කොවිඩ්-19 එන්නත්කරණයෙන් පසු දෙවසර තුළ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 65,074කින් ඉහළ යයි: (4 වැනි කොටස) කොවිඩ්-19 එන්නත් තුළ හඳුනා නොගත් හානිකර ද්‍රව්‍ය අන්තර්ගත බව විද්‍යාඥයෝ සොයාගනිති

අජිත් සී හේරත්

කොවිඩ්-19 එන්නත්වල හඳුනාගත නොහැකි සංඝටක පවතින බව ජර්මන්, ජපන්, සහ පෘතුගිසි විද්‍යාඥයෝ සොයාගනිති

ඇතැම් නිශ්චිත එන්නත් තොගවල ජනතාවගේ සෞඛ්‍යයට මාරාන්තික තර්ජනයක් එල්ල කරන ආගන්තුක සහ හඳුනාගත නොහැකි ද්‍රව්‍ය පවතින බව රටවල් කිීපයක ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් විසින් සිදු කළ පරීක්ෂණවලදී සනාථ වී තිබේ.

මෙයට පෙර ජර්මනියේ විද්‍යාඥයන් පිරිසක් විසින් ෆයිසර් එන්නත් තුළ පැහැදිලි කළ නොහැකි ආගන්තුක ද්‍රව්‍ය පවතින බව නිරීක්ෂණය කරන ලදි. එම පරීක්ෂණවල වලදී සොයාගත් දේවල් පිළිබඳ සාක්ෂි ඔවුහු රජයේ බලධාරින්ට, යුරෝපීය මෙඩිකල් ඒජන්සියට (European Medical Agency), එන්නත් පිළිබඳ කමිටුවට සහ පෝල් එයර්ලිෂ් ආයතනයට ඉදිරිපත් කරන ලද නමුත් ඔවුහු කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

2021 අගෝස්තු මාසයේදී ජපානය විසින් මොඩෙර්නා එන්නත මගින් සිය ජනතාව එන්නත් කරවීම අත්හිටුවන ලද්දේ එම එන්නත් තුළ හඳුනාගත නොහැකි ආගන්තුක ද්‍රව්‍ය අඩංගු බව ජපන් විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණ මගින් හෙළිදරවු වීමත් එම එන්නත ලබාගත්  පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වීමත්  නිසාය.
වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇති අන්දමට මෙම ආගන්තුක ද්‍රව්‍ය චුම්බක ක්ෂේත්‍රයන්ට ප්‍රතිචාර දක්වා තිබේ. එහෙයින් ඒවා තුළ  කිසියම් ලෝහමය සංඝටක අන්තර්ගත බවට  ජපන් විද්‍යාඥයන් විසින් සැක කළහ. ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉහත ආගන්තුක ද්‍රව්‍යයන් අඩංගු මොඩෙර්නා එන්නත්  මාත්‍රා මිලියන 1.6ක් සහිත තොග  භාවිතයෙන් ඉවත් කරනු ලැබූවද ද මෙම සොයාගැනීම පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම මොඩෙර්නා සමාගමේ බලපෑම යටතේ අත්හැර දමා තිබේ. එමෙන්ම මෙම ආගන්තුක ද්‍රව්‍ය හේතුවෙන් එන්නත්වල සුරක්ෂිතතාව සහ කාර්යක්ෂ්මතාව පිළිබඳ ගැටළුවක් මතු වී නැතැයි ද ජපාන රජය විසින් පසුව නිවේදනය කරන ලදි.  මොඩෙර්නා සමාගම සිය එන්නත්වල අඩංගු මෙම ආගන්තුක ද්‍රව්‍ය පිළිබඳව නිදහසට කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ  එන්නත් නිෂ්පාදනය කළ ස්පාඤ්ඤ විද්‍යාගාරය තුල දී සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් එම එන්නත් තොගය “ අපිරිසිදු වී ඇති බවයි.”

කොවිඩ්-19 එන්නත්වල අන්තර්ගත සංඝටක පිළිබඳව කේරී මෙඩේ වෛද්‍යවරියගේ පර්යේෂණ

එක්සත් ජනපදයේ අභ්‍යන්තර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන ් මෙඩේ (Carrie Madej) විසින් කොවිඩ්-19 එන්නත් වර්ග කීපයක් අන්වීක්ෂමය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහි දී ඇය විසින් එම එන්නත් තුළ ආගන්තුක සහ හඳුනාගත නොහැකි ද්‍රව්‍යයන් පවතින බවට නීරීක්ෂණය කර තිබේ. ඇයගේ නීරීක්ෂණවලට අනුව එන්නත් තුළ ක්ෂුද්‍ර ලෝහමය පතුරු, “ග්‍රැෆේන් වැනි ව්‍යුහයන් ” සහ අඬු සහිත ඉතා කුඩා මකුළුවෙකුගේ හැඩය සහිත සංචරණ හැකියාව සහිත කිසියම් ජීවියෙකු වැනි ව්‍යුහයක් ද ඇයට මොඩෙර්නා එන්නත තුළ හමු වී තිබේ. මෙය ස්වයං අවබෝධයක් සහිත ජීවියෙකුගේ ලක්ෂණ පෙන් වූ දෙයක් බව ද එය අවකාශය තුළ වර්ධනය වීමේ සහ චලනය වීමේ හැකියාව සහිත එකක් බවද තමන් නිරීක්ෂණය කළ බව ඇය පවැසුවාය. මෙය දැකීමෙන් තමන් ඉමහත් කම්පනයට පත් වූ බවත් තමන්ට එය ඇදහීමට පවා නොහැකි වූ බැවින් එය අහම්බයක් යැයි ද එය එම එන්නත් කුප්පියට පමණක් සීමාවන්නට ඇති දෙයක් යැයි ද සිතූ බවත් වෛද්‍ය කේරී මෙඩේයි පවසා ඇත.
පසුව එම විද්‍යාගාරය විසින්ම තවත් මොඩෙර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් කුප්පි කීපයක් ලබාගැනීමට සමත් වූ අතර තමන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද පළමු එන්නත් කුප්පියේ දක්නට ලද දේවල්ම මෙම පසුව පරීක්ෂාවට ලක් කරන ලද එන්නත් කුප්පි තුළද අඩංගුවන බව තමන්ට දක්නට ලැබිණි යැයි වෛද්‍ය කේරි මෙඩේ පවසා ඇත.
ඒවා තුළ ද සූත්‍රිකා නැතහොත් අඬු වැනි අවයව වලින් සමන්විත ජීවියෙකු ලෙස පෙනෙන ව්‍යුහයන්,ග්‍රැෆේන් වැනි ව්‍යුහයන්, සහ වර්ණවත් ඇලෙන සුළු මේදමය ගෝලිකා දක්නට ලැබුණ බවද කේරි මෙඩේයි ප්‍රකාශ කර ඇත.
ඇය විසින් මෙම පරීක්ෂණය කර ඇත්තේ එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ විද්‍යාගාරයක් විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. ඒ අනුව ඇය මොඩෙර්නා, ෆයිසර් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් වර්ග පරීක්ෂාවට ලක් කර තිබේ. මෙම පරීක්ෂණයේදී අදාළ එන්නතේ ද්‍රාවණයට කිසිවක් එක් කිරීම හෝ ඒවා තනුක කිරීම සිදු නොකළ බව ඇය පැවසුවාය.

