කොරෝනා ප්‍රෝඩාව, ලෝක ආර්ථිකය බිඳ දැමීමේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය සහ ලංකාවේ ඉරණම

PDF පිටපත
PRINT

ලෝක ආර්ථිකය බිඳ දැමීමට බටහිර අධිරාජ්‍යවාදයට අවශ්‍ය ව ඇත්තේ මන්ද?

අජිත් සී හේරත්

මුළුමහත් ලෝකයම සියවස් පහක් තිස්සේ සුරාකමින් බටහිර අධිරාජ්‍යවාදින් විසින් හොබවනලද ආධිපත්‍යය බිඳ වැටෙමින් පවතී. එහෙත් ඔවුහු සාමකාමීව ඉතිහාසයේ වේදිකාවෙන් බැස යාමට සුදානම් නැත. සිය ආධිපත්‍යය තවදුරටත් මානව වර්ගයා මත පවත්වාගෙන යාම සඳහා ඔවුහු තමන්ට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිති. 2020 වසර වූ කලී ඔවුන් විසින් සමස්ත මානව වර්ගයාටම එරෙහි බිහිසුණු අපරාධ මාලාවක් නව වටයකින් සහ නව ජවයකින් ආරම්භ කළ වසර විය. 2008 වසර ගෝලීය මුල්‍ය අර්බුදයත් සමග සිය වරප්‍රසාදිත තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තමන්ට ලැබෙන අවසාන අවස්ථාව මෙය බව ඔවුහු වඩාත් පැහැදිලිව අවබෝධ කර ගත්හ. තමන්ගේ පැවැත්ම ආර්ථිකමය දේශපාලනමය සහ මිලිටරිමය වශයෙන් අභියෝගයට ලක්වෙමින් පවතින අතර තුර චීනය,රුසියාව සහ ඉන්දියාව සිය බලය වර්ධනය කරගනිමින් පැවතීම ඔවුන් වඩාත් කැළැඹීමට පත් කල සාධකය විය. එතැන් සිට ඔවුහු සිය අවසන් ප්‍රහාරය සඳහා අවශ්‍ය මෙවලම් සහ බලවේග සුදානම් කරමින් ස්ථානගත කිරීම ආරම්භ කළහ

වර්තමාන ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පැවැති බහුවිධ අර්බුදයන් හේතුවෙන් එම ක්‍රමය දරුණු බිඳ වැටීමකට ලක්වෙමින් පවතින බවත් එය තවදුරටත් “ සිරිත් පරිදි” පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවන බවටත් විවිධ රටවල ආර්ථික විශේෂඥයන් විසින් කලෙක සිට කළ අනතුරු ඇ ඟවීම් 2019 වනවිට යථාර්ථයක් වෙමින් පැවතිණි. මෙය ගෝලීය මූල්‍ය අධිපතියන් විසින් 2008 වසරේ දී හටගත් මූල්‍ය අර්බුදයේ පටන්ම අපේක්ෂා කළ තත්ත්වයක් වූ අතර මීළඟවටයේදී එය මතුවන්නේ 2008 දී මෙන් කිහිප ගුණයකින් දරුණු ආකාරයට බව ඔවුන් තක්සේරු කර තිබිණි.
එමෙන්ම එකී අර්බුදය තුළ සමස්ත ක්‍රමය කඩා වැටීමකට ලක් වී සිය සියලු වත්කම් වාෂ්ප වී යාම වළක්වනු පිණිස ඉහත ජාත්‍යන්තර මුල්‍ය ආයතන සහ මුල්‍ය සමාගම් කෘර කූටෝපායයන් සහ මුල්‍ය කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බවද බොහෝ ආර්ථික විද්‍යාඥයන් සහ මුල්‍ය වෙළෙඳපොල පිළිබඳ විශේෂඥයන් විසින් පෙන්වා දී ඇත. එනම් ඇතිවීමට නියමිත අර්බුදයේදී සිදුවන විනාශය ලෝකය පුරා කම්කරු සහ සෙසු පීඩිත ජනකොටස් කරා යොමු කරමින් සිය පන්තියේ වරප්‍රසාද සහ වත්කම් ආරක්ෂා කර ගැනීමය.

මෙම කුමන්ත්‍රණයේ පළමු පියවර පවත්නා ආර්ථික දේශපාලන රටාව සහමුලින්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාවන්ගේ ජීවන තත්ත්වයන් බිඳහෙළමින් ඔවුන්ගේ වත්කම්, පුද්ගලික තැන්පත් කිරීම්,සහ විශ්‍රාම වැටුප් වැනි පොදු අරමුදල් උරාබීමත්; එමගින් මතුවන ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නගින ජනතා විරෝධයන් නොමග යැවීම, පාලනය කිරීම සහ විනාශ කිරීම සඳහාත්; සියවස් එක හමාරකට වැඩි කාලයක් තිස්සේ අරගල මගින් පීඩිත ජනතාව දිනාගත් සියලු දේශපාලන සිවිල් සහ මානව අයිතීන් සදහටම වළලා දැමීමත් යන අරමුණු ඉටු කරගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ගැනීමේ ඉලක්කය සහිත බිහිසුණු වසංගත තත්ත්වයක් පිළිබඳ ආඛ්‍යානයක් නිර්මාණය කිරීමය.

නව ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමයක් ඇති කිරීමට වසංගත ප්‍රෝඩාවක් මගින් පවත්නා ආර්ථික ක්‍රමය විනාශ කර දැමීමට කුමන්ත්‍රණය කිරීම

ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමට පළමුව 2019 අගෝස්තුවේදී ද ලෝකයේ සුපිරි බැංකු අධිපතියන් එක් රැස් වී නව ජාත්‍යන්තර මුල්‍ය සහ මුදල් ක්‍රමයක් (IMFS- International Monetary and Financial System)ඇති කිරීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කළහ. මෙයට නව ගෝලීය මුදල් ඒකකයක් මගින් ඩොලරය විස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ද මෙම අවස්ථාවේදී සාකච්ඡාවට ලක් වූ දෙයකි. වත්මන් මුල්‍ය ක්‍රමය තුළ දැඩි අසමමිතිකතාවක් පවතින අතර සහ අස්ථායි බවක් දක්වයි
(මෑතකාලීනව රුසියාවට එ‍රෙහිව ආර්ථික සම්බාධක පැනවීමට එක්සත් ජනපදය සහ යුරෝපය ගත් තීරණය හේතුවෙන් සිය ගෑස් සහ සෙසු සියලුම නිෂ්පාදන සඳහා රූබල්වලින් ගෙවිය යුතුයැයි තමන් කෙරෙහි මිත්‍රශීලී නොවන රටවලට එනම් යුරෝපා සංගමයේ රාජ්‍යයන් බහුතරයකට රුසියාව විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසිය හේතුවෙන් ද සවුදි අරාබිය චීනයට සිය සිය ඉන්ධන අලෙවි කිරීමේදී යුවාන් භාවිතයට තීරණය කිරීමද, රුසියාව ඉන්දියාවට සිය ඉන්ධන අලෙවියේදී ඉන්දීය රුපියල් භාවිතයට ගැනීමද වැනි සාධක හේතුවෙන් ඩොලරයේ මරණය වේගවත් කර තිබේ.)
ඉහත මුල්‍ය අධිපතිවාදින්ගේ තවත් යෝජනාවක් වන්නේ පවත්නා මුල්‍ය පද්ධතියට අධික වශයෙන් මුදල් මුද්‍රණය කර (උදාහරණයක් ලෙස කොරෝනා වසංගත ආධාර) මුදාහැරිම මගින් එයට කෙටිකාලීන උත්තේජනයක් සැපයීම(helicopter money) සහ එමගින් ඇතිවන උද්ධමනය ප්‍රකාශයට පත්වීම වැළැක්වීමට ලොක්ඩවුන් වැනි ක්‍රියාමාර්ග මගින් නිෂ්පාදනය, බෙදාහැරීම, සහ අලෙවිය යන එක් එක් පියවරයන්හිදී ආර්ථික ක්‍රියාවලිය අඩපණ කිරීමත්ය. මෙම ක්‍රියාමාර්ග මුල්‍ය වෙළෙඳපොළ පැවැත්ම සඳහාත් ඉහළ යමින් පවතින විරැකියාවට බලපාන සැබෑ හේතුන් වසං කිරීමටත් විරෝධතාවන් තාවකාලිකව පාලනය කිරීමටත් අත්‍යවශ්‍ය වූ පියවර ලෙස සළකනු ලැබිණි. වසංගත මර්දනය සඳහා යැයි කියමින් දියත් කරන ලද මෙම පියවර මුල්‍යමය උපක්‍රම මිසෙක “මහජන සෞඛ්‍යයක් ආරක්ෂා කිරීම සඳහා “ගනු ලැබූ පියවරයන් නොවිණි. මෙමගින් ගෝලීය මුල්‍ය අධිපතින් විසින් නව ජාත්‍යන්තර මුල්‍ය සහ මුදල් ක්‍රමයක් (IMFS- International Monetary and Financial System)ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස්කරගත් අතර ඒ සඳහා අවශ්‍ය වූ කාලය ද ලබාගන්නා ලදි. ඔවුහු මෙය සැලසුම් කිරීම ආරම්භ කරන ලද්දේ 2008 වසරේ ඇති වූ මුල්‍ය අර්බුද සමයෙදීය. ප්‍රෝඩාකාරි ගෝලීය කොරෝනා වසංගතය වූ කලී මුල්‍ය අධිපතින් විසින් මෙහෙයවන ලද මුල්‍ය උපක්‍රමයකි. මානව ශිෂ්ටාචාරයේ කිසියම් හෝ අවස්ථාවක සමස්ත මානව වර්ගයාම ඉලක්ක කරමින් මේ තරම් සංවිධිත අපරාධයක් ගෝලීය පරිමාණයෙන් සාර්ථකව දියත් කර ඇත් නම් ඒ මේ අවස්ථාවේදීයි. බටහිර මධ්‍යම බැංකු පද්ධතියේ අධිපතීන් විසින් පවසන ලද පරිදි මෙය ඔවුන්ගේත් ඔවුන් සමග සම්බන්ධිත ගෝලීය රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරිත්වයන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා සිදු කරන ලද “සෘජු මැදිහත්වීම”කි ( “going direct”)
නව ජාත්‍යන්තර මුල්‍ය සහ මුදල් ක්‍රමය (IMFS- International Monetary and Financial System) නව ගෝලීය තාක්ෂණික ප්‍රභූ පෙළැන්තියක් විසින් මෙහෙයවන ලෝක රටාවක පදනම වනු ඇත. මෙමගින් ඉතා පහසුවෙන් මිනිස් වර්ගයා මේ දක්වා වහල් යුගයේ සිට දැවැන්ත පරිත්‍යාගයන් සහ ලේ කඳුළු වගුරවමින් දිනාගත් සියලු නිදහස අහිමි කරනු ඇත. අප අයත්වන්නේ අපට ඉහතදී වූ පරම්පරා ගණනාවක ජනතාවන් විසින් අනේක වධ බන්ධන විඳ ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් අයිතීන් ” හෙම්බිරිස්සා උණකට බියෙන්” නිර්ලජ්ජිත, නිවට සහ මුග්ධ ලෙස පාවාදුන් පරම්පරාවකටය.
ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 80ක්වන ලෝක ආර්ථිකය තුළ ඉන් ට්‍රිලියන 10ක හිමිකාරිත්වය දරන බ්ලැක්රොක් මුල්‍ය කාටලයේ සභාපති වූ ලැරී ෆින්ක් මෙසේ පැවසීය.

“අවිනිශ්චිත බව කෙරෙහි වෙළෙඳපොළ තුළ කැමැත්තක් නැත. වෙළෙඳපොළ කැමැත්ත දක්වනුයේ ඒකාධිපති ආණ්ඩු කෙරෙහිය. එහි ඇත්තේ කුමක්දැයි ඔබට වැටහීමක් ඇත. පැහැදිලිව පෙනෙන පරිදි සියලු මානයන් වෙනස් වෙමින් පවතී. රටවල් ප්‍රජාතන්ත්‍රීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය අවුල් සහගත දෙයකි. එක්සත් ජනපදය තුළ අදහස් වරින්වර වෙනස් වන බව ඔබ දන්නා දෙයකි.”

මෙහිදී ලැරී ෆින්ක් පවසන්නේ මෙයයි. එනම් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදි ආයතන අහෝසි කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි සහ මිනිස් අයිතීන්ද උල්ලංඝණය කරන ඒකාධිපති පාලනයකට යා යුතු බවයි.

ජනතාව අත්තනෝමතික ලෙස පාලනය කිරීමට දැනට මෙම මුල්‍ය අධිපතින් විසින් සංවර්ධනය කරමින් පවතින මෙවලම් නම් එන්නත් හැඳුනුම්පත සහ නව ජාත්‍යන්තර මුල්‍ය සහ මුදල් පද්ධතියේ අනිවාරණීය අංගයක් වන මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් පද්ධතියයි.( Central Bank Digital Currency – CBDC)
කොරෝනා වසංගතය පිටුපස ඇති ගෝලීය මුල්‍ය අධිපතිවාදින්ගේ කුමන්ත්‍රණය හෙළි දරවු කරන කැතරින් ඈන් ෆ්‍රිට්ස් ඒ පිළිබඳව මෙසේ පවසයි.

කැතරින් ඈන් ෆ්‍රිට්ස්

“නමුත් CBDC යනු මුදල් ලෙස සැලකෙන්නේ නැති බව මම ඔබට අවධාරණය කරනු කැමැත්තෙමි. එය විශ්වීය මූලික ආදායම මත පදනම් වූ මධ්‍යගත ක්‍රමයකි ( A central system based on Universal Basic Income).
එය විසින් පුද්ගලයාට තමන්ගේම ආදායමක් ඉපැයීමේ හැකියාව අහෝසි කරනු ලබයි. එය පුද්ගලයා වැටුපකට සීමා කර එහි පවා පාලනය ඔහු වෙතින් උදුරා ගනී.
මෙය සිදු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ සඳහා ඔවුනට ස්මාර්ට් ජාලයක් (SMART grid) අවශ්‍ය වනු ඇත. මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ක්‍රමය (CBDC) මගින් පාලනය කිරීමට නම් සියලු දෙය ඉලෙක්ට්‍රොනීකරණය කිරීමට ඔවුන්ට සිදුවේ….
…මෙමගින් අදහස් වන්නේ මෙම නව නීති මගින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ඔබගේ නිවසින් කිලෝමීටර් 5කට එපිට දුරකදී ඔබට ගණුදෙනු කළ නොහැකියැයි සීමාවන් පැනවෙන බවය. ඔබ පීසා අනුභව කිරීම එක වැළැක්වීමට ඔවුන්ට අවශ්‍ය නම් ඔබට ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල්වලින් පීසා මිලදී ගත නොහැකිය. මෙය මුළුමණින්ම පුද්ගලයාව පාලනය කිරීමකි. එමගින් නියෝජනයක් නොමැතිව බදු අයකිරීමේ ප්‍රශ්නය ඔවුන් විසින් විසඳාගනු ලබයි. වැඩි වැඩියෙන් බදු අයකිරීමට ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන්ට එය ඔබගේ ගිණුමෙන් ලබාගත හැකිය.
ලෝක ආර්ථික සංසදය ඔවුන්ගේ 2030 න්‍යාය පත්‍රය තුළ “ඔබට කිසිවක් අයිති නොවනු ඇත. නමුත් ඔබට සතුට ලැබෙනු ඇත.” යනුවෙන් පවසන විට එහි සැබෑ තේරුම ඔවුන් ඔබගේ සියලු ධනය උදුරාගෙන ඔබව මානසික පාලනයකට යටත් කරනු ඇති බවය. එය ඉංග්‍රිසි භාෂාව තවත් අපූරු ආකාරයකින් භාවිතයේ යෙදවීමකි” ‍

අගූස්ටින් කාර්ස්ටන් – ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ බැංකුවේ සාමාන්‍යාධිකාරි මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් පද්ධතිය පිලිබඳව මෙසේ පැවසීය.

අගූස්ටින් කාර්ස්ටන්

“මුදල් නෝට්ටු හෝ කාසි වෙනුවට අප විසින් ස්ථාපිත කිරීමට යන මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ක්‍රමය පිළිබඳ අපගේ විශ්ලේෂණය මෙහි ලා ඉදිරිපත් කරන්නේ නිශ්චිතවම එහි සාමාන්‍ය භාවිතය සිදුවන ආකාරය පිළිබඳවයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබෙනවා. නිදසුනක් ලෙස යමෙකු සියයේ නෝට්ටුවක් භාවිතා කරන විට ඒ කුමන කරුණක් උදෙසා දැයි අපට දැනගැනීමට විදිහක් නැහැ. අපි දන්නේ නැහැ අද පෙසො 1000 නෝට්ටුවක් භාවිතා කරන්නේ කවුද කියා. මුදල් නොට්ටු භාවිතය වෙනුවට මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ක්‍රමය විසින් ඇති කරන වෙනස නම් එමගින් මධ්‍යම බැංකුවේ වගකීම් ප්‍රකාශ වන නීති සහ රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මධ්‍යම බැංකුවලට උපරිම බලයක් හිමිවෙනවා. ඒ වාගේම අපිට එය බලාත්මක කරන්න අවශ්‍ය තාක්ෂණය එමගින් ලැබෙනවා. මෙම කරුණු දෙක අතිශයින්ම වැදගත්. මුදල් සම්බන්ධයෙන් මෙමගින් දැවැන්ත වෙනසක් ඇති කරනවා.”
Cross Border Payment Conference:  Agustin Carsten BIS General Manager Oct:19 2020

 

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදි රටවල මිලිටරිමය සහ දේශපාලනමය ආයතන වෙත රුසියාවෙන් සහ චීනයෙන් එල්ලවන අභියෝගය

ස්වකීය ආධිපත්‍යය අහිමිවීමේ වර්තමාන අභියෝගය එක්සත් ජනපදය විසින් මෙහෙයවන මුල්‍ය ආයතන විසින් පමණක් මුහුණ දෙමින් සිටින අභියෝගයක් නොවන අතර එය එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදි රටවල මිලිටරිමය සහ දේශපාලනමය ආයතන මුහුණු දෙමින් සිටින අභියෝගයක් ද වේ. මේ වනවිට රුසියාව නැවතත් පුටින්ගේ නායකත්වය යටතේ ස්වකීය ජාතික අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියකට යොමු වෙමින් පැවැති අතර බටහිර විසින් එය සැළකුවේ සිය ගෝලීය ආධිපත්‍යයට අනාගතයේදී මතුවිය හැකි තර්ජනයක් ලෙසය. 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු එහි සමාජවාදී දේපළ කොල්ලකමින් බිලියනපතියන් බවට පත් වූ ජාවාරම්කාර බටහිර ගැති ධනපතියන් සතුව රුසියානු රාජ්‍යය තුළ වූ බලය ව්ලැඩිමීර් පුටින් විසින් 2008 වන විට බොහෝ සෙයින් බිඳ දමා තිබිණි. එමෙන්ම බිඳී විසිරී ගිය රතු හමුදාව සහ සෝවියට් බුද්ධි අංශ වෙනුවට රුසියානු ෆෙඩරෝෂණයේ හමුදා සහ බුද්ධි අංශ යළි ගොඩනැගීමද ඒවා නවීකරණයද පුටින් විසින් ක්‍රමානුකූලව ආරම්භ කළේය. එමෙන්ම ජාත්‍යයන්තර මුල්‍ය ආයතන වලින් සෝවියට් සංගමයද යෙල්ට්සින් යටතේ රුසියානු ආණ්ඩුවද ගෙන තිබූ අති විශාල ණය ප්‍රමාණයක් ඔහු විසින් ගෙවා දැමීම ආරම්භ කර තිබිණි. එමෙන්ම සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව යෙල්ට්සින්ගේ පාලනය යටතේ බටහිර රාජ්‍යයන් විසින් කොල්ලකා බිංදුවට බස්සවන ලද රුසියානු භාංණ්ඩාගාරයේ රන් සංචිතයන් යළි ගොඩනැගීම ආරම්භ කළේය. මේ වනවිට ලෝකයේ විශාලතම රන් සංචිතයන් හිමි රටවල් අතර රුසියාවට නැවතත් සිව්වැනි හෝ පස්වෙනි ස්ථානය අත්පත් කරගැනීමට සමත්ව සිටී. එමෙන්ම රුසියාවේ ස්වාභාවික ගෑස් සහ ඛනිජතෙල් මත යුරෝපා රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් සිය ඉන්ධන අවශ්‍යතා සඳහා රඳා පැවතිනි.

මේ අතර චීනය දෙවැනි ලෝක ආර්ථික බලවතා බවට පත්වී ඇත. ඔවුන්ගේ ආර්ථික බලය ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ඔවුන් විසින් ආරම්භ කර තිබිණි. ඉන් එකක් නම් 21st Century Maritime Silk Road ව්‍යාපෘතිය යටතේ චීනයේ හැනොයි වරායේ සිට ඉන්දුනීසියාවේ ජාකාර්තා , සිංගප්පූරුව, ක්වාලලම්පූර්, යාකරමින් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ලංකාවේ කොළඹ, මාල දිවයින, නැගෙනහිර අප්‍රිකාවේ මොම්බාසා සහ ජිබූති යන වාරයන්ද යා කරමින් ද එතැන සිට රතුමුහුද සහ සූවස් ඇල හරහා මධ්‍යධරණී මුහුදටද අනතුරුව ඊශ්‍රයලය ඊජිප්තුව තුර්කිය ග්‍රිසිය යන රටවල වරායන් ද යා කරමින් දැවැන්ත නාවික වෙළෙඳ මාර්ගයක් ගොඩ නැගීමය. අනෙක සිය One Belt One Road ව්‍යාපෘතිය යටතේ මොංගෝලියාව රුසියාව, කසාක්ස්තානය ආර්මේනියාව අසර්බයිජානය තූර්කිය ජර්මනිය ආදි රටවල් වෙත දිවෙන දැවැන්ත වෙළෙඳ හුවමාරු මාර්ගයක් නිම කිරීමය. ඒ අතරම චීනය සිය මිලිටරි බලයද විශාල වශයෙන් වර්ධනය කරගනිමින් සිටියි. චීනයේ සහ රුසියාවේ මෙම විශාල ශක්‍යතාවන් සහ විභවයන් විසින් යුරෝපය යුරේසියාව සහ ආසියාව ආර්ථිකමය වශයෙන් එකිනෙක අන්තර්ග්‍රහණය කරගැනීමට නියමිතව තිබිණි.
මෙය ඇමෙරිකාවට ඉතා විශාල අභියෝගයක් විය.

“රුසියාව ඉවතට,ඇමෙරිකාව ඇතුළට, ජර්මනිය පහලට” ඇමෙරිකා එක්සත් ජනපදයේ යුරෝපීය උපාය මාර්ගය

2011 වසරේදී එක්සත් ජනපදය විසින් ගොඩනගන ලද අයිසිස් ත්‍රස්තවාදි සංවිධානය ඇතුළු වෙනත් එවැනි සංවිධාන යොදාගනිමින් රුසියානු හිතවාදි රාජ්‍යයක් වූ සිරියාව සහ ඉරාකය තුළ තුළ සිවිල් යුද්ධ ඇතිකිරීමට එක්සත් ජනපදය කටයුතු කළේය. මෙහිදී මෙම ත්‍රස්ත ප්‍රහාර හමුවේ සිරියානු රාජ්‍යය බිඳවැටීම වැළැක්වීම සඳහා රුසියානු සහ ඉරාන හමුදා මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයද මැදිහත් විය. අයිසිස් ත්‍රස්තයන් හරහා සිරියාවේ අසාද්ගේ පාලනය බිඳ දමා එය යටත්කර ගැනීමේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදි සිහිනය බිඳවැටුණේ ප්‍රධාන වශයෙන්ම රුසියාව හේතුවෙනි. සිරියාව විනාශ වීම වැළැක්වීමට හැකිවීම රුසියාව ලද ජයග්‍රහණයක් වූ අතර එය විසින් සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු පළමු වරට රුසියාවේ තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් ඉහළ නැංවීමට සමත්විය.

යුරෝපයේ ආර්ථික බලවතා මෙන්ම වඩාත් කාර්මිකරණය වූ රට ජර්මනියයි. සිය කාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ බල ශක්තිය ජර්මනිය විසින් විශාල වශයෙන් ලබාගත්තේ රුසියාවෙනි. සාපේක්ෂ අඩුමිලකට ලබාගත හැකි රුසියාවේ ලෝහ සහ ඉන්ධන සම්පත් ද මත ජර්මනියේ කම්හල් විශාල ගණනක පැවැත්ම රඳා පවතී. එමෙන්ම ජර්මනියේ කාර්මික නිෂ්පාදන සඳහා රුසියාවේ විශාල වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් පැවතිණ. කලින් පැවැති සමාජවාදි කඳවුරේ නායකයා වූ සෝවියට් සංගමයේ අනුප්‍රාප්තිකයා වන රුසියාව සමග ජර්මනියේ ආර්ථික සහ දේශපාලන සම්බන්ධකම් පුළුල්වීම එක්සත් ජනපදයේ කලාපීය සහ ගෝලීය අභිලාෂයන්ට පටහැනිව යන්නක් විය. ජර්මනිය සමග පමණක් නොව ප්‍රංශය සහ වෙනත් යුරෝපීය රටවල් සමග ද දැඩි රාජ්‍යතාන්ත්‍රක සබඳතා වර්ධනය කරගැනීමට රුසියාව සමත් විය. මෙම සබඳතා කඩා බිඳ දැමීම සිය ප්‍රාථමික මූලෝපායික අවශ්‍යතාවක් ලෙස එක්සත් ජනපදයේ තක්සේරුව විය.

ජර්මනිය සහ රුසියාව අතර වර්ධනය වන සබඳතා කඩා බිඳ ඒවා එකිනෙකින් වෙන්කර දෙකම දුර්වල කිරීම ඇමෙරිකාවේ සැලසුම විය. මෙම සැලැස්මේ පළමු පියවර ලෙස ජර්මනිය සහ රුසියාව අතර භූගෝලීයට පිහිටා ඇති නැගෙනහිර යුරෝපීය රටවල් ගණනාවක් තුළ සිය මිසයිල පද්ධති ස්ථානගත කිරීමට ඇමෙරිකාව කටයුතු කරන ලදි. මෙම රටවල් නම් පෝලන්තය චෙක් ජනරජය සහ රොමේනියාවයි. මෙය රුසියාවේ දැඩි විරෝධතාවට ලක්වූ ක්‍රියාමාර්ගයක් විය. සෝවියට් නායකත්වය යටතේ පැවැති වොර්සෝ ආරක්ෂක ගිවිසුම් සංවිධානයට අයත්ව තිබූ මෙම නැගෙනහිර යුරෝපීය රටවල් සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව වෝර්සෝවේ පසමිතුරු සංවිධානය වූ නේටෝවට බඳවාගැනීමට ඇමෙරිකාව විසින් කටයුතු කර තිබිණි. මිසයිල ස්ථානගත කිරීමෙන් පසුව පෝලන්තය, චෙක් ජනරජය, රොමේනියාව යන රටවල් සමග රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ විශ්වාසයන් දැඩි පිරීහීමකට ලක් වූ අතර එක්සත් ජනපදයේ ඉලක්කය වූයේද එයයි. මේ අනුව රුසියාවට සතුරු ආණ්ඩු සහිත රාජ්‍යයන්ගෙන් සමන්විත ප්‍රාකාරයක් ජර්මනිය සහ රුසියාව අතර භූගෝලීය කලාපය තුළ පිහිටුවන ලදි.
එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් පවත්වාගෙන ගිය ආධිපත්‍යය මේ අයුරින් අභියෝගයට ලක්වෙමින් පැවැති අතර ඔවුන්ට රුසියාවෙන් සහ චීනයෙන් නව අභියෝගයක් එල්ලවෙමින් පවතින්නේ ඔවුන් ලෝකය මත සිය ආධිපත්‍යය පවත්වාගෙන යාමට භාවිතා කළ එක් ප්‍රධානතම උපකරණයක් වූ ඩොලරය මත පදනම් මුල්‍ය ක්‍රමය බිඳ වැටෙමින් පවතින අතරතුරය.

තම තමන්ගේ රටවල ආර්ථිකය විනාශ කරගැනීම සඳහා දූෂිත ආණ්ඩුවලට මුදල් ගෙවීම

වසංගත ආඛ්‍යානය විසින් ආර්ථික අර්බුදයේ මූල හේතුන් වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සිදු විය. ඒ අතරම ඔවුන් විසින් මෙම ආඛ්‍යානය අඛණ්ඩව මෙහෙයවන ලද්දේ ඔවුන් විසින් මීළඟට දෙනු ලබන විසඳුම එනම් ක්ලාවුස් ෂ්වාබ්ගේ ලෝක ආර්ථික සංසදය විසින් යෝජනා කරන “මහා ප්‍රත්‍යාරම්භය ” සහ 4 වන “කාර්මික විප්ලවය” (Great Reset and 4th Industrial Revolution) ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ ඉලක්කයන්ද සහිතවය.

බෙලාරුසියන් ජනාධිපති ලුකෂෙන්කෝ –

2019 වසරේ දී ප්‍රෝඩාකාරි වසංගත තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගම ලෝකයේ සියලුම රාජ්‍යයන් එකක් පසු එකක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද “ඖෂධීය නොවන” වසංගත පාලන උපක්‍රම ක්‍රියාවට නැංවීම ආරම්භ කරන ලදි. මේ අනුව “ලොක් ඩවුන්” හෙවත් නිරෝධායන ඇඳිරි නීති, මුව සහ නාසා ආවරණ පැළැඳීම, රැස්වීම් තහනම, සමාජ දුරස්තකරණ නීතින් ආදිය ක්‍රියාවට නැංවිණි. මෙම ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍යයන් වෙත බල කරන ලද්දේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මුල්‍ය ඒකාධිකාරි සංවිධානයන්ය. එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන රටවලට ඩොලර් මිලියන සිය දහස් ගණනින් ගෙවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන කටයුතු කරන ලදි. එය හඳුන්වන ලද්දේ කොවිඩ් ප්‍රතිචාර ආධාර යනුවෙනි. යම් රටකට ගෙවන මුදල තීරණය වූයේ එම රටේ ජනගහණය,ජාතික ආදායම මෙන් ම භූ දේශපාලනික වැදගත්කම ද අනුවය. මෙම මුදල් ආධාර වූ කලී ආපසු ගෙවිය යුතු ණය මුදලක් මිසක පරිත්‍යාගයක් නොවිණි. ලොක් ඩවුන් සහ අනෙකුත් ඊනියා කොරොනා මර්දන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ නම් බෙලාරුසියාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 800ක් ගෙවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තමන් වෙත පොරොන්දු වූ බවත් එමගින් සිය රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා තමන් කිසිවෙකුගේ පදයට නැටීමට සුදානම් නොවන බවත් පවසමින් තමන් විසින් එය ප්‍රතික්ෂේප කළ බව බෙලාරුසියන් ජනාධිපති ලුකෂෙන්කො විසින් පවසා තිබිණි. 2020- 2021  කාලය තුළ ශ්‍රි ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව කොවිඩ්-19 ප්‍රතිචාර ආධාර ලෙස ඩොලර් බිලියන 1.16 ක් ගෙවා ඇති අතර ලෝක බැංකුව විසින් 2020 ජූනි 22 වැනි දින ඩොලර් මිලියන 87ක් ඒ සඳහා ලබා දී ඇත.

