වේරා ෂාරව්
ගෝලීය එන්නත්කරණ වැඩ සටහන තුළ ගැඹුරටම මුල් බැස ඇති දූෂණ පිළිබඳව වේරා ෂාරාව්ගේ කොටස් 7කින් යුතු ලිපියක් ළමා සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සටන් වදින සංවිධානයක වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළවිය. ශ්‍රී ලංකාවේ සිසු දැරියන් කීප දෙනෙකු HPV එන්නත ලබාගැනීමෙන් අනතුරුව අතුරු ආබාධවලට ගොදුරුවී ඇති තත්ත්වය තුළ මෙම HPV එන්නත පිළිබඳව විකල්ප තොරතුරු මෙරට ජනතාව වෙත සැපයීම අපගේ වගකීමක් ලෙස සළකන අතර වේරා ෂාරාව්ගේ ලිපි පෙළේ HPV එන්නත්වල අහිතකර බලපෑම් පිළිබඳව ලියැවී ඇති 4 වැනි කොටසේ පරිවර්තනයක් අපි පළ කරන්නේ එහෙයිනි.මෙම ලිපිය මගින් අධිකාරිවාදි ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතනවල නිලධාරින්ගේ වංචනික භාවිතයන් පිලිබඳවත්, යළි කිසි දිනෙක සිය පූර්ණ සෞඛ්‍ය සම්පන්න ජීවිතය නැවත ලබාගත නොහැකි ලෙසට එන්නත් සහ ඖෂධවල අතුරු ආබාධයන්ට ලක් වූ දසදහස් ගණන් ලමුන් සහ තරුණ තරුණියන්ගේත් ඉරණම නොසළකා හරින ලද ආකාරයත් හෙළිදරවු කෙරේ. වේරා ෂාරව් විසින් ලියන ලද මෙම ලිපිය පළවී ඇත්තේ 2018 ජනවාරි මස 30 වැනිදාය
HPV එන්නත විසින් සිදු කරන ලද විනාශය මහජනයාගේ දෑස් හමුවේ දිගහැරෙද්දි ජපානය එයට එරෙහි සටන් පෙරමුණ බවට පත්වේ.
මර්ක් (Merck) සමාගමේ ගාර්ඩාසිල් (Gardasil) සහ ග්ලැක්සෝස්මිත්ක්ලයින්(GSK) සමාගමේ සර්වාරික්ස් (Cervarix) යන එන්නත් විදිනු ලැබීමෙන් අනතුරුව ඒවායේ හානිකර ප්‍රතිඵල හේතුවෙන් දරුණු වේදනාවන් සහ ලෙඩ රෝගවලට මුහුණ දීමට සිදුව ඇති දැරියන් සහ තරුණියන් දැන් තමන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයන් පිළිබඳව විවෘතවම හඬනැගීමටත් සංවිධානයවීමටත් පටන් ගෙන තිබේ.
මෙම එන්නත් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධව මහජන විභාගයන් පැවැත්වෙන අතර මෙම දැරියන්ගේ සහ ස්ත්රීන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ පරීක්ෂා කළ ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් විසින් HPV එන්නත හේතුවෙන් ඔවුන්ට විඳීමට සිදුව ඇති වේදනාවන්ගේ ස්වභාවය පිළිබඳව ලේඛන ගත කරන ලද විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන ලදි.
මෙය ප්රතිපක්ෂව කරුණු දක්වන ලද්දේ එන්නත්කරණයේ නියුතු ආයතන වෙනුවෙන් පෙනී සිටි විද්‍යාඥයන් විසිනි. මෙම තරුණ ස්ත්රීන්ට සහ දැරියන්ට විදීමට සිදුව ඇති ශාරීරික වේදනාවන් පිළිබඳව තමන් හමුවේ ඉදිරිපත්ව ඇති සියලු විද්‍යාත්මක සාක්ෂි පසෙක ලද මෙම ආයතනික විද්‍යාඥයෝ විසින් “ඒවා මනෝ-දෛහික ප්‍රතික්‍රියාවන්”(“psychosomatic reaction) ලෙස හඳුන්වමින් බැහැර කරන ලදි.
එන්නත් නිෂ්පාදන සමාගම් සිය පූර්ණ ආධිපත්‍ය ස්ථාපිත කර ඇති තැන්වල එවැනි මහජන විවාදයන් නොපැවැත්වෙනු ඇත.
2014 පෙබරවාරි මාසයේදී පැවැති මහජන විනිශ්චය සභාවකදී ස්වාධීන විද්‍යාඥයන් විසින් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව ජපන් රජය විසින් දැරියන් විසින් HPV එන්නත ලබාගතයුතු යැයි කලින් නිකුත් කරන ලද සිය නිර්දේශය අවලංගු කළා පමණක් නොව එම එන්නත විසින් සිදු කරන ලද හානිය පිළිබඳව කරුණු ඇගයීමක නිරතවීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා සායනික මධ්‍යස්ථානද පිහිටුවන ලදි. මෙවැනි තොරතුරු ගෝලීය වශයෙන් යටපත් කිරීමට මර්ක් සහ GSK ඇතුළු ඖෂධ සමාගම් දක්වන්නේ දැඩි උනන්දුවකි.
මර්ක් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ ආචාර්ය ලාසන් විසින් සමකර්තෘත්වය දරන ලද CSIS වාර්තාව (Center for Strategic and International Studies)මගින් යුද ප්‍රකාශ කර තිබුණේ එන්නත්වලින් සිදුවන හානි පිළිබඳව වාර්තා කරන ලද ජනමාධ්‍යවලට එරෙහිව මිසෙක ඉතා ඉහළ අනුපාතයකින් සිදුව තිබූ හානිකර අතුරු ආබාධවලට එරෙහිව නොවේ. මෙම CSIS වාර්තාවේ කර්තෘවරුන් එන්නත්වලින් ශාරිරික හානිවලට ගොදුරුවූවන් අවමානයට ලක්කිරීමේ සිය සුපුරුදු උපක්‍රමය මෙහිදීද භාවිතයට ගෙන තිබිණි. එන්නත්කරණයෙන් පසුව වේදනා විඳිමින් සිටි තරුණියන් මුහුණදුන් බරපතල සෞඛ්‍ය ගැටළු නොවැදගත් සුළු දේවල් ලෙස මෙම කර්තෘවරුන් විසින් බැහැර කර තිබිණි. CSIS වාර්තාව විසින් මෙම සම්පූර්ණ HPV එන්නත සම්බන්ධව මතුව තිබූ සම්පූර්ණ අර්බුදයම හුවා දැක්වීමට උත්සාහ දරන ලද්දේ අන්තර්ජාල කටකථා සහ ” එන්නත් ගැනීමට පසුබටවන්නවුන්” විසින් අවුළුවන ලද වසංගතයක් ලෙසය.
එහි මෙසේ සඳහන් විය:
“පසුගිය වසර පුරාම ජපාන වෛද්‍ය සහ දේශපාලන වේදිකාවන් මත අරක් ගත් HPV එන්නත පිළිබඳව පැවැති මතභේදය මහජනයා කරාද ව්‍යාප්ත විය. සමාජ මාධ්‍ය ජාලා සහ ඉතා ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ සිදුවීම් හරහා එන්නත් විරෝධී කණ්ඩායම් විසින් HPV එන්නත වටා වූ ආඛ්‍යානයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත්හ.”