වෛද්‍ය කේරී මෙඩේයි විසින් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 එන්නත තුළ නිරීක්ෂණය කරන ලද නැනෝ ලිපිඩ යැයි සැක කෙරෙන ඇලෙන සුළු මැලියම් වැනි ද්‍රව්‍යය

“පළමුව එන්නත් දියරය විනිවිද පෙනෙන සුළු එකක් විය . පැය දෙකක් පමණ කාලය ගතවන විට එය තුළ විවිධ වර්ණයන් මතු විය. මම කිසි විටෙකත් මෙවැනි දෙයක් නැත. එහි රසායනික ප්‍රතික්‍රිියාවක් සිදු වෙමින් නොපැවතිණි. එහි වූ වර්ණ අතර දීප්තිමත් නිල්, තද දම්, කහ පැහැය සහ සමහර අවස්ථාවන්හිදී කොළ පැහැයද දක්නට ලැබිණි.”

මෙම දීප්තිමත් වර්ණයන් ඇතිවීමට හේතුව කුමක්දැයි වෛද්‍ය කේරි විසින් නැනෝ තාක්ෂණික ඉංජිනේරුවන්ගෙන් විමසන ලදුව ඔවුන් විසින් දෙන ලද පිළිතුර වී ඇත්තේ එයට හේතුව සුපිරි සන්නායක ද්‍රව්‍ය අඩංගු වීම විය හැකි බවය. මෙම එන්නත් තුළ අඩංගු එක්තරා ව්‍යුහයක් වෙත අවධානය යොමු කරමින් ඇය පවසා සිටියේ එය එන්නත් කිරීම මගින් ශරීරගත කළ හැකි සුපිරි සන්නායක වලින් සැදුම්ලත් ක්ෂුද්‍ර පරිපථවලින් සමන් විත නැනෝ පරිගණක පද්ධතියක් විය හැකි බවයි.

මෙම තන්තුමය ද්‍රව්‍යයන්ගේ මතුවීම ක්‍රමයෙන් වැඩි වූ බවත් සමහර තන්තුවල ක්ෂුද්‍ර ඝනකයක හැඩයක් සහිත වූ බවත් වෛද්‍ය කේරි මෙඩේයි පවසා ඇත. එය කුමක්දැයි තමන් නොදන්නා බවද ඇය පැවසුවාය. මෙම තන්තුමය ද්‍රව්‍ය අණ්වීක්ෂ පරීක්ෂණ කදාවේ කෙළවරක එක් රැස්වෙමින් එකිනෙක සම්බන්ධ වෙමින් “ස්වයං ඒකලන ” හැකියාවක් පෙන්නුම් කළ බවද එම ව්‍යුහයන් ක්‍රමයෙන් වර්ධනය වූ බවද ඇය පැවසුවාය.
එමෙන්ම ලෝහමය පතුරු වැනි දිලිසෙන සහ පාරදෘෂ්‍ය ව්‍යුහයන් දක්නට ලද බවත් ඇය පවසා තිබේ.

වෛද්‍ය කේරී මෙඩේයි විසින් කොවිඩ්-19 එන්නත් තුළ නිරීක්ෂණය කරන ලද කවාකාර මුදු වැනි ව්‍යුහයන්
වෛද්‍ය කේරී මෙඩේයි විසින් කොවිඩ්-19 එන්නත් තුළ නිරීක්ෂණය කරන ලද ස්වයං ඒකලන හැකියාවක් සහිත තන්තුමය ද්‍රව්‍යයන්

ජොන්සන් සහ ජොන්සන් එන්නත් ද්‍රාවණය තුළ විවිධ වර්ණ මතුවිය. ඒවා දීප්තිමත් ෆ්ලොරසන්ට් පැස්ටල් වර්ණ විය. ඒවා තුළද නොයෙකුත් කෘත්‍රිම ව්‍යුහයන් දක්නට ලැබිණි. ඒ අතර රවුම් මුදු වැනි ව්‍යුහයන්ද දක්නට ලැබිණි. නිසැකවම ඒවා වායු බුබුලු නොවන බව වෛද්‍ය කේරී මෙඩේයි විසින් අවධාරණය කර ඇත. මෙම මුදු වැනි ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් වූ බවත් කාලය කෙමෙන් ගතවන විට ඒවා තුනීවෙමින් ප්‍රසාරණය වී අවසානයේ දී කිසියම් ජෙලටීන් වැනි ද්‍රව්‍යයක් මුදාහරින ලද බවත් කේරි මෙඩේයි විසින් පවසා තිබේ. මෙම මුදු වැනි ව්‍යුහය තුළ විවිධ ද්‍රව්‍ය අන්තර්ගතව තිබූ බවත් එම මුදු වැනි ව්‍යුහය යොදාගෙන ඇත්තේ එකී ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීමේ ඇසුරුමක් ලෙස බවත් කේරී අනුමාන කරයි.

