කොවිඩ්-19 එන්නත්වල භූ දේශපාලනය සහ ෆයිසර් සමාගමේ පරීක්ෂණාගාර මීයන් බවට පත් කෙරුණු ලංකාවේ ළමා පරපුර

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක

“සදාකාලික යුද්ධ නැවැත්වීම පිළිබඳ කයිවාරු කුමක්වුව ද ජනාධිපතිවරයා නව ගැටුමක් එනම් “ගැඹුරු මුහුදේ සිට කෙරෙන දුරස්ථ ප්‍රහාරක යුද්ධය 2021 (Over the Horizon (OTH) War of 2021)“ ඇතිකිරීම සඳහා අතවනමින් සිටියි. අපට සාර්ථක වීමට අවශ්‍යව තිබේ නම් අප විසින් පිළිගත යුත්තේ මෙම නව යුද්ධය නිසැක ලෙසම අසීරු සහ ජීවිත සහ සම්පත් යන දෙකෙන්ම ඉහළම මිලක් ගෙවීමට සිදු වන එකක් බවය. එය “සදාකාලික යුද්ධයක්” නොවන්නේ නම් එය දිගුකාලීන ගැටුමක් වනු ඇත.”
(ඇමෙරිකාවේ නවතම ගැටුම්වල අරුණෝදය- චාර්ලි ඩන්ලප් -The dawn of America’s latest conflict by Charlie Dunlap, J.D. in Lawfare · 1 September 2021 )

ඉන්දියානු සාගරය මැද පිහිටා ඇති ශ්‍රි ලංකාව මෙවර කොවිඩ් 19 එන්නත් සැඩ ප්‍රවාහයකට යටවෙමින් පවතී

වැක්සීන් නිපදවන රටවල් ගණනාවක් විසින් වැක්සීන රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම හරහා මෙම දිවයින තුළ සිය භූ දේශපාලනික ආධිපත්‍යය තහවුරු කිරීමට උත්සාහ කරමින් සිටින්නේ ලෝකයේ වෙළෙඳ, බලශක්ති, සබ්මැරීන හෝ මුහුදු යට ආර්ථිකමය සහ අන්තර්ජාලමය දත්තවල ආරක්ෂාව සඳහා වැදගත්වන සන්නිවේදන කේබල් (Undersea Data Cable -UDC) මාර්ග සඳහා සන්ධිස්ථානයක ශ්‍රි ලංකාව භූගෝලීයව පිහිටීම හේතුවෙනි මෙම සතියේදී  චිනය තවත් සිනොවැක් වැක්සීන මාත්‍රා මිලියනයක් ලබාදීමට පොරොන්දු විය.

එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වී චීනයට එරෙහිව “නිදහස් සහ විවෘත“ ඉන්දු පැසිෆික් කලාපය තුළ ප්‍රතිස්ථානගත වීම සහ පරිසරය විනාශය උග්‍රකරමින් අවි තරඟය ව්‍යාප්ත කරවන ස්ටෙල්ත් න්‍යෂ්ටික සබ්මැරීන නිපදවීමට මේ සතිය තුළ ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය විසින් AUKUS නම් නව මෙවලම් ස්ථානගත කිරීමට කටයුතු කිරීම ආදිය විසින් ගැඹුරු මුහුදේ සිට කෙරෙන දුරස්ථ ප්‍රහාරක යුද්ධයක සහ නව සීතල යුද තත්ත්වයක කම්පන කේන්ද්‍රය බවට ඉන්දීය සාගර කලාපය පත්වෙමින් පවතී.

අගෝස්තුවේදී ඇමෙරිකන් එක්සත් ජනපදය සිය ඇෆ්ඝන් ආක්‍රමණය හමාර කිරීමත් සමගම කොවිඩ්-19 “වසංගතය ද ඒ රටින් අතුරුදන් වී ඇති අතර  උපාය මාර්ගිකව වැදගත්කමකින් යුතු පිහිටීමක ඇති ශ්‍රී ලංකාව තුළ සිය හමුදා එක් රැස් කරමින් ලොක් ඩවුන් මෙහෙයුම් දීර්ඝ කර ඇත.

ශ්‍රී ලාංකික දරුවන් ඖෂධ සමාගම් වල පරීක්ෂණාගාර මීයන් බවට පත්වීම

ඉන්දිය සාගර කලාපය තුළ මිලිටරීකරණය උත්සන්න කරවා ඇති මේ අවස්ථාවේ  උපායමාර්ගිකව වැදගත් පිහිටීමක ඇති ශ්‍රි ලංකාව දිග්ගස්වන ලද නිරෝධායන ඇඳිරිනීතියක සිර කෙරී ඇත. ලංකාව  සිය ජනගහණයෙන් බහුතරයක් ජනයා කොවිඩ්-19 සඳහා එන්නත් කරවා ඇති රටවල් අතරින් එකක් වන අතර නිසැකවම දකුණු ආසියාවේ දෙවරක් එන්නත් කරවා ඇති ජනතාවගේ ප්‍රතිශතය ඉහළම අගයක් ගන්නා රට එනම් 50% ට වැඩි අගයක් ගන්නා රටකි. ලංකාවේ මෙම මෙම එන්නත්කරණය සිදුවූයේ දැඩි හමුදාකරණයක් මගිනි. සන්සන්දනාත්මකව බලන්නේ නම් වියට්නාමයේ එන්නත් කරන ලද ජනයාගේ සංඛ්‍යාව 4%ක් වන අතර අප්‍රිකානු මහාද්විපයේ එය 3%ක අගයක් ගනී. කොවිඩ්-19 වල දැඩි බලපෑමකට ලක් වූ රටක් ලෙස සැළකෙන එක්සත් ජනපදයේ ද්විත්ව වාර එන්නත් ප්‍රතිශතය 54%කි.

