ධරිණී රාජසිංහම් සේනානායක
2019 පාස්කු ඉරිදා ශ්‍රි ලංකාවේ කතෝලික දේවස්ථාන කීපයකට සහ සංචාරක හෝටල් කීපයකට එල්ල වූ ප්‍රහාරයෙන් දැන් වසර 4ක් ගතවී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගමික ප්‍රජාව වෙත මෙම ප්‍රහාරය එල්ල කිරීමේ වගකීම මුස්ලිම් අන්තවාදි ඉස්ලාමිය රාජ්‍යය නම් සවිධානයක් විසින් බාරගත් බවද එයට ලංකාවේ මුස්ලිම් අන්තවාදි සංවිධාන සම්බන්ධ බවටද වන ආඛ්‍යානයක් ගොඩ නැගිණි. මෙම සිදුවීමට පෙර සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය කිරීම පිණිස බොදු බල සේනාව නම් ලංකා රජයේ ඉහළ දේශපාලනඥයන්ට සහ බුද්ධි අංශවලට සම්බන්ධයක් ඇති සංවිධානය යොදාගත් බව දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. බොදු බල සේනා සංවිධානය හරහා ලංකාවේ මුස්ලිම් අන්තවාදි ව්‍යාපාරයක් පවත්නා බවට ආඛ්‍යානයක් ගොඩ නැගීමේ මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් දේශිය සහ ඇතැම් විදේශීය බුද්ධි අංශ විසින් දියත් කරන ලද අතර ඔවුන් විසින් ම අනෙක් පැත්තෙන් එවැනි දේශිය මුස්ලිම් අන්තවාදි සංවිධාන ගොඩ නැගීම සිදු කරන ලද බවට දැන් සාක්ෂි ඉදිරිපත් වී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන විට “අන්තවාදි මුස්ලිම් ප්‍රහාර” හදිසියේ කඩා පාත් වූ අහේතුක යථාර්ථයක් නොව “ලංකාවේ මුස්ලිම් අන්තවාදයේ” විකාශනය අනුව සිදු වූ දෙයක් බවට ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට ලාංකිය පොදු ජන මනස සුදානම් කරන ලද්දේ මෙකී මනෝ විද්‍යාත්මක මෙහෙයුම් විසිනි. එහෙත් පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙම ඉස්ලාමීය රාජ්‍යය ආඛ්‍යානය ඉක්මණින්ම බිඳ වැටුණේ එහි ආවේණික පරස්පරතා සහ දුර්වලතා හේතුවෙනි. කොටස් දෙකකින් සමන්විත මෙම ලිපිය මගින් ඉහත ආඛ්‍යානයන්ගේ පරස්පරය පිළිබඳවද පාස්කු ප්‍රහාරයේ පිටුපස හුදෙක් මවාපාන ලද ආගමික ගැටුම් වලින් ඔබ්බෙහි වන භූ දේශපාලනික යථාර්ථයන් පිළිබඳවද අපගේ අවධානය යොමු කරවයි.
මෙම ලිපියේ පළමු කොටස වෙත මෙම සබැඳියෙන් ප්‍රවේශවන්න
අපරාධයක සංකේතීය ලක්ෂණ: එක්සත් ජනපදයේ “ඉන්දියන් සාගර බල ප්‍රදේශ සුපරීක්ෂාකාරිත්වය ” සහ චීනය
ඉතා සැලසුම් සහගතව අතිවිශාල සම්පත් සහ කළමණාකරණයක් සහිතව දියත් කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ විශේෂිත අනුභූතික සාක්ෂි විමසා බැලීමෙන්ද, සවිස්තරාත්මක තොරතුරු,සැලසුම, ප්‍රහාරය සඳහා යොදාගත් මොහොත, සහ තෝරාගත් ඉලක්ක ආදිය මෙන්ම අරමුණ ද විශ්ලේෂණය කිරීම මගින් සනාථ වන්නේ එය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ක්‍රියාවක්ය යන ආඛ්‍යානයෙන් ඔබ්බට යන දෙයක් බවය. එසේ නම් නැවතත් ප්‍රශ්න රැසක් විසඳුම් සපයාගැනීම සඳහා මතුවනු ඇත. මෙම ප්රහාරයන් සඳහා අරමුදල් සපයා ඇත්තේ කවුරුන් විසින්ද? ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නිර්මාණ කර මෙහෙයවන්නේ කවුරුන් විසින්ද?මේ අවස්ථාවේ පාස්කු ප්‍රහාරයට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වගකිව යුතුය යන ආඛ්‍යානය තුළ වාසියක් හිමිවනු ඇත්තේ කවුරුන් හටද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයාගැනීම අත්‍යවශ්‍යව තිබේ. එහෙයින් පාස්කු ප්‍රහාරයට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සම්බන්ධය යන සාමාන්‍ය සහ අනුමාන මත පදනම් වූ ආඛ්‍යානයේ සංකේතීය ලක්ෂණ විකේතනය කිරීම වැදගත් වේ. මේ සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනා විසින් තෝරාගත් ඉලක්ක ඔවුන්ගේ ප්රහාරයන්ට ඉලක්කවිය හැකිව තිබූ සෙසු අනන්ත සංඛ්‍යාවක් ඉලක්ක අතරින් වෙනස් වන සංකේතීය ලක්ෂණ පිළිබඳ විමසා බැලීම වැදගත්ය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස දෙකක් ගතවීමෙන් පසුව දුමාරය පහව යාමත් සමගම තව තවත් තොරතුරු හෙළිදරවු වන්නට පටන්ගෙන තිබිණි. අපරාධයේ සැලසුම,ඉලක්ක,තේමාවන් සහ සිදු කරන ලද අවස්ථාව ආදිය දෙස බලන විට පෙනී යන්නේ චීනය විසින් දැඩි බලාපොරොත්තු සහගතව දියත් කරන ලද සැපයුම් මාර්ග සමාරම්භක ව්‍යාපෘතිය (Belt and Road Initiative-BRI) මෙන්ම සාගර පර්යේෂණ සහයෝගිතා වැඩසටහන ද (maritime research co-operation) කඩාකප්පල් කිරීම අපරාධයේ සෙසු අරමුණු කීපය අතර ප්‍රධාන තැනක් ගෙන තිබූ බවය.