 

වෛද්‍ය කෙරී මෙඩේ

“පළමුව එන්නත් දියරය විනිවිද පෙනෙන සුළු එකක් විය . පැය දෙකක් පමණ කාලය ගතවන විට එය තුළ විවිධ වර්ණයන් මතු විය. මම කිසි විටෙකත් මෙවැනි දෙයක් නැත. එහි රසායනික ප්‍රතික්‍රිියාවක් සිදු වෙමින් නොපැවතිණි. එහි වූ වර්ණ අතර දීප්තිමත් නිල්, තද දම්, කහ පැහැය සහ සමහර අවස්ථාවන්හිදී කොළ පැහැයද දක්නට ලැබිණි.

“එන්නත් ද්‍රාවණය තුළ විවිධ වර්ණ මතුවිය. ඒවා දීප්තිමත් ෆ්ලොරසන්ට් පැස්ටල් වර්ණ විය. ඒවා තුළද නොයෙකුත් කෘත්‍රිම ව්‍යුහයන් දක්නට ලැබිණි. ඒ අතර රවුම් මුදු වැනි ව්‍යුහයන්ද දක්නට ලැබිණි. නිසැකවම ඒවා වායු බුබුලු නොවන බව කිව හැකිය. මෙම මුදු වැනි ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් පැවැති අතර කාලය කෙමෙන් ගතවන විට ඒවා තුනීවෙමින් ප්‍රසාරණය වී අවසානයේ දී කිසියම් ජෙලටීන් වැනි ද්‍රව්‍යයක් මුදාහරින ලදි.”

“මෙවැනි දේවල් මම කිසි විටෙකත් දැක නැත්තෙමි. ඒවා මෙම එන්නත්වල අන්තර්ගත නොවිය යුතු දේවල්ය. ඒවා ශරීරගත කරන ලද පුද්ගලයන්ට කුමක් සිදු වනු ඇත්ද? ඒවා ශරීර ගත කරන ලද ළමුන්ට කුමක් සිදුවනු ඇත්ද? මේවා දෙවනවරටත් එන්නත් තුළ නිරීක්ෂණය කළ පසු මම හඬන්නට පටන් ගතිමි. ”

වෛද්‍ය කේරී මෙඩේ

මෙහිදී ඇය ඉදිරියට හා පසුපසට ගමන් කරන විනිවිද පෙනෙන ජීවියෙකු බඳු දේවල් ද නිරීක්ෂණය කර තිබේ. ඇය මුලින්ම සිතා ඇත්තේ එය ජලයේ ජීවත්වන ක්ෂුද්‍ර පරපෝෂිත ජීවියෙකු ලෙසය. නමුත් බොහෝ වෙලාවක් එහි චලනයන් නිරීක්ෂණය කිරීමෙන් පසු ඇගේ නිගමනය වී ඇත්තේ එයට ඇත්තේ රොබෝවක චලනය සිදුවන ආකාරයට සමාන චලනයක් බවයි.

ෆයිසර් එන්නත තුළ ද ඇය විසින් මෙයට සමාන වස්තූන් නිරීක්ෂණය කර තිබේ. ඒ අතර ටෙස්ලාෆොරෙසිස් නම් විශේෂිත ලෝහමය ද්‍රව්‍යයට සමාන ව්‍යුහයන් සහ ගති ලක්ෂණවලින් සමන්විත ද්‍රව්‍යයක්ද පැවැති බව ඇය පවසයි. ටෙස්ලාෆොරෙසිස් යනු ග්‍රැෆයිට් වැනි කළු පැහැති ලෝහමය අංශු විශේෂයකි. මෙම ටෙස්ලාෆොරේසිස් අංශු කිසියම් බාහිර ශක්ති ප්‍රභවයක ක්ෂේත්‍රයට ඇතුළු කළ විට ඒවා තන්තුමය හෝ දාමයක හැඩයක් කරා පෙළ ගැසෙමින් මකුළු දැලකට සමාන ව්‍යුහයක් ගොඩ නගයි. (පින්තූරය බලන්න) මෙම බාහිර ශක්ති ප්‍රභවය ආලෝකය, විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක්, හෝ ක්ෂුද්‍ර විද්‍යුත් තරංග මගින් නිර්මාණය කෙරෙන ස්පන්දයන් වැනි ඕනෑම එකක් විය හැකිය. ෆයිසර් එන්නත තුළ ඇති මෙම කුඩා අංශු එකිනෙකට සම්බන්ධවෙමින් ඒවාටම ආවේණික විද්‍යුත් ස්නායු ජාලයක් හෝ තන්තු හෝ රැහැන් නිර්මාණය කිරීමට සමත් බව කේරී මෙඩේ පවසයි.

මොඩෙර්නා එන්නත තුළ හයිඩ්‍රා වුල්ගාරිස්ට සමාන ග්‍රාහිකා සහිත ක්ෂුද්‍ර ජීවියෙක්

වෛද්‍ය කේරී මෙඩේයි විසින් මොඩෙර්නා එන්නත තුළ ආලෝක අණ්වීක්ෂය මගින් නිරීක්ෂණය කරන ලද ග්‍රාහිකා සහිත ජලජ ජීවියෙකුට සමාන සජීවී වස්තුව (විශාලනය 1×400)