ඉන්දීය සාගර කලාපය තුළ බලගතු රටවල බලපොරයට මැදි වී සිටින ශ්‍රී ලංකාව නිරෝධායන ඇඳිරිනීති හේතුවෙන් ආර්ථිකය එහි බිඳවැටෙමින් තිබුණද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද, වැක්සීන් විකිණීමෙන් විශාල ලෙස ලාභ උපයන දැවැන්ත ඖෂධ සමාගම්වලද අනුග්‍රහය සහ මුල්‍ය පහසුකම් ලබමින් ගෝලීය දකුණ තුළ එන්නත් කරණ මැරතන් තරගයෙන් නිසැකව “ජය” ගනිමින් සිටියි.

වර්තමානයේදී එක්සත් ජනපදය සහ ජර්මනිය නිෂ්පාදනය කරන ෆයිසර් සහ මොඩර්නා එන්නත් චීනයේ සිනොවැක් සහ සිනොෆාම් සමග තරඟ කරමින් සිටිති . රුසියාවේ ස්පුට්නික් සහ ඉන්දියාවේ ඇස්ට්‍රා සෙනකා පසුවනුයේ ඉතාම පිටු පසින් තුන්වන ස්ථානයේය. ඉන්දීය සාගර කලාපය තුළ සිය ආධිපත්‍යය තහවුරු කරගනු වස් ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය වැක්සීන් රාජ්‍යතාන්ත්‍රිකත්වය භාවිතා කරමින් තරඟ වැද සිටිති. ඒ අතර USAID සංවිධානය උපායමාර්ගිකව වැදගත්යැයි තෝරාගත් රටවල් තුළ කොවිඩ්- 19 සිදුවීම් සැලසුම් කරමින් සිටී.

කොවිඩ්- 19 දැවැන්ත ජාවාරමක් බවට පත් කරගත් ශ්‍රි ලංකාවේ වෛද්‍ය අධිකාරීන් සහ “වෛද්‍ය මාෆියාව“ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වමින් සිටින ගෝලීය එන්නත් ධාවන තරඟයේ රන් පදක්කම දිනාගැනීමට එන්නත්කරණයේ නව රැල්ලක් Pfizer-mRNA එන්නත ළමුන්ට දීම මගින් ඇරඹීමට සුදානම් වෙද්දි ජාතික ඖෂධ පාලක අධිකාරියේ දත්ත ගබඩාවට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. මෙම ජාතික ඖෂධ පාලක අධිකාරියේ (The National Medicines Regulatory Authority -NMRA) ) දත්ත ගබඩාව පවත්වාගෙන යනු ලබනුයේ එපික් ලංකා(Epic Lanka) නම් සමාගමක් විසිනි. මේ මෙම සයිබර් ප්‍රහාරය මගින් රජයේ රහසිගත දත්ත ( Lanka Government Cloud -LGC). ) ටෙරා බයිට් දෙකක එනම් ගිගා බයිට් 2000ක දත්ත සංඛ්‍යාවක් විනාශ කර ඇත. රටේ ඖෂධ, වෛද්‍ය උපකරණ, ආදිය සඳහා අවසර පත්‍ර නිකුත් කිරීමේ බලය ඇත්තේ ජාතික ඖෂධ පාලක අධිකාරියටයි.

මෙලෙස විනාශ කර ඇති හෝ සොරකම් කරන ලද පරිගණක දත්ත ගොනු අයත්වනුයේ ඖෂධ සහ එන්නත් පාලනයට අදාළවය. එහෙයින් හදිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතයට අවසර දී ඇති ඉහත කොවිඩ්-19 එන්නත් සම්බන්ධව නිරීක්ෂණ කටයුතු පවත්වාගැනීමට හැකියාවක් ඇත් ද?

