ඉන්දීය ගොවි අරගලය, ඊනියා වසංගත සහ නව ලෝක රටාව- කෙටි සමාලෝචනයක්

රොයිටර් පුවත් සේවයට අනුව පන්ලක්ෂයකට අධික ගොවීහු පිරිසක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මුසාෆානගර්හි සැප්තම්බර් 05 වැනිදා පැවැති විරෝධතා රැළියට සහභාගි වී තිබේ. ප්‍රාන්තයේ වෙනත් නගරවල පැවැති විරෝධතාවන්ටද තවත් සිය දහස් ගණනින් සහභාගි වී ඇත.
ඉන්දියාවේ ප්‍රධාන ගොවි නායකයෙකු වන රාකේෂ් ටිකායිත්ට අනුව මෙම රැළිය ඉන්දීය ගොවි විරෝධතා ව්‍යාපාරයට නව ජීවන හුස්මක් ගෙන දීමට සමත්ව තිබේ.
ඔහු මෙසේ ද පැවසීය.
“ අපි උත්තර ප්‍රදේශ් හි සෑම නගරයකටම ගොස් විරෝධාතා පවත්වමින් මෝදීගේ ආණ්ඩුව ගොවි ජනයාගේ සතුරෙකු බව ජනතාවට පවසනවා “
ටිකායිත් වූ කලී විරෝධතා ව්‍යාපාරයේ නායකයා මෙන්ම භාරතීය කිසාන් යුනියන් හෙවත් ඉන්දීය ගොවි සංගමයේ ප්‍රකාශකයාද වෙයි.
ඉන්දියාවේ කෘෂිකාර්මික ආහාර නිෂ්පාදනය සමාගම්වලට පැවරීම සඳහා ඉඩ සලසන නව පනත් 3කට ද, ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතාවයේ පැවැත්ම ජාත්‍යන්තර පාරිභෝගික සහ මුල්‍ය වෙළෙඳපොළට යටත් කිරීමේ සැලසුම්වලටද එරෙහිව 2020 නොවැම්බරයේ සිට ලක්ෂ ගණන් ගොවීහු දිල්ලි නගරසීමාවේ කඳවුරු බැඳ විරෝධතා ව්‍යාපාරයක් පවත්වාගෙන යති. උත්තර් ප්‍රදේශ්හි පැවැති රැළිවලට අමතරව තවත් දහස් ගණන් ගොවීහු හර්යානා ප්‍රාන්තයේ කර්නාල්හි විරෝධතා රැළි පවත්වමින් ඉහත පනත් ඉවත්කරගන්නා ලෙස මෝදීගේ රජයට බල කර සිටියහ.

මෙම සැප්තම්බර් 05 විරෝධතාවන් පැන නැගීමට හේතු වූයේ නව දිල්ලියට 200Km ඈතින් පිහිටි කර්නාල් නගරයේ  ගොවි විරෝධතා ව්‍යාපාරයක් මර්දනය කිරීම සඳහා පොලීසිය විසින් ප්‍රචණ්ඩත්වය යොදාගැනීමය. එහිදී පොලිස් පහරදීම්වලින් කිහිපදෙනෙකු තුවාල වූ අතර එක් පුද්ගලයෙකු පසුව හෘදයාබාධයකට ලක්වීමෙන් මරණයට පත් විය.