වෛද්‍ය කේරී මෙඩේ විශ්වාස කරන්නේ මොඩෙර්නා එන්නත තුළ තිබී තමාට හමුවූ ග්‍රාහිකා (සිරුරෙන් විහිදෙන තන්තුමය අවයව) සහිත ජීවමය ලක්ෂණ සහිත වස්තුව හයිඩ්‍රා වුල්ගාරිස් (hydra vulgaris) නම් ජලජ ජීවියා හා සම්බන්ධ පර්යේෂණවලට අදාළ දෙයක් විය හැකි බවය. හයිඩ්‍රා වුල්ගාරිස් යනු සංක්‍රාන්තික මානුෂිකවාදින් සහ නව යුජෙනික්ස්වාදින් හෙවත් ජෙනටික්ස්වාදින් විසින් දැනට දශක දෙකක සිට පර්යේෂණයට ලක්කරමින් සිටින ජීව විශේෂයකි. මෙම ජීවියා අමරණීය සත්වයෙකු බවත් අඛණ්ඩව දේහ සෛල නිෂ්පාදනය කිරීමට සමත් බවත්, එය පරීක්ෂණ දීසියක් මත කැබැලිවලට ජේදනය කළ පසුව එම එක් එක් කොටස නැවත වැඩෙමින් සම්පූර්ණ වෙනස් ජීවින් කීප දෙනකු බිහිකිරීමට සමත් බවත් කේරී පවසයි. මෙම ජීවියාගේ මෙම ප්‍රතිජනන හැකියාව සහිත ජාන මානව ජාන ගෙනෝමය තුළට ඇතුළත් කරමින් “සදාකාලික යෞවනය” නැතහොත් “අමරණීයත්වය” ලබාගැනීම පිළිබඳවද සිරුරෙන් වෙන් වූ අවයව වෙනුවට නැවත සම්පූර්ණ අවයව වර්ධනය කිරීමේ හැකියාව ලබාගැනීම පිළිබඳවද ජෛව විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බව ද කේරී පවසයි.
සංක්‍රාන්තික මානුෂිකවාදි විද්‍යාඥයන් විසින් හයිඩ්‍රා වුල්ගාරිස් ජීවියා වෙත අවධානය යොමු කර ඇති අනෙක් හේතුව වන්නේ මෙම ජීවි සමූහයක් එක් රැස් වූ විට ඔවුන් සාමුහික තනි ස්නායු පද්ධතියක් නැතහොත් තනි ස්නායු ජාලයක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාවක් පෙන්වන බැවිනි. එවිට ඔවුන් සන්නිවේදනය කරන්නේ තනි ස්නායු පද්ධතියකට අයත් සෛල ලෙසය. ඔවුන්ගේ මෙම රාශිගතවීම් සහ ස්නායු ක්‍රියාකාරිත්වයන් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර, ක්ෂුද්‍ර විද්විද්‍යුත් තරංග, තාපය, ආලෝකය වැනි බාහිර ශක්ති ප්‍රභවයන් මගින් පාලනය කළ හැකිය. මෙහිදී අප විසින් බරපතල ලෙස අවධානයට යොමු කළ යුතු කරුණ වන්‌නේ කොවිඩ්-19 එන්නත් තුළ අන්තර්ගත කර ඇති මෙම හයිඩ්‍රා වුල්ගාරිස්ට සමාන ජීවි ද්‍රව්‍යයට මිනිස් සිරුර තුළ දී ඒකාබද්ධව එය මගින් මිනිස් ස්නායු පද්ධතිය ආක්‍රමණය කිරී‌මේ හැකියාවක් පවතීද යන කරුණ ගැනය. බාහිර විද්‍යුත් තරංග මගින් මෙම ජීව ඒකකයන් පාලනය කිරී‌මේ හැකියාවක් පවතින බවට විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති බැවින් මේ මගින් එන්නත් ලබාගත්තවුන් වෙත එල්ලවන අවදානම තවදුරටත් ඉහළ යන බව අනුමාන කළ හැකිය.

හයිඩ්‍රා වුල්ගාරිස්-සංක්‍රාන්තික මානුෂිකවාදි විද්‍යාඥයන් විසින් හයිඩ්‍රා වුල්ගාරිස් ජීවියා වෙත අවධානය යොමු කර ඇති අනෙක් හේතුව වන්නේ මෙම ජීවි සමූහයක් එක් රැස් වූ විට ඔවුන් සාමුහික තනි ස්නායු පද්ධතියක් නැතහොත් තනි ස්නායු ජාලයක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාවක් පෙන්වන බැවිනි. එවිට ඔවුන් සන්නිවේදනය කරන්නේ තනි ස්නායු පද්ධතියකට අයත් සෛල ලෙසය.

එක්සත් ජනපදයේ ආසාත්මික සහ ආසාදන රෝග පිළිබඳ ජාතික සෞඛ්‍ය ආයතනය (National Institute of Allergy and Infectious Diseases- NIAID)විසින් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇන්තනී පවුචීගෙ නායකත්වය යටතේ හයිඩ්‍රා වුල්ගාරිස් සම්බන්ධ පරීක්ෂණසිදු කරමින් සිටියි.
මොඩෙර්නා එන්නත සංවර්ධනය කර ඇත්තේ එක්සත් ජනපදයේ ආරක්ෂණ උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Defence Advanced Research Projects Agency – DARPA), එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව සහ වෙනත් එක්සත් ජනපද රාජ්‍ය ආයතන ගණනාවක් ඒකාබද්ධවය. මොඩෙර්නා සමාගමේ mRNA-1273 එන්නතේ ව්‍යාපාරික කොටස්වලින් 50%ක් හිමිව ඇත්තේ එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනය (National Institutes of Health-NIH) වෙතය. එම ආයතනයේ වෙබ් අඩවිය හයිඩ්‍රා වුල්ගාරිස්ගේ ජානමය පරීක්ෂණ සම්බන්ධ වෙනම අනු අංශයක්ද  (Hydra 2.0 Genome Project)  පවත්වාගෙන යයි.

එක්සත් ජනපදයේ අසාත්මික සහ ආසාදක රෝග පිළිබඳ ජාතික ආයතනයේ (National Institute of Allergy and Infectious Diseases -NIAID) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ඇන්තනී ෆවුචී හයිඩ්‍රා වුල්ගාරිස් පිළිබඳ පර්යේෂණ සඳහා වසර දශක දෙකක කාලයක් තිස්සේ අනුග්‍රහය දක්වා තිබේ. ඇන්තනී ෆවුචීට වෛරස්වල ජාන වෙනස්කිරීම මගින් ඒවායේ විෂ සහිත ස්වභාවය වැඩිකිරීමේ පර්යේෂණවලට ආධාර ලබා දී ඇතැයි යන චෝදනාව මත එක්සත් ජනපද සෙනේට් විමර්ශනයන් හමුවේ පෙනී සිටීමට සිදු වී තිබේ. ඊනියා කොවිඩ්-19 මර්දනය කිරීමට යැයි කියමින් එක්සත් ජනපදය තුළ සහ  එමගින් සමස්ත ලෝකය පුරාම කොවිඩ්-19 එන්නත්කරණය, ලොක් ඩවුන්, සමාජ දුරස්තකරණය සහ මුව ආවරණ අනිවාර්යකරණය වැනි ප්‍රතිපත්ති දියත් කිරීමට මැදිහත් වූ අයගෙන් ප්‍රධාන පුද්ගලයෙකු වන්නේද ෆවුචීය.