ළමුන් එන්නත් කරවීම කොවිඩ්- 19 දැවැන්ත ජාවාරමක් ලෙස

විශාල වශයෙන් ණය වී සිටින්නාවූත් උපාය මාර්ගික වැදගත් කමින් පිහිටි කලාපයක පිහිටා ඇත්තා වූත් මෙම ඉන්දියානු සාගර දිවයිනේ මුදලේ වටිනාකම අතිශයින් පහත වැටී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටු විසින් නිර්දේශිත නිරෝධායන ඇඳිරිනීතිවලට පින් සිදුවන්නටය. මෙවර කොවිඩ්- 19 වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව රුපියල් බිලියන 700ක් වියදම් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත. (අගොස්තු 2021)

කොවිඩ්-19 සඳහා පරීක්ෂණ, වෛද්‍ය උපකරණ සහ තාක්ෂණය, ඩිජිටල්කරණය, විශාල දත්ත සහ නිරීක්ෂණ ( big data and surveillanc) යනු දැවැන්ත ව්‍යාපාරයකි. ගෝලීයව සහ දේශියව වැක්සීන් සඳහා, ජීව තාක්ෂණය සහ ඖෂධ නිෂ්පාදන සමාගම්, සහ සයිබර් ආරක්ෂක සමාගම් සහ ඔවුන්ගේ දේශිය ව්‍යාපාරික ඒජන්තයන්, කොළඹ ආණ්ඩුවේ මාධ්‍ය සහකරුවන්, පීසීආර් සහ ඇන්ටිජන් ටෙස්ට්, පර්යේෂණ සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සඳහා, විද්‍යාගාර සඳහා, කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර, නව ගිලන්රථ,ඔක්සිජන් ආනයනය, පුද්ගල ආරක්ෂක ඇඳම් සහ මෙවලම්( personal protection equipment -PPE), නිරෝධායන හෝටල ආදි වශයෙන් මේ සියල්ල ජාවාරමක් විය. දිවයින තුළ හදිසි වසංගත අවස්ථාවක් පෙන්විය හැකි කිසිදු වැදගත් සංඛ්‍යාත්මක දත්තයන් නොවූ ව ද හදිසි අවස්ථාවන් ප්‍රකාශ කර ඒ හදිසි අවස්ථා භාවිතය සඳහා අනුමත කරන ලද වැක්සීන ආනයන කර ඒ සඳහා ගෙවූ බිලියන ගණන්වලට අමතරවය. එමෙන්ම ඖෂධ සමාගම්වල අධි වෙළෙඳ ඉල්ලුමක් සහිත අති විශේෂ ශීතකරණ පහසුකම් සහ ට්‍රක්වලටද යුනිසෙෆ් සංවිධානය විසින් ළමුන්ව එන්නත් කරවීමට දක්වන ලද හදිස්සිය හේතුවෙන් වෙන් කරන ලද ෆයිසර් messenger RNA එන්නත්වලටද තවත් බිලියන සිය ගණනින් එලෙසම ගෙවා ඇත.

රටේ භූ-උපායමාර්ගික පිහිටීමේ කිසිදු වාසියක් ගැනීම අසමත් වීම මගින් ද රටේ අතිශයින් වටිනා ඛනිජ වර්ග නිදසුනක් ලෙස ෆයිසර් එන්නත සඳහා යොදාගනු ලබන ග්‍රැෆේන් සැදීමට යොදාගනු ලබන ග්‍රැෆයිට් ද ඇතුළු ඛනිජ ද්‍රව්‍ය හුදෙක් “වැලි“ ලෙස අපනයනය කරමින් ද ඒවායින් කිසිදු වාසියක් රටේ ආර්ථික වර්ධනයට යොදා ගැනීමට අසමත් වූ ශ්‍රී ලංකා රජය දැන් දකුණු ආසියානු ජනතාව මත හෝ ලෝකයේ කිසිදු තැනක ප්‍රමාණවත් තරමින් පරීක්ෂණයට ලක් කර ඒවායේ සුරක්ෂිතතාව හෝ කාර්යක්ෂමතාව පිළිබඳ මෙම සමාගම් විසින්වත් කිසිදු නිල සහතිකයක් නිකුත් කර නැති, හුදෙක් හදිසි අවස්ථා භාවිතය සඳහා පමණක් අනුමැතිය ලැබී ඇති අතිශයන් නව ජාන ප්‍රතිකාරක ක්‍රමයක්වන ෆයිසර් මැසෙන්ජර් RNA එන්නත් (Pfizer messenger RNA vaccine ) දැන් දිවයිනේ සියළුම ළමුන්ට එන්නත් කරවීමට සැරසෙයි.

මෙම messenger RNA එන්නත සතුන් සඳහා අත්හදා බැලූ සෑම විටෙකම ලැබී ඇත්තේ අතිශය විනාශකාරී ප්‍රතිඵලයන්ය. ශ්‍රි ලංකාවේ විශාල අසල්වැසියා වන ඉන්දියාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් භාවිතය සඳහා අනුමැතිය ලබා දී නැත. මක් නිසාද යත් ෆයිසර් සමාගම විසින් එන්නතේ කෙටිකාලීන හෝ දිගුකාලීන අතුරු ආබාධ පිළිබඳව ඉන්දීය රජය විසින් ඉල්ලා සිටි වාර්තාවන් සහ දත්ත ලබාදීම කල් දමා ඇති බැවින් සහ එන්නත්වල අතුරු ආබාධවලින් තදබල හානි වලට ලක්වන්නවුන් නීතිමය ක්‍රියා මාර්ග ගතහොත් ඒවායින් ෆයිසර් සමාගමට බේරී සිටීමට නීතිමය මුක්තියක් ඉල්ලා සිටි බැවිනි. ෆයිසර් සමාගම විසින් නිපදවන ලද එන්නතේ කෙටිකාලීන හෝ දිගුකාලීන අතුරු ආබාධ පිළිබඳව කිසිවකුත් නොදනී.