එක්සත් ජනපද මිලිටරි නිෂ්පාදන සංකීර්ණයට අයත් උපායමාර්ගික අධ්‍යයන චින්තන කවයක් වූ Center for Strategic and International Studies ආයතනය
ගෝලීය හවුල්කරුවෝ ක්‍රියාත්මක වෙති: මුහුණදීමට අපහසු සාක්ෂි යටපත් කිරීමට අව්‍යාජ විද්‍යාඥයන්ට නින්දා කිරීම
පහත සිදුවීම විසින් පෙන්නුම් කරන්නේ ආණ්ඩු/ ශාස්ත්රාලීය ආයතන සහ ඖෂධ නිෂ්පාදන සමාගම් වල හවුල්කරුවන් විසින් අව්‍යාජ විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ තොරතුරු යටපත් කරන ආකාරය සහ අවශ්‍ය අවස්ථාවන්හිදී එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳව මතුවන ගැටළු පිළිබඳ තොරතුරු ජනතාව අතර ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා දූෂිත භාවිතයන්හි නිරතවන ආකාරයයි. මෙම සිදුවීමට සම්බන්ධව ඇත්තේ ඖෂධ සමාගම්, ආණ්ඩුවල සෞඛ්‍ය බලධාරින් සහ ඔවුන් විසින් මෙහෙයවන විද්‍යාඥයන්, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු ආයතනික විද්වතුන් දැඩි අපහසුතාවයට පත්කිරීමට හේතුවන පරිදි , HPV එන්නත් ගැනීමෙන් පසු මියගිය අයෙකුගේ ශරීර පටක පරීක්ෂණයට ලක් කරන ලද විද්‍යාගාරයක් විසින් සිදු කරනලද සොයාගැනීමක්ය. එනම් HPV එන්නත තුළ එය තුළ නොතිබිය යුතු ආගන්තුක HPV- DNA කොටස් අන්තර්ගතව ඇති බවට කරන ලද සොයාගැනීමයි.
2016 ජනවාරි මාසයේදී විශේෂඥ ව්යාධීවේදී සහ මිල්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාගාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සින් හාන්ග් (Dr. Sin Hang Lee, MD) ලී විසින් විවෘත පැමිණිලි ලිපියක් (එවකට) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ ආචාර්ය මාගරට් චෑන් වෙත යවන ලදි. එමගින් ඔහු එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් සපයන “එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව” (Global Advisory Committee on Vaccine Safety -GACVS) විසින් HPV එන්නත ආරක්ෂා සහිත බව තහවුරු කරමින් 2014 මාර්තු මාසයේදී නිකුත් කරනලද ප්‍රකාශයේ අවංකකම පිළිබඳව ප්‍රශ්න මතුකරමින් අභියෝග කරන ලදි.
2014 පෙබරවාරි මාසයේදී ජපානයේ ටෝකියෝහි පවත්වන ලද ප්‍රසිද්ධ විභාගයට පෙරත්, එය පැවැත්වෙන අතරතුරත්, ඉන් පසුවත්, මානව පැපිලෝමා වෛරසය සඳහා වූ HPV එන්නතේ සුරක්ෂිතතාව පිළිබඳව පැවැති විශේෂඥ විමර්ශනය චේතාන්විතවම නොමග යැවීම පිණිස වෘත්තීමය විෂමාචාරයන් සිදුකිරීම සම්බන්ධව, මෙම ලිපිය මගින් වෛද්‍ය ලී විසින් පහත සඳහන් අයවළුන්ට එරෙහිව චෝදනා නගා තිබූ අතර තවත් බොහෝ අය මෙම විෂමාචාරයන්ට හවුල්වන්නට ඇතැයි සිය සැකය පළ කර තිබිණි.
GACVS කමිටුව වෙනුවෙන් ආචාර්ය රොබර්ට් ප්ලෙස් (Robert Pless) විසින් HPV එන්නතේ සුරක්ෂිතතාව තහවුරු කරමින් නිකුත් කරන ලද ප්රකාශනයේ අව්‍යාජත්වය පිළිබඳව වෛද්‍ය ලී විසින් අභියෝග කරන ලදි. ආචාර්ය ප්ලෙස් විද්‍යාත්මක කරුණු පිළිබඳව අවබෝධයක් රහිත සාමාන්‍ය ජනතාව සහ එන්නත්කරණ වැඩ සටහන් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කරන්නවුන් නොමග යැවීමේ අරමුණෙන් තමන්ගේ විද්‍යාත්මක නිගමනයන් චේතාන්විතවම සාවද්‍ය ලෙස අර්ථකතනය කර ඇතිබවට වෛද්‍ය ලී විසින් චෝදනා කර තිබේ.
“පහරදීම සඳහා පහසු ඉලක්කයක්” නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ආචාර්ය ප්ලෙස් විසින් එකිනෙකින් වෙනස් රසායනික ද්‍රව්‍ය දෙකක් පිළිබඳව කර්තෘ වරුන් දෙදෙනෙකු විසින් ලියන ලද අදාළ නොවන ලේඛන දෙකක් චේතාන්විතවම ඒකාබද්ධ කර ඇතැයි චෝදනා එල්ලවී තිබේ.
එමෙන්ම GACVS කමිටුවේ ප්රකාශනය පදනම් වී ඇත්තේ ඇත්තේ “නිර්නාමිකව සහභාගි වූ කණ්ඩායමක්” විසින් ලියන ලද, වසර 12ක් පැරණි සහ ප්‍රසිද්ධියට පත් නොකරන ලද “තාක්ෂණික වාර්තාවක්” මත බවද වෛද්‍ය ලී සඳහන් කර ඇත.
වෛද්‍ය ලී විසින් ඉදිරිපත් කරන ලද කරුණු
2011 දී, වෛද්‍ය ලී විසින් පරීක්ෂා කරන ලද ගාර්ඩාසිල් HPV එන්නත් සාම්පල් 13ක් තුළම HPV L1 වෛරසයේ ජාන DNA දාම කොටස් . (HPV L1 gene DNA fragments) අන්තර්ගත වූ බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලදි.
එමෙන්ම මෙම HPVහි DNA දාම කොටස් බන්ධන ගොඩනගා ඇත්තේ මර්ක් සමාගම විසින් මෙම එන්නත සඳහා භාවිතා කරන බවට ප්‍රකාශිත ඇලුමිනියම් උත්ප්‍රේරක (amorphous aluminum hydroxy phosphate sulfate-ASHS) සමග පමණක් නොවන බවත්, එය විසින් DNA වල non-B ආකෘතිය (non-B conformation)ගොඩ නගන බවත් ඔහු විසින් සොයා ගන්නා ලදි. මෙම DNA වල non-B ආකෘතිය හේතුවෙන් එන්නත ලබාගන්නා පුද්ගලයාගේ ශරීරය තුළදී විසංයෝජනය විය යුතු එන්නත මගින් ලබා දෙන HPV වෛරසයේ DNA කොටස් විසංයෝජනය නොවන බව ඔහු පෙන්වා දෙයි. එම non-B DNA ආකෘතිය මගින් හඳුනා නොගත් වෙනත් සංයෝගයක් නිර්මාණය වෙමින් විෂ සහිත ප්‍රතික්‍රියාවන් රැසක් සිරුර තුළ ඇති විය හැකි බව වෛද්‍ය ලී විශ්වාස කරයි. මර්ක් සමාගමේ ගාර්ඩාසිල් එන්නත ලබාගත් දැරියන් සහ තරුණියන් තුළ ප්‍රතිශක්ති පද්ධතිය ආශ්රිත රෝගී තත්ත්වයන් ගණනාවක් ඇතිවීමට හේතුව එය විය හැකි බව ඔහු සඳහන් කර ඇත.
2012 දී ගාර්ඩාසිල් එන්නත් මාත්‍රා 3ක් ලබාදුන් පසුව මරණයට පත් නවසීලන්තයේ යොවුන්වියේ අයෙකුගේ මරණ පරීක්ෂණයක විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස වෛද්‍ය ලී ව කැඳවනලදි. මෙම මරණයට හේතු පිළිබඳව ඔහු විසින් සකස් කරන ලද වාර්තාව පසුව ඔහු විසින් Advances in Bioscience and Biotechnology නම් වෛද්‍ය විද්‍යාත්මක ජර්නලයක පළ කරන ලදි. (2012)
අනෙක් අතට වඩාත් නිශ්චිත ලෙස රෝග නිර්ණය සඳහා අසාත්මිකතාව හඳුනාගැනීමේ බ්‍රයිටන් නිර්වචනය අනුව සිදු කරන ලද හඳුනාගැනීම්වලදී ගාර්ඩාසිල් එන්නත ලබාගත් තරුණියන් අතර වාර්තාවී ඇති අසාත්මිකතා සංඛාවන් ඉතා ඉහළ වන අතර එය පාසල් පදනම් කරගත් එන්නත්කරණ වැඩසටහන්වලටදී වාර්තා වී ඇති ප්රමාණයන්ට වඩා වඩා 5 -20 ගුණයක් ඉහළ අගයකි.