මහාමාර්ගවල ඉදිකර ඇති මාර්ග බාධක සහ බැරියර් බිඳ දමමින් ගොවීන් පෙරට එන්නේ නම් “ගොවියන්ගේ ඔළුගෙඩි කුඩු කරන ලෙස“ පවසමින් සිය නිලධාරින් දිරිගන්වමින් රජයේ ඉහළ නිලධාරියෙකු වූ අයූෂ් සිංහා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් අඩංගු වීඩියෝ පටයක සමාජ මාධ්‍යයන්හි පසුගියදා ප්‍රචාරය විය. හර්යානා ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති මනෝහර් ලාල් කට්ටාර් ඉහත ප්‍රකාශය කරනු ලැබූ නිලධාරියා විසින් යොදාගනු ලැබූ වචන පිළිබඳ සිය විවේචනය ඉදිරිපත් කරන ලද නමුත් නීතිය සහ සාමය පවත්වාගැනීමට “දැඩි ක්‍රියාමාර්ග“ ගැනීමට සිදුවන බව අවධාරණය කළේය.
නමුත් එය ඇත්ත නොවේ. ඇත්ත වශයෙන්ම “දැඩි බව“ සහ “ප්‍රචණ්ඩත්වය“ යොදාගත යුත්තේ ඉන්දීය කෘෂි ආහාර නිෂ්පාදන අංශය ගිලගැනීමට කුරුමානම් අල්ලමින් සැරිසරන විදේශීක ධනපති ගිජුලිහිණින්ට එරෙහිවයි. සැබැවින්ම ගොවීන්ගේ “ඔළුගෙඩි කුඩු පට්ටම් කර දැමීම“ පිළිබඳව ඉහත නිලධාරියාගේ ප්‍රකාශයට තමන් විරුද්ධ බව පෙන්වීමට තැත් කළ ද ඉන්දීය පාලකයන්ගේ සහ විදේශික කෘෂි ආහාර නිෂ්පාදන සමාගම් අයිති ප්‍රකෝටිපතියන්ගේ සැබෑ ප්‍රමුඛතම අවශ්‍යතාව වී ඇත්තේ විරෝධතාවයේ යෙදෙන ගොවීන්ගේ “ඔළුගෙඩි කුඩු පට්ටම් කර දැමීම “ බව පැහැදිලිය.
ඉන්දීය කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ සෘජු ලෙස ආයොජනය කරමින් එය තම ග්‍රහණයට ගැනීමට අපේක්ෂා කරන ගෝලීය ප්‍රාග්ධන හිමියන්ගේ විශ්වාසය තහවුරු කරගනිමින් ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තමන් ගොවි ව්‍යාපාරයට යටත් නොවන බව සහ එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වීමට ඉන්දීය පාලකයන් ක්‍රියාකරමින් සිටිති.
ඉන්දීය ගොවි විරෝධතාව විසින් නියෝජනය කරන්නේ රටේ හෘදය සහ ආත්මය සඳහා වන අරගලයයි. ගෝලීය සහ දේශීය විශාල පරිමාණ කෘෂි නිෂ්පාදන ජාවාරම්කරුවන්, වෙළෙන්දන් සහ e-commerce සමාගම් උත්සාහ දරමින් සිටින්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ ස්වදේශික නිෂ්පාදකයන් සහ ව්‍යාපාර පළවාහරිමින් තමන් ගේ සැලසුම් පරිදි කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමටයි.

මෑතකදී ඉදිරිපත් කරන කෘෂි පනත් තුන මගින් සිදුවන්නේ විදේශික කෘෂි ආහාර නිෂ්පාදන ඒකාධිකාරයට යටත් වී ඉන්දියාව විසින් එය සතු ආරක්ෂිත ආහාර සංචිතයන් අතුගා දමනු ලැබීමයි. ඉන් පසුව ඔවුන්ට සිදුවන්නේ මුදල් ණයට ගෙන හෝ එහි විදේශ විනිමය සංචිත වැයකරමින් හෝ විවෘත වෙළෙඳපොලෙන් ආහාර මිලට ගැනීමටයි. මෙම තත්ත්වය ඉන්දියාව 1990 ගණන්වලදී නව ලිබරල් ආර්ථික පිළිවෙත් අනුගමනය කිරීමට පෙළැඹුණ දිනවල සිට දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. දැන් මෙම රට විශාල වශයෙන් රඳා පවතින්නේ රට තුළට ගලා එන විදේශීය ප්‍රාග්ධනය මතය. විදේශීය ආයෝජනයන් ආකර්ෂණය කරගැනීම සහ වර්ධන කරගැනීමත්, වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමත් අරමුණු කොටගෙන ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් ප්‍රජාතාන්ත්‍රික මූලධර්මයන්ටද මිලියන සියගණන් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවන්ට ඉහළින් තබමින්ද ප්‍රතිපත්ති තීරණය කරනු ලබයි.
තමන් ගොවි ජනයා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් විදේශිය කෘෂි සමාගම් සහ ආයෝජකයන්ගේ අවශ්‍යතාවන් ඉටුකරන බව පැහැදිලිව පෙනෙන දෙයක් බව පාලකයෝ දනිති. ස්වකීය කෘෂි නිෂ්පාදන අංශයේ පාලනය අත්හැර දැමීමට සඳහා වන ඉන්දීය රජය කටයුතු කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකිය.
ආර්ථික විද්‍යා මහාචාර්ය මයිකල් හඩ්සන් 2014 දී මෙසේ පැවසීය.
“ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සෑම විටෙකම පදනම් වූයේ කෘෂිකාර්මික අපනයනය පදනම් කරගෙනය. තුන්වන ලෝකයේ රටවල් බහුතරයක් පාලනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත්වලට හැකි වූයේ කෘෂිකර්මය සහ ආහාර සැපයුම පාලනය කිරීම මගිනි. ලෝක බැංකුවේ ණය දීමේ භූ දේශපාලනික උපාය මාර්ගය විසින් රටවල් ආහාර හිඟ ප්‍රදේශ බවට පත් කළේ ඔවුන්ට වාණිජ බෝග සහ වැවිලි අපනයන බෝග වගා කරන ලෙස ඒත්තු ගැන්වීම මගිනි. එමගින් එම රටවල ජනතාව තමන්ගේම ආහාර අවශ්‍යතාවන් සඳහා කෘෂිකර්මයේ නිරතවීමෙන් වැළැක්වීමට ඔවුහු සමත් වූහ.“

