නේටෝ සංවිධානයේ “සංජානන යුද්ධය” : ඔබගේ මොළය අත්පත් කරගැනීමට බටහිර හමුදා දියත් කර ඇති සංග්‍රාමය

බෙන් නෝර්ටන්

 

නේටෝ මිලිටරි සන්ධානයට අයත් බටහිර රටවල් විසින් “සංජානන යුද්ධය (cognitive warfare)” සඳහා උපක්‍රම වර්ධනය කරමින් “මානව අවකාශය” තුළ සෑම පුද්ගලයෙකුම ආයුධයක් බවට පත්කරලීම අරමුණු කොටගෙන දියත් කරමින් තිබෙන  “ඔබගේ මොළය අත්පත් කරගැනීමේ සංග්‍රාමය (battle for your brain)” සාධාරණීකරණය සඳහා රුසියාව සහ චීනයෙන් එල්ල වෙතැයි තමන් අදහස් කරන තර්ජනය උලුප්පා දක්වමින් සිටිති. නෙටෝ සංධානය විසින් ම සඳහන් කර ඇති ආකාරයට ඔවුහු “ඔබගේ මොළය අත්පත් කරගැනීමේ සංග්‍රාමය (battle for your brain)” නම් නව ආකාරයේ යුද්ධෝපායයක් සංවර්ධනය කරමින් සිටිති.

එක්සත් ජනපදය විසින් මෙහෙයවන නේටෝ මිලිටරි කාර්ටලය විසින් තමන් විසින් සතුරන් යැයි නම් කරන ලද රාජ්‍යයන්ට එරෙහිව ආර්ථික යුද්ධය, සයිබර් යුද්ධය, තොරතුරු යුද්ධය සහ මානසික යුද්ධය ඇතුළු ආකෘතීන් තුළ දෙමුහුන් යුද ආකෘතින් අත්හදා බලා ඇත.
දැන් නේටෝ සංවිධානය මුළුමණින්ම අලුත් යුද මාදිලියක් අත්හදා බලමින් සිටින අතර එය “සංජානන යුද්ධය” ලෙස හඳුන්වා දී තිබේ. එය “මොළය පිළිබඳ විද්‍යාවන් සන්නද්ධකරණය” ලෙස ද හඳුන්වනු ලබයි. වඩාත් කාර්යක්ෂම සමාජ ඉංජිනේරුකරණයක් සිදු කිරීමට මිනිස් මොළයේ දුර්වලතා උපයෝගී කර ගනිමින් පුද්ගලයන්ව “හැක් කිරීම” වැනි උපක්‍රම යොදා ගැනීම මේ හා සම්බන්ධ වේ.

21 වන සියවසේ දී සංග්‍රාම භූමිය බවට පත්වනු ඇත්තේ මිනිස් මොළයයි

මෑතක් වනතුරුම නේටෝ සංවිධානය විසින් සිය යුද්ධ ආකාරයන් පංචවිධ මෙහෙයුම් අවකාශ තුළ වර්ග කර තිබිණි. ඒවා නම් ගොඩබිම, ගුවන්, සාගර, අභ්‍යවකාශ සහ සයිබර් අවකාශය වේ. නමුත් එය විසින් “සංජානන යුද්ධය” පිළිබඳ උපායමාර්ගයන් වර්ධනය කිරීමත් සමගම ඔවුහු තවත් යුද අවකාශයන් එනම් 6 වන අවකාශය වන “මානව අවකාශය (human domain)” හඳුන්වා දී තිබේ.
“මානව අවකාශය වෙත බලපෑම් සිදු කිරීම සඳහා ඉහත ගොඩබිම, ගුවන්, සාගර, අභ්‍යවකාශ සහ සයිබර් යන පංචවිධ අවකාශයන් තුළ ක්‍රියාකාරකම් දියත් කරන අතර ම “සංජානන යුද්ධයේ” ඉලක්කය වන්නේ සෑම පුද්ගලයෙකුම ආයුධයක් බවට පත් කිරීමයි.” යනුවෙන් නෙටෝ සංවිධානය විසින් 2020 දී අනුග්‍රහය දක්වන ලද අධ්‍යයන වාර්තාවක සඳහන් වී තිබේ.
“21 වන සියවසේ දී සංග්‍රාම භූමිය බවට පත්වනු ඇත්තේ මිනිස් මොළයයි.එහි ලා තරඟ වදින අවකාශය වූ කලී මනුෂ්‍යයන්ය, මිනිසුන් අතර අනාගත ගැටුම් පළමුව මතුවනු ඇත්තේ ඩිජිටල් ක්ෂේත්‍රයේ වනු ඇති අතර පසුව එය භෞතිකව දේශපාලන සහ ආර්ථික බල කේන්ද්‍රවල සිදුවනු ඇත. ” යනුවෙන් ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

සංජානන යුද්ධය පිළිබඳව සිය අධ්‍යයනයන් වැඩි හරියක් සැලසුම් කර ඇත්තේ ආරක්ෂක අවශ්‍යතා සඳහා යැයි අවධාරණය කරන එම වාර්තාව නේටෝ සංධානය විසින් සංජානන යුද අවකාශය තුළ ආක්‍රමණික උපක්‍රම ද සංවර්ධනය කරමින් සිටින බව පිළිගනු ලබන්නේ මෙසේය.
” බොහෝ විට මිනිසා යනු ප්‍රධානතම දුර්වලතාව වන අතර නේටෝ සංධානයේ මානව ප්‍රාග්ධනය සුරැකීම සඳහා ඒ බව පිළිගත යුතුව තිබේ . නමුත් ඒ අතරම අපගේ සතුරන්ගේ දුර්වලතාවන්ගෙන් ප්‍රයෝජනය ගැනීමට ද අප සමත් විය යුතුය.”
මෙම වාර්තා වේ ඇති එක් බිහිසුණු නිරාවරණයක් නම් “සංජානන යුද්ධයේ ඉලක්කය වන්නේ සතුරු සන්නද්ධ හමුදාවන්ට හානි සිදු කිරීම පමණක් නොව සමස්ත සමාජයටම හානි සිදු කිරීමයි” යන්නයි.
සමස්ත සිවිල් ජනගහණයම නෙටෝ සංධානයේ ඉලක්කයක් ලෙස පවත්වාගෙන යන අතරම සමාජ සහ මානව විද්‍යාවන් සතු දැනුම ආයුධ ලෙස භාවිතා කිරිම සඳහාද, සංධානයේ සංජානන යුද හැකියාවන් සංවර්ධනය කරනු සඳහා ද බටහිර හමුදා විසින් ආයතනික උගතුන් සමග ඉතා සමීපව කටයුතු කළ යුතුව ඇති බව එම වාර්තාව අවධාරණය කරයි.
මෙම අධ්‍යයනය විසින් මෙම ප්‍රපංචය හඳුන්වා දෙනු ලබන්නේ “මොළය පිළිබඳ විද්‍යාවන් මිලිටරීකරණය යනුවෙනි.” කෙසේ වුව ද නෙටෝ ව විසින් සංවර්ධනය කරන සංජානන යුද මාදිළිය විසින් ඉතා සමීප සමාජ සම්බන්ධතාවල සිට මිනිස් මනස දක්වා මානව සමාජයේ සහ මනෝ විද්‍යාවේ සෑම ආකාරයක් ම මිලිටරිකරණය කරනු ඇත.
සමස්ත සමාජයම මේ ආකාරයේ මිලිටරිමය වැටලීමකට ලක් කිරීම මගින් පරාවර්තනය වනුයේ නේටෝ වාර්තාවේ දක්නට ඇති මනෝ භ්‍රාන්තියයි. එය විසින් සැඟවුනු පස්වෙනි හමුදාවක් ගැන අනතුරු අඟවයි. මේ පස්වෙනි හමුදාවේ සියල්ලන්ගේ චර්යාවන් සිදුවන්නේ ඔවුන් නොදැනුවත්ව නේටෝ සංධානයේ සතුරන්ගේ සැලසුම් අනුවය. එම වාර්තාවට අනුව සතුරන් ලෙස නම් කර ඇති රුසියාව සහ චීනය විසින් බටහිර රටවල විරුද්ධ මත දරන්නන්ගේ සවිඥානක බව දැනුවත්ව සහ හිතාමතා සිය අරමුණු ඉටු කරගැනීමට යොදාගනී