 

ෆයිසර් සමාගමේ හිටපු විද්‍යාඥවරියක වූ කැරන් කිංග්ස්ටන් විසින් සිදු කරන ලද හෙළිදරවු කිරීම්

2021 ඔක්තෝබර් මස 21 වැනි දින ෆයිසර් සමාගමේ විද්‍යාඥවරියක වූ කැරන් කිංග්ස්ටන් විසින් ෆයිසර් එන්නත්වලට අදාළ ජාන විකෘතිකිරීමේ පර්යේෂණ පිළිබඳව වැදගත් හෙළිදරවු කිරීම් රැසක් හෙළි කර තිබේ.

කැරන් කිංග්ස්ටන්

කැරන් කිංග්ස්ටන් විසින් ප්‍රකාශ කර ඇති පරිදි හයිඩ්‍රා වුල්ගාරිස්ගේ ජාන ගෙනෝමයේ ඇති ජාන සංඛ්‍යාව බොහෝ මානව ජාන ගෙනෝමයේ ඇති ජාන සංඛ්‍යාවට සමාන වේ. එමෙන්ම හයිඩ්‍රා වුල්ගාරිස්ගේ ජාන පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව එහි සමහර ජාන “හන්ටින්ග්ටන්ගේ රෝගයට ” සහ අල්ෂයිමර් රෝගයට සම්බන්ධ ජාන වලට සමානය.

හයිඩ්‍රා වුල්ගාරිස්ගේ ජාන සහ වෙනත් කිසියම් ජීව විශේෂයකගේ ජාන මිශ්‍රකරමින් නිර්මාණය කරන ලද “සංක්‍රාන්තික ජාන සහිත දෙමුහුන් හයිඩ්‍රාවෙකු ”(transgenic hydra) කොවිඩ්-19 එන්නත්වලට ඇතුළු කර ඇති බවත් එම එන්නත් ලබාගත් පුද්ගලයන් තුළ අල්ෂයිමර් සහ හන්ටින්ග්ටන් රෝග ලක්ෂණ මතුවීමට හේතුව එය විය හැකි බවත් කැරන් කිංග්ස්ටන් ප්‍රකාශ කර තිබේ. ස්නායු පද්ධතිය ක්‍රියාකාරිත්වය අඩපණ වීම හේතුවෙන් සිරුරේ මාංශපේෂි පාලනය කළ නොහැකි වීම සහ සිරුර වෙව්ලීම ආදිය එම රෝගවලට අයත් ලක්ෂණ සමහරකි.

ආචාර්ය සැන්ඩ්‍රා බෝතාගේ පර්යේෂණ තුළින් ද කොවිඩ්-19 එන්නත් ද්‍රාවණ තුළ ග්‍රැෆේන් අංශු සහ ක්ෂුද්‍ර ජීවින් පවතින බව සොයා ගනී

සැන්ඩ්‍රා බෝතා

ආචාර්ය සැන්ඩ්‍රා බෝතා (Zandre Botha) ද කොවිඩ්-19 එන්නත් ද්‍රාවණය අණ්වීක්ෂ මගින් පරීක්ෂාවට ලක් කළ අයෙකි. ඇය විසින්ද හඳුනාගත නොහැකි ආගන්තුක ලෝහමය කොටස් ,ග්‍රැෆේන් වැනි ද්‍රව්‍ය, ස්වයං ඒකලන හැකියාවක් සහිත අංශු, ක්ෂුද්‍ර ජීවින් ආදිය එන්නත් තුළ පවතින බව නිරීක්ෂණය කර තිබේ.
2021 ඔක්තෝබර් මස 4 වැනි දින ඇය ප්‍රකාශ කර සිටියේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ද්‍රාවණය ඇය විසින් පරීක්ෂණයට ලක් කරන ලද බවය. ද්‍රාවණ බිඳිති අණ්වීක්ෂ වීදුරු කදාව මත දමන ලද විට සුළු මොහොතකින් එම බිඳිති තුළ කළු පැහැති කුඩා රවුම් තැටි වැනි සමමිතික හැඩයක් මතු වූ බව ඇය පවසයි. ඉතා කුඩා අංශු සමූහයක් එකිනෙකට සම්බන්ධ වෙමින් මෙම කළු පැහැති තැටි නිර්මාණය වෙන්නට ඇති බවත් ඒවා ලෝහමය සම්බන්ධක (connector) විය හැකි බවත් ඇය අනුමාන කරයි.

ආචාර්ය සැන්ඩ්‍රා බෝතා විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් දියර තුළ නිරීක්ෂණය කරන ලද තැටියක හැඩය ගත් කළු පැහැති ක්ෂුද්‍ර ව්‍යුහය
එම එන්නත් බිඳුව වියලී යද්දි කළු පැහැති තැටි අතුරු දහන් වී කළු පැහැති සුත්‍රිකාමය ජාලයක් වීදුරු කදාව තුළ දක්නට ලැබුණ අයුරු
එන්නත් ලබාගත් පසුව රෝගී වූ පුද්ගලයන්ගේ රුධිර සාම්පල නිරීක්ෂෂණයේ දී සැන්ඩ්‍රාට දැකගත හැකි වූයේ ඔවුන්ගේ රුධිර සෛල එකිනෙක ඇලෙමින් එකට කැටි ගැසෙන ආකාරයයි. මෙහි මැද දක්නට ලැබෙන කොළ සහ දම්පැහැති ස්ඵටික ස්වරූපයේ ව්‍යුහයන් එන්නත් කුප්පි තුළද දක්නට ලැබුණ බව ඇය පවසයි.