තෝරාගෙන තිබූ පල්ලිවලට අමතරව කොළඹ මුහුදට මුහුණලා එකිනෙකට ආසන්නව පිහිටා තිබූ විශාල වශයෙන් විදේශික සංචාරකයන් ගැවසෙන සුඛෝපභෝගි හෝටල් හය හතක් අතරින් ඉතා සැලකිලිමත් ලෙස තෝරගනු ලැබූ තරු පහේ හෝටල් තුනක් වෙත මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ප්‍රහාර එල්ල කරන ලදි. මෙයින් ඇඟවෙන්නේ මූල්‍ය වංචා හේතුවෙන් කඩාවැටී ඒ වන විටත් විදේශ ණය තුළ කරවටක් ගිලී ගිය ලංකාවේ ආර්ථිකයට කපෝතිය ගැසීමේ අරමුණ ද ඉතා සැලසුම් සහගතව සහ ක්‍රමානුගත ලෙස මෙම සැලසුම දියත් කළ බලවේගයන්ගේ අරමුණ වූ බවය. ප්‍රහාරයට ලක් වූ ෂැංග්‍රි ලා හෝටලය පිහිටා ඇති හෝටල් තීරුවේ පිහිටා ඇති අනෙක් හෝටල් නම් ගලදාරි, ටාජ් සමුද්‍රා, ගෝල්ෆේස්, හිල්ටන් සහ රාමඩා යන ඒවා වේ. කෙසේ වුව ද මෙම කිසිදු හෝටලයක් ප්රහාරකයන්ගේ ඉල්ලකය වී නොතිබිණි. ප්‍රහාරයට ලක් වූ අනෙක් හෝටල් දෙක නම් දේශිය සමාගම්වලට අයත් සිනමන්ග්රාන්ඩ් හෝටලය සහ කින්ග්ස්බරි හෝටලයයි. සිනමන් ග්‍රාන්ඩ් හෝටලය අයත් ජෝන් කීල්ස් සමාගම චීන ඉදිකිරීම් සමාගම සමග ඔවුන්ගේ නවතම සුඛෝපභෝගි නිවාස සංකීර්ණය වන ට්‍රයි සෙන් ඉදිකරමින් සිටිති. ෂැංග්‍රිලා හෝටලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ හොංකොංවලය.
වෙරළාසන්න ෂැංග්‍රිලා හෝටලය වෙත මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් ප්‍රහාර එල්ල කරන ලදි. අනෙකුත් වෙරළාසන්න හෝටල් සහ පල්ලි වෙත ප්‍රහාර එල්ල කරන ලද්දේ එක් බෝම්බ කරුවෙකු විසිනි. මේ මගින් පැහැදිලි වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කරන ලද්දවුන්ගේ මූලික ඉලක්කය ෂැංග්‍රිලා හෝටලය බවයි. ඉන්දිය සාගරයේ ධීවර සහ වෙනත් සමුද්‍ර සම්පත් මත සිය ජිවන වෘත්තීන් පදනම් කරගත් කතෝලික ප්‍රජාවන් සිය ආගමික කටයුතු සිදු කරන වෙරළාසන්න දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු ධීවරයන්ට මුහුදු යාම තහනම් කරමින් ධීවර වරායන් වසා දමන ලදි.
පසුගිය මාසයේ ශ්‍රි ලංකාවේදී සිදු වූ ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසුව මරණයට පත් චීන ජාතික පර්යේෂකයන් සිව් දෙනා දිවයිනට පැමිණ සිටියේ චීනය හා යුරෝපය සහ ලෝකයේ වෙනත් කලාපයන් සම්බන්ධ කරන දැවැන්ත යටිතල ව්‍යුහ ඉදිකිරීම් ව්‍යාපෘතියක් වන චීනයේ සැපයුම් මාර්ග සමාරම්භක ව්‍යාපෘතියේ (Belt and Road Initiative- BRI)කාර්යයන් සඳහා බව ජාත්‍යන්තර විද්‍යාත්මක සඟරාවක් වන නේචර් සඟරාව විසින් ප්‍රකාශ කර තිබිණි. මරණයට පත් විද්‍යාඥයන් සිව් දෙනා දකුණු චීනයේ ග්වාන්ග්ෂෝ හි සමුද්‍ර විද්‍යා ආයතනයෙන් සහ ෂිංග්ඩෝ හි සාගර විද්‍යාව පිළිබඳ පළමු ආයතනයෙන් පැමිණි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ වූහ. කොළඹ චීන තානාපති කාර්යාලයට අනුව තවත් චීන පර්යේෂකයන් 5 දෙනෙකු මෙම සිදුවීමේදී තුවාල ලබා තිබේ.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් සිදු වූයේ සැපයුම් පථ සහ මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ සංසදය (Belt and Road Forum) විසින් සංවිධානය කරන ලද සහ චීනය විසින් එම වසරේ වඩාත් වැදගත් සිදුවීම් වලින් එකක් ලෙස සළකන ලද රාජ්‍යතාන්ත්‍රික හමුව පැවැත්වීමට දින 3 කට පෙරය. උපාය මාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රි ලංකාවට එල්ල වූ ප්‍රහාරයෙන් සති දෙකකට පසු ඉරානයට එරෙහි සම්බාධක දැඩි කරමින් ඇමෙරිකානු යුද නැව් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුද වෙත යවන ලදි. එය ඉරාන තෙල් මත සිය බලශක්ති අවශ්‍යතාවන් සඳහා බොහෝ දුරට යැපෙමින් සිටි චීනයේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ගෙල සිරකිරීමක් බඳු විය.