සාගතය කලින් සැලසුම් කර එය පිළිබඳව අනතුරු ඇඟවීම

ලෝකය පුරා බොහෝ රටවල ලොක් ඩවුන් ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා දින කීපයක් ඇතුළත එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක ආහාර අරමුදල, සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන රැසක් වසංගතය හේතුවෙන් අප්‍රිකාවේත් ආසියාවේත් ලතින් ඇමෙරිකාවේත් ආහාර හිඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවන ලදි. ඔවුන්ගේ මෙම ප්‍රකාශ වූ කලී මෙම ප්‍රෝඩාකාරි වසංගත නාඩගමේ තිර රචකයන් විසින් කල් තබා සකස් කරන ලද ඒවා මිසෙක අන් යමක් නොවේ. ලෝකයේ යම් යම් රටවල විශේෂයෙන් අප්‍රිකානු මහාද්විපයට අයත් රටවල් මත සිදු කරමින් පවතින සූරාකෑම හේතුවෙන් එහි හැමදාමත් සාගත තත්ත්වන් පැවැති අතර එහිදී කුසගින්නෙන් මිය යන මිලියන ගණන් ජනතාව සම්පූර්ණයෙන්ම නොතකා හැරිණි. ඇමෙරිකාව විසින් ඉරාකයේ යටිතල පහසුකම් විනාශ කිරීම ද ඉරාකයට පනවන ලද සාධකද හේතුවෙන් මිලියනයකට ආසන්න ජනතාවක් මරණයට පත්ව ඇති නමුත් කිසිදු බටහිර මාධ්‍යයක සිරස්තලයක් බවට එය පත් නොවීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ වෙනත් බටහිර මුල්‍ය ආයතන විසින් අටවා ඇති ණය උගුලේ සිරවුණ පිලිපීනය වැනි රටක ළමුන් සාගතයෙන් සහ ලෙඩ රෝගවලින් පැල්පත් නිවාසවලදීත් මහමගදීත් මරණයට පත්වෙමින් සිටින්නේ දැනට බොහෝ කලක සිටය.  බටහිර අනුග්‍රහය ලබන සවුදි අරාබිය ප්‍රමුඛ සංධානය විසින් යේමනයට එරෙහිව ගෙන යන යුද්ධය විසින් එහි දරුවන් සාගතයෙන් මිය යෑම දෛනිකව සිදුවන නමුත් එය බටහිර ජනමාධ්‍යවලට හෝ ඊනියා මානව හිමිකම් සංවිධානවලට එය පුවතක් නොවේ.

සැබැවින්ම මේ වනවිට ලෝකයේ බොහෝ රටවල නව වටයකින් සාගත තත්ත්වයක් ඇතිවෙමින් පවතින නමුත් එය නොපවත්නා සහ නොපැවති වසංගතයක් හේතුවෙන් පැන නැගි තත්ත්වයක් නොව එම ප්‍රෝඩාකාරි වසංගතය මර්දනය කිරීමට යැයි පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි බලගතු සංවිධානවල සහ බටහිර රටවල බලපෑම මත ක්‍රියාත්මක කරවන ලොක්ඩවුන් වැනි ඊනියා වසංගත මර්දන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස පැන නැගි තත්ත්වයකි. සාගත තත්ත්වයන් පිළිබඳ මෙම අනතුරු ඇඟවීම්වල සැබෑ අරමුණ වූයේ ප්‍රෝඩාකාරි වසංගත මර්දන ක්‍රියා මාර්ගවල ප්‍රතිඵල කල් තබාම නොපවත්නා වසංගතයක් වෙත පවරමින් සැබෑ හේතුන් වසංකිරීමය.

අනාගත වසංගත තත්ත්වයක් පිළිබඳ රොකෆෙලර් පදනම 2010 දී පළ කළ අනාවැකිය

මෙම වසංගත ප්‍රෝඩාව පැහැදිලිවම කල්තබා සැලසුම් කරන ලද නාට්‍යයකි. 2019 දී මෙම නාටකය කරළියට ගෙන ඒමට වසර 10කට පෙර එහි එක් අධ්‍යක්ෂවරයෙකු නැතහොත් පිටපත් රචකයෙකු වූ රොකෆෙලර් පදනම අනාගතයේ හැකි වසංගත තත්ත්වයක් පිළිබඳව “විශ්මය ජනක නිරවද්‍යතාවකින් යුතුව පුරෝකතනයක් ” කර ඇත.

රොකෆෙලර් පදනමේ වාර්තාව තුළ අනාගත සිදුවීම් පිළිබඳ ආඛ්‍යාන 2 ක් ඉදිරිපත් කර තිබේ.
1. LOCK STEP – අනාගත වෛරස් වසංගතයක් තුළ රාජ්‍යයන් විසින් දැඩි ඒ්කාධිපති පාලනයක් කරා යොමු වෙමින් පුරවැසි නිදහස සීමා කිරීම සහ ඊට එ රෙහිව පුර වැසියන්ගෙන් නැගෙන විරෝධතාවන්
2. HACK ATTACK – ලෝක ආර්ථිකය අස්ථාවර තත්ත්වයන් යටතේ රාජ්‍යයන් දුර්වල වීමත් , අපරාධ සහ ප්‍රචන්ඩ ක්‍රියා උත්සන්න වීමත් සමග අන්තර් ජාල ගත අධෝ ව්‍යුහයන්ට එල්ලවන සයිබර් හැකර් ප්‍රහාරයක්. මෙමගින් කාර්මික නිෂ්පාදනය, බැංකු පද්ධතිය, සැපයුම් සහ සන්නිවේදන පද්ධති බිඳවැටීම, රෝහල් අකර්මන්‍ය වීම, විදුලිය සහ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වීම

අනාගත වසංගතයක ආරම්භය සිදුවන ආකාරය සහ ව්‍යාප්ත වන ආකාරයත් එයට එරෙහිව ඒ් ඒ් රටවල් ගනු ලබන ක්‍රියා මාර්ගත් මෙම වාර්තාව තුළ පුරෝකතනය කරයි.

” 2009 H1N1 වෛරසය මෙන් නොව වල් තාරාවන් තුලින් පැතිර ගිය මෙම නව ඉන්ෆ්ලුවන්සා වෛරසය අතිශයින් මාරාන්තික වන අතර ක්ෂණිකව ව්‍යාප්ත විය . වෛරසය ලෝකය පුරා පැතිරී යන විට වසංගත රෝග සඳහා පූර්ව සුදානමකින් සිටි රටවල් තුළ පවා (රෝහල් සහ සෞඛ්‍ය සේවා ) ඉතා ඉත්මණින්ම පීරී ඉතිරී ගොස් තිබේ . මෙම වෛරසය මගින් මාස 7ක් තුළ මිලියන 8ක් ජනතාව ලෝකය පුරා මරණයට පත් වූ අතර ලෝක ජනගහණයෙන් 20%ක් ආසාදනය විය. මෙය ගොදුරුවූවන්ගෙන් බහුතරය නිරෝගීමත් තරුණ කොටස් ය. මෙම වසංගතය විසින් ආර්ථිකයන් වෙත ද සංචාරක කටයුතු සහ භාණ්ඩ ප්‍රවාහනය සහ සැපයුම් දාමයන් කෙරෙහිද මාරාන්තික බලපෑමක් එල්ල කර ඇත. ප්‍රාදේශික වෙළඳසල් සහ රජයේ කාර්යාල පවා මාස ගණනාවක් සේවකයන්ගෙන් සහ ගනුදෙනුකරුවන්ගෙන් හිස්ව පැවතිණි.
වසංගතය විසින් ලෝකය වසාගත්තේය. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ නීතිරීති රහිත වීම හේතුවෙන් එය ලැව් ගින්නක් මෙන් පැතිර ගිය අප්‍රිකාවේත් ආසියාවේත් මධ්‍යම ඇමෙරිකාවේත් සිදු වූ මරණ සංඛ්‍යාව අසමමිතික විය. සංවර්ධිත රටවල් තුළ පවා මෙය පාලනය කිරීම අභියෝගයක් විය. එක්සත් ජනපදයේ ආරම්භක ප්‍රතිපත්තිය වූ ” සංචාරක කටයුතු දැඩි ලෙස අධෛර්යමත් කිරීම” එහි ලිහිල් බව නිසාම මාරාන්තික වරදක් බව සනාථ විය. එමගින් වෛරසය එක්සත් ජනපදය තුළ පමණක් නොව ඉන් පිටතට ව්‍යාප්ත වීමද ඉක්මන් විය.
කෙසේ වුව ද රටවල් කීපයක් ඉතා යහපත් ලෙස තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලදි. ඒ් අතර චීනය විශේෂිතය. චීන රජය විසින් සියලු රටවැසියන් සඳහා නිරෝධායනය අනිවාර්ය කිරීම, සියලු දේශ සීමාවන් වසා දැමීම ආදි ක්‍රියාමාර්ග විසින් මිලියන ගණන් ජනයාගේ ජීවිත බේරාගනු ලැබිණි. ඒමගින් සෙසු රටවලට වඩා ඉක්මණින් වෛරසය පැතිර යාම වැළක්වීමට චීනය සමත් වූ අතර සෙසු රටවලට වඩා ඉක්මන් පශ්චාත් ආර්ථික පුනර්ජීවනයක් ලැබීමට ද ඉඩ සැලසිණි.”
වසංගතය ආසාදනය වීමෙන් සිය පුරවැසියන් බේරාගැනීමට ආන්තික ක්‍රියාමාර්ග ගත් එකම රට හුදෙක් චීනය පමණක් නොවීය. වසංගත කාලය තුළ බොහෝ රටවල ජාතික නායකයන් විසින් සිය අධිකාරය තහවුරු කරගත් අතර මුහුණු ආවරණ පැළැඳීම,දුම්රිය ස්ථාන සහ සුපර්මාර්කට් වැනි පොදු ස්ථාන වලට ප්‍රවේශ වීමේ දී ශාරිරික උෂණත්වය පරීක්ෂා කිරීම වැනි දැඩි සීමා කිරීමේ නීතිරීති පනවන ලදි. වසංගතය අවසන් වූ පසුව ද මෙම මෙම අධිකාරිවාදි පාලනයට සහ පරීක්ෂා කිරීම්වලට ලක් කිරීම දිගටම සිදු විය. ඇතැම් විට ඒ්වා උත්සන්න කෙරිණි. වසංගත සහ අන්තර්ජාතික ත්‍රස්තවාදය , පාරිසරික අර්බුදය සහ දිළිඳු කම ව්‍යාප්ත වීම වැනි වර්ධනය වන ගෝලීය ප්‍රශ්නවලින් තමන්වම ආරක්ෂාකර ගැනීම සඳහා ලෝකය පුරා නායකයන් විසින් තමන්ගේ බල අධිකාරය සහ ග්‍රහණය වඩාත් දැඩි කරන ලදි.
පළමුවෙන්ම, දැඩි පාලනයකට යටත් කරන ලද ලෝකයක් පිළිබඳව පිළිගැනීමක් සහ අනුමැතියක් හිමි විය. ස්ථාවරත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් වඩාත් දැඩි සුපරික්ෂාකාරී පාලනයක් සහිත රාජ්‍යයක් වෙත තම නිදහස සහ පුද්ගලිකත්වය ස්වේච්ඡාවෙන්ම අත්හැර දැමීමට පුරවැසියෝ එකඟ වූහ. ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන දැඩි සුපරීක්ෂාකාරී පාලනයක් ඉවසීමට පුරවැසියන් කටයුතු කළා පමණක් නොව එය ඔවුන්ගේ අපේක්ෂාවද විය. තමන් නිවැරදි යැයි සිතන ක්‍රියාමාර්ග ගැනීමට ජාතික නායකයන්ට පුළුල් අවස්ථාවන් විවර විය. සංවර්ධිත රටවලදී මෙම සුපරීක්ෂා කාරී පාලනය විවිධ ආකාරයකින් ක්‍රියාත්මක වීම සිදුවිය. සියලු පුරවැසියන් සඳහා ජීව-මිතික හැඳුනුම්පත් ( biometric IDs), ජාතික අවශ්‍යතාවන්ට අනුව ප්‍රධාන කාර්මික නිෂ්පාදන දැඩි ලෙස පාලනය කිරීම ආදිය ඒ් සඳහා උදාහරණ වේ.”

( Scenario Narratives, LOCK STEP, Scenarios for the Future of Technology and International Development, Rockefeller Foundation 2010 මැයි – පිටු 18-19 )

ඔබ විසින් ඉහත කියවන ලද්දේ 2019 දෙසැම්බර් මාසයේ සිට 2020,2021-2022 වසර වල පැවැති ඊනියා වසංගත තත්ත්වය පිළිබඳව වර්තමානයේ සිට සිදු කරන වාර්තාවක් නොවේ. මේ පසුගිය ඊනියා වසංගත තත්ත්වය පිළිබඳව ඊට වසර 10කට පමණ පෙර ලියන ලද පුරෝකතනයකි.
මෙම වාර්තාව මගින් දක්වන සිදුවීම් සහ පසුගිය දෙවසරකට අධික කාලයක් තුළ පෘථිවි වැසියන් මුහුණ දුන් සිදුවීම්වල සමානත්වය දකින ඔබ මවිතයට පත් වනු ඇත. මෙම වාර්තාව සම්පාදනය කර ඇති පුද්ගලයන් කොතරම් දිවැසි දැක්මක් සහිත පුද්ගලයන්දැයි ඔබට අදහාගත නොහැකි වනු ඇත.
නමුත් ඇත්ත නම් රොකෆෙලර් පදනම සහ ඔවුන්ගේ අනෙකුත් හවුල් කරුවන් විසින් 2010 දී සැලසුම් කරන ලද මෙම ඊනියා වසංගතය 2019/22 අතර කාලය තුළ විවිධ බලගතු බලවේග සහ යාන්ත්‍රණයන් යොදාගනිමින් කුමන්ත්‍රණකාරී ලෙස මුළු මහත් මානව සංහතිය වෙළාගත් කෘතිම යථාර්ථයක් බවට පත් කරනු ලැබූ බවය.
යම් කිසි ව්‍යසනයක් සම්බන්ධව යම් අයෙකු ඉතා නිවැරදි පුරෝකතනයක් කරන්නේ නම් ද පසුව ඔහු විසින් සිදු කළ අනතුරු ඇඟවීම යථාර්ථයක් බවට පත් වන්නේ නම් ද ඔහු “දිවැසි දැක්මක්” ඇති අයෙකු ලෙස නම් කිරීමට පළමුව විමසා බැලිය යුත්තේ ඔහු විසින්ම එවැනි ව්‍යසනයක් සිදු කිරීමට ඉඩක් තිබිණිදැයි යන්නයි.
මේ අනුව පළමුව රොකෆෙලර් වරුන්ට සහ ඔවුන්ගේ හවුල්කාර බලවේගවලට කොවිඩ් 19 වසංගතය මගින් යම් ප්‍රතිලාභයක් ලැබීමට ඉඩ තිබිණිදැයි යන්න විමසිය යුතුය. දෙවැන්න රොකෆෙලර්වරුන් සහ ඔවුන්ගේ හවුල්කාර බලවේගවලට එවැනි වසංගත තත්ත්වයක් ව්‍යාජ ලෙස මවා පෑමට හෝ එවැන්නක් සැබෑ ලෙසම ඇති කිරීමට හැකියාවක් සහ ඒ් සඳහා අවස්ථාවක් තිබිණිදැයි විමසා බැලිය යුතුය.
තෙවනුව ඔවුන් ඒ් සඳහා යොදාගත් මෙවලම් එනම් ” අපරාධය සඳහා යොදාගත් ආයුධ ” මොනවාදැයි විමසා බැලිය යුතුය. එවිට මෙම අනාගත වක්තෘවරුන් වූ කලී අපරාධය සැලසුම් කර ක්‍රියාවට නංවන ලද අපරාධ කරුවන්ම බව ඔබට පැහැදිලි වනු ඇත‍.

මෙම ඊනියා වසංගත කාලය තුළ ස්වකීය වත්කම් ඩොලර් බිලියන 97 සිට බිලියන 158ක් දක්වා ඉහළ දමාගත් බිල් ගේට්ස් විසින් වසංගතය පැතිරීම ආරම්භ වූවා යැයි කියන දිනවල මාසයකට පමණ පෙර Event 201 නමින් වසංගත පෙරහුරුවක් විකාශනය කරන ලදි. එහිද ඇත්තේ විශ්මය ජනක සමානත්වයකි.

ඊනියා වසංගත මර්දන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල

මෙම කොවිඩ් -19 වසංගතය යනු සාමාන්‍ය වාර්ෂිකව පැතිර යන වෛරස් සෙම්ප්‍රතිශ්‍යාවකට වඩා වැඩි මනත් දෙයක් නොවු නමුත් එහි බිහිසුණු බව ගැන ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය මෙන්ම ජෝර්ජ් සෝරෝස්ගේ ඕපන් සොසයිටි රාජ්‍ය නොවන සංවිධාන ජාලයද, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවද, බිල් ගේට්ස්ගේ ජනමාධ්‍ය ව්‍යාපෘති තුළ ද පුහුණු කරන ලද සමාජ මාධ්‍ය ජාලා Fact checkers ප්‍රචාරක හමුදාව ද උදේ හවා අමු බේගල් වපුරන ලදි.
සියවසේ බිහිසුණුම වසංගතය ලෙස නම් කරන ලද මෙමගින් ආසාදනයට ලක්වූවන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය වීම හාස්‍යයට කරුණක් විය. ඒ සඳහා පීසීආර් පරීක්ෂණයක් හඳුන්වා දෙන ලදි. එම පරීක්ෂණය මගින් මෙම බිහිසුණු රෝගයෙන් ආසාදනයට ලක්වූවන් ලෙස නම් කරන ලද්දවුන්ගෙන් බොහෝ දෙනෙකු විසින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන ලද අතර රෝග ලක්ෂණ පෙන්නුම් කළවුන්ගෙන් ද 90%කට වඩා පෙන්නුම් කළේ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ වේ. රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට පටන්ගත්තේ පවත්වන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගැනීමත් සමගය. මෙම පීසීආර් පරීක්ෂණයද ප්‍රෝඩාවක් බව විද්‍යාඥයන් ගණනාවක් විසින් කරන ලද හෙළිදරවු කිරීම මීට පෙර විමර්ශන විසින් පළ කර තිබේ.
මේ අතර රෝග ලක්ෂණ නොමැති අයගෙන්ද  ඉතා දරුණු ලෙස රෝගය පැතිරෙන්නේ යැයි තවත් ප්‍රලාපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජනපද වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සහ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවා ප්‍රධානින් විසින් පතුරුවන ලදි. එම බොරුවේ අරමුණ වූයේ සමාජයේ සියලු දෙනා ලොක්ඩවුන් කිරීමය. මුහුණු වැස්ම හුදෙක් වසංගතයක් පවතින්නේ යැයි යන මනෝභාවය මහජනයා තුළ පවත්වාගෙන යාමට පැළැඳීමට බලකරන ලද සංකේතයක් පමණක් විය.මෙම බොහෝ වසංගත මර්දන ක්‍රියාමාර්ග සැබැවින්ම සැබැවින්ම වෛරසයක් පැතිරීම පාලනය කිරීමට හැකියාවක් සහිත හෝ සුදුසු ඒවා නොව සමාජය මත රාජ්‍යයේ ආධිපත්‍යය තහවුරු කරන වස් බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ මානව චර්යාවන් පිළිබඳ විශ්ලේෂණ ඒකකය (The Behavioural Insights Team – BIT) හෙවත් “Nudge Unit” වැනි අන්තර් ජාතික බුද්ධි මෙහෙයුම් ඒකක විසින් නිර්මාණය කරන ලද ඒවාය.

වසංගත මර්දනය සඳහා ගන්නා ලෙස ලෝකයේ රජයන්ට බලකරන ලද ක්‍රියාමාර්ගවල ඉලක්කය වූයේ එම රටවල ආර්ථිකයන් වෙන වෙනමත් සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයත් බිඳ බටහිර විසින් හසුරුවන ජාත්‍යන්තර මුල්‍ය ඒකාධිකාරයේ ණය උගුලට මෙම රටවල් යටත් කර ගැනීමය.

ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස සැළකෙන එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, වැනි G8 කණ්ඩායමට අයත් රටවල්ද ලෝකයේ සෙසු බොහෝ රටවල්ද ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළහ. ගුවන් සංචාර නවත්වනු ලැබිණි. කර්මාන්ත ශාලා වසා දැමිණි. විශාල මධ්‍යම පන්තියක් සහිත දියුණු ධනවාදි රටවල බොහෝ මධ්‍යම පන්තික සුළු පරිමාණ ව්‍යාපාර බංකොළොත් විය. ඔවුන් රජයේ විරැකියා දීමනාවලින් යැපෙන මට්ටමට පත් විය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙම සංවර්ධිත රටවල මධ්‍යම පන්තියේ සහ කම්කරු පන්තියේ ජනයා ට තමන් ආහාර, ඇඳුම් පැළඳුම්, සහ සංචාර කටයුතු සඳහා සිදුකරන වියදම් අඩුකිරීමට සිදු වීමය. මෙහි තේරුම ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් මෙම රටවල් කරා අපනයනය කරන ලද භාණ්ඩ සඳහා වූ වෙළෙඳ පොළ සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම අහිමි වී යාමය.
ශ්‍රි ලංකාවේ විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයන් නම් නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සිදුවන ඇඟලුම් වැනි අපනයනය, සම්ප්‍රදායික තේ, පොල්,රබර් සහ කුළු බඩු අපනයනය,මැද පෙරදිග ඇතුළු විදේශගත ශ්‍රමිකයන් විසින් සිදු කරන ඉපැයීම් සහ සංචාරක කර්මාන්තයයි.මේ සියලු ආදායම් මාර්ග දිගුකාලීන ලෝක ව්‍යාප්ත ලොක් ඩවුන් හේතුවෙන් බිඳ වැටිණි.
ප්‍රෝඩාකාරි වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමගම ශ්‍රි ලංකාව වැනි දුප්පත් රටවලින් රැකියා සඳහා විදේශගතවූ ගැහැණුන්ට සහ මිනිසුන්ට අත්වූ ඛෙදජනක ඉරණම කුමක් වූයේ දැයි අපි දනිමු. සේවා ස්ථානවලින් නෙරපන ලද ඔවුනට තමතමන්ගේ මව්බිමට යාමට අවස්ථාවක් ලැබෙන තෙක් අනාථ කඳවුරුවල කෑමක් හෝ බිමක් නැතිව සිරවී සිටින්නට සිදු විය.අවසානයේදී දහදුක් විඳ සිය රටට පැමිණි පසු වැලිකන්ද වැනි දුර බැහැර තැන්වල පිහිටුවා තිබූ හමුදාව විසින් පවත්වාගෙන ගිය “නිරෝධායන කඳවුර” තුළ සිරකරමින් ඔවුන්ගේ මානුෂික අයිතීන් අමු අමුවේම උල්ලංඝණය කරන ලදි. යළි සිය රට පැමිණ නිරෝධායන කඳවුරු වෙත වාර්තා නොකළවුන් සොයා හමුදාව, සහ පොලිසිය රට පීරමින්ද ඔවුන්ගේ ඡයාරූප ජනමාධ්‍යවල පළකරමින් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන් පවා කොවිඩ්-19 භීෂණයේ ගොදුරු බවට පත් කරන ලදි. එක් අවස්ථාවක ශ්‍රි ලංකා පොලිසිය විසින් අවුරුදු දෙකක් හෝ තුනක් වයසැති දරුවෙකුගේ ඡායාරූපයක් ද පළ කරමින් ඔවුන් සම්බන්ධව තොරතුරු දන්වන ලෙසට මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

නිරෝධායන පනත යටතේ ආසාදිතයන්ගේ මළ සිරුරු අවසන් කටයුතු සඳහා ඥාතීන්ට බාර නොදීමටත්,ඒවා විනාශ කිරීමටත් බලය රජයේ බලධාරින්ට පැවැරිණි. මේ අනුව වෙනත් රෝගවලට ප්‍රතිකාර ගැනීමට ගිය බොහෝ පුද්ගලයන්ට අදාළ ප්‍රතිකාර ලබා නොදී හුදෙක් ප්‍රෝඩාකාරි පීසීආර් පරීක්ෂණයට පමණක් ලක් කර නිරෝධායන කඳවුරු වෙත යවන ලදි. මේ හේතුවෙන් නිරෝධායන කඳවුරු තුළ දී විශාල පිරිසක් මරණයට පත්ව ඇති නමුත් මේ සියල්ල වසංකිරීමට රජය කටයුතු කළේ කොරෝනා ආඛ්‍යානය වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍යවේදීන් , සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සහ වෘත්තිය සමිතිවලද සෘජු සහ වක්‍ර සහායද සහිතවය. රෝහල්වලදී වෙනත් රෝගවලින් මිය ගිය පුද්ගලයන්ද පීසීආර් පරීක්ෂණය මගින් කොවිඩ්-19 ආසාදිතවූවන් යැයි නම් කර මහජනතාව බියගැන්වීම සඳහා අවශ්‍ය මළකඳන් ප්‍රමාණය ගොඩගසා ගැනීමට භාවිතා කරන ලදි. මේ සඳහා භාවිතා කරන ලද්දේ 2020 අප්‍රේල් මස 16 වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “International Guidelines for Certification and Classification (Coding) of Covid-19 as Cause of Death “ නමින් ලෝකයේ සියලුම රටවල් වෙත පිළිපදින ලෙස නියෝග කරමින් ලබා දුන් මාර්ගෝපදේශන ලියැවිල්ල සහ ඒ අනුව සකස් කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් 24.05.21 දාතමින් යුතුව නිකුත් කරන ලද චක්‍ර ලේඛයයි. 

මුස්ලිම් ජනතාවට තම චාරිත්‍ර අනුව අවමගුල් සිදු කිරීම සඳහා ඥාතින්ගේ මළසිරුරු භාර නොදීම හේතුවෙන් බරපතල අර්බුදයක් මතු විය. දෙමළ සහ මුස්ලිම් ප්‍රදේශවලදී හමුදාව විසින් බලහත්කාරී පීසීආර් පරීක්ෂණයන්ට පුද්ගලයන් ලක් කරන ලද අතර එමගින් ඔවුහු කොරෝනා ආසාදිතයන් ලෙස නම් කරමින් නිරෝධායන කඳවුරු තුළ ගාල් කිරීම දිගින් දිගටම සිදු විය.

පරම්පරාවක පාසල් අධ්‍යාපනය බිඳ වැටිණි. ලෝකයේ දියුණු රටවල් ලොක්ඩවුන් පැවැති කාලය තුළ අන්තර්ජාලය හරහා පාසල් අධ්‍යාපනය සිදු කිරීමට තීරණය කරන ලද්දේ ඔවුන් සතුව ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ පවතින බැවිනි. තත්ත්වය එසේ පැවතියේ වුව ද එම රටවල පවා අධ්‍යාපනය කෙරෙහි දැඩි පසුබෑමක් සිසුන් තුළ දක්නට ලැබිණි.
කෙසේ වුව ද ලංකාව වැනි රටක මෙම ඔන්ලයින් අධ්‍යාපනය සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන් පවත්වාගෙන යන්නට ශ්‍රි ලංකා රජය තීරණ කළ අතර එය විසින් කොරෝනා ලොක්ඩවුන් විසින් සිය ආර්ථික ක්‍රියාවලිය අඩපණව මීළඟ ආහාර වේල සපයාගන්නේ කෙසේදැයි ළතැවෙමින් සිටි ශ්‍රි ලංකාවේ පහළ සමාජ පන්තිවල දෙමව්පියන්ට අතිරේක බරක් පටවන ලදි.ලංකාවේ ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හෝ ටැබ්ලට් යන පරිගණක වර්ගයන්ගෙන් එකක් හෝ සතුව තිබූ නිවෙස් ගණන ඉතා අල්ප විය. ඇතැම් සිසුන්ට ලබාගත හැකි ආසන්නතම විකල්පය ස්මාර්ට් දුරකතන විය.එහෙත් එම විකල්පය කරා පවා ළඟා විය හැකිව තිබුණේ සීමිත පිරිසකට පමණි. දුර බැහැර පළාත්වල දුරකතන සංඥා නොපැවතීම හෝ ඉතා දුර්වල වීම හේතුවෙන් පාසල් සිසුන් එම සංඥා ලබා ගැනීම සඳහා පැය ගණන් ගස්ගල් උඩ හෝ වහළවල් මත රැඳී සිටිනු දැකීම සුලබ දසුනක් විය.විභාග කල් දැමිණි. අවසන් වසරවල සිටි බොහෝ දුප්පත් සිසුහු අධ්‍යාපනය අත්හැර දමා දෙමව්පියන්ට සහාය වීම පිණිස රැකියාවක් සොයාගන්නට උත්සාහ කළහ. යෞවන පරම්පරාවේ අනාගත සිහින බිඳ දමා ඔවුහු මුළුමණින්ම අපේක්ෂාභංගත්වයකට පත්කරන ලදි

කොවිඩ්-19 මර්දනය සඳහා යැයි කියමින් සංවර්ධිත රටවල් සහ ශ්‍රි ලංකාවේ ආර්ථිකයට සම්බන්ධ වෙනත් රටවල් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීම, විදේශගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් පිටුවහල් කිරීම හේතුවෙන් ඔවුන් විසින් උපයන ලද විදේශ විනිමය අහිමි වීම, අපනයන ආදායම පහළ වැටීම ආදිය ජාත්‍යන්තර තලයේදී ලංකාවට හානිකර ප්‍රතිඵල ලබා දුන්නේය.2020 වසරේදී විදේශ අපනයන ආදායම ඩොලර් බිලියන 18ක් අපේක්ෂා කළ නමුත් අවසානයේදී එය ඩොලර් බිලියන 10.75ක් දක්වා පහත වැටිණි. මෙය බිලියන 8ක අඩුවීමකි. ඉහත මූල්‍ය ආයතනවල බලපෑම යටත්වෙමින් ශ්‍රි ලංකාණ්ඩුව රටතුළ ක්‍රියාත්මක කළ ලොක් ඩවුන් ඇඳිරි නීති මගින් අභ්‍යන්තර වශයෙන්ද ආර්ථිකය බිඳ දැමිණි. මේ සියල්ල සිදු වූයේ නොපවත්නා වසංගතයක් මර්දනය කිරීමට යැයි කියමින් ගත් ප්‍රෝඩාකාරි ක්‍රියාමාර්ග හේතුවෙනි.
රටට අපනයන ආදායම ලබාදුන් නිදහස් වෙළෙඳ කලාපය වසා දමා එහි සේවය කළ තරුණ තරුණියන් ගම්බිම්වලට නැවත හරවා යවන ලදි. දිළිඳු ගොවි පවුල්වලින් පැමිණ කලාපයේ කම්කරු රැකියාවන් හි නිරත වූ මෙම තරුණ තරුණියන් ඉපැයූ ආදායම බොහෝ විට ගම්වල ජීවත් වූ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු එකම ආදායම් මාර්ගය විය.  සිය ලාබාල සොයුරු සොයුරියන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා පොත්පත් ගැනීමට, ටියුෂන් ගාස්තු පියවීමට, දෙමව්පියන් නඩත්තු කිරීමට මුදල් උපයන ලද්දේ මේ තරුණ තරුණියන් විසින් වන අතර කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට යැයි කියමින් ගම්බිම්වලට පලවාහැරීම හේතුවෙන් ඒ සියල්ල අහිමි වී ඔවුන් අන්ත අසරණ භාවයකට පත්කරන ලදි. රජය විසින් මේ වසා දමන ලද කාලය තුළ කලාපයේ සේවක සේවිකාවන්ට මුදල් ආධාර ලබා දෙන බව පැවසුවද ආරම්භයේදී පවා එය ලබාගැනීමේ අවස්ථාව හිමි වූයේ සුළු පිරිසකට පමණි. නිලධාරිවාදි බාධා සහ දූෂණ ද රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ පොරොන්දුව මත ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් කොවිඩ්-19 ප්‍රතිචාර අරමුදල්ද පාලකයන් විසින් යොදාගනු ලැබුවේ තමන්ට ඉන් විශාල කොටසක් කඩාගත හැකි ව්‍යාපෘති සඳහා පමණි.