ගාර්ඩාසිල් එන්නත ගැනීමෙන් පසුව, ප්‍රතිශක්ති පද්ධතියේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිදුවිය හැකි “උග්‍ර ව්‍යාප්තික මෂ්තිෂ්ක ප්‍රදාහය” (acute disseminated encephalomyelitis)නමින් හැඳින්වෙන මධ්‍යම ස්නායු පද්ධතියට බලපාන පරිදි සිදුව ඇති ප්‍රදාහක ස්නායු විකෘතීන් (immune-based inflammatory neurodegenerative disorders ) පිළිබඳ සිදුවීම් ගණනාවක් ලෝකය පුරාම වාර්තා වී ඇත.
ගාර්ඩාසිල් එන්නත ලබාගැනීමෙන් පසු 2006 ජූනි 1 වැනි සිට 2008 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ වාර්තා වී ඇති අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් සංඛ්‍යාව 12,424 කි. මෙම සිදුවීම් අතරින් 32ක් අවසන් ගාර්ඩාසිල් එන්නත් මාත්‍රාව ගැනීමෙන් දින 2 සිට දින 205 කාලය අතර තුර සිදු වූ මරණ වේ. මෙම මරණ 32 අතරින් මරණ 20කට අදාළ වෛද්‍ය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විමර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත. ඒවායින් මරණ 4ක හේතුව පැහැදිලි කර නැති අතර 6ක් සිදුව ඇත්තේ හෘදය ආශ්රිත රෝග වලිනි. මෙම මරණ ගාර්ඩාසිල් එන්නත හේතුවෙන් සිදුවූවාද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුව නැතත් මරණයට පත්වූවන්ගෙන් අති බහුතරය එම එන්නත ගැනීමෙන් කෙටිකලක් ඇතුළත සිදු වූ මරණ වේ.
ඉතා නිරෝගී ජීවිතයක් ගත කළ නවසීලන්තයේ තරුණියක් ගාර්ඩාසිල් එන්නත ගැනීමෙන් මාස 6කට පසුව නිදි යහනේදීම මරණයට පත්වී ඇත. ඇගේ මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී පශ්චාත් මරණ නියැදි තුළ ” HPV L1 gene DNA” පවතීදැයි පරීක්ෂා කර බලන ලෙස ඇගේ දෙමව්පියන් ඉල්ලීමක් කර ඇත. එම දෙමව්පියන්ගේ සමහර උපදේශකයන්ගේ අදහස වන්නේ ගාර්ඩාසිල් එන්නත තුළ පවතින HPV L1 gene DNA වල ශේෂයන් එම නියැදි තුළ පවතී නම් එමගින් ඔවුන්ගේ දියණියගේ මරණය හා ගාර්ඩාසිල් එන්නත අතර සම්බන්ධයක් පවතින බවට තහවුරු කළ හැකි බවය
[…]සිය දෙමව්පියන් සමග ජීවත් වූ 18 හැවිරිදි නිරෝගී තරුණියක් නිදියහනේදී මරණයට පත්ව සිටියාය. ඇගේ මෙම මරණයට පෙර ඇය විසින් ගෙන ඇති ඖෂධ අතරින් මරණයට හේතුවිණි යැයි සැක කළ හැකි ඖෂධ වන්නේ වසර 4ක කාලයක් තිස්සේ ගෙන ඇති ඩිපෝ ප්‍රොවේරා උපත්පාලන ඖෂධයත්, ඇගේ ජීවිතයේ අවසාන වර්ෂයේදී මරණයට මාස 6කට පෙර ගන්නා ලද ගාර්ඩාසිල් එන්නතේ අවසන් මාත්රාවත්ය. ඇය මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතා කළ අයෙකු බවට සාකෂි නැත. මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ වාර්තා අනුව රෝගියා සිය පළමු ගාර්ඩාසිල් මාත්‍රාව ගත් පසුව මානසික තත්ත්වයන්ගේ වෙනසක් අත්දැකීමට ලැබී ඇත. එමෙන්ම ක්ලාන්ත ගතිය, අතපය කටු ඇනෙනවාක් මෙන් දැනීම, මතකය අහිමිවීම, බඩේ කැක්කුම ආදියෙන් පීඩා විඳීමට සිදුව ඇත. ගාර්ඩාසිල් දෙවන මාත්‍රාව ගත් පසුව වරින්වර අත්පා දුර්වල වීම, නිරන්තර වෙහෙසකර ස්වභාවය, ආහාර රුචිය වැඩි වුවද බර වැඩි නොවීම, රාත්‍රි කාලයේ දහඩිය දැමීම, සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී පරිහරණය කරන භාණ්ඩ භාවිතා කිරීමට නොහැකි වීම, වරින්වර දැනෙන පපුවේ කැක්කුම, සහ හදිසියේම හද ගැස්ම වැඩිවීම ආදි රෝග ලක්ෂණ වර්ධනය වී ඇත. මරණ පරීක්ෂණ විශ්ලේෂණයේදී මරණයට බලපෑ හේතුන්ට සම්බන්ධ කළ හැකි ව්‍යුහවිද්‍යාත්මක, පටක විද්‍යාත්මක, විෂ විද්‍යාත්මක,ජානමය හෝ ක්ෂුද්රජීව විද්‍යාත්මක සාධක හෙළිදරව් වී නැත.
Detection of human papillomavirus L1 gene DNA fragments in postmortem blood and spleen after Gardasil® vaccination—A case
2014 දී පැවැති ටෝකියෝ මහජන විභාගය හමුවේ පෙනී සිටි වෛද්‍ය ලී විසින් මෙම නවසීලන්ත තරුණිය බරපතල කායික වේදනාවන්ට ලක්ව නැති බවත් ඇයගේ මරණය සිදුව ඇත්තේ “මනෝ-දෛහික ප්‍රතික්‍රියාවන්” හේතුවෙන් බවත් ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටියවුන් නගන ලද තර්කය තරයේ ප්‍රතික්ෂේප කරන ලදි.
“මනෝ-දෛහික ප්‍රතික්‍රියාවන් යමෙකු නිදි යහනේදී මරණයට පත්වීමට හේතුවක් වෙතැයි මම විශ්වාස නොකරමි. එමෙන්ම මනෝ-දෛහික ප්‍රතික්‍රියාවන් විසින් MRI ඡායාරූපවල සහ මොළයේ පටක ව්‍යාධිවේදී නිරීක්ෂණයන්ගේ දැක්වෙන පරිදි මොළයේ ඉදිමීම් තුවාල ඇති කරන බවට හෝ මොළයේ රුධිරවාහිනි වසාගැටිතිවලට හෝ ස්නායු පටක ආවරණයන්ට හානිකරන බවට හෝ මම විශ්වාස නොකරමි.”
වෛද්‍ය සින් හාන්ග් ලී
මෙම මහජන විභාගයට පසු GAVC කමිටුව විසින් වෛද්‍ය ලී ගේ පර්යේෂණයන්ට අවමන් කිරීම අරමුණෙන් ඔහුගේ පර්යෙෂණයන් එම විභාගයට කරුණු ඉදිරිපත් කළ වෙනත් විද්‍යාඥයන්ගේ පර්යේෂණයන් සමග පටලවමින් 2014 මාර්තු 12 වැනි දින ප්රකාශනයක් නිකුත් කරන ලදි. මෙම වංචනික ක්‍රියාව පිළිබඳව වෛද්‍ය විද්‍යා ජර්නල සහ ප්‍රධාන මාධ්‍යවල ප්රමුඛ තැනක් දී වාර්තා කිරීමද, එය පිළිබඳව විමර්ශනයක් කිරීම ද සිදු කළ යුතුව තිබිණි. නමුත් ප්‍රධාන ධාරාවේ සියලු ප්‍රකාශන සිදුවීම පිළිබඳව නිහඬව සිටියහ. මෙම සිදුවීම වාර්තා කර තිබුණේ විකල්ප ජනමාධ්‍ය පමණි.