රට මැද දේවස්ථාන හෝ හෝටල් ඉලක්ක කර නොතිබිණි.ප්‍රහාරයේ සැලසුම, ඉලක්ක කරන ලද ස්ථාන, ඉන්දීය සාගරයේ ධීවර සහ වෙනත් සාගර සම්පත් සිය ජීවනෝපාය කරගත් කොළඹ,මීගමුව,මඩකලපුව ආදි ප්‍රදේශවල ධීවර ප්‍රජාව සිය ආගමික කටයුතු සිදු කිරීමට යොදාගත් දේවස්ථාන මෙන්ම සමුද්‍රාසන්න සුඛෝපභෝගී හෝටල් ප්‍රහාරයේ ඉලක්ක බවට පත් කිරීම මගින් ඇඟවෙන්නේ මෙම ව්‍යසනය සැලසුම් කළ මහමොළ කරුවන් එක්තරා සැඟවුණු සංකේතගත පණිවිඩයක්ද දීමට අවශ්‍යව තිබු බවය. පාස්කු ඉරිදා අපරාධවල සමස්ත සැලසුම තුළ ම ඉහළ අවධානයක් යොමු කර ඇත්තේ සාගරය සහ සාගර කටයුතු වෙත බව පෙනී යයි. සමහර විට ඒ ප්‍රධාන ගෝලීය බලශක්ති සහ වෙළඳ මාර්ග සහ තීරණාත්මක ගෝලීය අන්තර්ජාල මුහුද යට දත්ත කේබල් (UDC) මාර්ගව සන්ධිස්ථානයක් ස්ථානගතව ඇති උපායමාර්ගිකව වශයෙන් වැදගත් මෙම ඉන්දියන් සාගර දිවයින වටා ආරක්ෂක වළල්ලක් ඇඳීමට විය හැකිය. ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ධීවරයන්ට මුහුදු යාම තහනම් කරමින් සියලු ධීවර වරායන් වසා දමන ලද අතර ලංකාවට පැමිණි විදේශිය බුද්ධි විශේෂඥයන් සහ රහස් ඔත්තු සේවා ඒජන්සි විසින් ඒවා නිරීක්ෂණය කරන ලදි. වෙනත් වචන වලින් පවසන්නේ නම් ප්‍රහාරයේ මහමොළකරුවන්ගේ උනන්දුව යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ සාගරය සහ සාගර කටයුතු පිළිබඳවය. නැතහොත් ශ්‍රි ලංකාවේ ඊනියා “දිළිඳුකම පිටු දැකීමේ වැඩ පිළිවෙළට” සහාය වීමට සඳහා ඇමෙරිකාව විසින් දියත් කර ඇති “සහස්‍රයේ අභියෝගිතා පිළිබඳ සහයෝගිතාව ” (Millennium Challenge Corporation- MCC)පිළිබඳව දෙරණ රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලි කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපතිනිය විසින් සඳහන් කළ “සාගර බල ප්‍රදේශ පිළිබඳ සුපරීක්ෂාකාරිත්වය ” (Maritime Domain Awareness- MDA) ගොඩ නැගීම සඳහාය.
“ඉන්දු පැසිපික්” යනුවෙන් දෙයක් නැත: නැගී එන ආසියාව ඉන්දීය සාගරය යටත්විජිතහරණය සඳහා එක්සත් විය යුතුය.
එක්සත් ජනපදයේ “ආසියා විවර්තනියේ ” අරමුණ ආසියාවේ නැගීම අවහිර කිරීම බව පැහැදිලිය. මෙම විවර්තනියේ මූලික ඉලක්කය චීනය වන අතර දකුණු සහ දකුණු නැගෙනහිර ආසියාවද එහි සෙසු ඉලක්කයන් වනු ඇත.
ආසියානු ආර්ථික යෝධයන් වන චීනයේත්, ඉන්දියාවේත්, ඉන්දුනීසියාවේත් නැගීම වැළැක්වීම සඳහා යොදාගත හැකි සෑම උපක්රමයක්ම යොදනු ඇත. සීතල යුද්ධය පැවැති සමයේ සිදු කළාක් මෙන් බෙදා වෙන් කර ව්‍යසනයන් නිර්මාණය කර සියල්ලන් යටත්කරගැනීමේ මූලෝපායය භාවිතාකරමින් දකුණු සහ දකුණු නැගෙනහිර ආසියාතික රටවල පවත්නා බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයන්ද, ඒවායේ දේශපාලනයද විනාශකාරි ආයුධ බවට පත් කරනු ඇත. එමගින් ඉන්දීය සාගර කළාපයේ රාජ්‍ය වළල්ලේ රටවල් ඉමහත් ව්‍යසනයකට ඇද දමනු ඇත.
ඉස්ලාමීය රාජ්‍ය (IS) නම් ත්‍රස්තවාදි සංවිධානය පිළිබඳ ආඛ්‍යානය හරහා ආගම “මෘදු බලයක් ” ලෙස භාවිතා කිරීමත් ආගමික අනන්‍යතා දේශපාලනය ආයුධයක් ලෙසින් යොදාගැනීමත් එක්සත් ජනපදයේ “ආසියානු විවර්තනියේ ” එක් ලක්ෂණයකි. සත්තකින්ම,එය මේ මොහොතේ බිඳ වැටෙමින් පවතින එක්සත් ජනපද අධිරාජ්‍යයේ ජරා වැඩ ඉටුකරවා ගැනීම සඳහා එක්සත් ජනපදයේ මධ්‍යම රහස් ඔත්තු සේවයත් (CIA) සවුදි අරාබියත් විසින් අරමුදල් සපයමින් ද, පුහුණුව සහ අවි ආයුධ ලබා දෙමින්ද නිර්මාණය කර මෙහෙයවන සංවිධානයක් බවට ඕනෑවටත් වඩා සාක්ෂි තිබේ. ඒ මගින් ඔවුහු අප්‍රිකාවේ සහ මැද පෙරදිග යන කලාපවල බහු ආගමික සහ බහු සංස්කෘතික ප්‍රජාවන් අතර බෙදීම් සහ ගැටීම් ඇතිකරමින් එම සමස්ත කලාපයන්ම අස්ථාවර කරමින් ඒවායේ සම්පත් කොල්ලකෑම ද ඒවාට ආයුධ විකිණීම ද සිදු කරමින් සිටිති.[5] මෙය ආසියාවේ සිදුවීම වැළැක්වීම සඳහා ආසියානු රටවල් එක්සත් විය යුතුය.