1990 ගණන්වලදී ඉන්දියාව මුහුණ දුන් විදේශ විනිමය අර්බුදයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුවට අවශ්‍ය වූයේ ඉන්දියාවේ මිලියන ගණන් ජනයා කෘෂිකර්මයෙන් ඉවත් කිරීමටය. එක්සත් ජනපද ඩොලර් බිලියන 120ක් ණය ආධාරයක් ඉන්දියාවට සැපයුණ අතර එම ණය සඳහා පැනැවුණ කොන්දේසි නම් ඉන්දියාවේ රජය විසින් පාලනය කළ බීජ සැපයුම අත්හැර දැමීම, කෘෂිකාර්මික ආධාර අඩු කිරීම, රජයේ කෘෂිකාර්මික ආයතන වසා දැමීම සහ විදේශ විනිමය ඉපැයීම සඳහා වාණිජ අපනයන බෝග වගාව සඳහා දිරිගැන්වීමේ ආධාර ලබා දීම ආදියයි. මෙම උත්සාහයේ අරමුණ වූයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ රාජ්‍ය ආයතනවල මැදිහත් වීම මුළුමණින්ම පාහේ අඩපණ කර දැමීම සහ එම ආයතන පුද්ගලික ප්‍රාග්ධන ආයෝජකයන්ට පහසුකම් සපයන්නෙකු බවට පත් කිරීමත් කෘෂිකර්මය කාර්මිකකරණයට ලක් කිරීමත් කුඩා පරිමාණ ගොවීන් කෘෂිකර්මයෙන් ඉවත් කිරීමත්ය.

ගොවීන්ගේ ඔළු කුඩු කිරීම

2020 දෙසැම්බර්වලදී ඉන්දීය මාධ්‍ය පදනම ( Press Trust of India) විසින් පළ කරන ලද ඡයාරූපය මගින් ඉන්දීය රජය ගොවි විරෝධතාව ගැන දක්වන ආකල්පය හෙළිදරවු වෙයි. එමගින් දැක්වෙන්නේ වයස්ගත පංජාබි ගොවියෙකුට පහරදීමට සිය බැටන්පොල්ල ඔසවාගෙන සිටින පොලිස් නිලධාරියෙකි. මුළු වැරයොදා එල්ලකිරීමට සැරසෙන එම පහර ගොවියාගේ හිසමත පතිතවීමට ආසන්නය. “ ගොවීන්ගේ ඔළුගෙඩි කුඩු පට්ටම් කිරීම“ ඒකාධිපති “ලිබරල් ප්‍රජාතාන්ත්‍රික උන්මත්තකයන්“ තමන්ගේම ජනතාවන්ට සළකන ආකාරය පිළිබඳ සංකේතයක් වේ.

පොදු ස්ථානයන්ට රැස් වී විරෝධතාව දැක්වීමේ අයිතිය මෙන්ම අදහස් පළ කිරීමේ අයිතිය ද ඕස්ට්‍රේළියාව තුළ තහනම් කර තිබේ. “ කොරෝනා- ශුන්‍ය කිරීම“ නම් විකාර නිරර්ථක ප්‍රතිපත්තියක් හඹා යන ඕස්ට්‍රේලියානු බලධාරින් දැන් ඕස්ට්‍රේලියාව දැවැන්ත එළිමහන් සිරකඳවුරක් බවට පත් කර තිබේ. යුරෝපයේත් එක්සත් ජනපදයේත් ඊශ්‍රායලයේත් අනවශ්‍ය ලෙස “ කොරෝනා පාස්පෝට්“ හඳුන්වා දෙමින් ගමන්කිරීමේ නිදහස සහ සේවා සහ භාණ්ඩ මිලදීගැනීමේ අයිති සීමා කරමින් විෂම ලෙස සැළකීමේ මානව විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිති. මෙම මානව හිමිකම් උල්ලංඝණයන්ට විරෝධය දක්වන පුද්ගලයන්ට ප්‍රතිචාරය දක්වනුයේ අතිවිශාල සන්නද්ධ පොලිස් සහ ආරක්ෂක බලකායන් යොදවමින් ප්‍රචණ්ඩ මර්දනයක් දියත් කරමින් සහ මාධ්‍ය යොදවමින් සිදුකරන අවලාද ව්‍යාපාරයන් මගිනි.