වෙනත් වචනවලින් කිවහොත් මෙම ලියැවිල්ල විසින් පෙන්නුම් කරන්නේ නේටෝ මිලිටරි කාර්ටලය තුළ තමන්ගේම රටවල පුරවැසියන් තමන්ට එල්ල වී ඇති මිලිටරිමය තර්ජනයක් ලෙස පෙනීමේ ප්‍රවණතාව ශක්තිමත්ව ඇති ප්‍රමාණයයි. නෙටෝව සිය රටවල සියලු පුරවැසියන් රුසියාවේ හෝ චීනයේ ඔත්තුකරුවන් ලෙස දැකීමේ භීතිකාවකින් පෙළෙන අතර ඔවුන් විසින් බටහිර ස්ථායිතාවට සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස දකිති. නේටෝව විසින් මෙම නව මිලිටරිමය සංකල්පය වන “සංජානන යුද්ධය” සංවර්ධනය කරමින් සිටින්නේ එහි සාමාජික රාජ්‍යයන් විසින් තමන්ගේ රට වැසියන් මින් පෙර නොවූ විරූ ලෙස ඉලක්ක කරමින් සිටින මොහොතකය. “The Ottawa Citizen” වෙබ් අඩවිය විසින් සැප්තැම්බරයේදී වාර්තා කළේ කැනේඩියානු හමුදාවන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාව විසින් කොවිඩ්-19 වසංගතය ප්‍ර යෝජනයට ගනිමින් ප්‍රචාරක යුද උපක්‍රම අත්හදා බලමින් සිය රටේ පුරවැසියන් මත තොරතුරු යුද්ධයක් දියත් කිරීමට කටයුතු කර ඇති බවයි.

නෙටෝව විසින් අනුග්‍රහය දක්වන අභ්‍යන්තර වාර්තාවන් විසින් පෙන්නුම් කරන්නේ මෙමගින් අනාවරණය කිරීමට හැකිව ඇත්තේ බටහිර හමුදාවන් විසින් ලෝකය පුරා දියත් කරමින් සිටින අසම්ප්‍රදායික යුද තාක්ෂණයන් පිළිබඳව මතුපිටින් ඇති තොරතුරු පමණක් බවයි.

සංජානන යුද්ධය සඳහා නේටෝවේ ” නවීකාරක අභියෝගය” නම් සමුළුව කැනඩාවේදී පැවැත්වේ.

නෙටෝව වසරකට දෙවරක් වරක් වසන්තයේදීත් තවත් වරක් සරත් සෘතුවේදීත් වශයෙන් සාමාජික රාජ්‍යයන් තුළ මාරුවෙන් මාරුවට පවත්වන “නවීකාරක අභියෝගය”(Innovation Challenge) නම් වන මේ සමුළුවට පුද්ගලික සමාගම්, සංවිධාන සහ පර්යේෂයෝද සහභාගි වෙති. මේ සියල්ලන්ගේ අරමුණ නෙටෝ සංධානයට නව තාක්ෂණයන් සහ යුද උපක්‍රම සංවර්ධනය සඳහා උදව් දීමයි.

shark tank නම් ඇමෙරිකන් රියැලිටි රූපවාහිනි වැඩ සටහන විසින් ඉදිරිපත් කරන වර්ගයේ අභියෝග නෙටෝව තුළ අධිපති බව දරන නව ලිබරල්වාදි මතවාදයන් තුළ පරාවර්තන වෙයි. මෙයට සහභාගිවන්නන් විසින් නිදහස් වෙළෙඳපොළ , පුද්ගල සහ රාජ්‍ය ව්‍යවසායකත්ව හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරන අතර සහ නෙටෝ යුද නිෂ්පාදන සංකීර්ණයට අවශ්‍ය මුදල් සම්පාදනය පිළිබඳ ප්‍රතිඥාවන් ලබා දෙති.

නෙටෝවේ නවීකාරක අභියෝග- 2021 සරත් සෘතු සමුළුව කැනඩාවේ පවත්වන ලද  වැඩ සටහනේ සංවාද මණ්ඩප සාමාජිකයෝ

නෙටෝවේ නවීකාරක අභියෝග- 2021 සරත් සෘතු සමුළුව කැනඩාවේ පවත්වන ලදි. මෙවර එහි ප්‍රධාන තේමාව වූයේ ” අදෘෂ්‍යමාන තර්ජන: සංජානන යුද්ධයට මුහුණ දීමට අවශ්‍ය වන මෙවලම් ” යන්නයි.

“සංජානන යුද්ධයේ ඉලක්කය මිනිසුන් සිතන ආකාරය වෙනස් කිරීම පමණක් නොවේ. ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය ද වෙනස් කිරීමයි. ” යනුවෙන් අභියෝගය පිළිබඳව කැනේඩියානු රජය විසින් නිකුත් කළ නිල ප්‍රකාශනය තුළ සඳහන් වේ.” සංජානන අවකාශයට එරෙහි ප්‍රහාරයන් සම්බන්ධවන්නේ සයිබර් ප්‍රහාරයන්, සාවද්‍ය සහ විකෘති තොරතුරු ප්‍රචාරයන්, මනෝ විද්‍යාත්මක සහ සමාජ ඉංජිනේරුකරණය පිළිබඳ හැකියාවන් ආදියේ සංකලනයකටය.”

ඔටාවා හි පුවත් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
“සංජානන යුද්ධයේ දී මිනිස් මනස සළකනු ලබන්නේ සංග්‍රාම භූමිය සහ දිනාගත යුතු අවකාශය ලෙසය. එහි ඉලක්කයන් වන්නේ අමිහිරි බව සහ කටුකත්වය වැපිරීම, එකිනෙකට සතුරු ආඛ්‍යානයන් නිර්මාණය කරමින් ඒවා උසි ගැන්වීම, අදහස් ධ්‍රැවීකරණය සහ කණ්ඩායම් ආන්තික කරණය යනාදියයි. සංජානන යුද මෙහෙයුම් මගින් ශක්තිමත් සමගියකින් යුතු සමාජයක් භේද භින්න වන අයුරින් සහ එහි විනාශය සිදුවන ලෙසින් ක්‍රියාත්මක වීමට මිනිසුන් පෙළැඹවිය හැකිය. ”

නෙටෝ සංවිධානයට සහාය දෙන කැනේඩියානු හමුදා නිලධාරිහු සංජානන යුද උපක්‍රම පිළිබඳව සමුළුවේදී සාකච්ඡා කරති.‍ ‍‍‍

නෙටෝව වෙනුවෙන් සිදුකරන වැඩිදුර පර්යේෂණ වෙනුවෙන් සහ තමන්ගේම ආදායම වෙනුවෙන් ආයෝජනය කිරීමට පුද්ගලික අංශය ආකර්ෂණය කර ගැනීම සඳහා මිලිටරි කොන්ත්‍රාත්කරුවන් සමග සමීපව කටයුතු කරන කැනඩා නේටෝ සම්මේලනය (NATO Association of Canada) නම් උපදේශක කණ්ඩායම මෙම නවීකාරක අභියෝගයට සහාය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරතව සිටිති. කැනඩා නේටෝ සම්මේලනය (NATO Association of Canada -NAOC) ස්වාධීන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස තාක්ෂණිකව පෙනී සිටින අතරම එහි පරමාර්ථය වනුයේ නෙටෝව ප්‍රවර්ධනය කිරීමයි. ” කැනඩා නේටෝ සම්මේලනය සහ කැනේඩියානු රජය අතර ශක්තිමත් සබඳතා පවතී. එම සම්බන්ධතාවන්ට කැනේඩියානු ගෝලීය සබඳතා සහ ජාතික ආරක්ෂක දෙපාර්තුමේන්තුව ද අන්තර්ගත වේ”

කැනඩාවේ නේටෝ නවීකාරක අභියෝගය ප්‍රවර්ධනය සඳහා වන උත්සාහයේ කොටසක් ලෙස කැනඩා නේටෝ සම්මේලනය විසින් ඔක්තෝබර් පළමු වැනි දින මෙම සංජානන යුද්ධය පිළිබඳ සාකච්ඡා මණ්ඩපය පවත්වන ලදි.