ආර්ථික යුද්ධයට අමතරව චීනයේ සැපයුම් පථ සහ මාර්ග ව්‍යාපෘතියට (BRI) එරෙහිව අඛණ්ඩ ප්රචාරක යුද්ධයක් ද දියත් කර තිබේ. කෙසේ වුව ද ඉකොනොමිස්ට් සඟරාව විසින් BRI ව්‍යාපෘතිය විස්තර කර ඇත්තේ ණය උගුලේ සිරවුණු, දුප්පත් බවේ ගිලීගිය අප්‍රිකානු සහ ආසියානු රටවල් ඇතුළු ගෝලීය දකුණේ රටවල් වලට අවශ්‍ය වූ යටිතල ව්‍යුහයන් ගොඩ නැගීම, ආර්ථික වර්ධනය සහ වෙළඳාම අතර දියුණු සම්බන්ධයක් ඇති කිරීම ඉලක්ක කොට ගත් “ යුද්ධයකින් තොර මාර්ෂල් සැලසුමක්” ලෙසය. (මාර්ෂල් සැලසුම යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු විනාශයට පත් බටහිර යුරෝපීය සහ ඇමෙරිකාවට යටත් වූ රටවල ආර්ථිකය ගොඩ නැංවීම සඳහා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද ආර්ථික සැලසුමයි.) 1947 සිට 1991 දක්වා කාලය තුළ සෝවියට් දේශය ප්රමුඛ සමාජවාදි කඳවුරත් එක්සත් ජනපදය ප්රමුඛ බටහිර අධිරාජ්‍යවාදි කඳවුරත් අතර සීතල යුද්ධයක් පැවැති සමයේ ගොඩ නැඟුන නොබැඳි ජාතින්ගේ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සමාජිකයෙකු ලෙස චීනය කටයුතු කරන ලදි. සුපිරි බලයක් ලෙසින් නැගී එන මෙම රාජ්‍යය විසින් දකුණු-දකුණු සහයෝගිතාව පිළිබඳ සිය කැපවීම අත්හැර දමා ඇතැයි සිතීමට ඉඩක් නැත.
ශ්‍රී ලංකාවේ පාස්කු ව්‍යසනයෙන් සති දෙකකට පසුව සිය ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ ස්ථාන ගත කරවීම සහ ඉරානයට එරෙහි සම්බාධක උත්සන්න කිරීම සිදු කළ එක්සත් ජනපදය විසින් “සාගර බල ප්‍රදේශ පිළිබඳ සුපරීක්ෂාකාරිත්වය” (Maritime Domain Awareness- MDA) පිළිබඳවත් “රෙගුලාසි මත පදනම් වූ ඉන්දියන් සාගරයක් සහ නිදහස් සහ විවෘත මාර්ග පථ “ ”පිළිබඳවත් අලංකාරෝක්තින් ගෙන් ගහණ සිය වාචාල දෙඩවීම් උත්සන්න කර තිබේ. මැයි මාසයේදී සිදු වූ ශ්‍රි ලංකාවේ විදේශ ඇමැති තිලක් මාරපනගේ වොෂින්ටන් සංචාරයෙන් පසු නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ.
“ පිළිගත් ජාත්‍යන්තර නීති සහ සම්මුතින් මත පදනම් වූ රෙගුලාසි මගින් ඉන්දීය සහ පැසිෆික් සාගර බල ප්‍රදේශවල සාමය සහ ආරක්ෂාව වර්ධනය කිරීම සහ තහවුරු කිරීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්සත්ව කටයුතු කිරීමට එකඟ වී තිබේ. ”
“මෙම සන්දර්භය තුළ, නාවික ගමනාගමනය, ගුවන් ගමනාගමනය සහ නිර්බාධිත වෙළඳාම සහතික කරන නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන එක්සත් ජනපද උපායමාර්ගය වැදගත් මුලපිරීමක් ලෙස පිළිගන්නා ලදි.”
කෙසේ වුව ද එක්සත් ජාතින්ගේ සාගර නීතින් පිළිබඳ සම්මුතියට(United Nations Convention on the Law of The Sea- UNCLOS) අත්සන් නොකරන ලද රටවල් කීපය අතරින් එකක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ සමහර නේටෝ සාමාජික රටවල් විසින් “රෙගුලාසි මත පදනම් වූ ” ඉන්දීය සාගරයක් ගැන දොඩවන නමුත් ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම පිළිබඳව වැරැදිකරුවෝද ඔවුහුම වෙති.ජාත්‍යන්තර අධිකරණය විසින් චාගෝස් දිවයින් නිදහස් කර මොරිෂස් රාජ්‍යයට පවරන ලෙස බ්‍රිතාන්‍යයට නියෝග කිරීමෙන් අනතුරුව එක්සත් ජාතින්ගේ සම්මේලනයේදී චාගෝස් දූපත් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි යෝජනාවට පක්ෂව රටවල් 116ක් ඡන්දය පාවිච්චි කළ අතර එයට එරෙහි වූයේ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය වැනි යටත්විජිතවාදි රටවල් 6ක් පමණි. මෙය ඉන්දියන් සාගර කලාපය තුළ බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය කොතෙක් දුරට හුදෙකලා වී ඇත්දැයි යන්න පෙන්වන කදිම නිදර්ශකයකි. එමෙන්ම දැනට එක්සත් ජනපදය විසින් ඉන්දීය සාගරය තුළ සිය හමුදා මූලස්ථානයක් ලෙසද එක්සත් ජනපදයේ මධ්‍යම ඔත්තු සේවය සිය වධ කඳවුරක් ලෙස ද භාවිතා කරන දියාගෝ ගාර්ෂියාව ද නිදහස් කර එහි ස්වදේශික ජනතාවට ලබා දෙන ලෙස ජාත්‍යන්තර අධිකරණය විසින් නියෝග කර තිබේ.
චාගෝස් දිවයින් වැසියන්ට සිය මාතෘභූමිය වෙත යළි පැමිණීමට අයිතියක් ඇති අතර ආසියාව එක්සත් වී ඔවුන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් “රෙගුලාසි මත පදනම් වූ ” ඉන්දිය සාගරයක් සහ මානව අයිතිවාසිකම් ගැන කෙළවරක් නොමැති වාචාල දෙඩවීම්වල නිරතව සිටින නමුත් චාගොස් වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය සහ ඔවුන්ගේ අරගලය විසින් පෙන්නුම් කරන්නේ ඉන්දීය සාගරය තුල දී ඔවුන් විසින් දිගින් දිගටම මානව අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංගණය කරමින් සිටින අයුරුය. ලෝක සිතියමෙන් චාගෝස් දිවයින් මකා දමා ඇත්තේ ඉන්දියන් සාගරය තුළ එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ආධිපත්‍ය පැතිරවීමේ උපාය මාර්ගයත් අප්‍රිකානු වෙරළ තීරයේ සිට මලබාර් දක්වා වන බටහිර ඉන්දීය සාගරය තුළ සිදු කෙරෙන සම්පත් කොල්ලයත් පිළිබඳ , ඔවුන්ගේ කැත යටත්විජිතවාදි රහස් සදහටම සඟවාගැනීම සඳහා. චාගෝස් දිවයින් ලෝක සිතියමෙන් මකා දැමීම මගින් ඔවුන් ඉටු කරගැනීමට අපේක්ෂා කළ අරමුණු ඉටු වී ඇතැයි සිතිය හැක්කේ මාල දිවයින්වලට දකුණින් පිහිටි එම දිවයින් පිළිබඳව බොහෝ ආසියානුවන් කිසිවක් නොදන්නා බව පැහැදිලිව පෙනෙන්ට ඇති හෙයිනි.