HPV එන්නත් අර්බුදය කොලොම්බියාවේ වීදීවලදී පුපුරා යයි.
2015 මාර්තු මාසයේදී කොලොම්බියාවේ බොගෝටා නගරයේ වීදී ඔස්සේ විරෝධතා දැක්වූ දෙමව්පියන් සිය ගණනක් ගාර්ඩාසිල් එන්නතේ දෙවන මාත්‍රාවට පසු බරපතල සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳින සිය දියණිවරුන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙස බලකළහ.
පෙළපාලිකරුවන් විසින් රජයේ සෞඛ්‍ය බලධාරින් වෙත පහත ඉල්ලීම් ඉදිරිපත් කළහ.
1. ගාර්ඩාසිල් එන්නත හේතුවෙන් මේ දක්වා සෞඛ්‍ය හානිවලට ලක්ව ඇති 800ක් පමණවන දැරියන්ට වහාම සුදුසු ප්‍රතිකාර ලබා දීම
2. ගාර්ඩාසිල් එන්නතේ සුරක්ෂිතභාවය පිළිබඳව මතුව ඇති ගැටළුවලට විසඳුමක් ලබාදෙන තෙක් එම එන්නත ලබාදීම වහාම නැවැත්වීම.
3. එන්නත ලබාදීමෙන් පසු එය ලබාගත්තවුන්ට මුහුණදීමට සිදුව ඇති බැරෑරුම් සෞඛ්‍ය ගැටළුවලට බලපා ඇති සැබෑ හේතුන් හඳුනාගැනීම සඳහා යෝග්‍ය අධ්‍යයනයන් සිදු කිරීම
4. එන්නත් සහ ඒවායින් එන්නත් කරන ලද දැරියන්ට මුහුණදීමට සිදුව ඇති රෝගපීඩාවන් අතර කිසිදු සම්බන්ධයක් නැතැයිද එම රෝගාබාධවලට හේතුව මනෝදෛහික භීතිකාවන් බවද සඳහන් කරමින් එම ආයතනය කරන ලද ප්‍රකාශයට එරෙහිව දෙමව්පියන් විසින් කොලොම්බියානු ජාතික සෞඛ්‍ය ආයතනයට අභියෝග කර තිබේ.
HPV එන්නත්වලින් අතුරු ආබාධවලට ලක් වූ දැරියන්ගේ රෝගී තත්ත්වයන්ට හේතුව “ඔවුන්ගේ මනෝ දෛහික ප්‍රතික්‍රියාවන් නැතහොත් ඔවුන් එන්නත් කෙරෙහි දක්වන බිය නිසා” යනුවෙන් ප්‍රකාශ කරමින් ඒවා යටපත් කිරීම ලෝකයේ සෑම රටකම පාහේ සෞඛ්‍ය බලධාරින්ගේ සිරිත වී තිබේ.
කෙසේ වුවද මෙම දැරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් සටන් කිරීමට ඉදිරිපත්ව ඇත්තේ ස්වයංප්‍රතිශක්ති පද්ධතියේ රෝග පිළිබඳව ලෝකයේ පෙරමුණේම සිටින විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය යෙහුඩා ෂෝන්ෆෙල්ඩ්ය.(Yehuda Shoenfeld )
ස්වයංප්රතිශක්තිකරණය පිළිබඳ කොලොම්බියාවේ පැවැති සම්මන්ත්‍රණයකදී “තමන් සිය දියණියට HPV එන්නත් ලබා නොදෙන බවට” මහාචාර්ය ෂෝන්ෆෙල්ඩ් විසින් කරන ලද ප්‍රකාශය එම සම්මන්ත්‍රණයට සහභාගි වූ විමතියට පත් කළ සිදුවීමක් විය. HPV එන්නත් ලබාගත් දැරියන් සහ තරුණියන් මුහුණ දුන් රෝගාබාධවලට හේතුව ලෙස ලොව පුරා සෞඛ්‍ය බලධාරින් සහ ඖෂධ සමාගම් විසින් ඉදිරිපත් කරන ” සාමූහික මනෝ දෛහික භීතිකාව පිළිබඳ න්‍යාය” ගැන විමසනු ලදුව වෛද්‍ය ෂෝන්ෆෙල්ඩ් මෙසේ පිළිතුරු දුන්නේය:
“විශේෂයෙන්ම ස්ත්‍රීන් අතර, එවැනි බිය පදනම් කරගත් ප්‍රතික්‍රියා පවතින බවට දැනුවත් බවක් පැවතුණද එන්නත් ගැනීමෙන් පසු මතුව ඇති රෝග ලක්ෂණ, විශේෂයෙන්ම ලෝකය විවිධ පළාත්වලින් එකම රෝග ලක්ෂණ මතුවීම සිදුවෙමින් පවතින බව සැලකිල්ලට ගන්නා විට, ඒවා එවැනි මනෝ විද්‍යාත්මක හේතූන් නිසා සිදුවන්නේ යැයි සිතීමට ඉඩක් නැත.
අපි මීයන්ට HPV එන්නත් ලබාදුන්විට ඔවුන් තුළද මේ දැරියන් තුළ මතුවූ රෝග ලක්ෂණම මතුවිය. මීයන් එකිනෙකා මෝහනය කරගනිතැයි මම නොසිතමි. අනෙකුත් සියළුම ඖෂධ නිර්දේශ කිරීමේදී මෙන්ම එන්නත් නිර්දේශ කිරීමේදීද ඒවා අත්‍යවශ්‍යමද යන කරුණ අප විසින් සැලකිල්ලට ගත යුතුව තිබේ. ඒවායින් සිදුවන අයහපත යහපතට වැඩි නම් අප විසින් එන්නත් නිර්දේශ කළ යුතු නැත.”
HPV එන්නත්කරණයෙන් පසුව එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස මතුවූ ගණනක් ස්වයංප්‍රතිශක්ති අක්‍රමිකතා වලින් කොලොම්බියාවේ ළමුන් සිය පීඩා විඳිමින් සිටින බව මහාචාර්ය ෂෝන්ෆෙල්ඩ් වැඩිදුරටත් ප්‍රකාශ කළේය:
“(එන්නත් නිසා) යම් සිදුවීමක් සිදුවූ විට, නැතහොත් එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදුවූ විට ඒවා පිළිබඳව යෝග්‍ය ආකාරයට විමර්ශනය කළ යුතුය. එවැනි දේ සිදුවන්නේ මනෝ විද්‍යාත්මක හේතුන් නිසා හෝ වෛරසයක් නිසා හෝ පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. විවිධ ක්ෂේත්රවල විශේෂඥයන් වූ විද්‍යාඥයන් ඔබට ඒ සඳහා අවශ්‍ය වනු ඇත.
ඇලුමිනියම් යනු මොළයට ඉතා විෂ සහිත ද්‍රව්‍යයක් බව අපි විශ්වාස කරමු. එවා සති සහ මාස ගණන් තිස්සේ සමුච්චනය වේ. එය මොළයට ඇතුළුවන ට්‍රෝජන් අශ්වයෙකු බඳුය. ඇලුමිනියම් යනු ස්නායු පද්ධතියට හානිකර විෂකි. අත්හදා බැලීමේ පර්යේෂණ විසින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඇලුමිනියම් අන්තර්ගත රසායනික උත්ප්‍රේරක සතුව බැරූරුම් ප්‍රතිශක්ති අක්රමිකතාවන් සිදු කිරීමේ විභවයක් පවතින බවය. ඇලුමිනියම් උත්ප්‍රේරක තුළ ස්වයංප්‍රතිශක්ති අක්‍රමිකතා, මොළයේ ඉදිමීම්, සහ ස්නායු පද්ධතියේ දිගුකාලීන සංකූලතා ඇති කිරීමේ අවදානමක් පවතින අතර එහෙයින් සෞඛ්‍ය කෙරෙහි පුළුල් අයහපත් බලපෑමක් ඇති කරනු ඇත”මහාචාර්ය ෂෝන්ෆෙල්ඩ්
2016 ජූලිමාසයේදී HPV එන්නත්කරණයෙන් මගින් විපතට පත්වූවන් විසින් එම එන්නත් නිෂ්පාදනය කළ ඖෂධ සමාගම් දෙකකට සහ ජපාන රජයට එරෙහිව බහුපාර්ශ්වීය පැමිණිලි ගණනාවක් ටොකියෝ, නගෝයා, ඔසාකා සහ ෆුකුඔකා දිස්ත්‍රික් අධිකරණයන් හමුවේ පවරන ලදි.