(කොවිඩ්-19 මැඩ පැවැත්වීමට යැයි කියමින් ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇඳිරි නීති හෙවත් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ලෝකයේ දුප්පත් රටවල ජනතාව විනාශය කරා ගෙන යන ලද ආකාරය ගැන ස්ටාව්රොවුලා පාබ්ස්ට් සහ මැක්ස් බ්ලුමන්තාල් විසින් ලියන ලද ලිපිය කියවන්න)

ආරූස් විශ්ව විද්‍යාලයේ (Aarhus University ) ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටියන් බ්යොන්කොෆ් (Christian Bjørnskov) විසින් ලොක්ඩවුන් සාර්ථක ද? යන්න විමසීමට විවිධ රටවල් පිළිබඳව කළ සන්සන්දනයක නිගමනය මෙසේය.
“ බ්ලාවට්නික් මධ්‍යස්ථානයේ කොවිඩ්-19 ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ 2017 -2020 අතර වර්ෂවල පළමු මාස හය තුළ යුරෝපීය රටවල් 24ක සතිපතා මරණ අනුපාතිකයන් පිළිබඳව කළ අධ්‍යයනයන් විසින් ලොක්ඩවුන් ප්‍රතිපත්තිවල සාර්ථකත්වය පිළිබඳ ප්‍රධාන ආකාරයන් දෙකකින් විමසා බලන ලදි. ලොක්ඩවුන් ප්‍රතිපත්ති සහ මරණ සංඛ්‍යාවේ වෙනස්වීම් අතර කිසිදු සම්බන්ධයක් මට සොයාගත නොහැකි විය”

නිවාසවලින් පිටතට යාම තහනම් කිරීම සහ ව්‍යාපාරික කටයුතු වසා දැමීම විසින් කොවිඩ්-19 ව්‍යාප්තියේ වේගය අඩාල කිරීමට හෝ නැවැත්වීමට සමත් වී ඇත්ද යන්න ගැන ඇගයීමක් සිදු කළ එරන් බෙන්ඩේවිඩ් (Eran Bendavid) , ක්‍රිස්ටෝපර් ඕ ( Christopher Oh), ජායි භට්ටාචාර්ය(Jay Bhattacharya) සහ ජෝන් පී.ඒ, අයෝනිඩිස්(John P. A. Ioannidis) ඇතුළු ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සහ පර්යේෂණ දත්ත විද්‍යාඥයන් පිරිසක් සිදු කළ පරීක්ෂණයේ නිගමනය පහත දැක්වේ.
“බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉරානය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් විසින් 2020 දී කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට යැයි කියමින් ක්‍රියාත්මක කරන ලද ලොක්ඩවුන් කිරීම් වැනි ඉතා දැඩි සීමාකිරීම් සහිත ඖෂධීය නොවන මැදිහත්වීම් ඒ රටවල කොවිඩ්-19 ව්‍යාප්තිය නතර කිරීමට සමත්වූ බවට කිසිදු සාක්ෂියක් නැත. ”

රාජපක්ෂ මාෆියාව

ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදයට බලපෑ එක් ප්‍රධාන හේතුවක් ලෙස රාජපක්ෂ පවුලේ දූෂණ සහ වංචා දැක්විය හැකිය. ගමේ වලව්කාර චණ්ඩියාගේ භූමිකාවේ සිට දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරා සිය බලය ව්‍යාප්ත කළ ප්‍රාදේශිය මාෆියාවක් බවට පත් වූ රාජපක්ෂ පවුල අනතුරුව රටම වෙළාගත් මාෆියා ජාලයක් බවට පත් වූයේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ආරෝහණයත් සමගය. ඔහුගේ පක්ෂ අභ්‍යන්තර දේශපාලන තරඟකරුවන් වූ ශ්‍රිපති සූරියාරච්චි, ලක්ෂ්මන් කදිරගාමර් වන්නන් බල අරගලයේ උච්චතම අවස්ථාවන්හිදී මරණයට පත් විය.ඔහු 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙරසිටම ඔහුට බරපතල දූෂණ චෝදනා එල්ල වී තිබිණි. ඉන් එකක් නම් සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා විදේශවලින් ලද ආධාර සොරකම් කිරීමයි. නමුත් සිංහල බෞද්ධ ජාතිවාදි ප්‍රවාහය සහ දෙමළ විරෝධී සටන් පාඨ තුළ ඔහු විශාල බහුතරයක් සහිතව ජනාධිපති තනතුරට පත් විය. ඔහු ඔහුගේ එක් සහෝදරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කරන ලදි.  ගෝඨාභය රාජපක්ෂහමුදාවේ ගජබා රෙජිමේන්තුවේ කර්නල්වරයෙකුව සේවය කරමින් සිටි 1989 දී සිදු වූ රාජ්‍ය මර්දනයේදී මාතලේ දිස්ත්‍රික්කය තුළ ජවිපෙට සම්බන්ධ පුද්ගලයන් අතුරුදන් කිරීම්, මරාදැමීම්, වධබන්ධන පැමිණවීම් , නීති විරෝධී ලෙස රඳවා තබාගැනීම් සිදු වූයේ ඔහුගේ ආඥාව යටතේය. 2006-2009 කාලසීමාව තුළ දෙමළ ජනතාව මත ජනසංහාරක යුද්ධයක් ගෙන යමින් දෙමළ විමුක්ති අරගලය විනාශ කර දමමින් සිංහල ජාතිවාදි බලවේගයන් අතර ජනප්‍රියත්වයට පත් ඔහු අවසානයේදී පාස්කු බෝම්බ සිදු වීම උපයෝගී කොටගෙන ජනාධිපතිතනතුරට පත් වූයේ ය.

2015 වන විට රාජපක්ෂ පවුලේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ අමාත්‍යාංශ 5ක් පැවතිණි. ආරක්ෂක සහ නාගරික සංවර්ධන , මුදල් හා සැලසුම් අමාත්‍යාංශය, වරාය සහ මහාමාර්ග, නීතිය හා සාමය, ජනාධිපති කටයුතු පිළිබඳ යනු ඒ අමාත්‍යාංශ 5 යි. ශ්‍රි ලංකාවේ සමස්ත අයවැයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් සෘජු ලෙසම පාලනය වූයේ රාජපක්ෂ පවුල යටතේය. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත් වූ අතර අගමැති තනතුරට පත්වූයේ ඔහුගේ සොහොයුරු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂගේ පාලනයද ඉක්මවා යමින් ගෝඨාභය යටතේ ද දූෂණය සහ වංචාව තවදුරටත් විශාල පරිමාණයකින් පැතිර ගියේය.
ලෝකයේ සෙසු බොහෝ රාජ්‍යයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් හෝ වෙනත් මූල්‍ය ආයතන මගින් ලබා දුන් ලබාදුන් “කොවිඩ්-19 ප්‍රතිචාර ආධාර මුදල් ” ලබාගැනීමේ උවමනාව මත හෝ වෙනත් ජාත්‍යන්තර බලපෑම් මත හෝ කොරෝනා ආඛ්‍යානය මුලදී මඳක් පසුබට වෙමින්ද පසුව ඉත සිතින්ද පිළිගෙන ඒ අනුව ක්‍රියාත්මක වූහ. ලංකාවේ ආණ්ඩුවද කොරෝනා නාටකය රඟ දැක්වීමේ ගාස්තුව ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබාගනිමින් දැඩි වසංගත මර්දන නීති ඇතිකර අනුකම්පා විරහිත ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එළැඹිණි.

මෙම සංවිධිත අපරාධය මෙහෙයවන බලවේග මොනවාද?

මෙම ගෝලීය අධිපතිවාදි බලවේග විසින් 2020ට පෙර පැවැති ලෝක තත්ත්වය අරමුණු සහගතවම එකක් පසුපස තවත් එකක් වශයෙන් සංවිධානාත්මක කුමන්ත්‍රණ මාලාවක් මගින් වෙනස් කර ඇත. පසුගිය ශතවර්ෂවලදී මානව වර්ගයා විසින් වැඩවසම්වාදයට, අධිරාජ්‍ය වාදයට, ධනවාදයට  සහ පැසිස්ට්වාදයට එරෙහිව මිලියන ගණන් දිවිපුදා අනේක වධබන්ධන විඳ දිනාගත් අයිතීන් වෙතින් තවත් කිසිවක් හෝ ඉතුරුව තිබේ නම් ඒ්වා දැන් අහෝසි කරමින් පවතින්නේ ඉහත කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙසය.

මෙම නව තත්ත්වය සහ කලින් කල යම්යම් රටවල මතුවන මිනීමරු පාලකයන් විසින් සිය පෞද්ගලික අභිමතාර්ථ සාධනය සඳහා හෝ රට තුළ මතුවන දේශපාලන විරෝධතාවන් මර්දනය සඳහා සිදු කරන මානව අයිතීන් උල්ලංඝණයන් මෙන් යම් කාල සීමාවකට හෝ දේශයකට සීමාවන තත්ත්වයන් අතර පවතින බරපතල වෙනසකම් හඳුනාගැනීම අතිශයින්ම වැදගත්ය. මක් නිසාද යත් මේ එල්ලවෙමින් පවතින්නේ ගෝලීය පරිමාණ ප්‍රහාරයක් බැවිනි. පසුගිය සියවස්වලදී  මිනිස් වර්ගයා සටන් මගින් දිනාගන්නා ලද අයිතීන් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ලෙස ඒ් ඒ් රටවල මූලික නීතියට අන්තර්ගත කොට තිබේ. එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය මානව අයිතීන් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් ප්‍රකාශයට පත්කොට ඇත. යම්කිසි රජයක් මෙම අයිතීන් උල්ලංඝනය කරන්නේ නම් එය නීතී විරෝධී අපරාධයක් ලෙස සැලකෙන තත්ත්වයක් පවතින්නේ රටක සංවිධිත නීතිය සහ අධිකරණ ක්‍රියාදාමය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් මගින් එම අයිතීන් ආරක්ෂා කොට ඇති බැවිනි. පාලකයෙකු විසින් සිදු කරන යම් අයුක්ති සහගත ක්‍රියාවක් නීතියේ සඳහන් අපරාධයක් නම් එයට එරෙහිව අභියෝග කිරීමට නෛතිකව සහ දේශපාලනිකව අභියෝග කිරීමේ ඉතාම පටු වූ අවකාශයක් වුව ලෝකයේ බොහෝ රටවල තාමත් පවතී.
නමුත් 2020න් පසුව ලෝකය පුරා සංවිධිතව සිදුවන දෙයක් නම් ඉහත ගෝලීය අධිරාජ්‍යවාදි බලවේගවල අවශ්‍යතාවන් මත ඒ් ඒ් රටවල ආණ්ඩු ඉතා සංවිධානාත්මකව සහ සූක්ෂම ලෙසත්  ආණ්ඩු අතර මනා සම්බන්ධීකරණයකින් යුතුවත් ඒ් ඒ් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ද අධිකරණයද නොතකා හරිමින් කටයුතු කිරීමය. මෙය “ම්ලේච්ඡ ආසියාවට” මෙන්ම “ශිෂ්ට සම්පන්න යුරෝපයටද” පොදු තත්ත්වයකි. මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ දේශනා පවත්වන ශිෂ්ට සම්පන්න යුරෝපය පසුගිය වසර දෙකහමාර තුළ වසංගත ප්‍රෝඩාවට මුවා වෙමින් සිය රටවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම අතින් ම්ලේච්ඡ ආසියාව ද පරදවා තිබේ.

වසංගත කුමන්ත්‍රණය පිටුපස සිටින බලවේග

1. එක්සත් ජනපද මිලිටරි නිෂ්පාදන සංකීර්ණය සහ යුදවාදි බලවේග, බටහිර රහස් ඔත්තු සේවා

අරමුණ- රුසියාව, චීනය සහ ඉන්දියාවේ නව ආර්ථික දේශපාලන සහ මිලිටරිමය බලය වර්ධනය වීම පාලනය කිරීමට හයිබ්‍රිඩ් යුද උපක්‍රමයක් ලෙස වසංගතය යොදාගැනීම, එක්සත් ජනපදයේ බිඳ වැටෙමින් පවතින ගෝලීය ආධිපත්‍යය ගෝලීය ටෙක්නෝ ෆැසිස්ට්වාදි යාන්ත්‍රණයක් මගින් යළි ස්ථාපනය කිරීම

2. ජාත්‍යන්තර මුල්‍ය ඒ්කාධිකාරය, සුපිරි බැංකු පද්ධතිය, බ්ලැක්රොක්, ෆිඩෙලිටි, වෑන්ගාඩ් වැනි මුල්‍ය සමාගම්, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ජෝර්ජ් සොරෝස් වැනි මුල්‍ය ධනපතියන්

අරමුණ – ඩොලර් ට්‍රිලියන 30කට වැඩි එක්සත් ජනපද ණය ප්‍රමාණය, පවත්නා ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමය ණය අර්බුදයක ගිලීයාම සහ එහි පවත්නා දූෂණ, අක්‍රමිකතා සහ කොල්ලකෑම් හේතුවෙන් එය බිඳවැටීමට ආසන්න බැවින් ඩිජිටල් මුදල් මත පදනම් නව ජාත්‍යන්තර මුල්‍ය පද්ධතියක් ( ( Central Bank Digital Currency – CBDC)) පිහිටුවීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, ජාතික රාජ්‍යයන් ආර්ථික වශයෙන් බංකොළොත් බවට පත් කර එම රටවලට දී ඇති ණයවලට හිලවු වන පරිදි ජාතික සම්පත් මංකොල්ල කෑම සහ එම රටවල් මත සිය දේශපාලනමය සහ මිලිටරිමය ග්‍රහණය තවදුරටත් උත්සන්න කිරීම

3. ලෝක ආර්ථික සංසදය (World Economic Forum)

අරමුණ- කම්කරු පන්තියක් මත පදනම් ඇති පවත්නා ශ්‍රම මූලික සහ අර්ධ ස්වංයක්‍රීය කාර්මික නිෂ්පාදන රටාව අහෝසි කරමින් රොබෝවරුන් සහ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ නව කාර්මික නිෂ්පාදන ක්‍රමයක් ඇති කිරීම නැතහොත් 4 වන කාර්මික විප්ලවය හෝ මහා ප්‍රත්‍යාරම්භය සඳහා සඳහා පසු බිම සකස් කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සංවිධිත කම්කරු පන්තිය ක්‍රමානුකූලව අහෝසි කර දැමීම
ජනගහණ පාලනය, අතිරික්ත “අනවශ්‍ය ජනගහණය ඉවත් කර දැමීම“ මගින් ලෝකයේ සම්පත් පරිභෝජනය අඩු කිරීම සහ සියලු සම්පත්වල පූර්ණ පාලනය සහ හිමිකාරිත්වය අධිරාජ්‍යවාදි ප්‍රභූ පැළැන්තිය සතු කරගැනීම
මධ්‍යම පන්තියේ ව්‍යාපාර , සහ සුළු ගොවි නිෂ්පාදන රටාව විනාශ කර ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම ඒ්කාධිකාරි සමාගම් යටතට පවරා ගැනීම
ජාතින්ගේ ස්වයංතීරණ අයිතිය සහ ජාතික රාජ්‍යයන් අහෝසි කර ගෝලීය තාක්ෂණික ප්‍රභූ පෙළැන්තිය විසින් පාලනය කරන නව ලෝක රටාවක් බිහි කිරීම, පිළිගත් පුද්ගලික නිදහස සහ මානව අයිතීන් අහෝසි කර දැමීම
පාර-මානුෂික වාදි සංස්කෘතියක් ස්ථාපනය කරනු සඳහා පවත්නා ජාතික සංස්කෘතීන්ගේ වටිනාකම් සහ හර පද්ධතීන් විනාශ කර දැමීම

4.  බහු ජාතික ඖෂධ සමාගම්, රොකෆෙලර් ව්‍යාපාරික සමූහය සහ රොකෆෙලර් පදනම, බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ඔවුන් සමග ක්‍රියාත්මක වන පැසිස්ට්වාදි සහ යුජෙනික්ස්වාදි බලවේග

අරමුණු- ඊනියා වසංගතය තුළ සිය ඖෂධ ජාවාරම් ඉහළ දමමින් සුපිරි ලාභ ලැබීම, ජාන තාක්ෂණය මත පදනම් වූ නව ඖෂධ සමස්ත මිනිස් වර්ගයා මත අත්හදා බැලීම, ස්වකීය ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සාමාන්‍ය ජනතාවගෙන් උදුරා ගැනීම, ලොක්ඩවුන් සහ ඇඳිරි නීති ක්‍රියාමාර්ග මගින් ඒ ඒ ජාතික රාජ්‍යයන්ගේ ආර්ථික ක්‍රියාවලිය බිඳ හෙළා සාගත තත්ත්වයන් ඇතිකරමින් මිලියන සිය ගණන් ජනයා කුසගින්නේ මරණයට පත්වීමට සැළැස්වීම මගින් ලෝක ජනගහණය අඩු කිරීම, ජනගහණය පාලනය සඳහා කෘර ජාන තාක්ෂණික ක්‍රම යොදා ගැනීම, ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ කෘෂිකාර්මික ඉඩම්වලින් ගොවි ජනයා විස්ථාපනය කර එම ඉඩම් තම සමාගම් යටතට පත් කරගැනීම.

කියවන්න

1.මැකින්සි ප්‍රතිසංස්කරණ හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල්ගේට්ස් සිය බලය පැතිරවීම
2.බිල් ගේට්ස් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මිලදී ගැනීම සහ ලෝක ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීම
3.ලෝක සෞඛ්‍ය සංවිධානයේ බිහිවීම සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ රොකෆෙලර් පදනමේ භූමිකාව

හෙන්රි කිසිංජර්ගේ 1974 ජාතික ආරක්ෂාව පිළිබඳ ලේඛනය

1974 දී එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් විසින් ලියන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ලේඛනයෙහි (National Security Study Memorandum-NSSM 200) මෙසේ සඳහන් වේ.

“එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ඉහළම ප්‍රමුඛතාව අනෙකුත් රටවල ජනගහණය අඩු කිරීමයි.වැඩි වන ජනගහණය ඉතා පහසුවෙන් නීත්‍යානුකූල රාජ්‍ය ආයතනවල හෝ “”ස්ථාපිත ක්‍රමයට “,”අධිරාජ්‍යවාදයට” සහ “බහුජාතික සමාගම්වලට”අයත් දේපොළවලට පහරදීම සඳහා යොමු කළ හැකිය.”

“එක්සත් ජනපද ආර්ථිකයට අඩු සංවර්ධිත රටවලින් විශාල වශයෙන් ඛනිජ සම්පත් අවශ්‍ය වනු ඇත.මෙම කරුණ විසින් සැපයුම් රටවල දේශපාලනික ආර්ථික සහ සමාජ ස්ථාවරභාවය ගැන එක්සත් ජනපදය තුළ විශේෂ උනන්දුවක් ඇති කරයි. ජනගහණ වර්ධනය පාලනය කිරීමට හැකි උපත් අනුපාතිකයක් පවත්වාගෙන යන තැන්වල එවැනි ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කළ හැකිය. ජනගහණ ප්‍රතිපත්තිය එක්සත් ජනපදයේ සම්පත් සැපයුම සහ ආර්ථික උවමනාවන්ට අදාළ වේ. ”

“ජනගහණ පාලනයට සහායවීමේදී ප්‍රාථමික අවධානය දිය යුතුව ඇත්තේ ඉතා වේගයෙන් වර්ධනය වෙමින් සහ සංවර්ධනය වෙමින් පවතින සහ එක්සත් ජනපදයේ දේශපාලනික සහ උපායමාර්ගික අවශ්‍යතාවන් සඳහා වැදගත් රටවල් කෙරෙහිය. මෙම රටවල් නම් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, නයිජීරියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, පිලිපීනය, තායිලන්තය, ඊජිප්තුව, තුර්කිය, ඉතියෝපියාව, සහ කොලොම්බියාවයි.

“රටවල් 80ක් තුළ විවිධ ව්‍යාපෘතින් දියත් කර ඇති එක්සත් ජාතින්ගේ ජනගහණ අරමුදල වැනි බහුපාර්ශ්වික සංවිධාන වලට මේ සඳහා එක්සත් ජනපදයේ ආධාර ලබාදීම ඉහළ නැංවීම කෙරෙහි එක්සත් ජනපදයේ අවධානය යොමු ව ඇත.මෙය එක්සත් ජාතින්ගේ දේශපාලන අවශ්‍යතාවන්ට මෙන්ම එක්සත් ජනපදයේ උවමනාවන්ටද ගැලපෙයි.”

සිය ලේඛනය තුළ ජනගහණ වර්ධනය සීමා කිරීමට ජනමාධ්‍ය යොදාගනිමින් සිදු කරන ප්‍රචාරක ව්‍යාපාර,පාඨමාලා පැවැත්වීම, ආදිය යෝජනා කරන කිසිංජර් අතිශය අමානුෂික, නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් ද ඒ සඳහා යෝජනා කර ඇත. ඒ දේශපාලන බලහත්කාරය යොදාගැනීමයි.

හෙන්රි කිසිංජර් සිය ලේඛනය තුළ අනතුරු ඇඟවීමක් කරයි. ඒ තුන්වන ලෝකයේ රටවල් විසින් සිය ජනගහණය දැඩි ලෙස පාලනය නොකරන්නේ එම රටවලට සාගත, වසංගත සහ යුද්ධ තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවන බවය.ඒ සඳහා ඔවුහු එම රටවලට යම් කිසි කාලසීමාවක් ලබා දී තිබූ අතර දැන් එම කාලසීමාව නිමාවට පත්ව තිබේ. මේ අනුව වඩාත් කෘෘර උපක්‍රම අනුගමනය කිරීමට ඔවුන් සෘජුවම මැදිහත් වී ඇත.
ඔවුහු ව්‍යාජ කොවිඩ්-19 වසංගතයක් මවා පාමින් සැබෑ වසංගතයකදී සිදුවන ආර්ථික බිඳවැටීම වෙනත් ක්‍රම මගින් නිර්මාණය කරති. එනම් ලොක් ඩවුන් සහ සැපයුම් මාර්ග බිඳ දැමීමයි. එමෙන්ම ලෝකයේ විවිධ තැන්වල යුද්ධමය තත්ත්වයන් ඇති කරමින් ආර්ථික ක්‍රියාවලිය අවහිර කරමින් සාගත තත්ත්වයන් නිර්මාණය කර ඇත. එමෙන්ම දේශගුණ විපර්යාසය පාලනය කිරීමට යැයි කියමින් රටරටවල ආහාර නිෂ්පාදනය කඩාකප්පල් කරයි.
කොවිඩ්-19 වසංගත ආඛ්‍යානය හරහාද වර්තමාන යුක්රේන යුද ආඛ්‍යානයද බටහිර රාජ්‍යයන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින්නේ එදා කිසිංජර් අනතුරු අඟවන ලද මෙම “සාගත සහ යුද තත්ත්වයන්  ”  සැලසුම් සහගතව කෘත්‍රිමව නිර්මාණය  කරමින් මිලියන ගණන් ජනයා මිය යාමට සළස්වමින් ජනගහණය අඩු කිරීමේ සැළැස්මයි.

ජනගහන පාලනය පිළිබඳ විශේෂඥයෙකු වෛද්‍ය ඇලන් ගුට්මාකර් මෙසේ පවසා ඇත.

“මගේ පුද්ගලික හැඟීම නම් අප විසින් සෑම තැනකදීම එක්සත් ජාතින්ගේ සංවිධානය භාවිතා කළ යුතු බවයි. ඔබ කරන්නට යන්නේ ජනගහණය පාලනය කිරීම නම් එය  යැංකීන් විසින් නොව එක්සත් ජාතින් ලවා කරවීම වඩාත් වැදගත්ය. මක් නිසාද යත් එවිට මේ දෙය ජනසංහාරයක් ලෙස නොසැළකෙන බැවිනි. කළු හෝ කහ මිනිසෙකු වෙත එක්සත් ජනපදය ගොස් ඔබගේ බෝ කිරීම අඩු කරන ලෙස පැවසුව හොත් අපිට සුදු මිනිසාගේ ආධිපත්‍යය ලෝකය මත තහවුරු කිරීමේ වෙනත් අරමුණු ඇති බවට අපව ක්ෂණිකව සැකයට ලක්වේ. ඒ සඳහා ඔබට විවිධ සමේ පැහැයන් ඇති මිනිසුන් යැවිය හැකි නම් එය වඩාත් ඵලදායකය.”

ජනගහනයේ බහුගුණනාත්මක වර්ධනයට සමාන්තරව ආහාර සහ අනෙකුත් අවශ්‍යතා නිෂ්පාදනය වර්ධනය කිරීම තවදුරටත් කළ නොහැකි අවස්ථාවක් එළැඹෙන බවත් එවිට ජීවන මට්ටම් කඩා වැටී අවසානයේ මිනිස් සංහතිය සාගත, වසංගත සහ යුද්ධමය තත්ත්වයන් තුළ මරණය කරා යොමු කරන ඉමහත් ව්‍යසනකාරි තත්ත්වයක් උද්ගතවන බවත් තෝමස් රෝබර්ට් මැල්තුස් ඔහුගේ සංඛ්‍යා විද්‍යාත්මක ආකෘතින් මගින් තර්ක කළේය. මානව වර්ගයාට මුහුණ දීමට සිදුවෙතැයි ඔහු විසින් පවසා ඇති මෙම ව්‍යසනකාරි අවස්ථාව හඳුන්වනුයේ මැල්තුසියන් විනාශය, මැල්තුසියන් උගුල, මැල්තුසියන් අර්බුදය ආදි නම්වලිනි. මෙවැනි විනාශකාරි තත්ත්වයන් මගින් ජනගහණයෙන් විශාල පිරිසක් විනාශ වී අවසානයේ පවත්නා ආහාර නිෂ්පාදනයට නඩත්තු කළ හැකි ජනගහණයක් පමණක් ඉතුරුවන බවත් මැල්තුස් විසින් 1798 දී ලියන ලද සිය An Essay on the Principle of Population කෘතියෙන් පෙන්වා දී තිබේ.

“ඇතැම් පුද්ගලයන් ඉපැදී ඇත්තේ අනුන්ට බරක් වීම පිණිසය”
මානසිකව සහ කායිකව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව එක්සත් ජනපදයේ යුජෙනික්ස්වාදින් විසින් සකස් කළ ප්‍රචාරක පෝස්ටරයක්

මැල්තුස් විසින්අනතුරු අඟවන ලද ගෝලීය පරිමාණ සාගතය දැන් සැලසුම් සහගත බලහත්කාරයක් තුළ නිර්මාණය කෙරෙමින් පවතී. ඒ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය විසින් දශක ගණනාවක් පුරා දියත් කරන ලද ලෝකය පුරා දැන් දියත් වෙමින් පවතින ගොවීන්ව ගොවි නිෂ්පාදනයෙන් පළවා හැරිම, රසායනික පොහොර සහ කෘෂිකර්මයට අවශ්‍ය අනෙකුත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සහ සැපයීමේ ක්‍රියාවලියට බාධා කිරීම, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කෘෂිකාර්මික කටයුතු වැළැකී සිටින ලෙස ගොවීන්ට දන්වමින් ඒ සඳහා දීමනාවන් ගෙවීම, අප්‍රිකාවේ සහ ආසියාවේ බීජ නිෂ්පාදනය බහුජාතික කෘෂි සමාගම් යටතට ගැනීම ආදි ක්‍රියාමාර්ග මේ “ආහාරවලට එරෙහි යුද්ධයේ ” පෙරමුණු කීපයක් පමණි.
යුජෙනික්ස්වාදින් විසින් ඉදිරිපත් කරන ප්‍රධානතම තර්කයක් මැල්තුසියන්වාදය හා සමාන්තරව ගමන් කරයි. යුජෙනික්ස්වාදින්ද අධික ජනගහණ වර්ධනයක් අයහපත් ප්‍රතිවිපාක ගැන කතා කරන අතර එහිදී ඔවුන් අවධානය යොමු කරන්නේ “”පහත්” සහ “රෝගී” ප්‍රවේණිගත ලක්ෂණ සහිත දුප්පත් පන්තීන් සහ ජාතින් විසින්   “අධික ලෙස සිය වර්ගයා බෝ කිරීම” වෙතය. මැල්තුස් විසින් අනතුරු අඟවන අධික ජනගහණ වර්ධනයේ ප්‍රතිවිපාක පිළිබඳ ප්‍රභූ පෙළැන්තිය පිළිබඳව පවතින භීතිය ද යුජෙනික්ස්වාදය තුළ පරාවර්තනය වේ.“මන්දබුද්ධික, අලස, මුග්ධ”පුද්ගලයන් විසින් අධික ලෙස දුරුවන් බිහිකිරීම හේතුවෙන් මානව වර්ගයාගේ උසස් ප්‍රවේණි ගත ලක්ෂණ දරන තමන් අයත්වන ප්‍රභූ පෙළැන්තියට සිය පැවැත්ම සඳහා අවශ්‍ය වන සම්පත් හිඟයකට මුහුණපාන්නට සිදුවනු ඇතැයි යුජෙනික්ස්වාදිහු බිය පළ කර තිබේ. එහෙයින් යුජෙනික්ස්වාදීන් උත්සාහ දරන්නේ “අයෝග්‍ය ප්‍රවේණිගත ලක්ෂණ සහිත” පහළ සමාජ පන්තීන් සහ “නොදියුණු ජනවර්ගයන්” ගේ ප්‍රජනනය පාලනය කොට එක්කෝ ඔවුන් මිහිතලයෙන් අතුගා දැමීම හෝ ඔවුන්ගේ සංඛ්‍යාව අධිරාජ්‍යවාදි ප්‍රභූ පෙළැන්තියේ පැවැත්මට අභියෝගයක් නොවන මට්ටමට සීමා කර තැබීමයි.

5 එක්සත් ජනපදය විසින් හසුරුවන ලබන යුරෝපීය සංගමය සහ එහි දේශපාලන නායකත්වය, ආයතන සහ සංවිධාන

අරමුණු- රුසියාවේ සහ චීනයේ ආර්ථික, මිලිටරිමය සහ දේශපාලන බලය විනාශ කිරීම, යුරෝපා සංගමයේ රටවල් නිර්-කාර්මිකකරණය කරමින් ලෝක ආර්ථික සංසදය විසින් යෝජනා කරනු ලබන 4 වැනි කාර්මික විප්ලවයට පසු බිම සැකසීම, නව ජාත්‍යන්තර මුල්‍ය පද්ධතියක් ස්ථාපනයට අවශ්‍ය ආර්ථික පරිසරය ඇති කිරීම, යුරෝපා සංගමය තුළ ජාතික භාණ්ඩාගාර, මහජන අරමුදල්, සහ පුද්ගලික තැන්පතු ආදියේ වටිනාකම් ක්ෂය කර දමා අවසානයේදී යුරෝව මුදල් ඒකකයක් ලෙස විනාශ කර දැමීම.