ඉන්දීය සාගරය සහ ධීවර සම්පත් ඇතුළු වෙනත් සම්පත් ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා සංගමයේ රටවල සහ දකුණු කොරියානු සහ තායිවාන ජපානය වැනි රටවල දුරස්ත සාගර ධීවර යාත්‍රා (distant water fishing fleets-DWFS) විසින් අධික ලෙස කොල්ලකනු ලැබේ. මෙම තත්ත්වය ඉන්දියානු සාගරයේ රටවල වෙරළ බඩ ධීවර ප්රජාවන්ගේ ජීවනෝපායයට විශාල තර්ජනයක් එල්ල කර ඇති අතර ඔවුන් තවදුරටත් දරිද්‍රතාවය තුළ ගිල්ලවීමට හේතු වී තිබේ. ඉන්දියන් සාගරය යටත්විජිතවාදයෙන් මුදාගැනීමේ කාර්යභාරය තවමත් සම්පූර්ණ වී නැත.
ඇමෙරිකන් සහ යුරෝපීය අධිරාජ්‍යවාදය විසින් ඉන්දීය සාගරයේ ජීවි සහ අජීවි සම්පත් කොල්ලකෑම වැලැක්වීමටත් ඉන්දීය සාගරය යටත් විජිතහරණය කිරීම සඳහාත් ඉන්දියාව ආසියාවේ සහ අප්‍රිකාවේ සමුද්‍රාසන්න රටවල් සමග එක්ව කටයුතු කළ යුතුව තිබේ. ඉන්දීය සාගරයේ යටත් විජිත තත්ත්වය විසින් යුරෝපා සංගමයටත් විශේෂයෙන්ම ප්‍රංශයටත් එහි පැරණි සහ වත්මන් යටත් විජිත යොදාගනිමින් ඉන්දීය සාගරයේ ධීවර සම්පත් කොල්ලකෑමට ඉඩ සලසා තිබේ. එමෙන්ම එක්සත් ජනපදය සිය පැසිෆික් සාගර හවුල්කරුවන් වන ජපානය, දකුණු කොරියාව සහ තායිවානය ආදි රටවල් යොදාගනිමින් අධික ලෙස මසුන් මැරීමට අවස්ථාව උදාකරගෙන ඇතිවා පමණක් නොව ඉන්දීය සාගර ටූනා මත්ස්‍ය කොමිසම (Indian Ocean Tuna Commission- IOTC)හමුවේ තමන්ගේ පංගුව වෙනුවෙන් “අයිතිවාසිකම් ” කීමටද අවස්ථාවක් උදා කරගෙන තිබේ.
අවසාන විග්රහයේදී ලෝකයේ ඇත්තේ සාගර තුනක් පමණි. ඒවා නම් අත්ලාන්තික් ඉන්දියානු සහ පැසිෆික් යන සාගර වේ.
“ඉන්දු පැසිෆික් ” යනුවෙන් දෙයක් මෙලොව නැත. එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ “ආසියානු විවර්තනිය” හෙවත් ආසියාව වෙත හැරීමේ උපාය මාර්ගය නීත්‍යානුකූල කිරීම සඳහා නිර්මාණය කරන ලද භූ දේශපාලනික සංකල්පයක් පමණි. එමගින් එක්සත් ජනපදය විසින් විශාල පාරිසරික දූෂණයක් සිදු කරමින් සිය යුද යන්ත්‍රය ඉන්දීය සාගරය තුළ ස්ථාපනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබේ. එපමණක් නොව ඒ අතරම “රෙගුලාසි මත පදනම් වූ ” ඉන්දිය සාගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බව අඟවමින් ආසියාවේ නැගී එන ආර්ථික බලවේගවලට තර්ජන එල්ල කිරීමටද අවස්ථාව උදා කරගෙන තිබේ.එක්සත් ජනපද යුද යන්ත්‍රය සහ යුද නෞකාවන් විසින් අතිවිශාල සාමුද්‍රික පරිසර විනාශයක් සිදු කරමින් කලාපයේ ජීවත්වන ජනතාවගේ ජීවනෝපායන්ට මෙන්ම සෞඛ්‍යමය යහපැවැත්මටද තර්ජනයක් එල්ලකර ඇත. එක්සත් ජනපදය තමන් අයත් නොවන ඉන්දීය සාගරයට පැමිණ එහි ත්‍රස්ත ප්‍රහාර සහ පාරිසරික විනාශයන් සිදුකර පසුව ත්‍රස්තවාදය මර්දනය කිරීම, පාරිසරික විනාශයන්ට එරෙහිව කලාපයේ රටවල් සුදානම් කිරීමේ සහ සහන සැලසීමේ මුවාවෙන් දියත් කර ඇති ආධිපත්‍යය තහවුරු කිරීමේ මෙහෙයුම් නතර කර තමන් අයත්වන අත්ලාන්තික සහ පැසිෆික් සාගර වෙත ආපසු යායුතුය.
1970 ගණන්වලදී සැම්බියාවේ ලුසාකා නගරයේ පැවැති නොබැඳි සමුළුව විසින් ඉන්දියන් සාගරය සාම කලාපයක් විය යුතුය යන යෝජනාව සම්මත කරන ලදි. එමගින් සුපිරි බලවතුන්ගේ සතුරුකම්,ආධිපත්‍යය සඳහා වන තරඟය සහ හමුදා කඳවුරුද ඉන්දීය සාගර කලාපයෙන් ඉවත් කළ යුතු යැයි ඉල්ලා සිටින ලදි. මෙම යෝජනාව එක්සත් ජනපදයේ දැඩි ප්‍රහාරයට ලක්විය. 1974 දී එක්සත් ජනපද කොංග්‍රසය හමුවේ අද්මිරාල් එල්මෝ සුම්වාල්ට් ප්‍රකාශ කර සිටියේ “බටහිර රටවල බලශක්ති සැපයුමේ කේන්ද්‍රයේ සිට පර්සියන් ගල්ෆ් දක්වා සෝවියට් සංගමය සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ. ඒ නිසා එක්සත් ජනපදයේ විදේශ සහ ආර්ථික ප්රතිපත්තින්වල කේන්ද්‍රීය අවධානය බවට ඉන්දියානු සාගරය සහ දියාගෝ ගාර්ෂියාව පත්ව ඇති අතර ඒවා අපගේ ආරක්ෂාව පිළිබඳ වර්ධනය වෙමින් පවතින බලපෑමකින් යුක්තය.” යනුවෙනි.