එමෙන්ම එම වසරේම දෙසැම්බර් මාසයේදී එන්නත් හේතුවෙන් විපතට පත්වූවන් රැසක් තවත් බහුපාර්ශ්විය පැමිණිලි සහිත නඩු ගණනාවක් පවරන ලද අතර ඒත් සමගම එන්නතට එරෙහිව ජපානය තුළ පවරන ලද නඩු සංඛ්‍යාව 119ක් බවට පත් විය.
ඖෂධ සමාගම්වලින් මූල්‍ය ප්රතිලාභ ලබන වෛද්‍ය විද්‍යාත්මක සඟරාවල සංස්කාරකවරුන් සතුව අසීමාන්තික බලයක් පවතී
ඉහළ පෙළේ වෛද්‍ය විද්‍යාත්මක ජර්නලවල සංස්කාරකවරුන්ට ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් මුදල් ලැබෙන බව අධ්‍යයනයන් දෙකක් විසින් තහවුරු කර තිබේ (Retraction Watch, නොවැම්බර්. 2017)
මූල්‍ය ආධාර සැපයීම මගින් පාලනය කරනු ලබන වෛද්‍ය විද්‍යාත්මක සඟරා විසින් උපරිම වශයෙන් විද්‍යාව දූෂණය කර ඇති ආකාරය පිළිබඳව පහත සිදුවීම මනා නිදසුනකි.මෙම සිදුවීම මගින් පෙන්නුම් කරන්නේ තමන්ගේ වෘත්තීය ගරුත්වය වෙන්දේසියේ නොදමන ලද ස්වාධීන විද්‍යාඥයන්ට කොතරම් දුෂ්කරතාවනට මුහුණදීමට සිදුවන්නේද යන්නයි.
තරුණ ස්ත්‍රී ලිංගික මීයන්ට ඇලුමිනියම් උත්ප්‍රේරක සහ මානව පැපිලෝමා වෛරස් සඳහා වන ගාර්ඩාසිල් HPV එන්නත ලබාදීමෙන් පසු ඔවුන් තුළ මතු වූ අසමාන්‍ය චර්යාවන් පිළිබඳ අධ්‍යයනයක් ඊශ්‍රායෙලයේදී පවත්වන ලදි. මෙම අධ්‍යයනයේ කතුවරයා ස්වයංප්‍රතිශක්තිය පිළිබඳ ලෝකයේ සිටින ප්‍රමුඛතම විද්‍යාඥයෙකු ලෙස සැළකෙන මහාචාර්ය යෙහුඩා ෂෝන්ෆෙල්ඩ්ය. ඔහුගේ මෙම පර්යේෂණය මගින් අවධානයට ලක්කරන ලද විෂයය එන්නත් නිෂ්පාදන සමාගම්වලට තර්ජනයක් බවට පත්වූයේ ඔහු එම පර්යේෂණය තුළ ” ස්වයංප්‍රතිශක්ති/ ප්‍රදාහක ප්‍රතිචාරයන්ට හේතුවන විවිධ උත්ප්‍රේරකවල ක්‍රියාකාරි යාන්ත්‍රණයන්” පිළිබඳව පරීක්ෂා කර ඇති හෙයිනි. සත්තකින්ම මෙම පර්යේෂණය තුළදී මහාචාර්ය ෂෝන්ෆෙල්ඩ් විසින් ASIA නැතහොත් “උත්ප්‍රේරක මගින් ප්‍රේරණය කරනු ලබන ස්වයංප්‍රතිශක්ති/ප්‍රදාහක සහලක්ෂණය” (Autoimmune/Inflammatory Syndrome Induced by Adjuvants-ASIA) නම් නව රෝග ලක්ෂණයක් හඳුනාගන්නා ලදි.
“වැක්සීන්” සඟරාවේ ප්‍රධාන සංස්කාරක ඖෂධ සමාගම්වල උපදේශකයෙකි
මෙම HPV එන්නත සහ මීයන් සම්බන්ධ අධ්‍යයනය “වැක්සීන්”(Vaccine) නම් වෛද්‍ය විද්‍යා ජර්නලයේ 2016 වසරේ ජනවාරි වලදී පළකරන ලදි. පසුව ඉතා කෙටිකලක් තුළදී, එම අධ්‍යයන පත්‍රිකාව එම ජර්නලයෙන් ඉවත් කරන ලද්දේ එහි ප්‍රධාන සංස්කාරක ග්‍රෙගරි පෝලන්ඩ්ගේ (Gregory Poland) නියෝගයකට අනුවය.
මෙම ප්‍රශ්නයට අදාළව ආචාර්ය පෝලන්ඩ්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් අතර මයෝ ක්ලිනික් (Mayo Clinic) වෙබ් අඩවිය විසින් හෙළිදරවු කර ඇති පරිදි:
” ආචාර්ය පෝලන්ඩ් වනාහි මර්ක් රිසර්ච් ලැබොරටරීස් (Merck Research Laboratories) ආයතනය විසින් පවත්වාගෙන ගිය පර්යේෂණාත්මත් එන්නත් අත්හදාබැලීම්වල සුරක්ෂිතතා ඇගයීම් කමිටුවේ සභාපතිවරයාය. මර්ක් ඖෂධ සමාගමේ ( Merck & Co., Inc) නව එන්නත් සංවර්ධන කටයුතුවලදී ආචාර්ය පෝලන්ඩ් උපදේශක සේවාවන් පිරිනමයි.”( වෛද්‍ය රොබර්ට් චෙන්- සහකාර සංස්කාරක, වැක්සීන් (Vaccine) ජර්නලය)
“ජර්නල් ඔෆ් හියුමන් ඉමියුනොලොජි” සඟරාවේ කතුවරයාගේ ශාස්ත්‍රීය ව්‍යාභිචාරය
Vaccine ජර්නලය විසින් මහාචාර්ය ෂෝන්ෆෙල්ඩ්ගේ අධ්‍යයන වාර්තාව ඉවත් කිරීමට ප්‍රථම මානව ප්‍රතිශක්තිකරණය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක සඟරාවක් වන “Journal of Human Immunology” විසින් එම වාර්තාව පළ කිරීමෙන් වැළකෙමින් මාස 8ක් තිස්සේ කල් මරන ලද අතර අවසානයේදී එය එම ජර්නලයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය මයිකල් රාක (Michael Racke) විසින් ප්රත්ක්ෂේප කරන ලදි. වෛද්‍ය මයිකල් රාකගේ “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්” ගැන ස්නායුවේදය පිළිබඳ ඇමෙරිකානු ඇකඩමිය (American Academy of Neurology) මෙසේ සඳහන් කර තිබේ:
” වෛද්‍ය රාක EMD සෙරෝන් (EMD Serone), නොවාර්ටිස් (Novartis), රෝෂ් ඩයොග්නොස්ටික් කෝපරේෂන් (Roche Diagnostics Corporation) ,ජීනෙන්ටෙක් (Genentech) සහ අමරාන්ටුස් (Amarantus) යන ඖෂධ සමාගම් වෙත උපදේශක සේවා සපයමින් ඒවායින් ගෙවීම් ලබාගෙන ඇත”( EMD සෙරෝන් වනාහි ජර්මනියේ ඩාර්ම්ස්ටඩ් හි පිහිටි මර්ක් KGaA ඖෂධ සමාගමේ අනු සමාගමකි)
ඖෂධ සමාගම් සහ වෛද්‍ය විද්‍යාත්මක සඟරාවන් අතර පවත්නා මෙම ව්‍යභිචාරි සම්බන්ධකම් පිළිබඳව කිසිවෙකු විසින් හඬක් නොනගන්නේ මන්ද? එන්නත් වලින් ලැබෙන ලාභ අනුපාතයන් ඉහළ නැංවීම සඳහා ගැඹුරටම මුල් ඇදුණු අවශ්‍යතාවන් ඇත්තාවූත්, එන්නත් නිෂ්පාදන සමාගම්වල අවශ්‍යතා සමග තමන්ගේම මූල්‍ය අවශ්‍යතා එකට වෙලී පවතින්නාවූත් මෙම සංස්කාරකවරුන් විසින් කර ඇති මෙම ප්‍රතික්ෂේප කිරීම්වලට එරෙහිව විද්‍යාත්මක ශාස්ත්රාලීය ප්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් මතු නොවූයේ මන්ද?