දැන් අප හමුවේ ඇති ප්‍රශ්නය වසරක් වැනි කෙටි කාලයක් තුළ කඩිමුඩියේ “සංවර්ධනය” කර ආසියානු රටවලදී පරීක්ෂණයට පවා ලක් කර නැති හුදෙක් හදිසි අවස්ථා අනුමැතිය යටතේ පමණක් භාවිතයට අවසර ඇති මෙම එන්නත් නිපදවන ලද දැවැන්ත ඖෂධ සමාගම්වල පරීක්ෂණ අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකාවේ දරුවන් විද්‍යාගාර මීයන්ගේ තත්වයට පිරිහෙළමින් පවතින්නේ ද යන්නයි.

ෆයිසර් ද්විත්ව එන්නත්  ලබාගැනීමෙන් පසු සිදු වූ මරණ එනම් මහරාජා සමාගමේ ප්‍රධානියා වූ කිලී මහරාජා සහ හිටපු මුදල් සහ විදේශ ඇමැති මංගල සමරවීර වැනි ඉහළ පෙළේ පුද්ගලයන්ගේ මරණ හේතුවෙන් ෆයිසර් ද්විත්ව එන්නත පිළිබඳව ඇතැම් පිරිස් තුළ ගැටළු මතු විය. විශේෂයෙන්ම ෆයිසර් සමාගමේ අතීතය පරීක්ෂා කර බැලීමේදී ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසුව විවිධ හෘදයාබාධයන්ට ලක්වීමෙන් සිදුවූ මරණ ගණනාවක් පිළිබඳව වාර්තා දැකිය හැකිය. එමෙන්ම 1970 දශකයේදී  වෛද්‍ය සේනක බිබිලේ විසින් ක්‍රියාවට නැංවීට උත්සාහ කළ ස්වාධීන ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ උත්සාහය කඩාකප්පල් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කටයුතු කිරීමත් ඊට අදාළ ෆයිසර් සමාගමේ සම්බන්ධය පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමු වී තිබේ.

අවධානයට ගත යුතු වැදගත්ම කරුණක් වන්නේ සාමාන්‍යයෙන් නව එන්නතක් නිසි පරිදි ප්‍රමාණවත් ලෙස සංවර්ධනය කිරීමට වසර 7ක සිට වසර 12ක් වැනි කාලයක් ගතවිය හැකි බවයි. දැනට භාවිතයේ පවතින වැක්සීන සියල්ලම වසරකටත් අඩු කාලයක් තුළ සංවර්ධනය කළ ඒවා වන අතර තුන්වන අදියරේ පරීක්ෂණ තවමත් නිමා වී නැත.

එමෙන්ම ලංකාවේ ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ වාර්තාවලට අනුව (Department of Census and Statistics – DCS) පෙනී යන දෙයක් නම් ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි අවදානමක් එල්ලවන හදිසි තත්ත්වයක් 2020 වසරේ දී නොපැවැති බවයි. ජන මාධ්‍ය විසින් මවාපා ඇති වසංගත භීෂණයක් මිසක රට තුළ සැබෑ ලෙසම එවැනි හදිසි තත්ත්වයක් නොපවතින තත්ත්වයක් තුළ කොවිඩ්-19 මගින් කිසිදු අවදානමක් නැති වයස් කාණ්ඩයකට අයත් වන ළමයින්ට සහ යෞවනයන්ට හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ පමණක් භාවිතයට අනුමැතිය දී ඇති එන්නත් ලබාදීමට මේ තරම් හදිස්සියක් දක්වන්නේ මන්ද?

තවද බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායෙල් පර්යේෂකයන් පිරිසක් විසින් පවසන අන්දමට ඊනියා කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයට  එරෙහිව ෆයිසර් එන්නතේ  කාර්යක්ෂමතාව අඩුය. එහෙයින් තුන්වන වරටද එන්නත් කිරීම සිදු කළ යුතු බව ඔවුහු සඳහන් කර ඇත. එසේ නම් කොවිඩ්-19 හමුවේ අඩු අවදානමක් ඇති දරුවන් වෙත ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන්නේ මන්දැයි ප්‍රශ්න කළ යුතු කරුණකි.

