මනෝ විද්‍යාත්මක බලහත්කාරය සහ පුද්ගල චර්යාවන්- වසංගත මර්දන උපක්‍රම පිටුපස දේශපාලනය තේරුම් ගැනීමට යතුරක්

මාගරට් තේලර් සිංගර්

ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ සටහන

අභාවප්‍රාප්ත මහාචාර්ය මාගරට් තේලර් සිංගර් (Margaret Thaler Singer) විසින් ලියන ලද මේ විශ්ලේෂණය වත්මන් කොවිඩ් අර්බුදය හඳුනා ගැනීම සඳහා අතිශයින් වැදගත්ය. සමාජමය වශයෙන් විනාශකාරි ප්‍රතිපත්ති භාවිතා කරමින් මාරාන්තික එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම සඳහා බලාත්කාරි පෙළැඹවීම් සහ මොළ සේදීමේ යොදාගනිමින් ඇත. එය මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය සහ වසංගත භීෂණය පැතිරවීමේ ව්‍යාපාරය සමග සම්බන්ධව ක්‍රියාත්මක වේ. ජාතික රාජ්‍යයන්ගේ අරමුණ වූ කලී බලගතු මුල්‍ය ආයතනයන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා “සිය රටවැසියන් තුළ පිළිගැනීම” සහතික කිරීමයි. ආචාර්ය සිංගර් විසින් ” අඛණ්ඩව යම් කාල පර්ච්ඡේදයක් තුළ බලාත්කාරී බලය, කාංසාව, සහ මානසික පීඩනය ඇතිකිරීමට යොදා ගනු ලබන උපක්‍රම” පිළිබඳව සඳහන් කර තිබේ.
සැබැවින්ම 2020 දී කොවිඩ් අර්බුදය ආරම්භ වූ දා සිට සිදුවෙමින් පවතින්නේ මෙයයි.

මයිකල් චොසුඩොවුස්කි, ග්ලෝබල් රිසර්ච්, ඔක්තෝබර් 27, 2021
Michel Chossudovsky, Global Research, October 27, 2021

වර්තමානයේදී ආයතනගත බුද්ධිමතුන් අතර මනස පාලනය කිරීම නැතහොත් මොළ සේදීම පොදුවේ බලහත්කාරි පෙළැඹවීම, බලහත්කාරි මනෝ විද්‍යාත්මක පද්ධති හෝ බලහත්කාරී බලපෑම ලෙස හැඳින්වේ. පහත දැක්වෙන කෙටි විස්තර කිරීම කැලිෆෝනියාවේ බර්ක්ලේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාගරට් සිංගර් ගෙනි.

කෙටි විමසුමක්

ඇමෙරිකන් හෙරිටේජ් ශබ්දකෝෂයට අනුව බලහත්කාරය යනු
1. නිශ්චිත ආකාරයකට ක්‍රියාකිරීමට හෝ සිතීමට බල කිරීම
2. ආධිපත්‍යයට යටත් කිරීම, සීමා කිරීම හෝ බලය යොදා පාලනය කිරීම
3. බලය යොදා යටත් කිරීම

බලහත්කාරි මනෝ විද්‍යාත්මක පද්ධති (Coercive Psychological Systems ) වූකලී යම් මතවාද හෝ සැලසුම්ගත ඇදහිලි පද්ධති, අදහස්, ආකල්ප හෝ චර්යාවන් සඳහා හුරු කිරීම ඒවා පිළිගැනීම හෝ ඉගැන්වීම ඉලක්ක කරමින් බලහත්කාරි මනෝ විද්‍යාත්මක බලය යොදමින් පුද්ගලයාගේ හෝ සමූහයේ චර්යාවන් වෙනස් කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් ය.
මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කරවන්නන් විසින් අනිවාර්යයෙන්ම භාවිතා කරන උපක්‍රමය නම් ක්‍රමානුගත ලෙස තෝරා ගත්තාවූත්, සැළසුම් සහගත අනුක්‍රමයකින් සහ මනා සම්බන්ධීකරණයකින් යුක්තවන්නා වූත් විවිධ බලහත්කාරී බලපෑම් විශාල සංඛ්‍යාවක් සමග කාංසාව සහ ආතතිය ඇතිකරන්නා වූ උපක්‍රම අඛණ්ඩ කාල පර්චේඡදයක් තුළ භාවිතයේ යෙදවීමය. මෙවැනි වැඩ සටහනක් මගින් එය විසින් ඉලක්ක කරනු ලබන පුද්ගලයා හට ඉතා කුඩා “අදෘෂ්‍යමාන” පියවර ගණනාවක් පිළිපැදීමට බලපෑම් කිරීම මගින් ඔහු නව තත්ත්වයකට හැඩගැස්වීම සිදු කෙරේ.