එම ශාස්ත්‍රීය ව්‍යාභිචාරයට එරෙහිව හඬක් නොනැගුණා පමණක් නොව සිදුවූයේ එයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දැක්වීම් සංවිධානාත්මකවම මතුකිරීමය. එන්නත් පිළිබඳ ඒකාධිකාරි ආඛ්‍යානයන්ට සිය අව්‍යාජ පර්යේෂණ මගින් අභියෝග කරන අවංක විද්‍යාඥයන්ට පහරදීම පිණිස ඖෂධ නිෂ්පාදන සමාගම් සංකීර්ණය විසින් කුලියට ගන්නා ලද සයිබර් ප්‍රහාරක කණ්ඩායම් විසින් ඉහත විද්‍යාඥයන් දෙදෙනාට එරෙහිවද කෲර ප්‍රහාරයක් එල්ල කරන ලදි. ඖෂධ නිෂ්පාදන සමාගම් සංකීර්ණය එම අව්‍යාජ පර්යේෂණයන් සළකන ලද්දේ තම මූල්‍ය අවශ්‍යතාවන්ට එරෙහි සෘජු තර්ජනයක් ලෙසය.
මහාචාර්ය ෂෝන්ෆෙල්ඩ් විසින් එම පර්යේෂණාත්මක අධ්‍යයනය නැවත සිදුකර නැවතත් සම-සමාලෝචනයට ලක්කර ප්රතිශක්තිවේදය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක සඟරාවක් වන Immunological Research (Nature-Springer) හි 2017 දී නැවත පළකරන ලදි.
නැවත සිදුකළ අධ්‍යයනයේද නිගමනය එකමය. එහි මෙසේ සඳහන් වේ:
” එන්නත් උත්ප්‍රේරක සහ එන්නත් විසින් ඒවා ලබාගන්නා පුද්ගලයන් තුළ ස්වයංප්‍රතිශක්තිකරණ සහ ප්‍රදාහක තත්ත්වයන් මතුකිරීමට හේතු විය හැකිය. එන්නත් තුළ අන්තර්ගත ඇලුමිනියම් මනුෂ්‍යයන්ට සහ සත්වයන්ට විෂ සහිත බව සනාථ කෙරෙන සාක්ෂි කොතෙක් පැවැතියද මනුෂ්‍යයන් යොදා ගනිමින් සිදුකරන බොහෝ එන්නත් අත්හදා බැලීමේ පරීක්ෂණවලදී අද දක්වාම අතුරු ප්රතිකාරක ලෙස අලුමිනියම් උත්ප්‍රේරක යොදාගැනේ…ගාර්ඩාසිල් එන්නතේ අන්තර්ගත ඇලුමිනියම් උත්ප්‍රේරක සහ ප්‍රතිදේහ හේතුවෙන් එම එන්නත විසින් ස්නායුප්රදාහයන් සහ ස්වයං ප්‍රතිශක්ති ප්රතිචාරයන් ඇති කිරීමේ හැකියාවක් පවතින අතර එම තත්ත්වය චර්යාත්මක වෙනස්කම් ඇතිකීරිමට බලපායි.
මෙම නිගමනයන්ගේ ආලෝකය තුළ , ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ කටයුතු සඳහා දිගුකාලීනව ලැබෙන යහපත් ප්‍රතිඵල පිළිබඳව තවමත් සනාථ කර නැති එන්නත් වර්ග යොදාගනිමින් සිදු කරන ජන සමූහ ප්‍රතිශක්තිකරණ භාවිතාවන් තුළදී, ප්‍රවේසම් සහගත ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙම අධ්‍යයනය විසින් අවධාරණය කරනු ලබයි.”
Behavioral abnormalities in female mice following administration of aluminum adjuvants and the human papillomavirus (HPV) vaccine Gardasil
විවිධ වෛද්‍ය විද්‍යාත්මක සඟරා 3ක සම-සමාලෝචන කණ්ඩායම් තුනක් විසින් එම නිගමනයන් විද්‍යාත්මකව නිවැරදි යැයි සලකනු ලැබීය.
ඩෙන්මාර්කයේ සෞඛ්‍ය බලධාරිහු එන්නතේ අතුරු ආබාධ පිළිබඳව එය අනුමතකළ යුරෝපීය ඖෂධ ඒජන්සියෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිති.
HPV එන්නතේ සුරක්ෂිතතාව පිළිබඳ මතුව ඇති විවාදය අන්තර්ගත වාර්තාමය වැඩ සටහනක් 2015 මාර්තු මාසයේදී ඩෙන්මාර්කයේ TV2 රූපවාහිනි චැනලය විසින් විකාශනය කරන ලදි.
HPV එන්නත සහ/හෝ නිදන්ගත ඇඟපත කැක්කුම් (Chronic Regional Pain Syndrome-CRPS) හා ශාරිරික ඉරියව් වෙනස් කිරීමේදී ඇතිවන ඇඟපත කැක්කුම් සහ අපහසුතා (Postural Orthostatic Tachycardia Syndrome – POTS)අතර සහේතුක සම්බන්ධයක් ඇත්දැයි තක්සේරුවක් කරන ලෙස ඩෙන්මාර්කයේ සෞඛ්‍ය සහ වෛද්‍ය බලධාරින් විසින් යුරෝපීය ඖෂධ ඒජන්සියෙන් (European Medicines Agency-EMA )ඉල්ලා සිටින ලදි.
මෙම ඉල්ලීමට පදනම්ව තිබුණේ ෆෙඩරික්ස්බර්ග් ආරෝග්‍ය ශාලාවේ වෛද්‍ය ලුයිස් බ්රින්ත් (Louise Brinth, MD, PhD, ) සහ ඇගේ සහෝදර වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් විසින් HPV එන්නත ගැනීමෙන් පසු රෝගාතුර වූ රෝගීන් 39ක් පිළිබඳව කරන ලද අධ්‍යයන වාර්තාවක්ය. එම අධ්‍යයනයේ සිරස්තලය වූයේ“මානව පැපිලෝමා වෛරස් එන්නතේ(HPV එන්නත ) අතුරු ආබාධයැයි සැක කෙරෙන අදාළ රෝග විනිශ්චයන් නිදන්ගත තෙහෙට්ටුව පිළිබඳ සහලක්ෂණය / මයාල්ජික් එන්සෙෆලමයලයිටිස් විය හැකිද ?” යනුවෙනි
කෙසේ වුවද යුරෝපීය ඖෂධ ඒජන්සියේ(EMA) ප්‍රතිචාරය වූයේ HPV එන්නතේ සුරක්ෂිතතාව සහතික කරමින් එය අනුමත කිරීමත් ඉහත අධ්‍යයනය සිදු කළ වෛද්‍ය ලුයිස් බ්රින්ත් ඇතුළු කණ්ඩායමට අවමන් කරමින් සිය වාර්තාව ප්‍රසිද්ධ කිරීමත්ය.