2020 දී සංජානන යුද්ධෝපක්‍රම පිළිබඳව නෙටෝ අනුග්‍රහයෙන් සිදු කරන ලද අධ්‍යයනය ගැන ලියන ලද පර්යේෂකයා වූ ප්‍රංශුවා ඩු ක්ලුසේල් (François du Cluzel) නේටෝවට සහාය දෙන කැනේඩියානු හමුදා නිලධාරින් සමග මෙම සංවාද මණ්ඩපයට සහභාගි විය. මෙම සංවාදය කැනඩා නේටෝ සම්මේලනයේ සභාපති රොබර්ට් බේන්ස් (Robert Baines) විසින් අධික්ෂණය කරන ලදි. වැඩ සටහන මෙහෙයවන ලද්දේ ආයුධ නිෂ්පාදන කර්මාන්තයේ අලෙවි විධායකයෙකු වූ ගාරික් න්ගායි (Garrick Ngai) විසිනි. ඔහු කැනේඩියානු ජාතික ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර කැනඩා නේටෝ සම්මේලනයේ අධ්‍යක්ෂවරයා සහ උප සභාපතිවරයා ද වෙයි.
බේන්ස් විසින් සංවාද මණ්ඩපය ආරම්භ කළේ ” රාජ්‍යයන් සහ රාජ්‍ය නොවන බලවේගයන් විසින් විසින් ජනතාව සිතන දේවල් සහ ඔවුන් ක්‍රියා කරන ආකාරය වෙත බලපෑම් කිරීම සිදුවන සංජානන යුද්ධය සහ තරඟකාරිත්වයේ නව අවකාශය ගැන මෙම සංවාදයට සහභාගිවන්නන් විසින් සාකච්ඡා කරනු ඇත” යනුවෙන් සඳහන් කරමිනි.
කැනඩා නේටෝ සම්මේලනයේ සභාපතිවරයා දැඩි සතුටකින් යුතුව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ” නේටෝ නවීකාරක අභියෝගය විසින් පොරොන්දු වන ඉතා සරුසාර ව්‍යාපාරික අවස්ථාවන් කැනේඩියානු සමාගම්වලට හිමිවනු ඇති බවයි.”
නේටෝ පර්යේෂකයා වන ප්‍රංශුවා ඩු ක්ලුසේල් විසින් සංජානන යුද්ධය විස්තර කරන ලද්දේ “මොළයට හානි සිදු කිරීමේ විධි ක්‍රම ” ලෙසය.
ඔක්තෝබර් 5 වැනි දින සංවාදය දියත් වූයේ හිටපු ප්‍රංශ හමුදා නිලධාරියෙකු වූ ප්‍රංශුවා ඩු ක්ලුසේල් සමගය. ඔහු 2013 දී නෙටෝ නවීකාරක මධ්‍යස්ථානය (NATO Innovation Hub – iHub) පිහිටුවීමට සහාය වී තිබේ. වර්ජිනියාවේ නොර්ෆෝල්ක් එහි මුලස්ථානය වන අතර ප්‍රංශුවා ඩු ක්ලුසේල් සිය කටයුතු කළමණාකරණය කරන්නේ එහි සිටය.

” එය ආරම්භ වන්නේ අධි- අන්තර් සම්බන්ධතාව මගිනි. සෑම අයෙකුටම ජංගම දුරකතනයක් තිබේ. එය පටන් ගන්නේ තොරතුරු මත පදනම්වය. මක් නිසාද යත් සංජානන යුද්ධයේ ඉන්ධනය වන්නේ තොරතුරු බැවිනි. නමුත් සංජානන යුද්ධය හුදු තොරතුරු සීමාවන් ඉක්මවා දිවෙන මාවත් ඔස්සේ ඇදී යනු ඇත. තොරතුරු යුද්ධය හුදෙකලා ස්වයං ක්‍රියාකාරි මෙහෙයුමකි. ”

“සංජානන යුද්ධයේදී පහර දෙන්නේ අප සිතන දෙයට පමණක් නොවේ. සැබැවින්ම එය විසින් අප සිතන මතන ආකාරයටද පහර දෙනු ලබයි. අපට මිනිසුන් සිතන ආකාරය වෙනස් කළ හැකි නම් එහි බලපෑම වඩාත් ප්‍රබල වන අතර එමගින් එයතොරතුරු යුද්ධයේ හෝ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් වල සීමාවන් ඉක්මවා ගමන් කරයි.

ප්‍රංශුවා ඩු ක්ලුසේල්

නීතිමය අවශ්‍යතා මත නෙටෝ නවීකාරක මධ්‍යස්ථානය (iHub) විසින් එහි වෙබ් අඩවියේ “මෙම වේදිකාව මත පළ කරනු ලබන අදහස් මගින් නේටෝ සංධානය හෝ වෙනත් සංවිධානයක නිල ස්ථාවරයන් නියෝජනය නොවේ.”සඳහන් කර තිබුණද එම සංවිධානයට අනුග්‍රහය දෙනු ලබන්නේ නේටෝ හි මිලිටරි ආඥා ව්‍යුහයේ ප්‍රධාන උපායික ආඥාවන් දෙකෙන් එකක් ලෙස සැළකෙන, සන්ධාන පරිණාමණ ආඥාව (Allied Command Transformation – ACT) විසිනි.
එම නිසා නවීකාරක මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ නේටෝ පරීක්ෂණ හෝ චින්තන සංචිත මධ්‍යස්ථානයක් ලෙසය. එහි පර්යේෂණ අත්‍යවශ්‍ය යෙන්ම නේටෝ හි නිල ප්‍රතිපත්ති මත පදනම් නොවන නමුත් ඒවා නේටෝ හි අධීක්ෂණයට ලක් වෙන අතර ඒවා වෙත සෘජු නේටෝ ආධාර ද ලැබෙයි.
2020 දී නෙටෝ සන්ධානයේ ප්‍රධාන සන්ධාන පරිණාමණ ආඥාපතිවරයා විසින් (Supreme Allied Commander Transformation – SACT) නවීකාරක මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා වූ ප්‍රංශුවා ඩු ක්ලුසේල් වෙත සංජානන යුද්ධෝපායයන් පිළිබඳ මාස 6 ක අධ්‍යයනයක් සිදු කිරීමට භාර දෙනු ලැබිණි.

සංජානන යුද මෙහෙයුම් වූ කලී මිනිස් ඉලක්කවල සවිඥානක බව වෙනස් කිරීමේ තාක්ෂණයයි

ඔක්තෝබර් හිදි පැවැති මෙම සංවාද මණ්ඩපයේදී ඩු ක්ලුසේල් විසින් සිය වාර්තාවේ සාරාංශයක් ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.
” සංජානන යුද උපක්‍රම යන්න දැන් නේටෝව සඳහා උණුසුම් ම මාතෘකාව බවට පත් වී තිබේ. එමෙන්ම එය හමුදා පාරිභාෂික ශබ්දමාලාවේ නිතර පුනරුච්ඡාරණය වන යෙදුම බවට පත් වී තිබේ.”
නෙටෝවේ සංජානන යුද උපාය මාර්ගය වර්තමානයේදී සංවර්ධනය කෙරෙමින් පවතින්නේ එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොල්ක් හි දී තමන්ගේ ආඥාව යටතේ බව ප්‍රංශ ජාතිකයෙකු වන ඩු ක්ලුසේල් අවධාරණය කළේය.
නේටෝ නවීකාරක මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා වූ ඩු ක්ලුසේල් සිය PowerPoint ප්‍රදානයේදී විවාදාත්මක රූපරාමුවක් විවෘත කරමින් සංජානන යුද මෙහෙයුම් ගැන පැවසුවේ එය “මොළය අත්පත් කර ගැනීම සඳහා වන යුද්ධයක් බවයි.”
ඔහු මෙසේද සඳහන් කළේය.
“සංජානන යුද්ධය වූ කලී තොරතුරු ක්ෂේත්‍රය පදනම් කොට ආරම්භ වූ නව සංකල්පයකි. එය එක්තරා ආකාරයක ද්විත්ව යුද මෙහෙයුම (hybrid warfare) කි. ”
” එය ආරම්භ වන්නේ අධි- අන්තර් සම්බන්ධතාව මගිනි. සෑම අයෙකුටම ජංගම දුරකතනයක් තිබේ. එය පටන් ගන්නේ තොරතුරු මත පදනම්වය. මක් නිසාද යත් සංජානන යුද්ධයේ ඉන්ධනය වන්නේ තොරතුරු බැවිනි. නමුත් සංජානන යුද්ධය හුදු තොරතුරු සීමාවන් ඉක්මවා දිවෙන මාවත් ඔස්සේ ඇදී යනු ඇත. තොරතුරු යුද්ධය හුදෙකලා ස්වයං ක්‍රියාකාරි මෙහෙයුමකි. ”