6. ගෝලීය තාක්ෂණික ප්‍රභූ පෙළැන්තිය

අරමුණ- තොරතුරු තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය, ජාන තාක්ෂණය, ආදිය මත පදනම්ව මිනිස් වර්ගයා වහල්බවට පත්කිරීම

අධ්‍යයනයේ පහසුව සඳහා ඉහත බලවේග සරල ලෙස ඉහත අයුරින් වර්ගීකරණය කළ ද මේ බලවේග දැඩි ලෙස ව්‍යාප්තවූත් එකිනෙක අතර දැඩි සම්බන්ධතාවයකින් යුතුව පොදු මෙන් සුවිශේෂිත අරමුණු සහිතව විටෙක තනි තනිවද තවත් විටෙක සමූහයක් ලෙස ද ක්‍රියාත්මකවන්නාවූත් එකිනෙකා මත පෝෂණය වන්නාවූත් බලවේග වෙති. මෙම සියලු බලවේගයන් කොරෝනා වසංගතය තුළ මෙන්ම යුදමය ආක්‍රමණ තුළද මනා ශ්‍රම විභජනයකින් සහ ඒ්කීයත්වයකින් යුතු ව කටයුතු කරන ආකාරය වටහා ගැනීමට අසමත්වන්නේ නම් එය අන්ධ පුද්ගලයන් සමූහයක් අලියාගේ ඒ් ඒ් අවයව අතගාමින් අලියාගේ හැඩය විස්තර කිරීමේ සිද්ධියට සමාන ඒකක් වනු ඇත. ඇතැම් විට එක් බලවේගයක අරමුණු සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනය මගින් පමණක් යම් සිදුවීමක් තේරුම් ගැනීමට උත්සාහකරන්නේ නම් ඇතැම් විට එමගින් ඔබව මුළුමණින්ම ව්‍යාකූලත්වයට පත්කරනු ඇත.

ඉහත බලවේග විසින් වසංගත ආඛ්‍යානය පවත්වාගෙන යාම පිණිස යොදාගත් මෙවලම් ඒ්වා විසින් ඉටු කරන ලද කාර්ය භාරයන්

1 ලෝක සෞඛ්‍ය සංවිධානය

1). ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ සම්මුතියට අත්සන් තබන ලද රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 ආඛ්‍යානය පිළිපදින ලෙස එම සම්මුතිය යටතේ බලපෑම් සිදු කිරීම

2). කිසියම් බෝ වන රෝගයක් වසංගතයක් වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමේ දී එහි ව්‍යාප්තවන සුළු ස්වාභාවය මෙන්ම මාරාන්තික බව ද වසංගතයක් පිළිබඳව ද වන කොන්දේසි එතෙක් පැවැති ජාත්‍යන්තරව පිළිගත් නිර්වචනය තුළ අඩංගුව පැවැතිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2010 දී මෙම නිර්වචනය තුළ වූ රෝගය මාරාන්තික ස්වභාවය යන කොන්දේසිය ඉවත් කර දමන ලදි. එමගින් සෙම්ප්‍රතිශ්‍යාවන් සහ වාර්ෂික ඉන්ෆ්ලුවන්සා රෝග බිහිසුණු වසංගත ලෙස නම් කිරීමට අවශ්‍ය ඉඩකඩ සැපයීම

3). සාමූහික ප්‍රතිශක්තිය පිළිබඳව එතෙක් ජාත්‍යන්තර පිළිගත් අර්ථකතනයේ එය ලබාගත හැකි ක්‍රම 2ක් දක්වා තිබිණි. එකක් ස්වාභාවික ප්‍රතිශක්තියයි. අනෙක එන්නත්කරණය මගින් ලබාගනු ලබන ප්‍රතිශක්තියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අර්ථකතනයේ ස්වාභාවික ප්‍රතිශක්තිය යන සාධකය ඉවත් කර දැමිණි. එමගින් කොවිඩ්-19 සඳහා සාමූහික ප්‍රතිශක්තිය යම් සමාජයකට ලබාගත හැකි එකම මග එන්නත් ලබාගැනීම බව අඟවන ලදි. මෙය පැහැදිලිවම ඖෂධ සමාගම්වල අවශ්‍යතාව අනුව සිදු කරන ලද්දක් විය.

සාමූහික ප්‍රතිශක්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජූනි 9 වැනි දින දක්වාපිළිගෙන තිබූ නිර්වචනය කිසිදු හේතු දැක්වීමකින් තොරව 2020 නොවැම්බර් 13 වැනි දින වන විට වෙනස් කර තිබූ ආකාරය. මෙහිදී ස්වාභාවික ප්‍රතිශක්තිය එනම් රෝගයක් ආසාදනය වීමෙන් පසු යම් පුද්ගලයෙකු එම රෝගය සඳහා ලබාගන්නා ප්‍රතිශක්තිය සාමූහික ප්‍රතිශක්තිය ලබාගත හැකි එක් ක්‍රමයක් ලෙස එතෙක් තිබූ පිළිගැනීම ඉවත් කර තිබේ.

 

4). රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් විසින් පවා ආසාදනය පතුරුවන බවට අවිද්‍යාත්මක මිථ්‍යාවක් පතුරුවා හරිමින් සමස්ත මානව සංහතිය මත භීෂණයක් දියත් කිරීම

5). රෝග ලක්ෂණ නොපෙන්වන නිරෝගී පුද්ගලයන් කොවිඩ් 19 ආසාදිතයන් යැයි ලේබල් කිරීමට දෝෂ සහගත ප්‍රෝඩාකාරි පීසීආර් පරීක්ෂණය කුමන්ත්‍රණකාරි ලෙස රහසිගතව අනුමත කිරීම

6). ඊනියා කොවිඩ් 19 වසංගතයේ බිහිසුණු බව මවා පෑමට වෙනත් රෝගවලින් මිය යන පුද්ගලයන් පවා කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් ලෙස නම් කිරීමට මරණ සහ ඒ්වාට බලපාන ලද හේතුන් වාර්තා කිරීම පිළිබඳ එතෙක් පැවැති ජාත්‍යන්තර රීතින් වලට පටහැනිව අනිවාර්යෙන්ම අනුගමන කළ යුතු බව පවසමින් නව මාර්ගෝපදේශන රෙගුාසි 2020 අප්‍රේල් මස 16 වැනි දින නිකුත් කරන ලදි. (INTERNATIONAL GUIDELINES FOR CERTIFICATION AND CLASSIFICATION (CODING) OF COVID-19 AS CAUSE OF
DEATH) ඒ් මගින් වෙනත් රෝගවලින් මරණයට පත් වූ පුද්ගලයන් අති විශාල සංඛ්‍යාවක් කොවිඩ් මරණ ලෙස නම් කරමින් ඔවුන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසාන කටයුතු කිරීමේ අවස්ථාව පවා අහිමි කර දැමිණි.

7). ලොක්ඩවුන් සහ නිරෝධායන ඇඳිරි නීති සමස්ත ලෝකයටම නිර්දේශ කරමින් මානව අයිතීන්, පුද්ගලික නිදහස උල්ලංඝණය කිරීම්, ජාත්‍යන්තර වශයෙන් සියලුම රටවල ආර්ථික ක්‍රියාවලිය විනාශ කර දැමීමට දායකවීම

8). බහුජාතික ඖෂධ සමාගම් විසින් ඊනියා කොවිඩ් 19 වසංගතයට ප්‍රතිකාර ලෙස ඉදිරිපත් කරන ලද එන්නත් වර්ගවල කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමාණවත් පර්යේෂණාත්මක දත්ත නොපවතින තත්ත්වයක් තුළ ඒ්වා සමස්ත මානව වර්ගයා මතම මුදාහැරීම අනුමත කිරීම සහ නිර්දේශ කිරීම, එම එන්නත් මගින් ලක්ෂ ගණනින් ජනයා අතුරු ආබාධවලට සහ මරණයට පත්වන විට පවා ඒ්වා අත්හිටුවීමට කටයුතු නොකිරීම

9). බහුජාතික ඖෂධ සමාගම් සහ ඊනියා වසංගතය පිටුපස සිටින අනෙකුත් බලවේගවල ප්‍රචාරක ආයතනයක් බවට පත්වීම

2. ජාත්‍යන්තර මුල්‍ය සංවිධානය සහ ඉහතින් සඳහන් කළ අනෙකුත් මුල්‍ය ආයතන සහ සමාගම් විසින් විවිධ රාජ්‍ය වල ජාත්‍යන්තර මුල්‍ය ගනුදෙනු අහෝසි කරන බවට සිදු කරන ලද තර්ජන සහ අල්ලස් දීම්

ඊිනියා කොවිඩ්-19 වසංගත මර්දනය සඳහා ලොක්ඩවුන් සහ නිරෝධායන ඇඳිරි නීති පනවන ලෙස ද, බටහිර ඖෂධ සමාගම් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග භාවිතා කරන ලෙස ද ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ ණය බරින් පීඩිත රටවලට බල කිරීම සඳහා ඔවුන්ගේ ණය ගැති භාවය යොදා ගනු ලැබිණි. තමන්ගේ උපදෙස් පිළිපදින රටවල දූෂිත පාලකයන්ට සහ සෞඛ්‍ය බලධාරින්ට අල්ලසක් ලෙස සහ ඔවුන්ට හිතුමතයේ ගසාකෑම සඳහා කොවිඩ්-19 ප්‍රතිචාර ආධාර යටතේ ණයට මුදල් ලබාදෙමින් ඔවුන්ව පෙළැඹවීම සිදුවිය . මෙම තත්ත්වයට එරෙහිවී එය හෙළිදරවු කළ එකම රාජ්‍ය නායකයා බෙලාරූස් ජනාධිපති ලුකෂෙන්කෝ පමණි. කොවිඩ්-19 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ ක්‍රියාත්මක කරමින් ලොක්ඩවුන් සහ ඇඳිරිනීති ක්‍රියාත්මක කරන්නේ නම් තමන්ට මිලියන 800ක් ලබා දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රතිඥා දුන් බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පසුව හෙළිකළේය. මෙම හෙළිදරවුවත් සමගම ඔහුව බලයෙන් පහකිරීම සඳහා බටහිර ගැති රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරිකයන් යොදාගනිමින් සමනල විප්ලවයක් දියත් වූ නමුත් රුසියාව මැදිහත් වී එය අසාර්ථක කරන ලදි.
රුසියාව චීනය සම්බන්ධයෙන්ද සිදුවූයේ එයමය. බටහිර රාජ්‍යයන් සමග තමන්ගේ මුල්‍ය ගනුදෙනු සහ ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය තුළ තම ස්ථාවරත්වය රැකගැනීමේ උපක්‍රමික අවශ්‍යතාව මත  තමන්ටම එරෙහිව බටහිර විසින් කොවිඩ්-19 හරහා දියත් කරන ලද උපායමාර්ගික කුමන්ත්‍රණයට යම් පමණකින් අනුගත වීමට චීනයට සහ රුසියාවටද සහ ඔවුන් ගේ හිතවත් රාජ්‍යයන් වන වැනිසියුලාව, නිකරගුවාව, කියුබාව, සහ ඉරානයට සිදු වූ බව නිරීක්ෂණය කළ හැකිය. ලෝක බැංකුවේ එක්සත් ජනපද දායකත්වය ඩොලර් බිලියන 3ක් වන අතර චීනයේ දායකත්වය ‌ඩොලර් බිලියන 1.5කි. චීනය සිය විදේශ විනිමය සංචිතයන් ( foreign exchange reserves) සුරක්ෂිත ලෙස තැන්පත් කිරීමට ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමයි. 2021 නොවැම්බරය වනවිට චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3.2කි. තවමත් චීනයට සිය විදේශ විනිමය සංචිතයන් සහ අපනයන වෙළඳාම සුරක්ෂිත කරගැනීම සඳහා ඉතුරුව ඇති වඩාත් ප්‍රායෝගිකම උපක්‍රමය වී ඇත්තේ එක්සත් ජනපද භාණ්ඩාගාර ණය බැඳුම්කර මිලදී ගැනීමය. චීනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුවේ ප්‍රධානතම කොටස් හිමිකරුවෙකි. IMF විසින් 2016 දී චීන යුවාන් මුදල ජාත්‍යන්තර ගණුදෙනු සඳහා වන මුල්‍ය ඒ්කකයක් බවට පිළිගත්තේය.

ලෝකයේ විශාලතම මුල්‍ය කළමණාකරුවන් ලෙස සැළකෙන බ්ලැක්රොක් සහ ගෝල්ඩ්මන් සැක්ස් වැනි මුල්‍ය ආයතන චීනය තුළ ආයෝජනය කිරීමටත් චීන ආයෝජකයන්ට සිය ආයතන තුළ මුල්‍ය ආයෝජනයන් සිදු කිරීමට අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරමින් සිටී. බ්ලැක්රොක් සතු ගෝලීය මුල්‍ය වත්කම්වල වටිනාකම් ඩොලර් ට්‍රිලියන 10 කට අධිකය. මෙම වසංගත ආඛ්‍යානය පවත්වාගැනීම බටහිර අති බලසම්පන්න ජාත්‍යන්තර මුල්‍ය ඒ්කාධිකාරයේ අවශ්‍යතාවක් වන කළ එයට එරෙහිව යාමෙන් සිය ආර්ථිකයන් ක්ෂණික කඩාවැටීමකට ලක්වීම වළක්වාගැනීමට චීනයට සහ රුසියාවට සිදු වූ බව පෙනී යයි.
ලොක් ඩවුන් නැතහොත් නිරෝධායන ඇඳිරි නීති, එන්නත්කරණය සහ මාධ්‍ය මෙහෙයුම් සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ආසියානු සංවර්ධන බැංකුව හරහා ශ්‍රි ලංකා රජය වෙත අඩුම තරමින් ඩොලර් බිලියන 1.16 කට අධික මුදලක් 2020 -21 කාලය අතර තුර ලබා දී තිබේ. මුදල් මුද්‍රණය කර ජනතාවට බෙදාහැරීම (helicopter money)මෙම ජාත්‍යන්තර මුල්‍ය ඒ්කාධිකාරය විසින් ලෝකය පුරා සිය කොවිඩ්-19 ආඛ්‍යානය පිළිගත් සියලුම ආණ්ඩු වෙත නිර්දේශ කර තිබේ. එමගින් අදාළ රට තුළ මුල්‍ය පද්ධතිය තවදුරටත් අස්ථාවර කර අවසානයේ බිඳ දැමීම ඔවුන්ගේ අරමුණ විය.

3. රටවල් 194ක ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරින්, හමුදා, ෙපාලිසි සහ බුද්ධි අංශ

ලෝකයේ රටවල් 194ක ආණ්ඩු සහ ඒ්වායේ සෞඛ්‍ය බලධාරින් විවිධ ක්‍රමවේදයන් හරහා මෙම කොවිඩ්-19 ආඛ්‍යානය පවත්වාගෙන යාම සඳහා ක්‍රමානුකූලව හීලෑ කරගන්නා ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය, බහුජාතික ඖෂධ සමාගම් සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස්,රොකෆෙලර් වැනි පදනම් ආයතන මගින් වරදාන සහ අල්ලස් සැපයීම මගින්ද බටහිර ඔත්තු සේවා විසින් මෙම රටවල දේශපාලන නායකත්වයේ දූෂණ සහ අපරාධ පිළිබඳ හෙළිදරවු කිරීමේ හෝ නීතිය ඉදිරිපිටට පැමිණවීමේ තර්ජන මත ඔවුන්ව බ්ලැක්මේල් කිරීම මගින්ද ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල ණය උගුලේ සිර වීම නිසාද ඔවුන්ට බලය රැකගැනීමේ අවශ්‍යතාව සහ තනතුරු රැකගැනීමේ අවශ්‍යතාව නිසා ද හුදු මුග්ධත්වය සහ නිවට කම නිසාද ඔවුන් කොවිඩ්-19 ආඛ්‍යානය පවත්වාගෙන යාමට එකඟ වී තිබේ. ව්‍යාජ සංඛ්‍යා ලේඛන මගින් කොවිඩ්-19 ආඛ්‍යානය පවත්වාගෙන යාම, මෙම වසංගත ප්‍රෝඩාව හෙළිදරවු කළ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් සේවයෙන් පහකිරීම, ඔවුන්ට විවිධ තර්ජන එල්ල කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන්ට පටහැනි ලෙස වසංගත මර්දන නීති පනවමින් මිනිස් අයිතීන් සහ නිදහස උල්ලංඝණය කිරීම, හමුදාවන් සහ රහස් ඔත්තු සේවාවන්ද ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ පද්ධතිද යොදවමින් කොවිඩ්-19 රෝගීන් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හඹාගොස් නිරෝධායන කඳවුරු තුළ ගාල් කිරීම, බලහත්කාරි එන්නත්කරණය ක්‍රියාවට නැංවීම, එන්නත් මගින් අතුරු ආබාධ සහ මරණයට ලක්වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වසන් කිරීම ආදිය ඒ් ඒ් රටවල ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරින් මෙවලමක් ලෙස යොදාගෙන සිදු කරන ලදි.
ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, හෙද සංගම්, සහ වෛද්‍ය රසායනාගාර වෘත්තීය සමිති සංගමය ආදි සංවිධාන මෙම කොරෝනා භීෂණ  ප්‍රචාරක ව්‍යාපාරයේ  පෙර ගමන්කරුවන් බවට පත් වී තිබිණි.

4. ජනමාධ්‍ය, සිවිල් සමාජ ක්‍රියාකාරින්, නිල වාමාංශික පක්ෂ සහ වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන

රාජ්‍ය සහ විකල්ප ජනමාධ්‍ය දෙකම මෙම කොවිඩ්-19 ආඛ්‍යානය නැතහොත් කොරෝනා භීතිකාව සමාජය මත පවත්වාගෙන යාම සඳහා විශාල මෙහෙවරක් කරන ලදි. දෛනික ආසාදිත පොකුරු ගැන ද මරණ සංඛ්‍යාවන් ගැන ද, පීසීආර් පරීක්ෂණ මගහරිමින් සැඟව සිටින ජනතා ද්‍රෝහීන් ගැනද සඳහන් ඇඟ කිළිපොලන වාර්තාවන් ද, රජයේ වසංගත මර්දනය සඳහා රජයේ වැඩපිළිවෙළවල්වල සාර්ථකත්වය සහ දේශපාලන නායකත්වයේ සහ සෞඛ්‍ය බලධාරින්ගේ කැපවීම සහ තීක්ෂණ දැක්ම ගැන ද වාර්තා ප්‍රධානපෙළේ මාධ්‍යවල පළවිය. ඒ් අතර විකල්ප මාධ්‍ය සහ විරුද්ධ පක්ෂ ද , වෘත්තීය සමිතිද සිවිල්සමාජ ක්‍රියාකාරින්ද මෙම ව්‍යාජ වසංගත ආඛ්‍යානය අභියෝගයට ලක් කරනු වෙනුවට එම ආඛ්‍යානය තුළම ව්‍යාජ ධ්‍රැවීකරණයක් ගොඩ නගමින් “ආණ්ඩුවල කොරෝනා මර්දන ව්‍යාපෘතිවල දුර්වලතා විවේචනය” කරමින් එම ප්‍රෝඩාකාරි ආඛ්‍යානය වෙනත් මානයකින් පෝෂණය කිරීමට දායක වූහ. ඔවුන් විසින් ප්‍රශ්න කරන ලද්දේ දෝෂ සහගත ප්‍රෝඩාකාරි පීසීආර් පරීක්ෂණ මගින් රෝගීන් හඳුනාගැනීමට යාමේ වැරැදි සහගත බව නොව ප්‍රමාණවත් පරිදි පීසීආර් පරීක්ෂණ සිදු නොකිරීම පිළිබඳවයි. ඔවුහු ප්‍රශ්න කළේ අත්හදාබැලීමේ මූලික පරීක්ෂණ පවා නිසි පරිදි හමාර නොකළ කොරෝනා එන්නත්වල සුරක්ෂිත බව කාර්යක්ෂමතාව හෝ ඒ්වායේ අවශ්‍යතාව නොව ඒ්වා සාමාන්‍ය ජනතාවට ලබා දීමට පෙර දේශපාලන නායකයන් සහ වරප්‍රසාදිත කොටස් ගාල කඩාගෙන ගොස් ඒ්වා ලබාගැනීමේ අසාධාරණත්වය ගැනය. ඔවුහු ප්‍රශ්න කරන ලද්දේ වෛරස් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට ලොක්ඩවුන් සහ ඇඳිරි නීති ක්‍රියාමාර්ග, සමාජ දුරස්තකරණය, මුහුණු ආවරණ පැළැඳීමට බල කිරීම ආදියේ අවිද්‍යාත්මක බව සහ නිෂ්ඵලත්වය සහ අමානුෂික බලහත්කාරය නොව ඒ්වා ප්‍රමාණවත් පරිදි සිදු නොකිරීම පිළිබඳවය. මාධ්‍ය වාරණයට එරෙහිව හඬනගන ඇතැම් සංවිධාන සහ ජනමාධ්‍ය මෙම ප්‍රෝඩාකාරි කොවිඩ්-19 ආඛ්‍යානය ප්‍රශ්න කරන ලිපි තමන් විසින්ම වාරණය කරගන්නා ලදි.

ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ නැමැති නිල වාමාංශික දේශපාලන පක්ෂයද සෙසු වෘත්තීය සමිතිද රජය විසින් ලොක් ඩවුන් නොකරන්නේ නම් තමන් ස්වයං ලොක් ඩවුන් වීමකට යන බව නිවේදනය කළහ. එක්සත් ජනපදයේ මිලිටරි නිෂ්පාදන සංකීර්ණය,ජාත්‍යන්තර මුල්‍ය ඒ්කාධිකාරය සහ ලෝක ආර්ථික සංසදය විසින් දියත් කරන ලද ගෝලීය ආර්ථිකය බිඳ දැමීමේ සැලසුමේ කොටසක් ලෙස ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ලොක්ඩවුන්, ඇඳිරි නීති ආදිය මගින් රටේ ආර්ථිකය බිඳ දමමින් වැඩකරන ජනයාගේ ජීවිත විනාශකර දමන විට ලංකාවේ වාමාංශයද නිර්ලජ්ජිත ලෙස එයට සහාය දුන්හ. එය සිදු වූයේ ඔවුන්ගේ අවස්ථාවාදය නිසාද ,නොසැළකිළිමත් මුග්ධත්වය නිසාද නැතහොත් පටු පුද්ගලික ලාභ ප්‍රයෝජන නිසා ද නැතහොත් ඒ් සියල්ලේ සංකලනයක් ලෙසදැයි මම නොදනිමි. මෙම ගෝලීය කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස සිය ආර්ථික සමාජීය ජීවිත විනාශවීමේ ප්‍රතිඵලයක් ලෙස ලාංකීය ජනයා ලක්ෂගණනින් විදී බැස ඇති මේ මොහොත තුළ පවා ඒ් පිටුපස සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර බලවේගවල දායකත්වය පිළිබඳ එම ජනතාව දැනුවත් කිරීමේ වගකීමෙන් දැනුවත්ව මගහැර සිටීම මගින් තවදුරටත් පැහැදිලි වන්නේ ලංකාවේ වාමාංශය තවමත් ඉහත තත්ත්වයන්ගෙන් මිදීමට සමත්ව නැති බවය.

ෆයිසර් සමාගම මෙන් ම සෙසු බටහිර ඖෂධ සමාගම් ද සිය කොරෝනා එන්නත් ලෝකය පුරා අලෙවි කළේ එම එන්නත් මගින් යම් හානියක් එය ලබාගන්නා පුද්ගලයාට සිදුවුව හොත් එයට එරෙහිව දණ්ඩ මුක්තිය හෙවත් අපරාධ නඩු පැනවීමෙන් වැළැක්වීම,සිදුවන හානි පිළිබඳ වන්දි රජය විසින් මහජන මුදලින් ගෙවීම ආදි කොන්දේසි ගණනාවකට යම් රටක රජයක් එකඟ වුවහොත් පමණි.
එමෙන්ම ෆයිසර් විසින් බ්‍රසීලයට පනවන ලද කොන්සියක් වූයේ එහි විදේශ වත්කම් ෆයිසර් සමාගමට පැවැරිය යුතු බවයි.එමෙන්ම බ්‍රසීලයේ නීතිය ෆයිසර් සමාගමට වලංගු නොවන බවට සහතිකයක් දිය යුතු විය.
එමෙන්ම ඔවුන් විසින් පනවා ඇති තවත් කොන්දේසියක් වන්නේ ෆයිසර් සමාගම සහ අදාළ රටේ ආණ්ඩුව අතර ඇති කර ගන්නා ලද ගිවිසුම් රහසක් ලෙස තබාගත යුතුය. ෆයිසර් එන්නතේ කාර්යක්ෂ්මතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ රටතුළ මතුවන ප්‍රශ්න කිරීම් යටපත් කිරීමේ වගකීම අදාළ රජය සතුවේ.
කිසියම් රටකට තවත් රටක් හෝ ආයතනයක් විසින් කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ලබාදෙන ආධාර අදාළ රටට ලබා නොදී මුදල් කෙළින්ම ෆයිසර් සමාගමට ලබා දිය යුතුය.
ෆයිසර් සමාගම ආජන්ටිනාවට පනවන ලද කොන්දේසියක් වූයේ එහි විදේශ තානාපති කාර්යාල, හමුදා කඳවුරු, සහ බැංකු තැන්පතු සියල්ල ඇපයට තබා ගිවිසුමකට එළැඹිය යුතු බවයි.
ෆයිසර් එන්නතේ අන්තර්ගත රසායනික ද්‍රව්‍යය, කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ දත්ත වසර 75ක කාලයක් සඳහා මහජනයාගෙන් වසන් කර තැබීමට එක්සත් ජනපද රජය සහ එහි වසංගත රෝග මර්දන මධ්‍යස්ථානය ෆයිසර් සමාගම වෙත පොරොන්දුවක් දී තිබේ. මෙම ෆයිසර් එන්නත් මෙන්ම සෙසු සියලු කොවිඩ්-19 එන්නත් ලබාගැනීමේදී එන්නත ලබාගන්නා පුද්ගලයා විසින් තමන්ට එමගින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිලිබඳව හොඳින් දැනුවත්ව සිටින බවට කිසියම් ලේඛනයකට අත්සන් තැබිය යුතුය. නමුත් අතුරු ආබාධ සහ අන්තර්ගත රසායනික ද්‍රව්‍ය පිළිබඳ සැබෑ තොරතුරු වසර 75කට වසංකර ඇති තත්ත්වයක් තුළ තේරුම්ගත යුතුව ඇත්තේ එන්නත ලබාගන්නා පුද්ගලයා වෙත තොරතුරු සැපයීම හිතාමතාම පැහැර හරිමින් ඇති බවකි. ඔවුන් සැඟවීමට යත්න දරන්නේ කුමක්ද?
කොලොම්බියාවේ 2022 ජූනි මාසයේදී පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වී වාමාංශික අපේක්ෂක ගුස්ටාවෝ පෙට්රෝ අතින් පරාජයට පත් රොඩොල්ෆෝ හර්නැන්ඩස්ව එක්සත් ජනපද ජනමාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ “දූෂණයට එරෙහි රණකාමියෙකු” ලෙසය. කලින් සිටි ජනාධිපති ඉවාන් ඩූක් යටතේ ෆයිසර් සමාගම වෙතින් ලබාගත් එන්නත් සඳහා ඩොලර් මිලියන 375ක් වැඩි පුර ගෙවා තිබේ.ජනාධිපතිවරණයේ දෙවන වටයට පෙර කොලොම්බියනු Cambio නම් මාධ්‍යය විසින් අනාවරණය කරන ලද්දේ දූෂණ විරෝධී ආණ්ඩුකාරවරුන්ගේ ලීගයේ ජනාධිපති අපේක්ෂක රොඩොල්ෆෝ හෙර්නැන්ඩස් තවත් ව්‍යාපාරිකයන් රැසක් සහ තරුණ ස්ත්‍රින් රැසක් සමග සුඛෝපභෝගී යොට් යාත්‍රාවක් තුළ පවත්වන ලද “බිකිනි පාටියකට” සහභාගි වී ඇතිබවත් එය සංවිධානය කරන ලද්දේත් එහි සියලු වියදම් දරන ලද්දේත් කොලොම්බියාව තුළ සිය ව්‍යාපාරික කටයුතු උත්සන්න කිරීමට අපේක්ෂා කරන එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන ෆයිසර් සමාගම විසින් බවත්ය. Cambio විසින් අනාවරණය කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ ෆයිසර් සමාගමේ විධායක නිලධාරින් කීපදෙනෙකු ද මෙම සාදයට සහභාගි වී ඇති බවයි.
2022 ජූලි මස 7 වැනි දින උරුගුවේ අධිකරණය විසින් වයස අවුරුදු 13ට අඩු ළමුන්ට කොවිඩ්-19 එන්නත් ලබා දීම වහා නවත්වන ලෙස එහි සෞඛ්‍ය ඇමැතිවරයාට සහ රජයට නියෝග කරන ලදි . මෙයට හේතුව වූයේ එම එන්නත්වල කාර්යක්ෂම බව සුරක්ෂිතාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත අදාළ සමාගම් විසින් සපයා නොතිබීමය.එමෙන්ම අදාළ ඖෂධ සමාගම් සහ උරුගුවේ රජය අතර ඇතිකරගත් ගිවිසුම් මොනවාදැයි වහාම හෙළිදරවු කරන ලෙසද අධිකරණය විසින් නියෝග කර ඇත.

කෙසේ වුව ද ලංකාවේ ඇතැම් ගුරු සංගම්වල මැයි දින සටන්පාඨය වූයේ සියලුම සිසු දරුවන් සහ ගුරුවරුන් එන්නත් කරන තාක් කල් පාසල් විවෘත නොකරනු යන්නයි. .

මෙම කොවිඩ්-19 භීෂණ ප්‍රචාරක ව්‍යාපාරයේ පෙරගමන්කරුවන් බවට ලෙස කටයුතු කරන ලද්දේ ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, හෙද සංගම්, වෛද්‍ය රසායනාගාර වෘත්තීය සමිති සංගමය ආදිය වන අතර ඊට අමතරව විවිධ පක්ෂවලට සම්බන්ධිත බහුජන සංවිධාන ද නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිත රාජ්‍ය නොවන සංවිධාන ද කොවිඩ් භීෂණය තම තමන්ගේ ක්ෂේත්‍රයන් තුළ වැපිරවීමට කටයුතු කරන ලදි.
ලෝකයේ සියලුම රටවල පාහේ නිල වෛද්‍ය සංගම්වල නායකත්වය බහුජාතික සමාගම්වලින් ලද දීමනා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘති හෝ ශිෂ්‍යත්ව ආදිය නිසා හෝ බියගැන්වීම් නිසා හෝ මෙම කොවිඩ්-19 ආඛ්‍යානයේ ප්‍රධානතම ප්‍රචාරක යන්ත්‍රය බවට පත් වී තිබිණි. මේ අතර කොවිඩ්-19 ආඛ්‍යානය පවත්වාගෙන යාම සඳහා බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ලෝකය පුරා ජනමාධ්‍ය ආයතන ගණනාවකට ඩොලර් මිලියන 319ක් ලබා දී ඇති බවට ඇලන් මැක්ලොයිඩ් විසින් Mint Press News වෙත ලියන ලද ලිපියකින් හෙළිදරවු කරන ලදි.

 

5. රහස් ඔත්තු සේවාවන් සහ මනෝ විද්‍යාත්මක මෙහෙයුම්.