චීනය මෙන්ම අනෙකුත් ආසියාතික ආර්ථික දැවැන්තයන්ට එරෙහිව එක්සත් ජනපදය විසින් දියත් කර ඇති සීතල යුද්ධය ඉන්දියානු සාගරය තුළ උණුසුම් වෙමින් පවතින බව එක් පැත්තකින් ඇමෙරිකානු යුද නෞකා ඉරානයට එරෙහිව සම්බාධක ක්‍රියාත්මක කිරීම සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත යාත්‍රා කිරීම මගින් සහ අනෙක් පැත්තෙන් ලංකාවට සහ දකුණු ආසියාවට ඈතින් අනෙක් පැත්තේ පිහිටි දකුණු චීන මුහුද වෙත යාත්‍රා කිරීම මගින් වඩවඩාත් පැහැදිලි වෙමින් පවතී. එහෙයින් ඉන්දියානු සාගරයට අයත් රටවල ප්‍රජාවන් උදෙසා එම සාගර කලාපය එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ජපානය සහ කොරියාව මෙන්ම ඕස්ට්‍රෙලියානු හවුල්කරුවන්ගෙන් නිදහස් කරගැනීම සඳහා ද එක්සත් ජනපදය ඉන්දීයානු සාගරයට ඇතුළු වීම වැළැක්වීම සඳහාද මනා ලෙස සම්බන්ධීකරණය වූ දේශිය, ජාතික සහ දකුණු ආසියානු කලාපීය (SAARC, ASEAN and OAU) මෙන්ම ඉන්දිය සාගර වළල්ලේ පිහිටි රාජ්‍යයන්ගේ සහ ආසියානු රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යව තිබේ.
මේ සංදර්භය තුළ ආසියානු ආර්ථිකයන්ගේ නැගීම සිදුවීමට නම් ආසියාව එක්සත්ව ඇමෙරිකානු ආක්රමණයටත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදයටත් එරෙහිව නැගී සිටිය යුතු නැගී සිටිය යුතුව ඇති බව චීනය සහ ඉන්දියාව විසින් දැන් පිළිගත යුතුව තිබේ. එක්සත් ජනපදය විසින් එක් පසෙකින් චීනයට එරෙහි සීතල යුද්ධයක් දියත් කරනු වස් ඉන්දීය සාගරය තුළ සිදු කරන ක්‍රියාකාරි මිලිටරීකරණයද අනෙක් පසින් රටවල් එකිනෙක කෙටවීම සඳහා මුදාහරිනු ව්‍යාජ බුද්ධි තොරතුරු, “සාමය ගොඩ නැගීමේ” ආඛ්‍යානයන්, “ආපදා සඳහා සුදානම්වීමේ සැලසුම් සහ මෙහෙයුම් ” ආදියට ආසියානු රටවල් සිය විරෝධය පළ කළ යුතුය.
මේ මොහොතේදී තමන් ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටින බවට ඉන්දියාව විසින් වගබලාගත යුතුව තිබේ. එමෙන්ම ඉන්දීය සාගරය යටත් විජිතහරණය කිරීම සඳහාත් එය “සාම කලාපයක්” බවට පත් කිරීම සඳහාත් ඉන්දියාව මැදිහත් විය යුතුය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ උරුමයක් වූ බෙදීම් සහ කැබැලිවලට කැඩීයාම් සමග ද පශ්චාත් යටත් විජිත යුගයේදී නේටෝව සහ ඇමෙරිකාව විසින් ඉන්දියාවේ අසල්වැසියන් සමග උත්සන්න කරන ලද අර්බුදයන්ද සමග අරගලයක නිරතවීමට සිදුවීම හේතුවෙන් ඉන්දියාවේ අවධානය බොහෝ කලක් වෙනත් පැතිවලට යොමුවී තිබිණි. ආසියාව නැවැත නැගී සිටීමට නම් ආසියාවේ රටවල් අතර ගැටුම් සහ බෙදීම්වලට ඉඩ නොතැබිය යුතුය යන කරුණ වෙත ඉන්දියාව අවදි විය යුතුව තිබේ.
ඉන්දියානු සාගරය යටත්විජිතහරණය සඳහා කෙරෙන අරගලයේදී අවධානයට ගත යුතු කරුණු සමහරක්
1. ඉන්දියන් සාගරය අයත් වන්නේ එහි රටවල ජනතාවන්ට වන අතර එය වහාම යටත්විජිතහරණයටලක් කිරීමද එය බලවත් රටවල එකිනෙකට පසමිතුරු ක්‍රියාකාරිත්වයන්ගෙන් තොර විය යුතු සාම කලාපයක් ලෙස නම් කිරීමද කළ යුතුව තිබේ.
ඉන්දියන් සාගරයේ රටවල දිළිඳු ජනතාව වෙනුවෙන් ඉන්දියාව එහි නම දරන ඉන්දියන් සාගරයේ උරුමය යළි ගොඩගැනීමට ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු අතර, ජීවී (ධීවර) සහ අජීවී (ගෑස්, තෙල්, දුර්ලභ ඛනිජ සම්පත්) යන දෙඅංශයටම අයත් ඉන්දීය සාගර සම්පත් තිරසාර ලෙස සහ සාධාරණ ආකාරයෙන් භාවිතා කිරීම සඳහා තාක්ෂණ හුවමාරුව සහතික කළ යුතුව ඇත. එමෙන්ම ඉන්දිය සාගරයට අයත් නොවන අයත් නොවන ප්‍රංශය, ස්පාඤ්ඤය, යුරෝපා සංගමය, ජපානය කොරියාව, තායිවානය වැනි දුරස්ත සාගර ධීවර කර්මාන්තයේ යෙදෙන රටවල් ( Distant Water Fishing States – DWFS)විසින් සිදු කරමන අධික ලෙස මසුන් ඇල්ලීම සහ ඉන්දියන් සාගරයේ සාගර සම්පත් විනාශ කිරීම ආදිය තහනම් කළ යුතුය.