මයිකල් චොසුඩොවුස්කි

මෙහි දී මෙම වැඩසටහනට ගොදුරු කරගනු ලබන පුද්ගලයා හට තමන් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ බලහත්කාරි ස්වභාවය නොදැනෙන තරම් හෝ හඳුනාගැනීමට නොහැකිවන වන තරම් කුඩා පියවරවලට ක්‍රියාදාමය බෙදනු ලැබේ. මෙම බලහත්කාරි මනෝ විද්‍යාත්මක වැඩ සටහනේ සංවිධානාත්මක, සැඟවුණු අවශ්‍යතාව පිළිබඳ දැනුවත් බවක් ලබාගැනීමට ඇතැම් විට එහි ගොදුරු බවට පත්වන පුද්ගලයන් සමත්වනු ඇත්තේ ඉතා ප්‍රමාද වීය. නැතහොත් ඔවුහු කිසි දිනෙක ඒ බව දැන නොගනු ඇත.

මෙම උපක්‍රම සාමාන්‍යයෙන් යොදනුයේ ඉලක්ක කරන ලද පුද්ගලයාගේ “මිතුරන් සහ සහායකයන්” ලෙස පෙනී සිටින්නා වූත්, සිය ඉලක්කය ඉටු කරගැනීමට දැඩි අධිෂඨානයක් සහිත වූත් කණ්ඩායම් සැකැස්මක් තුළය. සාමාන්‍යයෙන් නුහුරු සහ සතුරු වටපිටාවකදී පුද්ගලයා තුළ සහජයෙන් මතුවන ස්වයං ආරක්ෂක යාන්ත්‍රණයන් වැළැක්වීමට මෙම “මිතුරු” වටපිටාව මගින් සැලසුම් කෙරේ. මෙම වැඩ සටහන්වල බලහත්කාරි මනෝ විද්‍යාත්මක බලපෑම විසින් පුද්ගලයාගේ විවේචනාත්මකව සිතීමේ හැකියාව, නිදහස් කැමැත්ත ආදිය පමණක් නොව දැනුවත් විනිශ්චයකට එළැඹීමේ හැකියාව ද යටපත්කර අහෝසි කර දමනු ලැබේ.

මෙම වැඩසටහන්වල ගොදුරු බවට පත්වන පුද්ගලයා තුළ ක්‍රමානුකූලව ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ද දැනුවත් කැමැත්ත භාවිතයේ යෙදීමේ හැකියාව ද අහෝසි වී යයි.

ඔවුන්ගේ විවේචනාත්මක චින්තනය, මානසික ආරක්ෂක යාන්ත්‍රණයන්, සංජානනීය ක්‍රියා දාමයන්, වටිනාකම්, අදහස්, තාර්කිකව සිතීමේ හැකියාව පවත්වාගෙනයාම ආදිය තාක්ෂණික ක්‍රියාදාමයක් මගින් යටපත් කරනු ලබයි. මෙහිදී අර්ථාන්විත නිදහස් තෝරාගැනීම්, සහේතුක බව, ආවේණික වටිනාකම්, හෝ අදහස් වල වටිනාකම හෝ ඉදිරිපත්ව ඇති යෝජනාවන් සළකා බැලීම ආදියට කිසිදු ඉඩක් ලබා නොදෙයි.

කණ්ඩායමේ සාමුහික බලය භාවිතා කරමින් පුද්ගලයා හට ලෞකික – මනෝ විද්‍යාත්මක තර්ජන එල්ල කරමින් ඔහුට හිරිහැර කළ යුතුය. නිදසුනක් ලෙස අනුමත කරන ලද ආකල්පයන්ට, විශ්වාසයන්ට හෝ අනුගාමී චර්යාවන්ට අනුගත නොවන්නේ නම් බරපතල දඬුවම් විඳීමකට හෝ දරුණු ප්‍රතිවිපාකයන්ට ලක්වීමට සිදුවන බව ඇඟවිය යුතුය.

මෙම ක්‍රියාවලියේදී සිදුවන්නේ කුමක් ද?

ඉහත දැක්වෙන ආකාරයේ අයුතු මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක බලපෑම් මගින් සාංකාව සහ ආතතිය ඇති කිරීමේ උපක්‍රම ප්‍රධාන වශයෙන් වර්ග 7කට බෙදිය හැකිය.

