගෙන නැත. මෙම දරුවෝ ජීවත්වන්නේ දෙමව්පියන්ගේ ධනයෙනි. තමන් තම ජීවිතයට වඩා වටිනා උත්තුංග දෙයක් මෙම “ලිංගිකත්ව තහවුරු කිරීමේ” න්‍යාය පත්‍රයට සහාය දීමෙන් සිදු කරන බව මෙම දරුවෝ විශ්වාස කරති. ඔවුහු සාපරාධී චේතනාව සහ නිර්-සාපරාධීකරණය එකිනෙක පටලවමින් ව්‍යාකූල කරමින් සිටිති. අපේ රට තුළ කිසිවෙකු ස්වකීය අභිමතය පරිදි ලිංගික ක්‍රියාවන්හි නිරතවීමට එරෙහිව ගල්ගසා මරාදැමීමේ නිතී නැත. නිර්-සාපරාධීකරණය සඳහා රාජ්‍යය විසින් පනවනු ලබන නීති අපට අවශ්‍ය නැති අතර සම්ප්‍රදායන් විසින් එය සිදුකරනු ලබයි. නීති පර්යේෂණාගාර ප්‍රරෝහණ වීදුරු තැටිමත නිර්මාණය නොවන අතර ඒවා බිහිවන්නේ සිරිත් විරිත් තුළිනි. මෙම ලිංගිකත්ව අනන්‍යතා දෘෂ්ටිවාදයන් සැබෑ ජීවිතය සහ ඩිජිටල් යථාර්ථවාදය අතර වෙනස වෙන්කර හඳුනාගැනීමට අසමත්ය. මෙම ළමුන්ට සහ දෙමවිපියට ඉගැන්විය යුත්තේ විමර්ශනයේ චින්තනයේ කලාව වන දයලෙක්තිකයයි. ඒ වෙනුවට ඔවුන්ට උගන්වමින් පවතින්නේ සමාජ යුක්තියේ පිළිබඳ ව්‍යාජ සටන්පාඨවල සරුව පිත්තල දැවටුම්වලින් ආවරණය කරන ලද ලබ්ධීන්ය. පරම්පරාවක් තිස්සේ පාරිභෝජනවාදය දෙවියන් ලෙස අදහන දෙමව්පියන් විසින් අසමත් කරන ලද මෙම ළමුන් ඒවා ක්ෂණිකව ගිලදමති.
බොරුවෙන් ජීවත් නොවෙමු.
සැලූනයක් පවත්වාගෙන යන මා දන්නා අයෙකුට පහත සිදුවීමට මුහුණ පෑමට සිදුව ඇත. ඔහුගේ ගනුදෙනුකරුවෙකු වන එක්තරා මවක් සිය යොවුන් දරුවන් දෙදෙනා කොණ්ඩය කැපීම සඳහා එම සැලුනය වෙත කැඳවාගෙන විත් තිබේ. එම ළමුන් කොණ්ඩ කැපීම සඳහා වාඩිවීමට පෙර මගේ හිතවතා පසෙකට කැඳවන ලද ඒ මව ඔහුගේ කණට කොඳුරා ” මගේ ලමයි නන් බයිනරි (ස්ත්‍රී හෝ පිරිමි ලිංගදෙකෙන් එකකටවත් අයත් නොවන) අය. ඒ නිසා ඔවුන්ට ඇය/ඔහු යන වචනවලින් කථා නොකර, -ඔවුන්- යනුවෙන් අමතන්න.”යි පවසා ඇත.
මගේ මිතුරාගේ ක්ෂණික පිළිතුර වී ඇත්තේ” මම දන්නේ ජීව විද්‍යාත්මක ලිංග දෙකක් විතරයි. ඒ ගැෑනු සහ පිරිමි. ගෑණු සහ පිරිමින් හඳුන්වන සර්ව නාම ඇය සහ ඔහු. මම ඔබේ ළමයින්ට අමතන්නේ මම දකින දෙය අනුව මිසක ඔවුන් තම සිත තුළ මවාගත් දේවල් අනුව නොවේ” යනුවෙනි.
දෙමව්පියනි, බොරුවෙන් ජීවත් නොවන්න. මෙම ලිපියේ සිරස්තලය ලෙස යොදාගෙන ඇත්තේ රොඩ් ඩ්රේහර් විසින් ලියන ලද “බොරුවෙන් ජීවත් නොවනු”(Live not by Lies) යන පොතේ නමයි. ඔහු එම නම ලබාගෙන ඇත්තේ කලක් ගුලාග් සිරකඳවුරුවල සිරකරුවෙකු ලෙස ජීවත්වීමට සිදු වූ ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සන්ගෙනි. ඩ්රේහර් මෙසේ පවසයි.