සංජානන යුද්ධය අධිතාක්ෂණික සන්නිවේදන සමාගම් සහ අන්තර්ජාල නිරීක්ෂණ සහ ඔත්තු බැලීම් සමග සම්පාතනය වේ.මක් නිසාද යත් “මේ සියල්ලම සුවිශාල දත්ත සම්භාරය මෙවලම් ලෙස උපයෝගී කර ගන්නා ආකාරය මත රඳා පවතින බැවිනි.” යි ඩු ක්ලුසේල් විස්තර කළේය.” අප අන්තර්ජාලයේ හෝ සන්නිවේදන ජාලයන්ට සම්බන්ධ වෙමින් යන එන සෑම තැනෙකම සෑම මිනිත්තුවක් සෑම තත්පරයක් පාසා අපි ඒ පිළිබඳ දත්ත නිර්මාණය කරන්නෙමු. එහෙයින් මෙම දත්ත යොදාගනිමින් ඔබ පිළිබඳව බොහෝ දේවල් පිළිබඳ දැන ගැනීම ඉතා පහසුවෙන් සිදු කළ හැකි අතර එම දැනුම යොදාගනිමින් ඔබ සිතන ආකාරය වෙනස් කළ හැකිය.”

සංජානන යුද්ධය ආක්‍රමණික ලෙස භාවිතා කරමින් සිටින්නේ විදේශික සතුරන් බව නේටෝහි පර්යේෂකයා පැවසීය. එසේ වුව ද ඒ අතරම නේටෝ ප්‍රමුඛ බටහිර මිලිටරි සංධානය ද තමන්ගේම උපක්‍රම සංවර්ධනය කරමින් සිටින බව ඔහු පැවසීය.
ඩු ක්ලුසේල් සංජානන යුද්ධය මෙසේ නිර්වචනය කළේය”සංජානන යුද මෙහෙයුම් වූ කලී මිනිස් ඉලක්කවල සවිඥානක බව වෙනස් කිරීමේ තාක්ෂණයයි”

මෙම තාක්ෂණයන් NBIC තාක්ෂණයන්ගෙන් සමන් විත වේ. එනම්
N– nanotechnology නැනෝ තාක්ෂණය
B – biotechnology ජීව තාක්ෂණය
I – Information technology තොරතුරු තාක්ෂණය
C – Cognitive Science සංජානන විද්‍යාව
මේ සියල්ල එක්ව ගත්කල ” එය විසින් මොළය නොමග යැවීම සඳහා යොදාගත හැකි අති භයානක මිශ්‍රණයක් නිර්මාණය කරනු ඇත” යි ඩු ක්ලුසේල් පැවසීය.

සංජානන යුද්ධය (cognitive warfare) නම් මෙම නව ආකාර්ෂණීය ප්‍රහාරක විධික්‍රමය තොරතුරු යුද්ධය (information warfare)හෝ මනෝ විද්‍යාත්මක යුද්ධය (psychological operations – psyops) යන දෙකේම “සීමාවලින් එහාට ගමන් කරන “බව ඩු ක්ලුසෙල් විස්තර කළේය.

“සංජානන යුද්ධයේදී පහර දෙන්නේ අප සිතන දෙයට පමණක් නොවේ. සැබැවින්ම එය විසින් අප සිතන මතන ආකාරයටද පහර දෙනු ලබයි. අපට මිනිසුන් සිතන ආකාරය වෙනස් කළ හැකි නම් එහි බලපෑම වඩාත් ප්‍රබල වන අතර එමගින් එයතොරතුරු යුද්ධයේ හෝ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් වල සීමාවන් ඉක්මවා ගමන් කරයි” යි ක්ලුසේල් වැඩි දුරටත් විස්තර කළේය.

” එය තොරතුරුමය හෝ මනෝ විද්‍යාත්මක පැත්තෙන් සිදු කරන හුදෙකලා ක්‍රීඩාවකට වඩා අපගේ මොළය විසින් තොරතුරු අර්ථකතනය කරන ආකාරය සහ දැනුම බවට පත් කරන ආකාරය පිළිබඳව එනම් අපේ සවිඥානක බව (සංජානනය) සමග සිදු කරන ක්‍රීඩාවක් බව අප විසින් තේරුම් ගැනීම වැදගත්ය.”

“වෙනත් වචනවලින් කිවහොත් සංජානන යුද්ධය වූකලී තොරතුරු යුද්ධය සඳහා තවත් වචනයක් නොවේ. එය අපගේ පුද්ගලික සවිඥානක ක්‍රියාකාරිත්වයට නැතහොත් අපගේ මොළයට එරෙහි යුද්ධයකි.”

නේටෝ පර්යේෂකයා ප්‍රංශුවා ඩු ක්ලුසේල් මෙසේ අවධාරණය කළේය.
” හමුදාවේ සිටින අපට මෙය අතිශයින්ම වැදගත් වේ. මක් නිසාද යත් මොළයට හානි කිරීමේ නව විධික්‍රම සහ ආයුධ සංවර්ධනය කිරීමේ විභවයක් එය සතුව පවතින බැවිනි. එමෙන්ම මිනිස් ස්වභාවය(human ecology) වෙනස් කිරීම සඳහා ස්නායු විද්‍යාව සහ තාක්ෂණය සමග සම්බන්ධ වීමේ විවිධ වෙනස් ප්‍රවේශයන් කරා එළැඹීමේ හැකියාවද එය සතු වන බැවිනි. ”
“සංජානන යුද්ධයේ ඉලක්ක කුමක් දැයි විස්තර කරමින් ඔහු වැඩි පැවසුවේ ඕනෑම එහි ඉලක්කය විය හැකි වන අතර සියලු දෙනාම එහි ඉලක්කය බවයි. ඔහු විසින් මෙසේ ද පවසන ලදි..
සංජානන යුද්ධයට විශ්වීය ප්‍රවේශයක් තිබේ. එහි ඉලක්ක තනි පුද්ගලයාගෙන් සිට රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන දක්වා විහිදෙයි. එහි ක්‍රියාන්විත ක්ෂේත්‍රය ගෝලීය වන අතර සිවිල් සමාජය සහ හමුදාවන් ඇතුළුව සමස්ත මානව වර්ගයාම සිය පාලනයට යටත් කර ගැනීම එහි ඉලක්කයයි”