උපක්‍රම 1

අනුන්ගේ අදහස්, ඇදහීම්, ආකල්ප හෝ ක්‍රියාමාර්ග අවිවේචනාත්මකව යටහත්ව පිළිගැනීමට ඇති සුදානම පුද්ගලයා තුළ වර්ධනය කිරීම, විශේෂ මෝහන උපක්‍රම මගින් හෝ යටහත්භාවය නැතහොත් අවනත භාවය ඉහළ දැමීමේ වෙනත් තාක්ෂණික ක්‍රම මගින් පුද්ගලයා “මෘදු” බවට පත් කිරීම.
මෙම තාක්ෂණික ක්‍රම ලෙස ශ්‍රව්‍ය, දෘෂ්‍ය, වාචික, ස්පර්ශක, චර්යා ස්ථාපන සරඹ, යම් තෝරාගත් නිශ්චිත ක්‍රියාකාරිත්වයන් නැවත නැවතත් කිරීමට සැළැස්වීම සහ  ආහාර හෝ නිදාගැනීමට අවස්ථාවක් ලබා නොදීම ආදිය සැළකේ.

උපක්‍රම 2

දණ්ඩන පැමිණවීමේ සහ ත්‍යාග ලබාදීමේ තීව්ර කරන ලද ක්‍රම පද්ධතියක් මගින් ඉලක්ක කරන ලද පුද්ගලයාගේ සමාජමය පරිසරය, කාලය, පැවැත්මට අවශ්‍ය සාමාජීය ආධාර ආදිය මත පූර්ණ පාලනය තහවුරු කිරීම.
පුද්ගලයාගේ සාමාජීය හුදෙකලා බව ප්‍රවර්ධනය කරනු ලැබේ. පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් සමග සබඳතා සීමා කරනු ලැබේ. නැතහොත් මුලුමණින්ම කපා හරිනු ලැබේ. එසේම කණ්ඩායම තුළ සම්මත ආකල්පයන්ට එරෙහි හෝ බාහිර ආකල්ප දරන පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීම නවත්වනු ලැබේ. ආර්ථිකමය සහ වෙනත් සියලුම අවශ්‍යතාවන් වෙනුවෙන් කණ්ඩායම මත යැපීම දිරිගන්වනු ලැබේ.

උපක්‍රම 3

කණ්ඩායම තුළ සන්නිවේදනයේදී පොදු එකඟතාවන්ට එරෙහි සහ පොදු එකඟතාවන් තහවුරු නොකරන තොරතුරු සන්නිවේදනය කිරීම තහනම් කරනු ලැබේ. බාහිර පුද්ගලයන් සමග සාකච්ඡා කිරීමට ඉඩහරිනු ලබන්නනේ ඒ සඳහා අවසර දෙන ලද මාතෘකා යටතේ පමණි. සන්නිවේදනය ඉතා දැඩි ලෙස පාලනය කරනු ලැබේ. කණ්ඩායමේ අභ්‍යන්තර සාකච්ඡාවන්ගේ භාෂාව ඉලක්කය සාක්ෂාත් කරගැනීමට ගැළපෙන පරිදි ගොඩ නංවනු ලැබේ.

උපක්‍රම 4

ඔහුගේ හෝ ඇයගේ පූර්ව අත්දැකීම් නිෂේධාත්මක ආකාරයකින් ප්‍රති-ඇගයීමකට ලක් කිරීමට පුද්ගලයා යොමු කරනු ලබයි. මෙම උත්සාහයන් සැළසුම් කරනු ලබන්නේ පුද්ගලයා ගේ ප්‍රාථමික සවිඥානක බව, යථාර්ථය පිළිබඳ වැටහීම, ලෝක දැක්ම, හැඟීම් පාලනය, සහ මානසික ආරක්ෂක යාන්ත්‍රණයන් අස්ථාවර කිරීම සහ යටපත් කිරීම අරමුණු කොට ගෙනය. ඉලක්ක කරන ලද පුද්ගලයා හට ඔහුගේ ජීවිත ඉතිහාසය නැවත අර්ථකතනය කිරීමට ද හේතුඵල සම්බන්ධය පිළිබඳ නව දැක්මකටද හුරු කරවයි.

උපක්‍රම 5

පුද්ගලයාට තමන් පිළිබඳවම සහ ඔහුගේ හෝ ඇයගේ විනිශ්චයන් සහ තීරණ පිළිබඳව ඔහු තුළම වන විශ්වාසය පහළ වැටෙන පරිදි තීව්ර කරන ලද ක්‍රියාමාර්ග සහ තත්ත්වයන්ට පුද්ගලයා ගොදුරු කරවීම මගින් අසරණභාවය පිළිබඳ හැඟීමක් පුද්ගලයා තුළ ඇති කරවිය යුතුය.