වෛද්‍ය පීටර් ගෝට්ෂ (Peter Gøtzsche), රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරවද්‍යතාව වෙනුවෙන් සටන් කරන නොර්ඩික් කොක්රේන් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වරයාය. ඔහු ” මාරාන්තික ඖෂධ සහ සංවිධිත අපරාධ: ඖෂධ සමාගම් විසින් සෞඛ්‍ය ආරක්ෂාව දූෂණය කළ ආකාරය” (Deadly Medicines and Organized Crime: How Big Pharma Has Corrupted Healthcare) නම් කෘතියේ කතුවරයාය. HPV එන්නත පිළිබඳ ඇත්ත දැනගැනීම සඳහා වන සටනේ නායකත්ව භූමිකාවක් ඉටුකරයි. 2016 මැයි මාසයේදී වෛද්‍ය ගෝට්ෂ සහ ඔහුගේ සගයන් විසින් යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) වෙත එම ආයතනයේ නීත්‍යානුකූලත්වය ප්‍රශ්න කරමින් චෝදනාත්මක පැමිණිලි ලිපියක් යවන ලදි.
යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් තමන්ගේම වෘත්තිමය සහ විද්‍යාත්මක ප්රමිතීන් උල්ලංඝණය කර ඇතැයි වෛද්‍ය පීටර් ගෝට්ෂ චෝදනා කරයි.
එම ලිපිය මගින් යුරෝපා සංගම් සම්මුතියට එකඟව කටයුතු කිරීමට යුරෝපා ඖෂධ ඒජන්සිය දක්වා ඇති අසමත්කමද, එම සම්මුතියේ වගන්තියක් වන “පුරවැසි සහභාගිත්වය දිරිගැන්වීම සඳහා විවෘතභාවය” යන්න උල්ලංඝණය කිරීම පිළිබඳවද, “HPV එන්නතේ සුරක්ෂිතතාව සම්බන්ධ දත්ත සහ විද්‍යාත්මක කරුණු ඇගයීමේදී වෘත්තිමය සහ විද්‍යාත්මක ප්රමිතීන් ආරක්ෂා නොකිරීම” පිළිබඳවද යුරෝපා ඖෂධ ඒජන්සිය වෙත චෝදනා කරන ලදි.
එමෙන්ම යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් නිකුත් කරන ලද පිටු 256 කින් යුත් HPV එන්නතේ සුරක්ෂිතතාව පිළිබඳ රහසිගත අභ්‍යන්තර වාර්තාවේ දැක්වෙන කරුණු සහ එය විසින් ප්‍රසිද්ධියට පත් කරන නොමඟ යවන සුළු නිල වාර්තාවේ දැක්වෙන කරුණු අතර පවත්නා දැඩි පරස්පර විරෝධතාවන් එම ලිපිය මගින් පෙන්වා දී ඇත. එමෙන් HPV එන්නත්කරණයට ලක්වූවන් තුළ මතුවූ බරපතල සෞඛ්‍යමය හානි පිළිබඳ ලේඛනගත කරනලද බරපතල සායනික සාක්ෂි අවඥා සහගතව බැහැර කිරීම සහ ඒවා වැරදි ලෙස අර්ථකතනය කිරීම පිළිබඳවද එම ලිපිය මගින් යුරෝපීය ඖෂධ ඒජන්සිය වෙත චෝදනා කර ඇත.
“යුරෝපීය ඖෂධ ඒජන්සියේ නිල වාර්තාව එන්නත මගින් සිදුවූවා යැයි සැක කෙරෙන සෞඛ්‍යමය හානි ඒකමතිකව ප්‍රතික්ෂේප කර ඇති බව පෙනී යයි. නමුත් මාස 7 කට පෙරාතුව එය විසින් සිය රහසිගත අභ්‍යන්තර ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ:
“”ක්ලාන්ත ගතිය තෙහෙට්ටුව පිළිබඳ රෝග ලක්ෂණද , ඇඟපත කැක්කුම් ආදිය සහ ගාර්ඩාසිල් HPV එන්නත අතර සහේතුක සම්බන්ධයක් පවතීය යන්න තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේපකිරීම කළ නොහැකිය.””යනුවෙනි.
” යුරෝපී ඖෂධ ඒජන්සියේ පිටු 40ක නිල වාර්තාව නොමඟ යවන සුළුය. මක් නිසාද යත්, එය විසින් ජනතාව තුළ HPV එන්නතේ සුරක්ෂිතතාව පිළිබඳව බියවීමට කිසිදු කරුණක් නොමැති බවටද යුරෝපා ඖෂධ ඒජන්සිය වෙත උපදෙස් සපයන ලද සියලු විශේෂඥයන් එම නිගමනයට එකඟ බවටද හැඟීමක් ඇති කරවන බැවිනි. කෙසේ වුවද යුරෝපා ඖෂධ ඒජන්සියේ රහසිගත අභ්‍යන්තර වාර්තාව අනුව පෙනී යන්නේ විශේෂඥයන් කීප දෙනෙකු මෙම එන්නත් සුරක්ෂිත නොවන්නේය යන මතය දැරූ බවත් එම එන්නත පිළිබඳව වැඩි දුර පර්යේෂණ සිදු කරන ලෙස ඉල්ලා සිට ඇති බවත්ය. නමුත් මේ පිළිබඳව කිසිවක් ප්‍රසිද්ධියට පත්කරන ලද නිල වාර්තාව තුළ සඳහන් නොවේ.”Peter Gøtzsche, Complaint to the European Medicines Agency (EMA) over maladministration at the EMA
එම ලිපිය මගින් පහත සඳහන් කරුණු පිළිබඳව යුරෝපීය ඖෂධ සංගමයේ පාරදෘෂ්‍යතාවයකින් තොර රහස්‍ය ක්‍රියා පිළිවෙත දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.
1. යුරෝපීය ඖෂධ ඒජන්සියේ ඖෂධ අනුමත කිරීමේ මණ්ඩලයේ සාමාජිකයන්ද, එම ක්‍රියාදාමයට සහභාගිවන විද්‍යා විශේෂඥයන්ද යාවජීව ලෙස බලපාන පරිදි රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ ගිවිසුමක් අත්සන් තැබිය යුතුවීම
2. ඖෂධ අනුමත කිරීමේ ක්‍රියාදාමය සඳහා යුරෝපී ඖෂධ ඒජන්සිය විසින් තෝරාගන්නා ලද විශේෂඥයන්ගේ අනන්‍යතාවන් සැඟවීම
3. එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ඇගයුමට ලක්කිරීමේදී විද්‍යාත්මක වශයෙන් නීත්‍යානුකූල ක්‍රියාදාමයක් අනුගමනය කිරීමට අසමත්වීම
4. එන්නත් නිෂ්පාදක සමාගම්වල ලාභ ඉපැයීමේ දැවැන්ත මූල්‍ය අවශ්‍යතාව නොතකා හරිමින්, එන්නත් නිෂ්පාදක සමාගම් විසින් සිය නිෂ්පාදන සඳහා ඉදිරිපත් කරන ලද ඔවුන්ගේම සුරක්ෂිතතා සහතිකය මත පදනම්ව යුරෝප ඖෂධ ඒජන්සිය විසින් ඖෂධ අනුමත කිරීම
5. යුරෝපීය ඖෂධ ඒජන්සියේ පරිපාලන නිලධාරින්ගේ සහ එහි ඖෂධවල සුරක්ෂිතාව ඇගයීමේ සහ ඒවා අනුමත කිරීමේ මණ්ඩලවල සාමාජිකයන්ගේ මූල්‍යමය අවශ්‍යතා පිළිබඳ ගැටුම් ( එනම් ඔවුන් ඖෂධ නිෂ්පාදන සමාගම් සංකීර්ණය සමග තමන්ට කවර හෝ මූල්‍යමය ප්රතිලාභ ලැබෙන සම්බන්ධක්ම් පවතීද නැද්ද යන වග) අනාවරණය නොකිරීම
Peter Gøtzsche, Complaint to the European Medicines Agency (EMA) over maladministration at the EMA
“නීරෝගී දරුවන් වෙත රජය විසින් සෞඛ්‍ය කටයුතුවලට අදාළව සිදුකරන කවර හෝ මැදිහත්වීමක් හේතුවෙන් ඇතිවිය හැකියැයි සැක සිතන සෞඛ්‍යමය හානි සම්බන්ධව පවත්නා සියළු සාක්ෂි ඇතුළත් ලිපි ලේඛන පොදු මහජනයා හමුවේ විවෘතව පවත්වාගෙන යායුතුය.” යනුවෙන් වෛද්‍ය පීටර් ගෝට්ෂ විසින් අවධාරණය කර ඇත.