වෛද්‍ය සේනක බිබිලේ

ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ 2020 වසර සඳහා මරණ සංඛ්‍යා ලේඛන දැන් පරීක්ෂා කළ හැකිය. මෙම සංඛ්‍යා ලේඛන 2020 ට කලින් පසුගිය දශකයේ වසරවලදී ඉන්ෆ්ලුවන්සා සහ නිව්මෝනියා මරණ වලින් සිදු වූ සංඛ්‍යා ලේඛන සමග සන්සන්දනය කිරීමේදී 2020 වසර තුළ කොවිඩ්-19 සඳහා හදිසි තත්ත්වයක් නොපැවැති බව පෙනී යයි.
එයට ප්‍රතිවිරුද්ධ ලෙස 2020 දී මරණ ප්‍රතිශතය ඊට කලින් වසර වඩා 10%ක අඩුවීමක් පෙන්නුම් කරයි. එසේ වුව ද රට සමාජීයව සහ ආර්ථිකමය වශයෙන් විනාශ කරන නිරෝධායන ඇඳිරිනීති මාස ගණනාවක් පවත්වාගෙන යමින් ණය උගුලේ තවතවත් සිරවෙමින් රටේ සම්පත් විකුණා දමන ලදි. මේ අතර එක්සත් ජනපදය සිය යුද පුහුණු සංදර්ශන දිවයිනේ වෙරළාසන්නව පවත්වමින් දුසිම් ගණනින් තල්මසුන් සහ ඩොල්පිනයන් මරාදමන ලදි.

ෆයිසර් දිගින් දිගටම කියා සිටින්නේ කිසිදු හානිකර අතුරු ආබාධයක් වාර්තාවී නැති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුග්‍රහය සපයන නිරෝධායන ඇඳිරිනීති යටතේ මුළු රටම පවත්වාගෙන යමින් සමස්ත ජනගහණය විශේෂයෙන්ම එන්නත් වලින් හානි සිදුවීමට වැඩිම ඉඩකඩක් ඇති කණ්ඩායම වන ළමුන් ද ඇතුළුව එන්නත් කරවීමට හදිස්සියක් දැක් වුව ද ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය හෝ (Sri Lanka Medical Association -SLMA) හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) විසින් එන්නත්වලින් සිදුවන හානි හෝ අතුරු ආබාධ පිළිබඳ කිසිදු වාර්තාකරණයක් හෝ ඒ පිළිබඳ යාන්ත්‍රණයක් පවත්වාගෙන නොයයි. එනම් ඔවුහු සිය වගකීම් ඉටුකිරීමට උනන්දුවක් දක්වා නැත.

කොවිඩ්-19 එන්නත්වල අතුරු ආබාධ සහ මරණ පිළිබඳ වාර්තාගත කිරීමේ ක්‍රියාදාමයක් නොපවත්වාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, ඖෂධ සමාගම්, ශ්‍රී ලංකා රජය, වෛද්‍ය නිලධාරි සංගම් අතර පවතින කුමන්ත්‍රණකාරි එකඟතාව

ෆයිසර් ද්විත්ව එන්නත්  ලබාගැනීමෙන් පසු සිදු වූ මරණ එනම් මහරාජා සමාගමේ ප්‍රධානියා වූ කිලී මහරාජා සහ හිටපු මුදල් සහ විදේශ ඇමැති මංගල සමරවීර වැනි ඉහළ පෙළේ පුද්ගලයන්ගේ මරණ හේතුවෙන් ෆයිසර් ද්විත්ව එන්නත පිළිබඳව ඇතැම් පිරිස් තුළ ගැටළු මතු විය. විශේෂයෙන්ම ෆයිසර් සමාගමේ අතීතය පරීක්ෂා කර බැලීමේදී ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසුව විවිධ හෘදයාබාධයන්ට ලක්වීමෙන් සිදුවූ මරණ ගණනාවක් පිළිබඳව වාර්තා දැකිය හැකිය. එමෙන්ම 1970 දශකයේදී වෛද්‍ය  සේනක බිබිලේ විසින් ක්‍රියාවට නැංවීට උත්සාහ කළ ස්වාධීන ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ උත්සාහය කඩාකප්පල් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කටයුතු කිරීමත් ඊට අදාළ ෆයිසර් සමාගමේ සම්බන්ධය පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමු වී තිබේ.

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇල්බර්ට් බෝර්ලා

මෑත දී එනම් 2009 වරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිපති දෙපාර්තුමේන්තුව විසින් (US Department of Justice -DOJ) ෆයිසර් සමාගම වෙත දඩ ගැසීමක් සිදු කර තිබේ. ඒ එක්සත් ජනපදයේ ඕපියොයිඩ් (Opioid) පිළිබඳ නීතිමය පරීක්ෂණවලදී ඖෂධවල අන්තර්ගතය වසන් කිරීමට ෆයිසර් සමාගම කටයුතු කිරීම හේතුවෙනි. එමෙන්ම තවත් ඖෂධ ගණනාවක් සම්බන්ධයෙන් ඖෂධ වෙලෙඳ නීති කඩකිරීම පිළිබඳව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් ඩොලර් බිලියන 2.3ක දඩයක් ෆයිසර් සමාගමට එරෙහිව ක්‍රියාත්මක කර ඇත. වේදනා නාශක ඖෂධ වන Bextra සහ Celebrex වල අතුරු ආබාධ ලෙස හෘදයාබාධ ඇතිවිය හැකි බවට වන දත්ත වසන් කිරීම නිසා 2016 දී ෆයිසර් සමාගම එම ගැටළුව සමථයකට පත් කිරීමට ඩොලර් මිලියන 486ක් ගෙවා තිබේ. මේ සිදුවීම් විමසා බලන කල මෑත දී ෆයිසර් කොවිඩ්-19 එන්නත ගැනීමෙන් පසු හෘදයාබාධවලින් සිදු වූ මරණ වලට හේතු වසන් කිරීමට ෆයිසර් සමාගම කටයුතු කිරීම පිළිබඳ පුදුම විය යුතු නැත.