2. එක්සත් ආසියාවක් විසින් එක්සත් ජනපදයේ ආක්‍රමණශීලි පිළිවෙත්වලටද පාස්කු ප්‍රහාරය වැනි ත්රස්තවාදයට මුවා වී සිදු කරන ප්‍රහාරවලටද, තරයේම විරුද්ධ විය යුතුය.සාගර සම්පත් සංවර්ධනයේදී මතුවන තාක්ෂණික සහ පාරිසරික අභියෝග ජයගැනීමට කලාපීය මුලපිරීම් මෙන්ම පර්යේෂණ සහ සංවර්ධනය සඳහා රාජ්‍ය ආයෝජන සිදු කළ යුතුය.වෙළඳාම සහ සම්පත් පිළිබඳව උණුසුම් තරඟකාරි බවක් සහිත ඉන්දීය සාගරය තුළ ලංකාවේ භූ උපායමාර්ගික පිහිටීමේ සංදර්භය තුළ ජීවී (ධීවර) සහ අජීවී (ගෑස්, තෙල්, දුර්ලභ ඛනිජ සම්පත්) යන දෙඅංශයටම අයත් සාගර සම්පත් සංවර්ධනයට කටයුතු කිරීම තිරසාර සංවර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.[6]
3.ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය විසින් දුරස්ත සාගරවල මසුන් ඇල්ලීමේ යෙදෙන රටවල්(DWFS) සහ පුද්ගලික කොම්පැනිවලට ශ්‍රි ලංකාවට අයත් විස්තීර්ණ ආර්ථික කලාපය (EEZ)තුළ මසුන් මැරීම සඳහා අවසර ලබාදීමේදී ඔවුන් සමග ඇති කරගන්නා ලද ගිවිසුම් පිළිබඳ ඇගයීමක් කිරීම පිණිස ඒවා පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ (RTI) යටතේ විධිමත් ලෙස ඉල්ලා සිටිය යුතුය. ජාතික ධීවර කර්මාන්තයට කිසිදු යහපතක් නොවන මෙවැනි ගිවිසුම් 30ක් පමණ පවතී.
4. 2019 ජූනි මාසයේ පළමු සතිය තුළ ශ්‍රි ලංකාවේ දෙහිවල සහ වැල්ලවත්ත වෙරළ තීරයන් වෙත විදේශ තෙල් නැවකින් තෙල් කාන්දුවූ තෙල් ගලා ඒම සිදුවිය.යුද්ධ ගැටුම් ඇති කිරීම, ආගමික ගැටුම් ඇති කිරීම මෙන්ම මෙවැනි පාරිසරික විනාශයන් සිදු කරලීමෙහිලා ද ඉන් පසුව “මානුෂික මෙහෙයුම් ” සඳහා සිය හමුදා යවමින් ආඛ්‍යානය තහවුරු කරනු පිණිස තමන් විසින්ම නිර්මාණය කරන ලද විනාශයන්ගේ සුන්බුන් ඉවත් කිරීම, අනාගත “ත්‍රස්ත ප්‍රහාර ”හෝ “ස්වාභාවික හෝ මිනිසා විසින් නිර්මිත ආපදාවන්ට” මුහුණ දීම සඳහා ආයුධ හෝ තාක්ෂණික උපකරණ විකිණීම ආදියෙහිලාද එක්සත් ජනපදය සතුව අද්වීතිය විශේෂඥතාවක් මෙන්ම ඉතිහාසයක් ද සතුය. ආපදාවන් සඳහා සුදානම් වීම සහ ඒ හා සම්බන්ධිත මානුෂිකවාදය ( නයෝමි ක්ලයින් සිය “Shock Doctrine” කෘතියේ දී සඳහන් කළාක් මෙන්) එක්සත් ජනපදයේ දැවැන්ත ජාවාරමකි.
5. ශ්‍රි ලංකාවේ ඉඩම් අල්ලා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙයවන දිවයිනේ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල වසර 10කට වැඩි කාලයක් පුරා සිදුවන බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාජ මානුෂිකවාදි ව්‍යාපෘතියේ ක්රියාකාරිත්වයන් විමර්ශනයට ලක් කළ යුතුව තිබේ.
6. පරිසරවාදය මෙන්ම ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම සහ GSP Plus සහන වැනි දේවල් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් යොදා ගනු ලබන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි‘වෙළඳාමේ රීතින් ’ හසුරුවමින් ගෝලීය දකුණේ සම්පත් කොල්ලයට ඉඩකඩ පාදා ගැනීම සඳහාය.කොළඹදී පැවැත්වීමට නියමිත CITES සම්මේලනයේදී (වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය- Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) ඉන්දීය සාගරයේ ධීවර ප්‍රජාවන් විසින් දුරස්ත සාගරවල ධීවර කටයුතු වල යෙදෙන රටවලට විරෝධය පෑමට නියමිතව තිබිණි. මෙම විරෝධතාවයේ අරමුණ වූයේ ඉන්දීය සාගරයේ මත්ස්‍ය වෙළඳාම පිළිබඳ පවත්නා තත්ත්වයන් පාලනයකට ලක් කිරීමය.මැයි මාසයේදී CITES සම්මේලනය අවලංගු කර දැමුණේ ඉන්දීය සාගරයේ ධීවර ප්‍රජාවන් විසින් ඔවුන්ගේ ධීවර සම්පත් රැකගැනීමටත්, ඔවුන්ගේ ධීවර වරායන් ආසියානු සංවර්ධන බැංකුව සහ ප්‍රංශය වෙතින් නැවත ලබා ලබාගැනීම සඳහාත් සංවිධානය වීම නිසාය.
7.පෙන්ටගනය විසින් සිදු කරන ලද තමන්ගේම අධ්‍යයනයකට අනුව 2013 වසරේදී ඔවුන් විසින් බැර තෙල් බැරල් 90,000,000 ක් භාවිතා කර තිබේ.මෙය එක්සත් ජනපද රජය විසින් භාවිතා කරන ලද සම්පූර්ණ තෙල් ප්‍රමාණයෙන් 80%කි. මෙම බැර තෙල් ජෙට් ඉන්ධන ලෙස දහනය කළේ නම් ඒ මගින් කාබන්ඩයොක්සයිඩ් (CO2) මෙට්‍රික් ටොන් 38,700,000ක් වායුගෝලයට මුදා හැර තිබේ. කෙසේ වුව ද 2013 වසරේදී ඔවුන් විසින් මිහි මත පතිත කරන ලද දස දහස් ගණනක් බෝම්බ විසින් වායුගෝලයට නිකුත් කරන ලද කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණය ගණනය කර නැත. එමෙන්ම එම බෝම්බ විසින් ඇති කරන ලද ගිනි ජාලා විසින් නිකුත් කරන ලද කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය දඔවුන් විසින් හෙළිදරවු කර නැත. සාමාන්‍ය මිනිසුන් ආහාර පිසීමට ගන්නා ගෑස් ලිපේ කාබන් විමෝචනය මගින් සිදුවන හානිය ගැනත් එයින් සිදුවන හානිකර දේශගුණික විපර්යාසයන් ගැනත් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීමේ ක්ෂණික සහ මාරාන්තික අවශ්‍යතාව ගැනත් අතොරක් නැතිව ලෝකයට අවදානම් අඟවන සමාගම්කාර ජනමාධ්‍ය පෙන්ටගනය විසින් ලොව පුරා සිය මිලිටරි මෙහෙයුම් වලදී නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය(carbon footprint) ගැන කිසි දිනෙක සඳහන් කර නැත.