ප්‍රෝඩාකාරී කොවිඩ්-19 වසංගත ආඛ්‍යානය වෙත එනම් ලොක් ඩවුන්, සමාජ දුරස්තකරණ සහ එන්නත්කරණ ක්‍රියාමාර්ගවලට මහජන සහයෝගය ලබා ගනු වස් ඔවුන් මත වසංගත භීෂණය පැතිරවීමට බ්‍රිතාන්‍ය රජය රජයේ උපක්‍රම මෙහෙය වන ලද්දේ Scientific Pandemic Insights Group on Behaviours (SPI-B) නැතහොත් “Nudge Unit” යනුවෙන් හඳුන්වන බුද්ධි මෙහෙයුම් කණ්ඩායමක් විසින් බව ටෙලිග්‍රාෆ් පුවත්පත සහ අනෙකුත් මාධ්‍ය විසින් හෙළිදරවු කරන ලදි.

2012 ඔක්තෝබර් 5 වැනිදින කැනඩාවේදී පැවැති නේටෝ 2021 සරත් සෘතු නවීකාරක අභියෝගය වැඩ සටහනට සහභාගිවූ කැනේඩියානු හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරියක වන කටයුතු කළ සහ වර්තමානයේ දී කැනේඩියානු හමුදාවේ ආරක්ෂක විශිෂ්ටත්වය සඳහා නවීකාරකත්වය ව්‍යාපෘතියේ ආරක්ෂක විද්‍යාඥවරියක් සහ කළමණාකාරවරියක් ලෙස සේවය කරන මාරි-පියෙරේ රේමන්ඩ් සංජානන යුද්ධෝපායයන් ගැන මෙසේ පවසා තිබේ.

මාරි-පියෙරේ රේමන්ඩ්

“භූමිය අත්පත්කරගැනීම සඳහා යුද්ධ කළ දවස් ඉකුත් වී දැන් බොහෝ කල් ගතව තිබේ. දැන් නව ඉලක්කය සතුරාගේ අදහස් සහ මතවාදයන් වෙනස් කිරීමයි. එය විසින් මිනිසාගේ ගුරුත්ව කේන්ද්‍රය මොළය බවට පත් කර තිබේ. එමෙන්ම එය විසින් තරඟයේ අවකාශය බවට මිනිසාව පත් කර ඇති අතර මිනිස් මනස සංග්‍රාම භූමිය බවට පත් කර තිබේ.”
“අපි කතා කරන්නේ ද්විත්ව යුද ආකාරයන්ගේ තර්ජනය ගැන නම්, මේ දක්වා භාවිතයේ යොදා ඇති යුද ආකාරවලින් නොමග යැවීම මත බොහෝ සෙයින් පදනම්ව ඇති යුද ආකාරය සංජානනී යුද්ධය වේ.  එහි ඉලක්කය වන්නේ තීරණ ගනු ලබන පුද්ගලයන් මත බලපෑම් කොට අවනත කරගැනීම සහ පුද්ගල කණ්ඩායමක් තුළ කණ්ඩායමක් වෙත බලපෑම් කරමින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කිරීම මගින් උපක්‍රමික හෝ උපායමාර්ගික වාසියක් ලබා ගැනීමයි. සංජානන යුද්ධය බොහෝ සෙයින් කෘත්‍රිම බුද්ධිය, විශාල දත්ත සංචිත සහ සමාජ මාධ්‍ය ජාලා සමග සම්පාත වී ඇති අතර එය විසින් ස්නායු විද්‍යාවන්ගේ ශීඝ්‍ර පරිණාමය පෙන්නුම් කරයි. ”

නේටෝ සංවිධානයේ “සංජානන යුද්ධය” : ඔබගේ මොළය අත්පත් කරගැනීමට බටහිර හමුදා දියත් කර ඇති සංග්‍රාමය

6. කොවිඩ්-19 වසංගත ආඛ්‍යානය ප්‍රශ්න කරන්නන්ව දක්ෂිණාංශිකයන්, නාසිවාදින් සහ ක්‍රිස්තියානි ආගමික මූලධර්මවාදින් සහ යුදෙව් විරෝධීන් ලෙස නම් කර ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට වාමාංශය යොදාගැනීම

කොවිඩ්-19 වසංගත ආඛයානය ඉහත කී බලවේග විසින් මුදා හරින ලද්දේ සමස්ත ලෝකයේම වැඩ කරන ජනතාව වෙත එල්ල කිරීමට සැලසුම් කර ඇති ප්‍රහාරයක ආරම්භ පියවර ලෙසින් බවත් ලෝක ආර්ථික සංසදය සහ ජාත්‍යන්තර මුල්‍ය ඒ්කාධිකරය ඒ් පිටුපස සිටින බවත් ඉහතදී සඳහන් කළෙමි. මෙම තත්ත්යේ අවදානම නිවැරදිව හඳුනාගෙන එය හෙළිදරවු කිරීමේ වගකීම වාමාංශික පක්ෂ සහ වෘත්තීය සමිති සතු විය. නමුත් ඔවුන් එම වගකීම පැහැර හැරියා පමණක් නොව එයට එරෙහිව නැගී සිටි වැඩ කරන ජනතා කණ්ඩායම්වලට දක්ෂිණාංශිකයන් හෝ නාසිවාදින් ලෙස ලේබල් කිරීමටද කටයුතු කරන ලදි. ඔස්ට්‍රේලියානු රජයේ පැසිස්ට් පන්නයේ කොරෝනා මර්දන නීතිරීතිවලට එරෙහිව පළමුව සංවිධිතව නැගී සිටියේ ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් කම්කරුවන් වන අතර ඔවුන් නාසිවාදින් යැයි නම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය සමග ඒක පෙළට සිට ක්‍රියාත්මක වූයේ ඊනියා වාමාංශික පක්ෂ සහ බුද්ධිමතුන්ය. මෙම ඉදිකිරීම් කම්කරුවන්ගෙන් බහුතරයක් බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු රටවලින් පැමිණි සංක්‍රමණික කම්කරුවන් යැයි යන කරුණ ඔවුන් විසින් කාලකණ්නි සහගත ලෙස නොතකා හැරිණි.

කැනඩාවේ ට්‍රක්රථ රියදුරන්ගේ විරෝධයට සහාය දැක්වීමේ රැළියකදි කැනඩා පොලිසියේ අශ්වාරෝහක බල ඇණිය විසින් අසුන්ට යට කර පාගා තුවාල කර දමන ලද ස්වදේශික මොහාවක් ප්‍රජාවේ නායිකාවක් රෝහලේ ප්‍රතිකාර ලබමින්

කැනඩාවේ ට්‍රක්රථ රියැදුරන්ගේ විරෝධතාවද ජස්ටින් ටෘඩොස්ගේ රජය විසින් නාසිවාදි විරෝධතාවකැයි නම් කරන ලද අතර ඒ් මොහොතේත් කැනේඩියානු හමුදා විසින් යුක්රේනයේ නව නාසි වාදින්ට කැනේඩියානු භූමිය තුළ අවි පුහුණුව ලබා දෙමින් තිබිණි. කැනේඩියානු ට්‍රක් රථ රියැදුරන්ගෙන් විශාල ප්‍රතිශතයක් ඉන්දියාවේ සිට පැමිණි සීක ජාතිකයන්ගෙන් සමන්විත වේ. ඔවුහු කැනඩා රජයේ කොවිඩ්-19 මර්දන නීතිරීතිවලට එරෙහිව ඔටාවා නගරයේ කඳවුරු බැඳ විරෝධතා දක්වන්නට පැමිණීයේ ඉන්දියාවේ සීක් ජනයා විසින් මෝදි ගේ රජයේ බහුජාතික සමාගම්වලට ඉන්දීය කෘෂිකර්මාන්තය පාවාදෙන කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ පනතට එරෙහිව වසර එකහමාරක කාලයක් තිස්සේ නවදිල්ලියේ කඳවුරු බැඳ දක්වන ලද විරෝධතා ව්‍යාපාරයේ ආශ්වාදයද සමගිනි. කැනඩාවේ ට්‍රක්රථ රියැදුරන්ගේ විරෝධතා ව්‍යාපාරය මැඩලීමට යොදන ලද අශ්වාරෝහක කැරැළි මර්දන හමුදාවන් විසින් අරගලයට සහාය දීමට පැමිණි ස්වදේශික Mohawk ප්‍රජාවට අයත් ඉතා වයස්ගත ස්ත්‍රියක් ලබා හිතාමතාම අශ්ව කුරවලට යට කර මාරාන්තික තුවාල සිදු කරන ලදි. මෙම විරෝධතාවන්ට සහභාගි වූ හෝ සහාය දක්වන ලද පුද්ගලයන්ගේ දේපොළ පවරාගැනීමට, බැංකු ගිනුම් තහනම් කිරීමට, අසීමිත කාලයක රඳවා තබාගැනීමට ඉඩ සලසන මර්දන අණපනත් කැනේඩියානු පාර්ලිමේන්තුවේ සම්මත කරන විට ජස්ටින් ටෘඩෝස්ට ඒ් සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සපයා දුන්නේ කැනේඩියානු එන්පීඩී නම් වාමාංශික පක්ෂයයි. එහි වත්මන් නායකයාද සීක් ජාතිකයෙකි.

අධිරාජ්‍යවාදය විසින් සිය ක්‍රියාමාර්ග උදෙසා ජනතාවන් අවනත කර තබාගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව Manufacturing Consent කෘතිය ලියන ලද නෝම් චොම්ස්කි ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නවුන් පොදු ස්ථානවල ගැවසීම, වෙළඳසැල් වලට ඇතුළු නොවිය යුතු බවත් ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාගැනීම ප්‍රශ්නයක් වන්නේ නම් එය හුදෙක් ඔවුන්ගේ ප්‍රශ්නයක් ලෙස සැළකිය යුතු බවත්ය.

ජර්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022 ජූලි මස 20 වැනි දින නිකුත් කරන ලද ට්විටර් නිවේදනය අනුව කොවිඩ්-19 එන්නත් ලබාගත් සෑම පුද්ගලයන් 5000කින් එක් අයෙකුම බරපතල ආබාධයන්ට ගොදුරු වී තිබේ.

එක්සත් ජනපදයේ නිල සංඛ්‍යා ලේඛන අනුව (VAERS) අනුව කොවිඩ්-19 එන්නතේ අතුරු ආබාධ හේතුවෙන් මේ වනවිට එහි මරණයට පත්ව ඇති සංඛ්‍යාව 29,031 වන අතර සදාකාලික අබාධිත තත්ත්වයට පත්වූවන්ගේ සංඛ්‍යාව 54,306කි. අතුරු ආබාධවලට ගොදුරු වූ සමස්ත සංඛ්‍යාව 1,307,928 කි.
යුරෝපීය වෛද්‍ය ඒජන්සියට (European Medicines Agency – EMA) අනුව කොවිඩ්-19 එන්නතේ අතුරු ආබාධ හේතුවෙන් මේ වනවිට යුරෝපය තුළ මරණයට පත්ව ඇති සංඛ්‍යාව 45,752ක් වන අතරඅතුරු ආබාධවලට ගොදුරු වූ සමස්ත සංඛ්‍යාව 4,522,307 කි.

මේ අනුව යුරෝපය සහ එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් පුද්ගලයන් 74,783ක් මරණයට පත් වී ඇති අතර පුද්ගලයන් 5,830,235ක් බරපතල ශාරිරික හානිවලට ලක් වී තිබේ.

මෙම මරණවලට සහ සදාකාලික ආබාධිත බවට ගොදුරු වූ මේ පුද්ගලයන් කොවිඩ්-19 එන්නත ලබාගන්නට ඇත්තේ එන්නත ලබා නොගතහොත් සිය සමාජ ජීවිතයට රාජ්‍යය විසින් ද කොරෝනා ප්‍රචාරක උමතු සංවරුසාවෙන් තෙමී සිහි විකල්කරගත් සමාජය විසින් ද එල්ලවන පීඩනයෙන් ගැලවී හුදෙක් ආහාර මිලදී ගැනීමට වෙළඳසලට යාමට හෝ ජීවිකා වෘත්තීය රැක ගැනීමට විය හැකිය.

නෝම් චොම්ස්කිට මෙම මරණ පිළිබඳව කියන්නට ඇත්තේ කුමක්දැයි අපි නොදනිමු.

රොකෆෙලර් සංවිධානය සිය වාර්තාව මගින් 2010 දී පුරෝකතනය කළ ඊනියා වෛරස් වසංගතය 2019 දී මතුවූයේ ස්වභාවික ජෛව විද්‍යාත්මක ව්‍යසනයක් ලෙසින් නොව රොකෆෙලර් සංවිධානයද ඇතුළු ඉහත කී බලවේග විසින් මනා සම්බන්ධීකරණයකින් සහ දිගුකාලීන සැලසුමක් සහිතව විවිධ සංකීර්ණ ආර්ථික, මිලිටරිමය සහ දේශපාලනමය අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා දියත් කළ දැවැන්ත කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක් විසින් නිෂ්පාදනය කරන ලද කෘත්‍රිම යථාර්ථයක් ලෙස බව මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත.

නව මැල්තුසියන් වාදින් විසින් අධික ජනගහණ වර්ධනය හේතුවෙන් ඇතිවෙතැයි අනතුරු අඟවන ලද සාගත, වසංගත, සහ යුද්ධය දැන් අප අත්දකිමින් ඇත්තේ ජනගහණ වර්ධයේ ප්‍රතිඵලයක්ලෙස නොව සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය. එය දියත් වෙමින් ඇත්තේ සමස්ත මානව සංහතියට එරෙහි ජනඝාතක අපරාධයක් ලෙසිනි.
සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා මිලියන සියගණනක් මේ මොහොතේ සාගතයට ගොදුරු වෙමින් ඇත්තේ සැබෑ වසංගතයක් නිසා නොව ජනමාධ්‍ය මෙහෙයුම්, රාජ්‍ය බලහත්කාරය, යොදාගනිමින් කෘත්‍රිම ලෙස යථාර්ථයක් බවට පත්කළ නොපවත්නා වසංගතයක් මර්දනය කිරීමට යැයි පවසමින් රාජ්‍යයන් විසින් බටහිර අධිරාජ්‍යවාදයේ බලපෑම යටතේ ගත් ක්‍රියාමාර්ග හේතුවෙනි.

යුක්‍රේන- රුසියා යුද්ධය, ඉන්ධන අර්බුදය, පොසිල ඉන්ධන, සහ දේශගුණ විපර්යාස නාටකය

මෙම වසරේ පෙබරවාරි වනවිට කොවිඩ්-19 ආඛ්‍යානය තාවකාලිකව පිටුපසටගැනීමට එම නාටකයේ අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කර තිබිණි. එහෙත් ඔවුන් ඒ වෙනුවට සිය අරමුණු ඉටු කර ගැනීමෙහිලා වෙනත් ආඛ්‍යානයක් පෙරට ගනිමින් තිබිණි.ඒ යුක්‍රේන යුද්ධයයි.
යුක්‍රේන යුද්ධය පෙබරවාරියේදී ආරම්භවීමට පෙර රුසියාව සහ බටහිර යුරෝපය අතර දේශපාලන සම්බන්ධතා පිරිහෙමින් පැවතුණ ද ආර්ථික සම්බන්ධතා වර්ධනය වෙමින් පැවතිණි. යුරෝ බිලියන ගණනාවක් ආයෝජනය කරමින් ජර්මනිය සහ රුසියාව අතර ගෑස් නළ පද්ධතියේ ඉදිකිරීම් අවසාන වී තිබූ අතර එය දින කීපයක් තුළ සිය ගෑස් සපයීම ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

එක්සත් ජනපදය විසින් රුසියාව යුක්‍රේනය සමග යුද්ධයකට පැටලැවීම

මේ අතර ඇමෙරිකාව විසින් යුක්‍රේනයේ රජය සහ නව නාසිවාදි බලවේග මෙහෙයවමින් රුසියාව යුද්ධයට පොළඹවාගැනීම සඳහා කෙළවරක් නැති ප්‍රකෝප කිරීම් සිදු කරන ලදි. ජර්මනියේ මියුනික්හි යුරෝපීය ආරක්ෂක සම්මේලනය පැමිණි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තම රටට රුසියානු ආක්‍රමණයෙන් ආරක්ෂාවීම සඳහා න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ වීමට අයිතිය තිබෙන බවට සිදු කරන ලද ප්‍රකාශය රුසියාවේ රතු ඉර විය.රුසියාව හමුදා යුක්‍රේනය වෙත පෙරමුණු තුනකින් ඇතුළු වී දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදි. බටහිර විසින් රුසියාව යුද්ධයකට පටලවා ගැනීමට අපේක්ෂා කළ ද එය නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු හිතවාදි ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ජනරජයන්ට දෙන නොනිල මිලිටරිමය ආධාර වලට සීමාවනු ඇතැයිද එම ආධාර හුවා දක්වමින් රුසියාවේ ආර්ථිකය බිඳ දැමීම සඳහා සම්බාධක පැනවීමේ තම සැලසුම ඉටු කරගත හැකිවනු ඇතැයි ද ගණන් බලා තිබුණු නමුත් රුසියාව සෘජු ආක්‍රමණයක් දියත් කරනු ඇතැයි ඔවුන් කිසි විටෙකත් අපේක්ෂා නොකළහ. රුසියාවේ මෙම මිලිටරිමය ක්‍රියාමාර්ගයත් සමගම 1991 දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු බටහිරට වාසිදායක ලෙස ගොඩ නැගී තිබූ ලෝක දේශපාලන සහ මිලිටරිමය බලතුලනය එක් රැයෙකින් වෙනස් විය.
ඉන්පසුව සිදු වූයේ රුසියාව සහ ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් අතර පැවැති ආර්ථික සම්බන්ධකම් එකින් එක බිඳ වැටීමේ යුගයක් ආරම්භ වීමය. පළමු ගොදුර වූයේ Nord Stream-2 තෙල් නළ පද්ධතියයි. යුරෝපා සංගමය විසින් සිය සාමාජික රටවලට රුසියාවෙන් ගෑස් සහ තෙල් ආනයනය කිරීම නවතා දමන ලෙස බලකරන්නට විය. රුසියාවේ විදේශ තැන්පතුවල තිබූ ඩොලර් බිලියන ගණනක් තහනම් කරන ලදි. රුසියානු බැංකු සමග ගනුදෙනු තහනම් කරන ලද අතර ජාත්‍යන්තර මුල්‍ය හුවමාරු පද්ධතියක් වන SWIFT වෙතින් රුසියානු මධ්‍යම බැංකුව ඇතුළු බැංකු රැසක් ඉවත් කරන ලදි.
රුසියාව යනු එක්සත් ජනපදය මෙන් මංකොල්ලකාරි යුද්ධ, යුද අවි නිෂ්පාදනය හෝ මුල්‍ය අපචාර මගින් පවත්නා ආර්ථිකයක් නොව සැබෑ ලෙසම ලෝක ජනතාවට ජීවත් වීමට අවශ්‍ය ගෑස්, තෙල්, පොහොර, තිරිඟු, ලෝහ ආදිය නිෂ්පාදය කරන රටක් වන අතර එහි නිෂ්පාදනය ලෝක වෙළඳපොළෙන් ඉවත්කිරීමට බටහිර රටවල් විසින් සම්බාධක පැනවීම සමස්ත ලෝක ආර්ථිකයටම නිෂේධනාත්මක ලෙස බලපාන සාධකයක් විය.
ලාභ රුසියානු ගෑස් සඳහා යුරෝපා වෙළඳපොළ වසා දැමීමට ඇමෙරිකාවේ බලකිරීම මත යුරෝපා සංගමය ගත් තීරණය ජර්මනිය ඇතුළු යුරෝපයේ කාර්මික රටවල් නිර්-කාර්මිකකරණය සඳහා ලෝක ආර්ථික සංසදය සහ එය පිටුපස සැඟව සිටින බලවේගයන්ගේ අරමුණු ඉටු කරදීම සඳහා ගත් පියවරක් විය.මේ මගින් වර්තමාන කාර්මික නිෂ්පාදනය මුළුමණින්ම නවත්වා යුරෝපයේ සංවිධිත කම්කරු පන්තිය පන්තියක් ලෙස විනාශ කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණ වනු ඇත.
පසුගිය දශක එකහමාර ඇතුළත රෝබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය කාර්මික නිෂ්පාදනයෙහි ලා යොදාගනිමින් සිදු කරන ලද සාර්ථක අත්හදා බැලීම් මගින් අධිරාජ්‍යවාදය විසින් වටහාගත් එක් දෙයක් වූයේ සංවිධිත ෆැක්ටරි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා තවදුරටත් වැටුප් ගෙවන කම්කරු පන්තියක් ඔවුන්ට අවශ්‍ය නොවන බවය. මේ අනුව බලශක්තිය සහ අමුද්‍රව්‍ය සැපයෙන මාර්ගද, වෙළෙඳ පොළ ද අවහිර කරමින් පවත්නා නිෂ්පාදන බලවේග විනාශ කිරීම සිදුවනු ඇත. මහා ප්‍රත්‍යාරම්භය නමින් ( The Greart Reset) යනුවෙන් ලෝක ආර්ථික සංසදය විසින් හඳුන්වන ක්‍රියාදාමය ඉන්පසුව ඇරඹෙනු ඇත.
පොසිල ඉන්ධන වලට එරෙහිව ඊනියා දැන් ක්‍රියාත්මක වන ඊනියා පරිසරවාදි ව්‍යාපාරයට අරමුදල් සපයමින් නඩත්තු කරන්නේද ඔවුන්ගේ සටන්පාඨ සහ න්‍යාය පත්‍ර සකස් කරන්නේද ජෝර්ජ් සෝරෝස් ගේ ඕපන් සොසයිටි රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසිනි. දැන් පවත්නා බලශක්ති අර්බුදය ලෝකයේ කාර්මික සහ ආහාර නිෂ්පාදනය අඩාල කිරීම සඳහා පරිසරවාදයට සහ යුක්රේන යුද්ධයට මුවා වෙමින් බටහිර විසින් හිතාමතා ඇති කරන ලද එකකි.
‍‍

COP26 සම්මේලනය සහ ගෑස්ටැංකි පුපුරා යාම

මෙයට මාස කීපයකට පෙර ශ්‍රි ලංකා ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ COP26 සම්මේලනයට සහභාගි වීමෙන් අනතුරුව පවසන ලද්දේ “මේ ග්‍රහලෝකය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තමන් පසුබට නොවන ” බවයි. ශ්‍රි ලංකාවේ ජනතාව සිය ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිතා කරන එල්එන්ජී ගෑස් ටැංකි පුපුරා යාමේ අභිරහස් ක්‍රියාවලිය ආරම්භවන්නේ ඉන්පසුවය. එක්කෝ ගෝඨාභය රාජපක්ෂ විසින්ම තමනට හොඳින් හුරුපුරුදු පරිදි සිය බුද්ධි අංශ ලවා එය සිදු කරවන්නට ඇත. නැත හොත් ලංකාවේ බුද්ධි අංශ පාලනය කිරීමේ හැකියාව සහිත වෙනත් බටහිර රටක් විසින් එය සිදු කරවන්නට ඇත. අනතුරුව ගෑස් හිඟයක් නිර්මාණය විය. ලෝකයේ සියලුම රටවල් මෙන්ම ශ්‍රි ලංකාවද COP26 සම්මේලනයේදී තමතමන්ගේ රටවල co2 විමෝචනය අඩු කරන්නට ප්‍රතිඥා දී තිබූ අතර ගෝඨාභය රාජපක්ෂ යටතේ ලංකාවේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කරන ලද්දේ එලෙසය.
රාජපක්ෂ රජය විසින් රසායනික පොහොර ආනයනය නැවැත්වීම ද ද සාගත තත්ත්වයක් ඇති කිරීම සඳහා අධිරාජ්‍යවාදින් විසින් ගෝලීයව දියත් කර ඇති විවිධ කුමන්ත්‍රණකාරි ක්‍රියාමාර්ගයන්ගේම එක් කොටසකි. අධිරාජවාදි බලවේග විසින් මේ සිදුවීම් පිටුපස සිට දියත් කර ඇති ක්‍රියාමාර්ග වසං කිරීම තම පරම යුතුකම බවට පත්කරගත්, සිවිල් සමාජ වාමාංශය හෝ පාර්ලිමේන්තුවාදි වාමාංශය හෝ ඊනියා විකල්ප ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාලා විප්ලවවාදින් විසින් පවසන ලද පරිදි එය ගෝඨාගේ රජය කාබනික පොහොර සඳහා දක්වන මුග්ධ ඇල්මක් නිසා සිදුවූවක් නොවේ. එය සිදුවූයේ ශ්‍රි ලංකාවට විශාල වශයෙන් ණය ලබා දෙමින් ලංකා ආර්ථිකය ණය උගුලට සිරකරගත් බ්ලැක්රොක් වැනි මුල්‍ය සමාගම්වල බලපෑම්වලට යටත්වෙමින් මෙරට ගොවි ජනතාව පාවාදීමට රාජපක්ෂ පාලනය ගත් තීරණය හේතුවෙනි. ගොවි ජනතාව තම වගාකටයුතු ආරම්භ කිරීමෙන් පසු එම වගාවන්ට අවශ්‍ය පොහොර සැපයීම අවහිර කිරීම ආර්ථික අපරාධයක් මෙන්ම එමගින් ආහාර නිෂ්පාදනය සැලසුම් සහගතව විනාශ කිරීම තුළ ජනතාව සාගත තත්ත්වයකට ගොදුරු කිරීම ඉලක්ක කරගත් මානව සංහතියට එරෙහි ජනඝාතක අපරාධයක් ද ලෙස සැළකිය හැකිය.

ලෝකයේ බොහෝ රටවල දූෂිත නායකයන්ට මෙන්ම ගෝඨාභය රාජපක්ෂටද අධිරාජ්‍යවාදයේ නියෝගවලට එරෙහිව කටයුතු කළ නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසියෙක් වන අතර, ඔහු අයථා ලෙස උපයන ලද ඩොලර් මිලියන දහස්ගණන් මුදල් තැන්පත් කර ඇත්තේ ඇමෙරිකානු බැංකු තුළය. ඔහු ලංකාවේ උතුරේත් දකුණේත් යුද අපරාධ මෙහෙයවූවෙකු වන අතර ඒවා සම්බන්ධ සියලු තොරතුරු ඇමෙරිකාව සතුව පවතී. ගෝඨාභය තමන්ගේ නියෝගවලට අවශ්‍ය පමණට අවශ්‍ය වෙලාවට අවනත නොවන්නේ නම් ඔහුට එරෙහිව මෙම තොරතුරු යොදාගනු ඇත. අධිරාජ්‍යවාදයේ නියෝග ඉටු කිරීමට යාම තුළ සිය දේශපාලන පැවැත්ම අහෝසි වුවද ගෝඨාභය වැනි දූෂිත මිනීමරු පාලකයන්ට විකල්ප ඉතුරුව නැත.
ගෝඨාභයගේ පමණක් නොව “දියුණු ප්‍රජාතාන්ත්‍රික ” යුරෝපීය රටවල “ශිෂ්ට සම්පන්න” නායකයන්ගේද ඉරණම ද මෙයයි. ස්වකීය කාර්මික නිෂ්පාදනය සඳහා පහසුවෙන් අඛණ්ඩ ලෙස අඩුමිලට රුසියාවෙන් ලබාගත හැකි තෙල් සහ ගෑස් වලට සම්බාධක පැනවීමේදී තමන් රාජ්‍යයක් ලෙස වෙඩි තබාගන්නේ තමන්ගේම කකුළට බව මෙම යුරෝපීය නායකයන් නොදන්නවා නොවේ. ඒ බව වටහාගැනීමට නොහැකි තරම් ඔවුන් මෝඩයන්ද නොවේ. නමුත් දැන් ඔවුහු සිය කැමැත්තෙන් හෝ අකැමත්තෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ වෙනත් න්‍යාය පත්‍රයකි.
තමන් විසින් සිදු කරමින් සිටින මෙම සාපරාධී ක්‍රියාවන්ගේ වගකීම “පුටින් ගේ යුද්ධය” මත පැටවීමට ඔවුන් ගනු ලබන වෑයම ඔවුන් සිය ගැලවීම සඳහා ගනු ලබන දුර්වල දේශපාලන උපක්‍රමයකි. “පුටින්ගේ උද්ධමනය” , “පුටින් විසින් ආහාර සහ ඉන්ධන ආයුධයක් බවට පත් කිරීම ” ආදිය බටහිර ජනමාධ්‍යවල මෙන්ම ලංකාවේද බටහිර ගැති මාධ්‍යවල ප්‍රියතම තේමාවකි.
ලෝක බලශක්ති වෙළෙඳපොළෙන් අති විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන රුසියාව, වෙනිසියුලාව, ඉරානය, ලිබියාව ආදි රටවල් එම වෙළෙඳපොළෙන් නෙරපා හැරීමට කටයුතු කිරීම මගින් තමන් කරන්නේ කුමක්දැයි එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් වෙත හොඳ අවබෝධයක් තිබේ. එමගින් ලෝක බලශක්ති වෙළෙඳපොලේ නිෂ්පාදනවල මිල අප්‍රිකාවේත් ආසියාවේත් ලතින් ඇමෙරිකාවේත් දුප්පත් රටවලට දැරිය නොහැකි මට්ටමට ඉහළ යන අතර ඔවුන්ගේ සමස්ත විනිමය ඉපැයිම් ඒ සඳහා වියදම් කර බංකොළොත් වීමට ඔවුනට සිදුවනු ඇත. එමෙන්ම ඉන්ධන නිෂ්පාදනය හා බැඳුණා වූ අතුරු නිෂ්පාදන වන රසායනික පොහොර , අනෙකුත් කෘෂි රසායන සහ ඖෂධ නිෂ්පාදන වලද මිළ ගණන් අති විශාල ලෙස දැන් ඉහළ නැගෙමින් පවතින්නේ මෙම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසය.