සංජානන යුද තාක්ෂණය සංවර්ධනය සඳහා පර්යේෂණ සිදුකිරීම මගින් පුද්ගලික අංශයට මුල්‍යමය ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාවන් විවරවී ඇති බවද ඩු ක්ලුසේල් පැවසීය.” ස්නායු විද්‍යාවන් සඳහා මුළුමහත් ලෝකය පුරාම සිදුවන අති විශාල ආයෝජනයන් විසින් පෙන්නුම් කරන්නේ සංජානන අවකාශය අනාගත සංග්‍රාම භූමිවලින් එකක් බවයි.”
“අසංජානන යුද මෙහෙයුම් තාක්ෂණයේ සංවර්ධනයත් සමගම යුද ගැටුම් පිළිබඳ මෙතෙක් අප දැන සිටි ආකාරයන්හි සම්පූර්ණ වෙනසක් සිදුවනු ඇත. එය විසින් තුන්වන ප්‍රධාන මානයක් නූතන සංග්‍රාම භූමියට එක් කරනු ඇත. එනම් දැනට පවත්නා භෞතික සහ තොරතුරු යන මාන දෙකට අමතරව සංජානනමය මානයක් එක් කරනු ඇත.”
“මෙමගින් දැනට පවත්නා පංච විධ යුද මෙහෙයුම් අවකාශයන් වන ගොඩබිම, ගුවන, සාගරය අභ්‍යවකාශය සහ සයිබර් අවකාශයට අමතරව තරඟකාරිත්වයේ නව අවකාශයක් නිර්මාණය කරනු ඇත. හුදෙක් භෞතික සහ තොරතුරු මානයන් විසින් සිදු කළ හැකි ප්‍රමාණයට වඩා පුළුල් ක්ෂේත්‍රයක සංග්‍රාම අවකාශයන් විවෘත කිරීමට සංජානන යුද පිටියේදී සිදු කරන මෙහෙයුම් සමත්වනු ඇත. ”
වෙනත් වචනවලින් කිවහොත් ගොඩබිම, ගුවන, සාගරය, අභ්‍යවකාශය සහ සයිබර් අවකාශයට අමතරව දැන් මෙම නව ද්විත්ව(hybrid warfare) යුද්ධෝපායයන් තුළ මිනිස්වර්ගයාට අයත් සෑම සාමාජිකයෙකුම සංග්‍රාම අවකාශයක් ලෙස සළකනු ලබයි.

නෙටෝවේ සංජානන යුද මෙහෙයුම් පිළිබඳ අධ්‍යයනය විසින් “සැඟවුණු 5 වැනි සේනාංකයක් ” ගැන අනතුරු අඟවයි.

The study that NATO Innovation Hub manager François du Cluzel conducted, from June to November 2020, was sponsored by the military cartel’s Allied Command Transformation, and published as a 45-page report in January 2021 (PDF).
නේටෝ මිලිටරි කාර්ටලයේ සන්ධාන පරිණාමන ආඥාව(ACT) විසින් අනුග්‍රහය දක්වන ලදුව නේටෝවේ නවීකාරක මධ්‍යස්ථානයේ( iHub) කළමණාකාර ප්‍රංශුවා ඩු ක්ලුසෙල් විසින් 2020 ජූනි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා සිදු කරන ලද අධ්‍යයනය පිටු 45කින් යුතු වාර්තාවක් ලෙස 2021 ජනවාරි මස දී පළ කරන ලදි.

මෙම භයානක ලියැවිල්ල විසින් පෙන්නුම් කරන්නේ සමකාලීන යුද්ධ කොතරම් දුරට ලෝකාවසාන අදියරට ළඟා වී ඇත් ද යන්නයි. කලෙක ඉහත දී එය විද්‍යා ප්‍රබන්ධයන් තුළ දී පමණක් සිතිය හැකි දේවල් විය.
“යුද්ධයන්ගේ ස්වභාවය වෙනස් වී ඇත.” යනුවෙන් මෙම වාර්තාව අවධාරණය කර ඇත. වර්තමානයේ පවත්නා ගැටුම් බහුතරයක් යුද්ධ පිළිබඳ සම්ප්‍රදායිකව පිළිගත් අර්ථකතනය යටතට වැටෙන ඒවා වේ. නමුත් සංජානන යුද මෙහෙයුම් වැනි නව ආකාරයක යුද්ධ සිදුවෙමින් පවතින අතර මිනිස් මනස දැන් සළකනු ලබන්නේ නව යුද අවකාශයක් ලෙසය.
නේටෝ සන්ධානයට අනුව සංජානන යුද්ධය හුදු ආරක්ෂක යුද්ධයක් පමණක් නොවේ. එය ආක්‍රමණික යුද්ධයක් ද වෙයි.
“සතුරාගේ සංජානන හැකියාවන්ට හානි සිදු කිරීමට අවශ්‍යවන හැකියාවන් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය දෙයකි.” යි ඩු ක්ලුසෙල්ගේ වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත. “වෙනත් වචනවලින් කිවහොත් නේටෝව විසින් එහි තීරණ ගැනීමේ ක්‍රියාදාමය ආරක්ෂා කළ යුතුව ඇති අතර සතුරාගේ එම ක්‍රියාවලිය විනාශ කළ යුතුය.”

එමෙන්ම ඕනෑම අයෙකු මෙම සංජානන යුද මෙහෙයුම්වල ඉලක්කයක් විය හැකිය.” නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කරන ඕනෑම අයෙකු ඉලක්කය විය හැකිය. එය විසින් ජාතියක සියලුම මිනිස් සාමූහිකය ඉලක්ක කරයි.” යි එම වාර්තාව අනතුරු අඟවයි.

“හමුදාමය ගැටුමකට අනුපූරකයක් ලෙස සංජානන යුද්ධය ක්‍රියාත්මක කිරීමෙහි ශක්‍යතාවක් පවතිනවා මෙන්ම කිසිදු ආකාරයක සන්නද්ධ හමුදා මැදිහත්වීමකින් තොරව වෙනම සහ තනිවම පවත්වාගෙන යාමේ ශක්‍යතාව ද සංජානන යුද මෙහෙයුම් සතුව පවතී.”
එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.
“බොහෝ විට සංජානන යුද්ධයක අවසානයක් දැකිය නොහැකිය. මක් නිසාද යත් මේ වර්ගයේ යුද්ධ සඳහා සාම ගිවිසුම් හෝ යටත්වීම් සිදු නොවන බැවිනි.”
මෙම නව සංග්‍රාම ආකෘතියට භූගෝලීය සීමාවන් නොමැති හෙයින් එයට සීමාවන් ද නැත:” මෙම සංග්‍රාම භූමිය අන්තර්ජාලය හරහා ගෝලීය එකක් වේ. එයට ආරම්භයක් හෝ අවසානයක් නැත. මෙම තරඟයට විරාමයක් නැත. එය දිනයේ පැය 24 සහ සතියේ දින 7 පුරා ක්‍රියාත්මකය.”
නෙටෝව විසින් අනුග්‍රහය දක්වන ලද මෙම වාර්තාවේ මෙසේද සඳහන්වේ.
” විවිධ ආරක්ෂක සහ බුද්ධි ව්‍යවසායන් තුළ ස්නායු විද්‍යාත්මක ක්‍රම හා තාක්ෂණ විද්‍යාවට ඉහළ මෙහෙයුම් ප්‍රයෝජ්‍යතාවක් ඇති බව බව සමහර නේටෝ ජාතීන් විසින් දැනටමත් පිළිගෙන තිබේ.”
මෙම වාර්තාව තුළ “ස්නායුවිද්‍යාත්මක ක්‍රම සහ තාක්ෂණවිද්‍යාවන් (neuroS/T)” සම්බන්ධ නව සොයාගැනීම් පිළිබඳ සඳහන් කර තිබේ. ” පර්යේෂණ ප්‍රතිඵල සහ නිෂ්පාදන සෘජුවම සෙබළුන්ගේ කාර්යසාධනය ට පහසුකම් සැපයීමටද, ඩ්‍රෝන වැනි අර්ධ ස්වයංක්‍රීය වාහන වල සටන් හැකියාවන් ඉහළ නැංවීමට මිනිසුන් සහ යන්ත්‍ර අතර අන්තර්ග්‍රහණය සඳහාද ජීව සහ රසායනික අවි සංවර්ධනය සඳහාද යොදාගත හැකිය.”

මෙම නව වර්ගයේ පර්යේෂණ දියුණු කරමින් සිටින මූලික ආයතනයන් අතර පෙන්ටගනය ද වෙයි. වාර්තාවේ මතු කර ඇති අන්දමට ” මිලිටරිමය අවශ්‍යතාවන් සඳහා ස්නායු විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සංවර්ධනය සඳහා ජාතීන් බොහෝ සංඛ්‍යාවක් උත්සාහ කළ ද තවමත් උත්සාහ කරමින් සිටියද සමහර විට මේ සම්බන්ධයෙන් පූර්ව ක්‍රියාකාරිත්වයන් පවත්වාගෙන ගියේ එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තුමේන්තුව සමග සම්බන්ධව අති විශිෂ්ට සහ ශීඝ්‍ර පරිණතභාවයක් මෙම පර්යේෂණයන් තුළ අත්පත් කරගැනීමට සමත් වූ ආරක්ෂක කටයුතු පිළිබඳ ඉහළ පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Defense Advanced Research Projects Agency – DARPA)සහ උසස් බුද්ධි පර්යේෂණ ක්‍රියාකාරිත්වය (Intelligence Advanced Research Projects Activity – IARPA). යන ආයතන විසිනි.”