“මහා ගෝලීය ප්‍රතිසැකැස්ම“ (the Great Reset), “4 වන කාර්මික විප්ලවය“(4th Industrial Revolution) සහ “නව සාමාන්‍ය තත්ත්වය“ (New Normal) යන වචනවලින් හැඳින්වෙන ධනවාදී ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාත්මක කිරීමට ඒවා පිටුපස සිටින සිය ප්‍රකෝටිපති හාම්පුතුන් වන බිල්ගේට්ස් සහ රොකෆෙලර් පදනම්, දැවැන්ත මුල්‍ය සමාගම්, ලෝක ආර්ථික සංසදය(World Economic Forum )සහ මිලිටරි සහ මුල්‍ය නිෂ්පාදන සංකීර්ණයේ සකල විධ දුෂ්ට බලකායන් වෙත සිය පක්ෂපාතිත්ව පළකිරීමට ලොව පුරා ආණ්ඩු සහ පාලක පන්තීන් විසින්කටයුතු කරමින් සිටින අතර ඔවුන්ගේ ජනමාධ්‍ය ඔඩොක්කු කුක්කන්ව යොදාගනිමින් ඇත්තේ මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් විසින් ලොව පුරා සාමාන්‍ය ජනතාවට එල්ලවන කුරිරු බලපෑම වසංකිරීම සඳහායි.
මෙය ද ඉන්දියාවේ බිලියන 1.3කට වැඩි ජනගහණයට බලපානු ලබන ඉන්දීය කෘෂිකර්ම ප්‍රතිව්‍යුහගත කිරීම් මෙන්ම ඇංග්ලෝ-එක්සත් ජනපද ප්‍රභූ පැළැන්තියේ අවශ්‍යතාවන් ඉටු කරන එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ න්‍යාය පත්‍රයට අනුව සිදුවන්නකි.  කොවිඩ් වසංගතය තුළ ලොක් ඩවුන් සහ අනෙකුත් සීමාකිරීම් මගින් සාමාන්‍ය ජනතාව සහ කුඩා ව්‍යාපාරිකයන් පීඩනයට පත් කරන අතර ඩොලර් ට්‍රිලියන ගණනින් ප්‍රභූ පැළැන්තියේ අවශ්‍යතාවන් සඳහා  භාරදෙන ලදි. වසංගත ආඛ්‍යානයේ ජයග්‍රාහකයන් නම් ඇමසෝන්, ඖෂධ සමාගම්, සහ මයික්‍රො සොෆ්ට් වැනි තාක්ෂණික ඒකාධිකාරි සමාගම්ය. වසංගත ආඛ්‍යානයේ පරාජිතයෝ නම් කුඩා ව්‍යාපාරිකයන් සහ පොදුවේ සියලුම රටවල සාමාන්‍ය පීඩිත සහ වැඩ කරන ජනතාවයි. ඔවුන්ට ඔවුන්ගේ රැකියා අයිතිය මෙන් ම පරම්පරා ගණනාවක් තුළ ඔවුන්ගේ මුතුන් මිත්තන් දෙමව්පියන් දිවි පුදා දිනාගත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අහිමි කරන ලදි. කූඨ යටි සැලැසුම වූයේ කුඩා පරිමාණ ව්‍යාපාර විනාශ කිරීමේ බහුජාතික සමාගම් වල අවශ්‍යතාව ඉටුකිරීම නම් දැනටමත් එය සිදු ව තිබේ.

ගෝලීයකරණය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය මයිකල් කොසුඩොවුස්කි මෙසේ පවසයි.

“අර්බුදයට ලක්ව ඇති සැබෑ ආර්ථිකයේ සැබෑ“ ණයකරුවන් “ නම් ගෝලීය මුල්‍ය ආයතනයන් ය. ලෝක ආර්ථිකය වසා දැමීම ගෝලීය ණයගැති භාවයක් ඇතිකිරීමට හේතු වී තිබේ. ලෝක ඉතිහාසයේ කිසිදා සිදු නොවූ විරූ ලෙස ඩොලර් ට්‍රිලියන ගණනක් ණය සැපයීමේ වාසිදායක ජාවාරම විසින් ලෝකයේ රටවල් 193ක ආර්ථිකයන්ට එක විටම පහර දෙමින් ඇත.