8. ශ්‍රි ලංකාවේ කාලගුණ වාර්තා නිකුත් කරන්නේ කොළඹ එක්සත් ජනපද කාර්යාලය විසිනි.මේ මගින් විවිධ අවදානම් සහගත සහ ව්‍යසනකාරි කාලගුණික තත්ත්වයන් පිළිබඳ අතිශයෝක්ති සහගත වාර්තා නිකුත් කරමින් ශ්‍රි ලාංකිකයන් තමන්ට අයත් සාගර කලාපයට ප්‍රවේශ වීම වැළැක්වීමට කටයුතු කරන බව පෙනී යයි. එමෙන්ම මුහුද හරහා ප්‍රවාහනය කෙරෙන මත්ද්‍රවය වසංගතයක් නිර්මාණය කර එය මර්දනය කිරීමට සහාය වීමේ මුවාවෙන් නිත්‍ය නාවික නිරීක්ෂණ කටයුතුවලටද සහභාගිවීමට එක්සත් ජනපදය අවස්ථාවන් නිර්මාණය කරගෙන තිබේ. එමෙන්ම ගුවන් සහ අන්තර්ජාල සම්බන්ධ ව්‍යසනයන් ගැන ද අනවරත ලෙස අවදානම් අඟවමින් ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමට අවස්ථාවක් ලබාගනිමින් පවතින අතර ලංකාවේ ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ ක්‍රියාවලියක් ද දියත්ව තිබේ.
9. ඉන්දීය සාගරයේ සහ අප්‍රිකානු වෙරළ තීරයේ ප්‍රජාවන් විසින් , ධීවර සහ වෙනත් සාගර සම්පත් ඵලදායි ලෙස භාවිතා කිරීම, ඉන්දීය සාගර තෙල් සහ ගෑස් සම්පත් ගවේෂණය ආදිය සම්බන්ධ ශක්‍යතාවන් වර්ධනය කිරීමේ ඉදිරි දැක්මකින් යුතුව ස්වකීය ආයතනික ශක්‍යතා ගොඩ නැංවීම සහ තාක්ෂණික හුවමාරුව සඳහා ආයෝජනය කිරීමට කටයුතු කළ යුතුව තිබේ. හුදෙක් සියලුම තරුණ තරුණියන් විදේශ සරසවි කරා යොමු කිරීම වෙනුවට අත්‍යවශ්‍ය තාක්ෂණික හුවමාරුව සිදුවන බවට වග බලාගත යුතුය.
10. ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය පිළිබඳ සංයුක්ත මූලික උපායමාර්ගයක් බිහිකිරීම ශ්‍රි ලංකාව හමුවේ පවතින හදිසි අවශ්‍යතාවයකි. විදේශීය ආධාර මත සිදු කෙරෙන සියලු ව්‍යාපෘතින් කොතෙක් දුරට ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන්ට සහ ප්‍රතිපත්තින්ට කොතෙක් දුරට අනුකූලදැයි ඉහළ පාරදෘෂ්‍යභාවයක් සහිත පූර්ණ ප්‍රතිවිමර්ශනයකට භාජනය කළ යුතුය. රටට වාසි සහගත නොවන සියලු ව්‍යාපෘතින් වහාම අත්හිටුවිය යුතුය.එවැනි අවාසි සහගත ව්‍යාපෘතින් සඳහා නිදසුන් ලෙස හම්බන්තොට තෙල් පිරිපහදුව,තුර්කි බාර්ජ් බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය හෝ ත්‍රිකුණාමලයේ වානේ කම්හල වැනි ව්‍යාපෘතින් ඇතුළුව පාරිසරික බලපෑම් විශ්ලේෂණයෙන් තොරව විදේශීය යුද යන්ත්‍රයට සේවා සැපයෙන ව්‍යාපෘතින් දැක්විය හැකිය.
11. ධීවර, වෙළඳාම සහ ප්‍රවාහනය, තෙල් සහ ගෑස් , දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය ආදි සාගරයට සම්බන්ධ අංශයන්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම සහ සංවර්ධනය කිරීම ඉලක්ක කොටගත් විශ්ලේෂණාත්මක ඉදිරි දැක්මක් මගින් අන්තර්ග්‍රහණය කෙරෙන සාගර සම්පත් අංශයක්, සංවර්ධන ප්‍රතිපත්තියක් සහ මූලික සැලැස්මක් අවශ්‍යව තිබේ. නිදසුනක් ලෙස පුල්මුඩේ කැනීම් කටයුතුවලදි කැනීම් කර්මාන්තයන්හි පාරදෘෂ්‍යතාව පිළිබඳ මුලපිරීම්(Extractive Industries Transparency Initiative- EITI) මෙන්ම තිරසාර සාගර පාරිසරික පද්ධතින් කළමණාකරණයන් පිළිබඳ නිවැරැදි භාවිතාවන් අනුගමනය කළ යුතුය. එමෙන්ම ශ්‍රි ලංකාවේ විස්තීර්ණ ආර්ථික කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව ඉන්දීය සාගර සීමාවේ වෙනත් රටවල් සමග එක්ව කටයුතු කළ යුතුය.
පරිවර්තනය: අජිත් සී හේරත්
මුලාශ්‍ර
[2]K.M Wasnatha Bandara, 2019 Indo American Aggression for Geopolitical control.
[3]Tony Cartaucchi 2019 Sri Lanka: How Saudi backed terror targeted China’s allies:
[4]Isis didn’t choose Sri Lanka but the Sri Lankan group chose IS.
[5] Wahhabism spread at behest of the West during Cold War: Bin Salman..
[6] Japanese experts study coastal erosion in Sri Lank” with British experts