මිලිටරි අවශ්‍යතා සඳහා ස්නායුවිද්‍යාව සහ තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණවලට බුද්ධි තොරතුරු රැස්කිරීම, පුහුණුව, මිලිටරි සහ සහායක පුද්ගලයන්ගේ කාර්ය සාධනය සහ නම්‍යශීලිත්වය ඉහළ නැංවීම මෙන්ම ස්නායුවිද්‍යාව සහ ස්නායු තාක්ෂණය සෘජු ලෙස මිලිටරිකරණය ද අයත්වන බව මෙම වාර්තාවේ සඳහන් වේ.

” වර්තමානයේ නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය සහ සංජානන විද්‍යාව යන ක්ෂේත්‍රයන් (NBIC) විසින් ලබාගෙන ඇති ප්‍රගතිය උත්තේජනය කර ඇත්තේ නොනැවත්විය හැකි ලෙස, කෘත්‍රිම බුද්ධිය(Artificial Intelligence), විශාල දත්ත (Big Data) සහ ශිෂ්ටාචාරමය ඩිජිටල් ඇබ්බැහිවීම(digital addiction) යන අසුන් තිදෙනා විසින් පෙරට ඇදගෙන යන විජයග්‍රාහි ට්‍රොයිකා රථය විසිනි. එය විසින් අසුබ පෙර නිමිති ද නිර්මාණය කර තිබේ. ඒ සැඟවුණු පස්වන සේනාංකයකි. මෙම පස්වන සේනාංකයේ සියල්ලන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපගේ තරඟකරුවන් අතරින් එක් අයෙකුගේ සැලසුම්වලට අනුව ක්‍රියාත්මක වේ. “

 

ස්නායු විද්‍යාවන් සහ ස්නායු තාක්ෂණය ආයුධ ලෙස භාවිතා කිරීමට යාම මාරාන්තික විය හැකි අතර එසේ වනු ඇති බවට නේටෝව විසින් අනුග්‍රහය දක්වන ලද මේ වාර්තාව පැහැදිලිව සඳහන් කරයි. ආක්‍රමණය දුර්වල කිරීමට සහ යටත්වීම හෝ නිෂ්ක්‍රිය වීම සඳහාවන සංජානනයන් ප්‍රවර්ධනය කිරීමට, රෝගී බව, ආබාධිත බව හෝ වේදනාව ඇති කිරීමට සහ සතුරෙකු යැයි සළකෙන පුද්ගලයෙකු මරණයට පත් කිරීමට පර්යේෂණ ප්‍රතිඵල උපයෝජනය කළ හැකිය. වෙනත් වචනවලින් කියන්නේ නම් මෙම පර්යේෂණ මගින් මිලිටරිමය කටයුතු සඳහා සංවර්ධනය කරන ස්නායු විද්‍යාව සහ තාක්ෂණය යොදාගෙන පුද්ගලයන්ට වධ දීමට සහ මරණයට පත් කිරීමට හැකියාව ලැබෙයි.

මෙම වාර්තාව විසින් මෙම නව සටන් දර්ශනය සාරාංශ කොට දක්වන ලද එක්සත් ජනපද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු වන රොබර්ට් එච්. ස්කේල්ස්(Robert H. Scales) උපුටා දක්වයි.
“ජයග්‍රහණය තීරණය වනු ඇත්තේ මනෝ සංස්කෘතිය අත්පත් කරගැනීමෙන් මිසෙක භූගෝලීය උස් බිම් අත්පත් කරගැනීමෙන් නොවේ.”
නේටෝව “මනෝ- සංස්කෘතිය අත්පත්කරගැනීම” සඳහා සංජානන යුද්ධයේ උපක්‍රම සංවර්ධනය කරන අතරම විද්‍යාවේ විවිධ ක්ෂේත්‍රයන් ඉතා විශාල වශයෙන් මිලිටරීකරණය කරමින් සිටියි.
මෙම අධ්‍යයනය විසින් “දත්ත විද්‍යාවන් සහ මානව විද්‍යාවන් සියුම් ලෙස පරීක්ෂණයට ලක් කිරීම(the crucible of data sciences and human sciences)” පිළිබඳව කතා කර තිබේ. එමෙන්ම “සමාජ විද්‍යාවන්ගේ සහ පද්ධති ඉංජිනේරුකරණයේ සංකලනය යුද විශ්ලේෂකයන්ට බුද්ධි නිෂ්පාදන වල තත්ත්වය වැඩි දියුණු කිරීමට සහාය වන යතුර වනු ඇත.” යි එම වාර්තාව අවධාරණය කරයි.
“දැඩි ලෙස බලය භාවිතා කිරීමකට සතුරා පරාජය කළ නොහැකි නම් මනෝ විද්‍යාව සහ ඊට සම්බන්ධිත චර්යා සහ සමාජ විද්‍යාවන් එම හිස්තැන පුරවනු ඇත.”
“සමාජ විද්‍යාවන් ලීවරයක් ලෙස උපයෝගී කොට ගැනීම මානව අවකාශයේ යුද මෙහෙයුම් සැලසුම් සංවර්ධනය කිරීමේදී කේන්ද්‍රීය අවශ්‍යතාවක් වනු ඇත… සතුරු හමුදාවන්ද ඇතුළුව අවට ඇති සම්පූර්ණ මානව පරිසරයම සඳහාම ක්‍රියා කිරීමට යොදාගත හැකි මාවත් විවර කරමින් එය සටන් මෙහෙයුම්වලට සහාය දෙනු ලබයි.

ස්වභාවික විද්‍යාවන් පමණක් නොව සියලු ඇකඩමික විෂයයන් සංජානන යුද්ධයේදී සම්බන්ධ කෙරෙනු ඇත.
“මිලිටරිය තුළ,එය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මානව විද්‍යාව, මානව වංශ ශාස්ත්‍රය, ඉතිහාසය, මනෝ විද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළ විශේෂඥභාවය අන් කවරදාටත් වඩා අවශ්‍ය වනු ඇත”යි එම අධ්‍යයනයේ සඳහන් වේ.

මෙම වාර්තාව අවසන් වන්නේ බිය ජනක උද්ධෘතයකිනි.
” වර්තමානයේ නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය සහ සංජානන විද්‍යාව යන ක්ෂේත්‍රයන් (NBIC) විසින් ලබාගෙන ඇති ප්‍රගතිය උත්තේජනය කර ඇත්තේ නොනැවත්විය හැකි ලෙස, කෘත්‍රිම බුද්ධිය(Artificial Intelligence), විශාල දත්ත (Big Data) සහ ශිෂ්ටාචාරමය ඩිජිටල් ඇබ්බැහිවීම(digital addiction) යන අසුන් තිදෙනා විසින් පෙරට ඇදගෙන යන විජයග්‍රාහි ට්‍රොයිකා රථය විසිනි. එය විසින් අසුබ පෙර නිමිති ද නිර්මාණය කර තිබේ. ඒ සැඟවුණු පස්වන සේනාංකයකි. මෙම පස්වන සේනාංකයේ සියල්ලන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපගේ තරඟකරුවන් අතරින් එක් අයෙකුගේ සැලසුම්වලට අනුව ක්‍රියාත්මක වේ. ”

“යුද්ධය පිළිබඳ නූතන සංකල්පය වන්නේ ආයුධ නොව බලපෑමේ හැකියාවයි. දිගුකාලීනව ගත්කල විජයග්‍රහණය අවසන් වශයෙන් රඳාපවතින්නේ සංජානන අවකාශය තුළ බලපෑමේ හැකියාව, විපර්යාසයන් සිදු කිරීම ආදිය මතයි.”