රුසියාව ශ්‍රි ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත්වීම සහ ලංකාවේ පිස්කල් නිලධාරින් විසින් රුසියන් ගුවන් යානයක් අත් අඩංගුවට ගැනීම

රුසියාවේ තෙල් සඳහා යුරෝපය තුළ සම්බාධක පැනවීමෙන් නතර නොවුණු එක්සත් ජනපද සහ යුරෝපීය නායකයෝ රුසියානු තෙල් මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉන්දියාව සහ චීනය ඇතුළු රටවලටද විවිධ බලපෑම් එල්ලකරමින් අසාර්ථක උත්සාහයක නිරත වූහ.ඒ රුසියානු තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ කර දමනු සඳහාය.යම් තෙල් ළිඳක තෙල් පොම්කිරීම සඳහා අවශ්‍ය පීඩනය යාන්ත්‍රිකව නිර්මාණය කර නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹූ පසුව එම ක්‍රියාවලිය අතර මගදී නතර කළහොත් සිදුවන්නේ එම තෙල් නිධිය යළි මතුකරගැනීමට ඉතා අපහසුවන පරිදි භූ ගර්භය තුළ විසිරී යාමය. එවිට එය යළි ඇරඹීමට වඩා එය වසා දැමීම ආර්ථික වශයෙන් වාසිදායක එකක් වනු ඇත.රුසියාවේ තෙල් ආනයනය බටහිර විසින් අඩුකළ පසුව සිය අතිරික්ත නිෂ්පාදනය තෙල් ගබඩා සංකීර්ණ තුළ ගබඩා කිරීමට රුසියාවට සිදු වූ අතර ඉක්මණින්ම එම ගබඩා පහසුකම් පිරී ගියේය. මෙහිදී රුසියාවේ තෙල් කර්මාන්තය ආරක්ෂා කරදීමට ඉදිරිපත් වූයේ චීනය සහ ඉන්දියාවයි. ඔවුහු සිය රුසියානු තෙල් ආනයනය ඉහළ දැමූ අතර රුසියාව ඔවුනට තෙල් ලබාදුන්නේ ලෝක වෙළෙඳපොළේ මිලට වඩා අඩු මිලකටය.එය දෙපාර්ශ්වයටම වාසි සහගත ගනුදෙනුවක් විය. රුසියාව තවත් රටවල් ගණනාවකට මෙලෙස අඩුමිලට තෙල් සැපයීමේ ගිවිසුම් අත්සන් කර තිබේ. ලංකාවේ බලශක්ති අර්බුදය උග්‍ර තත්ත්වයකට පත් වූ පසුව ලංකාවට අඩු මිලට තෙල් සැපයීමට රුසියාව ඉදිරි පත් වූ නමුත් බටහිර රාජ්‍යයන්ගේ බලපෑමට යටත් වූ ආණ්ඩුව එම යෝජනාව නොතකා හරින ලදි.ඒ අතර රුසියාව සහ ශ්‍රි ලංකාව අතර දේශපාලන ගැටුමක් ඇති කිරීමේ ඉලක්කය සහිතව කිසියම් බාහිර බලවේගයක් විසින් මෙහෙයවන ලද පිස්කල් නිලධාරින් පිරිසක් රුසියන් ගුවන් යානයක් කටුනායක රඳවාගැනීමට කටයුතු කරන ලදි.
ඒ වෙනුවට ඔවුහු ඉන්දියාවෙන් දිගටම වැඩිමිලක් ගෙවමින් මිලදී ගත්තේ ඉන්දියාව විසින් රුසියාවෙන් මිලදී ගනු ලබන තෙල්මය. ශ්‍රි ලංකාවේ ජනයාගේ ආහාර සහ බලශක්ති අර්බුදය විසඳීමට ගෝඨාභයට හෝ රනිල් වික්‍රමසිංහට අවශ්‍යතාවක් තිබිණි නම් ඔවුනට ඒ සඳහා 1970 දශකයේ පැවැති චීන ලංකා රබර් සහල් ගිවිසුම වැනි ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් මගින් ඩොලරය මගහැර තිරිඟුපිටි සහ ඉන්ධන සඳහා ගිවිසුමක් ඇතිකරගත හැකිව තිබිණි. නමුත් සිදු වූයේ කුමක්ද? පස්ස කසාගන්නට නියපොත්ත නැතිව සිටි ශ්‍රි ලංකා රජය බටහිර අධිරාජ්‍යවාදය සතුටු කිරීම සඳහා රුසියානු ගුවන්යානයක් රඳවාගැනීමය. එයට හේතුව ලෙස කිසියම් අයර්ලන්ත රක්ෂණ සමාගමකට ගෙවිය යුතු වාරික එම රුසියන් ගුවන් සමාගම විසින් නොගෙවා තිබීම හේතුවෙන් කොළඹ වාණිජ අධිකරණයේ පැවැරුණු නඩුවක් මත නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් බව හුවා දැක්විණි. ඉන්ධන සහ තිිරිඟු පිටි ලබාගැනීමට විදේශ විනිමය නොමැතිව සිටි ශ්‍රී ලංකා රජයට රුසියාව සහන මිලට ඒවා ලබා දීමට ඉදිරිපත් වූ අවස්ථාවේම මෙය සිදුවීමත් අදාළ නීතිමය කටයුතු සහ පිස්කල් නිලධාරින් ක්‍රියාත්මක වූ තදියම් ස්වභාවයත් ඉතා සැක කටයුතුය.

ලෝක ආර්ථික සංසදය විසින් ලෝක ආහාර නිෂ්පාදනයට එරෙහිව යුද්ධයක් දියත් කරයි.

බටහිර රටවල් විසින් රුසියාවට පනවන ලද සම්බාධක හේතුවෙන් රුසියාවේ තිරිඟු ජාත්‍යන්තර වෙළෙඳපොළට පැමිණිම ට බාධා කෙරෙමින් පවතින අතර අප්‍රිකානු රටවල් දැන් තම රටවල ජනතාව සාගත තත්ත්වයෙන් බේරා ගැනීමට තිරිඟු ලබා ගැනීම සඳහා බටහිර විසින් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක මගහැරීමට රුසියාව සමග ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වලට එැළැඹී තිබේ.
මේ අතර යුක්‍රේනයේ තිරිඟු යුරෝපීය රටවල් විසින් තමන් එම රටට සපයන ආයුධ සඳහා හිලවු ලෙස ලබාගැනීමට කටයුතු කරමින් එය සංවර්ධනය වෙමින් පවතින රටවලට සැපයීම වළක්වා ඇත.එක්සත් ජනපදය සහ බටහිර රටවල් සමග සිය වෙළෙඳ කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා එම රටවල බලපෑම මත ඉන්දියාවට සිය තිරිඟු අපනයනය නවතා දැමීමට සිදුව ඇත.

නෙදර්ලන්ත අගමැති මාර්ක් රුට (Mark Rutte ) වූ කලී ලෝක ආර්ථික සංසදයේ නායක ක්ලාවුස් ෂ්වාබ්ගේ අනුගාමිකයෙකු වන අතර එහි න්‍යාය පත්‍රය සිය රටතුළ ක්‍රියාත්මක කිරීමෙහිලා දැඩි උවමනාවකින් සහ කැපවීමකින් කටයුතු කරන්නෙකි. පසුගිය මාසයේ ස්ව්ට්සර්ලන්තයේ ඩාවොස්හි හි පැවැති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික හමුවේදී ලෝක ආහාර නවීකරණ කේන්ද්‍රය වෙත නෙදර්ලන්තයේ දායකත්වය පිළිබඳ විස්තර කළේ ආහාර නිෂ්පාදන ක්‍රම සහ භූමි පරිභෝජනයේ පරිවර්තනය ගැන සඳහන් කරමිනි.
“ලෝක ආර්ථික සංසදයේ ආහාර නවීකරණ මධ්‍යස්ථානවලට අදාළව ලෝක ආර්ථික සංසදය විසින් දෙන ලද ආරම්භය පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. මෙම මධ්‍යස්ථාන ආසියාවේත්, දකුණු ඇමෙරිකාවේත්, අප්‍රිකාවේත් යුරෝපයේත් පිහිටුවා ඇත.කලාපීය ආයෝජකයන් හා දක්ෂතා පූර්ණ නවීකරණයන් සම්බන්ධ කිරීමට මෙය විසින් ව්‍යාපාර කටයුතුවලට ඉඩ ලබා දෙනු ඇත. මක් නිසාද යත් ආහාර නිෂ්පාදන ක්‍රමවල අභියෝග ජයගැනීමට මෙම නවීකරණයන් අතිශයින් වැදගත් සහ තීරණාත්මක වන බැවිනි. ලෝක ආර්ථික සංසදයේ ආහාර නවීකරණ නිවාසයේ ගෝලීය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය නෙදර්ලන්තය විසින් සාදරයෙන් පිළිගන්නා බවට ඇති මෙහිදී මම පැහැදිලිවම නිවේදනය කිරීමට කැමැත්තෙමි.”

නෙදර්ලන්තයේ ගොවීහු සිය ට්‍රැක්ටර් යොදාගෙන මහාමාර්ග අවහිර කරමින් විරෝධතා දක්වති

නෙදර්ලන්ත අගමැතිවරයා විසින් මේ ප්‍රකාශය සිදු කීරීමෙන් දින ගණනාවකට පසුව නෙදර්ලන්තයේ සත්වපාලන ගොවිපළවලින් 30%ක් වසාදැමීමට නෙදර්ලන්ත රජය ගනු ලැබූ තීරණය නිවේදනය කෙරිණි. යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස වැළැක්වීමේ ඉලක්ක සාක්ෂාත් කරනු සඳහා නෙදර්ලන්තය විසින් අත්සන් කරන ලද ගිවිසුම්වලට අනුව හරිතාගාර වායු විමෝචනයන් අඩු කිරීමට සඳහාත් නයිට්‍රජන් ඇමෝනියා පසට මුදාහැරීම 30%-70% දක්වා අඩුකිරීමටත් 2030 වනවිට එය 95%කින් අඩු කිරීමටත් මෙම තීරණය ගත් බව ඔවුන් ඊට හේතු ලෙස දක්වා තිබිණි. මේ අනුව සත්ව පාලනයේ නිරතවන ගොවීන් ඔවුන්ගේ ගොවිපළවලින් නෙරපා හැරෙනු ඇත.ගෝලීය ආහාර නිෂ්පාදනයේ පාලනය තමන් අතට ගැනීම සඳහා ලෝක ආර්ථික සංසදය විසින් දියත් කර ඇති කොල්ලකාරි වැඩපිළිවෙළ වෙත සහාය දීමට මාර්ක් රුට විසින් ලෝක ආර්ථික සංසදය වෙත දෙන ලද ප්‍රතිඥාව පරිසරවාදි සටන්පාඨවලින් අලංකරණය කොට ඉදිරිපත්කර ඇත්තේ එලෙසය. නෙදර්ලන්ත පාර්ලිමේන්තුව විසින් මේ පිළිබඳව මෙසේ නිවේදනය කර තිබේ.

මාර්ක් රුට

“මෙහි ඇති අවංක පණිවිඩය මෙයයි.දැනට කෘෂිකර්මයේ නිරතවන ගොවීන් සියලු දෙනාම වෙත වෙත තවදුරටත් සිය කටයුතු කරගෙන යාමට අවසර ලැබෙන්නේ නැත.(ඔවුන්ගෙන් විශාල පිරිසක් ඉන් ඉවත් කෙරෙන අතර) ඉතිරිවන අයට සිය කටයුතු වෙනස් ආකාරයකින් සිදු කිරීමට සිදුවනු ඇත.”

මෙම “වෙනත් ආකාරයකින් සිදු කිරීම” යනු ලෝක ආර්ථික සංසදය විසින් දියත් කර ඇති ආහාර නවීකාරක වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වීමය. එනම් ස්වභාවික ලෙස ආහාර නිෂ්පාදනය ක්‍රමානුකූලව නතරකරමින් ජාන විකෘතිකාරක බීජ සහ කෘත්‍රිිම පටක නිෂ්පාදනය මගින් මස් නිෂ්පාදනය ආදිය සිදු කිරීම සඳහා සිය ගොවිබිම් ඒ සඳහා ආයෝජනය කර ඇති සමාගම් වෙත පවරා දෙමින් ඒවා යටතේ වැඩ කිරීමය.

නෙදර්ලන්තයේ සත්වපාලනයේ යෙදෙන ගොවීන්ගේ ඉඩම් පවරාගැනීමට මෙම නයිට්‍රජන් නීතිය ගෙන ඒමට ක්‍රියාත්මක වූ ඇමැතිවරයාගේ සහෝදරයා නෙදර්ලන්තයේ ඔන්ලයින් සුපර්මාර්කට් ජාලයක් වන @picnic හි හිමිකරුවා වන අතර එහි බිල්ගේට්ස් විසින් මෑතකදී ඩොලර් මිලියන 600ක් ආයෝජනය කර තිබේ. ලෝකයේ කෘත්‍රිම මස් නිෂ්පාදනය පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ආයතනයක් වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම අයත් බිල් ගේට්ස්ටය. බිල්ගේට්ස් වරෙක සියලුම ධනවත් රටවල් 100%ක් කෘත්‍රිම හරක් මස් පරිභෝජනය සඳහා යොමු විය යුතුයැයි පැවසීය. ඔහු දැනට විශාල වශයෙන් එක්සත් ජනපදයේ ගොවිබිම් මිලදී ගනිමින් සිටින අතර එහි විශාලතම ඉඩම් හිමියා බිල් ගේට්ස්ය. මේ අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම අප්‍රිකාවේත් ආසියාවේත් ලතින් ඇමෙරිකාවේත් කෘසිකාර්මික ඉඩම් මිලදී ගැනීම සඳහා රොකෆෙලර් පදනම සමග කටයුතු කරමින් සිටියි. නෙදර්ලන්තයේ ගොවීන්ගෙන් උදුරා ගනු ලබන ඉඩම් බිල් ගේට්ස් වෙත ලබා දෙනු ඇතැයි නෙදර්ලන්ත ගොවීහු බිය පළ කරති.
මෙහි ක්ෂණික ප්‍රතිඵලය යුරෝපයේ සහ ලෝකයේ මස් සහ කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටීමය.එක් පැත්තකින් වසංගතය සහ යුද්ධය නිසා ලෝක ආහාර නිෂ්පාදනය කඩාවැටී සාගත තත්ත්වයක් ඇතිවෙමින් පවතින්නේ යැයි නිවේදනය කරමින් සිටින්නේ ද මොවුන්මය. අනෙක් අතින් ආහාර නිෂ්පාදනයේ නිරත ගොවීන් ලෝකය පුරාම සිය නිෂ්පාදන කටයුතුවලින් ඉවත් කිරීමට කෘෘර ලෙස කටයුතු කරමින් සිටින්නේ ද මොවුන්මය.මේ වනවිට කැනේඩියානු රජය ද රසායනික පොහොර සැපයීම බරපතල ලෙස සීමා කිරීමට කටයුතු කරමින් සිටී.
මෙම නීතියට එරෙහිව නෙදර්ලන්ත ගොවීන් දස දහස් ගණනින් වීදිවලට පිවිස මාර්ග සම්බාධක දමමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ. එය මර්දනය සඳහා නෙදර්ලන්ත රජය දැඩි පොලිස් බලයක් යොදවා තිබේ.
ශ්‍රි ලංකාවේ පොහොර තහනම හුදෙක් රාජපක්ෂලාගේ මනස්ගාත මත සිදුවූ හුදෙකලා සිදුවීමක් ලෙස සළකමින් සිදු කෙරෙන බක පණ්ඩිත “විදග්ධ” අදහස් දැක්වීම්වලින් සිදුවන්නේ ලෝක ආහාර නිෂ්පාදනයට එරෙහිව බලගතු බලවේග විසින් දියත් කර ඇති කුමන්ත්‍රණකාරි යුද්ධය පිළිබඳ ඇත්ත ලාංකීය ජනතාවගෙන් වසංකිරීමය. ඒ කුමන්ත්‍රණයට ලංකාවේ බොහෝ දෙනෙකුන් දැනුවත්ව හවුල් වී ඇති බව වීදී බැස ඇති ජනතාව තවමත් වටහාගෙන නැත.

චීන ණය උගුල පිළිබඳ මිථ්‍යාව

ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදයට හේතුව චීනය විසින් ශ්‍රි ලංකාවට දෙන ලද ණය සහ පොලිය ගෙවා ගත නොහැකිවීම නිසා බව බටහිර ජනමාධ්‍යත් බටහිර ගැති ශ්‍රි ලංකා ජනමාධ්‍යයත් ප්‍රචාරක ව්‍යපාරයක නිරතව සිටී.

මේ අතර එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වූ බිල් බර්න්ස් විසින් 2022 ජූලි මස 20 වැනි දින පැවැති ඇස්පන් ආරක්ෂක සංසදය ( Aspen Security Forum) අමතා ප්‍රකාශ කරන ලද්දේ
ශ්‍රී ලංකාව චීන ණය ලබාගනිමින් ආර්ථිකයේ අනාගතය ගැන මෝඩ ඔට්ටුවක් තබා ඇති බවත් ඒ හේතුවෙන් ආර්ථිකමය සහ දේශපාලනමය වශයෙන් විනාශකාරි ප්‍රතිඵල අත් විඳිමින් ඇති බවත්ය.

ශ්‍රි ලංකාවේ විදේශ ණය පිළිබඳ සළකා බැලීමේදී එහි සමස්ත ණය බරෙන් චීනයට හිමිවනුයේ 10%ක පමණි. පහත ලැයිස්තුව දෙස අවධානය යොමු කරන්න.

ශ්‍රි ලංකාවේ විදේශ ණය

ණය හිමි රට හෝ ආයතනය මුදල (ඩොලර් මිලියන) ප්‍රතිශතය
1 බටහිර පුද්ගලික මුල්‍ය සමාගම්
International capital markets borrowing
16,383.4 47%
2 ආසියානු සංවර්ධන බැංකුව 4,415.7 13%
3 චීනය 3,388.2 10%
4 ජපානය 3,360 10%
5 ලෝක බැංකුව 3,230 9%
6 වෙනත් 3,035 9%
7 ඉන්දියාව 859.3 2%

මුලාශ්‍ර (Department of External Resources Sri, Lanka) April 2021

මේ දත්ත අනුව පෙනී යන්නේ සමස්ත ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 34.67 කින් චීනයට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.3ක් පමණක් එනම් 10%ක් බවය. ශ්‍රී ලංකා රජය වැඩිපුරම ණය ලබාගෙන ඇත්තේ බටහිර පුද්ගලික මූල්‍ය සමාගම්වලින් වන අතර එම ප්‍රමාණය ඩොලර් බිලියන 16.383,4 කි, එනම් 47%කි.
ශ්‍රි ලංකාවේ සෙසු ණය හිමියන් අතර සිටින ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, ලෝක බැංකුව ආදිය ද බටහිර මුල්‍ය පාලනයට යටත් රටවල් සහ ආයතන බැවින් ශ්‍රි ලංකාව බටහිර හිතවාදි රටවල් සහ ආයතන හෝ සමාගම් වෙත ණය වී ඇති මුළු ප්‍රමාණය සමස්ත ණය ප්‍රමාණයෙන් 79%ක් හෙවත් ඩොලර් බිලියන 27.39කි.. චීන ණය උගුලක් ගැන කතාකිරීම දේශපාලන අරමුණකින් සිදුවන ප්‍රචාරක ව්‍යාපාරයක් ලෙස සැළකිය යුත්තේ එනිසාය. සැබැවින්ම ශ්‍රි ලංකාව සිර වී ඇත්තේ බටහිර විසින් අටවන ලද ණය උගුලකට වන අතර කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාවත් දැන් යුක්‍රේන යුද්ධයත් යොදාගෙන ශ්‍රි ලංකාවේත් සමස්ත ලෝකයේමත් ආර්ථිකය බිඳ දැමීම හේතුවෙන් ලංකාව වැනි රටවලට ඉක්මණටම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නමින් සිදු කරන පූර්ණ යටත් වීමේ ගිවිසුමට අත්සන් තැබීමට සිදුව තිබේ.

ශ්‍රි ලංකාව විසින් ණය ලබාගෙන ඇති බටහිර මුල්‍ය සමාගම්

මෙම සමාගම් 30ක් පමණ වන අතර ප්‍රධාන කීපයක් පහත දැක්වේ
බ්ලැක්රොක්(BlackRock) ඇමෙරිකාව
පැසිෆික් ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් සමාගම (Pacific Investment Management Co.) ඇමෙරිකාව
ඇෂ්මෝර් ගෘප් (Ashmore Group PLC) බ්‍රිතාන්‍යය
ටී.රෝ ප්‍රයිස් (T. Rowe Price ) ඇමෙරිකාව
එච්.බී.කේ කැපිටල් මැනේජ්මන්ට්(HBK Capital Management) ඇමෙරිකාව
අමුන්ඩි ඇසෙට් මැනේජ්මන්ට්(Amundi Asset Management ) ප්‍රංශය
රොත්ස්චයිල්ඩ් සහ සමාගම (Rothschild & Co )ප්‍රංශය
හැමිල්ටන් රිසර්ව් බෑන්ක්( Hamilton Reserve Bank) එක්සත් ජනපදය
යූබීඑස් ගෘප් (UBS Group AG) ස්විට්සර්ලන්තය
සීමා සහිත අලයන්ස්බර්න්ෂ්ටයින් සමාගම (AllianceBernstein LP) ඇමෙරිකාව
වෙලිංග්ටන් මැනේජ්මන්ට් ගෘප් (Wellington Management Group) ඇමෙරිකාව
ලෝඩ් ඇබෙට් සමාගම ( Lord Abbett) ඇමෙරිකාව
ජේ.පී මෝර්ගන් (JPMorgan) ඇමෙරිකාව
නොයිබර්ගර් බර්මාන් (Neuberger Berman) ඇමෙරිකාව

 

මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රි ලංකාව විසින් සිය ණයවලින් 47%ක් ලබාගෙන ඇත්තේ එක්සත් ජනපදයට හෝ යුරෝපයට අයත් පුද්ගලික මූල්‍ය සමාගම් වලින් බවයි. ඉහත සඳහන් බ්ලැක්රොක් සමාගම ලෝක ආර්ථිකයේ ඩොලර් ට්‍රිලියන 10කට අධික වත්කම් ප්‍රමාණයක් හසුරුවන අතර තමන් වෙතින් ණය ලබාගත් රාජ්‍යයන් ගේ බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිපත්ති හැසිරවීමෙහිලා අති විශාල බලයක් දරයි. බ්ලැක්රොක්හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වන ලැරී ෆ්ලින්ක් ප්‍රජාතාන්ත්‍රික ආයතනවලට සහ ජනතා පරමාධිපත්‍යයට එරෙහිව නව ඒකාධිපති ලෝක රටාවක් ඇති කළ යුතු යැයි ප්‍රසිද්ධියේ පෙනී සිටින අයෙකු වන අතර ඔහු ක්ලාවුස් ෂ්වාබ්ගේ ලෝක ආර්ථික සංසදයේ භාරකාර මණ්ඩලයේ සහ එහි විදේශ සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.
ශ්‍රි ලංකාවේ රජය විසින් දියත් කළ රසායනික පොහොර තහනම ලෝක ආර්ථික සංසදය(WEF) විසින් කුමන්ත්‍රණකාරි ලෙස ගෝලීය වශයෙන් දැන් ක්‍රියාවට නංවමින් පවතින මහා ප්‍රත්‍යාරම්භය(The Great Reset) නම් කූට සැලසුමට අනුව මෙම බ්ලැක්රොක් සමාගමේ බලපෑම යටතේ සිදු වූ දෙයක් බව නිගමනය කිරීමට ප්‍රමාණවත් තොරතුරු තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලදී ශ්‍රි ලංකා රජය ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ( Lazard and Clifford Chance) නීති සමාගමෙන් උපදෙස් ලබාගැනීම හෙවත් හොරාගේ අම්මගෙන් පේන ඇසීම

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සිය ණය හිමියන් වන බ්ලැක්රොක් වැනි පුද්ගලික මුල්‍ය සමාගම්,ආසියානු සංවර්ධන බැංකුව වැනි අන්තර් ජාතික මුල්‍ය ආයතන සහ විවිධ රටවල් සමග සාකච්ඡා කිරීමේදී තමන් නියෝජනය කිරීම සඳහා සේවය ලබාගෙන ඇත්තේ ස්වකීය උපදේශන සේවාවන් සඳහා ඩොලර් මිලියන ගණන් අයකරන ජාත්‍යන්තර නීති උපදේශක සමාගමක් වන Lazard and Clifford Chance වෙතිනි. මෙම සමාගම සිය උපදේශකයා ලෙස බඳවාගන්නට ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දුන්නේ කවුරුන්දැයි අපි නොදනිමු. නමුත් මෙහි පැහැදිලි අක්‍රමිකතාවක් සහ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුමක් පවතී.
ශ්‍රි ලංකාවේ ණය බරෙන් අති විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන බ්ලැක්රොක් සමාගම   ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Chance) නීති උපදේශක සමාගමේ දිගු කාලීන ගනුදෙනුකරුවෙකි.
විවෘත කොටස් සහිත මෝටර් රථ රක්ෂණ සහ තාක්ෂණ සමාගමක් වන Root, Inc වෙත දිගුකාලීන ඉහළ සුරක්ෂිත ණයක් ලෙස ඩොලර් මිලියන 300ක් ලබාදෙන බ්ලැක්රොක් සමාගමටත් එය සමග කටයුතු කරන සම ආයෝජකයන්ටත් උපදෙස් දෙමින් ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් සමාගමේ ප්‍රධාන උපදේශක තනතුර දරන ඇන්ඩෘෘ යන්ග් මෙසේ පවසා ඇත.
“බහු විධ ප්‍රායෝගික ක්ෂේත්‍ර සහ නියාමන පාලනයන් හරහා විහිදුණ ණය ගනුදෙණුවක් සඳහා පහසුකම් සැලසීමේදී අපගේ දිගුකාලීන ගනුදෙනුකරුවෙකු වන බ්ලැක්රොක් සමාගම වෙත සහාය දැක්වීමට අපට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙමු.”

 “We were pleased to support our longtime client BlackRock on a deal that spanned across multiple practice areas and regulatory regimes to facilitate a term loan with enormous complexities.”

Lead partner Andrew Young –  Lazard and Clifford Chance

ඇන්ඩෘ යන්ග්ට අනුව බ්ලැක්රොක් සමාගම ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නීති උපදේශන සමාගමේ දිගුකාලීන ගණු දෙනු කරුවෙකි. ණය හිමියා වන බ්ලැක්රොක් සමාගම සමග වන ණය ආරාවුලක් නිරාකරණය කිරීම සඳහා ණයගැතියාවන ශ්‍රි ලංකා ආණ්ඩුව ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් සමාගමේ සේවය ලබාගැනීම කොතෙක් දුරට ඥානාන්විත ක්‍රියාවක් ද? ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් මෙහිදී සැබෑ ලෙසම නියෝජනය කරන්නේ බ්ලැක්රොක් සමාගමද? මෙය නම් අපූරු උපදෙස් ලබාගැනීමකි. මෙවැනි අවස්ථාවන් සඳහා ගැලපෙන සිංහල ප්‍රස්ථාව පිරුළ කුමක් දැයි සිතාගැනීම අසීරුය. හොරාගේ අම්මාගේන් පේන ඇසීම යන්න පවා ඇතැම් විට සුමට වැඩි යැයි හැඟේ.
ඉන්ධන,ආහාර සහ ඖෂධ ලබාගැනීමේ දී දැඩි විනිමය හිඟය නිසා සාගින්නේ පසුවන, ඖෂධ නොමැතිව හෝ රෝහල් කරා යාමට වාහන නොමැතිව මරණයට පත්වන, දින ගණන් දිවා රෑ ඉන්ධන පෝලිම්වල ලතැවෙන ලාංකීය ජනතාව එම තත්ත්වයට පත්වන පරිදි ණය උගුළක් ඇට වූ බ්ලැක්රොක් වැනි සමාගම් වෙනුවෙන් වක්‍රව පෙනී සිටින “සාතන් ගේ නීතිඥ සමාගම් ” සඳහා නීතිමය ගාස්තු පවා ගෙවීමට සිදුව ඇත. ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ උපදේශනය ලබාගැනීමට පෙර ශ්‍රි ලංකා රජයේ මුදල් අමාත්‍යාංශය හෝ මහ බැංකු බලධාරින් හෝ ඒ පිළිබඳව අත්‍යාවශ්‍ය පෙර විපරම් සිදු නොකළේද? නැතහොත් ඔවුන්ද දැනුවත්ව මේ කුමන්ත්‍රණයට හවුල් වී ඇත්ද?
එසේත් නැතහොත් ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සිය නීති උපදේශන කටයුතු සඳහා බඳවාගන්න ලෙස ශ්‍රි ලංකා රජයට උපදෙස් දී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද? නැතහොත් එක්සත් ජනපද තානාපතිනියද? නැතහොත් බ්ලැක්රොක් සමාගම විසින්මද?
ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් සමාගම විසින් ණ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයේදී ශ්‍රි ලංකා රජයට දෙනු ලබන එකම උපදේශය වනු ඇත්තේ බ්ලැක්රොක් වැනි ණය හිමි සමාගම්වල සියලු කොන්දේසි පිළි අරගන්නා ලෙස පමණි.

ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) 183 වැනි මහා සභා රැස්වීම අමතමින් එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මෙම නීති උපදේශකයන් බඳවාගැනීමේ කටයුත්ත පිළිබඳව මෙසේ ප්‍රශංසා කර ඇත.

“පළමුව ණය අර්බුදය විසඳිය යුතුයි. IMF වෙත ගොස් ණය සහ නීති උපදේශකයින් බඳවා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අපි සාදරයෙන් පිළිගනිමු.“

ලෝකයේ තිරිඟු පිටි නිෂ්පාදනය කරන සහ අපනයනය කරන ප්‍රධාන රටක් වන ඇමෙරිකාව දැනට වසර ගණනාවක සිට එහි තිරිඟු වගාව ක්‍රමානුකූලව අඩු කරමින් සිටී.මේ යටතේ වගා නොකරන ලෙස ගොවීන්ට දැනුම් දෙමින් සිටින අතර එයට එකඟව කටයුතු කරන ගොවීන්ට ඒ සඳහා කිසියම් දීමනාවක් ගෙවනු ලබයි, එම දැනුම් දීම නොතකා ක්‍රියා කරන ගොවීන්ට අවශ්‍ය වන රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යද,උපකරණද, බැංකු ණය පහසුකම් ද ලබාගැනීමට විවිධ ක්‍රම යොදාගනිමින් බාධා පමුණුවමින් සිටිති.

2022 අප්‍රේල් මාසයේදී බ්ලැක්රොක් සහ වෑන්ගාඩ් මූල්‍ය සමාගම් විසින් එක්සත් ජනපදයේ ගොවීන්ට පොහොර ලබාගැනීමේදී දැඩි ලෙස බාධා පමුණුවන ලදි. ඔවුන් විසින් වැඩි කොටස් හිමිකමක් දරන CF Industries හි රසායනික පොහොර නිෂ්පාදනය සීමා කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම එම පොහොර ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන යුනියන් පැසිෆික් දුම්රිය සමාගම (Union Pacific Railway) විසින් පොහොර ප්‍රවාහනය දැඩි ලෙස සීමා කර තිබේ. මෙම දුම්රිය සමාගම අයත් වන්නේ බ්ලැක්රොක් සහ වෑන්ගාඩ් මුල්‍ය සමාගම්වලටය.මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙවර එක්සත් ජනපදයේ තිරිඟු අස්වැන්න විශාල වශයෙන් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් ලෝක වෙළෙඳ පොළට එන තිරිඟු ප්‍රමාණයද අඩුවීමෙන් ලෝකයේ වර්තමාන ආහාර හිඟය තවත් උත්සන්න කෙරෙනු ඇත.

ආසියානු සංවර්ධන බැංකුව

මෙහි නම ආසියානු සංවර්ධන බැංකුව වුව ද එය “ආසියානු“ වනුයේ නමින් පමණකි. එහි කොටස් හිමිකම්වලින් 66%ක් අයත්වන්නේ බටහිර රාජ්‍යයන් සහ එම කඳවුර විසින් සෘජුව මෙහෙයවන ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලටය.
එක්සත් ජනපදය 15.6 %
ජපානය 15.6 %
ඕස්ට්‍රේලියාව 5.8%
කැනඩාව 5.2%
දකුණු කොරියාව 5.0%
ජර්මනිය 4.3%
ප්‍රංශය 2.3 %
බ්‍රිතාන්‍යය 2%
නවසීලන්තය 1.5%
වෙනත් 7.7%
වෙනත් රටවල් ඇතුළු මුළු ගණන 66.8%

ආසියානු සංවර්ධන බැංකුව තුළ චීනයට 6.4 % ක් ද, ඉන්දියාවට 6.3ක්ද, ඉන්දුනීසියාවට 5.4ක්ද,මැලේසියාවට 2.7 %ක්ද වශයෙන් කොටස් හිමිව තිබේ.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව මැඩ පැවැත්වීමට යැයි කියමින් ලොක් ඩවුන් හෙවත් නිරෝධායන ඇඳිරි නීති පැනවීම, නිරෝධායන නීති පැනවීම, ජාතික මුදල් ඒකකය වන රුපියල වෙනුවට ගෝලීය මූල්‍ය ඒකාධිකාරය විසින් මෙහෙයවන මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වාදීමට අවශ්‍ය ඩිජිටල්කරණ යටිතල පහසුකම් නිර්මාණය, පීසීආර් පරීක්ෂණ පැවැත්වීම, ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිලදී ගැනීම, ඒවා ගබඩාකිරීමේ ශීතකරණ පහසුකම් සහ ප්‍රවාහනය සඳහා ජංගම ශීතකරණ මිලදී ගැනීම ආදිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් බිලියන 1.16 ක ණය මුදලක් ශ්‍රි ලංකා රජය වෙත ලබා දී තිබේ.