2020 දෙසැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අවස්ථා තත්ත්වයන් යටතේ භාවිතා කිරීමට කඩිමුඩියේ අවසර දෙන ලද ෆයිසර් එන්නත ඊනියා කොවිඩ්-19 වසංගතය සඳහා වන පළමු එන්නත ලෙස ප්‍රචාරක වාසිය ද ලබාගත් අතර මෙම එන්නත්වල අතුරු ආබාධ හෝ අන්තර්ගතය සම්බන්ධයෙන් විස්තර ඉල්ලා සිටීමට අයිතියක් හෝ උනන්දුවක් නැති පිරිසක් වන ළමුන්ට පවා සුදුසු වඩාත් ම ජනප්‍රිය එන්නතක් ලෙස ද ප්‍රචාරය කෙරිණි. ඇත්ත තත්ත්වය නම් සමූල එන්නත්කරණයක් සඳහා පසු බිම සකස් කිරීමට උත්සවකාරී ලෙස ගෝලීය හා දේශිය මාධ්‍ය ව්‍යාපාරය විසින් දියත් කර ඇති එන්නත්වල යහගුණ වර්ණනා ප්‍රචාරක ව්‍යාපාරය මිසක ඒවායේ දිගුකාලීන හෝ කෙටිකාලීන අතුරු ආබාධවල අවදානම ගැන වැඩිහිටියන්ව පවා නිසි ලෙස දැනුවත් කිරීමක් සිදු නොවන බවයි.

මේ තත්ත්වය යටතේ මේ වසරේ පළමු කාර්තුව තුළ පමණක් ෆයිසර් සමාගම ඇමෙරිකන් ඩොලර් බිලියන 21ක ලාභයක් වාර්තා කිරීම අරුමයක් නොවේ.

ඇතැම් අය විශේෂයෙන්ම දෙමව්පියන් දැන් මේ ගැන තම සැළකිල්ල යොමු කිරීමට පටන්ගෙන තිබේ. ඔවුන් මතු කරන ප්‍රශ්නය නම් ශ්‍රි ලංකාවේ දරුවන් ඖෂධ සමාගම්වල විශේෂයෙන්ම ෆයිසර් සමාගම විසින් නිපදවන ලද එන්නත් පිළිබඳ පරීක්ෂණ සඳහා විද්‍යාගාර මීයන් බවට පත්කර ඇත්දැයි යන්නයි. මෙම ෆයිසර් එන්නත ප්‍රමාණවත් ලෙස එහි මූලික අදියර පරීක්ෂණ පවා නිම කර නැති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අවස්ථා භාවිතය සඳහා කඩිමුඩියේ අනුමැතිය දෙන ලද්දකි.

සාමාන්‍යයෙන් එන්නතක් සංවර්ධනය කරනු සඳහා වසර 7ක සිට 12ක් දක්වා කාලයක් ගත වේ. එමෙන්ම ශ්‍රි ලංකාවේ ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ 2020 වාර්ෂික මරණ අනුපාතය අනුව ශ්‍රි ලංකාව තුළ වසංගත තත්ත්වයක් හේතුවෙන් සිදුවන මරණ ඉහළ යාමක් නොපෙන්වයි. දැන් ලංකාව තුළ ඇත්ත වශයෙන්ම පවතින “හදිසි තත්ත්වය” නම් PCR ටෙස්ට් වසංගත ප්‍රෝඩාවක් සහ ඉන්ෆලුවන්සා හෙවත් ෆ්ලූ සහ වෙනත් හේතුන් නිසා සිදුවන මරණ කොවිඩ්- 19 මරණ ලෙස පරීක්ෂණයේ ව්‍යාජ පොසිටිව් ප්‍රතිඵල යොදාගෙන වාර්තා කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය කොවිඩ්-19 සඳහා අයිවර්මෙක්ටින් නම් ඖෂධය සාර්ථකව යොදාගත හැකි බව ප්‍රතික්ෂේප කරයි. නමුත් ඉන්දියාවේ නීතිඥ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයිවර්මෙක්ටින් විරෝධී ව්‍යාපාරයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියට නඩු පවරා ඇත.

එක්සත් ජනපදය PCR පරීක්ෂණ නවත්වා දමද්දී ශ්‍රි ලංකාව විසින් PCR පරීක්ෂණ උත්සන්න කරයි

මේ මොහොතේදී උපායමාර්ගිකව වැදගත් මෙම දිවයින ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයට නැවතත් යටත් කර ඇත අතර PCR පරීක්ෂණවල ව්‍යාජ පොසිටිව් ප්‍රතිඵල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත මර්දන මොඩලය භාවිතා කරමින් කොවිඩ්- 19 හදිසි තත්ත්වයක් නැවතත් මවා පාමින් ඇත.