නේටෝවේ අනුග්‍රහයෙන් සිදුකරන ලද මෙම අධ්‍යයන වාර්තාවේ අවසන් පරිච්ඡේදය මගින් මේ බටහිර මිලිටරි සන්ධානයේ අවසන් ඉලක්කය වඩාත් පැහැදිලිව දක්වා තිබේ. එනම් ඔවුන්ගේ අවසන් අරමුණ මෙම ග්‍රහලෝකය හෞතිකව පාලනය කිරීම පමණක් නොව මිනිසුන්ගේ මනස පාලනය කිරීමේ බලය ද අත්පත් කරගැනීමයි.

“සංග්‍රාම භූමියේ මිලිටරි ජයග්‍රහණයක් දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයක් බවට පත්කිරීම සඳහා අවශ්‍යව තිබූ අවසන් මූලාංගය ඇතැම් විට සංජානන යුද්ධය විය හැකිය. මනුෂ්‍ය අවකාශය තීරණාත්මක අවකාශය වනු ඇත. පළමු පංචවිධ අවකාශයන් විසින් උපක්‍රමික සහ ක්‍රියාන්විත ජයග්‍රහණයන් ලබා දෙනු ඇති අතර අවසාන සහ සම්පූර්ණ විජයග්‍රහණය ලබාගත හැක්කේ මානව අවකාශයට පමණි.”

කැනඩා නේටෝ සම්මේලනය විසින් 2021 ඔක්තෝබර් 5 වැනි දින සංවිධානය කරන ලද මෙම සංවාද මණ්ඩපය හමුවේ මෙම අධ්‍යයනය සිදු කළ නේටෝ පර්යේෂක ෆ්‍රංශුවා ඩු ක්ලුසෙල් ඔහුගේ කතාව අවසන් කළ පසු කැනේඩියානු විශේෂ මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරි ඇන්ඩි බොන්වී (Andy Bonvie)කතා කරමින් සංජානන යුද මෙහෙයුම්වල වැදගත්කම අවධාරණය කළේය.

කැනේඩියානු හමුදාව තුළ වසර 30 ක අත් දැකීම් සහිත ඇන්ඩි බොන්වී විසින් (Andy Bonvie) ඩු ක්ලුසෙල් සහ අනෙකුත් අයගේ පර්යේෂණ බටහිර හමුදාවන් විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී යොදා ගත් ආකාරය ද නව සංජානන යුද තාක්ෂණය සිය සටන් ක්‍රියාකාරකම් වලට අන්තර්ග්‍රහණය කළ හැටි ද විස්තර කරන ලදි.

“සංජානන යුද්ධය යනු අපට නව ආකාරයක දෙමුහුන් යුද්ධ ආකාරයකි. අතීතයේ සිදු වූ ගැටුම්වලදී සතුරා විසින් අපට එල්ල කළ ප්‍රහාරයන් තුළ වූ සංජානන ප්‍රහාරයන්, අවි රහිත ප්‍රහාරයන් සහ සංග්‍රාමීය නොවන තර්ජන අප විසින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. එවිට ඔවුන්ගේ ක්‍රියාවන්ට ගැළපෙන පරිදි අපට සකස්විය හැකි අතර මෙම වෙනස් පරිසරයට ගැළපෙන පරිදි අපගේ පුහුණුවීම් සිදු කළ හැකිය.”
සිය සතුරන් විසින් සංජානන යුද උපක්‍රම තමන්ට විරුද්ධව යොදා ගන්නා බව පවසමින් නේටෝ සන්ධානයේ ක්‍රියාවන් හුදෙක් ආරක්ෂාව සඳහා යැයි චිත්‍රණය කිරීමට ඇන්ඩී බොන්වී උත්සාහ කළේය. එසේ වුවද”උපක්‍රමිකව වාසි සහගත තත්ත්වයක් පවත්වාගෙන යෑම” අරමුණු කොටගෙන බටහිර හමුදා විසින් මෙම යුද තාක්ෂණයන් සංවර්ධනය කරමින් සිටින්නේ යැයි ඔහු පිළිගත්තේය.

“භූමිය අත්පත්කරගැනීම සඳහා යුද්ධ කළ දවස් ඉකුත් වී දැන් බොහෝ කල් ගතව තිබේ. දැන් නව ඉලක්කය සතුරාගේ අදහස් සහ මතවාදයන් වෙනස් කිරීමයි. එය විසින් මිනිසාගේ ගුරුත්ව කේන්ද්‍රය මොළය බවට පත් කර තිබේ. එමෙන්ම එය විසින් තරඟය අවකාශය බවට මිනිසාව පත් කර ඇති අතර මිනිස් මනස සංග්‍රාම භූමිය බවට පත් කර තිබේ.”
“…අපි කතා කරන්නේ ද්විත්ව යුද ආකාරයන්ගේ තර්ජනය ගැන නම්,මේ දක්වා භාවිතයේ යොදා ඇති යුද ආකාරවලින් නොමග යැවීම මත බොහෝ සෙයින් පදනම්ව ඇති යුද ආකාරය සංජානනී යුද්ධය වේ. එහි ඉලක්කය වන්නේ තීරණ ගනු ලබන පුද්ගලයන් මත බලපෑම් කොට අවනත කරගැනීම සහ පුද්ගල කණ්ඩායමක් තුළ කණ්ඩායමක් වෙත බලපෑම් කරමින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කිරීම මගින් උපක්‍රමික හෝ උපායමාර්ගික වාසියක් ලබා ගැනීමයි. “

භූමිය අත්පත්කරගැනීම සඳහා යුද්ධ කළ දවස් ඉකුත් වී දැන් බොහෝ කල් ගතව තිබේ.

“අප උපක්‍රමිකව පමණක් නොව උපාය මාර්ගිකව ද ව්‍යාප්ත වන විට අප විසින් පෙරමුණට යවන සෙබළුන් සතු උපක්‍රමික වාසි සහගත තත්ත්වයන් අහිමිවීමට අපට ඉඩ තැබිය නොහැකිය…. අප සතුව පවතින සහ අප විසින් භුක්ති විඳිමින් සිටින සමහර වෙනස් ශක්‍යතාවන් හිටි හැටියේම අපගේ සතුරන් විසින් අපට එරෙහිව යොදා ගනිමින් සිටිති. අපගේ සතුරන් කොතරම් ඉක්මණින් දේවල්වලට හැඩ ගැසෙනවාද යන්න ගැන අපි හොඳින් වටහා ගත යුත්තෙමු. එමගින් ඔවුන් අනාගතයේදී කරන්නට යන්නේ කුමක්දැයි අපට අනුමාන කළ හැකි වනු ඇත. එමගින් පෙරමුණට යන අපගේ සෙබළුන් සඳහා උපක්‍රමිකව වාසි සහගත තත්ත්වයන් පවත්වාගෙන යාමට අපට හකිවනු ඇත. “”යි කැනේඩියානු හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරියක වන මාරි-පියෙරේ රේමන්ඩ් පැවසුවාය. ඇය වර්තමානයේ දී කැනේඩියානු හමුදාවේ ආරක්ෂක විශිෂ්ටත්වය සහ ආරක්ෂක වැඩසටහන සඳහා නවීකාරකත්වය ව්‍යාපෘතියේ ආරක්ෂක විද්‍යාඥවරියක් සහ කළමණාකාරවරියක් ලෙස සේවය කරයි. ඇය ද මෙම ඔක්තෝබර් 5 වැනිදා සංවාද මණ්ඩපයට එක්ව සිටියාය.