2020 අගොස්තුවලදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය ( International Labour Organization -ILO) විසින් මෙසේ පවසන ලදි
“කොවිඩ්-19 අර්බුදය විසින් ලෝකයේ සියලුම ප්‍රදේශවල ආර්ථිකයන්ට සහ ශ්‍රම වෙළඳපළට හානිකර ඇත. 2020 පළමු කාර්තුව සඳහා ඇස්තමේන්තුගත කරන ලද අහිමි වූ වැඩ පැය ගණන මිලියන 400ක් පූර්ණකාලින රැකියා අහිමිවීමකට සමාන වේ. මෙය වැඩි වශයෙන් සිදුවූයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය.“

රැකියා අහිමිවීමේ අවදානමට ලක්ව ඇති පිරිස අතරින් වැඩි හරියක් අයත්වන්නේ බිලියන 1.6ක් පමණ වන අක්‍රමික රැකියාවල නිරත වූවන් ගණයටය. ලෝකයේ රැකියා අහිමිවෙමින් පවතින ක්ෂේත්‍රවල සේවයේ නිරතවන්නන්ගෙන් අඩක් පමණම නියෝජනය වන්නේ (බිලියන1.25) සිල්ලර වෙළඳාම, හෝටල් සහ රෙස්ටෝරන්ට් වැනි නවාතන් පහසුකම් හෝ ආපන ශාලා ආහාර සේවා හෝ නිෂ්පාදන වැනි කොරෝනා සීමාකිරීම් නීති මගින් බලපෑමට ලක්වන අවිධිමත් රැකියා ක්ෂේත්‍රයන් තුළ, ස්වයං රැකියා හෝ අඩු ආදායම් ලබන ක්ෂේත්‍රයන් තුළය. ඉන්දීය රජය ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන විට ඉන්දියානු ජනතාව එමගින් දැඩි පීඩනයකට ගොදුරු වූහ. මෙම ප්‍රතිපත්තිය විසින් මිලියන 230කට අධික ජනගහණයක් උග්‍ර ලෙස දිළිඳු බවට පත්කර ඇති අතර තවත් බොහොමයකගේ ජීවිත සහ ජීවනෝපායයන් විනාශකර දමා ඇත. 2021 මාර්තු මස අසිම් ප්‍රේම්ජි විශ්වවිද්‍යාලයට අයත් ස්ථාවර රැකියා නියුක්තිය සඳහා වන මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව රැකියා නියුක්තිය සහ ආදායම පූර්ව වසංගත තත්ත්වයට තාමත් පත්ව නැත.

කොවිඩ්-19 වසර තුළ ඉන්දීය වැඩකරන ජනයාගේ තත්ත්වය 2021“ නම් වාර්තාවට අනුව විධිමත් රැකියාවල නියුක්ත ශ්‍රමිකයන්ගෙන් භාගයක් පමණ අවිධිමත් රැකියා කරන්නවුන්ගේ තත්ත්වයට පත්ව තිබේ. එමෙන්ම මිලියන 230ක් අවම ආදායම් මට්ටමට අඩු දරිද්‍රතාවයකට ගොදුරු වී ඇත. “කොවිඩ් වසංගතයට“ පෙර 1990 ගණන්වල සිටම ඉන්දියාව සිය දුර්වල ශ්‍රම නියුක්තික පරම්පරාව,අසමාන සංවර්ධනය සහ අතිවිශාල අක්‍රමිකවත් ආර්ථිකය ආදිය හේතුවෙන් ආර්ථික වර්ධනයේ අඩාලවීමකට මුහුණ දෙමින් සිටියේය. මෑතකදී දේශපාලන ආර්ථිකය සඳහා පර්යේෂණ ඒකකය විසින් පලකරන ලද ලිපියකට විසින් ඉන්දියාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ සාමාන්‍ය ජනයාගේ දුක්ඛිත තත්ත්වය පෙන්වා දී ඇත.
මෝදීගේ ලොක්ඩවුන් හමුවේ නොනැසී පවතිනු වස් පහළම දිළිඳු අයගෙන් 25%ක් ඔවුන්ගේ ආදායම මෙන් 3.8 වරක්ය ණය වීමට සිදුව ඇති අතර ඉහළ ස්ථරයෙන් 25%ක් 1.4 වරක් ණය ගැති බවට ලක් වී තිබිණි. ලොක්ඩවුන් නිමාවීමෙන් මාස 6කට පසුවත් දිළින්දන්ගෙන් 20%කගේ ආහාර මිලදීගැනීම් හැකියාව ලොක්ඩවුන් පැවැති කාලයේ මට්ටමේම පවතී.
එසේ වුවද මේ අතර ධනපතියන් ගේ සුරක්ෂිතතාව මනා ලෙස තහවුරු කර ඇත. “වමේ හඬට“ (Left Voice) අනුව
“මෝදීගේ රජය වසංගතය තුළ ක්‍රියාත්මක වූයේ වැඩකරන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවට ප්‍රකෝටිපතියන්ගේ සහ විශාල සමාගම්වල ලාභය ආරක්ෂා කිරීමට මුල්තැන දෙමිනි“