මේ වනවිට එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (Center for Disease Control and Prevention -CDC) විසින් PCR පරීක්ෂණය භාවිතය නතර කර ඇත. ඒ එමගින් සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල ඉතා විශාල සංඛ්‍යාවක් ලබාදීම හේතුවෙන් සහ ඉන්ෆ්ලුවන්සා වෛරසය සහ කොවිඩ්-19 වෛරසය වෙන්කර හඳුනාගැනීමට මෙම පරීක්ෂණය අසමත් වී ඇති හෙයිනි. කොවිඩ්-19 ආසාදිතයන් හඳනාගැනීම සඳහා වරෙක ඔවුන් විසින්ම “ ස්වර්ණමය ප්‍රමිතිය (Gold Standard)’ සහිත පරීක්ෂණයක් ලෙස හඳුන්වාදෙන ලද PCR පරීක්ෂණය භාවිතා කිරීම සඳහා ලබාදුන් හදිසි අවස්ථා අනුමැතිය දැන් ඉවත් කර ඇත. ඒ සාවද්‍ය පොසිටිව් ප්‍රතිපල අනුපාතය ඉතා ඉහළ අගයක් ගැනීමත්, ඉන්ෆලුවන්සා ආසාදිතයන් කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගැනීම නිසා කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අති විශාල සහ සාවද්‍ය ඉහළ අගයක් ගැනීමයි.

කෙසේ වුව ද ශ්‍රි ලංකාව තුළ PCR පරීක්ෂණ විශාල වශයෙන් සිදුවෙමින් පවතී. මීට වසර කීපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය සමග වූ “සහස්‍රයේ අභියෝග පිළිබඳ සහයෝගීතා ගිවිසුමෙන් (Millennium Challenge Corporation -MCC) ඉවත් වූ මෙම දිවයින තුළ නැවතත් PCR ටෙස්ට් වසංගතයක් මතුවී තිබේ. ඒ ඉන්ෆ්ලුවන්සා රෝගය සහ වෙනත් රෝග හේතුවෙන් සිදුවන මරණ ද, කොවිඩ්-19 එන්නත් මගින් සිදුවන මරණ ද PCR පරීක්ෂණයේ සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල යොදාගනිමින් කොවිඩ්-19 මරණ ලෙස වාර්තා කිරීම මගිනි.

ඉන්දීය සාගරයේ අතුරා ඇති ගෝලීය ආර්ථිකයේ චලනයන්ට සංවේදී මුහුද යට සන්නිවේදන කේබල් මාර්ගයන්හි කේන්ද්‍රය මත භූගෝලීයව පිහිටීමේ උපාය මාර්ගික වැදගත් කම ද දිවයිනේ ඇති විරල ඛනිජ සම්පත් (Rare Earth Minerals – REEs) ද නාවික වරායන්ද රටට වාසි සහගත ලෙස ප්‍රයෝජනයේ යෙදවීමට දූෂිතභාවයේ ගිලී ඇති කොළඹ ආණ්ඩුව අසමත්ව ඇත. ඒ වෙනුවට එක්සත් ජනපදයේත් ශ්‍රී ලංකාවේත් ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇති රාජපක්ෂ සහෝදරයන් සිය අවධානය යොමු කර ඇත්තේ අතිශයින් මිලිටරීකරණයකට ලක් කර ඇති එන්නත්කරණ මෙහෙයුම වෙතය. අමානුෂික ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයන්ට යටත් කර ඇති මෙම දිවයින තුළ ආණ්ඩුවේ මෙම එන්නත් ව්‍යාපාරයට එන්නත් නිපදවන බහුජාතික ඖෂධ සමාගම්වල මුල්‍යාධාර මත පවත්වාගෙන යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගයද අත්පොළසන් ද හිමිව තිබේ. එපමණක් නොව මෙම ඖෂධ සමාගම් විසින් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ද එන්නත්කරණයද සඳහා සඳහා විවෘත සහයෝගය රජයටද ලෝක සෞඛ්‍ය සංවිධානයටද පළකරන බොහෝ සංවිධාන සහ සංගම්වලට ද නිදසුනක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයටද, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයටද මුල්‍යාධාර සපයනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද (UN Human Rights Commission – UNHRC) එක්සත් ජනපදයද විසින් ශ්‍රි ලංකා රජයට එල්ලකර ඇති 2009 යුද අපරාධ පිළිබඳ චෝදනා පිළිබඳ පීඩනයෙන් ගැලවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේත් ඖෂධ සමාගම්වලත් එන්නත්කරණ සහ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග වලට සහාය දීම මගින් උත්සාහ කරමින් සිටියි.