“භූමිය අත්පත්කරගැනීම සඳහා යුද්ධ කළ දවස් ඉකුත් වී දැන් බොහෝ කල් ගතව තිබේ. දැන් නව ඉලක්කය සතුරාගේ අදහස් සහ මතවාදයන් වෙනස් කිරීමයි. එය විසින් මිනිසාගේ ගුරුත්ව කේන්ද්‍රය මොළය බවට පත් කර තිබේ. එමෙන්ම එය විසින් තරඟය අවකාශය බවට මිනිසාව පත් කර ඇති අතර මිනිස් මනස සංග්‍රාම භූමිය බවට පත් කර තිබේ.”
“අපි කතා කරන්නේ ද්විත්ව යුද ආකාරයන්ගේ තර්ජනය ගැන නම්,මේ දක්වා භාවිතයේ යොදා ඇති යුද ආකාරවලින් නොමග යැවීම මත බොහෝ සෙයින් පදනම්ව ඇති යුද ආකාරය සංජානනී යුද්ධය වේ. එහි ඉලක්කය වන්නේ තීරණ ගනු ලබන පුද්ගලයන් මත බලපෑම් කොට අවනත කරගැනීම සහ පුද්ගල කණ්ඩායමක් තුළ කණ්ඩායමක් වෙත බලපෑම් කරමින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කිරීම මගින් උපක්‍රමික හෝ උපායමාර්ගික වාසියක් ලබා ගැනීමයි. ”

සංජානන යුද්ධය බොහෝ සෙයින් කෘත්‍රිම බුද්ධිය, විශාල දත්ත සංචිත සහ සමාජ මාධ්‍ය ජාලා සමග සම්පාත වී ඇතැයි ද එය විසින් ස්නායු විද්‍යාවන්ගේ ශීඝ්‍ර පරිණාමය පරාවර්තනය කරන බව ද රේමන්ඩ් පැවසුවාය

නේටෝ 2021 සරත් සෘතු නවීකාරක අභියෝගය වැඩ සටහන අධීක්ෂණය කිරීමට ඇය කැනේඩියානු ජාතික ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙනුවෙන් සිය සහාය ලබා දෙයි.

තේරුම්ගැනීමට අපහසු ඉහළ තාක්ෂණික වදන් යොදමින් ඇය පැවසුවේ සංජානන යුද වැඩ සටහන හුදෙක් ආරක්ෂක එකක් පමණක් නොවන අතර එය ආක්‍රමණික එකක් ද වන බවයි.
“අභියෝගය වන්නේ නේටෝ හි අංකුර මට්ටමේ පවතින මානව අවකාශ වැඩ සටහනට උදව් කරන විසඳුමක් ඉල්ලා සිටීම සහ සන්ධානය තුළ සංජානන පරිසර පද්ධතියක් සංවර්ධනය කිරීම ඉක්මණින්ම පටන්ගැනීමයි. එය විසින් සංජානන අවකාශය තුළ සංයුක්ත ක්‍රියාමාර්ගයන් වෙත යොමු කරවන නව භාවිත වැඩසටහන්, නව පද්ධති, නව මෙවලම් සහ නව සංකල්ප සංවර්ධනයට සහාය වනු ඇත”.
ඇය වැඩි දුරටත් අවධාරණය කළේ ” අපගේ සොල්දාදුවන්ට සංජානන අවකාශය තුළ සටන් වැදී ජය ලබාගැනීම පිණිස සන්ධානයේ සාමාජික රටවල්, නවීකාරකයන්, පර්යේෂකයන්, අතර ස්ථීර සහයෝගිතාවක් පැවතිය යුතුය” යනුවෙනි.
ආයෝජක සමාගම් උනන්දු කරවනු වස් රේමන්ඩ් මෙසේද පැවසුවාය. “අයැදුම්කරන්නන් හට ජාතික සහ ජාත්‍යන්තර ප්‍රචාරයක් හිමිවන අතර හොඳම විසඳුමට මුදල් ත්‍යාග හිමි වේ. එමෙන්ම ඔවුන්ට රටවල් 30 වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ද හිමි වනු ඇත.”

නෙටෝ හි යුද බෙර වාදනය

කැනේඩියානු විශේෂ මෙහෙයුම් බලකා ආඥාවේ දකුණු ඔන්ටාරියෝ හි “නවීකාරක නිලධාරියා” ලෙස සේවය කරන හමුදා නිලධාරියෙකු වන ශේකර් ගෝතී

නේටෝහි සංජානන යුද්ධ වැඩ පිළිවෙළ මත ආයෝජනය කරන ලෙස කැනේඩියානු හමුදා නිලධාරියා සමාගම්වලින් ඉල්ලා සිටියි.
කැනඩාවේ ජාතික ආරක්ෂක දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් නේටෝ හි 2021 සරත් සෘතු නවීකාරක අභියෝගය වැඩ සටහන කළමණාකරණයට සහභාගිවන අනෙක් ආයතනය කැනේඩියානු විශේෂ මෙහෙයුම් බලකා ආඥාවයි (Canadian Special Operations Forces Command – CANSOFCOM).
කැනේඩියානු විශේෂ මෙහෙයුම් බලකා ආඥාවේ දකුණු ඔන්ටාරියෝ හි “නවීකාරක නිලධාරියා” ලෙස සේවය කරන හමුදා නිලධාරියෙකු වන ශේකර් ගෝතී (Shekhar Gothi) කැනඩා නේටෝ සම්මේලනය විසින් කැඳවන ලද ඔක්තෝබර් 5 සංවාද මණ්ඩපයට සහභාගි වූ අවසාන කථිකයා විය. ඔහු මෙම වැඩ සටහන නිමා කළේ නේටෝහි සංජානන යුද පර්යේෂණ සඳහා ආයෝජනය කරන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටිමිනි.
වසරකට දෙවරක් පවත්වන මෙම නවීකාරක අභියෝග වැඩ සටහන “නෙටෝ හි යුද බෙර වාදනයේ කොටසක්” බව ගෝති මහත් උනන්දුවකින් යුතුව පැවසීය.
2021 වසන්තයේදී පෘතුගාලයේදී පැවැත්වුණු නවීකාරක අභියෝග සමුළුවේ තේමාව වූයේ අභ්‍යවකාශ යුද්ධය බවත් 2020 වසන්තයේදී නෙදර්ලන්තයේදී පැවැත්වුණු නවීකාර අභියෝගය වැඩ සටහන සිය කේන්ද්‍රීය අවධානය යොමු කළේ කොවිඩ්-19 වෙත බවත් ගෝතී සඳහන් කළේය.
බහුජාතික සමාගම්වල ආයෝජකයන් වෙත ගෝතී විසින් මෙසේ සහතික කරන ලදි. ” තමන්ගේ බුද්ධිමය දේපොළ වල හිමිකම සම්පූර්ණයෙන්ම නවීකාරක අදහස් ඉදිරිපත් කරන්නන් සතුවන බව නෙටෝ නවීකාරක අභියෝගය වැඩ සටහන විසින් සියලු නවීකාරකයන් වෙත දැනුම් දෙන බව මම සහතික කරමි. කැනඩාව හෝ නෙටෝව ඔබගේ නවීකාරක නිර්මාණයේ හෝ අදහස්වල පාලනය තමන් යටතට නොගනු ඇත.එහි පාලනය නවීකාරකයන් සතුව පවතිනු ඇත.”
.
මෙමගින් අදහස් වන්නේ නේටෝව සහ යුද නිෂ්පාදන සංකීර්ණයේ එහි සහායකයන් විසින් උත්සාහ කරන්නේ සමස්ත ලෝකයමත් එහි වෙසෙන සමස්ත මිනිස් වර්ගයාත් සංජානන යුද මෙහෙයුම් මගින් සිය පාලනය යටතට ගැනීමට පමණක් නොව, බහුජාතික සමාගම් සහ ඒවායේ කොටස් හිමිකරුවන් මෙම අධිරාජ්‍යවාදි මෙහෙයුම තුළ දිගටම ලාභ ලැබීමටද කටයුතු කරන බවයි.

බෙන් නොර්ටන් විසින් The Grayzon වෙබ් අඩවියට Behind NATO’s ‘cognitive warfare’: ‘Battle for your brain’ waged by Western militaries යන මැයෙන් ලියන ලද ලිපියේ සිංහලය පරිවර්තනය

බෙන් නෝර්ටන් : ජනමාධ්‍යවේදීයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන බෙන් නෝර්ටන් The Grayzon වෙබ් අඩවියේ සහකාර සංස්කාරකවරයා ලෙසද කටයුතු කරයි.

 

 

 

Behind NATO’s ‘cognitive warfare’: ‘Battle for your brain’ waged by Western militaries