උපක්‍රම 6

අනවරත නින්දාවට සහ පීඩනයට යටත් කිරීම, වරප්‍රසාද අහිමි කිරීම, සමාජ තත්ත්වයන් පහත හෙළීම,උග්‍ර වරදකාරිත්වය, සාංකාව, නොමග යැවීම සහ එවැනි අනෙකුත් තාක්ෂණික ක්‍රම යොදමින් කායිකමය නොවන දඬුවම් ලබා දීම මගින් පුද්ගලයා තුළ බලගතු ආවේග සහ හැඟීම් මතු වීමට සැළැස්විය යුතුය.

උපක්‍රම 7

කණ්ඩායමේ සාමුහික බලය භාවිතා කරමින් පුද්ගලයා හට ලෞකික- මනෝ විද්‍යාත්මක තර්ජන එල්ල කරමින් ඔහුට හිරිහැර කළ යුතුය. නිදසුනක් ලෙස අනුමත කරන ලද ආකල්පයන්ට, විශ්වාසයන්ට හෝ අනුගාමී චර්යාවන්ට අනුගත නොවන්නේ නම් බරපතල දඬුවම් විඳීමකට හෝ කායික හෝ මානසික රෝගවලට ගොදුරු වීම, මත්දුව්‍ය භාවිතයට ඇබ්බැහි වීම, ආර්ථිකමය සහ සමාජමය ජීවිතයේ බිඳවැටීම, දික්කසාදය, පිටස්තරයෙකු බවට පත් වීම, සහකාරියක හෝ සහකරුවෙකු සොයා ගැනීමට අසමත්වීම වැනි වෙනත් දරුණු ප්‍රතිවිපාකයන්ට ලක්වීමට සිදුවන බව ඇඟවිය යුතුය.

මනෝ විද්‍යාත්මක බලය යොදන මෙවැනි උපක්‍රම මෙතරම් තීව්ර මට්ටමකට යොදනු ලබන විට දැනුවත් නිදහස් තීරණ ගැනීමට පුද්ගලයා සතු හැකියාව අහෝසි වේ. තමන් මත මෙවැනි මනා සම්බන්ධීකරණයකින් යුතු නොමග යැවීමේ තාක්ෂණික වැඩසටහනක් ක්‍රියාත්මක වන බව නොදන්නා ගොදුර බවට පත්වන මෙම පුද්ගලයෝ සාමාන්‍යයෙන් ඔවුහු මේ දක්වා සිදු කළ පරිදි සාමාන්‍ය, බුද්ධිමත්, සමතුලිත, තීරණ ගැනීමට අසමත් වෙති. මෙම මනෝ විද්‍යාත්මක ක්‍රියාදාමයන්ගේ උච්චතම ප්‍රතිඵලය වේදනාව, කායික වධබන්ධන, මත් ද්‍රව්‍ය, කායික පීඩනය, සහ නීතිමය තර්ජන ආදිය යෙදවීම මගින් ලැබෙන ප්‍රතිඵලයට වඩා වඩාත් සාර්ථක එකක් විය හැකිය

බලහත්කාරී මනෝ විද්‍යාත්මක පෙළැඹවීම් වෙනත් ආකාරවල බලපෑම්වලින් වෙනස් වන්නේ කෙසේ ද?

බලහත්කාරි මනෝ විද්‍යාත්මක පද්ධතීන් මෘදු සමාජමය ඉගෙනීම් හෝ සාමකාමී පෙළැඹවීම් වලින් වෙනස්වන්නේ ඒවා පවත්වනු ලබන විශේෂිත තත්ත්වයන් මොනවාදැයි යන්න මතය.
මෙම තත්ත්වයන් නම්
1. යොදනු ලබන බලහත්කාරි මනෝ විද්‍යාත්මක උපක්‍රමවල වර්ගය සහ යොදනු ලබන සංඛ්‍යාව,
2. පාරිසරික සහ අන්තර් පුද්ගලික නොමග යැවීම් කොතෙක් බරපතල ද යන්න
3 .පුද්ගලයාගේ නිශ්චිත අනවශ්‍ය චර්යාවන් යටපත් කිරීමට සහ ඉලක්කගත චර්යාවන් ඔහු මත ආරෝපණය කිරීමට යෙදිය යුතු මනෝ විද්‍යාත්මක බලයේ ප්‍රමාණය
යනාදිය වේ.