කෙසේ වුවද නීතිය මිලිටරිමය උපක්‍රමයක් ලෙස භාවිතයේ යෙදවීමේ ක්‍රියාවලිය මගින් අරමුණු සහගතවම යුක්තිය සහ සත්‍යය විකෘති කරමින් සිටින බව ජිනීවා හි එක්සත්ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සිදුවීම්වලින් පෙනී යයි. මෙහිදී යුක්තිය දෙවැනි වී ඇත්තේ “ප්‍රායෝගික දේශපාලනයට” පමණි. CIA සංවිධානය විසින් නිර්මාණය කර මෙහෙයවුනු ලබන ISIS සංවිධානය විසින් වගකීම බාරගත් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට රාජපක්ෂ සහෝදරවරුන්ගේ ඇති සම්බන්ධය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) මෙහෙයවමින් ඔවුන් වෙත ඇති කරන ලද පීඩනයෙන් ගැලවීමටද ආණ්ඩු බලය යළි ලබාගැනීමද වෙනුවෙන් සිදු කෙරුණ හුවමාරුවක්දැයි විමසිය යුතුය.

මෙම නව SARS-COV 2 වෛරසය [කොවිඩ්-19- එක්සත් ජනපදයේ ජීව විද්‍යාත්මක ත්‍රස්ත කටයුතු හා සම්බන්ධ ෆෝර්ට් ඩෙට්‍රික්හි ආයතනයත් චීනයේ වුහාන්හි Virology labs නම් විද්‍යාගාරයත් සම්බන්ධ වී සිදු කරන ලද Gain of Function research corporation agreement යටතේ නිර්මාණය කරන ලද වෛරසය] පිළිබඳ ආඛ්‍යානය, එක්සත්ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන සංදර්ශනය මගින් පැහැදිලි වන්නේ එක්සත් ජනපදය විසින් මෙවර ශ්‍රි ලංකා මිලිටරිය සහ රාජපක්ෂ රෙජීමය Over the Horizon (OTH) මෙහෙයුම සඳහා හසුරුවමින් සිටින බවයි.

කෙසේ වුව ද කොවිඩ්-19 රෝගය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සහ එහි මාරාන්තික ස්වභාවය ඝර්ම කලාපීය ආසියානු සහ අප්‍රිකානු රටවල ඇති නිව්මෝනියාව සහ ඉන්ෆ්ලුවන්සා රෝගවල දත්ත සමග සැසඳීමේදී වඩාත් පැහැදිලිව පෙන්නුම් කරන්නේ මෙය ආසියානු වාර්ෂික ඉන්ෆලුවන්සා රෝගයකට හෝ මෙම කලාපයේ පවතින ඊටත් වඩා අඩු අවදානමක් සහිත වෛරස් ආසාදනයක් බවයි.

දැවැන්ත ඖෂධ සමාගම් විසින් මුල්‍යාධාර සපයන ලෝක සෞඛ්‍ය සංවිධානයත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත්, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේත් උපදෙස් මත පවත්වාගෙන යන ප්‍රතිපත්ති වන නිරෝධායන ඇඳිරිනීති, මුහුණු ආවරණ භාවිතය, සමාජ දුරස්ථකරණය, සහ මිලිටරීකරණය කරන ලද එන්නත්කරන ව්‍යාපාරය ආදිය විසින් වර්ධනය කරන ලද භීෂණ මානසිකත්වය හේතුවෙන් පොදුවේ සමාජයද , ආර්ථික සහ ආයතනික ව්‍යුහයන් ද දුර්වලකරමින් සහ සෝදාපාලුවට ලක්කර ඇත. මෙමගින්ව ර්ධනය වන අඛණ්ඩ අස්ථාවරභාවය හේතුවෙන් බාහිර අධිරාජ්‍යවාදි මැදිහත්කරුවන්ට ගෝලීය දකුණේ රටවල ජනගහණ පාලනයට ද පුනර්-යටත් විජිතකරණයටද අවස්ථාව ලැබීම සැබෑ අර්බුදයයි.

නිරෝධායන ඇඳිරිනීති මගින් ජනගහණය නිවාසවල සිරකිරීම, ප්‍රතිපත්ති සම්බන්ධ තීරණගැනීමේ ක්‍රියාවලිය අඩපණ වීම ආදිය හේතුවෙන් බාහිර බලවේගවලට ප්‍රතිපත්ති තීරණය කිරීමේ ආයතනතුළට ප්‍රවේශ වීමට අවස්ථාව උදාවේ. ඒ මගින් රටේ ඛනිජ සම්පත් ද වරායන් ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ ද දූෂණ වසංගතය හරහා අත්පත් කරගැනීමට අවස්ථාව හිමි වේ. ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටා ඇත්තා වූත් සම්පත්වලින් ගහණවූත් මෙම දිවයින ඊනියා කොවිඩ්-19 වසංගත ප්‍රතිපත්ති හරහා එහි සියලු සම්පත් කොල්ලකෑමට ලක්කරමින් ඇත. මෙම ප්‍රතිපත්ති විසින් රට ආර්ථිකමය වශයෙන් නටබුන් කරමින් ඇති අතර සාගතය නමැති වෛරසය මෙවර පහර දෙනු ඇත.

 

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක
සමාජ මානව විද්‍යාඥ

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළ වූ “Of Vaccine Geopolitics & Pfizer’s Guinea Pigs: Covid-19 As ‘Over the Horizon’ War In Strategic Sri Lanka” ලිපියේ පරිවර්තනයකි.

 

පරිවර්තනය – අජිත් සී හේරත්