“චින්තනයේ සහ වචනයේ ඒකාධිපතිවාදය යනු බොරුව සහ ප්රචාරක උපක්‍රම මත පදම්ව ඇති පාලනයකි. දේශපාලනික නිවැරදිභාවය පිළිබඳ සටන්පාඨය විසින් යථාර්ථය පිළිබඳව නිවැරදිව සිතීමට යමකු සතු හැකියාව දූෂණය කරනු ලබයි.
පරිභෝජනවාදයේ සහ පුද්ගලවාදයේ පෙරටයාමත් සමඟම, තම ආශාවන් ඉටු කර ගැනීමට වඩා වැඩි දෙයකට සම්බන්ධයක් හෝ වගකීමක් පිළිබඳ හැඟීමක් නොමැති ස්වාධීන පාරිභෝගිකයින් බිහි කිරීම දක්වා පවුලේ ක්‍රියාකාරිත්වය පිරිහෙළන ලද සමාජ පරිසර පද්ධතියක් අපි ගොඩනඟා ඇත්තෙමු.
සම්ප්‍රදායික දෙමව්පියන් විසින් ප්රගතිශීලි මත දරන්නවුන්ගෙන් පවුලට එල්ලවන තර්ජනය හඳුනාගෙන ඇති නමුත්, ඔවුහු නිදහස් වෙළඳපොළේ තර්කනය විවේචනයකින් තොරව පිළිගන්නා අතර ස්මාර්ට් ෆෝන් සහ අන්තර්ජාලයට තම දරුවාගේ මනස අමනෝඥ ලෙස යටත් කිරීම පිළිබඳව කිසිවක් නොපවසති.
මෙම දරුවන් ජීවත්වන්නේ ඩිජිටල් ගුලාගයක් තුළය. ඔවුහු ඒ බව නොදනිති. ඔවුන්ට වධ බන්ධන පැමිණිවීම සඳහා බන්ධනාගාර නිලධාරින් අවශ්‍ය නොවේ. මිනීමරු වෛද්‍ය සංස්ථාපිතය සමග සහයෝගිතාවයෙන් ඔවුහු තමන් විසින්ම ඒ දෙය කරගනිති.
දෙමව්පියන්ට මඟපෙන්වමින් ඩ්රේහර් මෙසේ පවසයි.
ක්‍රමය බොරුව මත පදනම්ව ඇති බව ඔබ විසින් ප්රත්යක්ෂ කරගනු ලබන්නේ නම්, යථාර්ථය සහ සත්‍ය පිළිබඳව ඔබ දන්නා දෙය මත ස්ථාවරව නැගී සිටින්න (අර කොණ්ඩ සැකසුම් ශිල්පියා මෙන්). මාධ්‍ය සහ ආයතන විසින් ගෙන යන ප්රචාරයන්ට ඔබගේ දරුවා බිලිවීම වළක්වන්න. ප්‍රබන්ධය සහ යථාර්ථය අතර වෙනස හඳුනාගැනීමට ඔවුන්ට උගන්වන්න. මෙම බොරුවට හවුල් නොවී සිටීමට උත්සාහ කරන්න. සිවිල් ධෛර්යය පෙන්වන්න, මන්ද ළමයින් ආදර්ශයට ගන්නේ එය වන බැවිනි.විශේෂයෙන්ම මව්වරුන් විසින් පවුල් පීතෘමූලික කෲරත්වයට හෝ උමතු ස්ත්‍රීවාදයට යටත් නොවීමට වගබලා ගත යුතු අතර, සියල්ලටත් වඩා, දරුවන්ට නමස්කාර කිරීම සහ ඔවුන්ගේ සෑම ආශාවක්ම ඉටු කිරීම ප්‍රතික්ෂේප කළයුතුය. ක්‍රමයට යටත්වීම විසින් ඔබට ඔබගේ ආරක්ෂාව සලසාගත හැකිවනු ඇත. නමුත් ඒ සඳහා ගෝලීකරණයට යටත් වූ ලෝකය තුළ තවමත් නොනැසී පවතින අවසාන ප්‍රජා ඒකකය වන පවුල විනාශ කිරීමේ දුෂ්ට අරමුණට හවුල්වීම මගින් ඔබට දරාගත. නොහැකි මිලක් ගෙවීමට සිදුවනු ඇත. ජෝර්ජ් ඕවල් වරෙක පැවසූ පරිදි ” ඔබට මානව උරුමය ඉදිරියට ගෙන යාහැක්කේ තර්කයකින් ජයගැනීම මගින් නොව ඔබගේ ජීවිතයේ පදනම යථාර්ථය මත පිහිටුවීමෙනි”
”
මානව සංහතියේ උරුමය වනාහි රැවුල් වවාගත් ස්ත්‍රීන් හෝ තණපට පළඳින පිරිමින් නොවන අතර එය ලිංගික අයිතිවාසිකමක්ද නොවේ. මානව උරුමය වූකලී සිරිත්විරිත්, සම්ප්‍රදායන්, වගකීම,සභ්‍යත්වය, සදාචාරය සහ සදාචාරාත්මකව හැසිරීම ආදිය මගින් පරම්පරාවෙන් පරම්පරාවට පෙරට ගෙන යනු ලබන්නකි. එය උපතේ සිට මරණය දක්වා වන අධ්‍යාත්මික චාරිකාවකි. එය වෙත යුක්තිය ඉටු කරන්න. එලෙස නොකරනුලබන අයටද එය කිරීමට උගන්වන්න.