“මහා ගෝලීය ප්‍රතිසැකැස්ම“ (the Great Reset), “4 වන කාර්මික විප්ලවය“(4th Industrial Revolution) සහ “නව සාමාන්‍ය තත්ත්වය“ (New Normal) යන වචනවලින් හැඳින්වෙන ධනවාදී ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාත්මක කිරීමට ඒවා පිටුපස සිටින සිය ප්‍රකෝටිපති හාම්පුතුන් වන බිල්ගේට්ස් සහ රොකෆෙලර් පදනම්, දැවැන්ත මුල්‍ය සමාගම්, ලෝක ආර්ථික සංසදය(World Economic Forum )සහ මිලිටරි සහ මුල්‍ය නිෂ්පාදන සංකීර්ණයේ සකල විධ දුෂ්ට බලකායන් වෙත සිය පක්ෂපාතිත්ව පළකිරීමට ලොව පුරා ආණ්ඩු සහ පාලක පන්තීන් විසින්කටයුතු කරමින් සිටින අතර ඔවුන්ගේ ජනමාධ්‍ය ඔඩොක්කු කුක්කන්ව යොදාගනිමින් ඇත්තේ මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් විසින් ලොව පුරා සාමාන්‍ය ජනතාවට එල්ලවන කුරිරු බලපෑම වසංකිරීම සඳහායි.

මහාචාර්ය මයිකල් කොසුඩොවුස්කි පවසන්නේ ලෝකයේ සියලුම ආණ්ඩු දැන් ගෝලීය ණයහිමියන්ගේ පාලනයට යටත්වී ඇති බවයි. ඒ අනුව පශ්චාත් කොවිඩ් යුගයකදී දැකි හැකි වනු ඇත්තේ මහා පරිමාණයෙන් සමාජ සුබසාධන වියදම් කප්පාදු කිරීම්, කම්කරුවන්ගේ දීමනා සහ සමාජ සුරක්ෂිතතාව අහෝසිකිරීම් ආදිය බව ඔහු වැඩිදුරටත් පවසයි. නැවත ගෙවීමට නොහැකි ඩොලර් ට්‍රිලියන ගණනින් වන රාජ්‍ය ණය විසින් රාජ්‍යයන්ගේ පාලනය ජාත්‍යන්තර මුල්‍ය ආයතන හරහා දැවැන්ත සමාගම්වල ග්‍රහණයට නතුවන අතර රාජ්‍ය දේපොල සහ ස්වාභාවික සම්පත් පුද්ගලීකරණය කෙරෙනු ඇත.