මෙම ණය මුදල නිකුත් කරන ලද්දේ කොටස් වශයෙන් වන අතර කොවිඩ්-19 ආඛ්‍යානය පවත්වා ගැනීමේදී පෙන්වන ප්‍රගතිය මත ඊළඟ වාරිකය මුදාහරින ලදි.  මේ සඳහා ශ්‍රි ලංකා රජය විසින් කළ යුතුව තිබුණේ  බිහිසුණු වසංගතයක් රටතුළ පවතින බවට පෙන්වීම සඳහා අවශ්‍ය මට්ටමට දෛනික ආසාදිත සංඛ්‍යාවන් සහ මරණ සංඛ්‍යාවන් පිළිබඳ වාර්තාවන් පවත්වාගෙන යාමය. එය සිදු කරන ලද්දේ අතර වඩ වඩාත් පීසීආර් පරීක්ෂණ පැවැත්වීම මගින් කිසිදු රෝග ලක්ෂණයක් නැති පුද්ගලයන් හෝ සෙම්ප්‍රතිශ්‍ය්‍යා ආසාදිතයන් කොරෝනා රෝගීන් ලෙස හංවඩු ගැසීමත්, රෝහල්වලදී මිය යන අයගෙන් හැකි සෑම මරණයක්ම කොරෝනා හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස නම්කිරීමත් මගිනි. එමෙන්ම මුඛ ආවරණ සහ සමාජ දුරස්තකරණ වැනි විගඩම් පවත්වාගෙන යාමත්, කොවිඩ්-19 රෝගීන් ලෙස නම් කරන ලද පුද්ගලයන් හෝ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායන කඳවුරු තුළ ගාල් කිරීමත්, ෆයිසර්,මොඩෙර්නා ඇස්ට්‍රා සෙනෙකා වැනි එන්නත් මගින් පුද්ගලයන් බලහත්කාරයෙන් එන්නත් කරවීමත්, කොඩිඩ්-19 පිළිබඳ අධ්‍යාපන ලබාදීම මුවාවෙන් එම ප්‍රෝඩාකාරි වසංගත ආඛ්‍යානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රචාරක ව්‍යාපෘතින් පවත්වාගෙන යාමත් ආදිය ද කළ යුතු ප්‍රධාන ඒවා අතර විය. මෙහිදී දූෂිත දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරින් ට හිතුමතයේ ගසාකෑමට ඉඩ සලසා තිබූ අතර කොවිඩ්-19 ප්‍රෝඩාකාරි ආඛ්‍යානය පවත්වාගෙන යාමට සහායවීම වෙනුවෙන් ඔවුන් ලද දිරි දීමනාව එය විය.
ඉහත නිෂ්ඵල සහ හානිකර එන්නත් මිලදී ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 150ක් ණය වශයෙන් 2021 දී ශ්‍රි ලංකාවට ලබා දී තිබේ. මෙහි අර්ථය මෙම සමස්ත ණය මුදලම කූට ඖෂධ සමාගම් වෙත හරවා යවන ලද බවය. 2021 දී ෆයිසර් සමාගම විසින් කොවිඩ්-19 එන්නත් වලින් පමණක් උපයන ලද ලාභය ඩොලර් බිලියන 22කි. එම විශාල මුදල් සම්භාරය තුළ ශ්‍රි ලංකාව ලෝකයට ණය වී ගත් මුදල් ඩොලර් මිලියන ගණන්ද පවතින අතර ඒ වෙනුවෙන් අද සමස්ත ශ්‍රි ලාංකික ජනතාවම වන්දි ගෙවමින් සිටිති.
ආසියානු සංවර්ධන බැංකුවේ කොවිඩ්-19 ණය උගුලට ශ්‍රි ලංකාව හසු වී සිය ආර්ථිකය විනාශ කරගත්තේ එලෙසය.

චීනය

ශ්‍රි ලංකාවේ වත්මන් ණය බරෙන් චීනය වගකිව යුත්තේ 10 %ක ප්‍රතිශතයකට හෙවත් ඩොලර් මිලියන 3,388.2 ක් සඳහා පමණි. මෙම ණය වලින් විශාල ප්‍රමාණයක් යටිතල ව්‍යුහයන් ඉදි කිරීම සඳහා කරන ලද ආයෝජනයන් විය. හම්බන්තොට වරාය ඉදිකිරීම යනු හුදෙක් මහින්ද රජාපක්ෂගේ සිහිනයක් ලෙස සිදුවූවක් පමණක් නොව එය චීනයේ 21 වැනි සියවස සඳහා ප්‍රධානතම ආර්ථික උපාය මාර්ගවලින් එකක් වූ 21 වැනි සියවසේ මුහුදු සේද මාර්ගය (21st Century Maritime Silk Road) වැදගත් වරායක් විය. සැබැවින්ම චීනයට හැකියාවක් තිබිණි නම් ඔවුන් ඒ සඳහා යොදා ලබනු ඇත්තේ හම්බන්තොට නොව ත්‍රිකුණාමල වරායයි. නමුත් එවැන්නක් සඳහා උත්සාහ දරා ඉන්දියාව සමග දරුණු මතභේදයකට සහ ගැටුමකට යාමට චීනයට අවශ්‍ය නොවීය. සිය මුහුදු සේද මාර්ග ව්‍යාපෘතිය හුදු එයට සම්බන්ධිත සියළු රටවලට වාසි ලැබෙන ආර්ථික ව්‍යාපෘතියක් ලෙස පමණක් පවත්වාගෙන යාමට චීනයට අවශ්‍ය විය. එයට ඉන්දියාවද අවසානයේ එක්වනු ඇතැයි චීනය අපේක්ෂා කළේය. එහෙයින් කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල වැනි දැනට පවත්නා වරායන්ගෙන් බැහැරව කිසිවෙකුගේ අවධානයට ලක් නොවුණු හම්බන්තොට වරාය සංවර්ධනය කර එය සිය ව්‍යාපෘතිය සඳහා භාවිතා කිරීම චීනයේ අරමුණ විය.

ගොඩබිම් සේද මාවත සහ මුහුදු සේද මාවත
සිතියම china.org වෙබ් අඩවියෙනි

මෙම වරාය ඉදි කිරීම හම්බන්තොට සිය බල කඳවුර කරගත් රාජපක්ෂ පවුලේ පුද්ගලික ජයග්‍රහණයක් ලෙස රාජපක්ෂවරුන් මවා පෑමට තැත් කළ ද එහි අසාර්ථකත්වය රාජපක්ෂවරුන්ගේ පුද්ගලික අසාර්ථකත්වයක් ලෙස හුවා දැක්වීමට ඔවුන්ගේ සතුරන් උත්සාහ කළ ද එම තර්කවල ඇත්තේ පාර්ශ්වික සත්‍යයක් පමණි. වඩාත් බලපෑම් සහගත සාධක විසින් නිර්මාණය කරන ලද යථාර්ථය ඇත්තේ ලංකාව නමැති දිවයිනේ මුහුදු සීමාවෙන් එපිට භූ දේශපාලනික බල කේන්ද්‍රයන් විසින් දක්වන ලද ප්‍රතිචාර විසිනි. චීනයේ මෙම මුහුදු සේද මාවත ව්‍යාපෘතිය සාර්ථක වනු දැක්මට කලාපීය ආධිපත්‍යය සඳහා චීනය සමග තරඟ වැද සිටින ඉන්දියාවට ද ගෝලීය ආධිපත්‍යය සඳහා චීනය සමග ගල උඩ සටනක නිරතව සිටින එක්සත් ජනපදයටද අවශ්‍ය නොවීය. ඔවුහු එය කඩාකප්පල් කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගනු ලැබූහ.
මේ සඳහා එක්සත් ජනපදය තෙවැදෑරුම් උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටිති. පළමුවැන්න නැගෙනහිර ආසියාවේ සෙසු රටවල් සමග චීනය සමග යම් යම් කරුණු සම්බන්ධයෙන් පවතින මතභේද ගැටුම්කාරි තත්ත්වයක් දක්වා උත්සන්න කිරීමයි. විශේෂයෙන්ම තෙල් සහ ගෑස් නිධිවලින් සමන්විත දකුණු චීන මුහුදේ ආධිපත්‍යය සම්බන්ධයෙන් බෘෘනෙයි, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, තායිවානය සහ වියට්නාමය ආදි කලාපීය රටවල පවතින තරඟය චීනයට එරෙහිව පෙරමුණක් බවට පත් කිරීමට එක්සත් ජනපදය දරන වෑයම දැක්විය හැකිය. එමෙන්ම වියට්නාමය සමග වන දේශසීමා පිළිබඳ ගැටළුව භාවිතා කරමින් වියට්නාමය චීන විරෝධී සංධානයකට ගොනු කර ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරයි. තවද දකුණු චීන මුහුදේ චීනය විසින් ඉදිකරන ලද කෘත්‍රිිම දූපත් සම්බන්ධයෙන් පිලිපීනය සමග වන ගැටුම අවුළුවා ලීමට ද එක්සත් ජනපදය කටයුතු කරයි.
දෙවැනි උපායමාර්ගය වී ඇත්තේ කලාපයේ මෙම මුහුදු සේද මාවත ව්‍යාපෘතියට සහාය දක්වන රටවල චීන හිතවාදි ආණ්ඩු ඉවත් කර බටහිර හිතවාදි ආණ්ඩු පත් කර ගැනීමට කටයුතු කිරීමයි.
තුන්වැන්න තායිවාන ගැටළුව උපයෝගී කරගනිමින් චීනයේ “ආක්‍රමණශීලිත්වයට එරෙහිව” යැයි කියමින් ආසියානු මිලිටරි සන්ධානයක් චීනයට එරෙහිව ගොඩ නගමින් දකුණු චීන මුහුද, මලක්කා සමුද්‍ර සන්ධිය සහ ඉන්දීය සාගරය තුළ යුදමය වාතාවරණයක් ඇති කර අදාළ මුහුදු මාර්ග ආර්ථික කටයුතු සඳහා අනාරක්ෂිත තත්ත්වයකට පත්කිරීමයි. මේ අයුරින් චීනය විසින් ආසියානු කලාපය තුළ සිය මුහුදු සේද මාවත ව්‍යාපෘතියට ඇතුළත් කරගැනීමට සිටි රටවල් සහ චීනය අතර උත්සන්න කරවන ලද ගැටුම් හමුවේ මුහුදු සේද මාවත ව්‍යාපෘතිය පසු බෑමකට ලක් වී ඇති බව දැකිය හැකිය. මුහුදු සේද මාවත වෙනුවට මධ්‍යම ආසියාව හරහා යුරෝපයට දිවෙන එක් මාවතක් එක් පථයක් (One Belt One Road)යන ව්‍යාපෘතියට වැඩි අවධානයක් යොමු කිරීමට චීනය තීරණය කර ඇති බවක් පෙනී යයි.
මුහුදු සේදමාවත ව්‍යාපෘතියේ මෙම පසුබෑම විසින් හම්බන්තොට වරායේ අපේක්ෂිත ආර්ථික ක්‍රියාවලිය ආරම්භ වීම සිදු නොවීය. මෙහිදීආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් දරාගැනීමට සිදුව ඇත්තේ ශ්‍රි ලංකාවට පමණක් නොවේ. චීනයටද එකී ව්‍යාපෘතියට සම්බන්ධව සිටි සෙසු රටවලටද එකී පාඩුව දරා ගැනීමට සිදුව තිබේ. එකී ව්‍යාපෘතිය තුළ රාජපක්ෂ පවුල විසින් සිදු කරන ලද මහා පරිමාණ දූෂණ සහ ගසාකෑම් විසින් ව්‍යාපෘතියේ වියදම අනවශ්‍ය අන්දමින් ඉහළ දමන්නට හේතු වී ඇති නමුත් එහි පූර්ණ අසාර්ථකත්වයට බලපා ඇත්තේ චීනයේ 21 වැනි සියවසේ මුහුදු සේද මාර්ගය (21st Century Maritime Silk Road) ව්‍යාපෘතියට එරෙහිව එක්සත් ජනපදය විසින් සිදු කරන ලද කඩාකප්පල්කාරි භූ දේශපාලනික මෙහෙයුම්ය.

ජනතා අරගල “සමනල විප්ලව” බවට පත් කිරීමේ එක්සත් ජනපද උත්සාහයන්

ජූලි චුන්ග්

“සෑම දිනකම ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්මට දායක වන ඇදහිය නොහැකි දක්ෂතාවයන් සහ ආශ්වාදජනක උත්සාහයන් පිළිබඳ උදාහරණ මට සෑම දිනකම දක්නට ලැබේ.”

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග්

ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) 183 වැනි මහා සභා රැස්වීමේදී

2014 දී එක්සත් ජනපද රාජ්‍ යදෙපාර්තුමේන්තුව, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සහ  ජෝරජ් සොරෝස් විසින් යුක්‍රේන රජයට එරෙහිව මෙහෙයවන ලද යුරෝ මයිදාන් කැරැල්ල සම්බන්ධව එක්සත් ජනපද රාජ්‍ය නායකයන් සිය ආශිර්වාදය පලකරමින් කරන ලද විවිධ ප්‍රකාශන සහ නිකුත් කරන ලද නිවේදනත් ජූලි චුන්ග් විසින් ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධව කර ඇති ඉහත ප්‍රකාශයත් අතර ඇති සමානතාව තුළ ඓතිහාසික අහම්බයකට වැඩි මනත් දෙයක් ගැබ්ව පවතී. ස්වකීය අධිරාජ්‍යවාදි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමෙහිලා බාධාවක් වන කිසිදු ජනතා නැගිටීමක් සම්බන්ධයෙන් එක්සත් ජනපද නායකයන් මෙලෙස ප්‍රශංසා මුඛයෙන් වර්ණනයෙක යෙදෙන්නේ නැත.

ජෝන් මැකේන්

“යුක්‍රේනය විසින් යුරෝපය වඩාත් යහපත් කරනු ඇති අතර යුරෝපය විසින් යුක්‍රේනය වඩාත් යහපත් කරනු ඇත. අපි මෙහි සිටින්නේ ඔබගේ යුක්ති සහගත අරමුණ වන, ඔබගේ ඉරණම ඔබ විසින් නිදහසේ ස්වාධීනව තීන්දු කිරීමට ඔබ සතු සවාධිපත්‍ය සඳහා වන අයිතියට සහාය වීම පිණිසය. ඔබ විසින් ප්‍රාර්ථනා කරන ඉරණම ඇත්තේ යුරෝපය තුළය.”

(2013 දෙසැම්බර් මාසයේදී රිපබ්ලිකන් පාක්ෂික සෙනේට් සභික ජෝන් මැකේන් සහ ඩිමොක්‍රටික් පාක්ෂික සෙනේට් සභික ක්‍රිස් මර්ෆි යුරෝ මයිදාන් කැරැල්ලේ නායකයන් හමුවීමෙන් පසුව එහි රැස්ව සිටි පිරිස අමතා කළ ප්‍රකාශය)

යුක්‍රේනය සහ රුසියානු ෆෙඩරේෂණය කලින් අයත්ව තිබුණේ එකම රාජ්‍යයක් වන සෝවියට්සංගමයටය. 1991 දී එය බිඳී විසිරී යාමෙන් පසුව එයට අයත්ව තිබූ සමූහාණ්ඩු ස්වාධීනත්වය පලකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුක්‍රේනය ස්වාධීන රටක් බවට පත් විය.ඉන් පසුව යුක්‍රේනයේ දිගටම බලයට පත් වූයේ බටහිර ගැති දූෂිත පාලකයන් වන අතර බටහිර සහාය ඇතිව දියත්වුණ මයිදාන් කැරැල්ල මගින් 2014 දී බලයෙන් පළවා හරින ලද යනුකොවිච් ද බටහිර ගැති දූෂිත පාලකයෙකු විය. 2012 වනවිට යුක්‍රේනය උග්‍ර ආර්ථික අර්බුදයක මුහුණ දෙමින් සිටි අතර එය විසින් යුරෝපා සංගමයෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ආධාරයක් ඉල්ලා සිටින ලදි.

මෙම ණය මුදල නිකුත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය එවකට පැවැති යනුකොවිච්ගේ රජය වෙත පනවන ලද කොන්දේසි අතර ලෝකයේ තිරිඟු නිෂ්පාදනය 1%ක් නිෂ්පාදනය කරන යුක්‍රේනයේ වගාබිම් , ගල් අඟුරු සහ ලෝහ පතල්ද ඒවා ආශ්‍රිත කම්හල්ද පුද්ගලීකරණය හරහා යුරෝපීය සහ ඇමෙරිකානු සමාගම් පැවැරීම, යුරෝපා ආනයන සඳහා බදු ඉවත් කිරීම ආදියයි. යනුකොවිච් මෙම ඉල්ලීම් ඉටු කිරීමට පසු බට වූයේ ඔහු ඒවාට මූලධාර්මිකව විරුද්ධ වූ නිසා නොව ඒවාට එරෙහිව පැන නැගිය හැකි ජනතා විරෝධයන් නිසා සිය දේශපාලන බලය දෙදෙරා යතැයි බිය වූ නිසාවෙනි. අනෙත් අතට යුරෝපය සමග බදු නිදහස් ගිවිසුමකට අත්සන් කරන්නේ නම් දැනට රුසියාවත් සමග පවතින බදු නිදහස් ගිවිසුමෙන් යුක්‍රේනය ඉවත්විය යුතු යැයි රුසියාව විසින් දන්වන ලදි. මෙය දේශපාලන ඉල්ලීමකට වඩා රුසියානු වෙළෙඳ පොළට යුක්‍රේනය හරහා යුරෝපා නිෂ්පාදන බදුවලින් තොරව පැමිණීම වැළැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද ආර්ථිකමය ඉල්ලීමක් විය.

කෙසේ වුව ද යුරෝපය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය කොන්දේසි ඉටුකරන තෙක් ණය ගෙවීම පමා කළ අතර අවසානයේ යුක්‍රේනයේ උත්සන්නවන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වීමෙන් වැළැක්වීම සඳහා රුසියාව ඉතා සහන කොන්දේසි යටතේ ඩොලර් බිලියන කීපයක ණය ලබා දීමට එකඟවිය. යනුකොවිච්ට මෙය පිළිගැනීම හැර අන් විකල්පයක් නොවීය. එහිදී යුරෝපා සංගමය විසින් ප්‍රකාශ කළේ යුක්‍රේනයට යුරෝපා සංගමයට එක්වීමට අවශ්‍ය නම් රුසියාව සමග වන ආර්ථික සම්බන්ධකම් අත්හැර දමන ලෙසය. එම ප්‍රකාශයට සමාන්තර ලෙස ජෝර් සෝරෝස් සහ එක්සත් ජනපද රාජ්‍ය දේපාර්තුමේන්තුව වැනි බටහිර ආයතන විසින් පුහුණු කරන ලද සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයන් හරහා යුරෝපා සංගමයට එක්වන ලෙස බලකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කෙරිණි. එමෙන්ම එක්සත් ජනපදය සහ කැනඩාව විසින් පුහුණු කරන ලද නවනාසිවාදි කණ්ඩායම්ද මෙම අරගලයට අවතීර්ණ වීමත් සමගම එය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත් අතර අවසානයේ යනුකොවිච්ට රට අතහැර පලා යාමට සිදු විය.

මෙලෙස එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල අනුග්‍රහයෙන් ස්ථාපිත කරන ලද නව රජය දැඩි රුසියානු විරෝධී ස්ථාවරයකට යොමු වූ අතර නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු ජනතාවට එරෙහිව ජාතිවාදි යුද්ධයක් ආරම්භ කරන ලදි. බටහිර අරමුණ වූයේ රුසියාවට එරෙහිව යුක්‍රේනය යුද්ධයකට පොළඹවා රුසියාව ආර්ථිකමය, මිලිටරිමය සහ දේශපාලන වශයෙන් දුර්වල කිරීම මිසෙකයුක්‍රේනය වෙත සෞභාග්‍යය ගෙන ඒම නොවේ. දැන් සිදු වෙමින් පවතින්නේ කුමක්ද ? බටහිර අවශ්‍යතාවන් ඉටු කිරිම පිණිස යුක්‍රේනය විසින් දියත් කරන ලද උග්‍ර රුසියන් විරෝධී පිළිවෙත් හේතුවෙන් රුසියාව සමග මිලිටරිමය ගැටුමකට මුහුණ දීමට යුක්‍රේනයට සිදු වීමය. ජෝන් මැකේන් විසින් මවන ලද පාරාදීසය වෙනුවට යුක්‍රේනය දැන් යුද්ධයෙන් විනාශ වූ අපායක් බවට පත් වී තිබේ. අවසාන යුක්‍රේනියානුවා දක්වා රුසියාවට එරෙහිව සටන් කිරීමට යොමුකරන බටහිර පිළිවෙත හේතුවෙන් ජීවිත ලක්ෂයකට ආසන්න යුක්‍රේනියානු තරුණ පිරිස්වලට ජීවිත අහිමි වී තිබේ. නැතහොත් සදහටම ආබාධිත වී ඇත.
එක්සත් ජනපදය විසින් මේ මොහොතේ ලාංකීය ජනතා උද්ඝෝෂණ ව්‍යාපාරය තමන්ගේ භූ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් මෙහෙයවීමට උත්සාහ දරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් විසින් මෙහෙයවන ඇතැම් කණ්ඩායම් ද “වැඩට බැස ” තිබේ. එම කණ්ඩායම් සහ ඔවුන්ගේ උවමනාවන් හඳුනාගැනීම මෙම අරගලයේ නිරතව සිටින අව්‍යාජ කොටස්වල දේශපාලන වගකීමක් වනු ඇත. නිදහස,සාමය සහ සමාජ සාධාරණත්වය උදෙසා අව්‍යාජ පීඩිත සමාජ පන්තීන් විසින් දියත් කර ඇති අරගලයත් එක්සත් ජනපදයේ අරමුණු සහ වැඩපිළිවෙළත් එකිනෙකට මුළුමණින්ම ප්‍රතිවිරුද්ධය.මෙම අරගලය තුළ මෙරට කම්කරු, ගොවි,සිසු ඉල්ලීම් මෙන්ම දෙමළ ජනයාගේ ජාතික ස්වයංතීරණ අයිතිය සඳහා වන ඉල්ලීමද සෙසු පීඩිත සමාජ ස්ථරයන්ගේ ඉල්ලීම් ද නියෝජන නොවන්නේ නම් අවසානයේදී ලංකාවේ ජනතාවට නතරවීමට සිදුවනු ඇත්තේ යළි කෙදිනකවත් ගොඩ ඒමට නොහැකි ප්‍රපාතයකට ඇද වැටීමය.

එක්සත් ජනපද තානාපතිනියගේ උපදෙස්

ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) 183 වැනි මහා සභා රැස්වීම අමතමින් එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මෙසේ යෝජනා කරයි.

“පළමුව ණය අර්බුදය විසඳිය යුතුයි.  IMF වෙත ගොස් ණය සහ නීති උපදේශකයින් බඳවා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අපි සාදරයෙන් පිළිගනිමු.  ඒවා ධනාත්මක පියවර වේ. එහෙත් ශ්‍රී ලංකාව නැවත තිරසාර ආර්ථික වර්ධනයක් කරා ගෙන ඒම සඳහා කළ යුතු තවත් බොහෝ දේ ඇත. සාකච්ඡා සාර්ථක වුවහොත් මෙය ශ්‍රී ලංකාවේ 17 වැනි IMF පැකේජය වනු ඇත. එය අන්තිම එක බව සහතික කර ගනිමු. ශ්‍රී ලංකාව අනුගමනය කරන ප‍්‍රතිසංස්කරණ පියවරයන් මගින් මෙම අර්බුදයේ මූල හේතුවලට විසඳුම් සෙවීමට අවශ්‍ය වන අතර එමඟින් රට අවසානයේ සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ යහපත සඳහා යහපාලනය සහ විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් ඇතුළත් කල්පවත්නා සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය.”

රාජ්‍ය තාන්ත්‍රික වදන්වලින් වසා ඇති තානාපතිනියගේ මෙම යෝජනාවන් තුළ ශ්‍රි ලාංකික ජනයාගේ අනාගත වහල් බව පිළිබඳව ලියැවී තිබේ.
සිය තනතුර අතහැර පලායාමට පෙර ගෝඨාභය රාජපක්ෂ විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ බලකිරීම මත ජාත්‍යන්තර ණය හිමියන් වෙත ලංකා රජය විසින් ගෙවිය යුතු ණය සහ වාරික ගෙවිය නොහැකි යැයි සඳහන් කරමින් රට බංකොළොත් බව ප්‍රකාශ කළේ ඔවුන්ට ලංකාවේ ස්වෛරීත්වය පාවාදෙමිනි.
යම් කිසිවෙකු සිය අසල්වැසියන් වෙත අසීමාන්තික ලෙස ණය වී අවසානයේ එම ණය සහ පොලිය ගෙවීමට තමන්ට තවදුරටත් නොහැකි බව පැවසුවහොත් ණය හිමියාට ඔහුට විරුද්ධව උසාවි ගොස් ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කිරීමේ අයිතිය තිබේ.
නමුත් කිසියම් රටක් තමන් ලබාගත් ස්වෛරී ණය ගෙවීමට නොහැකි ලෙස තමන් බංකොළොත් වී ඇතැයි ප්‍රකාශ කළහොත් එම රටට එරෙහිව අධිකරණයට යාමට ණය ලබාදුන් අනෙක් රාජ්‍යයන්ට හෝ පුද්ගලික මුල්‍ය සමාගම්වලට නොහැකිය. නමුත් ඒ සඳහා බලකෙරෙන වෙනත් යාන්ත්‍රණයන් තිබේ. එකී යාන්ත්‍රණයන් අතර අදාළ රටට ණය ලබාදීමට වෙනත් වෙළෙඳ ගනුදෙනු කිරීමට නුසුදු අසාධු ලේඛනයකට ඇතළත් කිරීම, ආර්ථික සම්බාධක සහ මිලිටරිමය මැදිහත් වීම් ආදි නීත්‍යානුකූල නොවන ක්‍රියාමාර්ග එවැනි රටකට එරෙහිව ගැනීමට තර්ජනයක් එල්ල කරනු ලැබේ.මේ අනුව ණයකරු විසින් සිය බංකොළොත් බව ප්‍රකාශ කිරීම මගින් සිදුවන්නේ ණය හිමියා වෙත විශාල අධිකාරයක් පවරා දීමකි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අත්සන් තැබෙන ගිවිසුම වූ කලී ණය ගන්නා අවස්ථාවේදී නොතිබූ අධිකාරයක් ණය හිමියාට ලබා දෙන ගිවිසුමකි. මෙහි තේරුම වන්නේ ලංකාවේ රාජ්‍ය ආයතන, සහ ස්වාභාවික සම්පත්වලට නොනිල අයිතියක් ණය ලබාදුන් ආයතන සහ රටවලට හිමිවන බවය. නමුත් ඒ සඳහා ණය ලබාදීමේදී අත්සන් කරන ලද කොන්දේසිවල සඳහන් නොවේ නම් එය දෙපාර්ශ්වය විසින් නැවත සාකච්ඡා කොට විසඳාගත හැකි ප්‍රශ්නයක් ලෙස සැළකේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු එයයි. එනම් ණයකරු විසින් ණය හිමියා වෙත සිය දේපොල සහ නිදහස යටත් කිරීමේ ගිවිසුමයි.

පිලිපීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය

ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට පිලිපීනයේ බටාන් න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධ සිදුවීම අධ්‍යයනය කිරීමෙන් හැකිවනු ඇත.

පිලිපීනයේ මැනිලා නගරයේ කසළ කන්ද අසල ඇති පැල්පත් නගරයේ ජීවත්වන ළමුන් පිරිසක්/ සේයා රූ Wazzup Pilipinas

1974 දී පිලිපීනයේ හිටපු ඒකාධිපති පර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ දූෂිත පාලනය තුළ පිලිපීන රජය සහ ඇමෙරිකාවේ වෙස්ටින්හවුස් සමාගම (Westinghouse) පිලිපීනයේ මැනිලා නගරයට නුදුරු බටාන් පලාතේ න්‍යෂ්ටික බලාගාරයක් ඇති කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදි. මෙම පලාත භූමිකම්පාවලින් ගහණ පෙදෙසක් වූ අතර එය එවැනි දැවැන්ත අනතුරුදායක ව්‍යාපෘතියක් සඳහා කොහෙත්ම සුදුසු එකක් නොවීය. බලාගාරය ඉදිකිරීමේ කටයුතු සඳහා පිලිපීන රජයට ණය මුදල් ලබාදීමට මැදිහත් වූයේ එවකට ඇමෙරිකානු ආනයන -අපනයන බැංකුවේ සභාපති ව සිටි සහ පසුකලෙක සී.අයි. ඒ. අධ්‍යක්ෂක බවට පත් වූ විලියම් කේසි විසිනි.
1977 දී ජනාධිපති ජීමි කාටර් විසින් එක්සත් ජනපදය තුළ මෙම මාදිලියේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම තහනම් කරන ලද්දේ එහි සැලසුම් දෝෂ හේතුවෙන් මතු වූ අනාරක්ෂිත බව පිළිබඳ වාර්තා නිසාය. විලියම් කේසි සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව මේ තත්ත්වය දැන සිටි නමුත් ඔවුහු පිලිපීනය වැනි තුන්වන ලෝකයේ රටවල් තුළ මෙම මාදිලියේ බලාගාර ඉදිකිරීම් නතර කිරීමට කටයුතු කළේ නැත. ජනතාගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි න්‍යෂ්ටික බලාගාරයේ බලපෑමත් භූමිකම්පා වලින් මතුවන අනාරක්ෂිත තත්වයත් පිළිබඳව සෙවීමට කොමිසමක් පත් කිරීමට රජයට සිදු වූ අතර කොමිසම විසින් එහි අනාරක්ෂිත බව තහවුරු කරන ලදි.  නමුත් ඇමෙරිකන් සමාගම සහ පිලිපීන රජය විසින් ඉදිකිරීම් කටයුතු දිගටම සිදු කරගෙන යන ලදි.  ආරම්භයේදී වෙස්ටින්හවුස් සමාගම සිය ඇස්තමේන්තු ගත මිල ලෙස ප්‍රකාශ කළේ ඩොලර් මිලියන 500ක් නමුත් 1984 දී එය නිමාවන විට මේ සඳහා ජනාධිපති මාකෝස් විසින් ඇමෙරිකන් ඩොලර් බිලියන 2.3ක් එක්සත් ජනපද රජයේ මැදිහත් වීම ද සහිතව ඇමෙරිකානු බැංකුවලින් ලබාගෙන තිබිණි.  1986 දී මාකෝස්ව බලයෙන් නෙරපා දැමුණ අතර ජනාධිපතිනි කොරසාන් අකීනෝ විසින් බලාගාරයේ කටයුතු නතර කරන ලදි. පසුව ඇගේ රජය විසින් වෙස්ටින්හවුස් සමාගමට එරෙහිව නඩු පවරන ලදි. මේ සමස්ත බලාගාර ව්‍යාපෘතියම දූෂණය සහ වංචාවලින් පිරීගිය එකක් බවට සාක්ෂි ඉදිරිපත් වූ අතර ඇමෙරිකන් රජයේ බලපෑම පිට නඩුව සමතයකට පත් කිරීමට පිලිපීන රජය එකඟවිය. ඒ අනුව වෙස්ටින් හවුස් සමාගම පිලිපීන රජයට ඩොලර් මිලියන 100ක වන්දියක් ගෙවීමට නියමිත වූ අතර බලාගාරය නැවත සක්‍රිය කිරීම සඳහා මුලින් එයට විරෝධය පාමින් නවත්වන ලද අක්වීනෝගේ රජය විසින් වෙස්ටිංග්ස් සමාගමට ඩොලර් මිලියන 400ක් ගෙවීමට නියමිත විය. මෙම බලාගාරයෙන් එක විදුලි වොට් ඒකකයක් හෝ නිපදවූයේ නැති නමුත් ඒ වෙනුවෙන් ගත් ණය මුදල ඩොලර් බිලියන 3කට වඩා පිලිපීන ජනතාව විසින් ගෙවිය යුතු විය.