ඩේවිඩ් රයිමර් සිය හිසට වෙඩිතබාගෙන සිය දිවි නසාගත්තේය. දූෂිත සහ කෲර භාවිතයන් විසින් ඔහුගේ මනසට සහ සිරුරට දරාගත නොහැකි තරම් හානියක් සිදු කර තිබිණි. එම ඉරණමට අපගේ දරුවන් ගොදුරුවීමට ඉඩ නොතබමු. ඒ සඳහා අප විසින් බොරුව මගින් ජීවත්වීම ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ.
මනුකා විජේසිංහ
පරිවර්තනය අජිත් සී හේරත්
2024 නොවැම්බර් 02
මනුකා විජේසිංහ ශ්‍රී ලංකාවේ උපත ලද අතර රංගශිල්පිනියක ලෙස සිය වෘත්තිය ජීවිතය ඇරඹු ඇය ඇමෙරිකාවේ මායින් සරසවියේ දී නාට්‍යකලාව වැඩිදුරටත් හදාරා ඇත. දැනට ජර්මනියේ පදිංචිව සිටින ඇය Mad Cow, Flight 582 to Zurich, Marital Disadventure,The Affair, My Way, Karma වැනි නාට්‍ය කෘතින් ගණනාවක් නිර්මාණය කර තිබේ. මනුකා 1994 දී Silhouettes for Justice නමින් කාව්‍ය සංග්‍රහයක් පළ කළාය. ඇය විසින් රචිත නවකථා වන්නේ Monsoons and Potholes, Theravada Man, Sinhala Only,Like Moths To A Flame යන කෘතින්ය. හෝමියෝපති වෛද්‍යවරියකද ලෙස කටයුතු කරන ඇය පසුගිය කොවිඩ්-19 ආඛ්‍යානය සහ සෞඛ්‍ය බලධාරින් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කර ඇත. |
මූලාශ්‍ර
- Women Parliamentarians’ Caucus examines the 22nd Amendment Bill from a Gender Equality and Social Inclusion (GESI) perspective
- Pediatric Management of Ambiguous and Traumatized Genitalia
සටහන්
පෙළැඹුම් න්‍යාය(Nudge theory): 2008 දී මෙම න්‍යාය සංවර්ධනය කරන ලද්දේ ආර්ථික විදයාඥ ඩේවිඩ් තේලර් විසිනි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය, දේශපාලනඥයන්, සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය ආයතන විසින් සිදුකරනු ලබන සුළු හෝ පුද්ගලික උත්තේජනයක් මගින් එයට ලක්වන පුද්ගලයාට අනර්ථයක් සිදුවන නමුත් වෙනත් යම්කිසි යටි අරමුණු සහිත කණ්ඩායම්, ආයතන හෝ සමාගම් වලට වාසියක් හිමිවන පරිදි තීරණ ගැනීමට එම පුද්ගලයා පෙළැඹවීම මෙම න්‍යාය මගින් විස්තර කෙරේ. 2017 දී පෙළැඹුම් න්‍යාය(Nudge theory) සඳහා නොබෙල් සම්මානය හිමි වූ අතර ඉන් වසර කීපයකට පසුව කොවිඩ්-19 න්‍යාය පත්‍රය තුළට සමාජය අනුගත කිරීමට එය යොදාගනු ලැබිණි.