2020 අප්‍රේල් සහ ජූලි අතර මාස කීපය තුළ පමණක් ලෝකයේ ප්‍රකෝටිපතියන් සතුව තිබූ ප්‍රකාශිත වත්කම් සමස්තය ඩොලර් ට්‍රිලියන 8 සිට ඩොලර් ට්‍රිලියන 10කට වඩා දක්වා ඉහළ ගොස් ඇත. කොසුඩොවුස්කි පවසන අන්දමට නව පරපුරේ නිර්මාණශීලී ප්‍රකෝටිපතියන් විසින් සිදුව ඇති හානිය පිළිසකර කරනු සඳහා නව තාක්ෂණික සොයාගැනීම් තීරණාත්මක මෙවලම් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන බවයි. අනාගත ගවේෂකයන් විසින් ආර්ථිකය ඩිජිටල්කරණය,නවීකරණය සහ විප්ලවීයකරණය කරනු ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි. නමුත් ඔහු අනතුරු අඟවන පරිදි මෙම දූෂිත ප්‍රකෝටිපතියන් වූකලී දිළිඳුභාවය උග්‍රකරන්නන් යන්න අමතක කිරීමට තරම් මායාවක අප ගිලී යායුතු නොවේ
මෙම කරුණු ද සිහිතබාගෙන අපි එක්සත් ජනපදයේ Right To Know වෙබ් අඩවිය විසින් මෑතකදී කරන ලද හෙළිදරවුවක් වෙත අවධානය යොමු කරමු. එම වෙබ් අඩවිය විසින් බිල්ගේට්ස් විසින් මෙහෙයවනු ලබන අනාගත ආහාර සඳහා වන න්‍යාය පත්‍රය යටතේ ජීව විද්‍යාත්මක ජාන ප්‍රතිලේඛනය මගින් කෘත්‍රිම සහ ජාන තාක්ෂණය යටතේ ආහාර නිෂ්පාදන ක්‍රම ගැන පරීක්ෂණ පිළිබඳව හෙළිදරවු කර තිබිණි. මෙම සංකල්පය වූකලී තොරතුරු තාක්ෂණ ආර්ථිකය තුළ පරිගණක වැඩ සටහන් ලිවීමට සමාන කළ හැකිය. සත්තකින්ම මෙම නිෂ්පාදන සහ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ගේට්ස් සහ සමාගම දැනටමත් පේටන්ට්  ලබාගෙන ඇති අතර එසේ නැතහොත් ලබාගනිමින් පවතී.
නිදසුනක් ලෙස බිල්ගේට්ස් විසින් මෙහෙයවන නියමු ව්‍යාපෘතියක් වන ගින්ක්ගෝ බයෝවර්ක්ස් (Ginkgo Bioworks) විසින් කෘත්‍රීම ජීව ද්‍රව්‍ය (custom organisms) නිපදවන අතර එය විසින් මෑතකදී ඩොලර් බිලියන 17.5ක ගනු දෙනු සිදු කරන ලදි. එය විසින් යොදාගනු ලබනුයේ “සෛල ප්‍රතිලේඛන“ තාක්ෂණයයි (‘cell programming’ technology).එය විසින් බැක්ටීරියා සහ යීස්ට් වර්ග ජානමය වශයෙන් වෙනස් කරමින් සකස්කරන ලද ආහාර සඳහා විවිධ රසකාරක සහ සුවඳ කාරක ද , විටමින, ඇමයිනෝ අම්ල සහ එන්සයිම ද නිෂ්පාදනය කරයි. ආහාර සහ වෙනත් නිෂ්පාදන කටයුතු සඳහා ගින්ක්ගෝ ව්‍යාපෘතිය විසින් “සෛල ප්‍රතිලේඛන මෘදුකාංග“ 20000ක් පමණ නිර්මාණය කිරීමට අදහස් කරන අතර දැනට එය විසින් නිර්මාණය කර ඇත්තේ 5ක් පමණි. මෙම ව්‍යාපෘතිය විසින් සිය ජීව විද්‍යාත්මක පහසුකම් භාවිතා කිරීම වෙනුවෙන් සිය ගනුදෙනු කරුවන්ගෙන් මුදල් අයකිරීමට සැලසුම් කර තිබේ. ගින්ක්ගෝහි ගණුදෙනු කරුවන් වූකලී සාමාන්‍ය පාරිභෝගිකයන් හෝ ගොවියන් නොව ලෝකයේ විශාලතම ඖෂධ,රසායනික, ආහාර සහ කෘෂි නිෂ්පාදක සමාගම්ය.

බිල්ගේට්ස් ඔහුගේ හරිත න්‍යාය පත්‍රයට අනුව ව්‍යාජ කෘත්‍රිම ආහාර භාවිතයට මිනිසුන් පෙළැඹවීමට තැත් දරයි. දේශගුණික සහ පාරිසරික විනාශයක් සිදුවීම වැළැක්වීම ඔහුගේ සැබෑ අවශ්‍යතාව නම් ඔහු විසින් කළ යුත්තේ නව ජෛව තාක්ෂණය භාවිතයෙන් ආහාර නිෂ්පාදනයේ ගෝලීය ඒකාධිකාරයක් සමාගම් හරහා ගොඩනගා ගැනීමට කටයුතු කිරීම නොව ප්‍රජා කණ්ඩායම් මත පදනම් වූ කෘෂි පාරිසරික ප්‍රවේශයක් මත පදනම් වූ වැඩ පිළිවෙළක් මගින් ප්‍රමාණවත් ලෙස ආහාර නිපදවීමට ගොවියන්ට උදව් කිරීමය. නමුත් ඔහු එය සිදු නොකරනු ඇත. මක්නිසාද යත් ඔහුට එවිට පේටන්ට් බලපත්‍ර හෝ ඉඩකඩම්වලට හිමිකම් කීමට ද වාණිජකරණයට හෝ ගෝලීය සමාගම් මත එය රඳාපවත්වාගැනීමටද එවිට අවස්ථාවක් නොලැබෙන බැවිනි.ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමය මගහැර මිනිස්වර්ගයාගේ ගැටළුවලට ඔහුගේ න්‍යාය පත්‍රයට සරිලන විසඳුම් ලබාදීමට ද එවිට අවස්ථාවක් නොලැබෙන බැවිනි.