බලහත්කාරි බලය සම්ප්‍රදායිකව සදෘෂ්‍ය කරනුයේ භෞතික බලය යන අර්ථයෙනි. ඒ ආකාරයෙන් ගත් කළ එය පහසුවෙන් නිර්වචනය කළ හැකි අතර එහි තේරුම පැහැදිලිය. නමුත් බලහත්කාරි මනෝවිද්‍යාත්මක බලය අවාසනාවකට මෙන් එතරම් පහසුවෙන් දැකිය නොහැකිවනවාක් මෙන්ම අර්ථකතනය කිරීමද කළ නොහැකිය. නීතිය හෞතික විද්‍යාවන්ට ඉදිරියෙන් පවතින අතර බලහත්කාරය සඳහා භෞතික බලය යෙදීමක් අත්‍යවශ්‍යයෙන්ම සම්බන්ධ වී තිබිය යුතු නැති බවට එය විසින් ඉඩ දී ඇත. තමන් හට අනතුරක් සිදුවන බවට පුද්ගලයෙකුට හැඟී යන්නේ නම් එවැනි අනතුරක් අවශ්‍යයෙන්ම නොතිබුණද ඔහුට හෝ ඇයට එරෙහිව තර්ජනය කිරීමක් සිදුව ඇති බව හෝ මනෝ විද්‍යාත්මක බලහත්කාරය යෙදවා ඇති බව නීතිය විසින් පිළිගනී

එමෙන්ම තර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගය හුදු කායික එකක්ම වීම අත්‍යවශ්‍ය නොවන බව ද නීතිය විසින් පිළිගනී. ආර්ථිකමය හානි සිදු කිරීමේ තර්ජන, සමාජීය හුදෙකලා කිරීම්, නින්දා අපහාසයට ලක් කිරීම් සහ එවැනි තර්ජනය කිරීමේ අනෙකුත් ක්‍රම සියල්ල නීතිය විසින් සුවිශේෂිත සංදර්භයන් යටතේ මනෝවිද්‍යාත්මක බලහත්කාරකම් ලෙස පිළිගනී.

බලහත්කාරී මනෝ විද්‍යාත්මක පද්ධතීන් හානිදායක වන්නේ මක් නිසාද?

බලහත්කාරී මනෝ විද්‍යාත්මක ක්‍රම විසින් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අපගේ මූලධාර්මික සංකල්පයන් උල්ලංඝණය කරනු ලබයි. ඒවා විසින් එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය සහ ලෝකය පුරා විවිධ ප්‍රඥප්තීන් ගණනාවක් විසින් සහතික කරනු ලබන පුද්ගලික අයිතීන් උල්ලංඝණය කරනු ලබයි.

මෙවැනි බලහත්කාරි මනෝවිද්‍යාත්මක පද්ධතීන් තුළ වාසි ලබන්නෝ තමන්ගේ ගොදුරු බවට පත්වන පුද්ගලයන්ව ව්‍යාකූල කිරීම්, තර්ජනය කර බියගැන්වීම් සහ නිහඬකරවීම් මගින් තමන් හෙළිදරවු වීම සහ නීතිය යටතේ හානිදායක ක්‍රියාමාර්ග ලෙස සැළකෙන හිංසනයන් සිදුකිරීම සම්බන්ධව වැරදිකරුවන් බවට පත්වීමෙන් මඟහරිති. රටවල් ගණනාවක් විසින් පිළිගෙන ඇති එවැනි වැරදි නම්, වංචා කිරීම්, අයුතු සහ නීති විරෝධී ලෙස සිරකර තැබීම්, අයථා බලපෑම්, බලහත්කාරයෙන් සේවයේ යෙදවීම, චේතාන්විත ලෙස චිත්තවේගාත්මක පීඩාවන්ට ලක්කිරීම, සාහසික ලෙස හැසිරීම සහ වෙනත් වධබන්ධන පැමිණවීමේ ක්‍රියාමාර්ග යනාදියයි.

අභාවප්‍රාප්ත මාගරට් තේලර් සිංගර් බර්ක්ලේහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කළාය. ඇය ඇදහීම් කණ්ඩායම්, නිකායයන්, මොළ සේදීම, සහ බලහත්කාරි පෙළඹවීම සහ බලහත්කාරි මනස් පාලනය ආදි ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥවරියක ලෙස සැළකේ. ඇයව දෙවරක් නොබෙල් සම්මානය සඳහා යෝජනා කෙරී ඇත.