මෙම ද්‍රව්‍ය කුමක් විය හැකිදැයි බෝතා දැන සිටියේ නැත. නමුත් අඳුරු පරිසරයක සිට නිරීක්ෂණය කරන විට මෙම ද්‍රව්‍ය ආලෝකය පරාවර්තනය කරන බව නිරීක්ෂණය කළ හැකි වූ බව ඇය පවසයි. ඒවා ස්වයං ඒකලනය වන බවක් ඇයට දක්නට ලැබිණි. එකම එන්නත් කුප්පියේ විවිධ ද්‍රාවණ බිඳිති නිරීක්ෂණය කළ විට ඒ සියල්ලම තුළ මෙම කළු පැහැති තැටි නිර්මාණය වන බව ඇයට දකින්නට ලැබී ඇත. පසුව එම බිඳිති වියලී යන විට එම කළු පැහැති තැටි අතුරුදන් වූ බවත් ඒ වෙනුවට කළු පැහැති රේඛාවන් මතුවන්නට පටන්ගත් ඇය විසින් නිරීක්ෂණය කර තිබේ.
තමන් වඩාත් කැළඹීමට පත්වූයේ තමන් විසින් විවිධ වර්ගයේ අණ්වීක්ෂවලින් පරීක්ෂා කරන ලද විට තමන්ට දක්නට ලැබුණ නිශ්චිත හැඩයක් නොමැති සහ වෙනස්වන සුළු හැඩයන්ගෙන් සමන්විත මෙම කළු පැහැති ව්‍යුහයන් කොවිඩ්-19 එන්නත් ගැනීමෙන් පසු රෝගී බවට පත් පුද්ගලයන්ගේ රුධිර සාම්පල තුළ ද තමන්ට දක්නට ලැබීම නිසා බව වෛද්‍ය ජේන් බෝතා පවසා තිබේ. මෙම රෝගීන්ගේ රෝග ලක්ෂණ අතර ලේ කැටිති ඇතිවීම, හුස්මගැනීමේ අපහසුව, ස්නායු වේදනාව, තදබල ලේ කැටිගැසීම් ( severe thrombosis) ලේ නහර අවහිරවීම් (embolisms), මතකය අහිමි වී යාම සහ ආතතිය වැනි සංජානන දුෂ්කරතා ආදිය දැකිය හැකිය.

එන්නත් දියර තුළ නිරීක්ෂණය කරන ලද දීප්තිමත් ෆ්ලෝරසන්ට් වර්ණයන්ගෙන් යුතු ගෝලාකාර ව්‍යුහයන්. මේවා නැනෝ ලිපිඩ ද්‍රාවණය අඩංගු ගෝලාකාර  ග්‍රැෆේන් ඔක්සයිඩ් ව්‍යුහයන් ලෙස අනුමාන කෙරේ. එන්නතේ අඩංගු ජානමය ද්‍රව්‍යවන mRNA බහා ඇත්තේ මෙම නැනෝ ලිපිඩ ද්‍රාවණය තුළය.

ඖෂධවේදී පර්යේෂිකාවක වන ආචාර්ය ජේන් රූබි ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය සැන්ඩ්‍රා බෝතා විසින් නිරීක්ෂණය කරන ලද එන්නත් බිඳිති තුළ මුලින් දක්නට ලැබුණ කළු පැහැති කුඩා තැටි අතුරුදන්වීම සිදු වී ඇත්තේ ඒවා එලෙස බිඳි විවෘතවෙමින් ඒවා තුළ වූ ද්‍රව්‍ය මුදාහැරීම සඳහා “ප්‍රෝග්‍රෑම්” කිරීම නිසා විය හැකි බවය. එමෙන්ම වෛද්‍ය කේරි මෙඩේ විසින් නිරීක්ෂණය කරන ලද මුදු වැනි ව්‍යුහයන් තුනී වෙමින් සහ අවසානයේදී බිඳී යමින් කිසියම් ජෙලිමය ද්‍රව්‍යයක් මුදාහැරීමේ ක්‍රියාවලිය වූකලී “ ක්ෂුද්‍ර බුබුලු ” (micro-bubbles) නම් ඖෂධ විද්‍යාව තුළ හැඳින්වෙන ව්‍යුහයක් යොදාගනිමින් කිසියම් නිශ්චිත ද්‍රව්‍ය මිනිස් ශරීරය තුළට පරිවහනය කිරීම සඳහා යොදාගැනෙන ක්‍රමයක් බවත් ජේන් රූබි පවසයි.
ඖෂධවේදය සහ පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ජර්නලය (The International Journal of Pharmaceutical Sciences and Research) විසින් “ ඖෂධ පරිවහනය කිරීමේ ක්‍රමයක් ලෙස ක්ෂුද්‍ර බුබුළු යොදාගැනීම ” යන මැයෙන් පලකරන ලද ලිපියක මෙම ක්‍රමය පිළිබඳව වැඩිදුරටත් විස්තර කර තිබේ. මෙම “ක්ෂුද්‍ර මුදු හැඩැති බුබුළු ” ඉතා කුඩා රුධිර සෛල තුළට පවා ඇතුළු වෙමින් ඒවා තුළ පවතින ඖෂධ, රසායනික ද්‍රව්‍ය හෝ ජානමය ද්‍රව්‍ය මුදාහැරීමට සමත් බව එහි සඳහන් වේ. එම ක්‍රියාවලිය සිදුවන්නේ අධි ධ්වනි තරංග මගින් දෙනු ලබන සංඥා අනුවය.

ග්‍රැෆේන් ඔක්සයිඩ් (graphene oxide) වැනි ද්‍රව්‍ය එන්නත් තුළ හමුවීම

ග්‍රැෆේන් ෂඩස්‍රාකාර අණුක ව්‍යුහය-ග්‍රැෆේන්වල සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 3ක් සමග සහසංයුජ බන්ධන ගොඩනගමින් සම්බන්ධවී ඇත.