ඉන්දියාව මෙම කරුණු බරපතල ලෙස සැළකිල්ලට ගත යුතුව තිබේ. මක් නිසාද යත් එය මත ආහාර නිෂ්පාදනයේ අනාගතය රැඳී පවතින බැවිනි. මෙම කෘෂිකාර්මික පනත් 3 ආපසු හැරවීමට ගොවීන්ට නොහැකිවුව හොත් ඉන්දියාව නැවතත් ආහාර ආනයනය මත හෝ සිය ඉඩම් අල්වාගත් විදේශිය සමාගම් මත සහ විද්‍යාගාර තුළ නිපදවන ලද කෘත්‍රිම ආහාර මතද යැපීමට සිදුවනු ඇත. මෙම ව්‍යාජ කෘතිම ආහාර විසින් සම්ප්‍රදායික ආහාර වර්ග තුරන් කර දමනු ඇති අතර ඩ්‍රෝන මගින් සිදු කරන වගා ක්‍රම, ජානමය වෙනස්කම් කරන ලද බීජ, ගොවීන්ගෙන් තොර වූ ගොවිබිම් සහ මිලියන සිය ගණන් ජනයාගේ ජීවනෝපායයන් සහ සෞඛ්‍ය විනාශය සිදුවීම ආදිය සුලබ දසුනක් වනු ඇත

මේ වූකලී  ගෝලීය සුපිරි ප්‍රභූ පෙළැන්තිය විසින් මෙහෙයවන ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) ක්ලාවුස් ෂ්වාබ්ගේ යුගාන්තික පාර-මානුෂිකවාදී දෘෂ්ටියේ අන්තර්ගතවන්නා වූත් රොකෆෙලර් පදනමේ 2010 ඇඳිරි නීති සැලසුම්වලට අනුව ක්‍රියාවට නැගෙමින් පවතින්නා වූත් (2010 lockstep scenario), ජානමය තාක්ෂණය මගින් බිහිකරන මනුෂ්‍යයන් සහ ආහාර නිෂ්පාදනය පාලනය කරන තාක්ෂණික වැඩවසම් ප්‍රභූ පෙළැන්තිය විසින් සිය දැඩි ඒකාධිපති පාලනයක් මගින් පාලනය කිරීමට සැලසුම් කර තිබෙන්නාවූත් මනුෂ්‍යවර්ගයාගේ අනාගතය පිළිබඳ දැක්මයි

2020 මාර්තුවල සිට ගෝලීය ධනවාදය සහ ශ්‍රමික ජනතාව අතර සම්බන්ධයේ ව්‍යුහාත්මක ප්‍රතිසැකසුම් සිදුවන ආකාරයද ජනතාවගේ චින්තන රටාවන් වෙනස් කිරීම සඳහා ආණ්ඩු සහ මාධ්‍යයන් විසින් අනවරත දියත් කරමින් සිටින ප්‍රචාරක
ව්‍යාපාරයද අපි දකිමින් සිටින්නෙමු. ඉන්දියාවේ ගොවිජනයා විසින් දියත් කරමින් සිටින අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයට මෙන් ම ලෝකයේ කවර තැනෙක හෝ කොවිඩ්-පාස්පොට්, ලොක් ඩවුන්, සීමා කිරීම් වලට සිවිල්, මානව සහ දේශපාලන අයිතීන් උල්ලංගණයට එරෙහිව දෛනිකව පැන නගින විරෝධතා ව්‍යාපාරයන්ටද මුහුණ දීමට සිදුව ඇත්තේ එකම සතුරෙකුටය. මේ සියලු විරෝධතා ව්‍යාපාරයන්ට ඇත්තේ එකම අරමුණකි. ඒ මානව විමුක්තිය පිළිබඳ අරමුණයි.

කොලින් ටොඩ්හන්ටර්

counter currents