CDC යේ ළමා එන්නත්කරණ වැඩ සටහන යටතේ බහු-වෛරස් එන්නත් බිළිඳු ලමුන්ට ලබාදීමේදී ඔවුන් ගොදුරු වූ සෞඛ්‍යමය හානි පිළිබඳ දත්ත CDC නිලධාරින් විසින් චේතාන්විතවම සඟවනලද බව එක්සත් ජනපදයේ බෝවෙන රෝග පාලන මධ්‍යස්ථානයේ ( CDC ) අභ්‍යන්තර ලේඛන මගින් හෙළිදරවු වී ඇති බව, අව්‍යාජ ඖෂධ සුරක්ෂිත තක්සේරුවක් සඳහා මහජනයාට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින වෛද්‍ය ගෝට්ෂ සහ කණ්ඩායමේ අවධානයට යොමු විය යුතුය.
කතුවරිය ගැන
වේරා ෂාරව් යනු දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනියේ යුදෙව් සංහාරයෙන් දිවි ගලවාගත් අයෙකි. ලෝකය පුරා ආණ්ඩු සහ ඖෂධ සමාගම් විසින් මහජනයාගේ සෞඛ්‍ය මත පවත්ගෙන යනු ලබන සර්ව බලධාරි අධිකාරය වේරාගේ දැඩි විවේචනයට ලක්ව ඇත.
වේරා රුමේනියාවේ උපත ලද අයෙකු වන අතර ඇගේ උපන් නම වේරා රෝල් (Vera Roll ) වේ. ඇයගේ උපත සිදුව ඇත්තේ ජර්මනියේ නාසි පාලනය සමග සන්ධානගත වූ පැසිස්ට් ආණ්ඩුවක් රුමේනියාවේ පාලන බලය පිහිටුවීමට වසර කීපයකට පෙරය. 1941දී රුමේනියාවේ පැසිස්ට් අණ්ඩුව විසින් ඇගේ පවුලේ සාමාජිකයන්ද ඇතුළු රුමේනියන් සහ හංගේරියානු යුදෙව්වන් 145,000ක් යුක්රේනයේ දකුණු දේෂසීමාවේ පිහිටි ට්රාන්ස්නිස්ට්රියාවට පිටුවහල් කරන ලදි. රුමේනියාව තුළ යුදෙව්වන් 250,000ක් ඝාතන, සාගත හෝ වසංගත මගින් මරණයට පත් විය. කුඩා වේරා රෝල් මොගිලෙව්හි පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරකට යවනු ලැබිණි. දිවි ගලවාගත් තුර්කියට සහ පලස්තීනයේ රැඳී කලක් ගතකල අතර පසුව නිව්යෝර්ක් වෙත පැමිණ ඇගේ මව සමග ජීවත් වූවාය.
ඖෂධ සමාගම් සහ සෞඛ්‍ය බලධාරින් සමග ඇයගේ අනවරත අරගලයේ ආරම්භක හේතුව අතිශයින් වේදනාකාරි පුද්ගලික අත්දැකීමක් විය. ඇගේ වැඩිමහලු පුත්‍රයා වූ ඒමි වයස අවුරුදු 20 වන විට භින්නෝන්මාදය(schizophrenia) නම් මානසික රෝගයට ගොදුරු විය.1989 දී ඇයට සිය පුතුගේරෝගය සඳහා ලබා දිය හැකි Clozapine නම් නව ඖෂධයක් රජය විසින් අනුමත කර ඇති බව දැනගන්නට ලැබිණි. මෙම ඖෂධය ගැනීමෙන් ටික කලකට පසුව ඒමි ශාරිරිරිකව දුර්වලවීමටත් ඇවිදීමේ අපහසුතාවයන්ගෙන් පෙළීමටත් පටන්ගත්තේය. වේරා ඒ්මිගේ මනෝ වෛද්‍යවරයාට මේ බව පැවැසූ පසුව ඔහු ඒමිට දෙන මාත්‍රාව වැඩි කර මානසික ආතතියයට එරෙහිව අමතර ඖෂධයක්ද ලබාදුන්නේය. දවස් දෙකකට පසුව ඒමිව හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළුකරනු ලදුව එහිදී මරණයට පත් විය. ඇගේ පුතු මරණයට පත්වූයේ ඔහුට ලබාදුන් ඖෂධවල හානිකර අතුරු ආබාධ හේතුවෙන් බව පසුව තහවුරු විය.ඒමිගේ මරණයෙන් ඇය ශෝකයටත් කෝපයටත් පත් වූවාය.
“මේ සියල්ලෙන් පසුව මා ඉගෙනගත් දෙය නම් කිසිකලෙකත් බලධාරින්ව විශ්වාස නොකළ යුතු බවය. මම ඒ වෛද්‍යවරයාව විශ්වාස කර ඒමිට එම ඖෂධ ගැනීමට බල කෙළෙමි. නමුත් මම මටම පහර දෙනු වෙනුවට පෙරට යාමට තීරණය කළෙමි” යි වේරා සඳහන් කළාය
සෞඛ්‍ය බලධාරින් කෙරෙහි ඇය තුළ ඇති වූ දැඩි අවිශ්වාසය හේතුවෙන් ඇය මානසික රෝගීන් සඳහා දෙනු ලබන ඖෂධවල ඉතිහාසය හදාරමින් , ඖෂධ අත්හදාබැලීමේ පර්යේෂණවලදී සිදුවන අපරාධ සහ විෂමාචාරයන් ගැන සිය අවබෝධය පුළුල් කරගත්තාය. නාසි වෛද්‍යවරයෙකු වූ ජෝසෆ් මෙන්ගෙල්ගේ පරීක්ෂණවල සිට අප්‍රිකානු ඇමෙරිකානු පිරිමි 399 දෙනෙකුට සිපිලිස් රෝගයෙන් ආසාදනය කරවමින් වසර 40ක් තිස්සේ ඔවුන්ට කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදෙමින් අඩුම තරමින් ඔවුන්ට එම රෝගය වැළැඳී ඇතිබව පවා දැනුවත් නොකර ඔවුන්ට විඳවීමට සලස්වමින් ඔවුන්ගේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කුප්‍රකට ටුස්කිගී පරීක්ෂණය (Tuskegee study) පිළිබඳවද හැදෑරුවාය.බටහිර වෛද්‍ය ඉතිහාසයේ මෙවැනි විවාදාත්මක අත්හදාබැලීම් පිළිබඳව දිගින් දිගටම හැදෑරු ඇයට එවැනි බිහිසුණු සහ කෲර “වෛද්‍ය විද්‍යාත්මක අත්හදා බැලීම්” අතීතයට පමණක් අයත් දේ නොවන බව ඇයට වැටහිණි. එවැනි මානව විරෝධී වෛද්‍යමය අත්හදා බැලීම් සහ ලාභ ඉපැයීම සඳහා ඖෂධවල සැබෑ හානිකර ස්වභාවය යටපත් කිරීමට ඖෂධ සමාගම් සහ ඔවුන් සමග සන්ධානගතවූ සෞඛ්‍ය බලධාරින් සහ වෛද්‍ය වෘත්තිකයන් ගෙන යන ක්රියාදමයට එරෙහි ඇගේ අනවරත අරගලයේ පදනම මෙම අත්දැකීම්ය.
පරිවර්තනය: අජිත් සී හේරත්
මූලාශ්‍ර
Allegations of Scientific Misconduct by GACVS/WHO/CDC Representatives et al An open-letter of complaint to the Director-General of the World Health Organization, Dr. Margaret Chan
Global Advisory Committee on Vaccine Safety Statement on the continued safety of HPV vaccination
Most editors of top medical journals receive industry payments: report
Is HPV Vaccine Safety an Illusion Maintained by Suppression of Science?
Lessons learnt in Japan from adverse reactions to the HPV vaccine: a medical ethics perspective
Lessons learnt in Japan from adverse reactions to the HPV vaccine: a medical ethics perspective
Complaint to the European Medicines Agency (EMA) over maladministration at the EMA