ග්‍රැෆේන් ඔක්සයිඩ් ලෙස සැක කෙරෙන ද්‍රව්‍ය කොවිඩ් -19 එන්නත් තුළ පවතින බව ලෝකයේ රටවල් කීපයකම විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර ඇති අතර එම සංයෝගය මිනිස් සිරුරට විෂ සහිත එකක් බව බොහෝ අධ්‍යයනයන් මගින් වසර ගණනාවකට පෙර පෙන්වා දී තිබේ.

කොවිඩ්-19 එන්නත්වල පවතින ග්‍රැෆේන් ඔක්සයිඩ් පිළිබඳව පළමුව නිරීක්ෂණය කරන ලද්දේ ස්පාඤ්ඤයේ අල්මේරියා විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව සහ ජීව විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය පබ්ලෝ කැම්ප්‍රා මැඩ්රිඩ් විසිනි. ෆයිසර් සමාගමේ කොමිනාර්ති කොවිඩ්-19 mRNA එන්නත් මාත්‍රා 6ක් පරීක්ෂණයට ලක් කරමින් ඔහු විසින් සිය අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2021 ජූනි මස 28 වැනි දිනය.
ඔහු විසින් ඉහත ෆයිසර් එන්නත් සාම්පල ආලෝක අණ්වීක්ෂය සහ ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂය(TRANSMISSION ELECTRON MICROSCOPY – TEM)  මගින් පරීක්ෂාවට ලක් කර තිබේ.

ග්‍රැෆේන් ඔක්සයිඩ් යනු තනි කාබන් පරමාණුක ස්තරයකින් සමන්විත සංයෝගයකි. මෙහි මෙම තනි ස්ථරයක් ලෙස පවත්නා ව්‍යුහය හේතුවෙන් මෙය ද්විමාන ව්‍යුහයක් සහිත සංයෝගයක් ලෙසද සැලකේ. මෙහි කාබන් පරමාණු එකිනෙක සම්බන්ධවන්නේ ෂඩස්‍රාකාර රටාවක් නිර්මාණය කරමිනි.

ඌනිත ග්‍රැෆේන් ඔක්සයිඩ් අණුක රටාවන්

ග්‍රැෆේන්වල සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 3ක් සමග සහසංයුජ බන්ධන ගොඩනගමින් සම්බන්ධවී ඇත. එහෙයින් එහි ආතන්‍ය ප්‍රත්‍යා බලය ඉතා ඉහළය. එහි තනි ස්ථර ස්වභාවය හේතුවෙන් එහි අන්තර්ගත සෑම කාබන් පරමාණුවක්ම බාහිර පරිසරයේ මොලිකියුලවලට දෙපැත්තෙන්ම නිරාවරණය වී තිබේ. තවද එහි අඩංගු සෑම කාබන් පරමාණුවක්ම සම්බන්ධ වී ඇත්තේ තවත් කාබන් පරමාණු 3ක් සමග පමණක් බැවින් විශේෂිත ප්‍රතිකියා තත්ත්වයන් යටතේ එයට තවත් පරමාණුවක් සමග සම්බන්ධවීමට හැකියාව තිබේ. ග්‍රැෆේන් ව්‍යුහයක මතුපිට වර්ගඵලය විශාල අගයක් ගැනීම හේතුවෙන් එය වෙනත් රසායනික සංයෝග සමග සම්බන්ධ කිරීමට ඉතා සුදුසු ව්‍යුහයක් ලෙස සැළකේ.

ග්‍රැෆේන් සතුව ඉතා ඉහළ විද්‍යුත් සන්නායක ගුණයක් පවතී. එහෙයින් එය ක්ෂුද්‍ර පරිපථ නිර්මාණයෙහිලා යොදාගත හැකි වැදගත් රසායනික ව්‍යුහයක් ලෙසද ලෙස සැලකෙන අතර නියුරෝන සෛල සමග සම්බන්ධ වෙමින් විද්‍යුත් සංඥා නිකුත්කිරීමටද ග්‍රැෆේන්වලින් නිර්මාණය කරන ලද ට්‍රාන්සිස්ටර් යොදාගැනීම පිළිබඳව පරීක්ෂණ සිදු කෙරී තිබේ.

කාබන් පරමාණු මගින් විවි‍ධ හැඩ සහිතව ගොඩ නැගුණු ග්‍රැෆේන් ව්‍යුහයන්

ජීව සහ වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයන් තුළ ග්‍රැෆේන් ඔක්සයිඩ් භාවිතා කෙරෙන්නේ ජීව සංවේදක, ඖෂධ ප්‍රවාහක ක්‍රම, සහ ජානමය ද්‍රව්‍ය පරිවහනය සඳහාය.චීනයේ ස්නායුවේදය සහ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් RNA එන්නත් අන්තර්ගත කරන ලද හයිඩ්‍රොජෙල් අංශුකා ග්‍රැෆේන් ඔක්සයිඩ් ස්තරවලින් ආවරණය කර අදාළ සෛල කරා ප්‍රවාහනය කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනයන් සිදු කර තිබේ. ග්‍රැෆේන් ඔක්සයිඩ් ස්තරවල පවත්නා විශාල වර්ගඵලය හේතුවෙන් එය ඖෂධ විශාල ප්‍රමාණයක් දරාගැනීමේ හැකියාව පැවැතීම නිසා ග්‍රැෆේන් ඔක්සයිඩ් ඉහත කාර්යය සඳහා යොදාගැනීම ඔවුන්ගේ අධ්‍යයනයේ අරමුණ වී ඇත.

 

2020 ඔක්තෝබර 21 වැනි දින පළ කරන ලද ඉහත අධ්‍යයන වාර්තාව තුළ “කොවිඩ්-19 සමග සටන් කිරීම සඳහා ග්‍රෙෆ්න් වලින් ව්‍යුත්පන්න කරන ලද සංයෝගයන්ට ඇති හැකියාව ” ඉහළින්ම අගය කර තිබේ.