තමන් බලයට පැමිණි පසු මේ ණය බර අහෝසි කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය ආයතනය සහ ලෝක බැංකුව සමග දැඩි ස්ථාවරයක් මත පදනම්ව සාකච්ඡා කරන බව කොරසෝන් අකීනෝ පැවසුව ද ඇය මූලිකත්වය දෙනු ලැබූවේ බැංකුවල ණය සහ පොළිය ගෙවීමටය. ඇය බලයට පැමිණෙන විට අන්ත දුගීභාවයෙන් පෙළෙන ජනතාවගේ ප්‍රතිශතය 60%ක් වූ අතර වසර කීපයකින් එය 70% දක්වා වර්ධනය වී තිබේ.  ණය සහ පොලිය සඳහා පිලිපීනයට දිනකට ඩොලර් මිලියන 6කට වඩා ගෙවීමට සිදු විය.

සිය IMF & World Bank are weapons of war නම් වාර්තා චිත්‍රපටය තුළ ජෝන් පිල්ජර් ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයටත් වෙනත් බටහිර බැංකුවලටත් ණය සහ පොලිය ගෙවීම සඳහා ජාතික ආදායම වැය කරමින් සමාජ සුබසාධනය සහ අත්‍යවශ්‍ය මහජන සේවා සඳහා වන වියදම් කපා හැර ඇති පිලිපීනයේ දිළිඳු ජනයාගේ ඉරණම මෙසේ විස්තර කරයි.

මේ එඩීය.ඔහුගේ වයස අවුරුදු 32කි. බුද්ධිමත් විනීත මිනිසෙක් වන ඔහු හමුවේ තෝරාගැනීම් දෙකක් තිබේ. එක්කෝ ඔහු විසින් මේ කුණු කසල කන්ද පීරමින් වීදුරු කැබැල්ලක්, ටින් එකක් හෝ ප්ලාස්ටික් කැබැල්ලක් අහුලමින් සිය ජීවිකාව සොයා ගත යුතුව ඇත. නැතහොත් ඔහුගේ පවුලට හාමතේ සිටීමට ඉඩහැරිය යුතුය.  දුමාරයේ දුගන්ධය සහ වර්ෂාව මෙහි සදාකාලිකය. මෙහි අන් ශබ්ද පරයා නැගෙන ශබ්ද දෙකක් පවතී. එකක් නම් කුණු ගෙන එන ට්‍රක් රථවල හඬ සහ අලුතෙන් පැමිණි ට්‍රක්රථයෙන් ගෙන ආ කුණු කසළ අවුස්සන ළමුන් කහින හඬය.

මෙම දුම් දමන කුණු කසල කන්ද සිය ජීවනෝපාය බවට පත් කරගත් 20000ක් පමණ පිලිපීන ජනතාව ඒ මත ජීවත් වෙති. නවීන දුගීභාවයේ සුන්බුන් අහුලමින් ජීවත්වන්නෝ ඔවුහු වෙති. උග්‍රවන ණය බර හමුවේ දිළිඳු බව තුළ ගිලී යන බොහෝ රටවල ජනතාවගේ ජීවන තත්ත්වයන් පිළිබඳ ඔවුහු ජීවමාන නිදසුන් වෙති.  ඔවුන්ට ජීවත්වීමට සිදුව ඇති ආකාරය පිළිබඳ තීරණය කරන්නේ දුප්පත් බවින් කුණු කසල කඳුවලින් බොහෝ දුර ඈත සිටින්නවුන් විසිනි.  ඔවුන්ව නිර්මාණය කර ඇත්තේ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයන් ලෙස නූතන දුරවබෝධී ශබ්දකෝෂවලින් විස්තර කෙරෙන පැරණි වර්ගයේ භාවිතාවන් විසිනි.  මෙහි තේරුම ලාභ ශ්‍රමය විසින් විදේශ ආයෝජනයන් සහ අපනයන නිෂ්පාදන ආකර්ෂණය කිරීමට සහ ගනු ලැබූ ණය නැවත ගෙවීමට හැකිවන පරිදි ආර්ථිකය නැවැත හැඩගස්වන්නේත් පාලනය කරන්නේත් බාහිර බලවේග විසින් බවය. පාසල්, රෝහල්, සහ පානීය ජලය වැනි ලාභ නොලබන මහජන සේවාවන් සඳහා වියදම් කපාහරිමින් ප්‍රති ව්‍යුහගත කරන ලද ණය ගෙවමින් සිටින ආර්ථිකයක් තුළ මෙම ජනතාවට සිය ජීවිතය රැක ගැනීම සඳහා කුණුකසල ඇහිලීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවල නිරත වන බැවින්, සියලුම ණය හිමියන්ට සාධාරණව හා සංසන්දනාත්මකව සැලකීම අතිශයින් තීරණාත්මක යැයි ද ඇමෙරිකන් තානාපතිනිය පවසයි.

මෙහි තේරුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන පැකේජයෙන් අති විශාල ප්‍රතිශතයක් සියලු ණය හිමියන් වෙත බෙදාහැරිය යුතු බව සහ ණය මුදල්වලට හිලවු ලෙස ජාතික සම්පත් මෙම ජාත්‍යන්තර මුල්‍ය සමාගම් හෝ ඒවායේ ඒජන්ත සමාගම්වලට පවරන්නේ නම් එය සියලු ණය හිමි ආයතන අතර සමානව බෙදා හැරිය යුතු බවය.හොරු රංචුවක් විසින් යමෙකු සතු සියලු ධනය කොල්ලකා එය හොරු රංචුව අතර සමානව බෙදා හරින ලෙස කොල්ලයට ගොදුරු වූ පුද්ගලයා වෙතම බල කිරීම මීට වඩා බෙහෙවින් ශිෂ්ට සම්පන්නය.

“සාමය සහ ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යය, සැමගේ මානව හිමිකම්වලට ගරු කිරීම, සමාන නියෝජනයක් සහ විනිවිදභාවයෙන් යුත් රජයක් වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කළ යුතුය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බිඳ වැටෙන විට, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ ස්වාධීන පුවත්පත් විසින් මේ රටේ නායකත්වය සහ භාරකාරත්වය සම්බන්ධයෙන් රජයේ වග වීම තහවුරු කළ යුතුය.

ශ්‍රි ලංකා ජනතාවගේ මානව සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් ඇමෙරිකන් තානාපතිනිය හෝ වෙනත් කවරෙකු පෙනී සිටීම නරක දෙයක් නොවේ. නමුත් ජූලියන් අසාංජ් සිරගත කළ, ළමා ළපටින්ද ඇතුළුව ඉරාකයේ ජනයා මිලියනයක් සංහාරය කළ, දෙවන ලෝක යුද්ධයෙන් පසු අඩු තරමින් සෑම වසරකට වරක්ම නව යුද්ධයක් ආරම්භ කරමින් කිවනොහැකි තරම් මිනිස් ජීවිත සහ දේපොළ විනාශ කළ , ඇෆ්ගනිස්ථානයේත් ඉරාකයේත් සිවිල් ජනයා සංහාරය කළ ඇමෙරිකන් සොල්දාදුවන්ට දණ්ඩ මුක්තිය ලබාදුන් එක්සත් ජනපදයට මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් කරන අරගලයේ සටන්පාඨ මෙතරම් ලාභ අන්දමට ගසාකෑමට අවස්ථාව ලබා දෙමින් බාලාංශ ළමුන් පිරිසක් මෙන් හිස වනමින් අනුමත කිරීම මහපාරට බැස විරෝධය දැක් වූ  සටන්කාමිත්වය සහ ආත්ම ගෞරවය සමග පෑහෙන දෙයක් නොවන බව පැවසිය යුතුය.

මේ ඇමෙරිකන් තානාපතිනියගේ තවත් නිර්දේශයකි.

තෙවනුව, පුද්ගලික අංශයේ දියුණුව සඳහා ව්‍යාපාරික පරිසරය සහ ආයෝජන රාමු පරිසරය වැඩිදියුණු කළ යුතුය. ආයෝජකයින් ශ්‍රී ලංකාවේ අවස්ථා සොයමින් රටට අත්‍යවශ්‍ය විදේශ ප්‍රාග්ධනය ගෙන්වා ගන්නා විට රතු පටි (එනම් නිලධාරීවාදී බාධක) අඩුකර ඔවුන්ට අසාධාරණ බාධාවක් ඇති නොවීමට වගබලා ගැනීම වැදගත්ය.

මෙම කොන්දේසිය අනුව දැනට විදේශිය සමාගම් වලට පවරා දීමට එකඟව ඇති ක්ෂේත්‍රයන් වල පූර්ණ ආධිපත්‍යය එකී සමාගම්වලට හිමිවනු ඇත. මෙහි සැබෑ අර්ථය රටේ ඉඩම් අයිතිය, හෝ සවාභාවික සම්පත් පිළිබඳ නීතිරීති සහ ප්‍රමුඛතාවන් මුළුමණින්ම නොසළකා හැර ඒවා රිසි සේ කොල්ලකන්නට සමාගම් වලට ඉඩහළ යුතු බවයි. පවත්නා ආහාර නිෂ්පාදන ක්‍රම වැඩිවන ජනගහනය සඳහා ප්‍රමාණවත් නොවන්නේ යැයි යන තර්කය මත අප්‍රිකාවේදී රොකෆෙලර් සහ බිල්ගේට්ස් විසින් සිදු කරමින් සිටින පරිදි සහ දැන් නෙදර්ලන්තයේ ලෝක ආර්ථික සංසදය විසින් ආරම්භ කර ඇති පරිදි වඩාත් කාර්යක්ෂ්ම ඵලදායි පරිසර හිතවාදි කෘෂි නිෂ්පාදනයක් සඳහා යැයි කියමින් කෘෂිකාර්මික ඉඩම්, ජලාශ සහ වාරිමාර්ග පද්ධතිය, බීජ නිෂ්පාදනය ආදිය සමාගම්වලට පැවරෙනු ඇත. රටක ආහාර නිෂ්පාදනයේ ඒකාධිකාරය අධිරාජ්‍යවාදි බහුජාතික සමාගම් විසින් හිමිකරගත් පසුව එම රටේ නිදහස සහ මානව හිමිකම් පිළිබඳව කතා කිරීම හුදු වාගාලාපයක් පමණක් වනු ඇත. බැංකු, වරාය, රෝහල් පද්ධති, උසස් අධ්‍යාපනය යනාදිය මින් පෙර නොවූ විරූ අධිපතිවාදි බලයක් යොදමින් සමාගම්කරණයට ලක්වනු ඇත.

හරිත තාක්‍ෂණය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීමට ශ්‍රී ලංකාව මේ මොහොත ප්‍රයෝජනයට ගත යුතුයැයිද තානාපතිනිය පවසා තිබේ.

මෙහි තේරුම ස්වකීය බලශක්ති අවශ්‍යතා සඳහා ඛණිජ තෙල් හෝ ගෑස් භාවිතා නොකළ යුතු බවය. මේ අනුව රුසියාව හෝ වෙනත් රටකින් කවර සහන මිලකට හෝ ඉන්ධන මිලදී ගැනීමට අවස්ථාවක් එළැඹුනද එය සිදු නොකළ යුතුය. මෙම කොන්දේසිය සඳහා ශ්‍රි ලංකා රජය දැනටමත් එකඟ වී තිබේ. රුසියාව විසින් මේ අර්බුදකාරි අවස්ථාවේදී සහන මිලට තෙල් සැපයීමට එකඟවුව ද ලංකා ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ නියෝගවලට අවනත වෙමිනි. මේ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය මුදල් පැකේජය ශ්‍රි ලංකාව වෙත නිකුත් කළ පසුවුව ද ශ්‍රි ලංකාවේ වර්තමාන ගෑස් සහ තෙල් හිඟය නිමා නොවනු ඇත. යමෙකුට මේ ගැන සැකයක් ඇත්නම් කළ යුත්තේ දැනට යුරෝපය තුළ ආරම්භ වෙමින් පවතින බලශක්ති අර්බුදය පිළිබඳ විමසා බැලීමය.

ඇමෙරිකානු තානාපතිනිය විසින් නිර්දේශ කරන මේ පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම සිදුවනු ඇත්තේ කෙලෙසකද? ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හෝ සම්පත් නොමැති ශ්‍රි ලංකාව වැනි රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත ක්ෂණිකව මාරුවීමට යාමෙන් සිදුවන්නේ ඉදිරියේදී ණයට ගනුලබන මුදලුත් ඒ සඳහා වියදම් කර ලොකු අමාරුවක වැටීම පමණකි. දැනට කලෙක සිටම අදාළ විවිධ ව්‍යාපෘති දියත් කරමින් පුනර්ජනනීය ඉන්ධන පිළිබඳව මහා ඝෝෂාවක් නගන තාක්ෂණික වශයෙන් දියුණු යුරෝපය සහ ඇමෙරිකාව තුළ පවා මේ වන විට බලශක්ති අර්බුදයක් ඇතිවෙමින් පවතින්නේ යුක්‍රේනයේ යුද්ධය හේතුවක් කර ගනිමින් රුසියාවේ ගෑස් සහ තෙල්වලට එරෙහිව සම්බාධක පැනවීමේදී මත වූ බලශක්ති හිඟය පියවීමට ඔවුන්ගේ ඊනියා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට නොහැකි වූ නිසාය. එක්සත් ජනපද යුරෝපීය නායකයන් මේ දිනවල සවුදි අරාබිය, කටාර්, ඕමාන්, නයිජීරියාව වැනි රටවල නායකයන් බැහැදකිමින් එම රටවල ඉන්ධන නිෂ්පාදනය වැඩි කරන ලෙස ආයාචනා කිරීමට සිදුව ඇත්තේ එනිසාය. මේ වනවිට යුරෝපය ස්වාභාවික ගෑස්වලටත් වඩා කාබන් විමෝචනය කරන ගල් අඟුරු භාවිතය ද යළි ඇරඹීමට සුදානම්ව සිටී.

ලාභ රුසියානු තෙල් සහ ගෑස් මිලදී නොගන්නා ලෙස ශ්‍රි ලංකා රජයට බලකරන ඇමෙරිකාව නියෝජනය කරන මේ තානාපතිනිය පුනර්ජනනීය බලශක්තියට මාරුවන ලෙස උපදෙස් දෙන්නේ ඇයි? එයට හේතුවක් තිබේ. ඒ එක්සත් ජනපදයේ බලගතු මුල්‍ය සමාගම් ඇතුළු සමාගම් සහ ධනපතියන් රැසක් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර එවායින් ලාභ ලැබීමට නම් තම නිෂ්පාදනවල කාර්යක්ෂ්මතාව කුමක් වුව ද ඒවා සඳහා වෙළඳපොළක් බලහත්කාරයෙන් නිර්මාණය කර ගනු සඳහාය. ආර්ථික ආගාධයේ පත්ලේ සිටින ශ්‍රි ලංකාව වැනි රටවල් ප්‍රමුඛත්වය දිය යුතු කරුණු පසෙක තිබියදී මෙවැනි ව්‍යාපෘතිවලට ණයට ගනු ලබන මුදල් සහ ජාතික ආදායම වෙන්කිරීමෙන් තව තවත් ණය උගුලේ සිරවනු හැරෙන්නට වෙනත් ඉරණමක් හිමි නොවනු ඇත.

ශ්‍රි ලංකාවේ විශාලතම ණය හිමියෙකු වන බ්ලැක් රොක් සමාගම 2021 වනවිට එහි ගෝලීය පුනර්ජනන බලශක්ති අරමුදල තුළ ඩොලර් බිලියන 4.8ක් ආයෝජනය කර තිබිණි. එම සමාගම විසින් මේ දක්වා සූර්ය සහ සුළං බලශක්තිය සහ වෙනත් දේශගුණික අධෝව්‍යුහයන් සඳහා වන ව්‍යාපෘති 400ක් තුළ ඩොලර් බිලියන 9.7ක් ආයෝජනය කර තිබේ.

ප්‍රෝඩාකාරි කොවිඩ්-19 වසංගතයට එරෙහිව යැයි කියමින් සිදු කළ එන්නත් නිෂ්පාදන ජාවාරම මෙන්ම මේ වනවිට ලෝකයේ කූට මුල්‍ය ධනපතියන් සහ සමාගම්වල අවධානය යොමුව ඇති ක්ෂේත්‍රය මේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයයි. ලෝකයේ සුපිරිම ධනපතියෙකු සහ කූට මූල්‍ය ජාවාරම්කාරයෙකු වන ජෝර්ජ් සෝරෝස් විසින් මේ වනවිට බිලියන 20කට ආසන්න මුදලක් විදුලි මෝටර් රථ, සහ කාර්යක්ෂ්ම බැටරි නිෂ්පාදනය සඳහා ආයෝජනය කර තිබේ. මෙම නව නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා අමුද්‍රව්‍ය මෙන්ම වෙළඳපොළක්ද අවශ්‍යය. ඒ සඳහා ඔවුහු යොදාගනු ලබනුයේ සිය මූල්‍ය සහ දේශපාලනික සහ මිලිටරිමය බලහත්කාරයයි.

එම බලහත්කාරය යොදාගනු ලබන්නේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පිළිබඳ භීතිකාවක් මවමින් පොසිල ඉන්ධන භාවිතයෙන් ලෝකයේ රාජ්‍යයන් බැහැර කරවීමටත් එම රාජ්‍යයන්ගේ භාණ්ඩාගාරවල ඇති මුදල් හෝ ණයට ගනු ලබන මුදල් ඉහත සමාගම්වල නිෂ්පාදන සඳහා වියදම් කිරීමට පෙළැඹවීමටත්ය.

බ්ලැක්රොක් සමාගම ESG investment  හෙවත් පාරිසරික, සමාජීය සහ පාලනය යන මූල්‍යමය නොවන ක්ෂේත්‍රයන් සඳහා ව්‍යාපාරික ආයෝජනය ප්‍රවර්ධනය කරන සහ ඒවාට උපදේශනය සහ කළමණාකරණ සේවා සපයන සමාගමක් ලෙස ද සැළකේ.

බ්ලැක්රොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලැරී ෆින්ක් මෑතකදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ චීනය ඇතුළු ලෝකයේ සියලු ධනවත් රටවල් වාර්ෂිකව ඩොලර් බිලියන 100ක ආධාර සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික ගැටළු විසඳාගැනීම සඳහා ලබාදිය යුතු බවයි. ඔහු විසින් තක්සේරු කර තිබුණේ සංවර්ධනය වෙමින් පවතින රටවල නිර්-කාබනීකරණය සඳහාඅවශ්‍ය තාක්ෂණය සහ යටිතල පහසුකම් සංවර්ධනයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියනයක් ආයෝජනය කළ යුතුව ඇති බවයි. එවිට එම ට්‍රිලියනයට අවශ්‍ය ඉතිරි බිලියන 900 වාර්ෂිකව සපයන්නේ කවුරුන් විසින් ද? ධනවත් රටවල් විසින් ඉහත ඩොලර් බිලියන 100 සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර ලෙස සැපයීමේදී එය ලෝක බැංකුව හරහා සිදු කළ හැකි යැයි ෆින්ක් පවසයි. එවිට එය සංවර්ධනය වෙමින් පවතින රටවල් කරා එන්නේ ණයක් ලෙස මිසක ආධාරයක් ලෙස නොවේ. ඉතිරි බිලියන 900 බ්ලැක්රොක් වැනි ජාත්‍යන්තර ආයතනික ආයෝජකයන්ගෙන් ( overseas institutional investors )ලබා ගනු ඇත. ඒවාද අවසාන වශයෙන් සැපයෙනු ඇත්තේ ණය ලෙස මිසෙක පරිත්‍යාග ලෙස නොවේ.
එවිට අවධානයට ගත යුතු කරුණ වන්නේ දියුණු වෙමින් පවතින රටවල් හෙවත් ණයබරින් පෙළී සිටින දුප්පත් රටවල්වලට මේ ණය ගැනීමට බල කෙරෙනු ඇත්තේ අදාළ රටේ ජනතාව හෝ ආණ්ඩුව විසින් ප්‍රමුඛතාවය දෙන අවශ්‍යතාවන් සඳහා නොව අවසානයේ අති විශාල ලාභ ලැබීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් යෝජනා කරන ව්‍යාපෘතින් තුළ ආයෝජනය කිරීම සඳහාය.
කෙසේ වුව ද පුනර්ජනනීය බලශක්ති ගවේෂණය, සංවර්ධනය සහ භාවිතය ද, විදුලි මෝටර් රථ නිෂ්පාදනයද, දීර්ඝ ආයුකාලයක්, වැඩි කාර්යක්ෂමතාවක් සහිත බැටරි නිෂ්පාදනයද බ්ලැක්රොක් වැනි ජාත්‍යන්තර මුල්‍ය සමාගම්ද, ජෝර්ජ් සොරෝස්, බිල්ගේට්ස් සහ එලන් මුස්ක් වැනි ධනපතියන්ද ඉන්දියාවේ ආදානි සහ අම්බානි වැනි ධනපතියන්ද විශාල වශයෙන් ආයෝජනයකර ඇති ක්ෂේත්‍රයකි.යුරෝපා සංගමය මෑතකදී පුනර්ජනනීය බලශක්ති පිළිබඳ කටයුතු සංවර්ධනය සඳහා යුරෝ බිලියන 300ක් වෙන් කරන ලදි. මේ මුදල් වූකලී බ්ලැක්රොක් වැනි සමාගම්වල ආදායම් මාර්ග ලෙස සැළකිය යුතුය‍. ඔවුන්ට දැන් අවශ්‍යව ඇත්තේ ලංකාව වැනි රටවල් ඒ සඳහා අමුද්‍රව්‍ය සහ වෙළෙඳපොළ සපයන රටවල් බවට පත් කිරීමටය. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ මේ රටවල ණයගැති බවයි. ඇමෙරිකන් තානාපතිනි යගේ පුනර්ජනනීය ඉන්ධන පිළිබඳ අදහස සේවය කරන්නේ ඔවුන්ටම මිසෙක කුසට අහරක් නැති අපේ රට වැනි රටවල ජනයාට නොවේ.

ඇමෙරිකන් තානාපතිනියගේ තවත් උපදේශයක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන ආ යුතු බවයි.

මෙහි දී ඇය විසින් උපදෙස් දෙනු ලබන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට නොව එය “ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට” බව අවධානයට ලක් කළ යුතුය. එය උසස් කළ යුත්තේ ඇමෙරිකන් හමුදා විසින් ඉරාකයේ පවත්වාගෙන ගිය අබු ග්‍රාබ් වධකාගාර මට්ටමට ද නැතහොත් ගුවාන්තනාමෝ මට්ටමටදැයි සඳහන් කිරීමට ඇමෙරිකන් තානාපතිනියට සඳහන් කිරීමට අමතක වීම කණගාටුදායකය.

දැන් ලංකාව වැනි රටවලට මුහුණ පෑමට සිදුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය බටහිර අධිරාජ්‍යවාදය විසින් සැලසුම් සහගතව සමස්ත මානව සංහතියටම එරෙහිව දියත් කර ඇති කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙළක ප්‍රතිඵලයකි. ගෝඨාභය රාජපක්ෂ යනු ඒ කුමන්ත්‍රණය ලාංකීය පොළොව මත දියත් කිරීම සඳහා යොදාගත් ආයුධයයි. එය ඉවත් කිරීමෙන් පමණක් අධිරාජ්‍යවාදය දියත් කර ඇති මේ බිහිසුණු කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාකවලින් ගැලවීමට හැකි වේ යැයි යමෙකු සිතන්නේ නම් එය බරපතල මුලාවක් වනු ඇත. මක් නිසාද යත් ගෝඨා නමැති උපකරණය මගින් තවදුරටත් තමන්ට අවශ්‍ය කටයුතු ඉටුකරවාගැනීම නොහැකි බව වටහාගෙන ඇති අධිරාජ්‍යවාදින් විසින්ම දැන් එය ඉවත් කිරීමට තීරණය කර තිබෙන බැවිනි. මේ මොහොතේ ලංකාව තුළ සිදුවන අවාසානාවන්තම දෙය නම් අධිරාජ්‍යවාදින් විසින් ඊළඟට භාවිතා කිරීමට සුදානම් කිරීමට නියමිත අවිය මුවහත් තබමින් සිටින්නේ එයින් මස්වීමට නියමිත අසරණයන් විසින්ම වීමය.

ප්‍රෝඩාකාරි කොරෝනා භීෂණය නැවතත්

පසුගිය කාලයේ කොරෝනා ප්‍රෝඩාව පිටුපස සිටි ජාතික සහ ජාත්‍යන්තර බලවේග මේ වනවිට නැවතත් ලාංකීය සමාජ මත කොරෝනා භීෂණය පැටවීමට කෘෘර සහ නින්දිත වෑයමක නිරතව සිටිති. මෙය සිදුවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රි ලංකා රජය අත්සන් තබන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි වල ප්‍රතිඵලයක් ලෙස දැයි නොදනිමු.  මෙම කොරෝනා භීෂණය නැවත වතාවක් මතු කිරීම යම් යම් බලවේගවලට අවශ්‍යව ඇත්තේ මන්ද?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි ඉටු කිරීමේදී ශ්‍රි ලංකාවේ ජනතාව මීටත් වඩා ආර්ථිකමය වශයෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්වනු ඇත. මෙම ප්‍රතිව්‍යුහගතකරණයේදී කෘෂිකාර්මික ඉඩකඩම් සහ වාරිමාර්ග පද්ධතිය, එප්පාවල පොස්පේට් නිධිය, වරායන් සහ ස්වාභාවික සම්පත් බහුජාතික සමාගම්වලට පැවැරීමට නියමිතය. එහිදී මතුවන ජනතා විරෝධය යටපත් කිරීමට සඳහා දැන් පවත්නා හදිසි නීතියට අමතරව නිරෝධායන ඇඳිරි නීති යොදාගැනීමේ අරමුණෙන් මෙම කොරෝනා භීෂණය නැවත මතු කරමින් ඇතැයි අනුමාන කළ හැකිය.

කෙසේ වුව ද එක් දෙයක් තේරුම්ගත යුතුව තිබේ. දැනට ලංකාව තුළ සිදුවන ඇතැම් සංසිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුත්තේ “ගුප්ත” බාහිර බලවේගයන් වන බවය. රනිල් වික්‍රමසිංහගේ නව පාලනය සහ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් අතර පවතින බවට පෙනී යන විරසකය වඩාත් ගැඹුරු යථාර්ථයක් නම් ඔහුව “චෙක්මේට්” කරනු සඳහා කොරෝනා වසංගත භීතිකාව නැවැත මතු කරමින් ආර්ථිකය තව දුරටත් බිඳ දැමීම බටහිර බලවේගවල අරමුණ විය හැකිය.

අනෙක් පැත්තෙන් රාජපක්ෂලා බලයෙන් නෙරපා හැරීමට හේතු වූ ආර්ථික අර්බුදයෙන් බැට කෑ ජනතා විරෝධය රනිල් වික්‍රමසිංහ වෙත ද එල්ලවෙමින් පවතින අතර එම විරෝධතා යටපත් කිරීමට සඳහා ද  මෙම කොරෝනා භීතිකාව සහ නිරෝධායන නීති ඔහු විසින්ද උපක්‍රමිකව යොදාගැනීමට ඉඩ තිබේ. එමෙන්ම දැනට බටහිරෙන් මතුව ඇති යම් විරෝධයක් වේ නම් එය සමනය කරගනු වස් කොවිඩ්-19  ආඛ්‍යානය පිළිගැනීම මගින් තමන් “හොඳ කීකරු ළමයෙකු”බව ඔප්පු කිරීම සඳහා ද ඔහු මෙම ප්‍රෝඩාව සමග ගමන් කිරීමට ඉඩ තිබේ. එහෙත් එම තාවකාලික වාසිය සඳහා ඔහු මෙම කොවිඩ්-19 කුමන්ත්‍රණකරුවන් හා යහන්ගත වීමට ගියහොත් අවසානයේ ඔහුටද අත්වනු ඇත්තේ කොරොනා ආඛ්‍යානය සමග යහන්ගත වූ ගෝඨාභය රාජපක්ෂට අත්වූවාක් මෙන්ම ”නිදි යහනේ මරණයකි”

කෙසේ වුව ද ලාංකීය ජනතාව එක් දෙයක් වටහාගත යුතුව තිබේ. එනම් මෙම බොරු කොරෝනා ගෝත කරුමය වටා සෙක්කුවක බැඳි ගොනුන් මෙන් රවුමේ යාම නවත්තන්නට  ඔබ විසින්ම තීරණය කරන තාක් කල් පාලකයන් සහ ඔවුන්ව මෙහෙයවන ජාත්‍යන්තර බලවේග නැවත නැවතත් ඔබට කෙවිටි පහර දෙමින් ඔබගේ ජීවිතය ආර්ථිකමය, සමාජීය සහ සෞඛ්‍යමය වශයෙන් විනාශ කර දමමින් සදාකාලිකව මේ සෙක්කුවට බැඳ ඒ වටා දක්කනු ඇත. එමගින් සමස්ත සමාජයම අවසානයේ නතර වනු ඇත්තේ පූර්ණ වහල්භාවය තුළය.
පසුගිය වසර දෙකහමාර තුළ මෙම බොරු වසංගතයට ඇති අහේතුක බිය නිසා හෝ වෙනත් ආර්ථික ප්‍රතිලාභ මත නිසා හෝ තමන් විසින් සමාජය හමුවේ මවා පෙන්වමින් සිටින විදග්ධ බවට යටින් ඇති මුග්ධ බව නිසා හෝ කොරෝනා ආඛ්‍යානය පිළිගෙන එහි සියලු ප්‍රෝඩාවන් විවෘතව සහ ආවෘතව පෝෂණය කළ ශ්‍රි ලාංකීය වාමාංශිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්,ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ඇඩ්වකේට්වරුන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන්, උගතුන් සහ ස්වයං ප්‍රකාශිත බුද්ධිමතුන් වෙත මතක් කළ යුතුව ඇත්තේ ඔබලා දැනටමත් විශාල විනාශයක් ලාංකීය සමාජය මත සිදු කිරීමට දායක වී ඇති බවය.

මෙය ඒ සමාව දිය නොහැකි වරද නිවැරදි කිරීම සඳහා ඉතිහාසය විසින් ඔබට සහ අපට ලබාදෙන අවසාන අවස්ථාවය.

 

.

.