“ග්‍රැෆේන් සහ ග්‍රැෆේන් හා සම්බන්ධ ද්‍රව්‍ය (Graphene and graphene-related materials – GRMs) සතුව ඇති අද්වීතිය භෞත-රසායනික,විද්‍යුත්,ආලෝක සංවේදී, වෛරස් සහ බැක්ටීරියා නාශක සහ වෙනත් විශ්මය ජනක ගුණාංග හේතුවෙන් ඒවා කොවිඩ්-19 සහ වෙනත් අනාගත ව්‍යසනයන් සමග සටන්වැදීම සඳහා අවශ්‍ය වන උසස් කාර්යක්ෂමතාවකින් යුතු උපාංග සහ මෙවලම් සැලසුම් කිරීමේදී ශක්තිමත් ආධාරකරුවෙකු වනු ඇත.”

මේ අනුව පෙනී යන්නේ කොවිඩ්-19 එන්නත් සැලසුම් කිරීමේදී ග්‍රැෆේන් සහ එහි ව්‍යුත්පන්න ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් භාවිතා කිරීමට බොහො සෙයින් ඉඩ පැවැති බවය. පසුව විවිධ ස්වාධීන විද්‍යාඥයන් විසින් ඖෂධ සමාගම්වල බරපතල තර්ජන මැද ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කරමින් එම අනුමානය බොහෝ දුරට තහවුරු කර තිබේ.

මහාචාර්ය පබ්ලෝ කැම්ප්‍රා මැඩ්රිඩ් විසින් ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ තාක්ෂණය (TRANSMISSION ELECTRON MICROSCOPY -TEM) යටතේ ඡායාරූපගත කරන ලද ෆයිසර් එන්නතේ තිබූ ද්‍රව්‍යයන්ගේ ඡායාරූප සහ පිළිගත් විද්‍යාගාරයන් මගින් ඊට පෙර අවස්ථාවලදී ඡායාරූප ගත කරන ලද ග්‍රැෆේන් ඔක්සයිඩ්වල ඡායාරූප සමග සන්සන්දනය කරමින් පහත සඳහන් නිගමනය ඉදිරිපත් කරන ලදි.

“එකම ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ තාක්ෂණයෙන් සහ එකම විශාලනයෙන් යුතුව ගන්නා ලද ග්‍රැෆේන් ඔක්සයිඩ්වල ලේඛනාගාරගත ඡායාරූප සමග ඒවා (පබ්ලෝ ඇතුළු කණ්ඩායම විසින් ඡායාරූපගත කරන ලද ෆයිසර් එන්නත තුළ වූ වස්තූන්ගේ ඡායාරූප) විශාල වශයෙන් සමාන විය.

… මෙම ඡායාරූප දෙක තුළම සංකීර්ණ සන්තතියක් නැතහොත් එකිනෙක මත හැකිළුණු පාරදෘෂ්‍ය නම්‍යශීලි දැල්වලින් සැදුම්ලත් පැතැලි ස්ථරයන් දැකිය හැකිය.

.. එහෙත් මෙම ක්ෂුද්‍ර පිටපත විසින් අවසාන නිගමනයක් සඳහා සාක්ෂි නොසපයයි. එය විසින් ඉදිරිපත් කරන්නේ එන්නත තුල ග්‍රැෆේන්වල ව්‍යුත්පන්න පැවතීමට ඉඩක් පවතින බවට සාක්ෂියකි.”

මතු සම්බන්ධයි.

මූලාශ්‍ර

Dr ‘Sucharit Bhakdi’ COVID-19 Vaccine Destroys Hearts & Brains of Billions of People

1.6m Moderna doses withdrawn in Japan over contamination

COVID VACCINES-Japan to probe links between two deaths and suspended Moderna jabs,
Men in their 30s received shots from same line that produced contaminated batch

Dr John B., Oct 3, 2021 (1/n) A microscopy analysis of a Pfizer-BioNTech #Covidvaccine sample.

Dr. Carrie Madej Took a Look at the Moderna, Pfizer, and J&J Shot Contents Under a Microscope

Researchers Rewire the Worm Brain Using Hydra Parts

Toxic, Metallic Compounds Found in All COVID Vaccine Samples Analyzed by German Scientists

Genotoxicity

What Is Darkfield Microscopy?

Never Before Seen: Blood Doctor Reveals HORRIFIC Findings After Examining Vials

සටහන්

ග්‍රැෆේන් ක්වොන්ටම් තිත්

Graphene quantum dots (GQDs)  ග්‍රැෆේන් ස්ථර එකකින් හෝ කිහිපයකින් සමන්විත වන අතර ප්‍රමාණයෙන් 100 nm ට වඩා කුඩා වේ. ඒවා රසායනිකව හා භෞතිකව ස්ථායී වන අතර විශාල පෘෂ්ඨයක් හා ස්කන්ධ අනුපාතයක් ඇති අතර දාරවල ඇති ක්‍රියාකාරී අයන හේතුවෙන් ජලයේ පහසුවෙන් දිය කල හැකිය.

DNA ආකලක

අණුක ජාන විද්‍යාවේදී , DNA ආකලක(DNA adduct) යනු පිළිකා ඇති කරන රසායනික ද්‍රව්‍යයක් හා බන්ධනගතව ඇති DNA කොටසකි . මෙම ක්‍රියාවලිය පිළිකා සෛල හෝ පිළිකා කාරක වර්ධනයට හේතු විය හැක . විද්‍යාත්මක පර්යේෂණවලදී  DNA ආකලක කිසියම් රසායනිකයක ද්‍රව්‍යයකට නිරාවරණය වී ඇති මට්ටම සොයාගැනීමේ ජීව දර්ශක(biomarkers) ලෙස යොදා ගැනේ. පිළිකා කාරක රසායනිකයකට ජීවියෙකු හෝ ජීව සෛලයක් කොතෙක් දුරට නිරාවරණය වී ඇත්ද යන්න පිළිබඳ ප්‍රමාණාත්මක ඇගයීමක් ලබාගැනීම සඳහා කරන පරීක්ෂණවලදී DNA ආකලක විශේෂයෙන්ම ප්‍රයෝජනවත්ය.